Lafzullah

Sinhalese Mokhtasar — Fatiha 1:1 – Bakara 2:286

Author / source: Sinhalese Mokhtasar

Contents
  1. Fatiha 1:1
  2. Fatiha 1:2
  3. Fatiha 1:3
  4. Fatiha 1:4
  5. Fatiha 1:5
  6. Fatiha 1:6
  7. Fatiha 1:7
  8. Bakara 2:1
  9. Bakara 2:2
  10. Bakara 2:3
  11. Bakara 2:4
  12. Bakara 2:5
  13. Bakara 2:6
  14. Bakara 2:7
  15. Bakara 2:8
  16. Bakara 2:9
  17. Bakara 2:10
  18. Bakara 2:11
  19. Bakara 2:12
  20. Bakara 2:13
  21. Bakara 2:14
  22. Bakara 2:15
  23. Bakara 2:16
  24. Bakara 2:17
  25. Bakara 2:18
  26. Bakara 2:19
  27. Bakara 2:20
  28. Bakara 2:21
  29. Bakara 2:22
  30. Bakara 2:23
  31. Bakara 2:24
  32. Bakara 2:25
  33. Bakara 2:26
  34. Bakara 2:27
  35. Bakara 2:28
  36. Bakara 2:29
  37. Bakara 2:30
  38. Bakara 2:31
  39. Bakara 2:32
  40. Bakara 2:33
  41. Bakara 2:34
  42. Bakara 2:35
  43. Bakara 2:36
  44. Bakara 2:37
  45. Bakara 2:38
  46. Bakara 2:39
  47. Bakara 2:40
  48. Bakara 2:41
  49. Bakara 2:42
  50. Bakara 2:43
  51. Bakara 2:44
  52. Bakara 2:45
  53. Bakara 2:46
  54. Bakara 2:47
  55. Bakara 2:48
  56. Bakara 2:49
  57. Bakara 2:50
  58. Bakara 2:51
  59. Bakara 2:52
  60. Bakara 2:53
  61. Bakara 2:54
  62. Bakara 2:55
  63. Bakara 2:56
  64. Bakara 2:57
  65. Bakara 2:58
  66. Bakara 2:59
  67. Bakara 2:60
  68. Bakara 2:61
  69. Bakara 2:62
  70. Bakara 2:63
  71. Bakara 2:64
  72. Bakara 2:65
  73. Bakara 2:66
  74. Bakara 2:67
  75. Bakara 2:68
  76. Bakara 2:69
  77. Bakara 2:70
  78. Bakara 2:71
  79. Bakara 2:72
  80. Bakara 2:73
  81. Bakara 2:74
  82. Bakara 2:75
  83. Bakara 2:76
  84. Bakara 2:77
  85. Bakara 2:78
  86. Bakara 2:79
  87. Bakara 2:80
  88. Bakara 2:81
  89. Bakara 2:82
  90. Bakara 2:83
  91. Bakara 2:84
  92. Bakara 2:85
  93. Bakara 2:86
  94. Bakara 2:87
  95. Bakara 2:88
  96. Bakara 2:89
  97. Bakara 2:90
  98. Bakara 2:91
  99. Bakara 2:92
  100. Bakara 2:93
  101. Bakara 2:94
  102. Bakara 2:95
  103. Bakara 2:96
  104. Bakara 2:97
  105. Bakara 2:98
  106. Bakara 2:99
  107. Bakara 2:100
  108. Bakara 2:101
  109. Bakara 2:102
  110. Bakara 2:103
  111. Bakara 2:104
  112. Bakara 2:105
  113. Bakara 2:106
  114. Bakara 2:107
  115. Bakara 2:108
  116. Bakara 2:109
  117. Bakara 2:110
  118. Bakara 2:111
  119. Bakara 2:112
  120. Bakara 2:113
  121. Bakara 2:114
  122. Bakara 2:115
  123. Bakara 2:116
  124. Bakara 2:117
  125. Bakara 2:118
  126. Bakara 2:119
  127. Bakara 2:120
  128. Bakara 2:121
  129. Bakara 2:122
  130. Bakara 2:123
  131. Bakara 2:124
  132. Bakara 2:125
  133. Bakara 2:126
  134. Bakara 2:127
  135. Bakara 2:128
  136. Bakara 2:129
  137. Bakara 2:130
  138. Bakara 2:131
  139. Bakara 2:132
  140. Bakara 2:133
  141. Bakara 2:134
  142. Bakara 2:135
  143. Bakara 2:136
  144. Bakara 2:137
  145. Bakara 2:138
  146. Bakara 2:139
  147. Bakara 2:140
  148. Bakara 2:141
  149. Bakara 2:142
  150. Bakara 2:143
  151. Bakara 2:144
  152. Bakara 2:145
  153. Bakara 2:146
  154. Bakara 2:147
  155. Bakara 2:148
  156. Bakara 2:149
  157. Bakara 2:150
  158. Bakara 2:151
  159. Bakara 2:152
  160. Bakara 2:153
  161. Bakara 2:154
  162. Bakara 2:155
  163. Bakara 2:156
  164. Bakara 2:157
  165. Bakara 2:158
  166. Bakara 2:159
  167. Bakara 2:160
  168. Bakara 2:161
  169. Bakara 2:162
  170. Bakara 2:163
  171. Bakara 2:164
  172. Bakara 2:165
  173. Bakara 2:166
  174. Bakara 2:167
  175. Bakara 2:168
  176. Bakara 2:169
  177. Bakara 2:170
  178. Bakara 2:171
  179. Bakara 2:172
  180. Bakara 2:173
  181. Bakara 2:174
  182. Bakara 2:175
  183. Bakara 2:176
  184. Bakara 2:177
  185. Bakara 2:178
  186. Bakara 2:179
  187. Bakara 2:180
  188. Bakara 2:181
  189. Bakara 2:182
  190. Bakara 2:183
  191. Bakara 2:184
  192. Bakara 2:185
  193. Bakara 2:186
  194. Bakara 2:187
  195. Bakara 2:188
  196. Bakara 2:189
  197. Bakara 2:190
  198. Bakara 2:191
  199. Bakara 2:192
  200. Bakara 2:193
  201. Bakara 2:194
  202. Bakara 2:195
  203. Bakara 2:196
  204. Bakara 2:197
  205. Bakara 2:198
  206. Bakara 2:199
  207. Bakara 2:200
  208. Bakara 2:201
  209. Bakara 2:202
  210. Bakara 2:203
  211. Bakara 2:204
  212. Bakara 2:205
  213. Bakara 2:206
  214. Bakara 2:207
  215. Bakara 2:208
  216. Bakara 2:209
  217. Bakara 2:210
  218. Bakara 2:211
  219. Bakara 2:212
  220. Bakara 2:213
  221. Bakara 2:214
  222. Bakara 2:215
  223. Bakara 2:216
  224. Bakara 2:217
  225. Bakara 2:218
  226. Bakara 2:219
  227. Bakara 2:220
  228. Bakara 2:221
  229. Bakara 2:222
  230. Bakara 2:223
  231. Bakara 2:224
  232. Bakara 2:225
  233. Bakara 2:226
  234. Bakara 2:227
  235. Bakara 2:228
  236. Bakara 2:229
  237. Bakara 2:230
  238. Bakara 2:231
  239. Bakara 2:232
  240. Bakara 2:233
  241. Bakara 2:234
  242. Bakara 2:235
  243. Bakara 2:236
  244. Bakara 2:237
  245. Bakara 2:238
  246. Bakara 2:239
  247. Bakara 2:240
  248. Bakara 2:241
  249. Bakara 2:242
  250. Bakara 2:243
  251. Bakara 2:244
  252. Bakara 2:245
  253. Bakara 2:246
  254. Bakara 2:247
  255. Bakara 2:248
  256. Bakara 2:249
  257. Bakara 2:250
  258. Bakara 2:251
  259. Bakara 2:252
  260. Bakara 2:253
  261. Bakara 2:254
  262. Bakara 2:255
  263. Bakara 2:256
  264. Bakara 2:257
  265. Bakara 2:258
  266. Bakara 2:259
  267. Bakara 2:260
  268. Bakara 2:261
  269. Bakara 2:262
  270. Bakara 2:263
  271. Bakara 2:264
  272. Bakara 2:265
  273. Bakara 2:266
  274. Bakara 2:267
  275. Bakara 2:268
  276. Bakara 2:269
  277. Bakara 2:270
  278. Bakara 2:271
  279. Bakara 2:272
  280. Bakara 2:273
  281. Bakara 2:274
  282. Bakara 2:275
  283. Bakara 2:276
  284. Bakara 2:277
  285. Bakara 2:278
  286. Bakara 2:279
  287. Bakara 2:280
  288. Bakara 2:281
  289. Bakara 2:282
  290. Bakara 2:283
  291. Bakara 2:284
  292. Bakara 2:285
  293. Bakara 2:286

Fatiha 1:1

අල්ලාහ්ගේ නාමයෙන්: ඔහුගෙන් උපකාර පතමින්, ඔහුගේ නාමය මෙනෙහි කොට භාග්ය සොයමින් අල් කුර්ආනය කියවීමට මම ආරම්භ කරමි. අල්ලාහ්ගේ අලංකාර නාම අතුරින් නම් තුනක් මෙහි ඇතුළත් වේ. 1. ‘අල්ලාහ්’ එනම්: නැමදුමට සුදුස්සා යන්නය. එය අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූ නාමයකි. එය ඔහු හැර වෙනත් කිසිවකුට භාවිත නොකෙරේ. 2. ‘රහ්මාන්’ එනම්: මහත් දයා ගුණයෙන් යුක්තය. ඔහුගේ පැවැත්ම දයාවකි. 3. ‘රහීම්’ කරුණාදායක ය. ඔහුගේ මැවීම් අතුරින් තමන් අභිමත කරන අයට තම කරුණාගුණයෙන් කරුණාව දක්වයි. ‘අල් මුඃමිනූන්’ -දේව විශ්වාසවන්තයෝ- එසේ ඔහුගේ අභිමතයට පාත්ර වූ ඔහුගේ ගැත්තන් අතුරින් වෙති.

Fatiha 1:2

ඔහුට පමණක් සතු, වෙන කිසිවකුට හිමි නැති, පූර්ණ හා කීර්තිමත් ගුණාංග අතරින් පැසසුමට ලක් සියලුම ආකාරයේ ප්රශංසා ඔහු සතුය. එය සියලු දෑහි පරමාධිපති, මැවුම්කරු හා සියල්ල සැලසුම් කරන්නා ඔහු වන බැවිනි. ‘අල් ආලමූන්’ යනු ‘ආලම්’ යන පදයේ බහු වචනයයි. එනම් අල්ලාහ් හැර සෙසු සියල්ල ඉන් අදහස් කෙරේ.

Fatiha 1:3

මෙය පෙර ආයතයේ අල්ලාහ්ව ප්රශංසා කිරීමෙන් පසු ව ඔහු වෙත කෙරෙන පැසසුමයි.

Fatiha 1:4

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කිසිවෙක් කිසිවකුට අයිති නැති, සියලු දෑට හිමිකම් කියන එකම අධිපති අල්ලාහ් වන බව පවසා ඔහු කීර්තියට පත් කිරීම. ‘යව්මුද් දීන්’ යනු ප්රතිඵල ලබා දෙන විනිශ්චය දිනයයි.

Fatiha 1:5

විවිධ වර්ගයේ නැමදුම් හා අවනතභාවයන් ඔබට පමණක් පුද කරමින් අපි ඔබ සුවිශේෂී කරමු. ඔබ සමග වෙන කිසිවකු ආදේශ නොකරමු. අපගේ සියලු කටයුතු සඳහා අපි ඔබගෙන් පමණක් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය. ඔබෙන් තොර ව කිසිදු උදව් කරුවකු නොමැත.

Fatiha 1:6

අප වෙත ඍජු මග පෙන්වා දෙනු මැනව! එහි අප ගමන් කරවනු මැනව! ඒ මත අප ස්ථාවර කරනු මැනව! අපහට යහමඟ වැඩි කර දෙනු මැනව! ‘අස්සිරාත් අල් මුස්තකීම්’ යනු කිසිදු ඇඳයක් නොමැති පැහැදිලි මාර්ගයයි. එය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට පිරිනැමූ ඉස්ලාමයයි.

Fatiha 1:7

‘නබිවරුන්’- ශාස්ත්රවරුන්- ‘සිද්දීකීන්වරුන්’ -සත්යවාදීන්-, ‘ෂුහදාවරුන්’ -දිවි පිදූවන්- ‘සාලිහීන්වරුන් - දැහැමියන්- හා ඔබට ඉතා සමීපව අලංකාර ලෙස කටයුතු කළවුන් මෙන් ඔබගේ ගැත්තන් අතුරින් ඔබ මඟපෙන්වා ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. යුදෙව්වන් මෙන් සත්යය දැන දැනත් එය අනුගමනය නොකර කෝපයට භාජනය වූ මාර්ගය නොව. එමෙන්ම කිතුනුවන් මෙන් සත්ය හා යහමඟ සොයන්නට අතපසු වීම හේතුවෙන් යහමඟ නොලබාම සත්යයෙන් මුළා වී ගිය අයගේ මාර්ගයද නොව.

Bakara 2:1

الٓمٓ අලිෆ්, ලාම්, මීම් මෙවන් අක්ෂර මාලාවන් සහිතව අල් කුර්ආනයේ ඇතැම් සූරාවන් ආරම්භ වේ. මේවා අරාබි හෝඩියේ අක්ෂරයි. ඒ එක් එක් අක්ෂරයට වෙන වෙනම අර්ථයක් දැක ගත නොහැක. නමුත් අල් කුර්ආනයේ ඒ ගැන සඳහන් නොවන කිසියම් යථාර්ථයක් හෝ බිහිරිබවක් මෙහි තිබිය හැක. ඒ අතුරින් අරාබි වරුන් දන්නා ඔවුන් කතා කරන අක්ෂරවලින්ම සැදුම් ලත් අරාබියෙන් කතා කරන කුර්ආනයක් බව එහි එක් යථාර්ථයක් ලෙස පෙන්වා දිය හැක. පොදුවේ මෙවන් අක්ෂර මාළාවක් ඉදිරිපත් කිරීමෙන් පසු අල් කුර්ආනය පිළිබඳ සඳහන් වනුයේ එබැවිනි. එය මෙහිදී ද දැක ගත හැක.

Bakara 2:2

එය මහඟු අල් කුර්ආනයයි. එහි කිසිදු සැකයක් නැත. එය පහළ වූ ක්රමයෙහි ද කිසිදු සැකයක් නැත. එහි වචන හා අර්ථවලද කිසිදු සැකයක් නැත. එය අල්ලාහ්ගේ ප්රකාශයි. දෙවියන් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නන් හට ඔහු වෙත පියනගන මග එය පෙන්වා දෙයි.

Bakara 2:3

ඔවුන් ගුප්ත දෑ ගැන විශ්වාස කරන්නෝ වෙති: එනම් පරමාන්ත දිනය වැනි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් දන්වා සිටි දෑ අතරින් අපට සැඟව ඇති, අපගේ ඉන්ද්රියන්ට ගෝචර නොවන සියලු දෑ ඔවුහු විශ්වාස කරති. ඔවුන් සලාතය ස්ථාපිත කරන්නෝ වෙති: එනම්, අල්ලාහ් එහි නියම කළ ‘ෂර්ත්’ හෙවත් කොන්දේසි, ‘අර්කාන්’ හෙවත් මූලිකාංග, ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය දෑ හා ‘සුනන්’ හෙවත් අතිරේක දෑ යන සියල්ල නිසි ලෙස පිළිපදිමින් එම වගකීම ඉටු කරති. ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ දැයින් වියදම් කරන්නෝ වෙති: එනම්, අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් ‘සකාත්’ වැනි අනිවාර්ය බදු ද ‘සදකා’ වැනි අනිවාර්ය නොවන දානයන් ද පිරිනමමින් අල්ලාහ් තමන්ට පෝෂණය කළ දැයින් වියදම් කරති. තවද නබි තුමනි, ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩ ඔවුහු විශ්වාස කරති. එපමණක් නොව ඔබට පෙර විසූ සෙසු නබිවරුන්ට පහළ වූ දෑ ද කිසිදු වෙනසකින් තොරව විශ්වාස කරති. තවද අවසන් දිනයත් එහි හිමිවන කුසල් හා දඬුවම් පිළිබඳවත් දැඩි ලෙස විශ්වාස කරති.

Bakara 2:4

ඔවුන් ගුප්ත දෑ ගැන විශ්වාස කරන්නෝ වෙති: එනම් පරමාන්ත දිනය වැනි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් දන්වා සිටි දෑ අතරින් අපට සැඟව ඇති, අපගේ ඉන්ද්රියන්ට ගෝචර නොවන සියලු දෑ ඔවුහු විශ්වාස කරති. ඔවුන් සලාතය ස්ථාපිත කරන්නෝ වෙති: එනම්, අල්ලාහ් එහි නියම කළ ‘ෂර්ත්’ හෙවත් කොන්දේසි, ‘අර්කාන්’ හෙවත් මූලිකාංග, ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය දෑ හා ‘සුනන්’ හෙවත් අතිරේක දෑ යන සියල්ල නිසි ලෙස පිළිපදිමින් එම වගකීම ඉටු කරති. ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ දැයින් වියදම් කරන්නෝ වෙති: එනම්, අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් ‘සකාත්’ වැනි අනිවාර්ය බදු ද ‘සදකා’ වැනි අනිවාර්ය නොවන දානයන් ද පිරිනමමින් අල්ලාහ් තමන්ට පෝෂණය කළ දැයින් වියදම් කරති. තවද නබි තුමනි, ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩ ඔවුහු විශ්වාස කරති. එපමණක් නොව ඔබට පෙර විසූ සෙසු නබිවරුන්ට පහළ වූ දෑ ද කිසිදු වෙනසකින් තොරව විශ්වාස කරති. තවද අවසන් දිනයත් එහි හිමිවන කුසල් හා දඬුවම් පිළිබඳවත් දැඩි ලෙස විශ්වාස කරති.

Bakara 2:5

මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන් ඍජු මාර්ගයේ සිටින්නෝ වෙති. ඔවුන් අපේක්ෂිත ඉලක්කය වෙත නැඹුරු වෙමින් ඔවුන් බියෙන් පසු වූ දැයින් ජය ලබා මෙලොව හා මතු ලොව ජයග්රාහකයින් ලෙස සිටිති. තම බාහිරය හා අභ්යන්තරය නිවැරැදි කර ගෙන, දේව හැඟීමෙන් යුතු ව කටයුතු කරන දේව විශ්වාසවන්තයින්ගේ ගුණාංග අල්ලාහ් පැහැදිලි කරන අවස්ථාවේම තම බාහිරය හා අභ්යන්තරය නරක් කරගත් දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග පිළිබඳව ද මෙනෙහි කරයි.

Bakara 2:6

දේව විශ්වාසයෙන් පසු ඔවුන්ගේ මුළාවෙහි හා ඔවුන්ගේ මුරණ්ඩුකමෙහි දේව ප්රතික්ෂේපකයින් දිගටම රැඳී සිටිි බැවින් ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ දඩුවමේ ප්රකාශය නියම විය. එහෙයින් ඔබ ඔවුනට අවවාද කළ ද එසේ නොකළද එය ඔවුනට එක සමානය.

Bakara 2:7

ඊට හේතුව අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තබා එහි පවතින අසත්යය සමගම එය වසා දැමුවේය. ඔවුන්ගේ ශ්රවණ මත ද මුද්රා තැබුවේය. එහෙයින් එය පිළිගෙන පිළිපදින තරමට සත්යයට සවන් දිය නොහැක. එමෙන්ම ඔවුන්ගේ දෘෂ්ටි මත ද ආවරණයක් දැමුවේය. එහෙයින් සත්යය පැහැදිලි ව දැක ගත නොහැක. ඔවුනට මතුලොවෙහි ද දැඩි දඬුවම් ඇත.

Bakara 2:8

සැබැවින්ම තමන් දේව විශ්වාසවන්තයින් යැයි පවසන පිරිසක් ජනයා අතුරින් වෙති. ඔවුන් එසේ තම මුඛවලින් පවසා සිටිනුයේ තම ජීවිත හා ධනය ආරක්ෂා කර ගැනීමටය. නමුත් ඔවුන්ගේ අභ්යන්තරය තුළ ඇත්තේ දේව ප්රතික්ෂේපයයි.

Bakara 2:9

ඔවුන් විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය සිත තුළ සඟවා අල්ලාහ් හා සැබෑ දේව විශ්වාසවන්තයින් රවටන්නට බලති. නමුත් යාථාර්ථය නම් ඔවුහු ඔවුන්වම රවටා ගෙන ඇත. නමුත් ඔවුහු ඒ ගැන හැඟීමෙන් යුතුව නොබලති. අල්ලාහ් රහසිගත දෑ හා සැඟව ඇති සියල්ල පිළිබඳ මැනවින් දනියි. ඔවුන්ගේ ගුණාංග හා ඔවුන්ගේ තත්ත්වයන් දේව විශ්වාසවන්තයින්හට හෙළි කළේය.

Bakara 2:10

ඊට හේතුව ඔවුන්ගේ සිත් තුළ තිබූ සැකයයි. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ සැකය සමඟ තව තවත් සැකය වර්ධනය කළේය. එය, එම ක්රියාවට සරිලන ප්රතිවිපාකයක් වශයෙනි. ඔවුන් අල්ලාහ් හා ජනයා රවටමින් සිටි බැවින්ද දේව දූත මුහම්මද් තුමාණන්ට දෙනු ලැබූ පණිවිඩය බොරු කරමින් සිටි බැවින් ද නිරා ගින්නේ අඩියේ වේදනීය දඬුවම ඔවුනට හිමි වනු ඇත.

Bakara 2:11

මහපොළොවේ දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරමින් හා වෙනත් අක්රමිකතා සිදු කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකෙන මෙන් ඔවුනට කියනු ලැබූ විට, ඔවුන් එය පිළි නොගෙන සැබැවින්ම තමන් දැහැමියන් හා සංශෝධකයින් බව ඔවුහු සිතූහ.

Bakara 2:12

සැබෑ යථාර්ථය නම්, සැබැවින්ම කලහකාරීහූ ඔවුහුම යන්නයි. එනමුත් ඔවුහු ඒ ගැන වටහා නොගනිති. ඔවුන්ගේ ක්රියා කලහකාරී බව ඔවුහු අවබෝධ කර නොගනිති.

Bakara 2:13

මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ අනුගාමිකයින් විශ්වාස කළාක් මෙන් විශ්වාස කරන්නැයි ඔවුනට අණ කළ විට, බුද්ධිහීනයින් විශ්වාස කළාක් මෙන් අප ද විශ්වාස කළ යුතු දැයි අපහාසාත්මකව හා පිළිකුල් සහගත ලෙසින් පිළිතුරු දුන්හ. නමුත් ඔවුහු ඒ ගැන අඥානීව සිටිති.

Bakara 2:14

ඔවුන් දේව විශ්වාසවන්තයින් මුණ ගැසුණු විට ‘නුඹලා කවරු කරුණක් විශ්වාස කරන්නේද එය සැබෑවකි’ යැයි ඔවුහු පවසති. එසේ ඔවුන් පවසා සිටිනුයේ දේව විශ්වාසවන්තයින්ට බියෙනි. දේව විශ්වාසවන්තියින්ගෙන් වෙන්ව ඔවුන්ගේ ප්රධානීන් සමඟ තනි වූ විටක ‘ඇත්තෙන්ම අපි නුඹලා සමග නුඹලාගේ මාර්ගයේම වෙමු. දෙවියන් විශ්වාස කරන්නන්හට මතුපිටින් අප එකඟ වූයේ ඔවුනට අවමන් කිරීමක් හා සමච්චල් කිරීමක් ලෙසිනි’ යැයි දන්වා තම ස්ථාවරය ඔවුන් සමඟ යැයි තහවුරු කරමින් පවසති.

Bakara 2:15

දෙවියන් විශ්වාස කළවුන් හමු වූ විට ඔවුන් ඔවුන්ව අවමන් කළ බැවින් අල්ලාහ් ද ඔවුන් අවමානයට ලක් කරනු ඇත. එය ඔවුන්ගේ ක්රියාවට සරිලන ප්රති විපාකයක් වශයෙනි. ඒ අනුව මෙලොවෙහි මුස්ලිම්වරුන් නීතිරීති ඔවුන් මත ක්රියාත්මක කරන ලදී. මතුලොවෙහි ද ඔවුන්ගේ ප්රතික්ෂේපය හා කුහකත්වයට සරිලන ප්රතිවිපාක දෙනු ලබනු ඇත. එසේම ඔවුන් ව්යාකූලත්වයෙන් පසු වන්නට ඔවුන්ගේ මුළාවෙහි හා සීමාව ඉක්මවා යෑමෙහි තටමන්නට ඔහු ඉඩ හරින්නේය.

Bakara 2:16

ඔවුහු අඥානයෝ වෙති. හේතුව ඔවුහු දේව විශ්වාසය වෙනුවට දේව ප්රතික්ෂේපය හුවමාරු කර ගත්තෝය. එහෙයින් ඔවුන්ගේ ව්යාපාරය ලාභදායී නොවීය. අල්ලාහ් පිළිබඳව විශ්වාස කිරීමට ඔවුන් අපොහොසත් විය. තවද ඔවුහු සත්ය වෙත මඟ ලබන්නන් නොවූහ.

Bakara 2:17

මෙම කුහකයිනට උපමා දෙකක් අල්ලාහ් මෙහි ඉදිරිපත් කොට ඇත. එකක් ගින්න හා බැඳුණු උපමාවකි අනෙක ජලය හා බැඳුණු උපමාවකි. ගින්න හා බැඳුණු ඔවුන්ගේ උපමාව වනුයේ: ආලෝකය ලබන්නට ගිනි දැල්වූ කෙනෙකු මෙනි. එහි ආලෝකය විහිද යන විට ඉන් ඵලක් ඇතැයි සිතයි. නමුත් අවසානයේ එහි ආලෝකය නිවී යයි. දැවී ගිය දෑ පමණක් ඉතිරි වෙයි. එලෙස කිසිවක් දැකිය නොහැකි අන්ධකාරයේ එහි අවට සිටි ජනයා රැඳී සිටී. ඔවුන් ඉන් කිසිදු මඟක් නොලබනු ඇත.

Bakara 2:18

ඔවුන් සත්යය පිළිගන්නා තරමට සවන් නොදෙන බිහිරන්ය. ඒ ගැන කතා නොකරන ගොළුවන්ය. ඒ දෙස නෙත් යොමු නොකරන අන්ධයින්ය. එහෙයින් ඔවුන් ඔවුන්ගේ මුළාවෙන් හැරෙන්නේ නැත.

Bakara 2:19

ජලය හා බැඳුණු ඔවුන්ගේ උපමාව: වළාවෙන් ඇද හැළෙන මහා වර්ෂාවක් වැනිය. එහි ඒකරාශි වූ අන්ධකාරය, හෙණ හඬ හා අකුණු එකට පවතී. එය ප්රජාවක් වෙත පහළ වෙයි. ඔවුනට දැඩි බියක් ඇති කරයි. මහා හෙණ හඬ නිසා මරණ බියෙන් ඔවුන් තම ඇගිලි තුඩු මගින් ඔවුන්ගේ කන් වසා ගනී. අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන් පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නාය. ඔවුනට ඔහුගෙන් මිදී යා නොහැක.

Bakara 2:20

දැඩි අකුණු එළිය ඔවුන්ගේ දෘෂ්ටිය පැහැර ගන්නාක් මෙන් පවතී. අකුණු එළිය වැටෙන කල්හි ඔවුහු ඉදිරියට ගමන් කරති. එසේ එළිය නොවැටුනු විට අන්ධකාරයේ රැඳී සිටිති. ඔවුනට සෙලවෙන්නට නොහැකි වෙති. අල්ලාහ් අභිමත කළේ නම් සියලු දෑ කෙරෙහි ආවරණය වී ඇති ඔහුගේ බලයෙන් ඔවුන්ගේ ශ්රවණය හා දෘෂ්ටිය පහ කර දමනු ඇත. ඔවුන් සත්යයට පිටුපෑ හේතුවෙන් එය ඔවුන් වෙත නැවත හැරී නොඑයි. මහා වර්ෂාව කුර්ආනයට උපමාවයි. අකුණු හඬ එය වළක්වාලන දෑට උපමාවයි. අකුණු එළිය විටින් විට ඔවුනට ඉදිරිපත් කරනු ලැබූ සත්යයට උපමාවයි. දැඩි අකුණු හඞ හේතුවෙන් ඔවුන් තම කන් වසා ගන්නට විය. එය ඔවුන් සත්යය පිළි නොගෙන පිටු පෑමට සමානය. එම කුහකයින් දෙදෙනා අතර හා මේ උපමා දෙක සහිත පුද්ගලයින් අතර උපමා කළ ස්වභාවය; එය ප්රයෝජනය රහිත දෙයක්ය යන්නයි. ගින්න හා සම්බන්ධ උපමාවේ: එය අවුළන්නා එහි අන්ධකාරය හා ඇවිලීම හැර වෙන කිසිදු ප්රයෝජනයක් ගෙන නැතැයි යන්න අවධාරණය කරයි. මහා වර්ෂාව හා සම්බන්ධ උපමාවේ: හෙණ හඬ හා අකුණු එළියෙන් ඔවුන් බිය ගැන්වීම හැර වෙන කිසිදු ප්රයෝජනයක් ගෙන නැතැයි අවධාරණය කරයි. මෙලෙස කුහකයින් ඉස්ලාමය දෙස දැඩි හදවතකින් මිස බලන්නේ නැත.

Bakara 2:21

අහෝ ජනයිනි, ඔබේ පරමාධිපතිට පමණක් නැමදුම් කරනු. වෙනත් කිසිවකුහට නැමදුම් නොකරනු. ඔබ හා ඔබට පෙර සිටි ජන සමූහයන් මැව්වේ ඔහු ය. එය ඔබ ඔවුන් ආදර්ශයට ගෙන අල්ලාහ්ගේ නියෝග පිළිපැද; ඔහු වැළැක් වූ දෙයින් වැළකී; ඔහුගේ දඬුවමින් ඔබ ආරක්ෂා වනු පිණිසය.

Bakara 2:22

මහපොළොව ඇතිරිල්ලක් හා තොටිල්ලක් සේ මැව්වේ ඔහුය. පසුව ඔහු අහස මවා ඊට ඉහළින් ශක්තිමක් නිර්මාණයක් ඇති කළේය. ඔහු වර්ෂාවෙන් ආශිර්වාද කළේ ය. ඔබේ ආහාරය සඳහා එමගින් පොළොවේ විවිධ පලතුරු හා බවභෝග හට ගැන්වීය. එහෙයින් අල්ලාහ් හැර වෙනත් කිසිදු මැවුම් කරුවකු නොමැති බව ඔබ දැන දැනුම කිසිවිටෙක අල්ලාහ්ට හවුල්කරුවන් හෝ සමානයන් තොබනු.

Bakara 2:23

අහෝ ජනයිනි, අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිබඳ යම් සැකයක ඔබ පසුවන්නෙහු නම්, ඊට සමාන හෝ ඊටත් වඩා කුඩා පරිච්ඡේදයක් ඊට එරෙහිව ගෙනැවිත් පෙන්වන්නැයි අපි ඔබට අභියෝග කරන්නෙමු. එසේ ඔබ තර්ක කරමින් සිටින දෑහි ඔබ සත්යවාදීන් නම් ඔබේ සහයට හැකි පමණක් උදව්කරුවන් කැඳවා ගන්න.

Bakara 2:24

ඔබ එසේ නොකළෙහු නම් - ඔබට එසේ කිසිවිටෙක කළ නොහැක්කේමය- එවිට ඔබ දඬුවමට සුදුසුකම් ලත් ජනයා හා ඔවුන් නමදිමින් සිටි ගස්, ගල් මැටි වර්ග ඉන්ධන ලෙස භාවිතා කරනු ලබන නිරා ගින්නට බියවනු. මෙම නිරා ගින්න අල්ලාහ් සූදානම් කර ඇත්තේ ඔහුුු ව ප්රතික්ෂේප කරමින් කටයුතු කරන්නන්හට ය.

Bakara 2:25

පෙර සඳහන් අවවාද දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ඉදිරිපත් කොට දැන් නබිවරයා අමතා: අහෝ නබිවරය, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රිය කළවුන් හට ඔවුන් සතුටු කරවන ස්වර්ග උයන් හා ස්වර්ග වෘක්ෂලතා යටින් ගංගා ගලා බස්නා උසන් ඇති බව ශුභාරංචි දන්වා සිටින්න. ආහාරය සඳහා ඔවුනට නැවුම් පළතුරු පිරිනමනු ලබන සෑම කල්හිම ඒවා මෙලොව පලතුරුවලට බෙහෙවින් සමාන වන බැවින් “මීට පෙර අප වෙත ආහාර වශයෙන් දෙනු ලැබූවේ මේ හා සමාන පලතුරු යැ”යි පවසනු ඇත. මෙලොව තමන් හඳුනා ගත් පළතුරු වර්ග අතුරින් හැඩයෙන් හා නාමයෙන් ඒවාට සමාන දෑ ඔවුනට පිළිගන්වනු ලැබේ. නමුත් ඒවා රසයෙන් හා සුවයෙන් විවිධය. ලෝ වැසියන් අතර හැඩ ගැන් වූ ස්වභාවික කිලිටිවලින් බැහැර වූ ද මිනිස් ආත්මයක් ස්පර්ශ නොකළා වූ ද එවන් සියලු අඩුපාඩුවලින් නිදොස් වූ කලත්රයන් ස්වර්ගයේ ඔවුනට ඇත. මෙලොව පවතින තාවකාලික සැපතට එහායින් ගිය නිමක් නැති සදා සැපත එහි ඔවුනට ඇත.

Bakara 2:26

සැබැවින්ම අල්ලාහ් තමන් කැමති උපමා ගෙනහැර පාන්නට ලැජ්ජා නොවෙයි. ඔහු කෝඳුරුවකු හෝ ඊටත් විශාල හෝ ඊටත් කුඩා දෙයක් පවසා උපමා ගෙන හැර පානු ඇත. මේ උපමා රූප ඉදිරියේ මිනිසා දෙවර්ගයකි. එනම් දෙවියන් විශ්වාස කරන්නන් හා ප්රතික්ෂේප කරන්නන්ය. දෙවියන් විශ්වාස කරන්නන් වනාහි, මෙම උපමාව පසුපසින් ඇති යථාර්ථය වටහා ගෙන එය සැබෑවක් ලෙස තහවුරු කර ගනී. නමුත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් වනාහි, කෝඳුරුවා, මැස්සා, මකුළුවා හා වෙනත් අල්ප ගණයේ මැවීම් උදාහරණ ලෙස අල්ලාහ් ගෙන හැර පෑමේ හේතුසාධක කුමක්දැයි සමච්චලයෙන් යුතුව විමසා සිටිති. දැන් අල්ලාහ් එයට මෙසේ පිළිතුරු සපයයි: සැබැවින්ම මිනිසාට මෙම උපමාවල මඟපෙන්වීමක් පාඩමක් හා ආදර්ශයක් ඇත. නමුත් ඔවුන්ගෙන් සමහරු මෙම උපමාවන් පරිශීලනය කිරීමට ප්රතික්ෂේප කර සිටි බැවින් අල්ලාහ් ඔවුන් නොමග හැරියේය. ඔවුන් බොහෝ දෙනෙකි. එමෙන්ම සමහරු එයින් උපදෙස් ලබා යහමඟ ලැබූවන් ද වෙති ඔවුන් ද බොහෝ දෙනෙකි. නොමඟ යන්නට සුදුසුකම් ඇති අය හැර වෙනත් කිසිවකු අල්ලාහ් නොමඟ යන්නට ඉඩ හරින්නේ නැත. ඔවුහු කුහකයින් මෙන් ඔහුට අවනත වීමෙන් බැහැර වූවෝ වෙති.

Bakara 2:27

එම කුහකයෝ ඔහුට පමණක් නැමදීමටත් පෙර නබිවරුන් දන්වා සිටි ඔහුගේ අවසන් දූතයාණන් පිළිපැදීමටත් ඔහු ඔවුන් සමඟ ඇති කර ගත් ගිවිසුම කඩ කළෝය. අල්ලාහ්ගේ ගිවිසුම් හෙළා දකින මොවුහු ඥාතී සම්බන්ධකම් මෙන් අල්ලාහ් සම්බන්ධකම් ඇති කර ගන්නට නියම කළ සම්බන්ධකම් බිද දමන මහපොළොවේ පාපකම් සිදු කොට ප්රචණ්ඩත්වය පතුරුවාලන්නට උත්සහ දරන පිරිසක් යැයි වර්ණනා කරමින් පවසයි. එහෙයින් මෙලොව හා මතුලොව ඔවුන් ලබන කොටසින් පාඩු විඳින්නෝ ඔවුහුමය.

Bakara 2:28

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි, සැබැවින්ම නුඹලාගේ කරුණනම් පුදුමසහගතය. නුඹලා තුළ ඇති ඔහුගේ බලය පෙන්වා දෙන සාධක නුඹලා දෑසින් දැක දැකම නුඹලා අල්ලාහ් ප්රතික්ෂේප කරනුයේ කෙසේද? සැබැවින්ම නුඹලා කිසිවක් කියන්නට තරම් වස්තුවක් ලෙස නොසිටිය දී නුඹලාව ඔහු මවා නුඹලාට ජීවිය ලබා දුන්නේය. පසු ව දෙවන වරටත් ඔහු නුඹලාව මරණයටපත් කොට පසු ව යළි දෙවන වරටත් නුඹලාට ඔහු පණ දෙන්නේය. නුඹලා කල් ඇතිව මෙලොව සිදු කළ දෑ වෙනුවෙන් නුඹලාගෙන් විනිශ්චය කරනු පිණිස ඔහු වෙත නුඹලා යොමු කරනු ලබන්නෙහුය.

Bakara 2:29

අල්ලාහ් ඒකීයය. ඔහු මහපොළොවේ ඇති ගංගා ගහකොළ මෙන්ම ගැණිය නොහැකි වෙනත් ආශිර්වාද කොපමණක් නුඹලා වෙනුවෙන් මවා තිබේද? ඒවායින් නුඹලා ප්රයෝජන ලබන්නෙහුය. නුඹලාට වසග කර දුන් දැයින් නුඹලා භුක්ති විඳින්නෙහුය. පසුව ඔහු අහසට නැගී සමාන අහස් හතක් මැව්වේය. ඔහුගේ ඥානය සියලු දෑ ග්රහණය කර ඇත.

Bakara 2:30

සැබැවින්ම අල්ලාහ් මලක්වරුන් දෙස බලා මෙසේ පැවසූ බව දන්වා සිටියි: ‘තමන් වෙත අවනතභාවය නගා සිටුවන්නට මහපොළොවේ පිරිසකගෙන් පසු තවත් පිරිසක් නියෝජනය කරන මිනිස් වර්ගයක් බිහි කරන්නට යමි.’ යැයි අල්ලාහ් පැවසීය. එවිට මලක්වරු තම පරමාධිපති දෙස බලා: ‘මහපොළොවේ නියෝජනය සඳහා ප්රචණ්ඩත්වය පතුරුවාලන අපරාධකාරී ලෙස රුධිරය හළන මිනිස් පරපුරක් මවන්නට යෑමේ යථාර්ථය ගැන -තමන් දැනගන්නටත් එය වටහාගන්නටත්- අල්ලාහ්ගෙන් එසේ ප්රශ්න කරමින් ‘අපි ඔබට අවනත වන පිරිසක් වෙමු. ඔබ ප්රශංසාවට ලක් කරමින් පිවිතුරු කරන්නෙමු. ඔබේ කීර්තියට හා පූර්ණත්වයට ගරු කරන්නෙමු. අපි එයින් විඩාවට පත් නොවෙමු. යැයි පැවසුවෝය. එවිට අල්ලාහ් ‘සැබැවින්ම ඔබ නොදන්නා, ඔවුන් මැවීමේ යථාර්ථය හා ඔවුන් නියෝජනයට පත් කිරීමෙහි අරමුණ පිළිබඳ මම මැනවින් දනිමි.’ යැයි පැවසීය.

Bakara 2:31

මිනිස් පියාණන් වන ආදම් ගේ තත්ත්වය විස්තරය කරන්නට අල්ලාහ් ඔහුට සතුන් හා භෞතික වස්තු සියල්ලෙහි නාම ඒවායෙහි යෙදුම් හා අර්ථ කියා දුන්නේය. පසුව ඔහු එම නාම මලක්වරු ඉදිරියේ තබමින් ‘නුඹලා මෙම මැවීමට වඩා ශ්රේෂ්ටය; උතුම්ය; නුඹලා පවසන පරිදි එහි නුඹලා සත්යවාදීන් නම්, මෙම නාම මා වෙත දන්වා සිටිනු යැයි පැවසීය.

