Lafzullah

Sinhalese Mokhtasar — Tekvir 81:1 – Nas 114:6

Author / source: Sinhalese Mokhtasar

Contents
  1. Tekvir 81:1
  2. Tekvir 81:2
  3. Tekvir 81:3
  4. Tekvir 81:4
  5. Tekvir 81:5
  6. Tekvir 81:6
  7. Tekvir 81:7
  8. Tekvir 81:8
  9. Tekvir 81:9
  10. Tekvir 81:10
  11. Tekvir 81:11
  12. Tekvir 81:12
  13. Tekvir 81:13
  14. Tekvir 81:14
  15. Tekvir 81:15
  16. Tekvir 81:16
  17. Tekvir 81:17
  18. Tekvir 81:18
  19. Tekvir 81:19
  20. Tekvir 81:20
  21. Tekvir 81:21
  22. Tekvir 81:22
  23. Tekvir 81:23
  24. Tekvir 81:24
  25. Tekvir 81:25
  26. Tekvir 81:26
  27. Tekvir 81:27
  28. Tekvir 81:28
  29. Tekvir 81:29
  30. İnfitar 82:1
  31. İnfitar 82:2
  32. İnfitar 82:3
  33. İnfitar 82:4
  34. İnfitar 82:5
  35. İnfitar 82:6
  36. İnfitar 82:7
  37. İnfitar 82:8
  38. İnfitar 82:9
  39. İnfitar 82:10
  40. İnfitar 82:11
  41. İnfitar 82:12
  42. İnfitar 82:13
  43. İnfitar 82:14
  44. İnfitar 82:15
  45. İnfitar 82:16
  46. İnfitar 82:17
  47. İnfitar 82:18
  48. İnfitar 82:19
  49. Mütaffifin 83:1
  50. Mütaffifin 83:2
  51. Mütaffifin 83:3
  52. Mütaffifin 83:4
  53. Mütaffifin 83:5
  54. Mütaffifin 83:6
  55. Mütaffifin 83:7
  56. Mütaffifin 83:8
  57. Mütaffifin 83:9
  58. Mütaffifin 83:10
  59. Mütaffifin 83:11
  60. Mütaffifin 83:12
  61. Mütaffifin 83:13
  62. Mütaffifin 83:14
  63. Mütaffifin 83:15
  64. Mütaffifin 83:16
  65. Mütaffifin 83:17
  66. Mütaffifin 83:18
  67. Mütaffifin 83:19
  68. Mütaffifin 83:20
  69. Mütaffifin 83:21
  70. Mütaffifin 83:22
  71. Mütaffifin 83:23
  72. Mütaffifin 83:24
  73. Mütaffifin 83:25
  74. Mütaffifin 83:26
  75. Mütaffifin 83:27
  76. Mütaffifin 83:28
  77. Mütaffifin 83:29
  78. Mütaffifin 83:30
  79. Mütaffifin 83:31
  80. Mütaffifin 83:32
  81. Mütaffifin 83:33
  82. Mütaffifin 83:34
  83. Mütaffifin 83:35
  84. Mütaffifin 83:36
  85. İnşikak 84:1
  86. İnşikak 84:2
  87. İnşikak 84:3
  88. İnşikak 84:4
  89. İnşikak 84:5
  90. İnşikak 84:6
  91. İnşikak 84:7
  92. İnşikak 84:8
  93. İnşikak 84:9
  94. İnşikak 84:10
  95. İnşikak 84:11
  96. İnşikak 84:12
  97. İnşikak 84:13
  98. İnşikak 84:14
  99. İnşikak 84:15
  100. İnşikak 84:16
  101. İnşikak 84:17
  102. İnşikak 84:18
  103. İnşikak 84:19
  104. İnşikak 84:20
  105. İnşikak 84:21
  106. İnşikak 84:22
  107. İnşikak 84:23
  108. İnşikak 84:24
  109. İnşikak 84:25
  110. Büruc 85:1
  111. Büruc 85:2
  112. Büruc 85:3
  113. Büruc 85:4
  114. Büruc 85:5
  115. Büruc 85:6
  116. Büruc 85:7
  117. Büruc 85:8
  118. Büruc 85:9
  119. Büruc 85:10
  120. Büruc 85:11
  121. Büruc 85:12
  122. Büruc 85:13
  123. Büruc 85:14
  124. Büruc 85:15
  125. Büruc 85:16
  126. Büruc 85:17
  127. Büruc 85:18
  128. Büruc 85:19
  129. Büruc 85:20
  130. Büruc 85:21
  131. Büruc 85:22
  132. Târık 86:1
  133. Târık 86:2
  134. Târık 86:3
  135. Târık 86:4
  136. Târık 86:5
  137. Târık 86:6
  138. Târık 86:7
  139. Târık 86:8
  140. Târık 86:9
  141. Târık 86:10
  142. Târık 86:11
  143. Târık 86:12
  144. Târık 86:13
  145. Târık 86:14
  146. Târık 86:15
  147. Târık 86:16
  148. Târık 86:17
  149. A'lâ 87:1
  150. A'lâ 87:2
  151. A'lâ 87:3
  152. A'lâ 87:4
  153. A'lâ 87:5
  154. A'lâ 87:6
  155. A'lâ 87:7
  156. A'lâ 87:8
  157. A'lâ 87:9
  158. A'lâ 87:10
  159. A'lâ 87:11
  160. A'lâ 87:12
  161. A'lâ 87:13
  162. A'lâ 87:14
  163. A'lâ 87:15
  164. A'lâ 87:16
  165. A'lâ 87:17
  166. A'lâ 87:18
  167. A'lâ 87:19
  168. Gâşiye 88:1
  169. Gâşiye 88:2
  170. Gâşiye 88:3
  171. Gâşiye 88:4
  172. Gâşiye 88:5
  173. Gâşiye 88:6
  174. Gâşiye 88:7
  175. Gâşiye 88:8
  176. Gâşiye 88:9
  177. Gâşiye 88:10
  178. Gâşiye 88:11
  179. Gâşiye 88:12
  180. Gâşiye 88:13
  181. Gâşiye 88:14
  182. Gâşiye 88:15
  183. Gâşiye 88:16
  184. Gâşiye 88:17
  185. Gâşiye 88:18
  186. Gâşiye 88:19
  187. Gâşiye 88:20
  188. Gâşiye 88:21
  189. Gâşiye 88:22
  190. Gâşiye 88:23
  191. Gâşiye 88:24
  192. Gâşiye 88:25
  193. Gâşiye 88:26
  194. Fecr 89:1
  195. Fecr 89:2
  196. Fecr 89:3
  197. Fecr 89:4
  198. Fecr 89:5
  199. Fecr 89:6
  200. Fecr 89:7
  201. Fecr 89:8
  202. Fecr 89:9
  203. Fecr 89:10
  204. Fecr 89:11
  205. Fecr 89:12
  206. Fecr 89:13
  207. Fecr 89:14
  208. Fecr 89:15
  209. Fecr 89:16
  210. Fecr 89:17
  211. Fecr 89:18
  212. Fecr 89:19
  213. Fecr 89:20
  214. Fecr 89:21
  215. Fecr 89:22
  216. Fecr 89:23
  217. Fecr 89:24
  218. Fecr 89:25
  219. Fecr 89:26
  220. Fecr 89:27
  221. Fecr 89:28
  222. Fecr 89:29
  223. Fecr 89:30
  224. Beled 90:1
  225. Beled 90:2
  226. Beled 90:3
  227. Beled 90:4
  228. Beled 90:5
  229. Beled 90:6
  230. Beled 90:7
  231. Beled 90:8
  232. Beled 90:9
  233. Beled 90:10
  234. Beled 90:11
  235. Beled 90:12
  236. Beled 90:13
  237. Beled 90:14
  238. Beled 90:15
  239. Beled 90:16
  240. Beled 90:17
  241. Beled 90:18
  242. Beled 90:19
  243. Beled 90:20
  244. Şems 91:1
  245. Şems 91:2
  246. Şems 91:3
  247. Şems 91:4
  248. Şems 91:5
  249. Şems 91:6
  250. Şems 91:7
  251. Şems 91:8
  252. Şems 91:9
  253. Şems 91:10
  254. Şems 91:11
  255. Şems 91:12
  256. Şems 91:13
  257. Şems 91:14
  258. Şems 91:15
  259. Leyl 92:1
  260. Leyl 92:2
  261. Leyl 92:3
  262. Leyl 92:4
  263. Leyl 92:5
  264. Leyl 92:6
  265. Leyl 92:7
  266. Leyl 92:8
  267. Leyl 92:9
  268. Leyl 92:10
  269. Leyl 92:11
  270. Leyl 92:12
  271. Leyl 92:13
  272. Leyl 92:14
  273. Leyl 92:15
  274. Leyl 92:16
  275. Leyl 92:17
  276. Leyl 92:18
  277. Leyl 92:19
  278. Leyl 92:20
  279. Leyl 92:21
  280. Duhâ 93:1
  281. Duhâ 93:2
  282. Duhâ 93:3
  283. Duhâ 93:4
  284. Duhâ 93:5
  285. Duhâ 93:6
  286. Duhâ 93:7
  287. Duhâ 93:8
  288. Duhâ 93:9
  289. Duhâ 93:10
  290. Duhâ 93:11
  291. İnşirah 94:1
  292. İnşirah 94:2
  293. İnşirah 94:3
  294. İnşirah 94:4
  295. İnşirah 94:5
  296. İnşirah 94:6
  297. İnşirah 94:7
  298. İnşirah 94:8
  299. Tin 95:1
  300. Tin 95:2
  301. Tin 95:3
  302. Tin 95:4
  303. Tin 95:5
  304. Tin 95:6
  305. Tin 95:7
  306. Tin 95:8
  307. Alak 96:1
  308. Alak 96:2
  309. Alak 96:3
  310. Alak 96:4
  311. Alak 96:5
  312. Alak 96:6
  313. Alak 96:7
  314. Alak 96:8
  315. Alak 96:9
  316. Alak 96:10
  317. Alak 96:11
  318. Alak 96:12
  319. Alak 96:13
  320. Alak 96:14
  321. Alak 96:15
  322. Alak 96:16
  323. Alak 96:17
  324. Alak 96:18
  325. Alak 96:19
  326. Kadr 97:1
  327. Kadr 97:2
  328. Kadr 97:3
  329. Kadr 97:4
  330. Kadr 97:5
  331. Beyyine 98:1
  332. Beyyine 98:2
  333. Beyyine 98:3
  334. Beyyine 98:4
  335. Beyyine 98:5
  336. Beyyine 98:6
  337. Beyyine 98:7
  338. Beyyine 98:8
  339. Zilzal 99:1
  340. Zilzal 99:2
  341. Zilzal 99:3
  342. Zilzal 99:4
  343. Zilzal 99:5
  344. Zilzal 99:6
  345. Zilzal 99:7
  346. Zilzal 99:8
  347. Adiyat 100:1
  348. Adiyat 100:2
  349. Adiyat 100:3
  350. Adiyat 100:4
  351. Adiyat 100:5
  352. Adiyat 100:6
  353. Adiyat 100:7
  354. Adiyat 100:8
  355. Adiyat 100:9
  356. Adiyat 100:10
  357. Adiyat 100:11
  358. Karia 101:1
  359. Karia 101:2
  360. Karia 101:3
  361. Karia 101:4
  362. Karia 101:5
  363. Karia 101:6
  364. Karia 101:7
  365. Karia 101:8
  366. Karia 101:9
  367. Karia 101:10
  368. Karia 101:11
  369. Tekâsür 102:1
  370. Tekâsür 102:2
  371. Tekâsür 102:3
  372. Tekâsür 102:4
  373. Tekâsür 102:5
  374. Tekâsür 102:6
  375. Tekâsür 102:7
  376. Tekâsür 102:8
  377. Asr 103:1
  378. Asr 103:2
  379. Asr 103:3
  380. Hümezeh 104:1
  381. Hümezeh 104:2
  382. Hümezeh 104:3
  383. Hümezeh 104:4
  384. Hümezeh 104:5
  385. Hümezeh 104:6
  386. Hümezeh 104:7
  387. Hümezeh 104:8
  388. Hümezeh 104:9
  389. Fil 105:1
  390. Fil 105:2
  391. Fil 105:3
  392. Fil 105:4
  393. Fil 105:5
  394. Kureyş 106:1
  395. Kureyş 106:2
  396. Kureyş 106:3
  397. Kureyş 106:4
  398. Mâûn 107:1
  399. Mâûn 107:2
  400. Mâûn 107:3
  401. Mâûn 107:4
  402. Mâûn 107:5
  403. Mâûn 107:6
  404. Mâûn 107:7
  405. Kevser 108:1
  406. Kevser 108:2
  407. Kevser 108:3
  408. Kâfirun 109:1
  409. Kâfirun 109:2
  410. Kâfirun 109:3
  411. Kâfirun 109:4
  412. Kâfirun 109:5
  413. Kâfirun 109:6
  414. Nasr 110:1
  415. Nasr 110:2
  416. Nasr 110:3
  417. Tebbet 111:1
  418. Tebbet 111:2
  419. Tebbet 111:3
  420. Tebbet 111:4
  421. Tebbet 111:5
  422. İhlas 112:1
  423. İhlas 112:2
  424. İhlas 112:3
  425. İhlas 112:4
  426. Felak 113:1
  427. Felak 113:2
  428. Felak 113:3
  429. Felak 113:4
  430. Felak 113:5
  431. Nas 114:1
  432. Nas 114:2
  433. Nas 114:3
  434. Nas 114:4
  435. Nas 114:5
  436. Nas 114:6

Tekvir 81:1

හිරු එහි ස්කන්ධය සමග හැකිළී ගොස් එහි ආලෝකය පහ ව ගිය විට...

Tekvir 81:2

ග්රහ තාරකා කඩා හැළී ඒවායෙහි ආලෝකය ද මැකී ගිය විට...

Tekvir 81:3

කඳු තිබූ තැනින් වෙන් වී චලනය වූ විට...

Tekvir 81:4

ඔවුන්ගේ වටිනාම වූ සම්පතක් ලෙස සැලකූ ගැබ් ගත් ඔටුවන්ව එහි අයිතිකරුවන් විසින් නොසළකා අතහැර දමනු ලැබූ විට.

Tekvir 81:5

එකම යායක වනසතුන් මිනිසුන් සමඟ එක්රැස් කරනු ලබන විට,

Tekvir 81:6

මුහුදු ගිනියම් වන තත්වයට පත්වන තරමට එය අවුළුවනු ලැබූ විට...

Tekvir 81:7

ආත්මාවන් ඒවාට සමාන අය සමඟ සම්බන්ධ කරනු ලැබූ විට... එනම් පාපිෂ්ටයා පාපිෂ්ටයා සමගද දැහැමියා දැහැමියා සමගද සම්බන්ධ කරනු ලබනු ඇත.

Tekvir 81:8

පණ පිටින් වළලනු ලැබූ දැරියන්ගෙන් අල්ලාහ් ප්රශ්න කරන විට...

Tekvir 81:9

ඔබ ව ඝාතනය කළවුන් කවර වරදක් සඳහා ඝාතනය කළේ දැයි ප්රශ්ණ කරනු ඇත.

