Sinhalaca Meal — Rowad Tercüme Merkezi (Mâhir) — Gâşiye 88:1 – Nas 114:6
Contents
- Gâşiye 88:1
- Gâşiye 88:2
- Gâşiye 88:3
- Gâşiye 88:4
- Gâşiye 88:5
- Gâşiye 88:6
- Gâşiye 88:7
- Gâşiye 88:8
- Gâşiye 88:9
- Gâşiye 88:10
- Gâşiye 88:11
- Gâşiye 88:12
- Gâşiye 88:13
- Gâşiye 88:14
- Gâşiye 88:15
- Gâşiye 88:16
- Gâşiye 88:17
- Gâşiye 88:18
- Gâşiye 88:19
- Gâşiye 88:20
- Gâşiye 88:21
- Gâşiye 88:22
- Gâşiye 88:23
- Gâşiye 88:24
- Gâşiye 88:25
- Gâşiye 88:26
- Fecr 89:1
- Fecr 89:2
- Fecr 89:3
- Fecr 89:4
- Fecr 89:5
- Fecr 89:6
- Fecr 89:7
- Fecr 89:8
- Fecr 89:9
- Fecr 89:10
- Fecr 89:11
- Fecr 89:12
- Fecr 89:13
- Fecr 89:14
- Fecr 89:15
- Fecr 89:16
- Fecr 89:17
- Fecr 89:18
- Fecr 89:19
- Fecr 89:20
- Fecr 89:21
- Fecr 89:22
- Fecr 89:23
- Fecr 89:24
- Fecr 89:25
- Fecr 89:26
- Fecr 89:27
- Fecr 89:28
- Fecr 89:29
- Fecr 89:30
- Beled 90:1
- Beled 90:2
- Beled 90:3
- Beled 90:4
- Beled 90:5
- Beled 90:6
- Beled 90:7
- Beled 90:8
- Beled 90:9
- Beled 90:10
- Beled 90:11
- Beled 90:12
- Beled 90:13
- Beled 90:14
- Beled 90:15
- Beled 90:16
- Beled 90:17
- Beled 90:18
- Beled 90:19
- Beled 90:20
- Şems 91:1
- Şems 91:2
- Şems 91:3
- Şems 91:4
- Şems 91:5
- Şems 91:6
- Şems 91:7
- Şems 91:8
- Şems 91:9
- Şems 91:10
- Şems 91:11
- Şems 91:12
- Şems 91:13
- Şems 91:14
- Şems 91:15
- Leyl 92:1
- Leyl 92:2
- Leyl 92:3
- Leyl 92:4
- Leyl 92:5
- Leyl 92:6
- Leyl 92:7
- Leyl 92:8
- Leyl 92:9
- Leyl 92:10
- Leyl 92:11
- Leyl 92:12
- Leyl 92:13
- Leyl 92:14
- Leyl 92:15
- Leyl 92:16
- Leyl 92:17
- Leyl 92:18
- Leyl 92:19
- Leyl 92:20
- Leyl 92:21
- Duhâ 93:1
- Duhâ 93:2
- Duhâ 93:3
- Duhâ 93:4
- Duhâ 93:5
- Duhâ 93:6
- Duhâ 93:7
- Duhâ 93:8
- Duhâ 93:9
- Duhâ 93:10
- Duhâ 93:11
- İnşirah 94:1
- İnşirah 94:2
- İnşirah 94:3
- İnşirah 94:4
- İnşirah 94:5
- İnşirah 94:6
- İnşirah 94:7
- İnşirah 94:8
- Tin 95:1
- Tin 95:2
- Tin 95:3
- Tin 95:4
- Tin 95:5
- Tin 95:6
- Tin 95:7
- Tin 95:8
- Alak 96:1
- Alak 96:2
- Alak 96:3
- Alak 96:4
- Alak 96:5
- Alak 96:6
- Alak 96:7
- Alak 96:8
- Alak 96:9
- Alak 96:10
- Alak 96:11
- Alak 96:12
- Alak 96:13
- Alak 96:14
- Alak 96:15
- Alak 96:16
- Alak 96:17
- Alak 96:18
- Alak 96:19
- Kadr 97:1
- Kadr 97:2
- Kadr 97:3
- Kadr 97:4
- Kadr 97:5
- Beyyine 98:1
- Beyyine 98:2
- Beyyine 98:3
- Beyyine 98:4
- Beyyine 98:5
- Beyyine 98:6
- Beyyine 98:7
- Beyyine 98:8
- Zilzal 99:1
- Zilzal 99:2
- Zilzal 99:3
- Zilzal 99:4
- Zilzal 99:5
- Zilzal 99:6
- Zilzal 99:7
- Zilzal 99:8
- Adiyat 100:1
- Adiyat 100:2
- Adiyat 100:3
- Adiyat 100:4
- Adiyat 100:5
- Adiyat 100:6
- Adiyat 100:7
- Adiyat 100:8
- Adiyat 100:9
- Adiyat 100:10
- Adiyat 100:11
- Karia 101:1
- Karia 101:2
- Karia 101:3
- Karia 101:4
- Karia 101:5
- Karia 101:6
- Karia 101:7
- Karia 101:8
- Karia 101:9
- Karia 101:10
- Karia 101:11
- Tekâsür 102:1
- Tekâsür 102:2
- Tekâsür 102:3
- Tekâsür 102:4
- Tekâsür 102:5
- Tekâsür 102:6
- Tekâsür 102:7
- Tekâsür 102:8
- Asr 103:1
- Asr 103:2
- Asr 103:3
- Hümezeh 104:1
- Hümezeh 104:2
- Hümezeh 104:3
- Hümezeh 104:4
- Hümezeh 104:5
- Hümezeh 104:6
- Hümezeh 104:7
- Hümezeh 104:8
- Hümezeh 104:9
- Fil 105:1
- Fil 105:2
- Fil 105:3
- Fil 105:4
- Fil 105:5