Bakara 2:32

මලක්වරු තමන්ගේ අඩුව පිළිගනිමින් එම මහිමය අල්ලාහ් වෙත යොමු කරමින්, අපගේ පරමාධිපතියාණනි, ඔබගේ පිළිවෙත හා නියමය තුළ ඔබට විරෝධය පෑමෙන් අපි ඔබ ව පිවිතුරු කරන්නෙමු. ඔබට ගරුබුහුමන් කරන්නෙමු. ඔබ අපට පිරිනැමූ දැනුම මිස වෙනත් කිසිවක් අපි නොදනිමු. සැබැවින්ම ඔබ සර්වඥානීය. ඔබ වෙත කිසිවක් සැඟවෙන්නේ නැත. ඔබ මහා ප්රඥාවන්තය. ඔබේ නියමය හා ඔබේ පිළිවෙත අනුව සියලු කරුණු නිසි තැන ඔබ තබනු ඇත. යැයි පැවසීය.

Bakara 2:33

එම අවස්ථාවේ අල්ලාහ් ආදම් වෙත: ‘නම් තැබූ මේවායෙහි නාම ඔබ ඔවුනට දන්වා සිටින්නැ’යි පැවසීය. ඔහුගේ පරමාධිපති ඔහුට ඉගැන් වූ පරිදි ඔවුනට ඔහු දන්වා සිටි කල්හි, අල්ලාහ් මලක්වරු දෙස බලා: ‘මහපොළොවේ හා අහසේ සැගවුණු දෑ පිළිබඳ මා මැනවින් දන්නා බවත් ඔබ හෙළිකරන ඔබගේ තත්ත්වයන් හා ඔබ තුළ රහසිගතව කතා කරන දෑ පිළිබඳ මා මැනවින් දන්නා බවත් මම ඔබට නොකීවෙම්දැයි විමසීය.

Bakara 2:34

සැබැවින්ම ආදම්ට නමස්කාර කරන මෙන් මලක්වරුන්ට තමන් අණ කර සිටි බව අල්ලාහ් විස්තර කරයි. එය ආචාර කිරීමේ හා ගරුකිරීමේ නමස්කාරයකි. එවිට ඔවුහු අල්ලාහ්ගේ අණ පිළිපඳිමින් ඔහුට නමස්කාර කරන්නට යුහුසුළු වූහ. නමුත් ජින් වර්ගයාගෙන් වූ ඉබ්ලීස් හැර. ඔහු ආදම් සම්බන්ධයෙන් උඩඟුකම් පා, නමස්කාර කිරීමේ අල්ලාහ්ගේ නියෝගයට පිටුපා, ඉන් වැළකී සිටියේය. ඔහු උත්තරීතර අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් අතුරින් විය.

Bakara 2:35

අහෝ ආදම්! ඔබ ඔබේ බිරිය හව්වා සමග ස්වර්ග උයනේ වාසය කරනු. ස්වර්ගයේ කැමති තැනක කැමති දෙයක් කිසිදු බාධාවකින් තොරව ඇතිතරම් ආහාරයට ගනු. නමුත් ආහාර අනුභවයට මා තහනම් කළ එම ගස අසළට ඔබ දෙදෙනා යෑමෙන් මම අවවාද කර සිටිමි. එසේ මා ඔබට නියෝග කර සිටි දෑ පිටුපෑවෙහු නම් නුඹලා දෙපළ අපරාධකරුවන් බවට පත්වනු ඇතැයි පැවසූහ.

Bakara 2:36

ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කොඳුරමින් දකින දෑ අලංකාරවත් කරමින් සිටියේය. අවසානයේ අල්ලාහ් අනුභව කිරීමට තහනම් කළ එම ගසින් ඔවුන් දෙදෙනා අනුභව කරන්නට ඔහු සැලැස්වීය. ඔවුන් දෙදෙනා පෙරළා වැරදි කරන්නට විය. එහි ප්රතිවිපාක වශයෙන් ඔවුන් දෙදෙනා සිටි ස්වර්ගයෙන් අල්ලාහ් ඔවුන් බැහැර කළේය. පසුව අල්ලාහ් ඔවුන් දෙදෙනා හා ෂයිතාන් දෙස බලා: ‘නුඹලා මහපොළොවට බසිනු. නුඹලා අතැමෙක් ඇතැමෙකුට සතුරන් වනු ඇත. මිහිතලයේ නුඹලාගේ ආයුෂ අවසන් වී අවසන් හෝරාව පැමිණෙන තෙක් යහපත් දෑ භුක්ති විදීමටත් නුඹලාගේ වාසස්ථාන හා නවාතැන් තනා ගැනීමටත් අවස්ථාව ඇත’ යැයි පැවසීය.

Bakara 2:37

පසුව ආදම් තමන් වෙත අල්ලාහ් ඉගැන් වූ වදන් කිහිපයක් ගෙන ප්රාර්ථනා කරන්නට විය. එය සූරා අල් අඃරාෆ් හි 23 වන වැකියේ මෙසේ සඳන් වේ. ‘ඔවුන් දෙදෙනා මෙසේ පැවසීය: අපගේ පරමාධිපතියාණනි, අපි අපටම අපරාධ කරගෙන ඇත්තෙමු. ඔබ අපට සමාව දී කරුණාව නොදැක්වූයේ නම්, සැබැවින් අපි පරාජ වන්නන් අතරට පත්වෙමු.’ අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගෙන ඔහුට සමාව දුන්නේය. සුවිශුද්ධ අල්ලාහ් තම ගැත්තන්හට අසීමිත ලෙස සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් වෙත මහත් කාරුණිකය.

Bakara 2:38

ඔවුනට අපි මෙසේ පැවසුවෙමු: 'නුඹලා සියලු දෙනා ස්වර්ගයෙන් පොළොවට බසිනු. මාගේ දූතවරුන් වෙතින් කවර මඟ පෙන්වීමක් නුඹලා වෙත පැමිණ, පසු ව එය කවුරුන් පිළිපැද මාගේ දූතවරුන් විශ්වාස කර සිටියේ ද ඔවුනට මතුලොවෙහි බියවන්නට හේතුවක් නැත. මෙලොව ඔවුනට අතපසු වූ දෑ කෙරෙහි ඔවුහු දුකට ද පත් නොවෙති.

Bakara 2:39

අප ප්රතික්ෂේප කොට අපගේ වදන් බොරුකළවුන් වනාහි, ඔවුන්මය නිරා ගින්නේ වෙසෙන පිරිස වනුයේ.

Bakara 2:40

අහෝ අල්ලාහ්ගේ නබිවරයකු වී සිටි යඃකූබ්ගේ දරුවනි! අඛණ්ඩව ඔබ වෙත අල්ලාහ් පිරිනමා තිබූ ආශිර්වාද ගැන මදක් මෙනෙහි කර බලනු. ඒ සඳහා නුඹලා තුතිවන්ත වනු. මා ගැන විශ්වාස කිරීම, මාගේ දූතයාණන් විශ්වාස කිරීම හා මාගේ පිළිවෙත ක්රියා කිරීම යනාදී සම්බන්ධයෙන් නුඹලා සමඟ මා ඇති කර ගත් ගිවිසුම නුඹලා ඉටු කරනු. එසේ නුඹලා එය ඉටු කර සිටියේ නම් මෙලොව යහපත් ජීවිතයක් මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ යහපත් ප්රතිඵල වැනි නුඹලා වෙත මා විසින් කර ඇති පොරොන්දු මම ඉටු කර දෙමි. එහෙයින් මට පමණක් බියවනු. මාගේ ගිවිසුම කඩ නොකරනු.

Bakara 2:41

තව්රාත් හෙවත් තොරාව වෙනස් කිරීමට පෙර අල්ලාහ්ගේ ඒකීයභාවය සම්බන්ධයෙන් එහි වූ කරුණුවලට එකඟව මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා වෙත මා පහළ කළ කුර්ආනය ද මුහම්ද් තුමාගේ නබිත්වය ද නුඹලා විශ්වාස කරනු. එය ප්රතික්ෂේප කරන පිරිස අතුරින් ප්රමුඛයින් වීමෙන් වැළකී සිටිනු. මාගේ වදන් විවිධ ලාභ ප්රයෝජන හා නායකත්වය මුල් කරගෙන සුළු මිලකට නොවිකනනු. තවද මාගේ උදහස හා දඬුවමට බියවනු.

Bakara 2:42

මාගේ දූතයාණන් වෙත මා පහළ කළ සත්යය නුඹලා ගෙතූ බොරු සමඟ මුසු නොකරනු. මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ගේ ගුණාංග පිළිබඳ නුඹලාගේ ග්රන්ථයේ පැමිණ ඇති සත්යයන් නුඹලා දැනුවත් ව එය නුඹලා විශ්වාස කරමින්ම වසන් නොකරනු.

Bakara 2:43

නුඹලා සලාතය එහි අර්කාන් හෙවත් මූලිකාංග, වාජිබාත් හෙවත් අනිවාර්ය කරුණු හා සුනන් හෙවත් නබි ක්රමවේද පිළිපඳිමින් ඉටු කරනු. නුඹලාගේ දෝතට අල්ලාහ් පිරිනැමූ නුඹලාගේ ධනයෙන් සකාත් නිකුත් කරනු. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ප්රජාව අතුරින් අල්ලාහ්ට යටහත් වන්නන් සමග එක් වී නුඹලා ද අල්ලාහ්ට යටහත් වනු.

Bakara 2:44

අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ද දැහැමි කටයුතු කරන මෙන් ද තම දූතයාණන් සත්යය බව විශ්වාස කරන මෙන් ද තව්රාතයේ අල්ලාහ් නියෝග කර ඇති දෑ නුඹලා දැන දැනම, එය කියවමින් නුඹලා නුඹලාව අමතක කර දමා දෙවියන් විශ්වාස කරන මෙන් හා දැහැමි කටයුතු කරන මෙන් සෙසු ජනයාට අණ කර සිටීම කෙතරම් නම් පිළිකුල් සහගත ද!

Bakara 2:45

අල්ලාහ් වෙත නුඹලාව සමීප කරවන, ඔහු සමග සම්බන්ධකම් ඇති කරවන සලාතය හා ඉවසීම තුළින් ආධ්යාත්මික මෙන්ම ලෞකික සියලුම වාතාවරණයන් සඳහා නුඹලා ඔහුගෙන් උදව් පතනු. එවිට ඔහු නුඹලාට උදව් කරනු ඇත. නුඹලාව ආරක්ෂා කරනු ඇත. නුඹලාට ඇතිවන්නට තිබෙන හිංසා පීඩාවන් නුඹලාගෙන් පහ කරනු ඇත. සැබැවින් සලාතය තම පරමාධිපතිට යටහත් වන්නන් වෙත හැර සෙසු අයට මහත් බැරෑරුම් කාර්යයක් වෙයි.

Bakara 2:46

හේතුව තමන් සැබැවින්ම අල්ලාහ් වෙත පැමිණෙන්නට නියමිත බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ව හමුවන බවත් තමන් සිදු කළ ක්රියා සඳහා තමන්ට ප්රතිඵල පිරිනමනු ලබන්නට ඔහු වෙත නැවත හැරී යා යුතු බවත් තරයේම විශ්වාස කරන බැවිණි.

Bakara 2:47

අහෝ අල්ලාහ්ගේ නබිවරයකු වී සිටි යඃකූබ්ගේ දරුවනි! නුඹලා වෙත ආශිර්වාද කළ ආධ්යාත්මික හා ලෞකික මාගේ ආශිර්වාදයන් පිළිබඳ මෙනෙහි කර බලනු. එමෙන්ම සැබැවින්ම මම නුඹලාට නබිත්වය හා බලය තුළින් නුඹලාගේ කාලයේ ජීවත් වූ සමකාලිකයින්ට වඩා නුඹලා උසස් කර තිබීමත් මෙනෙහි කර බලනු.

Bakara 2:48

තවද නුඹලා නියෝග පිළිපැද, තහනම් දෙයින් වැළකී, නුඹලා හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම අතර ආරක්ෂාව එමගින් සලසා ගනු. එදින කිසිවෙක් කිසිවකුට ඵලක් වන්නේ නැත. එදින අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යම් හිංසනයකින් වළක්වාලන්නට හෝ යම් යහපතක් කිරීමට හෝ කිසිවකුගේ මැදිහත් වීමක් පිළිගනු නොලබනු දිනයකි. පොළොව පිරෙන්නට රන් තිබී, ඒ සියල්ල වන්දි වශයෙන් ලබා දුන්න ද ඒවා පිළිගනු නොලබන දිනයකි. එදින කිසිදු උදව්කරුවකු ඔවුනට නැත. එමෙන්ම කිසිදු මැදිහත්කරුවකු හෝ ඇපකරුවකු හෝ ඔවුනට නැත. එසේ ඔවුනට මැදිහත් කරුවකු, උදව්කරුවකු, ඇපකරුවකු හෝ නොමැති නම් ඔවුන් පළා යා හැක්කේ කවර ස්ථානයකට ද?

Bakara 2:49

ඉස්රාඊල් දරුවනි, ෆිර්අවුන් අනුගමනය කළ සේනාවෙන් අපි නුඹලාව මුදවාගත් සැටි මෙනෙහි කර බලනු. ඔවුහු විවිධ දඬුවම් පමුණුවමින් නුඹලා වේදනාවට පත් කළෝය. පිරිමි දරුවන් කිසිවකු ඉතිරි නොවන තරමට නුඹලාගේ පිරිමි දරුවන් මරා දැමුවෝය. කාන්තාවන් වහල්කමට ගනු පිණිස ගැහැණු දරුවන්ට ජීවිත දානය දුන්නෝය. නුඹලාට අවමානය ගෙන දුන්නෝය. ෆිර්අවුන් හා ඔහු පිළිපැද්දවුන්ගෙන් මිදීම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් වූ මහත් පරීක්ෂණයක් විය. නුඹලා කෘතඥ විය යුතුය.

Bakara 2:50

අපි මුහුද දෙබෑ කොට නුඹලා ඒ හරහා ගමන් කිරීමට පහසුවන අයුරින් එම මාර්ගය වියැළි කොට නුඹලා ව මුදවා ගත්තෙමු. නුඹලාගේ සතුරන් වූ ෆිර්අවුන් හා ඔහුගේ සේනාව දෙස නුඹලා බලා සිටියදීම නුඹලාගේ දෑස් ඉදිරියේම ඔවුන් දියේ ගිලින්නට සැලැස්වූයෙමු. මෙලෙස නුඹලා වෙත අපි පිරිනැමූ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු.

Bakara 2:51

ආලෝකයක් හා මාර්ගෝපදේශයක් වශයෙන් තෝරාව සම්පූර්ණ වශයෙන් පහළ කරන්නට හතළිස් රැයක් මූසාට ප්රතිඥත කාලයක් ලෙස පිරිනැමූ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. පසු ව නුඹලා එම කාලය තුළ වසුපැටවකු නැමදුමට ගත්තෙහුය. නුඹලා එසේ සිදු කිරීමෙන් අපරාධකරුවන් වූහ.

Bakara 2:52

නුඹලා පශ්චාත්තාප කළ පසු ඒ ගැන අපි නොසලකා හැරියෙමු. නුඹලා දැහැමි ලෙස අල්ලාහ්ට නැමදුම් කොට ඔහුට අවනත වී ඔහුට කතවේදී විය හැකිවනු පිණිස අපි නුඹලාව ග්රහණය නොකළෙමු.

Bakara 2:53

නුඹලා යහමඟ ලබා සත්යය වෙත යොමුවනු පිණිස, යහමග හා මුළාව අතර වෙනස පැහැදිලි කර දෙන්නටත් සත්යය හා අසත්යය අතර වෙන්කර දෙන්නටත් (මූසා අලය්හිස් සලාම්) තුමාට තෝරාව පිරිනැමීමෙන් කළ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු.

Bakara 2:54

එමෙන්ම මේ ආශිර්වාදය ගැනත් සිතා බලනු. වසුපැටවා නැමදුම් කිරීමේ වරද වෙනුවෙන් නුඹලා කළ පශ්චාත්තාපයට සරිලන පරිදි නුඹලාට අල්ලාහ් පාපක්ෂමා ක්රමවේදයක් ඉදිරිපත් කළේය. එනම්, මූසා අලයිහිස් සලාම් නුඹලා දෙස බලා: ‘සැබැවින්ම නුඹලා නමදින්නට වසුපැටවා දෙවියෙකු ලෙස ගැනීමෙන් නුඹලා නුඹලාටම අපරාධ කර ගත්තෙහුය. එහෙයින් නුඹලා පව්සමාව අයැද නුඹලාගේ මැවුම්කරු වෙත හැරෙනු. එය නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට මරණ දඬුවම ක්රියාත්මක කිරීම තුළිනි. නිරා ගින්නේ සදාතනකි බවට පත් කරලීමේ ප්රතික්ෂෙපය තුළ තවදුරටත් නිරතවීමට වඩා මෙවැනි ක්රමයකින් පාපක්ෂමාව පැතීම නුඹලාට උතුම් වනු ඇත. අල්ලාහ්ගෙන් වූ භාග්යයක් හා උපකාරයක් වශයෙන් නුඹලා එය ක්රියාත්මක කරනු. එවිට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. ඔහු පාපක්ෂමාව පිළිගෙන අධික වශයෙන් සමාව දෙන්නාය. එමෙන්ම ඔහුගේ ගැත්තන් කෙරෙහි මහත් කරුණාවන්තය.

Bakara 2:55

නුඹලාගේ මුතුන්මිත්තන් මූසා (අලය්හිස් සලාම්) තුමා සමඟ වීරයෙන් යුතුව කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු ‘අල්ලාහ් ව කිසිදු තිරයකින් තොර ව අපි දෑසින් දකින තුරු නුඹ ව

Bakara 2:56

නුඹලාගේ මරණයෙන් පසු අපි නුඹලා ව යළි අවදි කළෙමු. එය නුඹලා වෙත අල්ලාහ් පිරිනැමූ අනුග්රහයට නුඹලා කෘතවේදී වනු පිණිසය.

Bakara 2:57

මහපොළොවේ නුඹලා ඔබමොබ සැරිසරමින් සිටි කල්හි හිරු රෂ්ණයෙන් මිදීම සඳහා නුඹලා වෙත හෙවණ ගෙන දෙන වළාකුළු එවා අපි නුඹලාට ආශිර්වාද කළෙමු. තවද අපගේ ආශිර්වාදයක් ලෙස මී පැණිවලට සමාන පැණිබීම ද වටු කුරුල්ලන්ට සමාන නැවුම් මාංශ සහිත කුඩා කුරුළු වර්ගයක් ද පහළ කළෙමු. ‘නුඹලාට අපි පෝෂණය කළ දැයින් නුඹලා අනුභව කරනු. මෙම ආශිර්වාද හෙළා දැක ප්රතික්ෂේප කිරීමෙන් නුඹලා අපට කිසිදු අඩුවක් නොකරනු. යැයි අපි නුඹලාට පැවසුවෙමු. නමුත් ඔවුන් ඔවුන්ට ලැබුණු තිළිණය පිළිබඳ අඩුපාඩු කියමින් ඔවුන්ට අත් වූ ඉරණම පිළිබඳ පැමිණිලි කරමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.

Bakara 2:58

‘නුඹලා බයිතුල් මුක්ද්දිසයට පිවිසෙනු. එහි ඇති යහපත් දෑ නුඹලා කැමති තැනක කැමති පරිදි ඇතිතරම් සතුටින් අනුභව කොට භුක්ති විදිනු. නුඹලා එහි පිවිසෙන විට, අල්ලාහ්ට යටහත් වන්නන් ලෙස හිසනමා, ‘අපගේ පරමාධිපතියණනි, ‘හිත්තතුන්’ අපගේ පව් අපගෙන් මකා දමනු මැනව!’ යැයි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කොට පිවිසෙනු. ‘අපි නුඹලාට පිළිතුරු දෙන්නෙමු. ඔවුන්ගේ කටයුතුවලදී යහපත් අයුරින් ක්රියා කළවුනට ඔවුන් කළ යහපතට වඩා අධික වශයෙන් කුසල් පිරිනමන්නෙමු’ යැයි අල්ලාහ් නුඹලාට පවසමින් ආශිර්වාද කළ අවස්ථාව සිහිපත් කරනු.

Bakara 2:59

නමුත් ඔවුන් අතර අපරාධකළවුන් එම යහපතට එරෙහිව කටයුතු කළෝය. නියමිත ප්රකාශය විකෘති කොට පැවසුවෝය. ඔවුන් පසුපසින් කකුල්ගාමින් පිවිසුණෝය. ‘හබ්බතුන් ෆී ෂඃරතින්’ -රෝමයක ඇති බීජය යනුවෙන්- අල්ලාහ්ගේ නියෝගය හාස්යයට ලක් කරමින් පිවිසුණෝය. අල්ලාහ්ගේ නියෝගයට ඔවුන් එරෙහි වූ බැවින් ද ආගමික නීති රාමුවෙන් බැහැර වූ බැවින් ද ඔවුන් අතර වූ එම අපරාධකරුවන් වෙත එහි ප්රතිවිපාකය වශයෙන් අහසින් දඬුවමක් අල්ලාහ් පහළ කළේය.

Bakara 2:60

‘අත්තීහ්’ නම් ප්රදේශයේ නුඹලා සිටි කල්හි නුඹලාට දැඩි පිපාසයක් ඇති විය. මූසා නබිතුමා තම පරමාධිපතිට කණ්ණලව් කරමින් නුඹලා වෙනුවෙන් ජලය සපයන මෙන් නුඹලා ඔහුගෙන් ඉල්ලා සිටියහ. එවිට ඔහුගේ සැරයටියෙන් නියමිත ගලට ගසන මෙන් අපි ඔහුට නියෝග කළෙමු. ඔහු එසේ ගසන කල්හි නුඹලාගේ ගෝත්රවල ප්රමාණයට අනුව උල්පත් දොළොසක් මතු විය. ඉන් ජලය උනන්නට පටත් ගත්තේය. ඔවුන් අතර කිසිදු ගැටුමක් ඇති නොවනසේ සෑම ගෝත්රයක් වෙනුවෙන්ම වෙන්කළ පැන් බොන නිශ්චිත ස්ථානය අපි ඔවුනට පැහැදිලි කළෙමු. නුඹලා අනුභව කරනු. කිසිදු ශ්රමයකින් හෝ කැපවීමක් තොරව නුඹලා වෙත පහළ කළ ජලයෙන් පානය කරනු. නුඹලා මිහිතලයේ කලහකාරීන් ලෙස සැරි නොසරනු. මෙලෙස පවසා අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාදය ගැන ද නුඹලා සිතා බලනු.

Bakara 2:61

නුඹලා නුඹලාගේ පරමාධිපතිගේ තවත් ආශිර්වාදයක් ප්රතික්ෂේප කළ අවස්ථාව ද මෙනෙහි කර බලනු. නුඹලා වෙත පහළ කළ ‘මන්නු’ ‘සල්වා’ යන ආහාරයෙන් ඉවත් ව, ‘වෙනස් නොවන එකම ජාතියේ ආහාරයක් මත අපට ඉවසා සිටිය නොහැකැ’යි පවසා මහපොළොවෙන් හට ගැන්වෙන පලා වර්ග කැකිරි ධාන්ය සුදු ලූනු පරිප්පු හා ලූනු වැනි ආහාර වර්ග අප වෙනුවෙන් මතු කරන්නැ යි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන මෙන් මූසාගෙන් නුඹලා ඉල්ලා සිටියෙහුය. එවිට මූසා පිළිකුලෙන් යුතුව වඩාත් උතුම් යහපත් ‘මන්නු සල්වා’ යන මෙම ආහාරය වෙනුවට නුඹලා පතන ඉතා පහත් හා අඩුපාඩු ඇති දෑ ප්රාර්ථනා කරන්නට නුඹලා මගෙන් ඉල්ලා සිටින්නෙහුද? සැබැවින්ම එය කිසිදු මහන්සියකින් හෝ ශ්රමයකින් තොරව නුඹලා වෙත පැමිණෙමින් තිබිණ. එසේ නම් නුඹලා මෙම භූමියෙන් පිටත්ව ගොස් නිශ්චිත ගම්මානය වෙත යනු. ඒවිට නුඹලා පතන ගොවිබිම් හා කඩසාප්පු එහි නුඹලාට දැක ගත හැක. ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කොට, අල්ලාහ් ඔවුනට තෝරාදුන් දෑ නිතර ප්රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුනට අවමානය දිළිඳුකම හා දුක නියම විය. ඔවුන් ඔවුන්ගේ දහමට පිටුපෑ හේතුවෙන් ද, අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ හේතුවෙන් ද කිසිදු සාධාරණ හේතුවකින් තොරව නිරපරාධී ලෙස හා සතුරුකමින් අල්ලාහ්ගේ නබිවරුන් ඝාතනය කළ හේතුවෙන් ද අල්ලාහ්ගේ කෝපය සමඟ ඔවුන් ඒ වෙත හැරී ගියහ. මේ සියලු හේතූන් සිදුවූයේ සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට පිටුපා ඔහුගේ සීමාවන් නොතකා ඉන් ඉක්මවා ගිය බැවිනි.

Bakara 2:62

මෙම සමූහයා අතුරින් දෙවියන් විශ්වාස කළවුන්හටද මුහම්මද් තුමාගේ පැමිණීමට පෙර පැවති සමූහයන් අතර සිටි යුදෙව් කිතුනු හා සාබිඊවරුන් -අල්ලාහ් හා මතුලොව පිළිබඳ විශ්වාසය තහවුරු කරමින් ඇතැම් නබිවරුන් පිළිපැද්දා වූ පිරිස- අතුරින් දෙවියන් විශ්වාස කළවුන්හටද ඔවුන්ගේ පරමාධිපති අභියස ඔවුනට නියමිත කුසල් ඇත. මතුලොව මුහුණ දෙන්නට යන කරුණු පිළිබඳ ඔවුන්හට කිසිදු බියක් නැත. එමෙන්ම මෙලොව මගහැරුණු දෑ පිළිබඳව ඔවුන් දුකට පත්වන්නේ ද නැත.

Bakara 2:63

අපි නුඹලා වෙතින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන මෙන් බලවත් ප්රතිඥාවක් ගත් අවස්ථාව මෙනෙහි කරනු. එම ප්රතිඥාව ක්රියාත්මක කිරීමට අතහැර දැමීම ගැන නුඹලාට අවවාද කරමින් නුඹලා බියවද්දමින් නුඹලාට ඉහළින් නිශ්චිත කන්දක් අපි ඔසවා තබා, තව්රාතයේ නුඹලා වෙත පහළ කළ කරුණු නොසැලකිල්ලෙන් හා මැලිකමින් තොරව ඉතා උනන්දුවෙන් හා දිරියෙන් යුතුව පිළිපදින මෙන්ද එහි ඇති දෑ ආරක්ෂා කොට ඒ ගැන පරිශීලනය කරන මෙන්ද නියෝග කොට එසේ සිදු කළ විට අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂාව සලසාගත හැකි වනු ඇතැයි අවධාරණය කළෙමු.

Bakara 2:64

නුඹලා වෙතින් ගත් එම බලවත් ප්රතිඥාවෙන් පසු, නුඹලා එය පිටුපා ප්රතික්ෂේප කළාක් මිස එය ඉටු කළේ නැත. අල්ලාහ් එය නොසලකා හැර නුඹලාට ආශිර්වාද නොකළේ නම් හෝ නුඹලාගේ පශ්චාත්තාපය පිළිගන්නට ඔහුගේ කරුණාව නොවී නම් එසේ නුඹලා පිටුපා ප්රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා පරාජිතයින් බවට පත්වන්නට තිබුණි.

Bakara 2:65

සැබැවින්ම නුඹලාට පෙර සිටි එක් පරම්පරාවක තොරතුරු මනා ලෙස නුඹලා දන්නෙහුය. එහි කිසිදු ඇන්දවීමක් නැත. දඬයම් කිරීමට තහනම් කරනු ලැබූ සෙනසුරාදා දින ඒ ගැන නොතකා ඔවුහු දඬයම් කරමින් සීමාව ඉක්මවා කටයුතු කළෝය. එයට ඔවුන් කූට ලෙස සෙනසුරා දිනට පෙර දින දැල් එලා ඉරු දින දැලට හසු වූ මත්සයින් ගොඩට ගත්තෝය. මෙසේ කූට ලෙස කටයුතු කළ ඔවුනට ඔවුන්ගේ කූටකම හේතුවෙන් දඬුවම් වශයෙන් නෙරපා හරිනු ලබන වඳුරන් බවට අල්ලාහ් ඔවුන් පත් කළේය.

Bakara 2:66

මෙසේ සීමාව ඉක්මවා කටයුතු කළ මෙම ගම්මානය ඒ අවට පිහිටි ගම්වාසීන්ට පාඩමක් බවටත් ඔවුනට පසු පැමිණෙන්නන්හට පාඩමක් බවටත් අපි පත් කළෙමු. එය ඔවුන් එවැනි ක්රියාවක් කරමින් අල්ලාහ්ගේ දඬුවමට ලක් නොවනු පිණිසය. එමෙන්ම අල්ලාහ්ගේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් ඔහුගේ දඬුවම හා ප්රතිචාරය පිළිබඳ බියවන බැතිමතුන්හට මෙනෙහි කිරීමක් බවටත් අපි එය පත් කළෙමු.

Bakara 2:67

සැබැවින්ම නුඹලාට පෙර සිටි තවත් පරම්පරාවක් පිළිබඳ තොරතුරු ගැන ද මෙනෙහි කර බලනු. එය එළදෙනකු කපා හරින්නැයි ඔවුනට මූසා අලය්හිස් සලාම් තුමා දන්වා සිටි විට, ඒ වෙනුවට ඔවුන් නොමනා ලෙස එතුමාගෙන් ප්රශ්න විමසා සිටි සිද්ධියයි. ඔවුහු එතුමාගෙන්: ‘ඔබ අප හාස්යයට ලක් කරන්නෙහුද!’ යැයි විමසා සිටියෝය. එවිට මූසා: ‘අල්ලාහ් වෙත බොරුවක් ගොත පවසන්නන් හා මිනිසුන් හාස්යයට ලක් කරන්නන් අතුරින් කෙනෙකු බවට පත්වීමෙන් මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි’ යැයි පැවසූහ.

Bakara 2:68

ඔවුහු මූසා දෙස බලා: ‘ඔබේ පරමාධිපති කපා හරින්නැයි නියෝග කළ එම එළදෙනගේ ස්වරූපය අපට පැහැදිලි කර දෙන මෙන් අප වෙනුවෙන් ඔබ ඔබේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්නැයි පැවසූහ. එවිට එතුමා: සැබැවින්ම එය වයසින් මුහුකුරා නොගිය ළපටිද නොවූ ඒ දෙක අතර මැදිවියේ පසුවන එළදෙනැකැයි අල්ලාහ් තමන්ට පවසා සිටි බව එතුමා ඔවුනට දන්වමින් ‘එහෙයින් නුඹලාට අණ කළ නියෝගය පිළිපදින්නට නුඹලා යුහුසුළු වන්නැයි පවසා සිටියහ.

Bakara 2:69

ඔවුන්ගේ තර්කයේ හා මුරණ්ඩුකමේ දිගටම සිටිමින් මූසාතුමාගෙන් නැවත මෙසේ ප්රශ්න කළෝය. ‘උගේ වර්ණය කුමක්දැයි පැට පැහැදිලි කර දෙන මෙන් ඔබේ පරමාධිපතිගෙන් අසා අපහට දන්වන්නැ”යි පැවසූහ. එවිට මූසා ඔවුන් දෙස බලා සැබැවින්ම ‘එය තද කහ පැහැයෙන් යුත්, ඒ දෙස බලන්නන් පුදුමයට හා සතුටට පත් කරන එකකැ’යි පවසා සිටියහ.

Bakara 2:70

පසු ව ඔවුන්ගේ හිතුවක්කාරකම තුළ ඔවුන් දිගටම පිහිටමින් මෙසේ පවසා සිටියහ. උගේ ස්වරූපයට අමතර යමක් අපට පැහැදිලි කරන මෙන් ඔබේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්න. සඳහන් කරනු ලැබූ වර්ණනාවන් සහිත එවන් ගවයන් බොහෝමයක් ඇත. ඒ අතරින් නිෂ්චිත ගවයා තෝරා ගන්නට අපි අපොහොසත් වී ඇත්තෙමු. අල්ලාහ් අභිමත කළේ නම් කපන්නට නියමිත එළදෙන වෙත සැබැවින් අප මඟ පෙන්වනු ලබනු ඇතැයි තවදුරටත් පවසා සිටියහ.

Bakara 2:71

එවිට මූසා ඔවුන් දෙස බලා: ‘සැබැවින්ම එම එළදෙනගේ ගුණාංග නම්, ඌ වගා කටයුතු සඳහා භාවිතා නොකළ, ජලය අදින්නට භාවිතා නොකළ, සියලු අඩුපාඩුවලින් තොර එළදෙනක් වීමය. කහ වර්ණය හැර වෙනත් වර්ණක සලකුණක් එහි නැත.’ යැයි පැවසූහ. එවිට ඔවුහු: එම නිශ්චිත එළදෙනගේ පූර්ණ ස්වභාවය මනා ලෙස ඔබ දන්වා සිටියේ දැන්ය’ යැයි මූසා තුමාට පැවසුවෝය. මෙසේ ඔවුන්ගේ තර්ක හා හිතුව්කාකරකම හේතුවෙන් ඌ කපා නොහරින්නට අදිමදි කළ පසුව, ඌ කපා හැරියෝය.

Bakara 2:72

නුඹලා කෙනෙකු ඝාතනය කළ අවස්ථාව ද සිහිපත් කරනු. පසු ව නුඹලා එකිනෙකා ආරක්ෂා කර ගත්තෙහුය. සෑම කෙනෙකුම මිනීමැරුම් චෝදනාව වෙනකෙකු වෙත හෙළමින් තම තමන් ආරක්ෂා වන්නට විය. අවසානයේ නුඹලා අතර ගැටුම් ඇති විය. එම නිරපරාධියාගේ ඝාතනය සම්බන්ධයෙන් නුඹලා සඟවා සිටි දෑ අල්ලාහ් හෙළි කරන්නාය.

Bakara 2:73

පසු ව අපි නුඹලාට: ‘නුඹලා කපා හරින්නට නියෝග කළ එම එළදෙනගේ කොටසකින් එම ඝාතනය කරනු ලැබූ තැනැත්තාට ගසනු. එවිට අල්ලාහ් ඔහුට නැවත ප්රාණය ලබා දී ඝාතකයා කවුදැ?යි ඔහු දන්වා සිටිනු ඇත’ යැයි පවසා සිටියෙමු. එවිට ඔවුහු එසේ සිදු කළහ. ඔහු යළි ජීවය ලබා ඔහුගේ ඝාතකයා පිළිබඳ ඔහු දන්වා සිටියේය. මේ මිය ගිය තැනැත්තාට ජීවය ලබා දුන්නාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මියගිය ඇත්තන්ට ජීවය ලබා දෙනු ඇත. ඔහුගේ ශක්තිය තහවුරු කරන පැහැදිලි සාධක ඔහු නුඹලාට ගෙන හැර පාන්නේය. එය නුඹලා වටහා ගෙන අවංකව අල්ලාහ්ව විශ්වාස කරනු පිණිසය.

Bakara 2:74

මේ පැහැදිලි සාධක හා පැහැදිලි උපදෙස්වලට පසුව පවා නුඹලාගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන් විය. ඊටත් වඩා දැඩි විය. ඒවායෙහි තත්ත්වය කිසිවිටෙක වෙනස් වන්නේ නැත. නමුත් ගල් අතර පවා වෙනස්වන සුළු, තත්ත්වයකින් තවත් තත්ත්වයකට වෙනස් වන ගල් ද ඇත. ඒ අතර පිපිරී ගංගා මතු කරන ගල් ද ඇත. මිනිසුන් හා සතුන් ප්රයෝජනයට ගත හැකි පරිදි පැළී මහපොළොවේ ගලා යන්නට සළස්වන දිය උල්පත් මතුකරන ගල් ද ඇත. අල්ලාහ් කෙරෙහි බිය හා ලැදිකම හේතුවෙන් කඳු මුදුනින් වැටෙන ගල් ද ඇත. නමුත් නුඹලාගේ සිත් එලෙස නැත. අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අනවධානියකු නොවේ. ඔහු ඒ ගැන මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:75

අහෝ දේව විශ්වාසවන්තයිනි, යුදෙව්වන්ගේ සැබෑ තත්ත්වය හා ඔවුන්ගේ හිතුවක්කාර කම නුඹලා මැනවින් දැනගත් පසුත් ඔවුන් විශ්වාස කරනු ඇතැයි ද නුඹලාට ප්රතිචාර දක්වනු ඇතැයි ද නුඹලා සිතන්නෙහු ද? ඔවුන්ගෙන් ප්රධානීන් පිරිසක් එක්ව ඔවුන් වෙත තව්රාතයේ පහළ කරනු ලැබූ අල්ලාහ්ගේ වදන්වලට සවන් දී එය වටහා ගෙන පසු ව දැන දැනම එහි වචන හා තේරුම විකෘති කළෝය. ඔවුන්ගේ වැරද්දෙහි බරපතලකම ඔවුන් මැනවින් දැන සිටියෝය.

Bakara 2:76

ඔවුන්ගෙන් ඇතැමෙකු දෙවියන් විශ්වාස කරන්නන් හමු වූ විටෙක ඔවුන් ඉදිරියේ තමන් මුහම්මද් නබි තුමාණන් සත්යය බව පිළිගන්නා බවත් එතුමාණන් ගෙන ආ දූත පණිවිඩය නිවැරදි බවත් ඒ බව තව්රාතය සාක්ෂි දරමින් තිබෙන බවත් පැවසීම යුදෙව්වන්ගේ කූටකම් හා ඔවුන්ගේ කුමන්ත්රණ අතුරින් විය. නමුත් යුදෙව්වන් ඔවුනොවුන් අතර ගැවසෙන විට ඒ ගැන ඔවුන් එකිනෙකා දොස් නගා ගනිති. ඊට හේතුව ඔවුන් පවසන දෑ මුස්ලිම්වරුන් නබිත්වය සත්යය බව පිළිගන්නට සාධකයක් වන බව ඔවුන් හට හැඟී ගිය බැවිනි.

Bakara 2:77

මේ යුදෙව්වන් එම ගමන් මගෙහි ගමන් ගත්හ. ඔවුන් එසේ ගමන් ගත්තේ සැබැවින්ම ඔවුන් රහසිගතව පවසන දෑ හා රහසිගතව සිදු කරන දෑ සහ ඔවුන් ප්රසිද්ධියේ දන්වා සිටින දෑ අල්ලාහ් මැනවින් දන්නා බව ඔවුන් අමතක කර දමමිනි. අල්ලාහ් එය තම ගැත්තන් හට හෙළි කරනු ඇත.

Bakara 2:78

යුදෙව්වන්ගෙන් පිරිසක් සිටිති. ඔවුන් තව්රාතය පාරායනය කරනු පමණක් මිස ඒ පිළිබඳ දැනුම නොලබති. එය පෙන්වා දෙන කරුණු පිළිබඳ වටහා නොගනිති. ඔවුන්ගේ ප්රධානීන්ගෙන් ලබා ගත් බොරු මිස වෙන කිසිවක් ඔවුන් සමග නැත. ඒවා අල්ලාහ් පහළ කළ තව්රාතය යැයි ඔවුහු සිතති.

Bakara 2:79

බොරු ගොතා තම අත්වලින් ලියා පසුව මෙය අල්ලාහ්ගෙන් යැයි බොරු පවසා සිටියවුනට විනාශය හා දැඩි දඬුවම අපේක්ෂාවෙන් සිටියි. ධනය හා නායකත්වය වැනි මෙලොව අල්ප වටිනාකම් සඳහා සත්යය වෙනස් කොට යහමග පිළිපැදීමෙන් වෙනතකට ජනයා යොමු කරන්නට වෑයම් කළෝය. අල්ලාහ් කෙරෙහි එසේ බොරු ගොතා ලියූ ඔවුනට විනාශය හා දැඩි දඬුවම ඇත. එමෙන්ම එය පාදක කොට ගෙන ධනය හා නායකත්වය ඉපැයූ දෑ හේතුවෙන් ද ඔවුනට විනාශය හා දැඩි දඬුවම ඇත.

Bakara 2:80

‘නිරය අප ග්රහණය කරනුයේත් එමෙන්ම නිරයට අපි පිවිසෙනුයේත් දින කිහිපයකට පමණි’ යැයි ඔවුහු ජනයා රවටමින් බොරු පැවසූහ. අහෝ නබිවරය! ඒ සම්බන්ධයෙන් ඔවුන් යම් කිසි බලවත් ප්රතිඥාවක් අල්ලාහ්ගෙන් ලබා ඇත්තේදැ?යි ඔවුන්ගෙන් විමසනු. එසේ නුඹලාට වී නම් සැබවින්ම අල්ලාහ් කිසි විටෙක ඔහුගේ ප්රතිඥාව කඩ නොකරනු ඇත. ඒසේ නැතිනම් නුඹලා අල්ලාහ් කෙරෙහි නොදන්නා දෑ බොරු ගොතා ප්රබන්ධයන් පවසන්නෙහු ද?