Tekvir 81:10

ගැත්තන් සෑම කෙනෙකුම ඔවුනොවුන් විසින් සිදු කළ ක්රියාවන් පිළිබඳ වාර්තා කියවනු පිණිස එම ක්රියා ලේඛන දිග හරිනු ලැබූ විට...

Tekvir 81:11

එළුවකුගේ හම ගලවන්නාක් මෙන් අහස ඉවත් කරනු ලැබූ විට...

Tekvir 81:12

තවද නිරා ගින්න මොළවනු ලැබූ විට...

Tekvir 81:13

ස්වර්ගය බියබැතිමතුන් හට සමීප කරවනු ලැබූ විට...

Tekvir 81:14

මේ සියල්ල සිදුවන අවස්ථාවේ දී සෑම ආත්මයක්ම එදින වෙනුවෙන් තමන් පෙර කර තිබුණා වූ ක්රියාවන් පිළිබඳ දැනගනු ඇත.

Tekvir 81:15

රාත්රියෙහි එය උදාවන්නට පෙර සැඟවී පවතින තාරකා මත අල්ලාහ් දිවුරා පවසයි.

Tekvir 81:16

අලුයම උදාවන අවස්ථාවේදී සැඟවී යන ග්රහලෝක අතර ඒවා ගමන් කරනු ඇත. මුවෙකු තම වාසස්ථානයට ඇතුල්වීම ද උපමාවක් ලෙස ගත හැක.

Tekvir 81:17

රාත්රියේ ආරම්භය උදාවන විට ඒ මත දිවුරා පවසයි.

Tekvir 81:18

අලුයම් ආලෝකය උදාවන විට ඒ මත ද දිවුරා පවසයි.

Tekvir 81:19

නියත වශයෙන්ම මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් වේ. එය විශ්වාසනීය දේව දූත ජිබ්රීල් තුමා විසින් එතුමාණන්ට දැන්වීය. අල්ලාහ් එම කටයුත්ත එතුමාට භාර කළේය.

Tekvir 81:20

ඔහු ශක්තිමත් වූ අයෙකි. දේව රාජ්යයේ දෙවියන් අබියස ගෞරවනීය නිලයක් හිමි අයෙකි.

Tekvir 81:21

අහස්වාසීහු ඔහුට අවනත වනු ඇත. වහී හෙවත් දේව පණිවිඩ දන්වා සිටීමේ වගකීම සම්බන්ධයෙන් ඔහු විශ්වාස කරනු ලැබූවෙකි.

Tekvir 81:22

නුඹලා දන්නා හඳුනන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බුද්ධිය ඔහුගේ විශ්වාසනීයභාවය හා ඔහුගේ සත්යභාවය යනාදියෙන් නිරූපණය වනුයේ නුඹලා ගොතා පවසනු ලබන දේ මෙන් මුහම්මද් තුමාණන් උමතු වූවෙකු නොවන බවය.

Tekvir 81:23

ඔබේ මිතුරා වන එතුමා ජිබ්රීල් තුමාව මැවූ සැබෑ ස්වරූපයෙන්ම පැහැදිලිව ක්ෂිතිජය තුළ දුටුවේය.

Tekvir 81:24

නුඹලා වෙත දන්වා සිටින්නට නියම කළ කිසිදු කරුණක් නුඹලා වෙත දන්වා සිටීමට එතුමා මසුරු නොවූහ. හූනියම් කරුවන් ගන්නාක් මෙන් කිසිදු කුලියක් හෝ එතුමා නොගන්නේය.

Tekvir 81:25

මෙම අල් කුර්ආනය අල්ලාහ්ගේ කරුණාවෙන් මිස, පළවා හරින ලද ෂෙයිතාන්ගේ ප්රකාශයක් නොවේ.

Tekvir 81:26

මෙම සාධක ඉදිරිපත් කිරීමෙන් පසුව අල් කුර්ආනය අල්ලාහ්ගෙන් පැමිණි එකක් බව ප්රතික්ෂේප කරන්නට නුඹලා ගමන් කරන මඟ කුමක්ද?

Tekvir 81:27

අල් කුර්ආනය මිනිස් සංහතියට හා ජින් සංහතියට උපදෙසක් හා මෙනෙහි කිරීමක් මිස වෙනකක් නොවේ.

Tekvir 81:28

එය ඔබ අතර සිටින්නාවූ සත්ය මාර්ගයේ ඍජුව ගමන් කරන්නට ප්රිය කරන අය වෙනුවෙනි.

Tekvir 81:29

එසේ ඍජු මාර්ගයේ ගමන් කිරීමට හෝ වෙනත් කටයුත්තක් සිදු කිරීමට හෝ අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලාගේ අභිමතය පරිදි කළ නොහැක. ඔහු සියලු මැවීම්හි පරමාධිපතියාණන්ය.

İnfitar 82:1

අහසින් මලක්වරුන් පැමිණීම සඳහා අහස පැළී යන විට ...

İnfitar 82:2

ග්රහ තාරකා හැළී විසිර යන විට...

İnfitar 82:3

මුහුදු විවෘත වී එකිනෙක මිශ්ර වන විට...

İnfitar 82:4

මිනීවලවල් තුළ සිටින මියගිය ඇත්තන් යළි අවදිවනු පිණිස මිනීවලවල් පෙරළනු ලබන විට ...

İnfitar 82:5

එම අවස්ථාවේදී සෑම ආත්මයක්ම ඔහු කලින් සිදු කළ දෑ හා ඔහු නොකළ, පසුව සිදු කිරීමට සිටි දෑ පිළිබඳ දැනගනු ඇත.

İnfitar 82:6

අහෝ ඔබේ පරමාධිපති ගැන ප්රතික්ෂේප කරන මිනිසුනි! ඔහුගෙන් වූ ගෞරවනීය පිදුමක් ලෙස යම් කාලයක් ඔබට කල් දී දඬුවම ඉක්මන් නොකොට තිබියදී ඔබේ පරමාධිපතිගේ නියෝගයට ඔබ විරුද්ධ වන්නට සැලැස්වූ හේතුව කුමක්ද?

İnfitar 82:7

ශූන්ය යන තත්ත්වයෙන් ඔහු ඔබව ඇති කළේය. පසු ව ඔබේ සියලු ශරීර අවයව නිසිලෙස සැකසුවේය.

İnfitar 82:8

ඔබව කවර හැඩයකින් මැවිය යුත්තේද ඒ අයුරින්ම ඔහු මැව්වේය. බූරුවකු, වඳුරෙකු, බල්ලෙකු හෝ වෙනත් කිසිවකුගේ හැඩයෙන් ඔබව නොමවා ඔබව මිනිස් ස්වරූපයක් දී ඔහු ඔබට ආශිර්වාද කළේය.

İnfitar 82:9

අහෝ රැවටී සිටින්නනි! නුඹලා මවා ගත් ප්රතිරූපය මෙන් නොව, නුඹලා ප්රතිඵල දෙනු ලබන දිනය ගැන බොරු කරමින් සිටින්නාහුය. නුඹලා ඒ සඳහා ක්රියා නොකරන්නාහුය.

İnfitar 82:10

නුඹලාගේ ක්රියා දාමයන් සියල්ල ආරක්ෂා වන පරිදි සටහන් කරන මලක්වරුන් නුඹලා වෙත පනවා ඇත.

İnfitar 82:11

අල්ලාහ් අබියස ගෞරවයට පාත්ර වූවන් හා නුඹලා කරන ක්රියාවන් ලියාගන්නන් ලෙසින් ඔවුන් කටයුතු කරනු ඇත.

İnfitar 82:12

නුඹලා සිදු කරන දේ පිළිබඳ ඔවුන් දැනුම්වත් ය. ඒවා ඔවුන් සටහන් කර ගනිති.

İnfitar 82:13

යහපත අධිකව සිදු කරන, අවනත වන දැහැමියන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සදා සැපතෙහි සිටිති.

İnfitar 82:14

තවද දුෂ්ඨයෝ නිරා ගින්නෙහි තැවෙනු ඇත.

İnfitar 82:15

එහි උෂ්ණත්වය විඳවමින් එතුළට පිවිසෙනු ඇත.

İnfitar 82:16

කිසිවිටෙකදී ඔවුන්ට එයින් සැඟවී සිටිය නොහැක. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

İnfitar 82:17

අහෝ දූතය! විනිශ්චය දිනය කුමක්දැයි ඔබට දැනුම් දුන්නේ කුමක්ද?

İnfitar 82:18

විනිශ්චය දිනය කුමක්දැයි ඔබට උගන්වා දුන්නේ කවරක්ද?

İnfitar 82:19

එය කිසිවකුට සෙත සැලසිය නොහැකි දිනයකි. එදින සිදුවන සියලු කටයුතු අල්ලාහ්ට පමණක් සතු වේ. ඔහු කැමති පරිදි ක්රියා කරයි. එය ඔහුට -අල්ලාහ්ට- හැර වෙන කිසිවකුත් කිසිවකුට නොවන්නේය.

Mütaffifin 83:1

කිරුම් මිනුම්වල වංචා කරන්නන් හට විනාශයකි. මහත් වූ පාඩුවකි.

Mütaffifin 83:2

ඔවුහු වෙනත් අයගෙන් යමක් කිරා ගන්නේ නම් හෝ මැන ගන්නේ නම් හෝ තමන්ගේ අයිතියෙහි කිසිදු හිඟයක් නොකොට පරිපූර්ණව ලබා ගනිති.

Mütaffifin 83:3

නමුත් ජනයින්ට එය නැවත කිරා දෙන විට හෝ මැන දෙන විට හෝ කිරුම් මිනුම්වල අඩුපාඩු සිදු කරති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට මදීනා වාසීන් අතර දක්නට තිබුණේ මෙවන් වූ තත්ත්වයකි.

Mütaffifin 83:4

මෙම පිළිකුල් සහගත ක්රියාව සිදු කරන මොවුහු සැබැවින්ම තමන් අල්ලාහ් ඉදිරියේ යළි නැගිටුවා ඉදිරිපත් කරනු ලබන බව විශ්වාස නොකරනුයේ මන්ද?

Mütaffifin 83:5

ව්යසනවලින් හා බියෙන් පිරුණු ඒ මහත් වූ දිනයේදී විනිශ්චය හා ප්රතිඵල දෙනු පිණිසය.

Mütaffifin 83:6

එය සියලු මැවීම් පරමාධිපති ඉදිරියේ විනිශ්චය සඳහා නැගිට සිටිනු ලබන දිනයකි.

Mütaffifin 83:7

මරණයෙන් පසු යළි අවදිකිරීමක් නැතැයි ඔබ රෑපණය කර ගන්නාක් මෙන් එය නැත. දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් අතර සිටි පාපිෂ්ඨයින්ගේ වාර්තාව පොළොවේ පහළටම බැස තිබේ.

Mütaffifin 83:8

අහෝ දූතය! සිජ්ජීන් යනු කුමක්දැයි ඔබට විස්තර කළේ කුමක්ද?

Mütaffifin 83:9

සැබැවින්ම ඔවුන්ගේ වාර්තා ලියමින්ම පවතී. එහි කිසිදු අඩු වැඩි කිරීමක් සිදු නොවේ.

Mütaffifin 83:10

එදින බොරු කරන්නන්හට මහත් වූ විනාශයක් අත්වනු ඇත. එය මහත් වූ පාඩුවකි.

Mütaffifin 83:11

අල්ලාහ් තම ගැත්තන්හට ඔවුන් මෙලොවෙහි සිදු කළ දේවල් සඳහා මතුලොවෙහි ප්රතිඵල දෙන දිනය ප්රතික්ෂේප කරමින් සිටිය අය මොවුන් වෙති.

Mütaffifin 83:12

අධික ලෙස අකුසල් සිදු කරන, අල්ලාහ්ගේ සීමාවන් උල්ලංඝනය කරමින් කටයුතු කරන අය මිස වෙන කිසිවකු එම දිනය බොරුවක් යැයි පවසන්නේ නැත.

Mütaffifin 83:13

අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් ඔහු ඉදිරියේ පාරායනය කරනු ලබන විට "මෙය මුතුන් මිත්තන්ගේ කතාය. මෙය අල්ලාහ්ගෙන් වූවක් නොවේ" යැයි ඇතැමුන් පවසයි.

Mütaffifin 83:14

එය මෙම බොරුකාරයින් සිතන පරිදි නොවේ. ඔවුන්ගේ බුද්ධිය ඉහවහා ගොස් ඇත. ඔවුන් උපයාගත් පාපය හේතුවෙන් එය ආවරණය වී ඇත. ඔවුන්ගේ සිත් තුළින් සත්යය නොදකිති.

Mütaffifin 83:15

නියත වශයෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන්ගේ පරමාධිපතියාණන් දැකීමෙන් ඔවුන්ව වළක්වනු ලබනු ඇත.

Mütaffifin 83:16

අනතුරුව සැබැවින්ම ඔවුන් නිරයට පිවිස, එහි නිරා ගින්නේ උණුසුම විඳිනු ඇත.

Mütaffifin 83:17

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන් හෑල්ලුවට ලක් කරමින්, “නුඹලා මේ විඳින දඩුවම, මෙලොවෙහි නුඹලාගේ දහම් දූතයාණන් නුඹලාට කවර කරුණක් දන්වා සිටියේද එය බොරුකරමින් සිටි හේතුව නිසාවෙනි“යැයි පවසනු ලැබේ.

Mütaffifin 83:18

එය සැබැවින්ම විනිශ්චයක් නැත. තිළිණ පිරිනැමීමක් නැත යැයි ඔවුන් සිතන පරිද්දෙන් නොව. සැබැවින්ම දෙවියන්ට අවනත වූවෝ ඉල්ලීය්යීන්හි වෙති.

Mütaffifin 83:19

අහෝ දූතය! ඉල්ලීය්යීන් කුමක්දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද?

Mütaffifin 83:20

සැබැවින්ම ඔවුන්ගේ වාර්තා පොත ලියමින්ම පවතී. එහි කිසිදු අඩු වැඩි කිරීමක් සිදු නොවේ.

Mütaffifin 83:21

සෑම අහසකටම සමීපව සිටින මලක්වරුන් එම වාර්තාව ඉදිරිපත් කරනු ඇත.

Mütaffifin 83:22

දෙවියන්ට අධික ලෙස අවනත වන්නෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සදාතනික සැපයෙහි වෙති.

Mütaffifin 83:23

අලංකාර කරන ලද කවිච්චි මතට වී ඔවුන්ගේ පරමාධිපති දෙස ද ඔවුන් කරන, ඔවුන් සතුටු වන සෑම දෙයක් දෙස ද බලමින් සිටිති.

Mütaffifin 83:24

ඔබ ඔවුන් දුටුවේ නම් ඔවුන් විඳින සැපතෙහි අලංකාරය හා සතුට ඔවුන්ගේ මුහුණුවලින් දකිනු ඇත.

Mütaffifin 83:25

කට මුද්රා තැබූ අමෘත භාජන වලින් ඔවුනට මධු පොවනු ලැබේ.

Mütaffifin 83:26

ඉන් කස්තූරි සුවද අවසානය දක්වාම හමනු ඇත. මෙම ගෞරවනීය තිළිණය වෙනුවෙන් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගත හැති ක්රියාවන් සිදු කිරීම මඟිින් හා ඔහු කෝපයට පත් වන දෑ අත් හැරීම මඟින් තරඟ වදින්නෝ තරඟ කරත්වා.