- Kureyş 106:1
- Kureyş 106:2
- Kureyş 106:3
- Kureyş 106:4
- Mâûn 107:1
- Mâûn 107:2
- Mâûn 107:3
- Mâûn 107:4
- Mâûn 107:5
- Mâûn 107:6
- Mâûn 107:7
- Kevser 108:1
- Kevser 108:2
- Kevser 108:3
- Kâfirun 109:1
- Kâfirun 109:2
- Kâfirun 109:3
- Kâfirun 109:4
- Kâfirun 109:5
- Kâfirun 109:6
- Nasr 110:1
- Nasr 110:2
- Nasr 110:3
- Tebbet 111:1
- Tebbet 111:2
- Tebbet 111:3
- Tebbet 111:4
- Tebbet 111:5
- İhlas 112:1
- İhlas 112:2
- İhlas 112:3
- İhlas 112:4
- Felak 113:1
- Felak 113:2
- Felak 113:3
- Felak 113:4
- Felak 113:5
- Nas 114:1
- Nas 114:2
- Nas 114:3
- Nas 114:4
- Nas 114:5
- Nas 114:6
Gâşiye 88:1
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද?
Gâşiye 88:2
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත්ව අවමානයෙන් පවතී.
Gâşiye 88:3
වෙහෙසව හා විඩාවට පත්ව පවතී.
Gâşiye 88:4
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
Gâşiye 88:5
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
Gâşiye 88:6
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත.
Gâşiye 88:7
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නො කරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නො වෙයි.
Gâşiye 88:8
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
Gâşiye 88:9
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳව තෘප්තියට පත් ව,
Gâşiye 88:10
උසස් ස්වර්ග උයන්හි (පවතී.)
Gâşiye 88:11
එහි පුහු වදන් ශ්‍රවණය නො කරයි.
Gâşiye 88:12
එහි ගලා යන උල්පත් ඇත.
Gâşiye 88:13
එහි උස් නිදියහන් ද ඇත.
Gâşiye 88:14
(බීමට) තබන ලද ගුරුලේත්තු ද,
Gâşiye 88:15
වියන ලද කොට්ට ද,
Gâşiye 88:16
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
Gâşiye 88:17
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැ? යි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?
Gâşiye 88:18
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැ? යි ද;
Gâşiye 88:19
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැ? යි ද;
Gâşiye 88:20
මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැ? යි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?)
Gâşiye 88:21
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
Gâşiye 88:22
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නො වන්නෙහි ය.
Gâşiye 88:23
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
Gâşiye 88:24
සැබැවින් ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේ ය.
Gâşiye 88:25
සැබැවින් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
Gâşiye 88:26
පසුව සැබැවින් ම ඔවුන් (කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය.
Fecr 89:1
අරුණෝදය මත ද දිවුරමින්.
Fecr 89:2
දස රාත්‍රියන් මත ද දිවුරමින්.
Fecr 89:3
ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
Fecr 89:4
රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
Fecr 89:5
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
Fecr 89:6
ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?
Fecr 89:7
(ඔවුන්) කුලුනුවලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
Fecr 89:8
ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නො ලැබී ය.
Fecr 89:9
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
Fecr 89:10
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?)
Fecr 89:11
ඔවුහු දේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කළෝ ය.