Bakara 2:81

ඔවුන් කල්පනය කරනවාක් මෙන් කරුණ එසේ නැත. දෙවියන් ප්රතික්ෂේප කිරීමේ පාපය උපයාගත් සෑම කෙනෙකුහටම අල්ලාහ් දඬුවම් කරනු ඇත. ඔහුගේ පාපය සෑම අතකින්ම ඔහුව වටකර ගනු ඇත. නිරයට ඇතුළුවන්නට ඉඩහැර එය ඔවුනට අනිවාර්ය කරමින් ප්රතිවිපාක දෙනු ඇත. එහි ඔවුහු සදහටම රැඳී සිටිති.

Bakara 2:82

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට දැහැමි ක්රියා කළවුන් වනාහි, අල්ලාහ් අබියස ඔවුන්ගේ ප්රතිඵල වනුයේ ඔහු ඔවුන් ස්වර්ගයට ඇතුළත් කොට එය ඔවුනට අනිවාර්ය කොට ඔවුහු එහි සදාකල් රැදී සිටීමට ඉඩ හැරීමය.

Bakara 2:83

අහෝ ඉස්රාඊල් දරුවනි, නුඹලා අල්ලාහ් සමඟ තවත් අයකු නැමදුමට නොගෙන, ඔහු ඒකීයකරණය කරන මෙන් ද දෙමාපියන් ඥාතීන් අනාථයින් හා අවශ්යතාවෙන් පෙළෙන දුගියන් වෙත උපකාර කරන මෙන් ද තදින් තොරව මෘදු වදනින් නුඹලා මිනිසුන් සමඟ කතා කොට ඔවුනට යහපත විධානය කොට අයහපතින් ඔවුන් වළක්වන මෙන් ද නුඹලාට අණ කළ පරිදි සලාතය පූර්ණ ලෙස ඉටු කරන මෙන් ද පිවිතුරු සිතකින් තම ධනයෙන්, එයට උරුමකම් කියන අය වෙත සකාත් වශයෙන් කොටසක් ලබා දෙන මෙන් ද නුඹලා වෙතින් බලවත් ප්රතිඥාව අප ගත් සැටි නුඹලා මෙනෙහි කර බලනු. නමුත් මෙම ගිවිසුමෙන් පසු එය ඉටු කිරීම ප්රතික්ෂේප කොට ඉන් හැරීයාම මිස වෙනකක් නුඹලා සිදු කළේ නැත.

Bakara 2:84

නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ ලේ හැළීම තහනම් බවත් නිවෙස් වලින් බැහැර කිරීම තහනම් බවත් තව්රාත් නොහොත් තෝරාවෙහි අල්ලාහ් නුඹලාගෙන් ගත් බලවත් ප්රතිඥාව ගැන මෙනෙහි කර බලනු. එම ගිවිසුම නුඹලා පිළිගත්තෙහුය. එය නිවැරැදි යැයි නුඹලා සාක්ෂි දැරුවෙහුය.

Bakara 2:85

නමුත්, පසුව නුඹලා එම ගිවිසුමට විරුද්ධව කටයුතු කළෙහුය. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුව ඝාතණය කළෙහුය. සාපරාධී ලෙසින් හා සතුරුකමින් ඇතැමෙකුට එරෙහිව තවත් පිරිසකට උදව් කරමින් නුඹලා අතර වූ පිරිසක් තවත් පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කළෙහුය. ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන්ව පිටුවහල්කිරීම නුඹලාට තහනම්ව තිබිය දී සතුරන් අතට පත් සිරකරුවන් නුඹලා වෙත පැමිණි විට ඔවුන්ගේ සිරකරුවන් ඔවුන් මුදවා හරිනු පිණිස වන්දි ලබා දීමට නුඹලා වෑයම් කළෙහුය. එසේ නම් තව්රාතයේ සඳහන් ‘සිරකරුවන්ට වන්දි ලබාදීම අනිවාර්ය’ යනාදී කරණු නුඹලා විශ්වාස කොට ලේ හැළීමෙන් වැළකෙනු නිවෙස්වලින් බැහැර කිරීමෙන් වැළකෙනු යනාදී තව්රාතයේ සඳහන් ඇතැම් කරුණු නුඹලා ප්රතික්ෂේප කරන්නෙහුය. නුඹලා අතර එසේ සිදු කරන අයට අවමානය මිස වෙන කිසිවක් මෙලොව ජීවිතයේ දී නැත. මතුලොවෙහි දැඩි දඬුවම වෙත ඔහු යොමු කරනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ ගැන ඔහු නිරීක්ෂාවෙන් සිටියි. ඒ අනුව නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:86

ඔවුන් මතුලොව වෙනුවට මෙලොව ජීවිතය හුවමාරු කර ගත් පිරිසකි. එය ඉතිරිවන දෑ වෙනුවට විනාශ වී යන දෑ තෝරා ගැනීමකි. මතුලොව දඬුවම ඔවුනට ලිහිල් කරනු නොලැබේ. එදින ඔවුනට උදව් කරන්නට කිසිදු උදව්කරුවකු නොසිටිනු ඇත.

Bakara 2:87

අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. එතුමාගේ පා සටහන් මත ඔහුගෙන් පසු තවත් දහම් දූතවරු ඔහුට පරව එවීමු. මර්යම්ගේ පුත් ඊසා (අලය්හිස් සලාම්) තුමාට ඔහුගේ සත්යය භාවය තහවුරු කරනු වස් මිය ගිය ඇත්තන් යළි අවදි කිරීම, උපතින්ම අන්ධ අය සුව කිරීම, සුදුකබර කළු කබර වැනි කුෂ්ඨ රෝග සුව කිරීම වැනි පැහැදිලි ප්රාතිහාර්යයන් හා සංඥා අපි පිරිනැමුවෙමු. ජිබ්රීල් නම් මලක්වරයා විසින් අපි ඔහු බල ගැන්වූයෙමු. නමුත් ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ ආශාවන්ට නොගැළපෙන යමක් අල්ලාහ් වෙතින් යම් දහම් දූතයකු ගෙන ආ සෑම අවස්ථාවකම නුඹලා සත්යය හෙළා දැක හිතුවක්කාර ලෙස කටයුතු කළෙහුය. නුඹලා අල්ලාහ්ගේ එම දූතවරු ප්රතික්ෂේප කළෙහුය. නුඹලා පිරිසක් බොරු යැයි පැවසූ අතර තවත් පිරිසක් මරා දැමූහ.

Bakara 2:88

යුදෙව්වන්ගේ ප්රකාශය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඔවුන් විසින් නොපිළිපදින බවට වූ සාධකයක් ලෙස පිහිටින. ඔවුහු: නියත වශයෙන්ම අපගේ සිත් ආවරණය වී ඇත. ඔබ පවසන ඔබ පැහැදිලි කරන කිසිවක් ඒ තුළට පිවිසෙන්නේ නැත’ යැයි පවසා සිටියහ. ඒ තත්ත්වය ඔවුන් සිතන පරිදි නැත. එහි නියම තත්ත්වය වනුයේ ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ්ගේ කරුණාවෙන් ඔවුන් නෙරපා හැර තිබීමය. එහෙයින් අල්ලාහ් පහළ කරන දැයින් ස්වල්පයක් මිස ඔවුහු විශ්වාස නොකරති.

Bakara 2:89

තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් නිවැරදි පොදු න්යායන්ට සාපේක්ෂව අල්ලාහ් වෙතින් ශුද්ධ වූ කුර්ආනය ඔවුන් වෙත පැමිණි කල්හි. ඔවුන් එය පහළ වීමට පෙර ‘දෙවියන්ට ආදේශ කරන්නන්ට එරෙහිව අපි උදව් කරන්නෙමු. නබිවරයකු එවනු ලබන විට අපි ජය ලබන්නෙමු. එවිට අපි ඔහු විශ්වාස කරන්නෙමු. ඔහුව අනුගමනය කරන්නෙමු.’ යැයි පවසා සිටියහ. නමුත් ඔවුන් මැනවින් හඳුනාගෙන සිටි ගුණාංග හා දැන සිටි සත්යය සමග අල් කුර්ආනය සහ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණි විට, ඔවුහු ඒවා ප්රතික්ෂේප කළහ. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළ බැවින් එම ප්රතික්ෂේපකයින්ට අල්ලාහ්ගේ ශාපය හිමි විය.

Bakara 2:90

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම වෙනුවට තමන්ගේ කොටසක් ද ඒ සමග මුසු කොට හුවමාරුකරගත් අයට නපුරක්ම සිදු විය. දූත මෙහෙය හා අල් කුර්ආනය නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ නිසා ඊර්ෂ්යාවෙන් හා සාපරාධී ලෙසින් අල්ලාහ් පහළ කළ දෑ ප්රතික්ෂේප කොට ඔහුගේ දූත පණිවිඩය ද බොරු කළෝය. පෙර පැවති තෝරාව ඔවුන් විකෘති කිරීම හේතුවෙන් හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් ඔවුහු අල්ලාහ්ගේ දැඩි කෝපයට ලක් වූහ. මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය හෙළා දුටු ප්රතික්ෂේපකයින් හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නින්දිත දඬුවම් හිමිය.

Bakara 2:91

එම යුදෙව්වන් හට: ‘අල්ලාහ් තම රසූල්වරයා වෙත පහළ කළ සත්යය හා මාර්ගෝපදේශය විශ්වාස කරනු’ යැයි පැවසූ විට, ඔවුහු: ‘අපගේ නබිවරුන් වෙත පහළ කරනු ලැබූ දෑ පමණක් අපි විශ්වාස කරමු.’ යැයි පැවසූහ. ඔවුන් සමග වූ දෑ -තව්රාතය- හැර එයට සාපේක්ෂව පිහිටි මුහම්මද් තුමාණන් වෙත පහළ කළ සත්යය ඔවුහු ප්රතික්ෂේප කළහ. ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන් සැබෑ ලෙසින් විශ්වාස කර ඇත්නම්, ඔවුහු අල් කුර්ආනයද විශ්වාස කරන්නට තිබිණ. අහෝ නබිවරය! ඔවුනට පිළිතුරු වශයෙන්: ‘නබිවරුන් ගෙන ආ දෑ නුඹලා සැබෑ ලෙසින් විශ්වාස කරන්නෙහු නම් මීට පෙර එසේ පැමිණි නබිවරුන් නුඹලා ඝාතනය කළේ මන්දැයි ඔවුන්ගෙන් විමසනු.

Bakara 2:92

නුඹලාගේ දූතයාණන් වූ මූසා තුමා තම සත්යයභාවය තහවුරු කරමින් පැහැදිලි සාධක සමග නුඹලා වෙත පැමිණියහ. පසුව එතුමා තම පරමාධිපති නියම කළ තැනට ගිය පසු නුඹලා නැමදුම සඳහා දෙවියන් වශයෙන් වසුපැටවා ගත්තෙහුය. අල්ලාහ් පමණක් නැමදුම් ලබන්නට සුදුස්සෙකුව සිටිය දී වෙනත් දැයක් නැමදුමට ගෙන ඔහුට ආදේශ කිරීමෙන් නුඹලා අපරාධකාරයින් වූහ.

Bakara 2:93

මූසා අලය්හිස් සලාම් තුමාව අනුගමනය කරන මෙන්ද එතුමා අල්ලාහ් වෙතින් ගෙන ආ දෑ පිළිගන්නා මෙන් ද නුඹලා වෙතින් බලවත් ගිවිසුමක් අප ගත් අවස්ථාව මෙනෙහි කර බලනු. නුඹලා බියවද්දමින් අපි නුඹලාට ඉහළින් කන්ද ඔසවා තබා: ‘තව්රාත්හි -තෝරාව- අපි නුඹලාට පිරිනැමූ දෑ නුඹලා ඉතා උවමනාවෙන් හා කැපවීමෙන් පිළි ගනු. එය පිළිපදින අයුරින් හා පිළිගන්නා අයුරින් නුඹලාට එයට සවන් දෙනු. එසේ නොවේ නම් අපි නුඹලා මත මේ කන්ද හෙළන්නෙමු.’ යැයි පැවසුවෙමු. එවිට නුඹලා: ‘අපේ කන්වලින් අපි සවන් දෙන්නෙමු. නමුත් අපේ ක්රියාවෙන් අපි පිටුපාන්නෙමු.’ යැයි පැවසුවෙහුය. ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔවුන්ගේ හදවත් තුළ වසුපැටවා නැමදීමට ඉඩ සලසා දුනි. අහෝ නබිවරය! නුඹ පවසනු. නුඹලා විශ්වාස වන්තයින් ලෙස සිටියෙහු නම් දැනගනු අල්ලාහ් ප්රතික්ෂේප කරමින් මෙසේ විශ්වාස කරන්නට නුඹලාට අණ කර සිටින දෑ නපුරුය. හේතුව සැබෑ විශ්වාසය සමග කිසිදු ප්රතික්ෂේපයක් මුසු නොවනු ඇත.

Bakara 2:94

අහෝ යුදෙව්වනි, මතුලොවෙහි නුඹලාට පමණක් ස්වර්ගය වී නුඹලා හැර වෙන කිසිවකු එහි නොපිවිසෙනු ඇතැයි නුඹලා පවසන්නේ නම් නුඹලා මරණයට ආශා කරනු. එය නුඹලා සොයා යනු. ඉතා ඉක්මණින්ම එම තත්ත්වය නුඹලා ලබනු ඇත. නුඹලා වාදකරන මෙම කරුණෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙලොව ජීවිතයේ නුඹලා උසුලන බරින් හා දුකෙන් නුඹලා නිදහස් වන්නට පතනු. යැයි අහෝ නබිවරය! ඔබ යුදෙව්වන්හට පවසනු.

Bakara 2:95

කිසිවිටෙක නුඹලා එම මරණය ආශා නොකරන්නේමය; ඊට හේතුව නුඹලා මෙලොව ජීවිතයෙහි අල්ලාහ් ප්රතික්ෂේප කරමින් ඔහුගේ දූතයාණන් බොරු කරමින් ඔහුගේ පුස්තක විකෘති කරමින් ක්රියා කර ඇති බැවිනි. ඔවුන් අතර හා ඔවුන් නොවන අය අතර අපරාධකරුවන් කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සෑම කෙනෙකුටම ඔහුගේ ක්රියාවන් අනුව අල්ලාහ් ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:96

අහෝ නබිවරය! මෙලොව ජීවිතය කොතරම් පහත් අල්ප වූවත් මිනිසුන් අතර එයට වඩාත් ආශා කරන්නන් ලෙස නුඹ යුදෙව්වන් දකිනු ඇත. ඔවුන් යළි නැගිටුවනු ලැබීම හා විනිශ්චය විශ්වාස කරන දහම් ලද්දන් ලෙස සිටිය ද යළි නැගිටුවනු ලැබීම හා විනිශ්චය විශ්වාස නොකරන දෙවියන්ට සමානයන් තැබූ අයට වඩා දැඩි ලෙස එයට ආශා කරති. ඔවුන් අතර සිටින අයකු තමන් වසර දහසක් ආයුෂ ලැබිය යුතු යැයි ප්රිය කරයි. නමුත් කෙතරම් කාලයක් ආයුෂ ලැබුණද අල්ලාහ්ගේ දඬුවමින් දුරස්වන්නට අවස්ථාවක් ඔහුට නොලැබෙනු ඇත. අල්ලාහ් ඔවුන් කරන ක්රියාවන් පිළිබඳ නිරීක්ෂාවෙන් සිටියි. ඉන් කිසිවක් ඔහුට සැගවී යන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:97

‘සැබැවින්ම ජිබ්රීල් මලක්-සුරදූතයින්- අතර සිටින අපගේ සතුරා වේ’ යැයි යුදෙව්වන් අතර පවසන අයට නබිවරය නුඹ මෙසේ පවසනු. ජිබ්රීල්ට එරෙහිවන්නේ කවුරුන්ද ඔහු මෙය දැන ගත යුතුයි. තව්රාතය හා ඉන්ජීලය වැනි පෙර පහළ වූ දේව පුස්තක තහවුරු කරන්නක් ලෙසින් ද යහපත වෙත මඟ පෙන්වන්නක් ලෙසින්ද දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ් සූදානම් කර ඇති සුවපහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වන්නක් ලෙසින්ද අල්ලාහ්ගේ අනුමැතියෙන් යුතුව ඔබේ සිතට අල් කුර්ආනය පහළ කළේ ඔහුය. එබැවින් ඔහුගේ මෙම ගුණාංග හා ඔහුගේ ක්රියාවට විරුද්ධ වනුයේ කවුරුන් ද ඔහු නොමග ගියවුන් අතර කෙනෙකු වන්නේය.

Bakara 2:98

අල්ලාහ්ට ඔහුගේ මලක්වරුන්ට ඔහුගේ දහම් දූතවරුන්ට සතුරුව කටයුතු කරන්නේ කවුරුන් ද එමෙන්ම වඩාත් සමීප මලක්වරුන් දෙදෙනෙකු වන ජිබ්රීල් හා මීකාඊල්ට සතුරු වන්නේ කවුරුන් ද නුඹලා අතර හා නුඹලා නොවන වෙනත් අය අතර සිටින එවන් ප්රතික්ෂේප කරන්නන් හට අල්ලාහ් සතුරෙකු බව දැන ගනු. අල්ලාහ් කවුරුන් සමග සතුරු වූයේද සැබැවින්ම ඔහු විශාල පාඩුවක් ලබනු ඇත.

Bakara 2:99

නබිත්වය හා දූත පණිවිඩ මගින් නුඹ ගෙන ආ දෑ සම්බන්ධයෙන් නුඹ සත්යවාදියෙකු ලෙස තහවුරු කරන්නට පැහැදිළි සංඥා සැබැවින්ම අපි නුඹ වෙත එවීමු. ඒ ගැන වටහා ගෙන පැහැදිලි කරගත් පසු, අල්ලාහ්ගේ දහමින් ඉවත් ව යන්නන් මිස වෙනත් කිසිවකු එය ප්රතික්ෂේප කරන්නේ නැත.

Bakara 2:100

සැබැවින්ම යුදෙව්වන් සමග ගිවිසුමක් ගිවිසගත් සෑම අවස්ථාවකම -එනම් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය පිළිබඳ තෝරාවේ පෙන්වා දුන් දෑ මුළුමණින් විශ්වාස කිරීමේ ගිවිසුම- ඔවුන් අතරින් පිරිසක් එය කඩ කළේය. එය ඔවුන් අතර පැවති නපුරු තත්ත්වයකි. එම යුදෙව්වන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් පහළ කළ දෑ සැබෑ ලෙසින් විශ්වාස නොරකන්නන් වෙති. හේතුව දේව විශ්වාසය යනු ගිවිසුම ඉටු කිරීම මත රදා පවතින්නක් වන බැවිනි.

Bakara 2:101

තව්රාතයේ වර්ණනා කර ඇති පරිදි එයට සාපේක්ෂව අල්ලාහ් වෙතින් දූතයකු වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔවුන් වෙත පැමිණි කල්හි, එතුමා ගැන සඳහන් වූ එම සාධක ඔවුන්ගෙන් පිරිසක් පිටුපෑහ. ඒ පිළිබඳ නොසලකා හැර ඔවුන් අහකට වීසි කර දැමූහ. සත්යයෙන් හා මඟ පෙන්වීමකින් කිසිදු ප්රයෝජනයක් නොලබන අඥානයකුගේ තත්ත්වයට ඔවුන් සමාන විය. ඒ ගැන ඔවුන් සැලකිලිමත් නොවූහ.

Bakara 2:102

අල්ලාහ්ගේ දහම ඔවුන් අතහැර ඒ වෙනුවට ෂෙයිතානුන් ගොතා පවසන දෑ පිළිපැද්දාහ. අල්ලාහ්ගේ නබිවරයකු වූ සුලෙයිමාන්ගේ රාජ්යය හූනියම මගින් ස්ථාවර වූවක් බව එතුමාගේ රාජ්යය පිළිබඳ ෂෙය්තානුන් ගොතා බොරු පැවසුහ. යුදෙව්වන් සිතන පරිදි සුලෙයිමාන් හූනියම ඈදා ගෙන අල්ලාහ්ට ප්රතික්ෂේප කළේ නැත. එසේ මිනිසුනට හූනියම උගන්වමින් ප්රතික්ෂේප කළේ ෂෙයිතානුන්ය. ඉරාකයේ පිහිටි බැබිලෝනියා නගරයේ විසූ හාරූත් මාරූත් නම් මලක්වරුන් දෙදෙනා වෙත පහළ කරනු ලැබූ හාස්යජනක දෑ හදාරා ඔවුහු ඒවා හූනියම් වශයෙන් මිනිසුනට ඉගැන් වූහ. එය මිනිසුනට පරීක්ෂණයක් විය. එම මලක්වරුන් දෙදෙනා යමක් උගන්වන විට ඒ ගැන අවවාද කරමින් ‘අපි ජනයාට පරීක්ෂණයකි. එහෙයින් හූනියම ඔබට ඉගැන්වීම හේතුවෙන් ඔබ ප්රතික්ෂේප නොකරනු’ යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේම ප්රකාශයෙන් එය පැහැදිලි කරමින් මිස කිසිවක් ඉගැන්වූයේ නැත. නමුත් ඔවුන්ගේ උපදෙස් පිළි නොගත් ජනයා ඔවුන් දෙදෙනාගෙන් හූනියම ඉගෙන ගත්තේය. සැමියා හා බිරිය අතර ක්රෝධය ඇති කොට ඔවුන් අතර වෙන් කිරීම ද ඒ අතුරින් එකක් විය. එම හූනියම අල්ලාහ්ගේ අනුමැතිය හා අභිමතයෙන් තොරව කිසිදු නපුරු බලපෑමක් ඔවුනට සිදු නොකළේය. ඔවුනට කිසිදු ප්රයෝජනයක් නොදෙන ඔවුන් වෙත නපුරු බලපෑම් ඇති කරන දෑ පමණක් ඔවුහු ඔවුන්ගෙන් ඉගෙන ගත්තෝය. සැබැවින්ම අල්ලාහ්ගේ පුස්තකය හූනියමට හුවමාරු කිරීමෙන් තමන් හට මතුලොවෙහි කිසිදු පංගුවක් හෝ කොටසක් හෝ නොමැති බව එම යුදෙව්වෝ මැනවින් දැන සිටියහ. අල්ලාහ්ගේ දේව පණිවිඩ හා පිළිවෙත වෙනුවට හූනියම හුවමාරුකර ගැනීමෙන් ඔවුන් ඔවුන්වම විකුණා දැමූහ. ඔවුනට ප්රයෝජනවත් වන දෑ ඔවුන් උගන්වා සිටියෙහු නම් මේ නොමනා ක්රියා සිදු කිරීමට හෝ නොමග යෑමට හෝ ඔවුන් ඉදිරිපත් නොවනු ඇත.

Bakara 2:103

සැබැවින්ම යුදෙව්වෝ සැබෑ ලෙසින් අල්ලාහ් විශ්වාස කොට; පාපයෙන් මිදී; ඔහුට අවනත ව ක්රියා කර; බැතිමත් වූයේ නම් අල්ලාහ් ඔවුනට පිරිනමන්නට අපේක්ෂිත තිළිණ යහපත් වනු ඇත. ඔවුනට ප්රයෝජවනත් දෑ ගැන ඔවුන් දැන සිටියා නම් එය කෙතරම් අගනේද!

Bakara 2:104

ප්රකාශ අතුරින් දැහැමි ප්රකාශක් තෝරා ගන්නට අල්ලාහ් විශ්වාස කළවුන්හට මඟ පෙන්වීය. අහෝ විශ්වාස කළවුනි, -අපගේ තත්ත්වයන් සැලකිල්ලට ගනු- යන අර්ථය ගෙන දෙන ‘රාඉනා’ යන පදය ප්රකාශ නොකරනු. හේතුව යුදෙව්වෝ එය විකෘති අදහසකින් ‘රඌනා’ යන පදයෙන් අර්ථවත් වන දුෂ්ඨයා අඥානයා යන අපහාසාත්මක ලෙස ‘රාඉනා’ යන පදය භාවිත කරමින් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමඟ කතා කළහ. එම දොරටුව වසන පරිදි මෙම ප්රකාශයෙන් ඉවත් ව සිටින මෙන් ද ඒ වෙනුවට ‘ඔබ පවසන දෑ අප වටහා ගැනීම ඔබ බලාපොරොත්තු වන්න’ යන අර්ථය ගෙන දෙන ‘උන්ළුර්නා’ යන පදය භාවිත කරන මෙන් අල්ලාහ් තම ගැත්තන්හට නියෝග කර සිටියේය. එය කිසිදු අර්ථමය ව්යාකූලත්වයක් ඇති නොකරන පදයකි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට වේදනීය දඬුවමකින් අල්ලාහ් වේදානා කරයි.

Bakara 2:105

ඔබේ පරමාධිපති වෙතින් ඔබට සුළුවෙන් හෝ වැඩියෙන් හෝ යම් යහපතක් පහළ කරනු ලැබීම ආගම් ලත් ජනයා හෝ වේවා දෙවියන්ට ආදේශ කරන්නන් හෝ වේවා එවන් දේව ප්රතික්ෂේපකයෝ එයට කැමති නොවෙති. අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන්හට නබිත්වය දේව පණිවිඩය හා දේව විශ්වාසය පිරිනමා ඔහුගේ විශේෂ කරුණාවට ලක් කරයි. අල්ලාහ් මහත් සේ ආශිර්වාද පිරිනමන්නෙකි. ඔහුගෙන් මිස වෙනත් කිසිදු මැවීමකින් කිසිදු යහපතක් කිසිවකු ලබන්නේ නැත. දහම් දූතවරු එවීමත් දේව පුස්තක පහළ කිරීමත් ඔහුගේ ආශිර්වාදයෙනි.

Bakara 2:106

අල් කුර්ආනයේ පාඨයක නීතියක් හෝ එහි පදයක් හෝ ඉවත් කොට එය ජනයාට අමතක කරවන විට සැබැවින්ම ඊටත් වඩා මෙලොවට හා මතුලොවට ප්රයෝජනවත් තවත් වැකියක් හෝ එයට සමාන වැකියක් හෝ ගෙන එනු ඇතැයි අල්ලාහ් පැහැදිලි කර සිටියි. එය අල්ලාහ්ගේ ඥානය හා ඔහුගේ තීන්දුවයි. අහෝ නබිවරය! සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලය ඇත්තා බව ඔබ දන්නෙහිය. එහෙයින් ඔහු අභිමත කරන දෑ සිදු කරයි. ඔහු සිතන දෑ තීන්දු කරයි.

Bakara 2:107

අහෝ නබිවරය! අහස් හා මහපොළොවේ හිමිකරු සැබැවින්ම අල්ලාහ් බව ඔබ දන්නෙහිය. ඔහු කැමති දෑ නීතිගත කරයි. ඔහු අභිමත කරන දෑ තම ගැත්තන් හට නියෝග කරයි. ඔහු අභිමත කරන දැයින් ඔහු ඔවුන් වළක්වයි. ඔහු අභිමත කරන දෑ සහතික කරයි. ඔහු අභිමත කරන දෑ වෙනස් කරයි. අල්ලාහ්ගෙන් පසු නුඹලාගේ කරුණු භාරගන්නට කිසිදු භාරකරුවකු නැත. ඔබට ඇතිවන හානියක් ඔබෙන් වළක්වන්නට කිසිදු උදව්කරුවකු නැත. ඒ සියල්ලෙහි භාරකරු මෙන්ම ඒ සඳහා බලය ඇත්තා ද අල්ලාහ් පමණි.

Bakara 2:108

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, ‘ඇස් ඉදිරියේ අල්ලාහ් අප හට පෙන්වන්නැ’යි (4:153) මූසා තුමාගේ ජනයා එතුමාගෙන් විමසා සිටියාක් මෙන් නුඹලා හිතුවක්කාර ලෙස පිටු දකිමින් නුඹලාගේ දූතයාණන්ගෙන් ප්රශ්න කර සිටීම නුඹලාට සුදුසු කරුණක් නොවෙයි. දේව විශ්වාසය වෙනුවට දේව ප්රතික්ෂේපය හුවමාරු කර ගන්නේ කවුරුන් ද සබැවින් ඔහු ඍජු මාර්ගය වන මධ්යස්ත පිළිවෙතින් නොමග ගොස් ඇත.

Bakara 2:109

නුඹලා දෙවියන් විශ්වාස කළ පසු නැවතත් නුඹලා නමදිමින් සිටි පිළිම වෙත නුඹලා හරවාලන්නට යුදෙව්වන් හා කිතුනුවන්ගෙන් බහුතරයක් දෙනා ප්රිය කරති. එය ඔවුන් තුළ තිබූ ක්රෝධය හේතුවෙනි. සැබැවින්ම නබිතුමා ගෙන ආ දෑ අල්ලාහ්ගෙන් වූ සත්යය යැයි ඔවුනට පැහැදිලි කළ පසු පවා එසේ නුඹලා නැවතත් පරණ දහමට යොමු කරන්නට ආශා කරති. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, ඔවුන්ගේ ක්රියාවන් ගැන නොලකා හරිනු. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ්ගේ තීන්දුව එන තෙක් ඔවුන්ගේ සිත් තුළ ඇති නපුරුකම හා ඔවුන්ගේ අඥානකම හේතුවෙන් සීමාව ඉක්මවා කටයුතු කරති. අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ තීන්දුව පැමිණ ඇත. ඉස්ලාමය පිළිගැනීම හෝ ජිස්යා බදු ගෙවීම හෝ මරණ දඬුවම ක්රියාත්මක කිරීම යන කරුණුවලින් එකක් තෝරා ගැනීමේ නිදහස එම ප්රතික්ෂේපකයාට පිරිනමා ඇත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කිරීමට බලය ඇත්තාය. එහෙයින් කිසිවකු ඔහු පරාජය කිරීමට නොහැක.

Bakara 2:110

සලාතය එහි ඇති අර්කාන් හෙවත් මූලිකාංග, වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු හා සුනන් හෙවත් නබි පිළිවෙත අනුගමනය කරමින් පූර්ණව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් ලැබිය යුත්තන් හට සකාත් නිකුත් කරනු. ඒ සමඟම නුඹලාගේ ජීවිතයේ යහකම් ඉටු කරනු. නුඹලාගේ මරණයට පෙර නුඹලා වෙනුවෙන් ඒවා ඉදිරිපත් කොට රැස්කර ගනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස එහි ප්රතිඵල නුඹලා දකිනු ඇත. ඒ වෙනුවෙන් නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමයි. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ මැනවින් නිරීක්ෂණය කරන්නාය. සෑම ක්රියාවක් සඳහාම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:111

යුදෙව්වන්ගෙන් පිරිසක් හා කිතුනුවන්ගෙන් පිරිසක්: ‘සැබැවින්ම ස්වර්ගය තමන්ට පමණක් හිමි වන්නක්’ යැයි පවසා සිටියහ. යුදෙව්වෝ: ‘යුදෙව්වෙකු ලෙස සිටි අය හැර වෙන කිසිවකු එයට පිවිසෙන්නේම නැතැ’යි ද කිතුනුවෝ: ‘කිතුනුවෙක් ලෙස සිටි අය හැර වෙන කිසිවකු එයට පිවිසෙන්නේම නැතැ’යි ද පවසා සිටියහ. එය ඔවුන්ගේ වැරදි අනුමානයන්ය. පාපකාරී උපකල්පනයන්ය. අහෝ නබිවරය! නුඹ ඔවුනට ප්රතිචාර වශයෙන් මෙසේ පවසනු: ‘නුඹලාගේ මේ තර්කයේ නුඹලා සැබෑ සත්යවාදීහු නම්, නුඹලා විශ්වාස කරන පරිදි නුඹලාගේ සාක්ෂි සාධක ගෙන එනු.

Bakara 2:112

ස්වර්ගයට පිවිසෙනුයේ අල්ලාහ් වෙත පමණක් යොමු වූ අවංක කෙනෙකි. ඔහු තම නැමදුම්වල දහම් දූතයාණන් ගෙන ආ දෑ පිළිපදිමින් අවංක ලෙසින් ඒවා ලස්සනට ඉටු කරයි. කවර පිරිසකට අයත් අයකු වූවත් ස්වර්ගයට පිවිසෙනුයේ එවැනි අයෙකි. ඔහුගේ පරමාධිපති අබියස ඔහු සතු තිළිණ ඇත. මතුලොවෙහි එවැන්නන් මුහුණ දෙන දෑ ගැන ඔවුනට කිසිදු බියක් නැත. මෙලොවෙහි ඔවුනට අතපසු වූ දෑ පිළිබඳ දුකට පත්වන්නේද නැත. මුහම්මද් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ ඇවෑමෙන් පසු මෙම වර්ණනාවන්ට හිමි පුද්ගලයින් වූයේ මුස්ලිම්වරුන් පමණි.

Bakara 2:113

‘කිතුනුවන් නිවැරදි දහමක නැතැ’යි යුදෙව්වෝ පැවසුවාක් මෙන්ම ‘යුදෙව්වෝ නිවැරදි දහමක නැතැ’යි කිතුනුවන් ද පවසා සිටියහ. ඔවුන් කවුරුත් ඔවුන් වෙත අල්ලාහ් පහළ කළ පුස්තකය හා නබිවරුන් අතර කිසිදු වෙනස් කිරීමකින් තොරව සියල්ලන් විශ්වාස කරන මෙන් වූ එහි සඳහන් නියෝගය කියවා ඇත. දෙවියන්ට ආදේශ තබන්නන් අතර සිටි අඥානයින් ද තමන් වෙත පැමිණි රසූල්වරයා හා තමන් වෙත පහළ වූ පුස්තක බොරු කළ අවස්ථාවේ ඔවුනට සමානව මොවුන්ගේ ප්රකාශය හා ක්රියාව ද පිහිටින. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සියල්ලන් අතර වෙන් වෙන්ව තීන්දු දෙනු ඇත. තම ගැත්තන් වෙත දන්වා සිටි ඔහුගේ තීන්දුව මෙසේ විය. එනම්: ‘අල්ලාහ් පහළ කළ සියල්ල සම්පූර්ණව විශ්වාස නොකර කිසිදු ජයක් නැත’ යන්නයි.

Bakara 2:114

මස්ජිද් හෙවත් දේවස්ථානවල අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් කවරෙකු ජනයා වළක්වන්නේද ඔහුට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. සලාතය, දෙවියන් මෙනෙහි කිරීම, අල් කුර්ආනය කියවීම වැනි කරුණුවලින් ඔහු ජනයා වළක්වයි. දොස්නගමින් එය විනාශ කර දමන්නට; එය කඩා දමන්නට; එහි කලහකම් ඇති කරන්නට; එහි නැමදුම් ඉටු කරනු ලැබීම වළක්වන්නට උත්සාහ දරයි. එසේ විනාශ කරන්නට වෙහෙස දරන්නෝ ඔවුහුමය. ඔවුන් මස්ජිදය වෙත පියනගන විට තම හදවත් තැතිගත් තත්ත්වයෙන් මිස අල්ලාහ්ගේ මස්ජිදයන් වෙත පිවිසෙන්නට නොවීය. හේතුව ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කොට අල්ලාහ්ගේ මස්ජිදයෙන් ජනයා වැළැක් වූ බැවිනි. දෙවියන් විශ්වාස කළවුන් අතර මෙලොවෙහි ඔවුනට නින්දාව හා අවමානය ඇති සේම අල්ලාහ්ගේ මස්ජිදයෙන් මිනිසුන් වැළැක්වූ හේතුවෙන් මතුලොවෙහි ද ඔවුනට මහත් දඬුවම ඇත.

Bakara 2:115

නැගෙනහිර හා බටහිරෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද සර්ව රාජ්යය අල්ලාහ් සතුය. තමන් අභිමත කරන දෑ තම ගැත්තන් හට ඔහු අණ කර සිටියි. එහෙයින් නුඹලා කවර දෙසකට හැරුන ද සැබැවින්ම නුඹලා හැරෙනුයේ අල්ලාහ් වෙතමය. සියලු දිසාවන් අල්ලාහ් සතු බැවින් නුඹලා බය්තුල් මක්දිස් වෙත හෝ කඃබාව වෙත හෝ හැරෙන මෙන් ඔහු නුඹලාට අණ කර සිටියත්; නුඹලාට කිබ්ලා දිසාව වැරදුනත්; ඒ වෙත මුහුණලන්නට නුඹලා අපොහොසත් වූවත් නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ් සර්ව ව්යාපකය. තම මැවීම් වෙත පිරිනමා ඇති ඔහුගේ කරුණාවෙන් හා ඔහුගේ පහසු දීමනාවෙන් ඔහු පුළුල්ය. ඔවුන්ගේ අධිෂ්ඨාන හා ඔවුන්ගේ ක්රියාවන් සියල්ල පිළබඳ ඔහු මැනවින් දන්නාය.

Bakara 2:116

‘අල්ලාහ් දරුවකු ගෙන ඇතැ’යි කිතුනුවන් යුදෙව්වන් මෙන්ම දෙවියන්ට ආදේශ කරන්නන් පවසා සිටිති. ඔහු එම ප්රකාශයෙන් සුවිශුද්ධය; පිවිතුරුය. කිසිදු මැවීමක අවශ්යතාවක් ඔහුට නැත. දරුවකු ගත යුත්තේ එසේ අවශ්යතාවක් ඇත්තෙකි. නමුත් අහස් හා මහපොළොවේ සියලු රාජ්යයන් ඔහු සතුය. සියලු මැවීම් ඔහුට වහල්ය. ඔහු පිවිතුරුය. සියලු දෙනා යටහත් වන්නේ ඔහුටමය. ඔහු අභිමත කරන පරිදි ඔහු ඔවුන් අතර ක්රියා කරයි.

Bakara 2:117

සුවිශුද්ධ අල්ලාහ් අහස් හා මහපොළොවද ඒ දෙක අතර ඇති දෑ ද කිසිදු පූර්වාදර්ශයකින් තොරව මැව්වේය. ඔහු යමක් මවන්නට සැලසුම් කළ විට; එය අභිමත කළ විට ඔහු එයට ‘කුන්’ වනු යැයි පවසනවා පමණය. එවිට අල්ලාහ්ගේ අභිමතය පරිදි එය සිදු වනු ඇත. ඔහුගේ අණට හෝ ඔහුගේ තීන්දුවට ප්රතික්ෂේප වන කිසිවක් නැත.

Bakara 2:118

ආගම් ලත් ජනයා හා දෙවියන්ට ආදේශ කරන්නන් අතරින් සත්යය පිළිගන්නට හිතුවක්කාර වූ දැනුම නොලද්දෝ ‘කිසිදු මාධ්යයකින් තොරව අල්ලාහ් අප සමඟ ඍජුව කතා නොකරනුයේ මන්ද? එසේ නැතිනම් අපට පමණක් වැටහෙන පරිදි සලකුණක් අප වෙත ගෙන නොඑන්නේ මන්දැ?’යි විමසා සිටියහ. මීට පෙර පැමිණි රසූල්වරුන් කාලයෙන් කාලයට තැනින් තැනට වෙනස් වුව ද ඔවුන් බොරු කළ සමූහයන් පවසා සිටියේ ද එලෙසමය. සත්යය තරයේ විශ්වාස කරන ජනයාට එය හෙළිවන විට අපි ඔවුනට එම වදන් පැහැදිළි කර දුන්නෙමු. ඔවුන් වෙත සැකය ඇති වූයේ නැත. හිතුවක්කාරකම ඔවුන් වැළැක්වූයේද නැත.

Bakara 2:119

අහෝ නබිවරය! ඔබ දෙවියන් විශ්වාස කරන්නන් හට ස්වර්ගය ගැන ශුභාරංචි දන්වා සිටින්නටත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට නිරා ගින්න ගැන අවවාද කර සිටින්නටත් කිසිදු සැකයකට ඉඩ නැති සත්යය දහම සමග සැබැවින්ම අපි නුඹව එව්වෙමු. ඔබේ වගකීම වනුයේ පැහැදිලිව දන්වා සිටීම පමණි. ඔබව විශ්වාස නොකළා වූ නිරා වාසීන් පිළිබඳ අල්ලාහ් ඔබෙන් ප්රශ්න කරන්නේ නැත.