Mütaffifin 83:27

මෙම මුද්රා කරනු ලැබූ පානය තස්නීම් නම් උල්පතකින් එන පානයකින් මිශ්රව පවතී.

Mütaffifin 83:28

එය ස්වර්ගයේ උසස් ස්ථානයේ පිහිටි උල්පතකි. පිරිසිදු මිහිරි පානයක් වන මෙයින් දේව සමීපතයෝ පානය කරන්නාහුය. එමෙන්ම ඒ සමඟ වෙනත් දෑ ද මිශ්ර කොට සෙසු දේව විශ්වාසීන් පානය කරති.

Mütaffifin 83:29

දෙවියන් ප්රතික්ෂේප කරමින් අපරාධ කළවුන් වනාහි ඔවුහු දෙවියන් විශ්වාස කළවුන් දෙස බලා ඔවුන් හෑල්ලුවට ලක් කරමින් සිනාසෙමින් සිටියහ.

Mütaffifin 83:30

දෙවියන් විශ්වාස කළවුන් පසුකර යන විට ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස ඇස් කොණින් බලා සමච්චලයට සිනාසුණහ.

Mütaffifin 83:31

ඔවුහු තම නිවෙස් වෙත බලා යන විට ඔවුන් කළ දේව ප්රතික්ෂේපය, දෙවියන් විශ්වාස කළවුනට කළ සරදම ගැන සතුටුවෙමින් හැරී ගියහ.

Mütaffifin 83:32

ඔවුහු මුස්ලිම්වරු දුටු විට "මොවුහු ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දහම අතහැර දැමීමෙන් ඔවුහු නිවැරදි මාර්ගයෙන් මුළා වී ඇත්තෝය." යැයි පවසන්නාහුය.

Mütaffifin 83:33

මෙවන් ප්රකාශයක් කරන තරමට මොවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කිරීම සඳහා අල්ලාහ් ඔවුනට කිසිවක් පවරා සිටියේ නැත.

Mütaffifin 83:34

මෙලොව ජීවිතයේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් සරදම් කළාක් මෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී දෙවියන් විශ්වාස කළවුන්, දෙවියන් ප්රතික්ෂේප කළවුන් දෙස බලා සිනා සෙනු ඇත.

Mütaffifin 83:35

අලංකාර කරන ලද කවිච්චි මතට වී ඔවුන්ගේ සදාකාලික සැප සම්පත් සඳහා පරමාධිපති විසින් සූදානම් කර ඇති දේ දෙස නරඹමින් සිටින්නෝය.

Mütaffifin 83:36

දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙලොවෙහි කළ දේවල් වෙනුවෙන් නින්දිත දඞුවම පිරිනමනු ලැබේ.

İnşikak 84:1

මලක්වරු අහසින් පහළ වීම සඳහා එය පැළී ගිය විට,

İnşikak 84:2

තම පරමාධිපතිගේ අණට යටත් වී ඔහුට සවන් දුන් විට, එය එයට නියම කරනු ලැබුවක් වන්නේය.

İnşikak 84:3

හමක් අදිනු ලබන්නාක් මෙන් මහපොළොව දිගු හරිනු ලබන විට,

İnşikak 84:4

එහි ඇති නිදන් වස්තුන් හා මළ කඳන් බැහැර කොට ඒවායින් එය හිස් වේ.

İnşikak 84:5

තම පරමාධිපතිගේ අණට යටත් වී ඔහුට සවන් දුන් විට, එය එයට නියම කරනු ලැබූවක් වන්නේය.

İnşikak 84:6

අහෝ මිනිසුනි! ඔබ යහපත හෝ අයපත සිදු කරන්නෙකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඒ සඳහා අල්ලාහ් ඔබට ප්රතිඵල දෙනු පිණිස එය ඔබ හමුවේ තබනු ලබන්නේය.

İnşikak 84:7

කවරෙකුගේ ක්රියා සටහන් ලේඛන තම දකුණතට දෙනු ලබන්නේද,

İnşikak 84:8

ඔහු ඉදිරියේ එම ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු ග්රහණයකින් තොරව පහසු ප්රශ්ණ කිරීමකින් ඔහු විනිශ්චය කරනු ලැබේ.

İnşikak 84:9

ඔහු තම පවුල වෙත සතුටින් හැරී යනු ඇත.

İnşikak 84:10

කවරෙකුගේ ක්රියා සටහන් ලේඛන ඔහුගේ පිටෙහි පිටුපසින් ඔහුගේ වමතට දෙනු ලැබුවේද ඔහු වූ කලී.

İnşikak 84:11

ඔහු තමන්ගේ විනාශය අයැද සිටියි.

İnşikak 84:12

නිරයේ ගින්නට ඔහු ඇතුළු වනු ඇත. එහි දැඩි උෂ්ණත්වය විඳිනු ඇත.

İnşikak 84:13

දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරමින් ඔහු මෙලොවෙහි තම පවුල සමඟ සතුටින් ජීවත් විය.

İnşikak 84:14

සැබැවින්ම තමන් මිය ගිය පසුව නැවත ජීවයක් නොලබන්නේ යැයි සිතීය.

İnşikak 84:15

එසේ නොව, පළමු වරට අල්ලාහ් ඔහුව මැවූ සේම යළි ඔහුට ජීවය දෙන්නේමය. ඔහුගේ තත්ත්වය අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටියි. අල්ලාහ්ගෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු සිදු කළ ක්රියාවන්ට අනුකූලව අල්ලාහ් ඔහුට ප්රතිඵල පිරිනමයි.

İnşikak 84:16

හිරු අවරට ගිය පසු ක්ෂිතිජයේ පවතින රත් පැහැය මත අල්ලාහ් දිවුරා සිටියි.

İnşikak 84:17

රාත්රිය හා එහි රැස් කරනු ලබන දෑ මත ද දිවුරා සිටියි.

İnşikak 84:18

චන්ද්රයා පූර්ණත්වය ලැබ එය පුරසඳ බවට පත්වූ විට ඒ මත දිවුරා සිටියි.

İnşikak 84:19

අහෝ මිනිසා, ශුක්රාණුවෙන් කූඩැල්ලෙකුගේ ස්වරූපයටත් කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් කළල තත්ත්වයටත් එමෙන්ම ජීවිතයෙන් පසු මරණයටත් මරණයෙන් පසු යළි ජීවිතයටත් යනාදී ලෙස තත්ත්වයෙන් තත්ත්වයට පියවරෙන් පියවරට ඔබ ගමන් කරනු ඇත.

İnşikak 84:20

දෙවියන් ප්රතික්ෂේප කරන මොවුන් අල්ලාහ් හා පරමාන්ත -අවසාන- දිනය විශ්වාස නොකර සිටීමට කුමක් වීද?

İnşikak 84:21

ඔවුන් වෙත අල් කුර්ආනය පාරයනය කර පෙන්වනු ලබන විට ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් සිරස නොනමති.

İnşikak 84:22

නමුත්, දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ, ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එය බොරු යැයි පවසති.

İnşikak 84:23

ඔවුන්ගේ සිත් රඳවා තබන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාහුය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහු වෙත සැඟවෙන්නේ නැත.

İnşikak 84:24

එහෙයින් අහෝ දූතය! වේදනා සහගත දඬුවම බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ ඔවුනට දන්වා සිටිනු.

İnşikak 84:25

නමුත් අල්ලාහ්ව විශ්වාස කොට, යහකම් සිදු කළ අය හැර. ඔවුනට නිම් නොවන කුසල් ඇත. එය ස්වර්ගයයි.

Büruc 85:1

හිරු සඳු හා වෙනත් ග්රහ වස්තූන් පිහිටි අහස මත දිවුරා අල්ලාහ් පවසයි.

Büruc 85:2

සියලු මැවීම් ඒකරාශි කරන බවට ප්රතිඥා දුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසයි.

Büruc 85:3

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට සාක්ෂි දරන්නාක් මෙන් සාක්ෂි දරන සෑම කෙනෙකු මත ද, තම නබිවරයාට සාක්ෂි දරන සමූහය මෙන් සාක්ෂි දරනු ලබන සෑම කෙනෙකු මතම දිවුරා ඇත.

Büruc 85:4

මහපොළොවේ විශාල අගල් හැරූ අයට ශාපය අත්වේවා!

Büruc 85:5

ඔවුහු එහි ගිනි අවුලා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් පණපිටින්ම එහි හෙළුහ.

Büruc 85:6

ගිනි පිරුණු එම අගල් අවට ඔවුහු වාඩි වී සිටියහ.

Büruc 85:7

ඔවුහු දෙවියන් විශ්වාස කරන්නන් හට දුන් වද වේදනා හා දඬුවම් දෙමින් සිදු කරමින් සිටි දෑ කෙරෙහි සහ ඒ අවස්ථාවෙහි දී ඔවුන් එහි සිටි හේතුවෙන් සාක්ෂි දරන්නෝ වෙති.

Büruc 85:8

සියලු විෂයයන්හි පැසසුමට ලක් වූ, කිසිවෙකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරී අල්ලාහ්ව ඔවුන් විසින් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස, දේව ප්රතික්ෂේපකයින් ඔවුනට දොස් කීවේ නැත.

Büruc 85:9

ඔහු-අල්ලාහ්- වනාහි, අහස් හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතු වන්නේය. සියලු දෑ පිළිබඳ ඔහු නිරීක්ෂණය කරන්නාය. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත.

Büruc 85:10

දෙවියන් විශ්වාස කරන්නන්හට හා දෙවියන් විශ්වාස කරන්නියන්හට හිංසා පීඩා කරමින් දඬුවම් දුන් අය, අල්ලාහ්ව පමණක් විශ්වාස කිරීමෙන් ඔවුහු වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ. පසුව ඔවුන් කළ පාපයෙන් මිදෙන්නට අල්ලාහ් වෙත පසුතැවිලි නොවුනෝය. එබැවින් ඔවුන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරයේ වේදනාව ඇත. එමෙන්ම ඔවුන් ඇවිළවූ ගින්නේ වේදනාවද ඔවුනට සතු වනු ඇත. එය ඔවුන් දේව විශ්වාස කළවුන්ව එම ගින්නෙන් පුළුස්සා සිදු කළාවූ ඔවුන්ගේ එම අධම ක්රියාව හේතුවෙනි.

Büruc 85:11

සැබැවින්ම දෙවියන් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ඔවුනට ස්වර්ග මාලිගාවන් හා එහි තිබෙන ගස් අතරින් ගලා බසින ගංගාවන් සහිත ස්වර්ග උයන් ඇත. එය අල්ලාහ් ඔවුනට සූදානම් කළ අතිමහත් ජයග්රහණයයි. වෙන කිසිදු ජයග්රහණයක් එයට සම කළ නොහැක.

Büruc 85:12

අහෝ දූතය, අපරාධකරුවා අල්ලාහ් පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවන විට ඔහු වෙනුවෙන් වූ ඔබේ පරමාධිපතිගේ ග්රහණය ඉතා බලවත්ය.

Büruc 85:13

සැබැවින්ම මැවීම් හා දඬුවම පූර්වාදර්ශයකින් තොරව උත්පාදනය කළේ ඔහුය. ඒ දෙක යළි ගෙන එන්නේද ඔහුය.

Büruc 85:14

ඔහුගේ ගැත්තන් අතුරින් පසුතැවිලි වී ඔහු වෙත නැඹුරු වන්නන්ගේ පාපයන්ට ඔහු සමාව දෙන්නාය. ඔහු වෙත සමීප වී ඔහු පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නන්හට ඔහු දයාලුය.

Büruc 85:15

ගෞරවනීය අර්ෂ් හෙවත් ඔහුගේ රාජ්යයේ හිමිකරු ඔහුය.

Büruc 85:16

ඔහු සිතන දේ සිදු කරන්නාය. ඔහු කැමති වන අයගේ පාපයන්ට සමාව දෙනු ඇත. ඔහු කැමති අයට දඬුවම් කරනු ඇත. සුවිශුද්ධ වූ ඔහුට කිසිදු බල කරන්නෙකු නොමැත්තේය.

Büruc 85:17

අහෝ දූතය! සත්යයට විරුද්ධව නැගී සිටීමටත් එයින් ජනයා වැළැක්වීමටත් ඒක්රැස් වූ සේනාවන්ගේ පුවත ඔබ වෙත පැමිණියේද?

Büruc 85:18

(එය) ෆිර්අවුන් හා සාලිහ් අලෛහිස් සලාම් තුමාගේ ජන සමාජය වූ සමූද් වැසියන්ගේ පුවත...

Büruc 85:19

බොරු කරමින් සිටි සමූහයන් පිළිබඳ හා ඔවුන්ට අත්වූ විනාශය පිළිබඳ තොරතුරු ඔවුන් වෙත නොපැමිණීම ඔවුන්ගේ විශ්වාස වළක්වාලන සාධකයක් නොවීය. සැබෑ කරුණ නම් ඔවුන්ගේ දූතයාණන් ඔවුන් වෙතට කවර කරුණක් ගෙන ආවේද, එවිට ඔවුහු ඔවුන්ගේ ආශාවන්ට වහල් වී එය බොරු කරමින් සිටියහ.

Büruc 85:20

අල්ලාහ් ඔවුන් කරන ක්රියාවන් ආවරණය කරමින් ඒවා සටහන් කර ගන්නාය. ඉන් කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Büruc 85:21

බොරුකරන්නන් පවසන්නාක් මෙන් අල් කුර්ආනය කවියක් හෝ ප්රචණ්ඩත්වය ඇති කරන්නක් හෝ නොවේ. එය ගෞරවනීය කුර්ආනයයි.

Büruc 85:22

කිසිදු වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් හෝ තොරව කිසිදු අඩු කිරීමකින් හෝ වැඩි කිරීමකින් හෝ තොරව ආරක්ෂා කරනු ලැබූ ඵළකයක එය තිබිණි.

Târık 86:1

අහස මත දිවුරා අල්ලාහ් පවසයි. එමෙන්ම රාත්රිය පසාරු කරමින් යන තාරකාව මත ද දිවුරා පවසයි.

Târık 86:2

අහෝ දූතය! මෙම දැවැන්ත තාරකාව පිළිබඳ ඔබව දැනුවත් කළේ කුමක්ද?

Târık 86:3

එයින් විහිදෙන ආලෝකයෙන් අහස පසාරු කරගෙන යන තාරකාවකි.

Târık 86:4

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා, සෑම ආත්මයකටම තමන් සිදු කරන ක්රියාවන් සුරක්ෂිතව රැස්කර තබා ගන්නා මලක්වරයකු පත් කර ඇත්තේය.

Târık 86:5

අල්ලාහ්ගේ බලය හා මිනිසාගේ නොහැකියාව මිනිසාට පැහැදිළි කරනු පිණිස අල්ලාහ් කවර දෙයකින් මිනිසාව මවා ඇත්තේ දැයි ඔහු සිතා බලත්වා යැයි විමසා සිටියි.

Târık 86:6

ගර්භාෂයේ හැළෙන්නට සළස්වන අයුරින් විදිනසුළු ද්රාවණයකින් අල්ලාහ් ඔහු මැවීය.

Târık 86:7

මෙම ද්රාවණය පිරිමියාගේ කොඳු නාරටිය හා ඉළ ඇට අතරින් පිට වෙයි.