Fecr 89:12
ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝ ය.
Fecr 89:13
එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේ ය.
Fecr 89:14
සැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නා ය.
Fecr 89:15
එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර, පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.
Fecr 89:16
තවද ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
Fecr 89:17
නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නො කරන්නෙහු ය.
Fecr 89:18
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නො ගන්වන්නෙහු ය.
Fecr 89:19
තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහු ය.
Fecr 89:20
එමෙන් ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහු ය.
Fecr 89:21
එසේ නො ව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,
Fecr 89:22
තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේ ය.
Fecr 89:23
තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?
Fecr 89:24
“අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇතිව (යහකම්) සිදු කරන්නට තිබුණා නො වේ” දැ? යි ඔහු පවසයි.
Fecr 89:25
එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නො කරයි.
Fecr 89:26
තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නො තබයි.
Fecr 89:27
“අහෝ සැනසුමට පත් ආත්මය!
Fecr 89:28
නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
Fecr 89:29
එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.
Fecr 89:30
තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.
Beled 90:1
මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි.
Beled 90:2
නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී,
Beled 90:3
පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.)
Beled 90:4
සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු.
Beled 90:5
ඔහු කෙරෙහි කිසිවෙකු බලය නො දරන්නේ ම යැයි ඔහු සිතන්නේ ද?
Beled 90:6
මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
Beled 90:7
ඔහුව කිසිවෙක් නො දුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
Beled 90:8
අපි ඔහුට දෑස් ඇති නො කළෙමු ද?
Beled 90:9
දිව ද දෙතොල් ද (ඇති නො කළෙමු ද?)
Beled 90:10
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
Beled 90:11
එනමුත් ඔහු අකබාව තරණය නො කළේ ය.
Beled 90:12
අකබාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
Beled 90:13
(එය) වහලෙකු නිදහස් කිරීම;
Beled 90:14
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
Beled 90:15
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;
Beled 90:16
එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)
Beled 90:17
පසුව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.
Beled 90:18
ඔවුහු මය දකුණත පාර්ශවයින් වන්නෝ.
Beled 90:19
තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය වමත් පාර්ශවයින් වන්නෝ.
Beled 90:20
ඔවුන්හට මොළ වන ලද (නිරයේ) ගින්න ඇත.
Şems 91:1
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.
Şems 91:2
එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.
Şems 91:3
දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.
Şems 91:4
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
Şems 91:5
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
Şems 91:6
පොළොව හා එය ව්‍යාප්ත කළ අය මත ද දිවුරමින්.
Şems 91:7
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
Şems 91:8
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේ ය.
Şems 91:9
සැබැවින් ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්ර කර ගත්තේ ද ඔහු ජය ලැබී ය.
Şems 91:10
තවද සැබැවින් ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
Şems 91:11
සමූද් ජනයා තම සීමා ඉක්මවා යමින් බොරු කළෝ ය.
Şems 91:12
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
Şems 91:13
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනයි. තවද උගේ පැන් බොන ස්ථානයයි යැයි අල්ලාහ්ගේ දූතයා ඔවුනට පැවසුවේ ය.
Şems 91:14
එවිට ඔවුහු ඔහුව බොරු කළෝ ය. පසුව උගේ නහර කපා දැමුවෝ ය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේ ය. එමෙන් ම ඔවුන්ව සමතලා කර දැමුවේ ය.
Şems 91:15
තවද එහි අවසානය ගැන ඔහු බියවන්නේ නැත.
Leyl 92:1
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,
Leyl 92:2
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,
Leyl 92:3
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,
Leyl 92:4
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධ ය.
Leyl 92:5
එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,
Leyl 92:6
යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;
Leyl 92:7
අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.
Leyl 92:8
තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර යැයි සිතා,
Leyl 92:9
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
Leyl 92:10
අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.
Leyl 92:11
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
Leyl 92:12
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙත ය.
Leyl 92:13
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුව ය.
Leyl 92:14
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
Leyl 92:15
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
Leyl 92:16
ඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේ ය.
Leyl 92:17
තවද බිය බැතිමත් අයව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු.
Leyl 92:18
ඔහු වනාහි තම ධනය පිරිනමා පිවිතුරු වූ අයෙකි.
Leyl 92:19
කිසිවකුට හෝ ප්‍රතිලාභ වශයෙන් පිරිනැමෙන කිසිදු සම්පතක් ඔහු සතුව නැත.
Leyl 92:20
උත්තරීතර තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස.
Leyl 92:21
තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.