Bakara 2:120

අල්ලාහ් තම නබිවරයාට අවවාද කරමින් මෙසේ කතා කරයි: ‘ඔබ ඉස්ලාමය අතහැර දමා ඔවුන් කවර විෂයක නිරතව සිටින්නේද එය ඔබ පිළිපදින තෙක් යුදෙව්වන් හෝ කිතුනුවන් හෝ තෘප්තියට පත් වන්නේ නැත. සැබෑ යහමග වනුයේ අල්ලාහ්ගේ ග්රන්ථය හා ඔහුගේ පැහැදිලි කිරීම් ය. ඒ මත සිටින ඔවුහු ව්යාජ තත්ත්වයේ නැත. පැහැදිලි සත්යය ඔබ වෙත පැමිණි පසු ඔබ හෝ ඔබව අනුගමනය කරන කිසිවකු හෝ ඔවුන්ව අනුගමනය කරන්නට වූයේ නම්, එවිට අල්ලාගෙන් වූ කිසිදු උදව් උපකාරයක් නුඹ කිසිවිටෙක නොදකිනු ඇත. මෙය සත්යය අතහැරීමේ හා අසත්යය වාදීන් සීමාව ඉක්මවා යෑමේ අනතුර පැහැදිලි කරන්නකි.

Bakara 2:121

පෙර පහළ කරනු ලැබූ පුස්තක අතර තම අතෙහි ඇති දෑ -තව්රාත් හා ඉන්ජීල්- පිළිබඳ මනා අවබෝධයක් ඇති එය නියම අයුරින් පිළිපදින ආගම් ලත් පිරිසක් පිළිබඳ ශුද්ධ වූ අල් කුර්ආනය කතා කරයි. මොවුහු නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ සත්ය භාවය පෙන්වා දෙන එතුමාණන් තහවුරු කරන සලකුණු එම පුස්තකයන්හි දුටුහ. එහෙයින් එතුමාණන් ගැන විශ්වාස කරන්නට යුහුසුළු වූහ. තවත් පිරිසක් එය ප්රතික්ෂේප කිරීමෙහි දැඩිව සිටියහ. ඔවුනට අලාභය හිමි විය.

Bakara 2:122

අහෝ ඉස්රාඊල් දරුවනි, නුඹලා වෙත මා ආශිර්වාද කර ඇති මාගේ ආගමික හා ලෞකික ආශිර්වාද මෙනෙහි කර බලනු. එමෙන්ම එවක ජීවත් වූ ජනයා අතර නබිත්වයෙන් හා බලයෙන් නුඹලා උසස් කොට නුඹලාට මා පිරිනැමූ භාග්යයන් ද මෙනෙහි කර බලනු.

Bakara 2:123

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය අතර ආරක්ෂාවක් ඇති කර ගනු. එදින කිසිවකු විසින් කිසිවකුට කිසිදු ප්රයෝජනයක් නොවනු ඇත. කෙතරම් බලවත් පුද්ගලයකු වුවද ඔහුගෙන් කිසිදු ඇපයක් ඔහු වෙනුවෙන් එහි පිළිගනු නොලබනු ඇත. කෙතරම් තනතුරක් නිලයක් ඇති පුද්ගලයකු වුවද කිසිවකුගේ මැදිහත් වීමක් ඔහුට එහි දී ප්රයොජනවත් නොවනු ඇත. අල්ලාහ් හැර වෙනත් කිසිදු උපකාරයක් ඔහු නොලබනු ඇත.

Bakara 2:124

ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමා හට අල්ලාහ් නියම කළ නීති හා වගකීම් තුළින් එතුමාණන් පරීක්ෂාවට ලක් කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට එතුමා එය පරිපූර්ණව ඉටු කරන්නට නැගී සිටියහ. අල්ලාහ් තම නබිවරයා වූ ඉබ්රාහීම් අමතා: ‘සැබැවින්ම ජනයා නුඹගේ ක්රියාදාමයන් හා ගතිගුණ දෙස බලා ඒ වෙත තම අවධානය යොමු කොට නුඹව පිළිපදින්නට හැකි ආදර්ශමත් පුද්ගලයකු බවට මිනිසුන් හමුවේ මම නුඹව පත් කරමි’ යැයි පැවසීය. එවිට ඉබ්රාහීම් තුමා: ‘අහෝ මාගේ පරමාධිපතියාණනි, මාගේ පරම්පරාවෙන්ද ජනයා පිළිපදින සමූහයක් ඇති කරනු’ යැයි ප්රාර්ථනා කළහ. අල්ලාහ් ඔහුට පිළිතුරු දෙමින්: ‘දහම මෙහෙයවීම සම්බන්ධයෙන් මා නුඹ සමග ඇති කර ගත් ගිවිසුම නුඹේ පරම්පරාවේ අපරාධකරුවන්හට නොලැබේ’ යැයි පැවසීය.

Bakara 2:125

බයිතුල් හරාම් හෙවත් ශුද්ධ වූ නිවස, මිනිසුන්ගේ හදවත් සමග බැඳෙන සේ නැවත නැවතත් හැරී යන ස්ථානයක් බවට අල්ලාහ් පත් කළ අවස්ථාව සිහිපත් කරනු. ඔවුන් ඒ හරහා ගමන් ගන්නා සෑම අවස්ථාවකම ඒ වෙත පිවිසෙති. ඔවුන් කෙරෙහි ඉක්මවා කටයුතු නොකරන සේ ඔවුනට එය අභයදායී ස්ථානයක් බවට ඔහු පත් කළේය. ඔහු මිනිසුනට මෙසේ පැවසීය: නුඹලා මේ ගල සලාත් ඉටු කරන ස්ථානයක් කර ගන්න. -එය ඉබ්රාහීම අලය්හිස් සලාම් ඒ මතට වී කඃබාව ඉදි කළ ගලයි.- ශුද්ධ වූ නිවස කිලිටි හා පිළිම වන්දනාවෙන් පිරිසිදු කරන මෙන් ද තවාෆ් හෙවත් එය වටා වටවන්දනා කිරීමටත් ඉඃතිකාෆ් හෙවත් එහි නවාතැන් ගෙන නැමදුම් කිරීමටත් සලාත් හා වෙනත් ආගමික කටයුතු ඉටු කිරීමටත් අපෙක්ෂා කරන්නන් හට සතුට ගෙන දෙන තැනක් බවට පත් කරන මෙන්ද අපි ඉබ්රාහීම් හා ඔහුගේ පුත් ඉස්මාඊල්ට උපදෙස් දුනිමු.

Bakara 2:126

අහෝ නබිවරය! ඉබ්රාහීම් තම පරමාධිපති අමතා කළ ප්රාර්ථනාව ගැනත් සිහිපත් කර බලනු. හෙතෙම: ‘මාගේ පරමාධිපතියාණනි, කිසිදු නපුරක් කිසිවකුට ඇති නොවන සේ මක්කාව අභයදායී නගරයක් බවට පත් කරනු මැනව. එහි වැසියන් හට විවිධ පලතුරු වර්ගවලින් පෝෂණය කරනු මැනව. විශේෂයෙන් ඔබ හා පරමාන්ත දිනය විශ්වාස කරන දේව විශ්වාසවන්තයින් හට පෝෂණය ලබා දෙනු මැනව.’ එවිට අල්ලාහ්: ‘ඔවුන් අතර කවරෙකු ප්රතික්ෂේප කරන්නේද මා ඔහුට පෝෂණය වශයෙන් ස්වල්ප ප්රමාණයක් මෙලොවෙහි භුක්ති විඳින්නට සලස්වා පසුව මතුලොවෙහි පිළිකුලෙන් යුතුව නිරා ගින්නේ වේදනාට ඇතුළු වන්නට සලස්වමි. එසේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් යොමුවී රැදෙන ස්ථානය නපුරුය.

Bakara 2:127

අහෝ නබිවරය, ඉබ්රාහීම් හා ඉස්මාඊල් කඃබාවේ අත්තිවාරම උසට ඉදි කරමින් සිටි අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් දෙදෙනා ඉතා යටහත් පහත්ව: අපගේ පරමාධිපතියාණනි, අපගේ මෙම ක්රියාවන් -මෙම නිවස තැනීමද ඒවායින් එකකි.- අපගෙන් පිළිගනු මැනව! සැබැවින්ම ඔබ අපගේ ප්රාර්ථනාවන්ට පිළිතුරු සපයන්නාය. අපගේ චේතනා හා ක්රියා ඔබ මැනවින් දන්නාය.’ යැයි පවසා ප්රාර්ථනා කළෝය.

Bakara 2:128

තවදුරටත් ‘අපගේ පරමාධිපතියාණනි, ඔබේ අණට කීකරු වන ඔබට යටහත් වන දෙදෙනෙකු බවට අප පත් කරනු මැනව! ඔබ සමග අපි කිසිවකු ආදේශ නොකරන්නෙමු. ඔබට අවනත වන සමූහයක් අපගේ පරම්පරාවෙන් ද බිහි කරනු මැනව! ඔබට ඉටු කළ යුතු නැමදුම් කෙසේ පිහිටිය යුතු දැයි ඔබ අපට දන්වා සිටිනු මැනව. ඔබව නැමදුම් කිරීමේ දී අප අඩුවක් කිරීමෙන් හෝ වරදක් කිරීමෙන් අප මුදවාලනු කරනු මැනව! සැබැවින්ම ඔබේ ගැත්තන් අතුරින් ඔබ වෙත සමාව අයැද පශ්චාත්තාපයේ නිරතවන්නන් හට සමාව දානය කරන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය.

Bakara 2:129

අපගේ පරමාධිපතියාණනි, ඔවුන් අතර ඉස්මාඊල්ගේ පරම්පරාවෙන් දූතයකු එවනු මැනව! පහළ කරනු ලබන ඔබේ වදන් ඔහු ඔවුනට පාරායනය කර පෙන්වන කුර්ආනය හා නියම පිළිවෙත ඔවුනට උගන්වන ආදේශ කිරීමෙන් හා පහත් ක්රියාවන්ගෙන් ඔවුන් පිරිසිදු කරන දූතයකු එවනු මැනව! සැබැවින්ම ඔබ බලසම්පන්නය. සියල්ල අබිබවා යන්නාය. ඔබේ සියලු ක්රියාවන් හා ඔබේ තීන්දු තීරණවලදී ඔබ මහා ප්රඥාවන්තය... යනුවෙන් ප්රාර්ථනා කළෝය.

Bakara 2:130

තම මෝඩකම හේතුවෙන් හා සත්යය හැර දමමින් වැරදි මග තෝරා; නින්දිත ලෙස එය පිළිගෙන; ඒ සඳහා කරන නපුරු කුමන්ත්රණ හේතුවෙන් තමන්ටම අපරාධ කර ගත්තෙකු මිස වෙන කිසිවෙකු ඉබ්රාහීම්ගේ පිළිවෙතින් වෙනත් ආගමික පිළිවෙතකට හැරෙන්නේ නැත. සැබැවින්ම අපි මෙලොවෙහි ඔහු දූතයකු හා මිතුරෙකු ලෙස තෝරා ගත්තෙමු. එමෙන්ම තමන් වෙත අල්ලාහ් පැවරූ වගකීම් ඉටු කර උසස් තරාතිරම් ලැබූ දැහැමියන් අතර ඔහු සිටියි.

Bakara 2:131

‘මට පමණක් නැමදුම් කරනු. අවනතවී මට යටහත් වනු’ යැයි ඔහුගේ පරමාධිපති ඔහුට පැවසූ විට ඔහු තම පරමාධිපති දෙස බලා: ‘ගැත්තන් මවා ඔවුනට පෝෂණය සලසා දී ඔවුන්ගේ කටයුතු සැලසුම් කරන අල්ලාහ්ට මම අවනත වෙමි’ යැයි පිළිතුරු දුන් මොහොතේ ඉස්ලාමය වෙත යුහුසුළුවෙන් ක්රියා කරන්නට අල්ලාහ් ඔහුව තෝරා ගත්තේය.

Bakara 2:132

ඉබ්රාහීම් තුමා තම දරුවන්හට ‘මම සර්ව ලෝකවල පරමාධිපතිට අවනත වෙමි’ යැයි පවසා උපදෙස් දුන්හ. එලෙස යඃකූබ් තුමාද තම දරුවන් අතමා උපදෙස් දුන්හ. ඔවුන් දෙදෙනා තම දරුවන්ට: ‘සැබැවින්ම අල්ලාහ් නුඹලාට ඉස්ලාම් දහම තෝරා දී ඇත. නුඹලා මරණයට පත් වන තෙක් එය තදින් ග්රහණය කර ගනු. මතුපිටින් පමණක් නොව ඇතුළාන්තයේද අල්ලාහ්ට අවනත වන්නන් ලෙස සිටිනු.

Bakara 2:133

යඃකූබ් තුමා මරණයට පත්වන කල්හි තම දරුවන් පමණක් අමතා: ‘මාගේ මරණයෙන් පසු නුඹලා නමදිනුයේ කුමක් ද?’ යැයි විමසා සිටි අවස්ථාවේ නුඹලා සිටියෙහුද? ඔවුහු එතුමාට පිළිතුරු වශයෙන්: ‘ඔබේ දෙවිඳුන් වන ඔබට පෙර සිටි ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යන ඔබේ මුතුන් මිත්තන්ගේ දෙවිඳුන් වන එකම දෙවිඳුන් නමදිමු. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නැත. ඔහුට පමණක් අපි අවනත වන්නෙමු. පිළිපදින්නෙමු’ යැයි පවසා සිටියහ.

Bakara 2:134

එය නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයන් අතර ඉකුත්ව ගිය තවත් සමූහයකි. ඔවුන් කළ ක්රියාවන් ඔවුන් සමගම සේන්දු වෙති. ඔවුන් යම් යහපතක් හෝ අයහපතක් උපයා ඇත්නම් එය ඔවුනට සතු වේ. නුඹලා උපයන දෑ නුඹලාට සතුය. ඔවුන්ගේ ක්රියාවන් සම්බන්ධයෙන් නුඹලාගෙන් ප්රශ්න කරනු නොලැබේ. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔවුන්ද ප්රශ්න කරනු නොලැබේ. වෙනත් කිසිවකුගේ පාපයක් සඳහා කෙනෙකු ග්රහණය කරනු නොලැබේ. නමුත් සෑම කෙනෙකුම තමන් ඉදිරිපත් කළ දෑ සඳහා ප්රතිඵල දෙනු ලබනු ඇත. නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයාගේ කිසිදු ක්රියාවක් නුඹලා සිදු කරන ක්රියාවන්ගෙන් නුඹලා වෙනතක යොමු නොකළ යුතු වේ. සැබැවින්ම කෙනෙකුට අල්ලාහ්ගේ කරුණාව ලැබුවායින් පසුව වෙනත් කෙනෙකුගේ කිසිදු දැහැමි ක්රියාවක් ඔහුට ප්රයෝජනවත් නොවන්නේමය.

Bakara 2:135

අහෝ නබිවරය, යුදෙව්වෝ මෙම සමූහයා දෙස බලා: ‘නුඹලා යුදෙව්වන් වනු. යහමග ගමන් කරනු ඇත’ යැයි පැවසූහ. කිතුනුවෝද: ‘නුඹලා කිතුනුවන් වනු. යහමග ගමන් කරනු ඇත.’ යැයි පැවසූහ. නබිවරය, ඔබ ඔවුනට පිළිතුරු වශයෙන්: ‘වැරදි දහම්වලින් දුරස්ව සත්ය දහම වෙත නැඹුරු වූ ඉබ්රාහීම්ගේ දහම අපි පිළිපදින්නෙමු. ඔහු කිසිවිටෙක අල්ලාහ් සමඟ කිසිවෙක් ආදේශ කළ අය අතුරින් කෙනෙකු නොවීය. යැයි පවසනු.

Bakara 2:136

අහෝ දෙවියන් විශ්වාස කරන මුඃමින්වරුනි, මෙම වැරදි ඇරයුම කරන යුදෙව් හා කිතුනු ජනතාවට මෙසේ පවසනු: අපි අල්ලාහ් විශ්වාස කළෙමු. අප වෙත පහළ කළ කුර්ආනය ද විශ්වාස කළෙමු. එමෙන්ම ඉබ්රාහීම් හා ඔහුගේ පුතුන් වන ඉස්මාඊල් ඉස්හාක් හා යඃකූබ් වෙත පහළ කළ දෑද විශ්වාස කළෙමු. යඃකූබ්ගේ දරුවන්ගෙන් පැවත ආ නබිවරුන්ට පහළ කළ දෑද විශ්වාස කළෙමු. අල්ලාහ් මූසා තුමාට පිරිනැමූ තව්රාත් හෙවත් තෝරාවද විශ්වාස කළෙමු. ඊසාට පිරිනැමූ ඉන්ජීලයද විශ්වාස කළෙමු. සියලු නබිවරුන්ට අල්ලාහ් පිරිනැමූ පුස්තක පිළිබඳ විශ්වාස කළෙමු. ඔවුන් කිසිවකු අතර වෙනස්කම් නොකරන්නෙමු. ඔවුන්ගෙන් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් ප්රතික්ෂේප නොකරන්නෙමු. ඔවුන් සියලු දෙනාව එකසේ විශ්වාස කරන්නෙමු. ශුද්ධ වූ අල්ලාහ්ට පමණක් යටහත් පහත් වන්නෙමු.

Bakara 2:137

යුදෙව්වන් කිතුනුවන් හා දේව ප්රතික්ෂේපකයින් අතර සිටි වෙනත් අය ද නුඹලා විශ්වාස කළාක් මෙන් විශ්වාස කර සිටියේ නම්, අල්ලාහ් පිළිගත් මෙම ඍජු මාර්ගය වෙත ඔවුන් මඟ ලබනු ඇත. නබිවරුන් සියලු දෙනා හෝ ඔවුන්ගෙන් පිරිසක් හෝ බොරුකරමින් එම විශ්වාසයෙන් ඔවුන් දුරස් වූයේ නම් එවිට සැබැවින්ම ඔවුන් සිටිනුයේ මතුභේද හා සතුරුකම මතය. එහෙයින් අහෝ නබිවරය, නුඹ දුක් නොවනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ පීඩාවන් සමනය කරයි. ඔවුන්ගේ නපුරුකම්වලින් ඔබව ආරක්ෂා කරයි. ඔවුනට එරෙහිව ඔබට උදව් කරයි. ඔහු ඔවුන් පවසන දෑට මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ චේතනා හා ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය.

Bakara 2:138

නුඹලා වෙත සහජයෙන් පිරිනැමූ අල්ලාහ්ගේ දහම මතු පිටින් පමණක් නොව අභ්යන්තරයෙන්ද පිළිපදිනු. අල්ලාහ්ගේ දහම හැර වෙනත් ලස්සන දහමක් නැත. එය ස්වභාව ධර්මයාට අනුකූලය. යහපත ඇති කරයි. අයහපත නැති කරයි. තවද නුඹලා: ‘අපි අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්නෝ වෙමු. ඔහු සමග වෙනත් කිසිවකු ආදේශ නොකරන්නෙමු’ යැයි පවසනු.

Bakara 2:139

අහෝ දහම් ලත් ජනයිනි, ‘සැබැවින්ම නුඹලාගේ දහම ඉතා පැරණි බැවින් ද නුඹලාගේ පුස්තක පූර්ව කාලයේ පහළ වූ බැවන් ද අල්ලාහ්ට හා ඔහුගේ දහමට වඩා සමීපතයින් තමන් බව නුඹලා අප සමග තරක් කරන්නෙහු දැ’යි අහෝ නබිවරය නුඹ ඔවුන්ගෙන් අසනු. එසේ තර්ක කිරීමෙන් ඵලක් නැත. හේතුව අප සියලු දෙනාගේම පරමාධිපති අල්ලාහ් වන බැවිනි. ඔහුව යම් පිරිසකට විශේෂ කොට සැලකිය නොහැක. අපගේ ක්රියාවන් අප සතුය. ඒ ගැන නුඹලාගෙන් ප්රශ්න කරනු නොලැබේ. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් නුඹලා සතුය. ඒ ගැන අපගෙන් ප්රශ්න කරනු නොලැබේ. සෑම කෙනෙකුම තම තමන් කළ ක්රියාවන් අනුව ප්රතිඵල දෙනු ලැබේ. නැමදුම් කිරීම හා අවනත භාවය අල්ලාහ්ට පමණක් අපි අවංකව ඉටු කරන්නෙමු. ඔහුට කිසිවක් ආදේශ නොකරමු.

Bakara 2:140

ආහෝ ආගම් ලත් ජනයිනි, සැබැවින්ම ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගෙන් පැවත එන නබිවරු යුදෙව් හා කිතුනු පිළිවෙත් මත සිටින බව නුඹලා පවසන්නෙහුද? අහෝ නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ‘ඒ ගැන මැනවින් දන්නේ නුඹලා ද ඒසේ නැතිනම් අල්ලාහ් දැ’යි ප්රශ්න කරනු. සැබැවින්ම ඔවුහු මොවුන්ගේ පිළිවෙත් මත සිටින බව මොවුහු විශ්වාස කරන්නේ නම් මොවුහු පවසන්නේ බොරුය. හේතුව ඔවුන් සියලු දෙනාගේ පැමිණීමත් ඔවුන්ගේ මරණයත් සිදු වූයේ තෝරාව හා ඉන්ජීලය පහළ වීමට පෙරය. සැබැවින්ම ඔවුහු පවසන දෑ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ගොතා පවසන බොරු බව ඔවුහු මැනවින් දනිති. සැබැවින්ම ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබූ සත්යය වසන් කරන්නෙහුය. අල්ලාහ්ගෙන් දැනගත් ස්ථීර සාක්ෂි හා සාධක තමන් ලග තිබිය දී ආගම්ලත් ජනයාගේ ක්රියා කළ ආකාරයෙන් ඒවා වසන් කරන්නාට වඩා මහා අපරාධකරුවකු තවත් නැත. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ වෙනුවෙන් ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:141

එය නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයකි. ඔවුන් කළ ක්රියාවන් ඔවුන් සමගමය. ඔවුන් උපයා ගත් දෑ ඔවුන් සතුය. නුඹලා උපයාගත් දෑ නුඹලා සතුය. ඔවුන්ගේ ක්රියාවන් ගැන නුඹලා ප්රශ්න කරනු නොලබන්නෙහුය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔවුන් ප්රශ්න කරනු නොලබති. කිසිවකුගේ පාපයක් හේතුවෙන් කිසිවකු ග්රහණය කරනු නොලැබේ. වෙනත් කිසිවකුගේ ක්රියාවක් තමන්ට ප්රයෝජනවත් නොවනු ඇත. නමුත් ඔවුන් සෑම කෙනෙකුටම ඔවුන් ඉදිරිපත් කළ දෑ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ.

Bakara 2:142

යුදෙව්වන් අතර බුද්ධිහීන අඥාන ජනයා හා ඔවුන්ගේ ස්වරූපයට සමාන කුහකයෝ කලින් පිහිටා තිබූ බයිතුල් මුකද්දිස් නම් දිශාවෙන් වෙනත් දිශාවකට මුස්ලිම්වරුන් හැරෙව්වේ කුමක් දැ?යි විමසනු ඇත. ඔවුනට පිළිතුරු වශයෙන් නබිවරය, නුඹ මෙසේ පවසනු.: නැගෙනහිර, බටහිර හා සෙසු සියලු දිශාවන්හි පාලන බලය ඔහු සතුය. තම ගැත්තන් අතුරින් තමන් කැමති අය කැමති පරිදි කැමති දිශාවකට හරවනු ඇත. ඔහු පිවිතුරුය. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු අඩුවක් හෝ විකෘතිභාවයක් හෝ නොමැත.

Bakara 2:143

නුඹලා සඳහා අප පිළිගත් දිශාව වෙනස් කර දුන්නාක් මෙන්ම ප්රතිපත්තීන් නැමදුම් ගනුදෙනු යනාදියෙහි සියලු සමූහයන් අතර මධ්යස්ථ සාධාරණීය ශ්රේෂ්ඨ ජන සමූහයක් බවට අපි නුඹලා පත් කළෙමු. එය අල්ලාහ්ගේ දූතවරුන් වෙත ඔහු කවර කරුණක් අණ කර සිටියේ ද එය ඔවුන් තම සමූහයා වෙත ප්රචාරය කර ඇති බවට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ඔවුන් වෙනුවෙන් සාක්ෂිකරුවන් වනු පිණිසත් අල්ලාහ් ආගමානුගත කළ දෑ පිළිගෙන; ඔහුට කැප වී, දහම් දූතයාණන් පිළිපදිමින් කටයුතු කරන්නේ කවුරුන්දැයි - තරාතිරම් අනුව ප්රතිඵල පිරිනමන්නට ඔවුන්ගේ මතුපිට තත්ත්වය - අපි දැනගනු පිණිසත් ඔහුගේ දහම ප්රතික්ෂේප කර; තම ආශාවන්ට වහල් වී; අල්ලාහ් ආගමානුගත කළ කරුණු උවමනාවෙන් නොකරන අය කවුරුන්දැයි දැන ගනු පිණිසත් මිස නුඹලා මුහුණලමින් සිටි බයිතුල් මක්දිස් දිශාවෙන් නුඹලාව අප හැරෙව්වේ නැත. සැබැවින්ම පළමු කිබ්ලා දිශාවෙන් හැරවීමේ සිද්ධිය අල්ලාහ් හා ඔහු තම ගැත්තන්හට ආගමානුගත කර ඇති දෑ විශ්වාස කරන්නට සලස්වා ඔහු කවුරුන්හට ආශිර්වාද කළේ ද ඔවුන් කෙරෙහි මිස සෙසු අයට එය අති මහත් කරුණක් විය. සැබැවින්ම එසේ ආගමානුගත කරනු ලබනුයේ කිසියම් යථාර්ථයක් වෙනුවෙනි. අල්ලාහ් කෙරෙහි නුඹලා තබා ඇති අචල විශ්වාසය අපතේ යවන්නට අල්ලාහ්ට නොවීය. කිබ්ලා දිශාව මාරුකිරීමට පෙර නුඹලා සලාතය ඉටු කරමින් සිටි ස්ථානය ද එසේ ආගමානුගත කරනු ලැබූ කරුණු වලින් එකකි. සැබැවින්ම අල්ලාහ් මිනිසුනට මහත් කාරුණිකය. සෙනෙහෙවන්තය. එහෙයින් ඔහු ඔවුනට දුෂ්කරතා ඇති කරන්නේ නැත. ඔවුන් කළකම් සඳහා කුසල් ඔහු විනාශ කර දමන්නේ නැත.

Bakara 2:144

අහෝ ! නබිවරය, ඔබ ප්රිය කරන පරිදි කිබ්ලා දිශාව වෙනස් කිරීම සම්බන්ධයෙන් දේව පණිවිඩ පහළ වීම ගැන අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් ඔබේ මුහුණ හා ඔබේ බැල්ම අහස දෙසට යොමු කරනු සැබැවින්ම අපි දුටුවෙමු. එහෙයින් දැන් ඔබ මුහුණලා සිටින බය්තුල් මක්දිස් දිශාව වෙනුවට ඔබ ප්රිය කරන ඔබට සතුට දනවන කිබ්ලා දිශාවට (හරම් දේවස්ථානය වෙත) අපි නුඹව හරවන්නෙමු. එහෙයින් දැන් ඔබේ මුහුණ ශුද්ධ මක්කාවේ පිහිටි හරම් දේවස්ථානය වෙත හරවනු. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා කොතැනක සිටිය ද නුඹලා සලාතය ඉටු කරන මොහොතේ එම දිශාව වෙතම මුහුණලනු. සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන්ගේ පුස්තක වල කිබ්ලාව වෙනස් කිරීමේ සිද්ධිය ඔවුන්ගේ මැවුම්කරු වූ සියලු කරුණු සැලසුම් කරන්නාගෙන් පහළ වූ සත්යයක් බව ඔවුහු මැනවින් දැන සිටිති. සත්යය පිටුපාන්නන් වන මොවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඔහු ඒ පිළිබඳ මැනවින් දන්නාය. ඔහු පිවිතුරුය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත.

Bakara 2:145

අල්ලාහ් මත දිවුරා පවසමි. අහෝ! නබිවරය, සැබැවින්ම කිබ්ලා දිශාව වෙනස් කිරීම සත්යයක් බව තහවුරු කරමින් නුඹ දහම් ලත් යුදෙව්වන් හා කිතුනුවන්හට කෙතරම් සාධක හා සංඥා ගෙන ආවත් නුඹ ගෙන ආ දෑට හිතුවක්කාරකම් පා සත්ය පිළිපැදීමට උඩගු වී නුඹගේ කිබ්ලා දිශාවට ඔවුහු හැරෙන්නේ නැත. ඔබ ව අල්ලාහ් ඔවුන්ගේ දිශාවෙන් වෙනස් කළ පසු නැවත ඒ වෙත හැරී මුහුණලෑම නුඹට සුදුසු නැත. ඔවුන් ඇතැමෙක් ද ඇතැමෙකුගේ දිශාවට මුහුණලන්නේ නැත. හේතුව ඔවුන්ගෙන් ඇතැම් පිරිස් අනෙක් පිරිස ප්රතික්ෂේප කරන බැවිනි. කිසිදු සැකයකට ඉඩක් නැති නිවැරදි දැනුම නුඹ වෙත පැමිණි පසු ව කිබ්ලා විෂයයෙහි හා වෙනත් ආගමික පිළිවෙත් හා නීතිරීති වලදී ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නේ නම් සැබැවින්ම එසේ නුඹ යහමග අතහැර දැමූ හේතුවෙන් හා ආශාවන් පිළිපැදීම හේතුවෙන් අපරාධකරුවන් අතරට පත් වන්නෙහිය. මෙම ප්රකාශය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට ඔවුන් පිළිපැදීමේ පිළිකුල්භාවය පෙන්වා දෙන සාධක වන්නේය. එසේ නොමැති නම් සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබිවරයා එයින් ආරක්ෂා කර ඇත. මෙය එතුමාගෙන් පසු එතුමාගේ සමූහයට කෙරෙන අවවාදයකි.

Bakara 2:146

අප විසින් පිරිනැමූ පුස්තක ලත් යුදෙව් හා කිතුනු විද්වතුන් කිබ්ලා ව වෙනස් කිරීමේ නියෝගය මුහම්මද්ගේ නබිත්වයේ සළකුණු බව තම දරුවන් වෙන්කර හඳුනා ගන්නාක් මෙන් මැනවින් දැන සිටියහ. ඒ සමගම ඔවුන් අතර සිටි පිරිසක් ඊර්ෂ්යාව හේතුවෙන් පැමිණි සත්යය වසන් කරති. එය සත්යයක් බව ඔවුන් දැන දැනම එසේ කටයුතු කරති.

Bakara 2:147

මෙය ඔබේ පරමාධිපතිගෙන් පැමිණි සත්යයයි. එබැවින් අහෝ! දූතය, එහි නිවැරුදිභාවය ගැන සැකකරන්නන් අතරට පත් නොවනු.

Bakara 2:148

සෑම සමූහයකටම ආධ්යාත්මික වශයෙන් හෝ භෞතික වශයෙන් හැරෙන දිශාවක් ඇත. ඔවුන්ගේ කිබ්ලා දිශාවෙහි හා අල්ලාහ් ඔවුනට ආගමානුගත කළ දෑහි පවතින වෙනස්කම් ඒ අතුරින් වන්නේය. අල්ලාහ්ගේ නියෝගයක් හෝ ඔහුගේ පිළිවෙතක් වී නම් ඔවුන්ගේ දිශාවන් කවර වෙනස්කම් වලින් පැවතුණ ද කිසිදු හානියක් නැත. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, ඉටු කරන්නට නියෝග කරනු ලැබූ ක්රියාවන් ඉටු කිරීම සඳහා තරඟ වදිනු. නුඹලා කවර ස්ථානයක සිටියද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු නුඹලා ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලය ඇත්තාය. නුඹලාගේ සියලු දෙනා එක් වුව ද ඔහු ව පරාජය කළ නොහැක. ඔහු හැර නුඹලාට වෙනත් මගක් නැත.

Bakara 2:149

අහෝ! නබිවරය, ඔබ හා ඔබගේ අනුගාමිකයින් කවර ස්ථානයකින් පිට ව ගියද කවර ස්ථානයක සිටියද සලාතය ඉටු කිරීමට සිතන්නේ නම් මස්ජිදුල් හරාම් වෙත මුහුණලා ඉටු කරන්න. හේතුව ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත දැනුම් දී ඇති සත්යය එය වන බැවිනි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ කෙරෙහි ඔහු නීරීක්ෂණය කරමින් සිටියි. ඒ වෙනුවෙන් ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:150

අහෝ නබිවරය, ඔබ කවර ස්ථානයකින් පිට ව ගියද සලාතය ඉටු කරන්නට සිතන්නේ නම් එවිට මස්ජිදුල් හරාම් දිශාවට මුහුණලන්න. එමෙන්ම දෙවියන් විශ්වාසකළවුනි, නුඹලා ද සලාතය ඉටු කරන්නට සිතන්නේ නම් නුඹලාගේ මුහුණු ද ඒ දෙසට මුහුණලන්න. එය නුඹලාට එරෙහිව අභියෝග කරන්නට ජනයාට සාධකයක් නොවනු පිණිසය. නමුත් ඔවුන් අතර අපාරධ කළවුන් ඔවුන්ගේ හිතුවක්කාරකම් මත රැදී සිටිති. වඩාත් සැකසහිත සාධක නුඹලා වෙත ගෙනැවිත් අභියෝග කරති. එහෙයින් නුඹලා ඔවුනට බිය නොවනු. නුඹලාගේ පරමාධිපති නුඹලාට අණ කර ඇති නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් ඔහුට පමණක් බිය වනු. නුඹලා සෙසු සමූහයන්ගෙන් වෙන් කර දැක්වීම තුළින් නුඹලා වෙත අල්ලාහ්ගේ ආශිර්වාද සම්පූර්ණ කර ඇති බැවින්ද ජනයාට වඩාත් ගෞරවනීය දිශාවක් වෙත නුඹලා මග පෙන්වා ඇති බැවින්ද කඃබාව මුහුණලෑම සැබැවින්ම අල්ලාහ් ආගමානුගත කර ඇත.

Bakara 2:151

වෙනත් ආශිර්වාද නුඹලා වෙත අප ආශිර්වාද කළාක් මෙන්ම නුඹලා වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන; යහපත හා මහිමයන්ගෙන් කවර දෙයක් නුඹලාට ඔහු අණ කර සිටින්නේද එමගින් හා නින්දිත හා පිළිකුල් සහගත දැයින් කවර කරුණකින් නුඹලා ව ඔහු වළක්වන්නේද එමගින් නුඹලා පිරිසිදු කරන අල් කුර්ආනය හා දූත පිළිවෙත නුඹලාට උගන්වන නුඹලාගේ ආගමික හා ලෞකික කටයුතු අතරින් නුඹලා කවර දෙයක් ගැන නොදැන සිටියේද එවන් දෑ නුඹලාට උගන්වන නුඹලා අතර සිටින දූතයකු අපි නුඹලා වෙත යැව්වෙමු.

Bakara 2:152

එහෙයින් නුඹලා ගතින් හා හදවතින් මා මෙනෙහි කරනු. නුඹලා ගැන ප්රශංසා කරමින් නුඹලාට ආරක්ෂාව සලසමින් මම නුඹලා මෙනෙහි කරමි. ප්රතිඵල ක්රියාවට අනුව සිදු ටේ. නුඹලා වෙත මා කවර ආශිර්වාදයක් පිරිනමා ඇත්තේද එම ආශිර්වාදය වෙනුවෙන් මට කෘතගුණ සලකනු. එය පිටුදකිමින් එහි නුඹලා වෙත තහනම් කරනු ලැබූ දෑ පරිහරණය කරමින් මා ප්රතික්ෂේප නොකරනු.

Bakara 2:153

අහෝ! විශ්වාස කළවුනි, මගේ අණට කීකරු වී මට අවනත වී ඉවසීම හා සලාතය ඉටු කරමින් මගෙන් උදව් පතනු. නියත වශයෙන්ම ඉවසිලිවන්තයින් සමගය. ඔහු ඔවුනට ආශිර්වාද කොට උපකාර කරනු ඇත.

Bakara 2:154

දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය විෂයයෙහි වෙනත් අය මිය යදින්නාක් මෙන් සැබවින්ම මොවුන් ද මියගොස් ඇතැයි නුඹලා නොපවසනු. ඔහු තම පරමාධිපති අබියස ජීවත්වන්නෝ වෙති. එය සුවිශේෂී ජීවිතයක් වන බැවින් ඔවුන්ගේ ජීවිතය පිළිබඳ නුඹලාට වැටහීමක් නැත. අල්ලාහ්ගේ වහී හෙවත් ඔහුගෙන් වූ දේව පණිවිඩ මගින් මිස ඒ ගැන දැනගැනීමට වෙනත් මාධ්යයක් නැත.

Bakara 2:155

නුඹලාගේ සතුරන්ගෙන් ඇතිවන බිය සම්පත් විනාශ වී යෑමෙන් හෝ එය ලබා ගැනීමට අපොහොසත් වීමෙන් එහි ඇති වන හිඟය මිනිසුන් විනාශ කරන ආපදාවන් හෝ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමෙන් සිදුවන ආත්ම විනාශය මහපොළොවේ හට ගන්නා බවභෝගවල හිඟය වැනි විවිධ විපත් හා පරීක්ෂණ තුළින් අපි නුඹලා පරීක්ෂණයට ලක් කරන්නෙමු. නබිවරය, මෙම පරීක්ෂණ වලට ඉවසීමෙන් මුහුණ දෙන්නන්හට මෙලොව හා මතුලොව සතුට ඇති බව ඔවුනට ශුභාරංචි දන්වා සිටින්න.

Bakara 2:156

එවැන්නෝ තමන්හට යම් විපතක් සිදු වූ විට එය පිළිගෙන භාර ගනිමින් ‘සැබැවින්ම අප සියලු දෙනා සතු වනුයේ අල්ලාහ්ටමය. ඔහු කැමති දෑ අප අතරට ගෙන එයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අපි හැරී යන්නේ ඔහු වෙතටමය. අප මැව්වේ ඔහුය. අපහට විවිධාකාර ආශිර්වාද පිරිනැමුවේ ඔහුය. අප නැවත හැරී යා යුතු ස්ථානය ඇත්තේ ද ඔහු වෙතය. අප සියලු කටයුතු වල අවසානය ද ඔහුය.’ යැයි පවසන්නෝ වෙති.

Bakara 2:157

මෙම ගතිගුණ වලින් වර්ණනා කරනු ලැබූවන් පිළිබඳ අල්ලාහ් ඔහුගේ උත්තරීතර මලක්වරුන් අතර ප්රශංසා කරනු ඇත. ඔවුන් වෙත අල්ලාහ් තම කරුණාව පහළ කරනු ඇත. නිවැරදි මාර්ගය වෙත මග පෙන්වනු ලැබූවෝ ඔවුහුමය.

Bakara 2:158

මක්කාහ්වේ කඃබාව අසල පිහිටි සෆා හා මර්වා යන කදු දෙක සැවොම දන්නා ප්රසිද්ධ ආගමික සලකුණු වෙති. එහෙයින් කවරෙකු හජ් හෝ උම්රා වන්දනාව ඉටු කරන්නට අපේක්ෂා කරන්නේද ඒ දෙක අතර සක්මන් කිරීමට පාපයක් නැත. ‘සැබැවින්ම එය අඥාන කාලයේ පැවති කටයුත්තක්’ බව විශ්වාස කරමින් ඒ දෙක අතර සක්මන් කිරීමට පසුබට වූ මුස්ලිම්වරුන්ට දිරි ගැන්වීමක් විය. සැබැවින්ම එය හජ්හි පිළිවෙතක් බව අල්ලාහ් පැහැදිලි කළේය. කවරෙකු අවනත වෙමින් සතුටුදායක ක්රියාදාමයන් අමතර වශයෙන් අවංකව ඉටු කරන්නේද සැබැවින්ම අල්ලාහ් ඔහුට කෘතඥපූර්වකය. එය ඔහුගෙන් පිළිගෙන ඒ වෙනුවෙන් ඔහුට කුසල් පිරිනමයි. යහපත සිදු කරන්නන් කවුරුන්දැයිද කුසල් ලබන්නට සුදුස්සන් කවුරුන්දැයිද අල්ලාහ් මැනවින් දනී.

Bakara 2:159

නබිතුමාණන් හා එතුමාණන් ගෙන ආ දෑ සත්යයක් බව පෙන්වා දෙමින් අපි පහළ කළ සාධක ඔවුන්ගේ දේව පුස්තකවල ජනයාට හෙළිදරව් කළ පසු පවා ඒවා වසන් කළ යුදෙව්වන් හා කිතුනුවන් අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර කරන ලදී. එසේ අල්ලාහ්ගේ කරුණාවෙන් ඔවුන් බැහැර කරන මෙන් ඔවුනට එරෙහි ව මලක්වරු නබිවරු හා සියලු මිනිසුන් ප්රාර්ථනා කරති.

Bakara 2:160

නමුත් එම පැහැදිලි සංඥා වසන් කිරීම ගැන පසුතැවිලි වී අල්ලාහ් වෙත යොමු වූ ඔවුන්ගේ බාහිර හා අභ්යන්තර ක්රියාකාරකම් හැඩගස්වා ගත් ඔවුන් වසන් කළ සත්ය හා යහමග පැහැදිලි කළවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර කරනු නොලබති. ඔවුහු මා හට අවනත වීම සඳහා ඉදිරියට පැමිණි අය වෙති. එම ගැත්තන් අතුරින් කවරෙකු පාප සමාව අයැද මා වෙත හැරෙන්නේ ද ඔවුනට මම සමාව දෙමි. ඔවුන් වෙත මම කරුණාව දක්වමි.

Bakara 2:161

නියත වශයෙන්ම සත්යය ප්රතික්ෂේප කොට ඒ ගැන පසුතැවිලි වී සමාව ලබන්නට පෙර එම ප්රතික්ෂේපය මත ම මිය ගිය ඇත්තන් වනාහි අල්ලාහ්ගේ කරුණාවෙන් ඔවුන් ඉවත් ව ඔහුගේ ශාපයට ලක් වනු ඇත. එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර කරන මෙන්ද ඉන් දුරස් කරන මෙන්ද මලක්වරු හා සියලු මිනිසුන් පවා ඔවුනට එරෙහිව ප්රාර්ථනා කරනු ඇත.

Bakara 2:162

මෙම ශාපය ඔවුන් වෙත අනිවාර්යය වනු ඇත. එක් දිනක් හෝ දඬුවම ඔවුන්ගෙන් ලිහිල් කරනු නොලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අතහැර දමනු නොලබති.

Bakara 2:163

ජනයිනි, නුඹලාගේ සත්ය දෙවිඳුන් එකෙකි. ඔහුගේ ගුණාංග හා ස්වරූපය ඔහුටම ආවේණික වූවකි. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නැත. ඔහු මහා කාරුණිකය. මහත් කරුණා ගුණයෙන් යුක්තය. තම ගැත්තන් කෙරෙහි අපරමිත දයාන්විතය. ගැණිය නොහැකි තරම් ආශිර්වාද ඔහු තම ගැත්තන් වෙත පිරිනමා ඇත.

Bakara 2:164

අහස් හා මහපොළොව මැවීමෙහිද ඒ දෙක අතර පවතින දෑහි ද ප්රාතිහාර්යමත් මැවීම් බොහෝමයක් දක්නට ඇත. රාත්රිය හා දහවල එකිනෙක පසුපසින් යෑමෙහි ද ආහාර ඇඳුම් පැලඳුම් හා ව්යාපාරික භාණ්ඩ මෙන්ම මිනිසාට අවශ්ය කරන වෙනත් භාණ්ඩ පටවාගෙන මුහුදු ජලයෙහි යාත්රා කරන නැව්හිද අල්ලාහ් අහසින් ජලය පතිත කරවා එමගින් මහපොළොවෙහි ගොයම් පැළෑටි සහ ගහ කොළ හට ගන්නට සලස්වා එය ප්රාණවත් කිරීමෙහිද එහි ව්යාප්ත ව දැකිය හැකි ජීවරාශීන්හිද දිශාවෙන් දිශාවට හමන සුළගෙහිද අහස හා පොළව අතර එල්ලී පවතින වලාවන්හිද ප්රාතිහාර්යයන් බොහෝමයක් දැකිය හැක. සැබැවින්ම විද්යාමානව පවතින කරුණු වටහා ගන්නා සාක්ෂි හා සාධක අවබෝධ කර ගන්නා ජනයාට අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන පැහැදිලි සාක්ෂි හා සාධක ප්රමාණවත් තරමට මේවායෙහි ඇත.

Bakara 2:165

මෙසේ පැහැදිලි සාක්ෂි හා සාධක තිබියදීත් ජනයා අතර ඇතැමෙක් අල්ලාහ් හැර වෙනත් දෑ නැමදුමට ගනිති. ඔවුන් ඒවා අල්ලාහ්ගේ සමීපතයින් බවට පත් කර ගෙන අල්ලාහ්ට ප්රිය කරනවාක් සේම ඒවාටත් ප්රිය කරති. අල්ලාහ්ට වඩාත් ප්රියමනාප වනුයේ එවන් දෑ නමදින මොවුනට වඩා සත්යය විශ්වාස කළවුන්ය. ඔවුහු අල්ලාහ්ට කිසිවෙකු ආදේශ නොකළහ. ඔවුහු සතුටේදී මෙන්ම දුකේදීත් ඔහු ව ප්රිය කරති. නමුත් මොවූහු සතුටුදායක තත්ත්වයන්හි පමණක් ඔවුන්ගේ දෙවිවරුන්ට ප්රිය කරති. නමුත් පීඩාකාරී තත්ත්වයකදී අල්ලාහ් හැර වෙනත් කිසිවකුට කණ්ණලව් නොකරති. අපරාධකරුවන් තමන්ගේ ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් නියම වූ දඬවම් මතු ලොවෙහි දෑසින් දකින විට සියලු ශක්තිය ඇත්තේ අල්ලාහ්ට පමණක් බවත් ඔහු ව පිටුපාන්නන්හට දැඩි ලෙස ඔහු දඬුවම් කරන බවත් වටහා ගනු ඇත. එය ඔවුන් දකින විට ඔහු සමග කිසිවකු ආදේශ නොකරනු ඇත.

Bakara 2:166

එය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇති අර්බුද දෑසින් දකින විට අනුගමනය කරනු ලැබූ ප්රධානීහු ඔවුන් අනුගමනය කළ දුර්වලයින්ගෙන් මිදී යන මොහොතය. ජයග්රහණයේ සියලු කරුණු හා මාධ්යයන් ඔවුන් සමගම විසන්ධි වී යනු ඇත.

Bakara 2:167

දුබලයින් හා අනුගාමිකයින්: ‘නැවත වාරයක් මෙලොවට පැමිණීමට අවස්ථාවක් තිබිය යුතු නොවේද? එවිට අපගේ නායකයින් අද අපගෙන් වී ගියාක් මෙන් අපටද ඔවුන්ගෙන් වෙන්වී යන්නට තිබුණි’ යැයි පවසති. මතු ලොවෙහි මොවුනට හිමි දැඩි දඬුවම අල්ලාහ් ඔවුනට පෙන්වා දෙන්නාක් මෙන්ම අසත්යය මත වූ ඔවුන්ගේ නායකයින්හට ඔවුන් පිළිපදිමින් සිටි අයගේ අවසානය දුක හා ශෝක ජනක එකක් බව පෙන්වා දෙයි. ඔවුන් නිරා ගින්නෙන් කිසි විටෙක බැහර වන්නන් නොවෙති.

Bakara 2:168

මිනිසුනි, මහපොළොවේ ඇති සතුන් පැළෑටි හා ගස් තුළින් ඔබේ ආහාරය සපයා ගනු. එය අනුමත ඉපැයීමකින් විය යුතු අතරම හානිදායක නොවූ හිතකර එකක් විය යුතුය. නුඹලා පියවරෙන් පියවර නොමග යවන ෂෙයිතාන්ගේ මාර්ගය අනුගමනය නොකරනු. සැබැවින් ඔහු නුඹලාට පැහැදිලි සතුරෙකි. යමෙකුට හිංසා කරන්නට නොමග යවන්නට ආශා කරන තම සතුරා පිළිපැදීම බුද්ධිමතෙකුට සුදුසු නොවන්නේය.

Bakara 2:169

ෂෙයිතාන් වන හෙතෙම නුඹලාට නියෝග කරනුයේ ඉමහත් සේ අකුසල් කරන්නටත් මහත්සේ පාපකම් කරන්නටත් අල්ලාහ් ගැන හා ඔහුගේ දූතත්වය ගැන නුඹලා වෙත පැමිණි ඥානය ගැන කිසිදු අවබෝධයකින් තොරව ආගමික ප්රතිපත්තීන් හා පිළිවෙත් තුළ අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පැවසීමටත් ඉඩ සලසා දීමය.

Bakara 2:170

‘අල්ලාහ් පහළ කළ යහමග හා ආලෝකය පිළිපදිනු’ යැයි සත්යය ප්රතික්ෂේප කරන මොවුන්හට පවසනු ලැබූ විට ඔවුහු හිතුවක්කාර ලෙසින්: ‘අපි අපගේ මුතුන්මිත්තන් කවර ප්රතිපත්තියක හා සංකල්පයක සිටියේද එයම අපි අනුගමනය කරමු යැයි පැවසූහ. ඔවුන්ගේ මුතුන්මිත්තන් යහමග හා ආලෝකය පිළිබඳ කිසිදු අවබෝධයක් නොලබා සිටියදී අල්ලාහ් තෘප්තියට පත් වන සත්යය වෙත ඔවුන් මග පෙන්වනු නොලැබූ තත්ත්වයක ඔවුහු ඔවුන් අනුගමනය කරන්නෝද?

Bakara 2:171

තම මුතුන්මිත්තන් අනුගමනය කරමින් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට උපමාව මොර දී කෑ ගසා තම සතුන් දක්කන එෙඞ්රකු මෙනි. එසේ ඔහුගේ හඬ උන්ට ඇසුණද ඔහු කියන දෑ වටහා ගත නොහැකිය. එසේ ඔවුන් තමන්ට ප්රයෝජනවත් වන අයුරින් සත්යයට සවන්දීමට නොහැකි බිහිරින්ය. සත්ය කතා කිරීමෙන් දිවවල් පැටළුණු ගොළුවන්ය. සත්යය දෙස බැලිය නොහැකි අන්ධයින්ය. එහෙයින් නුඹලා කවර කරුණක් වෙත ඔවුන් කැදවන්නෙහු ද එම යහමග ඔවුනට නිවැරදි ව වටහා ගත නොහැක.

Bakara 2:172

අල්ලාහ්ව විශ්වාස කරමින් ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, අල්ලාහ් නුඹලාට පෝෂණය කළ නුඹලාට අනුමත කළ පිවිතුරු දෑ ආහාරයට ගන්න. නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද සඳහා බාහිර ව මෙන්ම අභ්යන්තරවද අල්ලාහ්ට කෘතඥ වනු. නුඹලා කිසිවක් ඔහුට ආදේශ නොකොට ඔහුට පමණක් අවංකව නමදින්නන් ලෙස සිටින්නෙහු නම් ඔහුට අවනතව නුඹලා ක්රියා කොට ඔහු තහනම් කළ පාපකම් වලින් වැළකී සිටීම නුඹලා ඔහු වෙත දක්වන කෘතවේදිත්වයයි.

Bakara 2:173

අල්ලාහ් නුඹලාට තහනම් කර ඇත්තේ නිවැරදි ආගමික පිළිවෙතකින් තොරව කපා හරින ලද සතුන් ගලා යන රුධිරය ශූකර මාංශ කපන විටදී අල්ලාහ්ගේ නාමය සඳහන් කිරීමෙන් තොරව කපන ලැබූ දෑය. ඉන් යමක් අනුභව කරන්නට මිනිසෙකු බල කරනු ලබන්නේ නම් අවශ්යතාවකින් තොරව අපරාධයකින් තොරව අනුභව කිරීමට අනුමැතිය ඇති නමුත් නියමිත සීමාව ඉක්මවා කටයුතු නොකළ යුතුය. එවිට ඔහු කෙරෙහි කිසිදු පාපයක් හෝ දඬුවමක් හෝ නොමැත. තමන් කළ පාපය වෙනුවෙන් පසුතැවිලි වී සමාව අයැද සිටින්නන්හට සැබැවින්ම අල්ලාහ් සමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි කරුණාවන්තය. බල කරනු ලබන අවස්ථාවක තහනම් දෑ අනුභව කිරීමට අනුමැතිය ලබා දී තිබීම ඔහුගේ කරුණාවෙන් එකකි.

Bakara 2:174

යුදෙව්වන් හා කිතුනුවන් මෙන් අල්ලාහ් පහළ කළ පුස්තක ද ඒවායෙහි ඇති සත්යය හා මුහම්මද් තුමාණන්ගේ නබිත්වය පිළිබඳ වූ සාධක ද වසන් කොට ඒ සඳහා මිල මුදල් නිලතල හා නායකත්වය වැනි අල්ප දැයක් වෙනුවෙන් විකුණා දමන්නේද ඔවුහුමය තම කුස තුළ සත්යය ගිල දමන්නෝ. ඔවුන් නිරයේ දඬුවම් ලබන්නට එය මූලික හේතුවක් වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් කැමති පරිදි ඔවුන් සමග කතා නොකරයි ඔවුන් කළ නපුරුකම් අනුව කතා කරයි. ඔහු ඔවුන් පිවිතුරු නොකරයි. එමෙන්ම ඔවුන් පැසසුමට ලක් නොකරයි. ඔවුනට වේදනීය දඬුවම ඇත.

Bakara 2:175

ජනයාට අවශ්ය දැනුම සැඟවීමේ ඒ නපුරු ගුණාංගයෙන් වර්ණනා කරනු ලැබූවෝ ඔවුන් දැනුම වසන් කළ බැවින් යහමග වෙනුවට නොමග හුවමාරු කර ගත්තෝය. අල්ලාහ්ගේ සමාව වෙනුවට ඔවුහු ඔහුගේ දඬුවම හුවමාරු කර ගත්තෝය. නිරයට ඇතුළත් වීමට ඔවුනට හේතු වූ එම ක්රියාවේ බරපතළකම ඔවුන් දරා ගනුයේ කෙසේද? ඔවුනට දරා ගත නොහැකි එම දඬුවම ගැන ඔවුන් සැලකිලිමත් නොවන්නාක් මෙන් සිටිති.

Bakara 2:176

එය, අල්ලාහ් දේව පුස්තක පහළ කර තිබියදීත් එහි ඇති සැබෑ දැනුම හා මගපෙන්වීම සැඟවීමේ විපාකයයි. එය පැහැදිලි කරනු ලැබිය යුතු යැයි ද සගවනු නොලැබිය යුතු යැයි ද තීන්දු කරයි. දේව පුස්තක වල ඇති දෑ සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගෙන ඒවායින් සමහරක් විශ්වාස කොට තවත් සමහරක් වසන් කළවුන් වනාහි, ඔවුන් සත්යයෙන් දූරස් වූ අන්ත බෙදීමක සිටිති.

Bakara 2:177

නැගෙනහිර හෝ බටහිර දිශාවට මුහුණලෑම හා ඒ පිළිබඳ මතභේද ඇති කර ගැනීම පමණක් අල්ලාහ් අබියස තෘප්තියට පත් යහපත් ක්රියාදාම නොවන්නේය. නමුත් යහපත යනු සියලුම යහපත් ක්රියාදාමයන්හි පිහිටිය යුත්තකි. එය අල්ලාහ් එක් දෙවියෙකු ලෙස විශ්වාස කිරීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සියලු මලක්වරුන් පහළ කරනු ලැබූ සියලු දේව පුස්තක හා සියලු නබිවරුන් කිසිදු වෙනසකින් තොරව විශ්වාස කිරීම, තමන් ධනයට ප්රිය කළද එය තම ඥාතීන්, ළමා අවදියේ තම පියාණන් අහිමිවූවන්, අවශ්යතාවන්ගෙන් පෙළෙන්නන්, තම පවුල තම දේශය හැර දමා ගමනක නිරත ව අතරමං වූවන් මිනිසුන්ගෙන් යාචනය කරන තරමට ඉතා අත්යවශ්යතාවන්ගෙන් පෙළෙන්නන් වෙනුවෙන් වියදම් කිරීම වහල්භාවයෙන් වහලුන් නිදහස් කිරීම සඳහා ධනය වියදම් කිරීම අල්ලාහ් නියෝග කර ඇති පරිදි සලාතය පරිපූර්ණ ව විධිමත් ව ඉටු කිරීම අනිවාර්ය වූ සකාතය පිරිනැමීම ගිවිසුමක් ගිවිස ගත් විට ඔවුන්ගේ එම ගිවිසුමේ කොන්දේසි ඉටු කිරීම දිළිඳු හා පීඩිත අවස්ථාවන්හි ද රෝගී තත්ත්වයකදී ද ඉවසීමෙන් කටයුතු කිරීම දැඩි යුදමය වාතාවරණයක හීන් සීරුවෙන් පළායෑමෙන් වැළකී සිටීම වැනි කරුණු වලද පිහිටයි. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවෝ අල්ලාහ් කවර කරුණක් ඔවුනට නියෝග කර ඇත්තේද එය පිළිපැද කවර කරුණක් ඔවුනට තහනම් කර ඇත්තේද එයින් වැළකී ඔහුගේ මතකයේම ජීවත් වන දේව භක්තිකයෝ වෙති.

Bakara 2:178

අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ගේ චරිතය පිළිපැද්දවුනි, උවමනාවෙන් හා සතුරුකමින් සෙසු අය විසින් ඝාතනය කරනු ලැබූවන් විෂයයෙහි, එසේ ඝාතනය කරනු ලැබූ අයට සමාන දඬුවම ඝාතකයාට ද ක්රියාත්මක කිරීම නුඹලා වෙත අනිවාර්යය කරන ලදී. එනම් නිදහස් පුද්ගලයා වෙනුවෙන් නිදහස් පුද්ගලයා ඝාතනය කරනු ලැබීමත්; වහලා වෙනුවෙන් වහලා ඝාතනය කරනු ලැබීමත්; කාන්තාව වෙනුවෙන් කාන්තාව ඝාතනය කරනු ලැබීමත් වේ. ඝාතනය ලක් වූ පුද්ගලයා තම මරණයට පෙර ඝාතකයාට සමාව දුන්නේ නම් හෝ ඝාතනය ලක් වූ පුද්ගලයාගේ භාරකරු ඔහුට සමාව දුන්නේ නම් හෝ දියත් හෙවත් වන්දි ගෙවීමේ නීතිය ක්රියාත්මක වේ. (එනම් නිශ්චිත ප්රමාණයක් ඝාතකයා විසින් මරුමුවට පත් අය වෙනුවෙන් සමාව දුන් පුද්ගලයාට පිරිනැමීමයි.) ඒ අනුව සමාව දුන් පුද්ගලයා වන්දි ඉල්ලා සිටීමේ දී ඝාතකයාට කළ උපකාරය කියා පෑමකින් හෝ ඔහුට පීඩාවක් ඇති කිරීමෙන් තොරව යහපත් ලෙස ඔහු සමග කටයුතු කළ යුතුය. එමෙන්ම ඝාතකයා ද කිසිදු ප්රමාදයකින් හෝ දිග් ගැස්සීමකින් තොරව උපකාරශීලී ව වන්දි මුදල පිරිනැමිය යුතුය. එසේ සමාව දී වන්දි භාර ගැනීම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත ලබා දී ඇති සහනයකි. මෙම සමූහයා වෙත ඔහු දැක් වූ දයාවකි. සමාව දී වන්දි භාරගත් පසුව ඝාතකයා සම්බන්ධයෙන් යමෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ නම් එවිට ඔහුට අල්ලාහ්ගෙන් වූ වේදනීය දඬුවමක් ඇත.

Bakara 2:179

කිසාස් හෙවත් සමප්රතිචාර දැක්වීම අල්ලාහ් ආගමානුගත කිරීමෙහි නුඹලාට ජීවිතයක් ඇත. එය නුඹලා අතර ලේ වැගිරීම් වළක්වාලයි. එමෙන්ම නුඹලා අතර ඇති වන ආරවුල් මැඩලයි. අල්ලාහ් වෙත තම භක්තිය පාන බුද්ධිමතුන් ඔහුගේ පිළිවෙතට අවනත වී ඔහුගේ නියෝගය ඉටු කරමින් මෙම ජීවිතය ලබනු ඇත.

Bakara 2:180

මරණයේ සළකුණු හෝ එහි සාධක කිසිවෙකු වෙත පැමිණි විට ඔහු විශාල මුදල් සම්භාරයක් අතහැර යන්නේ නම් ෂරීආ ව සීමා කළ පරිදි තම දෙමව්පියන්හටත් සමීප ඥාතීන්හටත් ඒවායෙහි උරුමය සම්බන්ධයෙන් අන්තිම කැමත්ත ප්රකාශ කළ යුතුය. එය මුළු ධනයෙන් තුනෙන් එක් කොටසකට වඩා වැඩි නොවන පරිදිය. එය ඉටු කිරීම අල්ලාහ් වෙත තම භක්තිය පාන බැතිමතුන්හට තරයේ ප්රකාශ කර ඇති නියමයකි. දේපළ උරුමයන් පිළිබඳ පාඨ පහළ වීමට පෙර මෙම නීතිය ක්රියාත්මකව පැවතුණි. දේපළ උරුමය පිළිබඳ පාඨ පහළ වූ කල්හි මිය ගිය ඇත්තන්හට උරුමකම් පාන්නේ කවුද? උරුමය ලැබීමේ ප්රමාණය කොපමණදැයි? විස්තර සහිත ව පැහැදිලි කෙරිණි.

Bakara 2:181

අන්තිම කැමැති ප්රකාශය දැනගත් පසු කවරෙකු එහි යම් වැඩි කිරීමක් හෝ අඩුකිරීමක් හෝ වැළැක්වීමක් සිදු කොට එය වෙනස් කරන්නේ ද අන්තිම කැමැත්ත ප්රකාශ කළ අය වෙත නොව එසේ වෙනස් කරන්නන් මත වෙනස් කිරීමේ පාපය හිමිය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පවසන දෑට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ කිසිදු තත්ත්වයක් ඔහුට මඟ හැරී යන්නේ නැත.

Bakara 2:182

අන්තිම කැමැත්ත ප්රකාශය කරන්නා සත්යයෙන් බැහැර වනු ඇතැයි හෝ අන්තිම කැමැත්තේ අසාධාරණයක් සිදු වෙතැයි යමෙකුට දැන ගන්නට ලැබුණේ නම් අන්තිම කැමැත්ත ප්රකාශ කරන්නා ඔහුගේ ප්රකාශයේ සිදු කරන්නට යන එම අසාධාරණය නිවැරදි කළ යුතු වේ. එමෙන්ම ඔහුගෙන් පසු පැමිණෙන්නන් ඔහුගේ අන්තිම කැමැත්ත අනුව කටයුතු කිරීමට ඔවුන් හැඩ ගැස්විය යුතු ව ඇත. එසේ සිදු කරන්නාහට පාපයක් නැත. ඒ වෙනුවට ඔහු එසේ හැඩගැස්වීම සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. සැබැවින්ම අල්ලාහ් වෙත පසුතැවිලි වී සමාව අයැද සිටින ඔහුගේ ගැත්තන්හට ඔහු සමාව දෙන්නාය. ඔවුන් වෙත කරුණාව දක්වන්නාය.

Bakara 2:183

අහෝ! දෙවියන් විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත පිළිපදින්නනි, නුඹලාට පෙර විසූ සමූහයන්ට අනිවාර්යය කළාක් මෙන්ම නුඹලාගේ පරමාධිපති විසින් නුඹලාට උපවාසය අනිවාර්යය කරනු ලැබ ඇත. දැහැමි ක්රියාවන් තුළින් නුඹලා අතර හා ඔහුගේ දඬුවම අතර ආරක්ෂාවක් ඇති කොට අල්ලාහ්ගේ මතකය සමග ජීවත්වනු පිණිසය. උපවාසය එවන් දැහැමි ක්රියාවන් අතර ඇති මහඟු ක්රියාවකි.

Bakara 2:184

නුඹලා වෙත අනිවාර්යය කරනු ලැබ ඇත්තේ වසරකට දින කිහිපයක් උපවාසයේ නිරත වීමය. නුඹලාගෙන් කිසිවෙකු උපවාසයේ නිරත වීමට නොහැකි දුෂ්කර රෝගයකින් පෙළෙන්නේ නම් හෝ ගමනක නිරත ව සිටින්නේ නම් හෝ ඔහුට උපවාසයෙන් මිදිය හැක. පසුව ඔහු මිදී සිටි උපවාස දින ගණන් බලා වෙනත් දිනයන්හි ඒවා ඉටු කළ යුතු ව ඇත. උපවාසය රකින්නට හැකියාව තිබී ඔවුන් ඉන් මිදෙන්නේ නම් එවන් අය ෆිද්යා හෙවත් වන්දි දිය යුතුය. එනම් ඔවුන් උපවාසය අතපසු කළ සෑම දිනයක් වෙනුවෙන්ම දුගියකුට ආහාර සැපයීමය. උපවාසයේ ඇති මහිමය නුඹලා දැන සිටියෙහු නම් එසේ උපවාසයෙන් මිදී ෆිද්යා දෙනවාට වඩා උපවාසය රැකීම නුඹලාට උතුම් වනු ඇත. මෙය අල්ලාහ් විසින් උපවාසය ආගමානුගත කළ ආරම්භයේ පැවති නීතිය විය. ඒ අනුව කැමති අය උපවාසයේ නිරත වූ අතර කැමති අය උපවාසයෙන් මිදී ඒ වෙනුවට දුගියන්හට ආහාර ලබා දුන්නේය. ඉන් පසු අල්ලාහ් උපවාසය අනිවාර්යය කළේය. ශක්තිය ඇති වැඩිවියට පත් සෑම කෙනෙකුහටම එය අනිවාර්යයෙන් ඉටු කළ යුත්තක් බවට පත් කළේය.

Bakara 2:185

රමළාන් මාසයේ කද්ර් රාත්රියෙහි (නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අල් කුර්ආනය පහළ වීම ආරම්භ විය. එහෙයින් රමළාන් මාසය පැමිණ එහි නිරෝගී ව හා ශක්තිමත් ව සිටින්නන් උපවාසය අනිවාර්යයෙන් ඉටු කළ යුතු ව ඇත. උපවාසය රැකීමට දුෂ්කර රෝගියකු වී නම් හා මගියෙකු වී නම් ඔහුට උපවාසයෙන් මිදිය හැක. නමුත් උපවාසය අත්හළ දින ගණන් බලා වෙනත් දිනවල උපවාසය ඉටු කිරීම ඔහුට අනිවාර්යය වේ. අල්ලාහ් නුඹලාට ආගමානුගත කළ දැයින් අපේක්ෂා කරනුයේ නුඹලා දුෂ්කරතාවට පත් කිරීම නොව නුඹලා පහසු මාර්ගයේ ගමන් කරවන්නටය. ඒ අනුව එම මාසය පුරාවට දින ගණන් බලා උපවාසය පූර්ණ කළ යුතු ව ඇත. අල්ලාහ් නුඹලා වෙත උපවාසය පිරිනමා එය පූර්ණවත් කිරීමට නුඹලාට උපකාර කළ බැවින් නුඹලා රමළාන් මස අවසාන වීමත් සමගම හා අවුරුදු දින අල්ලාහ් අති ශ්රේෂ්ඨය යන අර්ථය ගෙන දෙන ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් තක්බීර් පැවසිය යුතු ව ඇත. එමෙන්ම නුඹලා වෙනුවෙන් අල්ලාහ් තෝරා ගත් මෙම දහම වෙත ඔහු නුඹලාට මග පෙන්වා ඇති බැවින් ඔහුට කෘතඥ විය යුතුය.

Bakara 2:186

අහෝ! නබිවරය, මාගේ ගැත්තන් මා වෙත සමීප වීම හා ඔවුන්ගේ ප්රාර්ථනාවන් මා පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුන් නුඹගෙන් විමසා සිටින්නේ නම් සැබැවන්ම මම ඔවුනට ඉතා සමීප ව සිටිමි. ඔවුන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ මම මැනවින් දනිමි. ඔවුන්ගේ ප්රාර්ථනාවන් වලට සවන් දෙමි. එහෙයින් ඒ සඳහා කිසිදු මැදිහත්කරුවෙකු ඔවුනට අවශ්ය වන්නේ නැත. ඔවුන්ගේ හඬවල් උස් කිරීමට අවශ්ය වන්නේ ද නැත. ඔවුන්ගේ ප්රාර්ථනාවන්හි අවංක ලෙසින් ඔහු මගෙන් පතන විට එසේ පතන්නන්ගේ පැතුමට මම පිළිතුරු දෙමි. එහෙයින් ඔවුන් මටත් මාගේ නියෝග වලටත් යටත් විය යුතුය. ඔවුන් ඔවුන්ගේ විශ්වාසය තුළ අචල ව සිටිය යුතුය. සැබැවින්ම එය මා විසින් පිළිතුර ලබන්නට එය වඩාත් ප්රයෝජනවත් මාධ්යයකි. එය ඔවුන්ගේ ලෞකික හා මතු ලොව කටයුතු වලදී ඍජු මග ලබන්නට හේතු වනු ඇත.

Bakara 2:187

මිනිසෙකු උපවාස රාත්රියේ නින්දට ගොස් අලුයම උදාවීමට පෙර අවදි වූ විට ආහාර අනුභව කිරීමත් තම බිරිය වෙත සමීප වීමත් තහනම් බව ආරම්භ කාල නීතියේ සඳහන් ව තිබිණ. පසුව අල්ලාහ් එය වෙනස් කළේය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, උපවාස කාල රාත්රියන්හි නුඹලාගේ බිරියන් සමග සංවාසයේ නිරත වීමට ඔහු අනුමැතිය දී ඇත. ඔවුන් නුඹලාට ආවරණයක් වෙයි. නුඹලා තැන්පත් කරවයි. නුඹලාද ඔවුනට ආවරණයක් වෙයි. නුඹලා ඔවුන් තැන්පත් කරවයි. නුඹලාගෙන් ඇතැමෙකු ඇතමෙකුගේ සහය නොමැති ව සිටිය නොහැක. නුඹලාට කවර කරුණක් ඔහු තහනම් කර ඇත්තේ ද එය සිදු කිරීම ගැන නුඹලා නුඹලාටම වංචා කරමින් සිටියෙහුය. ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඔහු නුඹලාට කරුණාව දැක්වීය. නුඹලාට සමාව දුන්නේය. නුඹලාට සහනය දුන්නේය. එහෙයින් දැන් නුඹලා ඔවුන් සමග සංවාසයේ නිරත විය හැක. නුඹලා වෙනුවෙන් අල්ලාහ් නියම කර ඇති පරපුර එමගින් සොයනු. අලුයම පැහැදිලි ලෙස උදා වී රාත්රි අන්ධකාරය එයින් වෙන් වී ගිය බව නුඹලාට තහවුරු වන තෙක් රාත්රිය මුළුල්ලේම කෑමට බීමට නුඹලාට අවසරය ඇත. පසුව අලුයම උදාවේ සිට හිරු අවරට යන තෙක් උපවාසය බිඳෙන කරුණු වලින් වැළකී උපවාසය සම්පූර්ණ කරනු. ඉඃතිකාෆ් හෙවත් දේවස්ථාන වල රැදී සිටින විට නුඹලා බිරියන් සමග සංවාසයේ නිරත නොවනු. හේතුව එය උපවාසය අවලංගු කරයි. මෙහි සඳහන් නීති හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් දෑ අතර පවතින අල්ලාහ්ගේ සීමාවන්ය. එහෙයින් කිසිවිටෙක එයට ළං නොවනු. කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් පිළිබඳ කුතුහලයෙන් පෙළෙන්නේද ඔහු හරාම් හෙවත් තහනමෙහි වැටෙනු ඇත. මෙම නීති පැහැදිලි ව විස්තරාත්මක ව වටහා දී තිබෙන්නාක් මෙන් අල්ලාහ් අණ කළ දේ සිදු කොට තහනම් දෑ අතහැර දමා ඔහු ගැන මතකයෙන් ජීවත්වන්නට හැකි වන පරිදි ඔහුගේ වදන් ඔහු ජනයාට පැහැදිලි කර සිටියි.

Bakara 2:188

සොරකම මංකොල්ලය වංචාව වැනි ආගම අනුමත නොකළ අයුතු ආකාරයෙන් නුඹලා අනුන්ගේ ධනය සූරා නොගත යුතුය. සැබැවින්ම එය අල්ලාහ් තහනම් කර ඇති බව නුඹලා දැන දැනම ජනයාගේ ධනය පාපකාරී ලෙස අත්පත් කර ගනු පිණිස බලධාරීන් වෙත ගොස් මැදිහත් ව වාද නොකරනු. එය තහනම් බව දැන දැනම එවන් පාපකාරී ක්රියාවකට මුලපිරීම වඩාත් පිළිකුල් සහගත මෙන්ම දැඩි දඬුවම් ලැබිය යුතු ක්රියාවන් වන්නේය.

Bakara 2:189

අහෝ! දූතය, නව සඳෙහි පිහිටීම හා එහි වෙනස් වන ස්වභාවය ගැන නුඹගෙන් ඔවුහු විමසති. ඔවුනට පිළිතුරු වශයෙන් එහි යථාර්ථය පිළිබඳ මෙසේ පවසනු. එය මිනිසුන් කාලය ගණන් බලන කාල නියමයකි. එමගින් හජ් මාසය උපවාස මාසය සකාත් සඳහා වර්ෂ පූර්ණත්වය වැනි ඔවුන්ගේ ආගමික කටයුතු ඉටු කිරීම සඳහා වූ නියමිත වේලාවන් හඳුනා ගනිති. එමෙන්ම වන්දි ලබා දෙන කාලය ණය පියවන කාලය නිර්ණය කර ගන්නා වැනි ගනුදෙනු වලදී ද ඔවුන්ගේ නියමිත කාලය හඳුනා ගනිති. අඥාන යුගයේ නුඹලා විශ්වාස කරමින් සිටියාක් මෙන් හජ් හෝ උම්රා සඳහා නුඹලා ඉහ්රාම් ඇදගෙන සිටින අවස්ථාවේ නුඹලාගේ නිවෙස් වලට එහි පිටුපසින් ඇතුළු වීම යහපත් නොවන්නේය. සැබෑ යහපත වනුයේ බාහිර ක්රියාකාරකම් වල මෙන්ම අභ්යන්තරයේද අල්ලාහ් පිළිබඳ බැතිමත්කමින් කටයුතු කරන්නාය. නුඹලාගේ නිවෙස් වලට ඒවායෙහි දොරටුවලින්ම පිවිසිය හැක. එය නුඹලාට වඩාත් පහසුය. අසීරු කාර්යයක් නොවන්නේය. හේතුව යම් අපහසුවක් හෝ දුෂ්කරතාවක් හෝ නුඹලා මත පටවන්නට අල්ලාහ් ප්රිය කරන්නේ නැත. නුඹලා අතර හා අල්ලාහ්ගේ දඬුවම අතර නුඹලා දැහැමි ක්රියාවන් කරමින් ආරක්ෂාවක් සලසා ගනු. එමගින් නුඹලා ආශා කරන දෑ ලබා බියෙන් සිටි දැයින් මිදී නුඹලා ජයග්රයණය ලැබිය හැක.

Bakara 2:190

අල්ලාහ්ගේ දහමින් නුඹලා වළක්වන්නට නුඹලා සමග සටන් වදින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නුඹලාද (අල්ලාහ්ගේ වදන ඉහළින් පිහිටීමේ අපේක්ෂාවෙන්) සටන් කරනු. දරුවන් කාන්තාවන් හා මහල්ලන් ඝාතනය කිරීම සටනින් මියගිය ඇත්තන්ගේ ශරීර විකෘති කිරීම යනාදී කරුණු සිදු කොට අල්ලාහ්ගේ සීමාවක් ඉක්මවා නොයා යුතුය. සැබැවින්ම අල්ලාහ් ආගමානුගත කළ ඔහු තීන්දු කළ දෑහි ඔහුගේ සීමාවන් ඉක්මවා යන්නන් ප්රිය නොකරයි.

Bakara 2:191

සටන් බිමෙහි ඔවුන් දුටු තැන මරා දමනු. නුඹලා කවර තැනකින් බැහැර කරනු ලැබුවේ ද එතැනින්ම නුඹලා ද ඔවුන් බැහැර කරනු. එම ස්ථානය මක්කාවයි. දෙවියන් විශ්වාස කරන්නෙකු ඔහුගේ දහමින් වළක්වා දේව ප්රතික්ෂේපය වෙත නැවත යොමු කරන්නට බලකරමින් සිදු කරන ප්රචණ්ඩත්වය මිනිසෙකු ඝාතනය කිරීමට වඩා බරපතළය. මස්ජිදුල් හරම් දේවස්ථානයට ගරු කිරීමක් වශයෙන් එහි නුඹලා සමග යුද්ධ කිරීමට ඔවුන් ආරම්භ කරන තෙක් නුඹලා ඔවුන් සමග යුද්ධ නොකරනු. එසේ ඔවුන් යුද්ධ කිරීමට ආරම්භ කළේ නම් ඔවුන් සමග නුඹලා ද යුද්ධ කරනු. මෙම ප්රතිවිපාකය මෙන් එනම් ඔවුන් මස්ජිදුල් හරාම්හි සීමාව ඉක්මවා කටයුතු කරන විට ඔවුන් ඝාතනය කිරීම හා සමානව දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රතිවිපාකය වනු ඇත.

Bakara 2:192

නුඹලා සමග යුද්ධ කිරීමෙන් හා ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් වැළකී සිටියේ නම් සැබැවින්ම එසේ වැළකී පාප සමාව අයැද සිටින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන්ගේ පෙර පාපකම් හේතුවෙන් ඔහු ඔවුන් ග්රහණය කරන්නේ නැත. එමෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් මහා කරුණාන්විතය. ඔවුන්හට දඬුවම් දීමට ඉක්මන් වන්නේ නැත.

Bakara 2:193

දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතර දේව ආදේශය අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීම දේව ප්රතික්ෂේපය වැනි දෑ තුරන් වී අල්ලාහ්ගේ දහම ඉහළින් පිහිටන තෙක් ඔවුන් සමග නුඹලා අරගල කරනු. ඔවුන්ගේ ප්රතික්ෂේපභාවයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වළකාලීමෙන් ඔවුන් වැළකුණේ නම් ඔවුන් සමග අරගල කිරීම අතහැර දමනු. එවිට සතුරුකම ඇත්තේ දෙවියන් ප්රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන අපරාධකරුවන් සමග පමණි.

Bakara 2:194

හිජ්රි හත් වැනි වසරේ හරම් සීමාව තුළට පිවිස එහි උම්රා ඉටු කිරීමට නුඹලාට ඉඩ සලසා දුන් එම ශුද්ධ මාසය හිජ්රි සයවැනි වර්ෂයේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් හරම් සීමාවෙන් නුඹලා වැළැක් වූ එම ශුද්ධ මාසයට සරිලන අයුරින් පිහිටා ඇත. හරම් යන පදයේ බහු වචනය හුරුමාත් යන්නයි. එනම් ශුද්ධ නගරය හා ශුද්ධ මාසය ගරු කොට සලකා එහි ඇතැම් කරුණු සිදු කිරීමට තහනම් කර තිබීමය. නමුත් එසේ තහනම් කර තිබුණ ද එහි දී සීමාව ඉක්මවා කටයුතු කරන්නන්හට ප්රතිචාර දැක්වීම අනුමත කරන ලදී. ඒ අනුව කවරෙකු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේද ඔහු සිදු කළ හා සමාන ව නුඹලාද ඔහු සමග කටයුතු කරනු. නමුත් නුඹලා සමාන ව කටයුතු කිරීමේ සීමාව ඉක්මවා නොයා යුතුය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන් ප්රිය නොකරයි. නුඹලාට කවර විෂයක අනුමැතිය දුන්නේද එවන් දෑහි සීමාව ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ්ට බිය වනු. සැබැවින්ම අල්ලාහ් ඔහු පිළිබඳ මතකයෙන් ජීවත් වන්නන් සමග සිටින බව නුඹලා දැන ගනු. නුඹලාට ආශිර්වාද කිරීමත් නුඹලා ස්ථාවර කිරීමත් ඔහු සතුය.

Bakara 2:195

අල්ලාහ්ට අවනත ව ජිහාද් හා වෙනත් දෑ සඳහා ධනය වියදම් කරනු. එසේ ජිහාදය හා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම අතහැර දමා නුඹලාගේ ජීවිත නුඹලා විසින්ම විනාශ කර නොගනු. නැතහොත් නුඹලාගේ විනාශයට හේතු වන කරුණු කාරණා සිදු කොට නුඹලාගේ ජීවිත විනාශ මුඛයට නොහෙළනු. නුඹලාගේ වත්පිළිවෙත් ගනුදෙනු හා සදාචාර ගතිපැවතුම් වලදී යහපත් අයුරින් කටයුතු කරනු. තම සියලු කටයුතු වලදී දැහැමි ලෙස කටයුතු කරන්නන්හට අල්ලාහ් කරුණා කරනු ඇත. ඔවුනට කුසල් ලබා දී ගරු කරයි. යහමග වෙත මග පෙන්වා ආශිර්වාද කරයි.

