Sinhalese Mokhtasar — Maide 5:1 – A'raf 7:206
Contents
- Maide 5:1
- Maide 5:2
- Maide 5:3
- Maide 5:4
- Maide 5:5
- Maide 5:6
- Maide 5:7
- Maide 5:8
- Maide 5:9
- Maide 5:10
- Maide 5:11
- Maide 5:12
- Maide 5:13
- Maide 5:14
- Maide 5:15
- Maide 5:16
- Maide 5:17
- Maide 5:18
- Maide 5:19
- Maide 5:20
- Maide 5:21
- Maide 5:22
- Maide 5:23
- Maide 5:24
- Maide 5:25
- Maide 5:26
- Maide 5:27
- Maide 5:28
- Maide 5:29
- Maide 5:30
- Maide 5:31
- Maide 5:32
- Maide 5:33
- Maide 5:34
- Maide 5:35
- Maide 5:36
- Maide 5:37
- Maide 5:38
- Maide 5:39
- Maide 5:40
- Maide 5:41
- Maide 5:42
- Maide 5:43
- Maide 5:44
- Maide 5:45
- Maide 5:46
- Maide 5:47
- Maide 5:48
- Maide 5:49
- Maide 5:50
- Maide 5:51
- Maide 5:52
- Maide 5:53
- Maide 5:54
- Maide 5:55
- Maide 5:56
- Maide 5:57
- Maide 5:58
- Maide 5:59
- Maide 5:60
- Maide 5:61
- Maide 5:62
- Maide 5:63
- Maide 5:64
- Maide 5:65
- Maide 5:66
- Maide 5:67
- Maide 5:68
- Maide 5:69
- Maide 5:70
- Maide 5:71
- Maide 5:72
- Maide 5:73
- Maide 5:74
- Maide 5:75
- Maide 5:76
- Maide 5:77
- Maide 5:78
- Maide 5:79
- Maide 5:80
- Maide 5:81
- Maide 5:82
- Maide 5:83
- Maide 5:84
- Maide 5:85
- Maide 5:86
- Maide 5:87
- Maide 5:88
- Maide 5:89
- Maide 5:90
- Maide 5:91
- Maide 5:92
- Maide 5:93
- Maide 5:94
- Maide 5:95
- Maide 5:96
- Maide 5:97
- Maide 5:98
- Maide 5:99
- Maide 5:100
- Maide 5:101
- Maide 5:102
- Maide 5:103
- Maide 5:104
- Maide 5:105
- Maide 5:106
- Maide 5:107
- Maide 5:108
- Maide 5:109
- Maide 5:110
- Maide 5:111
- Maide 5:112
- Maide 5:113
- Maide 5:114
- Maide 5:115
- Maide 5:116
- Maide 5:117
- Maide 5:118
- Maide 5:119
- Maide 5:120
- Enam 6:1
- Enam 6:2
- Enam 6:3
- Enam 6:4
- Enam 6:5
- Enam 6:6
- Enam 6:7
- Enam 6:8
- Enam 6:9
- Enam 6:10
- Enam 6:11
- Enam 6:12
- Enam 6:13
- Enam 6:14
- Enam 6:15
- Enam 6:16
- Enam 6:17
- Enam 6:18
- Enam 6:19
- Enam 6:20
- Enam 6:21
- Enam 6:22
- Enam 6:23
- Enam 6:24
- Enam 6:25
- Enam 6:26
- Enam 6:27
- Enam 6:28
- Enam 6:29
- Enam 6:30
- Enam 6:31
- Enam 6:32
- Enam 6:33
- Enam 6:34
- Enam 6:35
- Enam 6:36
- Enam 6:37
- Enam 6:38
- Enam 6:39
- Enam 6:40
- Enam 6:41
- Enam 6:42
- Enam 6:43
- Enam 6:44
- Enam 6:45
- Enam 6:46
- Enam 6:47
- Enam 6:48
- Enam 6:49
- Enam 6:50
- Enam 6:51
- Enam 6:52
- Enam 6:53
- Enam 6:54
- Enam 6:55
- Enam 6:56
- Enam 6:57
- Enam 6:58
- Enam 6:59
- Enam 6:60
- Enam 6:61
- Enam 6:62
- Enam 6:63
- Enam 6:64
- Enam 6:65
- Enam 6:66
- Enam 6:67
- Enam 6:68
- Enam 6:69
- Enam 6:70
- Enam 6:71
- Enam 6:72
- Enam 6:73
- Enam 6:74
- Enam 6:75
- Enam 6:76
- Enam 6:77
- Enam 6:78
- Enam 6:79
- Enam 6:80
- Enam 6:81
- Enam 6:82
- Enam 6:83
- Enam 6:84
- Enam 6:85
- Enam 6:86
- Enam 6:87
- Enam 6:88
- Enam 6:89
- Enam 6:90
- Enam 6:91
- Enam 6:92
- Enam 6:93
- Enam 6:94
- Enam 6:95
- Enam 6:96
- Enam 6:97
- Enam 6:98
- Enam 6:99
- Enam 6:100
- Enam 6:101
- Enam 6:102
- Enam 6:103
- Enam 6:104
- Enam 6:105
- Enam 6:106
- Enam 6:107
- Enam 6:108
- Enam 6:109
- Enam 6:110
- Enam 6:111
- Enam 6:112
- Enam 6:113
- Enam 6:114
- Enam 6:115
- Enam 6:116
- Enam 6:117
- Enam 6:118
- Enam 6:119
- Enam 6:120
- Enam 6:121
- Enam 6:122
- Enam 6:123
- Enam 6:124
- Enam 6:125
- Enam 6:126
- Enam 6:127
- Enam 6:128
- Enam 6:129
- Enam 6:130
- Enam 6:131
- Enam 6:132
- Enam 6:133
- Enam 6:134
- Enam 6:135
- Enam 6:136
- Enam 6:137
- Enam 6:138
- Enam 6:139
- Enam 6:140
- Enam 6:141
- Enam 6:142
- Enam 6:143
- Enam 6:144
- Enam 6:145
- Enam 6:146
- Enam 6:147
- Enam 6:148
- Enam 6:149
- Enam 6:150
- Enam 6:151
- Enam 6:152
- Enam 6:153
- Enam 6:154
- Enam 6:155
- Enam 6:156
- Enam 6:157
- Enam 6:158
- Enam 6:159
- Enam 6:160
- Enam 6:161
- Enam 6:162
- Enam 6:163
- Enam 6:164
- Enam 6:165
- A'raf 7:1
- A'raf 7:2
- A'raf 7:3
- A'raf 7:4
- A'raf 7:5
- A'raf 7:6
- A'raf 7:7
- A'raf 7:8
- A'raf 7:9
- A'raf 7:10
- A'raf 7:11
- A'raf 7:12
- A'raf 7:13
- A'raf 7:14
- A'raf 7:15
- A'raf 7:16
- A'raf 7:17
- A'raf 7:18
- A'raf 7:19
- A'raf 7:20
- A'raf 7:21
- A'raf 7:22
- A'raf 7:23
- A'raf 7:24
- A'raf 7:25
- A'raf 7:26
- A'raf 7:27
- A'raf 7:28
- A'raf 7:29
- A'raf 7:30
- A'raf 7:31
- A'raf 7:32
- A'raf 7:33
- A'raf 7:34
- A'raf 7:35
- A'raf 7:36
- A'raf 7:37
- A'raf 7:38
- A'raf 7:39
- A'raf 7:40
- A'raf 7:41
- A'raf 7:42
- A'raf 7:43
- A'raf 7:44
- A'raf 7:45
- A'raf 7:46
- A'raf 7:47
- A'raf 7:48
- A'raf 7:49
- A'raf 7:50
- A'raf 7:51
- A'raf 7:52
- A'raf 7:53
- A'raf 7:54
- A'raf 7:55
- A'raf 7:56
- A'raf 7:57
- A'raf 7:58
- A'raf 7:59
- A'raf 7:60
- A'raf 7:61
- A'raf 7:62
- A'raf 7:63
- A'raf 7:64
- A'raf 7:65
- A'raf 7:66
- A'raf 7:67
- A'raf 7:68
- A'raf 7:69
- A'raf 7:70
- A'raf 7:71
- A'raf 7:72
- A'raf 7:73
- A'raf 7:74
- A'raf 7:75
- A'raf 7:76
- A'raf 7:77
- A'raf 7:78
- A'raf 7:79
- A'raf 7:80
- A'raf 7:81
- A'raf 7:82
- A'raf 7:83
- A'raf 7:84
- A'raf 7:85
- A'raf 7:86
- A'raf 7:87
- A'raf 7:88
- A'raf 7:89
- A'raf 7:90
- A'raf 7:91
- A'raf 7:92
- A'raf 7:93
- A'raf 7:94
- A'raf 7:95
- A'raf 7:96
- A'raf 7:97
- A'raf 7:98
- A'raf 7:99
- A'raf 7:100
- A'raf 7:101
- A'raf 7:102
- A'raf 7:103
- A'raf 7:104
- A'raf 7:105
- A'raf 7:106
- A'raf 7:107
- A'raf 7:108
- A'raf 7:109
- A'raf 7:110
- A'raf 7:111
- A'raf 7:112
- A'raf 7:113
- A'raf 7:114
- A'raf 7:115
- A'raf 7:116
- A'raf 7:117
- A'raf 7:118
- A'raf 7:119
- A'raf 7:120
- A'raf 7:121
- A'raf 7:122
- A'raf 7:123
- A'raf 7:124
- A'raf 7:125
- A'raf 7:126
- A'raf 7:127
- A'raf 7:128
- A'raf 7:129
- A'raf 7:130
- A'raf 7:131
- A'raf 7:132
- A'raf 7:133
- A'raf 7:134
- A'raf 7:135
- A'raf 7:136
- A'raf 7:137
- A'raf 7:138
- A'raf 7:139
- A'raf 7:140
- A'raf 7:141
- A'raf 7:142
- A'raf 7:143
- A'raf 7:144
- A'raf 7:145
- A'raf 7:146
- A'raf 7:147
- A'raf 7:148
- A'raf 7:149
- A'raf 7:150
- A'raf 7:151
- A'raf 7:152
- A'raf 7:153
- A'raf 7:154
- A'raf 7:155
- A'raf 7:156
- A'raf 7:157
- A'raf 7:158
- A'raf 7:159
- A'raf 7:160
- A'raf 7:161
- A'raf 7:162
- A'raf 7:163
- A'raf 7:164
- A'raf 7:165
- A'raf 7:166
- A'raf 7:167
- A'raf 7:168
- A'raf 7:169
- A'raf 7:170
- A'raf 7:171
- A'raf 7:172
- A'raf 7:173
- A'raf 7:174
- A'raf 7:175
- A'raf 7:176
- A'raf 7:177
- A'raf 7:178
- A'raf 7:179
- A'raf 7:180
- A'raf 7:181
- A'raf 7:182
- A'raf 7:183
- A'raf 7:184
- A'raf 7:185
- A'raf 7:186
- A'raf 7:187
- A'raf 7:188
- A'raf 7:189
- A'raf 7:190
- A'raf 7:191
- A'raf 7:192
- A'raf 7:193
- A'raf 7:194
- A'raf 7:195
- A'raf 7:196
- A'raf 7:197
- A'raf 7:198
- A'raf 7:199
- A'raf 7:200
- A'raf 7:201
- A'raf 7:202
- A'raf 7:203
- A'raf 7:204
- A'raf 7:205
- A'raf 7:206
Maide 5:1
විශ්වාස කළවුනි, ඔබ අතර හා මැවුම්කරු අතර පවතින ගිවිසුම් ඔබ අතර හා මැවීම් අතර පවතින ගිවිසුම් යනාදී වශයෙන් විශ්වාස කරනු ලැබූ සියලුම ගිවිසුම් ඔබ පූර්ණ ලෙස ඉටු කරනු. (ඔටුවන් ගවයින් හා එළුවන් යනාදී) ගොවිපළ සතුන් අල්ලාහ් ඔබට අනුමත කර ඇත. එය ඔහුගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නමුත් තහනම් යැයි කවර කරුණක් ඔබ වෙත කියවා පෙන්වන ලද්දේ ද එය ද, හජ් හෝ උම්රා වන්දනයේ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීමට ඔබට තහනම් කළ සතුන් ද හැර. ඒවා තහනම් වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ප්රඥාවට අනුකූල ව තහනම් කිරීම හා අනුමත කිරීම තම අභිමතය පරිදි තීන්දු කරනු ඇත. ඔහුට කිසිදු බල කරන්නෙකු නැත. ඔහුගේ ප්රඥාවට බාධා පමුණුවන කිසිවක් ද නැත.
Maide 5:2
අහෝ විශ්වාස කළවුනි! ගරු කරන මෙන් අල්ලාහ් නියෝග කර ඇති එහි ගරුත්වය හේතුවෙන් ඔහු විසින් තහනම් කළ දෑ අනුමත කර ගන්නට නොබලනු. මසා නිම කළ ඇඳුම් ඇඳීම වැනි ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ දැයින් ද දඬයම් කිරීම වැනි හරම් සීමාව තුළ සිදු කිරීමට තහනම් කරන ලද දැයින් ද වැළකී සිටිනු. (දුල් කඃදා, දුල් හිජ්ජා, මුහර්රම් හා රජබ් යන) ශුද්ධ වූ මාස වල යුද්ධ කිරීමට අනුමත කර නොගනු. අල්ලාහ් වෙනුවෙන් කැප කිරීම සඳහා හරම් වෙත හද්යු වශයෙන් පිරිනැමූ ගොවිපළ සතුන් කොල්ල කෑමෙන් හා එවැනි අයුතු මාර්ග වලින් එම සතුන් නියමිත ස්ථානයට ගෙනයාම වළක්වමින් ඒවා අනුමත කර නොගනු. ලෝමවලින් ගෙතූ ගෙල මාලවලින් හෝ වෙනත් සලකුණු වලින් කැප කිරීමට වෙන් කළ සතෙක් බවට සලකුණු තබන ලැබූ සත්වයා අනුමත කර නොගනු. ව්යාපාර ලාභය හා අල්ලාහ්ගේ තෘප්තිය පතා අල්ලාහ්ගේ ශුද්ධ නිවස අරමුණු කරමින් පැමිණෙන්නන් අනුමත කර නොගනු. හජ් හෝ උම්රා වන්දනාවේ ඉහ්රාම් තත්ත්වයෙන් මිදී, හරම් සීමාවෙන් බැහැරට ගියේ නම්, ඔබ කැමැති නම් දඬයමෙහි නිරත විය හැක. පිරිසකගේ කෝපය ඔබ ව ශුද්ධ වූ දේවස්ථානයෙන් වළක්වන අයුරින් කටයුතු නොකරනු. ඔවුන් අතර යුක්තිගරුක ව කටයුතු කිරීමට අමතක නොකරනු. අහෝ විශ්වාස කළවුනි! කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද එය සිදු කිරීමටත් කවර දෙයක් තහනම් කරනු ලැබුවේද එය අතහැර දමන්නටත් නුඹලා එකිනෙකාට සහාය දෙනු. අදාළ පුද්ගලයා පාපියෙකු වන පරිදි දෙවියන්ට පිටුපාන කටයුතු වලට උපකාර නොකරනු. මිනිසුන්ගේ රුධිරය ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ මාන්යයට හානි කරන පරිදි ඔවුනට එරෙහිව කටයුතු කරන සතුරන්හටත් උපකාර නොකරනු. අල්ලාහ්ට අවනත වෙමින් හා ඔහුට පිටුපෑමෙන් දුරස්වෙමින් ඔහුට බිය වනු. සැබැවින්ම අල්ලාහ් තමන්ට පිටුපාන්නන්හට දැඩි දඬුවම් පමුණුවනු ඇත. එහෙයින් ඔහුගේ දඬුවමින් ඔබ ප්රවේශම් වනු.
Maide 5:3
නිත්යානුකූල ව කැපීමෙන් තොරව, මියගිය සතුන් ආහාරයට ගැනීම අල්ලාහ් ඔබට තහනම් කර ඇත. එමෙන්ම ගලන රුධිරය ද ශූකර මාංශ ද සත්වයා කපන අවස්ථාවේ අල්ලාහ්ගේ නාමය හැර වෙනත් නාමයක් පවසා කපන ලද සතුන්ද ගෙල මිරිකා මරණ ලද සතුන් ද පහර දී මරණ ලද සතුන් ද ඉහළ ස්ථානයක සිට බිමට වට්ටවා මරණ ලද සතුන්ද වෙනත් සතෙකු විසින් අනින්නට සලස්වා මරන ලද සතුන්ද සිංහ කොටි හා වෘක වැනි මෘග සතුන් විසින් දඬයම් කළ සතුන් ද ඔහු තහනම් කර ඇත. නමුත් සඳහන් කරන ලද මෙකී අවස්ථාවන්හි උන් ජීවතුන් අතර සිටිනු දැක, පසු ව ඔබ නිත්යානුකූල පරිදි කපා හැරියේ නම් එය ඔබට අනුමතය. එමෙන්ම පිළිම වෙනුවෙන් කැප කළ දෑ ද ඔහු ඔබට තහනම් කළේය. පේන බලමින් ගුප්ත දැයින් කොටසක් ඔබ පැතීම ද ඔහු ඔබට තහනම් කළේය. එනම් ගලක හෝ හීයක 'සිදු කරනු' එසේ නැතහොත් 'සිදු නොකරනු' යනුවෙන් ලියා, කුසපත් ඇද, එයින් මතු වන කරුණට අදාළ ව ක්රියා කිරීමයි. ඉහත සඳහන් කළ තහනම් දෑ සිදු කිරීම අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර කරන්නකි. එය ප්රතික්ෂේප කළවුන් ඉස්ලාම් දහම අතහැර දමා යාමෙන් පසු, ඔහුගේ බලය ඔවුන් දුටු විට නිරායාසයට පත් වූහ. එහෙයින් ඔබ ඔවුනට බිය නොවනු. මට පමණක් බිය වනු. අද දින ඔබේ දහම ඔබට මම සම්පූර්ණ කළෙමි. එය ඉස්ලාම් දහමයි. බාහිර මෙන්ම අභ්යන්තර සියලු ආශිර්වාද ඔබ වෙත සම්පූර්ණ කළෙමි. ඉස්ලාමය දහම වශයෙන් ඔබට මම තෝරා දුනිමි. ඒ හැර වෙනත් පිළිවෙතක් මම පිළිනොගනිමි. කුසගින්න හේතුවෙන් මිය ගිය ආහාරයක් අනුභව කිරීමට බල කරනු ලැබුවේ නම්, පාපයට නැඹුරු නොවී, එසේ අවශ්ය ප්රමාණයට පමණක් ආහාර ගන්නේ නම් එහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කාරුණිකය.
Maide 5:4
අහෝ දූතය, ඔබේ අනුගාමිකයෝ තමන්හට අල්ලාහ් ආහාරයට අනුමත කර ඇත්තේ කුමක්දැ?යි විමසති. දූතය, ආහාර අතුරින් පිවිතුරු දෑ ඔබට අනුමත කර ඇත. එමෙන්ම බල්ලා හා කොටියා වැනි රදනක දත් සහිත සතුන් විසින් දඬයම් කරන දෑ ද, උකුස්සා වැනි නිය සහිත සතුන් විසින් දඬයම් කරන දෑ ද ඔබට අනුමත කර ඇත. අල්ලාහ් ඔබට දායාද කළ දැනුමෙන් ඔබ ඌට අණ කළ විට ඔබේ අණ පිළිපදිමින් එළවා හරින විට හැරී යන තරමට උන් පුරුදු පුහුණු කොට දඬයම් කරන ක්රමය ද කියා දී, උන් හරහා සතෙකු දඬයම් කර ගෙන ඌ එම දඬයම මරා දැමුව ද, ඔබට අනුභව කළ හැක. නමුත් දඬයමට එවීමට පෙර අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරන්න. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බිය බැතිමත් වන්න. නියත වශයෙන්ම අල්ලාහ් සිදු කරන ක්රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
Maide 5:5
අද දින පිවිතුරු රසවත් ආහාර අනුභවය අල්ලාහ් ඔබට අනුමත කර ඇත. එමෙන්ම ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා විසින් කැපූ සත්ව ආහාර අනුභවයද ඔබට අනුමත කර ඇත. ඔබ විසින් කපන ලද සතුන්ද ඔවුනට අනුමත කර ඇත. දේව විශ්වාසී, පතිවත රකින, නිදහස් කාන්තාවන් හා ඔබට පෙර ආගම් පිරිනමන ලද යුදෙව් හා කිතුනුවන් අතර සිටින පතිවත රකින කාන්තාවන්හට ඔවුනට හිමි මහර් (විවාහ ත්යාගය) පිරිනමා, ඔවුන් විවාහ කර ගැනීම අල්ලාහ් ඔබට අනුමත කර ඇත. ඔබ ගණිකාවන් නොගෙන, අශිලාචාර ලෙස ඔවුන් සමග දුරාචාරයේ යෙදීමෙන් වැළකී සිටියෙහුය. අල්ලාහ් තම ගැත්තන්හට කවර ආගමික නීතියක් පනවා ඇත්තේ ද එය ප්රතික්ෂේ කරන්නා ඔහු මත දේව විශ්වාසය යන කොන්දේසිය නොමැති බැවින් ඔහු කරන ඔහුගේ ක්රියාව නිෂ්ඵල වී යයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු පාඩු විඳින්නන් අතරට පත් වන අතරම, නිරයට පිවිස එහි සදාකල් ගත කරනු ඇත.
Maide 5:6
අහෝ විශ්වාස කළවුනි! සලාතය ඉටු කිරීම සඳහා නැගී සිටින විට ඔබ සුළු කිල්ලට භාජනය වී සිටියෙහු නම් ඔබේ මුහුණ සෝදා, ඔබේ අත් වැළමිට දක්වා සෝදා, ඔබේ හිස් ජලයෙන් පිරිමැද, ඔබේ පාද කෙණ්ඩය හා බැඳුණු සන්ධිය (වළලු කර දක්වා) සෝදා වුළු හෙවත් අර්ධ ස්නානය කළ යුතුයි. නමුත් මහා කිලිටි අවස්ථාවක ඔබ පසුවන්නෙහි නම් දැන් ඔබ ස්නානය කළ යුතුයි. රෝගී තත්ත්වය වැඩි විය හැක, එසේ නැතහොත් සුවවීමට කල් ගත වනු ඇතැයි බිය වන රෝගී තත්ත්වයක ඔබ පසුවන්නෙහි නම් හෝ නිරෝගී තත්ත්වයක ඔබ ගමන් කරන මගියෙකු ලෙස සිටියෙහි නම් හෝ වැසිකිළි කැසිකිළි අවශ්යතා ඉටු කිරීම වැනි කරුණකින් සුළු කිල්ලට හසු වූ තත්ත්වයක පසුවන්නෙහි නම් හෝ බිරිය සමග සංසර්ගයේ නිරතව මහ කිල්ලට හසුවූ තත්ත්වයක ඔබ පසුවන්නෙහි නම් හෝ ඉන්පසු පිරිසිදු වීමට ජලය සොයා ගිය ද එය නොලැබුණු විටක පොළො තලය අරමුණු කර ගත යුතුයි. ඔබේ අත්වලින් ඒ මත ගසා ඔබේ මුහුණු හා ඔබේ දෑත් එයින් පිරිමැදිය යුතුයි. වැළැක්විය නොහැකි අවස්ථාවක ඔබට හිංසාවක් පීඩාවත් ගෙන දෙන තරමට ජල භාවිතය අනිවාර්යය කරමින් තම නීති වල අපහසුතාවක් ඔබ මත පටවන්නට අල්ලාහ් අපෙක්ෂා නොකරයි. එය ඔබ වෙත පිරිනමන ලද ආශිර්වාද පූර්ණ කිරීමක් වශයෙනි. රෝගී හෝ ජලය නොමැති අවස්ථාවක මෙම ක්රමය විකල්පයක් ලෙස ආගමානුගත කර ඇත. එය ඔබ වෙත පිරිනමන ලද අල්ලාහ්ගේ ආශිර්වාද වලට ඔබ කෘතගුණ සැලකීමක් වශයෙනි. එහෙයින් ඔබ එය ප්රතික්ෂේප නොකරනු.
Maide 5:7
අල්ලාහ් ඔබ ව ඉස්ලාමය වෙත මග පෙන්වා කළ ආශිර්වාදය ගැන මෙනෙහි කර බලනු. දිරිමත් හා දුබල අවස්ථාවේ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට සවන් දෙන බවටත්, අවනත වන බවටත් ප්රතිඥා දෙමින් ‘අපි ඔබේ ප්රකාශයට සවන් දුනිමු. ඔබේ නියෝගයට අවනත වූයෙමු.‘ යැයි පවසමින් ඔබ සමග ඇතිකර ගත් ඔහුගේ ගිවිසුම මෙනෙහි කර බලනු. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරනු. ඔහුගේ ගිවිසුම්ද ඒවායින් එකකි. නියත වශයෙන් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ සර්ව ඥානීය. එහෙයින් ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
Maide 5:8
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන්නනි, ඔබ වෙත අල්ලාහ් පැවරු වගකීම් හා යුතුකම් ඔහුගේ තෘප්තිය පතමින් ඉටු කරන්නන් වනු. අසාධාරණයෙන් තොරව යුක්ති සහගත ව සාක්ෂිකරුවන් වනු. යුක්තිය, සාධාරණය අතහැර දැමීමෙන් පිරිසකගේ කෝපය ඔබ මත නොවැටිය යුතුය. සාධාරණත්වය යනු මිතුරා මෙන්ම සතුරා ද අපේක්ෂා කරන්නකි. එහෙයින් ඔවුන් දෙදෙනා සමග සාධාරණ ව කටයුතු කරනු. සාධාරණ ව කටයුතු කිරීම අල්ලාහ්ට බියවීමට වඩාත් සමීපය. අසාධාරණය හානියට වඩාත් සමීපය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළෙකෙමින්, ඔහුට බැතිමත් ව කටයුතු කරනු. ඔබ සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය. ඔබේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
Maide 5:9
තම පොරොන්දු කඩ නොකරන අල්ලාහ්, තමන් කෙරෙහි විශ්වාසය තබා, තම දූතයාණන් විශ්වාස කොට දැහැමි කටයුතු වල නිරත වූවන්හට ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙන බවටත් අතිමහත් තිළිණ ඔවුනට පිරිනමන බවටත් පොරොන්දු විය. එය ඔවුන් ස්වර්ගයට පිවිසීමයි.
Maide 5:10
අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුන්මය නිරයේ සගයින් වනුයේ. ඔවුන්ගේ ප්රතික්ෂේපයට හා ඔවුන්ගේ බොරුවට දඬුවමක් වශයෙන් ඔවුහු එහි ඇතුළත් වනු ඇත. එය මිතුරා තම මිතුරා සමග බැඳී සිටින්නාක් මෙන් ඔවුන්ද එයටම බැඳී සිටිති.
Maide 5:11
අහෝ විශ්වාස කළවුනි, ඔබව ග්රහණය කොට වියවුල් කිරීමට ඔබේ සතුරන් ඔබ වෙත අත දිගු හරින්නට අපේක්ෂා කළ අවස්ථාවේ ඔබේ සිත් තුළ ඒ ගැන බිය පහ කොට ආරක්ෂිත තත්ත්වයක් ඇති කරමින් ඔබ වෙත ඔහු කළ ආශිර්වාදය පිළිබඳ ඔබේ සිතින් හා මුවින් මෙනෙහි කරනු. එවිට අල්ලාහ් ඔවුන් ඔබෙන් වෙනතකට යොමු කොට ඔබව ඔවුන්ගෙන් ආරක්ෂා කළේය. ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරනු. ඔවුන්ගේ මෙලොව හා ආගමික කටයුතු පිහිටු වීමේදී දේව විශ්වාසිකයෝ ස්ථාවර ව සිටිනුයේ අල්ලාහ් මත පමණය.
Maide 5:12
පහතින් විස්තර කර ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ස්ථීර ගිවිසුමක් ගත්තේය. ඔවුන් වෙත නායකයින් දොළොස් දෙනෙකු පත් කළේය. සෑම නායකයෙකුම තමන් යටතේ සිටින්නන් කෙරෙහි අවදානය යොමු කරයි. අල්ලාහ් ඉස්රාඊල් දරුවන් දෙස බලා සැබැවින්ම උදව්ව හා ස්ථාවරත්වය සම්බන්ධයෙන් සැබැවින්ම මම ඔබ සමගය. පූර්ණ ලෙස සලාතය ඉටු කොට, ඔබේ ධනයෙන් ඔබ සකාත් පිරිනමා, මාගේ සියලු දූතයින් ඔවුන් අතර කිසිදු වෙන් කිරීමක් සිදු නොකොට, ඔවුන් සත්ය බව තහවුරු කර, ඔවුනට ගරුබුහුමන් කර, ඔවුනට උදව් උපකාර කර, යහපත් කටයුතු වලදී වියදම් කරන්නෙහු නම්, මේ සියල්ල ඔබ ඉටු කරන්නෙහි නම් ඔබ සිදු කළ පාපයන් ඔබෙන් මම පහ කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, මාලිගා යටින් ගංගා ගලා බස්නා ස්වර්ග උයන් වෙත ඇතුළත් කරන්නෙමු. මෙම ස්ථීර ගිවිසුම ගත් පසු ව කවරෙකු ප්රතික්ෂේප කරන්නේද සැබැවින්ම දැන දැන උවමනාවෙන්ම සත්යයේ මාර්ගය ඔහු ඉවත හෙළන්නේය.
Maide 5:13
එසේ ඔවුන් ගත් පොරොන්දුව කඩ කිරීම හේතුවෙන් අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුන් පහ කළෙමු. ඔවුන්ගේ හදවත් ගල් හදවත් බවට පත් කළෙමු. එහෙයින් කිසිදු යහපතක් ඒ වෙත සේන්දු නොවනු ඇත. කිසිදු උපදෙසක් එයට ප්රයෝජනවත් නොවනු ඇත. නියමිත ප්රකාශ තිබූ තැනින් වෙනස් කොට වෙනත් වචන යොදා පෙරළා ඔවුහු විකෘති කරති. එමෙන්ම ඔවුන්ගේ ආශාවන්ට ගැළපෙන සේ ඔවුන් ඒවායෙහි අදහස් වෙනස් කරති. එහි සඳහන් කරනු ලැබූ ඇතැම් කරුණු ක්රියාත්මක කිරීමෙන් වැළකෙති. අල්ලාහ් හා තම ගැත්තන් වන දේව විශ්වාසීන්හට තම වංචාව හෙළි කරති. ඔවුන් වෙතින් ගත් පොරොන්දුව ඉටු කරනුයේ ඔවුන් අතර වූ ස්වල්ප පිරිසක් පමණි. එහෙයින් ඔබ ඔවුන් නොසලකා හරිනු. ඔවුනට සමාව දෙනු. එවිට නියත වශයෙන්ම එය ඉහ්සාන් ගණයට අයත් වූවකි. අල්ලාහ් සදැහැමියන් ප්රිය කරනු ඇත.
Maide 5:14
අපි යුදෙව්වන්ගෙන් ඉතා ශක්තිමත් හා ස්ථීර ගිවසුමක් ගත් සේම තමන් පිවිතුරු කර ගත් ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ අනුගාමිකයින්ගෙන්ද ගිවිසුමක් ගත්තෙමු. නමුත් ඔවුහු එහි මෙනෙහි කළ පරිදි නොව, එයින් කොටසක් ක්රියාත්මක කිරීමට අතපසු කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් වාද කිරීම හා දැඩි පිළිකුල ඔවුන් අතරට අපි හෙළුවෙමු. එවිට ඔවුන් එකිනෙකා ප්රතික්ෂේප කර ගනිමින් විරුද්ධවාදීන් හා මරාගන්නන් බවට පත් වූහ. ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මතු දැනුම් දෙනු ඇත. ඒ සඳහා වූ ප්රතිවිපාකයද ඔහු පිරිනමනු ඇත.
Maide 5:15
ආගම් ලත් තව්රාතය හිමි යුදෙව් ජනයිනි! ඉන්ජීලය හිමි කිතුනුවනි! ඔබ වෙත පහළ කරනු ලැබූ පුස්තකයේ ඔබ සඟවමින් සිටි බොහෝ දෑ ඔබට පැහැදිලි කරනු වස් අපගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔබ වෙත පැමිණ සිටියි. ඔබට නිරාවරණය වූ දෑ හැර එහි යහපතක් නැති දැයින් බොහෝ දෑ ඔහු නොසලකා හරිනු ඇත. අල්ලාහ් වෙතින් වූ කුර්ආන් නම් පුස්තකය ඔබ වෙත සැබැවින්ම පැමිණ ඇත. එය එළිය ලබා දෙන ආලෝකයකි. මිනිසුන්ගේ මෙලොව හා මතුලොව සියලුම කටයුතු වලදී ඔවුනට අවශ්ය සියලු දෑ විස්තර කරන පුස්තකයකි.
Maide 5:16
ඔහු විසින් පිළිගනු ලබන දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් අනුගමනය කරන්නන්හට අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා වන මාර්ගය මෙම පුස්තකය මගින් ඔහු මග පෙන්වයි. එය ස්වර්ගයට ඇතුළත් කරන මාර්ගයයි. එය ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් වලින් පිරුණු අන්ධකාරයෙන්, දේව විශ්වාසය හා ඔහුගේ අනුමැතිය මත අවනත වීම යන ආලෝකය වෙත ඔවුන් බැහැර කරනු ඇත. ඍජු ශක්තිමත් මාර්ගය වෙත ඔහු ඔවුනට ආශිර්වාද කරයි. එය ඉස්ලාමයේ මාර්ගයයි.
Maide 5:17
සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ් වේ යැයි පවසන කිතුනුවන් දෙවියන් ප්රතික්ෂේප කර ඇත. අහෝ දූතය! ඊසා මසීහ් ව විනාශ කිරීමටත් ඔහුගේ මව විනාශ කිරීමටත් මහපොළොවේ ඇති සියලු දෑ විනාශ කිරීමටත් අල්ලාහ් සිතුවේ නම් ඔහු ව වළක්වන්නට ශක්තිය ඇත්තේ කාහටද? එය වළක්වන්නට කිසිවකු ශක්තිය නොදරන්නේ නම්, එයින් අදහස් කරනුයේ සැබැවින් අල්ලාහ් හැර නැමදුම් ලබන්නට කිසිවක් හෝ කිසිවෙක් නොමැති බවයි. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා ඔහුගේ මව හා සෙසු මැවීම් සියල්ල අල්ලාහ්ගේම මැවීම්ය. අහස් හා මහපොළොවේ පාලනය හා ඒ දෙක අතර ඇති දෑ හි පාලනය අල්ලාහ් සතුය. ඔහු අභිමත දෑ මවන්නේය. එසේ මැවීමට අභිමත කළ අය අතුරින් ඊසා (අලය්හිස් සලාම්) තුමා ද එක් අයෙකි. එහෙයින් ඔහු ඔහුගේ ගැත්තාය; දූතයාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.
Maide 5:18
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දරුවන් හා ඔහුගේ මිතුරන් බව යුදෙව් හා කිතුනු සෑම කෙනෙකුම වාද කරති. අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් "ඔබ කළ වැරදි නිසාවෙන් අල්ලාහ් ඔබට දඬුවම් දිය යුත්තේ ඇයි?" දැයි ඔවුන්ගෙන් විමසනු. ඔබ සිතන පරිදි ඔබ ඔහුගේ මිතුරන් වන්නෙහු නම් මෙලොවෙහි හැඩරුව වෙනස් කරමින්, ඇතැමුන් ඝාතනය කරමින්, එමෙන්ම මතු ලොවෙහි නිරයට ඇතුළත් කරමින් ඔබ ව දඬුවමට ලක් කළ යුත්තේ ඇයි? ඊට හේතුව තමන් ප්රිය කරන්නන්හට අල්ලාහ් දඬුවම් නොදෙන බැවිණි. ඔබත් සෙසු මිනිසුන් මෙන් මිනිසුන් පමණි. ඔබ අතරින් කවරෙකු දැහැමි කටයුතු කරන්නේද ඔහුට ස්වර්ගය පිරිනමයි. කවරෙකු නපුරුකම් කරන්නේද ඔහු නිරාගින්නේ දඬුවමට ලක් කරයි. අල්ලාහ් තමන් අභිමත කරන්නන් ඔහුගේ ආශිර්වාදයෙන් සමා කරන්නේය. ඔහුගේ සාධාරණියත් ව මත ඔහු කැමති අයට දඬුවම් කරන්නේය. අහස්හි හා මහපොළොවේ පාලනයත් ඒ දෙක අතර ඇති දෑ හි පාලනයත් අල්ලාහ්ට පමණක් සතුය. නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.
Maide 5:19
අහෝ ආගම් ලත් යුදෙව් හා කිතුනුවනි! දූතවරුන් පැමිණීම ඇණහිටීමෙන් පසු හා දූතයකු යැවීමේ අවශ්යතාව වැඩි වීමෙන් පසු අපි අපගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව ඔබ වෙත එව්වෙමු. එය අල්ලාහ්ගේ තිළිණ පිළිබඳ අපහට ශුභාරංචි දන්වන, ඔහුගේ දඬුවම ගැන අපට අවවාද කරන දූතයකු අප වෙත නොපැමිණියේ යැයි නිදහසට කරුණු දක්වමින් ඔබ නොකියනු පිණිසය. සැබැවින්ම තිළිණ පිළිබඳ ශුභාරංචි දන්වන, ඔහුගේ දඬුවම පිළිබඳ අවවාද කරන්නෙකු වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔබ වෙත පැමිණ ඇත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා යා නොහැක. දූතවරු එවීමද ඔහුගේ බලය හා ශක්තිය විදහා පාන්නකි. ඔවුන්ගේ මුද්රාව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසලලම්) තුමාණන් විය.
Maide 5:20
මූසා තම සමූහයා වන ඉස්රාඊල් දරුවන් දෙස බලා: "අහෝ මාගේ ජනයිනි, ඔබ ව යහමග වෙත ඇරයුම් කරන නබිවරුන් ඔබ අතරම පත් කරමින්, දුරස් කරනු ලැබ වහලුන් වශයෙන් ඔබ සිටියදී, පසු ව ඔබේ කටයුතු ඔබ විසින්ම නිදහසේ කරගෙන යාමට ඔබ අතර පාලකයින් බිහි කරමින්, ඔබේ යුගයේ වෙන කිසිදු ලෝවැසියෙකුට ලබා නොදුන් ඔහුගේ ආශිර්වාද ඔබට පිරිනමමින් අල්ලාහ් ඔබට දායාද කළ ආශිර්වාදය ඔබේ හදවත් හා දිවවල් වලින් මෙනෙහි කර බලනු" යැයි පවසා සිටි අවස්ථාව අහෝ දූතය, මතක් කර දෙනු.
Maide 5:21
මාගේ ජනයිනි, ශුද්ධ වූ භූමියට (බයිතුල් මක්දිස් හා ඒ අවට භූමියට) පිවිසෙනු. එහි පිවිසෙන්නටත් එහි සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීමටත් අල්ලාහ් ඔබට ප්රතිඥා දී ඇත. එම කෲර පාලකයින් ඉදිරියේ ඔබ පරාජය නොවනු. එවිට මෙලොවෙහි හා මතු ලොවෙහි ඔබේ බලාපොරොත්තු සුන් වී යනු ඇත. යැයි මූසා පැවසුවේය.
Maide 5:22
ඔහුගේ පිරිස ඔහු දෙස බලා: "අහෝ මූසා, සැබැවින්ම මෙම ශුද්ධ භූමියේ වඩාත් ශක්තිමත්, වඩාත් බලවත් පිරිසක් සිටියි. අප එහි පිවිසීමෙන් ඔවුන් අප වළක්වනු ඇත. ඔවුන් එහි සිටින තාක්කල් අපි එහි ඇතුළු නොවන්නෙමු. ඔවුන් සමග සටන් වදින්නට තරම් බලයක් හෝ ශක්තියක් අපට නැත. ඔවුන් එයින් බැහැර වන්නේ නම්, අපි ඒ තුළට පිවිසෙන්නෙමු" යැයි පැවසීය.
Maide 5:23
අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන, ඔහුගේ දඬුවමට බිය වන, ඔහුට අවනත වීමට ඔහු ආශිර්වාද කළ මූසාගේ අනුගාමිකයින් දෙදෙනෙකු මූසා (අලය්හිස් සලාම්) තුමාගේ නියෝගය පිළිපදින්නට දිරි ගන්වමින් තම සමූහයා වෙත මෙසේ පැවසූහ. "මෙම කෲර පාලකයින් වෙත නගරයේ දොරටුවෙන් ඇතුළු වනු. එම දොරටුව කඩා ඔබ එහි ඇතුළු වූ විට, භෞතික මෙවලම් සූදානම් කර තිබීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම වැනි මූලික සාධකයන් මත අනුපිළිවෙලින් ලැබූ ජයග්රහණය සමගම අල්ලාහ්ගේ න්යායට අනුව (අල්ලාහ්ගේ අනුහසින්) සැබැවින්ම ඔබ ඔවුන් අබිබවා යනු ඇත. ඔබ සැබෑ දේව විශ්වාසීන් නම් අල්ලාහ් වෙත සියල්ල භාර කොට ඔහු මත පමණක් රැඳෙනු. දේව විශ්වාසය පාරිශුද්ධ ඔහු වෙත තබන භාරය අනිවාර්යය කරනු ඇත."
Maide 5:24
ඉස්රාඊල් දරුවන් අතරින් මූසාගේ සමූහයා තම නබිවරයාගේ නියෝගයට විරුද්ධ ව නැගී සිටිමින් "එහි එම බලවතුන් සිටින තාක්කල් අපි නගරයට නොපිවිසෙමු. අහෝ මූසා! ඔබ හා ඔබේ පරමාධිපති එහි ගොස් එම බලවතුන් සමග සටන් කරනු. අපි ඔබ දෙපළ සමග සටන් කිරීමෙන් ඉවත් ව අපේ මේ ස්ථානයේම රැඳී සිටින්නෙමු." යැයි පැවසූහ.
Maide 5:25
මූසා තම පරමාධිපති දෙස බලා "මාගේ පරමාධිපතියාණනි, මා හා මාගේ සහෝදර හාරූන් මත හැර වෙනත් කිසිවෙකු පාලනය කිරීමේ හැකියාව මට නැත. එබැවින් අප අතර හා ඔබට අවනත වීමෙන් හා ඔබේ දූතයාට අවනත වීමෙන් බැහැර වූ ජනයා අතර වෙන් කරනු මැනව" යැයි ප්රාර්ථනා කළේය.
Maide 5:26
අල්ලාහ් තම නබිවරයා වන මූසා (අලය්හිස් සලාම්)තුමාහට "සැබැවින්ම අල්ලාහ් වසර හතළිහක කාලයක් මෙම ශුද්ධ වූ භූමියට ඉස්රාඊල් දරුවන් ඇතුළු වීම තහනම් කළේය. මෙම කාලය තුළ යහමග නොලබා කාන්තාරයේ මුළාවී යනු ඇත. අහෝ මූසා! අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ මෙම සමූහයා පිළිබඳ ඔබ දුක් නොවනු. මෙසේ ඔවුනට අත් වූ දඬුවම ඔවුන්ගේ පාපකම් හා නපුරුකම් හේතුවෙන් සිදු වූවකි.
Maide 5:27
අහෝ දූතය, මෙම අපරාධකාරී ඊර්ෂ්යා සහගත යුදෙව්වන්හට ආදම්ගේ දරුවන් දෙනොගේ පුවත පවසනු. ඔවුන් දෙදෙනා කාබීල් හා හාබීල්ය. එය කිසිදු සැකයක් නොමැති සත්ය කතාවකි. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකු ම තම භාරය අල්ලාහ් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ හාබිල් ඉදිරිපත් කළ භාරය අල්ලාහ් පිළිගත්තේය. එය ඔහු අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නෙකු වූ බැවිණි. නමුත් කාබිල්ගේ භාරය ඔහු පිළිගත්තේ නැත. එය ඔහු අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නෙකු නොවූ බැවිණි. පසු ව හාබිල්ගේ භාරය පිළිගැනීම ගැන ඊර්ෂ්යාවෙන් පෙළුණු කාබීල්, ප්රසිද්ධියේ චෝදනා කර 'අහෝ හාබීල්! සැබැවින්ම මම ඔබ මරමි.' යැයි පැවසීය. එවිට හාබිල් සැබැවින්ම අල්ලාහ් භාරයන් පිළිගනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින පුද්ගලයාගේ යැයි පැවසීය.
Maide 5:28
මා මරන්නට සිතා ඔබේ දෑත් මා වෙත දිගු කළ ද ඔබ සිදු කරන්නාක් මෙන් මා ද ඉක්මවා කටයුතු නොකරමි. එය මගේ බියසුලුකම නොවේ. එනමුත් මම සියලු මැවීම්හි පරමාධිපතිට බිය වෙමි.
Maide 5:29
ඔහු ඔහු ව බියවද්දමින් මෙසේ පැවසීය. සතුරුකම හා අපාරාධකාරී ව මා ඝාතනය කිරීමේ පාපය සමග ඔබේ පෙර පාපය වෙත යොමු වීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසෙන සගයින් අතර ඔබ ද පත්වීම ගැන මම ප්රිය කරමි. නමුත් මා ද ඔබ ව ඝාතනය කිරීමේ වරද සමග ඔවුන් අතුරින් කෙනෙකු වීම සම්බන්ධයෙන් මම ප්රිය නොකරමි.
Maide 5:30
කාබීල්ට ඔහුගේ නපුරු ආශාවන්ගෙන් යුත් ආත්මය තම සහෝදරයා ආපරාධකාරී ලෙස ඝාතනය කිරීම අලංකාරවත් කරන ලදී. පසු ව ඔහු තම සහෝදරයා ව ඝාතනය කළේය. ඒ හේතුවෙන් තම මෙලොව ජීවිතය හා මතු ලොව ජීවිතයේ තමන්ට නියමිත කොටස් අහිමි වූවන් අතරට ඔහු ද පත්විය.
Maide 5:31
තම සහෝදරයාගේ දේහය ආවරණය කළ යුතු ආකාරය දැන ගනු පිණිස ඔහු ඉදිරියේ මිය ගිය කපුටෙකු වළ දමන තවත් කපුටෙකු අල්ලාහ් එව්වේය. එම අවස්ථාවේ තම සහෝදරයාව ඝාතන කළ තැනැත්තා: අහෝ විනාශය! මියගිය කපුටාව වල දැමූ කපුටා මෙන් වීමට තරම් මට නොහැකි විය. මාගේ සහෝදරයාගේ දේහය මම වල දමමි යැයි පවසා පසුව ඔහුව වල දැමීය. අවසානයේ ඔහු අලාභවන්තයින් අතරට පත් විය.
Maide 5:32
කාබීල් තම සහෝදරයා ඝාතනය කළ හේතුවෙන් සැබැවින්ම සමප්රතිචාර දැක්වීමක් වශයෙන් හා දේව ප්රතික්ෂේපය හෝ මංකොල්ලය වැනි මහපොළොවේ කලහකාරී ව හැසිරීමට දඬුවමක් වශයෙන් විනා සාධාරණ හේතුවකින් තොර ව ආත්මයක් නැසීම මුළු මිනිස් සංහතියම නැසුවා හා සමාන බව අපි ඉස්රාඊල් දරුවන්හට ඉගැන්වූයෙමු. හේතුව එහිදී නිරපරාධියා හා පැහැරගන්නා අතර වෙනසක් නැත. ආත්මයක් නැසීමේ තහනම් දැඩිසේ සිතට ගෙන අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීමෙන් කවරෙකු වැළකී සිටින්නේද ඔහු සියලු මිනිසුන් ජීවත් කළා හා සමානය. එසේ කටයුතු කිරීම සියලු මිනිසුන්ට ආරක්ෂිත වන්නේය. අපගේ දූතවරු ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි සමග පැමිණියහ. ඒ සමගම ඔවුන්ගෙන් විශාල පිරිසක් පාපකම් සිදු කරමින් ඔවුන්ගේ දූතවරුන්ට පිටුපාමින් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන් වූහ.
Maide 5:33
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් වදින, සතුරුකමින් මහපොළොවේ මිනී මැරුම්, මුදල් පැහැර ගැනීම් මංකොල්ලකෑම් වැනි කලහකම් සිදු කරන අයගේ අවසානය වනුයේ එල්ලීමෙන් තොර ව මරා දැමීම හෝ ලීයක හෝ එවැනි යම් දෙයක එල්ලා මරා දැමීම හෝ ඔවුන්ගේ දකුණත වම් පාදය සමග කපා හැරීමයි. නැවතත් එසේ සිදු කරන්නේ නම් ඔහුගේ වමත හා දකුණු කකුල කපා හරිනු ලැබේ. එසේ නැතහොත් රටින් පිටුවහල් කරනු ලැබේ. මෙම දඬුවම ඔවුනට මෙලොව ලැබෙන පැහැදිලි දඬුවමයි. මතු ලොවෙහි ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
Maide 5:34
නමුත් බලධාරියනි, ඔවුන් වෙත ඔබේ බලය භාවිත කිරීමට පෙර මෙම සටන්කරුවන් පාපක්ෂමාව ඇයැදි සිටින්නේ නම් දැන ගනු, එම පාප ක්ෂමාවෙන් පසු අල්ලාහ් ඔවුනට අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. ඔවුන් කෙරෙහි දක්වන ඔහුගේ ආශිර්වාදය නම් ඔවුන්ගෙන් දඬුවම ඉවත් කිරීමයි.
Maide 5:35
අහෝ විශ්වාස කළවුනි, අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට බැතියෙන් යුතු ව කටයුතු කරන්න. ඔබට කවර දෙයක් ඔහු අණ කර සිටියේද එය පිළිපදිමින් ඔහු වෙත සමීපවීමටත්, ඔහු කවර දෙයක් තහනම් කළේද එයින් දුරස් වීමටත් ඔහුගෙන් පතන්න. ඔහුගේ තෘප්තිය වෙනුවෙන් දේව ප්රතික්ෂේපකයින් සමග අරගල කරන්න. එවිට ඔබ පතන දෑ ඔබට ලැබිය හැකිය. එලෙස ඔබ නිරත වන්නේ නම් ඔබ කවර දෙයක් පිළිබඳ බිය වන්නේද එයින් ආරක්ෂාව ලබනු ඇත.
Maide 5:36
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් සෑම කෙනෙකුටම මහපොළොවේ ඇති සියලු පාලනය නිර්ණය කරනු ලැබ ඒ සමග ඒ හා සමාන තවත් කොටසක් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් තමන් ආරක්ෂා කර ගන්නට ඔවුන් ඒ සියල්ල ඉදිරිපත් කරනු ඇත. ඒ කිසිවක් වන්දි වශයෙන් පිළිගනු නොලැබේ. ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත.
Maide 5:37
නිරා ගින්නට පිවිසුණු විට ඉන් මිදීමට ඔවුහු අපේක්ෂා කරති. එය කෙසේ නම් විය හැකිද? ඔවුහු එයින් බැහැර නොවන්නේමය. එහි ඔවුනට සදාතනික දඬුවමක් ඇත.
Maide 5:38
අහෝ නිලධාරියනි, හොරෙකු හෝ හෙරක හෝ වේවා අයුතු ලෙස මිනිසාගේ ධනය පැහැර ගැනීමේ වරදට අල්ලාහ්ගෙන් වූ දඬුවමක් වශයෙන් ද ඔවුන් දෙදෙනා හා සෙසු අය බිය ගැන්වීමක් වශයෙන් ද ඔවුන් දෙදෙනාට ක්රියාත්මක කරන පරිදි දකුණත කපා හරිනු.
Maide 5:39
කළ සොරකම් පිළිබඳ පසුතැවිලි වී කවරෙකු අල්ලාහ් වෙත පාප ක්ෂමාව අයැද තම ක්රියාවන් විධිමත් කර ගත්තේද ඔහුට පිරිනමන භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. එය තම ගැත්තන් අතුරින් පාප ක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපයට සැබැවින්ම අල්ලාහ් සමාව දීමෙනි. නමුත් එම කරුණ විනිසුරුවන් වෙත ගියේ නම්, පාප ක්ෂමාව කළ හේතුවෙන් දඬුවම ඔහුගෙන් ඉවත් වන්නේ නැත.
Maide 5:40
අහෝ දූතය, අහස්හි හා මහපොළොවේ පාලනය සැබැවින්ම අල්ලාහ් සතු බව ඔබ දන්නෙහිය. ඔහු අභිමත කරන පරිදි ඒවා ක්රියාත්මක කරයි. එමෙන්ම ඔහු අභිමත කරන අයට සාධාරණ ලෙසින් දඬුවම් පමුණුවයි. ඔහු අභිමත කරන අයට ඔහුගේ භාග්යයෙන් සමාව දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නට කිසිවක් නොමැත.
Maide 5:41
දේව විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළත තබා කටයුතු කරන කුහකයින් අතුරින් ඔබ ව කුපිත කරවනු පිණිස දේව ප්රතික්ෂේප ක්රියාවන්හි යුහුසුලු ව ක්රියා කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුයි. එමෙන්ම ඔවුන්ගේ ප්රධානීන්ට ඇහුම් කන්දී එය පිළිගෙන, ඔබ වෙත හේතු දැනගන්නට නොපැමිණි ඔවුන්ගේ නායකයින් අනුකරණය කරන යුදෙව්වන්ද ඔබ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු තම ආශාවන්ට අනුව තව්රාතයේ ඇති දේව වාක්යය වෙනස් කරමින් තම අනුගාමිකයින්ට මෙසේ පවසති. 'ඔබේ ආශාවන් මුහම්මද්ගේ නීතියට අනුකූල නම් ඔහු ව පිළිපදින්න. නමුත් එයට පටහැණි නම් ඔහුගෙන් ප්රවේශම් වන්න.' ජනයා අතුරින් කවරෙකු නොමග යෑමට අල්ලාහ් අභිමත කළේද එවිට දූතය, නොමගින් ඔහු වැළැක්වීමට හෝ සත්ය මාර්ගය වෙත ඔහුට මගපෙන්වීමට හෝ කිසිවකු ඔබ නොදකිනු ඇත. යුදෙව්වන් හා කුහකයින් අතුරින් මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්ගේ හදවත් දේව ප්රතික්ෂේපයෙන් සුවපත් කිරීමට අල්ලාහ් අභිමත නොකරන්නේමය. මෙලොව ඔවුනට අවමානය හා අපහාසය ඇත්තාක් මෙන්ම මතු ලොවෙහිද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත. එය නිරා ගින්නේ වේදනාවයි.
Maide 5:42
මෙම යුදෙව්වෝ අසත්යයට අධික ව සවන් දෙති. පොලිය වැනි තහනම් මුදල් අධික ව අනුභව කරති. අහෝ දූතය, තීන්දුවක් විමසා ඔවුන් ඔබ වෙත පැමිණි විට ඔබ කැමති නම් ඔවුන් අතර වෙන් කරනු. ඔබ කැමති නම් ඔවුන් අතර වෙන්වීමට ඉඩ දෙනු. මෙම කරුණු දෙකින් එකක් තෝරා ගැනීමට ඔබට අයිතිය ඇත. ඔවුන් අතර වෙන්වීමට ඉඩ හැරියෙහි නම් ඔබට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැකි වනු ඇත. ඔවුන් අතර ඔබ විසින්ම වෙන් කරන්නෙහි නම් ඔවුන් අපාරධකරුවන් හා සතුරන් ලෙස සිටියද ඔවුන් අතර සාධාරණ ලෙසින් කටයුතු කරනු. තීන්දු පතන්නන් තීන්දු කරන්නාගේ සතුරන් වුවද තම තීන්දුවෙහි සාධාරණ ලෙස කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරයි.
Maide 5:43
සැබැවින්ම මොවුන්ගේ කරුණ පුදුම සහගතය. ඔවුන් ඔබ ව ප්රතික්ෂේප කරති. ඒ සමගම අල්ලාහ්ගේ තීන්දු සඳහන්, තමන් ඒ පිළිබඳ විශ්වාස කළ යුතු යැයි තරයේ විශ්වාස කරන තව්රාතය ඔවුන් අබියස තිබියදීත් ඔවුන් ඔබ වෙත පැමිණ තීන්දු පතති. ඔවුන්ගේ ආශාවන්ට අනුව ඔබ තීන්දු ලබා දීම ඔවුන් ප්රිය කරන අතර ඔවුන්ගේ ආශාවන්ට අනුකූල ව ඔබේ තීන්දුව නොපිහිටියේ නම්, ඔබේ තීන්දුව පිටු දකිති. ඔවුන්ගේ පුස්තකයේ ඇති දෑ ප්රතික්ෂේප කිරීම හා ඔබේ නීතිය පිටුදැකීම අතර ඔවුහු එකතු කරති. මොවුන්ගේ ක්රියාදාමයන් විශ්වාස කළවුන්ගේ ක්රියාදාමය මෙන් නැත. එහෙයින් ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් මෙන් ඔවුන් නොවෙති.