Târık 86:8

සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මෙම පිළිකුලින් යුත් ද්රාවණයෙන් මිනිසාව මවන්නට හැකි නම්, ඔහු මිය ගිය පසු විනිශ්චය කොට ප්රතිඵල පිරිනැමීම සඳහා යළි ඔහු අවදි කිරීමට තරම් අල්ලාහ් ශක්තිය ඇත්තාය.

Târık 86:9

එදින, රහසිගත දෑ ගැන පරීක්ෂා කරනු ලැබේ. මිනිසාගේ හදවත් තුළ සඟවා තිබූ සිතුවිලි, චේතනා හා වෙනත් ප්රතිපත්තීන් නිරාවරණය කරනු ලැබේ. පසුව එමගින් දැහැමි මිනිසා හා අපරාධකරුවා කවුරුන්දැයි වෙන් කරනු ඇත.

Târık 86:10

එදින, අල්ලාහ්ගේ දඬුවමින් වැළකෙන්නට කිසිදු බලයක් මිනිසා සතු නොවන්නේය. එමෙන්ම ඔහුට උදව් කරන කිසිවකුත් නොසිටිනු ඇත.

Târık 86:11

වර්ෂාව ඇති කරන අහස මත දිවුරා අල්ලාහ් පවසයි. සැබැවින්ම එය විටෙක අහසේ එක් පැත්තකින්ද තවත් විටෙක තවත් පැත්තකින් ද ඇද හැළෙන බැවින් වර්ෂාව ඇති කරන අහස යැයි මෙහි සඳහන්ව ඇත.

Târık 86:12

පැළෑටි බවභෝග හා ගස් හටගන්නට පැළෙන සුළු මහපොළොව මත ද දිවුරා පවසයි.

Târık 86:13

සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පහළ කරන ලද මෙම කුර්ආනය සත්යය හා අසත්යය ද යුක්තිය හා අසාධාරණය ද වෙන් කර දක්වන ප්රකාශයකි.

Târık 86:14

එය සෙල්ලමක් ලෙස හෝ නිෂ්ඵල දෙයක් ලෙස හෝ නොවේ. එය බරපතලය. එමෙන්ම සත්යයය.

Târık 86:15

සැබැවින්ම ඔවුන් අතරට ඔවුන්ගේ දහම් දූතයාණන් ගෙන ආ දෑ බොරු කරමින් සිටියවුන් වනාහි එතුමාණන්ගේ ඇරයුම ප්රතික්ෂේප කරන්නටත් එය නිෂ්ඵල කරන්නටත් බොහෝ කුමන්ත්රණ හා සැලසුම් කරනු ලබන අයයි.

Târık 86:16

සත්යය හෙළිකරන්නටත්, අසත්යය අතුගා දමන්නටත්, මම ද සැලසුම් කරමි.

Târık 86:17

අහෝ ධර්ම දූතය! එම දේව ප්රතික්ෂේපකයින්ට අවකාශය දෙනු. මම ඔවුනට මදක් අවකාශය දෙමි. ඔවුනට දඬුවම් දෙන්නට හෝ ඔවුන් විනාශ කර දමන්නට හෝ නුඹ ඉක්මන් නොවනු.

A'lâ 87:1

සියලු මැවීම්වලට ඉහළින් සිටින ඔබේ පරමාධිපතිගේ නාමය පමණක් මෙනෙහි කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් ඔහුව සුවිශුද්ධ කරනු.

A'lâ 87:2

ඔහු නිසිලෙස මිනිසාව මවා මිනිසාගේ පැවැත්ම සමානුපාතිකව සැකසුවේය.

A'lâ 87:3

එමෙන්ම ඔහු සියලු මැවීම්වලට, ඒවායෙහි වර්ග ජාතී ස්වභාවයන් නිර්ණය කළේය. සෑම මැවීමකටම, එයටම ගැලපෙන ස්වාභාවයක් වෙත මඟ පෙන්වීය.

A'lâ 87:4

ඔහු ඔබේ ගොවිපල සතුන් බුදින දෑ මහපොළොවෙන් හට ගැන්වීය.

A'lâ 87:5

ඒවා සාරවත්ව වැඩුනු පසුව කළු පැහැගැන්වුණු වියළි ඉපැණැලි බවට පත් කළේය.

A'lâ 87:6

අහෝ දූතය! අපි නුඹට අල්-කුර්ආනය මතුවටත් පාරායනය කර පෙන්වන්නෙමු. ඔබ එය අමතක නොකරන අයුරින් ඔබේ හදවත තුළ අපි එය තැන්පත් කරන්නෙමු. එහෙයින් ඔබට අමතක නොවනු වස් ඔබ උනන්දුවෙන් පාරායනය කරනවාක් මෙන් දේව දූත ජිබ්රීල්ගේ පාරායනයේ දී ඔබ ඔහුව ඉක්මවා නොයන්න.

A'lâ 87:7

නමුත් අල්ලාහ්ගේ අභිමතය අනුව යම් යථාර්ථවාදී හේතුවක් සඳහා ඔබට අමතක කරන දෑ හැර. සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් ඔහු දන්වා සිටින දෑ හා නොදන්වා සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහු වෙතින් සැඟ වී යන්නේ නැත.

A'lâ 87:8

ඔබ ව ස්වර්ගයට ඇතුළත් කරන, අල්ලාහ්ගේ තෘප්තියට භාජනය වන දැහැමි ක්රියාවන් සිදු කිරීමට අපි ඔබට කරුණු පහසු කර දෙන්නෙමු.

A'lâ 87:9

එහෙයින් අල් කුර්ආනයේ අපි ඔබ වෙත දන්වා සිටි දැයින් ඔබ ජනයාට උපදෙස් දෙනු. එම උපදෙස් ඔවුන් තුළ කාවදින තරමට ඔබ අඛණ්ඩව ඔවුනට ඒ පිළිබඳ මතක් කරමින්ම සිටිනු.

A'lâ 87:10

අල්ලාහ්ට බියවන්නා ඔබේ උපදෙස් මගින් උපදෙස් ලබනු ඇත. හේතුව ඔහු එම උපදෙසින් ප්රයෝජනය ලබන කෙනෙකු වන බැවිනි.

A'lâ 87:11

දෙවියන් ප්රතික්ෂේප කරන්නා එම උපදෙසින් දුරස් වී පළා යයි. එහෙයින් මතුලොවෙහි ඔහු නිරයට පිවිසෙන විට ජනයා අතර මහත් වූ අභාග්යවන්තයකු වෙයි.

A'lâ 87:12

ඔහු මතුලොවේදී මහත් වූ ගින්නට පිවිසෙනු ඇත. එහි තිබෙන දැඩි උණුසුම සදා විඳිනු ඇත.

A'lâ 87:13

නැවත මරණයට පත්වීමකින් තොරව, ලැබෙන දඬුවමින් ගැළවීමක් නොලබාම ඔහු නිරයේ සදා ජීවත් වනු ඇත. ඔහු එහි යහපත් ගෞරවනීය ජීවිතයක් ගත නොකරනු ඇත.

A'lâ 87:14

දෙවිඳුන්ට ආදේශ තැබීමෙන් හා පාපකම්වලින් තමන් පිවිතුරු කර ගත්තවුන් සැබැවින්ම ජයග්රහණය අත්පත් කර ගෙන ඇත.

A'lâ 87:15

දික්ර් හෙවත් තම පරමාධිපතිව ප්රශංසාත්මකව මෙනෙහි කළ යුතු විවිධ ප්රකාශ ආගමානුකූලව ඉටු කරමින් හා සලාතයෙහි (යාඥාවෙහි) අපේක්ෂිත ගුණාංග පිළිපදිමින් ඔහුගේ පරමාධිපති ව ඔහු සිහිපත් කරයි.

A'lâ 87:16

නමුත්, ඔබ මෙලොව ජීවිතයට ප්රමුඛතා ව දෙන්නෙහිය. මතුලොවට වඩා ඔබ එය උතුම් කොට සලකන්නෙහිය. ඒ දෙක අතර අතපසුවන දෑ බොහෝය.

A'lâ 87:17

මෙලොව හා එහි ඇති සැපත, වින්දනය හා පැවැත්ම යනාදියට වඩා මතුලොව ශ්රේෂ්ඨය. උතුම්ය. ඊට හේතුව එහි ඇති සැපත සදා පවතින අමරණීය වන බැවිණි.

A'lâ 87:18

අප ඔබ වෙත මතක් කළ මෙම නියෝග හා තොරතුරු ඔබට පෙර පහළ වූ දේව පුස්තකයන්හී ද තිබිණ.

A'lâ 87:19

එය ඉබ්රාහීම් හා මූසා (අලෙයිහිමස් සලාම්) යන නබිවරුන් වෙත පහළ කරනු ලැබූ පුස්තකයන් හී වෙති.

Gâşiye 88:1

අහෝ දූතය! භයානක අර්බුදවලින් මිනිසා ආවරණය කරන කියාමත් හෙවත් විනාශය සිදුවන දිනය පිළිබඳ පුවත ඔබ වෙත පැමිණියේ ද?

Gâşiye 88:2

කියාමත් දිනයෙහි මිනිසා භාග්යවන්තයින් ලෙස ද අභාග්යවන්තයින් ලෙස ද වෙන්ව සිටිති. අභාග්යවන්තයින්ගේ මුහුණු මැලවී පහත්ව අවමානයෙන් යුතුව පෙළෙනු ඇත.

Gâşiye 88:3

විලංගු දමන ලද විලංගුවල සහ බැද දමන ලද දංවැල්වල හිර වී මහත් විඩාවට පත්ව වෙහෙසව සිටිනු ඇත.

Gâşiye 88:4

දැඩි තාපය සහිත ගින්නට පිවිස එම මුහුණු දැවෙනු ඇත.

Gâşiye 88:5

නටන දැඩි උණුසුම් සහිත ජල උල්පතින් ඔවුන්ට පොවනු ලබයි.

Gâşiye 88:6

පෝෂණය දෙන තරමටවූ කිසිදු ආහාරයක් එහි ඔවුනට නොතිබෙනු ඇත. වියැළුණු විට විස බවට පත් වන ‘අෂ්-ෂිබ්රික්’ හෙවත් දුගඳ හමන පිළිකුල් පැලෑටි වර්ගයක් පමණක් ආහාරය සඳහා ඔවුනට එහිදී පිරිනමනු ලැබේ.

Gâşiye 88:7

එය අනුභව කරන්නාගේ ශරීරය නොවඩන අතර ඔහුගේ කුසගින්න ද එමගින් නිවෙන්නේ නැත.

Gâşiye 88:8

එදිනදී භාග්යවතුන්ගේ මුහුණුවල සතුට සොම්නස හා ප්රීතිය පිරී පවතිනු ඇත. එය ඔවුන් එහිදී අත්විදින සැපත හේතුවෙනි.

Gâşiye 88:9

මෙලොව දැහැමියා කළ යහපත් කටයුතු පිළිගනු ලැබ, එම ක්රියාවන් සඳහා රැස් කර ඇති පින් සමඟ තවත් කිහිප ගුණයකින් යුතුව ඔහු ලබනු ඇත.

Gâşiye 88:10

පිහිටීමෙන් උසස් මෙන්ම තරාතිරමින් උසස් වූ ස්වර්ගයේ ඔහු වෙසෙනු ඇත.

Gâşiye 88:11

තහනම් ප්රකාශයකට සවන් නොදෙන්නා සේම ස්වර්ගයේ පුහු හෝ විහිළු කිසිදු වදනකට ඔවුන් සවන් දෙන්නේ නැත.

Gâşiye 88:12

පැළී ගලා යන දිය උල්පත් ද එම ස්වර්ගයේ දක්නට ඇත. තමන් කැමති පරිදි ඒවා තමන් වෙත හරවා ගනිති.

Gâşiye 88:13

එහි උස් කවිච්චි ද ඇත.

Gâşiye 88:14

බීමට සූදානම් කොට තබන ලද බඳුන් ද විසිරී පවතී.

Gâşiye 88:15

එකිනෙකට ළඟ තබන ලද කොට්ට ද ඇත.

Gâşiye 88:16

එහා මෙහා එළන ලද බුමුතුරුණු ද එහි ඇත.

Gâşiye 88:17

ඔටුවා මවා ඇති අයුරු හා එය මිනිසාට හීලෑ කර දී ඇති අයුරු පිළිබඳ බුද්ධිමත් ලෙසින් ඔවුන් සිතා බැලිය යුතු නොවේද?

Gâşiye 88:18

එමෙන්ම ඔවුනට ඉහළින් අහස ඔසවා, එය ඔවුන් මත නොවැටෙන සේ ආරක්ෂිත වියනක් ලෙස සකසා තිබෙන අයුරු ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?

Gâşiye 88:19

තවද කඳු සිටුවා, එමගින් මිනිසා ජීවත්වීමට පහසු ලෙස පොළව චලනය නොවන පරිදි ශක්තිමත් කර තිබෙන අයුරු ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?

Gâşiye 88:20

පොළොව මත මිනිසා පදිංචිවීමට සුදුසු අයුරින් එය ව්යාප්ත කර ඇත්තේ කෙසේ දැයි ඔවුන් සිතා බැලිය යුතු නොවේ ද?

Gâşiye 88:21

අහෝ දූතය! ඔබ මොවුනට උපදෙස් දෙන්න. අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ බිය ඇති කරවන්න. ඔබ මතක් කර දෙන්නෙකු පමණය. ඔබ ඔවුන්ට මතක් කර දීම පමණක් මිස වෙනකක් ඔබෙන් ඔහු (අල්ලාහ්) බලාපොරොත්තු නොවෙයි. ඔවුනට දේව විශ්වාසයේ භාග්යය පිරිනැමීම අල්ලාහ්ට පමණක් අයත් කාර්යයකි.

Gâşiye 88:22

ඔවුන් දේව විශ්වාසය පිළිකුල් කරන තරමට ඔබ ඔවුන් කෙරෙහි බලය යෙදවීම ඔබට සුදුසු නැත.

Gâşiye 88:23

නමුත් ඔවුන් අතර දේව විශ්වාසය අතහැර යන එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරන අය (අන්තවාදීන්) .

Gâşiye 88:24

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සත්යය පිටු පා ප්රතික්ෂේප කරන්නන් සදා නිරයට හෙළමින් ඔවුන්ට මහත් සේ අල්ලාහ් දඬුවම් කරනු ඇත.

Gâşiye 88:25

ඔවුන්ගේ මරණයෙන් පසුව ඔවුන් නැවත ආ යුත්තේ අප වෙත පමණකි.

Gâşiye 88:26

පසුව ඔවුන්ගේ ක්රියාකාරකම්වල ගණනය හා විනිශ්චයේ අයිතිය ඇත්තේද අප හට පමණකි. එම අයිතිය ඔබට හෝ වෙනත් කිසිවකුට හෝ නොමැත.

Fecr 89:1

ශුවිසුද්ධ අල්ලාහ් අරුණෝදය මත දිවුරමින් ද

Fecr 89:2

දුල් හජ් මාසයේ ආරම්භ රාත්රී දහය මත දිවුරමින් ද

Fecr 89:3

සියලු දෑහි ජෝඩු හා තනි යන දෑ මත දිවුරමින් ද

Fecr 89:4

රාත්රිය පැමිණ, එය පැවතී, පසුව එය ගෙවී යන විට ඒ මත දිවුරමින් ද පවසා සිටියි. එසේ දිවුරා පවසා සිටින්නේ, ඔබ සැමගේ ක්රියාවන් අනුව ඔබ සැමට ප්රතිඵල දෙනු ලබනු ඇත යන්නයි.