Duhâ 93:1
පෙරවරු ව මත දිවුරමින්,
Duhâ 93:2
තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,
Duhâ 93:3
නුඹගේ පරමාධිපති නුඹව අතහැර දැමුවේ නැත. එමෙන් ම ඔහු අමනාප වූයේ ද නැත.
Duhâ 93:4
සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.
Duhâ 93:5
තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.
Duhâ 93:6
ඔහු නුඹව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නො දුන්නේ ද?
Duhâ 93:7
තවද නුඹව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේ ය.
Duhâ 93:8
තවද ඔහු නුඹව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේ ය.
Duhâ 93:9
එහෙයින් අනාථයාට කටුක ලෙස නො සළකනු.
Duhâ 93:10
තවද අයදින්නා ව පලවා නො හරිනු.
Duhâ 93:11
තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.
İnşirah 94:1
අපි නුඹගේ හදවත නුඹට පුළුල් නො කළෙමු ද?
İnşirah 94:2
තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
İnşirah 94:3
(එය) නුඹේ පිට තළමින් තිබුණි.
İnşirah 94:4
තවද නුඹගේ කීර්තිය අපි නුඹ වෙනුවෙන් උසස් කළෙමු.
İnşirah 94:5
එබැවින් නියත වශයෙන් ම දුෂ්කරතාව සමඟ පහසුව ඇත.
İnşirah 94:6
සැබැවින් ම දුෂ්කාරතාව සමඟ පහසුව ඇත.
İnşirah 94:7
එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.
İnşirah 94:8
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.
Tin 95:1
අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,
Tin 95:2
සිනායි කන්ද මත ද දිවුරමින්,
Tin 95:3
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,
Tin 95:4
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
Tin 95:5
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.
Tin 95:6
විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුනට අවසන් නො වන ප්‍රතිඵල ඇත.
Tin 95:7
ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
Tin 95:8
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නො වේ ද?
Alak 96:1
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
Alak 96:2
ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය.
Alak 96:3
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය.
Alak 96:4
ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වී ය.
Alak 96:5
මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වී ය.
Alak 96:6
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේ ය.
Alak 96:7
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේ ය.
Alak 96:8
නියත වශයෙන් ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙත ය.
Alak 96:9
වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
Alak 96:10
ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය නුඹ දුටුවෙහිද?)
Alak 96:11
ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහි ද?
Alak 96:12
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහි ද?)
Alak 96:13
තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
Alak 96:14
නියත වශයෙන් ම අල්ලාහ් දකියි යැයි ඔහු නොදැන සිටියේ ද?
Alak 96:15
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
Alak 96:16
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
Alak 96:17
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
Alak 96:18
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් කැඳවන්නෙමු.
Alak 96:19
නොඑසේ ය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.
Kadr 97:1
නියත වශයෙන් ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.
Kadr 97:2
තවද බලගතු රාත්‍රිය කුමක් ද? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
Kadr 97:3
බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
Kadr 97:4
මලක්වරු හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වෙති.
Kadr 97:5
ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.
Beyyine 98:1
ධර්ම ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නො වූහ.
Beyyine 98:2
එය පිවිතුරු කරන ලද ලේඛන කියවන අල්ලාහ්ගෙන් වූ පණිවිඩකරු ය.
Beyyine 98:3
එහි ඍජු නීති රීති ඇත.
Beyyine 98:4
තවද ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසුව මිස ඔවුහු වෙන්ව නො ගියෝ ය.
Beyyine 98:5
තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. තවද ඍජු දහම වනුයේ එයයි.
Beyyine 98:6
සැබැවින් ම පුස්තක ලත් ජනයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහි ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ.
Beyyine 98:7
සැබැවින් ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි ඔවුහු මය මැවීම් අතරින් ශ්‍රේෂ්ඨම මැවීම වනුයේ.
Beyyine 98:8
ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන් ය. ඔවුහු එහි සදහට ම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේ ය. ඔවුහු ද ඔහුව පිළිගත්තෝ ය. එය තම පරමාධිපතිට බිය වූ අයට ය.
Zilzal 99:1
මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,
Zilzal 99:2
මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,
Zilzal 99:3
තවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි.
Zilzal 99:4
එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
Zilzal 99:5
සැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
Zilzal 99:6
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
Zilzal 99:7
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
Zilzal 99:8
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.
Adiyat 100:1
හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,
Adiyat 100:2
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,
Adiyat 100:3
තවද අලුයමෙහි ආක්‍රමණය කරන්නන් මත ද (දිවුරමින්.)