Maide 5:44
සැබැවින්ම අපි තව්රාතය මූසා (අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළෙමු. එහි මගපෙන්වීම් හා යහපත පෙන්වන මාර්ගද එමගින් ප්රභාවය ලබන ආලෝකයද ඇත. ඉස්රාඊල් දරුවන්ගේ නබිවරුන් එමගින් තීන්දු පිරිනැමූහ. අල්ලාහ්ට අවනත වූහ. තම පුස්තකයෙන් අල්ලාහ් ඔවුනට ආරක්ෂා කරන මෙන් පැතූ දෑ වෙනුවෙන් මිනිසුන් පුහුණු කරන විද්වතුන් හා උගතුන් මෙමගින් තීන්දු ලබා දුන්හ. තවද ඔහු ඔවුන්ව එය විකෘති කිරීම් සහ වෙනස් කිරීම් වලින් ආරක්ෂා කරන එහි භාරකරුවන් බවට පත් කළේය. එය සත්යයක් බව ඔවුන්ම සාක්ෂිකරුවන් ලෙස සිටිති. එම විෂයෙහි ජනයා ඔවුන් වෙත ම හැරී යති. එහෙයින් අහෝ යුදෙව්වනි! ඔබ මිනිසුන්ට බිය නොවනු. මට පමණක් බියවනු. නායකත්වය පිළිගැනීම හා ධනය වැනි ස්වල්ප වටිනාකමක් සඳහා අල්ලාහ් පහළ කළ තීන්දුව නොවිකුණනු. කවරෙකු එහි නොමැති දෙයක් අනුමත කරමින් හෝ එයට වඩා වෙනත් දෙයකට මුල්තැන දෙමින් හෝ එයට සමාන යමක් ඈදමින් අල්ලාහ් පහළ නොකළ දෑ අනුව තීන්දු ලබා දෙන්නේද ඔවුහුමය සැබෑ දේව ප්රතික්ෂේපකයින් වන්නෝ.
Maide 5:45
සැබැවින්ම කවරෙකු කිසිදු සාධාරණත්වයකින් තොර ව උවමනාවෙන්ම යම් ආත්මයක් ඝාතනය කළේ නම් ඒ වෙනුවට ඔහු ඝාතනය කරනු ලැබිය යුතු බවත් කවරෙකු උවමනාවෙන්ම ඇසක් උගුලා ගත්තේ නම් ඔහුගේ ඇසද උගුලනු ලැබිය යුතු බවත් කවරෙකු උවමනාවෙන්ම නාසය කපා හැරියේ නම් ඔහුගේ නාසයද කපා හරිනු ලැබිය යුතු බවත් කවරෙකු උවමානවෙන් කනක් කපා හැරියේද ඔහුගේ කන ද කපා හරිනු ලැබිය යුතු බවත් කවරෙකු උවමනාවෙන්ම දතක් උගුලුවේ නම් ඔහුගේ දත ද උගුලනු ලැබිය යුතු බවත් තව්රාතයේ යුදෙව්වන්හට අපි අනිවාර්යය කළෙමු. එමෙන්ම තුවාල හා සම්බන්ධයෙන්ද එම වැරදිකරුට ඔහුගේ වැරැද්දේ ප්රමාණයට අනුව සමප්රතිචාර දක්වනු ලැබිය යුතු බවත් අපි ඔවුනට නියෝග කළෙමු. වැරදිකරුට සමාව දුන්නේ නම් එසේ ඔහුගේ අපරාධයට සමාව දීම හේතුවෙන් අපරාධකරුගේ වැරදි වලට එය ප්රතිකර්මයක් වනු ඇත. කිසාස් හෙවත් සමප්රතිචාර දැක්වීමේ කටයුතු වලදී අල්ලාහ් පහළ කළ දෑට අනුව කවරෙකු තීන්දු ලබා නොදුන්නේද ඔහු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අයකු වන්නේය.
Maide 5:46
ඉස්රාඊල් දරුවන් වෙත පියවරෙන් පැමිණි නබිවරුන් අතරට තව්රාතයේ සඳහන් කරුණු විශ්වාස කොට එමගින් තීන්දු දෙනු පිණිස මර්යම්ගේ පුත් ඊසා ව ඔවුන් වෙත අපි එව්වෙමු. සත්යය වෙත මගපෙන්වන කරුණු ආවරණය කරමින් හා සැකය ඉවත් කරන සාධක සහිත ව ඉන්ජීලය අපි ඔහුට පිරිනැමුවෙමු. එම නීති මගින් ඔහු ගැටලු නිරාකරණය කරයි. එමෙන්ම තව්රාතයේ සඳහන් ඇතැම් කරුණු සුළු වෙනස්කම් සහිත ව එතුමාට පහළ කළ දෑ එයට අනුකූල ව පිහිටිය. බිය බැතිමතුන් එමගින් මග ලබන්නට මාර්ගෝපදේශයක් ලෙසින් හා ඔවුන් වෙත තහනම් කළ දැයින් ඔවුන් ඉවත් කරන්නක් ලෙසින් ඉන්ජීලය අපි සකස් කළෙමු.
Maide 5:47
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙත පැමිණීමට පෙර ඉන්ජීලයේ අල්ලාහ් පහළ සත්යය කිතුනුවන් විශ්වාස කොට එමගින් තීන්දු ලබා දිය යුතු ව තිබුණි. කවරෙකු අල්ලාහ් පහළ කළ කරුණු මුල් කර ගනිමින් තින්දු ලබා නොදෙන්නේද ඔවුහු අල්ලාහ්ට අවනතවීමෙන් බැහැරවූවෝ වෙති. සත්යය අතහැර දැමුවෝ වෙති. ව්යාජය වෙත නැඹුරු වූවෝ වෙති.
Maide 5:48
අහෝ දූතය, සැබැවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් බවට කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ නොමැති සත්යය සමග අල් කුර්ආනය අපි ඔබ වෙත පහළ කළෙමු. එය පෙර පහළ වූ දේව පුස්තක තහවුරු කරන්නකි. ස්ථීර කරන්නකි. එයට අනුකූල දෑ සත්ය වේ. එයට පටහැණි දෑ ව්යාජ වේ. එහි ඔබ වෙත පහළ කළ දෑ අනුව ජනයා අතර තීන්දු ලබා දෙනු. ඔබ වෙත පහළ කළ, එහි කිසිදු සැකයකට ඉඩ නැති සත්යය අතහැර දමා තම ආශාවන්ට වහල් වී එය අනුගමනය නොකරනු. සෑම සමූහයකටම ආධ්යාත්මික නීතිරීති තුළින් පිළිවෙතක් හා එමගින් යහමග ලබන මාධ්යයක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් ඒ සියලු පිළිවෙත් එකක් බවට පත් කරන්නට තිබුණි. නමුත් ඔහු සෑම සමූහයකටම පිළිවෙතක් ඇති කළේය. එය සියලු දෙනා පරීක්ෂා කරනු පිණිසය. එවිට ඔහුට පිටුපාන්නා හා ඔහුට අවනතවන්නා කවුරුන් දැයි හෙළිවනු ඇත. එහෙයින් යහපත් ක්රියා කිරීමටත් පිළිකුල් සහගත දෑ අතහැර දමන්නටත් ඔබ යුහුසුලු වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ සැම යොමු වනුයේ අල්ලාහ් වෙත පමණය. ඔබ කවර කරුණක මතභේද ඇති කර ගත්තේද ඒ පිළිබඳ ඔහු මතු ඔබට දැනුම් දෙනු ඇත. එමෙන්ම ඔබ පෙර කළ ක්රියාකාරකම් සඳහා ප්රතිඵලද පිරිනමනු ඇත.
Maide 5:49
අහෝ දූතය, අල්ලාහ් ඔබ වෙත පහළ කළ දෑ අනුව ඔබ ඔවුන් අතර තීන්දු දෙන්න. තෘෂ්ණාව පිළිපැදීම හේතුවෙන් ඇති වන ඔවුන්ගේ සිතුවිලි ඔබ අනුගමනය නොකරන්න.ඔබ වෙත අල්ලාහ් පහළ කළ දැයින් ඔබ ව වෙනතකට මුළා කිරීම සම්බන්ධයෙන් ඔබ ප්රවේශම් වන්න. එම මාර්ගයේ කැපවන්නට ඔවුන් හැරී නොයනු ඇත. ඔබ වෙත අල්ලාහ් පහළ කළ දෑ අනුව පිරිනමන තීන්දුව පිළිගැනීමට ඔවුන් ප්රතික්ෂේප කළේ නම් දැන ගනු අල්ලාහ් ඔවුන්ගේ ඇතැම් පාපකම් වලට මෙලොවෙහිම දඬුවම් දෙන්නට අපේක්ෂා කරන අතර එහි සම්පූර්ණ විපාකය මතු ලොවෙහි ඔවුනට පිරිනමනු ඇත. තවද ජනයා අතුරින් බොහෝ දෙනා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර ව සිටිති.
Maide 5:50
ඔවුහු ඔබේ තීන්දුවට පිටුපා ඔවුන්ගේ තෘෂ්ණාවන් පිළිපදිමින් තීන්දු ලබා දෙමින් පිළිම වන්දනාවෙහි නිරත වූ අඥාන ජනයාගේ තීන්දුව පතන්නෝද? අල්ලාහ් තම දූතයාණන්හට පහළ කළ දෑ සම්බන්ධයෙන් මනා වැටහීමකින් පසුවන අය අබියස අල්ලාහ්ට වඩා ඉතා අලංකාර ලෙස තීන්දු දෙන වෙනත් කිසිවකු නැත. අඥාන ජනයා හා ඔවුන්ගේ ආශාවන්ට අනුගත වෙමින් එය ව්යාජ වුවද, ඒ හැර වෙනත් කිසිවක් පිළිනොගන්නා තෘෂ්ණාවෙන් පිරුණු ජනයා එය පිළි නොගනු ඇත.
Maide 5:51
අහෝ! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි විශ්වාසය තැබූවනි, යුදෙව්වන් හා කිතුනුවන් ඔබේ වගකීම් දරන පාරිශුද්ධයින් හා සමීප මිතුරන් ලෙස නොගනු. යුදෙව්වන් මිතුදම් පානුයේ ඔවුන්ගේ පිළිවෙත පිළිපදින අයටය. එමෙන්ම කිතුනුවන් මිතුදම් පානුයේ ඔවුන්ගේ පිළිවෙත පිළිපදින අයටය. මෙම පිරිස් දෙකම ඔබට සතුරු වීමෙහි එකතු වෙති. ඔබ අතරින් කවරෙකු ඔවුනට මිතුදම් පාන්නේද සැබැවින්ම ඔහු ඔවුන්ගේ ගණයට අයත් වේ. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් අපරාධකාරී ජනයාට අල්ලාහ් මග පෙන්වන්නේ නැත.
Maide 5:52
අහෝ දූතය, විශ්වාසය දුර්වල වී ගිය කුහකයින්, යුදෙව්වන් හා කිතුනුවන් සමග මිතුදම් පාන්නට යුහුසුලු ව කටයුතු කරනු ඔබ දකිනු ඇත. ඔවුන් මෙසේ පවසති: "මොවුන් ජය ලබා රාජ්ය බලය ඔවුනට හිමි වූ විට අප ගැන ඔවුනට පිළිකුලක් ඇතිවනු ඇතැයි අපි බියවන්නෙමු." ඇතැම් විට එම ජය අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන්හට දිය හැක. එසේ නැතහොත් ඔහු වෙතින් යම් කරුණක් පැමිණ යුදෙව්වන් හා ඔවුනට මිතුදම් පෑ අයගේ බලය හීන කළ හැකිය. එවිට ඔවුන්ගේ සිතෙහි සඟවා සිටි කුහකත්වය මත ඔවුන් සමග මිතුදම් පෑමට යුහුසුලු වීම ගැන ඔවුහු පසුතැවිලි වෙති. එය, ඔවුන් වටහාගෙන සිටි පරිදි සිදු විය යුතු හේතු සාධක නිෂ්පල වී ගිය බැවිණි.
Maide 5:53
මෙම කුහකයින්ගේ තත්ත්වය ගැන පුදුමාකාරයෙන් දේව විශ්වාසී ජනයා මෙසේ පවසති. "තම විශ්වාසය සහතික කරමින් දිවුරා සිටි අය මොවුහුද?" අහෝ විශ්වාසී ජනයිනි, සැබැවින්ම ඔවුන් දේව විශ්වාසය උපකාරය හා මිතුදම් හි ඔබ සමග වූහ. නමුත් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල විය. ඔවුන්ගේ අභිලාෂයන් මග හැරුණු බැවින් හා ඔවුනට සූදානම් කර ඇති දඬුවම හේතුවෙන් ඔවුන් අලාභවන්තයින් බවට පත් වූහ.
Maide 5:54
අහෝ විශ්වාස කළවුනි! ඔබ අතුරින් කවරෙකු තම දහමින් හැරී නැවත දේව ප්රතික්ෂේපය වෙත පිය නගන්නේද ඔවුන් වෙනුවට ඔවුනට වඩා ඔහු ඔවුනට ප්රිය කරන, ඔවුන් ද ඔහුට ප්රිය කරන ස්ථාවර ව සිටින පිරිසක් ගෙන එනු ඇත. ඔවුන් දේව විශ්වාසී ජනයිනට වඩාත් කාරුණික ව සිටිති. දේව ප්රතික්ෂේපකයින්හට වඩාත් දැඩි ව සිටිති. තම ධනය හා ජීවිත පරදුවට තබමින් අල්ලාහ්ගේ වදන උසස් කරවනු පිණිස අරගල කරති. පිළිකුල් කරන්නන්ගේ පිළිකුලට බිය නොවෙති. එය ඔවුන් මැවීම්වල තෘප්තියට වඩා අල්ලාහ්ගේ තෘප්තියට මුල්තැන දෙන බැවිණි. මෙය අල්ලාහ්ගේ අනුග්රහයකි. තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට එය පිරිනමනු ඇත. අල්ලාහ් භාග්ය පිරිනැමීමෙහි හා උපකාර කිරීමෙහි සර්ව ව්යාපකය. තම භාග්යය ලබන්නාට සුදුස්සා කවරෙකු දැයි ඔහු මැනවින් දනී. ඒ අනුව ඔහු එය ඔහුටම පිරිනමයි. එමෙන්ම එයට නුසුදුස්සා කවරෙකුදැයි ද ඔහු මැනවින් දනී. ඔහුට එය තහනම් කරයි.
Maide 5:55
යුදෙව්වන්, කිතුනුවන් හා ඔවුන් හැර දෙවියන් ප්රතික්ෂේප කරන සෙස්සන් ඔබගේ මිතුරන් නොවෙති. ඔබේ මිතුරා මෙන්ම ඔබේ උදව්කරු අල්ලාහ්ය. එමෙන්ම ඔහුගේ දූතයාණන් හා සලාතය සම්පූර්ණයෙන් ඉටු කර, තම ධනයෙන් සකාත් පිරිනමා, අල්ලාහ්ට යටහත් පහත් භාවයෙන් කටයුතු කරන දේව විශ්වාසී ජනයා වෙති.
Maide 5:56
කවරෙක් ජයග්රහණය සම්බන්ධයෙන් අල්ලාහ් ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසී ජනයා සමග මිතුදම් පාන්නේද ඔහු අල්ලාහ්ගේ සේනාවෙන් වූ අයෙකි. අබිබවා යන්නෝ අල්ලාහ්ගේ සේනාවය. හේතුව ඔවුනට උපකාර කරන්නා අල්ලාහ් වන බැවිණි.
Maide 5:57
අහෝ විශ්වාස කළවුනි, ඔබට පෙර ආගම් දෙනු ලැබූ යුදෙව්වන් හා කිතුනුවන් අතරින් ඔබේ දහමට අපහාස කොට ඒ පිළිබඳ විහිළුවට ගන්නා අයවලුන් මිතුරන් හා පාරිශුද්ධයින් ලෙස නොසලකනු. ඔබ අල්ලාහ් හා ඔබ වෙත පහළ කළ දෑ විශ්වාස කරන්නන් වූයෙහු නම්, ඔවුන් සමග මිතුරුකම් පෑම සම්බන්ධයෙන් කවර කරුණක් ඔහු ඔබට තහනම් කළේද, එයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් වනු.
Maide 5:58
වඩාත් සමීපභාවය ඇති කරන සලාතය සඳහා ඔබ ඇරයුම් කරන විට එය සෙල්ලමට හා විහිළුවට ගන්නන්ද එලෙසමය. ඊට හේතුව ඔවුන් මිනිසුන්හට ආගමානුගත කර ඇති අල්ලාහ්ගේ ආගමික කටයුතු හා නැමදුම්වල අරුත හරිහැටි වටහා නොගත් පිරිසක් වන බැවිණි.
Maide 5:59
අහෝ දූතය, "අල්ලාහ් හා අප වෙත ඔහු පහළ කර ඇති දෑ ද, අපට පෙර සිටි අය වෙත පහළ කළ දෑ ද, අප විශ්වාස කිරීම හේතුවෙන් මිස වෙනත් කවර දැයකට ඔබ අපට දොස් නගන්නෙහුදැ?යි ආගම් ලත් ජනයා අතුරින් අපහාස කරමින් සිටි අයගෙන් විමසනු. සැබැවින්ම ඔබ බහුතරයක් දේව විශ්වාසය අතහරිමින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අය වෙති. ඔබ අපට දොස් පැවරීම අපට ප්රශංසාවක් මිස අගෞරවයක් නොවේ.
Maide 5:60
අහෝ දූතය! ඔවුන් අතරින් වඩාත් අයහපත් හා දැඩි දඬුවමට භාජනය වන්නන් කවුරුන්දැයි ඔබට මා දැනුම් දෙන්නදැයි විමසනු. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරින ලැබූ, ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ කෝපය නියම වූ පහත්ම අය වෙති. ඔවුන්ගේ ස්වරූපය වෙනස් කරමින් වඳුරන් හා සූකරයන් බවට අල්ලාහ් ඔවුන් පත් කළේය. ඔවුන් අතර තාඝූත්ට වන්දනාමාන කළ අය වූහ. තාඝූත් යනු අල්ලාහ් හැර තෘප්තියෙන් යුතු ව නැමදුම් ලබන වෙනත් දෑය. සඳහන් කළ මොවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාතිරමෙන් වඩාත් නපුරුම අය වන අතර ඍජු මාර්ගයෙන් මුළා වී ගිය අය වෙති.
Maide 5:61
අහෝ විශ්වාස කළවුනි, ඔබ වෙත ඔවුන් අතර සිටින කුහකයින් පැමිණ, කුහක ලෙස දේව විශ්වාසය ඔබට පෙන්වති. සැබැවින්ම ඔවුන්ගේ තත්ත්වය වනාහි ඔවුන් පිවිසෙන විටද, බැහැර ව යන විටද දේව ප්රතික්ෂේපය ඈඳාගෙන සිටිති. ඔවුන් එයින් ඉවත් නොවෙති. ඔබට දේව විශ්වාසය ඔවුන් හෙළිකරමින් පෙන්වන විට ඔවුන් තුළ කැකෑරෙන දේව ප්රතික්ෂේපය පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත.
Maide 5:62
අහෝ දූතය, යුදෙව්වන් හා කුහකයින් අතුරින් බොහෝ දෙනා බොරු පැවසීම, අපරාධී ලෙස සෙසු අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, ජනයාගේ වස්තුව හරාම් (අයුතු) ලෙස අනුභව කිරීම වැනි පාපකම් සිදු කිරීමට යුහුසුලු වනු ඔබ දකිනු ඇත. ඔවුන් සිදු කරන දෑ නපුරු විය.
Maide 5:63
බොරු පැවසීම, බොරු සාක්ෂි දැරීම, අයුතු ලෙස මිනිසුන්ගේ වස්තුව අනුභව කිරීම වැනි කාර්යයන්හි ඔවුන් යුහුසුලු ව කටයුතු කිරීමෙන් ඔවුන්ගේ ප්රධානීහු හා ආගමික විද්වත්හු ඔවුන් වැළැක්විය යුතු නොවේද? ඔවුන්ගේ ප්රධානීන් හා ආගමික විද්වතුන් එම පිළිකුල් සහගත ක්රියාවෙන් නොවැළැක්වීම ඉතා නපුරු විය.
Maide 5:64
යුදෙව්වෝ තමන්හට යම් දුෂ්කරතාවක් හෝ නියඟයක් ඇති වූ කල්හි "යහපත හා පරිත්යාග පිරිනැමීමෙන් අල්ලාහ් තම අත හකුළා ගෙන සිටියි. ඔහු අබියස ඇති දෑ අපට පිරිනැමීමෙන් ඔහු රඳවා ගත්තේය." යැයි පවසති. යහපත හා පරිත්යාග කිරීමෙන් ඔවුන් ඔවුන්ගේ අත් රඳවාගෙන නොමැත්තේද? ඔවුන්ගේ මෙම ප්රකාශය හේතුවෙන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් නෙරපා හරිනු ලැබීය. යහපත හා පරිත්යාග පිරිනැමීමෙන් උත්තරීතර අල්ලාහ්ගේ දෑත් විදහා පවතී. ඔහු අභිමත කරන අයුරින් වියදම් කරයි. එය පුළුල් ලෙස පිරිනමයි. එසේ නැතහොත් රඳවා තබා ගනියි. එවිට එය වළක්වන්නෙකු හෝ ඒ ගැන බලකරන්නෙකු හෝ දැක ගත නොහැක. අහෝ දූතය, ඔබ වෙත පහළ කළ දෑ, යුදෙව්වන්ගේ සීමාව ඉක්මවා යෑම හා ප්රතික්ෂේපය මිස වෙනත් කිසිවක් වැඩි කළේ නැත. නමුත් ඔවුන් එසේ කටයුතු කළේ ඔවුන් තුළ පැවති ඊර්ෂ්යාව හේතුවෙනි. සැබැවින්ම අපි යුදෙව් පිරිස් අතර සතුරුකම හා ක්රෝධය හෙළුවෙමු. යුද්ධයට ඔවුන් රැස්වන සෑම අවස්ථාවකම ඒ සඳහා පිරිසක් සූදානම් කළ විට, එහි නිරත වන්නට අණ දෙනු ලැබූ විට ඔවුන්ගේ පිරිස අල්ලාහ් විසුරුවා හැරියේය. ඔවුන්ගේ ශක්තිය හීන කළේය. ඉස්ලාමය ව්යාජ කිරීමටත් එයට කුමන්ත්රණය කිරීමටත් උත්සහ දරමින් මහපොළොවේ කලහකම් කිරීමේ පාපයෙහි නිරතවෙමින් සිටියහ. අල්ලාහ් කලහකම් කරන්නන් ප්රිය නොකරයි.
Maide 5:65
මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් කවර කරුණක් ගෙන ආවේද එය යුදෙව්වන් හා කිතුනුවන් විශ්වාස කොට, පාපකම් කිරීමෙන් වැළකී අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කළේ නම් ඔවුන් සිදු කළ පාපකම් අධික වුවද ඒ සඳහා අපි ඔවුනට සමාව දෙන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුවපහසුකම් ඇති ස්වර්ග උයන් වලට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. කිසිදු කප්පාදුවකින් තොරව පිරිනමන ලද සුවපහසුකම් ඔවුහු එහි භුක්ති විඳිති.
Maide 5:66
සැබැවින්ම යුදෙව්වන් තව්රාතයේ ඇති දෑ මැනවින් වටහා ගත්තේ නම්, එමෙන්ම කිතුනුවන් ඉන්ජීලයේ ඇති දෑ මැනවින් වටහා ගත්තේ නම්, ඔවුන් සියලු දෙනා ඔවුන් වෙත පහළ කළ කුර්ආනය වටහා ගත්තේ නම්, වර්ෂාව පහළ කිරීම මහපොළොවේ ශාක හට ගැනීම වැනි ආහාරය සඳහා අවශ්ය සාධක ඔවුනට මම පහසු කරමි. ආගම් ලත් ජනයා අතුරින් සත්ය මත ස්ථාවර ව සිටින, මධ්යස්ථ ව කටයුතු කරන අය ද වෙති. ඔවුන්ගෙන් බහුතරයක් දේව විශ්වාසය නොමැති බැවින් ඔහුගේ ක්රියාවන් නපුරු විය.
Maide 5:67
අහෝ දූතය! ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරන ලද දෑ සම්පූර්ණ වශයෙන් දන්වා සිටින්න. ඉන් කිසිවක් වසන් නොකරන්න. ඉන් කිසිවක් ඔබ වසන් කළෙහි නම් ඔබේ පරමාධිපතිගේ දූත පණිවිඩය දන්වා සිටින්නෙකු නොවනු ඇත. (සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ජනයාට දන්වා සිටින මෙන් අණ කරනු ලැබූ සියල්ල දන්වා සිටියහ. කවරෙකු හෝ එයට හාත්පසින් වෙනස් අදහසක් දරන්නේ නම් සැබැවින්ම ඔහු අල්ලාහ් මත මහත් අවලාදයක් නැගුවේය.) අදින් පසු අල්ලාහ් ඔබ ජනයාගෙන් ආරක්ෂා කරනු ඇත. ඔබ වෙත නපුරක් ගෙන එන්නට ඔවුහු ශක්තිය නොදරනු ඇත. දන්වා සිටීම මිස වෙනකක් ඔබ වෙත පැවරෙන්නේ නැත. යහමග අපේක්ෂා නොකරන දේව ප්රතික්ෂේපකයින්හට ඍජු මග ලබන්නට අල්ලාහ් ආශිර්වාද නොකරයි.
Maide 5:68
අහෝ යුදෙව්වනි, කිතුනුවනි, ඔබ තව්රාත් හා ඉන්ජීලයේ ඇති දෑ හදාරා, ඔබ වෙත පහළ කළ අල් කුර්ආනය හදාරා ඒ අනුව ඔබ කටයුතු කරන තෙක් කිසිදු දහමක් මත ඔබ පිහිටා නැතැයි අහෝ දූතය නුඹ පවසා සිටිනු. අල් කුර්ආනය විශ්වාස කිරීමෙන් තොරව ඔබේ විශ්වාසය නිවැරදි වන්නේ නැත. ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කෙරුනු දෑ පුස්තක ලත් ජනයා අතරින් වැඩි දෙනා සීමාව ඉක්මවා යාමෙන් ඉක්මවා යාම වෙත මෙන්ම දේව ප්රතික්ෂේපයෙන් දේව ප්රතික්ෂේපය වෙත වර්ධනය කරනු ඇත. එය ඔවුන් ඊරෂ්යාවෙන් පසු වූ බැවිණි. මෙම දේව ප්රතික්ෂේපකයින් සම්බන්ධයෙන් ඔබ දුක් නොවනු. ඔබ ව පිළිපදින දේවත්වය විශ්වාස කරන්නන් අතරින් ප්රමාණවත් මෙන්ම අවශ්ය තරම් අය වෙති.
Maide 5:69
සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නන්, යුදෙව්වන්, ඇතැම් නබිවරුන්ගේ අනුගාමිකයින් අතුරින් වූ පිරිසක් වන සාබිඊන්වරුන් හා කිතුනුවන් මොවුන් අතරින් කවරෙකු අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔවුනට ඉදිරියේදී මුහුණ දෙන දෑ සම්බන්ධයෙන් කිසිදු බියක් නැත. මෙලොව ඔවුනට මග හැරුණු කොටස පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.
Maide 5:70
සවන් දීමට හා අවනත වීමට ඉස්රාඊල් දරුවන්ගෙන් අපි ස්ථීර ගිවිසුම් ගෙන සිටියෙමු. අල්ලාහ් ආගමානුගත කළ දෑ ඔවුනට දන්වා සිටිනු පිණිස අපි ඔවුන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. නමුත් එසේ ගන්නා ලද ගිවිසුම් ඔවුන් විසින් උල්ලංඝනය කරන ලදී. ඔවුන්ගේ දූතවරු ගෙන ආ දෑ පිටුදැක, ඔවුන්ගේ ආශාවන්ට වහල් වී ඔවුන් කටයුතු කළෝය. එම දූතවරුන්ගෙන් ඇතැමෙකු බොරුකාරයින් බවට පත් කළ අතර ඇතැමෙකු ඔවුන් විසින් ඝාතනය කරනු ලැබූහ.
Maide 5:71
ගිවිසුම් හා ප්රතිඥාවන් උල්ලංඝනය කිරීමෙන් ඔවුන් බොරු පැවසීමෙන් හා ඔවුන් නබිවරුන් ඝාතනය කිරීමෙන් ඔවුනට හානියක් ඇති නොවන බව ඔවුහු සිතුවෝය. ඔවුන් නොසිතූ දෑ පිළිවෙළින් ඇති විය. සත්යය දැකීමෙන් අන්ධ වූහ. ඒ වෙත මගපෙන්වනු නොලැබුවෝය. පිළිගන්නා පරිදි සවන් දීමෙන් ඔවුන් බිහිරන් බවට පත් වූහ. පසු ව අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුනට ඔහු සමාව දුන්නේය. ඉන් පසුව ද සත්යය දැකීමෙන් ඔවුහු අන්ධ වූහ. එය සවන් දීමෙන් බිහිරි වූහ. ඔවුන් අතරින් බොහෝ දෙනාට මෙලෙස සිදු විය. ඔවුන් කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂණය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Maide 5:72
මර්යම්ගේ පුත් ඊසා අල්ලාහ් යැයි පවසා සිටි කිතුනුවන් සැබැවින්ම ප්රතික්ෂේක කළේය. ඊට හේතුව, මර්යම්ගේ පුත් මසීහ් ඔවුන් දෙස බලා: "අහෝ! ඉස්රාඊල් දරුවනි, ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහු මාගේ පරමාධිපතිය. ඔබේ ද පරමාධිපතිය. ඔහුට ගැතිකම් කිරීමෙහි අප සියල්ලෝම එක සමානය. එහෙයින් කවරෙකු අල්ලාහ්ට තවත් කෙනෙකු ආදේශ තබන්නේද සැබැවින්ම ඔහු ස්වර්ගයට පිවිසීමෙන් අල්ලාහ් වළක්වනු ඇත. එවැන්නන් නිරා ගින්නේ සදා රැඳෙති. අල්ලාහ් අබියස ඔහුට පිහිට වන්නට කිසිදු උදව්කරුවෙකු ඔහු නොලබනු ඇත. එමෙන්ම දඬවමින් ආරක්ෂා කරන්නට කිසිදු ආරක්ෂකයකු නොලබනු ඇතැ"යි පවසා සිටියදී එම දේවත්වය ඔවුහු අල්ලාහ් නොවන දෑට ඈදන බැවිණි.
Maide 5:73
සැබැවින්ම අල්ලාහ් ත්රිත්වයෙන් බැඳී ඇතැයි පවසන කිතුනුවන් ප්රතික්ෂේප කළෝය. එනම් පියාණන්, පුතණුවන්, හා ශුද්ධාත්මයයි. ඔවුන්ගේ මෙම ප්රකාශයෙන් අල්ලාහ් අති උත්තරීතරය. අල්ලාහ් බහු චරිතයක් නොවේ. ඔහු ඒකීය දෙවිඳුන්ය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. මෙම පහත් ප්රකාශයෙන් ඔවුන් නොවැළකුණේ නම් වේදනා සහගත දඬුවම ඔවුනට හිමිවනු ඇත.
Maide 5:74
ඔවුන්ගේ මෙම ප්රකාශයෙන් ඉවත් වී ඒ සඳහා අල්ලාහ් වෙත පාප ක්ෂමාවේ නියැළී ඔවුන් කළ ආදේශයේ වරදට ඔහුගෙන් සමාව අයැදිය යුතු නොවේද? කවර පාපයක් වුවද ඔහුගෙන් සමාව අයැද සිටින්නේ නම්, එය දෙවියන් ප්රතික්ෂේප කළ වරදක් වුවද, ඔහු එයට සමාව දෙන්නාය. දෙවියන් විශ්වාස කරන්නන්හට ඔහු මහා කාරුණිකය.
Maide 5:75
මර්යම්ගේ පුත් ඊසා ධර්ම දූතවරුන් අතර දූතයකු මිස වෙනකෙක් නොවීය. ඔවුනට මරණය අත්වූවාක් මෙන් මොහුටද මරණය අත් විය. ඔහුගේ මව මර්යම් තුමිය වූවාය. අධික වශයෙන් සත්ය පවසන මෙන්ම සත්ය තහවුරු කරන තැනැත්තියක් වූවාය. මේ දෙදෙනාම තම අවශ්යතා සපුරා ගැනීමත් සමගම ආහාර ද අනුභව කළෝය. එසේ නම් ආහාර අවශ්යතා ඔවුන් දෙදෙනාට තිබියදී ඔවුන් දෙදෙනා දෙවිවරුන් විය හැක්කේ කෙසේද? අහෝ දූතය! බුද්ධිමත් ව සිතා බලන්න. ඒකීයත්වයට හා අල්ලාහ් නොවන දෑට දේවත්වය ඈදා එහි ඉක්මවා ගිය ඔවුන්ගේ ව්යාජත්වයට අල්ලාහ්ගේ සංඥාවන් පෙන්වා දෙමින් අපි ඔවුනට පැහැදිලි කරනුයේ කෙසේදැ?යි බලනු. නමුත් එසේ තිබියදීත් ඔවුන් එම සංඥාවන් ප්රතික්ෂේප කළෝය. නැවතත් බුද්ධිමත් ව සිතා බලනු. අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන පැහැදිලි සාධක තිබියදීත් ඔවුන් සත්යයෙන් වෙනතකට යොමු කරනු ලබන්නේ කෙසේ දැයි ද බලනු.
Maide 5:76
අහෝ දූතය, අල්ලාහ් නොවන දෑට ඔවුන් කරන නැමදුම් කටයුතු වලදී ඔවුනට විරෝධය පාමින් 'ඔබට කිසිදු සෙතක් ලබා නොදෙන ඔබට අත්වන හානියෙන් ඔබ ව නොවළක්වන දෑට ඔබ නැමදුම් කරන්නෙහුද? එසේ කරන්නට එයට නොහැකිය. අල්ලාහ් සියලු නොහැකියාවන්ගෙන් පිවිතුරුය. ඔබේ ප්රකාශයන්ට සවන් දෙන්නා අල්ලාහ් පමණි. ඉන් කිසිවක් ඔහුට මග හැරෙන්නේ නැත. ඔබේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාද ඔහුය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔබට මතු ප්රතිඵල පිරිනමනු ඇතැ'යි පවසනු.
Maide 5:77
අහෝ දූතය! කිතුනුවන් දෙස බලා: 'සත්ය පිළිපැදීමෙහි කවර කරුණක් ඔබට අණ කරනු ලැබුවෙහුද එම සීමාව ඉක්මවා කටයුතු නොකරනු. (නබිවරුන් හට මෙන්) කවර දෙයකට ගරුබුහුමන් කරන මෙන් අණ කරනු ලැබුවෙහුද එයට ගරුබුහුමන් දැක්වීමෙහි ඉක්මවා කටයුතු නොකරනු. තමන්ද සත්ය මාර්ගයෙන් මුළා වී ජනයා අතරින් බොහෝ දෙනා නොමග යැවූ ඔබේ මුතුන්මිත්තන් ඔබ පිළිපැදීම හේතුවෙන් මර්යම්ගේ පුත් ඊසාට ඔබ කවර කරුණක් සිදු කළේ ද එලෙස ඔවුන් අතර දේවත්වය ඇතැයි ඔබ විශ්වාස කරන්නෙහුය. එසේ කිරීමෙන් වැළකෙනු.
Maide 5:78
සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන් අතුරින් ඔහු ව ප්රතික්ෂේප කළවුන් ඔහුගේ කරුණාවෙන් නෙරපා හැරිය බව දාවූද් තුමා වෙත පහළ කළ සබූර් ග්රන්ථයෙහිද මර්යම්ගේ පුත් ඊසා වෙත පහළ කළ ඉන්ජීල් ග්රන්ථයෙහිද දන්වා සිටියේය. එම ආශිර්වාදයෙන් නෙරපා හරින ලද්දේ ඔවුන් සිදු කළ පාපකම් හා අල්ලාහ් තහනම් කළ දෑහි ඔවුන් ඉක්මවා කටයුතු කිරීම හේතුවෙනි.
Maide 5:79
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් සිදු කරන ලද පාපයෙන් නොවැළැක් වූහ. ඔවුන් සිදු කළ පාපකම් හා පිළිකුල් සහගත දෑ එසේ නොවළක්වා පිළිගැනීම හේතුවෙන් එම පාපිෂ්ඨයින් ඔවුන් අතර ප්රසිද්ධියට පත් වූහ. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමේ ක්රියාවලිය අතහැර දමමින් ඔවුන් කටයුතු කළ ආකාරය අයහපත් විය.
Maide 5:80
අහෝ දූතය, මේ යුදෙව්වන් අතුරින් දේව ප්රතික්ෂේපයේ සිටින බොහෝ දෙනා එසේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ප්රිය කොට ඔවුන් වෙත නැඹුරු වීම ඔබ දකිනු ඇත. නමුත් ඔවුහු ඔබට සතුරුකම්පාති. එලෙසම ඒක දේවත්වය පිළිගත්තවුන්හටද සතුරුකම්පාති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම සගයන් බවට පත්කර ගැනීමට මුල පිරීම නපුරු විය. සැබැවින්ම එය අල්ලාහ්ගේ කෝපයට හේතුවක් වන අතරම නිරා ගින්නට සදාතනිකයින් ලෙස පිවිසෙන්නටත් හේතුවක් වන්නේය. ඔවුහු එයින් කිසිවිටෙක බැහැර නොවනු ඇත.
Maide 5:81
මෙම යුදෙව්වන් අල්ලාහ් ව සැබෑ ලෙස විශ්වාස කොට, ඔහුගේ නබිවරයාණන් ව විශ්වාස කර ඇත්නම්, දෙවියන්ට ආදේශ තබන්නන් අතුරින් තමන්හට ප්රිය කරන, තමන් වෙත නැඹුරු වන මිතුරන් ඔවුන් පත් කර ගන්නේ නැත. හේතුව, නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මිතුරන් ලෙස ගැනීමෙන් ඔවුන් වළක්වනු ලැබ ඇති බැවිණි. නමුත් මෙම යුදෙව්වන් බොහෝ දෙනෙක් අල්ලාහ්ට අවනත වීමෙන් හා ඔහුගේ මිතුදමින් හා දේව විශ්වාසීන්ගේ මිතුදමින් බැහැර ව ගිය අය වෙති.
Maide 5:82
අහෝ දූතය, ඔබ ව හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් වෙත ජනයා අතුරින් වඩාත් විරෝධී ප්රජාවක් ලෙස යුදෙව්වන් හා ඔවුන් හැර අල්ලාහ්ට ආදේශ තබන්නන් ඔබ දකිනු ඇත. හේතුව ඔවුහු ඒ මත ක්රෝධයෙන්, ඊර්ෂ්යාවෙන් හා උඩඟුකමින් වෙළී, පිළිම වන්දනාවෙහි නිරත ව සිටින බැවිණි. ඔබ ව හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන්හට වඩාත් සමීපතම ජනයා වනුයේ තමන් කිතුනුවන් යැයි පවසන ජනයාය. මොවුන්ගේ ආදරයේ සමීපතාව දෙවියන් විශ්වාස කරන්නන් වෙනුවෙන් පිහිටයි. ඊට හේතුව ඔවුන් අතර විද්වතුන් මෙන්ම ආගමික නායකයින් සිටින බැවිණි. සැබැවින්ම ඔවුහු කිසිදු උඩඟුකමකින් තොරව යටහත්පහත්භාවයකින් කටයුතු කරති. අහංකාරයෙන් පෙළෙන්නාගේ හදවතට යහපත සෙන්දු නොවනු ඇත.
Maide 5:83
මොවුන් නජ්ජාසි රජු හා ඔහුගේ මිතුරන් මෙනි. ඔවුන්ගේ හදවත් ඉතා සියුම්ය. අල් කුර්ආනයේ පහළ කරනු ලැබූ දෑ තම කනට සවන් වැකුණු කල්හි එමෙන්ම සැබැවින්ම ඔවුන් තම දූත ඊසා (අලය්හිස් සලාම්) තුමා තමන් වෙත දැනුම් දුන් දෑට අනුව සැබැවින්ම එය සත්යයක් යැයි ඔවුන් දැනගත් කල්හි ඔවුන් හඬන්නට පටන් ගත්හ. පසු ව: 'අපගේ පරමාධිපතියාණනි! ඔබේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට ඔබ කවර කරුණක් පහළ කළේ ද ඒ ගැන අපි විශ්වාස කළෙමු. එහෙයින් අපගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට සාධකයක් වනු පිණිස මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ප්රජාව සමග අපව ද සටහන් කරනු මැනව! යැයි පවසති.
Maide 5:84
අප අතරත් අල්ලාහ් විශ්වාස කිරීම හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එසේ පහළ වූ එම සත්යය විශ්වාස කිරීම අතරත් බාධාවක් බවට පත් වූයේ කවර කරුණක් ද? අපි අල්ලාහ්ට අවනත වෙමින් ඔහුගේ දඬුවමට බිය වෙමින් නබිවරුන් හා ඔවුන් අනුගමනය කළවුන් සමග ස්වර්ගයට පිවිසීමට අපි අපේක්ෂා කරන්නෙමු.
Maide 5:85
ඔවුන් දෙවියන් විශ්වාසය කිරීම වෙනුවෙන් හා ඔවුන් සත්යය පිළිගැනීම වෙනුවෙන් එවායෙහි මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුනට ප්රතිඵල වශයෙන් අල්ලාහ් පිරිනමනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එය ඔවුන් සත්යය අනුගමනය කොට කොන්දේසි රහිත ව ඔහුට සම්පූර්ණයෙන් අවනත වීමේදී දැහැමි ලෙස කටයුතු කළවුන්හට පිරිනමනු ලබන ප්රතිඵලයයි.
Maide 5:86
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට, තම දූතයාණන් වෙත පහළ කළ අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුහුමය නිරා ගින්නට අනිවාර්ය කරනු ලැබූවෝ. එයින් කිසිවිටෙකත් ඔවුනට බැහැර විය නොහැක.
Maide 5:87
අහෝ! විශ්වාස කළවුනි, ආහාර පාන විවාහය වැනි අනුමත සුවදායක ජීවිතය තහනම් කර නොගනු. පැවැදි භාවය හා බ්රහ්මාචාරය හේතුවෙන් ඒවා තහනම් කර නොගනු. අල්ලාහ් ඔබ වෙත තහනම් කළ දෑහි සීමාවන් උල්ලංඝනය නොකරනු. සැබැවින්ම ඔහු තම සීමාවන් උල්ලංඝනය කරන්නන්හට ප්රිය නොකරනු ඇත. ඔවුන් කෙරෙහි ඔහු කෝප වනු ඇත.
Maide 5:88
අල්ලාහ් තම පෝෂණයෙන් ඔබ වෙත පිරිනැමූ දැයින් එය අනුමත මෙන්ම පිවිතුරු තත්ත්වයේ තිබියදී අනුභව කරනු. කොල්ලකෑමෙන් හෝ අසාධාරණ ලෙස ඩැහැ ගැනීමෙන් එය තහනම් තත්ත්වයක තිබෙන්නේ නම් අනුභව නොකරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින්, ඔහු පිළිබඳ මතකයෙන් පසුවනු. ඔබ විශ්වාස කරනුයේ ඔහුවය. ඔහු කෙරෙහි පවතින ඔබේ විශ්වාසය ඔහු ගැන බියෙන් පසුවන්නට බල කෙරෙනු ඇත.
Maide 5:89
දේව විශ්වාසී ජනයිනි! චේතනාවකින් තොරව ඔබ දිවුරා සිටින දෑ ගැන අල්ලාහ් ඔබෙන් ප්රශ්න කරන්නේ නැත. එසේ ඔබෙන් ප්රශ්න කරනුයේ ස්ථීර ලෙස චේතාන්විත ව දිවුරන දිවුරීම් පිළිබඳවය. ඔබ කරුණක් මත හදවතින්ම දිවුරා පසු ව කඩ කරන්නෙහුය. එසේ ඔබ කවර කරුණක් මත දිවුරා එය ප්රසිද්ධියේ ප්රකාශ කිරීමෙන් පසු ව කඩ කරන්නෙහු නම් ඒ සඳහා ප්රතිකර්මයක් වශයෙන් පහත සඳහන් කරුණු තුනෙන් එකක් තෝරා ඉටු කිරීම තුළින් එම පාපය අල්ලාහ් කමා කරනු ඇත. ඒවා නම් රටක ජනතාව පරිභෝජනය කරන මධ්යස්ථ ආහාර වේලක් බැගින් දුප්පතුන් දස දෙනෙකු සඳහා ආහාර සැපයීම, එසේ නැතහොත් පොදුවේ ඇඳුමක් යැයි සලකනු ලබන ඇදුම් සැපයීම, එසේත් නැතිනම් දේව විශ්වාසී වහළෙකු නිදහස් කිරීමයි. තම දිවුරුමට ප්රතිකර්මයක් වශයෙන් මෙම කරුණු තුනෙන් එකක් හෝ ලබා දීමට නොහැකි වූ විට දින තුනක් උපවාසයේ නිරතවීම එයට ප්රතිකර්මයක් වන්නේය. සඳහන් කරනු ලැබූ මේවා ඔබේ දිවුරීම් සඳහා වූ ප්රතිකර්මයයි. අහෝදේවත්වය විශ්වාස කරන ජනයිනි! ඔබ අල්ලාහ් මත දිවුරා පසු ව එය කඩ කරන්නෙහු නම් ඔබ අල්ලාහ් මත බොරුවට දිවුරා සිටීමෙන් ද අල්ලාහ් මත අධික ව දිවුරා සිටීමෙන් ද ඉටු කළ නොහැකි දෑ යහපතක් නම් ඒ මත දිවුරා සිටීමෙන්ද ආරක්ෂා වනු. එහෙයින් ඔබ යහපත සිදු කොට ඔබේ දිවුරීම් සඳහා ප්රතිකර්මයන් ඉටු කරනු. දිවුරුම් කඩ කිරීම සඳහා ප්රතිකර්මය ඔබට අල්ලාහ් පැහැදිලි කළාක් මෙන්ම හලාල් හා හරාම් සඳහා ඔහුගේ පැහැදිලි නීති රාමුවන් ඔහු ඔබට පැහැදිලි කර ඇත. එය ඔබ නොදන්නා දෑ ඔබට අල්ලාහ් ඉගැන්වීම වෙනුවෙන් ඔහුට කෘතඥ වනු.
Maide 5:90
අහෝ! විශ්වාස කළවුනි, බුද්ධිය පහ කරන මත් ද්රව්ය, දෙපැත්තෙන් මුදල් දමා කෙළින සූදුව, ගරුකිරීමක් වශයෙන් දේව ප්රතික්ෂේපකයෝ ඒ අසල සතුන් කැප කරන ගල හෝ නැමදුම් සඳහා සිටවන ලද පිළිම, ගුප්ත දෑ සහතික කොට පැවසීමට ඔවුන් පතන භාජන යන මේ සියල්ලම ෂෙයිතාන් අලංකාරවත් කළ පාපකම්ය. මෙලොව ගෞරවනීය ජීවිතයක් ගත කොට මතු ලොව ස්වර්ගයේ සැපපහසුකම් ලබමින් ජය ලබනු පිණිස මෙවන් දැයින් ඔබ දුරස් වනු.
Maide 5:91
සූදුව හා සුරාව අලංකාරවත් කොට ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ හදවත් අතර සතුරුකම හා ක්රෝධය වැපිරීමටය. එමෙන්ම අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාත් ඉටු කිරීමෙන් ඔබ ව වෙනතකට යොමු කිරීමටය. අහෝ! දේව විශ්වාසී ජනයිනි, මෙම පිළිකුල් සහගත දෑ ඔබ අතහැරිය යුතු නොවේද? කිසිදු සැකයක් නැත එයයි ඔබට වඩාත් සුදුසු වන්නේ. එහෙයින් එයින් වැළකී සිටිනු.
Maide 5:92
ආගමික පිළිවෙත කවර දෙයක් අණ කර ඇත්තේද එය පිළිපදිමින් කවර දෙයකින් තහනම් කර ඇත්තේද එයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. එයට විරුද්ධ ව කටයුතු කිරීමෙන් ප්රවේශම් වනු. එය ඔබ පිටුපෑවෙහු නම් සැබැවින්ම අපගේ දූතයාණන්හට පැවරී ඇත්තේ අල්ලා කවර දෙයක් ප්රචාරය කිරීමට අණ කර ඇත්තේද එය ප්රචාරය කිරීම පමණක් බව දැන ගනු. ඔහු එය ප්රචාරය කළේය. එහෙයින් ඔබ මග ලබන්නෙහු නම් එය ඔබටමය. එය ඔබ නිෂ්ඵල කර ගත්තේ නම් එහි විපාකයද ඔබටමය.
Maide 5:93
තහනම් කිරීමට පෙර පරිහරනය කළ අයට කිසිදු විපාකයක් නැත. අල්ලාහ් ව විශ්වාස කොට ඔහු වෙත සමීප වනු පිණිස දැහැමි කටයුතු සිදු කළවුන්හට, මත්ද්රව්ය තහනම් කිරීමට පෙර එය පරිහරණය කිරීමෙන් ඇති වූ පාපය ඔවුනට නැත. අල්ලාහ්ගේ කෝපයට බිය වී ඔහු ව විශ්වාස කරමින් දැහැමි ක්රියාවන් ඉටු කරමින් තහනම් දැයින් වැළකුණු විට පසු ව ඔවුන් අල්ලාහ් බලා සිටින්නේය යන හැඟීමෙන් යුතු ව ඔහුට නැමදුම් කරන තරමට ඔහු පිළිබඳ අවධානය වැඩි කර ගත් විට අල්ලාහ්ගේ අඛණ්ඩ පාලක සංවේදකය ඔවුනට හිමි වනු ඇත. එසේ වනුයේ දේව විශ්වාසවන්තයා තම ක්රියාවන් විධිමත් ව භක්තියෙන් යුතු ව ඉටු කරන බැවිණි. අල්ලාහ් ව ඔවුන් දකින්නාක් මෙන නැමදුම් කරන්නන්හට ඔහු ප්රිය කරයි.
Maide 5:94
අහෝ විශ්වාස කළවුනි! ඔබ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීම සඳහා ගොඩබිමෙහි ඔබේ දෑතට පහසුවෙන් හසුවන කුඩා සතෙකු හෝ ඔබේ හෙල්ලට පහසුවෙන් හසුවන විශාල සතෙකු හෝ ගෙනැවිත් ඔබ ඉදිරියේ තබා ඔහු ඔබ ව පරීක්ෂණයට ලක් කරනු ඇත. එය, අල්ලාහ්ගේ දැනුම පිළිබඳ පූර්ණ විශ්වාසයෙන් යුතු ව, ඔහු අදෘශමානව සිටියදී කවරෙකු ඔහුට බිය වන්නේ දැයි ඔහු දැන ගනු පිණිසය. -එය ගැත්තා කවර කරුණක් පිළිබඳ විමසනු ලබන්නේ ද එහි විද්යාමාන වූ දැනුමයි.- එවිට ඔහු එම දඬයම් සතාගේ මැවුම්කරුට බිය වී දඬයම් කිරීමෙන් වැළකී සිටියි. සැබැවින්ම ඔහුගේ කිසිදු ක්රියාවක් මැවුම්කරුට සැඟවෙන්නේ නැත. කවරෙකු සීමාව ඉක්මවා ගොස් හජ් හෝ උම්රා අවස්ථාවේ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කළේද අල්ලාහ් තහනම් කළ දෙයක් ඔහු සිදු කළ බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනා සහගත දඬුවමක් ඔහුට හිමි වනු ඇත.
Maide 5:95
අහෝ! විශ්වාස කළවුනි, හජ් හෝ උම්රාවෙහි ඔබ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී ගොඩබිම සතුන් දඬයම් නොකරනු. කවරෙකු උවමනාවෙන් එවන් සතෙකු දඬයම් කොට මරා දැමුවේද එයට ප්රතිකර්මයක් වශයෙන් දඬයම් කළ එම සතා හා සමාන ව ඔටුවෙකු හෝ ගවයෙකු හෝ එළුවෙකු ලබා දීම අනිවාර්යය වන්නේය. ඒ සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් අතර යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. ඔවුන් දෙදෙනා ඒ ගැන කවර තීන්දුවක් දෙන්නේද එය පිළිපදිනු ලැබේ. එනම් එම සත්වයා මක්කාව වෙත ගෙන ගොස් හරම් සීමාවෙහි කැප කිරීම හෝ එහි වටිනාකමට ආහාර ගෙන හරම් සීමාවෙහි සිටින දිළිඳුන් හට සාඃ අඩක ප්රමාණයක් බැගින් ලබා දීම හෝ ආහාර සාඃ අඩක ප්රමාණයට සරිලන දින ගණන් බලා උපවාසයේ නිරත වීම යනාදියයි. එය එම දඬයම්කරු තමන් කළ ඝාතනයට දඬුවම් වශයෙන් භුක්ති විඳිනු පිණිසය. හරම් තත්ත්වයේ සිටියදී එසේ පෙර දඬයම් කර මරා දැමූ අයගේ හා තහනම් කිරීමට පෙර ඉහ්රාම් තත්ත්වයේ සිට ගොඩබිමේ සතුන් දඬයම් කොට මරා දැමූ අයගේ වැරදි වලට අල්ලාහ් සමාව දෙන්නේය. අල්ලාහ් සර්ව බලධාරීය. වළක්වන්නාය. තමන් පිටුපෑ අයහපතට තමන් අභිමත වූයේ නම් ඔවුන්ගෙන් පළිගැනීම ඔහුගේ සර්ව බලධාරීත්වය පෙන්නුම් කරන්නකි. එයින් ඔහු ව වළක්වන කිසිවකු නොසිටිනු ඇත.
Maide 5:96
ජලජ සතුන් දඬයම් කිරීම හා පදිංචිකරුවන්ට මෙන්ම මගීන්ට තම ගමන්මලු සකසා ගැනීමේදී ප්රයෝජනවත් වනු පිණිස මහ මුහුද ඔබට ලබා දෙන ජීවී හෝ අජීවි දෑ ද අල්ලාහ් ඔබට අනුමත කර ඇත. නමුත් හජ් හා උම්රාහි ඉහ්රාම් තත්ත්වයේ සිටින තාක්කල් ගොඩ බිම සතුන් දඬයම් කිරීම ඔබට තහනම් කළේය. අල්ලාහ්ගේ නියෝග පිළිපැඳ ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතියෙන් යුතු ව කටයුතු කරන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ යොමු වනුයේ ඔහු වෙත පමණය. ඔබේ ක්රියාවන් සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
Maide 5:97
මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන ශුද්ධ වූ නිවසක් ලෙස අල්ලාහ් කඃබා ව ඇති කළේය. සලාතය හජ් හා උම්රා වැනි ඔවුන්ගේ ආගමික යහපත සඳහා එය ක්රියා කරන අතරම හරම් සීමාව තුළ ආරක්ෂාව හා සියලු ආහාර වර්ග ඒ වෙත එකතු කිරීම වැනි ලෞකික යහපත සඳහා ද එය ක්රියා කරනු ඇත. ශුද්ධ වූ මාස (එනම් දුල් කඃදා, දුල් හිජ්ජා, මුහර්රම් හා රජබ්) සෙස්සන් සමග සටන් කිරීමෙන් තමන් ආරක්ෂා කරන්නක් ලෙස කටයුතු කරයි. තවද හරම් සීමා වෙත ගෙන යනු ලබන කැපයට නියමිත සතුන්ද සලකුණු තබන ලද සතුන්ද යම් හානියකින් තමන්ට බාධා පමුණුවීමෙන් එම අදාළ පුද්ගලයා ආරක්ෂා කරනු පිණිස කටයුතු කරයි. මෙය අල්ලාහ් ඔබ වෙත පිරිනමා ඇත්තේ සැබැවින්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ඇති සියල්ල පිළිබඳ මැනවින් දන්නා බව ඔබ වටහා ගනු පිණිසය. තවද නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. ඒ සඳහා ඔහු එවැනි දෑ ආගමානුගත කර ඇත්තේ ඔබට යහපත ගෙන දෙනු පිණිස හා ඔබට හානියක් අත්වන්නට පෙර ඔබෙන් එම හානිය වළක්වනු පිණිසය. ගැත්තන්හට යහපත් වන්නේ කුමක්දැයි යන්න පිළිබඳ ඔහුගේ දැනුමට එය සාධකයක් වේ.
Maide 5:98
අහෝ! මිනිසුනි, තමන්ට පිටුපා කටයුතු කරන්නන්හට අල්ලාහ් දඬුවම් දීමේදී ඉතා දැඩිය. තමන් වෙත පසුතැවිලි වී යොමුවන්නන්හට අතික්ෂමාශීලීය. එමෙන්ම මහා කාරුණිකය.
Maide 5:99
තමන්ට කවර දෙයක් ප්රචාරය කරන මෙන් අල්ලාහ් නියෝග කර ඇත්තේද එය හැර වෙනත් දෙයක් ප්රචාරය කිරීමට දූතයාණන්හට පැවරී නැත. ජනයා යහමග වෙත ගෙන යාමේ ආශිර්වාදය ද එතුමාණන්ට නැත. එය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහි පමණය. ඔබ මතුපිටින් ක්රියා කරන දෑ ද යහමග හෝ මුළාව ඔබ තුළ සඟවා සිටින දෑ ද ඔහු මැනවින් දනියි. ඒ අනුව ඔහු ඔබට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
Maide 5:100
අහෝ! දූතය, සෑම දෙයකම අයහපත් දෑ, එය ඔබ ව අධික ලෙස මවිතයට පත් කළ ද සෑම දෙයකම යහපත් දෑ සමග සම නොවන්නේය. එය ඔබ අධික ව කළ විට එහි මහිමය පෙන්වා නොදෙනු ඇත. එහෙයින් බුද්ධිමතුනි, ස්වරගයේ ජයග්රහණය ඔබ ලබනු පිණිස අයහපත් දෑ අතහැර යහපත් දෑ සිදුකරමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්න.