Fecr 89:5

සඳහන් කරන ලද දෑහි බුද්ධිය ඇත්තන්හට ප්රමාණවත් දිවුරීම් තිබේ ද?

Fecr 89:6

හූද් නබිවරයාගේ සමූහයා වන ආද්, ඔවුන් වෙත එවනු ලැබූ දහම් දූතයාණන්ව බොරුකළ බැවින් ඔබේ පරමාධිපති ඔවුන් සමග ක්රියා කළ අයුරු ඔබ සිතා බලා තිබෙන්නේ ද?

Fecr 89:7

ආද් සමූහයා වන ඔවුන් උස් කුළුණුවලින් යුත් ඉරම් නගරයේ මුතුන් මිත්තන් දක්වා දිවයන පරම්පරාවකට සම්බන්ධකම් ඇති ප්රජාවකි.

Fecr 89:8

මින් පෙර එවන් වූ සමූහයක් එම ප්රදේශයේ අල්ලාහ් මැව්වේ නැත.

Fecr 89:9

එසේම ගල් කඳු පළා, කුටි සහිත නිවෙස් සාදාගත් සාලිහ් නබිවරයාගේ සමූහයා සමඟ ඔබේ පරමාධිපති ක්රියා කළ ආකාරය ගැන ඔබ සිතා බලා තිබේ ද?

Fecr 89:10

රිටි ආධාරයෙන් ජනයාහට දඬුවම් දෙමින් සිටි ෆිර්අවුන් සමග ඔබේ පරමාධිපති ක්රියා කළ ආකාරය ඔබ සිතා බලා තිබේ ද?

Fecr 89:11

මේ සෑම කෙනෙකුම බලය යෙදවීමෙහි හා අපරාධ කිරීමෙහි පමණ ඉක්මවා කටයුතු කළෝය. සියල්ලෝම තම ප්රදේශය තුළ සීමාව ඉක්මවා ක්රියා කළෝය.

Fecr 89:12

පාපකම් හා දෙවියන් ප්රතික්ෂේප කරන ක්රියාවන් රට පුරා පතුරුවා හැර, එහි අධික ලෙස කලහකම් කළෝය.

Fecr 89:13

එහෙයින් අල්ලාහ් ඔවුන් හට දැඩි දඬුවම් දී විඳවන්නට සැළැස්වීය. මහපොළොවෙන් ඔවුන් ඇතුගා දැමීය.

Fecr 89:14

අහෝ දූතය! නියත වශයෙන්ම ඔබේ පරමාධිපති මිනිසුන් සිදු කරන සියලු ක්රියාවන් ගැන අවධානයෙන් නිරීක්ෂණය කරයි. දැහැමි කටයුතු කළවුන්ට ස්වර්ගය පිරිනමයි. නපුරුකම් කළවුනට නිරයේ වේදනාවන් පිරිනමයි.

Fecr 89:15

එහෙයින්, මිනිසා යනු: ඔහුගේ පරමාධිපති ඔහුට ධනය, දරුවන් හා හිසට නිවහනක් පිරිනමා ඔහුව ගරු කොට පරීක්ෂාවට ලක් කළ විට, අල්ලාහ් විසින් තමන්ට ගෞරවය පිරිනමනු ලැබ ඇතැයි සිතීම ඔහුගේ ස්වභාවයයි. එවිට ඔහු “මාගේ පරමාධිපති මට ගරු කොට ඇත. එය මාගේ තත්ත්වයට ගරු ගිරීමක් වශයෙන් පිරිනමා ඇත” යැයි පවසයි.

Fecr 89:16

නමුත් ඔහුගේ පෝෂණය සීමා කොට, ඔහු පරීක්ෂාවට ලක් කළ විට තම පරමාධිපති තමන් අවමානයට පත් කර ඇතැයි සිතයි. එවිට ඔහු “මාගේ පරමාධිපති මා අවමානයට පත් කොට ඇත” යැයි පවසයි.

Fecr 89:17

එසේ නොව, සැබැවින්ම ආශිර්වාද කර තිබීම ගැන දෙවියන් තම ගැත්තා පිළිබඳ තෘප්තියට පත්ව ඇතැයි යන්නට සාධකයක් ලෙස හෝ තමන්ට යම් අභාග්යයක් ඇති වූ විටෙක තම පරමාධිපති ඉදිරියේ ඔහු අවමානයට පත් වූ අයකු යැයි රූපණය කරන්නාක් මෙන් හෝ නැත. කෙසේ වෙතත් නුඹලාට අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් නුඹලා අනාථ දරුවන්හට ගරු නොකරන්නාහුය.

Fecr 89:18

කුසට ආහාරයක් නොමැති දිළින්දන් හට ආහාර සැපයීම සඳහා අන්යෝන්ය ලෙස අනෙකා උනන්දු නොකරන්නාහුය.

Fecr 89:19

දුර්වල කාන්තාවන්, අනාථයින්ගේ උරුමයන්හි අනුමත භාවය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා දැඩි සේ අනුභව කරන්නාහුය.

Fecr 89:20

අධික ලෙස ධනයට ප්රිය කරන්නාහුය. ස්ව කැමැත්තෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමට මසුරුකම් පාන්නාහුය.

Fecr 89:21

මෙසේ නුඹලා කටයුතු කිරීම නුසුදුසුය. මහපොළොව දැඩි ලෙස සෙලවී කම්පනය වන විට එම අවස්ථාව ගැන මදක් සිතා බලන්න.

Fecr 89:22

අහෝ දූතය! ඔබේ පරමාධිපති තම ගැත්තන් අතර වෙන් කිරීම සඳහා පැමිණෙනු ඇත. මලක්වරුන් ද පෙළ ගැසී පෙළින් පෙළට පැමිණෙති.

Fecr 89:23

එදින නිරය සමීපයට ගෙන එනු ලබයි. එයට දංවැල් දහසක් ඇත. සෑම දංවැලක්ම හැත්තෑ දහසක් මලක්වරු අල්ලාගෙන එය ඇද ගෙන එනු ඇත. එදින මිනිසා අල්ලාහ් වෙත සමීප වීමට අතපසු වූ කරුණු ගැන මෙනෙහි කරනු ඇත. නමුත් එදිනදී එසේ මෙනෙහි කිරීම ඔහුට කෙසේ නම් ඵල දෙනු ඇත් ද? හේතුව එය ප්රතිඵල දෙන දිනයක් මිස යහකම් කිරීමේ දිනයක් නොවන බැවිනි.

Fecr 89:24

දැඩි කණස්සල්ලෙන් ඔහු (මිනිසා) “අහෝ මාගේ මේ සැබෑ මතුලොව ජීවිතය වෙනුවෙන් කල් ඇතිව යහකම් කරන්නට තිබුණා නොවේදැ”යි පවසා පසුතැවිලි වෙයි.

Fecr 89:25

එදින අල්ලාහ් දඬුවම් කරන්නාක් මෙන් කිසිවකු දඬුවම් නොකරයි. හේතුව අල්ලාහ්ගේ දඬුවම ඉතා දරුණුය. නොකඩවා පවතින්නක්ය.

Fecr 89:26

එහිදී දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ව දංවැල්වලින් බැඳ දමන්නාක් මෙන් කිසිවකු බැඳ නොදමනු ඇත.

Fecr 89:27

දෙවියන් විශ්වාස කළ එනම්: මුඃමින්වරයකුගේ ආත්මය වනාහි, එය මරණයට පත් වන විට හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන විටදී ආහෝ දේව විශ්වාසය තුළට පිවිස යහකම්කොට සැනසුමට පත් ආත්මය!” යැයි ආමන්ත්රණය කරමින් මෙසේ පවසනු ලැබේ.

Fecr 89:28

ඔබ විසින් හිමි කර ගත් මහඟු තිළිණ සම්බන්ධයෙන් ඔබේ පරමාධිපති ගැන ඔබ තෘප්තියට පත් වූ තත්ත්වයෙන් ද ඔබ කළ යහකම් හේතුවෙන් සුවිශුද්ධ අල්ලාහ් ඔබ ගැන තෘප්තියට පත් වූ තත්ත්වයෙන් ද ඔබ ඔබේ පරමාධිපති වෙත හැරී යනු.

Fecr 89:29

මාගේ දැහැමි ගැත්තන්ගේ කණ්ඩායමට ඔබත් ඇතුළු වනු.

Fecr 89:30

ඔවුනට මා විසින් සූදානම් කර ඇති මාගේ ස්වර්ගයට ඔබ ද පිවිසෙනු.

Beled 90:1

ශුද්ධ වූ මක්කා නගරය මත අල්ලාහ් දිවුරා පවසයි.

Beled 90:2

අහෝ දූතය! ඔබ එහි සිදු කරන දෑ ඔබට අනුමතය. මරණ දඬුවමට නියමිත වූ අය වෙත මරණ දඬුවම දියත් කිරීමත්, සිරභාරයට ගන්නට සුදුසු අය සිර භාරයට ගැනීමටත් ඔබට අනුමැතිය ඇත.

Beled 90:3

මිනිසාගේ පියා (ආදම්) මතද අල්ලාහ් දිවුරා පවසයි. එමෙන්ම ඔහුගෙන් දාව බිහිවන පරම්පරාව මත ද දිවුරා පවසයි.

Beled 90:4

සැබැවින්ම මිනිසා දුෂ්කර හා අසීරු ජීවන ක්රමයක් තුළ අපි මවා ඇත්තෙමු. මෙලොව ජීවත් වන විටදී බොහෝ පීඩාවන්ට ඔහු මුහුණ දෙයි. එහි ඔහු හිරවී සිටිනු ඇත.

Beled 90:5

මිනිසා පාපකම්හි නියැළුණු විට කිසිවකු ඔහු මත බලය නොදරනු ඇතැයි හෝ ඔහුගෙන් පළි නොගනු ඇතැයි හෝ සිතන්නේ ද? ඔහුගේ පරමාධිපති ඔහුව මවා නිරීක්ෂණය කරමින් සිටියි.

Beled 90:6

“අධික ලෙස උද්දච්චකමේ ගිලී එක පිට එක මම ධනය වියදම් කර ඇත්තෙමි’යැයි ඔහු පවසයි.

Beled 90:7

මෙසේ තමන් වියදම් කළ දෑ පිළිබඳ පුරසාරම් දොඩන්නා, තමන් දෙස අල්ලාහ් බලා නොසිටින බවත් ඔහුගේ ධනය සම්බන්ධයෙන්, එය ඉපැයුවේ කෙසේද? කුමක් සඳහා එය වියදම් කළේද යන්න පිළිබඳ ඔහු තමන්ගෙන් නොවිමසනු ඇතැයි ඔහු සිතන්නේ ද?

Beled 90:8

බලන්නට හැකිවන සේ අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?

Beled 90:9

කතා කරන්නට හැකිවන සේ දිවක් හා තොල් දෙකක් ඇති නොකළෙමු ද?

Beled 90:10

උතුම් මග හා වැරදි මග කුමක්දැ?යි යන්න අපි ඔහුට හඳුන්වා දුන්නෙමු.

Beled 90:11

තමන් ස්වර්ගයෙන් ඉවත් කරන, එයට බාධා පමුණුවන, එහි සීමාව ඉක්මවා යන අකබාව තරණය කිරීම ඔහුගෙන් අපේක්ෂා කෙරේ.

Beled 90:12

අහෝ දූතය! ස්වර්ගයට පිවිසීමට බාධා පමුණුවන අකබාව කුමක්දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද?

Beled 90:13

එය පුරුෂ වහලෙකු හෝ ස්ත්රී වහලියක නිදහස් කිරීමය.

Beled 90:14

එසේ නැතිනම් ආහාර ලබා ගැනීමට දුෂ්කර, සාගින්නෙන් පෙළෙන දිනකදී ආහාර සැපයීමය.

Beled 90:15

එසේත් නැත්නම් ඔහුට නෑකමක් ඇති පියකු නැති දරුවකුට ආහාර සැපයීමය.

Beled 90:16

එසේත් නැතිනම් කිසිවක් හිමි නැති දිළින්ඳෙකුට ආහාර සැපයීමය.

Beled 90:17

පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කරන්නන් අතුරින් කෙනෙක් වී, ඔහුට අවනත වීම, පාපකම්වලින් දුරුවීම, පරීක්ෂාවන්ට ලක්වන අවස්ථාවන්හිදී ඉවසීමෙන් කටයුතු කිරීම යනාදිය ගැන අන්යෝන්ය ලෙස උපදෙස් දෙමින් අල්ලාහ් තම ගැත්තන් හට ප්රධානය කර ඇති සිය මහා කාරුණික භාවය ගැන එකිනෙකා දැනුවත් කිරීමය.

Beled 90:18

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්මය දකුණු පස ජනයා වනුයේ.

Beled 90:19

අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් හා සාධක ප්රේතික්ෂේප කළවුන් වනාහි ඔවුන් වම්පස ජනයා වෙති.

Beled 90:20

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්නෙන් ඔවුන් වසාගනු ලැබේ. එහි ඔවුන් දඬුවම් විදිති.

Şems 91:1

හිරු මත ද එය නැගෙනහිරෙන් උදා වීමෙන් අනතුරුව ඉහළට එන වේලාව මත ද දිවුරමින්.

Şems 91:2

හිරු බැසගිය පසුව ඊට පරව එන සඳු මත ද දිවුරමින්.

Şems 91:3

ආලෝකය තුළින් මහපොළොවේ පවතින දෑ නිරාවරණය වන විට එම දහවල මත ද දිවුරමින්.

Şems 91:4

මහපොළොව අඳුරෙන් වසාගන්නා රාත්රිය මත ද දිවුරමින්.

Şems 91:5

අහස මත ද එහි ස්ථීර ලෙස ඉදි කර ඇති ආකාශ වස්තූන් මත ද දිවුරමින්.

Şems 91:6

පොළොව මත ද එහි මිනිසාට වාසය කළ හැකි පරිදි ව්යාප්ත වී තිබීමේ ක්රියාවලිය මත ද දිවුරමින්.

Şems 91:7

සෑම ආත්මයක් මත ද එයට අනුකූලව මවා ඇති දෑ මත ද දිවුරමින්.

Şems 91:8

ආත්මය වැළකී සිටිය යුතු නපුරුකම් මොනවා ද? එය ගෙන ආ යුතු යහකම් මොනවාද? යන්න කිසිදු ඉගැන්වීමකින් තොරව ඔහු එයට වටහා දුන්නේය.

Şems 91:9

ඉහත සඳහන් කරුණු මත දිවුරා අල්ලාහ් මෙසේ පවසයි: තම ආත්මය උතුම් දැයින් පුරවා, පහත් දැයින් හිස්කර, පිවිතුරු කර ගත් අය ජය ලැබීය.

Şems 91:10

රහසිගත ව තම ආත්මය පාපකම් හා අපරාධ තුළ ගිලෙන්නට ඉඩ හැර සිටි අය පරාජය ලැබීය.