Adiyat 100:4
එවිට එමඟින් උන් දූවිලි නංවති.
Adiyat 100:5
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
Adiyat 100:6
නියත වශයෙන් ම මිනිසා තම පරමාධිපතිට ගුණමකු ය.
Adiyat 100:7
තවද ඇත්තෙන් ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
Adiyat 100:8
තවද ඇත්තෙන් ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.
Adiyat 100:9
එහෙත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නො දන්නේ ද?
Adiyat 100:10
තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නො දන්නේ) ද?
Adiyat 100:11
නියත වශයෙන් ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව අභිඥානවන්ත ය.
Karia 101:1
කම්පනය ඇති කරන සිදු වීම.
Karia 101:2
කම්පනය ඇති කරන සිදු වීම කුමක් ද?
Karia 101:3
කම්පනය ඇති කරන සිදු වීම කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
Karia 101:4
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
Karia 101:5
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
Karia 101:6
තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,
Karia 101:7
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
Karia 101:8
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
Karia 101:9
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
Karia 101:10
තවද එය කුමක් දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද?
Karia 101:11
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.
Tekâsür 102:1
තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ්ව සිහිපත් කිරීමෙන්) නුඹලාව වෙනතකට යොමු කර ඇත.
Tekâsür 102:2
නුඹලා මිනීවළවල් හමු වන තුරු,
Tekâsür 102:3
එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
Tekâsür 102:4
යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
Tekâsür 102:5
එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,
Tekâsür 102:6
නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
Tekâsür 102:7
පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
Tekâsür 102:8
තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳව විමසනු ලබනු ඇත.
Asr 103:1
කාලය මත දිවුරමින්.
Asr 103:2
සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.
Asr 103:3
නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.
Hümezeh 104:1
දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුට ම විනාශය අත් වේවා!
Hümezeh 104:2
ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි.
Hümezeh 104:3
නියත වශයෙන් ම ඔහුගේ ධනය ඔහුව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත.
Hümezeh 104:4
එසේ නොව සැබැවින් ම ඔහු හුතමාවෙහි හෙළනු ලබයි.
Hümezeh 104:5
හුතමාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?
Hümezeh 104:6
එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්න ය.
Hümezeh 104:7
එය හදවත් වෙත ළඟා වෙයි.
Hümezeh 104:8
සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි.
Hümezeh 104:9
උස් කුලුනු තුළ (හිරකර).
Fil 105:1
නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේ දැ? යි නුඹ නුදුටුවෙහිද?
Fil 105:2
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නො කළේද?
Fil 105:3
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේ ය.
Fil 105:4
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේ ය.
Fil 105:5
එවිට ඔවුන්ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේ ය.
Kureyş 106:1
කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
Kureyş 106:2
ශීත හා ශ්‍රීෂ්ම ඍතුවන්හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
Kureyş 106:3
මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!
Kureyş 106:4
කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහු ය.
Mâûn 107:1
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
Mâûn 107:2
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයාව පලවා හරියි.
Mâûn 107:3
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳව දිරි නො ගන්වයි.
Mâûn 107:4
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
Mâûn 107:5
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය.
Mâûn 107:6
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝ ය.
Mâûn 107:7
නො වටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝ ය.
Kevser 108:1
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
Kevser 108:2
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු.
Kevser 108:3
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා.
Kâfirun 109:1
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
Kâfirun 109:2
නුඹලා නමදින දෑ මම නො නමදිමි.
Kâfirun 109:3
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය.
Kâfirun 109:4
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි.
Kâfirun 109:5
තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නො වූහ.
Kâfirun 109:6
නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය.
Nasr 110:1
අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විට ද,
Nasr 110:2
තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද,
Nasr 110:3
නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහුව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය.
Tebbet 111:1
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!
Tebbet 111:2
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
Tebbet 111:3
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
Tebbet 111:4
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).
Tebbet 111:5
ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳිවලින් ඇඹරූ කඹයකි.
İhlas 112:1
(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.
İhlas 112:2
අල්ලාහ් ස්වාධීන ය.
İhlas 112:3
ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.
İhlas 112:4
තවද ඔහුට සමාන කිසිවෙකු නැත.
Felak 113:1
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Felak 113:2
ඔහු මැවූ දෑහි හානියෙන් ද,
Felak 113:3
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
Felak 113:4
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
Felak 113:5
ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)
Nas 114:1
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Nas 114:2
(ඔහු) මිනිසුන්ගේ රජු ය.
Nas 114:3
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
Nas 114:4
කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
Nas 114:5
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
Nas 114:6
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.