Maide 5:101
අහෝ විශ්වාස කළවුනි! ඔබට ප්රයෝජනයක් නැති කරුණු පිළිබඳ ඔබේ ධර්ම දූතයාණන්ගෙන් නොවිමසනු. එය ඔබේ ආගමික කටයුතු වලදී ඔබට ප්රයෝජනවත් නොවන්නේය. ඔබට යම් දෙයක් හෙළි වූයේ නම්, එහි ඇති දුෂ්කරතාව හේතුවෙන් ඔබ නිරායාසයට පත් වනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන්හට වහී පහළ වන මොහොතේ විමසීමට තහනම් කරන ලද කරුණක් පිළිබඳ ඔබ විමසා සිටියෙහු නම්, එය ඔබට පැහැදිලි කර දෙනු ලැබේ. එය අල්ලාහ්ට පහසු කාර්යයකි. අල් කුර්ආනය නිහඬ ව සිටි කරුණු සම්බන්ධයෙන් අල්ලාහ් නොසලකා හරින්නේය. එහෙයින් ඒ ගැන නොවිමසනු. සැබැවින්ම ඒ ගැන ඔබ විමසා සිටියෙහු නම් ඔබ වෙත එහි නීති අනුගමනය කරන්නට සිදු වනු ඇත. අල්ලාහ් වනාහි, ඔහුගේ ගැත්තන් ඔහු වෙත පශ්චාත්තාපයේ නිරත ව සමාව අයැද සිටි විට, අල්ලාහ් ඔවුන්ගේ පාපකම්වලට අතිශය සමාව දෙන්නාය. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් කිරීමෙන් ඔහු ඉවසන සුළුය.
Maide 5:102
ඔබට පෙර විසූ ජනයා ද මෙවැනිම ප්රශ්න විමසා සිටියෝය. ඔවුනට එවන් දුෂ්කරතා පැවරෙන කල්හි ඔවුන් එය ක්රියාත්මක නොකළෝය. ඒ හේතුවෙන් දෙවියන්ට ප්රතික්ෂේප කරන්නන් බවට ඔවුහු පත් වූහ.
Maide 5:103
ගොවිපළ සතුන් අල්ලාහ් අනුමත කර ඇත. දෙවියන්ට ආදේශ තබන්නන් තම පිළිම සඳහා කැප කිරීමට අල් බහීරා (නියමිත ඔටු පැටුවන් ගණනක් බිහි කළ විට උගේ කන කපා හරින ලද ඔටු දෙන) අස්සාඉබා (නියමිත වයස් සීමාවට පැමිණි විට ඔවුන්ගේ පිළිම සඳහා අතහැර දමන ලද ඔටු දෙන), අල් වසීලා (ගැහැනු පැටුවන් ගෙන් ගැහැනු පැටවුන් බිහි කළ ඔටු දෙන) අල්හාමි (නියමිත ඔටු ගණනක් බිහි කිරීමට හේතු වුණු පිරිමි ඔටුවා) වැනි ඔටු වර්ග තහනම් කළාක් මෙන් ඉන් කිසිවක් අල්ලාහ් තහනම් නොකළේය. නමුත් දේව ප්රතික්ෂේපකයෝ ඉහත සඳහන් වර්ග අල්ලාහ් විසින් තහනම් කරනු ලැබ ඇතැයි යන අවලාදය හා බොරුව විශ්වාස කළෝය. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගෙන් බහුතරයක් දෙනා සත්ය හා අසත්ය අතරත් අනුමත හා තහනම් දෑ අතරත් වෙන් කර කටයුතු නොකරති.
Maide 5:104
ඇතැම් ගොවිපළ සතුන් තහනම් යැයි අල්ලාහ් මත බොරු ගොතා පැවසූ මෙම බොරුකාරයින්හට 'තහනම් දැයින් අනුමත දෑ කුමක්දැ?යි ඔබ දැන ගනු පිණිස අල්ලාහ් පහළ කළ කුර්ආනය හා දේව දූතයාණන්ගේ පිළිවෙත වෙත පැමිණෙන්නැ'යි පවසනු ලැබූ විට, 'අපගේ මුතුන් මිත්තන්ගෙන් අපි උරුමකරගත් විශ්වාසයන් ප්රකාශයන් හා ක්රියාවන් අපට ප්රමාණවත්' යැයි ඔවුහු පැවසූහ. ඔවුන්ගේ මුතුන් මිත්තන් සත්ය වෙත මග පෙන්වනු නොලැබූ මෙන්ම කිසිවක් නොදැන සිටි තත්ත්වයේ ඒ සඳහා ඔවුන් ප්රමාණවත් වන්නේ කෙසේද? ඔවුන්ව අනුගමනය කරනුයේ ඔවුන් අතරින් වඩාත් අඥාන හා මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් පමණි. ඔවුහු නොමග ගිය අඥානයෝ වෙති.
Maide 5:105
අහෝ! විශ්වාස කළවුනි, ඔබ ඔබේ ජීවිතය ගැන ප්රවේශම් වන්න. එහෙයින් එයට යහපත් දෑ පමණක් එකතු කරන්න. ඔබ යහමග ගියේ නම් නොමග ගිය මිනිසුන් විසින් ඔබට හානියක් සිදු කළ නොහැක. ඔවුන් ඔබට පිළිතුරු නොදෙනු ඇත. යහපත නියෝග කිරීමත් අයහපතින් වැළක්වීමත් ඔබ යහමග ලැබ ඇති බවට වූ සලකුණකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණි. එවිට මෙලොවෙහි ඔබ සිදු කරමින් සිටි දෑ පිළිබඳ ඔහු ඔබට දැනුම් දෙනු ඇත. ඒ සඳහා ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
Maide 5:106
අහෝ! විශ්වාස කළවුනි, මරණයේ සලකුණු අතුරින් බාහිරයෙන් පෙනෙන සලකුණක් ඔබගෙන් කෙනෙකු වෙත පැමිණි විට තමන් පවසන අන්තිම කැමැත්තට මුස්ලිම්වරුන් අතුරින් සාධාරණනීය දෙදෙනෙක් පත් කර ගනු. එසේ නැතහොත් ඔබ ගමනක නිරත ව සිටියදී ඔබට මරණය පැමිණ එසේ මුස්ලිම්වරුන්ගේ දෙදෙනෙකු නොමැති වූ විටක අවශ්යතාවට සරිලන සේ දේව ප්රතික්ෂේපකයින් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සාක්ෂි වශයෙන් පත් කර ගනු. ඔවුන් දෙදෙනාගේ සාක්ෂියෙහි යම් සැක සහිත දෙයක් කතාවට බදුන් වූයේ නම් අනිවාර්ය සලාත් අවස්ථාවකින් පසු ඔවුන් රඳවා තබා: තමන් දෙදෙනාගේ පංගුවෙහි කිසිදු වටිනාකමට නොවිකුණන බවටත් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී නොවන බවටත්, තමන් දෙදෙනා අල්ලාහ් වෙනුවෙන් දෙන සාක්ෂිය නොසගවන බවටත් දිවුරුමක් ගත යුතුයි. සැබැවින්ම ඔවුන් දෙදෙනා එයට පටහැණි ව ක්රියා කළේ නම් අල්ලාහ්ට පිටුපාන පාපතරයින් අතුරින් වනු ඇත.
Maide 5:107
ඔවුන් දෙදෙනා දිවුරා සිටීමෙන් පසු දිවුරුමෙහි හා සාක්ෂියෙහි ඔවුන් දෙදෙනා පවසන දෑ බොරු යැයි පැහැදිලි වූ විට හෝ ඔවුන් දෙදෙනාගේ වංචාව අනාවරණය වූ විට සත්යය කුමක්දැයි යන්නට එම මිය ගිය පුද්ගලයාට සමීපතයින් දෙදෙනෙකු ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට සාක්ෂි දැරිය යුතුයි. එසේ නැතහොත් දිවුරා සිටිය යුතුය. අපගේ සාක්ෂියට ඔවුන් දෙදෙනාගේ බොරුවට හා වංචාවට වඩා තමන් දෙදෙනාගේ වගකීමත් සත්යතාවත් වඩාත් සුදුසුය. අපි බොරුවට දිවුරුම් නොකරමු. සැබැවින්ම අපි බොරුවට සාක්ෂි දැරුවේ නම් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අපරාධකරුවන් අතරට පත් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.
Maide 5:108
ඉහත සඳහන් පරිදි සලාතයෙන් පසු සාක්ෂිකරුවන් දෙදෙනාගේ දිවුරීම ගනු ලබනුයේ ඔවුන් දෙදෙනාගේ සාක්ෂියෙහි සැක ඇති වූ අවස්ථාවක හා ඔවුන් දෙදෙනා සාක්ෂිය ප්රතික්ෂේප කරනු ලබන අවස්ථාවකය. ආගමානු ක්රමයට අනුව සාක්ෂි ගෙන ඒම වඩාත් සුදුසුම ක්රමයයි. ඔවුන් දෙදෙනා සාක්ෂිය විකෘති නොකළ යුතුය. එය වෙනස් නොකළ යුතුය. වංචා නොකළ යුතුයි. ඔවුන් දෙදෙනාගේ දිවුරුමට පසු ව උරුමක්කාරයාගේ දිවුරීම ප්රතික්ෂේප කරනු ලැබීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා බියවීමට වඩාත් සමීප ක්රමය වන්නේය. එවිට ඔවුන් දෙදෙනා කවර සාක්ෂියක් ගෙන ආවේද එයට එරෙහි ව ඔවුහු දිවුරනු ඇත. එහෙයින් ඔවුන් දෙදෙනා පැහැදිලි ව සාක්ෂි ඉදිරිපත් කරනු ඇත. සාක්ෂියෙහි හා දිවුරුමෙහි වංචාව හා බොරුව අතහැර දමමින් අල්ලාහ්ට බිය විය යුතුය. කවර දෙයක් ඔබට අණ කරනු ලැබුවේද එය පිළිගන්නා අයුරින් සවන් දිය යුතුය. අල්ලාහ් තමන්ට අවනත වීමෙන් දුරස් වූවන්හට ආශිර්වාද නොකරනු ඇත.
Maide 5:109
අහෝ! ජනයිනි, අල්ලාහ් සියලු රසූල්වරුන් එකට එක් රැස් කොට 'කවර සමූහයක් වෙත මම ඔබ එවනු ලැබුවේද එම සමූහයා ඔබට පිළිතුරු දුන්නේ කුමක් දැ?යි ඔහු ඔවුන්ගෙන් විමසන අවස්ථාව මෙනෙහි කර බලනු. 'අපට ඒ පිළිබඳ දැනුමක් නැත. ඒ පිළිබඳ සම්පූර්ණ දැනුම ඔබ සතුය. ගුප්ත කරුණු පිළිබඳ දන්නේ සැබැවින්ම ඔබ පමණය.' යැයි ඔවුහු අල්ලාහ් වෙත පිළිතුරු දෙමින් පවසති.
Maide 5:110
අල්ලාහ් ඊසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! ඔබ ව පියකුගෙන් තොරව මැවූ අවස්ථාවේ ඔබ වෙත කළ මාගේ ආශිර්වාදය මෙනෙහි කරනු. එමෙන්ම ඔබේ මව වන මර්යම් තුමියගේ සමකාලීන කාන්තාවන් අතර ඇය ව විශේෂයෙන් තෝරා ගනිමින් මා ඇය වෙත පිරිනැමූ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. එමෙන්ම ඔබ බිළිඳු වියේ සිටියදී අල්ලාහ් වෙත ජනයා ඇරයුම් කරමින් ඔවුන් සමග කතා කිරීමටත් ඔවුන් වෙත නබිවරයකු වශයෙන් අපි ඔබ එවූ අවස්ථාවේ ඔවුන් සමග කතා කිරීමටත් ජිබ්රීල් (අලය්හිස් සලාම්) තුමා මගින් ඔබ ව ශක්තිමත් කළ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම මම ඔබට අක්ෂර උගන්වා මූසා (අලය්හිස් සලාම්) තුමා වෙත පහළ කළ තව්රාතය හා ඔබ වෙත පහළ කළ ඉන්ජීලයද උගන්වා ආගමික පිළිවෙත් තුළ පවතින යථාර්ථයන්, එහි ප්රයෝජන හා එහි ප්රඥාව ඉගැන්වූ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම පක්ෂියකුගේ හැඩයෙන් යුත් යමක් මැටියෙන් තනා පසු ව ඔබ එයට පිම්ඹෙහිය. එවිට එය පක්ෂියෙකු බවට පත් විය; එම අවස්ථාවද මෙනෙහි කර බලනු. තවද ඔබ උපතින්ම අන්ධ වූවන් සුවපත් කරන්නෙහිය. කුෂ්ට රෝගීන්ට ප්රතිකාර කරන්නෙහිය. එවිට ඔවුන්හට නිරෝගිමත් චර්මයක් ලැබුණි. එමෙන්ම මළවුන් අවදි කරන මෙන් ඔබ අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටීම හේතුවෙන් මළවුනට ඔහු යළි ජීවය ලබා දුන්නේය. ඒ සියල්ල මාගේ අනුහසින් සිදු විය. එමෙන්ම ඔබ ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි ප්රාතිහාර්යයන් ගෙන ආ අවස්ථාවේ ඔබ ව ඝාතනය කිරීමට තැත් කළ කල්හි ඔවුන්ගෙන් මම ඔබ ව වළක්වමින් ඔබ වෙත කළ ආශිර්වාදයද මෙනෙහි කර බලනු. ඔවුන් එය ප්රතික්ෂේප කොට 'ඊසා ගෙන ආ දෑ පැහැදිලි හූනියමක් මිස වෙනකක් නොවේ යැයි පැවසූහ.
Maide 5:111
මා හා ඔබ ව විශ්වාස කරන මෙන් හවාරිය්යීන්වරුන්ට මා දැනුම් දුන් අවස්ථාවේදී උදව් කරුවන් බවට ඔවුන් පත් කරමින් මම ඔබට සතුට ගෙන දී ආශිර්වාද කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔවුහු යටත් වී එයට පිළිතුරු දුන්හ. තවද අපි විශ්වාස කළෙමු, අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබට අවනත වූ මුස්ලිම්වරුන් බව ඔබ අප වෙනුවෙන් සාක්ෂි දරනු යැයි පවසා සිටියහ.
Maide 5:112
අනුගාමිකයෝ ඔබ ඔබේ පරමාධිපතිගෙන් ප්රාර්ථනා කළ විට අහසින් ආහාර බන්දේසියක් පහළ කිරීමට ඔහුට හැකි දැයි විමසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට අල්ලාහ්ට බියවන මෙන් හා ඔවුන් විමසා සිටින දෑ පැතීම අතහැර දමන මෙන් ද එවිට ඔවුන් අතර ගැටලු ඇති වන්නට ඉඩ ඇතැයිද ඊසා (අලයිහිස් සලාම්) පිළිතුරු වශයෙන් පවසා සිටීය. තවදුරටත්: නුඹලා දේව විශ්වාසීන් ලෙස සිටින්නෙහු නම් ආහාර සම්පත් පැතීමේදී ඔබේ පරමාධිපති මත විශ්වාසය තබනු යැයි පැවසීය.
Maide 5:113
ඊසා තුමාට අනුගාමිකයෝ මෙසේ පවසා සිටියහ. මෙම ආහාර බන්දේසියෙන් අප අනුභව කිරීමටත් අල්ලාහ්ගේ පූර්ණ බලයෙන් හා සැබැවින්ම ඔබ ඔහුගේ දූතයකු වීමෙන් අපගේ හදවත් සැනසුම ලබන්නටත් අපි ප්රිය කරමු. ඔබ අල්ලාහ් වෙතින් කවර කරුණක් අප වෙත ගෙන ආවෙහිද එහි ඔබ අපට සත්ය පැවසූ බවට ස්ථීර ව දැනගන්නටත් එහි සහභාගී නොවූ ජනයා වෙනුවෙන් ඒ සඳහා සාක්ෂිකරුවන් වීමටත් අපි ප්රිය කරමු යැයි පවසා සිටියහ.
Maide 5:114
ඔවුන්ගේ ඉල්ලීමට ඊසා (අලය්හිස් සලාම්) තුමා ප්රතිචාර දක්වමින් අල්ලාහ්ගෙන් මෙසේ අයැද සිටීය. "අපගේ පරමාධිපතියාණනි! අප වෙත ආහාර බන්දේසියක් පහළ කරනු මැනව! එය පහළ වන දින, අප අතර ජීවත්වන හා අපෙන් පසුව පැමිණෙන්නන් සඳහා ඔබට තුති පුද කර සමරන උත්සව දිනයක් ලෙස අපි එය ගන්නෙමු. එය ඔබේ ඒකීයත්වය හා මා කවර කරුණක් වෙත එවනු ලැබුවේද එය තහවුරු කරන සාධකයක් හා සලකුණක් බවට පත් වනු ඇත. ඔබේ ගැත්තන්හට උපකාර කරන පෝෂණයක් අප වෙත ලබා දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! ඔබ පෝෂණය සලසන්නන් අතරින් අති ශ්රේෂ්ඨය.
Maide 5:115
ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දෙමින්, ඔබ වෙත පහළ කරන මෙන් ඔබ පැතූ මෙම ආහාර බන්දේසිය සැබැවින්ම මම පහළ කරමි. නමුත් එය පහළ වීමෙන් පසු ව කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔහු තමන්ට මිස දොස් පැවරිය නොයුතුය. එවිට මම කිසිවකුට දඬුවම් නොකළ දැඩි දඬුවමින් දඬුවම් කරමි. ඊට හේතුව සැබැවින්ම ඔහු එම පැහැදිලි ප්රාතිහාර්යයට සාක්ෂිකරුවෙකු විය. එහෙයින් ඔහුගේ ප්රතික්ෂේපය හිතුවක්කාර ප්රතික්ෂේප කිරීමකි. අල්ලාහ් ඔවුනට ඔහුගේ ප්රතිඥාව සැබෑ කොට එය ඔවුන් වෙත පහළ කළේය.
Maide 5:116
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මර්යම්ගේ පුත් ඊසා සමග කතා කරමින් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර මා හා මාගේ මව නැමදුම් ලබන්නන් බවට පත් කරන මෙන් ඔබ මිනිසුන්ට පැවසුවෙහිද? එවිට ඊසා තම පරමාධිපති ව සුවිශුද්ධ කරමින් මෙසේ පිළිතුරු දුන්නේය. සත්ය මිස වෙනකක් ඔවුනට මා පැවසීම මට අවැසි නොවීය. එය මා පවසා සිටි බව නිර්ණය කරනු ලබන්නේ නම් සැබැවින්ම ඒ ගැන ඔබ දන්නෙහිය. හේතුව ඔබට කිසිවක් සැඟවෙන්නේ නැත. මාගේ සිත තුළ සඟවා ඇති දෑ ඔබ දන්නෙහිය. නමුත් ඔබ තුළ ඇති දෑ මම නොදනිමි. ගුප්ත ව ඇති සියලුම දෑ ද සැඟ වී ඇති සියලුම දෑ ද මතුපිටින් ඇති සියලුම දෑ ද දන්නේ ඔබ පමණය.
Maide 5:117
ඊසා තම පරමාධිපති දෙස බලා 'ඔබට පමණක් නමදින්නට ඔවුනට නියෝග කරන මෙන් ඔබ මට පවසා සිටි දෑ හැර වෙනකක් මම ජනතාවට නොපැවසුවෙමි. ඔවුන් අතර මා සිටි කාලය පුරා ඔවුන් පවසන දෑ පිළිබඳ මා අධීක්ෂණය කරමින් සිටියෙමි. නමුත් ඔවුන් අතර මා සිටින කාලය ඔබ අවසන් කොට ජීවමානව අහස වෙත මා ඔසවා ගත් කල්හි මාගේ පරමාධිපතියාණනි, ඔවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කළේ ඔබය. ඔබ සෑම දෙයකටම සාක්ෂිකරුය. ඔබෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. ඔවුනට මා පැවසූ දෑ ද මගෙන් පසු ඔවුන් පවසා සිටි දෑ ද ඔබට සැඟවුණු දෙයක් නොවේ.
Maide 5:118
මාගේ පරමාධිපතියාණනි, ඔබ ඔවුන් වේදනාවට පත් කරන්නේ නම් සැබැවින්ම ඔවුන් ඔබේ ගැත්තන් වන බැවින් ඔබ අභිමත දෑ ඔවුනට සිදු කරනු ඇත. ඔවුන් අතුරින් විශ්වාස කළවුනට ඔබ සමාව පිරිනැමුවෙහි නම් එයින් ඔබ වැළැක්වීමට කිසිවකු නැත. ඔබ කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්ව බලධාරීය. ඔබේ සැලසුම් තුළ ඔබ මහා ඥානීය.
Maide 5:119
අල්ලාහ් ඊසා (අලය්හිස් සලාම්) තුමාට මෙසේ පවසා සිටීය. මෙය ඔවුන්ගේ සැබෑ ප්රකාශයන් ක්රියාවන් හා සැබෑ චේතනාවන් ඵල දෙන දිනයයි. ඒවායෙහි මාලිගාවන් හා ඒවායෙහි ගස් වලට පහළින් ගලා යන ගංගා සහිත උයන් ඔවුනට ඇත. එහි ඔවුන් සදා වාසය කරනු ඇත. ඔවුනට මරණය ඇති වන්නේ නැත. අල්ලාහ් ඔවුන් පිළිගත්තේය. කිසිවිටෙක ඔවුන් වෙත ඔහු කෝප වන්නේ නැත. සදා සැප සම්පත් වලින් කවර දෙයක් ඔවුනට හිමි වූයේ ද එය ඔවුන් තෘප්තියෙන් යුතු ව පිළිගත්තෝය. මෙම ප්රතිඵල හා ඔවුන් ගැන තෘප්තිමත් වීම අතිමහත් ජයග්රහණයකි. එයට සමීප විය හැකි වෙනත් ජයග්රහණයක් නැත.
Maide 5:120
අහස්හි හා මහපොළොවේ සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙක මැව්වේ ඔහුය. ඒ දෙකෙහි කටයුතු සැලසුම් කරන්නේද ඔහුය. ඒවායෙහි ඇති සියලු මැවීම් හා පාලනය ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහු පාරාජය කළ නොහැක.
Enam 6:1
නිරපේක්ෂ පරිපූර්ණත්වය පිළිබඳ වර්ණනාව හා ආදරයත් සමඟ උසස් ගුණාංග ගැන ප්රශංසා ව අල්ලාහ් සතුය. ඔහු කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස හා මහපොළොව මැව්වේය. රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව එකින් පසු එකක් ගමන් කරන සේ මැව්වේය. රාත්රිය අන්ධකාරවත් කළේය. රාත්රිය ආලොක්මත් කළේය. මෙසේ තිබියදීත් ප්රතික්ෂේප කළවුන් ඔහු හැර වෙනත් දෑ ඔහුට සම කරති. ඔහුට හවුල්කරුවන් පත් කරති.
Enam 6:2
අහෝ! ජනයිනි, ඔබේ ආදි පියා ආදම් පසින් මැවීමෙන් ඔබ ව මවන්නට පටන් ගත් ඔබේ මැවුකරු සුවිශුද්ධය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ ව ටික කලක් පදිංචි කරවා ඔහු හැර වෙනත් කිසිවකු නොදන්නා ආයුෂ කාලයක් ඔබට ඔහු පිරිනැමීය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක්ය. පසු ව යළි අවදි කිරීමේ ඔහුගේ බලය පිළිබඳ ඔබ සැක කරන්නෙහුය.
Enam 6:3
අහස් හා මහපොළොවේ නැමදුම් ලබන්නට සුදුස්සා ඔහුය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔබ සඟවන චේතනා ප්රකාශ හා ක්රියා ඔහු මැනවින් දනී. එමෙන්ම එලෙස ඔබ දන්වා සිටින දෑ ද ඔහු මැනවින් දනී. ඒ සඳහා ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත.
Enam 6:4
ආදේශ කරන්නන් වෙත ඔවුන්ගේ පරමාධිපති වෙතින් යම් සාධකයක් පැමිණි විට ඔවුහු එය නොසලකා හැර අහහැර දැමූහ. අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔවුන් වෙත පැමිණියේය. ඔහුගේ දූතයාණන් තහවුරු කරමින් ද පැහැදිලි සංඥා පැමිණියේය. එසේ තිබියදීත් ඔවුහු එය නොසලකා හැර පිටුපෑහ.
Enam 6:5
ඔවුන් එම පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ප්රතික්ෂේප කළේ නම් ඊට වඩාත් පැහැදිලි ව ඇති දෑ ද ප්රතික්ෂේප කරනු ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කුර්ආනයේ කවර කරුණක් ගෙන ආවේද එය ඔවුහු බොරු කළහ. ඔවුන් අපහාස කරමින් සිටි දෑ සත්යය බව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දඬුවම දකින විට දැන ගනු ඇත.
Enam 6:6
අපරාධකාරී සමූහයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත මෙම දේව ප්රතික්ෂේපකයෝ නොදන්නෝද? මෙම ප්රතික්ෂේපකයින් වෙත දෙනු නොලැබූ අයුරින් ඔවුනට පෙර සිටි බොහෝ සමූහයන් වෙත මහපොළොවේ වාසය කිරීමටත් පාලන කිරීමටත් අවශ්ය සාධක අල්ලාහ් පිරිනමා තිබුණ ද ඔවුන්ගේ වැරදි හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් වෙත විටින් විට වර්ෂාව ඇද හැළෙන්නට සලස්වා ඔවුන්ගේ නවාතැන් වලට පහළින් ගංගා ගලා යන්නට සැලස් වීය. නමුත් ඔවුහු අල්ලාහ්ට පිටුපෑහ. ඔවුන් සිදු කළ වැරද්ද හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන්ගෙන් පසු වෙනත් සමූහයන් ඔහු බිහි කළේය.
Enam 6:7
අහෝ! දූතය, ඔබ වෙත පත්රිකාවල ලියන ලද පුස්තකයක් පහළ කොට ඔවුන්ගේ දෑස් වලින්ම එයට සාක්ෂි දරා තම අත් වලින් එම පුස්තකය ස්පර්ශ කර තහවුරු කර ගත්ත ද ඔවුන් අතර ඇති ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් ඔවුහු එය විශ්වාස නොකරති. ඔබ කවර දෙයක් ගෙන ආවේ ද එය පැහැදිලි සූනියමක් මිස ගණන් ගනු නොලැබේ. එහෙයින් අපි එය කිසිවිටක විශ්වාස නොකරන්නෙමු යැයි පවසා සිටියෝය.
Enam 6:8
අප සමග කතා කරන, සැබැවින්ම තමන් දූතයකු බවට සාක්ෂි දරන මලක්වරයකු ඔහු සමග අල්ලාහ් පහළ කළේ නම් සැබවින්ම අපි විශ්වාස කරන්නෙමු යැයි මෙම දේව ප්රතික්ෂේපකයෝ පවසා සිටියහ. ඔවුන් සිතන, විස්තර කරන ලද මලක්වරයකු අපි පහළ කළ ද ඔවුන් විශ්වාස නොකළ විට අපි ඔවුන් විනාශ කරන්නෙමු. එය පහළ වන විට පාප ක්ෂමාව අයැදින තෙක් කල් දෙනු නොලැබේ.
Enam 6:9
ඔවුන් වෙත එවනු ලබන්නා මලක්වරයකු ලෙස අපි පත් කළ ද ඔහු ගැන ඇසීමට හා ඔහු ගැන කතා කිරීමට ඔවුනට හැකි වන සේ මිනිසකුගේ ස්වරූපයෙන්ම පත් කරන්නෙමු. එසේ නොවේ නම්, අල්ලාහ් ඔහු ව මවා ඇති ස්වරූපය අනුව මලක්වරයා සමග එලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. අපි ඔහු ව මිනිසෙකුගේ ස්වරූපයෙන් මැව්වේ නම් ද ඔහුගේ කටයුතු ඔවුනට කුතුහලය ඇති කරනු ඇත.
Enam 6:10
ඔබ සමග මලක්වරයකු පහළ වීම සම්බන්ධයෙන් ඔවුන් විමසා අපහාස කරන්නේ නම් ඔබට පෙර සිට සමූහයන් ඔවුන්ගේ දූතවරුන්හටද අපහාස කර ඇත. ඔවුන් කවර දෙයක් ප්රතික්ෂේප කරමින් හා අපහාස කරමින් සිටියේද ඔවුන් බිය ගන්වමින් දඬුවම ඔවුන් සර්වප්රකාරයෙන් වට කරනු ඇත.
Enam 6:11
අහෝ! දූතය, මෙම බොරුකාර අපහාස කරන්නන්හට “ඔබ මහපොළොවේ සැරිසරා අල්ලාහ්ගේ දූතවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු” යැයි පවසනු. එහි ඔවුන් ආශිර්වාදයෙන් පිරි ශක්තිමත් ව සිටිය ද පසු ව අල්ලාහ්ගේ දඬුවම ඔවුනට නියම විය.
Enam 6:12
අහෝ! දූතය, අහස්හි පාලනයත්, මහපොළොවේ පාලනයත්, ඒ දෙක අතර ඇති දෑ හි පාලනයත් කවුරුන් සතු වන්නේදැයි ඔබ විමසනු. ඒවායෙහි සර්ව රාජ්යය හිමි වන්නේ අල්ලාහ්ටමයැයි පවසනු. තම ගැත්තන්හට ඔහුගෙන් වූ අතිරේක භාග්යයක් වශයෙන් තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. එහෙයින් ඔවුන් පාප සමාව අයැද නොසිටියද ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින එක්රැස් කරන තෙක් ඔවුනට දඬුවම් දීමට ඔහු ඉක්මන් නොවෙයි. එදින පිළිබඳ කිසිදු සැකයක් නැත. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුහු අලාභවන්තයින් වූහ. ඔවුහු විශ්වාස නොකරති. එහෙයින් ඔවුන් අලාභයෙහි වැටීමෙන් තමන් ආරක්ෂා කර ගත යුතු වේ.
Enam 6:13
රාත්රියෙහි හා දහවලෙහි ලැඟුම් ගෙන සිටින සියලු දෑ හි පාලනය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු ඔවුන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Enam 6:14
අහෝ දූතය! අල්ලාහ් සමගම පිළිම හා වෙනත් දෑ නමදින, දේවත්වයට ආදේශ කරන්නන්හට ඔබ මෙසේ පවසනු; අල්ලාහ් නොවන කෙනෙකු උදව්කරුවකු වශයෙන් ගෙන, ඔහු ට සමීප වී ඔහුගෙන් මා උදව් ඉල්ලා සිටීම බුද්ධිමත් කටයුත්තක් ද? කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොව මැව්වේ ඔහුය. ඒ දෙක පෙර කිසිවකු මැව්වේ නැත. ඔහු තමන් අභිමත කරන ගැත්තන්හට පෝෂණය ලබා දෙයි. ඔහුගේ ගැත්තන් කිසිවකු ඔහුට ආහාර සපයන්නේ නැත. ඔහු තම ගැත්තන්ගෙන් පොහොසත්ය. සියලු ගැත්තන් ඔහු වෙත යැපෙන්නන් වෙති. අහෝ දූතය! ඔබ පවසනු. සැබැවින්ම මාගේ පරමාධිපති මා ඔහුට අවනත වන, ඔහුට යටත් වන පළමුවැන්නා වීමට අණ කළේය. තවද ඔහු හැර වෙනත් අය ඔහු සමග ආදේශ කරන්නන් අතරට මා පත්වීමෙන් ඔහු වළැක්වීය.
Enam 6:15
අහෝ! දූතය, මා වෙත අල්ලාහ් තහනම් කළ ෂිර්ක් හෝ වෙනත් වැරදි දෙයක් කිරීම හේතුවෙන් අල්ලාහ්ට පිටුපෑමෙන් හෝ ඔහු මට අණ කළ දේව විශ්වාසය හා ඔහුට අවනතභාවය පෙන්විය යුතු වෙනත් දෑ අතහැර දැමීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහත් දඬුවමකින් මා දඬුවම් කරනු ලැබීම ගැන මම බිය වෙමි.
Enam 6:16
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවමින් අල්ලාහ් කවරෙක් දුරස් කරන්නේද, සැබැවින්ම ඔහු සතු අල්ලාහ්ගේ ආශිර්වාදය තුළින් ඔහු සැබැවින්ම ජය ගනු ඇත. දඬුවමින් දුරස් ව ලබන මෙම ජය වෙනත් කිසිදු ජයකට සමීප කළ නොහැකි පැහැදිලි ජයග්රහණයකි.
Enam 6:17
ආදම්ගේ පුතණුවනි! අල්ලාහ්ගෙන් වූ යම් විපතක් ඔබ වෙත ළඟා වූයේ නම් එම විපත ඔබෙන් වළක්වන කිසිවකු නැත. එසේම ඔහු වෙතින් යම් යහපතක් ඔබ වෙත ළඟා වූයේ නම්, එයින් ඔහු ව වළක්වන කිසිවකුද නැත. ඔහුගේ භාග්යය පිටුදකින්නට කිසිවකු ද නැත. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. කිසිවකුට ඔහු පරාජය කළ නොහැක.
Enam 6:18
ඔහු තම පහත් ගැත්තන් අබිබවා යන්නාය. කිසිවක් ඔහු පරාජය කළ නොහැකි පරිදි ඔවුනට ඉහළින් සිටින්නාය. කිසිවකු ඔහු අබිබවා යා නොහැක. සියලු දෙනා ඔහුට යටහත් වූවෝ වෙති. ඔහු ඔහුට ගැළපෙන පරිදි ඔහුගේ ගැත්තන්ට ඉහළින් සිටියි. මැවීමේ සැලසුම් කිරීමේ හා ආගම නීතිගත කිරීමේ ඔහු මහා ප්රඥාවන්තය. සියලු තොරතුරු දන්නාය. එහෙයින් ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
Enam 6:19
අහෝ දූතය! ඔබ ව බොරු කරන, දෙවියන්ට ආදේශ කරන ජනයාගෙන් “මාගේ සත්යතාවට සාක්ෂියෙන් වඩාත් මහඟු හා වඩාත් කීර්තිමත් වන්නේ කවර කරුණක්දැයි විමසනු. මාගේ සත්යතාවට සාක්ෂියෙන් වඩාත් මහඟු හා වඩාත් කීර්තිමත් වන්නේ අල්ලාහ්ගේ සාක්ෂිය” යැයි පවසනු. ඔහු මා අතර හා ඔබ අතර සාක්ෂිකරුය. මා කවර දෙයක් ඔබ වෙත ගෙන ආවේද, ඔබ කවර දෙයක් හෙළා දකින්නේද එය ඔහු දනී. ඔබ බිය ගැන්වීම පිණිසත් එමගින් මිනිසුන් හා ජින්නුන් මම බිය ගැන්වීම පිණිසත් අල්ලාහ් මෙම කුර්ආනය මා වෙත දන්වා ඇත්තේය. අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! සැබැවින්ම අල්ලාහ් සමග නැමදුමට සුදුසු තවත් දෑ ඇති බව ඔබ විශ්වාස කරන්නෙහුය. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. ඔබ කවර දෙයක් පිළිගෙන ඇත්තේද එය ව්යාජ බැවින් මම ඒ සඳහා සාක්ෂි නොදරමි. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැත. ඔබ කවර දෙයක් ඔහුට ආදේශ කරන්නේද සැබැවින්ම මම එයින් නිදොස් වෙමි.
Enam 6:20
අප තව්රාතය පිරිනැමූ යුදෙව්වන් හා ඉන්ජීලය පිරිනැමූ කිතුනුවන් තම දරුවන් සෙසු දරුවන්ගෙන් වෙන් කර හඳුනනවාක් මෙන් පූර්ණ දැනුමකින් යුතු ව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව හඳුනති. නිරයට ඇතුළත් කිරීමෙන් තමන්ටම අලාභහානි සිදු කර ගත්තෝ ඔවුහු වෙති. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති.
Enam 6:21
අල්ලාහ්ට හවුල් කරුවෙක් සම්බන්ධ කොට ඔහු සමග ඔහුටත් ගැතිකම් කර ඔහුගේ දූතයාණන්ට පහළ කළ ඔහුගේ වදන් බොරු කරන්නාට වඩා අපරාධකුවෙකු වෙනත් නැත. සැබැවින්ම අල්ලාහ් වෙත හවුල්කරුවෙකු සම්බන්ධ කරන ඔහුගේ වදන් බොරු කරන අපරාධකරුවන් මේ සඳහා පාප සමාව අයැද නොසිටියේ නම් ඔවුන් කිසිවිටෙක ජය නොලබනු ඇත.
Enam 6:22
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගෙන් කිසිවකු අත් නොහැර ඔවුන් සියලු දෙනා එකට එක්රැස් කොට අල්ලාහ් සමග වෙනත් අය නැමදුමට ගත් ජනයාට තරවටු කරමින්: "සැබැවින්ම අල්ලාහ්ගේ හවුල් කරුවන් මොවුන් යැයි බොරු පවසා වාද කරමින් සිටි ඔබේ හවුල්කරුවන් කොහේ දැ?"යි අප විමසා සිටින අවස්ථාව මෙනෙහි කරනු.
Enam 6:23
මෙම පරීක්ෂණයෙන් පසු තමන් නැමදුම් කළ දැයින් නිදහස් වීම මිස වෙනත් කිසිදු නිදහසට කරුණු දැක්වීමක් නොවනු ඇත. තවද 'අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පරමාධිපතියාණනි! ඔබට ආදේශ කරන්නන් ලෙස අපි මෙලොවෙහි නොසිටියෙමු. ඔබව විශ්වාස කරන්නන් හා ඔබ ඒකීයත්වයට පත් කරන්නන් ලෙස සිටියෙමු යැයි ඔවුහු බොරුවට පවසති.
Enam 6:24
තමන් කළ ආදේශය තමන් නොකළ බවට පවසා තමන්ටම විරුද්ධ ව කෙසේ බොරු කියන්නේ දැයි, නබි මුහම්මද්, අවධානයෙන් බලනු. ඔවුන්ගේ මෙලොව ජීවිතයේ අල්ලාහ් සමග හවුල්කරුවන් ලෙස ඔවුන් පත් කර ගත් දෑ ඔවුන් අතහැර දමා ඔවුන්ගෙන් සැඟ වී ගොස් ඇත.
Enam 6:25
අහෝ! දූතය, අල්ලාහ්ට ආදේශ තබන්නන් අතුරින් ඔබ කුර්ආනය කියවන විට ඔබට සවන් දෙන්නන්ද වෙති. නමුත් ඔවුන් සවන් දෙන දැයින් ඔවුන් ප්රයෝජන ලබන්නේ නැත. ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන්ගේ දැඩි ප්රතික්ෂේපය හේතුවෙන් අල් කුර්ආනය වටහා ගත නොහැකි පරිදි ඔවුන්ගේ හදවත් මත ආවරණයක් අපි තැබුවෙමු. තවද ප්රයෝජනවත් වන අයුරින් සවන් දීමට නොහැකි පරිදි ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ඇති කළෙමු. පැහැදිලි සාධක හා පැහැදිලි සංඥා ඔවුන් දුටුවද ඒ පිළිබඳ ඔවුහු විශ්වාස නොකරති. සත්ය තුළ පවතින අසත්ය පිළිබඳ ඔබ සමග ඔවුන් වාද කිරීමට පැමිණ, ඔබ කවර දෙයක් ගෙන ආවේද එය මුල් අයගේ පුස්තක වලින් ගන්නා ලද දෙයක් මිස නැතැයි කියන තරමට ඔවුන් එය විශ්වාස නොකළෝය.
Enam 6:26
රසූල්වරයා විශ්වාස කිරීමෙන් ඔවුන් ජනයා වළක්වා ඔහුගෙන් දුරස් කරති. එයින් ප්රයෝජන ලබන කිසිවකු අතහැර නොදමති. එමගින් ඔවුන් ප්රයෝජනය නොලබති. ඔවුන් ගේ ක්රියාව ඔවුන් ව මිස විනාශ කර නොදමනු ඇත. තමන් ක්රියා කරන දෑ තමන්ට විනාශය ගෙන දෙන්නක් බව ඔවුහු නොදනිති.
Enam 6:27
අහෝ! දූතය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට ඔවුහු කනස්සල්ලෙන් “අහෝ මෙලොව ජීවිතය වෙත නැවත අප යොමු කරනු ලබන්නේ නම් අල්ලාහ්ගේ වදන් අපි බොරු නොකරන්නෙමු. අල්ලාහ් ගැන විශ්වාසය තැබූවන් අතුරින් වන්නෙමු” යැයි පවසනු ඔබ දුටුවේ නම් ඔවුන්ගේ පුදුමාකාර නරක තත්ත්වය ඔබ දකිනු ඇත.
Enam 6:28
තමන් නැවත හරවා යවනු ලැබුවේ නම් දෙවියන් විශ්වාස කරන්නේ යැයි ඔවුන් පවසන අයුරින් එම කරුණ පවතින්නේ නැත. ඔවුන්ගේ ශරීරි අවයව ඔවුනට එරෙහි ව සාක්ෂි දරන විට, (අල්ලාහ් මත දිවුරා පවසමි, අපි ආදේශ කරන්නන් නොවූයෙමු යැයි පවසා) ඔවුන් සගවා සිටි ඔවුන්ගේ ප්රකාශය ඔවුනට හෙළිවනු ඇත. සැබැවින්ම ඔවුන් මෙලොවට නැවත එවනු ලබන්නට නියම කරනු ලැබුවත් ඔවුනට තහනම් කරන ලද දේව ප්රතික්ෂේපය හා දෙවියන්ට ආදේශ තැබීම වෙත නැවත යොමු වනු ඇත. සැබැවින්ම තමන් නැවත හරවා යවනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන බවට වූ ඔවුන්ගේ තර්කයෙහි ඔවුන් බොරුකාරයෝය.
Enam 6:29
අප කවර ජීවිතයක සිටින්නේද එම ජීවිතය හැර වෙනත් ජීවිතයක් නැත. විනිශ්චය සඳහා අපි යළි අවදි කරනු නොලබන්නෙමු යැයි දෙවියන්ට ආදේශ තැබූ මොවුහු පවසා සිටියහ.
Enam 6:30
අහෝ දූතය! ඔබේ පරමාධිපති ඉදිරියේ යළි අවදි කිරීම ප්රතික්ෂේප කළවුන් සිටුවා තබනු ලබන අවස්ථාව ඔබ දුටුවේ නම් අල්ලාහ් ‘ඔබ බොරු කරමින් සිටි යළි අවදි කිරීමේ මෙම අවස්ථාව කිසිදු සැකයකට හෝ කුතුහලයකට ඉඩක් නැති සැබෑවක් හා ස්ථිර කරුණක් නොවීදැයි විමසා සිටියදී ඔවුහු “අප ව මැවූ අපගේ පරමාධිපති මත දිවුරමු. සැබැවින්ම එය සත්යයකි. එහි කිසිදු සැකයක් නැත. ස්ථීරය.” යැයි පවසති. එවිට ඒ සම්බන්ධයෙන් අල්ලාහ් ඔවුනට මෙසේ පවසයි. “අද දිනය පිළිබඳ ඔබ ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔබ දඬුවම භුක්ති විඳිනු. ඔබ එය මෙලොව ජීවිතයෙහි බොරු කරමින් සිටියෙහුය.” මෙමගින් ඔවුන්ගේ නපුරු තත්ත්වය පුදුමයෙන් බලනු ඇත.
Enam 6:31
කිසිදු පූර්ව දැනුමකින් තොරව ක්ෂණික ව අවසන් මොහොත ඔවුන් වෙත පැමිණෙන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කොට, අල්ලාහ් ඉදිරියේ සීරුවෙන් සිටීමෙන් දුරස්වන්නට අපේක්ෂා කළවුන් පාඩු වින්දහ. තමන්ට අත් වූ දැඩි කනස්සල්ල හේතුවෙන් “අහෝ! අපගේ විනාශය, අපගේ සිතුවිලි වල භයානක කම, අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහු ව විශ්වාස කිරීමෙන් වැළකී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට සූදානම් නොවන අයුරින් අප හකුළුවා දැමුවේ කුමක් දැ?"යි ඔවුන් පවසති. ඔවුහු ඔවුන්ගේ පිටවල් මත ඔවුන්ගේ පාපකම් උසුලමින් සිටිති. එම පාපකම් උසුලා ගෙන සිටීම කෙතරම් අවලස්සනද?!
Enam 6:32
අල්ලාහ් තෘප්තියට පත්වන දෑ සිදු නොකරන්නන්හට ඔබ ගත කරන මෙලොව ජීවිතය විහිළුවක් හා රැවටීමක් මිස නැත. විශ්වාසය කරන මෙන් අණ කරනු ලැබූ දා ක්රියාවට නංවා ඔහුට අවනත වී තහනම් කරනු ලැබූ දෙවියන්ට ආදේශ කිරීම පාපකම් කිරීම යනාදිය අතහැර දමා අල්ලාහ්ට බැතිමත් වන්නන් හට මතුලොව නිවහන උතුම් වන්නේය. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි, ඒ ගැන ඔබ වටහා ගෙන විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ යුතු නොවේද?
Enam 6:33
අහෝ! දූතය, ඔවුන් එළිපිටම ඔබට කරන බොරුව ඔබ දුකට පත් කරන බව සැබැවින්ම අපි දනිමු. නමුත් ඔවුන්ගේ සිත් තුළ ඔබ ව බොරු නොකරන බව දැන ගනු. ඔබේ සත්ය බවත් විශ්වාසනීය බවත් ඔවුන් දනිති. එනමුත් ඔවුහු ඔබේ නියෝගය එළිපිට පිළිකුල් කරන පිරිසකි. ඔවුන්ගේ සිත් තුළ ඒ ගැන තරයේම විශ්වාස කරති.
Enam 6:34
සැබැවින් මෙම බොරු කිරීම ඔබ ගෙන ආ දෑ ට පමණක් අදාළ වන බව ඔබ නොසිතන්න. ඔබට පෙර සිටි දූතවරුන් පවා බොරු කරනු ලැබූහ. ඔවුන්ගේ සමූහයා ඔවුන්ට වේදනා දුන්හ. අල්ලාහ්ගෙන් උදව් උපකාර ඔවුන් වෙත පැමිණෙන තෙක් අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් පරිශ්රමය දරමින් දහම ප්රකාශ කරමින් ඉවසීමෙන් ඒවාට මුහුණ දුන්හ. අල්ලාහ් නියම කළ උපකාරය හා තම දූතවරුන්ට ලබා දුන් ප්රතිඥාව වෙනස් කරන්නෙකු නොවේ. අහෝ! දූතය, ඔබට පෙර සිටි දූතවරුන් ගැනත් ඔවුන්ගේ සමූහයන් නිසා ඔවුන් මුහුණ දුන් දෑ ගැනත් ඔවුනට එරෙහි සතුරන් විනාශ කරමින් ඔවුන්ට අල්ලාහ් කළ උපකාරය ගැනත් තොරතුරු ඔබ වෙත පැමිණ ඇත.
Enam 6:35
අහෝ! දූතය, ඔබ කවර සත්යයක් ඔවුන් වෙත ගෙන ආවේද එය ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් හා බොරු කිරීමෙන් ඔබ මුහුණ දෙන දෑ ඔබට දුෂ්කර වී නම් මහපොළොවේ උමගක් හෝ අහසට නගින ඉණිමගක් සොයා ගොස් අපි ඔබ ව කවර කරුණකින් තහවුරු කර සිටියේද එය හැර වෙනත් සාධක හෝ සාක්ෂි ඔවුන් වෙත ගෙන එන්නට හැකිවන්නේ නම් එය කරනු. ඔබ කවර දෙයක් ගෙන ආවේද එම යහමග මත ඔවුන් එක්රැස් කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔහු ඔවුන් එක්රැස් කරනු ඇත. නමුත් එය ප්රඥාවන්ත කටයුත්තක් නොවේ. එබැවින් ඔබ ඒ හේතුකොටගෙන අඥානයින්ගෙන් කෙනෙකු නොවන්න. ඔවුන් විශ්වාස නොකිරීම ගැන පවතින දුක ඔබේ සිතින් පහ කර දමන්න.
Enam 6:36
ඔබ ගෙන ආ දෑ පිළිගනිමින් ඔබට පිළිතුරු දෙනුයේ ප්රකාශයට සවන් දී එය වටහා ගන්නන්ය. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ මළවුන් මෙනි. ඔවුනට කිසිදු කරුණක් නැත. ඔවුන්ගේ හදවත් මිය ගොස් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් යළි අවදි කරවයි. පසු ව ඔවුන් පෙර සිදු කළ දෑ ට ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු වෙතටම යොමු කරනු ලබති.
Enam 6:37
දෙවියන්ට ආදේශ තබන්නෝ විශ්වාස කිරීමට අදිමදි කරමින් හා මුරණ්ඩුකමින් මුහම්මද් ගෙන ආ දෑ හි සත්යතාව තහවුරු කරන්නට ඔහුගේ පරමාධිපතිගෙන් සුපිරි සාධකයක් ඔහු මත පහළ කරනු ලැබිය යුතු නොවේදැයි විමසති. අහෝ! දූතය, ඔවුන් සිතන පරිදි සාධකයක් පහළ කිරීමට සැබැවින්ම අල්ලාහ්ට හැකියාව ඇත. නමුත් සාධකයක් පහළ කරන මෙන් ඉල්ලා සිටින මෙම දේව ආදේශකයින් බොහෝ දෙනා සැබැවින්ම සාධක පහළ වීම අල්ලාහ්ගේ ප්රඥාවට අනුකූල වූවක් බව නොදනිති. එය ඔවුන් පතන දෑට අනුකූල වන දෙයක් නොවේ. එසේ ඔහු එය පහළ කොට පසු ව එය ඔවුන් විසින් විශ්වාස නොකළේ නම් ඔවුන් ව ඔහු විනාශ කර දමනු ඇත.
Enam 6:38
අහෝ! ආදම්ගේ පුතණුවනි, මහපොළොව මත සැරසරන සතුන් හෝ වේවා අහස්හි පියාසර කරන පක්ෂීන් හෝ වේවා ඔවුන්ද මැවීමෙහි හා ආහාර පහසුකම් සැපයීමේ ඔබ මෙන් වූ වර්ගයකි. ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයෙහි සියල්ල සටහන් කර මිස අප කිසිවක් අතහැර දැමුවේ නැත. සියලු දෑ හි දැනුම අල්ලාහ් අබියස ඇත්තේය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තීන්දු දෙනු පිණිස ඔවුන් එක්රැස් කරනු ලබනුයේ ඔවුන්ගේ පරමාධිපති වෙත පමණය. සෑම කෙනෙකුටම ඒ ඒ අයට සරිලන ප්රතිඵල ඔහු පිරිනමනු ඇත.
Enam 6:39
තමන්ට නොඇසුණු බිහිරෙකු මෙන් හා කතා නොකරන ගොළුවෙකු මෙන් අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුන් ඒ සමගම නොදැකිය හැකි අන්ධකාරයන්හි සිටිති. මෙවන් තත්ත්වයක සිටින්නා යහමග ලබනුයේ කෙසේද? අල්ලාහ් කවරෙකු ජනයා අතුරින් නොමග හරින්නට සිතන්නේද ඔහු ඔහු ව නොමග යන්නට ඉඩ හරිනු ඇත. කවරෙකුට ඔහු මග පෙන්වන්නට අභිමත කරන්නේද කිසිදු අඩුවකින් තොරව ඍජු මාර්ගයේ ගමන් කරන්නට ඔහු ඉඩ සලසා යහමග යොමු කරනු ඇත.
Enam 6:40
අහෝ! දූතය, මෙම ආදේශ තබන්නන්හට ඔබ මෙසේ පවසනු. “අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ඔබ වෙත පැමිණියේ නම් හෝ ඔබට ප්රතිඥා දුන් අවසන් හෝරාව ඔබ වෙත පැමිණියේ නම්, ඔබ නමදින පිළිමවල් ඔබට ප්රයෝජන ගෙන දෙනු ඇතැයි හෝ හානිය වළක්වනු ඇතැයි පවසන ඔබ සැබැවින්ම සත්යවාදීහු නම්, ඔබට අත්වන දුෂ්කර හා පරීක්ෂණ ගැන අල්ලාහ් හැර වෙනත් දේ ඔබට දන්වනු ඇතැයි ඔබ පතන්නෙහුදැ? යි මට දන්වනු මැනව.”
Enam 6:41
එවිට සත්යය නම්; ඔබගෙන් පරීක්ෂණ ඉවත් කිරීමටත් ඔහු අභිමත කළේ නම්, ඔබට අත් වූ හානිය පහ කිරීමටත් ඔබ ව මැවූ අල්ලාහ් හැර වෙනකක් ඔබ අයැද නොසිටීමයි. මන්ද එයට භාරකරු ඔහුය. ඒ සඳහා ඔහුට බලය ඇත. අල්ලාහ් සමග ඔබ ආදේශ තබා නැමදූ දෑ වනාහි සැබැවින්ම ඒවා ඵලක් නොදෙන බවත් හානියක් ඇති නොකරන බවත් ඔබ දැනගත් හෙයින් ඔබ ඒවා අතහැර දමනු ඇත.
Enam 6:42
අහෝ! දූතය, ඔබට පෙර විසූ සමූහයන් වෙත අපි දූතයන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. ඔවුහු ගෙන ආ දෑ ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ පරමාධිපතිට යටහත් වී ඔහුට තම පහත්භාවය ඉදිරිපත් කරනු පිණිස සාගින්න වැනි දුෂ්කරතාවන්ගෙන්, රෝගීභාවය වැනි ශරීරයට වේදනා ගෙන දෙන දැයින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු.
Enam 6:43
ඔවුන් වෙත අපගේ පරීක්ෂණ පැමිණි විට ඔවුන් අල්ලාහ්ට යටහත් පහත් ව කටයුතු කළේ නම් ඔවුන්ගෙන් එම පරීක්ෂණ ඔහු ඉවත් කරනු ඇත. ඔවුනට කරුණාව දක්වනු ඇත. නමුත් ඔවුහු එසේ කටයුතු නොකළෝය. ඔවුන්ගේ හදවත් දැඩි විය. ඔවුහු පාඩම් නොලැබූහ. උපදෙස් නොලැබූහ. ඔවුන් සිදු කරමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් ෂෙයිතාන් ඔවුනට අලංකාර කරවීය. ඔවුන් සිදු කරමින් සිටි දෑ හි අඛණ්ඩ ව සිටියහ.
Enam 6:44
දැඩි සාගින්න, රෝගීභාවය වැනි කරුණු ඉදිරිපත් කරමින් උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුන් අතහැර දමා අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක නොකළ කල්හි ඔවුන් වෙත පෝෂණයේ දොරටු පියවරෙන් පියවර විවෘත කළෙමු. සාගින්නෙන් පසු ඔවුන් පොහොසතුන් බවට පත් කළෙමු. රෝගී තත්ත්වයෙන් පසු ඔවුන්ගේ ශරීරයට සුවය දුනිමු. ඔවුනට ඉහවහා ගිය පහසුකම් ඇති වන තෙක් එසේ සිදු කළෙමු. ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ වෙනුවට පුදුම සහගත දෙයක් ඔවුන් ග්රහණය කළේය. අනපේක්ෂිත අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණියේය. එවිට ඔවුන් තමන් සිතමින් සිටි දෑ ගැන නිරායාසයට පත් ව කුතුහලයෙන් පෙළෙනු ඇත.
Enam 6:45
විනාශය තුළින් ඔවුන් සියලු දෙනා තුරන් කොට අල්ලාහ්ගේ දූතවරුන්ට ජයග්රහණය ලබා දී ප්රතික්ෂේපයේ නිරත වූ අවසාන වැසියන් මුළුමණින්ම විනාශ කරන ලදී. තම සතුරා විනාශ කොට තම මිතුරන්හට උදව් කිරීම වෙනුවෙන් වූ කෘතඥතාව හා ප්රශංසාව ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ට පමණක් සතුය.
Enam 6:46
අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “ඔබේ සවන් ආවරණය කරමින් අල්ලාහ් ඔබව බිහිරන් බවට පත් කොට, ඔබේ බැල්ම පැහැර ගනිමින් අන්ධයන් බවට පත් කොට, කිසිවක් ඔබට වටහා ගත නොහැකි පරිදි ඔබේ හදවත් මත මුද්රා තැබුවේ නම්, එමගින් ඔබට අහිමි වූ දෑ නැවත ඔබ වෙත ගෙන එන්නට සැබෑ නැමදුම් ලබන කිසිවකු වෙත්දැයි මා වෙත දන්වා සිටිනු.” අහෝ! දූතය, අපි ඔවුනට සාක්ෂි හා විවිධ සාධක පැහැදිලි කරනුයේ කෙසේදැයිද, පසුව ඔවුන් එය ප්රතික්ෂේප කරනුයේ කෙසේ දැයි ද මදක් සිතා බලන්න.
Enam 6:47
අහෝ! දූතය, ඔබ ඔවුනට මෙසේ පවසනු. “ඔබ ඒ ගැන නොසිතන මොහොතක අනපේක්ෂිත ලෙස අල්ලාහ්ගේ දඬුවමක් ඔබ වෙත පැමිණියේ නම් හෝ ඇස් ඉදිරිපිට එළිමහනේ ඔබ වෙත පැමිණියේ නම් හෝ සැබැවින්ම එයින් ග්රහණය කරනු ලබනුයේ අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින්, ඔහුගේ දූතයාණන් බොරු කරමින්, අපරාධ කළවුන් මිස වෙනත් කිසිවකු නොවේ.