Şems 91:11

සමූද් ජනයා සීමාව ඉක්මවා ගොස් පාපකම් හා අපරාධ කිරීමෙහි ගිලී සිටි හේතුවෙන් ඔවුහු ඔවුන්ගේ නබිවරයාණන් වූ සාලිහ් (අලෙය්හිස් සලාම්) තුමාට බොරු කළෝය.

Şems 91:12

තම පිරිස තමන්ට බලය පැවරූ පසු ඔවුන් අතර සිටි අභාග්යවන්තයා නැගී සිටි අවස්ථාවේදී.

Şems 91:13

අල්ලාහ්ගේ දූත සාලිහ් අලෛහිස් සලාම් තුමා මෙසේ පැවසීය: නුඹලා අල්ලාහ්ගේ ඔටු දෙන හා නියමිත දිනයේදී එම ඔටුවා වතුර බොන ස්ථානය අතහැර දමනු. නොමනා අයුරින් ඌට බාධා නොකරනු.

Şems 91:14

නමුත් ඔටුවා සම්බන්ධයෙන් ඔවුහු ඔවුන්ගේ දූතයාණන්හට බොරු කළහ. ඔවුන් අතර සිටි එම අභාග්ය්වන්තයා තමන් සිදු කළ දේ ඔවුන් නිවැරැදි යැයි පිළිගැනීමත් සමගම ඔහු ඌ මරා දැමීය. අල්ලාහ් ඔවුන් කෙරෙහි දඬුවම ක්රිියාත්මක කළේය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් මහා හඬකින් ඔහු ඔවුන් විනාශ කර දැමීය. ඔවුන් විනාශ කර දැමූ එම දඬුවමේදී ඔහු ඔවුන්ව සමතලාකර දැමීය.

Şems 91:15

ඔවුන් විනාශ කර දමමින් අල්ලාහ් ඔවුනට සිදු කළ මේ මහා දඬුවම, ඔහු අනුගමනය කළ අය ගැන පවා කිසිදු බියකින් තොරව ක්රියාත්මක කළේය.

Leyl 92:1

අහස හා පොළොව අතර ඇති දෑ රාත්රී අන්ධකාරයෙන් ආවරණය කරන විට අල්ලාහ් ඒ මත දිවුරා පවසයි.

Leyl 92:2

දහවල නිරාවරණය වී හෙළිවන විට ඒ මත දිවුරා පවසයි.

Leyl 92:3

ස්ත්රී හා පුරුෂ යන දෙවර්ගය මතද දිවුරා පවසයි.

Leyl 92:4

අහෝ මිනිසාණෙනි! සැබැවින්ම නුඹලාගේ ක්රියාවන් විවිධය. ඒවා අතර ස්වර්ගයට පිවිසීමට හේතුවන යහකම් ද ඇත. එමෙන්ම නිරයට පිවිසීමට හේතුවන පාපකම්ද ඇත.

Leyl 92:5

එහෙයින් සකාත්, නඩත්තු වියදම්, වන්දි වැනි වියදම් කිරීමට අනිවාර්ය දෑ පිරිනමමින් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටින අය වනාහි,

Leyl 92:6

එමෙන්ම, පසුවට ලබා දෙන බවට අල්ලාහ් පොරොන්දු වූ දෑ සැබෑවක් බව පවසා සිටි අය වනාහි,

Leyl 92:7

දැහැමි කටයුතු කිරීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමටත් අපි ඔහුට පහසු කරන්නෙමු.

Leyl 92:8

මසුරුකම්පා තම ධනය වියදම් කිරීමට අනිවාර්ය වන කටයුතු සඳහා වියදම් නොකොට එම ධනය හේතුවෙන් අල්ලාහ් අවශ්ය නොවන බව සිතා ඔහුගෙන් කිසිදු භාග්යයක් ඉල්ලා නොසිටින අය වනාහි,

Leyl 92:9

එමෙන්ම පසුවට ලබා දෙන බවට අල්ලාහ් පොරොන්දු වූ දෑ ගැන ද අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීම හේතුවෙන් පිරිනැමෙන කුසල් ගැන ද බොරු යැයි පවසා සිටි අය වනාහි,

Leyl 92:10

නපුරු ක්රියා සිදු කිරීම සඳහා අපි ඔහුට පහසු කොට යහකම් කිරීම ඔහුට අසීරු කාර්යයක් බවට පත් කරන්නෙමු.

Leyl 92:11

කිසිවක් වියදම් නොකොට ඔහු මසුරුකමින් තබා ගත් ධනය, ඔහු විනාශ වී නිරයට පිවිසෙන විට කිසිදු ප්රයෝජනයක් ඔහුට එයින් ගෙන දෙන්නේ නැත.

Leyl 92:12

අසත්යයෙන් වෙන් වූ සත්යය මඟ පැහැදිළි කිරීම අප සතු වගකීමකි.

Leyl 92:13

මතුලොව ජීවිතය හා මෙලොව ජීවිතය අප සතුය. එබැවින් අප අභිමත කරනු ලබන පරිදි ඒ දෙක තුළ ක්රියා කරන්නට ඉඩ සලස්සන්නෙමු. අප හැර වෙන කිසිවකුට එහි කිසිදු අයිතියක් නැත.

Leyl 92:14

එබැවින් අහෝ මිනිසාණෙනි! ඔබ අල්ලාහ්ට පිටුපාන්නේ නම් ඇවිළෙන නිරා ගින්න පිළිබඳ ප්රවේසමෙන් සිටිනු.

Leyl 92:15

එම ගින්නේ උණුසුමෙන් අභාග්යවන්තයා මිස වෙන කිසිවකු විඳවන්නේ නැත. ඔහු දෙවියන්ව ප්රතික්ෂේප කරන්නෙකි.

Leyl 92:16

ඔහු වනාහි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගෙන ආ දෑ බොරු කළේය. අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමෙන් පිටුපෑවේය.

Leyl 92:17

ජනයා අතර වඩාත් බැතිමත් වූ අබූ බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා ඉන් දුරස් වනු ඇත.

Leyl 92:18

ඔහු පාපයෙන් පිවිතුරු වන්නට දැහැමි අයුරින් තම ධනය වියදම් කළේය.

Leyl 92:19

තම ධනයෙන් වියදම් කරන කිසියම් හෝ දෙයක් වේවා, ඔහු එය වියදම් කරනුයේ කිසිවකු තමන් වෙත කිසියම් ප්රිති උපකාරයක් කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ.

Leyl 92:20

එසේ ඔහු තම ධනය වියදම් කිරීමෙන් අපේක්ෂා කළ ඒකායන අරමුණ, සියලු මැවීම්වලට වඩා ඉහළින් සිටින උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය සදහාම පමණි.

Leyl 92:21

අල්ලාහ් ඔහුට පිරිනමන ගෞරවණීය සම්මාන හා ප්රතිඵල පිළිබඳ ඔහු මතු තෘප්තියට පත්වනු ඇත.

Duhâ 93:1

දහවල ආරම්භය මත දිවුරමින්.

Duhâ 93:2

රාත්රිය මත දිවුරමින් එය අන්ධකාරය පතුරුවා එහි මිනිසුන් තම කාර්යයන්ගෙන් ඉවත් ව සැනසුම ලබන විට.

Duhâ 93:3

අහෝ දූතය! දේව පණිවිඩ නතර වූ කාලයේදී දෙවිඳුන්ට ආදේශ කරන්නන් පවසා සිටියාක් මෙන් ඔබේ පරමාධිපති ඔබව අතහැරියේ නැත. එමෙන්ම ඔබ සමඟ අමනාප වූයේ ද නැත.

Duhâ 93:4

මතු නිවහන මෙලොවට වඩා ඔබට උතුම්ය. හේතුව, එහි නිමක් නැති සැප සම්පත් සදා පවතින බැවිනි.

Duhâ 93:5

ඔබට හා ඔබේ සමූහයාට පිරිනමන දෑ පිළිබඳ ඔබ තෘප්තිමත් වන තරමට ඔබට හා ඔබේ සමූහයාට ඉමහත්වූ ප්රතිඵල මතු පිරිනමනු ඇත.

Duhâ 93:6

කුඩා අවදියේ පියාණන් අහිමි වූ තත්ත්වයේ ඔබ සිටියෙහිය. පසුව ඔබේ සීයා වන අබ්දුල් මුත්තලිබ්ගේ හා ඉන්පසුව ඔබේ මහප්පා වන අබූ තාලිබ්ගේ භාරයේ සෙනෙහසට පත් කොට ඔහු ඔබට පිළිසරණක් දුන්නේය.

Duhâ 93:7

දේව ග්රන්ථය (කුර්ආනය) කුමක් ද, ඊමානය (දේව විශ්වාසය) කුමක්දැයි යන්න ඔබ දැන සිටියේ නැත. පසුව ඒතුළින් ඔබ නොදැන සිටි දෑ ඔහු ඔබට ඉගැන්වීය.

Duhâ 93:8

ඔබ දිළින්ඳෙකු ලෙස සිටියෙහිය. පසුව ඔහු ඔබව ස්වයංපෝෂිත කළේය.

Duhâ 93:9

එබැවින් ළමා අවදියේදී පියාණන් අහිමි වූ අනාථ දරුවන් සමඟ වූ ඇසුර පළුදු නොකරනු. ඔවුන්ව පහත් කොට නොසලකනු.

Duhâ 93:10

අවශ්යතා ඉල්ලා පැමිණෙන අය පලවා නොහරිනු.

Duhâ 93:11

ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද සඳහා ඔබ තුති පුද කොට ඒවා ගැන මෙනෙහි කරනු.

İnşirah 94:1

සැබැවින්ම නුඹේ හදවත අල්ලාහ් නුඹට පුළුල් කළේය. දේව පණිවිඩ ලැබීමේ ආශාව නුඹ වෙත ඇති කළේය.

İnşirah 94:2

ඉකුත් ව ගිය නුඹේ පාපයන් සඳහා අපි නුඹට සමාව දුනිමු. නුඹ සිටි අඥාන යුගයේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.

İnşirah 94:3

එය ඔබේ කොන්ද කැඩෙන තරමට ඔබට දුෂ්කරතා ගෙන දෙන්නක් විය.

İnşirah 94:4

අහෝ මුහම්මද්! ඔබ ගැන සිහිකිරීම අපි උසස් කළෙමු. එය අදාන් ඉකාමත් හා වෙනත් තැන්වලදී ඔබ ගැන සිහිපත් කරන තරමට විය.

İnşirah 94:5

දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව,පහසුව හා සහනය ඇත.

İnşirah 94:6

දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව, පහසුව හා සහනය ඇත. එය නුඹ වටහා ගත්තේ නම් නුඹේ ජනයාගේ පීඩාවන් නුඹව කම්පනයට පත් නො කරනු ඇත. අල්ලාහ් වෙත කෙරෙන ඇරයුමෙන් නුඹව නො වළක්වනු ඇත.

İnşirah 94:7

ඔබේ කටයුතුවලින් ඔබ නිදහස් වී, ඒවා අවසන් කළ වහාම ඔබේ පරමාධිපතිට නැමදුම් කිරීමෙහි ඔබව නිරත කරනු.

İnşirah 94:8

ඔබේ කැමැත්ත හා ඔබේ අභිලාෂය අල්ලාහ් වෙතට පමණක්ම යොමු කරනු.

Tin 95:1

අල්ලාහ් තීන් -අත්තික්කා- මත හා එම ශාක හටගන්නා ස්ථානය මත දිවුරා පවසයි. තවද සෙයිතූන් -ඔලිව්- මත හා එය බහුල ලෙස වැවී තිබූ පලස්තීනයේ ප්රදේශයක් මත ද දිවුරා පවසයි. ඊසා අලෛහිස් සලාම් තුමාව නබිවරයකු ලෙස එවනු ලැබූ දේශය එයයි.

Tin 95:2

මූසා අලෛහිස් සලාම් අල්ලාහ් අබියස කතා කළ සිනායි කන්ද මත ද දිවුරා පවසයි.

Tin 95:3

කවරෙකු එහි පිවිසෙන්නේ ද ඔහු එහි ආරක්ෂාව ලබන, දූත මෙහෙවර සමඟ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවනු ලැබූ ශුද්ධ වූ මක්කා නගරය මත දිවුරා පවසයි.

Tin 95:4

සැබැවින්ම මිනිසා නිසි මැවීමකින් හා ශ්රේෂ්ඨ හැඩරුවකින් යුතුව අපි ඇති කළෙමු.

Tin 95:5

පසුව අපි ඔහු මෙලොවෙහි වයෝවෘද්ධභාවයට හා ආබාධයකට නැවත ගෙන එන්නෙමු. එහෙයින් කෙනෙකුගේ ස්වභාවය අයහපත් වී නරකාදියට යෑම මඟින් ප්රයෝජනයක් ඔහුට හිමි නොවන්නේ කෙසේද, එසේම ඔහුගේ එම ශරීරය මඟින් මෙලොවෙහි ඔහු ප්රයෝජනයක් නොලබයි.

Tin 95:6

නමුත් අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් හැර. සැබැවින්ම ඔවුන් වනාහි වයෝවෘද්ධභාවයට පත් වුවද ඔවුනට අඛණ්ඩ ව සදා පවතින කුසල් හිමිය. එය ස්වර්ග උයනයි. එය ඔවුන් ඔවුන්ගේ ස්වභාව ධර්මය පිරිසිදු කර ගත් බැවිනි.

Tin 95:7

බොහෝ බලවත් සංඥා නුඹ දෑසින් දුටු පසුව ප්රතිඵල පිරිනමනු ලබන දිනය බොරු යැයි පැවසීමට නුඹව පොළඹවූයේ කවර කරුණක් ද?

Tin 95:8

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතිඵල සඳහා වූ දිනයක් ලෙස පත් කිරීමෙන් අල්ලාහ් තීරකයින් අතර මහා තීරකයකු මෙන්ම වඩාත් සාධාරණනීය අයකු නොවී ද?! අල්ලාහ් තම ගැත්තන් අතර තීන්දු නොකර නිකරුණේ අතහැර දමනු ඇතැයි සිදුවේ ද? දැහැමියාට ඔහුගේ දැහැමිභාවය අනුවත්, දුෂ්ඨයාට ඔහුගේ දුෂ්ඨභාවය අනුවත් ප්රතිඵල පිරිනමනු ඇත.

Alak 96:1

අහෝ දූතය! ඔබ වෙත එවන ලද දේව පණිවුඩය, සියලු මැවීම් නිර්මාණය කළ ඔබේ පරමාධිපති අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කොට කියවනු.

Alak 96:2

ශුක්ර බිඳුවක තත්ත්වයේ සිට පසුව කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් දිස්වන ලේ කැටියක් බවට පත්කොට එමගින් ඔහු මිනිසාව මැව්වේය.

Alak 96:3

අහෝ දූතය! ඔබ වෙත අල්ලාහ් පහළ කළ පණිවුඩය ඔබ කියවනු. ඔබේ පරමාධිපති අති ගෞරවනීයය. ඔහුගේ ගෞරවයට සමීප වන්නට වෙනත් කිසිදු ගෞරවනීය කෙනෙකු නොමැත. ඔහු මහත් ත්යා්ගශීලීය. මහත් සේ උපකාර කරන්නාය.

Alak 96:4

ඔහු පන්හිඳෙන් අදින්නට හා ලියන්නට ඉගැන්වීය.