Bakara 2:196

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හජ් හා උම්රා පූර්ණ ව ඉටු කරනු. යම් කිසි රෝගාබාධයකින් හෝ සතුරු උවදුරකින් හෝ ඒ දෙක පූර්ණ ව ඉටු කිරීමෙන් නුඹලා වළක්වනු ලැබුවේ නම් එහිදී නුඹලා ඉහ්රාමයෙන් ඉවත් වන බැවින් නුඹලාට කැප කිරීමට පහසු ඔටුවෙකු හෝ ගවයකු හෝ එළුවෙකු හෝ කපා හැරීම නුඹලා කෙරෙහි පැවරෙන වගකීමක් වනු ඇත. සත්වයා කපා හරින්නට සුදුසු ස්ථානය වෙත එම සත්වයා ළඟා වන තෙක් නුඹලාගේ හිසකෙස් අඩු හෝ මුඩු නොකරනු. නුඹලා හරම් සීමාව තුළ වළක්වනු ලැබුවේ නම් වළක්වනු ලැබූ කවර ස්ථානයක හෝ සත්වයෙකු කපා හරිනු. හරම් සීමා නොවන වෙනත් තැනක වළක්වනු ලැබුවේ නම් අවුරුදු දින හෝ ඉන් පසු ඇති අය්යාමුත් තෂ්රීක් දිනයන්හි හරම් සීමාව තුළ සත්වයකු කපා හරිනු. නුඹලා අතර යමෙකු රෝගී හේතුවෙන් හෝ උකුණන් පොඩු වැනි දෑ හිසෙහි ඇති වන රෝගී හේතුවෙන් හෝ හිස මුඩු ගාන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඒ වෙනුවෙන් ෆිද්යා හෙවත් වන්දියක් පිරිනැමිය යුතුය. එනම් දින තුනක් උපවාසයේ නිරත වීම හෝ හරම් සීමාව තුළ සිටින දිළිඳුන් හැට දෙනෙකුට ආහාර සැපයීම හෝ එළුවෙකු කපා හරම් සීමාව තුළ සිටින දුගියන්ට බෙදා හැරීමයි. නමුත් මෙවන් බාධක වලින් ඉවත් ව නුඹලා කිසිදු බියකින් තොර ව සිටියදී හජ් සමයේ තමත්තුඃ ක්රමයට උම්රා ඉටු කරන්නට අපේක්ෂා කරන්නේ නම් එම වසරේ හජ් සඳහා ඉහ්රාම් අඳින තෙක් ඉහ්රාම් හි තහනම් කරනු ලැබූ දෑ තවදුරටත් පිළිපැදිය යුතුය. නමුත් එය කඩ කොට භුක්ති වින්දේ නම් ඔහුට පහසු අයුරින් එළුවෙකු හෝ සත් දෙනෙකු ඒකතු වී එක් ඔටුවෙකු හෝ හරකෙකු හෝ කපා හැරිය යුතුය. එසේ සත්ව කැපයක් ලබා දීමට හැකියාවක් නොමැති විටෙක ඒ වෙනුවට වන්දනා කාලය තුළ දින තුනක් ද තම නිවස බලා නැවත පැමිණි පසු දින හතක් ද යනාකාරයෙන් සම්පූර්ණ වශයෙන් දින දහයක් උපවාසයේ නිරත විය යුතුය. සත්ව කැපකිරීම අනිවාර්යය කරන නැතහොත් එය පිරිනැමීමට නොහැකි වූ විට උපාවසය අනිවාර්යය කරන මෙම තමත්තුඃ ක්රමය හරම් සීමාව තුළ වාසය කරන්නන්හට නොව එම සීමාවෙන් පිටත වාසය කරන්නන් හා එම සීමාවට සමීපයෙන් පදිංචි ව සිටින්නන්හටය. හේතුව හරම් හි පදිංචිකරුවන් එම සීමාව තුළ සිටින විට තමත්තුඃ කිරීමේ අවශ්යතාවක් ඔවුනට නැත. උම්රා සමගම හජ් දක්වා තමත්තුඃ කිරීම වෙනුවට පොදුවේ තවාෆ් කිරීම ඔවුනට ප්රමාණවත් වන්නේය. අල්ලාහ් ආගමානුගත කළ දෑ පිළිපදිමින් නුඹලා ඔහුට බැතිමත් වනු. ඔහුගේ සීමාවන්ට ගරු බුහුමන් කරනු. ඔහුගේ නියෝගය පිටුපාන්නන්හට සැබැවින්ම ඔහු දැඩි සේ දඬුවම් කරන බව දැන ගනු.

Bakara 2:197

හජ් සමය සැවොම දන්නා මාසය. එනම් එය ෂව්වාල් මාසයේ ආරම්භ වී දුල් හිජ්ජා මාසයේ ආරම්භ දින දහයත් සමග අවසන් වේ. මෙම මාස වල කවරෙකුට හජ් අනිවාර්ය වී ඒ සඳහා ඔහු අධිෂ්ඨාන කළේ ද සංසර්ගයේ යෙදීම හා ඒ සඳහා වූ පෙර ඇසුර එම කාලය තුළ ඔහුට තහනම් වන්නේය. පාපකම් සිදු කොට අල්ලාහ්ට අකීකරු වීමෙන් ප්රවේශම් වී එහි ගෞරවය තහවුරු කළ යුතුය. හජ් සමය හා එම ස්ථානය ඉමහත් ගෞරවයට ලක් විය යුත්තකි. එහි කෝපය හා නොමනා විවාදයට ඉඩ දෙන වාද කිරීම් තහනම්ය. නුඹලා යම් යහපතක් කරන්නේද ඒ ගැන අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. හජ් වගකීම ඉටු කිරීම සඳහා අවශ්ය ආහාරපාන හා කළමනා පොදි බැඳ ගනු. එසේ තම අවශ්යතාව සඳහා පොදි බැඳගන්නා සියලු දෑට වඩා උතුම් වනුයේ තක්වා හෙවත් අල්ලාහ් පිළිබඳ වූ මතකය හා බැතිමත්භාවයයි. එහෙයින් මනා බුද්ධිය ඇත්තනි, නුඹලා මාගේ නියෝග පිළිපැද මා තහනම් කළ දැයින් වැළකී මට බිය වනු.

Bakara 2:198

හජ් සමය තුළ අනුමත ව්යාපාර කටයුතු හරහා ධනය ඉපැයීම නුඹලා කෙරෙහි වරදක් නැත. හජ් මස නව වැනි දින අරෆාවෙහි රැදී සිටීමෙන් පසු ඉන් පිටත් ව දස වැනි දින රාත්රියේ මුස්දලිෆා බලා යන්නේ නම් තස්බීහ් හෙවත් සුබ්හානල්ලා යැයි අල්ලාහ්ව සුවිශුද්ධ කරනු. තහ්ලීල් හෙවත් ලා ඉලාහ ඉල්ලල්ලාහ් යැයි පවසා අල්ලාහ් ට පමණක් දේවත්වය පුද කරනු. මුස්දලිෆාවෙහි අල් මෂ්අරිල් හරාම් නම් ස්ථානයේ ප්රාර්ථනාවේ නිරත වනු. උදාර ඉස්ලාම් දහම වෙත අල්ලාහ් නුඹලාට මගපෙන්වා තීබීම හා ඔහුගේ නිවසෙහි හජ් වන්දනා ඉටු කිරීමට මගපෙන්වා තිබීම හේතුවෙන් නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු. මීට පෙර නුඹලා එහි පිළිවෙත් පිළිබඳ සැලකිල්ලෙන් පසු වූයේ නැත.

Bakara 2:199

අරෆාවෙහි රැඳී නොසිටින ඇතැම් අඥාන ජනයා සිදු කරන්නාක් මෙන් නොව ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අනුගමනය කළ ජනයා සිදු කරන්නාක් මෙන් අරෆාහි රැඳී සිට පසුව ඉන් ඉවත් ව යනු. අල්ලාහ් ආගමානුගත කළ දෑ ඉටු කිරීමෙහි සිදු වූ අඩුපාඩු සඳහා නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. සැබැවින්ම අල්ලාහ් ඔහුගෙන් පාප සමාව අයැද සිටින තම ගැත්තන් ප්රිය කරන්නේය. ඔහු ඔවුන් වෙත මහා කාරුණිකය.

Bakara 2:200

නුඹලා හජ් කටයුතු නිමා කළ විට නුඹලා නුඹලාගේ මුතුන්මිත්තන් සාඩම්භරයෙන් මෙනෙහි කරනවාක් මෙන් හෝ ඊටත් වඩා වැඩියෙන් නුඹලා අල්ලාහ් මෙනෙහි කරනු. ඔහුට ප්රශංසා කරනු. නුඹලා භුක්ති විඳින සියලු ආශිර්වාදයන් නුඹලාට හිමි වූයේ ඔහුගෙනි. නමුත් ජනයා විවිධ මත දරති. ඔවුන් අතර මෙලොව ජීවිතයට පමණක් මුල් තැන දී සත්යය විශ්වාස නොකරන දෙවියන්ට ආදේශ තබන ප්රතික්ෂේප කරන්නන් ද වෙති. මෙලොව ජීවිතයේ නීරෝගිකම ධනය හා දරුවන් වැනි සුව සම්පත් හා අලංකාරය පමණක් මිස වෙනත් කිසිවක් ඔවුහු තම පරමාධිපතිගෙන් අයැද නොසිටිති. ඔවුන් මතු ලොව පිටුපා මෙලොව පමණක් තම ආශාව බවට පත් කර ගත් බැවින් මතු ලොවෙහි දෙවියන් විශ්වාස කරන ගැත්තන්හට සූදානම් කර ඇති කිසිදු භාග්යයක් ඔවුනට හිමි නැත.

Bakara 2:201

එම මිනිසුන් අතර මතු ලොව විශ්වාස කරන දේව විශ්වාසවන්ත පිරිසක් ද වෙති. ඔවුන් ස්වර්ග ජයග්රහණය හා නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂාව පතා තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටිනවාක් මෙන්ම මෙලොව සැපත හා එහි දැහැමි ක්රියාවන් සිදු කිරීම ගැන ද තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටිති.

Bakara 2:202

ඔවුහු මෙලොව හා මතු ලොව යන දෙකෙහිම යහපත අයැද සිටින්නන් වෙති. දැහැමි ක්රියාවන් තුළින් මෙලොව ඔවුන් උපයා ගත් දෑ සඳහා ඉමහත් කුසලින් කොටසක් ඔවුනට ඇත. තවද අල්ලාහ් එම ක්රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

Bakara 2:203

අල්ලාහ් අති ශ්රේෂ්ඨය යන තේරුම ගෙන දෙන ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් තක්බීර් හා නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත යන තේරුම ගෙන දෙන ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යනුවෙන් දින කිහිපයක් තහ්ලීල් පවසමින් අල්ලාහ් මෙනෙහි කරනු. ඒවානම් හජ් මාසයේ එකොළහ දොළහ හා දහතුන් වන දින වෙති. නමුත් කිසිවකු දොළොස්වන දින ගල් ගැසීමෙන් පසු කලින්ම පිටත් ව යන්නේ නම් ඒ සඳහා ඔහුට අවසරය ඇත. එහි පාපයක් නැත. එය අල්ලාහ් ඔහුට පිරිනමා ඇති සහනයක් වන බැවිනි. ගල් ගසා අවසන් කරන තෙක් ඔහු දහතුන් වන දින දක්වාම ප්රමාද වී, පසුව ඉන් පිට වී යන්නේ නම් ඒ සඳහා ද ඔහුට අවසරය ඇත. එහි ද වරදක් නැත. එහිදී ඔහු එය පූර්ණ ව සිදු කර ඇත. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කළ ක්රියාව අනුගමනය කර ඇත. මේ සියල්ල හජ් වන්දනාව තුළ අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නන්හට පිරිනමා ඇති ආශිර්වාද වෙති. අල්ලාහ් කවර කරුණක් අණ කර සිටියේ ද ඒ අනුව ඔහු කටයුතු කළ යුතු ව ඇත. අල්ලාහ්ගේ නියෝග පිළිපදමින් ඔහු වැළැක් වූ දැයින් වැළකී නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරනු. නියත වශයෙන්ම නුඹලා ඔහු වෙතට පමණක් හැරෙන බවත් යොමු වන බවත් තරයේ විශ්වාස කරනු. නුඹලා සිදු කරන ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:204

අහෝ! නබිවරය, මෙලොවෙහි තම කතාවෙන් නුඹ ව රැවටීමට පත් කරන කුහකයින් ද ජනයා අතර වෙති. ඔවුන් සත්යය පවසන බවත් උපදෙස් කරන බවත් නුඹ සිතන තරමට මනා වාග් ශෛලයකින් යුතු ව ඔවුන් කතා කරනු නුඹ දකින්නෙහිය. ඔහු එයින් අපේක්ෂා කරනුයේ තමන් හා තම වස්තුව ආරක්ෂා කර ගැනීමය. ඔහුගේ සිත දේව විශ්වාසය හා යහපත මත පිහිටා ඇති බවට බොරු පවසමින් අල්ලාහ් මත සාක්ෂි දරා පවසයි. නමුත් ඔහු මුස්ලිම්වරුන්ගේ දැඩි සතුරෙකි. දැඩි ලෙස තර්ක කරන්නෙකි.

Bakara 2:205

ඔහු නුඹෙන් වෙන් ව දුරස්ව ගිය විට මහපොළොවේ පාපකම් සිදු කොට කලහකම් ඇති කිරීමට උත්සාහ දරයි. ගොවිබිම් මෙන්ම ගොවිපළ සතුන් ද විනාශ කර දමයි. මහපොළොවේ එවන් කලහකම් සිදුවීම අල්ලාහ් ප්රිය නොකරන අතරම එසේ සිදුකරන්නන් ද ඔහු ප්රිය කරන්නේ නැත.

Bakara 2:206

ඒ කලහකාරියාට උපදෙස් මාර්ගයෙන් අල්ලාහ්ගේ සීමාවන්ට ගරු කොට ඔහු වැළැක්වූ දැයින් වැළකී ඔහුට බැතිමත් වනු යැයි පවසනු ලැබූ විට ඔහුගේ හිතුවක්කාරකම හා අහංකාරකම සත්යය වෙත යොමු වීමට ඔහු ව වැළැක්වීය. ඔහු පාපයේ අඛණ්ඩ ව නිරත ව සිටියේය. ඔහුට ප්රමාණවත් ඔහුගේ ප්රතිවිපාකය ඔහු නිරයට පිවිසීමය. එහි වැසියන් වෙනුවෙන් වෙන් කර ඇති වාසස්ථානය හා නවාතැන ඉතා බිහිසුණුය.

Bakara 2:207

තම ජීවිතය පරදුවට තබා තම පරමාධිපතිට යටහත් වී ක්රියා කරන ඔහුගේ තෘප්තිය අපේක්ෂා කරමින් ඔහුගේ මාර්ගයේ කැප වන අය ද මිනිසුන් අතර වෙති. අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි මහත් සේ කරුණාභරිතය. ඔහු ඔවුනට දයානුකම්පිතය.

Bakara 2:208

අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින සත්යය විශ්වාස කරන්නනි, ඉස්ලාමය තුළට පූර්ණ ලෙස පිවිසෙනු. ආගම් ලත් ජනයා දේව විශ්වාසය සම්බන්ධයෙන් තමන්ට පහළ වූ පුස්තකයෙන් කොටසක් අතහැර දමා තවත් කොටසක් ප්රතික්ෂේප කළාක් මෙන් නුඹලා ඉන් කිසිවක් අතහැර නොදමනු. ෂෙයිතාන්ගේ මාර්ග පිළිපැදීමෙන් වැළකෙනු. සැබැවින්ම ඔහු හෙළි පිටම නුඹලාගේ ප්රකට සතුරෙකි.

Bakara 2:209

කිසිදු සැකයකට ඉඩ නැති පැහැදිළි සාධක නුඹලා වෙත පැමිණි පසු නුඹලා අතුරින් කවරෙකු හෝ ඉන් ලිස්සී වෙනතකට යොමු වන්නේද සැබැවින්ම අල්ලාහ් ඔහුගේ බලයේ හා ඔහුගේ පාලනයේ සර්ව බලධාරී බව දැන ගනු. ඔහු, ඔහුගේ සැලසුම් වලදී හා ආගමානුගත කිරීමෙහි වඩාත් ප්රඥාවන්ත බවත් දැන ගනු. එහෙයින් නුඹලා ඔහුට බිය වී ඔහුට ගරු බුහුමන් කරනු.

Bakara 2:210

සත්යයෙන් නැඹුරු වී ෂෙයිතාන්ගේ මග පිළිපදින්නන් වන මොවුහු අපේක්ෂා කරනුයේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කීර්තියෙන් පිරුණු සුවිශුද්ධ අල්ලාහ් සමග සම්බන්ධ යමක් ඔවුන් අතරට අල්ලාහ් ගෙන ඒමය. එනම් ඔවුන් අතර තීන්දු දෙනු පිණිස ඔහු වලාකුළු හෙවණැලි අතරින් පැමිණ, සෑම දෙසකින්ම ඔවුන් පිරිවරාගෙන මලක්වරුන් ඔවුන් වෙත පැමිණ ඒ අවස්ථාවේ ඔවුන් අතර අල්ලාහ්ගේ තීන්දුව ක්රියාත්මක කරනු ලැබ එය අවසන් කිරීමය. සියලු මැවීම්හි කටයුතු හා ඔවුන්ගේ සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙත පමණි.

Bakara 2:211

අහෝ! නබිවරය, ඉස්රාඊල් දරුවන්හට අප්රසාදය පල කරමින් ඔවුන්ගෙන් මෙසේ අසනු. රසූල්වරුන් සත්යවාදීන් බව තහවුරු කරමින් කෙතරම් සාක්ෂි හා සාධක අල්ලාහ් නුඹලාට පැහැදිලි කර තිබේද? නමුත් නුඹලා ඒවා බොරු කළෙහුය. ඒවාට පිටුපෑවෙහුය. අල්ලාහ්ගේ ආශිර්වාදය හඳුනාගත් පසු එය හෙළි වූ පසු කවරෙකු එය ප්රතික්ෂේප කොට බොරු කර වෙනස් කරන්නේද සැබැවින්ම අල්ලාහ් බොරුකාර ප්රතික්ෂේප කරන්නන්හට දැඩි සේ දඞුවම් පමුණුවන බව දැන ගත යුතුය.

Bakara 2:212

අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන්හට මෙලොව ජීවිතය හා එහි ඇති අල්ප සතුටත්, තාවකාලික සුවයත් අලංකාර කර පෙන්වන ලදී, ඔවුහු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කළවුන් සමච්චලයට භාජනය කරති. අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු වැළැක්වූ දෑ අතහැර දමා, ඔහු කෙරෙහි බැතිමත්වූවන් මතු ලොවෙහි ඔවුනට වඩා ඉහළින් සිටිනු ඇත. එය අල්ලාහ් උසස් ස්වර්ග උයන් වලට මොවුන් ඇතුළු කරවීමෙනි. අල්ලාහ් තමන් අභිමත කරන මැවීමකටම කිසිදු ගණන් කිරීමකින් හෝ සීමා කිරීමකින් තොරව ආශිර්වාද පිරිනමනු ඇත.

Bakara 2:213

ෂෙයිතාන් මිනිසා නොමග යවා දෙවියන් විශ්වාස කරන හා දෙවියන් විශ්වාස නොකරන දෙපිරියක් බවට පත් කරන තෙක් මිනිසා එකම සමූහයක් ලෙස ඔවුන්ගේ ආදි පියා වූ ආදම්ගේ දහම පිළිපඳිමින් යහමග මත පිහිටා සිටියහ. ඒ අනුව, අල්ලාහ් විශ්වාස කරන ඔහු පිළිපදින සමූහයාට තම කරුණාව තුළින් ඔවුනට ඔහු සූදානම් කර ඇති දෑ පිළිබඳ ශුභාරංචි දන්වන දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට ඔහු ප්රතිඥා දී ඇති දැඩි දඬුවම පිළිබඳ අවවාද කරන රසූල්වරුන් එවීය. එමෙන්ම කිසිදු සැකයකට ඉඩක් නැති සත්ය කරුණු මත පදනම් වූ පුස්තක ද එම රසූල්වරුන් සමගම පහළ කළේය. එය ජනයා කවර කරුණක් මත භේදබින්න වී සිටින්නේද ඒ ගැන ඔවුන් තීන්දු දීම පිණිසය. තව්රාතයේ දැනුම පිරිනැමූ යුදෙව්වන් හට සැබැවින්ම ඔහු අබියස ඇති දෑ සත්යය බවට සාක්ෂි සාධක පැමිණීමෙන් පසු ව මිස ඔවුන් තව්රාතය සම්බන්ධයෙන් මත භේද ඇති කර ගත්තේ නැත. එහි මත භේද ඇති කර ගන්නට තරම් කිසිවක් එහි නොවීය. එසේ ඔවුන් අපරාධකාරී ලෙස එය හෙළා දැක්කෝය. අල්ලාහ්ගේ අනුමැතිය හා අභිමතය පරිදි නොමගින් යහමග හඳුනා ගැනීම සඳහා අවස්ථාව පාදා දෙමින් ඔහු මුඃමින්වරුන් උසස් කළේය. ඒ අනුව තමන් අභිමත කරන්නන් ඔහු ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු අඩුවක් දැකිය නොහැක. එය සැබෑ දේව විශ්වාසයේ මාර්ගයයි.

Bakara 2:214

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාට පෙර විසූ මුතුන්මිත්තන්හට ඇති වූ පරීක්ෂණ මෙන් කිසිදු පරීක්ෂණයක් නුඹලාට ඇති නොවී නුඹලා ස්වර්ගයට පිවිසිය හැකි යැයි නුඹලා සිතන්නෙහුද? දිළිඳුකම හා රෝගී බව දැඩි සේ ඔවුන් වෙළා ගත්තෝය. භයානක ලෙස ඔවුන් ඇද වැටිණ. අල්ලාහ්ගේ උදව් ඉක්මණින් පතන තරමට ඔවුන්ට මහත් සේ පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු විය. රසූල්වරයා ද ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් ද අල්ලාහ්ගේ උදව් එනුයේ කවදාදැයි විමසා සිටියහ. සැබැවින්ම අල්ලාහ්ගේ උපකාරය, ඔහු ව විශ්වාස කරන්නන්හට ඔහු කෙරෙහි සියල්ල භාරකරන්නන්හට සමීපයෙන්ම ඇති බව දැන ගනු.

Bakara 2:215

අහෝ නබිවරය, නුඹගේ මිතුරන් ඔවුන්ගේ විවිධාකාර සම්පත් අතුරින් වියදම් කළ යුත්තේ කුමක් ද, ඒවා තැබිය යුත්තේ කොහේදැයි ඔබෙන් විමසති. ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. නුඹලා වියදම් කරන දෑ යහපත් විය යුතුයි. ඒනම් අනුමත හා පිරිසිදු දෑ විය යුතුයි. එය දෙමව්පියන්ටත් අවශයතාවෙන් පෙළෙන නුඹලාගේ සමීප ඥාතීන්ටත් අවශ්යතා ඇති අනාථ දරුවන්ටත් ධනය නොමැති අසරණයින්ටත් තම දේශය හා තම ජාතීන් අහිමිව සිටින මගියාටත් වේ. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා කවර යහපතක් සිදු කළ ද එය කුඩා හෝ මහා පරිමානයෙන් වුවද සැබැවින්ම ඒ ගැන අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුගෙන් කිසිවක් සැගවෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:216

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සහජයෙන්ම නුඹලා පිළිකුල් කළ ද ධනය හා ජීවිත පරිත්යාගයක් එහි ඇති බැවින් නුඹලා වෙත අල්ලාහ් එය අනිවාර්යය කොට ඇත. නුඹලා යමක් පිළිකුල් කළ හැකිය. එය සිදුවීම නුඹලාට යහපත් මෙන්ම ප්රයෝජනවත් වන්නට පුළුවනි. අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම එයට උපමාවකි. එහි ඇති කුසලෙහි මහඟුතාව සමගම සතුරන්ට එරෙහි ව ජයත් ඇත. එමෙන්ම එය අල්ලාහ්ගේ වදන උසස් කරවයි. එමෙන්ම නුඹලා යමක් ප්රිය කළ හැක. එය නුඹලාට අයහපත් මෙන්ම නුඹලාට විනාශය ගෙන දෙන්නක් වන්නට පුළුවනි. දිවිපුදමින් සටන් නොකර පසුබෑම මෙනි. හේතුව එහි පරාජය ඇති සේම සතුරන්ගේ යටත් විජිතයින් බවට පත් වීම ද ඇත. සියලු කටයුතු වල යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් පූර්ණ දැනුමෙන් පසුවන්නේය. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය. එහෙයින් ඔහුගේ අණට පිළිතුරු දෙනු. එහි නුඹලාට යහපත ඇත.

Bakara 2:217

අහෝ! නබිවරය, දුල් කඃදා, දුල් හිජ්ජා, අල් මුහර්රම් හා රජබ් යන ගෞරවනීය ශුද්ධ මාසවල යුද මෙහෙයවීමේ නීතිය පිළිබඳ මිනිසුන් නුඹගෙන් විමසා සිටිති. ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසන්න. මෙම මාසවල යුද මෙහෙයවීම අල්ලාහ් අබියස බැරෑරුම් සග පිළිකුල් කටයුත්තකි. එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වළක්වන්නට දෙවියන්ට ආදේශ තැබුුවන් ගත් ක්රියාමාර්ග අප්රසන්න කටයුත්තක් වීමත් එලෙසමය. ශුද්ධ මස්ජිදය වන මස්ජිදුල් හරාමයෙන් දෙවියන් විශ්වාස කරන්නන් වැළැක්වීමත් එහි වැසියන් ඒයින් බැහැර කිරීමත් එම ශුද්ධ මාසවල යුද මෙහෙයවීමට වඩා අල්ලාහ් අබියස බරපතල කරුණක් වේ. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන්ට ආදේශ තබන්නන් නුඹලාගේ සත්යය දහමින් පෙරළා ඔවුන්ගේ වැරදි දහම වෙත නුඹලා නැවත හරවන තෙක් ඒ සඳහා හැකියාව ඔවුනට ඇත්තේ නම් එසේ සිදුකරමින්ම සිටිති. නුඹලා අතුරින් කවරෙකු ඔහුගේ දහමින් හැරී අල්ලාහ් ප්රතික්ෂේප කරන තත්ත්වය මත සිටම මරණයට පත් වන්නේද සැබැවින්ම ඔහු ඔහුගේ දැහැමි ක්රියාවන් නිෂ්ඵල කර ගත්තේය. මතු ලොවෙහි ඔහු පිවිසෙනුයේ නිරය වෙතය. එය ඔහුගේ සදාතනික නිවහන බවට පත් වන්නේය.

Bakara 2:218

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන්නන් හා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් තම දේශය අතහැර දේශාවතරණය කළවුන් අල්ලාහ්ගේ වදන සියල්ලට ඉහළින් වැජඹෙන්නට අරගල කළවුන් වන මොවූහු අල්ලාහ්ගේ කරුණාවෙහි හා ඔහුගේ සමාවෙහි භුක්ති විඳිනු ඇත. තවද අල්ලාහ්් තම ගැත්තන්ගේ පාපයන්ට සමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

Bakara 2:219

අහෝ! නබිවරය, සිහි බුද්ධිය විකල් කරවන මත්ද්රව්ය පිළිබඳ නීතිය නුඹේ මිතුරන් නුඹගෙන් විමසා සිටිති. එය පානය කිරීම එය විකිණීම එය මිලට ගැනීම යනාදීයෙහි නීතිය ද ඔවුහු නුඹගෙන් විමසා සිටිති. එමෙන්ම සූදු කෙළීම පිළිබඳ නීතිය ද ඔවුහු නුඹගෙන් විමසා සිටිති. එනම් තරගයකට සහභාගී වන දෙපාර්ශවය යම් මුදලක් යොදා ඉන් ජය ලැබූ පිරිස එම ධනය තමන් සතු කර ගැනීමය. නුඹ පිළිතුරු වශයෙන් ඔවුනට මෙසේ පවසනු. ඒ දෙකෙහිම විපාක ඇත. ආගමික වශයෙන් හා ලෞකික වශයෙන් එහි හානිය බහුලය. සිහිබුද්ධිය විකල්වීම ධනය නාස්ති වීම සතුරුකම හා ක්රෝධය ඇති වීම වැනි හානිදායක දෑ ඇති සේම මුදල්මය වශයෙන් යමක් ඉපැයීම වැනි අල්ප ප්රයෝජනද ඇත. නමුත් ඒ දෙකෙහි හානිය හා ඒ දෙකින් ඇති වන පාපය ඒ දෙකෙහි ප්රයෝජනයට වඩා බරපතලය. එහි යහපතට වඩා අධික ව ඇත්තේ හානියයි. එහෙයින් බුද්ධිමතා එයින් වැළකී සිටියි. අල්ලාහ්ගෙන් පැමිණි මෙම උපදෙස මත්ද්රව්ය තහනම් කිරීමේ ආරම්භක අදියර විය. අහෝ නබිවරය! නුඹේ මිතුරන් අමතර හා අතිරේක වශයෙන් තම ධනයෙන් තමන් වියදම් කළ යුතු ප්රමාණය නුඹගෙන් විමසා සිටිති. ඔවුනට පිළිතුරු වශයෙන්, නුඹලාගේ අවශ්යතාවන්ට අමතර ව ඇති නුඹලාගේ ධනයෙන් නුඹලා වියදම් කරනු යැයි පවසනු. (මෙය ආරම්භක නියෝගය විය. පසු ව අල්ලාහ් නියමිත ධනයෙන් නියමිත කොටසක් නිකුත් කිරීමේ අනිවාර්යය සකාත් පිළිවෙත ආගමානුගත කළේය.) සැකයකට ඉඩ නැති මෙවැනි විස්තර පැහැදිලි කර ඇත්තාක් මෙන්ම නුඹලා වටහා ගනු පිණිස ආගමික නීති රීති ද අල්ලාහ් නුඹලාට පැහැදිලි කරයි.

Bakara 2:220

එසේ එය ආගමානුගත කර ඇත්තේ මෙලොවෙහි හා මතු ලොවෙහි නුඹලාට ප්රයෝජනවත් වන දෑ පිළිබඳ නුඹලා සිතනු පිණිසය. අහෝ! නබිවරය, නුඹේ මිතුරන් තවදුරටත් ප්රශ්න කරති. එනම් අනාථයින් රැකබලා ගැනීමේදී ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද? ආහාර පාන නවාතැන් හා වියහියදම් යනාදී ඔවුන්ගේ සම්පත් සමග තමනුත් එය පරිහරණය කරමින් මිශ්ර ව කටයුතු කළ හැකිද? ඔවුන් පිළිබඳ තමන්ගේ ස්ථාවරය කුමක් විය යුතු දැයි නුඹගෙන් විමසා සිටිති. ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසනු. නුඹලාගේ සම්පත් සමග මිශ්ර කිරීම හෝ කිසිදු හේතුවකින් තොර ව ඔවුන්ගේ සම්පතින් යහපත ලැබීමමෙන් වෙන් ව සිටිය යුතුයි. එය අල්ලාහ් අබියස ශ්රේෂ්ඨය. එමෙන්ම මහත් කුසල් ගෙන දෙන්නක් වන්නේය. ඔවුන්ගේ සම්පතට ආරක්ෂාව සැලසෙන හෙයින් ඔවුනට ද යහපතක් වන්නේය. ජීවන වියදම හා නවාතැන වැනි කරුණු වලදී ඔවුන්ගේ ධනය නුඹලාගේ ධනය සමග මුසු කොට හවුල් ව කටයුතු කරන්නේ නම් ඒහි වරදක් නැත. ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. සහෝදරයින් එකිනෙකා උපකාරශීලී ව කටයුතු කරති. ඇතැමෙකුගේ කරුණු වලදී ඇතැමෙකු ක්රියා කරයි. සෙත සලසන්නට අපේක්ෂා කරන්නන් අතුරින් අනාථයින්ගේ ධනය ඔවුන් සමග හවුල් කිරීමෙන් අපරාධයක් කරන්නට අපේක්ෂා කරන්නේ කවුදැයි අල්ලාහ් දන්නේය. අනාථයින්ගේ කටයුතු වලදී නුඹලා අපහසු වන්නේ නම් නුඹලාටත් දුෂ්කර වන්නේය. නමුත් ඔවුන් සමග කටයුතු කිරීමේ මාර්ග අල්ලාහ් නුඹලාට පහසු කර දී ඇත. හේතුව ෂරීආ පිළිවෙත පිහිටා ඇත්තේ පහසු ව මතය. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඉක්මවා කටයුතු කරන්නට ඉඩ සලසන්නේ නැත. ඔහුගේ මැවීමෙහි, ඔහුගේ සැලසුමෙහි හා ඔහු පනවා ඇති ආගමික පිළිවෙතෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Bakara 2:221

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ්ට ආදේශ තබන කාන්තාවන් අල්ලාහ් ව පමණක් විශ්වාස කොට ඉස්ලාම් දහම තුළට පිවිසෙන තෙක් විවාහ කර නොගනු. පිළිම වන්දනා කරන නිදහස් කාන්තාව ලස්සනින් හා ධනයෙන් නුඹලා ආකර්ෂණයට පත් කළද, ඇයට වඩා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන වහල් කාන්තාව උතුම්ය. අල්ලාහ්ට අවනත ව කටයුතු කරන මුස්ලිම් කාන්තාවන් අල්ලාහ්ට ආදේශ තබන පිරිමින්හට විවාහ කර නොදෙනු. අල්ලාහ්ට ආදේශ තබන නිදහස් මිනිසා නුඹලාට ආකර්ෂණය වූූවද ඔහුට වඩා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කරන වහල් පිරිමියා උතුම්ය. මෙසේ ආදේශය කිරීම යනුවෙන් වර්ණනා කරනු ලැබූ මෙම පිරිමින් හා කාන්තාවන් ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාවන් මෙහෙයවනුයේ නිරයේ ගින්නට ඇතුළත් කිරීමටය. නමුත් අල්ලාහ් ස්වර්ගයට ඇතුළත් කිරීම වෙතත් ඔහුගේ අනුහසින් හා භාග්යයෙන් පාපකම් වලට සමාව වෙත, මෙහෙයවන දැහැමි ක්රියාවන් වෙත ඇරයුම් කරයි. ජනයා ඉදිරිපත් කර ඇති කරුණු පාඩමක් ලෙස ගෙන එය ක්රියා කරන්නට හැකි වන පරිදි අල්ලාහ් ඔහුගේ වදන් මෙසේ ජනයාට පැහැදිලි කර සිටියි.

Bakara 2:222

අහෝ! නබිවරය, නුඹේ සගයින් ඔසප් තත්ත්වය (නිශ්චිත කාලයක් තුළ කාන්තාවකගේ ගර්භාෂයෙන් පිටවන ස්වභාවික රුධිරය) පිළිබද නුඹෙන් විමසති. ඔවුනට පිළිතුරු වශයෙන් නුඹ මෙසේ පවසනු. හයිල් නම් ඔසප් තත්ත්වය කාන්තාවට මෙන්ම පිරිමියාටත් අසහනකාරී තත්ත්වයකි. එහෙයින් එම කාලය තුළ බිරියන් සමග සංසර්ගයේ නිරතවීමෙන් වැළකෙනු. ඔවුන්ගේ රුධිර වහනය නතර වී ස්නානය කොට ඉන් පිරිසිදු වන තෙක් ඔවුන් සමග ලිංගික ව නොහැසිරෙනු. රුධිර වහනය නතර වී ඉන් පිරිසිදු වූයේ නම් නුඹලාට අනුමත කර ඇති පරිදි ඔවුන් සමග සංසර්ගයේ නිරත වනු. ඔවුන්ගේ යෝනි මාර්ගය පිරිසිදුය. සැබැවින්ම තමන් කළ පාපයන්ට අධික ලෙස පාප ක්ෂමාව අයැද සිටින්නන්හටත් කිලිටි වලින් පිරිසිදු වීමේදී අධික ලෙස පිරිසිදු වන්නන්හටත් අල්ලාහ් ප්රිය කරන්නේය.

Bakara 2:223

නුඹලාගේ බිරියන් නුඹලාට දරුවන් බිහි කර දෙන නුඹලාට අනුමත වූ කෙතක් වැනිය. එම වගා භූමිය ඵල හට ගන්වයි. එහෙයින් එම ගොවි බිම වෙත යනු (එනම් යෝනි මාර්ගයයි.) කවර යෝනිය වෙත යාම කවර අයුරින් කවර පැත්තකින් හෝ යනු. නුඹලා වෙනුවෙන් යහපත් ක්රියා කල් ඇති ව සිදු කරනු. අල්ලාහ් වෙත සමීප වීමේ අරමුණින් මිනිසෙකු තම බිරිය සමග සංසර්ගයේ නිරත වීමත්, දැහැමි පරපුරක් බලාපොරොත්තු වීමත් ඉන් එකකි. ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක්වූ දෙයින් වැළකෙමින් නුඹලා අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරනු. කාන්තාවන්ගේ කටයුතු වලදී නුඹලාට ආගමානුගත කර ඇති දෑ ද ඒවායින් එකකි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සැබැවින්ම අල්ලාහ් ව මුණ ගැසෙන බවත්, ඔහු ඉදිරියේ පෙනී සිටින බවත්, නුඹලාගේ ක්රියාවන්ට අනුකූල ව නුඹලාට ප්රතිඵල පිරිනමනු ලබන බවත් දැන ගනු. අහෝ! නබිවරය, දෙවියන් විශ්වාස කරන්නන්හට ඔවුන්ගේ පරමාධිපති ඔවුන් හමු වන විට පිරිනමනු ලබන සදාතනික සැපත පිළිබඳ ව හා ඔහුගේ ඒ ගෞරවනීය මුහුණ බලන බවත්, ඒයින් සතුටට පත්වනු ඇතැයි ඔවුනට ශුභාරංචි දන්වා සිටිනු.

Bakara 2:224

නුඹලාගේ දිවුරීම් දැහැමි හෝ බැතිමත් ක්රියාවක් සිදු කිරීමෙන් හා ජනයා අතර යහපත සලසන ක්රියාවක් සිදු කිරීමෙන් වැළකීමේ සාධකයක් බවට පත් කර නොගනු. නමුත් නුඹලා යහපත අතහැර දමන බවට දිවුරා සිටියෙහු නම් නුඹලා එම යහපත සිදු කොට නුඹලා දිවුරා සිටි දෑ වෙනුවෙන් ප්රතිකර්මයක් කරනු. අල්ලාහ් නුඹලා කතා කරන දෑට සවන් දෙන්නාය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඒ වෙනුවෙන් අල්ලාහ් නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:225

කිසිදු චේතනාවකින් තොරව ‘ලා වල්ලාහි’ අල්ලාහ් මත දිවුරා පවසමි. එසේ නොව, ‘බලා වල්ලාහි’ අල්ලාහ් මත දිවුරා පවසමි. එසේය යැයි පවසමින් නුඹලාගේ දිවෙන් පිටවන දිවුරීම් හේතුකොට ගෙන අල්ලාහ් නුඹලාගෙන් ප්රශ්න කරන්නේ නැත. ඒ සඳහා නුඹලාට කිසිදු ප්රතිකර්මයක් හෝ දඬුවමක් හෝ නොමැත. නමුත් අල්ලාහ් ප්රශ්න කරනුයේ ගණන් ගනුයේ චේතනාවකින් එසේ දිවුරීම් සිදු කිරීමය. අල්ලාහ් තම ගැත්තන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඉතා ඉවසන සුළුය. ඔවුන් වෙත දඬුවම් පමුණුවීමට ඉක්මන් නොවෙයි.

Bakara 2:226

තම බිරියන් සමග අඹුසැමි ඇසුරෙන් ඉවත් ව සිටින බවට දිවුරා සිටින්නන්හට එසේ දිවුරා සිටි දින සිට මාස හතරකට වැඩි නොවන කාලයක් පොරොත්තුවෙන් සිටිය යුතුයි. එය ඊලා නමින් හැඳින් වේ. මාස හතරක කාලයක් තුළ හෝ ඒ අතරවාරයේ තමන් සංසර්ගයේ නිරත වීම අතහරිමි යනුවෙන් දිවුරා සිටීමෙන් පසු තම බිරියන් සමග සංසර්ගයේ නැවත නිරත වූයේ නම් සැබැවින්ම අල්ලාහ් ඔවුන් අතර සිදු වූ එම පාපය සඳහා සමාව දෙන්නා බවත් එම දිවුරුමෙන් බැහැර වන්නට ඒ සඳහා ප්රතිකර්මයක් ආගමානගත කරමින් ඔවුන් කෙරෙහි කාරුණික බවත් දැන ගත යුතුය.

Bakara 2:227

තම බිරියන් සමග අඹු සැමි ඇසුරෙන් ඉවත් ව, නැවත ඒ වෙත යෑමෙන් වැළකී දිගටම හිඳ දික්කසාදය අපේක්ෂා කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් දික්කසාදය පිළිබඳ ඔවුන් පවසන දෑට සවන් දෙන්නාය. ඔවුන්ගේ චේතනාවන් හා තත්ත්වයන් මැනවින් දන්නාය. ඒ වෙනුවෙන් ඔහු ඔවුන්ට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:228

දික්කසාද කරනු ලැබූ කාන්තාවන් ඔසප් තත්ත්වයෙන් පිරිසිදුවීම් වාර තුනක් පොරොත්තුවෙන් සිටිය යුතුය. ඒ අතරවාරයේ විවාහයක් සිදු කර නොගත යුතුය. ඔවුන් සැබෑ ලෙසින්ම අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන කාන්තාවන් නම් ඔවුන්ගේ කුස තුළ අල්ලාහ් මවා ඇති කිසිවක් සැඟවීම ඔවුනට සුදුසු නොවන්නේය. නැවත සමගි වීමෙන් ආදරය හා දික්කසාද වීමට හේතු වූ කාරණා ඉවත් වනු ඇත යන අපේක්ෂාවෙන් නියමිත කාලය තුළ ඔවුන් නැවත ගෙන්වා ගැනීමට වඩාත් සුදුස්සෝ දික්කසාද කළ ඔවුන්ගේ සැමියන් වෙති. මිනිසුන් පොදුවේ දැන හඳුනා ඇති පරිදි සැමියා බිරියට ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ඇති සේම බිරියටත් තම සැමියා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ඇත. පවුල් ජීවිතය පවත්වාගෙන යෑමේදී් සහ දික්කසාදය කිරීමේදී පිරිමියා කාන්තාවනට වඩා තරාතිරමින් උසස්ය. අල්ලාහ් සර්ව බලධාරීය. ඔහු ව අබිබවා යන කිසිවක් නැත. ඔහුගේ පිළිවෙත් හා සැලසුම්හි ඔහු මහා ප්රඥාවන්තය.

Bakara 2:229

පළමු වර දික්කසාදයෙන් පසු සැමියා තම බිරිය නැවත ගෙන්වා ගැනීමේ අවසරය; දික්කසාද වාර දෙකක් තුළ හිමි වන්නේය. එනම්: වරක් දික්කසාද කොට නැවත ගෙන්වා ගෙන, නැවතත් දික්කසාද කොට නැවත ගෙන්වා ගෙන, එසේ වාර දෙකක් දික්කසාද කොට, යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා සැමියාගේ භාරයේ ඇය රඳවා ගත යුතුය. එසේ නැතහොත් ඇයගේ වගකීම් ඉටු කරමින් ඇයට යහපත සලසමින් තුන්වන වරද දික්කසාද කොට වෙන් විය යුතුය. අහෝ ස්වාමි පුරුෂයිනිි! නුඹලාගේ බිරියන් සඳහා නුඹලා පිරිනැමූ මහරයෙන් කිසිවක් ගැනීම නුඹලාට අනුමත නැත. නමුත් සැමියාගේ චරිතය හෝ හැඩරුව හේතුවෙන් ඔහු ව පිළිකුල් කරන කාන්තාවක් වී නම් මිස. මෙම පිළිකුල හේතුවෙන් තම තමන්ට පැවරුණු මෙම වගකීම ඉටු කිරීමට නොහැකි වනු අතැයි සිතන්නේ නම් ඔවුන් දෙදෙනාගේ කටයුතු ඔවුන් දෙදෙනාට සමීප ඥාතියකු වෙත හෝ වෙනත් අය වෙත හෝ භාර කළ යුතුය. එම භාරකරුවන් අඹුසැමි වගකීම් ඔවුන් දෙදෙනා අතර ඉටු නොවනු ඇතැයි බිය වන්නේ නම්, ඇයගේ වෙන් වීමට සරිලන පරිදි සැමියා වෙත යම් වන්දි මුදලක් පිරිනමා බිරිය ඔහුගෙන් ඉවත් කිරිම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. මෙම ආගමික නීති රීති හලාල් හෙවත් අනුමත හා හරාම් හෙවත් තහනම් කරුණු අතර වෙන්කර දක්වන්නකි. එබැවින් ඒ්වායෙහි සීමාවන් ඉක්මවා නොයා යුතුය. හලාල් හා හරාම් අතර අල්ලාහ් පනවා ඇති සීමාවන් ඉක්මවා යන්නේ කවරෙකු ද එවිට ඔවුහුමය තමන් විසින්ම විනාශය ළඟා කර ගත් අපරාධකාරයා වන්නේ. අල්ලාහ්ගේ කෝපයට හා ඔහුගේ දඬුවමට එය හේතුවක් වනු ඇත.

Bakara 2:230

ස්වාමි පුරුෂයා වාර තුනක් දික්කසාදය පල කර ඇත්නම්, එසේ දික්කසාද කළ එම කාන්තාව තමන් මත අනුමත කර ගැනීමේ චේතනාවෙන් තොර ව වෙනත් පිරිමියෙකු නිත්යනුකූල ව විවාහ වී, ඔහු සමග පවුල් ජීවිතය ගත කොට, පසු ව දෙවන සැමියා ඇය ව දික්කසාද කරන තෙක් හෝ මිය යන තෙක් නව ගිවිසුමකින් විවාහ වීමට ඔහුට (පළමුු සැැමයාට) අනුමැති නොලැබෙනු ඇත. එවිට ආගමික නීති පනවා ඇති පරිදි තමන්ට ක්රියා කළ හැකි යැයි ඔවුන් දෙදෙනා සිතන්නේ නම් එම කාන්තාව හා පළමු සැමියා නව ගිවිසුමක් හා විවාහ දීමනාවක් ලබා දී නැවත විවාහ ජීවිතයට ඇතුළු වීමෙහි වරදක් නැත. මෙම ආගමික නීති හා අල්ලාහ්ගේ සීමාවන් ජනයා දැන ගනු පිණිස අල්ලාහ් මෙම ෂරීආ නීති පැහැදිලි කරන්නේය. එමගින් ඔවුන් ප්රයෝජනය ලබනු ඇත.

Bakara 2:231

නුඹලාගේ බිරියන් නුඹලා දික්කසාද කළ විට ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වීමට පෙර ඔවුන් තම සමීපයට ගන්න. ඔවුන් නැවත පවුල් ජීවිතයට ඇතුළක් කර ගැනීමට හෝ ඔවුන් යහපත් අයුරින් මුදවා හැරීමට හෝ අවසරය ඇත. ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වූයේ නම් නැවත ගෙන්වා ගත නොහැකි වන්නේය. අඥාන ජනයා සිදු කරන්නාක් මෙන් ඔවුනට එරෙහි ව සතුරුකම් පෑමේ හෝ හිංසා කිරීමේ අරමුණින් නැවත ගෙන්වා නොගන්න. ඔවුන්ට හිංසා පීඩා කිරීමේ අරමුණින් කවරෙකු එසේ ගෙන්වා ගන්නේද පාපය හා දඬුවමට ලබන්නට සුදුස්සෙකු බවට පත් ව ඔහු තමන්ටම අපරාධ කර ගත් අයෙකු වන්නේය. අල්ලාහ්ගේ වදන් සෙල්ලමට නොගන්න. එයට එරෙහි ව කටයුතු නොකරන්න. නුඹලා වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාද සිහිපත් කරන්න. ඒ අතර නුඹලා පහළ කළ කුර්ආනය හා සුන්නා හෙවත් නබි චරිතය වඩාත් උතුම් වන්නේය. නුඹලාට කැමැත්ත හා ආශාව ඇති කළ අයුරින් ඔහු නුඹලාට මෙනෙහි කරයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බියෙන් කටයුතු කරන්න. සෑම දෙයක් පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා බවත් ඔහුට කිසිවක් නොසැගවෙන බවත් නුඹලා කළ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමන බවත් දැනගන්න.

Bakara 2:232

වාර තුනකට වඩා අඩුවෙන් දික්කසාදය ප්රකාශ කොට ඔවුන්ගේ පොරොත්තු කාලය ද අවසන් වී නොමැති නම් නව ගිවිසුමක් තුළින් ඇයගේ සැමියා වෙත නැවත පවුල් ජීවිතය ගත කරන්නට ඔවුන් ප්රිය කරන්නේ නම් ඔවුන්ගේ භාරකරුවන් වන නුඹලා විසින් නොවැළැක්විය යුතුයි. එසේ ඔවුන් නොවළක්වන ලෙස ඇතුළත් මෙම නීතිය අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන්හට මෙනෙහි කිරීමකි. එය නුඹලා අතර වඩාත් යහපත ගෙන දෙන්නකි. සියලු කරුණු වල යථාර්ථය හා අවසානය අල්ලාහ් මැනවින් දනියි. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය.

Bakara 2:233

මව්වරු තම දරුවන්හට පූර්ණ වසර දෙකක් කිරි පොවනු ඇත. එම වසර දෙකක සීමාව කිරි පෙවීමේ කාලය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන්නන්හටය. දික්කසාද කරනු ලැබූ කිරි දෙන මව්වරුන්ගේ වියදම හා ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් වල වියදම ෂරීආ නීතියට පටහැණි නොවන සේ ජනයා අතර පිළිගැනීමට ලක් ව ඇති ක්රමවේදයකින් පිරිනැමීම දරුවාගේ පියාගේ වගකීමකි. කිසිදු ආත්මයක් එය දරා ගත හැකි ප්රමාණයට හා ශක්තියේ ප්රමාණයට මිස කිසිවක් අධික ලෙස පටවනු නොලබන්නේය. මව් පියන් එකිනෙකාට හිංසා කරනු පිණිස තම දරුවන් මාධ්යයක් බවට පත් කර නොගත යුතුයි. පියකුගේ යුතුකම් ඉටු විය යුතු පසුබිමක දරුවකු සිටියදී තම පියා අහිමි වූ තත්ත්වයේ පිය වගකීම ඉටු කළ හැකි උරුමක්කරු වෙත ඔහුගේ එම වගකීම පැවරෙනු ඇත. දෙමව්පියන් දෙදෙනාම වසර දෙකක් කිරි පෙවීම සම්පූර්ණ කිරීමට මත්තෙන් දරුවාට ආහාර කවන්නට අපේක්ෂා කළේ නම් ඔවුන් දෙදෙනාට එහි වරදක් නැත. එය දරුවාට යහපතක් ගෙන දෙන පරිදි ඔවුන්දෙදෙනාගේ සාකච්ඡාවෙන් හා ඔවුන් දෙදෙනාගේ එකඟතාවෙන් පසු ව සිදු විය යුත්තකි. මව්වරු හැර වෙනත් කිරිදෙන මව්වරු ලවා නුඹලාගේ දරුවන්හට කිරි පොවන්නට නුඹලා අපේක්ෂා කරන්නේ නම් එම මව්වරුන්හට වර්තමානයට ගැළපෙන වටිනාකමක් නියම කොට එහි කිසිදු අඩුවක් හෝ ප්රමාදකින් තොර ව එම මුදල භාර දී එසේ කිරි පොවා ගැනීම වරදක් නැත. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව නුඹලා කටයුතු කරනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂණය කරන බව දැන ගනු. එහෙයින් ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. නුඹලා පෙර කළ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:234

බිරියන් ගර්භනීභාවයෙන් තොර ව ඔවුන් හැර දමා මියයැදුණු අය සම්බන්ධයෙන් වනාහි, එම බිරියන් මාස හතරක් හා දින දහයක් පොරොත්තුවෙන් සිටිය යුතුය. එම කාලය තුළ සැමියාගේ නිවසින් බැහැර වීමෙන් තමන් හැඩ අලංකාර කර ගැනීමෙන් හා තවත් විවාහයක් සිදු කර ගැනීමෙන් ඔවුන් වැළකී සිටිය යුතුය. ඔවුන් එම කාලය අවසන් කළ විට (අහෝ! භාරකරුවනි, එම කාලය තුළ ඔවුනට තහනම් කර තිබූ දෑ ඔවුන් විසින් සිදු කිරීම සම්බන්ධයෙන් නුඹලා කෙරෙහි දොසක් නැත. එය ෂරීආවට අනුකූල ව හා ලෞකික න්යායට අනුව සිදු විය යුත්තකි. නුඹලා සිදු කරන දෑහි සියලු තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලා ප්රසිද්ධියේ යමක් කළ ද නුඹලා අභ්යන්තරය තුළ එය සඟවා තැබුව ද ඒ සියලු දෑ ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ වෙනුවෙන් ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:235

සැමියා මිය ගොස් ඉද්දා තත්ත්වයේ පසුවන කාන්තාව වෙත හෝ දික්කසාද කරනු ලැබූ කාන්තාව වෙත විවාහ වීමේ කැමැත්ත ඍජු ලෙස ප්රකාශ කිරීමෙන් තොරව ‘ඔබේ ඉද්දා කාලය අවසන් කළ විට මට දන්වන්න’ යනාදී ලෙස වක්රාකාර ව ඉදිරිපත් කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. ඉද්දාවෙහි පසුවන කාන්තාවක් කෙරෙහි ඇයගේ ඉද්දා කාලය අවසන් වූ විට ඇය ව විවාහ කර ගැනීම පිළිබඳ ආශාවක් නුඹලාගේ සිත් තුළ සඟවා තැබීම නුඹලාට පවක් නැත. සැබැවින්ම නුඹලා ඔවුන් කෙරෙහි දැඩි ලෙස ප්රිය කරන බැවින් නුඹලා ඔවුන් මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේය. එහෙයින් තම කැමැත්ත ඍජු ව නොපවසා වක්රාකාරයෙන් ඒ ගැන දන්වා සිටීමට අනුමැතිය ඇත. ඇය ඉද්දා කාලයේ සිටින විට විවාහ කර ගැනීම සම්බන්ධයෙන් රහසිගත ව ඇයට ප්රතිඥා දීමෙන් වැළකී සිටිය යුතුයි. නමුත් එය යහපත් ප්රකාශයකින් ඉදිරිපත් කළ හැකිය. ඉද්දා කාලය තුළ විවාහ ගිවිසුම සිදු නොකළ යුතුය. නුඹලාට අනුමත කර ඇති දැයින් හෝ නුඹලාට තහනම් කර ඇති දැයින් කවර කරුණක් නුඹලාගේ සිත් තුළ සඟවාගෙන සිටියද සැබැවින්ම අල්ලාහ් එය දන්නේය. නුඹලා ඔහුගේ නියෝගයට එරෙහිව කටයුතු නොකරනු. සැබැවින්ම අල්ලාහ් තමන් වෙත පසුතැවිලි වී පාප සමාව අයැදින තම ගැත්තන්හට පාපක්ෂමාව පිරිනමන්නාය. දඬුවම ඉක්මන් නොකරන ඉවසිලිවන්තයාය.

Bakara 2:236

නුඹලා ගිවිස ගත් නුඹලාගේ බිරියන් සමග නුඹලා ලිංගික ව හැසිරීමට පෙර ඔවුනට දිය යුතු නිශ්චිත මහර් (විවාහ ත්යාගය) අනිවාර්යය වීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළේ නම් නුඹලාට පවක් නැත. මෙම තත්වයේ නුඹලා ඔවුන් දික්කසාද කළ විට ඔවුන් සඳහා දෙනු ලබන මහර් නුඹලා වෙත අනිවාර්ය නොවන්නේය. නුඹලාට අනිවාර්යය වනුයේ, ඔවුන් භුක්ති විදිනු පිණිස යමක් පිරිනැමීමය. එමෙන්ම පොහොසතා තම හැකියාව පරිදි අධික මුදල් ප්රමාණයක් ද දුප්පතා තම හැකියාව පරිදි සුළු මුදලක් ද යනාකාරයෙන් පිරිනමා කැඩුණු සිත් පුරවා දැමිය යුතුය. මෙම දීමනාව තම ක්රියාවන්හි හා තම ගනුදෙනු වලදී දැහැමි අයුරින් කටයුතු කරන්නන්හට පැවරුණු ස්ථාවර යුතුකමකි.

Bakara 2:237

නුඹලා ඔවුනට නිශ්චිත මහර් ප්රමාණය නියම කර තිබියදී ඔවුන් සමග නුඹලා ලිංගික ව හැසිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළේ නම් ඔවුන් වෙත නියම කළ මහර් නම් විවාහ ත්යාගයෙන් අඩක් භාරදීම නුඹලා කෙරෙහි පැවරෙනු ඇත. නමුත් එහිදී, - යහමග ලැබූ කාන්තාවන් නම් - ඒවා නොලබාම අතහැර දැමීමත් සම්පූර්ණ මහර් ප්රමාණය සැමියන් විසින් ඔවුන් වෙනුවෙන් අතහැර දැමීමත් අතිශයෝක්තියකි. නුඹලා අතර තිබෙන යුතුකම් වල එකිනෙකාට ඉඩහරිමින් කටයුතු කිරීම් අල්ලාහ් වෙත දක්වන බැතිමත්කම හා අවනතභාවයට වඩාත් සමීප වූවකි. මෙය අත නොහරිනු. අහෝ ජනයිනි! නුඹලාගේ යුතුකම් වලදී එකිනෙකාට ඉඩහැර කටයුතු කරනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. ඒ සඳහා අල්ලාහ්ගෙන් කුසල් ලබන්නට යහපත් දේ හුවමාරු කිරීමට වෙහෙස දරනු.

Bakara 2:238

අල්ලාහ් නියෝග කළ පරිදි පූර්ණ ලෙස සලාතය ඉටු කරමින් එය සුරක්ෂිත ව පිළිපදිනු. සලාත් අතර ඇති මධ්යකාල සලාතය ද සුරක්ෂිත ව පිළිපදිනු. එනම් එය අසර් සලාතයයි. නුඹලාගේ සලාත්හි නුඹලා අල්ලාහ්ට අවනත ව හා බැතිමත් ව ඔහු වෙනුවෙන් සලාතය ඉටු කරනු.

Bakara 2:239

සතුරන් හේතුවෙන් හෝ ඒ හා සමාන වෙනත් හේතුවෙන් බියට පත් ව පූර්ණ පිළිවෙලට සලාතය ඉටු කිරීමට නුඹලාට නොහැකි වී නම් නුඹලා පා ගමනින් හෝ ඔටු අශ්වයින් හෝ ඒ හා සමාන වාහනයක් මත ප්රවාහනය කරමින් හෝ හැකි කවර අයුරකින් හෝ නුඹලා සලාතය ඉටු කරනු. නුඹලාට බිය පහ ව ගියේ නම් නුඹලාට ඉගැන් වූ පරිදි නුඹලා අල්ලාහ්ව මෙනෙහි කරනු. සලාතයේදී පූර්ණ ලෙස දික්ර් හෙවත් මෙනෙහි කිරීම් කරනු. එයද එවන් මෙනෙහි කිරීම් වලින් එකකි. එමෙන්ම නුඹලා අලෝකය හා මග පෙන්වීම නොදැන සිටියෙහුය. ඔහු එය නුඹලාට ඉගැන් වීය. එහෙයින් ඒ ගැන ද නුඹලා සිහිපත් කරනු.

Bakara 2:240

නුඹලා අතර තමන්ගෙන් පසු ව බිරියන් හැර දමා මිය යදින්නට සිටින්නවුන් ඔවුන්ගේ භුක්තිය සඳහා නවාතැන් පහසුකම් හා සම්පූර්ණ වසරක ජීීවන වියදම පිරිනැමිය යුතු බව අන්තිම කැමැත්ත ප්රකාශ කළ යුතුය. එමෙන්ම නුඹලාගේ උරුමක්කරුවන් ඔවුන්ට අත් වූ ඉරණම හේතුවෙන් හෝ මියගිය ඇත්තන්ට සාධාරණයක් ඉටු කිරීමක් වශයෙන් හෝ එසේ බලහත්කාර ලෙස ඔවුන් පිටුවහල් නොකළ යුතුයි. වසරක් සම්පූර්ණ වීමට මත්තෙන් එසේ ඔවුන් (බිරියන්) විසින්ම පිට ව ගියේ නම් නුඹලා වෙත වරදක් නැත. එමෙන්ම ඔවුන් සුවඳ විලවුන් ගැල්වීම හැඩවීම යනාදියෙහිද ඔවුන් කෙරෙහි වරදක් නැත. අල්ලාහ් සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නෙකු නැත. ඔහුගේ සැලසුම්හි ද ඔහුගේ පිළිවෙත්හිද ඔහුගේ බලයෙහිද ඔහු මහා ප්රඥාවන්තය. අල්කුර්ආනයට විග්රහ කරන අටුවාචාරීන් බහුතරයක් මෙම නීතිමය වදන අල් බකරා 234 වැනි පාඨය මගින් වෙනස් කරනු ලැබූවක් බව සඳහන් කරයි. ඒනම්: “නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන නම් ඔවුන් විසින් (බිරියන් විසින්) මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතුය. මොවුන්ගේ කාල අවසානය ළඟා වූ විට මොවුන් සම්බන්ධයෙන් මොවුන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.”

Bakara 2:241

දික්කසාද කරනු ලැබූ කාන්තාවන්හට ඇඳුම් පැලදුම් හෝ මුදල් හෝ වෙනත් යම් දෙයක් හෝ ඔවුන් භුක්ති විදිනු පිණිස ලබා දිය යුතුය. එය දික්කසාදයෙන් ඔවුනට අත් වූ අඩු පාඩුව පිරවීමක් වශයෙනි. එමෙන්ම සැමියාගේ පොහොසත්කම හා දුප්පත්කම සැලකිල්ලට ගෙන එයට අනුකූල ව එය පිහිටිය යුතුයි. මෙම නීතිය අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහු කෙරෙහි බැතිමත් වන අය කෙරෙහි වූ ස්ථාවර වගකීමකි.

Bakara 2:242

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! අල්ලාහ් පැන වූ සීමාවන් හා ඔහුගේ නීති ඇතුළත් මෙම වදන් හා මේ හා සමාන පෙර සඳහන් කරනු ලැබූ වදන් අල්ලාහ් මෙලෙස නුඹලාට පැහැදිලි කරනුයේ මේවා පිළිබඳ නුඹලා අවබෝධය ලබා ඒ අනුව ක්රියා කර මෙලොව හා මතු ලොව යහපත නුඹලා ලබනු පිණිසය.

Bakara 2:243

අහෝ! නබිවරය, ඔවුන් බහුතර පිරිසක්ව සිටියදී වසංගතය හේතුවෙන් හෝ වෙනත් කාරණාවක් හේතුවෙන් මරණයට බියෙන් තම නිවෙස් වලින් පිට ව ගියවුන්ගේ තොරතුරු ඔබේ දැනුමට නොලැබුණේද? ඔවුන් ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසකි. අල්ලාහ් ඔවුනට "නුඹලා මියැදෙනු" යැයි පැවසීය. එවිට ඔවුන් මියැදුණෝය. පසු ව ඔහු ඔවුනට යළි ප්රාණය දුන්නේය. එය සියලුම කරුණු අල්ලාහ් සතුය. ඔවුන් විසින් ඔවුනට පවා කිසිදු සෙතක් හෝ හිංසනයක් සිදු කළ නොහැක, සැබැවින්ම අල්ලාහ් මහත් පරිත්යාග ශීලීය, මිනිසුන්ට් ඔහු ආශිර්වාද කරන්නාය යන්න ඔවුන්හට වටහා දෙනු පිණිසය. නමුත් මිනිසුන් අතර බහුතරයක් දෙනා අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කෘතඥ නොවෙති.

Bakara 2:244

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා අල්ලාහ්ගේ සතුරන් සමග සටන් වදිනු. එය ඔහුගේ දහමට සහය පල කිරීමක් හා ඔහුගේ ප්රකාශය ඉහළින් පිහිටනු වස්ය. සැබැවින්ම අල්ලාහ් නුඹලා පවසන දෑට මැනවින් සවන් දෙන්නා බවත් නුඹලාගේ සිතුවිලි හා නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔහු මැනවින් දන්නා බවත් නුඹලා දැන ගනු. ඔහු ඒ සඳහා නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:245

කවරෙකු ණය හා සම්බන්ධ කටයුත්තක නිරත වී දැහැමි චේතනාවකින් යුතු ව හා පිවිතුරු හදවතකින් යුතුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නේද එය ඔහු වෙත ප්රගුණ වී යළි ලැබෙනු ඇත. ඇතැමුන්ට ආහාර පාන, නිරෝගිකම හා වෙනත් දෑහි අල්ලාහ් සීමා කරනු ඇත. ඇතැමුන්ට ඔහුගේ ප්රඥාව ඔහුගේ යුක්තිගරුකභාවය යනාදී ඒ සියලු දෑහි විස්තීරණය ඇති කරයි. මතු ලොවෙහි නුඹලා ඔහු වෙත පමණක් නැවත හැරී යනු ඇත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:246

අහෝ නබිවරය! මූසා (අලෛහිස් සලාම්) තුමාගෙන් පසු ජීවත් වූ ඉස්රාඊල් දරුවන් අතර සිටි ප්රභූවරුන්ගේ තොරතුරු ගැන ඔබේ දැනුමට ළඟා නොවූයේද? ඔවුන් තම නබිවරයා දෙස බලා: ‘අල්ලාහ්ගේ මාර්ගයේ ඔහු සමග එක් ව සටන් කරනු වස් අපහට රජෙකු පත් කරනු’ යැයි පවසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘යුද්ධය නුඹලා වෙත අල්ලාහ් අනිවාර්යය කරන්නේ නම් අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොකරන්නෙහුද?’ යැයි විමසා සිටියේය. ඔවුන් පිළිබඳ එතුමාට නැගුණු සිතුවිල්ලට විරෝධය පල කරමින් ඔවුන්: ‘එය අපට තීන්දු වී තිබියදී අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් අප වළක්වාලනුයේ කවර කරුණක්ද? අපගේ සතුරන් අප ජීවත් වූ දේශයෙන් අපව පිටුවහල් කර ඇත. අපගේ දරුවන් සිරභාරයට ගෙන ඇත. අපේ රටේ සෞභාග්යය වෙනුවෙන් හා අපේ සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් අපි සටන් කරන්නෙමු’ යැයි පවසා සිටියහ. යුද්ධ කිරීම අල්ලාහ් ඔවුන් වෙත අනිවාර්ය කළ කල්හි ඔවුන් අතර සිටි ස්වල්ප දෙනෙකු මිස සෙසු අය තමන් ලබා දුන් පොරොන්දුව ඉටු නොකොට එයට පිටුපෑහ. අල්ලාහ්ගේ නියෝගය පිටුපාන අපරාධකරුවන් හා ඔහුගේ ගිවිසුම් කඩ කරන්නන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:247

ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘සැබවින්ම නුඹලා තාලූත්ගේ යටතේ සටන් කිරීම සඳහා නුඹලාට රජකු ලෙස අල්ලාහ් ඔහු පත් කර ඇත’ යැයි පැවසීය. නමුත් එම තේරීමට විරුද්ධතාව පල කරමින් එයට පිටුපාමින් ඔවුන් අතර සිටි ප්රභූවරු: ‘අප පාලනය කරන්නට ඔහුට බලය හිමිවිය හැක්කේ කෙසේද? එම පාලනයට ඔහුට වඩා සුදුස්සෝ වන්නේ අපමය. වෙනත් රජ දරුවන් මෙන් ඔහු නැත. තම රාජ්ය පාලනයට උදව් වනු වස් විශාල ධනයක් ඔහුට පිරිනමා නැත.’ යැයි පැවසූහ. එවිට ඔවුන්ගේ නබිවරයා: ‘සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා දී ඇත. ඔහුගේ දැනුමේ පුළුල් බව හා ශරීර ශක්තිය ඔහුට වර්ධනය කොට දී ඇත. අල්ලාහ් තම කරුණාව හා ප්රඥාව තුළින් තමන් අභිමත කරන අය වෙත රාජ්ය පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් මහත් භාග්ය සම්පන්නය. ඔහු කැමති අයට එම භාග්යයන් පිරිනමනු ඇත. මැවීම් අතර එම භාග්යයයට වඩාත් සුදුස්සන් කවුරුන්දැයි ඔහු මැනවින් දන්නාය.

Bakara 2:248

ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘නුඹලා වෙත රජකු වශයෙන් ඔහු තෝරා පත් කර තිබීම සැබෑවක් බවට තහවුරු කරන සලකුණ වනුයේ, නුඹලා වෙත අල්ලාහ් මංජුසාවක් පහළ කිරීමය. -එය ඉස්රාඊල් දරුවන්ගෙන් ගනු ලැබූ ඔවුන් විසින් ගෞරවය කරනු ලැබූ පෙට්ටගමකි.-එහි එය සමග බැදුණු ශාන්තිය හා මූසා හා හාරුන්ගේ පරපුර අතහැර දමා ගොස් ශේෂ වූ සැරයටිය හා ඇතැම් ඵලක වැනි දෑ ද ඇත. නුඹලා සැබෑ විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම් මෙහි නුඹලාට පැහැදිලි ප්රමාණවත් සලකුණක් ඇත.

Bakara 2:249

තාලූත් තම සේනාව සමග ගමින් පිටත් ව ගිය කල්හි ඔහු ඔවුන් දෙස බලා: සැබැවින්ම අල්ලාහ් නුඹලා ගංගාවකින් පරීක්ෂා කරනු ඇත. කවරෙකු එයින් පානය කරන්නේද ඔහු මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකු නොවෙයි. ඔහු යුද්ධයේදී මා සමග සහභාගී නොවිය යුතුය. කවරෙකු එයින් පානය නොකළේද ඔහු සැබැවින්ම මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකි. යුද්ධයේදී ඔහු මා සමග සහභාගී වනු ඇත. නමුත් කවුරුන් හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත තම අතින් අහුරක් තරම් පාණක් පානය කරන්නේද ඔහු කෙරෙහි වරදක් නැත. දැඩි පිපාසයත් සමග ජලය පානය නොකර ඉවසීමෙන් සිටි ස්වල්ප දෙනෙකු හැර සේනාවේ සෙසු අය ඉන් පානය කළෝය. තාලූත් හා ඔහු සමග සිටි ඔහු ව විශ්වාස කළවුන් ගංගා ව තරණය කළ කල්හි ඔහුගේ සේනාවෙන් තවත් පිරිසක් ‘අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමග සටන් කිරීමට අපහට ශක්තියක් නොමැතැයි පවසා සිටියෝය. ඒ අවස්ථාවේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ව හමුවන්නේම යැයි තරයේ විශ්වාස කළවුන්: අල්ලාහ්ගේ අනුබලයෙන් හා උදව්වෙන් සංඛ්යාවෙන් අඩු දෙවියන් විශ්වාස කරන කොපමණ සුළු සේනාවන්, සංඛ්යාවෙන් වැඩි දෙවියන් ප්රතික්ෂේප කළ මහා සේනාවන් කොපමණක් අබිබවා ගොස් ජය ගෙන ඇත්දැ’යි පවසා සිටියේය. ජයග්රහණය යනු දේව විශ්වාසය මත පදනම් වූවක් මිස අධිකත්වය පදනම් කරගනිමින් ඇති නොවන්නක් බව මෙහි අපට පෙන්වා දෙන පාඩමයි. අල්ලාහ් තම ගැත්තන් අතර ඉවසලිවන්තයින් සමග සිටියි. ඔහු ඔවුන් ස්ථාවර කරයි. ඔවුනට උපකාර කරයි.

Bakara 2:250

ජාලූත් හා ඔහුගේ සේනාවට එරෙහි ව ඔවුන් සටන් කිරීමට පිටත් ව ගිය කල්හි අල්ලාහ් වෙත හැරී මෙසේ ප්රාර්ථනා කළෝය: ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ හදවත් මතට ඉවසීම හෙළනු මැනව! සතුරන් ඉදිරියේ අප පරාජයට පත් නොවන සේ සටනින් අප පලා නොයන තරමට අපගේ පාද ශක්තිමත් කරනු මැනව! ඔබගේ බලගැන්වීමෙන් හා ඔබ අප ශක්තිමත් කිරීමෙන් ඔබ ව ප්රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අප හට ජයග්රහණය ලබා දෙනු මැනව!

Bakara 2:251

අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුන් ඔවුන් ව පරාජයට පත් කළෝය. ඔවුන්ගේ සේනාධිපති ජාලූත් ව දාවූද් මරා දැමුවේය. අල්ලාහ් ඔහුට රාජ්ය බලය හා දේව දූතත්වය පිරිනැමීය. ඔහු අභිමත කරන සියලුම ආකාරයේ දැනුම ඔහුට ඉගැන්වීය. මෙලොව හා මතු ලොව විධිමත් කර ගන්නට අවශ්ය සියල්ල ඔහුට රැස් කර දුන්නේය. මෙසේ ඇතැම් ප්රචණ්ඩකාරී ජනයාට එරෙහි ව ප්රතිචාර දැක්වීම අල්ලාහ්ගේ පිළිවෙතක් නොවී නම් අපරාධකරුවන්ගේ ග්රහණයට මහපොළොව ලක් වී එය ව්යසනයට පත් වනු ඇත. නමුත් අල්ලාහ් සියලු මැවීම් කෙරෙහි භාග්යය සම්පන්නය. ත්යාගශීලීය.

Bakara 2:252

අහෝ! නබිවරය, අල්ලාහ්ගේ මෙම පැහැදිලි වදන් අපි ඔබට පාරායනය කර පෙන්වන්නෙමු. සත්යය තොරතුරු ද සාධාරණනීය නීති රීති ද මෙහි ඇතුළත් ව ඇත. තවද සැබැවින්ම නුඹ ලෝ වැසියන්ගේ පරමාධිපති විසින් එවනු ලැබූ රසූල්වරුන් අතුරින් කෙනෙකි.

Bakara 2:253

නුඹට අප මෙනෙහි කර සිටි එම රසූල්වරු (දූතවරු) දේව පණිවිඩ ලැබීම, පිළිපැදීම හා තරාතිරම අනුව ඇතැමෙකු ඇතැමෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. මූසා (අලය්හිස් සලාම්) තුමා මෙන් අල්ලාහ් සමග ඍජු ව කතා කළ අය ද ඔවුන් අතර වෙති. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් මෙන් තරාතිරම් උසස් කරනු ලැබූ අය ද ඔවුන් අතර වෙති. එතුමාණන් මුළු මිනිස් සංහතියටම රසූල්වරයකු ලෙස එවනු ලැබීය. ඔහු සමගම නබිත්වයටද මුද්රා තබනු ලැබීය. සෙසු සියලු සමූහයන්ට වඩා එතුමාගේ සමූහයා උසස් කරනු ලැබීය. එමෙන්ම මර්යම්ගේ පුත් ඊසාට, මළවුන් පණගැන්වීම ලාදුරු වැනි කුෂ්ඨ රෝග සුව කිරීම වැනි තම නබිත්වය තහවුරු කරන පැහැදිලි ප්රාතිහාර්යයන් අපි පිරිනැමුවෙමු. අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක කරනු වස් ජිබ්රීල්ගේ සහයද ලබා දී අපි ඔහු බලවත් කළෙමු. අල්ලාහ් අභිමත කර තිබුණේ නම් එම දූතවරුන්ගෙන් පසු පැමිණියවුන් ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණිමෙන් පසු එකිනෙකා මරා ගන්නට නොතිබුණි. නමුත් ඔවුන් භේදබින්න වී වෙන් වී ගියෝය. ඒ අනුව අල්ලාහ් ව විශ්වාස කළවුන් ද ඔහු ව ප්රතික්ෂේප කළවුන් ද ඔවුන් අතර දකින්නට විය. ඔවුන් එකිනෙකා මරා නොගත යුතු යැයි අල්ලාහ් අභිමත කර තිබුණේ නම් එසේ ඔවුන් මරා නොගනු ඇත. නමුත් අල්ලාහ් තමන් සිතන දේ සිදු කරයි. ඔහු අභිමත කරන අයට ඔහුගේ කරුණාව හා භාග්යයෙන් ඊමාන් හෙවත් දේව විශ්වාසය වෙත මග පෙන්වයි. ඔහු අභිමත කරන අය ඔහුගේ යුක්තිය හා ඔහුගේ ප්රඥාව තුළින් නොමග යන්නට ඉඩ හරියි.

Bakara 2:254

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කරන්නනි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර අප නුඹලාට පෝෂණය කළ පිරිසිදු, අනුමත විවිධ වස්තූන් මගින් නුඹලා වියදම් කරනු. එදින මිනිසාට ප්රයෝජනවත් වන කිසිදු ඉපැයීමක ව්යාපාරයක් නොතිබෙනු ඇත. දැඩි දුෂ්කර අවස්ථාවක ඔහුට සෙතක් ලබා දෙන කිසිදු දානයක් නොතිබෙනු ඇත. අල්ලාහ් අභිමත කරන ඔහු ප්රිය කරන අයට අනුමැතිය ලබා දුන් පසු ව කිසිදු යහපතක් සැලසීමට හෝ කිසිදු හිංසනයකින් වැළැක්වීමට හෝ කිසිදු මාධ්යයක් නොතිබෙනු ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ තමන් දෙවියන් ප්රතික්ෂේප කර සිටි බැවින් ඔවුහු සැබෑ අපරාධකායෝ වෙති.

Bakara 2:255

අල්ලාහ් වනාහි නැමදුම් ලබන්නට ඔහු පමණක් හැර වෙනත් සුදුසු කිසිවකු නැත. ඔහු අමරණීයය. සදා ජීවමානය. විනාශයක් හෝ අඩුවක් ඔහු තුළ දකින්නට නැත. ඔහු ස්වයං ක්රියාකාරී සදා පැවැත්මක් ඇත්තාය. ඔහුගේ සියලු මැවීම් වලින් ඔහු කිසිදු අවශ්යතාවක් නොමැත්තාය. සියලු මැවීම් පවතින්නේ ඔහු තුළිනි. එහෙයින් සෑම අවස්ථාවකම ඔහුගෙන් තොර ව ස්වාධීන ව කටයුතු කරන්නට ඔවුනට නොහැක. ඔහුට නින්දක් හෝ මද නින්දක් හෝ ඇති නොවන්නේය. එය ඔහු සදා ජීවමානී සදා පැවැත්මකින් යුත් නිසාය. අහස්හි හා මහපොළොවේ ඇති පාලනය ඔහුට පමණක් සතුය. ඔහුගේ අනුමැතියෙන් හා ඔහුගේ පිළිගැනීමෙන් පසු ව මිස ඔහු අබියස කිසිවකු වෙනුවෙන් මැදිහත්වීමට කිසිවකුත් හැකියාව නොදරනු ඇත. ගෙවී ගිය කාලය තුළ ඔහුගේ මැවීම් වලට සිදු වුණු සියල්ල ඔහු දනියි. අනාගතයේ සිදුවන්නට යන තවමත් සිදු නොවුණු දෑ ද ඔහු දනියි. ඔහුගේ දැනුමෙන් ඔහු ඔවුනට ඉදිරිපත් කරන්නට අභිමත කළ දෑ හැර වෙනත් කිසිවක් ඔවුනට ඔහුගේ දැනුමෙන් ග්රහණය කළ නොහැක. ඔහුගේ රාජධානිය (පරමාධිපතිගේ පාද පිහිටි ස්ථානය) අහස් හා මහපොළොවේ විශාලත්වයේ හා විෂ්කම්භයේ ප්රමාණයට ආවරණය කොට ඇත. ඒ දෙක ආරක්ෂා කිරීමට කිසිදු අපහසුතාවක් හෝ දුෂ්කරතාවක් ඔහුට නැත. ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ ශක්තියෙන් හා බලාධිකාරයෙන් ඔහු උත්තරීතරය. ඔහුගේ රාජ්යය හා ඔහුගේ බලමහිමය තුළ ඔහු සර්ව බලධාරීය.

Bakara 2:256

ඉස්ලාම් දහම තුළට පිවිසීම සම්බන්ධයෙන් කිසිවකුට බල කිරීමක් නැත. හේතුව එය ඉතා පැහදිලි සත්යය දහම වන බැවිණි. කිසිවකු ඒ වෙත පිවිසීමට බල කිරීමේ අවශ්යතාවක් එහි නැත. ඍජු මග නොමගින් පැහැදිලි ව වෙන් වී ඇත. කවරෙකු අල්ලාහ් හැර නැමුදුම් ලබන සියලු දෑ ප්රතික්ෂේප කොට එයින් දුරස් වී අල්ලාහ් පමණක් විශ්වාස කරන්නේද ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජයග්රහණය ඇණ නොහිටින බලවත් හේතු සාධක දහම තුළින් පිළිපැද ඇත්තේය. තවද අල්ලාහ් තම ගැත්තන් පවසන දෑට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:257

අල්ලාහ් ව විශ්වාස කළවුන්ගේ භාරකාරත්වය ඔහු ම භාර ගන්නේය. ඔහු ඔවුනට ආශිර්වාද කරන්නේය. උදව් කරන්නේය. දේව ප්රතික්ෂේපය හා අඥානකම යන අන්ධකාරයන්ගෙන් ඔවුන් බැහැර කොට දේව විශ්වාසය හා ඥානය යන ආලෝකය වෙත මග පෙන්වන්නේය. දෙවියන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ භාරකරුවන් වන්නේ ව්යාජ දෙවිවරුන් හා පිළිම වෙති. දේව ප්රතික්ෂේපය ඒවා ඔවුනට ආකර්ෂණීයත්වයට පත් කොට ඇත. දේව විශ්වාසය හා ඥානය යන ආලෝකයෙන් ඔවුන් බැහැර කොට දේව ප්රතික්ෂේපය අඥානකම යන අන්ධකාරය වෙතට ඔවුන් යොමු කර ඇත. ඔවුන් නිරා ගින්නේ සහකරුවෝ වෙති. එහි ඔවුන් සදා වෙසෙති.