Enam 6:48
දෙවියන් විශ්වාස කරන, ඔහුට අවනත වන ජනයාට කිසිදු කප්පාදුවකින් හෝ විසන්ධි කිරීමකින් තොරව ඔවුන් සතුටු වන සදා සැප පහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වා සිටීමටත්, දෙවියන් ප්රතික්ෂේප කරන ඔහුට පිටුපාන ජනයාට අපගේ දැඩි දඬුවම ඇතැයි ඔවුන් බිය ගැන්වීමටත් මිස අපගේ දූතවරුන් අපි නොඑව්වෙමු. එබැවින් ඔවුන් එම රසූල්වරුන් විශ්වාස කළ යුතුය. තම ක්රියාවන් විධිමත් කළ යුතුය. ඔවුන් මතු ලොවෙහි මුහුණ දෙන දෑ පිළිබඳ ඔවුනට කිසිදු බියක් නැත. ඔවුන් දුකට පත්වන්නේද නැත. මෙලොව ඔවුනට අහිමි වූ කොටස් පිළිබඳ ඔවුන් පසුතැවෙන්නේ ද නැත.
Enam 6:49
අපගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් අල්ලාහ්ට අවනතවීමෙන් බැහැර වූ බැවින් ඔවුනට දඬුවම අත් විය.
Enam 6:50
අහෝ දූතය! දෙවියන් ප්රතික්ෂේප කරන මොවුනට පවසනු. “සැබැවින්ම මා අබියස අල්ලාහ්ගේ පෝෂණ සම්පත් තිබී ඒවා මා කැමති අයට බෙදා දෙමි යැයි මම ඔබට නොපවසමි. එමෙන්ම අල්ලාහ් මා වෙත පෙන්වා දුන් දේව පණිවිඩ මිස වෙනත් ගුප්ත දෑ මා දනිමි යැයි ද මම ඔබට නොපවසමි. එමෙන්ම සැබැවින්ම මම මලක්වරුන් අතුරින් මලක්වරයකු යැයිද මම ඔබට නොපවසමි. මම අල්ලාහ්ගෙන් වූ දූතයකු පමණි. මා වෙත එවන ලද පණිවිඩ මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරමි. මට අදාළ නොවන දෑ ගැන මම වාද නොකරමි. අහෝ! දූතය, තවදුරටත් ඔවුනට ඔබ මෙසේ පවසනු. සත්යය නොදැක අන්ධ වූ දේව ප්රතික්ෂේපකයා හා සත්යය බලා එය විශ්වාස කළ දේව විශ්වාසියා යන දෙදෙනා එක සමාන වේද? මෙම වදන් ඔබ ව හරවන්නේ කොතැනකට දැයි ඔබ බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද?”
Enam 6:51
අහෝ! දූතය, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුකු කළ හැකි වනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපති වෙත රැස් කරනු ලැබ එවිට අල්ලාහ් හැර ඔවුනට සෙත සලසන්නට කිසිදු භාරකරුවකු නොමැති බවටත් ඔවුන්ගෙන් හානිය නිවාරණය කරන මැදිහත්කරුවකු නොමැති බවටත් බියවන්නන්හට මෙම කුර්ආනය මගින් අවවාද කරනු. එවිට ඔවුහු මෙම කුර්ආනය මගින් ප්රයෝජනය ලබනු ඇත.
Enam 6:52
දහවල ආරම්භයේ ද එහි අවසානයේ ද අල්ලාහ්ට අවංක ව නැමදුම් කරන දිළිඳු මුස්ලිම්වරුන් ඔබේ සභාවෙන් දුරස් නොකරන්න. දෙවියන්ට ආදේශ තබන්නන්ගේ ප්රධානීන් වෙත නැඹුරු වීම සඳහා ඔබ ඔවුන් දුරස් නොකරන්න. මෙම දිළිඳු අය පිළිබඳ කිසිදු විනිශ්චයක් ඔබ මත පැවරෙන්නේ නැත. ඔවුන්ගේ විනිශ්චය ඔවුන්ගේ පරමාධිපති අබියසය. ඔබ ගැන කිසිදු විනිශ්චයක් ඔවුන් මත පැවරෙන්නේද නැත. සැබැවින්ම ඔවුන් ව ඔබේ සභා ගර්භයෙන් ඔබ දුරස් කරන්නෙහි නම් ඔබ අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අය අතරට පත් වන්නෙහිය.
Enam 6:53
එලෙස අපි ඇතැමෙක් ඇතැමෙකු විසින් පරීක්ෂාවට ලක් කළෙමු. මෙලොව ඔවුනට හිමි කොටස් වලදී උස් පහත් වෙනස්කම් සහිත ව අපි ඔවුන් පත් කළෙමු. එමගින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. දේව ප්රතික්ෂේපකයෝ දේව විශ්වාසී දිළිඳුන් දෙස බලා “අල්ලාහ් අප අතර උසස් කර ඇත්තේ මෙම දිළිඳු ජනයා දැ”යි විමසති. විශ්වාසය යහපත් ලෙස තිබුණේ නම් ඒ වෙත අපි අබිබබා නොයන්නෙමු. අබිබවා යන්නෝ අපමය. තම ආශිර්වාදයට තුති පුදකරන්නන් කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දැන එම විශ්වාසය වෙනුවෙන් ඔහු ඔවුනට ආශිර්වාද නොකරනු ඇත්ද? එය ප්රතික්ෂේප කරන්නන් කවුරුන්දැයි ඔහු මැනවින් දැන ඔවුන් අවමානයට පත් නොකරනු ඇත්ද? නමුත් ඔවුන් විශ්වාසය කරති. එසේය, සැබැවින්ම අල්ලාහ් ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය.
Enam 6:54
අහෝ! දූතය, ඔබ ගෙන ආ දෑ තහවුරු කරන අපගේ සාක්ෂි හා සාධක විශ්වාස කරන්නන් ඔබ වෙත පැමිණි විට ඔවුනට ගෞරව කරමින් ඔවුන් වෙත සලාම් පවසන්න. ගෞරවයෙන් පිළිතුරු සපයමින් කරුණාව තමන් වෙත අල්ලාහ් අනිවාර්යය කර ගෙන ඇතැයි යන සුභාරංචිය පවසන්න. ඔබ අතුරින් කිසිවකු අඥාන හා මෝඩ කමින් වරදක් සිදු කොට, පසු ව ඒ සඳහා පාප සමාව අයැද, තම ක්රියාවන් විධිමත් කර ගත්තේ ද ඔහු කළ වරදට අල්ලාහ් ඔහුට සමාව දෙන්නේය. තම ගැත්තන් අතුරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද එවැන්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණිකය.
Enam 6:55
මෙනෙහි කරනු ලැබිය යුතු දෑ අපි ඔබට පැහැදිලි කළාක් මෙන්ම අපගේ සාධක හා සාක්ෂි අසත්යයේ සිටින ජනයාහටත් පැහැදිලි කරන්නෙමු. වැරදිකරුවන් හා ඔවුන්ගේ පිළිවෙත පැහැදිලි කිරීමෙන් එයින් වැළකෙන්නටත් ප්රවේශම් වන්නටත් හැකි වනු ඇත.
Enam 6:56
අහෝ! දූතය, අල්ලාහ් හැර ඔබ නමදින දෑට නැමදුම් කිරීමෙන් සැබැවින්ම මා අල්ලාහ් විසින් වළක්වා ඇත. අහෝ දූතය! ඔබ මෙසේ පවසන්න. “අල්ලාහ් හැර වෙනත් අයට නැමදුම් කිරීමෙහි ඔබේ ආශාවන් මම පිළිනොපදිමි. එම විෂයයෙහි ඔවුන්ගේ ආශාවන් මා පිළිපැද්දා නම් සත්ය මාර්ගයෙන් දුරස් ව මුළාවූවෙකු බවට පත් වෙමි. ඒ වෙත මග නොලබමි. මේ සියල්ල අල්ලාහ්ගෙන් වූ සාධක වලින් තොර ව ආශාවන් පිළිපැද්ද අයට වෙති.
Enam 6:57
අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “සැබැවින්ම මම ආශාවන් මත නොව මාගේ පරාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටිමි. මෙම සාධක ඔබ බොරු කළෙහිය. ඔබ ඉල්ලා සිටින පරිදි සුපිරි සංඥාවක් හෝ ඔබ ඉක්මණින් පතන පරිදි දඬුවමක් හෝ මා ළඟ නැත. සැබැවින්ම එය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔබ පතන සියලු දෑ හි තීන්දුව පිහටනුයේ ඔහු මත පමණි. ඔහු සත්ය පවසයි. ඒ අනුව තීන්දු පිරිනමයි. සුවිශුද්ධ ඔහු පැහැදිලි කරන්නන් අතුරින් ශ්රේෂ්ඨය. අසත්යයෙන් සත්යය වෙන් කර පැහැදිලි කරන්නාය.”
Enam 6:58
අහෝ! දූතය, තවදුරටත් ඔවුනට මෙසේ පවසනු. ඔබ ඉක්මන් කරන මෙන් පතන දඬුවම මා ළඟ, මාගේ අතෙහි වී නම් එය මා ඔබ වෙත පහළ කරමි. එවිට මා හා ඔබ අතර වන විෂය තීන්දු කරනු ලබනු ඇත. සැබැවින්ම අපරාධකරුවන්ට කොපමණ අවකාශයක් ලබා දිය යුතුද ඔවුනට දඬුවම් කළ යුත්තේ කවදාද යන්න වග අල්ලාහ් මැනවින් දන්නාය.
Enam 6:59
ගුප්ත දෑ හි භාණ්ඩාගාරය ඇත්තේ අල්ලාහ් අබියසය. ඒ ගැන වෙනත් කිසිවකු නොදනී. මහපොළොවේ ඇති සතුන්, ගහකොළ හා භෞතික වස්තූන් යන සියලු මැවීම් ගැන ඔහු දනී. එමෙන්ම සාගරයේ ඇති සතුන්, පැළෑටී හා භෞතික සම්පත් පිළිබඳවත් ඔහු දනී. ගහකින් වැටෙන කොළයක් කවර ස්ථානයක වැටෙන්නේ දැයි යන වගත් ඔහු මැනවින් දනී. මහපොළොව තුළ සැඟ වී ඇති ධාන්ය බීජයක් හෝ තෙත සහිත හෝ වියළි ධාන්ය බීජයක් හෝ වේවා එය පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයයි.
Enam 6:60
නින්දේදී ඔබේ ප්රාණය නියමිත වේලාවක් ග්රහණය කොට තබා ගන්නේ අල්ලාහ්ය. ඔබ අවදිව සිටින අවස්ථාවේ දහවල් කාලයේ ඔබ කුමන දෙයක් උපයන්නේ දැයි මැනවින් දන්නේ ඔහුය. පසු ව නින්දේදී ඔබේ ප්රාණය අත්පත් කර ගත් පසු ව ඔබේ රාජකාරීන් සිදු කරනු පිණිස යළි ඔහු ඔබ ව අවදි කරවයි. මෙසේ අල්ලාහ් අබියස නියම කරන ලද ඔබේ ජීවිත කාලය අවසන් වන තෙක්ම සිදුවන අතර අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින යළි අවදි කරවා ඔබ ව යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ සිදුකරමින් සිටි දෑ පිළිබඳ ඔහු ඔබට දැනුම් දෙනු ඇත. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
Enam 6:61
තම ගැත්තන් අබිබවා යන්නා අල්ලාහ්ය. (ඔවුන්ගේ ක්රියා නිසා) ඔවුන් පහත් කරනුයේද ඔහුය. සියලු ආකාරයන්ගෙන් ඔහු ඔවුනට ඉහළින් සිටියි. සියලු දෑ ඔහුට යටත්ය. ඔහුගේ ගැත්තන්ට ඉහළින් ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි ඔහු ඉහළින් සිටියි. අහෝ! ජනයිනි, ප්රාණය අත්පත් කර ගන්නා මලකුල් මව්ත් හා ඔහුගේ උදව්කරුවන් ඔබගේ ජීවිත ඩැහැ ගන්නා තෙක් ඔබ කරන ක්රියාවන් සටහන් කරන ගෞරවනීය මලක්වරුන් ඔබ වෙත ඔහු එවනු ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලබන්නේද එහි ඔවුන් කිසිදු අඩුවක් නොකරනු ඇත.
Enam 6:62
පසු ව අත්පත් කර ගනු ලැබූ ඔවුන්ගේ සියලු ආත්මාවන් ඔවුන්ගේ සැබෑ අයිතිකරු අල්ලාහ් වෙත පෙරළා එවනු ලැබේ. එය ඔහු ඔවුන්ගේ ක්රියාවන්ට ප්රතිඵල පිරිනැමීම පිණිසය. ඔවුන් අතර යුක්තිය, නීතිය හා විවෘත තීන්දු ලබා දීමේ අයිතිය ඔහු සතුය. ඔබේ ක්රියාවන් ඉතා ශීඝ්රයෙන් ගණන් බලා විනිශ්චය කරන්නා ඔහුය.
Enam 6:63
අහෝ! දූතය, මහ මුහුදේ හා ගොඩබිමෙහි අන්ධකාරයෙහි පැවතින ව්යසනයන් ගෙන් ඔබ ව ආරක්ෂා කොට සාමකාමී තත්ත්වයට පත් කරනුයේ කවුදැයි දෙවියන්හට ආදේශ තබන මොවුන්ගෙන් විමසනු. “මෙම ව්යසනයෙන් අපගේ පරමාධිපති අප මුදා ගන්නේ නම් ඔහු හැර වෙනත් කිසිවකු නැමදුමට නොගෙන ඔහු අප මත කළ ආශිර්වාදය සඳහා කෘතඥතාව පුද කරන්නන් අතුරින් වන්නේමු” යැයි රහසිගත ව හා එළිමහනේ ඉතා තැන්පත් ව, යටහත් පහත් ව ඔබ ඔහු පමණක් ඇරයුම් කරනු ඇත.
Enam 6:64
අහෝ! දූතය, ඔවුනට ඔබ පවසනු. එයින් ඔබ ව මුදවා ගනුයේ අල්ලාහ්ය. සියලුම දුක් කරදර වලින් ඔබට ආරක්ෂාව සලසනුයේ ඔහුය. නමුත් ඔබ ප්රීතියෙන් සිටින අවස්ථාවෙහි ඔහු සමග ඔහු හැර වෙනත් දෑ හවුල් කරමින් පතන්නෙහුය. ඔබ මෙසේ ක්රියා කිරීමට වඩා වෙනත් කවර අපරාධයක් තිබිය හැකිද?
Enam 6:65
අහෝ! දූතය, ඔබ වෙත දඬුවමක් එවීමට අල්ලාහ් බලය ඇත්තාය. එය ඔබට ඉහළින් ගල්වර්ෂා, අකුණු හා සුළී සුළං වැනි ව්යසනයන්ගෙන් පැමිණිය හැක. එමෙන්ම ඔබට පහළින් භූමි කම්පා, භූමි ගිලගැනීම් වැනි ව්යසනයන්ගෙන් පැමිණිය හැක. එසේ නැතහොත් ඔබේ හදවත් අතර මතභේද ඇති කරවා, තමන් තමන්ගේ කැමැත්තට අනුව කටයුතු කරන්නට සලස්වා, ඇතැමුන් විසින් ඇතැමෙකු ඝාතනය කිරීම තුළින් ද පැමිණිය හැක. අහෝ! දූතය, මෙවන් සාධක හා සංඥා විවිධත්වයෙන් යුතු ව ගෙන හැර පා ඔබ ගෙන ආ දෑ සත්යය බවත් ඔවුන් අබියස ඇති දෑ ව්යාජ බවත් ඔවුන් වටහා ගනු පිණිස ඒවා අප පැහැදිලි කරනුයේ කෙසේ දැයි මදක් සිතා බලන්න.
Enam 6:66
ඔබේ ජනයා මෙම කුර්ආනය බොරු කරති. සැබැවින්ම එය, කිසිදු සැකයකට ඉඩ නැති අල්ලාහ්ගෙන් වූවක් බව සත්යයකි. අහෝ! දූතය, ඔබ ඔවුනට මෙසේ පවසනු. ඔබ ව අධීක්ෂණය කිරීමට මා වෙත පැවරී නැත. පැමිණිය හැකි දැඩි දඬුවම් පිළිබඳ ඔබ අතර අවවාද කරන්නෙකු ලෙස මිස මම නැත.
Enam 6:67
සෑම පුවතකටම එය සමථයකට පත් කිරීමට කාලයක් ඇති අතර එය අවසන් කරවන අවසානයක් ද ඇත. ඔබේ ඉරණම සහ දඬුවම පිළිබඳ පුවතත් ඒ අතුරින් එකකි. මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ එය ඔබ දැන ගනු ඇත.
Enam 6:68
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අපගේ වදන් විහිළුවට හා හෑල්ලුවට ගනිමින් කතා කරනු ඔබ දුටුවෙහි නම් ඔවුන් එසේ අපගේ වදන් විහිළුවට හා හෑල්ලුවට නොගෙන වෙනත් කතාවකට ඔවුන් ප්රවේශ වන තෙක් ඔබ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. ෂෙයිතාන් ඔබට එය අමතක කරවා ඔවුන් සමග ඔබ වාඩි වී පසු ව ඒ ගැන ඔබට මතක් වූ විට ඔවුන්ගේ සභා ගර්භයෙන් ඉවත් ව යනු. සීමාව ඉක්මවා ගිය ඔවුන් සමග ඔබ වාඩි නොවනු.
Enam 6:69
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් මත, මේ අපරාධකරුවන් පිළිබඳ කිසිදු විනිශ්චයක් පැවරෙන්නේ නැත. ඔවුන් මත පැවරෙන්නේ ඔවුන් සිදුකරමින් සිටින පිළිකුල් සහගත දැයින් ඔවුන් වැළැක්වීමයි. එය ඔවුන් අල්ලාහ්ට භක්තිමත් ව කටයුතු කර ඔහුගේ නියෝග පිළිපැද ඔහු වැළැක් වූ දෙයින් වැළකී සිටීමට ඔවුනට හැකි වනු පිණිසය.
Enam 6:70
අහෝ දූතය! තම දහම විහිළුවට හා සෙල්ලමට ගනිමින්, එයට අපහාස කරමින් හා එය නින්දාවට පත් කරමින් කටයුතු කරන දේවත්වය ආදේශ කරන්නන් නුඹ අත්හැර දමනු. මෙලොව ජීවිතයේ ඇති පහත් වින්දනයන් හේතුවෙන් එය ඔවුන් රවටා දමා ඇත. අහෝ නබිවරය! තමන් උපයා ගත් පාපය හේතුවෙන් තම ආත්මය විනාශය වෙත යටත් නොවනු පිණිස ජනයා වෙත කුර්ආනය තුළින් උපදෙස් දෙනු. එයට අල්ලාහ් හැර උදව් පතන වෙනත් භාරකරුවකු නැත. එයට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් වැළකෙන්නට කිසිදු මාධ්යයක් නැත. අල්ලාහ්ගේ දඬුවමෙන් මිදීමට එය කවර වන්දියක් ලබා දුන්න ද එය පිළිගනු නොලබනු ඇත. ඔවුන් සිදුකරමින් සිටි පාපකම් හේතුවෙන් ඔවුන්ගේ ජීවිතය විනාශය වෙත භාරදුන් අය වනාහි, ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපරිම උණුසුමෙන් යුත් පානයත් වේදනීය දඬුවමත් ඔවුනට හිමි වනු ඇත.
Enam 6:71
අහෝ දූතය! මෙම දේවත්වය ආදේශ කරන්නන්හට නුඹ පවසනු. අල්ලාහ් හැර අපහට කිසිදු ප්රයෝජනයක් කළ නොහැකි මෙන්ම අපහට කිසිදු හානියක් කළ නොහැකි පිළිම වලට අපි නැමදිය යුතු වන්නෙම් ද? අප වෙත දේව විශ්වාසය ආශිර්වාද කිරීමෙන් පසු එයින් අපි හැරිය යුතු වන්නෙම් ද? එවිට ෂෙයිතානුන් නොමග යවා, යහමග ලබන්නට නොහැකිව සැකයෙහි අතහැර දැමූ අය මෙන් අපි පත්වන්නෙමු. ඔහුට ඍජු මාර්ගය පෙන්වා සත්ය වෙත ඇරයුම් කරන සගයෝ වූහ. ඔවුන් කවර දෙයක් වෙත ඔහුට ඇරයුම් කරන්නේද එයට ඔහු පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම අල්ලාහ්ගේ මග පෙන්වීම එයයි සැබෑ මග පෙන්වීම වනුයේ. අල්ලාහ් ඔහුගේ ඒකීයත්වය තදින් ග්රහණය කොට ඔහුට පමණක් නැමද ඔහුට අවනත වීමට ඔහු අපට නියෝග කළේය. ඔහු ලෝවැසියන්ගේ පරමාධිපතිය.
Enam 6:72
සලාතය පූර්ණ ක්රමයට අනුව විධිමත් ව ඉටු කරන මෙන් ඔහු අපට නියෝග කළේය. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරන මෙන්ද ඔහු අපට නියෝග කළේය. ගැත්තන්ගේ ක්රියාවන් වෙනුවෙන් ඔවුනට ප්රතිඵල පිරිනැමීම සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ගැත්තන් එක්රැස් කරනුයේ ඒකීය ඔහුය.
Enam 6:73
සැබෑ ලෙස අහස් හා මහපොළොව මැවූ අල්ලාහ් සුවිශුද්ධය. අල්ලාහ් යම් දෙයකට ‘වනු’ යැයි පවසන දින එය සිදුවන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැගිටිනු යැයි පවසන අවස්ථාවේ ඔවුන් සියලු දෙනා නැගිටිනු ඇත. ඔහුගේ ප්රකාශය සැබෑවකි. එය කිසිදු සැකයකින් තොරව සිදුවනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දෙවන හොරණෑව ඉස්රාෆීල් (අලය්හිස් සලාම්) තුමා විසින් පිඹින අවස්ථාවේ සියලු බලය සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් සතු වන්නේය. ඔහු ගුප්ත දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම දෘශ්යමාන දෑ පිළිබඳවත් දන්නාය. ඔහුගේ මැවීම් හි හා ඔහුගේ සැලසුම් හි ඔහු මහා ප්රඥාවන්තය. ඔහු සියලු තොරතුරු දන්නාය. ඔහුගෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. තවද ඔහු ඉදිරියේ කරුණු වල අභ්යන්තරය ඒවායෙහි මතුපිටින් ඇති දෑ මෙන්ය.
Enam 6:74
අහෝ! දූතය, ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) ආදේශ තැබූ තම පියාණන්හට “මාගේ පියාණනි! අල්ලාහ් හැර දමා නැමදුම් කරන දෙවියන් වශයෙන් ඔබ පිළිම පත් කර ගන්නෙහිද? සැබැවින්ම ඔබත්, පිළිම වන්දනාවෙහි නිරත වන ඔබේ ජනයාත් පැහැදිලි මුළාවෙහි සිටින බව මම දකිමි. අල්ලාහ් නොවන දෑට ඔබ කරන නැමදුම් හේතුවෙන් සත්ය මාර්ගයෙන් දුරස් ව කුතුහලයෙහි ඔබ පසුවන්නෙහිය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුස්සා වනුයේ සුවිශුද්ධ අල්ලාහ්ය. ඔහු හැර නැමදුමට ලක් වන සියලු දෑ ව්යාජය.” යැයි පැවසූ අවස්ථාව මෙනෙහි කරනු.
Enam 6:75
ඔහුගේ පියා හා ඔහුගේ පිරිස මුළාවෙහි සිටින බව අපි ඔහුට පෙන්වා දුන්නා සේම අහස්හි හා මහපොළොවේ පුළුල් ව පවතින සර්ව රාජ්යයද ඔහුට අපි පෙන්වා දුනිමු. එය, එම පුළුල් වූ සර්ව රාජ්යය අල්ලාහ්කේ ඒකීයත්වය හා ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සා වන බව තහවුරු කරනු පිණිසය. එමෙන්ම ඔහු අල්ලාහ් ඒකීය යැයිද, ඔහුට කිසිදු හවුල්කරුවකු නැතැයි ද, ඔහු සියලු දෑ හි සර්ව බලධාරී යැයි ද තරයේ විශ්වාස කරන්නන් අතුරින් ඔහු වනු පිණිසය.
Enam 6:76
රාත්රිය ඔහු මත අන්ධකාරය ගෙන දුන් විට ඔහු තරුවක් දැක මෙය මාගේ පරාමාධිපති යැයි පැවසීය. එම තරුව සැග වී ගිය විට සැග වී යන දෑට මා ප්රිය නොකරමි, හේතුව සැබෑ දෙවිඳුන් සැග වී නොයන ජීවමාන ව සිටින්නෙකි යැයි පැවසීය.
Enam 6:77
තවද සඳු උදා වනු දැක මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පැවසීය. එසේ එය ද සැග වී ගිය විට අල්ලාහ් ඔහුගේ ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදීම පිළිබඳ දැනුම මට ආශිර්වාද නොකළේ නම් ඔහුගේ සැබෑ දහමින් දුරස් වූ පිරිස අතරට මා ද පත්වෙමි යැයි පැවසීය.
Enam 6:78
තවද හිරු උදා වනු දැක මේ උදා වූ හිරු මාගේ පරමාධිපතිය. මෙය තරු හා සඳු ට වඩා විශාලය යැයි පැවසීය. නමුත් එය ද සැග වී ගිය කල්හි මාගේ “ජනයිනි, අල්ලාහ් සමග නුඹලා තබන ආදේශයන්ගෙන් මම නිදොස් වෙමි” යැයි පැවසීය. එයට එසේ නම් නුඹ නමදිනුයේ කවුරුන් දැයි විමසා සිටියහ.
Enam 6:79
කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොව මැවූ ඔහුටම කිසිදු අදේශ කිරීමකින් තොරව ඒකීයත්වයට පමණක් නැඹුරු වී මාගේ දහම මම අවංකවම පුද කරමි. ඔහු සමග වෙනත් දෑට නමදින, ඔහුට ආදේශයන් තබන්නන් අතරට මම පත් නොවෙමි.
Enam 6:80
අල්ලාහ්ගේ ඒකියත්වය පිළිබඳ ආදේශ තැබූ ඔහුගේ ජනයා ඔහු සමග වාද කළෝය. ඔවුන්ගේ පිළිම පදනම් කර ගනිමින් ඔවුන් ඔහු බිය ගැන්වූහ. එවිට ඔහු “අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදුම් කිරීම විෂයයෙහි නුඹලා මා සමග වාද කරන්නෙහුද? සැබැවින්ම මාගේ පරමාධිපති මට ඒ වෙත ආශිර්වාද කර ඇත. ඔබේ පිළිම වලට මම බිය නොවෙමි. සැබැවින්ම ඒවා කිසිදු හානියක් කිරීමට උරුමයක් නැති, මා හට කිසිදු හානියක් සිදු කළ නොහැකි, එමෙන්ම සෙතක් සලසන්නටත් උරුමයක් නැති, මා හට කිසිදු සෙතක් කිරීමට නොහැකි දෑ ය. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස කිසිවක් සිදුවන්නේ නැත. ඔහු අභිමත කරන දෑ සිදුවන්නේය. සියලු දෑ පිළිබඳ වූ අල්ලාහ්ගේ දැනුමෙන් මහපොළොවේ හා අහසේ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. අහෝ! ජනයිනි, අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා ඔහුට ආදේශ තැබීමෙන් ඉවත්ව අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීම ගැන මෙනෙහි කර බලනු.”
Enam 6:81
“ඔබට ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති කිසිවක් මවා නොමැති දෑ අල්ලාහ්ට ආදේශ කරන අවස්ථාවේ එසේ අල්ලාහ්ට ආදේශ කිරීම ගැන ඔබට බියක් ඇති නොවන තත්ත්වයේ අල්ලාහ් හැර දමා ඔබ නමදින පිළිම සම්බන්ධයෙන් මාහට කෙසේ නම් බියක් ඇති විය හැකිද? ඒකීය දෙවියන් අදහන පිරිස හා දෙවියන්ට ආදේශ තබන පිරිස් දෙකින් සුරක්ෂිතභාවයෙන් හා සාමකාමිත්වයෙන් වඩාත් උතුම් වනුයේ කවර පිරිසක්ද? ඒ දෙකින් වඩාත් උතුම් කුමක්දැ?යි ඔබ දැන ගත්තෙහු නම්, එය පිළිපදිනු. කිසිදු සැකයකින් තොරව ඒ දෙකින් වඩාත් උතුම් වන්නේ දෙවියන් විශ්වාස කරන, ඒකීය දෙවියන් අදහන පිරිස වේ.” (යැයි පැවසීය)
Enam 6:82
අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ආගමික වශයෙන් නීතිගත කළ දෑ පිළිපදින්නන් වනාහි ඔවුහු ඔවුන්ගේ විශ්වාසය දෙවියන්ට ආදේශ කිරීමත් සමග මුසු නොකළෝය. ආරක්ෂාව හා සාමකාමිත්වය ඔවුනට පමණක් අත් විය. ඔවුන් හැර වෙනත් අයට නොවීය. ඔවුන් ආශිර්වාදයට ලක්වූවෝ වෙති. යහ මාර්ගය වෙතට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට ආශිර්වාද කළේය.
Enam 6:83
ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා තම සමූහයාගේ තර්කය අබිබවා ගිය සාක්ෂිය, එනම් (අභයදායීත්වයට වඩාත් සුදුසු වනුයේ...) යන ප්රකාශය අපගේ සාධකයකි. ඔහු ඔහුගේ සමූහයා සමග වාද කිරීමට අපි එය ඔහුට ආශිර්වාද කළෙමු. එය ඔහුට පිරිනැමුවෙමු. අපගේ ගැත්තන් අතුරින් අපි අභිමත කරන්නන් මෙලොව හා මතුලොවෙහි තරාතිරම් වලින් උසස් කරන්නෙමු. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපතියාණන් ඔහුගේ මැවීම්හි හා සැලසුම් කිරීම් හි මහා ප්රඥාවන්තය. ඔහු තම ගැත්තන් පිළිබඳ සර්ව ඥානීය.
Enam 6:84
තවද අපි ඔහුට ඔහුගේ පුත් ඉස්හාක් හා ඔහුගේ මුනුපුරු යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම ඍජු මාර්ගය වෙත ආශිර්වාද කළෙමු. ඔවුනට පෙර අපි නූහ්ට ආශිර්වාද කළෙමු. එමෙන්ම ඔහුගේ පරපුරින් පැවත එන දාවූද් ඔහුගේ පුත් සුලෙයිමාන් අය්යූබ් යූසුෆ් මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යන සෑම කෙනෙකුටම සත්ය මාර්ගය වෙත ආශිර්වාද කළෙමු. නබිවරුන් යහපත් ලෙස කටයුතු කළ බැවින් ඔවුනට අපි ප්රතිඵල පිරිනැමුවාක් මෙන් නබිවරුන් නොවන සෙසු දැහැමියන්හටත් ඔවුන්ගේ යහපත් කටයුතු සඳහා අපි ප්රතිඵල පිරිනමමු.
Enam 6:85
එලෙසම සකරිය්යා, යහ්යා, මර්යම්ගේ පුත් ඊසා සහ ඉල්යාස් යන සෑම කෙනෙකුටම අපි ආශිර්වාද කළෙමු. මෙම නබිවරුන් සියලු දෙනා දැහැමියන් අතරිනි. අල්ලාහ් ඔවුන් දූතවරුන් ලෙස තෝරා ගත්තේය.
Enam 6:86
එලෙසම ඉස්මාඊල් අල්යසඃ යූනුස් ලූත් යන අයටත් අපි ආශිර්වාද කළෙමු. මෙම නබිවරුන් සියලු දෙනාගේ ප්රධානියා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ය. අපි ඔවුන් සියලු දෙනා ලෝවැසියනට වඩා උසස් කළෙමු.
Enam 6:87
අපි කාහට ආශිර්වාද කිරීමට අභිමත කළෙමුද ඔවුන් අතුරින් ඔවුන්ගේ ඇතැම් පියවරුන්, ඇතැම් දරුවන් හා ඇතැම් සහෝදරයන්හටත් ආශිර්වාද කළෙමු. අපි ඔවුන් තෝරා අල්ලාහ්ගේ ඒකීයත්වයේ හා ඔහුට අවනත වීමේ ඍජු මාර්ගය මත ගමන් කිරීමට ආශිර්වාද කළෙමු.
Enam 6:88
ඔවුනට හිමි වූ එම ආශිර්වාදය අල්ලාහ්ගේ ආශිර්වාදයයි. අල්ලාහ් තම ගැත්තන් අතරින් කවරෙකුට ආශිර්වාද කිරීමට අභිමත කරන්නේද ඔහුට ආශිර්වාද කරනු ඇත. ඔවුන් අල්ලාහ් සමග වෙනත් දෑ ආදේශ කළේ නම් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී යනු ඇත. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තැබීම, දැහැමි ක්රියාවන් නිෂ්ඵල කරන්නකි.
Enam 6:89
ඉහත සඳහන් කරන ලද මෙම නබිවරුන්හට අපි දේව පුස්තක පිරිනැමුවෙමු. ඔවුනට අපි ප්රඥාව පිරිනැමුවෙමු. එමෙන්ම අපි නබිත්වයත් පිරිනැමුවෙමු. ඔවුනට අපි පිරිනැමූ මෙම කරුණු තුන ඔබේ සමූහයා ප්රතික්ෂේප කරන්නේ නම් එය ප්රතික්ෂේප නොකරන සමූහයක් ඉලක්ක කොට ඒ සඳහා අපි ඔවුන් සූදානම් කරන්නෙමු. ඔවුහු එය විශ්වාස කරන්නෝ වෙති. එය පිළිපදින්නෝ වෙති. මුහාජිර්වරුන්, අන්සාරිවරුන් හා විනිශ්චය දින තෙක් දැහැමි ලෙස කටයුතු කරමින් ඔවුන් පිළිපදින්නන් ඔවුහුමය.
Enam 6:90
මෙම නබිවරුන් හා ඔවුන් සමගම මෙනෙහි කරනු ලැබූ ඔවුන්ගේ පියවරුන්, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ සහෝදරවරුන් යන ඔවුන් සියලු දෙනා සැබෑ ලෙස යහමග ලැබූවෝ වෙති. එහෙයින් ඔබ ඔවුන් අනුගමනය කරනු. ඔවුන් පිළිපදිනු. අහෝ! දූතය, ඔබේ ප්රජාවට මෙසේ පවසනු. මෙම කුර්ආනය ඔබට දන්වා සිටීම වෙනුවෙන් මම ඔබෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. අල් කුර්ආනය, ජින් හා මිනිස් යන සියලු ලෝවැසියන් ඍජු මග වෙත හා නිවැරැදි මාර්ගය වෙත මග ලබන්නට අවස්ථාව සලසන උපදෙසක් මිස වෙනකක් නොවේ.
Enam 6:91
දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ්ට ගරු කළ යුතු අයුරින් ගරු නොකළහ. තම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට 'අල්ලාහ් කිසිදු මිනිසෙකු වෙත කිසිදු දේව පණිවිඩයක් එවා නැතැයි ඔවුහු පවසා සිටියහ. අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත තම සමූහයාට මගපෙන්වීමක් මාර්ගෝපදේශයක් හා ආලෝකයක් වශයෙන් තව්රාතය පහළ කළේ කව්දැ?යි ඔවුන්ගෙන් විමසනු. යුදෙව්වෝ එය පොත් වලට සීමා කර ඒවායින් තම ආශාවන්ට ගැලපෙන දෑ පමණක් හෙළි කොට මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ගුණාංග පිළිබඳ සඳහන් විස්තර වැනි තමන්ට නොගැළපෙන දෑ වසන් කළෝය. අහෝ අරාබිවරුනි! ඔබට හා ඔබට පෙර වූ ඔබේ මුතුන් මිත්තන්හට නොඉගැන්වූ දෑ අල් කුර්ආනය තුළින් ඔබට උගන්වනු ලැබේ. අහෝ දූතය! ඔවුනට පවසනු අල්ලාහ් එය පහළ කළේය. පසුව ස්ථාවර පණිවිඩය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන්ගේ මුළාවෙහි හා අඥානකමෙහි වෙළෙන්නට ඔහු ඔවුන් අතහැර දැමීය.
Enam 6:92
අහෝ නබිවරය! මෙම කුර්ආනය, ඔබ වෙත අපි පහළ කළ ග්රන්ථයයි. එය භාග්ය ලත් මෙන්ම පෙර පහළ වූ දේව ග්රන්ථ තහවුරු කරන්නකි. එය එසේ ඔබ වෙත පහළ කළේ ඔබ මක්කාවාසීන් හා මහපොළොවෙහි නැගෙනහිර හා බටහිර වෙසෙන සියලු ජනයා මග ලබන තෙක් අවවාද කරනු පිණිසය. එමෙන්ම මතුලොව ජීවිතය විශ්වාස කරන්නන් මෙම කුර්ආනයත් විශ්වාස කර එහි ඇති දෑ පිළිබඳ මැනවින් වටහා ගෙන සලාතය ආගමානු කළ නියමිත වේලාවෙහි එහි මූලිකාංග, අනිවාර්ය කටයුතු හා සතුටු දායක කටයුතු පිළිපදිමින් එය ප්රවේශමෙන් ඉටු කරති.
Enam 6:93
අල්ලාහ් කිසිදු මිනිසෙකුට කිසිවක් පහළ කළේ නැතැ යැයි පවසමින් හෝ සැබැවින්ම අල්ලාහ් ඔහු වෙත දේව පණිවිඩ පහළ කර ඇතැයි යන වග බොරුකොට අල්ලාහ් මත දිවුරමින් ඔහු වෙත කිසිදු දේව පණිවිඩයක් පහළ කර නැත යැයි පවසමින් හෝ අල් කුර්ආනය මෙන් යමක් අල්ලාහ් මතු පහළ කරනු ඇතැයි පවසමින් අල්ලාහ් මත බොරු ගොතන මහා අපරාධකාරයාට වඩා වෙනත් අපරාධකරුවකු නැත. මෙම අපරාධකරුවන්හට අන්තිම මොහොත පැමිණෙන අවස්ථාවේ මලක්වරුන් දඬුවම් කිරීමට හා පහර දෙන්නට තම දෑත් ඔවුන් වෙත දිගුකරමින්, ඔවුන් නින්දාවට පත් කරමින්, “ඔබේ ප්රාණය ඔබම එළියට බැහැර කරනු. එවිට අපි එය ග්රහණය කරන්නෙමු.” යැයි පවසති. නබිත්වය, දේව පණිවිඩය හා අල්ලාහ් පහළ කළ දෑට සමාන දෙයක් පහළ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ඔබ වාද කොට බොරු පවසමින් සිටි හේතුවෙන්ද, එමෙන්ම ඔහුගේ වදන් විශ්වාස කිරීමට උඩඟු වූ හේතුවෙන්ද එදින ඔබට නින්දා අපහාස ගෙන දෙන දඬුවමක් ප්රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය. එය ඔබ දකින විට එය භයානක දසුනක් ලෙස දකිනු ඇත.
Enam 6:94
යළි අවදි කරනු ලබන දිනයේ 'අද දින ඔබ අප වෙත පැමිණ ඇත්තේ තනිවමය. ඔබ සමග ධනය හෝ නායකත්වය හෝ නැත. අපි ඔබ ආරම්භක අවදියේ පාවහන් නොමැතිව, කිසිවක් නොමැති ව නිරුවත් ලෙස මැව්වාක් මෙන් ඔබ දැන් සිටින්නෙහිය. අපි ඔබට ලබා දුන් දෑ මෙලොව ඔබෙන් පසු සිටින්නන්හට ඔබ අතහැර දමා පැමිණ ඇත. සැබැවින්ම ඔවුන් ඔබේ තැරැව්කරුවන් යැයි සිතා සිටි ඔබේ දෙවිවරුන් අද ඔබ සමග නොමැත. එමෙන්ම සැබැවින්ම ඔවුන් නැමදුම් කිරීමට සුදුසුකම් ලත් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ඔබ සිතා සිටි අය ද ඔබ සමග නැත. එය අපි දකින්නෙමු. ඔබ අතර ඇති එම සම්බන්ධකම විසන්ධි වී ඇත. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ද, ඔවුන් ඔබ වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි ද, ඔබ සිතා සිටි අය ඔබෙන් ඉවතට ගොස් ඇත.
Enam 6:95
සැබැවින්ම අල්ලාහ් ඒකීයය. ඔහු බීජ පැළෙන්නට සලස්වා එමගින් පැළෑටි හට ගන්වන්නේය. ඇට පැළෙන්නට සලස්වා ඉඳි, මිදි හා වෙනත් ගස් මෙන් ගස් හට ගන්වන්නේය. මිනිසුන් හා සෙසු සත්වයින් අප්රාණික ධාතුවෙන් මතු කරන්නාක් මෙන් ඔහු අප්රාණික දැයින් ප්රාණික දෑ මතු කරන්නේය. මිනිසාගෙන් ශුක්රාණු මතු කරන්නාක් මෙන් හා කිකිළිගෙන් බිත්තර මතු කරන්නාක් මෙන් ඔහු ප්රාණික දැයින් අප්රාණික දෑ මතු කරන්නේය. මෙසේ සියල්ල සිදු කරනුයේ ඔබ ව මැවූ අල්ලාහ්ය. එසේනම් අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! ඔහුගේ නිර්මාණයෙහි විශ්මය ඔබ දකිමින් සිටිය දී සත්යයෙන් ඔබ වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?
Enam 6:96
රාත්රී අන්ධකාරයෙන් උදෑසන ආලෝකය උදා කරන්නේ අල්ලාහ්ය. කාර්යක්ෂම ලෙස ජීවනෝපාය සෙවීමෙන් ජනයා විවේක ලබනු පිණිස රාත්රිය විවේක කාලයක් බවට පත් කළේ ද ඔහුය. නියමිත ගණනයකට අනුව හිරු හා සඳු එකිනෙක ලුහු බැඳ ගමන් කිරීමට සැලස්සුවේද ඔහුය. මෙසේ මෙනෙහි කරන ලද ඒවා ක්රියාත්මක කිරීමට ආරම්භ වූයේ අල්ලාහ්ගේ සැලසුම අනුවය. ඔහු අබිබවා යන්නට කිසිවකු නැත. ඔහුගේ මැවීම් හා ඒවාට සුදුසු කුමක්දැයි ඔහු මැනවින් දන්නාය.
Enam 6:97
අහෝ! ආදම්ගේ පුතණුවනි, මහමුහුදේ හෝ මහපොළොවේ ඔබ ගමන් කරන මාර්ග පිළිබඳ සැකයක් ඔබට ඇති වූ විටෙක ඒවා මගින් යහමග ලබනු පිණිස ඔබ වෙනුවෙන් අහසේ තරු බිහි කළේ උත්තරීතර පාරිශුද්ධ අල්ලාහ්ය. අපගේ ශක්තිය පෙන්වා දෙන සාක්ෂි හා සාධක ඔහු අපට පැහැදිලි කළේය. එය ඔවුන් එම සාක්ෂි හා සාධක පිළිබඳ පරිශීලනය කර එමගින් ප්රයෝජන ලබනු පිණිසය.
Enam 6:98
එකම ආත්මයකින් ඔබ ව මැවූ උත්තරීතර දෙවිඳුන් ඔහුය. එය ඔබේ ආදි පියා වූ ආදම්ගේ ආත්මයෙනි. ඔබේ ආදි පියා පසින් මවමින් ඔබේ මැවීම ඔහු ආරම්භ කළේය. පසු ව ඔහුගෙන් ඔබ ව මැව්වේය. ඔබේ මව්වරුන්ගේ කුස තුළ රැඳී සිටියාක් මෙන් එහි ටික කලක් ඔබ රැඳී සිටින ස්ථාන ඔහු ඔබ වෙනුවෙන් මැව්වේය. එසේම ඔබේ පියවරුන්ගේ කොදු නාරටිය මෙන් සමුගෙන යන ස්ථාන ද ඔහු ඔබ වෙනුවෙන් මැව්වේය. අල්ලාහ්ගේ ප්රකාශය වටහා ගන්නා ජනයාට අප එම සාධක පැහැදිලි කළෙමු.
Enam 6:99
අහසින් ජලය පහළ කළේ උත්තරීතර ඔහුය. එය වර්ෂා ජලයයි. එමගින් සෑම වර්ගයකම පැළෑටී අපි හට ගැන්වූයෙමු. එම පැළෑටි වලින් හරිත වගාවන් බිහි කළෙමු. කරල් තුළ ඇත්තාක් මෙන් එකිනෙකට බැඳුණු ධාන්ය ඇට ද සිටගෙන සිටින්නාට හා වාඩි වී සිටින්නාට නෙළන්නට පහසු අයුරින් සමීපයෙන් පිහිටන රට ඉඳි හනසින් ඉඳි පොකුරුද අපි හට ගැන්වූයෙමු. මිදි වතු බිහි කළෙමු. අත්තික්කා හා දෙළුම් එකිනෙකට පෙනුමෙන් සමාන මෙන්ම අසමාන පල වගාවන්ද බිහි කළෙමු. අහෝ ජනයිනි, මෙම පලතුරු හට ගන්නා ආරම්භක අවදියත් එය පැහී ඉදෙන අවස්ථාවත් හොදින් නිරීක්ෂණය කර බලනු. අල්ලාහ් විශ්වාස කරන ජනයාට අල්ලාහ්ගේ බල මහිමය පෙන්වා දෙන පැහැදිලි සාධක සැබවින්ම ඒවායෙහි ඇත. එහෙයින් ඔවුන් මෙම සාධක හා සාක්ෂි මගින් ප්රයෝජන ලබනු ඇත.
Enam 6:100
ජින්වරුන් සෙත සලසනු ඇතැයිද හානි පමුණුවනු ඇතැයිද දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස කළ අවස්ථාවේ නැමදුම විෂයයෙහි ඔවුහු අල්ලාහ් සමග ඔවුන්වද පත් කර ගත්තෝය. ඔවුන් මැව්වේද අල්ලාහ්මය. ඔහු හැර වෙනත් කිසිවෙක් ඔවුන් මැව්වේ නැත. එහෙයින් නැමදුම් ලබන්නට වඩාත් සුදුස්සා වන්නේ ඔහුය. යුදෙව්වන් උසෙයිර් අල්ලාහ්ගේ පුත්රයාණන් යැයි ද කිතුනුවන් ඊසා ඔහුගේ පුත්රයාණන් යැයි ද දේව ආදේශකයින් මලාඉකාවරු ඔහුගේ දූවරුන් යැයි ද පවසන්නාක් මෙන් ඔවුහුද ඔහුට දරුවන් ඇති බව ගොතා පවසති. එම අසත්යවාදීන් කවර දෙයක් අල්ලාහ් ගැන වර්ණනා කර සිටියේද ඔහු එයින් පිවිතුරුය. පාරිශුද්ධය.
Enam 6:101
ඔහු පිවිතුරුය. උත්තරීතරය. අහස් හි මැවුම්කරුය. කිසිදු පූර්වාදර්ශයකින් තොරව මහපොළොව මැව්වේය. එසේ තිබියදී ඔහුට දරුවෙකු හෝ බිරියක් සිටිය හැක්කේ කෙසේද? ඔහු සෑම දෙයක්ම මැව්වේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Enam 6:102
ජනයිනි, මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ඔහු ඔබේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් අධිපතියෙකු ඔබට නැත. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් දෙවියෙකු නැත. සියලු දෑ ඇති කළේ ඔහුය. එබැවින් ඔබ ඔහුට පමණක් ගැතිකම් කරනු. ඔහු නැමදුමට සුදුස්සාය. ඔහු සියලු දෑ ආරක්ෂා කරන්නාය.
Enam 6:103
දෘෂ්ටීන් ඔහු හසු කර ගන්නේ නැත. නමුත් සුවිශුද්ධ අල්ලාහ් ඒ සියලු දෘෂ්ටීන් හසු කර ගෙන සිටියි. ඔහු තම දැහැමි ගැත්තන්හට මෛත්රිය. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු දන්නාය.
Enam 6:104
අහෝ ජනයිනි! ඔබේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔබ වෙත පැමිණ ඇත. කවරෙකු එය සාධාරණ යැයි සලකා එයට අනුකූල ව කටයුතු කරන්නේද ඔහු වෙත යොමු වන්නට එය ප්රයෝජනවත් වනු ඇත. ඒ ගැන අන්ධ ව කටයුතු කර නොසලකා හැර එයට අනුකූල ව කටයුතු නොකරන්නේ නම් එය කවර දෙයක් අරමුණු කර ගත්තේද එයට හානි වනු ඇත. තවද මම ඔබ ගැන නිරීක්ෂා කරන්නෙකු හෝ ඔබේ ක්රියාවන් සටහන් කරන්නෙකු නොවෙමි. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ දූතයකු පමණි. ඔබලා නිරීක්ෂණය කරනුයේ ඔහුය.
Enam 6:105
අල්ලාහ්ගේ බල මහිමය පෙන්වා දෙන සාධක හා සාක්ෂි විවිධ අයුරින් පෙන්වා දුන්නාක් මෙන්ම පොරොන්දු, ප්රතිඥා සහ උපදෙස් වලදී විවිධ සාධක ද පෙන්වා දුනිමු. දෙවියන්ට ආදේශ තැබූවෝ මෙය දේව පණිවිඩයක් නොව සැබැවින්ම ඔබට පෙර සිටි ආගම් ලත් ජනයාගෙන් ඔබ ඉගෙන ගත් දෑ යැයි පවසති. සත්ය පිළිගෙන එය පිළිපැද්දා වූ මුහම්මද්ගේ සමූහයා අතරින් දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ට මෙම පාඨ නානා ප්රකාරයෙන් පෙන්වා දෙමින් ජනයින්ට සත්යය පැහැදිලි කරන්නෙමු. සත්යය පිළිගෙන එය අනුගමනය කරන්නන් ඔවුන්ය.
Enam 6:106
අහෝ දූතය! ඔබේ පරමාධිපති ඔබ වෙත පහළ කළ සත්ය පණිවිඩය ඔබ අනුගමනය කරනු. ඔහු සුවිශුද්ධය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් සුදුස්සෙකු නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා ඔවුන්ගේ මුරණ්ඩුකම ඔබේ හදවත වෙනතකට යොමු නොකළ යුතුය. ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙත ඇත්තේය.
Enam 6:107
තමන් සමග ඔවුන් කිසිවකු ආදේශ නොකළ යුතු යැයි අල්ලාහ් අභිමත කර සිටියේ නම් කිසිවකු ඔහුට ආදේශ නොකරනු ඇත. අහෝ දූතය! ඔවුන්ගේ ක්රියාවන් සටහන් කරන නිරීක්ෂකයකු බවට අපි ඔබ පත් නොකළෙමු. ඔවුන් ක්රියා කරවන්නෙකු ලෙස ඔබ නැත. ඔබ දූතයකු පමණි. ඔබ වෙත පැවරෙනුයේ නිවේදනය පමුණුවීම පමණි.
Enam 6:108
අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ්ට ආදේශ තබන්නන් ඔහුට ආදේශ කර ඔවුන් නමදින ඔවුන්ගේ පිළිම නින්දා සහගත වුවද දොස් නගන්නට වඩාත් සුදුසු දෑ වුවද ඒවාට ඔබ බැණ නොවදින්න. එය ඔවුන් අල්ලාහ්ට සුදුසු නොවන දෙයක් අඥාන කමින් හා දිගට ගෙන යමින් ඔහුට බැණ නොවදින තරමට විය යුතුය. ඔවුන් කවර මුළාවක සිටින්නේද එය ඔවුනට අලංකාර කර පෙන්වනු ලැබුවාක් මෙන් සෑම සමූහයකමට ඔවුන්ගේ ක්රියාවන් යහපත් වුවද අයහපත් වුවද අපි අලංකාර කර පෙන්වා ඇත්තෙමු. එහෙයින් ඔවුනට කවර කරුණක් අප අලංකාර කර පෙන්වූයේද එය ඔවුන් ගෙන එති. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී යනුයේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. මෙලොවෙහි ඔවුන් සිදුකරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත. එමෙන්ම ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත.
Enam 6:109
තමන් නිර්දේශ කරන පාඨ වලින් එක් පාඨයක් මුහම්මද් වෙත පැමිණියේ නම් එය සැබැවින්ම ඔවුන් පිළිගන්නා බවට දෙවියන්ට ආදේශ තබන්නෝ තමන්ට හැකි උපරිමයෙන් අල්ලාහ් මත දිවුරා පවසති. අහෝ දූතය! එම පාඨ මා ළඟ තිබී ඒවා මා පහළ කරන තරමට ඒවා මා ලඟ නැත. ඒවා ඇත්තේ අල්ලාහ් අබියසය. ඔහු අභිමත කරන වේලාවට පහළ කරනු ඇත. යැයි ඔවුනට පවසනු. අහෝ දේවි විශ්වාසී ජනයිනි! සැබැවින්ම මෙම පාඨ ඔවුන් නිර්දේශ කරන දෑ ට අනුකූල ව පහළ වූ විට එය විශ්වාස නොකරනු ඇතැයි ඔබ ව දැනුවත් කළේ කුමක්ද? නමුත් ඔවුන් යහමග ලබන්නට අදහස් නොකරන බැවින් ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන්ගේ උත්සාහයේ ඔවුහු රැඳී සිටිති.
Enam 6:110
මුල් වතාවෙහිම ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන් හා අල් කුර්ආනය විශ්වාස කිරීම අතර වැළැක්වූවාක් මෙන් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ දෘෂ්ටීන් අතර හා සත්යය වෙත මග ලැබීම අතර වළක්වාලමින් අපි ඒවා පෙරළා දමන්නෙමු. ඔවුන්ගේ මුළාවෙහි හා තම පරමාධිපති සම්බන්ධයෙන් ව්යාකූලත්වයේ තටමන්නට අපි ඔවුන් අතහැර දමන්නෙමු.
Enam 6:111
ඔවුන් නිර්දේශ කළ දෑ ට අනුව අපි ඔවුනට පිළිතුරු දී ඔවුන් වෙත මලක්වරු පහළ කොට ඔවුහු ඔවුන් දෑසින් දුටුවද මළවුන් ඔවුන් සමග කතා කොට ඔබ ගෙන ආ දෑ සත්යය බව ඔවුහු ඔවුනට පවසා සිටියද ඔවුන් යෝජනා කළ දෑ ඔවුනට එක්රැස් කොට ඒවා ඔවුන්ගේ දෑසින් දුටුව ද ඔවුන් අතුරින් අල්ලාහ් යහමග ලබන්නට අභිමත කළ අය හැර සෙසු අය ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් නොවෙති. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ පිළිබඳ අඥානකමින් පසුවෙති. අල්ලාහ් යහමග ආශිර්වාද කරනු වස් ඔහු වෙත ඔවුන් හැරී නොයති.
Enam 6:112
දෙවියන්ට ආදේශ තබන මොවුන් ඔබට විරුද්ධකම් පාන්නට සලස්වා ඔබ ව අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම ඔබට පෙර සිටි සෑම නබිවරයකුම අපි පරීක්ෂාවට ලක් කළෙමු. ඒ සෑම කෙනෙකුටම විටෙක මිනිසුන් ගෙන් ද විටෙක ජින්නුන්ගෙන් ද විරුද්ධවාදීන් ඇති කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු හට කුතුහලයක් ඇති කොට ඔවුන් රවටනු පිණිස අසත්ය දෑ ඔවුනට අලංකාර පෙන්වූහ. එය ඔවුන් නොකරන්නට අල්ලාහ් අභිමත කර ඇත්නම් එය ඔවුන් සිදු නොකර සිටින්නට තිබුණි. නමුත් ඔහු ඔවුන් වෙනුවෙන් එම පරීක්ෂණය අභිමත කළේය. ඔවුන් ද දේව ප්රතික්ෂේපය හා ව්යාජ ලෙස ගෙතූ දෑ ද ඔවුන් සමගම අතතහැර දමනු. එහෙයින් ඔවුන් හසුරුවා තබා නොගනු.
Enam 6:113
(ෂෙයිතාන් මෙසේ කළේ) ඇතැමෙකු විසින් ඇතැමෙකු තුළ කුතුහලයට පත් කරවන දෑ වෙත මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන හදවත් නැඹුරු වන්නටත් ඔවුන් විසින් එය පිළිගන්නටත් එය ඒ ගැන තෘප්තියට පත්වන්නටත් පාපකම් හා වැරදි උපයමින් සිටින්නන් ඒවා උපයන්නටත් වේ.
Enam 6:114
අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් දෑ නමදින ඔහුට ආදේශ තබන මොවුන්හට ඔබ මෙසේ පවසනු. අප අතර හා ඔබ අතර අල්ලාහ් නොවන තීරකයකු ඉදිරිපත් කිරීම බුද්ධිමත් යැයි ඔබ සිතන්නෙහිද? සෑම දෙයක් ගැනම සම්පූර්ණ කරමින් පැහැදිලි කරමින් ඔබ වෙත අල් කුර්ආනය පහළ කළේ අල්ලාහ්ය. අප විසින් තව්රාතය පිරිනැමූ යුදෙව්වන් ද අප විසින් ඉන්ජීලය පිරිනැමූ කිතුනුවන් ද සත්ය මත පදනම් කරමින් සැබැවින්ම අල් කුර්ආනය ඔබ වෙත පහළ කරනු ලැබූවක් බව මැනවින් දනිති. එසේ ඔවුන් මැනවින් දන්නේ ඔවුන් දෙපිරිසගේ පුස්තක වල ඒ සඳහා වූ සාධක සඳහන් ව තිබෙනු ඔවුන් දුටු බැවිණි. අප ඔබ වෙත එවූ දෑ පිළිබඳ ඔබ සැක කරන්නන් අතුරින් නොවනු.