Alak 96:5

මිනිසා නොදැන සිටි දෑ ඔහු ඉගැන්වීය.

Alak 96:6

ඇත්තෙන්ම අබූ ජහල් වැනි පාපී මිනිසුන් අල්ලාහ්ගේ සීමාවන් ගැන තර්ක කරමින් ඒවා අබිබවා ගොස් කටයුතු කරති.

Alak 96:7

එය තමන් සතු නිල හා ධන බලය හේතුවෙන් තමන් ස්වාධීන යැයි ඔහු සිතූ බැවිනි.

Alak 96:8

අහෝ මිනිසාණෙනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නැවත හැරී යා යුත්තේ ඔබේ පරමාධිපති වෙතමය. එවිට සෑම කෙනෙකුටම ඔහු උපයාගත් දෑට උචිත වූ පරිදි ඔහු(අල්ලාහ්) ප්රතිඵල පිරිනමනු ඇත.

Alak 96:9

(දහම් කටයුතුවලින්) වළක්වමින් සිටි අබූ ජහල්ගේ පුදුම සහගත හැසිරීම ඔබ දුටුවෙහිද?

Alak 96:10

අපගේ ගැත්තා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කඃබා දේවස්ථානයේ සලාතය ඉටු කරමින් සිටි විට ඔහු ඔහුව වැළැක්වීය.

Alak 96:11

මෙසේ වළක්වන්නා තම පරමාධිපතිගෙන් වූ යම් සාධකයක් මත හෝ යහමග මත සිටිනු ඔබ දුටුවේද?

Alak 96:12

එසේ නැතහොත් අල්ලාහ්ගේ නියෝගයන් පිළිපැද ඔහු වැළැක් වූ දැයින් වැළකී ඔහු කෙරෙහි බැතිමත් වී කටයුතු කරන මෙන් ඔහු මිනිසාට අණ කර සිටින්නේද? මෙසේ තිබියදී ඒ මත සිටින්නාව ඔහු වළක්වන්නේද?

Alak 96:13

මෙසේ වළක්වන්නා, අල්ලාහ්ගේ දූතයාණන් ගෙන ආ දෑ බොරු කරමින්, එයට පිටුපාමින් සිටිනු ඔබ දුටුවේද? ඔහු අල්ලාහ්ට බිය විය යුතු නොවේද?

Alak 96:14

මෙම ගැත්තාව සලාතයෙන් වළක්වන්නා, සැබැවින්ම අල්ලාහ් තමන් සිදු කරන දෑ දකින බවත් ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැති බවත් ඔහු නොදන්නේද?

Alak 96:15

මෙම මෝඩ මිනිසා රූපණය කරන්නාක් මෙන් නොව, අපගේ ගැත්තාට හිංසා කිරීමෙන් හා ඔහු බොරුකාරයකු බවට පත් කිරීමෙන් ඔහු නොවැළකුණේ නම් අපි ඔහුගේ හිස ඉදිරිපස කෙස් රොදෙන් අල්ලා ගෙන නිරා ගින්න වෙත ඇඳගෙන යන්නෙමු.

Alak 96:16

හිස ඉදිරිපස මෙම කෙස් රොදට හිමිකම් කියන්නා තමන් පවසන ප්රකාශයෙහි බොරුකාරයකි. තමන් කරන ක්රියාවෙහි අපරාධකාරයෙකි.

Alak 96:17

ඔහුගේ හිස ඉදිරියෙහි ඇති නළලේ තිබෙන කෙස් රොදින් ඔහු ග්රහණය කොට නිරය වෙත ගෙන යන විට, එම දඬුවමින් ආරක්ෂා වන්නට උදව් පතමින් ඔහු තම මිතුරන් හා ඔහුගේ සහායකයින් කැඳවත්වා!

Alak 96:18

අපි නිරයේ භාරකාර දරුණු මලක්වරුන් කැඳවන්නෙමු. ඔවුන් අල්ලාහ් අණ කළ කිසිවකට පිටු පාන්නේ නැත. ඔවුනට අණ කරනු ලබන පරිදිම ක්රිියා කරති. එවිට මෙම කණ්ඩායම් දෙකෙන් කවර කණ්ඩායමක් වඩාත් බලවත් හා ශක්තිමත් වන්නේ දැයි ඔහු හොඳින් බලත්වා.

Alak 96:19

අහෝ නබිවරය! මෙම අපරාධකාරයා ඔබට යම් නපුරක් කරතැයි ඔබ සැක කරන්නාක් මෙන් එම කරුණ නොමැත. එබැවින් ඔහු(අපරාධකරු) අණ කරන කිසිවකට ඔබ අවනත නොවනු. අල්ලාහ්ට ඔබ සුජූද් කරනු. ඔහුට අවනත වෙමින් ඔහු වෙත සමීප වනු. සැබැවින්ම එය ඔහු වෙතට සමීප කරවනු ඇත.

Kadr 97:1

රමළාන් මාසයේ කද්ර් රාත්රියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කිරීමට අපි ආරම්භ කළාක් මෙන්ම අල් කුර්ආනය මුළුමණින්ම එවැනි රාත්රියක අපි පහළ අහසට පහළ කළෙමු.

Kadr 97:2

අහෝ නබිවරය, එම රාත්රියේ ඇති යහපත හා අභිවෘද්ධිය කවරක්දැයි ඔබ දන්නෙහිද?

Kadr 97:3

එම රාත්රිය, මහිමයෙන් පිරිණු බලගතු රාත්රියකි. එහි විශ්වාසයෙන් යුතුව හා කුසල් බලාපොරොත්තුවෙන් නැමදුම්වල නිරත වන්නන්හට මාස දහසකට වඩා උතුම් වූ රාත්රියක් බවට එය පත්වනු ඇත.

Kadr 97:4

මලක්වරුන් හා ජිබ්රීල් තුමා තම පරාමාධිපතියාණන්ගේ අනුමැතිය ඇතිව එම වර්ෂය තුළ අල්ලාහ් විසින් මිනිසාට තීන්දු කළ ආහාර හා සම්පත්, ඔහුගේ මරණය හා උපත සහ ඔහු විසින් තීන්දු කළ අනෙකුත් නිර්ණායකයන් සමඟ පහළ වනු ඇත.

Kadr 97:5

මෙම මුලු රාත්රියම එහි ආරම්භයේ සිට අලුයම උදාවේ අවසානය තෙක්ම සමෘද්ධියෙන් පිරී පවතින්නකි.

Beyyine 98:1

යුදෙව්වන්, කිතුනුවන් හා දේව ආදේශකයින් අතුරින් දෙවියන් ප්රෙතික්ෂේප කළවුන්හට දේව ප්රතික්ෂේපය මත ඔවුන් එකතු වී ඒ සැමගේ එඟගත්වය පිහිටනු ලැබූනේත් පැහැදිළි සාක්ෂිය හා සාධකය පැමිණි පසුවය.

Beyyine 98:2

ඒ පැහැදිලි සාක්ෂිය හා සාධකය වූයේ අල්ලාහ් විසින් එවන ලද දූතයාණන්ය. පාරිශුද්ධයින් මිස අන් කිසිවකු ස්පර්ශ නොකරන පවිත්ර වූ ලේඛනය එම දූතයාණන් විසින් කියවයි.

Beyyine 98:3

මෙම ලේඛනයේ සත්යය හා සාධාරණ නීති පිළිබඳ තොරතුරු සඳහන්ව ඇත. එය මිනිසාගේ යහපත හා මඟපෙන්වීම කවර කරුණක් මත පිහිටන්නේ ද එය කරා යෑමට ඔවුනට මඟ පෙන්වනු ඇත.

Beyyine 98:4

තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන් වෙත අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් එවීමෙන් පසුව මිස වෙන්ව නොගියහ. නමුත් ඔවුන් අතර එය පිළිගත් අයද සිටියෝය. එමෙන්ම නබිවරයාගේ සත්යතාව දැන දැනත් එය ප්රතික්ෂේප කිරීමෙහි ඉක්මවා ගියවුන් ද සිටියෝය.

Beyyine 98:5

යුදෙව්වන් හා කිතුනුවන්ගේ මුරණ්ඩුකම හා වැරැද්ද හෙළි විය. ඔවුන්ගේ දහම් ග්රන්ථවල සඳහන්ව ඇති පරිදි අල්ලාහ් පමණක් නැමදීම, දෙවිඳුන්හට සමානයන් තැබීමෙන් වැළකීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම යනාදිය මිස වෙන කිසිවක් මෙම අල් කුර්ආනයේ ඔවුනට අණ කරනු නොලැබීය. කිසිදු ඇදයක් නැති ඍජු දහම එයයි. ඒ හැර වෙනකක් අණ කරනු නොලැබීය.

Beyyine 98:6

යුදෙව්වන් හා කිතුනුවන් අතුරින් ද දේව ආදේශකයින් අතුරින් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරයට ඇතුළු වෙති. එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මැවීම් අතර සිටින නරකම අයයි. එය අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ දූතයාණන් ගැන ඔවුන් බොරු කළ බැවිනි.

Beyyine 98:7

සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි ඔවුන් මැවීම් අතුරින් ශ්රේෂ්ඨතම අය වෙති.

Beyyine 98:8

ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට හිමි කුසල් වනුයේ, මාලිගා හා ගස් අතරින් ගලා බස්නා ගංගා සහිත ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදාතනිකයෝ වන්නාහුය. ඔවුන් අල්ලාහ්ව විශ්වාස කළ බැවින්ද ඔහුට ඔවුන් අවනත වූ බැවින්ද අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේය. ඔවුහු ද ඔහුගේ ආශිර්වාදය ලබා ගත් බැවින් තෘප්තියට පත් වූහ. එම ආශිර්වාදය ලබා ගන්නේ තම පරමාධිපතිට බිය වී ඔහුගේ අණ ක්රියාත්මක කොට ඔහු වැළැක්වූ දැයින් වැළකී සිටින්නන්ය.

Zilzal 99:1

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පොළොවට සිදුවන දැඩි කම්පනය හේතුවෙන් එය චලනය වන විට,

Zilzal 99:2

පොළොව තුළ වළදමා ඇති මිය ගිය ඇත්තන් හා වෙනත් දේවල් බැහැර කරනු ලබන විට,

Zilzal 99:3

පොළොව මෙසේ කම්පනය වන්නට, එය චලනයට වන්නට හේතුව කුමක්දැ?යි මිනිසා වික්ෂිප්තව විමසයි.

Zilzal 99:4

ඒ මහත්වූ දිනයේදී පොළොව තමන් මත සිදු වූ සියලු යහපත හා අයහපත පිළිබඳ තොරතුරු එළිපිට දන්වා සිටිනු ඇත.

Zilzal 99:5

එය අල්ලාහ් එයට -පොළොවට- දැනුම් දී ඇති බැවින් හා ඒ ගැන නියෝග කර ඇති බැවිනි.

Zilzal 99:6

පොළොව කම්පනයට පත්වන ඒ මහත් වූ දිනයේ මෙලොවෙහි තමන් කළ ක්රියාවන් දැක ගනු පිණිස මිනිසා විනිශ්චය ස්ථානයෙන් පිටත්ව කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.

Zilzal 99:7

එබැවින් කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් යහපත් උතුම් ක්රියාවක් කර ඇත්තේද ඔහු එය තමන් ඉදිරියේ දකිනු ඇත.

Zilzal 99:8

එමෙන්ම කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් අයහපත් නපුරු ක්රියාවක් කර ඇත්තේ ද ඔහු ද එය තමන් ඉදිරියේ දකිනු ඇත.

Adiyat 100:1

වේගවත් බව හේතුවෙන් උන් හති දමන හඬ ඇසෙන තරමට දිව යන අශ්වයින් මත දිවුරමින්ද...

Adiyat 100:2

දිව යන විට උන්ගේ කුර බලවත් ලෙස ගල්වල ගැටීමෙන් ගිනි පුපුරු නංවන අශ්වයින් මත දිවුරමින්ද...

Adiyat 100:3

අලුයම් කාලයෙහි සතුරන් වෙත කඩා පනින අශ්වයින් මත දිවුරමින්ද ...

Adiyat 100:4

එසේ දිව යන විට උන් දූවිලි අවුස්සාලයි.

Adiyat 100:5

අශ්වාරෝහකයින් සමඟ කණ්ඩායම් වශයෙන් සතුරන් මැදට කඩා පනියි.

Adiyat 100:6

මෙසේ අශ්වයින් මත දිවුරා සැබැවින්ම මිනිසා තම පරමාධිපති බලාපොරොත්තුවන අයුරින් තමන් කළ යුතුව ඇති යහපත් දෑ නොකොට ඉන් වැළකී සිටින බව අවධාරණය කරයි.

Adiyat 100:7

එසේ යහපත් දෑ සිදුකිරීමෙන් වැළකී සිටින ඔහුම එයට සාක්ෂිකරුවකි. එය පැහැදිළි කරන විට එය ප්රතික්ෂේප කරන්නට ඔහුට හැකියාවක් නොලැබෙන්නේය.

Adiyat 100:8

සැබැවින්ම ඔහු ධනයට කෑදරය. මසුරුය.

Adiyat 100:9

විනිශ්චය සඳහාත් ප්රතිඵල පිරිනැමීම සඳහාත් මියගිය ඇත්තන් මිනීවළවල් වලින් යළි අවදිකරවා මහපොළොවෙන් ඉවතට ගන්නා විට ඔවුන් කල්පනය කරන්නාක් මෙන් එම විෂය නොපවතිනු ඇතැයි මෙළොව ජීවිතය තෝරාගත් අය වටහා නොගන්නේ මන්ද?

Adiyat 100:10

සිත් තුළ ඇති කරගත් ඔහුගේ සිතුවිලි, විශ්වාසයන් හා වෙනත් දෑ පැහැදිළි කරනු ලැබ, ඒවා එළියට ගෙන එනු ලැබේ.

Adiyat 100:11

සැබැවින්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ සියලු තොරතුරු මැනවින් දැන සිටියි. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්ර්තිඵල පිරිනමනු ඇත.

Karia 101:1

අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන දිනයකි එය.

Karia 101:2

අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන ඒ දිනය කුමක්ද?

Karia 101:3

අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එම දිනය කුමක් දැයි අහෝ දූතය! ඔබට දැනුම් දුන්නේ කුමක්ද? එය යළි අවදි කරවන දිනයකි.

Karia 101:4

මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එදින ඔබ මොබ දුවන මේරුන් මෙන් ඔවුහු සැරිසරති.

Karia 101:5

පීරන ලද පුළුන් මෙන් විතැන් වී ගොස් සැහැල්ලුවෙන් ගමන් කරන තත්ත්වයට කදු පත්වනු ඇත.

Karia 101:6

තමන්ගේ අයහකම් වලට වඩා තමන් කළ යහකම් බරින් වැඩි වූ අය වනාහි,

Karia 101:7

ස්වර්ගය හිමි කර ගනිමින් තෘප්තිමත් ජීවිතයක පසු වනු ඇත.

Karia 101:8

තමන්ගේ යහකම් වලට වඩා තමන් කළ අයහකම් බරින් වැඩි වූ අය වනාහි,

Karia 101:9

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගේ නවාතැන ඔහුගේ වාසස්ථානය වන්නේ නිරයයි.