Bakara 2:258

අහෝ! නබිවරය, අල්ලාහ්ගේ පරමාධිපත්යය හා ඔහුගේ ඒකීයභාවය පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග තර්ක කළ දුෂ්ට පාලකයාගේ අපරාධයේ තරම හා පුදුමය නුඹ දුටුවේද? එසේ ඔහු ඒ තත්ත්වයට පත් වූයේ අල්ලාහ් ඔහුට රාජ්ය බලය පිරිනැමුවායින් පසු ඔහු සීමාව ඉක්මවා ගිය බැවිණි. අල්ලාහ්ගේ ගුණාංග පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු දෙස බලා: ‘මාගේ පරමාධිපතියාණන් සියලු මැවීම් වලට ජීවය දෙයි. මරණයට පත් කරයි” යනුවෙන් පැහැදිලි කළේය. එවිට දුෂ්ටයා හිතුවක්කාර ලෙසින්: ‘මම ද ජීවය දෙමි. එමෙන්ම මරණයට පත් කරමි. මම කැමති අය ව ඝාතනය කරමි. මම කැමති අය ව අතහැර දමමි.’ යැයි පැවසීය. එවිට ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු වෙත තවත් සාධකයක් ගෙන ආවේය. එතුමා ඔහුට: ‘මම නමදින මාගේ පරමාධිපති හිරු නැගෙනහිර දෙසින් උදා කරන්නේය. ඔබ එය බටහිර දෙසින් ගෙන එනු' යැයි පවසා සිටියේය. එවිට ඔහු වික්ෂිප්ත වී නිහඬ වීම හැර වෙනත් කිසිවක් කරකියාගත නොහැකි විය. සාධකයේ බලවත්කම ඔහු අබිබවා ගියේය. අල්ලාහ් අපරාධකරුවන්ට ඔවුන්ගේ අපරාධකම් හා දුෂ්ටකම් හේතුවෙන් ඔහුගේ මාර්ගයේ ගමන් කරන්නට ආශිර්වාද නොකරන්නේය.

Bakara 2:259

වහලවල් කඩා වැටුණු බිත්ති ඇද වැටුණු එහි ජීවත්වූවන් විනාශයට පත්වුණු පාළු වී ගිය ගම්මානයක් අසලින් ගමන් ගත් පුද්ගලයකුගේ උපමා ව නුඹ දුටුවේද? මෙම පුද්ගලයා: ‘මෙම ගම්මානය විනාශ වී ගිය පසු ව නැවත එහි ගම්වැසියන්ට අල්ලාහ් ප්රාණය දෙන්නේ කෙසේදැ’?යි පුදුමයෙන් විමසා සිටියේය. එවිට අල්ලාහ් වසර සියයක් ඔහු මරණයට පත් කොට යළි ඔහුට ජීවය දී ‘ඔබ මරණයට පත් ව කොපමණ කාලයක් සිටියේදැ'යි ඔහුගෙන් විමසීය. ඔහු එයට පිළිතුරු දෙමින්: 'දිනක් හෝ දිනකින් කොටසක් රැදී සිටියෙමි' යැයි පැවසීය. අල්ලාහ් ඔහු දෙස බලා: ‘නැත, නුඹ සම්පූර්ණ වසර සියයක් රැදී සිට ඇත. නුඹ සමග වූ ආහාර පාන දෙස අවධානයෙන් බලනු. ඒවා ඉක්මණින්ම පිළුම්වන දෑ වුවද වෙනස් නොවී ඒ තත්ත්වයේම ඉතිරි ව පවතී. මිය ගිය නුඹේ බූරුවා දෙස ද අවධානයෙන් බලනු. මිනිසුන් මිය ගිය පසු යළි නැගිටුවීමේ හැකියාව අල්ලාහ්ට ඇති බව නිරූපණය කරන පැහැදිලි සාධකයක් හා සංඥාවක් බවට අපි නුඹ ව පත් කරමු. දැන් වෙන් වී ගිය විසිරී ඇති නුඹගේ බූරුවාගේ ඇටකටු දෙස බලනු. එය අපි ඔසවා, එකිනෙක අමුණා මසින් පොරවා යළි ඌට අප පණ දෙන්නේ කෙසේදැයි බලනු. ඔහු එය දුටු විට එහි යථාර්ථය ඔහුට පැහැදිලි විය. අල්ලාහ්ගේ බල මහිමය පිළිබඳ වටහා ගත්තේය. ඔහු එය පිළිගෙන: ‘සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරී බව ම දැන ගතිමි’ යැයි පැවසීය.

Bakara 2:260

අහෝ! මාගේ පරමාධිපතියාණනි, මිය ගිය ඇත්තන්හට ඔබ යළි ප්රාණය දෙන්නේ කෙසේ දැ?යි මාගේ දෑසට ඔබ පෙන්වනු මැනව’යයි ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටි අවස්ථාව ගැන -අහෝ නබිවරය,- නුඹ මෙනෙහි කර බලනු. එවිට: ‘මේ ගැන නුඹ තවමත් විශ්වාස නොකළේදැ?’යි අල්ලාහ් එතුමාගෙන් විමසා සිටියේය. ‘එසේ නොව, මම විශ්වාස කළෙමි. නමුත් මාගේ සිතෙහි තැන්පත් බව වැඩි කර ගන්නට මෙසේ අසමි’ යැයි එතුමා පවසා සිටියේය. එවිට අල්ලාහ් ඔහුට නියෝග කොට මෙසේ පැවසීය: ‘නුඹ කුරුලු වර්ග හතරක් ගෙන උන් නුඹට වඩාත් ලෙන්ගතු ලෙස ඇති කොට, පසු ව උන් කොටස් කොට ඒවායින් කොටසක් බැගින් නුඹ අවට පිහිටා ඇති කඳු අතරින් සෑම කන්දක් මත ම තබා පසු ව නුඹ උන් කැඳවන්න. එවිට උන් යළි ප්රාණය ලබා නුඹ වෙත වේගයෙන් පැමිණෙනු ඇත. සැබැවින් අල්ලාහ් ඔහුගේ රාජ්ය පාලනයේ සර්ව බලධාරී බවත් ඔහුගේ කටයුතු වලත් ඔහුගේ පිළිවෙත් හා මැවීම් වලත් ඔහු මහා ප්රඥාවන්ත බවත් දැන ගනු.

Bakara 2:261

අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව වියදම් කරන දේව විශ්වාසකයින්ට හිමි කුසලට උපමාව වනුයේ සාරවත් භූමියක් තුළ ගොවියා පැළ කරන ධාන්ය ඇටයකි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලකම ධාන්ය සියයක් බැගින් හට ගනී. එසේ අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන් හට ගුණ කොට කුසල් පිරිනමනු ඇත. කිසිදු ගණන් බැලීමකින් තොර ව ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට දෙනු ඇත. අල්ලාහ් මහත් භාග්ය සම්පන්නය. ත්යාගශීලීය. ගුණකර දෙනු ලබන්නට සුදුස්සන් කවරුන්ද යන වග ඔහු මැනවින් දන්නාය.

Bakara 2:262

අල්ලාහ්ට අවනත වෙමින් ඔහුගේ තෘප්තිය උදෙසා කවරෙකු තම ධනය වියදම් කොට පසු ව ඔවුන් වියදම් කළ දෑ වෙනුවට එහි කුසල් අහිමි කරන කියාවන් සිදු නොකරන්නේද (එනම් කළ දෑ මිනිසුන්හට වචනයෙන් හෝ ක්රියාවෙන් කියා නොපන්නේද) ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් සතු කුසල් ඇත. ඔවුන් මුහුණ දෙන දෑ පිළිබඳ ඔවුන් තුළ කිසිදු බියක් ඇති නොවන්නේය. ඔවුන්ට හිමි ආශිර්වාදයන් සඳහා ඔවුන් ගරුබුහුමන් කළ බැවින් ගෙවී ගිය දෑ පිළිබඳ දුකට පත් වන්නේද නැත.

Bakara 2:263

දෙවියන් විශ්වාස කරන්නාගේ හදවත තුළ සතුට දන්ව්න යහපත් වචනය හා ඔබ වෙත නපුරක් කරන්නාට පිරිනමන සමාව දානයක් ලබා දී පසු ව දානලාභියාට එය කියාපාමින් වේදනාවට පත් කරන දානයට වඩා උතුම්ය. අල්ලාහ් තම ගැත්තන්ගෙන් කිසිදු අවශ්යතාවක් බලාපොරොත්තු නොවන්නාය. ඔහු ඉවසන සුළුය. ඔවුන්හට දඬුවම පමුණුවීමට ඉක්මන් නොවන්නේය.

Bakara 2:264

අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි. දානලාභියාට තම දානය ගැන කියාපාමින් හා ඔහුට වේදනාව ගෙන දෙමින් නුඹලා පිරිනැමු නුඹලාගේ දානයේ කුසල් අහිමි කර නොගනු. මෙලෙස කටයුතු කරන්නාට උපමාව වනුයේ, තම දානය මිනිසුන්හට පෙන්වීමේ අරමුණින් හා ඔවුන් ඔහු ප්රශංසා කිරීමේ අරමුණින් තම ධනය වියදම් කරන්නෙකු මෙනි. ඔහු අල්ලාහ් හා පරමාන්ත දිනය ද එහි ඇති කුසල් අකුසල් ගැනද විශ්වාස නොකළා වූ දෙවියන් ප්රතික්ෂේප කරන්නෙකි. එයට උපමාව මතුපිටින් පස් ආවරණය වූ මුඩු ගලක් මෙනි. ධාරානිපාත වර්ෂාවක් එම ගල මතට පතිත වෙයි. මතුපිටින් වසා තිබූ පස් තට්ටුව එම ගලින් ඉවතට යයි. එය කිසිවක් නොමැති මුඩු ගලක් බවට පත් වෙයි. මූණිච්චාවට සිදු කරන්නන්හට මුහුණ දෙන්නට සිදු වන්නේද එලෙසමය. ඔවුන්ගේ ක්රියාවන්හි හා ඔවුන් වියදම් කළ ධනයේ කුසල් පහ ව යනු ඇත. ඔවුන්හට අල්ලාහ් අබියස ඉන් කිසිවක් ඉතිරි නොවනු ඇත. අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන්හට තමන් තෘප්තියට පත් වන ඔවුන් කළ ක්රියාවෙන් හා ඔවුන් කළ දානයෙන් ඔවුනට ප්රයෝජනවත් වන දෑ වෙත මඟ පෙන්වන්නේ නැත.

Bakara 2:265

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑවක් යැයි සිත් ස්ථාවරයට පත් කර ගනිමින් කිසිදු අකමැත්තකින් තොර ව තම වස්තුව වියදම් කරන දේව විශ්වාසවන්තයින්ට උපමාව සාරවත් උස් තැනිතලාවක පිහිටි වතුයායකි. එයට ධාරානිපාත වැස්සක් හට ගනී. බවභෝග ගුණ කර දෙයි. ධාරානිපාත වැස්සක් නොලැබී පොද වැස්සක් ලැබුණත් එම සාරවත් පොළවට එය සෑහෙයන්නේය. අවංක සිත් ඇත්තන් කරන වියපැහැදම්ද එලෙසමය. එය ස්වල්ප වශයෙන් පිහිටිය ද අල්ලාහ් එය පිළිගනී. එහි ප්රතිඵල ගුණ කර පිරිනමයි. නුඹලා සිදු කරන දෑ අල්ලාහ් නිරීක්ෂා කරමින් සිටියි. අවංක ව දන් දෙන්නන් හා මූණිච්චාවට දන් දෙන්නන්ගේ තත්ත්වයන් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම දෙයකටම ගැළපෙන පරිදි ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:266

පුද්ගලයකුට රට ඉඳි හා මිදි වගාවෙන් යුත් වතුයායක් තිබේ. ඒ තුළ බීමට මිහිරි දිය පහරක් ගලා යයි. සෑම වර්ගයකම නැවුම් පලතුරු ද එහි ඔහුට ඇත. එහි අයිතිකරු කිසිවක් කර කියාගත නොහැකි ඉපැයිය නොහැකි වයස්ගත තත්ත්වයට පත් වෙයි. වැඩක් හරිහැටි සිදු කර ගැනීමට හැකියාවක් නැති තත්ත්වයක පසුවන දුර්වල දරු පරපුරක් ඔහුට වෙයි. ඒ සමගම ලැව් ගින්නක් එම වතු යායේ හට ගනී. එම වයස්ගත පුද්ගලයාද තම මහළුවිය හේතුවෙන් හා දුර්වල පරම්පරාවක් ඇති හේතුවෙන් ඒ ගැන දැඩි අවශ්යතාවකින් සිටියදී මුළු වතු යායම පිළිස්සී යයි. මෙසේ සිදු වීම නුඹලාගෙන් කිසිවකු හෝ ප්රිය කරන්නේද? මිනිසුනට පෙන්වීම පිණිස මූණිච්චාවට විදයම් කරන්නාගේ තත්ත්වයද මේ පුද්ගලයා හා සමානය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි අවශ්යතාවකින් සිටියදී කිසිදු යහපතක් නොමැතිවම ඔහු අල්ලාහ් වෙත පැමිණෙනු ඇත. අල්ලාහ් මෙම විස්තරය පැහැදිලි කළාක් මෙන්ම මෙලොවට හා මතු ලොවට ප්රයෝජනවත් වන දෑ ගැන ද පැහැදිලි කරන්නේය. එය නුඹලා වටහාගෙන ක්රියා කරනු පිණිසය.

Bakara 2:267

අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, නුඹලා නිත්යනුකූලව ඉපැයූ පිවිතුරු අනුමත දැයින් වියදම් කරනු. අපි නුඹලා වෙනුවෙන් මහපොළොවේ හට ගන්නට සැලැස්වූ දැයින් ද නුඹලා වියදම් කරනු. ඒවායින් පහත් බාල දෑ වියදම් කිරීමට නුඹලා අපේක්ෂා නොකරනු. එය නුඹලාට පිරිනමනු ලැබුවේ නම් පහත් හා බාල බැවින් නුඹලා ද එය පිළි නොගනු ඇත. නුඹලා තෘප්තියට පත් නොවන දෙයකින් අල්ලාහ් ව තෘප්තියට පත් කළ හැක්කේ කෙසේද? නුඹලා කරන වියපැහැදම් ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නොමැති බව නුඹලා දැන ගනු. ඔහුගේ ස්වභාවය තුළ හා ඔහුගේ ක්රියාකාරකම් තුළ ඔහු ප්රශංසාලාභියාය.

Bakara 2:268

දිළිඳුකම පදනම් කර ගනිමින් ෂෙයිතාන් නුඹලා බිය ගන්වයි. නුඹලා මසුරුකම වෙත පොළඹවයි. පාපකම් හා වැරදි සිදු කරන්නට ඔහු නුඹලා කැඳවයි. නමුත් අල්ලාහ් නුඹලා කරන වැරදි වලට මහත් සේ සමාව දානය කිරීමටත් නුඹලාගේ ආහාර විස්තීරණය කිරීමටත් ප්රතිඥා දෙයි. අල්ලාහ් මහත් භාග්යවන්තය. ඔහුගේ ගැත්තන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ මනා දැනුමක් ඇත්තාය.

Bakara 2:269

ප්රවේසමෙන් කතා කිරීමේ හා කටයුතු වල නිරත වීමේ ප්රඥාවන්තභාවය අල්ලාහ් තමන් කැමති ගැත්තන්හට පිරිනමයි. කවරෙකුට එය පිරිනමනු ලැබුවේද ඔහුට අධික යහපත පිරිනමනු ලැබීය. අල්ලාහ්ගේ අලෝකයෙන් ආලෝකය ලැබ ඔහුගේ මග පෙන්වීමෙන් මග ලැබ පූර්ණ ප්රඥාවලෝකයෙන් හෙබි අය හැර වෙනත් කිසිවෙකු ඔහුගේ වදන් හා සංඥා තුළින් උපදෙස් නොලබනු ඇත.

Bakara 2:270

අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ස්වල්ප වශයෙන් හෝ විශාල වශයෙන් හෝ නුඹලා වියදම් කර ඇති දෑ ද, නුඹලා වෙත නොපැවරුණු, අල්ලාහ්ට යටහත් වීමේ කටයුත්තක් නුඹලා විසින් නුඹලාට අනිවාර්යය කර ගත්තද ඒ සියල්ල පිළිබඳ අල්ලාහ් දන්නේය. එයින් කිසිවක් ඔහු අබිසය නිෂ්ඵල වී යන්නේ නැත. ඒ සඳහා මහත් ප්රතිඵල ඔහු නුඹලාට පිරිනමනු ඇත. තමන්ට අනිවාර්යය වූ දැයින් වැළකී අපරාධකම් කළවුන්හ්ටත් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන්ටත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන දඬුවමින් ඔවුන් වළක්වා ගන්නට කිසිදු උදව්කරුවකු නොසිටිනු ඇත.

Bakara 2:271

සදකා වශයෙන් නුඹලා වියදම් කරන ධනය නුඹලා විසින් ප්රසිද්ධියේ පිරිනමන්නේ නම් එම සදකා ව යහපතකි. එසේම නුඹලා එය රහසිගතව දුගී දුප්පතුන්හට පිරිනැමුවේ නම් එය එළිපිට ප්රසිද්ධියේ පිරිනමන දානයට වඩා උතුම් වන්නේය. ඊට හේතුව එය ඉහඃලාස් හෙවත් චිත්ත පාරිශුද්ධියට වඩාත් සමීප වන බැවිණි. අවංක චේතනාවකින් යුතු ව පිරිනමන සදකාවන්හි තමන්ගේ පාපයන්ට ආවරණයක් හා පාප ක්ෂමාවක් ඇත්තේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ තත්ත්වයන් කිසිවක් අල්ලාහ්ට සැඟ වී යන්නේ නැත.

Bakara 2:272

අහෝ නබිවරය! සත්යය පිළිගැන්වීමටත් එය ඔවුන් පිළිපැදීමටත් ඔවුනට යහමග පිරිනැමීම හෝ ඔවුන් ඒ මත උසුලාගෙන යෑම නුඹගේ වගකීම නොවන්නේය. නුඹට අනිවාර්යය වනුයේ සත්යය වෙත ඔවුනට සාධක ගෙන හැර පෑම හා ඒ ගැන ඔවුන් දැනුවත් කිරීම පමණය. සත්යය ආශිර්වාද කිරීමත් ඒ වෙත මග පෙන්වීමත් අල්ලාහ් සතු වගකීමක් වන්නේය. ඔහු අභිමත කරන අය යහමග යවයි. යම් යහපත් කටයුත්තක් වෙනුවෙන් නුඹලා වියදම් කර ඇත්නම් එහි යහපත නුඹලා වෙත නැවත පැමිණෙනු ඇත. ඊට හේතුව අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොර වන බැවිණි. නුඹලාගේ වියහියදම් අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුය. සැබෑ මුඃමින්වරුන් හෙවත් දෙවියන් විශ්වාස කරන්නන් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසාම මිස වෙනත් කිසිදු අපේක්ෂාවකින් වියදම් නොකරති. නුඹලා වියදම් කළ යහපත් දෑ සුළු වුවද විශාල වුවද කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ව එහි කුසල් නුඹලාට පිරිනමනු ලබනු ඇත. අල්ලාහ් කිසිෙවෙකුට අසාධාරණයක් සිදු නොකරනු ඇත.

Bakara 2:273

අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් හෙවත් ඇප කැප වී කටයුතු කිරීම හේතුවෙන් තම ජීවනෝපාය සොයා යෑමෙන් වළක්වනු ලැබූ දිළිඳුන් හට එය ලබා දෙන්න. ඔවුන් කිසිවක් ඉල්ලා සිටීමෙන් වැළකී සිටින බැවින් ඔවුන් පොහොසත් තත්ත්වයේ පසුවන්නන් ලෙස අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතනු ඇත. ඔවුන්ගේ ඇඳුමෙහි හා ඔවුන්ගේ ශරීරයෙහි මතුපිටින් පෙනෙන අවශ්යතාවන් දෙස හොඳින් නිරීක්ෂා කර බලන විට ඔවුන්ගේ දිළිඳුකමේ සලකුණු මැනවින් හඳුනාගත හැක. ඔවුන් සෙසු දිළින්දන් මෙන් ජනයාගෙන් බැගෑපත් ව ජනයාගෙන් ඇයැද නොසිටිති. කවර ධනයක් හෝ වස්තුවක් නුඹලා වියදම් කළද සැබැවින්ම අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. ඒ සඳහා අතිමහත් ප්රතිඵල ඔහු නුඹලාට මතු පිරිනමනු ඇත.

Bakara 2:274

අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කිසිදු ආඩම්භරකමකින් හෝ මූණිච්චාවකින් තොර ව අවංක ලෙසින් තම ධනය රෑ දහවල් රහසිගතවද ප්රසිද්ධියේද වියදම් කරන්නන් වනාහි ඔවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ කුසල් දැක ගනු ඇත. ඔවුන් කවර කරුණකට මුහුණ දුන්නද ඒ ගැන කිසිදු බියක් ඔවුනට ඇති වන්නේ නැත. මෙලොවෙහි අතපසු වූ දෑ පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත. එය අල්ලාහ්ගෙන් වූ භාග්යයක් හා ආශිර්වාදයක් යැයි ඔවුහු සිතති.

Bakara 2:275

පොලිය හා බැඳුණු ගනුදෙනු වල නිරත වී එය භුක්ති විඳින්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මිනිවළවල් වලින් ඔවුන් යළි නැගිටින විට ෂෙයිතාන් ස්පර්ශ කළ අයකු මෙන් මිස නැගිට නොසිටිති. මීමැස්මොරය සෑදුනු කෙනෙකු නැගිට සිටින විට හෝ වැටෙන විට දඟලන්නාක් මෙන් ඔහු ඔහුගේ මිණිවළින් නැගිටිනු ඇත. එය පොලිය හා අල්ලාහ් ඉපැයීමට අනුමත කළ ව්යාපාරය අතර වෙන් කර හඳුනා නොගෙන පොලිය අනුභව කිරීම ඔවුන් අනුමත කර ගත් බැවිණි. ඔවුහු ‘පොලිය, සැබැවින්ම වෙළඳාම මෙන් අනුමත ක්රියාවකි. ඒ දෙකින්ම ධනය වර්ධනය කරයි’ යැයි පවසා සිටියහ. එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ සැසඳීම හා ඔවුන්ගේ බොරුව ව්යර්ථ කළේය. සැබැවින්ම වෙළඳාම තුළ පොදු යහපත මෙන්ම පුද්ගල යහපත ඇති බැවින් එය අනුමත බවත් පොලිය තුළ අසාධාරණය මෙන්ම මිනිසුන් තෘප්තියට පත් නොවන තත්ත්වයේ ඔවුන්ගේ ධනය හූරාකෑමක් සිදු වන බැවින් එය තහනම් කටයුත්තක් බවත් අල්ලාහ් පැහැදිලි කළේය. කවරෙකුට පොලියේ ඇති ප්රවේසම් සහගත තත්ත්වය ගැන හා එය තහනම් බවට වූ උපදෙස පැමිණි පසු ව ඉන් වැළකී අල්ලාහ් වෙත පාප සමාව අයැද සිටියේද මීට පෙර පොලියෙන් ඔහු ලබා ඇති දෑ ඔහු සතු වනු ඇත. එහි වරදක් නැත. නමුත් මින් පසු මුහුණ දෙන දෑහි අල්ලාහ්ගේ නියෝගය ක්රියාත්මක වනු ඇත. ඒ ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අල්ලාහ්ගෙන් ලබා ගත් සාක්ෂි හා සාධක ඉදිරිපත් කරමින් එය තහනම් බව දන්වා සිටීමෙන් පසුවත් යළි පොලිය වෙත පිය නගන්නේද ඔහු නිරයට යෑමට සුදුස්සෙකු බවට පත් වන අතරම ඔහු එහි සදාකල් වෙසෙනු ඇත. මෙසේ සදාකල් එහි වෙසෙනු ඇතැයි පැවසීම; පොලිය අනුමත කරමින් එහි නිරත වූ පුද්ගලයා සදාකල් නිරයෙහි සිටී; නැතහොත් එහි දිගු කාලයක් ජීවත් වන බව අර්ථවත් කරයි. නිරයේ සදාකල් වෙසෙනුයේ අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන් වෙති. අල්ලාහ් විශ්වාස කළවුන් එහි සදාකල් නොවෙසෙනු ඇත.

Bakara 2:276

පොලී ධනය අල්ලාහ් විනාශ කර දමයි. එය නැති කර දමයි. එය හා එයට සමාන දෑ විනාශ කර දමමින් මානසික මට්ටමින් හෝ එහි අභිවෘද්ධිය නැති කර දමමින් භෞතික වශයෙන් හෝ එහි විනාශය සිදු වනු ඇත. නමුත් සදකා නොහොත් දානය ඔහු වර්ධනය කරයි. ඒ සඳහා වූ කුසල් අධික ලෙස ගුණ කර දෙයි. එක් යහපතක් වෙනුවෙන් ඒ හා සමාන යහපත් දහයක සිට හත්සීය දක්වා ගුණ කොට අධික වශයෙන් පිරිනමයි. දානමාන කරන්නන්ගේ ධනයෙහි අභිවෘද්ධිය ඇති කරයි. පාපකම් හා වැරදි කටයුතු වල නිරත වන තහනම් දෑ අනුමත කරන හිතුවක්කාර ලෙස දෙවියන් ප්රතික්ෂේප කරන සෑම කෙනෙකුවම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.

Bakara 2:277

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ දූතයාණන් පිළිපැද දැහැමි ක්රියාවන් සිදු කොට අල්ලාහ් ආගමානුගත කළ පරිදි සලාතයද ඉටු කොට තම ධනයෙන් එය ලබන්නට සුදුස්සන් වෙත සකාත් පිරිනැමූ අයට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් සතු කුසල් ඇත. ඔවුන් මුහුණ දෙන කරුණු පිළිබඳ ඔවුනට කිසිදු බියක් ඇති නොවන්නේය. එමෙන්ම මෙලොවෙහි ඔවුනට මග හැරුණු දෑ පිළිබඳවත් මග හැරුණු එහි සැපත පිළිබඳවත් ඔවුන් දුක්වන්නේද නැත.

Bakara 2:278

අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කරන්නනි! ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බිය වවු. නුඹලා අල්ලාහ් ව සැබෑ ලෙසින් විශ්වාස කරන්නෙහු නම් ජනයා ළඟ ඇති ඉතිරි පොලිය හා පොලියෙන් කවර දෙයක් ඔහු නුඹලාට තහනම් කළේද එයද ඔවුන්ගෙන් ඉල්ලා සිටීම අතහැර දමනු.

Bakara 2:279

නුඹලාට කවර දෙයක් අණ කරනු ලැබුවේද එය නුඹලා සිදු නොකළේ නම් දැනගනු. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කිරීමට නුඹලා අධිෂ්ඨාන කරනු. නමුත් නුඹලා අල්ලාහ් වෙත හැරී පශ්චාත්තාප වී පොලිය අතහැර දැමුවේ නම් නුඹලාගේ ප්රාග්ධනයෙන් නුඹලා කවර ප්රමාණයක් ණය ලෙස පිරිනැමුවේද එම ප්රමාණය නුඹලා සතු විය යුත්තකි. නුඹලාගේ ප්රාග්ධනයට වඩා වැඩි මුදලක් අය කර සිටීමෙන් කිසිවකුට අසාධාරණයක් සිදු නොකරනු. ඉන් කිසිවක් අඩු කරනු ලැබීමෙන් නුඹලා ද අසාධාරණයට ලක් නොවිය යුතුය.

Bakara 2:280

නුඹලා ණය ගැත්තෙකුගෙන් පිරිනැමූ ණය ඉල්ලා සිටියදී ඔහු එය පියවීමට නොහැකි දුෂ්කර තත්ත්වයේ පසුවන්නේ නම් ඔහුට මුදල් පහසුකම් ලැබ ණය පියවීමට හැකි තත්ත්වයක් උදාවන තෙක් එසේ ඉල්ලා සිටීම ප්රමාද කරනු. ණය ඉල්ලා සිටීම අතහැර දමමින් හෝ ඉන් කොටසක් ඔහුගෙන් ඉවත් කරමින් දානයක් ලෙස එය පිරිනමන්නේද ඒ සඳහා අල්ලාහ් අබියස ඇති භාග්යය පිළිබඳ නුඹලා දන්නෙහු නම් එය නුඹලාට වඩාත් උතුම් වනු ඇත.

Bakara 2:281

නුඹලා සියලු දෙනා අල්ලාහ් වෙත යළි හැරී යන දිනයේ දඬුවමට නුඹලා බිය වනු. එදින නුඹලා ඔහු ඉදිරියේ සිටගෙන සිටිනු ඇත. පසු ව සෑම ආත්මයක්ම ඔහු ඉපැයූ හොඳ නරකට අනුව ප්රතිඵල පිරිනමනු ලබනු ඇත. ඔවුන් ඉපැයූ යහපත් කුසල් කිසිවක අඩුවක් ඇති කරමින් හෝ ඔවුන් සිදු කළ නපුරුකම් සඳහා වූ දඬුවමට වඩා කිසිවක් වැඩි කරමින් හෝ ඔහු අසාධාරණ තත්ත්වයට පත් නොකරනු ඇත.

Bakara 2:282

අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව පිළිපදින්නනි! නුඹලා අතර කිසිවකු විසින් කිසිවකුට නියමිත කල් ණයක් ලබා දෙමින් ගනුදෙනු වල නිරත වන්නේ නම් එම කල් ණය පිළිබඳ සටහන් කරනු. එය ආගමානුකූල ව එයට ගැළපෙන පරිදි සත්යය හා සාධාරණ ලියන්නකු විසින් නුඹලා ඉදිරියේ සටහන් කළ යුතුය. යුක්තිය හා සාධාරණය පිළිබඳ අල්ලාහ් තමන්හට කවර දැයක් උගන්වා ඇත්තේ ද එයට අනුකූල ව එසේ සටහන් කරන්නා එම ණය ලිවීමෙන් කිසිවෙකු වැළැක්විය නොයුතුය. වගකීම කවුරුන් වෙත පැවරෙන්නේද ඔහු ගැන සැලකිල්ලට ගෙන ඔහු පිළිගන්නා අයුරින් ලියන්නා විසින් ලිවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් ඔහු අල්ලාහ්ට බැතිමත් විය යුතුයි. ණය හා සම්බන්ධ ව එකඟ වූ ප්රමාණයෙහි, වර්ගයෙහි හා ක්රමයෙහි කිසිදු අඩුවක් නොකළ යුතුයි. වගකීම පැවරුණු අයට එම ගනුදෙනු ව යහපත් අයුරින් ඉටු කළ නොහැකි වී නම් හෝ ඔහු කුඩා වයසේ පසුවීම හා උමතුභාවය වැනි හේතුන් නිසා දුර්වල තත්ත්වයේ පසුවන්නේ නම් හෝ ගොලු වැනි ශරීර ඌණතාවක් හේතුවෙන් හෝ එය පියවීමට නොහැකිවී නම් හෝ ඔහු වෙනුවෙන් වගකීම් දරන්නන් යුක්තිගරුක ව හා සාධාරණ ලෙසින් එම ණය පියවීමට ඉදිරිපත් විය යුතුය. යුක්තිගරුක බුද්ධිය ඇති පිරිමින් දෙදෙනෙකු ඒ සඳහා සාක්ෂිකරුවන් වශයෙන් පත් කර ගත යුතුය. පිරිමින් දෙදෙනෙකු නොලැබුණු විටෙක එක් පිරිමියකු හා ඔවුන්ගේ දහම හා වගකීම පිළිබඳ නුඹලා තෘප්තියට පත්වන එක් කාන්තාවකට අමතක වූ විට අනෙක් කාන්තාව විසින් මතක් කර දිය හැකි අයුරින් කාන්තාවන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස පත් කර ගනු. ණයක් සම්බන්ධ ව සාක්ෂියට ඔවුන් ඇරයුම් කරනු ලබන විට එම සාක්ෂිය නොවැළැක්විය යුතුය. ඒ සඳහා ඇරයුම් කරනු ලබන විට එයට පෙනී සිටීම ඔවුන්ගේ වගකීම වන්නේය.සටහන් කළ නියමිත ගිවිසුමෙන් නුඹලා නැඹුරු නොවිය යුතුයි. ණය පිළිබඳ ලියා තබා ගැනීම අල්ලාහ්ගේ දහම තුළ වඩාත් සාධාරණ එකක් වන්නේය. සාක්ෂි ඉදිරිපත් කිරීමටත් එය ඉටු කිරීමටත් වඩාත් සුදුසු වන්නේය. ණය වර්ගය එහි ප්රමාණය හා එහි කාලය සම්බන්ධ ව ඇති වන සැකය දුරු කිරීමටත් වඩාත් යෝග්ය වන්නේය.නමුත් නුඹලා අතර පවතින ව්යාපාර ගිවිසුම අත්පිට මුදලක් හෝ අත්පිට භාණ්ඩයක් සම්න්ධයෙන් නම් ලිවීමේ අවශ්යතාවක් එහි ඇති නොවන බැවින් එය අතහැර දැමීමේ වරදක් නැත. එසේ සාක්ෂි දැරීම නුඹලාට ආගමානුගත කර ඇත්තේ ගැටලු ඇති කරන හේතූන් හා තත්ත්වයන් වැළැක්වීම සඳහාය. ලේඛන ගත කරන්නන් හා සාක්ෂිකරුවන් කිසිවකු නුඹලා විසින් හිංසා පීඩාවට පත් නොකළ යුතුය. එමෙන්ම ඔවුන් එසේ ලිවීමටත් සාක්ෂි දැරීමටත් ඉල්ලා සිටින්නා ද හිංසාවට පත් නොවිය යුතුය. නුඹලා අතර කිසිවකු එසේ හිංසා පීඩා ඇතිි කරන්නේද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වී තම පාපය වෙත යොමු වන්නේය. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි! අල්ලාහ් නුඹලාට කවර කරුණක් අණ කර තිබේද ඒවා පිළිපදිමින් කවර කරුණක් නුඹලාට තහනම් කර තිබේද නුඹලා ඒවායින් වැළකී සිටිමින් නුඹලා අල්ලාහ්ට බිය වනු. එහි නුඹලාගේ මෙලොව හා මතු ලොව ජීවිතයේ ඇති යහපත පිළිබඳ අල්ලාහ් නුඹලාට උගන්වන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.

Bakara 2:283

නුඹලා ගමනක නිරතව සිට ණය ගිවිසුම ලියන්නට කිසිදු ලේකකයෙකු නුඹලාට නොලැබුණේ නම් ණය හිමියාහට උකසට යමක් ලබා දී ණය ගැත්තා එය ලබා ගැනීම ප්රමාණවත් වන්නේය. පිරිනමනු ලබන එම උකස් භාණ්ඩය ණය ගැත්තා ණය පියවීමේ වගකීම සඳහා ඇපයක් වනු ඇත. නමුත් නුඹලා එකිනෙකා අතර දැඩි විශ්වාසයෙන් පසුවන්නේ නම් ලිවීමක් හෝ සාක්ෂියක් හෝ උගසක් හෝ අවශ්ය වන්නේ නැත. එවිට ණය ගැත්තන්ගේ භාරයේ පවතින වගකීමක් ලෙස එම ණය පත් වනු ඇත. ඔහුගේ එම ණය පියවා දැමීම ඔහුට අනිවාර්යය වේ. එම වගකීම සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය විය යුතුය. කිසිදු වංචාවක් සිදු නොකළ යුතුය. එසේ යම් කිසි වංචාවක් සිදු කළේ නම් ගනුදෙනු සඳහා ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් මත පැවරෙනු ඇත. එය ඔහු සැඟවීම සුදුසු නැත. කවරෙකු එය වසන් කරන්නේද සැබැවින්ම එවැනි අයකුගේ හදවත පාපී හදවතක් වන්නේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

Bakara 2:284

අහස්හි හා මහපොළොවේ ඇති මැවීම් ආධිපත්යය හා සැලසුම් කිරීම යන සියල්ල අල්ලාහ්ට පමණක් සතු වන්නේය. නුඹලාගේ සිත් තුළ ඇති දෑ නුඹලා හෙළි කළ ද ඒවා සඟවා ගත්තද ඒ සියල්ල පිළිබඳ අල්ලාහ් දන්නේය. ඒවා සම්බන්ධයෙන් ඔහු නුඹලාගෙන් විමසනු ඇත. පසු ව ඔහුගේ ආශිර්වාදය හා දයාවෙන් ඔහු අභිමත කරන අයට සමාව දෙනු ඇත. සාධාරණ ව හා ප්රඥාවෙන් යුතු ව ඔහු අභිමත අයට දඬුවම් කරනු ඇත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරියාණන් ය.

Bakara 2:285

අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති වෙතින් තමන් වෙත පහළ කරනු ලැබූ සියලු දෑ විශ්වාස කළහ. එසේම සත්යය විශ්වාස කළ දේව විශ්වාසවන්තයෝද විශ්වාස කළෝය. ඔවුන් සියල්ලෝම විශ්වාස කළෝය. අල්ලාහ්ගේ සියලුම මලක්වරුන් පිළිබඳවත් ඔහු නබිවරුන්ට පහළ කළ ඔහුගේ සියලුම පුස්තක පිළිබඳවත් ඔහු එවූ සියලුම දහම් දූතවරුන් පිළිබඳවත් විශ්වාස කළෝය. එසේ විශ්වාස කරමින්: “අල්ලාහ්ගේ රසූල්වරුන් අතුරින් කිසිවකු අපි වෙන් කොට නොසලකමු” යැයි පැවසුවෝය. තවදුරටත් “ඔබ අපට කවර දෙයක් අණ කර සිටියේද අපි එයට සවන් දුනිමු. කවර දෙයක් අපට තහනම් කර සිටියේද එයින් අපි වැළකී සිටියෙමු. ඔබ කවර දෙයක් අණ කර සිටියේද එය ක්රියාවට නංවමින්ද ඔබ කවර දෙයකින් අප වැළැක්වූයේද එයින් වැළකී සිටිමින් අපි ඔබට අවනත වූයෙමු. අහෝ! අපගේ පරමාධිපතියාණනි, අපහට සමාව දෙනු මැනව! සැබැවින්ම අපගේ අවසන් නවාතැන ඔබ වෙත පමණය. අපගේ සියලු කටයුතු වලදී අපි යොමු විය යුත්තේ ඔබ වෙත පමණය.

Bakara 2:286

කිසිදු ක්රියාවක් දැරිය හැකි ප්රමාණයකට මිස කිසිවකු මත අල්ලාහ් පටවන්නේ නැත. ඊට හේතුව අල්ලාහ්ගේ දහම පහසු ව මත පදනම් වූවක් බැවිණි. එහි කිසිදු දුෂ්කරතාවක් නැත. එහෙයින් කවරෙකු යහපත උපයන්නේද ඔහු සිදු කළ දෑහි කුසල ඔහු සතු වනු ඇත. ඉන් කිසිවක් අඩු නොකරනු ඇත. එසේම කවරෙකු යම් අයහපතක් උපයන්නේද ඔහු ඉපැයූ පාපයේ ප්රතිවිපාකය ඔහු සතු වන්නේය. වෙනත් අයකු එය උසුලන්නේ නැත. අල්ලාහ්ගේ දූතයාණන් හා විශ්වාසවන්තයින් මෙසේ පවසා සිටියහ. “අපගේ පරමාධිපතියාණනි, කිසිදු චේතනාවකින් තොර ව අපට යම් ක්රියාවක හෝ ප්රකාශයක යම් අමතකවීමක් සිදු වී නම් හෝ අපට වැරදුණේ නම් හෝ ඒ සඳහා අපට දඬුවම් නොකරනු මැනව! අහෝ! පරමාධිපතියාණනි, ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් නුඹ ඔවුනට දඬුවම් කළ, අපට පෙර විසූ යුදෙව් ජනයා හට පැටවූවාක් මෙන් දරා ගත නොහැකි දුෂ්කරතා අප වෙත නොපටවනු මැනව! අපට දැරිය නොහැකි දුෂ්කර විධාන හා තහනම් අප මත නොපටවනු මැනව! අපගේ පාපයන් නොසලකා හරිනු මැනව! අපට සමාව දෙනු මැනව! ඔබේ ආශිර්වාදයෙන් අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරුය. අපගේ උදව්කරුය. එබැවින් ඔබ ව ප්රතික්ෂේප කරන ජනයාට එරෙහි ව අපට උදව් කරනු මැනව!