Enam 6:115
අල් කුර්ආනයේ වදන් වල සහ ප්රවෘත්ති වල සත්යයේ අරමුණ සාක්ෂාත් කර ගෙන ඇත. ඔහුගේ වදන් වෙනස් කරන කිසිවකු නැත. තම ගැත්තන්ගේ ප්රකාශ වලට ඔහු සවන් දෙන්නාය. ඒ පිළිබඳ සර්ව ඥානීය. එයින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඔහුගේ වදන් වෙනස් කිරීමට උත්සාහ දරන්නන්හට ඔහු විපාක දෙනු ඇත.
Enam 6:116
මිහිතලයේ වෙසෙන මිනිසුන් බොහෝ දෙනෙකුට ඔබ අවනතවන්නට නියම කරනු ලැබුවේ නම් අල්ලාහ්ගේ දහමින් ඔවුන් ඔබ ව මුළා කරනු ඇත. සත්යය ඇත්තේ සුළු පිරිසක් සමගය යන අල්ලාහ්ගේ පිළිවෙත ක්රියාත්මක විය. ජනයා අතුරින් බොහෝ දෙනා අනුගමනය කරනුයේ කිසිදු සාධකයක් නැති අනුමාන පමණි. සැබැවින්ම තමන් නමදින දෑ අල්ලාහ් වෙත තමන් ව සමීප කරනු ඇතැයි ඔවුන් අනුමාන කරති. ඒ පිළිබඳ ඔවුහු බොරු පවසති.
Enam 6:117
අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගිය මිනිසුන් කවුරුන්දැයි මැනවින් දන්නාය. එමෙන්ම ඒ වෙත යහමග ලැබූවන් කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
Enam 6:118
අහෝ ජනයිනි! ඔබ අල්ලාහ්ගේ පැහැදිලි සාධක හා සාක්ෂි විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම්, (ආහාර සඳහා) සතුන් කපන අවස්ථාවේ ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ පමණක් ඔබ අනුභව කරනු.
Enam 6:119
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දැයින් අනුභව කිරීමට ඔබ ව වැළැක්වූයේ කුමක්ද? ඔබට තහනම් කුමක් දැයි සැබැවින්ම අල්ලාහ් ඔබට පැහැදිලි කර ඇත. එහෙයින්, නොවැළැක්විය හේතුවක් මත ඒ වෙත ඔබ බල කරනු ලැබූවේ නම් මිස එය අතහැරීම ඔබ වෙත අනිවාර්යය වන්නේය. නොවැළැක්විය හැකි හේතුවක් නම් එය තහනම් දෑ අනුමත කරයි. දෙවියන්ට ආදේශ කරන්නන් බොහෝ දෙනා තමන් නොදැනුවත්කම හේතුවෙන් ඔවුන්ගේ කලහකාරී අදහස් හේතු කොටගෙන සත්යයෙන් පෙරළි ගිය ඔවුන්ගේ අනුගාමිකයින් අනුගමනය කරති. ඔවුන් වෙත තහනම් කළ, මළ සතුන් හා වෙනත් දෑ අනුමත කර ගනිති. අල්ලාහ් අනුමත කළ බහීරා, වසීලා, හාමි වැනි ගොවිපළ සත්ව වර්ග හා වෙනත් දෑ තහනම් කර ගනිති. අහෝ දූතය! අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කළ අය පිළිබඳ ව සැබැවින්ම ඔබේ පරමාධිපති මැනවින් දන්නාය. ඔවුන් ඔහුගේ සීමාවන් උල්ලංඝනය කොට කටයුතු කිරීම සඳහා ඔහු මතු ඔවුනට ප්රතිවිපාක දෙනු ඇත.
Enam 6:120
අහෝ ජනයිනි! ප්රසිද්ධියේ හා රහසිගත ව පාපකම් කිරීම අතහැර දමනු. ප්රසිද්ධියේ හෝ රහසිගත ව හෝ පාපකම් සිදු කරන්නන්හට ඔවුන් ඉපැයූ පාපය වෙනුවෙන් අල්ලාහ් ඔවුනට සුදුසු ප්රතිවිපාක දෙනු ඇත.
Enam 6:121
අහෝ මුස්ලිම්වරුනි! අල්ලාහ්ගේ නාමය සඳහන් නොකළා වූ දැයින් අනුභව නොකරනු. එය වෙනත් අයගේ නම සඳහන් කරනු ලැබූවද එසේ සඳහන් කරනු නොලැබූවද එක සමානය. සැබැවින්ම එයින් අනුභව කිරීම අල්ලාහ්ට අවනත වීමෙන් ඉවත් කොට පාපය වෙත බැහැර කරනු ඇත. මියගිය සතුන් සම්බන්ධයෙන් ඔබ සමග වාද කරනු වස් ෂෙයිතාන් ඔවුන්ගේ හිතමිතුරන් වෙත සැක පහළ කරමින් කුකුස් ඇති කරයි. අහෝ මුස්ලිම්වරුන් මිය ගිය සතුන් අනුමත කිරීම සඳහා ඔබ වෙත ඔහු හෙළන සැකය ඇති දෑ හි ඔබ ඔවුනට අවනත වූයෙහු නම් දේව ආදේශයෙහි ඔබ හා ඔවුන් සමාන වන්නේය.
Enam 6:122
අල්ලාහ්ගේ මග පෙන්වීමට ලැබීමට පෙර තමන් තුළ පැවති දේව ප්රතික්ෂේපය අඥානකම හා පාපකම් සමග වී මියගිය අයකු ලෙස සිටි පුද්ගලයා -ඔහුට දේව විශ්වාසය, දැනුම හා අවනත වීම සඳහා මග පෙන්වීම තුළින් අපි ඔහුව ප්රාණවත් කළෙමු.- දේව ප්රතික්ෂේපය, අඥානකම හා පාපකම් යනාදී අන්ධකාරයෙන් ඉවත් වීමට නොහැකි, ඔහු වෙත නියම මාර්ගය පැටල වී ඇති, යා යුතු ගමන් මග අඳුරු වී ඇති පුද්ගලයකුට සමාන වන්නේද? දේවත්වය ආදේශ කිරීම, මිය ගිය සතුන් ආහාරයට ගැනීම හා ව්යාජ දෑ තර්ක කිරීම වැනි පාපකම් දේවත්වය ආදේශ කරන මොවුනට ආලංකාරවත් කර පෙන්වනු ලැබුවාක් මෙන්ම, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමෙන් විපාක දෙනු පිණිස ඔවුන් සිදුකරමින් සිටි පාපකම් ඔවුනට අලංකාරවත් කර පෙන්වන ලදී.
Enam 6:123
මක්කාවේ විසූ, දෙවියන්ට ආදේශ කළවුන් කළ මහා පාපකම් වලින් එක් උදාහරණයක් වන්නේ අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වැළැක්වීමයි. ෂෙයිතාන්ගේ මාර්ගය වෙත ඇරුයුම් කිරීමේ ඔවුන්ගේ කුමන්ත්රණ හා කූට උපායන් ඔවුන් දියත් කිරීමටත්, දූතවරුන් හා ඔවුන් අනුගමනය කළවුන්ට විරුද්ධ වීමටත්, අපි සෑම ගමකම නායකයින්, ප්රභූවරුන් ඇති කළෙමු. අවසානයට සිදු වූයේ ඔවුන්ගේ කුමන්ත්රණය හා කූට උපක්රම ඔවුනට එරෙහිවම පිහිටීමය. ඔවුන්ගේ අඥානකම හා තම ආශාවන්ට වහල්වී සිටි බැවින් ඒ ගැන ඔවුන් වටහා ගත්තේ නැත.
Enam 6:124
දෙවියන්ට ප්රතික්ෂේප කරන්නන් අතර සිටි ප්රභූවරුන් වෙත තම නබිවරයාණන් වෙත අල්ලාහ් පහළ කළ පාඨ වලින් එක් පාඨයක් පැමිණි විට ඔවුහු නබිවරුන්හට දෙනු ලැබූ නබිත්වය දූත මෙහෙය වැනි දෑ මෙන් යමක් අල්ලාහ් අප වෙත පිරිනමන තෙක් අපි විශ්වාස නොකරන්නෙමු. යැයි පැවසූහ. දූත පණිවිඩය සම්බන්ධයෙන් නිවැරදි ලෙස කටයුතු කළ අය හා එහි බර උසුලන්නන් කවුරුන්දැ?යි ඔහු මැනවින් දන්නාය. ඒ අනුව නබිත්වය හා දූතත්වය ඔහුට නියම කරනු ඇත. මෙම අපරාධකරුවන් සත්යයෙන් පෙරළී අහංකාර කම් පෑ හේතුවෙන් අපකීර්තියට හා අවමානයටත් ඔවුන්ගේ කුමන්ත්රණ හේතුවෙන් දැඬි දඩුවමටත් මුහුණ දෙන්නට සිදු වනු ඇත.
Enam 6:125
අල්ලාහ් කවරෙකු යහමග වෙත ආශිර්වාද කරන්නට අභිමත කළේද ඉස්ලාමය පිළිගැනීම සඳහා ඔහු ඔහුගේ හදවත පුළුල් කරනු ඇත. ඔහු කවරෙකුව අපහාස කරන්නට අභිමත කළේද යහමග සඳහා ඔහු ආශිර්වාද නොකරයි. සත්ය පිළිගැනීමට නොහැකි අයුරින් ඔහුගේ හදවතට දැඩි පීඩනයක් ඇති කරයි. අහසට නැග යාම දුෂ්කර වනවාක් මෙන් ඔහුගේ හදවත තුළට සත්යය පිවිසීම වළක්වනු ඇත. එය ඔහු විසින් කළ නොහැක. මෙසේ දැඩි පීඩන තත්ත්වයකින් පවතින වාතාවරණයක් අල්ලාහ් ඔවුනට ඇති කළාක් මෙන්ම ඔහු විශ්වාස නොකරන්නන්හට දඬුවමද ඇති කරයි.
Enam 6:126
අහෝ දූතය! ඔබට අපි ආගමානුගත කළ මෙම පිළිවෙත, කිසිදු ඇදයක් නැති, අල්ලාහ්ගේ ඍජු මාර්ගය වෙයි. කවරෙකුට හැඟීම් හා අවබෝධය ඇත්තේද, අල්ලාහ් පිළිබඳ වටහා ගත හැකි අයුරින් අපගේ වදන් සැබැවින්ම අපි ඔහුට පැහැදිලි කළෙමු.
Enam 6:127
සියලුම පිළිකුල් සහගත දැයින් සැනසුම ලබන නිවහනක් ඔවුනට ඇත. එය ස්වර්ගයයි. ඔවුන් සිදුකරමින් සිටි දැහැමි කටයුතු සඳහා ප්රතිඵල පිරිනැමීමක් වශයෙන් අල්ලාහ් ඔවුනට උපකාර කරයි. ඔවුන් ශක්තිමත් කරයි.
Enam 6:128
අහෝ දූතය! මිනිසුන් හා ජින් යන දෙවර්ගය එක්රැස් කරනු ලබන දිනය මෙනෙහි කරනු. එවිට අල්ලාහ්, අහෝ ජින් වර්ගයනි! ඔබ මිනිසුන් නොමඟ යැවීමෙහි හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීමෙහි අධික ලෙස නිරත වූහැයි අල්ලාහ් පවසයි. තම පරමාධිපතිට පිළිතුරු දෙමින් ඔවුන් අනුගමනය කළ මිනිසුන්: අපගේ පරමාධිපතියාණනි, අපගෙන් සෑම කෙනෙකුම තම සගයාගෙන් භුක්ති විඳ ඇත. ජින්නුන්ද මිනිසුන්ට අවනත වෙමින් භුක්ති විඳ ඇත. එමෙන්ම මිනිසුන්ද තම ආශාවන්ට වහල් වෙමින් භුක්ති විඳ ඇත. ඔබ අපට නියම කළ කාලය අප වෙත ළඟා වී ඇත. එයයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය යැයි පවසති. එයට අල්ලාහ්, නිරා ගින්න ඔබේ සදාතනික නිවහනයි. නමුත් ඔවුන්ගේ මිනීවල වල් වලින් ඔවුන් අවදි කරවා නිරය වෙත ගමන් කරවීම අතර කාලය හැර යැයි අල්ලාහ් පවසයි. අල්ලාහ් අතිරික්තයක් ලෙස පිරිනැමූ මෙම කාලය තුළ පමණක් නිරා ගින්නෙහි සදා නොසිටිනු ඇත යැයි පවසයි. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති, ඔහු සැලසුම් කිරීමෙහි හා නියම කිරීමෙහි මහා ප්රඥාවන්තය. ඔහුගේ ගැත්තන් පිළිබඳ ව හා ඔවුන් අතුරින් දඬුවමට සුදුස්සන් කවුරුන්දැයි ද ඔහු මැනවින් දන්නාය.
Enam 6:129
ජින්වරුන් එකිනෙකා හිතමිතුරන් බවට පත් කළාක් මෙන්ම ඔවුන් ඇතැම් මිනිසුන් නොමග යැවීම සඳහා ඔවුන් මත පාලනය කරවන්නට සැලැස්සුවෙමු. සෑම අපරාධකරුවකුටම තමන් උපයමින් සිටි පාපකම් සඳහා ප්රතිවිපාක වශයෙන් නපුරු පොලඹවන, එයට දිරි දෙන, යහපතින් දුරස් කොට අයහපතෙහි තනිකර දමන, අපාරධකරුවකු අපි හිතමිතුරෙක බවට පත් කරන්නෙමු.
Enam 6:130
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුනට මෙසේ පවසන්නෙමු. අහෝ මිනිස් හා ජින් වර්ගයනි! ඔබේ වර්ගයා අතුරින් එනම් මිනිස් වර්ගයා අතුරින් පහළ කළ කුර්ආනය ඔබ වෙත පාරායනය කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන ඒ භයානක දිනයේ හමුව පිළිබඳ ඔබ ව බියවද්දන දේව දූතවරු ඔබ වෙත නොපැමිණියේද? එවිට ඔවුහු එසේය, සැබැවින්ම ඔබේ දූතවරුන් අපට දන්වා සිටි බවට අද දින අප විසින්ම පිළිගනිමු. එමෙන්ම මේ දිනයේ හමුව පිළිබඳත් අපි පිළිගනිමු. නමුත් අපි ඔබේ දූතවරුන් බොරු කර සිටියෙමු. මෙම දිනයේ හමුව පිළිබඳ බොරු කර සිටියෙමු. මෙලොව ජීවිතයේ ඇති නින්දිත අලංකාරය, ලස්සන, ආකාර්ෂණය හා සුව පහසුකම් ඔවුන් රවටා දැමීය. මෙලොව ජීවිතයේ තමන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කරමින් සිටි බව ඔවුන් පිළිගනිති. කාල අවකාශය හමාර වී ඇති බැවින් එම පිළිගැනීමත් විශ්වාසයත් ඔවුනට කිසිවිටෙක පල දෙන්නේ නැත.
Enam 6:131
"තමන් වෙත කිසිදු දූතයකු එවනු ලැබුවේ නැත. කිසිදු ඇරයුමක් කර නැතැයි" කිසිවකු වැරදි නොකියනු පිණිස මිනිසුන් හා ජින්නුන් වෙත ධර්ම දූතයින් එවා තිබෙන බව කරුණු දක්වා ඇත. එහෙයින් සමූහයන් අතුරින් කිසිදු සමූහයක් ඔවුන් වෙත දූතවරුන් එවීමෙන් පසුව මිස අපි දඬුවම් නොකළෙමු.
Enam 6:132
සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට අනුකූලව තරාතිරම් ඇත. එහෙයින් අධික පාපය හා ස්වල්ප පාපය එක හා සමාන නොවෙයි. එමෙන්ම අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නා එක හා සමාන නොවන්නේය. එය දැහැමි කටයුතු කරන්නාගේ තිළිණ එක හා සමාන නොවන්නාක් මෙනි. ඔවුන් කරන දෑ පිළිබඳ ඔබේ පරමාධිපති අනවධානයෙන් පසු නොවෙයි. ඒ දෙස ඔහු බලා සිටියි. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Enam 6:133
අහෝ දූතය! ඔබේ පරමාධිපති ඔබේ ගැත්තන්ගෙන් පොහොසත්ය. ඔවුන් වෙත යැපීමට හෝ ඔවුන්ගේ නැමදුම් වල අවශ්යතාවක් හෝ ඔහුට නැත. එමෙන්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔහුට හානි ඇති කරන්නේද නැත. ඔහු ඔවුන්ගේ අවශ්යතාවෙන් තොර වනවාක් මෙන්ම ඔහු ඔවුන් පිළිබඳ මහා දයාලුය. අහෝ පාපතරයිනි, ඔබ ව විනාශ කිරීමට ඔහු අභිමත කළේ නම් ඔහුගෙන් වූ දඩුවමක් ඔබ වෙත එනු ඇත. ඔබට පෙර විසූ වෙනත් සමූහයන්ගේ පරපුරින් ඔබ ව ඔහු මැව්වාක් මෙන් ම ඔබේ විනාශයෙන් පසු ව ඔහු ව විශ්වාස කරන ඔහුට අවනත වන පිරිසක් ඔහුගේ අභිමතය පරිදි බිහි කරනු ඇත.
Enam 6:134
නැවත නැගිටුවනු ලැබීම, එක්රැස් කිරීම, විනිශ්චය, දඬුවම් පමුණුවීම යනාදි කරුණු අතරින් කවර කරුණක් ඔබ වෙත ප්රතිඥා දෙනු ලැබුවේද ඒවා කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නේමය. ඔබ පලා යෑමෙන් ඔබේ පරමාධිපතිව ජයගත නොහැක්කේමය. ඔබේ නළල් කෙසින් ඔහු ඔබව ග්රහණය කරනු ඇත. ඔහුගේ දඬුවමින් ඔහු ඔබට දඬුවම් කරනු ඇත.
Enam 6:135
අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. අහෝ ජනයිනි, ඔබ ඔබේ ස්ථාවරත්වයේ සිටිනු, ඔබ පිහිටා ඇති දේව ප්රතික්ෂේපය හා මුළාව යන ස්ථාවරත්වය මත සිටිනු. හේතුව සැබැවින්ම මම ඔබට කරුණු දක්වා ඇත්තෙමි. පැහැදිලි ලෙස දන්වා සිටිමින් ඔබ වෙත සාක්ෂි ඉදිරිපත් කර ඇත්තෙමි. ඔබේ ප්රතික්ෂේපය හා ඔබේ මුළාව ගැන මම කනස්සල්ලට පත් නොවෙමි. මම කවර සත්යයක් මත ස්ථාවර ව සිටින්නේද ඒ මත ම සිටිමි. මෙලොව ජයග්රහණය කාහට හිමි වන්නේ දැයි ද මහපොළොව කාහට උරුම වන්නේ දැයි ද මතු ලොව නිවහන කවුරුන් සතු යැයි ද ඔවුන් මතු දැන ගනු ඇත. සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන්නන් මෙලොව ජය ලබන්නේ නැත. මතු ලොවෙහි ද ජය ලබන්නේ නැත. ඔවුන් මෙලොව ඇති සැප පහසුකම් භුක්ති වින්ද ද ඔවුන්ගේ අවසානය විනාශයයි.
Enam 6:136
අල්ලාහ් මැවූ අස්වැනු හා ගොවිපළ සතුන්ගෙන් කොටසක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කොට සැබැවින්ම එම කොටස අල්ලාහ් සතු යැයි ද තවත් කොටසක් ඔවුන්ගේ පිළිම හා ස්මාරක වෙනුවෙන් වෙන් කොට එය ඔවුන් වෙනුවෙන් යැයි පවසා ආදේශ කරන්නන් අල්ලාහ්ට ආදේශ තබති. ඔවුන්ගේ හවුල් කරුවන් වෙනුවෙන් වෙන් කළ දෑ අල්ලාහ් ආගමානුගත කළ දිළිඳු හා දුප්පත් පාර්ශවයන් වෙත සේන්දු වූයේ නැත. අල්ලාහ් වෙනුවෙන් වෙන් කළ දෑ ඔවුන්ගේ හවුල්කාර පිළිම වෙත සේන්දු වී එහි ඒවායෙහි යහපත හුවමාරු වනු ඇතැයි තරයේ විශ්වාස කරති. ඔවුන්ගේ තීන්දුව හා ඔවුන්ගේ කොටස් කිරීම නපුරු නොවේද?
Enam 6:137
මෙම වැරදි සහගත තීන්දුව ආදේශ කළවුන්හට ෂෙයිතාන් අලංකාරවත් කර පෙන්වූවා සේම දිළිඳුකම හේතුවෙන් තම දරුවන් ඝාතනය කිරීම දෙවියන්ට ආදේශ කළවුනට ඔවුන්ගේ හවුල්කාර ෂෙයිතානුවන් අලංකාර කර පෙන්වීය. එය කිසිදු සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් ඝාතනය කිරීමට තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීමේ වරදට යොමු කර ඔවුන් විනාශ කරනු පිණිසය. එමෙන්ම ඔවුන්ගේ දහම ඔවුනට පටලවා ආගමානුගත කළ දෑ කුමක්ද ආගමානුග ගත නොකළ දෑ කුමක් දැයි හඳුනා නොගනු පිණිසය. ඔවුන් එය සිදු නොකර සිටීමට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එය සිදු නොකරන්නට තිබුණි. නමුත් ඔහු ගැඹුරු ප්රඥාවක් සඳහා එය අභිමත කළේය. එහෙයින් අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන මොවුන් හා අල්ලාහ් මත බොරු ගොතා පවසන මොවුන්ගේ බොරුව සමග අතහැර දමනු. සැබැවින්ම එය ඔබට හානියක් නොකරනු ඇත. ඔවුන්ගේ කටයුතු අල්ලාහ්ට භාර දෙනු.
Enam 6:138
දෙවියන්ට ආදේශ තබන්නන් ඔවුන්ගේ කල්පනය අනුව මෙම ගොවිපළ සතුන් හා පලදාවෙන් කිසිවක් අනුභව කිරීම තහනම් කරනු ලැබ ඇතැයි පවසති. මෙසේ ඔවුන් බොරු ගොතා පවසනුයේ පිළිම වලට සේවය කරන්නන් හා වෙනත් අය විසින් කරන ලද මග පෙන්වීමෙනි. තවදුරටත් ඔවුහු මෙම ගොවිපළ සතුන්ගේ පිටවල් තහනම් කරනු ලැබ ඇත. එහෙයින් ඒ මත නැග ගමන් නොකරනු. එහි කිසිවක් පටවා ප්රවාහනය නොකරනු. අල්බහීරා අස්සාඉබා හා අල් හාමී යනාදිය එම සතුන් වෙති. මෙම ගොවිපළ සතුන් මත ඒවා කපන අවස්ථාවේ ඔවුන් අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකරති. නමුත් ඒවා කපන විට ඒවා මත ඔවුන්ගේ පිළිම වල නාමයෙන් කපති. සැබැවින්ම මෙය අල්ලාහ්ගෙනි යැයි ඔහු මත බොරු පවසමින් මේ සියලු වැරදි කරති. ඔවුන් කවර කරුණක් මත බොරු ගොතමින් සිටියේද ඒ හේතුවෙන් ඔවුනට අල්ලාහ් දඬුවම් කරනු ඇත.
Enam 6:139
ඔවුන් තවදුරටත් මෙම අස්සාඉබා හා අල්බහීරා නම් ඔටු දෙනුන්ගේ කුස වල ඇති පැටවුන් පණ පිටින් බිහි කරනු ලැබුවේ නම් එය අපගේ පිරිමින්හට අනුමත වන අතර අපගේ කාන්තාවන්හට තහනම් වේ. උන්ගේ කුස තුළ ඇති පැටවුන් මිය ගොස් තත්ත්වයේ බිහි කරනු ලැබුවේ නම් පිරිමින් හා කාන්තාවන් එහි හවුල්කරුවෝ වෙති යැයි පවසති. ඔවුන්ගේ මෙම ප්රකාශයට සරිලන ප්රතිවිපාක අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. සැබැවින්ම ඔහු ආගමික කරුණු නිතීගත කිරීමෙහි හා ඔහුගේ මැවීම්හි කටයුතු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය. එමෙන්ම ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය.
Enam 6:140
තමන්ගේ බුද්ධිහීනතාව හා අඥානකම හේතුවෙන් තම දරුවන් මරා දමමින් අල්ලාහ් තමන්හට ආහාර වශයෙන් පිරිනැමූ ගොවිපළ සතුන් ඔහු මත බොරු ගොතමින් ඒවා තහනම් කළවුන් විනාශ වී ගියහ. ඍජු මාර්ගයෙන් ඔවුන් දුරස් වූහ. ඔවුහු ඒ වෙත මග ලබන්නන් නොවූහ.
Enam 6:141
මුදුන් මුල් වලින් තොරව මහපොළොව මතුපිටින් ව්යාප්තව වැඩෙන වතු හා මුදුන් මුල් සහිත උසින් වැඩෙන වතු සුවිශුද්ධ අල්ලාහ් මැව්වේය. ඔහු ඉඳි ගස් මැව්වේය. විවිධ ස්වරූපයන් හා රසයෙන් යුත් විවිධ පැළෑටි මැව්වේය. ඔලිව් හා දෙළුම් ද ඒවාට සමාන දෑ ද සුවයෙන් වෙනස් වූ දෑ ද ඔහු මැව්වේය. අහෝ ජනයිනි! ඒවා පලගැන්වූ විට එවායින් ඔබ අනුභව කරනු. ඒවා නෙළා ගන්නා දින එහි සතු සකාතය ඉටු කරනු. අනුභවයේ හා වියදම් කිරීමෙහි ආගමානුගත කළ සීමාවන් උල්ලංඝනය නොකරනු. ඒ දෙකෙහි හෝ ඒ දෙක හැර වෙනත් දෑහි තම සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැත.සැබැවින්ම සියල්ල මැව්වේ ඔහුය. ඔහු එය තම ගැත්තන් හට අනුමත කර ඇත. එහෙයින් ඒවා තහනම් කිරීමට දේව ආදේශකයින්හට කිසිදු අයිතියක් නැත.
Enam 6:142
විශාල ව වැඩුණු ඔටුවන් වැනි ඒ මත බඩු පටවාගෙන යෑමට සුදුසු ගොවිපළ සතුන් හා එළුවන් වැනි එසේ බඩු පැටවීමේ කටයුතු සිදු කළ නොහැකි කුඩා ගණයේ සතුන් ඔබ වෙනුවෙන් බිහි කළේ ඔහුය. අහෝ ජනයිනි, අල්ලාහ් ඔබට පෝෂණය කළ ඔබට අනුමත කළ දැයින් ඔබ අනුභව කරන්න. දේව ආදේශකයින් සිදු කරන්නාක් මෙන් ඔහු අනුමත කළ දෑ තහනම් කිරීමේ හා තහනම් කළ දෑ අනුමත කිරීමේ ෂෙයිතාන්ගේ පියවරවල් ඔබ අනුගමනය නොකරනු. අහෝ ජනියිනි! නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට ප්රකට සතුරෙකි. ඔහු එතුළින් ඔබ අල්ලාහ්ට පිටුපෑම අපේක්ෂා කරයි.
Enam 6:143
අල්ලාහ් ඔබ වෙනුවෙන් වර්ග අටක් මවා ඇත්තේය. බැටළුවන්ගෙන් ගැහැනු පිරිමි ජෝඩුවක් ද එළුවන්ගෙන් දෙදෙනෙක් ද ඒවා අතුරිනි. අහෝ දූතය! දේවත්වය ප්රතික්ෂේප කරන්නන්හට ඔබ, ඒ ජෝඩු දෙකින් පිරිමි සතුන් දෙදෙනා පිරිමි යන හේතුවෙන් අල්ලාහ් එය තහනම් කර ඇත්තේ දැයි විමසනු? ඔවුහු එසේය යැයි පිළිතුරු දුන්නේ නම්, ගැහැනු සතුන් ඔබ තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ගැහැනු යන හේතුවෙන් සැබැවින්ම ඔහු එය තහනම් කර ඇත්තේදැ?යි විමසනු. ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔබ පිරිමි සතුන් දෙදෙනා තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් එම ගැහැනු සතුන්ගේ ගැබ තුළ සිටින දෑ උන් එසේ ගැබේ දරා ගෙන සිටින හේතුවෙන් ඔහු එය තහනම් කර ඇත්තේ දැයි? විමසනු. එවිට ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔවුනට විටෙක ගැහැනු සතුන් තහනම් කරමින් තවත් විටෙක පිරිමි සතුන් තහනම් කරමින් ගැබ් තුළ ඇති දෑ අතර වෙන් කරනුයේ මන්දැයි ඔබ විමසනු. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම මෙම තහනම් කිරීම අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔබ කරන වාදයේ ඔබ සත්යවාදීන් නම් නිවරැදි දැනුම මත පදනම් වූයේ කුමක් දැයි ඔබ මට දන්වා සිටින්නැයි පවසනු.
Enam 6:144
වර්ග අටින් ඉතිරිය වනුයේ ඔටු ජෝඩුව හා ගව ජෝඩුවයි. අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන්නන්ගෙන්: පිරිමිකම නිසාවෙන් හෝ ගැහැනුකම නිසාවෙන් හෝ ගැබ තුළ දරා සිටින පැටවුන් නිසාවෙන් අල්ලාහ් ඒවා තහනම් කර ඇත්තේදැයි විමසනු. එසේ නැතහොත් දේව ආදේශකයිනි, ඔබේ කල්පනය පරිදි ඔබ තහනම් කර ගත් මෙම ගොවිපළ සතුන් තහනම් කරමින් අල්ලාහ් ඔබට උපදෙස් දුන් බව පවසන එම අවස්ථාවේ ඔබ එහි පෙනී සිටියෙහිද? කිසිදු පදනමකින් තොරව ඍජු මාර්ගයෙන් ජනයා නොමග යවනු පිණිස අල්ලාහ් මත බොරු ගොතා පවසන ඔහු තහනම් නොකළ දෙයක් තහනම් කර ඇත්තේ යැයි ඔහු මත ගොතා පවසන පුද්ගලයාට වඩා මහා අපරාධකරුවකු හෝ වැරදිකරුවකු හෝ තවත් නැත. අල්ලාහ් මත බොරු ගොතා පවසන අපරාධකරුවන්හට යහ මග ලබන්නට අල්ලාහ් ආශිර්වාද නොකරනු ඇත.
Enam 6:145
අහෝ දූතය! නිත්යානුකූල අයුරින් කපා නොහැර මිය ගිය සතුන්, ගලා යන රුධිරය, ශූකරයා අපවිත්ර හා තහනම් වන බැවින් උන්ගේ මාංශ, ඔවුන්ගේ පිළිම වලට බිලි දුන් දෑ මෙන් අල්ලාහ්ගේ නාමය නොපවසා කපා හරින ලද සතුන් යන දෑ හැර වෙනත් කිසිවක් අල්ලාහ් මා වෙත තහනම් කරමින් කිසිදු පණිවිඩයක් එවා තිබීම මම නොදකිමි. නමුත් දැඩි සාගින්න වැනි නොවැළැක්විය හැකි හේතුවක් මත එම තහනම් කරන ලද දෑ ආහාරයට ගැනීම සඳහා බල කරනු ලැබුවේ නම් ඒවා රස විඳීමකින් තොරව හා අත්යවශ්යතාවේ සීමාව ඉක්මවා නොයමින් ආහාරයට ගැනීමෙහි පාපයක් නැත. සැබැවින්ම නොවැළැක්විය හැකි හේතුවක් මත බල කරනු ලැබ එයින් කිසිවකු අනුභව කළේ නම් සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහු කෙරෙහි අතික්ෂමාශීලීය. සානුකම්පිතය.
Enam 6:146
ඔටුවන් හා පැස්බරන් වැනි ඇගිලි විසිරී නොගිය දෑ යුදෙව්වන්හට අපි තහනම් කළෙමු. එමෙන්ම ගවයින් හා එළුවන්ගේ පිට මත එල්ලී ඇති හෝ උන්ගේ බඩවැල්වල රැඳී ඇති හෝ පසුපසෙහි හා පැත්තෙහි පිහිටා ඇති අස්ථි සමග මුසුවී ඇති මේදය හැර සෙසු මේදයන් අපි ඔවුනට තහනම් කර ඇත්තෙමු. එසේ ඔවුනට ඒවා තහනම් කරනු ලැබුවේ ඔවුන්ගේ අපරාධකම්වලට ප්රතිවිපාකයක් වශයෙනි. අප දන්වා සිටින සෑම දෙයකම සැබැවින්ම අපි සත්යවාදීහු වෙමු.
Enam 6:147
අහෝ දූතය! ඔවුන් ඔබව බොරු කරන්නේ නම් හෝ ඔබේ පරමාධිපති වෙතින් ඔබ ගෙන ආ දෑ ඔවුන් සත්ය බව නොපවසන්නේ නම් ඔවුනට ඒ ගැන කැමැත්ත ඇති කරවමින් ඔබේ පරමාධිපති මහා කාරුණිකය. ඔබට අවකාශ ලබා දී තිබීමත් ඔබට දඬුවම් පමුණුවීම් ඉක්මන් නොකිරීමත් ඔහුගේ කාරුණිකභවයෙනි. යැයි පවසනු. එමෙන්ම ඔවුනට තරවටු කරමින් සැබැවින්ම වැරදි හා පාපකම් සිදු කරන ජනයාගෙන් ඔහුගේ දඬුවම ඉවත් කරනු නොලබනු ඇතැයි පවසනු.
Enam 6:148
අල්ලාහ්ට තමන් කරන ආදේශය නිවැරදි යන්නට ඔහුගේ අභිමතය හා ඔහුගේ නියමය පිළිබඳ තර්ක කරමින් "අප හා අපගේ මුතුන් මිත්තන් ආදේශ නොකර සිටීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ ඔහුට ආදේශ නොකරන්නට තිබුණි. එමෙන්ම අප මත අප තහනම් කර ගත් දෑ අපි තහනම් නොකිරීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ තහනම් නොකරන්නට තිබුණි යැයි දේව ආදේශකයින් පවසති. ඔවුන්ගේ අපකීර්තිමත් තර්කය මෙන්ම ඔවුනට පෙර සිටියවුන් ඔවුන්ගේ රසූල්වරුන් බොරු කරමින් මෙසේ පවසා සිටියහ. අපි ඔවුන් බොරු නොකර සිටීමට අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ඔවුන් බොරු නොකරන්නට තිබුණි. නමුත් ඔවුන් වෙත පහළ වූ අපගේ දඬුවම විඳින තෙක් එසේ ඔවුන් බොරු කරමින්ම සිටියහ. අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන ඔවුනට මෙසේ පවසා සිටිනු. ඔබ අල්ලාහ්ට ආදේශ කර සිටීමත් ඔහු තහනම් කළ දෑ අනුමත කිරීමත් අනුමත කළ දෑ තහනම් කිරීමත් ඔබගෙන් අල්ලාහ් පිළිගත් බවට කිසියම් සාධකයක් ඔබ ළඟ තිබේද? එසේ සිදු වූ වගට ඔබෙන් ඔහු එය පිළිගත් බවට කිසිදු සාක්ෂියක් ඔබට නැත. එම විෂයයෙහි ඔබ පිළිපදිනුයේ ඔබේ අනුමානයන් පමණය. සැබැවින්ම අනුමානය කිසිදු සත්යයකට අවශ්ය නොවන්නේය. ඔබ බොරු කරන්නන් මිස නැත.
Enam 6:149
අහෝ දූතය! ඔබට මෙම දුර්වල තර්ක හැර වෙනත් තර්ක නොමැති නම්, ඔබ ඉදිරිපත් කරන නිදහසට කරුණු බිඳ දමන සහ ඔබ සම්බන්ධ කර ඇති සමානකම් අහෝසි කර දමන නිශ්චිත තර්කයක් අල්ලාහ් සතුව තිබෙන බව දැනගත යුතුය. ඔබ සියලු දෙනා සත්ය වෙත ආශිර්වාද කරන්නට අභිමත කළේ නම් අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! ඒ සඳහා ඔබට ඔහු ආශිර්වාද කරනු ඇත.
Enam 6:150
අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරන එසේ තහනම් කළේ අල්ලාහ් බව තර්ක කරන දේව ආදේශකයින් හට ඔබ මෙසේ පවසනු. ඔබ තහනම් කළ කරුණ අල්ලාහ් තහනම් කර ඇති බවට ඔබ සාක්ෂි දරන ඔබේ සාධක ඉදිරිපත් කරනු. සැබැවින්ම අල්ලාහ් එය තහනම් කළ බවට කිසිදු දැනුමකින් තොරව ඔවුන් සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් අහෝ දූතය! ඔබ ඔවුන්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් ඔවුන් සත්ය වාදීන් යැයි නොපවසනු. හේතුව එය සැබවින්ම බොරු සාක්ෂියක් වන බැවිණි. තම ආශාවන්ට වහල් වී තීන්දු පතන්නන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු. ඔවුනට අල්ලාහ් අනුමත කළ දෑ ඔවුන් විසින් තහනම් කළ අවස්ථාවේ ඔවුහු අපගේ වදන් බොරු කළෝය. මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන අය ව ඔබ අනුගමනය නොකරනු. ඔවුහු තම පරමාධිපතිට ආදේශ කරති. වෙනත් අයට සමාන කරති. තම පරමාධිපති සමග මෙසේ කටයුතු කරන්නන් අනුගමනය කරනු ලබන්නේ කෙසේද?
Enam 6:151
අහෝ දූතය! ඔබ ජනයාට මෙසේ පවසනු. ජනයිනි, ඔබ එනු. අල්ලාහ් තහනම් කළ දෑ මම ඔබට කියවා පෙන්වමි. ඔහුගේ මැවීම් අතුරින් යමක් ඔහුට ඔබ ආදේශ තැබීමත් ඔබේ දෙමාපියන්ට ඔබ හිංසා කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔවුන් සමග උපකාරශීලී ව කටයුතු කිරීම ඔබට අනිවාර්යය වේ. එමෙන්ම අඥාන යුගයේ ජනයා සිදු කළාක් මෙන් දිළිඳුකම හේතුවෙන් ඔබේ දරුවන් ඔබ ඝාතනය කිරීමත් ඔහු තහනම් කළේය. ඔබට ආහාර සම්පත් පිරිනමනුයේත් ඔවුනට ආහාර සම්පත් පිරිනමනුයේත් අපමය. ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදුවන අශීලාචාර කටයුතු වලට ඔබ සමීප වීමත් ඔහු තහනම් කළේය. විවාහක කෙනෙකු දුරාචාරයේ යෙදීම රාජ්ය ද්රෝහී කටයුතු වල නිරත වීම වැනි මරණ දඬුවම නියම වන සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් නිරපරාදේ ඝාතනය කිරීමත් තහනම් කළේය. ඉහත සඳහන් කළ කරුණු ඔහු ඔබට උපදෙස් දී ඇත්තේ අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ පිළිබඳ ඔබ වටහා ගනු පිණිසය.
Enam 6:152
(වැඩිවියට පත් වීමට පෙර තම පියා මිය ගිය) අනාථයාගේ ධනය පරිහරණය කිරීමත් අල්ලාහ් තහනම් කළේය. නමුත් එහි ඔහුට යම් ප්රයෝජනයක් හෝ යහපතක් ඇත්නම් ඔහු වැඩිවියට පත් වන තෙක් ඔහුගේ ධනය වර්ධනය කළ හැකිනම් හෝ එමගින් ඔහුට මගක් පාදා දිය හැකි නම් එසේ පරිහරණය කිරීම වදරක් නැත. එමෙන්ම කිරුම් මිනුම් වල අඩුපාඩු ඇති කිරීමත් ඔබට තහනම් කළේය. ව්යාපාර ගනුදෙනු වලදී සාධාරණත්වය පිළිපැඳීම ඔබේ අනිවාර්යය වගකීමයි. කිසිදු ආත්මයකට එහි හැකියාවේ තරමට මිස කිසිවක් නොපැටවිය යුතුයි. ගනුදෙනු වලදී වැඩි කිරීම හෝ අඩු කිරීම වැළැක්විය නොහැකි කරුණක් නම් එහිදී එය වරදක් ලෙස නොසැලකේ. යම් කිසි තොරතුරක් හෝ සාක්ෂියක් ලබා දීමේදී කිසිදු පක්ෂපාතීත්වයකට හෝ මිතුරුකමකට බැඳී නිවැරදි නොවන දෑ පැවසීමත් ඔබට ඔහු තහනම් කළේය. එමෙන්ම ඔබ අල්ලාහ්ට යම් පොරොන්දුවක් දී ඇත්නම් හෝ ප්රතිඥාවක් ඔහුගෙන් ගෙන ඇත්නම් හෝ ඔහුගේ පොරොන්දු හා ප්රතිඥා කඩ කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. එය ඉටු කිරීම ඔබේ වගකීමය. ඉදිරිපත් කරන ලද මේවා අල්ලාහ් ඔබට ස්ථීර ලෙස අණ කර ඇති දෑ ය. එසේ ඔබට අණ කර ඇත්තේ ඔබේ කටයුතු වල අවසානය ඔබ මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙනි.
Enam 6:153
නොමග හා එයට අදාළ මාර්ග අනුගමනය කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔබ අනුගමනය කළ යුත්තේ කිසිදු ඇදයක් නොමැති අල්ලාහ්ගේ ඍජු මාර්ගය පමණි. නොමග ගිය මාර්ග සත්යයෙන් දුරස් කරවා එයින් වෙන් කිරීමට කටයුතු කරයි. අල්ලාහ් ඔබට උපදෙස් දී ඇත්තේ ඔහුගේ ඍජු මාර්ගය අනුගමනය කිරීමටය. එය ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව ඔබ කටයුතු කිරීමේ අපේක්ෂාවෙනි.
Enam 6:154
මෙනෙහි කරනු ලැබූ දෑ දන්වා සිටීමෙන් පසුව, සැබැවින්ම මූසා (අලය්හිස් සලාම්) දැහැමි ලෙස කටයුතු කර ඇති බැවින් ඒ සඳහා ප්රතිඵලයක් වශයෙන් පූර්ණ ආශිර්වාදයක් ලෙසත් දහමෙහි අවශ්ය සියලු දෑ පැහැදිලි කරන්නක් ලෙසත් සත්ය තහවුරු කරන සාධකයක් ලෙසත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමුව විශ්වාස කොට දැහැමි කටයුතු සිදු කොට ඒ සඳහා සූදානම් වීමේ ආශාව ඇති කරන ආශිර්වාදයක් ලෙසත් අපි ඔහුට තව්රාතය පිරිනැමුවෙමු.
Enam 6:155
මෙම කුර්ආනය බොහෝ අභිවෘද්ධියන් සහිතව අප පහළ කළ පුස්තකයකි. එහි ලෞකික මෙන්ම ආගමික යහපත ඇතුළත්ව ඇත. එහෙයින් එහි පහළ කර ඇති දෑ ඔබ පිළිපදිනු. එයට පටහැනිව කටයුතු කිරීමෙන් ප්රවේසම් වනු. එවිට ඔබ කරුණාව ලැබීම අපේක්ෂා කළ හැක.
Enam 6:156
අහෝ දෙවියන්ට ආදේශ කළ අරාබි ජාතිකයිනි! සැබැවින්ම අල්ලාහ් තව්රාතය හා ඉන්ජීලය පහළ කර ඇත්තේ අපට පෙර වූ යුදෙව්වන් හා කිතුනුවන්ටය. 'අප මත කිසිදු පුස්තකයක් පහළ නොකළේය. ඔවුන්ගේ පුස්තක අපේ බසින් නොව ඔවුන්ගේ බසින් තිබෙන බැවින් එය කියවීමට සැබැවින්ම අපි නොදනිමු.' යැයි ඔබ නොපවසනු පිණිසය.
Enam 6:157
යුදෙව්වන් හා කිතුනුවන් හට අල්ලාහ් පහළ කළාක් මෙන් පුස්තකයක් අපහටත් ඔහු පහළ කළේ නම් ඔවුනට වඩා අපි එහි ස්ථාවරව සිටින්නෙමු' යැයි ඔවුන් නොපවසනු පිණිසය. ඔබේ නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත ඔබේ බසින්ම අල්ලාහ් පහළ කළ පුස්තකයක් සැබැවින්ම ඔබ වෙත පැමිණ ඇත. එය පැහැදිළි සාක්ෂියකි. සත්යය වෙත මග පෙන්වීමකි. මෙම සමූහයාට ආශිර්වාදයකි. එහෙයින් නිදහසට බොරු කාරණා ඉදිරිපත් නොකරනු. ව්යාජ කරුණු ඉදිරිපත් නොකරනු. අල්ලාහ්ගේ වදන් බොරු කොට එයින් වෙනතකට යොමු වූ අයකුට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. අපගේ වදන් පිටු පා වෙනතකට යොමුවන්නන්හට ඔවුන්ගේ එම පිටුපෑම හා වෙනතකට යොමු වීම සඳහා ප්රතිවිපාකයක් වශයෙන් නිරා ගින්නට ඇතුළත් කරමින් ඔවුන් දැඩි දඬුවමට ලක් කරන්නෙමු.
Enam 6:158
මෙසේ බොරු කරන්නන් බලාපොරොත්තු වනුයේ මෙලොවෙහි තම ප්රාණ අත්පත් කිරීම සඳහා මරණයේ දූතයා හා ඔහුගේ සහකරුවන් ඔවුන් වෙත පැමිණීම හෝ මතු ලොවෙහි ජනයා අතර වෙන් කරන දින ඔබේ පරමාධිපති පැමිණ ඔවුන් අතර තීන්දු දී වෙන් කිරීම හෝ හිරු බටහිරෙන් උදාවීම වැනි ඔබේ පරමාධිපතිගේ ඇතැම් සංඥාවන් සිදු වන දින අවසන් හෝරාව පිළිබඳ පෙන්වා දෙන ඔබේ පරමාධිපතිගේ ඇතැම් සාධක පැමිණීම මිස වෙනකක් නොවේ. එදින දේව ප්රතික්ෂෙපකයාගේ දේව විශ්වාසය පලක් නොවනු ඇත. ඊට පෙර කිසිදු යහපතක් සිදු නොකළ දේව විශ්වාසියාටත් ඔහුගේ ක්රියාවන් පලක් නොවනු ඇත. අහෝ දූතය, මේවායින් කිසිවක් ඇති වන තෙක් ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. යැයි දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින් හට ඔබ පවසනු.
Enam 6:159
සැබැවින්ම තම දහමින් කොටසක් පිළිපැද තවත් කොටසක් අතහැර දමමින් යුදෙව්වන් හා කිතුනුවන් අතර තම දහම වෙන්කර ගත්තවුන් වනාහි, ඔවුහු මතභේද වලින් පිරුණු පිරිසක් බවට පත් වූහ. අහෝ දූතය! ඔවුන්ගෙන් කිසිවක ඔබ නැත. ඔවුන් කවර මුළාවක පසුවන්නේද එයින් ඔබ නිදොස්ය. ඔබට ඇත්තේ ඔවුනට අවවාද කිරීම පමණි. ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත භාර කරනු ලැබේ. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු ඔවුනට දන්වා ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි.
Enam 6:160
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නන් යම් යහපතක් ගෙන ආවේ නම්, අල්ලාහ් ඔහුට එය දස ගුණයකින් ගුණ කර දෙනු ඇත. ඔහු යම් අයහපතක් ගෙන ආවේ නම් එහි සැහැල්ලු හා බැරෑරුම් තරමට අනුව එයට සමානව මිස ඉන් කිසිවක් වැඩි කර දඬුවම් නොකරන්නේමය. යහපත් ක්රියාවන්ට හිමි කුසල් අඩු කරමින් හෝ අයහපත් ක්රියාවන්ට හිමි දඬුවම් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට කරනු නොලැබේ.
Enam 6:161
අහෝ දූතයිනි, බොරුකාර මෙම ආදේශ තබන්නන් හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම මම වනාහි මාගේ පරමාධිපති ඍජු මාර්ගය වෙත මට මග පෙන්වා ඇත. එය මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන ස්ථාවර දහමෙහි මාර්ගයයි. එය සත්යය වෙත නැඹුරු වූ ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමාගේ පිළිවෙතයි. හෙතෙම කිසිවිටෙක අල්ලාහ්ට ආදේශ තබන්නන් අතුරින් කෙනෙකු නොවූහ.
Enam 6:162
සැබැවින්ම මාගේ නැමදුමත් වෙනත් කිසිවකුගේ නාමය නොපවසා අල්ලාහ්ගේ නාමය පමණක් පවසා ඔහු වෙනුවෙන් කපන ලද මාගේ කැපය, මාගේ ජීවිතය, මාගේ මරණය යන ඒ සියල්ල සියලු මැවීම්හි පරමාධිපති අල්ලාහ්ට පමණක් සතුය. ඒවායෙහි කිසිදු කොටසක් ඔහු හැර වෙන කිසිවකුට නැත.
Enam 6:163
ඔහු සුවිශුද්ධය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. ඔහු හැර නැමදුමට වෙනත් කිසිදු සුදුස්සෙකු නොමැත. දේව ආදේශයෙන් පිවිතුරු ඒකදේවත්වය පිළිබඳ අල්ලාහ් මට නියෝග කළේය. මෙම සමූහයා අතුරින් ඔහුට අවනත වූ පළමුවැන්නා මම වෙමි.
Enam 6:164
අහෝ දූතය! මෙම ආදේශ තබන්නන් හට මෙසේ පවසනු. "සියලුම දෑහි පරමාධිපති වූ උත්තරීතර පිවිතුරු අල්ලාහ් හැර දමා වෙනත් පාලකයකු මා සොයන්නෙම්ද? ඔහු හැර ඔබ විසින් නමදිනු ලබන දෑහි පරමාධිපති ඔහුය. වෙනත් කෙනෙකුගේ පාපයක් නිරපරාධියෙකු මත පටවනු නොලැබේ. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැවත හැරී යනුයේ ඔබේ පරමාධිපති වෙතමය. එවිට ඔබ මෙලොවෙහි කවර ආගමික කටයුත්තක මතභේද ඇති කර ගත්තේද ඒ ගැන ඔහු ඔබට දන්වා සිටිනු ඇත."
Enam 6:165
"මහපොළොව පාලනය කිරීම සඳහා ඔබට පෙර එහි විසූවන් නියෝජනය කරන්නන් ලෙස අල්ලාහ් ඔබව පත් කළේය. මැවීමෙහි හා පෝෂණ සම්පත්හි මෙන්ම වෙනත් දෑහි ඔබ අතුරින් ඇතැමෙක් ඇතැමුකුට වඩා තරාතිරමෙන් ඔහු උසස් කළේය. එය ඔබට පිරිනැමූ මෙවන් දෑ තුළින් ඔබව ඔහු පරීක්ෂණයට භාජනය කරනු පිණිසය. අහෝ දූතය සැබැවින්ම ඔබේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. එමෙන්ම ඔහුගේ ගැත්තන් අතුරින් කවරෙකු පව් සමාව අයැද සිටින්නේද සැබැවින්ම ඔහු කෙරෙහි ඔහු අතික්ෂමාශීලීය. මහා කාරුණිකය."
A'raf 7:1
(අලිෆ්, ලාම්, මීම්, සාද්.) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර කලින් සඳහන් කර ඇත.
A'raf 7:2
අහෝ දූතය! ශුද්ධ වූ කුර්ආනය ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව ග්රන්ථයයි. ඒ ගැන ඔබේ හදවතෙහි පීඩනයක් හෝ සැකයක් හෝ නොවිය යුතුය. ඔහු එය ඔබ වෙත පහළ කළේ එමගින් ඔබ ජනයා බියවද්දා ඒ ගැන පැහැදිළි සාධක ඉදිරිපත් කරනු පිණිස හා එමගින් ඔබ දේව විශ්වාස කරන්නන්ට මෙනෙහි කොට එම උපදෙස් මගින් ඔවුන් ප්රයෝජන ලබනු පිණිසය.
A'raf 7:3
අහෝ ජනයිනි! ඔබේ පරමාධිපති ඔබ වෙත පහළ කළ දේව ග්රන්ථයත් ඔබේ නබිවරයාගේ පිළිවෙතත් ඔබ අනුගමනය කරනු. ෂෙයිතාන්ගේ මිතුරන් ලෙස හෝ නපුරු නායකයින් ලෙස හෝ ඔබ සිතන අයගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන්ගේ ආශාවන්ට නැඹුරු වීම හේතුවෙන් ඔබ වෙත පහළ කළ දෑ අත්හරින්නන් බවට ඔවුහු ඔවුන් අත්හැර දමනු ඇත. සැබැවින්ම ඔබ මෙනෙහි කරනුයේ ස්වල්පයක් පමණි. ඔබ මෙනෙහි කරන්නෙහු නම් සත්ය මත බලපෑමක් ඇති කරනු ඇත. ඔබේ දූතයාණන් කවර දෙයක් රැගෙන ආවේද එය ඔබ අනුමගනය කරනු. ඒ අනුව ඔබ ක්රියා කරනු. ඒ හැර සෙසු දෑ ඔබ අතහැර දමනු.
A'raf 7:4
අපගේ දඬුවමින් අපි විනාශ කළ ප්රදේශය බොහෝමයක් එහි ජනයා දේව ප්රතික්ෂේපයේ හා මුළාවේ හෝ සිටිය අවස්ථාවන්හි නොවේ. නමුත් අපගේ දැඩි දඬුවම රාත්රියෙහි හෝ දහවලෙහි පහළ වූයේ එහි ජනයා ඒ ගැන අනවධානයෙන් පසුවූ අවස්ථාවන්හිය. එවිට ඔවුන්ගෙන් එම දඬුවම වළක්වා ගන්නට ඔවුනට නොහැකිය. ඔවුන් තම දෙවිවරුන් යැයි සිතන අයට පවා ඔවුන්ගෙන් එය වැළැක්විය නොහැක.
A'raf 7:5
ඔවුනට දඬුවම පහළ වීමෙන් පසු අල්ලාහ්ව ප්රතික්ෂේප කර සිටීමේ අපරාධය ඔවුන් පිළිගත්තා මිස වෙනකක් නොවීය.
A'raf 7:6
අප කවර සමූහයන් වෙත දූතවරුන් එව්වෙමු ද එම සමූහයා තම දූතවරුන් හට කවර පිළිතුරක් දුන්නේ දැයි සැබැවින්ම අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගෙන් විමසන්නෙමු. එමෙන්ම දූතවරුන්හට කවර ඇරයුමක් කරන්නැයි නියෝග කරනු ලැබුවේද එය ඇරයුම් කිරීම පිළිබඳවත් ඔවුන්ගේ සමූහයා කවර පිළිතුරන් ඔවුනට දුන්නේද ඒ පිළිබඳවත් එම දූතවරුන්ගෙන් අපි විමසන්නෙමු.
A'raf 7:7
සියලු මැවීම් මෙලොවෙහි සිදු කළ ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ තොරතුරු අපගේ අනුදැනුමෙන් අපි කියන්නෙමු. ඔවුන්ගේ සියලු ක්රියාවන් පිළිබඳ අපි දැනගෙන සිටිමු. ඉන් කිසිවක් අපට සැඟවී ගියේ නැත. කිසිදු වේලාවක ඔවුන්ගෙන් අප මුවා වී සිටියේ නැත.
A'raf 7:8
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්රියාවන් තක්සේරු කිරීම ඉතා සාධාරණනීය ලෙස සිදු වනු ඇත. එහි කිසිදු අපරාධයක් හෝ අසාධාරණයක් හෝ නැත. තක්සේරු කරන විට කවරෙකුගේ කුසල්වල තරාදිය ඔහුගේ පාපකම්වල තරාදියට වඩා සාර්ථක වන්නේද අපේක්ෂා කරනු ලැබූ පරිදි ජය ලැබූවෝ ඔවුහු වෙති. භයානක දැයින් මිදුණෝ ද ඔවුහු වෙති.
A'raf 7:9
කවරෙකුගේ පාපකම්වල තරාදිය ඔහුගේ කුසල්වල තරාදියට වඩා වැඩි වන්නේද අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනාශයේ මං මාවත් කරා යොමු වෙමින් අලාභයට පත්වූවෝ ඔවුහුමය.
A'raf 7:10
අහෝ ආදම්ගේ පුතණුවනි! සැබැවින්ම අපි මහපොළොවේ ඔබට පහසුකම් සලසා දුනිමු. ජීවනෝපාය සඳහා වූ හේතු සාධක එහි ඔබට ඇති කළෙමු. එහෙයින් ඒ සඳහා ඔබ අල්ලාහ්ට කෘතඥ විය යුතුය. නමුත් ඔබ එසේ කෘතඥ වනුයේ ස්වල්ප ප්රමාණයකි.
A'raf 7:11
අහෝ ජනයිනි! සැබැවින්ම ඔබේ පියා ආදම්ව අපි බිහි කළෙමු. පසුව ඔහුව අලංකාර හැඩයකින් හැඩගැස්සුවෙමු. එමෙන්ම අලංකාර ලෙස අපි ශක්තිමත් කළෙමු. පසුව ඔහුට ගරු කිරීමක් වශයෙන් හිස පහත් කරන්නැයි අපි මලක්වරුන්ට නියෝග කළෙමු. ඔවුහු එය පිළිපැද හිස පහත් කළෝය. නමුත් ෂෙයිතාන් උඩුඟු කම හා මුරණ්ඩුකම හේතුවෙන් තම හිස පහත් කිරීමට ප්රතික්ෂේප කළේය.
A'raf 7:12
අල්ලාහ් ඉබ්ලීස්ට තරවටු කරමින් "ආදම්ට සුජූද් කරන මෙන් ඔබට මා කළ නියෝග පිළිපැදීමෙන් ඔබව වැළැක්වූයේ කුමක් දැ?"යි විමසා සිටියේය. ඉබ්ලීස් තම පරමාධිපතිට පිළිතුරු දෙමින්, "සැබැවින්ම මම ඔහුට වඩා ශ්රේෂ්ඨය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. ඔබ ඔහුව මවා ඇත්තේ මැටියෙනි. මැටියට වඩා ගින්න ශ්රේෂ්ඨය. මා වළකාලීයේ එයයි" ඔහු පැවසුවේය.
A'raf 7:13
අල්ලාහ් ඔහුට මෙසේ පැවසීය. "ඔබ ස්වර්ගයෙන් පහළට බසිනු. මෙහි උඩගුකම් පාන්නට ඔබට කිසිදු අයිතියක් නැත. හේතුව මෙය දැහැමියන් හා පවිත්රයින්ගේ නිවහනයි. එහෙයින් ඉබ්ලීස්, සැබැවින්ම ඔබ ඔබේ ආත්මය ආදම්ට වඩා විශිෂ්ඨ බව දුටුවද ඔබට වඩාත් සුදුසු වන්නේ පහත්වූ නීචයින් අතරට පත්වීමය."
A'raf 7:14
"අහෝ මාගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් මට හැකි පමණින්ම මිනිසුන් නොමග යැවීමට අවකාශය දෙනු මැනව" යැයි ඉබ්ලීස් ඉල්ලා සිටියේය.
A'raf 7:15
"අහෝ ඉබ්ලීස්! සැබැවින්ම සියලු මැවීම් මරණයට පත් වන මොහොතේ සූර් නලාව පළමුව පිඹිනු ලබන දිනයේ ඔවුන් වෙත මරණය නියම කළ අවකාශය දෙනු ලැබූවන් අතර නුඹ සිටිනු ඇත. එවිට ඔවුන්ගේ මැවුම්කරු පමණක් ඉතිරිව සිටියි."
A'raf 7:16
"ආදම්ට සුජූද් කිරීමේ ඔබේ නියෝගය පිළිපැදීම මා අතහැර දමන තරමට ඔබ මා නොමග යැවූ හේතුවෙන් ඔබේ ඍජු මාර්ගයේ සිටින ආදම්ගේ දරුවන් වෙනුවෙන් මම රැකගෙන සිටිමි. ඔවුන්ගේ ආදි පියාණන් ආදම්ට මා සුජූද් නොකිරීමෙන් නොමග ගියාක් මෙන්ම ඔවුන්ද ඉන් වෙනතකට යොමු කරවා ඉන් නොමග යවමි" යැයි ඉබ්ලීස් පැවසුවේය.
A'raf 7:17
"පසුව මතුලොව පිළිබඳ මතකයෙන් දුරස් කිරීම, මෙලොව ජීවිතය පිළිබඳ ආශාව ඇති කිරීම, සැකය ඇති කිරීම, ආශාවන් අලංකාරවත් කර පෙන්වීම යනාදී සෑම පැතිකඩකින්ම මම ඔවුන් වෙත පැමිණෙමි. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔබට කෘතවේදී වන්නන් ලෙස ඔබ නොදකිනු ඇත. එය මා ඔවුන් වෙත දේව ප්රතික්ෂේපය අණ කර සිටි බැවිනි."
A'raf 7:18
අහෝ ඉබ්ලීස්! අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරිනු ලැබූවකු හා අපහාසයට ලක්වූවකු සේ ස්වර්ගයෙන් බැහැර වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබගෙන් හා ඔබව පිළිපදින, ඔබට අවනත වන, පරමාධිපතිගේ නියෝගයට පිටු දකින සෑම කෙනෙකුගෙන්ම නිරය පුරවන්නෙමි."
A'raf 7:19
අල්ලාහ් ආදම් දෙස බලා, "අහෝ ආදම්! ඔබ හා ඔබේ බිරිය හව්වා ස්වර්ගයේ වාසය කරනු. එහි ඇති පිවිතුරු දෑ ඔබ දෙදෙනා කැමති පරිදි අනුභව කරනු. මෙම ගසින් අනුභව නොකරනු. (ඔවුන් දෙදෙනාට අල්ලාහ් පෙන්වා දුන් ගසක්) ඔබ දෙදෙනාට මා තහනම් කළ පසුව ඔබ දෙදෙනා එයින් අනුභව කළේ නම්, සැබැවින්ම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවාගියවුන් අතරට ඔබ දෙදෙනාද පත්වෙන්නේය" යැයි පැවසීය.
A'raf 7:20
ඉබ්ලීස් රහසිගත වදනක් ඔවුන් දෙනොහට හෙළුවේය. එය ඔවුන් දෙදෙනාට ආවරණය වී තිබූ රහස්ය පෙදෙස් හෙළි කරනු පිණිසය. ඔවුන් දෙදෙනා හට ඔහු, "මෙම ගසින් අනුභව කිරීමෙන් අල්ලාහ් ඔබ දෙදෙනාට තහනම් කළේ, එය ඔබ දෙදෙනා මලක්වරුන් වීමට ඔහු අකැමැති නිසාවෙන් හා ඔබ දෙදෙනා ස්වර්ගයේ සදාතනිකව සිටීම ඔහු අකමැති නිසාවෙන් මිස නැත." යැයි කීය.
A'raf 7:21
ඔවුන් දෙදෙනා හට ඔහු අල්ලාහ් මත දිවුරා මෙසේ පැවසීය. "අහෝ ආදම් හා හව්වා! සැබැවින්ම මම ඔබ දෙදෙනා වෙත කවර කරුණක් පෙන්වා දුන්නේද ඒ පිළිබඳ උපදෙස් දෙන්නන් අතුරින් කෙනෙකි."
A'raf 7:22
ඔවුන් දෙදෙනා කවර තත්ත්වයක සිටියේද, ඔහුගේ වංචාව හා රැවටීම තුළින් ඔහු ඔවුන් දෙදෙනා එම තත්ත්වයෙන් පහත් කළේය. ඔවුන් දෙදෙනාට කවර ගසකින් අනුභව කිරීමට තහනම් කළේද එම ගසින් ඔවුන් දෙදෙනා අනුභව කළ කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ඔවුන් දෙදෙනාට නිරාවරණය විය. ස්වර්ගයේ ඇති කොළ වලින් තමන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආවරණය කරනු පිණිස ඒ මත අමුණන්නට පටන් ගත්හ. ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා අමතා මෙසේ පැවසීය. මෙම ගසින් අනුභව කිරීම මම ඔබ දෙදෙනාට තහනම් නොකළෙම්ද? සැබැවින්ම ෂෙයිතාන් ඔබ දෙදෙනාගේ සතුරෙකු බව පැහැදිලි කරමින් ඔබ දෙදෙනාට මම අවවාද නොකළෙම් ද?
A'raf 7:23
"'අපගේ පරමාධිපතියාණනි! එම ගසින් අනුභව කිරීම අපට ඔබ තහනම් කර තිබියදී එම වරද අප සිදු කිරීම තුළින් අපි අපටම අපරාධ කර ගත්තෙමු. අපගේ පාපකම්වලට ඔබ අපට සමාව නොදුන්නේ නම් ඔබේ දයාවෙන් අපහට ඔබ දයාව නොදැක්වූයේ නම් සැබැවින්ම අපි මෙලොව හා මතුලොව අපට හිමි කොටස් අහිමි කර ගනිමින් අපි අලාභවන්තයින් අතරට පත්වන්නෙමු". යැයි ආදම් හා හව්වා ප්රාර්ථනා කර සිටියහ.
A'raf 7:24
ආදම්, හව්වා සහ ඉබ්ලීස් දෙස බලා, "ඔබ සැම ස්වර්ගයෙන් මිහිතලයට බසිනු. ඔබ අතුරින් ඇතැමෙක් ඇතැමෙකුට සතුරන් වනු ඇත. නියමිත කාලයක් දක්වා මිහිතලයේ නවාතැනක් හා නියමිත කාලයක් දක්වා භුක්ති විඳීමක් ඔබට ඇතැ"යි අල්ලාහ් පැවසීය.
A'raf 7:25
ආදම් හව්වා හා ඔහුගේ පරපුර වෙත අල්ලාහ් ආමන්ත්රණය කරමින් "ඔබට අල්ලාහ් නියම කළ කාල ප්රමාණයක් ඔබ මෙම මිහිතලයේ ජීවත් වනු ඇත. එහිම ඔබ මරණයට පත් වී වළදමනු ලබනු ඇත. යළි අවදි කරනු පිණිස ඔබගේ මිණීවලවල්වලින් ඔබ බැහැර කරනු ලබනු ඇත." යැයි පැවසුවේය.
A'raf 7:26
අහෝ ආදම්ගේ පුතණුවනි! ඔබේ රහස්ය පෙදෙස් ආවරණය කර ගනු පිණිස ඔබට අවශ්ය ඇඳුම් ඔහු ඇති කළේය. ජනයා අතර එමගින් අලංකාරයෙන් ගැවසෙනු පිණිස පූර්ණ ඇඳුම් පිළිවෙතක් ඇති කළෙමු. එම භෞතික ඇඳුමට වඩා බියබැතිමත්භාවයේ ඇඳුම වඩාත් ශ්රේෂ්ඨය. එනම් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කිරීමේ පිළිවෙතයි. අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන ඔහුගේ වදන් තුළින් එම ඇදුම් පිළිවෙත සඳහන් කර ඇත්තේ ඔහු ඔබ වෙත කළ ආශිර්වාද ඔබ මෙනෙහි කොට ඒ සඳහා ඔබ ඔහුට කෘතඥ වනු පිණිසය.
A'raf 7:27
අහෝ ආදම්ගේ පුතණුවනි! පාපකම් අලංකාරවත් කිරීම තුළින් ෂෙයිතාන් තම රහස්ය පෙදෙස් ආවරණය කිරීම සඳහා ඇති භෞතික ඇඳුම හා තක්වා හෙවත් බැතිමත්කමේ ඇඳුම අතහැර දමන තරමට ඔහු ඔබ රවටා නොදැමිය යුතුයි. ඔබේ දෙමාපියන් ස්වර්ගයෙන් බැහැර කරනු ලැබීමේ හා ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් නිරාවරණය වීමේ ඉරණමට ඔවුන් පත්වන තෙක් ෂෙයිතාන් එම ගසින් අනුභව කිරීම ඔවුන් දෙදෙනාට අලංකාරවත් කොට රවටා දැමීය. සැබැවින්ම ෂෙයිතාන් හා ඔහුගේ පරපුර ඔබව බලමින් හා නිරීක්ෂණය කරමින් සිටිති. නමුත් නුඹලාට ඔවුන් දැකීමට හෝ නිරීක්ෂණය කිරීමට හෝ නොහැක. එහෙයින් ඔහුගෙන් හා ඔහුගේ පරපුරෙන් ප්රවේසම් වීම ඔබට අනිවාර්යය වන්නේය.අල්ලාහ් විශ්වාස නොකරන ජනයාට භාරකරුවන් හා හිතමිතුරන් ලෙස ෂෙයිතානුන් සැබැවින්ම අපි පත් කළෙමු. දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් වනාහි, ඔවුනට එරෙහි ව කටයුතු කිරීමට මොවුනට මගක් නැත.
A'raf 7:28
ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීම නිරුවත්ව දේව නිවස වටා යෑම වැනි වැරදි ක්රියාවක් බහුදේව වාදීන් විසින් සිදු කරන විට ඔබ ඔවුන් නොසලකා හරින්න. සැබැවින්ම ඔවුන්ගේ මුතුන් මිත්තන් මෙසේ පාපකම් සිදුකරමින් සිටිනු ඔවුන් දැක ඇත. සැබැවින්ම අල්ලාහ් ඔවුනට මෙසේ නියෝග කළ බව අහෝ මුහම්මද්! ඔවුනට පිළිතුරු වශයෙන් පවසන්න. සැබැවින්ම අල්ලාහ් පාපකම් කිරීමට අණ කරන්නේ නැත. ඔහු එයින් වළකන්නේය. එසේ නම් ඒ ගැන ඔබ වාද කරනුයේ කෙසේද? අහෝ බහුදේවවාදී ජනයිනි! ඔබ නොදන්නා දෑ අල්ලාහ් මත බොරු ගොතා පවසන්නෙහුද?
A'raf 7:29
අහෝ මුහම්මද්! 'සැබැවින්ම අල්ලාහ් යුක්තිය හා සාධාරණය අණ කළේය. අශීලාචාර දෑ හෝ පිළිකුල් සහගත දෑ ඔහු අණ කළේ නැත. පොදුවේ හා විශේෂයෙන් මස්ජිදය තුළ ඔහුට පමණක් නැමදුම් කරන මෙන් ඔහු අණ කළේය. එමෙන්ම ඔහුට පමණක් අවංකව අවනත වෙමින් ඔහුගෙන් ප්රාර්ථනා කරන මෙන්ද අණ කළේය. මුල් වතාවේ කිසිවක් නොමැති තත්ත්වයේ ඔබ ව මැව්වා සේම නැවත වතාවක් ජීවී ව යළි ඔබ ව ගෙන එනු ඇත. ඔබේ මැවීම ආරම්භ කිරීමේ බලය ඇති ඔහු යළි ඔබ ගෙන එන්නටත් නැවත අවදි කරවීමටත් බලය ඇත්තාය යැයි බහුදේවවාදීන්හට ඔබ පවසනු.
A'raf 7:30
අල්ලාහ් මිනිසුන් කණ්ඩායම් දෙකක් බවට පත් කළේය. ඔවුන් අතුරින් පිරිසකට මග පෙන්වා, මග ලැබීම සඳහා වූ සාධක ඔහු ඔවුන්ට පහසු කොට එය වළක්වන දෑ ඔහුගෙන් වෙනතකට හරවා දැමීය. තවත් පිරිසකට සත්ය මාර්ගයෙන් ඉවත්ව මුළාව නියම විය. එය ඔවුන් අල්ලාහ් හැර දමා තම හිතමිතුරන් ලෙස ෂෙයිතානුන් පත් කරගත් බැවිනි. සැබැවින්ම ඔවුන් තමන් හට ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි සිතමින් අඥානකමින් ඔවුහු ඔවුනට යටත් වූහ.
A'raf 7:31
"අහෝ ආදම්ගේ දරුවනි! ඔබේ රහස්ය පෙදෙස් ආවරණය කරන දෑ ඇඳගන්න. එමෙන්ම සලාතය හා තවාෆ් කරන අවස්ථාවේ කවර පිරිසිදු ඇඳුමිකින් අලංකාරවත් කර ගත හැක්කේද එවැනි දෑද ඇඳගන්න. අල්ලාහ් අනුමත කළ යහපත් දැයින් ඔබ කැමති දෑ අනුභව කරන්න. පානය කරන්න. එහි මධ්යස්තභාවයේ සීමාව ඉක්මවා නොයන්න. අනුමත දෑ, තහනම් දෑ වෙත ගෙනයමින් ඉක්මවා කටයුතු නොකරන්න. සැබැවින්ම අල්ලාහ් මධ්යස්තභවයේ සීමාවන් උල්ලංඝණය කරන්නන්හට ප්රිය කරන්නේ නැත.
A'raf 7:32
අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ ඇඳුම් අනුමත කළ ආහාර පාන හා වෙනත් දෑ තහනම් කරන බහුදේවවාදීන්ගෙන් මෙසේ විමසනු. ඔබට අලංකාරයක් වශයෙන් පිරිනැමූ ඇඳුම් පැළඳුම් තහනම් කළේ කවරෙක්ද? එමෙන්ම අල්ලාහ් පෝෂණය කළ පිවිතුරු ආහාර පාන හා වෙනත් දෑ ඔබට තහනම් කළේ කවරෙක්ද? අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. මෙම යහපත් දෑ මෙලොව ජීවිතයේ දේව විශ්වාසී ජනයාට හිමිය. එහි වෙනත් අය මෙලොවෙහිම හවුල් වූයේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ට විශේෂිත වනු ඇත. එහි දී දේව ප්රතික්ෂේපකයින් හවුල් නොවනු ඇත. හේතුව සැබැවින්ම ස්වර්ගය දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට තහනම් කරනු ලැබූවක් බැවිණි. මෙම විස්තර කිරීම මෙන්ම වටහා ගන්නා ජනයාට අපි එම වදන් පැහැදිලි කරන්නෙමු. සැබැවින්ම ඔවුහු එයින් ප්රයෝජන ලබනු ඇත.
A'raf 7:33
අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරන එම බහුදේවවාදීන්හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට තහනම් කළේ අශිලාචාර දෑය. එනම් පාපය ගෙන දෙන පිළිකුල් සහගත දෑය. එය මතුපිටින් හෝ අභ්යන්තරයෙන් හෝ වේවා එය තහනම් වන්නේය. සියලු පාපකම් ඔහු තහනම් කළේය. මිනිසුන්ගේ රැධිරය, ඔවුන්ගේ සම්පත් හා ඔවුන්ගේ මාන්යය යනාදී කරුණුවල ඉක්මවා කටයුතු කිරීම තහනම් කළේය. දේවත්වයට කිසිදු සාක්ෂියක් නොමැති දෑ අල්ලාහ් සමග ඔබ ආදේශ කිරීමත් ඔබ වෙත තහනම් කළේය. ඔහුගේ නාම ඔහුගේ ගුණාංග ඔහුගේ ක්රියා හා ඔහු ආගමානුගත කළ දෑහි ඔබ කිසිදු දැනුමකින් තොරව එයට විරුද්ධ ව ප්රකාශ නිකුත් කිරීමත් ඔබ වෙත තහනම් කළේය.
A'raf 7:34
සෑම යුගයකටම සෑම පරම්පරාවකටම ඒ සඳහා නියම කළ නියමිත කාලයක් ඇත. නිර්ණය කරන ලද ඔවුන්ගේ නියමිත කාලය ඔවුන් වෙත පැමිණි විට ස්වල්ප කාලයක් වුවද එයින් ප්රමාද කරනු නොලබති. එමෙන්ම ඉදිරියට ගෙන එනු නොලබති.
A'raf 7:35
අහෝ ආදම්ගේ දරුවනි! ඔවුන් වෙත මා පහළ කළ පුස්තකය ඔබ අතර කියවා පෙන්වන ඔබ අතුරින්ම වූ දූතවරු මා විසින් ඔබ වෙත පැමිණි විට ඔබ ඔවුනට අවනත වනු. ඔවුන් ගෙන ආ දෑ පිළිපදිනු. අල්ලාහ්ගේ නියෝග පිළිපැද හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතිමත් වී ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කරගත්තවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට කිසිදු බියක් නැත. මෙලොව ඔවුනට මග හැරුණු කොටස් පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.
A'raf 7:36
අපගේ වදන් බොරු කර, එය විශ්වාස නොකර ඔවුන්ගේ දූතවරු කවර කරුණක් ඔවුන් වෙත ගෙන ආවේද, අහංකාරකම හේතුවෙන් ඉන් ඉවත් වූ දේව ප්රතික්ෂේපකයින් වනාහි සැබැවින්ම සදා ලැගුම් ගන්නා නිරය අනිවාර්යය වූ නිරා වැසියෝ ඔවුහුමය.
A'raf 7:37
අල්ලාහ් වෙත හවුල්කරුවකු ඈඳා හෝ යම් අඩුවක් හෝ ඔහු නොපැවසූ කරුණක් පැවසූ බවට පවසමින් ඔහු මත බොරු ගොතා පවසන; ඍජු මාර්ගය වෙත මගපෙන්වන ඔහුගේ පැහැදිලි වදන් බොරු කරන අයට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. මෙසේ විස්තර කරනු ලැබූ මොවුනට හොඳ හෝ නරක කරුණු අතරින් සුරක්ෂිත ඵලකයේ සඳහන් මෙලොව භුක්ති විදින කොටස ඔවුන් ලබනු ඇත. අවසානයේ, ඔවුන් වෙත මරණයේ දූතයා හා ඔහුගේ සහකාර දූතවරු ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නට පැමිණෙති. එවිට ඔවුහු ඔවුනට තරවටු කරමින්, "අල්ලාහ් හැර ඔබ නමදිමින් සිටි දෙවිවරුන් කොහේද? ඔබට සෙත සලසනු පිණිස ඔබ ඔවුනට ඇරයුම් කරනු" යැයි පවසා සිටිති. බහු දේව වාදීහු දූතවරුන් දෙස බලා, "අප නමදිමින් සිටි අපගේ දෙවිවරුන් අපගෙන් පහව ගොස් ඇත. ඔවුන් සැඟවී ඇත. ඒවා කොහේදැ?යි අපි නොදනිමි" යැයි පවසා සැබැවින්ම තමන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් බව පිළිගනිති. නමුත් ඒ මොහොතේ ඔවුන්ගේ එම පිළිගැනීම ඔවුනට එරෙහිව පිහිටනු ඇත. එය ඔවුනට කිසිවිටෙක ප්රයෝජනවත් වන්නේ නැත.
A'raf 7:38
අහෝ අල්ලාහ්ට ආදේශ තබන්නනි! ඔබට පෙර ඉකුත් වී ගිය දේව ප්රතික්ෂේපය හා මුළාවෙහි පසු වූ නිරා ගින්නේ වෙසෙන ජින් හා මිනිස් සමූහයා අතරට ඔබත් පිවිසෙනු. යැයි මලක්වරුන් ඔවුනට පවසා සිටිති. යම් සමූහයකින් පසු තවත් සමූහයක් එහි පිවිසෙන සෑම අවස්ථාවකම ඔවුනට පෙර නිරයට ගිය සහෝදර සමූහයාට දොස් නගති. ඔවුන් එකිනෙකා මුණ ගැසී සියලු දෙනා එක්රැස් වූ විට ඔවුන් අතර වූ පහත් මෙන්ම අනුගාමිකයින් ඔවුන් අතර සිටින උසස් ප්රධානීන් හා නායකයින් පෙන්වා ‘අපගේ පරමාධිපතියාණනි, යහමගින් අප ව මුළා කළේ මෙම ප්රධානීන්ය. ඔවුන් අපට අයහමග අලංකාරවත් කර පෙන් වූ බැවින් ඔවුනට දඬුවම ගුණ කර දෙනු’ යැයි පවසති. ඔවුනට පිළිතුරු වශයෙන් අල්ලාහ්, ‘ඔබ අතුරින් සෑම පිරිසකටම ගුණ කර දෙනු ලබන දඩුවමේ කොටසක් ඇත. නමුත් ඒ පීළිබඳ ඔබ නොදැනුවත්ය. එය ඔබ ලබා නැත’ යැයි පවසයි.
A'raf 7:39
අනුගමනය කරනු ලැබූ නායකයින් තම අනුගාමිකයින් දෙස බලා, "අහෝ අනුගමනය කළවුනි! ඔබෙන් දඬුවම සැහැල්ලු කිරීමට තරම් අපට වඩා සුදුසුකමක් ලබන මහිමයක් ඔබට නැත. දඬුවම පිහිටනුයේ ඔබ උපයාගත් ක්රියාවන් අනුවය. ව්යාජ දෑ අනුගමනය කිරීමේ දී ඔබට කිසිදු නිදහසට කරුණක් නැත. එහෙයින් අනුගමනය කළවුනි! ඔබ උපයාගනිමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අප භුක්ති විදන දෑ හා සමාන දඬුවමක් ඔබද භුක්ති විඳිනු."
A'raf 7:40
සැබැවින්ම අපගේ පැහැදිලි සාක්ෂි හා සාධක බොරු කොට එයට අවනතවීමට හා කීකරුවීමට උඩගු වූවෝ සියලුම යහපත පිළිබඳ බලාපොරොත්තු සුන් වූවෝ වෙති. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් සිදු කළ ක්රියාවන් සඳහා හා ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ ප්රාණ සඳහා අහස්හි දොරටු විවෘත කරනු නොලැබේ. විශාල ප්රමාණයේ සතෙකු වූ ඔටුවා ඉතා පටු හා කුඩා ඉඳිකටුවක සිදුරෙන් පිවිසෙන තෙක් ඔවුහු ස්වර්ගයට ඇතුළු නොවෙති. එය සිදුවන්නක් ද නොවේ. ඉන් අදහස් කරනුයේ ඔවුනට ස්වර්ගයට පිවිසීමට කිසිදු අවස්ථාවක් හෝ නොමැති බවය. මෙවැනි ප්රතිවිපාක මහත් සේ පාපයන් කළවුනට අල්ලාහ් විපාක වශයෙන් පිරිනමනු ඇත.
A'raf 7:41
මෙම උඩගු බොරුකාරයින් සඳහා නිරයෙන් වූ ඵලසක් ඇත. ඔවුහු එහි වාඩි වෙති. ඔවුනට ඉහලින් ගින්නෙන් වූ ආවරණයක් ඇත. අල්ලාහ්ගේ සීමාව උල්ලංඝණය කළ අයට ඔවුන්ගේ ප්රතික්ෂේපය හා පිටුපෑම හේතුවෙන් අප පිරිනමන ප්රතිවිපාකය මෙලෙසය.
A'raf 7:42
තම පරමාධිපතිව විශ්වාස කොට තමන්ට හැකිපමණින් දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුහුමය ස්වර්ගයට පිවිස සදා වාසය කරන ස්වර්ග වාසීහු වන්නේ. (අල්ලාහ් කිසිදු ආත්මයකට දැරිය හැකි ප්රමාණයට වඩා ඉහළින් කිසිවක් පටවන්නේ නැත.)
A'raf 7:43
ස්වර්ගයේ ඔවුන් විඳින පූර්ණ සුව පහසුකම් අතරින් ඔවුන්ගේ හදවත් වල ක්රෝධය හා ඊර්ෂ්යාව අල්ලාහ් ඉවත් කිරීමද එකකි. ඔවුනට පහළින් ගංගා ගලා බසියි. තමන් වෙත පිරිනැමූ ආශිර්වාද පිළිගනිමින් ඔවුහු: “මෙම නිලය අප ලබන සේ දැහැමි ක්රියාවන් සිදු කිරීමට අපහට ආශිර්වාද කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා. අල්ලාහ් අපට ඒ වෙත ආශිර්වාද නොකළේ නම් අපි ඒ සඳහා ආශිර්වාද ලබන්නන් නොවන්නෙමු. කිසිදු සැකයකට ඉඩ නැති සත්යය හා සැබෑ ප්රතිඥාවන් හා අවවාදයන් සමග අපගේ පරමාධිපතිගේ දූතවරුන් පැමිණියහ” යැයි පවසති. ඔවුන් අතර නිවේදකයකු මෙසේ නිවේදනය කරයි. “මෙලොව මාගේ දූතවරු කවර තොරතුරක් ඔබට දන්වා සිටියේ ද එම ස්වර්ගය මෙයයි. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඔබ කළ දැහැමි කටයුතු හේතුවෙන් එය ඔබට ම සූදානම් කර ඇත.”
A'raf 7:44
තම තමන්ට සූදානම් කරනු ලැබූ නිලයන් තුළට පිවිසීමෙන් අනතුරු ව ස්වර්ගයට අයත් ස්වර්ගවාසීහු නිරයට අයත් නිරා වැසියන් දෙස බලා: “සැබැවින්ම අපගේ පරමාධිපති අපට පොරොන්දු වූ ස්වර්ගය සැබෑ ලෙසට අපට හමු විය. ඔහු අප එයට ඇතුළත් කළේය. අහෝ දෙවියන් ප්රතික්ෂේප කළවුනි! අල්ලාහ් ඔබට අවවාද කර සිටි නිරය සැබෑ ලෙසින්ම ඔබට ලැබුණේ දැ?”යි විමසති. දෙවියන් ප්රතික්ෂේප කළවුන් “අපට අවවාද කළ නිරා ගින්න සැබෑ ලෙසින්ම අපට හමු විය” යැයි පවසති. එවිට නිවේදකයකු: “අල්ලාහ් ඔහුගේ කරුණාවෙන් අපරාධකරුවන් නෙරපා දැමීය . සැබැවින්ම ඔහුගේ කරුණාවේ දොරටු මෙලොවෙහි ඔවුනට විවෘත කර දුන්නේය. නමුත් ඔවුහු එය පිටුපැවෝය” යැයි නිවේදනය කරයි.
A'raf 7:45
මෙම අපරාධකරුවන් අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් වළක්වා ගත්තා සේම සෙසු අයව ද එයින් වළක්වමින් සිටියහ. ජනයා සත්ය මාර්ගයට නොපිවිසෙන පරිදි ඔවුහු එහි අඩුපාඩු සොයමින් පසුවූහ. මතුලොවට සූදානම් නැති, එය ප්රතික්ෂේප කළවුන් ඔවුහුමය.
A'raf 7:46
ස්වර්ගවාසීන් හා නිරාවාසීන් අතර අල් අඃරාෆ් නමින් හඳුන්වන උස් බාධකයක් පවතී. එම උස් බාධකය මත තම යහකම් හා පාපකම් සමාන ලෙස තුලනය වූ මිනිසුන් වෙති. මුහුණෙහි පවතින දීප්තිය වැනි ඔවුන්ගේ සළකුණු මගින් ස්වර්ග වැසියන් හඳුනා ගනිති. එමෙන්ම මුහුණෙහි පවතින කළු පැහැය වැනි ඔවුන්ගේ සලකුණු මගින් නිරා වැසියන් හඳුනා ගනිති. මෙම මිනිසුන් ස්වර්ග වැසියන් අමතා ඔවුනට ගෞරවයක් වන පරිදි "ඔබට හා ස්වර්ගවාසීන්ට ශාන්තිය අත්වේවා" යැයි පවසයි. උස් බාධක මත පසුවන ජනයා ඉන්පසු ස්වර්ගයට පිවිසුනේ නැත. නමුත් ඔවුහු අල්ලාහ්ගේ කරුණාවෙන් එහි පිවිසීමට ආශා කරති.
A'raf 7:47
අඃරාෆ්හි (උස් ස්ථානයන් හි) සිටින අයගේ බැල්ම නිරාවාසීන් වෙත හරවනු ලැබූ විට එහි ඔවුන් අත් විඳින දඬුවම දැක ඔවුන් අල්ලාහ්ගෙන් 'අපගේ පරමාධිපතියාණනි! ඔබට ආදේශ තබමින් ඔබව ප්රතික්ෂේප කරමින් අපරාධකාරී ජනයා සමග ඔබ අප පත් නොකරනු මැනව!" යැයි ප්රාර්ථනා කරති.
A'raf 7:48
තම මුහුණු අඳුරු වීම, දෑස් නිල් වීම වැනි සලකුණු මගින් හඳුනාගනු ලැබූ නිරා වැසියන් අතර සිටින දේව ප්රතික්ෂේපිත මිනිසුන් දෙස බලා අඃරාෆ්හි වැසියන් මෙසේ පවසයි. ධනය හා මිනිසුන් අධිකව ඔබ හම්බ කළද ඒවා ඔබට ඵල දුන්නේ නැත. උද්දච්චකම හා උඩගුකමින් සත්යය ඔබ පිටුපෑම ඔබට කිසිදු ඵලක් නොවීය.
A'raf 7:49
දේව ප්රතික්ෂේපකයින්හට තරවටු කරමින්, "අල්ලාහ් අබියස වූ ඔහුගේ කරුණාව ඔවුනට අල්ලාහ් පිරිනොනමන බවට දිවුරා සිටි අය මොවුහුදැ?"යි අල්ලාහ් විමසා සිටියි. පසුව අල්ලාහ් විශ්වාස කරන්නන් දෙස බලා, අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ඔබ ස්වර්ගයට පිවිසෙනු. ඔබ කවර දෙයකට මුහුණ දෙන්නේද ඒ ගැන කිසිදු බියක් ඔබට නැත. සදා සැපසම්පත් ඔබ ලබන්නට යන බැවින් මෙලොවෙහි ඔබට මග හැරුණු කොටස පිළිබඳ ඔබ දුකට පත්වන්නේද නැත."
A'raf 7:50
නිරා වාසීහු ස්වර්ගවාසීන් බැගෑපත් ව අමතා, "අහෝ ස්වර්ග වැසියනි! අප මත ජලය වක් කරන්න. එසේ නැතිනම් අල්ලාහ් ඔබට ලබා දුන් පෝෂණයෙන් අපහට ලබා දෙන්නැ"යි පවසති. ස්වර්ගවාසීහු, "සැබැවින්ම, දෙවියන් ප්රතික්ෂේප කළවුන් හට ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒ දෙකම අල්ලාහ් තහනම් කර ඇත. ඔබට අල්ලාහ් තහනම් කළ දෙයකින් කිසිවිටෙක ඔබට උදව් කළ නොහැක්කේම යැ" යි පවසති.
A'raf 7:51
තම දහම විහිළුවක් හා නිෂ්ඵල දෙයක් බවට පත් කර ගත් මෙම දේව ප්රතික්ෂේපකයින්හට මෙලොව ජීවිතය එහි අලංකාරය හා ආකාර්ශනය තුළින් රවටා දමා ඇත. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හමුවීම ඔවුන් අමතක කළාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් දඬුවම විඳින්නට ඉඩ හැර ඔවුන් අමතක කර දමයි. ඔවුන් ඔහු වෙනුවෙන් කිසිදු කටයුත්තක් සිදු කළේ නැත. ඒ සඳහා සූදානම් වූයේද නැත. සැබැවින්ම එය සත්ය බව ඔවුන් දැන දැනම අල්ලාහ්ගේ සාක්ෂි හා සාධක පිළිකුල් කොට ප්රතික්ෂේප කළ බැවිනි.
A'raf 7:52
සැබැවින්ම අපි මෙම කුර්ආනය ඔවුන් වෙත ගෙන ආවෙමු. එය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ ග්රන්ථයයි. අපගේ දැනුමෙන් අප කවර දෙයක් පැහැදිළි කරමින් සිටියේ ද සැබැවින්ම එය එහි අපි පැහැදිළි කළෙමු. එය සත්යය හා නිවැරදි මග වෙත දේවත්වය විශ්වාස කරන්නනන් යොමු කරවන්නකි. මෙලොව හා මතුලොව යහපත පෙන්වා දීමෙහි එය ඔබට ආශිර්වාදයකි.
A'raf 7:53
මතු ලොවෙහි ඔවුන්ගේ විෂයය කවර කරුණක් වෙත යොමු කරනු ලබන්නේද එම වේදනීය දඬුවම සිදු වන බවට දැනුම් දෙනු ලැබූ දෑ ඔවුනට සිදුවීම මිස දේව ප්රතික්ෂේපකයෝ වෙනෙකක් බලාපොරොත්තු නොවෙති. කවර දෙයක් පිළිබඳ ඔවුනට දැනුම් දෙනු ලැබුවේද එය හා දෙවියන් විශ්වාස කරන්නන්හට කවර කුසලක් පිළිබඳ දැනුම් දෙනු ලැබුවේද එය ද පැමිණෙනු ඇත. මෙලොවෙහි අල් කුර්ආනය අමතක කොට එහි ඇති දෑ අනුව ක්රියා නොකළවුන්: "අපගේ පරමාධිපතිගේ දූතවරුන් කිසිදු සැකයක් නැති සත්යය සමග පැමිණියහ. සැබැවින්ම එය අල්ලාහ් වෙතින් බවට කිසිදු සැකයක් නැත. දඬුවමින් සැනසුම ලබා දෙනු පිණිස අල්ලාහ් ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් ව කතා කරන මැදිහත්කරුවන් නොමැත්තේද? එසේත් නැතහොත් අප දැහැමි ක්රියාවන් කරනු වස් නැවතත් මෙලොව ජීවිතය වෙත යොමු කරනු ලැබිය යුතු නොවේද? අප කළ නපුරුකම් වෙනුවට දැහැමි කටයුතු කරන්නට පුළුවන. නමුත් දෙවියන් ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ විනාශයෙන් ඔවුන් පරාජයට පත් වූහ. අල්ලාහ් හැර ඔවුන් කවර දෑට නැමදුම් කරමින් සිටියේද ඒවා ඔවුන්ගෙන් සැඟ වී ගොස් ඇත. ඔවුන් ඔවුනට කිසිදු සෙතක් සැලසුවේ නැත.
A'raf 7:54
අහෝ ජනයිනි! සැබැවින්ම ඔබේ පරමාධිපති වනාහි අහස් හා මහපොළොව කිසිදු පූර්වාදර්ශයකින් තොරව දින හයකින් මැවූ අල්ලාහ්ය. පසු ව ඔහු අර්ෂ් හෙවත් දේව රාජ්යය මත ඔහුගේ කීර්තියට අනුකූලව ඉහළින් ස්ථාපිත විය. එය කෙසේදැ යි අප කිසිවකු නොදනිමු. දහවල් ආලෝකය සමග රාත්රි අන්ධකාරය ඔහු ඉවත් කරන්නේය. එමෙන්ම රාත්රි අන්ධකාරය සමග දහවල් ආලෝකය ඔහු ඉවත් කරන්නේය. ඒ දෙකින් සෑම එකක්ම කිසිදු ප්රමාදයකින් තොරව ඉතා ශීඝ්රයෙන් අනෙකා සොයා එනු ඇත. එකක් ඉවත් ව ගිය විට අනෙක පැමිණෙන්නේය. ශුද්ධ වූ අල්ලාහ් ඉර මැව්වේය. එමෙන්ම සඳුද මැව්වේය. දිලිසෙමින් එල්ලී පවතින තාරකාවන් මැව්වේය. එසේ නම් ඔහුගේ සියලු මැවීම් ඔහු සතු නොවන්නේද? ඔහු හැර මැවුම්කරු වෙනත් කවුරුන්ද? සියලු කටයුතු ඔහුට පමණක් සතුය. ඔහුගේ ශ්රේෂ්ඨත්වය උතුම්ය. ඔහුගේ ත්යාගශීලිබව අධිකය. ලෝවැසියන්ගේ පරමාධිපති වූ ඔහු කීර්තිමත් හා පරිපූර්ණවත් ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබ ඇත.
A'raf 7:55
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ප්රාර්ථනාවෙහි අවංකයින් ලෙසින්, රහසිගතව පූර්ණ යටහත් පහත් භාවයෙන් යුතුව ඔබේ පරමාධිපතිට කන්නලව් කරනු. ප්රාර්ථනාවෙහි ශුද්ධ වූ අල්ලාහ්ට කිසිදු ආදේශයක් නොතබා මූණිච්චාවට ඉටු නොකරනු. ප්රාර්ථනාවෙහි ඔහුගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන් හට සැබැවින්ම ඔහු ප්රිය කරන්නේ නැත. දෙවියන්හට ආදේශ තබන්නන් මෙන් ඔහු සමග වෙනත් අයකු අයැද සිටිමින් ඔහුගේ සීමාවන් ඉක්මවා කටයුතු කිරීමේ බරපතල ක්රියාවට වඩා වෙනත් යමක් තිබේද?
A'raf 7:56
අල්ලාහ් දහම් දූතවරු එවා ඔහුට පමණක් අවනත වීමෙන් මහපොළොවේ පාලනය විධිමත් කළ පසුව, පාපකම් කරමින් ඒ මත කලහකාරීව ඔබ නොහැසිරෙනු. ඔහුගේ දඬුවම ගැන බිය හැගීමෙන් යුතුව හා ඔහුගේ කුසල් හිමි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුව ඔහුට පමණක් කන්නලව් කරනු. සැබැවින්ම අල්ලාහ්ගේ කරුණාව දැහැමියන්හට ඉතා සමීපය. එහෙයින් ඔබද ඔවුන් අතරට පත් වනු.
A'raf 7:57
උත්තරීතර අල්ලාහ් වර්ෂාව ගැන ශුභාරංචි දන්වන්නක් ලෙස සුළග එවයි. ජලයෙන් බර වූ වලාකුළු සුළඟ උසුලාගෙන පැමිණි විට නියං ගමකට එම වලාකුළු පහළ කරන්නෙමු. එමගින් ගමට ජලය පතිත වී එම ජලයෙන් සියලුම වර්ගයේ බවභෝග අපි හටගන්වන්නෙමු. මෙයාකාරයෙන් භෝග හට ගන්වන්නාක් මෙන්ම මියගිය ඇත්තන් ඔවුන්ගේ මිණීවලවල්වලින් ජීවමානයන් ලෙස අපි බැහැර කරන්නෙමු. අහෝ ජනයිනි! අපි එසේ කරනුයේ අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ මැවීමේ ආරම්භය ගැන ඔබ මෙනෙහි කිරීමටත් සැබැවින්ම එසේ කළ හැකි අල්ලාහ්ට මියගියවුන්ට යළි ප්රාණය දීමේ ශක්තිය ඔහු සතු බවත් ඔබ මෙනෙහි කරනු පිණිසය.
A'raf 7:58
සාරවත් පොළොව අල්ලාහ්ගේ අනුහසින් එහි පැළෑටි පූර්ණවත් ලෙස සරුවට මතු කරනු ඇත. එලෙසම දේවත්වය විශ්වාස කරන්නෙකු උපදෙසට සවන් දී එමගින් ප්රයෝජන ලබනු ඇත. දැහැමි ක්රියාවන් සිදු කරනු ඇත. නිසරු ලුණු සහිත වගුරු බිම් යහපතක් නැති දුර්ලබ දෑ හැර පැළෑටි හට ගන්වන්නේ නැත. එලෙස දේව ප්රතික්ෂේපකයාද උපදෙස් මගින් ප්රයෝජන නොලබනු ඇත. තමන්ට ඵල දෙන දැහැමි ක්රියාවන් සිදු නොකරනු ඇත. මෙවන් විවිධ උත්පාදන මෙන් අල්ලාහ්ගේ ආශිර්වාදවලට කෘතගුණ සලකන, එයට ගුණමකු නොවන, තම පරමාධිපතිට අවනත වන පිරිසකට සත්යය තහවුරු කිරීම පිණිස සාක්ෂි හා සාධක විවිධ අයුරින් අපි ගෙනහැර පාන්නෙමු.
A'raf 7:59
සැබැවින්ම අපි නූහ්ව, ඔහුගේ සමූහයා අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමටත්, ඔහු හැර පවතින සෙසු නැමදුම් ඔවුන් අතහැර දමන මෙන් ඇරයුම් කිරීමටත් ඔහු ඔවුන් අතරට එව්වෙමු. ඔහු තම ජනයා දෙස බලා, "මාගේ ජනයිනි! ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් සුදුස්සෙකු නැත. මාගේ ජනයිනි! දේව ප්රතික්ෂේපය මත ඔබේ අවධානය පිහිටන තත්ත්වයක මහත් වූ දිනයක දඬුවම ඔබ මත පහළ වීම ගැන සැබැවින්ම මම බිය වෙමි" යැයි පැවසුවේය.
A'raf 7:60
ඔහුගේ සමූහයා අතර සිටි නායකයෝ හා ප්රධානීහු "අහෝ නූහ්! නිවැරදි දැයින් ඔබ දුරස්ව සිටිනු අපි පැහැදිලිව දකින්නෙමු" යැයි ඔහුට පැවසූහ.
A'raf 7:61
නූහ් තම සමූහයා අතර සිටි ප්රධානීන් හට, "නුඹලා විශ්වාස කරන්නාක් මෙන් මම නොමඟ ගිය අයකු නොවෙමි. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ යහමග මත සිටිමි. සැබැවින්ම මම මාගේ පරමාධිපති වන ඔබේද පරමාධිපති වන සියලු ලෝක වැසියන්ගේද පරමාධිපති වන අල්ලාහ් වෙතින් ඔබ වෙත ආ දූතයකු වෙමි." යැයි පැවසීය.
A'raf 7:62
අල්ලාහ් මා වෙත දැනුම් දුන් දැයින්, කවර කරුණක් ඔබ වෙත දැනුම් දෙන මෙන් ඔහු ඔබ වෙත එව්වේද, එය මා ඔබට දැනුම් දෙමි. අල්ලාහ්ගේ නියෝග පිළි පැදීම හා ඒ මත පදනම් වූ කුසල් පිළිබඳ ඔබට කැමැත්ත ඇති කරමින් හා ඔහු තහනම් කළ දෑ තහනම් කර ඒ මත පදනම් වූ දඬුවම ගැන බිය ගන්වමින් ඔබට යහපත කරන්නට මම අපේක්ෂා කරමි. අල්ලාහ් මට දේව පණිවිඩ හරහා ඉගැන්වූ, ඔබ නොදන්නා දෑ මම ඔහුගෙන් දැන ගනිමි.
A'raf 7:63
ඔබ අතුරින්ම ඔබ හඳුනන මිනිසෙකුගේ දිවෙන් ඔබේ පරමාධිපති වෙතින් වූ උපදෙසක් හා පණිවිඩයක් ඔබ වෙත පැමිණීම ඔබට පුදුමය දන්වන්නේද? මවිතයට පත් කරන්නේද? ඔබ අතරම ඔහු වැඩුණි. ඔහු බොරු කාරයකු හෝ නොමග ගිය අයකු නොවීය. වෙනත් වර්ගයක කෙනෙකු ද නොවීය. ඔබ බොරු කොට ප්රතික්ෂේප කරන විට අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබ බියවැද්දීමට ඔහු ඔබ අතරට පැමිණියේය. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපදමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට භක්තිමත් වනු පිණිසද, ඔබ ඔහු විශ්වාස කරන්නේ නම් ඔබ කරුණාවට ලක්වීමේ ආශාවෙන් ඔහු ඔබ අතර පැමිණියේය.
A'raf 7:64
ඔහුගේ ජනයා ඔහුව බොරු කළෝය. ඔහුව විශ්වාස කළේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ඔවුහු රැඳී සිටියෝය. ඔවුන් විනාශ කරන මෙන් ඔවුනට එරෙහිව ඔහු අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටියේය. ඔහු හා ඔහු සමග නැවෙහි ගමන් කළ දේව විශ්වාසී ජනයා දියේ ගිලීමෙන් අපි ආරක්ෂා කළෙමු. අපගේ වදන් ප්රතික්ෂේප කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මතම රැඳී සිටි ජනයා, මහා ජලගැල්ම හේතුවෙන් දියේ ගිල්වා අපි විනාශ කළෙමු. එය ඔවුනට දඬුවමක් වශයෙනි. සැබැවින්ම ඔවුන්ගේ හදවත් සත්යයයෙන් අන්ධ වී තිබිණ.
A'raf 7:65
ආද් ගෝත්රය වෙත ඔවුන් අතුරින් වූ දූතයකු අපි එව්වෙමු. ඔහු හූද් (අලයිහිස් සලාම්) තුමාය. හෙතෙම: "අහෝ මාගේ ජනයිනි! ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් සුදුස්සෙකු නැත. අල්ලාහ්ගේ දඬුවමින් ඔබ ආරක්ෂා වනු පිණිස අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට ඔබ භක්තිමත්ව කටයුතු කළ යුතු නොවේද?" යැයි පැවසීය.
A'raf 7:66
ඔහුගේ සමූහයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළ නායකයින් හා ප්රධානීන්, "අහෝ හූද්! සැබැවින්ම ඔබ අල්ලාහ්ට පමණක් නමදින්නටත්, පිළිම වන්දනාව අතහැරීමටත් ඔබ අප ඇරයුම් කරන අවස්ථාවේ ඔබේ බුද්ධි හීනතාව හා අඩු විචාරශීලිභාවය අපි දකින්නෙමු. සැබැවින්ම ඔබ එවනු ලැබූ රසුල්වරයකු බවට ඔබ වාද කරන විෂයයෙහි සැබැවින්ම ඔබ බොරු කාරයකු ලෙස අපි තරයේ විශ්වාස කරන්නෙමු" යැයි පැවසූහ.
A'raf 7:67
තම සමූහයාට පිළිතුරු වශයෙන් හූද් තුමා මෙසේ පැවසීය: "අහෝ මාගේ ජනයිනි! බුද්ධි හීනතාව හා අඩු විචාරශීලිභාවය මාහට නැත. සැබැවින්ම මම ලෝවැසියන්ගේ පරමාධිපති විසින් එවනු ලැබූ දූතයකි."
A'raf 7:68
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ආගමානුගත කළ දෑ පිළිබඳ කවර කරුණක් ඔබ වෙත දන්වා සිටින මෙන් ඔහු මට අණ කර ඇත්තේ ද එය මම ඔබ වෙත දන්වා සිටිමි. කවර කරුණක් දන්වා සිටීමට මා අණ කරනු ලැබුවේද එය ඔබට උපදෙස් දීමෙහි මම විශ්වාසවන්තයෙකි. එහි කිසිදු එකතු කිරීමක් හෝ අඩු කිරීමක් සිදු නොකරමි.
A'raf 7:69
ඔබේ වර්ගයා අතරින්ම වූ මිනිසෙකුගේ දිවෙන් ඔබේ පරමාධිපති වෙතින් වූ මෙනෙහි කිරීමක් ඔබ වෙත පැමිණීම ඔබ ට පුදුමයක් වන්නේද? ඔබ ව මවිතයට පත් කරවන්නේද? ඔහු ඔබට අවවාද කරන මලක්වරුන් හෝ ජින්වරුන්ගෙන් කෙනෙකු නොවීය. ඔබේ පරමාධිපතිට ඔබ පැසසුම් කරනු. මහ පොළොවේ ඔහු ඔබට පහසුකම් සලසා දීම වෙනුවෙන් ද, නූහ් තුමාගේ ජනයා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළ පසුව ඔබව එහි නියෝජනය කරනු පිණිස පත් කිරීම වෙනුවෙන්ද ඔබ ඔහුට කෘතඥ වනු. ඔබට සුවිශේෂී ශරීරයක්, බලයක් හා දැඩි ආක්රමණශීලී ජවයක් ලබා දීම ගැන ද ඔබ අල්ලාහ්ට කෘතඥ වනු. ඔබ බලාපොරොත්තු වූ දැයින් ජය ලැබීමේ හා පලා යා යුතු තැනින් මිදීමේ අපේක්ෂාවෙන් ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කරනු.
A'raf 7:70
"අහෝ හූද්! අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙසත්, අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අප අතහැර දමන ලෙසත් ඔබ අපට අණ කිරීමට පැමිණියෙහි ද? ඔබ වාද කරමින් සිටින දෑහි ඔබ සත්යවාදියෙකු නම් ඔබ අපට ප්රතිඥා දුන් දඬුවම අප වෙත ගෙන එන්නැ"යි ඔහුගේ සමූහයා ඔහුට පවසා සිටියේය.
A'raf 7:71
හූද් තුමා ඔවුනට පිළිතුරු වශයෙන් අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය ඔබ අනිවාර්යය කර ඉල්ලන්නෙහුය. එය ඔබට කිසිදු සැකයකින් තොරව සිදු වන්නේමය. ඔබ හා ඔබේ මුතුන් මිත්තන් දෙවියන් ලෙස නම් තැබූ පිළිම විෂයයෙහි මා සමග වාද කරන්නෙහුද? ඒවා සැබෑ නොවන්නේය. එහෙයින් දේවත්වය පිළිබඳ වාද කරන දෑ සඳහා සාක්ෂි වශයෙන් ගත හැකි සාධකයක් අල්ලාහ් ඔබට පහළ කළේ නැත. එහෙයින් ඔබ පතන දෑ බලාපොරොත්තුවෙන් සිටිනු. ඔබට එම දඬුවම ඉක්මණින්ම පැමිණෙනු ඇත. මමත් ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටිමි. එය සිදුවනු ඇත යැයි පැවසුවේය.
A'raf 7:72
හූද් (අලය්හිස් සලාම්) හා ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන් අපගේ කරුණා දයාවෙන් ආරක්ෂා කළෙමු. අපගේ වදන් බොරු කළවුන් මුළුමණින්ම විනාශ කර දැමුවෙමු. ඔවුහු දේව විශ්වාසීන් ලෙස නොසිටියෙහුය. එහෙයින් ඔවුහු දඬුවමට සුදුස්සන් වූහ.
A'raf 7:73
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට නැමදුම් කරන මෙන් ඇරයුම් කරනු වස් සමූද් ගෝත්රය වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව අපි එව්වෙමු. සාලිහ් ඔවුනට: මාගේ ජනයිනි, ඔබ අල්ලාහ්ට පමණක් නමදින්න. නැමදුමට සුදුසු ඔහු හැර වෙනත් කිසිවකු ඔබට නැත. මම කවර කරුණක් ඔබ වෙත ගෙන ආවේද එය තහවුරු කරමින් අල්ලාහ්ගෙන් පැහැදිලි සංඥාවක් ඔබ වෙත පැමිණ ඇත. එය ඔටු දෙනක් තුළ රැව් දුනි. ඌ කළුගල් පර්වතයකින් එළියට පැමිණීය. ඌට ජලය පානය කිරීමට වේලාවක් වෙන් කර ඇත. එමෙන්ම ජලය පානය කරන්නට නියමිත දිනයක් ඔබටද වෙන් කර ඇත. එහෙයින් අල්ලාහ්ගේ භූමියේ උලා කන්නට ඌ අතහැර දමනු. ඌට ආහාර සැපයීමේ වගකීම ඔබට නැත. එමෙන්ම කිසිදු හිංසාවක් ඔබ ඌට සිදු නොකළ යුතුය. ඌට හිංසා කිරීමේ හේතුවෙන් ඔබ වේදනීය දඬුවමට ලක් වනු ඇතැයි පැවසීය.
A'raf 7:74
ආද් සමූහයාගෙන් පසු ඔබ මහපොළොව නියෝජනය කිරීමට පැමිණි අවස්ථාවේ අල්ලාහ් ඔබ වෙත කළ ආශිර්වාද මෙනෙහි කර බලනු. ඔබේ ඉල්ලීම් ඔබ ලබා ගත්තෙහුය. එය දේව ප්රතික්ෂේපය හා බොරුවෙහි ආද් සමූහයා ඉක්මවා යාමෙන් අනතුරු ව ඔවුන් විනාශ කළ පසුවය. පහසුකම් ඇති භූමිය මත මාළිගා තනා ගන්නෙහුය. ඔබට නිවෙස් තනා ගනු පිණිස කඳු කපා දමන්නෙහුය. අල්ලාහ්ගේ ආශිර්වාද වලට ඔබ කෘතගුණ සලකනු පිණිස ඔබ වෙත ඔහු පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කර බලනු. මහපොළොවේ සැරිසරා කලහකම් කිරීම අතහැර දමනු. එය අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හා පාපකම් කිරීම අතහැර දමමිනි.
A'raf 7:75
තම සමූහයා අතර සිටි නායකයින් හා ප්රධානීන් තම සමූහයා අතර සිටි දුර්වලයින් ලෙස සැළකූ දේව විශ්වාස කරන්නන් දෙස බලා, “අහෝ දෙවියන් විශ්වාස කළවුනි! නියත වශයෙන්ම සාලිහ් අල්ලාහ්ගේ දූතයකු බව ඔබ සැබෑ ලෙසින්ම දන්නෙහුද?” යැයි විමසුවෝය. දුර්වල ලෙස සලකනු ලැබු දෙවියන් විශ්වාස කළවුන් ඔවුනට පිළිතුරු දෙමින්: “කවර කරුණක් සමග අප වෙත සාලිහ් එවනු ලැබුවේද, සැබැවින්ම එය සැබෑවක් ලෙස සහතික කොට පිළිගනිමු. අවනත වන්නෙමු. ඔහුගේ පිළිවෙතට අනුව ක්රියා කරන්නෙමු” යැයි පවසා සිටියෝය.
A'raf 7:76
ඔහුගේ සමූහයා අතර සිටි අහංකාරකම් පෑවෝ, “අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ඔබ කවර දෙයක් සැබෑ යැයි පවසන්නෙහුද සැබැවින්ම අපි එය ප්රතික්ෂේප කරන්නෝ වෙමු. අපි එය කිසිවිටෙක විශ්වාස නොකරන්නෙමු. ඔහුගේ පිළිවෙතට අනුව කිසිවිටෙක අපි ක්රියා නොකරන්නෙමු.” යැයි පැවසුහ.
A'raf 7:77
නමුත් අල්ලාහ්ගේ නියෝගය පිළිපැදීමට උඩඟු වෙමින් කිසිදු හිංසාවක් නොකළ යුතු යැයි ඔවුනට තහනම් කළ ඔටු දෙන ඔවුහු කපා හැරියෝය. සාලිහ් තුමා ඔවුනට කවර කරුණක් අවවාද කර සිටියේද ඔවුන් එයින් ඈත්ව එයට අපහාස කරමින්, “අහෝ සාලිහ්! ඔබ අල්ලාහ්ගෙන් වූ සැබෑ දූතයකු නම් ඔබ අපට අවවාද කරන එම වේදනීය දඬුවම අප වෙත ගෙන එන්නැ”යි පැවසුවෝය.
A'raf 7:78
දෙවියන් ප්රතික්ෂේප කළවුන් ඉක්මන් කොට ඉල්ලූ දඬුවම ඔවුන් වෙත පැමිණියේය. දැඩි භූ කම්පනයක් ඔවුන් හසු කර ගත්තේය. තම මුහුණු හා තම දණහිස් මත මහපොළොවට ඇද වැටිණ. එම විනාශයෙන් බේරීමට ඔවුන් කිසිවක් සමත් වූයේ නැත.
A'raf 7:79
සාලිහ් (අලය්හිස් සලාම්) තුමා ඔවුන්ගේ එම පිළිතුරෙන් නිරායාසට පත්වීමෙන් පසු ඔවුන්ගෙන් හැරී, “මාගේ ජනයිනි! ඔබ වෙත කවර කරුණක් දන්වා සිටින්නැයි අල්ලාහ් මට අණ කර සිටියේද එය මා ඔබ වෙත ගෙන ආවෙමි. ඔබට අවවාද කරමින් හා සුබපතමින් උපදෙස් දුනිමි. නමුත් යහපත වෙත ඔබට මග පෙන් වන්නටත් අයහපතින් ඔබ ව දුරස් කරන්නටත් ප්රිය කරන ඔබට උපදෙස් දෙන අයවලුන් ප්රිය නොකරන සමූහයකි ඔබ.” යැයි පැවසූහ.
A'raf 7:80
තවද ලූත් තම සමූහයා වෙත ඉතා පිළිකුලෙන්, “ඔබ මෙම පිළිකුල් සහගත අශික්ෂිත ක්රියාව වෙත පැමිණෙන්නෙහුද? එනම් සමලිංගික සේවනයයි. ඔබ අලුතින් පටන් ගත් මෙම ක්රියාව ඔබට පෙර සිටි කිසිවකු සිදු කළ පාපකම් අතර නොවීය."යි කීය.
A'raf 7:81
සැබැවින්ම ඔබ කාමාශාවන් පිරිමසා ගැනීම සඳහා මවනු ලැබූ කාන්තාවන් අතහැර දමා ඒ සඳහා ඔබ පිරිමින් වෙත යන්නෙහුය. සැබැවින්ම ඔබේ මෙම ක්රියාව තුළ බුද්ධිමය තර්කාන්විත හා ස්වභාධාර්මික පදනමක් නැත. මිනිස් න්යායයේ සීමාවන් ඉක්මවා යමින් අල්ලාහ්ගේ සීමාවන් ඔබ කඩ කරන්නෝ වෙති. නිවැරැදි බුද්ධිය හා ගෞරවණීය ස්වභාධර්මය කවර කරුණක් තීන්දු කර ඇත්තේ ද එයින් ඔබ හැරී යන්නෙහුය.
A'raf 7:82
ඔවුන් වෙත තහනම් කළ මෙම අශීලාචාර ක්රියාව සඳහා ඔහුගේ සමූහයා අතර සිටින වැරදිකරුවන් සත්ය ප්රතික්ෂේප කරමින්: “ඔබ ලූත් හා ඔහුගේ පවුල ඔබේ ගම්මානයෙන් පිටුවහල් කරනු. සැබැවින්ම ඔවුන් අප කරන ක්රියාවෙන් ඈත්ව සිටින මිනිස් කණ්ඩායමකි. අප අතර ඔවුන් රදවා ගන්නට කිසිදු සුදුසුකමක් අපට නැත.” යැයි පිළිතුරු වශයෙන් පවසා සිටීම මිස වෙනත් පිළිතුරක් ඔවුනට නොවීය.
A'raf 7:83
දඬුවම පහළ වන ගම්මානයෙන් රාත්රියෙහිම බැහැර වන මෙන් ඔවුනට අණ කර එයින් පිටත් කරවා ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි ආරක්ෂා කළෙමු. නමුත් ඔහුගේ බිරිය තම ජනයා සමග රැඳී සිටින්නියක් වූවාය. ඔවුනට අත් වූ දඬුවමම ඇයටද අත් විය.
A'raf 7:84
මැටි ගල් ඔවුන් වෙත හෙළමින් දැඩි වර්ෂාවන් ඔවුන් මත අපි පතිත කළෙමු. එම ගම්මානය පෙරළා එහි උඩු කොටස යටි කොටස බවට පත් කළෙමු. "අහෝ දූතය! ලූත් තුමාගේ අපරාධකාරී ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. ඔවුන්ගේ අවසානය විනාශය මෙන්ම සදා අපකීර්තිය විය.
A'raf 7:85
සැබැවින්ම අපි මද්යන් ගෝත්රය වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලය්හිස් සලාම්) තුමා ව එව්වෙමු. එවිට ඔහු ඔවුනට, 'මාගේ ජනයිනි, අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. නැමදුම් ලබන්නට සුදුසු ඔහු හැර වෙනත් කිසිවකු නැත. මාගේ පරමාධිපති වෙතින් මා කවර දෙයක් ගෙන ආවේද එය තහවුරු කරන පැහැදිලි සාක්ෂියක් හා සාධකයක් ඔහුගෙන් ඔබ වෙත පැමිණ ඇත. පූර්ණ කිරුමට හා මිම්මට මැන ජනයාගේ අයිතිය ඉටු කරනු. ඔවුන්ගේ භාණ්ඩවල අඩු පාඩු ඇති කර ඒවායෙහි ඔවුනට අකමැත්ත ඇති කර හෝ එවායෙහි අයිතිකරුවන්ට වංචා කර ජනයාහට අලාභහානි සිදු නොකරනු. පෙර නබිවරුන් එවා මිනිසුන් විධිමත් කළ පසු ව දෙවියන් ප්රතික්ෂේප කරමින් හා පාපකම් ඉටු කරමින් මහපොළොවේ කලහකම් නොකරනු. ඔබ විශ්වාස කළවුන් ලෙස සිටින්නෙහු නම් මේ සඳහන් කරනු ලැබූ දෑ ඔබට උතුම් වන්නේය. වඩාත් ප්රයෝජනවත් වන්නේය. එනම් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටිමින් පාපකම් අතහැරීමත් ඔහු නියෝග කළ දෑ සිදු කිරීමෙන් අල්ලාහ් වෙත සමීප වීමත් එතුළ ඇති බැවිණි.
A'raf 7:86
මිනිසුන්ගේ මුදල් පැහැර ගනු පිණිස ඔවුන් යන එන සෑම මාර්ගයකම ඔවුනට තර්ජනයක් වන අයුරින් වාඩි නොවනු. ජනයා අල්ලාහ්ගේ මාර්ගයේ කටයුතු නොකරන තරමට එහි අඩුපාඩු සොයමින් යහමග ලබන්නට ප්රිය කරන්නන් අල්ලාහ්ගේ දහමින් ඔබ නොවළක්වනු. අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කෘතඥවනු පිණිස ඔහුගේ ආශිර්වාද මෙනෙහි කර බලනු. නුඹලාගේ පිරිස ස්වල්පයක් ලෙස සිටියෙහුය. පසු ව නුඹලාව සංඛ්යාවෙන් වැඩි කළේය. ඔබට පෙර මහපොළොවේ විසූ කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. එහෙයින් එම දඬුවම ඔවුනට අත් වූයේ නම් විනාශය සිදුවනු ඇත.
A'raf 7:87
නුඹලා අතුරින් වූ පිරිසක් මාගේ පරමාධිපති වෙතින් මා ගෙන ආ දෑ විශ්වාස කොට, තවත් පිරිසක් එය විශ්වාස නොකළේ නම් අහෝ බොරු කරන්නනි! නුඹලා අතර අල්ලාහ් තීන්දු දෙන දෑ නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තීන්දු දෙන්නන්ගෙන් ඔහු ශ්රේෂ්ඨය. එමෙන්ම තීරකයින්ගෙන් ඔහු වඩාත් සාධාරණීයය.
A'raf 7:88
ෂුඅයිබ් (අලෛහිස්සලාම්) තුමාණන්ගේ සමූහයා අතර සිටි නායකයින් හා ප්රධානීන් ෂුඅයිබ් (අලෛහිස් සලාම්) තුමා දෙස බලා, “අහෝ ෂුඅයිබ්! ඔබ හා ඔබ සමග සිටින ඔබව සත්යය කළ ජනයා අපගේ මේ ගම්මානයෙන් බැහැර කරන්නෙමු. එසේ නැතහොත් ඔබ අපේ දහම වෙත නැවත හැරෙනු” යැයි පැවසුවෝය. ෂුඅය්බ් තුමා හෙළා දකිමින් හා පුදුමය උපදවන අයුරින් ඔවුනට: “නුඹලා කවර කරුණක් මත සිටින්නෙහු ද එය ව්යාජ බව අප දැන සිටියදී, එය අප පිළිකුල් කරමින් සිටියදී නුඹලාගේ දහම හා නුඹලාගේ පිළිවෙත අනුව අපි නුඹලාව අනුගමනය කරන්නෙමුද?” යැයි පැවසුවේය.
A'raf 7:89
අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපි ඔහුට යටත් වූවායින් පසු, නුඹලා සිටින දේව ප්රතික්ෂේපය හා දේව ආදේශය පිළිබඳ අපි විශ්වාස කළේ නම් සැබැවින්ම අපි අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන් වන්නෙමු. අපගේ පරමාධිපති වූ අල්ලාහ් අභිමත කළේ නම් මිස ඔබේ ව්යාජ පිළිවෙත වෙත අප නැවත හැරීමට සුදුසු නොවන්නේය. එමෙන්ම අපට එය ස්ථාවර නොවන්නේය. එය පිවිතුරු ඔහුගේ අභිමතයට සියලු දෙනා යටත් වී ඇති බැවිණි. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නේය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු අප ඍජු මාර්ගය මත ස්ථාපිත කළ බැවින්ද, නිරයේ මාර්ගයෙන් අප ආරක්ෂා කළ බැවින්ද අපි අල්ලාහ් මත පමණක් දැඩි සේ විශ්වාසය තබන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! අප අතර හා ප්රතික්ෂේප කළ අපගේ සමූහයා අතර සැබෑ ලෙසින්ම තීන්දු කරනු මැනව. මුරණ්ඩු අපරාධකරුට එරෙහි ව අසාධාරණයට ලක් වූ සත්යයේ සගයාට සහය වනු. අපගේ පරමාධිපතියාණනි! ඔබ තීරකයින් අතර අති ශ්රේෂ්ඨය.
A'raf 7:90
ඒක දේවත්වයේ ඇරයුම ප්රතික්ෂේප කළ ෂුඅය්බ් තුමාගේ සමූහයා අතර සිටි දේව ප්රතික්ෂේපිත නායකයෝ හා ප්රධානීහු, ෂුඅය්බ් (අලය්හිස් සලාම්) තුමාණන් හා එතුමා ගෙන ආ දහම පිළිබඳ ජනයාට අවවාද කරමින්, "අපගේ ජනයිනි! නුඹලා ෂුඅය්බ්ගේ දහමට පිවිස, නුඹලාගේ දහම හා නුඹලාගේ මුතුන් මිත්තන්ගේ දහම අතහැර දැමුවෙහු නම් සැබැවින්ම නුඹලා ඒ හේතුවෙන් විනාශ වී යනු ඇත" යැයි පැවසූහ.
A'raf 7:91
එසැණින් දැඩි භූ කම්පනය ඔවුන්ව ග්රහණය කළේය. ඔවුන්ගේ නිවෙස් තුළම ඔවුන් තම දණින් හා මුණිනතට වැටී මැරී මළකදන් බවට පත් ව විනාශ වූහ.
A'raf 7:92
ෂුඅය්බ් (අලය්හිස් සලාම්) තුමා ව බොරු කළවුන් සියලු දෙනා විනාශ වී ගියහ. ඔවුන් තම නිවෙස් වල ජීවත් ව භුක්ති නොවූවන් මෙන් පත් වූහ. ෂුඅය්බ් (අලය්හිස් සලාම්) තුමා ව බොරු කළවුන් පරාජිතයින් බවට පත් වූහ. හේතුව ඔවුන් හා ඔවුන් සතු දෑ, ඔවුන් නාස්ති කර ගත් බැවිණි. ප්රතික්ෂේප කළ මෙම බොරුකාරයින් වාද කළාක් මෙන්, ඔහුගේ සමූහයා අතර සිටි දෙවියන් විශ්වාස කළවුන් පරාජිතයින් බවට පත් නොවූහ.
A'raf 7:93
ඔවුන් විනාශ වූ කල්හි ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅය්බ් (අලය්හිස් සලාම්) ඔවුන්ගෙන් හැරී ගියහ. ඔවුනට ඔහු, “අහෝ මාගේ ජනයිනි! නුඹලා වෙත දන්වා සිටින මෙන් මාගේ පරමාධිපති මට නියෝග කළ දෑ මම නුඹලාට දන්වා සිටියෙමි. මම නුඹලාට උපදෙස් දුනිමි. නමුත් නුඹලා මාගේ උපදෙස පිළි නොගත්තෙහුය. මාගේ මග පෙන්වීමට නුඹලා යටත් නොවූහ. තම අල්ලාහ් ව ප්රතික්ෂේප කොට තම ප්රතික්ෂේපයේම ගිලී සිටි ජනයා පිළිබඳ මා කෙසේ නම් දුක්වන්නදැ?”යි විමසා සිටීය.
A'raf 7:94
දේශයන්ගෙන් එක් දේශයකට අල්ලාහ්ගේ නබිවරුන් අතරින් නබිවරයකු අප එවූ කල්හි එහි වැසියන් ඔහු බොරු කොට ප්රතික්ෂේප කළාක් මිස නැත. එවිට ඔවුන් ගිලී සිටි ඔවුන්ගේ ප්රතික්ෂේපය හා අහංකාරකම ඉවත දමා ඔවුන් අල්ලාහ්ට යටත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන්, අපි ඔවුනට ලෙඩ රෝග, දිළිඳුකම හා ව්යසනයන්ගෙන් ග්රහණය කළෙමු. මෙය කුරෙය්ෂ්වරුන් හා බොරු කරන, ප්රතික්ෂේප කරන සෑම කෙනෙකුටම, බොරුකාර සමූහයා අතර අල්ලාහ් ක්රියා කරන ආකාරය ගැන මතක් කරමින් කරන අවවාදයකි.
A'raf 7:95
ඔවුනට අභාග්ය හා ලෙඩ රෝග ඇති වූවායින් පසු ඒ වෙනුවට යහපත සංවර්ධනය හා ආරක්ෂාව පෙරළා දුනිමු. ඔවුන්ගේ සංඛ්යාවෙහි වර්ධනයක් අති විය. ඔවුන්ගේ සම්පත් වල දියුණුව ඇති විය. අවසානයේ ඔවුහු, "අපට අත් වූ අයහපත හා යහපත සාමාන්ය දෙයකි. මීට පෙර අපගේ මුතුන් මිත්තන්ටත් ඇති වූ තත්ත්වයකි" යැයි පැවසූහ. ඔවුනට අත් වූ අභාග්යය වනාහි, ඒ ගැන ඔවුන් අවධානය යොමු කළ යුත්තක් බවත්, ඔවුනට අත් වූ සැප පහසුකම් වනාහි, එතුළින් උද්ගමනය අපේක්ෂා කරනු ලබන බවත් ඔවුන් දැන සිටියේ නැත. එබැවින් ඔවුන් දඬුවම පිළිබඳ කිසිදු දැනුවත්භාවයකින් තොර ව හා ඒ ගැන අවධානයකින් තොර ව සිටියදී අපි ඔවුන් එකවර දඬුවමෙන් ග්රහණය කරන්නෙමු.
A'raf 7:96
අපි කවර ප්රදේශයකට අපගේ රසූල්වරුන් එව්වෙමු ද, එම ප්රදේශවාසීහු ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත ගෙන ආ දෑ සැබෑවක් ලෙස විශ්වාස කොට, දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම අතහැර දමා, ඔහුගේ නියෝග පිළිපදිමින් ඔවුන්ගේ පරමාධිපතිට බැතියෙන් කටයුතු කර ඇත්නම්, සැබැවින්ම අපි ඔවුන් සඳහා සෑම පැතිකඩකින්ම යහපතේ දොරටු විවෘත කරන්නට තිබුණි. නමුත් ඔවුන් එය සැබෑ නොකළෝය. ඔවුන් බැතිමත් ව කටයුතු නොකළෝය. ඒ වෙනුවට ඔවුන්ගේ දහම් දූතවරුන් ඔවුන් වෙත ගෙන ආ දෑ බොරු කළෝය. ඔවුන් එසේ උපයමින් සිටි පාපකම් හා අකුසල් හේතුවෙන් නොසිතූ දඬුවමකින් අපි ඔවුන් ග්රහණය කළෙමු.
A'raf 7:97
එම ප්රදේශවාසීන් ඔවුන්ගේ සැනසුමෙහි හා විවේකයෙහි නිරත ව නිදියමින් සිටියදී රාත්රී කාලයේ ඔවුන් වෙත අපගේ දඬුවම පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද?
A'raf 7:98
එසේ නැතහොත් දහවල කාලයේ ඔවුන් මෙලොව කාර්යයන්හි නිරත ව අනවධානයෙන් හා නොසැලකිල්ලෙන් සිටියදී ඔවුන් වෙත අපගේ දඬුවම පැමණීම ගැන ඔවුන් සුරක්ෂිත ද?
A'raf 7:99
ඔවුනට කල් දී, ඔවුන්ගේ උද්දාමය සඳහා බලය හා විස්තීරණ පෝෂණය පිරි නමා, අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදය දෙස සාවධානයෙන් බලනු. මෙම ප්රදේශ වාසීන් අතර බොරු කළවුන් අල්ලාහ්ගේ රහසිගත උපායයන් හා සැලසුම් පිළිබඳ අභයාදායී වන්නේද? එසේ අල්ලාහ්ගේ උපායයන්ගෙන් විනාශ වී ගිය ජනයා හැර වෙනත් කිසිවකු අභයදායී නොවූහ. ආශිර්වාද ලත් අය වනාහි, සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ උපායයන් පිළිබඳ බියෙන් පසු වූහ. ඔවුන් වෙත කවර ආශිර්වාදයක් පිරිනමනු ලැබුවේද ඒ මත රැවටුණේ නැත. ඔවුන් වෙත පිරිනැමූ දෑ ආශිර්වාදයක් ලෙස සලකා ඔවුහු ඔහුට කෘතඥ වූහ.
A'raf 7:100
පෙර සිටි සමූහයන් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් විනාශ කරනු ලැබුවායින් අනතුරුව මහපොළොවේ පසුව (පැමිණි) උරුමකරුවන්ට එය පැහැදිලි කරනු නොලැබුවේද? ඔවුනට අත් වූ දෑ පිළිබඳ ඔවුහු නොසැලකිලිමත් ව තමන්ගේ ක්රියාවන් සිදු කරමින් ආහ. අල්ලාහ් තමා අභිමත කරන අයට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් දඬුවම් පමුණුවන බවත්, ඔහුගේ එම න්යායයට අනුව ඔවුනට එම දඬුවම ලැබිය හැකි බවත් ඔවුනට පැහැදිලි කරනු නොලැබුවේද? ඔවුන්ගේ හදවත් මත මුද්රා වැටී ඇත. උපදේසකින් ඔවුන් උපදෙස් නොලබනවාක් මෙන්ම කිසිදු මෙනෙහි කිරීමක් ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.
A'raf 7:101
අහෝ දූතය! නූහ්, හූද්, සාලිහ්, ලූත් හා ෂුඅය්බ්ගේ සමූහයන් විසූ එම ගම්මාන පිළිබඳ තොරතුරු අපි ඔබට කියවා පෙන්වමු. එහි ඔවුන් බොරුකරමින් සිටි ඔවුන්ගේ මුරණ්ඩුකම ගැනත් ඔවුනට අත් වූ විනාශය ගැනත් අපි ඔබට දන්වා සිටිමු. එය පාඩම් ලබන්නන්හට පාඩමක් වනු පිණිස හා උපදෙස් ලබන්නන්හට උපදෙසක් වනු පිණිසය. තම සත්යතාව තහවුරු කරමින්, පැහැදිළි සාධක සමග එම ගම්මාන වැසියන් වෙත ඔවුන්ගේ දූතවරුන් පැමිණියහ. සැබැවින්ම ඔවුන් ඔහුව බොරු කරනු ඇතැයි අල්ලාහ් කල් ඇතිව දැන සිටි පරිදි, එම රසූල්වරුන් පැමිණි අවස්ථාවේ ඔවුන් විශ්වාස කරන්නට නොවූහ. තම රසූල්වරුන් බොරු කළ එම ගම් වැසියන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවාක් මෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් මත ද අල්ලාහ් මුද්රා තබනු ඇත. එවිට ඔවුන් දේව විශ්වාස වෙත මග පෙන්වනු නොලබනු ඇත.
A'raf 7:102
රසූල්වරුන් එවනු ලැබූ සමූහයන් අතුරින් බොහෝ සමූහයන් ඔවුන් මගින් අල්ලාහ් ඔවුනට කළ අනුශාසනාවන් පිළිගැනීමටත් එවා ඉටු කිරීමටත් අපොහොසත් වූවන් ලෙස අපි දකින්නෙමු. ඔහුගේ නියෝග වලට හා ඔවුනට (රසූල්වරුන් හට) අවනත වූවන් ලෙස අපි ඔවුන් නොදකිමු. අප ඔවුන් බහුතරයක් දකිනුයේ අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවන් ලෙසය.
A'raf 7:103
එම රසූල්වරුන්ගෙන් පසු ව, අපි මූසා (අලය්හිස් සලාම්) තුමා ව ඔහුගේ සත්යයතාව තහවුරු කරනු වස් පැහැදිලි සාධක හා සංඥා සමග ෆිර්අවුන් හා ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. ඔවුන්ද එම සංඥාවන් ප්රතික්ෂේප කොට ඒවාට පිටුපෑවෝය. අහෝ දූතය! එහෙයින් ෆිර්අවුන්ගේ හා ඔහුගේ ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. අල්ලාහ් ඔවුන් ජලයේ ගිල්වා විනාශ කර දැමීය. මෙලොව මෙන්ම මතු ලොව ද එම ශාපය ඔවුන් පසුපස හඹා එන්නේය.
A'raf 7:104
අල්ලාහ් ෆිර්අවුන් වෙත මූසා (අලය්හිස් සලාම්) තුමාණන්ව එවූ කල්හි ඔහු, “අහෝ ෆිර්අවුන්! සියලු මැවීම් වල මැවුම්කරුවාණන් වූ ද, ඔවුන්ගේ පාලකයාණන් වූද, ඔවුන්ගේ කටයුතු සැලසුම් කරන්නා වූද අල්ලාහ් වෙතින් මම ඔබ වෙත එවනු ලැබුවෙමි" යැයි පවසා සිටියේය.
A'raf 7:105
“ඔහු විසින් මා එවනු ලැබ ඇති බැවින්, සත්ය මිස වෙනත් කිසිවක් ඔහු වෙත නොපැවසීමට මම බැඳී ඇත්තෙමි. සැබැවින්ම මාගේ සත්යයතාව තහවුරු කරන, මාගේ පරමාධිපති වෙතින් නුඹලා වෙත පැමිණ ඇති බවට තහවුරු කරන පැහැදිලි සාධක සමග මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එහෙයින් බලහත්කාරයට ලක් වූ වහල්භාවයේ පසුවන ඉස්රාඊල් දරුවන් මා සමග එවනු” යැයි මූසා පැවසුවේය.
A'raf 7:106
“ඔබ පවසන පරිදි ඔබ සංඥාවක් ගෙනැවිත් ඇත්නම්, ඔබේ ඔය තර්කයේ ඔබ සත්යවාදී නම්, එය ගෙන එනු” යැයි ෆිර්අවුන් මූසාට පැවසීය.
A'raf 7:107
මූසා තම සැරයටිය විසි කළේය. එවිට එහි පැමිණි සිටි උදවියට දිස්වන සේ එය මහා සර්පයකු බවට වෙනස් විය.
A'raf 7:108
ඔහුගේ කමිසයේ විවරයකින් ඔහුගේ පපු පෙදෙසින් හෝ කිහිල්ලට යටින් හෝ ඔහු තම අත එළියට ගත්තේය. චර්මයට හානියක් නොවන සුදු ආලෝකයක් මතු විය. එහි පැවති දැඩි සුදු වර්ණය හේතුවෙන් බලන්නන්හට එය බබළන්නට විය.
A'raf 7:109
මූසාගේ සැරයටිය සර්පයකු බවට වෙනස්වීම හා ඔහුගේ අත, චර්මයට හානියක් නොවී සුදුවන් ලෙස පත් වීම දුටු නායකයින් හා ප්රධානීන් “මූසා හූනියම පිළිබඳ මනා දැනුමක් ඇති හූනියම්කරුවකු මිස නැත” යැයි පවසා සිටියෝය.
A'raf 7:110
මෙසේ කටයුතු කිරීම තුළින් නුඹලා ව මෙම දේශයෙන් පලවා හරින්නට ඔහු අපේක්ෂා කරයි. එය මිස්ර් නගරයයි. පසු ව මූසා (අලය්හිස් සලාම්) තුමාගේ කරුණ සම්බන්ධයෙන් ෆිර්අවුන් ඔවුන් සමග සාකච්ඡා කොට ඔවුන්ගෙන් මෙසේ විමසීය. "නුඹලා මොහු ගැන මා වෙත අදහස් දක්වා පෙන්වනුයේ කුමක්ද?"
A'raf 7:111
“ඔබ මූසාට හා ඔහුගේ සහෝදර හාරූන්ට කල් දෙනු. මිසර නගරය තුළ හූනියම්කරුවන් ඒකරාශි කරන කෙනෙකු සොයනු” යැයි ඔවුහු ෆිර්අවුන් ට පැවසූහ.
A'raf 7:112
නගර වලින් හූනියම්කරුවන් ඒකරාශි කරන්නට ඔබ එවූ පිරිස ඔහු (මූසා) කළ දෑට වඩා බලවත් ලෙස හූනියම විදහාපාන දක්ෂ සෑම හූනියම්කරුවකුම ඔබ වෙත ගෙන එනු ඇත.
A'raf 7:113
පසු ව හූනියම්කරුවන් රැස් කරගෙන එන පිරිසක් ෆිර්අවුන් එවා තැබීය. එම හූනියම්කරුවන් ෆිර්අවුන් වෙත පැමිණි කල්හි ඔවුන්ගේ හූනියම තුළින් මූසාව පරදවා ඔහුට එරෙහි ව ඔවුන් ජය ගත්තේ නම් ඔවුනට ප්රමාණවත් සම්පතක් ඇත්තේ දැ?යි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසා සිටියහ.
A'raf 7:114
"එසේය, නුඹලාට ප්රමාණවත් ධනය හා කුලියක් ඇත. එමෙන්ම නුඹලා මගේ නිලයට අනුව නුඹලා මට වඩාත් සමීපතයින් වනු ඇතැ"යි පවසමින් ෆිර්අවුන් ඔවුනට පිළිතුරු දුන්නේය.
A'raf 7:115
මූසාට එරෙහි ව තමන්ගේ ජය නියත බව හංවඩු ගසමින් ආඩම්බරයෙන් හා අහංකාරයෙන් එම හූනියම්කරුවෝ, “අහෝ මූසා! ඔබේ කැමැත්ත පරිදි ඔබ එය ආරම්භයේම හෙළීම හෝ අප එය ප්රථමයෙන් හෙළීම ඔබට තෝරා ගත හැක” යැයි පැවසූහ.
A'raf 7:116
ඔවුන් පිළිබඳ උදාසීන නොවී තම පරමාධිපතිගේ ජයග්රහණය තමන්ට ස්ථිර බව විශ්වාස කරමින්, මූසා ඔවුනට, “නුඹලාගේ ලණු හා නුඹලාගේ සැරයටි විසි කරනු” යැයි පැවසුවේය. ඔවුන් ඒවා විසි කළ විට ඒවායෙහි නිවැරදි ස්වභාවය නොලබා වෙනස් ස්වරූපයකට වෙනස් කිරීම තුළින් ජනයාගේ ඇස් ඔවුහු බන්ධනය කළෝය. ඔවුන්ව බිය ගැන්වූවෝය. නරඹන්නන්ගේ ඇස් තුළට බලවත් මායාවක් ඔවුහු ගෙන ආවෝය.
A'raf 7:117
අල්ලාහ් සමග කතා කළ ඔහුගේ නබිවරයකු මූසා (අලය්හිස් සලාම්) තුමා වෙත අල්ලාහ් ඔහුගේ පණිවිඩ පහළ කරමින් "අහෝ මූසා! ඔබේ සැරයටිය විසි කරනු" යැයි පවසා සිටියේය. එවිට ඔහු එය විසි කළේය. එසැණින් ඔවුන් සැබෑ ලෝකයේ භාවිත කළ මිනිසුන් රවටාලමින් සර්පයින් සේ දිස් වූ ඔවුන්ගේ එම සැරයටි සහ ලණු ගිල දමන සර්පයකු බවට වෙනස් විය.
A'raf 7:118
එවිට සත්යය හෙළි විය. මූසා (අලය්හිස් සලාම්) ගෙන ආ දෑ සැබෑවක් බව පැහැදිලි විය. හූනියම් කරුවන් තම හූනියම මගින් කළ දෑ ව්යාජ බව වැටහිණ.
A'raf 7:119
ඔවුහු අසමත් වූහ. පරාජයට පත් වූහ. එම සිද්ධියේ ඔවුන් අබිබවා ගොස් මූසා ජය ගත්තේය. ඔවුන් නින්දාවට පත් ව පහත් වූවන් ලෙස හැරී ගියෝය.
A'raf 7:120
හූනියම්කරුවන් අල්ලාහ්ගේ මහත් වූ බලය දෑසින් දැක ඔහුගේ පැහැදිළි සංඥා දුටු විට උත්තරීතර අල්ලාහ්ට සිරස නමා වැටීම මිස වෙනෙකක් සිදු නොවීය.
A'raf 7:121
"සියලු මැවීම් හි පරමාධිපතියාණන්ව අපි විශ්වාස කළෙමු" යැයි හූනියම්කරුවෝ පවසා සිටියහ.
A'raf 7:122
නැමදුම් ලබන්නට සුදුසු වනුයේ ව්යාජ, නින්දිත දෙවිවරුන් නොව මූසාගේ හා හාරූන්ගේ පරමාධිපතියාණන්ය.
A'raf 7:123
අල්ලාහ් ව පමණක් ඔවුන් විශ්වාස කිරීමෙන් පසු ෆිර්අවුන් ඔවුනට තරවටු කරමින්, “මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා මූසා සත්ය බව පිළිගත්තෙහුය. සැබැවින්ම නුඹලා ඔහු ව විශ්වාස කිරීමත්, මූසා ගෙන ආ දෑ නුඹලා තහවුරු කිරීමත්, නගර වැසියන් ඉන් බැහැර කිරීම සඳහා නුඹලා හා මූසා සැලසුම් කළ කුමන්ත්රණයක් හා වංචාවකි. අහෝ හූනියම් කරුවනි! සැබැවින්ම නුඹලාට සිදු වන්නට යන දඬුවම හා නුඹලාට අත්වන්නට යන විපාකය පිළිබඳ නුඹලා මතු දැන ගනු ඇත." යැයි පැවසීය.
A'raf 7:124
නුඹලා සෑම කෙනෙකුගේම දකුණු අත සහ වම් කකුල හෝ වම් අත සහ දකුණු කකුල හෝ මම කපා හරිමි. පසු ව නුඹලාට දඬුවම් වශයෙන් හා මේ තත්ත්වය නුඹලා ව දකින සෑම කෙනෙකුටම බිය ගැන්වීමක් වශයෙන් නුඹලා සියල්ලන් රටඉඳි කඳෙහි එල්ලා දමමි.
A'raf 7:125
හූනියම්කරුවෝ ෆිර්අවුන්ගේ තර්ජනයට පිළිතුරු වශයෙන් "සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත පමණක් හැරී යන්නෙමු. ඔබ කවර තර්ජනයක් කළ ද අපට ඒ ගැන වගක් නැත" යැයි පැවසූහ.
A'raf 7:126
ඔබ අප පිළිකුල් කරනුයේ එමෙන්ම අපට එරෙහි ව කටයුතු කරනුයේ මූසාගේ දෑතින් අපගේ පරමාධිපතිගේ වදන් අප වෙත පැමිණි කල්හි, ඒවා අප තහවුරු කර සිටීම හේතුවෙන් මිස වෙනෙකක් හේතුවෙන් නොවීය. එහෙයින්, එය දොස් කියනු ලබන පාපයක් වී නම් එය අපගේ පාපයක් වන්නේමය. පසු ව අල්ලාහ් වෙත ඔවුන් ප්රාර්ථනා කරමින් ඉතා බැගෑපත් ව මෙසේ පවසා සිටියෝය. ‘අපගේ පරමාධිපතියාණනි! සත්යය මත අප ස්ථාවර ව සිටිනු පිණිස අපව පාලනය කරන තෙක් අප මත ඉවසීම හෙළනු මැනව! ඔබට අවනත වන මුස්ලිම්වරුන් ලෙසත් ඔබේ නියෝග පිළිපදින්නන් ලෙසත් ඔබේ දූතයාණන් අනුගමනය කරන්නන් ලෙසත් අප මරණයට පත් කරනු මැනව!'
A'raf 7:127
ෆිර්අවුන්ගේ ජනයා අතර සිටි ප්රධානීන් හා නායකයින් මූසා හා ඔහු සමග වූ දේව විශ්වාස කළවුන් පිළිබඳ උසි ගන්වමින් ෆිර්අවුන්ට මෙසේ පවසා සිටියහ. ‘අහෝ ෆිර්අවුන්! ඔවුන් මහපොළොවේ කලහකම් ව්යාප්ත කිරීමටත්, ඔබ හා ඔබේ දෙවිවරුන් ඔවුන් අතහැර දැමීමටත්, අල්ලාහ්ට පමණක් නමදින මෙන් ඔවුන් ඇරයුම් කිරීමටත්, ඔබ මූසා හා ඔහුගේ පිරිස අතහැර දමන්නෙහිද? එයට ෆිර්අවුන්, 'ඉස්රාඊල් දරුවන්ගේ පිරිමි දරුවන් මම මරා දමමි. ඔවුන්ගේ කාන්තාවන් සේවය සඳහා තබා ගනිමි. සැබැවින්ම අපි බලය, ආධිපත්යය හා පාලනය ඔවුන් මත ක්රියාත්මක කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියේය.
A'raf 7:128
මූසා තම සමූහයාට උපදෙස් දෙමින්, “මාගේ ජනයිනි! නුඹලාගෙන් පීඩාව ඉවත් කිරීමටත්, නුඹලා වෙත ප්රයෝජන ගෙන දෙන්නටත්, නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. නුඹලා කවර පරීක්ෂණයකට මුහුණ දෙන්නේද එහි ඉවසීමෙන් සිටිනු. සැබැවින්ම මහපොළොව අල්ලාහ්ට පමණක් සතු වූවකි. එය ෆිර්අවුන් හෝ එහි පාලනය කරන වෙනත් අයකු සතු වූවක් නොවේ. ඔහු අභිමත කරන අයුරින් ජනතාව අතර එහි පාලනය පිරිනමන්නේය. නමුත් මහපොළොවේ යහපත් අවසානයක් ඇත්තේ තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් කටයුතු කළ දේව විශ්වාසීන්ටය. ඔවුනට පීඩාවන් හෝ පරීක්ෂාවන් ඇති වුවද එය ඔවුන්ටම සතු වූවකි." යැයි කීය.
A'raf 7:129
ඉස්රාඊල් දරුවන් අතර සිටි මූසාගේ පිරිස මූසා දෙස බලා, ‘අහෝ මූසා! ඔබ අප වෙත පැමිණීමට පෙර ද, ඉන් පසු ව ද ෆිර්අවුන්ගේ අතින් අපගේ පිරිමි දරුවන් ඝාතනයට ලක්වෙමින් හා ගැහැනු දරුවන් රඳවා තබා ගනිමින් අපි පරීක්ෂාවට ලක් වූයෙමු.’ යැයි කීහ.එයට මූසා ඔවුනට උපදෙස් දෙමින් ඉන් මිදීම ගැන ශුභාරංචි දන්වමින්, ‘නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරා වූ ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විනාශ කර දමා ඔවුන්ගෙන් පසු මහපොළොවේ නුඹලාට පහසුකම් සලසනු ඇත. ඉන් පසු ව නුඹලා කෘතවේදී ව කටයුතු කරන්නේද එසේ නැතහොත් ගුණමකු ලෙස කටයුතු කරන්නේ දැයි ඔහු අධීක්ෂණය කරයි.' යනුවෙන් පැවසුවේය.
A'raf 7:130
සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පැළැන්තිය නියඟයෙන් හා සාගින්නෙන් දඬුවමට ලක් කළෙමු. මහපොළොවේ බවභෝග හා අස්වැනු අඩු කරමින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. එය, ඔවුනට පැමිණි දඬුවම ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අත්වූවක් බව ඔවුන් මෙනෙහි කොට, ඉන් උපදෙස් ලබා තමන් කළ වරද වෙනුවෙන් අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයැද ඔහු වෙත යොමු වනු පිණිසය.
A'raf 7:131
ෆිර්අවුන්ගේ පිරිසට සාරවත් අස්වනු, සාරවත් පලතුරු හා වාසිදායක මිලක් පැමිණි විට ඔවුහු, ‘අපි එයට සුදුසුකම් ලද්දන් බැවින් හා එය ලබන්නට අප විශේෂිතයින් බැවින් එය අපට පිරිනමන ලදී යැයි පවසති. ඔවුනට යම් නියඟයක්, සාගින්නක් අධික ලෙඩ රෝග හා වෙනත් විපාක අත් වූ විට හෝ වැලඳුණු විට එය මූසා හා ඔහු සමග සිටි ඉස්රාඊල් දරුවන්ගේ අභාග්යවන්තකම නිසාවෙන්' යැයි පවසති. ඔවුනට අත් වූ ඒ සියල්ල අල්ලාහ්ගේ නියමය පරිදි සිදුවූවකි. මූසා (අලය්හිස් සලාම්) තුමා ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කර සිටීම හැර ඔවුනට හෝ මූසාට හෝ එහි කිසිදු අයිතියක් නැත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් ඒ ගැන වටහා ගන්නේ නැත. අල්ලාහ් නොවන දෑ වෙත ඔවුහු එය සම්බන්ධ කරති.
A'raf 7:132
සත්ය පිළිගැනීමට මුරණ්ඩු වෙමින්, ෆිර්අවුන්ගේ ජනයා මූසා (අලය්හිස් සලාම්) තුමාට මෙසේ පැවසීය. “ඔබ කවර සංඥාවක් හෝ සාධකයක් හෝ අප වෙත ගෙන ආවත් අප සිටින ස්ථාවරයෙන් වෙනතකට යොමු කිරීම සඳහා, එය ව්යාජයක් බව ඔප්පු කිරීමට හා ඔබ කවර කරුණක් ගෙන ආවද එය සත්යය බව නිරුපණය කිරීමට ඔබ කවර තර්කයක් ඉදිරිපත් කළත් අපි ඔබ ව සත්යවන්තයකු බව විශ්වාස නොකරන්නෙමු."
A'raf 7:133
ඔවුන් බොරු කිරීම හේතුවෙන් හා ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙන් අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. ඔවුන්ගේ ගොයම් හා පලතුරු වගාවන් දියේ ගිලිණ. තවද අපි ඔවුන් වෙත පළගැටියන් එව්වෙමු. උන් ඔවුන්ගේ බෝග වගාවන් කා දැමීය. තවද අපි ඔවුන් වෙත මැක්කන් හා උකුණන් එව්වෙමු. ඒවා ඔවුන්ගේ පැළෑටි විනාශ කර දැමීය. මිනිසාගේ කෙස් තුළට පිවිස ඔවුනට වේදනාව ගෙන දුනි. තවද අපි ඔවුන් වෙත ගෙම්බන් එව්වෙමු. ඔවුන්ගේ බහාලුම් උන්ගෙන් පිරී ගිය අතර උන් ඔවුන්ගේ ආහාර නරක් කර දැමීය. තවද අපි ඔවුන් වෙත රුධිරය එව්වෙමු. ඔවුන්ගේ ළිං හා ඔවුන්ගේ ගංගාවන් ලේ බවට පත් විය. මේ සියලු සංඥාවන් වෙන් වෙන් ව, එකින් පසු එකක් ලෙස අපි එව්වෙමු. ඔවුනට අත් වූ සෑම දඬුවමකින්ම අල්ලාහ් පිළිබඳ විශ්වාසයත් මූසා (අලය්හිස් සලාම්) තුමාණන් ගෙන ආ දෑ තහවුරු වීමත් මෙමගින් සිදු විය. නමුත් ඔවුහු පාපකම් සිදු කරන පිරිසක් වූහ. ව්යාජ දැයින් ඔවුන් ඉවත් වූයේ නැත. සත්යය වෙත මග ලැබුවේ ද නැත.
A'raf 7:134
මෙම සිදුවීම් තුළින් ඔවුනට දඬුවම අත් වූ කල්හි ඔවුහු මූසා (අලය්හිස් සලාම්) වෙත යොමු වී: “අහෝ මූසා! ඔබට විශේෂයෙන් පිරිනමා ඇති දූතත්වය හා පාපක්ෂමා අයැද සිටීමෙන් මෙම දඬුවම ඉවත් වන බවට ඔබ වෙත ප්රතිඥා දී තිබීම මුල් කර ගනිමින් අපට අත් වී ඇති මෙම දඬුවම අපෙන් ඉවත් කරන මෙන් ඔබ ඔබේ පරමාධිපතිට අප වෙනුවෙන් පාර්ථනා කර සිටිනු. එසේ අපෙන් එය ඉවත් වූයේ නම් සැබැවින්ම අපි ඔබ ව විශ්වාස කරන්නෙමු. ඔබ සමග ඉස්රාඊල් දරුවන් එවන්නෙමු. ඔවුනට නිදහස දෙන්නෙමු” යැයි පවසා සිටියහ.
A'raf 7:135
නමුත් ඔවුන් දියේ ගිල්වා විනාශ කිරීමට පෙර නියමිත කාලයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ඉවත් කළ කල්හි, සත්යය බව විශ්වාස කරන බවටත්, ඉස්රාඊල් දරුවන් එවන බවටත්, ඔවුන් විසින්ම ගත් ගිවිසුම ඔවුහු කඩ කළෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව නිරත ව සිටියෝය. මූසා (අලය්හිස් සලාම්) තුමා සමග ඉස්රාඊල් දරුවන් එවීමෙන් ඔවුහු වැළකී සිටියෝය.
A'raf 7:136
ඔවුන් විනාශ කිරීම සඳහා නියමිත කාලය පැමිණි මොහොතේ ඔවුන් මුහුදේ ගිල්වා, ඔවුනට අපගේ දඬුවම පහළ කළෙමු. එය ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කොට එහි කිසිදු සැකයක් නොමැති සත්යය පෙන්වා දුන් දෑ ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙනි.
A'raf 7:137
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විසින් ඉතා පහත් ලෙස සලකනු ලැබූ ඉස්රාඊල් දරුවන්හට මහපොළොවේ නැගෙනහිර හා බටහිර අපි උරුම කර දුන්නෙමු. ඉන් අදහස් කෙරුනේ සිරියා දේශයයි. එය අල්ලාහ් උපරිමයෙන් පලතුරු හා භෝග වගාවන් හට ගන්වා සමෘද්ධිමත් කළ දේශයකි. අහෝ දූතය! අල්ලාහ්ගේ අලංකාර ප්රකාශය සම්පූර්ණ විය. සූරතුල් කසස් හි එය මෙසේ සඳහන් කරනු ලැබ ඇත. “එම භූමියේ බලහීන වූ දුර්වලයින් හට අපි ආශිර්වාද කරන්නනටත්, ඔවුන් ව එකම සමූහයක් බවට පත් කරන්නටත්, ඔවුන් උරුමක්කරුවන් බවට පත් කරන්නටත් අපි අපේක්ෂා කරමු.” ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විසින් ඔවුනට දුන් වේදනාවන් මත ඔවුන් ඉවසීමෙන් කටයුතු කළ හේතුවෙන්, අල්ලාහ් ඔවුනට එම භූමියෙහි පහසුකම් සැලසීය. ෆිර්අවුන් වගා කළ භූමි හා ඉදි කළ නවාතැන් ද ඔවුන් විසින් ඉදි කරමින් සිටි මාළිගාවන් ද අපි විනාශ කළෙමු.
A'raf 7:138
මූසා (අලෙය්හිස් සලාම්) තුමා, තම සැරයටියෙන් මුහුදට ගැසූ කල්හි එය දෙබෑ විය. ඉස්රාඊල් දරුවන් ඒ හරහා අපි තරණය කෙරෙව්වෙමු. අල්ලාහ් හැර දමා පිළිම වන්දනාවේ නිරත වෙමින් සිටි පිරිසක් අසලින් ඔවුහු ගමන් කළෝය. එවිට ඉස්රාඊල් දරුවන් මූසා (අලය්හිස් සලාම්) තුමාට, ‘අහෝ මූසා! අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටින පිළිම ඔවුනට තිබෙනවාක් මෙන්ම අපටත් නමදින්නට අපහට පිළිමයක් ඇති කරනු මැනව!’ යැයි විමසා සිටියෝය. මූසා ඔවුනට පිළිතුරු සපයමින්, ‘මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලා අල්ලාහ් ප්රිය කරන ඒකීයත්වය ගැන හා ගරු බුහුමන් කිරීම ගැන නොදන්නා එමෙන්ම ඔහුට සම්බන්ධ නොකළ යුතු ආදේශ කිරීම හා ඔහු හැර වෙනත් අයට නැමදීම ගැන නොදන්නා පිරිසකි' යැයි පවසා සිටියේය.
A'raf 7:139
සැබැවින්ම තම පිළිම වලට වන්දනාමාන කරමින් සිටින අය වනාහි, ඔහු හැර ඔවුන් නමදිමින් සිටි දෑ විනාශ කරනු ලබන්නකි. අල්ලාහ් සමග වෙනත් අය නැමදීමේදී ඔවුන්ගේ හවුල්කරුවන්ට අවනත වෙමින් ඔවුන් කටයුතු කරන සියලු දෑ ව්යාජයවේ.
A'raf 7:140
මූසා තම ජනයා දෙස බලා, "මාගේ ජනයිනි! නුඹලා නැමදීම සඳහා අල්ලාහ් නොවන වෙනත් දෙවියෙකු නුඹලා වෙනුවෙන් මා පැතිය හැක්කේ කෙසේද? නුඹලා දෑසින් දැකිය යුතු අතිමහත් ඔහුගේ සංඥා සහ සාධක නුඹලා දුටුවෙහුය. නුඹලාගේ සතුරන් විනාශ කොට, මහපොළොවේ නියෝජනය නුඹලාට හිමි කර දී, එහි නුඹලාට පහසුකම් සලසා දී, නුඹලාට ආශිර්වාද කිරීම තුළින් නුඹලාගේ යුගයේ විසූ ලෝවැසියන්ට වඩා නුඹලා ව ශ්රේෂ්ඨත්වයට පත් කළේ උත්තරීතර අල්ලාහ්ය.
A'raf 7:141
අහෝ ඉස්රාඊල් දරුවනි! ෆිර්අවුන් හා ඔහුගේ පිරිස නුඹලා සමග පහත් ලෙස කටයුතු කිරීමෙන්, අපි නුඹලා මුදවා ගත් අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු නුඹලාට විවිධ වේදනාවන් විඳින්නට සැලැස්සුවෝය. නුඹලාගේ පිරිමි දරුවන් මරා දමා, ගැහැනු දරුවන් සේවය සඳහා තබා ගත්තෝය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිසෙන් නුඹලා ව මුදා ගැනීමෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් වූ මහත් පිරික්සුමක් විය. එය නුඹලා කෘතඥවීම නියම කර වීය.
A'raf 7:142
අල්ලාහ් තමන් හමුවන මෙන් ඔහුගේ දූත මූසා (අලය්හිස් සලාම්) තුමාණන්හට රාත්රී තිහක් ප්රතිඥා දුන්නේය. තවත් රාත්රී දහයක් අධික කරමින් අල්ලාහ් එය පූර්ණ කළේය. එවිට එය රාත්රි හතළිහක් බවට පත් විය. මූසා (අලය්හිස් සලාම්) තම පරමාධිපති හමුවීමට යෑමට අදහස් කළ කල්හි ඔහුගේ සහෝදර හාරූන්ට, ‘අහෝ හාරූන්! මා වෙනුවට ඔබ මාගේ සමූහයා අතර නියෝජිතයකු වනු. ඔවුන් සමග මෘදු ව කටයුතු කර, ඔවුන්ගේ කටයුතු යහපත් ලෙස පාලනය කර විධිමත් කරනු. පාපකම් සිදු කොට කලහකාරීන්ගේ මාර්ගයේ ගමන් නොකරනු. පාපතරයින්හට ඔබ උදව්කරුවකු නොවනු.’ යැයි පවසා සිටියේය.
A'raf 7:143
මූසා (අලය්හිස් සලාම්) තුමාට නියම කළ ප්රතිඥත කාලය (පූර්ණ දින හතළිහ) තුළ ඔහුගේ පරමාධිපති හමුවීමට ඔහු පැමිණි අවස්ථාවේ ඔහු සමග කතා කළ යුතු නියෝග හා තහනම් කරුණු ඇතුළු ව වෙනත් දෑ පිළිබඳ ව ඔහුගේ පරමාධිපති ඔහු සමග කතා කළේය. තම පරමාධිපති ව දැක බලා ගැනීමට ඔහු ආශා කළේය. ඔහුව පියවි ඇසින් බලන්නට ඔහුගෙන් ඉල්ලා සිටියේය. එවිට උත්තරීතර අල්ලාහ් ඔහුට පිළිතුරු වශයෙන්, "මෙලොව ජීවිතයේ ඔබ මා දකින්නට තරම් ශක්තියක් ඔබට නොමැති බැවින්, ඔබ මා කිසි විටෙක දැකිය නොහැකි වන්නේය. නමුත් එම කන්ද දෙස බලනු. එහි මා නිරූපණය වන විට එය එම ස්ථානයේම පිහිටියේ නම් බලපෑමක් ඇති නොවන්නේය. එවිට ඔබ මා දකිනු ඇත. පොළොවට එය සමතලා වූයේ නම්, මෙලොවෙහි කිසි විටෙක ඔබ මා නොදකිනු ඇත. අල්ලාහ් එම කන්දට නිරූපණය වූ කල්හි ඔහු එය පොළොවට සමතලා කළේය. මූසා සිහිවිකල්වී ඇද වැටුණේය. ඔහු සිහි මුර්ජාවෙන් අවදි වූ කල්හි, "මාගේ පරමාධිපතියාණනි! ඔබට කිසිවක් සම්බන්ධ කළ නොහැකි සියලු දැයින් ඔබ පිවිතුරුය. මෙලොවෙහි දී මා ඔබ ව දැකිය යුතු යැයි මා ඔබෙන් ඉල්ලා සිටීම ගැන මෙන්න මම ඔබෙන් සමාව අයැද සිටිමි. තවද මාගේ සමූහයා අතරින් ඔබ ව විශ්වාස කළ පළමුවැන්නා මම වෙමි.’ යැයි පවසා සිටියේය.
A'raf 7:144
අල්ලාහ් මූසාට, "අහෝ මූසා! සැබැවින්ම මම ඔබ ව තෝරා ගත්තෙමි. ඔවුන් වෙත මා ඔබ ව දූතයකු ලෙස එවූ අවස්ථාවේ මාගේ දූත මෙහෙය ඔබට ලබා දී ජනයා ඉදිරියේ මම ඔබ ව ශ්රේෂ්ඨ කළෙමි. කිසිදු මාධ්යයකින් තොර ව ඔබත් සමග මා කතා කිරීමෙන් මම ඔබ ව ශ්රේෂ්ඨ කළෙමි. ඔබට මා පිරිනැමූ මෙම ගෞරවනීය නිලය ප්රවේශම් කර ගනු. මෙම මහත් වූ දීමනාව වෙනුවෙන් ඔබ අල්ලාහ්ට කෘතඥ වන්නන් අතරට පත්වනු’ යැයි පැවසීය.
A'raf 7:145
උපදෙස් ලබන්නන්හට උපදෙසක් වශයෙන් ද, නීති පැහැදිලි කර ගැනීමට අවශ්ය පැහැදිලි කිරීමක් වශයෙන් ද, ඉස්රාඊල් දරුවන්ගේ මෙලොව හා මතු ලොව අවශ්ය සියලු කරුණු ලී හා වෙනත් ඵලක වල මූසා වෙනුවෙන් අපි ලියා සටහන් කළෙමු. අහෝ මූසා! මනා ලෙස හා කැපවීමෙන් තව්රාතය පිළිපදිනු. ඔබේ සමූහයා වන ඉස්රාඊල් දරුවන්ට පූර්ණවත් කරන මෙන් නියෝග කරනු ලැබූ දෑ ක්රියාවට නැංවීම, සමාව හා ඉවසීම වැනි එහි සඳහන් මහත් ප්රතිඵල ගෙන දෙන දෑ මැනවින් පිළිපදින මෙන් නියෝග කරනු. මාගේ නියෝගය පිටුපා මට අවනත වීමෙන් බැහැරවූවන්හට හිමි දඬුවම මම නුඹලාට මතු පෙන්වමි. එමෙන්ම ඒ සඳහා අත්වන විනාශය හා ඛේදය ද මම පෙන්වමි.
A'raf 7:146
කිසිදු යුක්තියකින් තොර ව අල්ලාහ්ට නැමදුම් කිරීමට හා සත්යය පිළිපැදීමට, අහංකාරකම් පාන්නන් විශ්වයේ හා ජීවිත තුළ පිහිටා ඇති මාගේ සංඥාවන් පිළිබඳ සැලකිලිමත් වීමෙන් ද, මාගේ පුස්තකයේ ඇති වදන් පිළිබඳ අවබෝධය ලැබීමෙන් ද මම ඔවුන් හරවා දමමි. ඔවුහු සියලු සංඥාවන් දුටුව ද ඒවා සත්ය බව විශ්වාස නොකරති. ඔවුන් ඒවාට විරුද්ධ වී ඒවායින් ඈත් වෙති. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග මුරණ්ඩු ලෙස කටයුතු කරති. අල්ලාහ්ගේ තෘප්තිය ගෙන දෙන සත්ය මාර්ගය ඔවුන් දුටුවේ නම් ඒ මත ගමන් නොකරති. එහි කැමැත්තක් අති කර නොගනිති. එමෙන්ම ඔවුන් අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන මුළාව හා අන්තවාදී මාර්ගයක් දුටුවේ නම්, ඒ මත ගමන් කරති. එවන් තත්ත්වයක් ඔවුනට ඇති වූයේ දහම් දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එය තහවුරු කරන අල්ලාහ්ගේ මහත් සාක්ෂි හා සාධක ඔවුන් බොරු කරමින් සිටි බැවින් හා ඒ ගැන අවධානයෙන් බැලීමට ඔවුන් නොසැලකිලිමත් වූ බැවිණි.
A'raf 7:147
අපගේ දූතවරුන් සත්ය බව පෙන්වා දෙන අපගේ සංඥාවන් බොරු කොට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් වනාහි, ඔවුන්ගේ ක්රියාවන් අවනතවීමේ වර්ගයට අයත්ව තිබිය දී ඒවා නිෂ්ඵල විය. විශ්වාසය යන කොන්දේසිය එහි නොමැති බැවින් ඒවා සඳහා කුසල් හිමිවන්නේ නැත. ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් හා ඔහුට ආදේශ තබමින් කටයතු කළ දෑට සරිලන ප්රතිවිපාක, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබති. එහි ප්රතිවිපාකය වනුයේ නිරා ගින්නේ සදාතනිකභාවයයි.
A'raf 7:148
මූසා (අලය්හිස් සලාම්) තුමා, තම පරමාධිපති සමග කතා කිරීම සඳහා හමුවන්නට ගිය පසු ව ඔහුගේ ජනයා ඔවුන්ගේ ආභරණ වලින් වසු පැටවකුට සමාන යමක් තනා ගත්තෝය. එයට කිසිදු ජීවයක් නොවූවද හඬක් නිකුත් විය. සැබැවින්ම මෙම වසු පැටවා ඔවුන් සමග කතා නොකරන බවත් භෞතික හා ආධ්යාත්මික වශයෙන් ශ්රෙෂ්ඨ මාර්ගයක් වෙත ඔවුනට මග නොපෙන්වන බවත්, කිසිදු සෙතක් ඔවුනට සලසන්නේ නැති බවත් කිසිදු හානියක් ඔවුන්ගෙන් ඉවත් නොකරන බවත් ඔවුන් වටහා නොගත්තෝද? නමුත් ඔවුහු එය නැමදුමට තෝරා ගත්තෝය. ඒ හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත්තවුන් බවට පත් වූහ.
A'raf 7:149
ඔවුන් අල්ලාහ් සමග වසු පැටවා නැමදුමට ගැනීම හේතුවෙන් ඔවුන් ඍජු මාර්ගයෙන් නොමග ගොස් ඇති බව වටහා ගෙන, ඒ ගැන කම්පා වී පසුතැවිලි වූ කල්හි, ඔවුන් අල්ලාහ් වෙත බැගෑපත් ව, "අපගේ පරමාධිපති ඔහුට අවනත වීම සඳහා අපට ආශිර්වාද කරමින් ඔහු අපට කරුණා නොකළේ නම්, හා වසු පැටවා නැමදුමට ගැනීම සඳහා අපි ඉදිරිපත් කළ පාපය සඳහා ඔහු අපට සමාව නොදුන්නේ නම්, සැබැවින්ම අපි තමන්ගේ මෙලොව ජීවිතය හා මතු ලොව ජීවිතය විනාශ කර ගත්තවුන් අතරට අප ද පත්වන්නෙමු" යැයි ප්රාර්ථනා කර සිටියහ.
A'raf 7:150
මූසා (අලය්හිස් සලාම්) තුමා තම පරමාධිපති මුණ ගැසී, තම සමූහයා වෙත පැමිණෙන අවස්ථාවේ දී ඔවුන් වසු පැටවා නැමදුමට ගෙන තිබීම දුටු එතුමා ඔවුන් කෙරෙහි කෝපයෙන් හා කනස්සල්ලෙන් පිරී සිටි කල්හි එතුමා, ‘මා නුඹලා වෙතින් ගිය පසු ව නුඹලා මා වෙනුවෙන් නියෝජනය කළ තත්ත්වය ඉතා නරකය. එය විනාශය හා අභාග්යය අත් කර දෙනු ඇත. මා ගැන බලාපොරොත්තු අතහැර දමා නුඹලා වසු පැටවා නැමදුම් කිරීමට ඉදිරිපත් වූයෙහුද? තමාට ඇති වූ දැඩි කෝපය හා කනස්සල්ල හේතුවෙන් එම ඵලක විසි කර දැමුවේය. තම සහෝදරයා වන හාරූන් ඔවුන් සමග සිටියදී ඔවුන් වසු පැටවා නැමදුමට ගත් අවස්ථාවේ එය ඔහු නොවැළැක්වූ බැවින් මූසා තුමා ඔහුගේ හිසෙන් අල්ලා, ඔහුගේ රැවුලෙන් ඇද, තමන් වෙත ළං කර ගත්තේය. හාරූන් මූසාට නිදහසට කරුණු දක්වමින් ඉතා ආදරයෙන්, ‘අහෝ: මාගේ මවගේ පුතණුවනි! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු සේ සැළකුවෝය. එහෙයින් ඔවුහු මා අවමන් කොට මා මරන්නට තැත් කළෝය. මෙසේ තිබියදී මාගේ සතුරන් සතුටු වන පරිදි මා හට ඔබ දඬුවම් නොකරනු. ඔබට මා කෙරෙහි ඇති කෝපය නිසාවෙන්, අල්ලාහ් නොවන දෑට ඔවුන් නැමදුම් කිරීම හේතුවෙන් අපාරධකාරයින් බවට පත් වූවන්ගේ ගොඩට මා ද පත් නොකරනු මැනව!' යැයි පවසා සිටියේය.
A'raf 7:151
මූසා තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "අහෝ මාගේ පරමාධිපතියාණනි! මා හටත්, මගේ සහෝදර හාරූන් හටත් සමාව දෙනු මැනව! ඔබේ කරුණාව තුළට අප ඇතුළත් කරනු මැනව! සෑම පැතිකඩකින්ම එය අප ආවරණය වන පරිදි එය පත් කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි, කරුණාව පෙන්වන සියල්ලන්හට වඩා ඔබ අපට මහා කාරුණිකය" යැයි පවසා සිටියේය.
A'raf 7:152
සැබැවින්ම වසු පැටවා දෙවියෙකු ලෙස ගෙන ගොස් ඌට නැමදුම් කරන්නන් වනාහි, ඔවුන්ගේ පරමාධිපතිගේ දැඩි කෝපයත්, ඔවුන්ගේ පරමාධිපති ඔවුනට දක්වන කෝපය හා අවමානය හේතුවෙන් මෙලොව ජීවිතයේ දී අවමානයත් ඔවුන්හට අත්වනු ඇත. අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන්හට ද මෙවැනිම ප්රතිවිපාකයක් අපි පිරිනමන්නෙමු.
A'raf 7:153
අල්ලාහ්ට ආදේශ තබා පාපකම් සිදු කොට නපුරු ක්රියාවන්හි නිරතවූවන් වනාහි, ඔවුහු අල්ලාහ්ව විශ්වාස කොට ඔහු වෙත පාප ක්ෂමාව අයැද ඔවුන් කරමින් සිටි පාපයෙන් ඔවුන් වැළකුණේ නම්, අහෝ දූතය! ඔවුන් ආදේශ තැබීමෙන් ඉවත් ව දේව විශ්වාසය වෙතත්, පාපකම් අතහැර අවනතභාවය වෙතත් යොමු වීමෙන් පසු සැබැවින්ම ඔබේ පරමාධිපති ඒවා වසන් කොට නොසලකා හැර ඔවුන්හට අතිශයින් සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි අතිශයින් කරුණාව දක්වන්නාය.
A'raf 7:154
මූසා (අලය්හිස් සලාම්) තුමාගෙන් කෝපය නිවුනු කල්හි, කෝපය හේතුවෙන් එතුමා විසි කළ ඵලක සන්සුන් ව අරගත්තේය. මෙම ඵලක වල අයහමගින් යහමග ද සත්ය පැහැදිලි කිරීම් ද ඇතුළත් වන අතර තම පරාමාධිපතිට බිය වන ඔහුගේ දඬුවමට බියවන අයහට කරුණාව ද ඇත.
A'raf 7:155
මූසා (අලය්හිස් සලාම්) තුමා, ඔහුගේ සමූහයා අතර සිටි අඥානයින් වසු පැටවා අදහමින් කළ ක්රියාවට ඔවුන්ගේ පරමාධිපති වෙත නිදහසට කරුණු ඉදිරිපත් කරනු පිණිස ඔවුන් අතර සිටි ශ්රේෂ්ඨ මිනිසුන් හැත්තෑ දෙනෙකු තෝරා ගත්තේය. ඔවුහු එහි සහභාගී විය යුතු නියමිත වේලාවක් අල්ලාහ් ඔවුනට පොරොන්දු විය. ඔවුන් සහභාගී වීම පිණිස අල්ලාහ් වෙත උනන්දුවෙන් ගිය කල්හි, තම දෑස් ඉදිරිපිට අල්ලාහ් ව පෙන්වන්නැයි මූසාගෙන් ඉල්ලා සිටියහ. එවිට මහා භූ චලනයක් ඔවුන් ග්රහණය කළේය. ඔවුන් කම්පනයට පත් ව භීතියට පත් වූහ. මූසා ඔහුගේ පරමාධිපති වෙත බැගෑපත් ව කණ්ණලව් කර, "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් වෙත පැමිණීමට පෙර, ඔවුන් හා මා විනාශ කරන්නට ඔබ අභිමත කළේ නම් ඔබ ඔවුන් විනාශ කරන්නට තිබුණි. අප අතර සිටි බුද්ධි හීනයන් සිදු කළ දෑ හේතුකොට ගෙන ඔබ අප විනාශ කරන්නෙහිද? මාගේ ජනයා වසු පැටවා නැමදුමට ගෙන එසේ ක්රියා කළේ විභාගයකට හා පරීක්ෂණයකට මිස නැත. ඔබ අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරින්නෙහිය. ඔබ අභිමත කරන්නන්හට ඔබ මඟ පෙන්වන්නෙහිය. අපගේ කටයුතු භාර ව සිටින්නා ඔබය. එහෙයින් අපගේ පාපකම් සඳහා ඔබ අපට සමාව දෙනු මැනව! ඔබේ පුළුල් දයාව තුළින් අපට කරුණා කරනු මැනව! වැරැද්ද නොසලකා හැර, පාපයට සමාව දෙන්නන්ගෙන් ඔබ අති ශ්රේෂ්ඨය." යැයීි කීය.
A'raf 7:156
මෙලොව ජීවිතයේ සුව සැප පිරිනමා, ඔබ ගෞරවයට පත් කළ දැහැමි ක්රියාවන් සිදු කිරීමට ආශිර්වාද කළ අය අතරට අප ද පත් කරනු මැනව! එමෙන්ම මතු ලොවෙහි ඔබේ දැහැමි ගැත්තන් අතරින් ඔබ ස්වර්ගය සූදානම් කර ඇති අය අතරට ද අප ද පත් කරනු මැනව! අපි ඔබ වෙත පශ්චාත්තාප වී යොමු වන්නෙමු. අපගේ අඩුපාඩුකම් පිළිගනිමින් ඔබ වෙත හැරෙන්නෙමු. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "අභාග්ය සඳහා තුඩු දෙන කාරණා සිදු කරන්නන් අතරින්, මා අභිමත කළ අයට මාගේ දඬුවම් ලැබෙන්නට සලස්වමි. නමුත් මාගේ කරුණාව මෙලොවෙහි ඇති සියලු දෑ ආවරණය කොට ඇත. අල්ලාහ්ගේ කරුණාව නොලැබුණු කිසිදු මැවීමක් නොමැත. ඔහුගේ ආශිර්වාදය හා උපකාරය අධික ව පිරිනමා ඇත. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට භක්තිමත් ව කටයුතු කරන්නන්හටත්, තම ධනයෙන් එයට නියම වූ සකාතය පිරිනමන්නන්හටත්, අපගේ වදන් විශ්වාස කරන්නන්හටත් මතු ලොවෙහි මාගේ දයාව සටහන් කර තබමි.
A'raf 7:157
ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ව අනුගමනය කරති. ඔහු කියවීමට හෝ ලිවීමට නොහැකි උම්මි නබිවරයෙකි. ඔහු වෙත දිව්යමය පණිවිඩ පහළ කරනුයේ ඔහුගේ පරමාධිපතිය. ඔහුගේ නාමය, ඔහුගේ ගුණාංග හා ඔහුගේ දූතත්ත්වය මූසා (අලය්හිස් සලාම්) තුමාට පහළ කරන ලද තව්රාතයේ හා ඊසා (අල්යිහිස් සලාම්) තුමා වෙත පහළ කරනු ලැබූ ඉන්ජීලයේ ඔවුහු හඳුනා ගනිති. යහපත් හා දැහැමි යැයි හඳුනාගත් දෑ ඔහු ඔවුනට නියෝග කරයි. මනා බුද්ධියට හා සහජ ධර්මතාවයට පිළිකුල් යැයි හඳුනාගත් දැයින් ඔහු ඔවුන් වළක්වයි. ආහාර පාන විවාහය වැනි කටයුතු වලදී ඔවුනට හානියක් ඇති නොවන දෑ භුක්ති විඳීමට ඔහු ඔවුනට අනුමත කරයි. ඒවායින් ඇතිවන පිළිකුල් සහගත දෑ ඔහු ඔවුන්ට තහනම් කරයි. ඔවුන් උසුලමින් සිටි දුෂ්කර නියමයන් ඔවුන්ගෙන් පහ කරයි. උදාහරණ වශයෙන් ඝාතකයකු උවමනාවෙන් වුවද වැරදීමකින් වුවද ඝාතනය සිදු කර ඇත්නම් එම ඝාතකයා ව මරණ දඬුවමට ලක් කිරීම අනිවාර්යය කිරීම. ඉස්රාඊල් දරුවන් හා වෙනත් ජන සමූහයන් අතරින් ඔහු ගැන විශ්වාස කොට, ඔහුට ගරුබුහුමන් කොට, ඔහු ව අගය කොට, ඔහුට සතුරුකම් පාන්නන්ට එරෙහි ව ඔහුට උදව් කොට, මග පෙන්වන ආලෝකයක් මෙන් වූ ඔහු වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිපදින්නන් වනාහි ඔවුහුමය සාර්තකත්වය ලැබූවෝ වන්නෝ. ඔවුන් පතන දෑ ඔවුන් හිමි කර ගනිති. ඔවුන් බියෙන් පසුවන දැයින් ඔවුන් දුරස් කරනු ලබති.
A'raf 7:158
අහෝ දූතය! ඔබ ජනයාට මෙසේ පවසනු. "අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා අතර සිටින අරාබි හා අරාබි නොවන සියලු දෙනා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. අහස් හි ආධිපත්යය ඔහුට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ආධිපත්යයත් ඔහුටම සතුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු මියගියවුන් ජීවත් කරවයි. ජීවත්වන්නන් මරණයට පත් කරයි. එහෙයින් ජනයිනි! නුඹලා අල්ලාහ් ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන් වූ, ලිවීමට හෝ කියවීමට නොදත් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ව ද විශ්වාස කරනු. සැබැවින්ම ඔහු පැමිණියේ ඔහුගේ පරමාධිපති ඔහුට දන්වා සිටි දිව්යමය පණිවිඩ සමගය. ඔහු අල්ලාහ් ව විශ්වාස කරයි. ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ හා ඔහුට පෙර සිටි නබිවරුන්හට පහළ කරනු ලැබූ දෑ කිසිදු වෙන් කිරීමකින් තොරව විශ්වාස කරයි. ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත පැමිණි දෑ ඔවුහු පිළිපදිති. එය එහි ඇති මෙලොව හා මතුලොව නුඹලාගේ යහපත නුඹලා වෙනුවෙන් අපේක්ෂා කරමිනි.
A'raf 7:159
ඉස්රාඊල් දරුවන් අතර වූ මූසාගේ පිරිසෙන් නිවැරුදි දහම මත ස්ථාවරව සිටී කණ්ඩායමක් ද විය. ඔවුහු ජනයාට ඒ වෙත මග පෙන්වූහ. සාධාරණීය ලෙස තීන්දු තීරණ ලබා දුන්නෝය. එහෙයින් ඔවුන් පලා ගියේ නැත.
A'raf 7:160
ඉස්රාඊල් දරුවන් ගෝත්ර දොළහකට අපි බෙදා වෙන් කළෙමු. තමන්හට ජලය පහළ කරන මෙන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන ලෙස මූසාගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, ‘අහෝ මූසා! ඔබ ඔබේ සැරයටියෙන් එම ගලට ගසනු’ යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට මූසා එයට ගැසුවේය. එවිට ඔවුන්ගේ ගෝත්ර දොළොසේ ප්රමාණයට උල්පත් දොළොසක් එයින් මතු විය. ඔවුන්ගෙන් සෑම ගෝත්රයක්ම පැන් පානය කරන නියමිත ස්ථානය හඳුනා ගත්තෝය. ගෝත්රයක් තවත් ගෝත්රයක් සමග හවුල් නොවීය. ඔවුන් ගමන් කරන විට ඔවුන් සමගම ගමන් කරන, ඔවුන් නතර වන විට ඔවුන් සමගම නතර වන වලාකුළෙන් අපි ඔවුනට හෙවණ දුනිමු. අපගේ ආශිර්වාදයෙන් මී පැණි වැනි රසවත් පානය හා වටු කුරුල්ලන්ට සමාන වූ නැවුම් මස් සහිත කුඩා කුරුල්ලන් අපි ඔවුනට පහළ කළෙමු. පසු ව අපි, ‘නුඹලාට අපි පෝෂණය කළ යහපත් දැයින් නුඹලා අනුභව කරනු’ යැයි පැවසුවෙමු. ඔවුන්ගෙන් සිදු වූ අපරාධ හා ආශිර්වාදයන්ට ඔවුන් ගුණමකු වීම, ඒවාට නිසි අයුරින් තක්සේරු නොකිරීම වැනි කරුණු හේතුවෙන් කිසිදු අඬුවක් ඔවුන් අපට සිදු නොකළෝය. නමුත් අල්ලාහ්ගේ නියෝග වලට විරුද්ධ ව කටයුතු කිරීමෙන් හා ඔහුගේ ආශිර්වාද පිටුදැකීමෙන් ඔවුනට පැමිණෙන දඬුවම ඔවුන් වෙත ගෙන්වා ගත් අවස්ථාවේ ඔවුනට හිමි කොටස් ඔවුන් අඩු කර ගනිමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
A'raf 7:161
අහෝ දූතය! ‘නුඹලා බයිතුල් මක්දිස් වෙත පිවිසෙනු. එහි කුමන ස්ථානයකින් වුව ද ඔබ කැමති වේලාවක එහි පලතුරුවලින් අනුභව කරනු’ යැයි ඉස්රාඊල් දරුවන් හට අල්ලාහ් පැවසූ විට ඔවුහු, ‘අපගේ පරමාධිපතියාණනි! අපගේ වැරදි අපෙන් කමා කරනු මැනව!’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපතිට යටහත් පහත් ව දණ නමමින් එම දොරටුවෙන් පිවිසෙනු. එසේ නුඹලා සිදු කළේ නම් නුඹලාගේ පාපකම් අපි කමා කරන්නෙමු. දැහැමියන් හට මෙලොව හා මතු ලොව යහපත අපි අධික කර දෙන්නෙමු.
A'raf 7:162
ඔවුනට පවසන මෙන් කවර කරුණක් අණ කරනු ලැබුවේද එය ඔවුන් වෙනස් කර" ‘හබ්බතුන් ෆී ෂඊරතින්’ යනුවෙන් ප්රකාශ කළෝය. එය, සමාව අයැදින මෙන් අණ කරනු ලැබූ ප්රකාශය වෙනුවට ඔවුන් පවසන ලද්දකි. එමෙන්ම ඔවුනට සිදු කරන මෙන් කවර කරුණක් අණ කරනු ලැබුවේද එය ද ඔවුන් වෙනස් කළෝය. තම හිස් පහත් කරමින් අල්ලාහ්ට යටහත් පහත් ව පිවිසීම වෙනුවට ඔවුන්ගේ පසුපස මත ගාමින් පිවිසුණෝය. ඔවුන්ගේ අපරාධ හේතුවෙන් අපි ඔවුන් මත අහසින් වූ දඬුවමක් එව්වෙමු.
A'raf 7:163
අහෝ දූතය! මුහුද අසබඩ පිහිටි ගම්මානයක ජීවත් වූ තම මුතුන්මිත්තන්ට අත් වූ අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ යුදෙව්වන්ට මෙනෙහි කරමින් ඒ ගැන ඔවුන් ගෙන් විමසා සිටිනු. ඔවුනට සෙනසුරාදා දින මාළු බෑම තහනම් කිරීමෙන් පසු ඔවුන් එදින මාළු බා අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කළෝය. සෙනසුරාදා දිනයේ මුහුද මතුපිටට මත්සයන් එන්නට සලස්වා අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කළේය. වෙනත් දිනයන්හි එහි උන් පැමිණියේ නැත. එසේ අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කළේ ඔවුන් පාපකම් සිදු කොට ඔහුට අවනත වීමෙන් ඔවුන් වූ හේතුවෙනි. නමුත් ඔවුන් වංචනික ව මසුන් ඇල්ලීම සඳහා වළ වල් හාරා දැල් එළන්නට කටයුතු කළෝය. සෙනසුරාදා දිනයෙහි මත්සයින් එහි හසු විය. ඉරිදා දින වූ විට ඒවා අල්ලා ගෙන ආහාරයට ගත්තෝය.
A'raf 7:164
අහෝ දූතය! තවදුරටත් ඔබ මෙනෙහි කරනු. මෙම පිළිකුල් සහගත ක්රියාවෙන් ඔවුන් වැළැක් වූ පිරිසක් ද ඔවුන් අතර විය. ඔවුන් ඒ ගැන ඔවුනට අවවාද කළෝය. තවත් පිරිසක් ඔවුන් අමතා, 'තමන් සිදු කළ පාපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් මෙලොවෙහි විනාශ කිරීමට හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැ?'යි විමසා සිටියේය. එයට උපදෙස් දුන්නෝ, ‘එසේ අපි ඔවුන්ට උපදෙස් දෙනුයේ යහපත විධානය කරන මෙන් ද අයහපතින් වළක්වන මෙන් ද අල්ලාහ් අපට කළ නියෝගය අතහැර දැමීමෙන් ඔහු අප වරදකරුවන් ලෙස නොගෙන අපි ඔහුට නිදහසට කරුණු දැක්වීමට හැකි වනු පිණිසය. ඇතැම් විට එම උපදෙස ඔවුනට ප්රයෝජනවත් වී, ඔවුන් කවර පාපයක නිරත වී සිටින්නේද එයින් ඔවුන් මිදෙන්නට පුළුවන.' යැයි කීහ.
A'raf 7:165
උපදේශයකින් තමන්ට කළ උපදෙස පාපිෂ්ඨයින් ප්රතික්ෂේප කොට ඔවුන් එයින් නොවැළකුනු අවස්ථාවේ එම පිළිකුල් සහගත ක්රියාවෙන් වළැක් වූ ඔවුන් දඬුවමින් මුදවා, සෙනසුරාදා දින මසුන් අල්ලා සීමාව ඉක්මවමින් කටයුතු කළ අපරාධකරුවන් දැඩි දඬුවමකින් අපි හසු කර ගත්තෙමු. එය ඔවුන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ බැවින් හා ඔවුන් පාපයේ අඛණ්ඩ ව නිරත ව සිටි බැවීණි.
A'raf 7:166
උඩඟුකමින් හා මුරණ්ඩුකමින් අල්ලාහ්ට පිටුපෑමෙහි ඔවුන් සීමාව ඉක්මවා ගොස් උපදෙස් නොලැබූ කල්හි අපි ඔවුනට: "අහෝ පාපිෂ්ඨයිනි! නුඹලා නීච වඳුරන් මෙන් වනු" යැයි පැවසුවෙමු. එවිට අපි සිතූ පරිදි ම ඔවුන් පත් වූහ. නියත වශයෙන්ම යමක් පිළිබඳ අපගේ ස්ථාවරය වනුයේ අපි ඒ ගැන සිතා එයට 'වනු' යැයි පැවසූ වහා ම එය සිදුවීමය.
A'raf 7:167
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් යුදෙව්වන් මත ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් අපහාසයට ලක් කරන, ඔවුන් යටපත් කරන පිරිසක් ආධිපත්යය දරනු ඇතැයි කිසිදු සැකයකින් තොරව ඉතා පැහැදිලි ව අල්ලාහ් දැනුම් දුන් අවස්ථාව ද ඔවුනට මෙනෙහි කරනු. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහුට පිටුපාන්නන්හට දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. එම දඬුවම ඔහු මෙලොවෙහිම ඔවුනට ඉක්මන් කර දෙයි. නමුත් ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමාවෙහි නිරත ව, ඔහු වෙත හැරෙන්නේද ඔවුන්ගේ පාපකම් වලට සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
A'raf 7:168
මහපොළොවේ ඔවුන් එක් ව සිටියායින් පසු අපි ඔවුන් වෙන් කළෙමු. එහි ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදුවෙමු. ඔවුන් අතර අල්ලාහ්ගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ඉටු කරන දැහැමියෝද වෙති. එමෙන්ම ඔවුන් අතර ආර්ථික පහසුකම් ඇත්තෝද වෙති. පාපකම් සිදු කරමින් තමන් විනාශ කර ගන්නෝද වෙති. ඔවුන් කවර තත්වයක සිටින්නේද ඉන් හැරීමේ යහපත් අපේක්ෂාවෙන් පහසුව හා දුෂ්කරතාව මගින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.
A'raf 7:169
ඔවුන්ගෙන් පසු ඔවුන් නියෝජනය කරමින් තවත් නපුරු පිරිසක් පැමිණියේය. ඔවුන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් තව්රාතය හදාරා එය කියෙව්වෝය. නමුත් එහි ඇති දෑ ඔවුන් වටහා ගත්තේ නැත. අල්ලාහ්ගේ පුස්තකය ඔවුන් විකෘති කිරීමටත් එහි පහළ කරනු නොලැබූ දැයින් ජනයා අතර තීන්දු තීරණ දීමටත් මෙලොව අල්ප වස්තුව අල්ලස් ලෙස ඔවුහු ගත්තෝය. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙනු ඇතැයි ඔවුහු සිතුවෝය. නොවටිනා ලෞකික සම්පත් ඔවුන් වෙත පැමිණි විට, එය නැවත නැවතත් අයුතු ලෙස ගත්තෝය. කිසිදු වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමකින් තොරව සත්යය මිස අල්ලාහ් මත වෙනකක් නොපැවසිය යුතු බවට අල්ලාහ් ඔවුන්ගෙන් ප්රතිඥා හා ගිවිසුම් නොගත්තේ ද? ඔවුන් එම පුස්තකයට අනුව ක්රියා කිරීම අතහැර දැමුවේ අඥානකමින් නොව ඒ ගැන දැනුවත්වමය. එහි ඇති දෑ කියවා ඔවුහු දැන ගත්තෝය. ඔවුන්ගේ පාපය ඉතා බරපතළය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන්හට හිමි වන මතු ලොව නිවහනත්, මතු ලොව නිවහනෙහි සදා ලැබෙන සුවයත් ඒ අල්ප වස්තුවට වඩා උතුම්ය. මෙම අල්ප වස්තුව අයුතු ලෙස ලබා ගන්නන්, සැබැවින්ම අල්ලාහ් මතු ලොවෙහි ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන්හට සූදානම් කර ඇති දෑ ශ්රේෂ්ඨ බවත් එය සදා පවතින්නක් බවට වටහා නො ගත්තෝද?
A'raf 7:170
අල් කුර්ආනය පිළිපැද, එහි ඇති දෑ ක්රියාවට නංවා සලාත්, නැමදුම් ඒවායෙහි වේලාවන් කොන්දේසි අනිවාර්ය අංගයන් හා නබි පිළිවෙත් සුරක්ෂිතව පිළිපදිමින් විධිමත් ව ඉටු කරන්නන් වනාහි, අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු ඇත. දැහැමි ක්රියාවන් කරන කිසිවකුගේ ප්රතිඵල ඔහු නිෂ්ඵල කරන්නේ නැත.
A'raf 7:171
අහෝ මුහම්මද්! ඉස්රාඊල් දරුවන් තව්රාතයේ ඇති දෑ පිළිගැනීමෙන් වැළකී සිටි කල්හි, ඔවුනට ඉහළින් අපි කන්ද උගුලා ඔසවා තැබූ අවස්ථාව මෙනෙහි කරනු. එවිට එම කන්ද ඔවුන්ගේ හිසට හෙවණක් ගෙන දෙන වලාකුළක් මෙන් විය. සැබැවින්ම එය ඔවුන් මත කඩා වැටෙනු ඇතැයි ඔවුනට තහවුරු විය. එවිට ඔවුනට මෙසේ පවසන ලදී: අපි නුඹලාට පිරිනැමූ දෑ ඉතා මැනවින් කැපවීමෙන් හා ස්ථීර ලෙස ගනු. එහි අල්ලාහ් නුඹලාට ආගමානුගත කළ නීති මෙනෙහි කර බලනු. ඒවා අමතක නොකරනු. එලෙස නුඹලා කටයුතු කරන විට නුඹලා අල්ලාහ්ට බැතිමත් වීම අපේක්ෂා කළ හැකිය.
A'raf 7:172
අහෝ මුහම්මද්! ආදම්ගේ කොදු නාරටියෙන් ඔවුන්ගේ පරපුර බිහි කර, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ මැවුම්කරු බවත්, ඔවුන්ගේ පරමාධිපති බවත්, සහජයෙන්ම ඔවුන් තුළ තැන්පත් කර ඇති දැයින් ඔහුගේ පරමාධිපත්යය තහවුරු කිරීමට තීරණය කොට, ‘ඔබේ පරමාධිපති මා නොවේදැ?’යි ඔවුන්ගෙන් ඔහු විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. එවිට ඔවුහු සියල්ලෝම, ‘එසේය, අපගේ පරමාධපති ඔබය’ යැයි පිළිතුරු දුන්නෝය. ඔහු, ‘සැබැවින්ම අපි නුඹලා ව පරීක්ෂාවට ලක් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා වෙත ඉදිරිපත් කළ අල්ලාහ්ගේ සාධක නුඹලා පිටු නොදැක, ඒ පිළිබඳ නුඹලාට කිසිදු දැනුමක් නොතිබුණු බව නුඹලා නොපවසනුු පිණිස අපි නුඹලා වෙතින් ප්රතිඥාවක් ගත්තෙමු’ යැයි පැවසීය.
A'raf 7:173
සැබැවින්ම එම ගිවිසුම කඩමින් අල්ලාහ්ට ආදේශ කළේ නුඹලාගේ මුතුන්මිත්තන් යැයි නුඹලා හේතු සාධක නොපවසනු පිණිසත්ය. ඔවුන් කවර කරුණක් ආදේශ කරමින් සිටිනු ඔබ දුටුවේද, එම විෂයයෙහි නුඹලාත් නුඹලාගේ මුතුන් මිත්තන් අනුගමනය කරමින් හිඳ, ‘අල්ලාහ්ට ආදේශ තබමින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කර ගත් අපගේ මුතුන් මිත්තන් කළ වැරදි ක්රියාව හේතුවෙන් අප වැරදිකරුවන් කර අපට ඔබ දඬුවම් කරන්නෙහි ද? එහෙයින් අපගේ නොදැනුවත්කම හේතුවෙන් අපට කිසිදු පාපයක් හිමි නැත. අපි පිළිපැද්දේ අපගේ මුතුන්මිත්තන්' යැයි නුඹලා නොපවසනු පිණිසත්ය.
A'raf 7:174
බොරුකාර සමූහයන්ට අත් වූ ඉරණම පිළිබඳ පවසන මෙම පාඨ අපි පැහැදිලි කළාක් මෙන්ම, ඒවා ඔවුනටත් අපි පැහැදිලි කර සිටියෙමු. එය දෙවියන් වහන්සේට කළ ගිවිසුමේ සඳහන් පරිදි ඔවුන් වැටී සිටින දේව ආදේශයෙන් ඔවුන් මිදී අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ව නැමදුම් කිරීම වෙත ඔවුන් හැරී යාමේ යහපත් බලාපොරොත්තුවෙනි.
A'raf 7:175
අහෝ දූතය! ඉස්රාඊල් දරුවන් අතර සිටි මිනිසෙකු පිළිබඳ තොරතුරු ඔවුනට කියවා පෙන්වනු. අපගේ වදන් අපි ඔහුට පිරිනැමුවෙමු. ඔහු එය හදාරා එහි පෙන්වා දී තිබුණු සත්යය වටහා ගත්තේය. නමුත් ඔහු ඒ අනුව කටයුතු කළේ නැත. ඔහු එය අතහැර දමා ඉන් මිදුණේය. එවිට ෂෙයිතාන් ඔහුට බැඳුණේය. ඔහුගේ සමීප මිතුරෙකු බවට ඔහු පත් විය. යහමග ලබා සාර්ථකත්වය උදා කර ගත්තවුන් අතරට ඔහු පත් වීමෙන් පසු, මුළා වී විනාශය උදා කරගත් අය අතරට පත් විය.
A'raf 7:176
මෙම වදන් තුළින් ඔහුට සෙත සලසන්නට අපි අභිමත කළේ නම් ඒවා ක්රියාවට නැංවීම සඳහා අපි ඔහුට ආශිර්වාද කරමින් ඔහු උසස් කරන්නට තිබුණි. එවිට ඔහු මෙලොව මෙන්ම මතු ලොවෙහිද උසස්කම් ලබනු ඇත. නමුත් මතු ලොවට වඩා මෙලොව ඔහුට බලපෑම් ඇති කර තිබෙන බැවින් මෙලොව ජීවිතයේ ආශාවන් වෙත නැඹුරු වන විට, ඔහුගේ අසාර්තකත්වය වෙත ගෙන යන දෑ ඔහු තෝරා ගත්තේය. ඔහුගේ සිත ආශා කළ ව්යාජ දෑ අනුගමනය කළේය. මෙලොව මත තිබූ ඔහුගේ කෑදර කමට උපමාව කිසිදු තත්ත්වයකදී තම දිව දිගු කිරීම අත් නොහරින සුනඛයකුට සමානය. ඌ ළං කර ගත්තද දිව දිගු කරයි. එළවා දමනු ලැබුව ද ඌ දිව දිගු කරයි. මෙසේ සඳහන් කරනු ලබන උපමාව අපගේ වදන් බොරු කරන නොමග ගිය පිරිසට සමානය. අහෝ දූතය! ඔවුන් සත්යය වටහා ගෙන, ඔවුන් බොරු කිරීමෙන් හා මුළා වීමෙන් මිදිය හැකි වේවි යන යහපත් බලාපොරොත්තුවෙන් ඔවුන් වෙත මෙම තොරතුරු පවසනු.
A'raf 7:177
අපගේ සාධක හා අපගේ සාක්ෂි බොරු කොට, ඒවා සත්ය බව තහවුරු නොකරන්නා වූ පිරිසකට වඩා නපුරු පිරිසක් වෙනත් නැත. එමගින් ඔවුහු විනාශය ගෙන්වා ගනිමින් තමන්ටම අපරාධ කර ගත්තෝය.
A'raf 7:178
අල්ලාහ් ඍජු මාර්ගය වෙත මග ලබන්නට කවරෙකුට ආශිර්වාද කරන්නේ ද ඔහු සැබෑ ලෙසින්ම ඍජු මග ලබන්නෙකු වේ. ඔහු කවරෙකු ඍජු මාර්ගයෙන් දුරස් කරන්නේද එවැන්නන් සැබෑ ලෙසින්ම ඔවුන් සතු කොටස අහිමි කරගත්තවුන් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ටත්, ඔවුන්ගේ පවුල් වලටත් අලාභය ගෙන දුන්නෝ ඔවුන්ය. පැහැදිලි පරාජය එය නොවේද?
A'raf 7:179
ජින්නුන් අතර බොහෝ දෙනෙකු හා මිනිසුන් අතර බොහෝ දෙනෙකු අපි නිරය වෙනුවෙන් බිහි කර ඇත්තෙමු. සැබැවින්ම ඔවුන් ඒ සඳහා කටයුතු කරන බව අපි දනිමු. ඔවුන්ට හදවත් තිබුණද ඔවුන් එමගින් ඔවුනට ප්රයෝජන ගෙන දෙන දෑ මෙන්ම ඔවුනට හානි පමුණුවන දෑ පිළිබඳ ව අවධානය නොකරති. ඔවුනට ඇස් තිබුණ ද එමගින් ඔවුන් තුළ හා විශ්වය තුළ ඇති අල්ලාහ්ගේ සංඥාවන් දෙස බලා පාඩම් නොලබති. ඔවුනට කන් තිබුණ ද අල්ලාහ්ගේ වදන් වලට සවන් දී එහි ඇති දෑ පිළිබඳ පරිශීලනය නොකරති. මෙම ගුණාංග වලින් විස්තර කරනු ලැබූ මොවුන් බුද්ධි හීන, ගොවිපළ සතුන් මෙනි. නැත, ඔවුන් ගොවිපළ සතුන්ටත් වඩා අන්ත මුළාවෙහි පසුවෙති. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කිරීමෙන් අනවධානීන් ලෙස සිටියවුන් මොවුන්ය.
A'raf 7:180
සුවිශුද්ධ අල්ලාහ්ට අලංකාර නාමයන් ඇත. ඒවා ඔහුගේ කීර්තිය හා පූර්ණභාවය පෙන්වා දෙයි. ඔබ සිතන දෑ අල්ලාහ්ගෙන් පතන විට ඔහු වෙත ඒවා ඉදිරිපත් කරමින් පිහිට පතනු. එමගින් ඔහු ප්රශංසා කරනු. මෙම නාමයන් තුළ ගම්ය ව ඇති සත්යයෙන් ඉවත් ව, ඒවා අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් පත් කරමින් හෝ ඒවා ඔහුට නොමැති බව පවසමින් හෝ ඒවායෙහි අර්ථ විකෘති කරමින් හෝ වෙනත් දිශාවකට නැඹුරු වීම අතහැර දමනු. ඒවා ගෙන සත්යයෙයන් වෙනතකට නැඹුරු වන්නන්හට අපි මතු ප්රතිඵල පිරිනමන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා වේදනීය දඬුවම ඔවුනට ඇත.
A'raf 7:181
අප මැවූ අය අතරින් සත්ය වටහා ගෙන මග ලැබූ සමූහයක් ද වෙති. ඔවුන් සෙසු අය ඒ වෙත ඇරයුම් කරන අතර ම ඔවුන් ද මග ලබති. එම සත්යය තුළින් යුක්තිගරුක ව තීන්දු තීරණ පිරිනමන අතර ඔවුන් එයින් පලා නොයති.
A'raf 7:182
අපගේ වදන් බොරු කොට ඒවා විශ්වාස නොකළවුන් වනාහි, ඔවුන් ඒවා ප්රතික්ෂේප කළෝය. පෝෂණ සම්පත් වල දොරටු අපි ඔවුන් වෙනුවෙන් විවෘත කරන්නෙමු. නමුත් එය ඔවුනට ගරු කිරීමක් වශයෙන් නොව ඔවුන් කවර මුළාවක පිහිටා සිටී ද එහි ඔවුන් තටමන තෙක් පියවරෙන් පියවර එම නිලය ලබනු පිණිසය. පසු ව ඔවුන් ගෞරවයෙන් යුතු ව සිටින විට අපගේ දඬුවම ඔවුනට අත් වන්නේය.
A'raf 7:183
තමන් දඬුවම් ලබන පිරිසක් නොවන බව ඔවුන් සිතන තෙක් එම දඬුවම මම ඔවුනට ප්රමාද කරමි. දඬුවම ඔවුනට ගුණ කරනු ලබන තෙක් ඔවුන්ගේ බොරුවෙහි හා ප්රතික්ෂේපයෙහි ඔවුන් අඛණ්ඩ ව නිරත ව සිටිති. මාගේ උපක්රමය බලවත්ය. ඔවුනට ත්යාශීලිබව පෙන්වා ඔවුන් පරාජයට පත් කිරීමට මම අපේක්ෂා කළෙමි.
A'raf 7:184
අල්ලාහ්ගේ වදන් හා ඔහුගේ දූතයාණන් ව බොරු කළවුන් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා උම්මත්තකයෙකු නොවන බව පැහැදිලි කර ගනු පිණිස ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා ඒ ගැන වටහා ගත යුතු නොවේද? සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ දඬුවමින් ප්රවේශම් වන මෙන් පැහැදිලි ව අවවාද කිරීම සඳහා අල්ලාහ් විසින් පත් කරන ලද දූතයෙකි.
A'raf 7:185
අහස්හි හා මහ පොළොවේ පවතින අල්ලාහ්ගේ රාජ්ය දෙස මොවුන් මනා සැලකිල්ලෙන් නිරීක්ෂා කර බැලිය යුතු නොවේ ද? එමෙන්ම ඒ දෙක අතර ඇති සතුන් ගහකොළ හා වෙනත් දෑ පිළිබඳවත් නිරීක්ෂාවෙන් බැලිය යුතු නොවේ ද? නියමිත කාලය අවසන් වන්නට බලන ඔවුන්ගේ ආයු කාලය දෙස අවධානයෙන් බැලිය යුතු නොවේද? එහෙයින් කාලය අතපසු වීමට පෙර පාප ක්ෂමාවෙහි නිරත වන්න. අල් කුර්ආනය මෙන්ම එහි ඇති ප්රතිඥාවන් හා අවවාදයන් ඔවුන් විශ්වාස නොකරන්නේ නම්, ඒ හැර වෙනත් කවර පුස්තකයක් ඔවුන් විශ්වාස කරන්න ද?
A'raf 7:186
සත්ය වෙත මග පෙන්වීමෙන් තොරව අල්ලාහ් කවරෙකු පහත් කරන්නේ ද එමෙන්ම ඍජු මාර්ගයෙන් නොමග යන්නට අල්ලාහ් කවරෙකුට ඉඩ හරින්නේද, එවිට ඔහු වෙත මග පෙන්වන කිසිදු මාර්ගෝපදේශකයකු ඔහුට නොමැත. ඔවුන්ගේ මුළාවෙහි හා ඔවුන්ගේ ප්රතික්ෂේපයෙහි තටමන්නට ඔහු ඔවුන් අතහැර දමයි. ඔවුහු කිසිවක් වෙත මග පෙන්වනු නොලබති.
A'raf 7:187
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ මුරණ්ඩුකාර බොරු කාරයින් එය කවර වේලාවක සිදු වන්නේ දැයි ද ඒ ගැන දැනුම කවර වේලාවක ලැබෙන්නේ දැයි ද ඔබෙන් විමසති. අහෝ! මුහම්මද්, ඒ ගැන දැනුම මා ළඟ හෝ වෙනත් අය ළඟ නැත. ඒ ගැන දැනුම ඇත්තේ අල්ලාහ් අබියස පමණය. ඒ සඳහා නිර්ණය කර ඇති නිශ්චිත වේලාව අල්ලාහ් හැර වෙනත් කිසිවකු හෙළි කරන්නේ නැත. අහස්හි වෙසෙන්නන්හට හා මහ පොළොවෙහි වෙසෙන්නන්හට එය හෙළි කිරීමේ විෂය සැඟවුණු දෙයකි. නුඹලාට එය එකවර පැමිණෙන්නේ නැත. සැබැවින්ම ඔබ අවසන් හෝරාව පිළිබඳ මැනවින් දන්නෙකු සේ ඔවුහු ඒ ගැන ඔබෙන් විමසති. ඔබේ පරමාධිපති පිළිබඳ ඔබ හොඳින් දන්නා බැවින් ඒ ගැන ඔබ විමසා නොසිටින බව ඔවුහු නොදනිති. "අහෝ! මුහම්මද් අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් අබියස පමණක් ඇති බව ඔවුනට පවසනු. නමුත් ජනයාගෙන් බොහෝ දෙනා ඒ ගැන වටහා ගන්නේ නැත. යැයි ඔවුනට පවසනු."
A'raf 7:188
අහෝ මුහම්මද්! අල්ලාහ් අභිමත කළේ නම් මිස මාගේ ආත්මයට යම් යහපතක් ගෙන එන්නට හෝ එයින් යම් නපුරක් ඉවත් කිරීමට හෝ මම හැකියාව නොදරමි. එය අල්ලාහ් වෙත පැවරෙන කටයුත්තකි. අල්ලාහ් මට ඉගැන් වූ දෑ හැර වෙනත් කිසිවක් මම නොදනිමි. එහෙයින් ගුප්ත දෑ පිළිබඳ මම නොදනිමි. ගුප්ත දෑ පිළිබඳ මම දන්නේ නම් සැබැවින්ම මට යහපත ගෙන දෙන බවට හා මගෙන් අයහපත වළක්වන බවට මා දාන්නා හේතු කාරණා ඉටු කරන්නට තිබුණි. එවන් කරුණු ඇති වීමට පෙර මම දැන ගනිමි. ඒ වෙත ඇදී යන දෑ ද මම දැන ගනිමි. නමුත් මම අල්ලාහ් වෙතින් ආ දූතයකු මිස නැත. ඔහුගේ වේදනීය දඬුවම ගැන බිය ගන්වමි. සැබැවින්ම මම අල්ලාහ්ගෙන් වූ දූතයකු බව විශ්වාස කොට, මා කවර කරුණක් ගෙන ආවේද එය සැබෑවක් ලෙස පිළිගත් පිරිසකට ඔහුගේ ත්යාගශීලී කුසල් ගැන ශුභාරංචි දන්වමි.
A'raf 7:189
අහෝ මිනිසුනි! කාන්තාවනි! එකම ආත්මයකින් එනම් ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් නුඹලා ව බිහි කළේ ඔහුය. පසු ව ඔහු (අල්ලාහ්) ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් ඔහුගේ බිරිය හව්වා තුමිය මැව්වේය. ඇය ඔහුගේ ඉළ ඇටයෙන් මවන ලැබුවාය. ඔහු ඇය වෙත ළං වී ඇය සමග තැන්පත් වූයේය. ස්වාමි පුරුෂයා ඇයගේ බිරිය සමග සංසර්ගයේ නිරත වූ කල්හි ඇයට නොදැනුවත්වම ඇය සැහැල්ලු බරක් ඉසිලුවාය. එය එහි ආරම්භය වූ බැවිණි. ඇයගේ ගර්භිණී භාවය දිගටම පැවතිණ. ඇයගේ අවශ්යතා ඇය ඉටු කළ ද එය ඇයට බරක් නොවීය. ඇයගේ කුස වැඩී විශාල වී බර වැඩි වූ කල්හි බිරිය හා ස්වාමි පුරුෂයා යන දෙදෙනාම ඔවුන් දෙදෙනාගේ පරමාධිපති අමතා, "අපගේ පරමාධිපතියාණනි! ඔබ අපට පූර්ණ මැවීමක් සහිත දැහැමි දරුවකු පිරිනැමුවෙහි නම් සැබැවින්ම ඔබ අප වෙත කළ ආශිර්වාදයට අපි කෘත ගුණ සලකන්නන් අතරට පත් වන්නෙමු" යැයි පවසා සිටියහ.
A'raf 7:190
එහෙත්, අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ප්රාර්ථනාව පිළිගෙන ඔවුන් දෙදෙනා ප්රාර්ථනා කළ පරිදි ම දැහැමි දරුවෙකු ඔවුන් දෙදෙනාට ඔහු පිරිනැමූ කල්හි, අල්ලාහ් ත්යාග වශයෙන් ඔවුන් දෙදෙනාට පිරිනැමූ දෑහි ඔහු සමග හවුල්කරුවන් ද පත් කර ගෙන ඔවුන් දෙදෙනාගේ දරුවා වෙනත් අයකුට නමදින්නට සලස්වා ඔහුට ආරක්ෂකයාගේ ගැත්තා යනුවෙන් නම් තැබූහ. සියලුම හවුල්කරුවන්ගෙන් අල්ලාහ් පිවිතුරුය උත්තරීතරය. ආධිපත්යය හා දේවත්වය ඔහු තනිව ම ක්රියාත්මක කරන්නාය.
A'raf 7:191
නැමදුමෙහි ඔවුහු මෙම පිළිම හා වෙනත් දෑ අල්ලාහ්ට හවුල්කරුවන් බවට පත් කරන්නෙහුද? සැබැවින්ම ඔවුන් කිසිවක් මවා නැති බවත් ඔවුන් නැමදුමට සුදුස්සන් නොවන බවත් ඔවුන් දැන සිටියි. ඒ සියල්ල මවනු ලැබූවන් වෙති. එසේ නම් ඔවුන් අල්ලාහ්ට හවුල්කරුවන් පත් කරනුයේ කෙසේද?
A'raf 7:192
මෙසේ නැමදුම් ලබන්නන්ට ඔවුන් නමදින්නන් හට උදව් කිරීමට හැකියාවක් නැත. තමන්ට පවා උදව් කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. එසේ තිබියදී ඔවුහු ඔවුන් නැමදුම් කරනුයේ කෙසේද?
A'raf 7:193
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් හැර ඔවුන් දෙවිවරුන් ලෙස නමදින මෙම පිළිම වලින් යහමග වෙත ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා කවර දෙයක් ඔවුන්ගෙන් ප්රාර්ථනා කර සිටියේද ඒ සඳහා ඔවුන් නුඹලාට පිළිතුරු නොදෙනු ඇත. නුඹලා පසුපසින් ඔවුන් පැමිණෙන්නේද නැත. ඒවා අබියස නුඹලා ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා නිහඬ ව සිටිය ද එක සමානය. ඒවා හුදු භෞතික වස්තුවක් පමණි. ඒවාට වැටහෙන්නේ ද නැත. ඒවා සවන් දෙන්නේ ද නැත. ඒවා කතා කරන්නේ ද නැත.
A'raf 7:194
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා අල්ලාහ් හැර නමදිමින් සිටි දෑ ඔහුගේ මැවීම් වන්නේය. ඒ සියල්ල ඔහුට යටත්ය. එහිදී ඔවුන් සමග නුඹලා ව සසදා බලන කල ඔවුනට වඩා නුඹලා තත්ත්වයෙන් උසස්ය. නුඹලා ජීවමානය. කතා කරන්නෙහුය. ඇවිදින්නෙහුය. සවන් දෙන්නෙහුය. බලන්නෙහුය. නමුත් නුඹලාගේ පිළිම එලෙස නැත. නුඹලා ඔවුන් සම්බන්ධයෙන් වාද කරන දෑ හී සත්යවාදීහු නම් ඔවුන්ගෙන් නුඹලා ප්රාර්ථනා කර බලනු. නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා!
A'raf 7:195
නුඹලා දෙවිවරුන් ලෙස ගත් එම පිළිම වලට පාද තිබී, එමගින් ඔවුන් ගමන් කර නුඹලාගේ අවශ්යතාවන් ඉටු කර දෙන්නේද? එසේ නැතහොත් ඔවුනට අත් තිබී, එමගින් බලවත් ලෙස නුඹලා ව වළක්වාලන්නේ ද? එසේ නැතහොත් ඔවුනට ඇස් තිබී නුඹලාට ගුප්ත වූ දෑ එතුළින් බලා නුඹලාට තොරතුරු දන්වා සිටින්නේද? එසේ නැතහොත් කන් තිබී, එමගින් නුඹලාට සැගවුණු දෑට සවන් දී එම දැනුම නුඹලාට ගෙන දෙන්නේද? මේ සියල්ල කිරීමට නොහැකි නම් නුඹලාට සෙත සලසනු ඇතැයි හෝ හානිය වළක්වනු ඇතැයි යහපත් අපේක්ෂාවකින් යුතු ව නුඹලා ඒවාට නැමදුම් කරනුයේ කෙසේද? අහෝ දූතය! ආදේශ තබන මොවුනට ඔබ, ‘නුඹලා අල්ලාහ්ට සමාන කළ සමානයින් කැඳවනු. පසු ව මට හානි කරන්නට කුමන්ත්රණය කරනු මට අවකාශය නොදෙනු.’ යැයි පවසනු.
A'raf 7:196
සැබැවින්ම මට උදව් කරන්නා හා මට පිහිටවන්නා මා ආරක්ෂා කරන අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවකු මම අපේක්ෂා නොකරමි. නුඹලාගේ කිසිදු පිළිමයකට මම බිය නොවෙමි. මිනිසාට මග පෙන්වීම සඳහා මා වෙත අල් කුර්ආනය පහළ කළේ ඔහුය. ඔහුගේ ගැත්තන් අතර සිටින දැහැමියන්ගේ භාරකාරත්වය දරන්නේද ඔහුය. එහෙයින් ඔහු ඔවුන් ආරක්ෂා කොට ඔවුනට උපකාර කරනු ඇත.
A'raf 7:197
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා නමදින මෙම පිළිම වනාහි නුඹලාට උදව් කිරීමට ඔවුනට නොහැකිය. ඔවුන් ඔවුන්ටම පවා උදව් කර ගන්නට ශක්තිය නොදරනු ඇත. ඔවුන් හැකියාවන් නොමැත්තන්ය. එසේ නම් අල්ලාහ් හැර දමා ඔවුන්ගෙන් නුඹලා ප්රාර්ථනා කරනුයේ කෙසේද?
A'raf 7:198
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! ස්ථාවරත්වය පතා නුඹලා අල්ලාහ් නොවන, නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම වලට ප්රාර්ථනා කර සිටිය ද නුඹලාගේ ප්රාර්ථනාවට ඔවුන් සවන් දෙන්නේ නැත. නුඹ ඔවුන් දකින්නේ අඹන ලද හැඩරුවක් නුඹ ව මුණ ගැසෙන්නාක් මෙනි. එය පෙනීමක් නැති ද්රව්යමය වස්තුවකි. ඔවුන් ආදම්ගේ දරුවන්ගේ ස්වරූපයෙන් හෝ සතුන්ගේ ස්වරූපයෙන් රූප අඹමින් ඒවා සකස් කර ගත්තෝය. ඔවුනට අත්, පාද හා ඇස් තිබුණ ද ඒවා නිශ්චල වස්තුවක් පමණය. එහි කිසිදු ජීවයක් හෝ චලනයක් හෝ නැත.
A'raf 7:199
අහෝ දූතයිනි! මිනිසුනට ඉවසිය හැකි දෑ ද, ක්රියාවන් හා සදාචාරයන් අතුරින් ඔවුනට පහසු දෑ ද ඔබ ඔවුනට ඉදිරිපත් කරනු. ඔවුන්ගේ සහජ හැකියාවට දැරිය නොහැකි දෑ ඔවුන් මත නොපටවනු. සැබැවින්ම එය ඔවුන් පලවා හරිනු ඇත. සෑම අලංකාර වදනකින්ම අලංකාර ක්රියාවකින්ම ඔවුනට අණ කරනු. අඥානයින් නොසලකා හරිනු. ඔවුන්ගේ අඥානකමත් සමග නුඹ ඔවුන් හමු නොවනු. එහෙයින් කවුරුන් ඔබට හිංසාවක් කළේ ද ඔබ ඔහුට හිංසා නොකරනු. කවරෙකු ඔබට තහනම් කළේ ද ඔබ ඔහුට තහනම් නොකරනු.
A'raf 7:200
අහෝ දූතය! යහපත් ක්රියාවන් සිදු කිරීමෙන් ෂෙයිතාන් ඔබට නපුරු සිතුවිලි හෝ කලකිරීම් ඇති කළ බව ඔබට හැඟුණේ නම්, ඔබ අල්ලාහ් වෙත යොමු වනු. ඔහුගෙන් ආරක්ෂාව පතනු. සැබැවින්ම ඔබ පවසන දෑට ඔහු සවන් දෙන්නාය. ඔබේ ස්ථාවරය ගැන ඔහු මැනවින් දන්නාය. එහෙයින් ඔහු ඔබ ව ෂෙයිතාන්ගෙන් ආරක්ෂා කරනු ඇත.
A'raf 7:201
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නන් වනාහි, ඔවුන්ට ෂෙයිතාන්ගේ කොඳුරීමෙන් නපුරු සිතුවිලි ඇති වී ඔවුන් පාපකම් කළ විට, අල්ලාහ්ගේ මහිමයත්, පාපිෂ්ඨයින්ට හිමි ඔහුගේ දඬුවමත්, අවනතවන්නන්ට හිමි ඔහුගේ කුසලත් මෙනෙහි කරති. ඔවුන් කළ පාපකම් වලින් පාප ක්ෂමාව අයැද ඔවුන්ගේ පරමාධිපති වෙත යොමු වෙති. පසු ව සත්යය මත ඔවුන් ස්ථාවර වූ විට ඔවුන් සිදුකරමින් සිටි දෑ හැඩගස්වා ඒවා අවසන් කරති.
A'raf 7:202
පාපිෂ්ඨ හා දේවත්වය ප්රතික්ෂේප කරන ෂෙයිතාන්ගේ සහෝදරයින් වනාහි, ඔවුනට ෂෙයිතාන් පවකින් පසු තවත් පවක් සිදු කරන්නට සලස්වා මුළාව තව තවත් වැඩි කරනු ඇත. ඔවුන් එයින් වැළකෙන්නේ ද නැත. වැරදි කරවීමෙන් හා මුළාවට පත් කිරීමෙන් ෂෙයිතානුන් ද වැළකෙන්නේ ද නැත. මිනිසුන් අතර සිටින පාපිෂ්ඨයින් ද ඔහුට අවනත වීමෙන් හා නපුරු ක්රියාවන් සිදු කිරීමෙන් වැළකෙන්නේ ද නැත.
A'raf 7:203
අහෝ දූතය! ඔබ වදනක් ගෙන ආ විට ඔවුන් ඔබ ව බොරු කළෝය. එය ප්රතික්ෂේප කළෝය. එමෙන්ම ඔබ ඔවුන් වෙත වදනක් නොගෙනාවේ නම් ඔවුහු, ‘ඔබ විසින්ම පදයක් සකසා නිර්මාණය කළ හැකි නොවේදැ'යි පවසති. අහෝ දූතය! ඔබ ඔවුනට, 'මා විසින්ම පදයක් ගෙන එන්නට මට කිසිදු අයිතියක් නැත. මා වෙත අල්ලාහ් දන්වා සිටින දිව්යමය දෑ හැර වෙනෙකක් මම නොපිළිපදිමි. නුඹලා වෙත මා පාරායනා කර පෙන්වන මෙම අල්-කුර්ආනය අල්ලහ්ගෙන් වූ සාධකයක් හා සාක්ෂියකි. නුඹලාගේ මැවුම්කරු හා නුඹලාගේ කටයුතු සැලසුම් කරන්නා ඔහුය. එමෙන්ම එය ඔහුගේ ගැත්තන් අතුරින් දෙවියන් විශ්වාස කරන්නන්හට මග පෙන්වීමක් හා දයාවකි. දෙවියන් විශ්වාස නොකරන්නන් වනාහි, අන්ත මුළාවට පත් වූ අභාග්යවන්තයින් ඔවුන්මය.
A'raf 7:204
අල් කුර්ආනය පාරායනය කරනු ලබන අවස්ථාවේ අල්ලාහ් නුඹලාට කරුණා කිරීමේ යහපත් අපේක්ෂාවෙන් එම පාරායනයට නුඹලා සවන් දෙනු. කතා නොකරනු වෙනත් දෑ හි නිරත නොවනු.
A'raf 7:205
අහෝ දූතය! නුඹේ පරමාධිපති වූ අල්ලාහ් ව ඉතා බැගෑපත් ව යටහත් පහත් ව, බියෙන් යුතු ව මෙනෙහි කරනු. දහවල ආරම්භයේ හා එහි අවසානයේ පිහිටා ඇති මහිමය නිසාවෙන් එම වේලාවන් හි හඬ උස් කිරීම හා හඬ පහත් කිරීම අතර මධ්යස්ථ හඬක් අනුගමනය කරමින් ඔබේ ප්රාර්ථනාව සකස් කර ගනු. උත්තරීතර අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් නොසැලකිලිමත් වූවන් අතරට නුඹ පත් නොවනු.
A'raf 7:206
සැබැවින්ම නුඹේ පරමාධිපති අබියස සිටින මලක්වරුන් ඔහුට නැමදුම් කිරීමෙන් ඉවත් නොවෙති. ඔවුන් යටහත් පහත් ව එහි නිරත වෙති. එය අතහැර නොදමති. රාත්රියෙහි හා දහවලෙහි අල්ලාහ්ට නුසුදුසු දැයින් ඔවුන් ඔහු ව සුවිශුද්ධ කරති. ඔහුට පමණක් සිරස නමා නමස්කාරය කරති.