Karia 101:10

අහෝ දූතය! එය කුමක්දැයි ඔබව දැනුවත් කර සිටියේ කුමක්ද?

Karia 101:11

එය දැඩි තාපයෙන් යුත් ගින්නකි.

Tekâsür 102:1

අහෝ මිනිසුනි! ධනය හා දරුවන් හේතුවෙන් නුඹලා එකිනෙකා තුළ ඇති තරඟය අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා ව වෙනතකට යොමු කර ඇත.

Tekâsür 102:2

නුඹලා මිය ගොස් නුඹලාගේ මිණිවලවල් නුඹලා හමුවන තුරු.

Tekâsür 102:3

ධනය හා දරුවන් හේතුවෙන් එසේ නුඹලා එකිනෙකා අහංකාරකම් පාමින් අල්ලාහ්ට අවනත වීමෙන් දුරස්වීම නුඹලාට සුදුසු නැත. එසේ නුඹලා වෙනතකට යොමු වී කටයුතු කිරීමේ විපාකය නුඹලා ඉක්මණින් මතු දැනගනු ඇත.

Tekâsür 102:4

එහි විපාකය නුඹ මතුලොවෙහි දැනගනු ඇත.

Tekâsür 102:5

සැබැවින්ම අල්ලාහ් ඉදිරියට නුඹලා ව ඉදිරිපත් කරනු ඇත. එවිට නුඹලා සිදු කළ සියලු ක්රියාවන්ට ඔහු ප්රතිඵල දෙනු ඇතැයි නුඹලා ස්ථීරවම වටහා ගන්නේ නම් එසේ දරුවන් හා ධනය හේතුකොට ගෙන අහංකාරකම් පා නුඹලා අල්ලාහ්ගෙන් වෙනතකට යොමු නොවන්නාහුය.

Tekâsür 102:6

අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්න නුඹලා දෑසින්ම දැක ගනු ඇත.

Tekâsür 102:7

සැබැවින්ම එය කිසිදු සැකයකින් තොරවම ස්ථීර ලෙසම දැක ගනු ඇත.

Tekâsür 102:8

සුවය, ධනය හා වෙනත් සම්පත් අතුරින් කවර ආශිර්වාදයක් අල්ලාහ් නුඹලාට පිරිනමා ඇත්තේද ඒ පිළිබඳ ව නුඹලාගෙන් එහිදී ප්රදශ්න කරනු ලබන්නෝය.

Asr 103:1

අසර් වේලාව - සවස යාඥා සමය - පිළිබඳ සහතික කොට ශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසයි.

Asr 103:2

නියත වශයෙන්ම මිනිසා යම් අඩුවක හා විනාශයක සිටියි.

Asr 103:3

නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට අන්යෝන්යව සත්යය පිළිබඳ උපදෙස් දෙමින්, ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති.

Hümezeh 104:1

මිනිසුන්ට එරෙහිව අධික ලෙස කේලාම් කියමින් දොස් නගමින් ඔවුනට අපහාස කරමින් සිටින්නන් හට විනාශය හා දැඩි දඬුවම අත් වනු ඇත.

Hümezeh 104:2

ඔහුගේ අරමුණ ධනය රැස්කොට එය ගණන් කර තැබීමය. ඒ හැර වෙනත් කිසිදු අරමුණක් ඔහුට නැත.

Hümezeh 104:3

නියත වශයෙන්ම ඔහු රැස් කළ ධනය ඔහුව මරණයෙන් මුදවා, මෙලොව ජීවිතයේදී ඔහුව සදාකාලිකයකු ලෙස ජීවත් කරවනු ඇතැයි ඔහු සිතයි.

Hümezeh 104:4

මෙම අධමයා රූපණය කරන්නාක් මෙන් කරුණ නොපවතී. දැඩි දඬුවම සඳහා එහි හෙළන සෑම දෙයක්ම කඩා පොඩිකර දමන නිරා ගින්නට සැබැවින්ම ඔහුව හෙළනු ලැබේ.

Hümezeh 104:5

අහෝ දූතය! හෙළන සෑම දෙයක්ම විනාශ කර දමන නිරා ගින්න කුමක් දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද?

Hümezeh 104:6

සැබැවින් එය අල්ලාහ්ගේ අවුළනු ලැබූ ගින්නය.

Hümezeh 104:7

එය මිනිසුන්ගේ ශරීර තුළින් රිංගා ඔවුන්ගේ හදවත් දක්වා පසාරු වී යනු ඇත.

Hümezeh 104:8

සැබැවින්ම එය දඬුවමට ලක්වූවන් ආවරණය කර ගනු ඇත.

Hümezeh 104:9

ඉන් පිටවිය නොහැකි තරමට උසට තනන ලද කුළුණු තුළ එය පවතියි.

Fil 105:1

අහෝ දූතය! අබ්රහා හා ඔහුගේ ඇතුන් සමඟ පැමිණි සේනාව කඃබාව කඩා දමන්නට සිතූ අවස්ථාවේදී ඔබේ පරමාධිපති කටයුතු කළ ආකාරය කෙසේදැයි ඔබ නොදුටුවෙහිද?

Fil 105:2

එය කඩා බිඳ දැමීමේ ඔවුන්ගේ ඒ නපුරු කුමන්ත්රණය අල්ලාහ් නිෂ්ඵල කර දැමීය. කඃබා දේවස්ථානයෙන් ජනයා ඉවත් කිරීමට සිතූ ඔවුන්ගේ වෑයම අසාර්ථක විය. ඉන් කිසිදු ඵලක් ලබන්නට ඔවුනට නොහැකි විය.

Fil 105:3

කුරුල්ලන් වර්ගයක් ඔවුන් වෙත අල්ලාහ් එවීය. උන් රංචු පිටින් ඔවුන් වෙත ආවේය.

Fil 105:4

රත් කරන ලද මැටියෙන් යුත් ගල් උන් ඔවුන් මත හෙළුවේය.

Fil 105:5

සතුන් විසින් කා දමන ලද, උන් විසින් පාගා දමන ලද පැළෑටිවල කොළ මෙන් අල්ලාහ් ඔවුන්ව පත් කළේය.

Kureyş 106:1

කුරෙෂ්වරුන්ගේ පුරුද්ද හා ඔවුන්ගේ ඇල්ම හේතුවෙන්.

Kureyş 106:2

ශීත ඍතුවෙහි සුරක්ෂිතව යමන් දේශයට හා ග්රීස්ම ඍතුවෙහි සුරක්ෂිතව සිරියා දේශයට යෑමේ පුරුද්ද හා ඇල්ම ඇති කළ හේතුවෙන්.

Kureyş 106:3

මෙම ශුද්ධවූ නිවසේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ට පමණක් ඔවුන් නැමදුම් කරත්වා! ඔවුනට මෙම ගමන පහසු කළේ ඔහුය. එබැවින් කිසිවකට ඔවුන් ඔහුව ආදේශ නොකළ යුතුය.

Kureyş 106:4

ඔහු අරාබිවරුන් අතර කඃබාව ශුද්ධත්වයට පත් කොට, එය ගරුකටයුතු ස්ථානයක් බවට පත් කොට ඔවුනට ආරක්ෂාවද ඔවුන්ගේ කුසගින්නට ආහාරයද සැපයීය.

Mâûn 107:1

විනිශ්චය දිනය බොරු යැයි පවසන්නන් නුඹ හඳුනන්නෙහිද?

Mâûn 107:2

ඔහු අනාථයා දැඩි අවශ්යතාවයකින් පෙළෙන විට ඔහුට උපකාර කිරීමෙන් වළක්වාලයි.

Mâûn 107:3

දිළිඳුන් හට ආහාර සැපයීමට තමන් උනන්දු නොවන අතරම ඒ සඳහා අන් අයව දිරි නොගන්වයි.

Mâûn 107:4

එහි වේලාව ගෙවී යන තෙක් නොසැලකිලිමත්ව සිටින එමෙන්ම මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන්ට විනාශය හා දඬුවම ඇත.

Mâûn 107:5

එහි වේලාව ගෙවී යන තෙක් නොසැලකිලිමත්ව සිටින එමෙන්ම මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා!

Mâûn 107:6

ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයන් හා ක්රියාවන් මුනිච්චාවට කළ අයවලුන් වේ.තවද ඔවුන් අල්ලාහ්ට පමණක් යන ඒකායන චේතනාවෙන් ක්රියවන් සිදු නොකරන්නේය.

Mâûn 107:7

උදව් කිරීමෙන් හානියක් ඇති නොවන සුළු දෑ පවා අන් අයට දීමෙන් ඔවුන් වැළකෙති.

Kevser 108:1

අහෝ දූතය! අපි ඔබට අධික යහපත පිරිනැමුවෙමු. ස්වර්ගයේ ඇති කව්සර් නම් තටාකයද ඒවායින් එකකි.

Kevser 108:2

දේවත්වය ආදේශ කරන්නන් තම පිළිමවලට සමීප වීම සඳහා සතුන් බිලි දී සිදු කරන ක්රියාවන්ට විරුද්ධව මෙම ආශිර්වාදය වෙනුවෙන් නුඹ අල්ලාහ්ට පමණක් නැමදුම් කරමින් ඔහු වෙනුවෙන් සතුන් කැප කරමින් ඔහුට කෘතවේදී වන්න.

Kevser 108:3

ඔබට එරෙහිව දොස් පවරමින් සිටි අය සියලුම යහපත් දැයින් කපා හරින ලදී. ඔහු ගැන සිහිපත් කරනු ලබන විට, ඔහුගේ නපුරුකම ඈඳාගෙන ඔහු සිහිපත් කරන ලදී.

Kâfirun 109:1

අහෝ දූතය! අල්ලාහ් පිළිබඳ ප්රතික්ෂේප කරන්නන් අමතා “අහෝ ප්රතික්ෂේප කරන්නනි!“ යැයි පවසනු.

Kâfirun 109:2

වර්තමානයේ හෝ මින් ඉදිරියට හෝ නුඹලා වැඳුම් පිදුම් කරන පිළිමවලට මම කිසිසේත් නැමදුම් නොකරමි.

Kâfirun 109:3

මම කවර කෙනකුට නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.

Kâfirun 109:4

නුඹලා නමදිමින් සිටි දෑ නැමදුම් කරන්නෙකු ලෙස මම ද නැත.

Kâfirun 109:5

මම කවර කෙනෙකු නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.

Kâfirun 109:6

නුඹලා වෙනුවෙන් කවර දහමක් නුඹලා විසින් ආරම්භ කර ඇත්තේද එය නුඹලා සතුය. අල්ලාහ් මා වෙත පහළ කළ මාගේ දහම මා සතුය.

Nasr 110:1

අහෝ දූතය! ඔබේ දහමට අල්ලාහ්ගේ උපකාරය පැමිණි විට, එය ගෞරවයට පත් වන විට, මක්කාහ් ජයග්රහණය සිදු වන විට,

Nasr 110:2

කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ජනයා ඉස්ලාමය තුළට පිවිසෙනු නුඹ දකින්නෙහිය.

Nasr 110:3

ඔබ කවර වැදගත් කරුණකට එවනු ලැබුවේද එම කටයුත්ත අවසන් වී ඇති බවට මෙය සළකුණක් බව දැන ගන්න. එබැවින් උපකාරය හා ජයග්රහණය, ආශිර්වාද කළ ඔබගේ ප්රඑමාධිපතිට කෘතඥවනු පිණිස ඔහුගේ ප්ර්ශංසාවෙන් ඔබ ඔහුව පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව අයැද සිටිනු. ඔහු තම ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙන්නාය.

Tebbet 111:1

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ් නබි තුමාණන්ට වධ වේදනා ගෙන දෙමින් කටයුතු කළ බැවින් ඔහුගේ දෑත් විනාශයට පත් වේවා! ඔහුගේ උත්සාහය ද පරාජයට පත් වේවා!

Tebbet 111:2

ඔහුගේ ධනය හෝ ඔහුගේ දරුවන් අතරින් කවර කරුණක් හෝ ඔහුව මුදවා ගන්නට ඔහුට ප්රයෝජනවත් වූයේද? ඔහුව දඬුවමින් මුදවාලන්නට ඒ දෙක ඉදිරිපත් වූයේ නැත. එමෙන්ම ඔහුට ඒ දෙක ආශිර්වාදය ගෙන දුන්නේද නැත.

Tebbet 111:3

අග්නි ජාලාවෙන් යුත් ගින්නට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහු පිවිසෙනු ඇත. එහි උෂ්ණයෙන් ඔහු තැවෙනු ඇත.

Tebbet 111:4

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යන එන මඟ කටු අතු දමමින් එතුමාණන්ව හිංසාවට ලක් කළ ඔහුගේ බිරිය වූ උම්මු ජමීල්ද නිරයට පිවිසෙනු ඇත.

Tebbet 111:5

නිරයට ඇදගෙන යන ඉඳි කෙඳිවලින් අඹරා සාදන ලද කඹයක් ඇයගේ ගෙලෙහි තිබෙනු ඇත.

İhlas 112:1

(අහෝ ධර්ම දූතය!) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවෙකු නැත.

İhlas 112:2

පූර්ණ හා අලංකාර ගුණාංග තුළ උපරිමයෙන්ම කීර්තියට පත් ප්රධානියා ඔහුය. සියලු මැවීම් ඔහුගෙන් යැපෙනු ඇත.

İhlas 112:3

ඔහු කිසිවකු ජනිත කළේ නැත. එසේම කිසිවෙක් විසින් ඔහුව ජනිත කරනු ලැබුවේද නැත. පිවිතුරු ඔහුට කිසිදු දරුවකු හෝ පියකු හෝ නැත.

İhlas 112:4

ඔහුගේ මැවීම් තුළ ඔහුට සමාන කිසිදු උපමාවක් නැත.

Felak 113:1

අහෝ දූතය! ඔබ පවසන්න මම හිමිදිරියේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.

Felak 113:2

වේදනා ගෙන දෙන මැවීම්වල හානියෙන් ද

Felak 113:3

සොර සතුරන් හා සතුන්ගෙන් රාත්රියේදී සිදුවිය හැකි හානියෙන් ද මම අල්ලාහ් වෙත ආරක්ෂාව පතමි.

Felak 113:4

ගැටමත පිඹ හූනියම් කරන හූනියම් කරුවන් හා සූනියම් කාරියන්ගේ නපුරෙන්ද මම ඔහුගෙන් ආරක්ෂාව පතමි.

Felak 113:5

සිදු කරන යම් ක්රියාවක් තුළින් ඊර්ෂ්යාවක් ඇති වන්නේද එසේ ඊර්ෂ්යා කරන්නාගේ හානියෙන්ද මම ආරක්ෂාව පතමි.

Nas 114:1

අහෝ දූතය! ඔබ පවසන්න මම මිනිසුන්ගේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.

Nas 114:2

ඔහු මිනිසුන්ගේ රජුය. ඔහු කැමති දේ ඔවුන් අතර ක්රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත.

Nas 114:3

ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත.

Nas 114:4

මිනිසා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් නොසළකා හැරුණු විට ඔහු තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි. මිනිසා අල්ලාහ්ව මෙනෙහි කළ විට ඔහු ආපස්සට යනු ඇත.

Nas 114:5

ඔහු මිනිසාගේ හදවත් වෙත ඔහුගේ කුකුස් හෙළයි.

Nas 114:6

ඔහු ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති.