Sinhalese Mokhtasar — Enfal 8:1 – Hud 11:123
Contents
- Enfal 8:1
- Enfal 8:2
- Enfal 8:3
- Enfal 8:4
- Enfal 8:5
- Enfal 8:6
- Enfal 8:7
- Enfal 8:8
- Enfal 8:9
- Enfal 8:10
- Enfal 8:11
- Enfal 8:12
- Enfal 8:13
- Enfal 8:14
- Enfal 8:15
- Enfal 8:16
- Enfal 8:17
- Enfal 8:18
- Enfal 8:19
- Enfal 8:20
- Enfal 8:21
- Enfal 8:22
- Enfal 8:23
- Enfal 8:24
- Enfal 8:25
- Enfal 8:26
- Enfal 8:27
- Enfal 8:28
- Enfal 8:29
- Enfal 8:30
- Enfal 8:31
- Enfal 8:32
- Enfal 8:33
- Enfal 8:34
- Enfal 8:35
- Enfal 8:36
- Enfal 8:37
- Enfal 8:38
- Enfal 8:39
- Enfal 8:40
- Enfal 8:41
- Enfal 8:42
- Enfal 8:43
- Enfal 8:44
- Enfal 8:45
- Enfal 8:46
- Enfal 8:47
- Enfal 8:48
- Enfal 8:49
- Enfal 8:50
- Enfal 8:51
- Enfal 8:52
- Enfal 8:53
- Enfal 8:54
- Enfal 8:55
- Enfal 8:56
- Enfal 8:57
- Enfal 8:58
- Enfal 8:59
- Enfal 8:60
- Enfal 8:61
- Enfal 8:62
- Enfal 8:63
- Enfal 8:64
- Enfal 8:65
- Enfal 8:66
- Enfal 8:67
- Enfal 8:68
- Enfal 8:69
- Enfal 8:70
- Enfal 8:71
- Enfal 8:72
- Enfal 8:73
- Enfal 8:74
- Enfal 8:75
- Tevbe 9:1
- Tevbe 9:2
- Tevbe 9:3
- Tevbe 9:4
- Tevbe 9:5
- Tevbe 9:6
- Tevbe 9:7
- Tevbe 9:8
- Tevbe 9:9
- Tevbe 9:10
- Tevbe 9:11
- Tevbe 9:12
- Tevbe 9:13
- Tevbe 9:14
- Tevbe 9:15
- Tevbe 9:16
- Tevbe 9:17
- Tevbe 9:18
- Tevbe 9:19
- Tevbe 9:20
- Tevbe 9:21
- Tevbe 9:22
- Tevbe 9:23
- Tevbe 9:24
- Tevbe 9:25
- Tevbe 9:26
- Tevbe 9:27
- Tevbe 9:28
- Tevbe 9:29
- Tevbe 9:30
- Tevbe 9:31
- Tevbe 9:32
- Tevbe 9:33
- Tevbe 9:34
- Tevbe 9:35
- Tevbe 9:36
- Tevbe 9:37
- Tevbe 9:38
- Tevbe 9:39
- Tevbe 9:40
- Tevbe 9:41
- Tevbe 9:42
- Tevbe 9:43
- Tevbe 9:44
- Tevbe 9:45
- Tevbe 9:46
- Tevbe 9:47
- Tevbe 9:48
- Tevbe 9:49
- Tevbe 9:50
- Tevbe 9:51
- Tevbe 9:52
- Tevbe 9:53
- Tevbe 9:54
- Tevbe 9:55
- Tevbe 9:56
- Tevbe 9:57
- Tevbe 9:58
- Tevbe 9:59
- Tevbe 9:60
- Tevbe 9:61
- Tevbe 9:62
- Tevbe 9:63
- Tevbe 9:64
- Tevbe 9:65
- Tevbe 9:66
- Tevbe 9:67
- Tevbe 9:68
- Tevbe 9:69
- Tevbe 9:70
- Tevbe 9:71
- Tevbe 9:72
- Tevbe 9:73
- Tevbe 9:74
- Tevbe 9:75
- Tevbe 9:76
- Tevbe 9:77
- Tevbe 9:78
- Tevbe 9:79
- Tevbe 9:80
- Tevbe 9:81
- Tevbe 9:82
- Tevbe 9:83
- Tevbe 9:84
- Tevbe 9:85
- Tevbe 9:86
- Tevbe 9:87
- Tevbe 9:88
- Tevbe 9:89
- Tevbe 9:90
- Tevbe 9:91
- Tevbe 9:92
- Tevbe 9:93
- Tevbe 9:94
- Tevbe 9:95
- Tevbe 9:96
- Tevbe 9:97
- Tevbe 9:98
- Tevbe 9:99
- Tevbe 9:100
- Tevbe 9:101
- Tevbe 9:102
- Tevbe 9:103
- Tevbe 9:104
- Tevbe 9:105
- Tevbe 9:106
- Tevbe 9:107
- Tevbe 9:108
- Tevbe 9:109
- Tevbe 9:110
- Tevbe 9:111
- Tevbe 9:112
- Tevbe 9:113
- Tevbe 9:114
- Tevbe 9:115
- Tevbe 9:116
- Tevbe 9:117
- Tevbe 9:118
- Tevbe 9:119
- Tevbe 9:120
- Tevbe 9:121
- Tevbe 9:122
- Tevbe 9:123
- Tevbe 9:124
- Tevbe 9:125
- Tevbe 9:126
- Tevbe 9:127
- Tevbe 9:128
- Tevbe 9:129
- Yunus 10:1
- Yunus 10:2
- Yunus 10:3
- Yunus 10:4
- Yunus 10:5
- Yunus 10:6
- Yunus 10:7
- Yunus 10:8
- Yunus 10:9
- Yunus 10:10
- Yunus 10:11
- Yunus 10:12
- Yunus 10:13
- Yunus 10:14
- Yunus 10:15
- Yunus 10:16
- Yunus 10:17
- Yunus 10:18
- Yunus 10:19
- Yunus 10:20
- Yunus 10:21
- Yunus 10:22
- Yunus 10:23
- Yunus 10:24
- Yunus 10:25
- Yunus 10:26
- Yunus 10:27
- Yunus 10:28
- Yunus 10:29
- Yunus 10:30
- Yunus 10:31
- Yunus 10:32
- Yunus 10:33
- Yunus 10:34
- Yunus 10:35
- Yunus 10:36
- Yunus 10:37
- Yunus 10:38
- Yunus 10:39
- Yunus 10:40
- Yunus 10:41
- Yunus 10:42
- Yunus 10:43
- Yunus 10:44
- Yunus 10:45
- Yunus 10:46
- Yunus 10:47
- Yunus 10:48
- Yunus 10:49
- Yunus 10:50
- Yunus 10:51
- Yunus 10:52
- Yunus 10:53
- Yunus 10:54
- Yunus 10:55
- Yunus 10:56
- Yunus 10:57
- Yunus 10:58
- Yunus 10:59
- Yunus 10:60
- Yunus 10:61
- Yunus 10:62
- Yunus 10:63
- Yunus 10:64
- Yunus 10:65
- Yunus 10:66
- Yunus 10:67
- Yunus 10:68
- Yunus 10:69
- Yunus 10:70
- Yunus 10:71
- Yunus 10:72
- Yunus 10:73
- Yunus 10:74
- Yunus 10:75
- Yunus 10:76
- Yunus 10:77
- Yunus 10:78
- Yunus 10:79
- Yunus 10:80
- Yunus 10:81
- Yunus 10:82
- Yunus 10:83
- Yunus 10:84
- Yunus 10:85
- Yunus 10:86
- Yunus 10:87
- Yunus 10:88
- Yunus 10:89
- Yunus 10:90
- Yunus 10:91
- Yunus 10:92
- Yunus 10:93
- Yunus 10:94
- Yunus 10:95
- Yunus 10:96
- Yunus 10:97
- Yunus 10:98
- Yunus 10:99
- Yunus 10:100
- Yunus 10:101
- Yunus 10:102
- Yunus 10:103
- Yunus 10:104
- Yunus 10:105
- Yunus 10:106
- Yunus 10:107
- Yunus 10:108
- Yunus 10:109
- Hud 11:1
- Hud 11:2
- Hud 11:3
- Hud 11:4
- Hud 11:5
- Hud 11:6
- Hud 11:7
- Hud 11:8
- Hud 11:9
- Hud 11:10
- Hud 11:11
- Hud 11:12
- Hud 11:13
- Hud 11:14
- Hud 11:15
- Hud 11:16
- Hud 11:17
- Hud 11:18
- Hud 11:19
- Hud 11:20
- Hud 11:21
- Hud 11:22
- Hud 11:23
- Hud 11:24
- Hud 11:25
- Hud 11:26
- Hud 11:27
- Hud 11:28
- Hud 11:29
- Hud 11:30
- Hud 11:31
- Hud 11:32
- Hud 11:33
- Hud 11:34
- Hud 11:35
- Hud 11:36
- Hud 11:37
- Hud 11:38
- Hud 11:39
- Hud 11:40
- Hud 11:41
- Hud 11:42
- Hud 11:43
- Hud 11:44
- Hud 11:45
- Hud 11:46
- Hud 11:47
- Hud 11:48
- Hud 11:49
- Hud 11:50
- Hud 11:51
- Hud 11:52
- Hud 11:53
- Hud 11:54
- Hud 11:55
- Hud 11:56
- Hud 11:57
- Hud 11:58
- Hud 11:59
- Hud 11:60
- Hud 11:61
- Hud 11:62
- Hud 11:63
- Hud 11:64
- Hud 11:65
- Hud 11:66
- Hud 11:67
- Hud 11:68
- Hud 11:69
- Hud 11:70
- Hud 11:71
- Hud 11:72
- Hud 11:73
- Hud 11:74
- Hud 11:75
- Hud 11:76
- Hud 11:77
- Hud 11:78
- Hud 11:79
- Hud 11:80
- Hud 11:81
- Hud 11:82
- Hud 11:83
- Hud 11:84
- Hud 11:85
- Hud 11:86
- Hud 11:87
- Hud 11:88
- Hud 11:89
- Hud 11:90
- Hud 11:91
- Hud 11:92
- Hud 11:93
- Hud 11:94
- Hud 11:95
- Hud 11:96
- Hud 11:97
- Hud 11:98
- Hud 11:99
- Hud 11:100
- Hud 11:101
- Hud 11:102
- Hud 11:103
- Hud 11:104
- Hud 11:105
- Hud 11:106
- Hud 11:107
- Hud 11:108
- Hud 11:109
- Hud 11:110
- Hud 11:111
- Hud 11:112
- Hud 11:113
- Hud 11:114
- Hud 11:115
- Hud 11:116
- Hud 11:117
- Hud 11:118
- Hud 11:119
- Hud 11:120
- Hud 11:121
- Hud 11:122
- Hud 11:123
Enfal 8:1
අහෝ දූතය! ඔබේ සගයින් යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව පිළිබඳවත්, එය ඔබ බෙදන ආකාරය පිළිබඳවත්, එම කොටස් හිමි විය යුතු අය පිළිබඳවත්, විමසති. අහෝ දූතය! ඔවුන්ගේ ප්රශ්නයට පිළිතුරු වශයෙන්, 'යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හා එය බෙදා දීමේදී, ඒ ගැන තින්දු තීරණ ගැනීමේ අයිතිය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. නුඹලාගේ යුතුකම වනුයේ එයට යටත් වී ඒ අනුව කටයුතු කිරීමය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! එහෙයින් නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. නුඹලා අතර පවතින බෙදීම් හා කුමන්ත්රණ පසෙක ලා සෙනෙහසින්, බැඳියාවෙන්, යහපත් ගතිගුණ හා සමාව දීමෙන් ඒවා විධිමත් කර ගනු. නුඹලා සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කරන්නෙහු නම් අල්ලාහ්ට අවනත වීමත්, ඔහුගේ දූතයාණන්ට අවනත වීමත් තදින්ම පිළිපදිනු. සැබැවින්ම දේව විශ්වාසය,අවනතවීම හා පාපයෙන් දුරස්වීම අවදි කරන්නේය. මෙම ප්රශ්නය විමසනු ලැබුවේ බද්ර් සටනින් පසුවය.
Enfal 8:2
සැබැවින්ම සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කරන්නන් වනාහි පිවිතුරු අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් භීතියට පත් වෙයි. ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ ශරීර අවනත වීම සඳහා බැඳී පවතියි. අල්ලාහ්ගේ වදන් ඔවුන් වෙත සම්බන්ධ කරනු ලැබූ විට ඒ පිළිබඳ ඔවුන් පරිශීලනය කරති. එවිට විශ්වාසයෙන් ඔවුන්ගේ විශ්වාසය තව තවත් වර්ධනය වෙයි. ඔවුනට යහපත සලසා ගැනීමෙහි හා අයහපතින් වළක්වා ගැනීමෙහි ඔවුන් ඔවුන්ගේ පරමාධිපති මත පමණක් යැපෙති.
Enfal 8:3
ඔවුන් වනාහි, සලාතය එහි නියමිත වේලාවන්හි නියමිත පූර්ණ ස්වරූපයෙන් අඛණ්ඩ ව ඉටු කරන්නන් හා අප ඔවුනට පෝෂණය කළ දැයින් අවශ්ය වියදම් හා සතුටු දායක වියදම් නිකුත් කරන්නන් වෙති.
Enfal 8:4
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබුවෝ මුඃමින්වරුන් හෙවත් සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නෝ වෙති. එය ඔවුන් දේව විශ්වාසයේ කරුණු හා ඉස්ලාමයේ බාහිර කරුණු යන දෙක එකට සම්බන්ධ කළ බැවිණි. ඔවුන්ගේ ප්රතිඵල වශයෙන් ඔවුන්ගේ පරමාධිපති අබියය ඔවුනට උසස් නිලතල ඇත. එමෙන්ම ඔවුන්ගේ පාපකම් වලට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත. ඒවා අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති සැප පහසුකම් වෙති.
Enfal 8:5
යුද බිමේ සතුරා විසින් හැර ගිය වස්තුව පිළිබඳ නුඹලා ගැටලු ඇති කර ගෙන, ඒවා බෙදීම සම්බන්ධ ව ද මතභේද ඇති කර ගත් පසු ව, එහි කොටස නුඹලාගෙන් ඉවත් කොට අල්ලාහ් ඔහු වෙත හා ඔහුගේ දූතයාණන් වෙත පවරාගත්තේය. අහෝ දූතය! එලෙසම දෙවියන්ට ආදේශ තබන්නන් හමු වීම සඳහා මදීනාවෙන් පිටත් ව යෑම පිළිබඳ දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් පිරිසක් පිළිකුල් කළ ද ඒ සඳහා පිටත් ව යන මෙන් ඔබේ පරමාධිපති ඔබට නියෝග කළේය.
Enfal 8:6
ආදේශ තබන්නන් සමග යුද්ධයක් ඇති වන බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, එම විෂයයෙහි දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටි පිරිස නුඹ සමග වාද කරති. එය ඔවුනට මරණය සඳහා ඇදගෙන යනු ලැබ එය ඔවුන්ගේ ඇස් පනාපිට බලන්නාක් මෙන් විය. යුද්ධය සඳහා බැහැර වීමට ඔවුන් දැඩි ලෙස පිළිකුල් කළේ එබැවිණි. එමෙන්ම ඒ සඳහා එහි ත්යාග නොලැබීමත් ඔවුනට දුන් පොරොන්දු ඉටු කර ගත නොහැකි වීමත් එයට හේතු විය.
Enfal 8:7
අහෝ තර්ක කරන දේව විශ්වාස කරන්නනි! සැබැවින්ම නුඹලාට දේව ආදේශකයින්ගේ දෙපිරිසෙන් එක් පිරිසකගෙන් නුඹලා ජය ලබනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් අවස්ථාව මෙනෙහි කර බලනු. එනම් ඔටුවන් හා උන් ප්රවාහනය කළ භාණ්ඩය, සතුරා විසින් අතහැර ගිය භාණ්ඩ ලෙස නුඹලා ඒවා ගත්තෙහුය. අනෙක පුද්ගලයින් හා බැඳුණු පිරිසයි. නුඹලා ඔවුන් සමග යුද වැදී ඔවුනට එරෙහි ව ජය ලබා ගත යුතුව ඇත. කිසිදු යුද්ධයකින් තොරව පහසුවෙන් එම ඔටුවන් අල්ලා ගත හැකි වීමෙන් ජය ලැබීම ගැන නුඹලා සතුටු වන්නෙහුය. එමෙන්ම අල්ලාහ් යුද්ධ කිරීම නුඹලාට නියෝග කරමින් සත්ය තහවුරු කිරීමට අපේක්ෂා කරයි. එය නුඹලා දෙවියන්ට ආදේශ කරන භට පිරිස් සමග සටන් වැද ඉස්ලාමයේ බලය විද්යාමාන වන අයුරින් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සිරගත කිරීමෙනි.
Enfal 8:8
ඉස්ලාමය හා එහි වැසියන් ප්රසිද්ධ කරවා අල්ලාහ් සත්යය තහවුරු කිරීමටත් එනම් එය සැබෑ ලෙස දිවි පිදූවන් ප්රසිද්ධියට පත් කිරීමෙනි. එමෙන්ම ව්යාජය ව්යාජ බව තහවුරු කරන සාධක හෙළිකරමින් එය නිෂ්ඵල කිරීමටත් ඔහු අපේක්ෂා කරයි. දෙවියන්ට ආදේශ තබන්නන් එය පිළිකුල් කළ ද අල්ලාහ් එය හෙළි කරනු ඇත.
Enfal 8:9
බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව ජය පතා නුඹලා අල්ලාහ්ගෙන් උදව් පැතූ අවස්ථාව මෙනෙහි කරනු. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! එවිට අල්ලාහ් මලක්වරුන් දහසක් දෙනෙකු ඇතැමෙකු ඇතැමෙකුට පර ව පෙළ ගස්වා නුඹලාට උදව් කරුවන් වශයෙන් එවා නුඹලාගේ සේනාව ශක්තිමත් කිරීමෙන් අල්ලාහ් නුඹලාට පිළිතුරු දුන්නේය.
Enfal 8:10
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! අල්ලාහ් නුඹලාට මලක්වරුන් සැපයූවේ නුඹලාට ශුභාරංචියක් වශයෙනි. එය නුඹලාගේ සතුරන්ට එරෙහි ව නුඹලා ජය ලබන්නටත් ජයග්රහණය පිළිබඳ විශ්වාසය ඇති කර, නුඹලාගේ හදවත් සැනසීමට පත් කිරීමටත්ය. සංඛ්යාවේ අධිකත්වය මුල් කර ගෙන ජය පිහිටන්නේ නැත. සැබැවින්ම ජය ලැබෙනුයේ අල්ලාහ් අබියසිනි. සැබැවින්ම අල්ලාහ් තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු ඔහු අභිබවා යන්නේ නැත. ආගමික නීති පැනවීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Enfal 8:11
දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා ව කිලිටෙන් පිරිසිදු කරනු පිණිසත්, ෂෙය්තාන්ගේ නපුරු සිතුවිලි නුඹලාගෙන් ඉවත් කරනු පිණිසත්, නුඹලා සතුරන් හමුවන අවස්ථාවේ නුඹලාගේ සිත් ප්රබෝධමත් කොට නුඹලාගේ ශරීරයට නැවුම් බව ඇති කරනු පිණිසත්, වැලි පොළොව මත නුඹලාගේ පාද තබන විට එහි නොසැලී ස්ථාවර තැබීමට පාද ශක්තිමත් කරනු පිණිසත්, නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාට අත් වූ බියෙන් නුඹලා අභයදායී වනු පිණිසත් අල්ලාහ් නුඹලා වෙත මද නින්ද ඇති කොට නුඹලා වෙත අහසින් වාර්ෂාව පහළ කළ අවස්ථාව මෙනෙහි කරනු.
Enfal 8:12
අහෝ නබිවරය! බද්ර් සටනෙහි දෙවියන් විශ්වාස කරන්නන් වෙත අල්ලාහ් සැපයූ මලක්වරුන් හට නුඹේ පරමාධිපති දිව්යමය පණිවිඩ එවූ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔහු, අහෝ මලක්වරුනි! ජය හා ස්ථාවරත්වය පිරිනැමීමෙහි සැබැවින්ම මම නුඹලා සමග වෙමි. එහෙයින් දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සතුරන් සමග සටන් කිරීමේදී ඔවුන්ගේ දැඩි විශ්වාසය බලවත් කරනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ හදවත් තුළ දැඩි බිය මම හෙළමි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! යුද පිටියේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මැරී වැටෙන්නට ඔවුන්ගේ බෙලි කපා දමනු. නුඹලා සමග ඔවුන් නැවත යුද නොවදින පරිදි ඔවුන්ගේ අස්ථි හා ඔවුන්ගේ ඉලපත් වලට පහර දෙනු.
Enfal 8:13
දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කිරීම" ඔවුන්ගේ ශරීරයට පහර දීම යනාදී සිදුවීම් සිදු වූයේ සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූ බැවිණි. ඔවුනට අණ කරනු ලැබූ පරිදි ඔවුන් පාලනය නොකළෝය. ඔවුන් වළක්වනු ලැබූ දැයින් වැළකී නොසිටියෝය. කවරෙකු එම විෂයයෙහි අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව කටයුතු කරන්නේද එවිට සැබැවින්ම අල්ලාහ් ඔහු ඝාතනයට ලක් කරමින් හෝ සිරගත කරමින් මෙලොවෙහි දැඩි දඬුවමට ලක් කරන අතර මතු ලොවෙහි නිරා ගින්නෙන් දඬුවම් කරනු ඇත.
Enfal 8:14
අහෝ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට එරෙහි ව කටයුතු කරන්නනි! සඳහන් කරන ලද එම දඬුවම් නුඹලාට සතුය. එහෙයින් මෙලොව ජීවිතයේ කල් ඇති ව ලබා දෙන්නක් වශයෙන් නුඹලා එය විඳිනු. එමෙන්ම නුඹලා ප්රතික්ෂේපයේ හා මුරණ්ඩුකමේ සිටියදීම නුඹලා මිය ගියේ නම් නුඹලාට නිරා ගින්නේ දඬුවම මතු ලොවෙහි ඇත.
Enfal 8:15
අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! යුද බිමේ දෙවියන් ආදේශ කරන්නන් ඉතා කිට්ටුවෙන් මුහුණට මුහුණ මුණ ගැසුණේ නම් නුඹලා ඔවුනට බියෙන් ඔවුන්ගෙන් හැරී පෙරළා නැවත නොඑනු. ඔවුන් ඉදිරියේ ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ හමු ව නුඹලා දරා ගනු. ජය හා ස්ථාවරත්ය සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලා සමග සිටියි.
Enfal 8:16
යුද උපක්රමයක් ලෙස තමන් පසුබසින බව ඔවුනට පෙන්වා නැවත ඔවුන් වෙත හැරී ඒමේ බලාපොරොත්තුවෙන් හෝ මුස්ලිම් සේනාවකට එකතු වී ඔවුනට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් තොරව කවරෙකු ඔවුන්ගෙන් පෙරළා පලා යන්නේද ඔවුන් එසේ හැරී එනුයේ අල්ලාහ්ගේ කෝපය සහිතවය. එය ඔවුනට හිමි වනු ඇත. මතු ලොවෙහි ඔහුගේ නවාතැන නිරයයි. ඔහු එසේ යන තැන ඉතා නපුරුය. එසේ ඔහු පෙරළා යන ස්ථානය ද නපුරුය.
Enfal 8:17
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා බද්ර් දිනයේ දෙවියන්ට ආදේශ කරන්නන් සමග සටන් කළේ, නුඹලාගේ හැකියාවෙන් හෝ නුඹලාගේ ශක්තියෙන් නොවේ. ඒ සඳහා නුඹලාට උපකාර කළේ අල්ලාහ්ය. අහෝ නබි වරය! දෙවියන්ට ආදේශ කරන්නන්හට නුඹ විසි කළ ද එය ඔවුන් වෙත එල්ලවීමට සැලැස්සුවේ අල්ලාහ්ය. ඔබ පිරිසෙන් අඩු සංඛ්යාවක් සහිත ව සිටියදී සතුරන්ට නිරාවරණය කරවා ඔහු ඔවුනට ආශිර්වාද කිරීම තුළින් දෙවියන් විශ්වාස කරන්නන් පරීක්ෂාවට ලක් කළේ ඔවුහු, ඔහුට කෘතඥ වනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ප්රාර්ථනාවන් හා නුඹලාගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. අල්ලාහ් නුඹලාගේ ක්රියාවන් හා නුඹලාට එහි ඇති යහපත පිළිබඳ මැනවින් දන්නාය.
Enfal 8:18
යුද පිටියේ දෙවියන්ට ආදේශ තබන සතුරු පිරිස මරා දැමීම, ඔවුන් පරාජයට පත් ව පලා යන තෙක් ඔවුනට පහර දීම, දෙවියන් විශ්වාස කරන්නන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන් නිරාවරණය කොට ආශිර්වාද කිරීම යනාදී වශයෙන් සඳහන් කරන ලැබූ ඒ සියල්ල අල්ලාහ් වෙතින් හිමි වූ දෑ ය. ඉස්ලාමයට එරෙහි ව කුමන්ත්රණය කරන දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ අල්ලාහ් අඩපණ කරනු ඇත.
Enfal 8:19
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සීමාව ඉක්මවා යන අපරාධකරුවන් හට අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ ව්යසනය අත් විය යුතු යැයි නුඹලා ඉල්ලා සිටින්නෙහු නම් නුඹලා පතන දෑ අල්ලාහ් නුඹලාට පහළ කරනු ඇත. එය නුඹලාට දඬුවමක් වන සේ හා දේව භක්තිකයින් හට පාඩමක් වන සේ පිහිටයි. එසේ පැතීමෙන් නුඹලා වැළකී සිටියෙහු නම් එය නුඹලාට යහපතක් වන්නේය. ඇතැම් විට නුඹලාට ප්රමාණවත් කාලයක් ලබා දී නුඹලාගෙන් පළි ගැනීම ඔහු ඉක්මන් නොකරනු ඇත. නමුත් නුඹලා එය ඉල්ලා සිටිමින් දේව විශ්වාස කරන්නන් සමග යුද වදින්නට සූදානම් වන්නෙහු නම්, නුඹලාට එරෙහි ව දඬුවම පහළ කොට දෙවියන් විශ්වාස කරන්නන්හට උපකාර කරන්නට අපි සූදානම් ව සිටින්නෙමු. දෙවියන් විශ්වාස කරන්නන්ගේ සංඛ්යාව අඩු වී, නුඹලාගේ සේනාවේ හෝ නුඹලාගේ සහයට පැමිණි උදව් කරුවන් සංඛ්යාවෙන් අධික වුව ද ඉන් කිසිදු ප්රයෝජනයක් නුඹලාට අත් නොවන්නේය. සැබැවින්ම අල්ලාහ් උදව් කිරීමෙහි හා ස්ථාවර කිරීමෙහි ඔහු ව විශ්වාස කළ අය සමග සිටියි. අල්ලාහ් කවරෙකු සමග සිටින්නේද ඔහු අබිබවා යන්නට කිසිවකු නැත.
Enfal 8:20
අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම ඔහුගේ දූතයාණන්ටත් අවනත වනු. නුඹලා වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට නුඹලා සවන් දෙමින් සිටිය දී ඔහු නියෝග කළ දෑ පිටු දකිමින් හා ඔහු තහනම් කළ දෑ ගෙන එමින් ඔහුට පිටු නොපානු.
Enfal 8:21
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! අල් කුර්ආනය කියවා පෙන්වනු ලබන විට එය උපදෙසක් වන පරිදි හෝ ඒ ගැන පරිශීලනය කරන පරිදි සවන් නොදී, "අප වෙත කියවා පෙන්වන ලද දෑ අපගේ කන් වලින් අපි ඇසුවෙමු" යැයි පවසා තමන් සවන් දුන් දැයින් ප්රයෝජන නොලැබූ කුහකයින් හා දේව ආදේශකයින් මෙන් නුඹලා නොවනු.
Enfal 8:22
අල්ලාහ් අබියස පොළව මතු පිට සැරිසරන මැවීම් අතුරින් වඩාත් නපුරුතම අය වනුයේ සත්යය පිළිගන්නා අයුරින් එයට සවන් නොදෙන, බිහිරන් හා ඒ ගැන කතා නොකරන ගොළුවන්ය. අල්ලාහ්ගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ ඔහුගෙන් ග්රහණය නොකරන්නෝ ඔවුහුමය.
Enfal 8:23
දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින් වෙත යම් යහපතක් ඇති බව අල්ලාහ් දන්නේ නම් ඔවුනට ප්රයෝජනවත් වන සේ සවන් දෙන්නටත්, ඔහු අබියස තිබෙන සාක්ෂි හා සාධක ඔවුන් වටහා ගන්නටත් හැකි වන සේ අල්ලාහ් ඔවුන් පත් කරනු ඇත. නමුත් ඔවුන් තුළ යහපතක් නොමැති බව ඔහු දන්නේය.-අනිවාර්යය කිරීමෙන් හා නිර්ණය කිරීමෙන් - අල්ලාහ් ඔවුනට සවන් දෙන්නට සැලැස්වූයේ නම් ඔවුන් මුරණ්ඩුකමින් දේව විශ්වාස පිටුපා එයින් පලා යනු ඇත.
Enfal 8:24
අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! නුඹලාගේ ජීවිත රඳා පවතින සත්යය වෙත නුඹලා ව ඇරයුම් කරන විට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නියෝග කර ඇති දෑ හා වළක්වා ඇති දෑ අනුව ක්රියා කරමින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට නුඹලා පිළිතුරු දෙනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරී යැයි විශ්වාස කරනු. සත්යයට අවනත වීම නුඹලා ප්රතික්ෂේප කළ පසු ව, නැවතත් නුඹලා එය අපේක්ෂා කරන විට නුඹලා අතර හා එය අතර පෙරළන්නට අල්ලාහ් ශක්තිය ඇත්තාය. එහෙයින් ඒ වෙත යුහුසුලු වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ව එක්රැස් කරනු ලබන බව තරයේ විශ්වාස කරනු. නුඹලා මෙලොවෙහි කළ ක්රියාවන් සඳහා නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
Enfal 8:25
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර සිටින පාපිෂ්ඨයාට පමණක් අත් නොවන දඬුවම පිළිබඳ නුඹලා ප්රවේශම් වනු. එය අපරාධයක් හෙළි වූ විට එය නොවළක්වන අවස්ථාවක ඇතිවන්නකි. අල්ලාහ්ට පිටුපාන්නන්හට ඔහු දඬුවම් දීමෙහි ඉතා බලවත් බව විශ්වාස කරනු. එහෙයින් ඔහුට පාපකම් කිරීමෙන් වැළකී සිටිනු.
Enfal 8:26
අහෝ විශ්වාස කළවුනි! නුඹලා මක්කාවෙහි ස්වල්ප පිරිසක් ලෙස සිටිය දී එහි වැසියන් නුඹලා ව දුර්වලයින් බවට පත් කොට නුඹලා මත බලය යෙදවූහ. නුඹලාගේ සතුරන් නුඹලාට ඉක්මණින්ම අල්ලා ගනු ඇතැයි නුඹලා බිය වූහ. එවිට නුඹලා ආරක්ෂාව පතා යන ස්ථානයක් වෙත අල්ලාහ් නුඹලා ව සේන්දු කළේය. එය මදීනාවයි. යුදමය අවස්ථාවන්හි නුඹලාගේ සතුරන්ට එරෙහි ව නුඹලාට ජය ලබා දෙමින් නුඹලා ව බලවත් බවට පත් කළේය. බද්ර් යුද්ධයත් ඉන් එකකි. පිවිතුරු දැයින් ඔහු නුඹලාට පෝෂණය කළේය. නුඹලාගේ සතුරන්ගෙන් ආරක්ෂා කර ඔවුන් අතහැර දමා ගිය වස්තු සියල්ලම නුඹලාට හිමි විය. අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. එවිට ඔහු නුඹලාට එහි සමෘද්ධිය ඇති කරයි. නුඹලා එයට ගුණමකු නොවනු. එවිට නුඹලාගෙන් එය ඩැහැ ගෙන නුඹලාට දඬුවම් පිරිනමනු ඇත.
Enfal 8:27
අහෝ අල්ලාහ් ව විශ්වාස කර ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! නියෝග පිළිපැදීම අතහැර දමමින් හා තහනම් කළ දැයින් වැළකී නොසිටීමෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් රවටන්නට උත්සාහ නොකරනු. එමෙන්ම ඔබ වෙත පවරන ලද ආගමික හා වෙනත් කටයුතු අතපසු කරමින් ඔවුන් රවටන්නට උත්සාහ නොකරනු. සැබැවින්ම එසේ සිදු කිරීම වංචාවක් බව නුඹලා මැනවින් දන්නෙහුය. එවිට නුඹලා රවටනු ලැබූවන් බවට පත් වනු ඇත.
Enfal 8:28
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ගෙන් වූ පරීක්ෂණයකි. විභාගයකි. මතු ලොව වෙනුවෙන් කරන ක්රියාකාරකම් වලින් ඒවා නුඹලා ව වළක්වනු ඇත. ඒවා නුඹලා රවටා දමනු ඇත. සැබැවින්ම අල්ලාහ් අභියස මහත් කුසල් ඇති බව දැන ගනු. නුඹලාගේ දරුවන් හා නුඹලාගේ සම්පත් හේතුවෙන් ඒවාට මුළා වී ඒවා වෙත පමණක් නුඹලාගේ අවධානය යොමු කිරීමෙන් නුඹලාට හිමි වන මෙම කුසල් නුඹලා අහිමි කර නොගනු.
Enfal 8:29
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව පිළිපදින්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක්වූ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරන්නේ නම් සත්ය හා අසත්ය අතර වෙන් කර ගත හැකි මාර්ගය ඔහු නුඹලාට පාදා දෙනු ඇත. එවිට ඒ දෙක නුඹලාට පැටලවෙන්නේ නැත. නුඹලා සිදු කරමින් සිටි පාපකම් නුඹලාගෙන් ඉවත් කරනු ඇත. නුඹලාගේ පාපකම් වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් ඉමහත් භාග්ය සම්පන්නය. ඔහුගේ ඉමහත් භාග්යයන් අතුරින් එකක් වනුයේ බැතියෙන් යුතු ව කටයුතු කරන ඔහුගේ ගැත්තන්හට සූදානම් කර ඇති ස්වර්ග උයනයි.
Enfal 8:30
අහෝ දූතය! ඔබව හසු කර ගැනීමට හෝ ඔබ ව ඝාතනය කිරීමට හෝ ඔබේ නගරයෙන් වෙනත් නගරයකට ඔබ ව පිටුවහල් කිරීමට කුමන්ත්රණය කරනු පිණිස දෙවියන්ට ආදේශ තබන්නන් නුඹ වෙන හැරුණු අවස්ථාව ගැන මෙනෙහි කරනු. ඔවුහු නුඹට කුමන්ත්රණය කරති. ඔවුන්ගේ කුමන්ත්රණය ඔවුනටම එරෙහි ව පිහිටුවීමට අල්ලාහ් කටයුතු කළේය. ඔහු ද උපාය මාර්ග සැලසුම් කළ අතර එසේ සැලසුම් කරන්නන්ගෙන් ඔහු අති ශ්රේෂ්ඨය.
Enfal 8:31
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට සත්ය පිළිගැනීමට මුරණ්ඩු වෙමින් හා උඩඟුකම් වෙමින්, ‘මීට පෙරත් අපි මොවැනිම දෑ ට සවන් දී ඇත්තෙමු. මෙම කුර්ආනය හා සමාන ප්රකාශයක් අපි අභිමත කළේ නම් එය අපි පවසන්නෙමු. අපි සවන් දුන් මෙම කුර්ආනය පැරැන්නන්ගේ ප්රබන්ධයන් මිස නැත එහෙයින් අපි එය කිසිසේත් විශ්වාස නොකරන්නෙමු.
Enfal 8:32
‘අහෝ දෙවියනි! මුහම්මද් ගෙන ආ දෑ සැබෑවක් නම් අප විනාශ කර දමන ගල් වර්ෂාවක් අහසින් අප මත හෙළනු. එසේ නැතහොත් අප වෙත දැඩි දඬුවම් පමුණුවනු’ යැයි දෙවියන්ට ආදේශ තබන්නන් පවසා සිටි අවස්ථාව අහෝ දූතය! ඔබ මෙනෙහි කර බලනු. ඔවුන් එසේ පවසා සිටියේ ප්රතික්ෂේපයේ හා පිටුපෑමෙහි සීමාව ඉක්මවා යමිනි.
Enfal 8:33
අහෝ මුහම්මද්! ඔබේ සමූහයා (ඔවුන් ප්රතිචාර දක්වන සමූහයක් වුව ද ඇරයුම් කරන සමූහයක් වුවද එක සමානය) අතර ඔබ ජීවත් ව සිට ඔබ ව ඔවුන් දඬුවමින් ආරක්ෂාවක් ලෙස සලකන තත්ත්වයේ ඔවුනට ඇති වන දඬුවමකින් දඬුවම් කිරීමට අල්ලාහ්ට නොවීය. ඔවුන්ගේ පාපකම් වලට ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයදිමින් සිටිය දී අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නෙකු නොවීය.
Enfal 8:34
මස්ජිදුල් හරාම් දේවස්ථානයේ ජනයා සලාතය ඉටු කිරීමෙන් හා එහි තවාෆ් කිරීමෙන් වැළැක්වීම හේතුවෙන් ඔවුන් දඬුවම අනිවාර්යය කරන තරමින් පාපයන් කරමින් සිටියදී ඔවුනට අත්වන දඬුවමින් වළක්වනුයේ කුමක් ද? දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ්ගේ සමීපතයින් නොවීය. අල්ලාහ්ගේ නියෝග ඉටු කරමින් හා ඔහු වැළැක් වූ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කළ දැහැමියන් මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ සමීපතයින් වන්නේ නැත. නමුත් දේව ආදේශකයින් තමන් අල්ලාහ්ගේ සමීපතයින් බවට වාද කළ අවස්ථාවේ ඔවුන් බහුතරයක් දෙනා ඔහුගේ සමීපතයින් නොවන බව ඔවුහු නොදනිති.
Enfal 8:35
මස්ජිදුල් හරාම් අබියස දේව ආදේශකයින්ගේ නැමදුම අත්පුඩි ගැසීම හා විසිල් ගැසීම මිස වෙනෙකක් නොවීය. අහෝ ආදේශ තබන්නනි! නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් බොරු කරමින් සිටි හේතුවෙන් බද්ර් දින ඝාතනයට හා සිරභාරයකට ලක්වෙමින් දඬුවම විඳිනු.
Enfal 8:36
සැබැවින්ම අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් තම ධනය අල්ලාහ්ගේ දහමින් ජනයා වළක්වනු පිණිස වියදම් කරති. ඔවුන් එසේ විදයම් කර සිටිය ද ඔවුන් සිතූ දෑ ඔවුනට තහවුරු වන්නේ නැත. පසු ව ඔවුන්ගේ ධනය ඔවුන් වියදම් කිරීම හේතුවෙන් ඔවුනට අත්වන දඬුවම ඔවුන් පසුතැවිලි වීමයි. එය ඔවුන් වියදම් කළ ධනය හා අරමුණ අහිමි වී යාමෙනි. පසු ව ඔවුනට එරෙහි ව දෙවියන් විශ්වාස කරන්නන් ජය ලබා ඔවුන් අබිබවා යනු ඇත. අල්ලාහ් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරය වෙත ඇදගෙන යනු ලබති. පසු ව ඔවුන් එහි පිවිස සදා රැඳී සිටිති.
Enfal 8:37
අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම සඳහා තම ධනය වියදම් කළ දේව ප්රතික්ෂේපකයින් වනාහි, ඔවුන් නිරය වෙත ඇඳ ගෙන යනු ලබති. දේව විශ්වාසී දැහැමියන්ගෙන් දේව ප්රතික්ෂේපිත නපුරෙන් අල්ලාහ් වෙන් කරනු ඇත. නපුරු පුද්ගලයින් හා නපුරු ක්රියාවන් එකිනෙක මත පිහිටන සේ තබනු ඇත. පසු ව ඔහු ව නිරා ගින්නට පත් කරයි. පරාජය ලැබූවෝ ඔවුහුමය. එය සැබැවින්ම ඔවුන් හා ඔවුන්ගේ පවුලේ උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අලාභවන්තයින් බවට පත්වන බැවිණි.
Enfal 8:38
අහෝ දූතයිනි! ඔබේ සමූහයා අතරින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කිරීමෙන් වැළකී, අල්ලාහ් ව විශ්වාස කළවුන් ඔහුගේ මාර්ගයෙන් වැළැක්වීමෙන් ඈත් වී සිටියේ නම් ඔවුන් පෙර කළ පාපකම් සඳහා ඔවුනට අල්ලාහ් සමාව දෙන්නේය. ඉස්ලාමය වෙත පියනැගීම ඔහු පෙර කළ දෑ බිඳ දමනු ඇත. නමුත් නැවතත් ඔවුන්ගේ ප්රතික්ෂේපය වෙත ඔවුන් හැරී යන්නේ නම් සැබැවින්ම ඔවුන්ගේ මුතුන් මිත්තන් බොරු කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත දිගටම රැඳී සිටි විට අල්ලාහ්ගේ පිළිවත වූයේ ඔවුනට දඬුවම ඉක්මන් කිරීම යන වග ඔවුන් දැන ගත යුතුය.
Enfal 8:39
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ආදේශ කිරීමක් නොපවතින තෙක්, අල්ලාහ්ගේ දහමින් මුස්ලිම්වරුන් වළක්වනු නොලබන තෙක් හා දහම හා අවනතභාවයේ කිසිදු හවුල්කරුවෙක් සම්බන්ධ නොකර අල්ලාහ්ට පමණක් දහම හා අවනතභාවය පත් වන තෙක්, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතර සිටින නුඹලාගේ සතුරන් සමග නුඹලා සටන් කරනු. ඔවුන් සිදුකරමින් සිටි ආදේශයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීමෙන් ඔවුන් වැළකුණේ නම් නුඹලා ඔවුන් අතහැර දමනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණයෙන් සිටියි. කිසිදු රහසිගත දෙයක් ඔහුට සැඟ වී යන්නේ නැත.
Enfal 8:40
දේව ප්රතික්ෂේපයෙන් වළකින මෙන් ද, අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයාට බාධා නොකරන මෙන් ද, ඔවුනට අණ කරනු ලැබූ දැයින් ඔවුන් නොහැරුණේ නම්, අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අල්ලාහ් ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කරන බවද, තම කටයුතු භාර කරන්නන්හට ඔහුගේ භාරකාරත්වය යහපත් වන බවද, උදව් පතන්නන්හට ඔහුගේ උදව්ව යහපත් වන බවද, අල්ලාහ් කවරෙකු භාර ගත්තේද ඔහු ජය ලබන බව ද, ඔහු කාහට උදව් කළේ ද ඔහු සාර්ථක වන බව ද නුඹලා තරයේ විශ්වාසය තබා ගනු.
Enfal 8:41
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ් පිළිබඳ හා සත්යය හා අසත්යය අතර අල්ලාහ් වෙන් කළ බද්ර් දිනයේ අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට ඔහු පහළ කළ දෑ පිිළිබඳ විශ්වාස කරන්නෙහු නම් දැන ගනු! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන අවස්ථාවේ දේව ප්රතික්ෂේපකයින් මැඩලා ඔවුන්ගෙන් යමක් ලබා ඇත්නම්, සැබැවින්ම එය කොටස් පහකට බෙදිය යුතු වේ. ඉන් පහෙන් හතරක් සටන් කරන මුජාහිද්වරුන් අතර ද ඉතිරි පහෙන් කොටස තවත් කොටස් පහකට බෙදී යා යුතුය. මුස්ලිම්වරුන් අතර පවතින පොදු වියහියදම් සඳහා අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාට කොටසක්, නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ඥාතීන් වන බනූ හාෂිම් හා බනූ මුත්තලිබ් ගෝත්ර වලට කොටසක්, අනාථයින්ට කොටසක්, දිළිඳු හා දුප්පතුන්ට කොටසක්, අතරමං වූ මගීන්ට කොටසක් වශයෙන් බෙදී යනු ඇත. බද්ර් දිනයේ නුඹලාගේ සතුරන්ට එරෙහි ව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. නුඹලාට උපකාර කළ අල්ලාහ්, සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
Enfal 8:42
මදීනාවට පරව, අසල පිහිටි පහත් මිටියාවතෙහි නුඹලා ද, මක්කාහ්වට පරව දුරින් පිටිහි මිටියාවතෙහි මුෂ්රික්වරන් ද, රතු මුහුදු වෙරළට පරව නුඹලාට පහළින් පිහිටි ස්ථානයේ වෙළඳ කණ්ඩායමද සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. නුඹලා සහ දේව ආදේශකයින් බද්ර් යුද්ධයේ හමුවීමට ප්රිය කළේ නම් නුඹලා එකිනෙකා අතර භේද වන්නට තිබුණි. නමුත් බද්ර් දිනයේ නුඹලා අතර කිසිදු තර්කයකින් තොරව ඒකරාශී කළේ අල්ලාහ්ය. එය සිදුවන්නට නියමිත කරුණ සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබනු පිණිසය. එනම් දේව විශ්වාසී ජනයාට ජය ද, දේව ප්රතික්ෂේපිත ජනයාට පරාජය ද, තම දහම පිළිබඳ අවවාද කිරීම හා දෙවියන්ට ආදේශ කිරීම පහත් ක්රියාවක් බවට පත් කිරීමය. එමෙන්ම ඔවුනට එරෙහි ව දේව විශ්වාසී ජනයා සංඛ්යාවෙන් අඩු වුවද ජය නියත බව සාධක ඉදිරිපත් කිරීමෙන් පසු හා ඔවුනට ප්රතිඥා දීමෙන් පසු ඔවුන් අතර මියැදෙන්නට නියමිත අය මිය යාමටත්, අල්ලාහ් හෙළි කළ සාධක හා සාක්ෂි මත ජීවත් වන්නන් ජීවත් කරවීමටත්ය. එවිට අල්ලාහ්ට එරෙහි ව තර්ක කරන්නන් කිසිවකු ඉතිරි නොවනු ඇත. අල්ලාහ් සියලු දෙනාගේ ප්රකාශයන් සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
Enfal 8:43
අහෝ නබිවරය! දෙවියන්ට ආදේශ කළ සතුරන් ගේ සංඛ්යාව ස්වල්පයක් ලෙස ඔබේ හීනය තුළ අල්ලාහ් ඔබට පෙන් වූ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔබ ඒ ගැන දෙවියන් විශ්වාස කරන්නන් හට අවධානය යොමු කරවීය. ඔවුන් එහි යහපත ගැන සතුටු වූහ. සතුරන්ට එරෙහි ව මුහුණ දීම සඳහා ඔවුන්ගේ විශ්වාසය ඔබ එතුළින් බලවත් කළෙහිය. ඔබේ සිහිනයෙහි දේව ප්රතික්ෂේපකයින්ගේ සංඛ්යාව අධික බව අල්ලාහ් පෙන්වූයේ නම් ඔබේ සගයින්ගේ විශ්වාසය දුර්වල වී ගොස් යුද්ධයට මුහුණ දීමට ඔවුන් බිය වන්නට තිබුණි. නමුත් අල්ලාහ් එමගින් සැනසුම ලබා දුන්නේය. අසාර්ථක වීමෙන් ඔහු ඔවුන් ආරක්ෂා කළේය. අල්ලාහ්ගේ දූතයාණන්ගේ දෑසට ඔවුන් ස්වල්ප සංඛයාවක් ලෙස පෙන්වීය. සැබැවින්ම හදවත් නැඹුරු වන දිශාවත්, සිත් සඟවා ගෙන සිටින දැයත් ඔහු මැනවින් දන්නාය.
Enfal 8:44
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා යුද පිටියේ ඔවුන් හමුවන අවස්ථාවේ ඔවුන්ගේ සංඛ්යාව ස්වල්පයක් ලෙස අල්ලාහ් නුඹලාට පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. ඔවුන් සමග සටන් කිරීම සඳහා අභීත ලෙස ඉදිරිපත් වීමට නුඹලා ව ඔහු සූදානම් කළේය. ඔවුන්ගේ දෑසට නුඹලා ව ස්වල්ප දෙනෙකු ලෙස පෙන්වීය. එවිට නුඹලා සමග සටන් කිරීමට ඔවුහු ඉදිරියට ආවෝය. ඔවුන් නැවත හැරී යාමට සිතුවේ නැත. එසේ සිදු කරනුයේ විය යුතු කරුණ අල්ලාහ් තීන්දු කිරීම පිණිසය. එනම් දෙවියන්ට ආදේශ තැබූවන් යුද්ධයේ මිය යෑමෙන් හා සිරගත වීමෙන් ඔහු දඬුවම් කිරීම හා දෙවියන් විශ්වාස කළවුන්ට සාර්ථකත්වය හා ජය පිරිනැමීමය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. ඔහු නපුරාට ඔහුගේ නපුරුකම් අනුව ප්රතිවිපාක පිරිනමන අතර දැහැමියාට ඔහුගේ දැහැමිකම් අනුව ප්රතිඵල පිරිනමනු ඇත.
Enfal 8:45
අහෝ අල්ලාහ් විශ්වාස කර ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි! දෙවියන් ප්රතික්ෂේප කරන සතුරු කණ්ඩායමකට නුඹලා මුහුණ දෙන්නෙහු නම් ඔවුන් හමු වන අවස්ථාවේ නුඹලා ස්ථාවර ව සිටිනු. නුඹලා බියගුලු නොවනු. අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කොට ඔහුගෙන් ප්රාර්ථනා කරනු. නුඹලා පතන දෑ නුඹලාට හිමි කර දීමේ හා නුඹලා ප්රවේශමෙන් සිටින දැයින් නුඹලා ව ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ඔහු ඔවුනට එරෙහි ව, නුඹලාට උදව් කිරීමට ශක්තිය ඇත්තාය.
Enfal 8:46
නුඹලාගේ කතාවෙහි, නුඹලාගේ ක්රියාවෙහි මෙන්ම සියලුම තත්ත්වයන්හි අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීම තදින් පිළිපදින්න. අදහස් වලට වහල් වී නුඹලා භේද නොවන්න. සැබැවින්ම එසේ භේද වීම නුඹලා දුර්වල වීමටත්, බියසුලු වීමටත්, නුඹලාගේ ශක්තිය හීන වීමටත් හේතු වන්නේය. නුඹලාගේ සතුරන් මුණ ගැසෙන විට ඉවසීමෙන් මුහුණ දෙන්න. උපකාරය, ස්ථාවරත්වය හා ජය සමග සැබැවින්ම අල්ලාහ් ඉවසිලි වන්තයින් සමග සිටියි. අල්ලාහ් කවුරුන් සමග සිටින්නේ ද, කිසිදු සැකයකින් තොරව ඔහු උදව් හා ජය ලබනු ඇත.
Enfal 8:47
මිනිසුන්ගේ අවධානය දිනා ගැනීමේ අරමුණින් හා උඩඟුකමින් මක්කාවෙන් බැහැර වී ගිය ජනයාට අල්ලාහ්ගේ දහම සම්බන්ධයෙන් බාධා පමුණුවා එහි පිවිසීමෙන් ඔවුන් වළක්වන දේව ආදේශකයින් මෙන් නුඹලා නොවන්න. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ප්රකාරයෙන් ම දන්නේය. ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Enfal 8:48
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලාට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය මෙනෙහි කර බලනු. දේව ආදේශකයින්ට ඔවුන්ගේ ක්රියාවන් ෂෙයිතාන් අලංකාරවත් කර මුස්ලිම්වරුන් හමුවීමටත් ඔවුන් සමග යුද වැදීමටත් ඔවුන් දිරි ගන්වා "අද දින නුඹලා අභිබවා යන්නට කිසිවකු නැත. සැබැවින්ම මම නුඹලාට උදව් කරන්නෙක්මි. නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා ව මුදවා ගන්නෙක්මි." යැයි පැවසීය. දෙපිරිස එකිනෙක මුණගැසුණු කල්හි මුඃමින් පිරිස සමග මලක්වරුන් ඉඳ ඔවුනට උදව් කළෝය. දෙවියන් ආදේශ කරන්නන් සමග ෂෙයිතාන් විය. ඔහු ඔවුන් පරාජයට පත් කළේය. ෂෙයිතාන් පසුපස හැරී පලා ගියේය. දෙවියන් අදේශ කරන්නන් දෙස බලා, "සැබැවින්ම මම නුඹලාගෙන් නිදොස් වෙමි. මුඃමින්වරුන්ට ජය අත්පත් කර දෙන්නට පැමිණි මලක්වරුන් සැබැවින්ම මම දුටුවෙමි. අල්ලාහ් මා විනාශ කර දමනු ඇතැයි මම බිය වූයෙමි. අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය. එහෙයින් ඔහුගේ දඬුවම කිසිවකු විසින් උසුලන්නට ශක්තිය නොදරනු ඇත."යැයි පැවසීය.
Enfal 8:49
කුහකයෝ හා දේව විශ්වාසය පිළිබඳ දුර්වල අය, ‘සැබැවින්ම මුස්ලිම්වරුන්ගේ සංඛ්යාව අඩුවෙන් හා දුර්වල ව තිබිය දී, ඔවුන්ගේ සතුරන්ගේ සංඛ්යාව අධික ව හා බලවත් ව තිබිය දී, ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ජය ලබා දෙන මෙන් ඔවුන්ගේ දහම ඔවුනට ප්රතිඥා දෙමින් ඔවුන් රවටා දමා ඇත’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. කවරෙකු අල්ලාහ් මත පමණක් ස්ථීර ව රැඳී සිට, ඔහු ප්රතිඥා දුන් උපකාරය දැඩි සේ විශ්වාස කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කරන බව ඔවුහු (කුහකයෝ) නොදනිති. ඔහු කොතරම් දුර්වල ව සිටියද, කිසිවිටෙක අල්ලාහ් ඔහුට වංචා නොකරන්නේමය. අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවකු ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ නියමයේ හා ආගාමික න්යායයන්හි ඔහු මහා ප්රඥාවන්තය.
Enfal 8:50
අහෝ දූතය! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්ගේ ප්රාණ මලක්වරුන් ග්රහණය කොට එය ඉවත් කරන අවස්ථාවේ ඔවුන් ඉදිරියට එන විට ඔවුන්ගේ මුහුණු වලට පහර දෙමින් හා ඔවුන් පසුපස හැරී පලා යන විට ඔවුන්ගේ පසුපසට පහරදෙමින්, ‘අහෝ දෙවියන් ප්රතික්ෂේප කළවුනි! දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසති. නුඹ එය දුටුවේ නම් බිහිසුණු කරුණක් ලෙස නුඹ දකිනු ඇත.
Enfal 8:51
අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! නුඹලාගේ ප්රාණ අත්පත් කර ගන්නා අවස්ථාවේ නුඹලාට අත් වන වේදනීය දඬුවමත්, නුඹලාගේ මිණී වළ වල් තුළ දී හා මතු ලොවෙහි නුඹලාට අත් වන දැවෙන දඬුවමත්, මෙලොවෙහි නුඹලාගේ අත් උපයා ගත් දෑ හේතුවෙනි. ඊට හේතුව අල්ලාහ් මිනිසුන්ට කිසිදු අසාධාරණයක් සිදු කරන්නේ නැත. ඔහු ඔවුන් අතර තීන්දු ලබා දෙනුයේ යුක්තිසහගත ලෙසය. ඔහු යුක්තිගරුක තීරකයාය.
Enfal 8:52
මෙම දේව ප්රතික්ෂේපකයින්හට පමණක් විශේෂයෙන් පහළ වූ දඬුවමක් නොව, සෑම කාලයකම සෑම ස්ථානයකම දෙවියන් ප්රතික්ෂේප කළවුන් මත ද නියම වූ අල්ලාහ්ගේ න්යායය වන්නේය. ෆිර්අවුන් හා ඔවුනට පෙර සිටි සමූහයන් සුවිශුද්ධ අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ අවස්ථාවේ ද මෙම දඬුවමට ලක් විය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඉතා බිහිසුණු අයුරින් අල්ලාහ් ඔවුන් ග්රහණය කළේය. එවිට ඔහු ඔහුගේ දඬුවම ඔවුනට පහළ කළේය. සැබැවින්ම අල්ලාහ් කිසිවකු විසින් අබිබවා නොයන, තමන් වෙත කිසිවකු ආධිපත්යය නොදරන සර්ව බලධාරීය. එමෙන්ම ඔහුට පිටුපාන්නන් හට දැඩි ලෙස දඬුවම් කරන්නාය.
Enfal 8:53
එම බිහිසුණු දඬුවමට හේතුව සැබැවින්ම අල්ලාහ් යම් සමූහයකට ඔහු අබියසින් යම් ආශිර්වාදයක් පිරිනැමූ විට දේව විශ්වාසය, ස්ථාවරභාවය, ආශිර්වාදයට කෘතඥ වීම යනාදි වශයෙන් එහි දැහැමි තත්ත්වයේ සිට අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම, ඔහුට පිටුපෑම, ඔහුගේ ආශිර්වාද හෙළා දැකීම යනාදි වශයෙන් එහි නපුරු තත්ත්වයට ඔවුන් විසින්ම වෙනස් කර ගන්නා තෙක්, ඒවා ඔවුන්ගෙන් ඉවත් කරන්නේ නැත. තවද සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ප්රකාශ වලට මැනවින් සවන් දෙන්නාය. එමෙන්ම ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Enfal 8:54
මෙම දේව ප්රතික්ෂේපකයින්ගේ කරුණ, ඔවුනට පෙර වූ ෆිර්අවුන් හා බොරුකාර සමූහයන් මෙන්, අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් අතර සිටි අයගේ කරුණ හා සමානය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් බොරු කළෝය. ඔවුන් ඔහුට කළ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. ෆිර්අවුන්ගේ සේනාව මුහුදේ ගිල්වා විනාශ කළේය. ෆිර්අවුන්ගේ සේනාව හා ඔවුනට පෙර විසූ සමූහයා අතුරින් සියලු දෙනාම පාහේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුට ගුණමකු වීම හේතුවෙන් අපරාධකරුවන් වූහ. ඔවුහු අල්ලාහ්ගේ එම දඬුවම පිළිතුරු වශයෙන් ඉල්ලා සිටියෝය. ඒවිට ඔහු එය ඔවුන් මත පතිත කළේය.
Enfal 8:55
මිිකත සැරිසරන වඩාත් නපුරුතම ජීවයා වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන්ය. ඔවුන් වෙත සියලුම සාධක පැමිණිය ද ඔවුන් ප්රතික්ෂේපයේ දැඩි ව සිටි බැවින් ඔවුහු විශ්වාස නොකරති. මග පෙන්වනු ලබන බුද්ධිය, ශ්රවණය හා බැල්ම යනාදී මාධ්යයන් බිද වැටී ඇත.
Enfal 8:56
බනූ කුරෙය්ළා ගෝත්රිකයින් මෙන් ඔවුන් සමග ගිවිසුම් හා ප්රතිඥාවන් ගත් පසු, ඒ සෑම ප්රතිඥාවක්ම ගත් සෑම වාරයකම ඔවුහු ඒවා බිඳ දමති. ඔවුහු අල්ලාහ්ට බිය නොවුහ. ඔවුන්ගේ පොරොන්දු ඉටු නොකළහ. ඔවුන් මත ගනු ලැබූ ප්රතිඥාවන් අනුගමනය නොකළහ.
Enfal 8:57
අහෝ දූතය! තම ප්රතිඥාවන් කඩ කරන්නන් ඔබ යුද්ධයේ දී මුණ ගැසුණේ නම්, ඔවුන්ගේ තත්තවයට පාඩමක් වනු පිණිස ඒ ගැන සෙසු අයට ඇසෙන තරමට දැඩි ලෙස ඔවුනට තරවටු කරනු. එවිට ඔවුහු ඔබ ඝාතනය කිරීමටත්, ඔබට එරෙහි ව ඔබේ සතුරන් පෙළ ගැස්වීමටත් බිය වනු ඇත.
Enfal 8:58
අහෝ දූතය! නුඹ ගිවිසුම් කළ පිරිසකගෙන් යම් වංචාවක් හෝ ගිවිසුම් උල්ලංඝනය කිරීමක් මූලික වශයෙන් නුඹට මතු වනු ඇතැයි නුඹ බිය වන්නෙහි නම්, ඒ ගැන දැනුමෙහි නුඹ සමග ඔවුන් ද සමාන වන තෙක් ඔවුන්ගේ ගිවිසුම හෙළා දකින බව ඔවුනට දන්වා සිටින්න. ඔවුනට දන්වා සිටීමට පෙර ඔබ ඔවුන් ඉක්මවා නොයන්න. ඔවුනට දන්වා සිටීමට පෙර ඉක්මවා කටයුතු කිරීම වංචාවකි. අල්ලාහ් වංචා කරන්නන් ප්රිය කරන්නේ නැත. ඔහු ඔවුන් ගැන කෝප වන්නේය. එහෙයින් ඔබද වංචාකිරීමෙන් ප්රවේශම් වන්න.
Enfal 8:59
ප්රතික්ෂේප කළවුන් සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දඬුවමින් ගැල වී ඇති බව හෝ එයින් මිදුණු බව හෝ නොසිතිය යුතුයි. සැබැවින්ම ඔවුහු ඔහුගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. එය ඔවුනට අත් වන්නේමය. ඔවුන් සමගම සේන්දු වන්නේය.
Enfal 8:60
අහෝ විශ්වාස කළවුනි! දුනු ඊතල් වැනි යුද ආම්පන්න සහ භට පිරිස්, නුඹලාට සූදානම් කළ හැකි උපරිමයෙන් සූදානම් කර ගනු. එමෙන්ම තම වාරය එන තෙක් අපේක්ෂාවෙන් සිටින දේව ප්රතික්ෂේපකයින් අතරින් අල්ලාහ්ගේ සතුරන් හා නුඹලාගේ සතුරන් බිය වද්දන, එමෙන්ම නුඹලා නොහඳුනන නුඹලාට රහසිගත ව සතුරුකම් පාන වෙනත් පිරිසක් එමගින් නුඹලා බියවද්දන අශ්වයින් ද අල්ලාහ්ගේ මාර්ගයේ රඳවා ගනිමින් සූදානම් වනු. ඔවුන් ගැන දන්නා, අල්ලාහ් වන ඔහු පමණය. ඔවුන්ගේ සිත් තුළ සඟවා සිටින දෑ ද ඔහු දනී. නුඹ සුළුවෙන් හෝ අධික ව හෝ යම් වියදමක් කර ඇත්නම් අල්ලාහ් නුඹලාට එය මෙලොවෙහි නැවත ලබා දෙනු ඇත. මතු ලොවෙහි ද කිසිදු අඩුවකින් තොරව නුඹලාට පූර්ණ ලෙස කුසල් පිරිනමනු ඇත. එහෙයින් ඔහුගේ මාර්ගයේ වියදම් කිරීමට යුහුසුලු වනු.
Enfal 8:61
නුඹලා සමග සටන් වැදීම අතහැර දමා සමාදානය වෙත ඔවුන් නැඹුරු වන්නේ නම්, අහෝ දූතය! ඔබ ද ඒ වෙත නැඹුරු වනු. ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගනු. අල්ලාහ් මත ස්ථාවර ව සිටිනු. ඔහු ව තරයේ විශ්වාස කරනු. එවිට කිසිවිටෙක ඔහු ඔබ ව පහත් කරන්නේ නැත. සැබැවින්ම ඔහු ඔවුන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ චේතනාවන් හා ඔවන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය.
Enfal 8:62
නුඹලා සමග සටන් වැදීම අතහැර දමා සමාදානය වෙත ඔවුන් නැඹුරුවීම තුළින් නුඹ සමග වංචනික ලෙස සටන් වැදීමට සූදානම් වීම ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ කුමන්ත්රණ හා ඔවුන්ගේ වංචාව ඉදිරියේ අල්ලාහ් ඔබට ප්රමාණවත්ය. තම උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ඔහුය. එමෙන්ම මුහාජිර් හා අන්සාර්වරු අතර සිටින දේව විශ්වාසීන්ගේ උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ද ඔහුය.
Enfal 8:63
ඔවුන් හරහා ඔහු ඔබට උදව් කළ, දේව විශ්වාසීන්ගේ හදවත් බෙදී වෙන් ව තිබීමෙන් පසු ව අල්ලාහ් ඔවුන්ගේ හදවත් අතර සමගි කළේය. එසේ බෙදී වෙන් වුණු ඔවුන්ගේ හදවත් අතර සමගි කිරීමට නුඹ මහ පොළොවේ ඇති ධනය විදයම් කළ ද ඒවා අතර ඔබට සමගි කළ නොහැක්කේමය. නමුත් ඒවා අතර සමගි කළේ අල්ලාහ් පමණය. ඔහුගේ ආධිපත්යයේ ඔහු සර්ව බලධාරීය. කිසිවකු ඔහු අබිබවා යා නොහැකි. ඔහු නිර්ණය කිරීමේදී ද සැලසුම් කිරීමේදී ද ආගමානුගත කිරීමේ දී ද මහා ප්රඥාවන්තය.
Enfal 8:64
අහෝ නබිවරය! නුඹලාගේ සතුරන්ගේ හානිය ඉදිරියේ සැබැවින්ම අල්ලාහ් නුඹට ප්රමාණවත්ය. එමෙන්ම ඔබ සමග සිටින මුඃමින්වරුන්ට ද ප්රමාණවත්ය. එබැවින් අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසය තබනු. ඔහු මත ම ස්ථාවර ව සිටිනු.
Enfal 8:65
අහෝ නබිවරය, යුද්ධය සඳහා මුඃමින්වරුන් දිරි ගන්වනු. ඔවුන්ගේ විශ්වාසය බලවත් කරන හා ඔවුන්ගේ අපේක්ෂාවන් ශක්තිමත් කරන කරුණු තුළින් ඔවුන් දිරිගන්වනු. අහෝ විශ්වාස කළවුනි! දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කිරීමේ දී ඉවසීමෙන් කටයුතු කරන විසි දෙනෙකු නුඹලා අතර සිටින්නේ නම් ඔවුන් දේව ප්රතික්ෂේපකයින් අතරින් දෙසීය දෙනෙකු අභිබවා යනු ඇත. නුඹලා අතර එවැනි ඉවසිලිවන්ත සිය දෙනෙකු සිටින්නේ නම්, දේව ප්රතික්ෂේපකයින් දහසක් දෙනා අභිබවා යනු ඇත. ඊට හේතුව සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් තම සෙනෙහෙවන්තයින්ට උදව් කිරීමේ හා ඔහුගේ සතුරන් පෙරළා දැමීමේ අල්ලාහ්ගේ න්යායය වටහා නොගත් පිරිසක් වන බැවිණි. යුද්ධ කිරීමේ දී ඔවුනට අපේක්ෂාවක් නැත. ඔවුන් එසේ යුද්ධ කරනුයේ මෙලොවෙහි උසස්කම් හේතු කොට ගෙනය.
Enfal 8:66
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ දුර්වලකම අල්ලාහ් දන්නා බැවින් දැන් ඔහු නුඹලාගෙන් එම ප්රමාණය අඩු කර ඇත. එය නුඹලාට අඩු කළේ නුඹලාට ඔහුගෙන් වූ දයානුකම්පාවක් ලෙසිනි. නුඹලා අතර සිටින එක් අයෙකු ඔවුන්ගෙන් දස දෙනක් යන ස්ථාවරත්වය වෙනුවට ඔවුන්ගෙන් දෙදෙනෙක් යන ස්ථාවරත්වය ඔහු අනිවාර්යය කළේය. එනම් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීමේදී නුඹලා අතර ඉවසිලිවන්ත සිය දෙනෙකු වී නම් ඔවුන්ගෙන් දෙසිය දෙනෙකු අබිබවා යනු ඇත. නුඹලා අතර ඉවසිලිවන්ත දහසක් දෙනෙකු වී නම් අල්ලාහ්ගේ අනුහසින් දේව ප්රතික්ෂේපකයින් දෙදහසක් දෙනා අභිබවා යනු ඇත. ශක්තිමත් කිරීමෙන් හා උපකාර කිරීමෙන් අල්ලාහ් ඉවසිලිවන්ත දේව විශ්වාසීන් සමග සිටියි.
Enfal 8:67
තමන් සමග සටන් වදින දේව ප්රතික්ෂේපක සිරකරුවන් නැවත තමන් සමග යළි සටන් නොකරන තරමට ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කරනු පිණිස ඔවුන් අධික ලෙස ඝාතනය කරනු ලබන තෙක් ඔවුන් රඳවා තබා ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! බද්ර් සිරකරුවන්ගෙන් වන්දි ලබා ගැනීම නුඹලා අපේක්ෂා කරන්නෙහුය. නමුත් අල්ලාහ් දහමේ ජය හා එහි ගෞරවය තුළින් ලබන මතු ලොව අපේක්ෂා කරයි. අල්ලාහ් තම පැවැත්ම, තම ගුණාංග හා තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු විසින් ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ නියමයන් හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Enfal 8:68
සැබැවින්ම යුද පිටියේ සතුරන් විසින් දමා පලා ගිය වස්තුව නුඹලාට අනුමතය. එමෙන්ම සිරකරුවන්ගේ වන්දිය නුඹලාට අනුමතය යන අල්ලාහ්ගේ නියමය හා තීන්දුව පෙර ලියැ වී නොතිබුණා නම්, එසේ අනුමත කරමින් අල්ලාහ්ගේ පණිවිඩය පහළ වීමට පෙර සිරකරුවන්ගේ වන්දිය හෝ වස්තුව නුඹලා ගැනීම හේතුවෙන් නුඹලාට අල්ලාහ්ගෙන් වූ මහත් දඬුවමක් අත්වන්නට තිබිණ.
Enfal 8:69
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! යුද පිටියේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් විසින් දමා පලා ගිය වස්තුවෙන් නුඹලා අනුභව කරනු. එය නුඹලාට අනුමතය. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වයෙන් කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් තමන් විශ්වාස කරන ගැත්තන්හට අතික්ෂමාශීලය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
Enfal 8:70
අහෝ නබිවරය! බද්ර් දිනයේ නුඹලා සිරකරුවන් ලෙස ගත්,දෙවියන්ට ආදේශ තැබූ සිරකරුවන් අතරින් නුඹලාගේ අත්අඩංගුවේ පසුවන්නන්හට නුඹ මෙසේ පවසනු. "නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපත් අරමුණක් හා දැහැමි චේතනාවක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ වන්දියට වඩා යහපත් දෑ ඔහු නුඹලාට පිරිනමනු ඇත. එහෙයින් නුඹලාගෙන් කවර කරුණක් ගනු ලැබුවේ ද ඒ ගැන දුක් නොවනු. ඔහු නුඹලාට සමාව දෙනු ඇත. තම ගැත්තන් අතරින් පව් සමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය." අල්ලාහ්ගේ ප්රතිඥාව නබි (සලලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ මහප්පෙකු වූ අබ්බාස් තුමාට හා ඉස්ලාමය වෙත පිය නැගූ වෙනත් අයහට ද තහවුරු විය.
Enfal 8:71
අහෝ මුහම්මද්! නුඹට හෙළිපිට කරන ලද ප්රකාශයක් තුළින් නුඹට යම් ද්රෝහිකමක් කරන්නට ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම මීට පෙර ද ඔවුන් අල්ලාහ්ට ද්රෝහි වී ඇති බව දැන ගත යුතුය. ඔවුනට එරෙහි ව අල්ලාහ් නුඹට ජය ලබා දී ඇත. ඔවුන් අතරින් ඝාතනය විය යුත්තන් ඝාතනය කරනු ලැබීය. සිරගත කරනු ලැබිය යුත්තන් සිරගත කරනු ලැබීය. ඔවුන් නැවත පැමිණියේ නම් මෙයම ඔවුන් බලාපොරොත්තු විය යුතු වේ. අල්ලාහ් තම මැවීම් හා ඔවුනට යහපත් වන දෑ මැනවින් දන්නාය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය.
Enfal 8:72
අල්ලාහ් ව විශ්වාස කොට, ඔහුගේ දූතයාණන් සත්යය බව පිළිගෙන, ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කොට, දේව ප්රතික්ෂේපිත භූමියෙන් ඉස්ලාමයේ භූමිය වෙත හෝ සුරක්ෂිත ව අල්ලාහ් නැමදිය හැකි ස්ථානයක් වෙත නික්ම ගොස්, තම වස්තුව හා තම ජීවිතය පරදුවට තබා අල්ලාහ්ගේ වදන උසස් වීම සඳහා අරගල කළවුන් ද, එමෙන්ම තමන්ගේ තරාතිරමට මුහාජිර්වරුන් වන ඔවුන් ව ද පත් කොට, ඔවුනට උපකාර කළවුන් ද (අන්සාරිවරුන්ද) තම නිවැසියන් අතරින් ඔවුනට සහය දුන් අය ද වනාහි, උදව් උපකාර කිරීමෙහි ඔවුන් ඇතැමුන් ඇතැමෙකුගේ හිතමිතුරන් වෙති. තවද අල්ලාහ් ව විශ්වාස කොට දේව ප්රතික්ෂේපිත භූමියෙන් ඉස්ලාම් භූමිය වෙත නික්ම නොගියවුන් වනාහි, අහෝ විශ්වාස කළවුනි! ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන තුරු ඔවුනට නුඹලා උපකාර කිරීමටත් ඔවුන් ආරක්ෂා කිරීමටත් නුඹලාට නොහැකිය. නමුත් දේව ප්රතික්ෂේපකයින් ඔවුනට අපරාධ කොට ඔවුන් නුඹලාගෙන් උපකාරය පැතුවේ නම් ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුනට නුඹලා උදව් කරනු. නමුත් නුඹලා හා ඔවුන්ගේ සතුරන් අතර බිඳිය නොහැකි ගිවිසුමක් තිබුණේ නම් මිස. අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.
Enfal 8:73
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි දේව ප්රතික්ෂේපය ඔවුන් ඒකරාශී කරනු ඇත. ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුට උදව් කරති. එවිට දේව විශ්වාස කරන්නා ඔවුනට මිතුදම් නොපානු ඇත. එහෙයින් නුඹලා දේව විශ්වාසීන් භාර නොගෙන දේව ප්රතික්ෂේපකයින්ට සතුරු නොවූයේ නම්, දහමෙහි තම සහෝදරයින් විසින් ඔවුනට උපකාර කරන කිසිවකු ඔවුන් නොදකින පරිදි එම දේව විශ්වාසීන්හට අර්බුද ඇති වනු ඇත. මහ පොළොවේ කලහකම් පෑම ,අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීමෙන් බරපතළ වන්නේය.
Enfal 8:74
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ මාර්ගයේ නික්ම ගිය අය ද එසේ අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ආ මුහාජිර්වරුන්හට සරණ සලසා ඔවුනට උපකාර කළවුන් ද, වනාහි සැබෑ දේව විශ්වාසයේ ගුණාංග ඇත්තන් බව වර්ණනා කරනු ලැබූවන් ඔවුහුමය. අල්ලාහ්ගෙන් වූ ඔවුන් සතු ප්රතිඵලය වනුයේ ඔවුන්ගේ පාපකම් වලට සමාව හා ඔහු විසින් හිමි වන ගෞරවනීය සංග්රහයයි. එය ස්වර්ගයවේ.
Enfal 8:75
නික්ම ගිය මුහාජිර්වරුන් හා ඔවුනට උපකාර කළ අන්සාර්වරුන් අතරින්, ඉස්ලාමය පිළිගත් මුතුන්මිත්තන්ගේ විශ්වාසයෙන් පසු ව විශ්වාස කොට දෙවියන් ප්රතික්ෂේප කරනු ලැබූ ප්රදේශයෙන් ඉස්ලාමීය ප්රදේශය වෙත නික්ම ගොස් අල්ලාහ්ගේ වදන ඉහළ නංවා ප්රතික්ෂේපකයින්ගේ වදන පහත් කිරීම සඳහා අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කළවුන් වනාහි, අහෝ විශ්වාස කළවුනි! ඔවුන් නුඹලා අතරිනි. නුඹලා සතු යුතුකම් ඔවුනට ද ඇත. නුඹලා මත වූ අනිවාර්යය කටයුතු ඔවුනට ද ඇත. අල්ලාහ්ගේ නීතිය තුළ වඩාත් සමීප මිතුරන් වනාහි, දේව විශ්වාසය පෙර සිදු වූ හිජ්රත් ගමන වැනි උරුමයන්ට උරුමකම් පාන්නට ඔවුන් එකිනෙකා වඩාත් උචිත වන්්නෝය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තම ගැත්තන් හට යහපත් වන්නේ කුමක්දැ? යි ඔහු දනී. ඔහු එය ඔවුනට ආගමානුගත කරයි.
Tevbe 9:1
මෙය අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගේ බන්ධනයෙන් නිදහස් වීමයි. අහෝ මුස්ලිම්වරුනි! අරාබි ද්වීපයේ වෙසෙන දේව ආදේශකයින් සමග නුඹලා ගිවිසගත් ගිවිසුම අවසන් බවට දැනුම් දීමයි.
Tevbe 9:2
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා මහපොළොවේ මාස හතරක් සුරක්ෂිතව සැරිසරනු. ඉන් පසු නුඹලාට කිසිදු ගිවිසුමක් හෝ කිසිදු ආරක්ෂාවක් හෝ නොමැත. නුඹලා කවර කරුණක් ප්රතික්ෂේප කළේ ද, එවන් දෑ හි අඛණ්ඩ ව සිටින්නේ නම් අල්ලාහ්ගේ විපාකයෙන් හා ඔහුගේ දඬුවමින් සැබැවින්ම නුඹලා මිදෙන්නේ නැති බව තරයේ විශ්වාස කරනු. එමෙන්ම දෙවියන්ට ආදේශ තබන්නන්, මෙලොවෙහි ඝාතනය කරනු ලැබීමෙන් හා සිරගත කරනු ලැබීමෙන් අවමානයට පත් වන බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට පිවිසීමෙන් අවමානයට පත් වන බවත් නුඹලා තරයේ විශ්වාස කරනු. තම ගිවිසුම් කඩ කරන්නන් හා නිශ්චිත ගිවිසුමකින් තොර පොදු ගිවිසුමක පසුවන්නන් ද මෙහි ඇතුළත් වන්නේය. සැබැවින්ම නිෂ්චිත ගිවිසුමක් ඇති අය වනාහි, මාස හතරකට වඩා අධික වූයේ නම් එවිට ඔහුගේ ගිවිසුම එහි නියමිත කාලය දක්වාම පූර්ණ කරනු ලැබිය යුතු වේ.
Tevbe 9:3
‘යව්මුන් නහ්ර්’ හෙවත් හජ් අවුරුදු දිනක සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තබන්නන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් එලෙසම ඔහුගේ දූතයාණන් ද ඔවුන්ගේ බන්ධනයෙන් නිදහස් වූ බවටත් අල්ලාහ්ගෙන් වූ දැනුම් දීමක් මෙන්ම ඔහුගේ දූතයාණන්ගෙන් වූ දැනුම් දීමකි. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා තබන ආදේශයෙන් මිදී පාප ක්ෂමා ව අයැද සිටියේ නම් නුඹලාගේ පාප ක්ෂමා ව නුඹලාට යහපතක් වනු ඇත. පාප ක්ෂමා ව අයැදීමට නුඹලා පිටුපාන්නෙහු නම් ස්ථීර ව දැන ගනු! නුඹලා අල්ලාහ්ගෙන් මිදෙන්නේ නැත. ඔහුගේ දඬුවමින් ගැලවෙන්නේ ද නැත. අහෝ දූතය! ප්රතික්ෂේප කළ ඔවුනට අත්වන අභාග්යය පිළිබඳ තොරතුරු ඔවුනට දන්වා සිටිනු. එය ඔවුන් පිළිබඳ අපේක්ෂාවෙන් සිටින වේදනා සහගත දඬුවමකි.
Tevbe 9:4
නමුත්, දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් නුඹලා ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගත් අය හැර. ඔවුන් නුඹලාගේ ගිවිසුම ඉටු කළෝය. ඒ කිසිවක් ඔවුන් උල්ලංඝනය නොකළෝය. පෙර සඳහන් නීතියෙන් ඔවුන් වෙන් වන්නෝ වෙති. එහෙයින් ඔවුන්ගේ ගිවිසුම් එහි නියමිත කාලය අවසන් වන තෙක් ඔවුන් වෙනුවෙන් ඉටු කරනු. අල්ලාහ් ඔහුගේ නියෝග පිළිපදින බැතිමතුන්ට ප්රිය කරන්නේය. ගිවිසුම ඉටු කිරීමත් ඉන් එකකි. එමෙන්ම ඔහු තහනම් කළ දැයින් හා ගිවිසුම කඩ කිරීමෙන් වැළකී සිටින බැතිමතුන්ට ද ප්රිය කරන්නේය.
Tevbe 9:5
නුඹලාගේ සතුරන්ට රැකවරණය දුන් ගෞරවනීය මාස අවසන් වූ විට, නුඹලා ඔවුන් හමු වන තැන මරා දමනු. ඔවුන්ගේ බලකොටු ආක්රමණය කරනු. ඔවුන් යන එන මාර්ග වල ඔවුනට පහර දෙනු. දෙවියන්ට ආදේශ කිරීමෙන් මිදී, අල්ලාහ් වෙත පශ්චාත්තාප වී, සලාතය ද විධිමත් ව ඉටු කර ඔවුන්ගේ වස්තුවෙන් ඔවුන් සකාත් දුන්නේ නම් සැබැවින්ම ඉස්ලාමය තුළ නුඹලාගේ සහෝදරයන් අතරට ඔවුන් ද පත් වනු ඇත. එවිට නුඹලා ඔවුන් සමග අරගල කිරීම අතහැර දමනු. අල්ලාහ් තම ගැත්තන් අතරින් පාප සමාව අයැද සිටින්නන්හට අතික්ෂමාශීලීය.
Tevbe 9:6
දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් කෙනෙකු ජීවිතය හා වස්තුව පරදුවට තබමින් නුඹගෙන් අසල්වැසිභාවය ඉල්ලා සිටින්නේ නම් අහෝ දූතය! ඔවුන් අල් කුර්ආනයට සවන් දෙන තෙක් ඔවුන්ගේ ඉල්ලීමට ප්රතිචාර දක්වනු. පසුව ඔවුන් සුරක්ෂිත ස්ථානයකට සේන්දු කරවනු. ඊට හේතුව සැබැවින්ම දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මෙම දහමේ යථාර්ථය පිළිබඳ නොදන්නා පිරිසක් වන බැවිණි. ඔවුන් මෙම කුර්ආන් පාරායනයට සවන් දී ඒ ගැන වටහා ගත්තේ නම් ඇතැම් විට ඔවුන් යහමග ලබන්නට පුළුවන.
Tevbe 9:7
දෙවියන්ට ආදේශ තැබූවන්හට අල්ලාහ් සමග ගිවිසුමක් හෝ අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් රැකවරණයක් හෝ තිබීම නිවැරදි කරුණක් නොවන්නේය. නමුත් අහෝ මුස්ලිම්වරුනි! හුදෙයිබියා ගිවිසුමෙහි මස්ජිද් හරාම් අබියස නුඹලා දේව ආදේශකයින් සමග ගිවිස ගත් ඔවුන්ගේ ගිවිසුම හැර. නුඹලා අතර හා ඔවුන් අතර පවතින ගිවිසුමක් මත ඔවුන් පිහිටා එය කඩ නොකර, නුඹලාට එය ඉටු කරන්නේ නම් නුඹලා එය කඩ නොකරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කරන බැතිමතුන් කෙරෙහි අල්ලාහ් ප්රිය කරයි.
Tevbe 9:8
ඔවුන් නුඹලාගේ සතුරන් ව සිටිය දී ගිවිසුමක් හා ආරක්ෂාවක් ඔවුනට ඇතිවිය හැකි ද? ඔවුන් නුඹලා ව ජය ගත්තේ නම් අල්ලාහ් නුඹලා සමග සිටින බව හෝ සමීප බව හෝ සැලකිලිමත් නොවෙති. එමෙන්ම ගිවිසුම පිළිබඳ ව ද ඔවුහු සැලකිලිමත් නොවෙති. ඒ වෙනුවට ඔවුහු නුඹලාට දරුණු ලෙස දඬුවම් කරනු ඇත. ඔවුන්ගේ දිවවල් කවර යහපත් ප්රකාශයක් පවසන්නේ ද එමගින් ඔවුන් නුඹලා ව තෘප්තියට පත් කළ ද ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ කට වචනයට අවනත නොවනු ඇත. එහෙයින් ඔවුන් පවසන දෑ ඉටු කරන්නේ නැත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ගිවිසුම කඩ කළ හේතුවෙන් අල්ලාහ්ට අවනතවීමෙන් ඉවත් වූවෝ වෙති.
Tevbe 9:9
ඔවුහු විරෝධය පෑහ. ගිවිසුම ඉටු කරන මෙන් සඳහන් අල්ලාහ්ගේ වදන් අනුගමනය කිරීමෙන් වැළකී, ඒ වෙනුවට තම ආශාවන් හා තම කැමත්ත වෙත සේන්දු කරවන මෙලොව සුන්බුන් වලින් සුළු මිලක් ගත්තෝය. සත්ය අනුගමනය කිරීමෙන් ඔවුහු තමන් ව වළක්වා ගත්තෝය. එය හෙළා දුටුවෝය. සෙසු අය ද සත්යයෙන් වැළැක්වූහ. සැබැවින්ම ඔවුන් සිදුකරමින් සිටි ඔවුන්ගේ ක්රියාව නපුරු විය.
Tevbe 9:10
දේව විශ්වාසියෙකු විෂයෙහි අල්ලාහ් පිළිබඳ ව හෝ සමීප ඥාතීන් පිළිබඳ ව හෝ ගිවිසුම පිළිබඳ ව හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. එය ඔහු කෙරෙහි ඔවුන් තුළ පවතින සතුරුකම හේතුවෙනි. එහෙයින් ඔවුන් ගැන කවර අපරාධයක් හා සතුරුකමක් විස්තර කරනු ලැබුවේ ද එලෙස ඔවුහු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවූවෝ වෙති.
Tevbe 9:11
ප්රතික්ෂේප කළ ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී ප්රතිපත්තිමය ප්රකාශ දෙක පවසා, සලාතය විධිමත් ව ඉටු කර, ඔවුන්ගේ වස්තුවෙන් සකාත් ද පිරිනැමුවේ නම් සැබැවින්ම ඔවුන් දෙවියන්ට අවනත වූ මුස්ලිම්වරුන් බවට පත් වනු ඇත. දහම තුළ ඔවුන් නුඹලාගේ සහෝදරයෝ වෙති. නුඹලා සතු දෑ ඔවුනට ද සතුය. නුඹලා මත පැවරෙන දෑ ඔවුන් වෙත ද පැවරෙනු ඇත. ඔවුන් ඝාතනය කිරීම නුඹලාට අනුමත නැත. ඔවුන්ගේ ඉස්ලාමය විසින් ඔවුන්ගේ ප්රාණය, ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ මාන්යය සුරකිනු ලබනු ඇත. වටහා ගන්නා ජනයාට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු. එමගින් ඔවුන් ප්රයෝජන ලබනු ඇත. එමෙන්ම ඔවුන් හැර වෙනත් අය ද ප්රයෝජන ලබනු ඇත.
Tevbe 9:12
නියමිත කාලයක් දක්වා යුද වැදීම අතහැර දමන බවට නුඹලා ගිවිසුම් ඇති කර ගත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඔවුන්ගේ ගිවිසුම් හා ප්රතිඥාවන් කඩ කරන්නේ නම්, ඔවුන් නුඹලාගේ දහමට දොස් නගන්නේ නම්, ඒ ගැන අඩුපාඩු කියන්නේ නම් නුඹලා ඔවුන් සමග සටන් කරනු. ඔවුන් ප්රතික්ෂේපයේ නායකයින් හා ප්රධානීන් වෙති. ඔවුන්ගේ ප්රාණ රඳවා තබන ගිවිසුම් හෝ ප්රතිඥා ඔවුනට නැත. ඔවුන් ප්රතික්ෂේප කිරීමෙන් හා ගිවිසුම් කඩකිරීමෙන් වැළකී සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙන් නුඹලා ඔවුන් සමග සටන් කරනු.
Tevbe 9:13
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! තම ගිවිසුම් හා ප්රතිඥා කඩ කරන පිරිසක් සමග නුඹලා යුද නොවදිනුයේ මන් ද? ඔවුන් දාරුන් නද්වා හි ඔවුන්ගේ රැස්වීම් වලදී දූතයාණන් ව මක්කාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කළෝය. නබි තුමාණන්ට දිවුරුම් දුන් කුසාආ ගෝත්රයට එරෙහි ව කුරෙය්ෂ්වරුන්ට දිවුරුම් දුන් බක්රා ගෝත්රයට ඔවුන් උපකාර කළ අවස්ථාවේ පළමු වරට යුද්ධය ආරම්භ කළේ ඔවුහුය. නුඹලා ඔවුනට බිය වී ඔවුන් සමග යුද වැදීමට පෙරමුණ නොගන්නෙහු ද? නුඹලා සැබෑ විශ්වාසීන් නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා පිවිතුරු අල්ලාහ්ය.
Tevbe 9:14
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! දෙවියන්ට ආදේශ තබන මොවුන් සමග නුඹලා සටන් කරනු. හේතුව සැබැවින්ම නුඹලා ඔවුන් සමග සටන් කරන්නේ නම් අල්ලාහ් නුඹලාගේ දෑතින් ඔවුනට දඬුවම් කරනු ඇත. එය නුඹලා ඔවුන් ව මරා දැමීමෙනි. ඔවුන් අන්ත පරාජයට පත් කරමින්, ඔවුන් සිරභාරයට පත් කරමින්, ඔවුන් අවමානයට පත් කරනු ඇත. නුඹලා ඔවුන් අභිබවා යන්නට සලස්වා නුඹලාට ඔහු උදව් කරනු ඇත. යුද්ධය නොදුටු දේව විශ්වාසී ජනයාගේ හදවත් තුළ පවතින රෝගය, ඔවුන්ගේ සතුරන් ඝාතනය කරනු ලැබීම, සිරභාරයට ගනු ලැබීම හා අන්ත පරාජයට පත්වීම යනාදි වශයෙන් ඔවුනට අත් වූ ඉරණම හා ඔවුනට එරෙහි ව දේව විශ්වාසීන්ට අත් වූ ජයග්රහණය තුළින් ඔහු සුවපත් කරනු ඇත.
Tevbe 9:15
දේව විශ්වාසීන්ට අත් වූ ජයග්රහණය හේතුවෙන් එම ගැත්තන්ගේ හදවත් තුළ ඔහු ක්රෝධය දුරස් කරනු ඇත. මක්කා ජයග්රහණයේදී ඇතැම් මක්කා වාසීන්ට අත් වූවාක් මෙන් මෙම මුරණ්ඩුකම් ඇත්තන් පාප ක්ෂමාවේ නිරත වූයේ නම් අල්ලාහ් තමන් අභිමත කරන්නන්හට සමාව දෙනු ඇත. ඔවුන් අතර සැබෑ ලෙස පාප ක්ෂමාවෙහි නිරත වන්නා කවුරුන් දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ සැලසුමෙහි හා ඔහු ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
Tevbe 9:16
අහෝ දේව විශ්වාසී ජනයිනි! කිසිදු පරීක්ෂණයකින් තොරව අල්ලාහ් නුඹලා ව අතහැර දමනු ඇතැයි නුඹලා සිතන්නෙහු ද? පරීක්ෂාවට ලක් කිරීම ඔහුගේ න්යායයන් අතරින් එක් න්යායයකි. නුඹලා අතරින් අල්ලාහ් සමග හෝ ඔහුගේ දූතයාණන් සමග හෝ දේවත්වය විශ්වාස කරන සෙසු මුඃමින්වරුන් සමග හෝ හැර එමෙන්ම දේව ප්රතික්ෂේපකයින් සමඟ රහසිගත ව මිතුදම් නොපාන අල්ලාහ්ට අවංකව කැපවන ගැත්තන් කවුරුන්දැයි ද, ඔවුන් අතර සාධාරණ ව කටයුතු කරන නිර්මල උදවිය කවුරුන්දැයි ද, අල්ලාහ් ප්රත්යක්ෂ කර ගන්නා තෙක් නුඹලාව පරීක්ෂාවට භාජනය කරනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
Tevbe 9:17
අල්ලාහ්ට ආදේශ තබන්නන්, ඔහු විසින් ඔවුනට හෙළි කරනු ලැබූ දෑ ඔවුන් විසින්ම ප්රතික්ෂේප කිරීම පිළිගෙන සිටින තත්ත්වයේ නැමදුම් හා වෙනත් ඇදිහිලි මගින් අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවන්නේය. තම ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝ ඔවුන්මය. එය පිළිගැනීම සඳහා අවශ්ය ඊමාන් නම් කොන්දේසිය ඔවුන් අහිමි කර ගෙන ඇත. නමුත් ඔවුහු ඔවුන්ගේ මරණයට පෙර පාප ක්ෂමාවේ නිරත වූයේ නම් මිස, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ සදා පිවිසෙනු ඇත.
Tevbe 9:18
මස්ජිද් පරිපාලනය කිරීමටත්, ඒවායෙහි යුතුකම් ඉටු කිරීමටත් සුදුස්සන් වනුයේ, කිසිවක් අල්ලාහ්ට ආදේශ නොකර, ඔහු ව පමණක් විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ විශ්වාස කරන, සලාතය ඉටු කරන, තම ධනයෙන් සකාත් ද පිරිනමන, අල්ලාහ් හැර වෙනත් කිසිවකුට බිය නොවන අය හටය. ඍජු මාර්ගය වෙත මග ලබන්නට අපේක්ෂා කරන්නෝ මොවූහුය. දේව ආදේශකයින් වනාහි එයින් වඩාත් දුරස් ව සිටින්නට බලන්නෝ වෙති.
Tevbe 9:19
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! කිසිවක් අල්ලාහ්ට ආදේශ නොකර, ඔහු ව පමණක් විශ්වාස කර, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ද විශ්වාස කර, අල්ලාහ්ගේ වදන උසස් වීමට හා දේව ප්රතික්ෂේපකයින්ගේ වදන පහත් කිරීම සඳහා තම ප්රාණය හා වස්තුව පරදුවට තබා කැපවන අය මෙන් මස්ජිදය පරිපාලනය කිරීමේ හා පැමිණෙන හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීමේ කටයුතු මෙහෙයවන්නන් නුඹලා පත් කරන්නෙහු ද? අල්ලාහ් අබියස ඇති මහිමයෙහි නුඹලා ඔවුන් සමාන තත්ත්වයෙහි සලකන්නෙහු ද? කිසිවිටෙක අල්ලාහ් අබියස ඔවුන් සම තත්ත්වයේ පසුවන්නේ නැත. හජ් වන්දනාකරුවන්ට ජලය සැපයීම වැනි යහපත් ක්රියාවන් කළ ද, දේව ආදේශය හේතුවෙන් අපරාධකරුවන්ට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.
Tevbe 9:20
අල්ලාහ් ව විශ්වාස කිරීම, දෙවියන් ප්රතික්ෂේප කරන දේශයකින් නික්ම වී ඉස්ලාමීය දේශය වෙත පියනැගීම, තම වස්තුව හා ජීවිත පරදුවට තබා අල්ලාහ්ගේ මාර්ගයේ කැප වී කටයුතු කිරීම යනාදී කරුණු එකට සිදු කළ අය වනාහි, ඔවුන් සෙසු අයට වඩා අල්ලාහ් ඉදිරියේ තරාතිරමින් උසස් අය වෙති. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ස්වර්ගයේ ජයග්රාහකයෝ ඔවූහුමය.
Tevbe 9:21
ඔවුන්ගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ ඔවුන්ගේ දයාව ගැන සතුටු වන දේ සහ උන් වහන්සේගේ සතුට ඔවුන් වෙත ගෙන ඒම පිළිබඳව ඔවුන්ට දන්වයි. එහෙයින් කිසිවිටෙක ඔහු ඔවුන් මත කෝප නොවෙයි. ස්වර්ග උයන් වලට පිවිසීම තුළින් කිසිවිටෙක අවසන් නොවන සදා සැප පහසුකම් ඔවුනට එහි හිමි වනු ඇත.
Tevbe 9:22
අවසානයක් නැති එම ස්වර්ග උයන් වල ඔවුහු සදා රැඳෙති. එය ඔවුන් මෙලොවෙහි සිදු කරමින් ආ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා වූ ප්රතිඵලයක් වශයෙනි. අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු වැළැක් වූ දැයින් වැළකී, අවංක ලෙස ඔහුට පමණක් දහම පුද කරන්නන්හට සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් කුසල් ඇත.
Tevbe 9:23
අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ් ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ පිළිපදිනු. පරම්පරාවෙන් පැවත එන නුඹලාගේ මුතුන් මිත්තන් නුඹලාගේ සහෝදරයින් හා වෙනත් අය අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීම වෙනුවට ඔවුන් තුළ දේව ප්රතික්ෂේපය බලපෑවේ නම් දේව විශ්වාසීන්ගේ රහස් ඔවුනට පතුරමින් ඔවුන් සමග සාකච්ඡා කරමින් ඔවුන් සමග යහපත් ආශ්රයක් ඇති කර නොගනු.
Tevbe 9:24
අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලාගේ මුතුන් මිත්තන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයින්, නුඹලාගේ බිරියන්, නුඹලාගේ ඥාතීන්, නුඹලා උපයන නුඹලාගේ ධනය, නුඹලා එහි ලාභය ප්රිය කරන එහි අවපාතයට බිය වන නුඹලාගේ ව්යාපාරය, නුඹලා වාසය කිරීමට ප්රිය කරන නුඹලාගේ නිවෙස් යන මේ සියල්ලම අල්ලාහ්ට, ඔහුගේ දූතයාණන්ට හා ඔහුගේ මාර්ගයේ කැපවන්නන්ට වඩා නුඹලාට ප්රිය මනාප නම්, නුඹලාට පහළ වන විනාශය හා දඬුවම නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. අල්ලාහ් තෘප්තිමත් වන ක්රියාවන් තුළින් ඔහුට අවනත වීමෙන් බැහැරවූවන් හට ඔහු ආශිර්වාද කරන්නේ නැත.
Tevbe 9:25
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ් මත විශ්වාසය තබා, අවශ්ය සාධක සූදානම් කර ගත් අවස්ථාවේ, නුඹලාගේ බලඇණිය දුර්වල හා අඩු සංඛ්යාවකින් පෙනී සිටියදී පවා එවන් බොහෝ යුද්ධ වලදී දෙවියන්ට ආදේශ තැබූ නුඹලාගේ සතුරන්ට එරෙහි ව සැබැවින්ම අල්ලාහ් නුඹලාට උපකාර කළේය. එහෙයින් නුඹලාගේ අධිකත්වය දැක නුඹලා හාස්යයට පත් නොවනු. ඔවුනට එරෙහි ව නුඹලාට අත්වන ජයග්රහණයට අධිකත්වය හේතුවක් වන්නේ නැත. හුනෙය්න් දිනයෙහි නුඹලාගේ අධිකත්වය ගැන පුදුමයට පත් ව, ‘අද දින සුළු පිරිස විසින් අප පරාජය කළ නොහැක’ යැයි නුඹලා පවසා සිටියහ. නමුත් නුඹලා මවිතයට පත් කළ නුඹලාගේ අධිකත්වය නුඹලාට කිසිදු ප්රයෝජනයක් ගෙන දුන්නේ නැත. නුඹලාගේ සතුරන් විසින් නුඹලාව පරාජයට පත් කළේය. මහ පොළොව විශාල වුව ද එය නුඹලාට පටු විය. පසු ව නුඹලා පරාජිතයින් ලෙස නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා පලා ගියෙහුය.
Tevbe 9:26
නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා පලා ගිය පසු ව, ඔහුගේ දූතයාණන්ට අල්ලාහ් සැනසුම පහළ කළේය. දෙවියන් විශ්වාස කළ අයට ද පහළ කළේය. එවිට ඔවුහු යුද්ධය ස්ථීර කර ගත්තෝය. ඔවුන් නුදුටු මලක්වරුන් පහළ කළේය. අවසානයේ ප්රතික්ෂේප කළවුන් ඝාතනයට ලක්වීම, සිරගත වීම, වස්තුව අහිමිවී යාම හා තම පරම්පරාවේ අයවලුන් වහල්භාවයට පත්වීම යනාදියට මුහුණ දීමට සිදු විය. මොවුනට අත් වූ එම ප්රතිවිපාකය ඔවුන්ගේ දූතයාණන් ව බොරු කර එතුමාණන් ගෙන ආ දෑ පිටුපාමින් ප්රතික්ෂේප කිරීමේ ප්රතිවිපාකයයි.
Tevbe 9:27
සැබැවින්ම කවරෙකු මෙම දඬුවමට පසු ව තම ප්රතික්ෂේපභාවයෙන් හා මුළාවෙන් මිදී පාප ක්ෂමාව අයැද සිටින්නේ ද, එවිට සැබැවින්ම අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. ඔහුගේ තව්බා ව පිළිගනු ඇත. තමාට පසුතැවිලි වී සමාව අයදින තම ගැත්තන් කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලිය. එමෙන්ම ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. එය ප්රතික්ෂේප කිරීමෙන් හා වැරදි සිදු කිරීමෙන් පසු ඔවුන් කළ පාප ක්ෂමාව පිළිගැනීමෙනි.
Tevbe 9:28
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔහු විසින් ආගමානුගත කළ කරුණු පිළිපදින්නනි! සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන්නන් කිලිටිය. එය ඔවුන් තුළ දේව ප්රතික්ෂේපය, අපරාධය, පහත් ගුණාංග හා පහත් සිරිත් විරිත් තිබෙන බැවිණි. එහෙයින් මක්කා පාරිශුද්ධ භූමියට ඔවුන් ඇතුළත් නොවිය යුතුය. මස්ජිදුල් හරාම් ද ඒ අතරිනි. මෙම වසරින් පසු (එනම් නව වන හිජ්රි වර්ෂයෙන් පසු) ඔවුන් හජ් හෝ උම්රා වන්දනාකරුවන් ලෙස සිටිය ද ඇතුළත් නොවිය යුතුයි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා වෙත ඔවුන් ගෙන එන ආහාර පාන හා විවිධ ව්යාපාරික භාණ්ඩ නැවැත්වීම හේතුවෙන් නුඹලා දිළිඳුභාවය පිළිබඳ ව බියවන්නේ නම්, දැනගනු! අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔහුගේ භාග්යය නුඹලාට ප්රමාණවත් වන්නේය. සැබැවින්ම නුඹලා කවර ස්ථාවරයක සිටින්නේ දැයි අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලා වෙනුවෙන් ඔහු යොදා ඇති සැලසුම ගැන මහා ප්රඥාවන්තය.
Tevbe 9:29
අල්ලාහ් කිසිදු හවුල්කරුවකු නොමැති දෙවියා බව විශ්වාස නොකරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට තහනම් කළ මිය ගිය සතුන්, සූකර මාංශ, මත් ද්රව්ය, පොළිය යනාදියෙන් වැළකී නොසිටින, අල්ලාහ් ආගමානුගත කළ දෑ ට යටත් නොවන යුදෙව්වන් හා කිතුනුවන් අතරින් අල්ලාහ් ව ප්රතික්ෂේප කරන්නන් සමග ඔවුන් යටහත් පහත්ව බදු ගෙවන තෙක් නුඹලා සටන් කරනු.
Tevbe 9:30
සැබැවින්ම යුදෙව් හා කිතුනු සෑම සමූහයක්ම දෙවියන්ට ආදේශ තබන්නෝ වෙති. සැබැවින්ම උසෙයිර් අල්ලාහ්ගේ පුතණුවන් බව ඇරයුම් කරමින් යුදෙව්වන් අල්ලාහ්ට අදේශ තබති. සැබැවින්ම මසීහ් ඊසා අල්ලාහ්ගේ පුතණුවන් බව ඇරයුම් කරමින් කිතුනුවන් අල්ලාහ්ට ආදේශ තබති. එය කිසිදු සාධකයක් ඉදිරිපත් කිරීමකින් තොර ව ඔවුන්ගේ කටින් ගොතා පවසන ප්රකාශ පමණි. මොවුහු තමන්ට පෙර, "සැබැවින්ම මලාඉකාවරුන් අල්ලාහ්ගේ දූවරුන්" යැයි පවසා සිටි අයට සමාන අය වෙති. අල්ලාහ් එයට ඉහළය, උත්තරීතරය. අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. සැබෑ සත්යයෙන් ව්යාජ දෑ වෙත ඔවුන් හැරෙනුයේ කෙසේද?
Tevbe 9:31
යුදෙව්වන් තම ආගමික විද්වතුන් ද, කිතුනුවන් තම වන්දනාකරුවන් ද අල්ලාහ් හැර දමා තම දෙවිවරුන් ලෙස ගත්තෝය. ඔවුන්ට අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් මත අනුමත කර ගනිති. අල්ලාහ් ඔවුනට අනුමත කළ දෑ ඔවුන් මත තහනම් කර ගනිති. කිතුනුවන් අල්ලාහ් සමගම මර්යම්ගේ පුත් ඊසාව දෙවියකු ලෙස ගත්තෝය. යුදෙව් විද්වතුන්ට, කිතුනු වන්දනාකරුවන්ට, උසෙයිර්ට හා මර්යම්ගේ පුත් ඊසාට අල්ලාහ් අණ කර සිටියේ ඔහුට පමණක් හැර වෙනත් කිසිවකුට නොනමදින ලෙසත් කිසිවක් ඔහුට ආදේශ නොකරන ලෙසත්ය. ඔහු සුවිශුද්ධ ඒකීය දෙවියාය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සුපිවිතුරුය. දෙවියන්ට ආදේශ කරන්නන් හෝ වෙනත් අය පවසා සිටින පරිදි ඔහුට කිසිදු හවුල්කරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය.
Tevbe 9:32
දේවත්වය ප්රතික්ෂේප කරන මොවුන් හා දේව ප්රතික්ෂේපයේ පිළිවෙත් මත සිට බොරු ගොතමින් හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ගෙන ආ දෑ බොරු කරමින් සිටි ජනයා අපේක්ෂා කරනුයේ, ඉස්ලාමය විනාශ කිරීමටත් එය නිෂ්ඵල කිරීමටත්, අල්ලාහ්ගේ ඒකීයත්වය මත ඔහුගේ දූතයාණන් ගෙන ආ සත්යය තහවුරු කරන පැහැදිලි සාක්ෂි හා පහැදිලි සාධක ව්යාජ කිරීමටත් ය. සැබැවින් ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ සත්යය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම දහම සම්පූර්ණ කිරීමටත්, එය හෙළි කිරීමටත් සෙසු පිළිවෙත් වලට වඩා එය ඉහළින් තැබීමටත් අපේක්ෂා කරයි. වෙනත් කරුණු ඔහු ප්රතික්ෂේප කරයි. සැබැවින්ම අල්ලාහ් එය සම්පූර්ණ කරන්නාය. එය හෙළි කරන්නාය. එය ඉහළ නංවන්නාය. අල්ලාහ් යමක් අපේක්ෂා කළ විට වෙනත් අයගේ අපේක්ෂාවන් ශුන්ය වී යයි.
Tevbe 9:33
මිනිසුනට මාර්ගෝපදේශයක් වූ අල් කුර්ආනය හා සත්ය දහම වන ඉස්ලාම් දහම සමග දූතයකු ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එව්වේ පිවිතුරු අල්ලාහ්ය. එය දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද සෙසු දහම් වලට වඩා නීති රීති සාක්ෂි හා සාධක තුළින් එය උසස් කරනු පිණිස ය.
Tevbe 9:34
අහෝ දෙවියන් විශ්වාස කොට අල්ලාහ් ආගමානුගත කළ දෑ ඉටු කරන්නනි! යුදෙව්වන් අතර සිටින විද්වතුන් බොහෝ දෙනා හා කිතුනුවන් අතර සිටින වන්දනාකරුවන් බොහෝ දෙනා කිසිදු ආගමික න්යයකින් තොර ව මිනිසුන්ගේ වස්තුව සූරා කති. ඔවුන් අල්ලස් හා (එවැනි නිත්යානුකූල නොවන) වෙනත් දෑ ගනිති. අල්ලාහ්ගේ දහම තුළට ජනයා පිවිසීමෙන් ඔවුන් වළක්වති. රන් හා රිදී රැස් කර, ඔවුනට අනිවාර්යය වූ සකාතය ඉටු නොකරන්නන් වනාහි අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කළ වැරදි හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුනට ඇති බව දන්වා සිටිනු.
Tevbe 9:35
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නෙහි ඔවුන් එක් රැස් කොට තමන් විසින් නිකුත් කළ යුතු දැයින් වළක්වා ගත් දෑ ඉන්ධන බවට පත් කරයි. එහි උෂ්ණත්වය දැඩි වූ විට ඔවුන්ගේ නළල්, ඔවුන්ගේ ඉලපත් හා ඔවුන්ගේ පිටවල් මත තබනු ලැබේ. ඉතා පිළිකුල් සහගත අයුරින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. “මෙය නුඹලා එක්රැස් කළ මෙන්ම එහි අනිවාර්යය වගකීම ඉටු නොකළා වූ නුඹලාගේ වස්තුව වේ. එහෙයින් නුඹලා රැස් කරමින් හා එහි යුතුකම් ඉටු නොකරමින් සිටි දෑ හි ප්රතිවිපාක හා එහි දඬුවම භුක්ති විඳිනු."
Tevbe 9:36
අහස් හා මහ පොළොව මැවූ දා පටන් සටහන් පුවරුවේ අල්ලාහ් ස්ථීර කර ඇති පරිදි අල්ලාහ්ගේ නියමයේ හා න්යායයේ වසරේ මාස ගණන දොළොසකි. එම මාස දොළොසින් මාස හතරක යුද වැදීම අල්ලාහ් තහනම් කළේය. එය එකිනෙක පර ව එන දුල් කඃදා, දුල් හිජ්ජා සහ මුහර්රම් යන මාස තුන හා වෙනමම එන රජබ් මාසයයි. සඳහන් කරනු ලැබූ මේ මාස ගණන හා ඒ අතරින් තහනම් කරන ලද මාස හතර වනාහි ඍජු ධර්මතාව එයයි. මෙම පිවිතුරු මාස වල යුද්ධ ඇති කරමින් නුඹලා නුඹලාටම අපරාධ නොකරනු. එහි ගෞරවය නොකෙලසනු. ඔවුන් නුඹලා සියල්ලන් සමග සටන් කරන්නාක් මෙන් නුඹලා ද ඔවුන් සියල්ලන් සමග සටන් කරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන් සමග ජයග්රහණයේ දී හා ජය තහවුරු කිරීමේ දී අල්ලාහ් සිටින බව දැන ගනු. කවරෙකු සමග අල්ලාහ් සිටින්නේ ද එවිට කිසිවකු ඔහු අභිබවා යා නොහැක.
Tevbe 9:37
(අරාබිවරු අඥාන යුගයේ සිදු කළාක් මෙන්) ශුද්ධ වූ මාසයේ පාරිශුද්ධතාව වෙනුවට ශුද්ධ නොවන මාසය දක්වා ප්රමාද කිරීමත්, එය එම ස්ථානයේ තැබීමත් අල්ලාහ් පිළිබඳ ඔවුන්ගේ ප්රතික්ෂේපය වඩ වඩාත් වර්ධනය කරනු ඇත. එය ශුද්ධ වූ මාසය තුළ පවතින ඔහුගේ ප්රඥාව ඔවුන් විසින් ප්රතික්ෂේප කරන පරිදිය. මෙම නරක වසර ඔවුනට බලාත්මක වන විට ෂෙයිතාන් එමගින් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් නොමග යවනු ඇත. ඔවුන් වසරක් ශුද්ධ මාසය අනුමත මාස වලින් එක් මාසයක් බවට පෙරළමින් අනුමත කර ගනිති. අල්ලාහ් තහනම් කළ මාස ගණනට අනුකූල වනු පිණිස වසරක් එහි තහනම්භාවය මත රැඳී සිටිති. එහි සැලකිය යුතු කරුණකට විරුද්ධවූයේ නම් එක් මාසයක් තවත් මාසයක ස්ථානයේ තබා ඔවුන් එය තහනම් කරනවාක් මිස මාසය අනුමත කරගන්නේ නැත. ඒ අනුව ඔවුන් අල්ලාහ් තහනම් කළ ශුද්ධ මාස අනුමත කර ගනිති. එහි ඇති ප්රඥාවට විරුද්ධ වෙති. ෂෙයිතාන් විසින් නපුරු ක්රියාවන් ඔවුනට අලංකාරවත් කරයි. ඔවුහු එය ඉටු කරති. ඒ අතරින් ප්රමාදය පිළිබඳ නව ක්රමවේදයක් ආරම්භ කිරීමත් ඇතුළත් වේ. තම ප්රතික්ෂේපයේ නිරත ව සිටින ප්රතික්ෂේපකයින් හට අල්ලාහ් ආශිර්වාද නොකරන්නේය.
Tevbe 9:38
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කර තමන් වෙනුවෙන් ආගමානුගත කළ දෑ පිළිපදින්නනි! නුඹලාගේ සතුරන් සමග සටන් කිරීමට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා නුඹලා ඇරයුම් කරනු ලබන විට, නුඹලා ප්රමාද වී නුඹලාගේ වාසස්ථාන වල රැඳී සිටීමට ගිය කාරණාව කුමක් ද? අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කරන සටන්කාමීන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති සදාතනික මතු ලොව සැප සම්පත් වෙනුවට ඉතා පහත් මෙන්ම එහි සැප පහසුකම් බිඳී යන මෙලොව ජීවිතයේ සැප පහසුකම් පිළිබඳ නුඹලා තෘප්තියට පත් වන්නෙහු ද? මෙලොව සැප පහසුකම් මතු ලොව පැත්තෙන් බලන විට ඉතා අල්පයක් මිස නැත. සදා පවතින්නක් වෙනුවට විනාශ වී යන්නක් හා අති මහත් දෙයක් වෙනුවට අල්ප දෙයක් තෝරා ගැනීම බුද්ධිමතෙකුට කෙසේ නම් විය හැකි ද?
Tevbe 9:39
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාගේ සතුරන් සමග සටන් කිරීම සඳහා අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා පිටත් ව නොයන්නේ නම් අවමානය, පරාජය හා වෙනත් කරුණු තුළින් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනු ඇත. එමෙන්ම ජිහාද් සඳහා පිටත්වන්නට ඇරයුම් කරන විට එසේ පිටත් ව යන අල්ලාහ්ට කීකරු තවත් පිරිසක් නුඹලා වෙනුවට ඔහු පෙරළා බිහි කරනු ඇත. ඔහුගේ නියෝගයට නුඹලා පිටුපෑම හේතුවෙන් ඔහුට කිසිවක් හානි කරන්නේ නැත. ඔහු නුඹලාගේ අවශ්යතාවෙන් තොරය. ඔහු වෙත අවශ්යතාව ඇත්තෝ නුඹලාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු ඔහුගේ දහමට ඔහුගේ නබිවරයාට නුඹලා නොමැතිවම ජය ලබා දීමට බලය ඇත්තාය.
Tevbe 9:40
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්හට උදව් නොකළේ නම් හෝ අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නට එතුමාණන් ඇරයුම් කරන විට නුඹලා එයට පිළිතුරු නොදුන්නේ නම් හෝ සැබැවින්ම නුඹලා එතුමාණන් සමග නොවුව ද, අල්ලාහ් එතුමාට උදව් කරනු ඇත. දෙවියන් ආදේශ කරන්නන් විසින් එතුමාණන් ව හා අබූ බක්කර් තුමා ව පිටුවහල් කරන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සොයා ආ දේව ප්රතික්ෂේපකයින්හට බියෙන් සව්ර් ගුහාවේ සිටියදී ඔවුන් දෙදෙනා සමග තුන්වැන්නෙකු නොවීය. දේව ප්රතික්ෂේපකයින්ගේ ග්රහණයට හසුවනු ඇතැයි බිය වූ එතුමාණන්ගේ මිතුරු අබූ බක්කර් තුමාට, "ඔබ දුක් නොවනු. සැබවින් අල්ලාහ් ජය තහවුරු කිරීමට හා උදව් කිරීමට අප සමග සිටින්නේය" යැයි පැවසූ අවස්ථාවේ අල්ලාහ් ඔහුගේ දූතයාණන්ගේ සිතට සැනසුම පහළ කළේය. එතුමාණන් ශක්තිමත් කරන ඔවුන් නොදුටු මලක්වරුන් ද පහළ කළේය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රකාශය පහත් කොට, ඉස්ලාමය උසස් වීමට සලස්වා අල්ලාහ්ගේ වදන උසස් කළේය. අල්ලාහ් ඔහුගේ ස්වභාවයේ හා ඔහුගේ බලයේ හා ඔහුගේ ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. සැලසුම් කිරීමෙහි ද ඔහුගේ නියමයෙහි හා ඔහු ආගමානුගත කිරීමෙහි ද ඔහු මහා ප්රඥාවන්තය.
Tevbe 9:41
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! පහසුකම් ඇති තත්ත්වයේ ද පහසුකම් නොමැති තත්ත්වයේ ද තරුණයින් හා මහල්ලන් වශයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමට පිටත් ව යනු. නුඹලාගේ ප්රාණ හා නුඹලාගේ වස්තුව පරදුවට තබා කැපවනු. එසේ යුද්ධය සඳහා පිටත් වීමත්, ප්රාණය හා වස්තුව පරදුවට තැබීමත්, යුද්ධයට සහභාගී නොවී රැඳී සිටීම හෝ වස්තුවට හා ප්රාණයට ඇලී සිටීමට වඩා මෙලොව මෙන්ම මතු ලොවට වඩාත් ප්රයෝජනවත් වන්නේය. ඒ ගැන නුඹලා දැන සිටියෙහු නම් ඒ සඳහා ප්රිය කරනු.
Tevbe 9:42
කුහකයින් අතරින්, ප්රමාදවීමට නුඹගෙන් අවසර පතන්නන්ව නුඹලා කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේ ද, එය පහසුවෙන් අත්පත් කර ගත හැකි යුද භාණ්ඩයක් හෝ කිසිදු අසීරුතාවක් නොමැති ගමනක් වී නම් ඔවුන් නුඹ පසුපස හඹා එනු ඇත. නමුත් අහෝ නබිවරය! සතුරන් වෙත යෑම සඳහා නුඹ ඔවුන් ඇරයුම් කළ දුර ප්රමණය දිගු විය. කුහකයින් අතරින් ප්රමාද වීමට අවසර පැතූ මොවුන් වෙත නුඹ ගිය කල්හි ඔවුහු අල්ලාහ් මත දිවුරමින් "නුඹලා සමග ජිහාද් කිරීමට පිටත් වීමට අපට හැකියාව ඇත්නම් අප ද පිටත් ව එන්නට තිබුණි." යැයි පවසන්නට වූහ. ඔවුන්ගේ ප්රමාදයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හා මෙම බොරු විශ්වාසය හේතුවෙන් අල්ලාහ්ගේ දඬුවමට ඉදිරියේ ඔවුන් ඔවුන්වම විනාශ කර ගත්තෝය. ඔවුන් වාද කරමින් සිටින දෑ හි මෙන්ම ඔවුන්ගේ මෙම විශ්වාසයේ ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් දනී.
Tevbe 9:43
අහෝ දූතය! ප්රමාද වීමට ඔවුනට අවසර දීමේ ඔබේ උත්සහයට අල්ලාහ් ඔබට සමාව දෙත්වා! ඔබට ඔවුන් ඉදිරිපත් කළ හේතු සාධක වල සත්යවාදීන් කවුරුන්ද බොරුකාරයින් කවුරුන්ද යැයි ඔබට පැහැදිලි වන තෙක් එහිදී ඔවුනට එසේ අනුමැතිය පිරිනැමුවේ කුමක් නිසාවෙන් ද? එසේ වූයේ නම් ඔවුන් අතර සිටි බොරුකාරයින්ට හැර සත්ය පවසන්නන්ට පමණක් අනුමැතිය දෙන්නට තිබිණ.
Tevbe 9:44
අහෝ දූතය! සැබෑ විශ්වාසයකින් යුතුව අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන ජනයා අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව හා තම ජීවිත පරදුවට තබා කැපවීම සඳහා ප්රමාද වීමට ඔබෙන් අනුමැතිය පැතීම ඔවුන්ගේ කටයුත්තක් නොවන්නේය. ඔවුන්ගේ කරුණ වනුයේ ඔබ ඔවුන් කැඳ වූ අවස්ථාවේ එසේ පෙරළා පැමිණ ඔවුන්ගේ ප්රාණය හා වස්තුව පරදුවට තබා සටන් කිරීමය. ඔබ සමග පිටත් වීමට ඔවුන් වැළැක් වූ හේතු සාධක නිසාවෙන් මිස එසේ ඔබෙන් අනුමැතිය නොඉල්ලූ තම බැතිමත් ගැත්තන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.
Tevbe 9:45
අහෝ දූතය! අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා ප්රමාදවීමේ අනුමැතිය ඔබෙන් පැතූ අය වනාහි, අල්ලාහ් ව විශ්වාස නොකරන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන කුහකයෝ වෙති. එමෙන්ම තම හදවත් තුළ අල්ලාහ්ගේ දහම විෂයයෙහි සැක ඇත්තෝ වෙති. ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙමින් සිටිති. සත්ය වෙත මග නොලබති.
Tevbe 9:46
සැබැවින්ම ඔබ සමග අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා පිටත් වීමට ඔවුන් අපේක්ෂා කරන බවට ඔවුන් තබන වාදයේ ඔවුන් සත්යවාදීහු නම්, ඒ සඳහා අවශ්ය කළමනා සූදානම් කරන්නට තිබුණි. නමුත් ඔබ සමග ඔවුන් පිටත් වීම අල්ලාහ් හෙළා දැක්කේය. ඔවුන්ගේ නිවෙස් වලටම වී රැඳී සිටීමට බලපෑමක් ඇති කරන තරමට එසේ පිටත් වීම ඔවුනට බරක් විය.
Tevbe 9:47
මෙම කුහකයින් නුඹලා සමග පිටත් ව නොයෑම යහපතකි. ඔවුන් නුඹලා සමග පිටත් ව ගියේ නම් ඔවුන් නුඹලා අතර පහත් කිරීම, සැකය ඇති කිරීම යනාදී කටයුතු වල නිරත වී අර්බුදයක් ඇති කිරීම මිස වෙනත් කිසිවක් වර්ධනය කරන්නේ නැත. නුඹලා අතර විභේද කිරීම සඳහා කේලම් කියමින් නුඹලාගේ බල ඇණියන් අතර සැරිසරනු ඇත. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර බොරුව ප්රවර්ධනය කරන දෑ ට සවන් දෙන අය ද වෙති. ඔවුන් එය පිළිගෙන පතුරුවාලති. එවිට නුඹලා අතර මතභේද හට ගනියි. දෙවියන් විශ්වාස කරන්නන් අතර සැක ඇති කරන විෂ පොවන කුහකයින් අතර සිටින අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.
Tevbe 9:48
මෙම කුහකයෝ දෙවියන් විශ්වාස කළවුන්ගේ ප්රකාශයේ බෙදීම් ඇති කර තබූක් යුද්ධයට පෙර ම ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරමින් කලහකම් කිරීමට ආශා කළෝය. අහෝ දූතය! කුමන්ත්රණශීලී ලෙස සියලු කටයුතු නුඹ වෙත හරවන්නට බලති. එය ඔවුන්ගේ කුමන්ත්රණය හරහා ජිහාද් පිළිබඳ ඇති නුඹගේ අධිෂ්ඨානයට බලපෑමක් ඇති කරනු පිණිසය. අවසානයේ අල්ලාහ්ගේ උපකාරය පැමිණ එය ඔබට තහවුරු විය. අල්ලාහ් ඔහුගේ දහම ගෞරවයට ලක් කළේය. ඔවුන් පිළිකුල් කළ ද ඔහුගේ සතුරන් ඔහු මැඩලීය. එය ඔවුන් සත්යයට එරෙහි ව අසත්ය ජය ගැනීම ඔවුන් ආශා කරමින් සිටි බැවිණි.
Tevbe 9:49
අර්බුදකාරී තත්ත්වයන් හී නිදහසට කරුණු දක්වන අය ද කුහකයින් අතර වෙති. ඔවුහු ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජිහාදයෙන් පසුබෑමට මට අවසර දෙන්න. රෝම සතුරන්ගේ කාන්තාවන් දුටු විට ඔවුන්ගේ අර්බුදය හේතුවෙන් පාපයක් ඇති නොවනු පිණිස ඔබ සමග පිටත් වීමෙන් පාපයේ බර උසුලන්නට මා හට අවකාශය නොදෙන්න’ යැයි පවසති. දැනගන්න. ඔවුන් සිතන දෑ ට වඩා අතිමහත් අර්බුදයකට ඔවුන් වැටී ඇත. එය කුහකත්වයේ හා පසුගාමිත්වයේ අර්බුදයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කළවුන්ව නිරය සර්ව ප්රකාරයෙන් වටලා ගනු ඇත. ඔවුන් අතරින් කිසිවකු එය මග හරින්නේ නැත. ඉන් පලා යන්නට ස්ථානයක් ඔවුන් ලබන්නේ ද නැත.
Tevbe 9:50
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට සහනයක් ලෙස යම් උපකාරයක් හෝ යුද පිටියේ වස්තුවක් වැනි අල්ලාහ්ගේ ආශිර්වාදයක් හිමි වූයේ නම් එය ඔවුහු පිළිකුල් කරති. ඒ ගැන දුක් වෙති. යම් දරුණු ව්යසනයක් හෝ සතුරු පාර්ශවයට යම් ජයක් ලැබුණු විට එම කුහකයෝ, "අපි අප ගැන බලා ගත්තෙමු. දෙවියන් විශ්වාස කරන්නන් පිට ව ගියාක් මෙන් අප පිටව නොයෑමෙන් ස්ථාවරත්වය ලැබුවෙමු. ඔවුනට අත්විය යුතු මරණය හා සිරගත වීම ඔවුනට අත් විය." යැයි පවසා එම කුහකයෝ ඔවුන්ගේ පවුල වෙතත් ඉතා සතුටින් සුරක්ෂිත ව හැරී යති.
Tevbe 9:51
අහෝ දූතය! එම කුහකයින්ට ඔබ මෙසේ පවසනු. "අල්ලාහ් අපට නියම කළ දෑ මිස වෙන කිසිවක් අප ලබා ගන්නේ නැත. ඔහු අති පිවිතුරුය. අපගේ හිමිකරුය. අප යොමු වන ස්ථානයේ ස්ථානාධිපතිය. අපගේ කටයුතුවලදී ඔහු මත පමණක් සියල්ල භාර කරන්නෙමු. දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතු පවරනුයේ ඔහු වෙත පමණය. ඔහු ඔවුනට ප්රමාණවත්ය. එම භාරකරු ඉතා යහපත්ය."
Tevbe 9:52
"අහෝ දූතය! අපට උපකාරයක් හෝ සාධකයක් හෝ ලැබීම මිස වෙනත් කිසිවක් නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? අප බලාපොරොත්තු වනුයේ නුඹලා සමග සටන් කිරීමට අල්ලාහ් අපට අවසරය දුන් විට ඔහු වෙතින් නුඹලාට දඬුවමක් පහළ වී නුඹලා විනාශ කර දමා අපගේ අතින්ම නුඹලා ඝාතනයට ලක් වීමෙන් හෝ සිරගත වීමෙන් නුඹලා දඬුවමට ලක්වීමය. එහෙයින් අපගේ දඬුවම නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම නුඹලාට අත්වන දඬුවම ගැන අපි අපේක්ෂාවෙන් සිටින්නෙමු." යැයි පවසනු.
Tevbe 9:53
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරන වස්තුව නුඹලා වියදම් කරනු. නුඹලාගේ ප්රතික්ෂේපය හා අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා බැහැර වූ හේතුවෙන් නුඹලා වියදම් කරන දෑ නුඹලාගෙන් කිසිවිටෙක පිළිගන්නේ නැත.’
Tevbe 9:54
ඔවුන් කරන වියදම් පිළිගනු ලැබීමෙන් ඔවුන් වළක්වාලනුයේ කරුණු තුනකි. එනම් ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කිරීම, ඔවුන් සලාත් ඉටු කරන විට ඔවුනට එය බරක් වීම හා ඔවුන් මැළිකම් දැක්වීම, තම වස්තුව කැමැත්තෙන් වියදම් නොකිරීම යනාදියයි. ඔවුන් ඒවා වියදම් කරනුයේ අකමැත්තෙනි. ඊට හේතුව ඔවුන්ගේ සලාතයේ හෝ ඔවුන් කරන වියදමෙහි ඔවුන් කුසල් අපේක්ෂා නොකරන බැවිණි.
Tevbe 9:55
අහෝ දූතය! කුහකයින් සතු වස්තුව, ඔවුන්ගේ දරුවන් පිළිබඳව විමතියට පත් නොවනු. ඒවා ආකර්ෂණීය ලෙස නොගනු. ඔවුන්ගේ වස්තුවේ හා දරුවන්ගේ අවසානය නපුරකි. ඒවා ලබා ගැනීම සඳහා ගන්නා වෙහෙස හා උත්සාහය ඔවුනට වේදනාවක් බවට අල්ලාහ් පත් කරනු ඇත. එමෙන්ම ඔවුන් සත්යය ප්රතික්ෂේප කරමින් සිටියදීම ඔවුන්ගේ ප්රාණය අල්ලාහ් බැහැර කරන තෙක් ඒවායෙහි අර්බුද පහළ කිරීමෙන් ද ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. ඔහු නිරා ගින්නෙහි පහළම තලයේ තනි ව දඬුවම් කරනු ලබනු ඇත.
Tevbe 9:56
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! බොරුකාර කුහකයෝ සැබැවින්ම ඔවුන් ද නුඹලාගේ කණ්ඩායමේ පිරිසක් වෙතැයි සහතික කොට පවසති. ඔවුන් නුඹලා අතරින් යැයි පෙන්නුම් කළ ද ඔවුන් ඇතුළාන්තයේ නුඹලා අතරින් නොවෙති. ඔවුන්, දෙවියන්ට ආදේශ තැබූවන් අත් වූ මරණය හා සිරගත වීම් වැනි දෑ තමන්ට ද අත්වනු ඇතැයි බිය වූ පිරිසකි. එහෙයින් ආරක්ෂාව පිණිස ඔවුහු තම ඉස්ලාමය පෙන්නුම් කරති.
Tevbe 9:57
මෙම කුහකයෝ තමන් ආරක්ෂා කර ගත හැකි ආරක්ෂිත ස්ථානයක් දුටුවේ නම් හෝ කඳු වල සැඟවිය හැකි ගුහාවන් දුටුවේ නම් හෝ රිංගිය හැකි උමගක් දුටුවේ නම් හෝ ඔවුන් ඒ වෙත පිවිස රැකවරණය ලබන්නට බලති. ඒ වෙත වේගයෙන් පිවිසෙති.
Tevbe 9:58
අහෝ දූතය! දානයක් බෙදා දිමේදී තමන් ප්රිය කරන දෑ තමන්ට නොලැබුනු අවස්ථා වලදී ඔබට දොස් පවරන්නන් ද කුහකයින් අතර වෙති. එහෙයින් ඔබ ඒවායින් ඔවුන් පතන දෑ පිරිනැමුවෙහි නම් ඔබෙන් එය පිළිගන්නා අතර ඒවායින් ඔවුන් නොපතන දෑ ඔබ ඔවුනට පිරිනැමුවෙහි නම් ඔවුන් මැසිවිලි නගති.
Tevbe 9:59
දානයන් බෙදා දීමේදී ඔබට දොස් නගන මෙම කුහකයින් ඔවුනට අල්ලාහ් නියම කළ දෑ ද ඒවායින් ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ද පිළිගෙන "අපට අල්ලාහ් ප්රමාණවත්ය. ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන දෑ ඔහු අපට පිරිනමනු ඇත. අල්ලාහ් පිරිනැමූ දැයින් ඔහුගේ දූතයාණන්ද අපට පිරිනමනු ඇත. ඔහුගේ භාග්යයෙන් අප වෙත පිරීනැමූ දෑ ප්රිය කරන්නන් ලෙසින් ඔහු වෙත පමණක් අප යොමු වන්නෙමු" යැයි පවසා සිටියේ නම් එසේ සිදු කළේ නම් ඔවුන් ඔබට දොස් නැගීමට වඩා එය ඔවුනට යහපත් වනු ඇත.
Tevbe 9:60
අනිවාර්යයෙන් ලබා දිය යුතු සකාත් වනාහි, එය පිරිනමනු ලැබිය යුත්තේ දිළිඳුන්හටත් (ඔවුන් අවශ්යතාවන්ගෙන් පෙළෙන්නෝ වෙති. යම් වෙළදාමකින් හෝ රැකියාවකින් යම් මුදලක් ඔවුන් ලැබුව ද එය ඔවුනට ප්රමාණවත් නැත. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කරන්නේද නැත.) එමෙන්ම දුප්පතුන්හටත් (කිසිවක් අයිති කර ගැනීමේ තත්ත්වයක් ඔවුනට නැත. ඔවුන්ගේ ස්වරූපය හා ඔවුන්ගේ ප්රකාශ හේතුවෙන් ඔවුන්ගේ දුප්පත්කම ජනයාට සැඟවිය නොහැක.) එමෙන්ම සකාත් රැස්කිරීම සඳහා ප්රධානියා විසින් එවනු ලබන ඒ පිළිබඳ ව කටයුතු කරන්නන්හටත්, ඉස්ලාමය වැලඳ ගැනීමට කැමැත්තෙන් සිටින මුස්ලිම් නොවන්නන් හට හෝ තම විශ්වාසය පිළිබඳ දුර්වල අයට ඔවුන්ගේ විශ්වාසය බලවත් කිරීමට හෝ එය ලබා දීමෙන් නපුර වැළක්වීමට හැකි වන අයටත්, නිදහස් කිරීමට නියමිත වහලුන් විෂයෙහි වියදම් කිරීමටත්, එමෙන්ම නාස්තිකාරී හෝ පාපකාරී නොවන කටයුතුත්තක් සඳහා ණය වී එම ණය පියවා ගත නොහැකි තත්ත්වයක් උදා වූ ණයකරුවන්හටත්, අල්ලාහ්ගේ මාර්ගයේ නිරතවීමට සූදානම් කිරීම සඳහා වියදම් කිරීමටත් තම වියදම සඳහා මුදල් අහිමි වූ මගියාහටත් විය යුතුය. අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් මොවුන් අතර සකාතය සීමා කළ යුතුය. තම ගැත්තන්ගේ යහපත පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Tevbe 9:61
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)හට වචනයෙන් හිංසා කරන්නන්ද කුහකයින් අතර වෙති. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ඉවසීම ඔවුන් දුටු කල්හි, සැබැවින්ම ඔහු සෑම කෙනෙකුගෙන්ම අසා දැන ගෙන එය ඔහු තහවුරු කරයි. සත්ය හා අසත්ය අතර වෙන් කර හඳුනා නොගනියි යැයි පවසති. "අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම දූතයා යහපත මිස වෙනත් කිසිවකට සවන් දෙන්නේ නැත. අල්ලාහ් සත්ය බව තහවුරු කරයි. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් විසින් කවර තොරතුරක් ගෙන එන්නේ ද එය ද සත්ය බව තහවුරු කරයි. අල්ලාහ් ඔවුනට කරුණා කරත්වා! සැබැවින්ම එතුමාණන් ව එවා ඇත්තේ එතුමාණන් විශ්වාස කළ අයට ආශිර්වාදයක් වශයෙනි. කවර වර්ගයක වේදනාවක් කවරෙකු එතුමාණන්ට ගෙන දෙන්නේ ද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත." යැයි ඔවුනට පවසනු.
Tevbe 9:62
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! සැබැවින්ම කුහකයෝ තමන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට වේදනා ගෙන දෙන කිසිවක් ප්රකාශ නොකරන බවට අල්ලාහ් මත දිවුරා නුඹලාට පවසති. එය ඔවුන් ගැන නුඹලා තෘප්තියට පත් කරනු පිණිසය. මොවුහු සැබෑ මුඃමින්වරුන් ලෙස සිටියෙහු නම්, දේව විශ්වාසය දැහැමි ක්රියාවන් පිළිබඳ තෘප්තිමත් වීමට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වඩාත් උචිත යැයි වටහා ගනු ඇත.
Tevbe 9:63
මෙම කුහකයෝ සැබැවින්ම තමන්ගේ මෙම ක්රියාව හේතුවෙන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරෝධීන් වන බවත්, සැබැවින්ම ඒ දෙදෙනාට සතුරුවන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට පිවිස සදාතනික ව එහි රැඳී සිටින බවත් දැන ගත යුතු නොවේ ද? එය මහත් වූ අවමානයක් මෙන්ම අපහාසයකි.
Tevbe 9:64
තමන්ගේ සිත් තුළ සඟවා ගෙන තිබෙන දේව ප්රතික්ෂේපය දෙවියන් විශ්වාස කරන්නන්හට හෙළි කරන සූරතයක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත අල්ලාහ් පහළ කිරීම ගැන කුහකයෝ බිය වූහ. අහෝ දූතය! ඔබ මෙසේ පවසනු. ‘අහෝ කුහකයිනි! දහම තුළ නුඹලා නගන දොස් හා අපහාසය මත ම දිගටම සිටිනු. අල්ලාහ් ඒ පිළිබඳ තම දූතයාණන් දැනුවත් කරන සූරාවක් පහළ කිරීමෙන් නුඹලා කවර කරුණක් පිළිබඳ බියවෙමින් සිටියේ ද එය හෙළි කරන්නාය.'
Tevbe 9:65
අහෝ දූතය! අල්ලාහ් නුඹට කුහකයින් පිළිබඳ තොරතුරු දැනුම් දීමෙන් පසු ව ඔවුන් දොස් නගමින් හා බැණ වදිමින් සිටි දෑ පිළිබඳ නුඹ ඔවුන්ගෙන් විමසා සිටියේ නම් ‘අපි හාස්ය කතාවන්හි නිරත ව සිටියෙමු. අලුත් දෙයක් කතා නොකළෙමු.’ යැයි පවසති. "අහෝ දූතය! නුඹලා සරදම් කරමින් කතා කළේ අල්ලාහ්, ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ ව දැ?"යි විමසනු.
Tevbe 9:66
මෙම ව්යාජ කරුණු නිදහසට ඉදිරිපත් නොකරනු. නුඹලා දේව ප්රතික්ෂේපය සඟවා සිටීමෙන් පසු නුඹලා හාස්ය ලෙස එය හෙළි කළේය. නුඹලා අතරින් පිරිසකට අප සමාව දානය කළ යුතු නම් ඔහු කුහකත්වය අතහැර දමා පාප ක්ෂමාවෙහි නිරත ව අල්ලාහ් වෙනුවෙන් අවංකව කටයුතු කළ යුතුයි. කුහකත්වයේ දිගටම සිටින එයින් මිදී පාප ක්ෂමාව නොඅයදින පිරිසකට අපි දඬුවම් කරන්නෙමු.
Tevbe 9:67
කුහකයෝ පිරිමින් වුවද කාන්තාවන් වුවද කුහකත්වයේදී ඒකමතික අදහස් දරන්නෝ වෙති. ඔවුන් දෙවියන් විශ්වාස කරන්නන්ට වඩා වෙනස්ය. ඔවුහු පිළිකුල් සහගත දෑ නියෝග කරති. යහපත් දැයින් වළක්වති. තම වස්තුව ගැන කෑදර වෙති. අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරති. අල්ලාහ්ට අවනත වීම අතහැර දමති. එහෙයින් අල්ලාහ් ද ඔහුගේ ආශිර්වාදයෙන් ඔවුන් අතහැර දැමීය. සැබැවින්ම කුහකයින් වනාහි අල්ලාහ්ට අවනත නොවීමෙන්, පාපය වෙතටත් සත්ය මාර්ගයෙන් වැරදි මාර්ගය වෙතටත් බැහැර වූවෝ වෙති.
Tevbe 9:68
පාප ක්ෂමාව නොඅයදින කුහකයින් හා දේව ප්රතික්ෂේපකයින් නිරා ගින්නට ඇතුළත් කරන බවටත්, ඔවුන් එහි සදා රැදෙන බවටත් අල්ලාහ් ප්රතිඥා දුන්නේය. දඬුවමින් එය ඔවුනට ප්රමාණවත්ය. තම කරුණාවෙන් අල්ලාහ් ඔවුන් නෙරපා හැරියේය. ඔවුනට සදා විඳින දඬුවමක් ඇත.
Tevbe 9:69
අහෝ කුහක ජනයිනි! නුඹලාට පෙර සිටි බොරුකාර සමූහයන් මෙන් දේව ප්රතික්ෂේපයේ හා සරදම් කිරීමෙහි නුඹලා නිරත ව සිටින්නෙහුය. ඔවුහු නුඹලාට වඩා බලවත් මෙන්ම ධනයෙන් හා දරුවන්ගෙන් පොහොසත් උදවිය වූහ. එහෙයින් ඔවුනට නියම වූ ඔවුන්ගේ කොටස වශයෙන් මෙලොවෙහි ඇති ආශාවන් හා සැප පහසුකම් ඔවුහු භුක්ති වින්දහ. අහෝ කුහකයිනි! පෙර සිටි බොරුකාර සමූහයන් තම කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලාට නිර්ණය කරන ලද නුඹලාගේ කොටස නුඹලා භුක්ති විඳින්නෙහුය. ඔවුන් තම දූතවරුන්හට දොස් නගා බොරු කිරීමෙහි නිරත වූවාක් මෙන් නුඹලා ද දූතයාණන් විෂයෙහි දොස් නගා සත්ය බොරු කිරීමෙහි නිරත වන්නෙහුය. අල්ලාහ් අබියස දේව ප්රතික්ෂේපය මුල් කර ගනිමින් ඔවුන් කලහකාරී ලෙස හැසිරුනු බැවින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කර ගත්තෝය. එමෙන්ම විනාශයේ කරුණු ගෙනැවින් තමන්ටම විනාශය ඇති කර ගත් අලාභවන්තයෝ මෙම පහත් ගුණාංග සමග විස්තර කරනු ලැබූ මොවුහුය.
Tevbe 9:70
බොරුකාර සමූහයන් කටයුතු කළ ආකාරය හා ඒ හේතුවෙන් ඔවුනට දෙනු ලැබූ දඬුවම පිළිබඳ තොරතුරු මෙම කුහකයින් වෙත නොපැමිණියේ ද? නූහ්ගේ ජනයා, හූද්ගේ ජනයා, සාලිහ්ගේ ජනයා, ඉබ්රාහීම්ගේ ජනයා, මද්යන් වාසීන් ලූත්ගේ ජනයා විසූ ගම්මානය ඒවා අතරින් කිහිපයකි. ඉතා පැහැදිලි සාක්ෂි හා පැහැදිලි සාධක සමග ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත පැමිණියෝය. ඔවුන් නොමග යවන්නට අල්ලාහ්ට නොවීය. ඔවුන්ගේ දූතවරුන් ඔවුනට අවවාද කළෝය. නමුත් ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හා ඔවුන්ගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
Tevbe 9:71
දෙවියන් විශ්වාස කරන පිරිමින් හා දෙවියන් විශ්වාස කරන කාන්තාවන් අතරින් ඇතැමෙකු ඇතමෙකුට පිහිට වන්නෝ වෙති. ඔවුනට උපකාර කරන්නෝ වෙති. එය ඔවුන් අතර දේව විශ්වාසය බැඳී ඇති නිසාවෙනි. ඔවුහු යහපත විධානය කරති. එනම් අල්ලාහ්ට අවනත වන පරිදි ඒකදේවත්වය, සලාතය වැනි සියලු ආකාරයේ ඔහුට ප්රියමනාප දෑ ය. එමෙන්ම පිළිකුල් සහගත දැයින් වළක්වති. එනම් දේව ප්රතික්ෂේපය, පොලිය වැනි පාපකම් හේතුවෙන් අල්ලාහ් ඒ ගැන කෝපයට පත් වන සියලු දෑ ය. එමෙන්ම පූර්ණ ස්වරූපයෙන් සලාතය පූර්ණව ඉටු කරති. අල්ලාහ්ට අවනත වෙති. ඔහුගේ දූතයාණන්ටත් අවනත වෙති. මෙම ප්රශංසනීය ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබූවන් අල්ලාහ් තම කරුණාව තුළට ඇතුළත් කරති. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ ආගමානුගත කිරීම යනාදියෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Tevbe 9:72
අල්ලාහ් ව විශ්වාස කළ දේව විශ්වාසී පිරිමින් හා කාන්තාවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා උයන් වලට ඇතුළත් කරන බවත් ඔවුන් එහි සදා වෙසෙන බවත් ඔවුන් එහි අමරණීය බවත් එහි ඇති ඔවුන් සතු පහසුකම් කිසි විටෙක විසන්ධි නොවන බවත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන්නේය. එමෙන්ම තමන් කැමති සදා ස්ථාපිත උයන්හි අලංකාර නිවහන් වලට ඇතුළත් කරන බවත් ප්රතිඥා දුන්නේය. මේ සියල්ලට වඩා ඉමහත් ලෙස අල්ලාහ් ඔවුනට එය අනුමත කර ඇත. මෙනෙහි කරනු ලැබූ එම ප්රතිඵල කිසිදු ජයග්රහණයට කිට්ටු කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.
Tevbe 9:73
අහෝ දූතය! දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතධාරීන් සමග අසිපතින් සටන් කරනු. කුහකයින් සමග වචනයෙන් හා පැහැදිලි සාධක තුළින් සටන් කරනු. එම කණ්ඩායම් දෙක මත දැඩි ව සිටිනු. ඔවුන් එයට අදාළ පුද්ගලයෝ වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ස්ථානය නිරයයි. ඔවුන් නවාතැන් ගන්නා නවාතැන ඉතා නපුරුය.
Tevbe 9:74
ඔවුන් නුඹට දොස් නැගීම හා නුඹේ දහමට අඩුපාඩු කීම පිළිබඳ ඔවුන් ගැන නුඹට දැනගන්නට ලැබූ දෑ ඔවුන් නොපැවසූ බවට කුහකයෝ අල්ලාහ් මත දිවුරා බොරු පවසති. එසේ ඔවුන් ප්රතික්ෂේප කරන දෑ සම්බන්ධයෙන් ඔවුන් ගැන නුඹට දැන ගන්නට ලැබූ දෑ, සැබැවින්ම ඔවුහු පවසා ඇත්තාහ. දේව විශ්වාසය ඔවුන් හෙළි කළ පසු ව දේව ප්රතික්ෂේපය හෙළි කළෝය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන පැවසීමෙන් තමන්ට එමගින් සෙතක් නොවන මාරාන්තික කරුණු පවසන්නට ඔවුහු තැත් කළෝය. පිළිකුල් නොකළ යුතු කරුණක් මිස ඔවුන් පිළිකුල් කළේ නැත. ඔහුගේ නබිවරයාට පිරිනැමූ යුද වස්තුවෙන් ඔවුනට ද පිරිනමා තිබීම සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ භාග්යයක් විය. ඔවුන්ගේ කුහකත්වයෙන් මිදී පාප සමාව අයැද අල්ලාහ් වෙත යොමු වූයේ නම් එම වරද මත රැඳී සිටීමට වඩා ඔවුන්ගේ එම පාප ක්ෂමාව උතුම් වන්නේය. ඔවුන් අල්ලාහ්ගෙන් පාපක්මාව අයැද නොසිටියේ නම්, මෙලොව ඝාතනයට ලක් කිරීමෙන් හා සිරගත කිරීමෙන් මෙලොවෙහි ඔහු ඔවුන් දඬුවම් කරනු ඇත. මතු ලොවෙහි ද නිරයේ වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. එවිට ඔවුන්ව භාර ගෙන එම දඬුවමින් මුදවා ගන්නට කිසිදු භාරකරුවකු නැත. එමෙන්ම එම දඬුවමින් වළක්වන කිසිදු උදව්කරුවකු ද ඔවුනට නැත.
Tevbe 9:75
අල්ලාහ් අපට තම භාග්යය පිරිමන්නේ නම් අවශ්යතා ඇත්තන්හට අපි ද දන් දෙන්නෙමු. තම ක්රියාවන් දැහැමිභාවයට පත් කර ගත් දැහැමියන් අතරට අපි ද පත් වන්නෙමු' යැයි පවසා අල්ලාහ්ට ප්රතිඥා දුන් අය ද එම කුහකයින් අතර සිටිති.
Tevbe 9:76
ශුද්ධ වූ අල්ලහ් ඔවුනට ඔහුගේ භාග්යයෙන් යමක් පිරිනැමූ කල්හි ඔවුන් කවර දෙයක් සම්බන්ධයෙන් අල්ලාහ්ට ප්රතිඥා දුන්නේ ද එය ඔවුහු ඉටු නොකළෝය. ඔවුන්ගේ ධනය ඔවුහු වළක්වා ගත්තෝය. කිසිවක් පරිත්යාග කළේ නැත. දේව විශ්වාසය පිටුදකිමින් ඔවුහු හැරී ගියෝය.
Tevbe 9:77
ඔවුනට හිමි දඬුවම වශයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුන්ගේ හදවත් තුළ කුහකත්වය තැන්පත් කරන ලදී. එය අල්ලාහ්ගේ ප්රතිඥාවට ඔවුන් විරුද්ධවීම හා ඔවුන්ගේ බොරු ප්රකාශය නිසාවෙන් ඔවුනට හිමි ප්රතිවිපාකයක් වශයෙනි.
Tevbe 9:78
තම රැස්වීම්හි සඟවමින්, රහසිගත ව මෙහෙයවන කුමන්ත්රණ හා කූටකම් අල්ලාහ් දන්නා බවත්, සැබැවින්ම සියලු මහිමය හිමි අල්ලාහ්, ගුප්ත දෑ සියල්ල පිළිබඳ මැනවින් දන්නා බවත් කුහකයෝ නොදන්නෝද? ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත.
Tevbe 9:79
තම කැමැත්තෙන් සුළු වශයෙන් දානමාන සඳහා වියදම් කරන, තමන්ට ප්රමාණවත් ස්වල්ප යමක් මිස වෙනත් කිසිවක් නොලබන දේව විශ්වාසීන්හට දොස් නගන්නන් වනාහි, ඔවුහු ඔවුනට සරදම් කරමින්, ‘ඔවුන්ගේ දානයෙන් කුමක් ලැබුවේදැ?’යි විමසති. ඔවුන් දේව විශ්වාසීන්හට සරදම් කිරීමේ ප්රතිවිපාක වශයෙන් අල්ලාහ් ඔවුන් අපහාසයට ලක් කළේය. ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
Tevbe 9:80
අහෝ දූතය! ඔබ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින්න, එසේ නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටින්න. ඔබ හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද, සැබැවින්ම එය ඊටත් වඩා වැඩි වුවද, එය ඔවුන් සඳහා අල්ලාහ්ගේ සමාවට සේන්දු වන්නේ නැත. ඊට හේතුව ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වන බැවිණි. උවමනාවෙන් හා හිතාමතාම තම පිළිවෙතින් බැහැරවන්නන්හට සත්යය සඳහා අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.
Tevbe 9:81
තබූක් යුද්ධයට නොගොස් පසුගාමී වූවෝ අල්ලාහ්ගේ දූතයාණන්ට පිටුපාමින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදීමෙන් ඉවත් ව ඔවුන් රැඳී සිටීම ගැන සතුටු වූහ. දේව විශ්වාස කරන්නන් ජිහාද් කරන්නාක් මෙන් තම වස්තුව හා තම ප්රාණ පරදුවට තබා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම ඔවුහු පිළිකුල් කළෝය. තම සහෝදර කුහකයන් හට, "නුඹලා මේ අව්රශ්නයේ ගමන් නොකරනු." යැයි පැවසූහ. තබූක් යුද්ධය අධික උෂ්ණ කාලයේ සිදුවිය. අහෝ දූතය! කුහකයින් සඳහා අපේක්ෂාවෙන් සිටින නිරා ගින්න ඔවුන් පළා යන මෙම උෂ්ණත්වයට වඩා දරුණුය. ඒ ගැන ඔවුන් දැන ගන්නේ නම් මැනවි.
Tevbe 9:82
ජිහාද් කිරීමට පසුගාමී වූ මෙම කුහකයෝ විනාශ වී යන ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ස්වල්පයක් ගැන සතුටු වෙත්වා! සදා පවතින ඔවුන්ගේ මතු ලොව ජීවිතයේ අධික ව හඬා වැළපෙත්වා! එය ඔවුන් මෙලොවෙහි ඉපැයූ පාපකම් අපරාධ හා දේව ප්රතික්ෂේපය හේතුවෙන් ලැබෙන ප්රතිවිපායන් වශයෙනි.
Tevbe 9:83
අහෝ නබිවරය! කුහකත්වයේ රැඳී සිටින මෙම කුහකයින් වෙත නැවත වාරයක් අල්ලාහ් ඔබ එව්වේ නම් තවත් යුද්ධයක දී ඔබ සමග ජිහාද් සඳහා පිටත් වීමට ඔබෙන් අවසර පතති. "අහෝ කුහකයිනි! නුඹලාට දඬුවමක් වශයෙන් කිසිවිටෙක අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම සඳහා නුඹලා මා සමග පිටත් නොවිය යුතුය" යැයි ඔවුනට ඔබ පවසනු. එය මා සමග නුඹලා වීමෙන් පෙළගැසෙන කලහකාරීත්වයට අනතුරු ඇඟවීමක් වශයෙනි. තබූක් යුද්ධයේදී රැඳී සිටීම හා පසුබෑම නුඹලා පිළිගත්තෙහුය. එහෙයින් රෝගීන්, කාන්තාවන් හා කුඩා දරුවන් යන පසුගාමීන් සමගම නුඹලා ද වාඩි වී රැඳී සිටිනු.
Tevbe 9:84
අහෝ දූතය! කුහකයින් අතරින් මිය ගිය කිසිවකු වෙනුවෙන් කිසිවිටෙක සලාතය මෙහෙය නොවනු. ඔහු වෙනුවෙන් පාප ක්ෂමාව අයැදීම සඳහා ඔහුගේ මිනී වළ අසල සිට නොගනු. එය ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළ බැවින් හා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ බැවිණි. කවරෙකු එසේ සිටින්නේ ද, ඔහු වෙනුවෙන් සලාතය මෙහෙයවනු නොලැබේ. එමෙන්ම ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරනු ද නොලැබේ.
Tevbe 9:85
අහෝ දූතය! මෙම කුහකයින්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් ගැන ඔබ පුදුමයට පත් නොවනු. අල්ලාහ් ඒවායින් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ ඒවා මගින් ඔවුට දඬුවම් කිරීමටය. එය ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා සහ ඔවුන් අත්විඳින අවාසනාවන් මගිනි. එමෙන්ම ඔවුන් ප්රතික්ෂේපය මත සිටිය දීම ඔවුන්ගේ ශරීර වලින් ඔවුන්ගේ ප්රාණය බැහැර කිරීමට ද ඔහු අපේක්ෂා කරයි.
Tevbe 9:86
අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන මෙන් ද ඔහුගේ මාර්ගයේ ජිහාද් කරන මෙන් ද වූ නියෝගය ඇතුළත් පරිච්ඡේදයක් පහළ කළ විට ඔවුන් අතර සිටින පොහොසත් ජනයා රැඳී සිටින්නට ඔබෙන් අවසර පතති. ඔවුහු, "ඔබ අප අතහැර දමන්න. දුර්වලයින් හා වයෝවෘද්ධයින් මෙන් නිදහසට කරනු සහිත ජනයා සමග අපි ද පසුබසින්නෙමු." යැයි පැවසුවෝය.
Tevbe 9:87
මෙම කුහකයින් නිදහසට කරුණු දක්වන ජනයා සමගම තමන් ද ප්රමාද වීම ගැන තෘප්තියට පත් අවස්ථාවේ තමන්ට අත්වන අවමානය හා අපහාසය ද පිළිගත්තෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා කුහකත්වය හේතුවෙන් ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවේය. එබැවින් ඔවුනට එහි ඇති යහපත පිළිබඳ කිසිවක් ඔවුහු නොහඳුනති.
Tevbe 9:88
සැබැවින්ම දූතයාණන් හා එතුමාණන් සමග සිටි දෙවියන් විශ්වාස කරන්නන් වනාහි, ඔවුහු කුහකයින් මෙන් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට පසුබට නොවූහ. ඔවුන් ජිහාද් කළේ ඔවුන්ගේ ධනය හා ප්රාණය පරදුවට තබමිනි. අල්ලාහ් අබියසින් ඔවුන්ගේ ප්රතිඵල වශයෙන් ජය හා යුද භාණ්ඩ මෙන් මෙලොව යහපත හිමි විය. මතුලොව යහපත ද හිමි වනු ඇත. ඒ අතරින් ස්වර්ගයට පිවිසීම ද ඉන් එකකි. එමෙන්ම අපේක්ෂා කළ ජය හා බියෙන් තොර ආරක්ෂාව ද හිමි වනු ඇත.
Tevbe 9:89
ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇත්තේය. ඔවුහු එහි සදා වාසය කරති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. එම ප්රතිඵලය වනුයේ කිසිදු ජයග්රහණයකට ළඟා කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.
Tevbe 9:90
මදීනා නගරවාසීන් හා ඒ අවට විසූ අරාබිවරුන් අතරින් පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා පිටත් නොවී පසුබසින්නට අවසර පතා නිදහසට කරුණු දක්වමින් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෝය. පිටත් නොවීම සඳහා නිදහසට කිසිදු කරුණක් නොදැක්වූ තවත් පිරිසක් ද පසුබැස්සෝය. එය ඔවුන් නබිවරයාණන් ලෙස එතුමාව පිළිනොගැනීම හා අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය නොමැති බැවිණි. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් වේදනා සහගත දඬුවමක් ඔවුන් අත් කර ගනු ඇත.
Tevbe 9:91
කාන්තාවන්, දරුවන්, රෝගීන්, වයෝවෘධයින්, අන්ධයින්, වියදම් කිරීමට ධනය නොමැති දිළින්දන් යනාදී නිදහසට කරුණු ඇත්තන්හට යුද්ධය සඳහා සූදානම් වීමේ අවශ්යතාවක් නැත. ඒ සියලු දෙනාටම යුද්ධයට නොයා පසුබැසීමට සාධාරණ හේතුවක් ඇති බැවින් ඔවුනට පවක් අත් වන්නේ නැත. ඊට හේතුව ඔවුන් නිදහසට කරුණු ඇති උදවිය වීමය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් අවංකව කටයුතු කොට, ඔහුගේ පිළිවෙත ක්රියාවට නැංවූ විට නිදහසට කරුණු ඇති එවන් ජනයා අතරින් දැහැමියන් හට දඬුවම අත්වීම සඳහා කිසිදු මාර්ගයක් නැත. දැහැමියන්ගේ පාපකම්වලට අල්ලාහ් සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
Tevbe 9:92
එමෙන්ම අහෝ දූතය! යුද්ධය සඳහා තමන් නැග යාමට සතෙකු (ප්රවාහන පහසුකම්) ඉල්ලා නුඹ වෙත පැමිණ, නුඹලා නැග යන්නට අවශ්ය සතුන් මා සතු ව නොමැතැයි ඔවුනට නුඹ පවසා පසු ව ඔවුන් විසින් හෝ නුඹ වෙතින් හෝ වියදම් කිරීමට යමක් නොලැබීම හේතුවෙන් කනස්සල්ලට පත් වී තම ඇස් වලින් කඳුළු සලා නුඹෙන් වෙන් ව හැරී ගියවුන් කෙරෙහි ද පාපයක් නැත.
Tevbe 9:93
නිදහසට කරුණු ඇති උදවියට කිසිදු ක්රියා මාර්ගක් නැතැයි පැහැදිළි කළ පසුව දඬුවමට හා ග්රහණයට සුදුසුකම් ඇත්තෝ කවුරුන්දැයි මතක් කර සිටියි. අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: "අහෝ දූතය! දඬුවම් කිරීමේ හා ග්රහණය කිරීමේ ක්රියාමාර්ග ගනු ලබනුයේ යුද්ධය සඳහා සූදානම් වීමට පහසුකම් තිබියදීත් ඒ සඳහා හැකියාව තිබියදීත් ඉන් පසුබට වීම සඳහා ඔබෙන් අවසර පැතූවන් හටය. පසුබාමින් නිවෙස්වල රැඳී සිටියවුන් සමග තමන් ද රැඳී සිටීම හේතුවෙන් ඔවුහු අවමානය හා අපහාසය පිළිගත්තෝය. ඔවුන්ගේ සිත් මත අල්ලාහ් මුද්රා තැබුවේය. උපදෙස ඔවුනට කිසිදු බලපෑමක් සිදු නොකළේය. මෙසේ මුද්රා තැබීම හේතුවෙන් ඔවුනට එහි ඇති යහපත කුමක් ද යන්න තෝරා ගැනීමටත් ඔවුනට එහි ඇති අයහපත කුමක් ද යන්න හඳුනාගෙන ඉන් වැළකී සිටීමටත් නොහැකි වීමය."
Tevbe 9:94
ජිහාදයට නොගොස් පසුබැස්සා වූ කුහකයින්, මුස්ලිම්වරුන් ජිහාද්හි නිරත වී හැරී පැමිණි විට ඔවුනට දැඩි සේ නිදහසට කරුණු ඉදිරිපත් කරනු ඇත. ‘නුඹලා ව්යාජ හේතු ඉදිරිපත් කරමින් නිදහසට කරුණු නොදක්වනු. ඒවා ගැන කවර තොරතුරක් නුඹලා අපට පවසා සිටිය ද අපි එය සැබෑ ලෙස පිළි නොගනිමු. නුඹලාගේ සිත් තුළ ඇති දෑ අල්ලාහ් අපට දන්වා ඇත. නුඹලා පශ්චාත්තාප වී නුඹලාගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගැනීම හෝ නුඹලාගේ කුහකත්වයේම නුඹලා දිගටම රැඳී සිටිම හෝ සම්බන්ධයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ක්රියාමාර්ගයක් ගනු ඇත. පසු ව සියලු දෑ දන්නා අල්ලාහ් වෙත නුඹලා යොමු කරනු ලැබේ. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ඔහු නුඹලාට දන්වනු ඇත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල දෙනු ඇත. එහෙයින් පාප ක්ෂමාව හා දැහැමි ක්රියාවන් සඳහා යුහුසුලු වනු’ යැයි ඔවුනට පිළිතුරු දෙන මෙන් අල්ලාහ් ඔහුගේ නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්ට මග පෙන්වීය.
Tevbe 9:95
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! පසුබැස්සා වූ මෙම ජනයා වෙත නුඹලා නැවත හැරී ආ විට ඔවුනට දොස් නැගීමෙන් හා ඔවුන් ගැන පිළිකුල් කිරීමෙන් නුඹලාව වැළැක්වීම සඳහා ඔවුහු නිදහසට බොරු කරණු අල්ලාහ් මත දිවුරා සහතික කොට පවසා සිටිති. එහෙයින් නුඹලා කෝපයෙන් යුතුව ඔවුන් අතහැර දමනු. ඔවුන් ව දුරස් කරනු. සැබැවින්ම ඔවුන් අභ්යන්තරයෙහි කිලිටි ඇත්තෝ වෙති. ඔවුන් පිවිසෙන ඔවුන්ගේ නවාතැන නිරයයි. එය ඔවුන් උපයා ගත් කුහකත්වය හා පාපය හේතුවෙන් ඔවුනට හිමි විපාකයයි.
Tevbe 9:96
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! පසු බැස්සා වූ ජනයා ගැන නුඹලා තෘප්තිමත් වනු පිණිස ඔවුන් නුඹලාට දිවුරා පවසති. නිදහසට කරනු පෙරළා ඉදිරිපත් කරති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් නොවනු. නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් වූයෙහු නම්, නුඹලාගේ පරමාධිපතිට විරුද්ධ ව නුඹලා කටයුතු කරන්නෙහුය. දේව ප්රතික්ෂේපය හා කුහකත්වය හේතුවෙන් ඔහුට අවනත වීමෙන් ඉවත් වූ ජනයා පිළිබඳ ඔහු තෘප්තියට පත් වන්නේ නැත. එබැවින් අහෝ මුස්ලිම්වරුනි! අල්ලාහ් තෘප්තියට පත් නොවන අය ගැන නුඹලා තෘප්තියට පත්වීමෙන් වැළකෙනු.
Tevbe 9:97
ගම්බද ජනයා ප්රතික්ෂේප කළේ නම් හෝ කුහක වූයේ නම් හෝ ඔවුන්ගේ ප්රතික්ෂේපය නගරයේ පදිංචි ජනයාට වඩා ඉතා දැඩි ව පිහිටයි. එමෙන්ම ඔවුන්ගේ කුහකත්වය ද මොවුනට වඩා ඉතා දරුණු වේ. ඔවුන් දහම පිළිබඳ මහත් සේ අඥානකමින් පසු වන්නේය. තම දහම් දූතයාණන්ට පහළ කර ඇති ආගමික නීති සීමාවන් සම්ප්රදායන් හා අනිවාර්යය වගකීම් පිළිබඳව නොදැන සිටීමට වඩාත් සුදුස්සන් වන්නේය. ඊට හේතුව ඔවුන්ගේ දැඩි බව, රළු බව හා අඩු ආශ්රයයි. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සැලසුම් කිරීමේ හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
Tevbe 9:98
කුහක ගම්බද වාසීන් අතරින් අල්ලාහ්ගේ මාර්ගයේ මුදල් වියදම් කිරීම අලාභයක් හා පාඩුවක් යැයි විශ්වාස කරන අය ද වෙති. 'එය තමන් වියදම් කළේ නම් ඒ සඳහා කුලියක් නොලැබෙයි. එය රඳවා ගත්තේ නම් අල්ලාහ් ඔහුට දඬුවම් නොකරයි' යනුවෙන් ඒ ගැන සැක කළ බැවිනි. නමුත් ඇතැම් විට මුනිච්චාවට හා රැකවරණය පැතීමට ඔවුන් එසේ වියදම් කරති. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාට යම් විපත්තියක් පහළ වී නුඹලාගෙන් ඔවුන් වෙන් වන්නට අපේක්ෂා කරයි. නමුත් ඔවුන් ප්රිය කරන පරිදි දේවත්වය විශ්වාස කරන්නන්හට නපුරක් හා නපුරු කාලයේ අවෑමක් සිදු වීම වෙනුවට අල්ලාහ් ඔවුන් දඬුවමට ලක් වන අයුරින් එය පත් කළේය. ඔවුන් පවසන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ශ්රාවකය. ඔවුන් සගවන දෑ පිළිබඳ ව මැනවින් දන්නාය.
Tevbe 9:99
ගම්බද වාසීන් අතරින් අල්ලාහ්ව විශ්වාස කර මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන්නන් ද වෙති. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීම අල්ලාහ් වෙත සමීප කරවීමක් ලෙස ද ඔවුන් සලකති. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්රාර්ථනාව හා තමන් වෙනුවෙන් ඔහු ඉල්ලා සිටින පාපක්ෂමාව ජයග්රහණයේ මාධ්යයක් බවට පත් කර ගනිති. දැනගන්න. සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ ඔහු වියදම් කිරීමත් දහම් දූතයාණන් ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කිරීමත් අල්ලාහ් අබියස ඔහුට සමීපතා ඇති කරවන්නකි. එමෙන්ම ඒ සඳහා ඔහු අබියස ඔහුට කුසල් ඇත. එය ඔහුගේ සමාව හා ඔහුගේ ස්වර්ග උයන ආවරණය කර ඇති, අති මහත් ඔහුගේ දයාව තුළට ඔහුව ඇතුළත් කිරීමෙනි. සැබැවින්ම තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
Tevbe 9:100
තම නිවෙස් හා තම දේශය අතහැර අල්ලාහ් වෙත නික්ම ගිය මුහාජිරීන්වරුන් අතරින් හා තම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට උපකාර කළ අන්සාරිවරුන් අතරින් දේවත්වයේ විශ්වාසය වෙත නැඹුරු වූ ප්රාරම්භක පුරෝගාමීන් හා මුහාජිර් වරුන් හා අන්සාර්වරුන් පිළිපදිමින් ඔවුන්ගේ ප්රතිපත්තිය ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාව තුළ දැහැමි ලෙස ක්රියා කොට දේව විශ්වාසය පිළිගත් ප්රමුකයෝ වනාහි, අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් විය. ඔවුන්ගේ අවනත වීම පිළිගත්තේය. ඔවුනට පිරිනැමූ ඔහුගේ අතිමහත් කුසල් සම්බන්ධයෙන් ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූවෝය. ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා උයන් ඔවුනට ඔහු සූදානම් කළේය. ඔවුහු එහි සදාතනිකව රැඳී සිටිති. එම ප්රතිඵලය අතිමහත් ජයග්රහණයකි.
Tevbe 9:101
මදීනා ව අසල වෙසෙන ගම්බදවාසීන් අතර කුහකයෝ ද වෙති. එමෙන්ම මදීනා වාසීන් අතර ද කුහකයෝ වෙති. ඔවුන් කුහකත්වය මත රැඳී ස්ථාවර ව සිටිති. අහෝ දූතය! ඔබ ඔවුන් ගැන නොදනියි. අල්ලාහ් ඔවුන් ගැන දනී. අල්ලාහ් දෙවතාවක්ම ඔවුනට දඬුවම් කරනු ඇත. වරක් ඔවුන්ගේ කුහකත්වය හෙළි කරමින් ඔවුන් ඝාතනයට ලක් කරමින් හා ඔවුන් සිරගත කරමින් මෙලොවෙහි දඬුවමට ලක් කරයි. තවත් වරක් කබ්ර් හි වේදනාව තුළින් දඬුවමට ලක් කරයි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ අඩියේ ඇති දැඩි දඬුවම වෙත යොමු කරනු ලබති.
Tevbe 9:102
කිසිදු සාධාරණ හේතුවකින් තොර ව යුද්ධ කිරීමෙන් පසුබට වන තවත් පිරිසක් ද මදීනා වාසීන් අතර වූහ. සැබැවින්ම ඔවුහු තමන්ට කිසිදු සාධාරණ හේතුවක් නොතිබූ බව පිළිගත් අතරම ව්යාජ හේතූන් කිසිවක් ඉදිරිපත් කළේ නැත. අල්ලාහ්ට අවනත වීමෙන් ඔහුගේ ආගමික පිළිවෙත් පිළිපදිමින් හා ඔහුගේ මාර්ගයේ සටන් කරමින් ඔවුන් පෙර කළ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සමග පාපක්රියාවන් ද මුසු කර ගත්තෝය. ඔවුන් වෙත අල්ලාහ් සමාව දෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. තම ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.
Tevbe 9:103
අහෝ දූතය, ඔවුන්ගේ ධනයෙන් පාපකම් හා අකුසල් පිරිසිදු කරන සකාත් බද්ධ ගනු. එමගින් ඔවුනට යහපත වර්ධනය කරනු ලැබේ. ඔවුන්ගෙන් එය ගත් පසු ඔවුන් නිදහස් කරනු. සැබැවින්ම ඔබේ ප්රාර්ථනාව ඔවුනට ආශිර්වාදයකි. එමෙන්ම සැනසුමකි. ඔබේ ප්රාර්ථනාවට අල්ලාහ් මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් පිළිබඳ මැනවින් දන්නාය.
Tevbe 9:104
සටන් කිරීමෙන් පසුබට වූවන් හා අල්ලාහ් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන් සැබැවින්ම අල්ලාහ් තමන් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන්හට සමාව දානය කරන බවත්, සැබැවින්ම දානයන් ඔහු පිළිගන්නා බවත්, ඒ ගැන ඔහුට කිසිදු අවශ්යතාවක් නොමැති බවත්, දානය පිරිනමන්නාහට ඔහුගේ දානය වෙනුවෙන් කුසල් පිරිනමන බවත්, සැබැවින්ම තම ගැත්තන් ඔහුගෙන් පාපක්ෂමාව ඇයැද සිටින විට පාපක්ෂමාව පිරිනමන බවත්, ඔවුන් කෙරෙහි මහා කාරුණික බවත් දැන ගනු ඇත.
Tevbe 9:105
අහෝ දූතය! දෙවියන්ගේ මාර්ගයේ සටන් කිරීමට පසුබටවූවන්ට හා තම පාපකම් සඳහා පාපක්ෂමාව අයැද සිටින්නන්හට නුඹ මෙසේ පවසනු: නුඹලාට අතපසු වූ අඩුපාඩු පුරවාලනු. නුඹලාගේ ක්රියාවන් අල්ලාහ් වෙනුවෙන් අවංක ලෙස ඉටු කරනු. ඔහු තෘප්තිමත් වන දෑ අනුව ක්රියා කරනු. එවිට අල්ලාහ්, ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසීන් නුඹලාගේ ක්රියාවන් දකිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු දෑ දන්නා නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා හැරී යනු ඇත. නුඹලා සඟවන දෑ ද ප්රසිද්ධියේ සිදු කරන දෑ ද ඔහු දනී. මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු නුඹලාට දන්වා සිටියි. එමෙන්ම ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.
Tevbe 9:106
තබූක් යුද්ධයෙන් පසුබට වූවන් අතර කිසිදු සාධාරණ හේතුවක් නොවූ තවත් පිරිසක් ද වූහ. ඔවුහු තම විෂයයෙහි අල්ලාහ්ගේ තීන්දුව හා තීරණය ප්රමාද වූවන් වූහ. ඔහු අභිමත කරන දෑ ඔවුන් විෂයයෙහි ඔහු තීන්දු කරයි. ඔහු වෙත පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් ඔහු ඔවුනට දඬුවම් කිරීම හෝ ඔවුන් පාපක්ෂමාවේ නිරත වූයේ නම් ඔවුනට සමාව දීම හෝ ඔහුගේ අභිමතය අනුව සිදුවන්නකි. ඔහුගේ දඬුවමට භාජනය වීමට සුදුස්සන් කවුරුන් දැයි ද තම සමාවට සුදුස්සන් කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නාය. ඔහු ආගමානුගත කළ කරුණු වලදී හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය. ඔවුන් වනාහි: මුරාරා ඉබ්නු අර්-රබීඃ, කඃබ් ඉබ්නු මාලික් හා හිලාල් ඉබ්නු උමෙය්යා.
Tevbe 9:107
අල්ලාහ්ට අවනත වීම සඳහා නොව මුස්ලිම්වරුන්ට හානි පමුණුවීමටත් කුහකවාසීන්ගේ බලාධිකාරිය තුළින් දේව ප්රතික්ෂේප හෙළි කිරීමටත් දෙවියන් විශ්වාස කරන්නන් අතර බෙඳුම් ඇති කිරීමටත් මස්ජිදය ගොඩනැගිල්ල ඉදිරියේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කරන්නන් වෙනුවෙන් බලාපොරොත්තු වන හා ඔවුන් සූදානම් කරන ස්ථානයක් ලෙසටත් මස්ජිද් තනන අයද කුහකයින් අතර වෙති. එවන් කුහකයෝ නුඹලා වෙත දිවුරමින්, "සැබැවින්ම අපි මුස්ලිම්වරුන් සමග මෘදු ලෙස කටයුතු කිරීමට මිස වෙනත් කිසිවක් බලාපොරොත්තු නොවන්නෙමු." යැයි පවසති. ඔවුන් කරන මෙම වාදයේ සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ්ම සාක්ෂි දරයි.
Tevbe 9:108
මෙවන් ලක්ෂණ සහිත මස්ජිදයන්හි සලාතය සඳහා එම කුහකයින් නුඹට කරන ඇරයුමට නුඹ ප්රතිචාර නොදක්වන්න. සැබැවින්ම දේව භක්තිය මත පදනම් ව ඉදි කරන ලද කුබා මස්ජිදය දේව ප්රතික්ෂේපය මත පදනම් ව ඉදි කරන ලද මෙම මස්ජිදයට වඩා උසස්ය. මස්ජිද් කුබාහි ජනයා ජලයෙන් කිලිටි හා අපවිත්ර දෑ පිරිසිදු කිරීමටත් පසුතැවිලි වීම හා පාපක්ෂමාව තුළින් පාපයන්ගෙන් පිරිසිදු වීමටත් ප්රිය කරති. පාපකම් කිලිටි හා අපවිත්ර දැයින් පිරිසිදු වන්නන්හට අල්ලාහ් ප්රිය කරයි.
Tevbe 9:109
අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, තම ක්රියාවන් හි අල්ලාහ්ගේ තෘප්තිය විශාල වශයෙන් බලාපොරොත්තුවෙන් මස්ජිදයක් ඉදිකරන්නා සමග දේව විශ්වාසීන් අතර බෙඳුම් ඇති කිරීමටත්, දේව ප්රතික්ෂේපය ශක්තිමත් කිරීමටත්, මුස්ලිම්වරුන්හට හිරිහැර කිරීමටත්, මස්ජිදයක් ඉදි කරන තැනැත්තකු සමාන වන්නේ ද? කිසිවිටෙක සමාන වන්නේ නැත. ඉදි කරන ලද පළමුවැන්න වඩාත් ශක්තිමත් හා බලවත් ගොඩනැගිල්ලකි. එය බිද වැටීම ගැන බියක් නැත. නමුත් මෙය සිදුරක් අසළ ඉදි කරනු ලැබ කඩා වැටුණු ගොඩනැගිල්ලක් බඳුය. එමගින් එම ගොඩ නැගිල්ල නිරයේ අඩියටම ගරා වැටෙනු අත. දේව ප්රතික්ෂේපය කුහකත්වය වැනි දුෂ්චරිත ඇති අපාරාධකාරී ජනයාට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.
Tevbe 9:110
ඔවුන්ගේ හදවත් මරණයට පත්වීමෙන් හෝ අසිපතින් ඝාතනය කරනු ලැබීමෙන් වෙන් ව යන තරමට ඔවුන් ඉදි කළ ඔවුන්ගේ මස්ජිදය ඔවුන්ගේ හදවත් තුළ වේදනීය හිංසාවන් හා ස්ථාවර කුහකත්වය අඛණ්ඩ ව ඇති කළේය. අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ක්රියාකාරකම් ගැන මැනවින් දන්නාය. යහපත හෝ අයහපත මත පිරිනමන දෑ තීරණය කිරීමේ දී ඔහු මහා ප්රඥාවන්තය.
Tevbe 9:111
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන්ගේ ආත්මාවන් අල්ලාහ් සතු වුව ද එයට ගෞරව කිරීමක් වශයෙන් ඉතා වටිනා මිලකින් ඔහු ඔවුන්ගේ ආත්මාවන් මිලට ගෙන ඇත. එය ස්වර්ගයයි. එය අල්ලාහ්ගේ වදන උසස් වීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් සමග සටන් වැද දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කොට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් විසින් ඔවුන් ද ඝාතනය වන පරිදිය. ඒ ගැන මූසා අලයිහිස් සලාම් තුමා ට හිමි තව්රාතයේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාට හිමි ඉන්ජීලයේ ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට හිමි කුර්ආනයේ ද අල්ලාහ් සත්ය ප්රතිඥාවක් දී ඇත. ශුද්ධ වූ අල්ලාහ්ගෙන් වූ ප්රතිඥත ගිවිසුම මෙන් වඩාත් පූර්ණවත් වෙනත් කිසිවෙකුගෙන් නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා කවර කරුණක් අල්ලාහ් සමග ගිවිස ගත්තේ ද නුඹලාගේ එම ගිවිසුම ගැන නුඹලා ප්රීති වනු. සතුටු වනු. නුඹලා එහි අතිමහත් ලාභයක් ලබා ඇත්තෙහුය. එම ව්යාපාරය අතිමහත් ජයග්රහණයයි.
Tevbe 9:112
මෙම ප්රතිඵල නෙළා ගන්නන් වන මොවූහු අල්ලාහ් පිළිකුල් කරන හා ඔහු කෝප වන දැයින් ඉවත් ව ඔහු ප්රිය කරන ඔහු තෘප්තියට පත්වන දෑ වෙත යොමවන්නෝ වෙති. අල්ලාහ්ට බියෙන් ඔහුට යටහත් පහත් ව අවනත වන්නට වෙර දරන්නෝ වෙති. සෑම තත්ත්වයකම ඔවුන්ගේ පරමාධිපතිට ප්රශංසා කරන්නෝ වෙති. උපවාසයේ නිරත වන්නෝ වෙති. සලාත් නැමදුම් ඉටු කරන්නෝ වෙති. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර දෙයක් නියෝග කර ඇත්තේ ද ඒවා නියෝග කරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර දෙයක් තහනම් කළේද එයින් වැළකී සිටින්නෝ ද වෙති. අල්ලාහ්ගේ නියෝගවලට යටත් වෙමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒවා සුරක්ෂිත ව පිළිපදින්නෝ වෙති. අහෝ දූතය! මෙම ගුණාංගවලින් සපිරුණු දෙවියන් විශ්වාස කරන්නන් හට මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ඔවුනට සතුට ඇති කරන දෑ ගැන තොරතුරු දන්වා සිටිනු.
Tevbe 9:113
සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් නිරා ගින්නේ සගයින් බව පැහැදිලි වූවායින් පසු ව ඔවුන් සමීපතයින් වුව ද ඔවුන් ආදේශ තැබීම මත ම මිය ගිය බැවින් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටීම නබිවරයාණන්ට හෝ මුඃමින්වරුන්ට හෝ යුතු නොවන්නේය.
Tevbe 9:114
ඉබ්රාහීම් තුමා තම පියාණන් වෙනුවෙන් සමාව අයැද සිටියේ ඔහු ඉස්ලාමය පිළිගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් තමන් එය ඉල්ලා සිටින බවට පොරොන්දු වූ නිසාවෙන් මිස නොවීය. තම පියාණන්ට කළ උපදෙස් ප්රයෝජනවත් නොවූ බැවින් සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගැනීම හේතුවෙන් හෝ සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපකයෙකු ලෙස මිය යන බවට දේව පණිවිඩ ලැබීම හේතුවෙන් හෝ එතුමා ඔහුගෙන් ඉවත් විය. ඔහු වෙනුවෙන් එතුමා සමාව අයැද සිටීම ඔහුගේ උත්සාහය මත සිදු වූවකි. අල්ලාහ් ඔහු වෙත එවූ දේව පණිවිඩයේ නීතියට විරුද්ධව කළ දෙයක් නොවන්නේය. සැබැවින්ම ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අල්ලාහ් වෙත අධික ලෙස යටහත්භාවයට පත්වූ අයෙකි. ඔහුගේ අපරාධකාරී ජනයාට සමාව දී නොසලකා අත්හැර දැමූ අයෙකි.
Tevbe 9:115
පිරිසකට යහමග සඳහා අල්ලාහ් ආශිර්වාද කළ පසුව ඔවුන් වැළකී සිටිය යුතු තහනම් දෑ ඔවුනට ඔහු පැහැදිලි කරන තෙක් ඔවුන් නොමග යවමින් ඔවුනට එරෙහි ව තීන්දු ගැනීම අල්ලාහ්ට නොවීය. ඔහු තහනම් කළ දෑ පැහැදිලි කිරීමෙන් පසු ව ඔවුන් වැරදි කරන්නේ නම් ඔවුනට මුළාව තීන්දු කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවී යන්නේ නැත. නුඹලා නොදැන සිටි දෑ සැබැවින්ම ඔහු නුඹලාට ඉගැන්නුවේය.
Tevbe 9:116
අහස් හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය සැබැවින්ම අල්ලාහ් සතුය. ඒ දෙකෙහි ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. ඒ දෙකෙහි කිසිදු රහසිගත දෙයක් ඔහුට සැඟවෙන්නේ ද නැත. ජීවත් කිරීමට ඔහු අභිමත කරන අය ජීවත් කරවයි. මරණයට පත් කිරීමට ඔහු අභිමත කරන අය මරණයට පත් කරවයි. නුඹලාගේ කටයුතු භාර ව කටයුතු කරන්නට අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාර කරුවෙකු නුඹලාට නැත. එමෙන්ම නපුර නුඹලාගෙන් වළක්වන්නට හෝ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලාට උදව් කරන්නට හෝ කිසිදු උදව්කරුවෙකු නුඹලාට නැත.
Tevbe 9:117
තබූක් යුද්ධයෙන් පසුබැසීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් කුහකයින්ට අවසර දුන් අවස්ථාවේ අල්ලාහ් එතුමාණන්ට සමාව දානය කළේය. එමෙන්ම යුද්ධ කිරීමට පසු නොබැස්සා වූ මක්කාවෙන් නික්ම ගිය මුහාජිර්වරුන්ටත් මදීනාවේ ඔවුනට උපකාර කළ අන්සාර්වරුන්ටත් අල්ලාහ් සමාව දානය කළේය. සතුරන් බලවත් ව සිටියදී තමන් සතු යුධ ආම්පන්න හා සේනා බලය අඩුවෙන් තිබිය දී දැඩි අව් රෂ්ණ කාලයක පැවැති තබූක් යුද්ධයේ දී එහි පවතින දැඩි දුෂ්කරතා හේතුවෙන් යුද්ධය අතහැර දැමීමට ඔවුන් අතරින් පිරිසකගේ හදවත් නැඹුරු වීමෙන් පසු ව පවා ඔවුහු එතුමාණන් පිළිපැද්දෝය. පසුව අල්ලාහ් ඔවුනට ස්ථාවරත්වය සහ සතුරා වෙත පිටත්ව යෑම සඳහා ආශිර්වාද කළේය. ඔවුනට සමාව දුන්නේය. සැබැවින්ම සුවි ශුද්ධවූ අල්ලාහ් ඔවුනට මහා කාරුණිකය. සෙනෙහෙවන්තය. පාපක්ෂමාව ඔවුනට ආශිර්වාද කිරීමත් එය ඔවුන්ගෙන් පිළිගැනීමත් ඔහුගේ කරුණාවෙන් වූවකි.
Tevbe 9:118
ප්රමාද වූ කඃබ් ඉබ්නු මාලික්, මුරාරා ඉබ්නු අර් රබීඃ හා හිලාල් ඉබ්නු උමෙය්යා යන තිදෙනාගේ පශ්චාත්තාපය පිළිගෙන අල්ලාහ් ඔවුනට සමාව දානය කළේය. අල්ලාහ්ගේ දූතයාණන් සමග තබූක් යුද්ධය සඳහා පිටත් වීමෙන් ඔවුන් පසුබැස්සායින් පසු ඔවුන්ගේ පශ්චාත්තාපය භාර ගැනීම ප්රමාද කරනු ලැබීය. එහෙයින් ඔවුන්ගෙන් ඈත් ව කටයුතු කරන මෙන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ජනයාට නියෝග කළේය. මහපොළොවේ විශාලත්වය ඔවුනට පටුවන තරමට එම කරුණ ඔවුනට දුක හා වේදනාව ගෙන දුන්නේය. ඔවුනට අත් වූ තනිකම හේතුවෙන් ඔවුන්ගේ හදවත් පීඩනයට පත් විය. අල්ලාහ් වෙත පමණක් යොමු වීමෙන් මිස යොමුවන්නට වෙනත් තැනක් නොමැති බව ඔවුන් වටහා ගත්තෝය. පසුව අල්ලාහ් පාප ක්ෂමාව සඳහා ඔවුනට ආශිර්වාද කිරීමෙන් ඔවුනට කරුණාව දැක්වීය. පසුව ඔවුන්ගේ පශ්චාත්තාය පිළිගත්තේය. සැබැවින් ඔහු තම ගැත්තන් හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
Tevbe 9:119
අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපැද ඔහු ආගමානුගත කළ අයුරින් ක්රියා කරන්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් යුතු ව කටයුතු කරනු. සත්යවාදීන්ගේ දේව විශ්වාසය, ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාවන් අතර නුඹලා ද ඔවුන් සමගම වනු. සත්යයෙහි මිස වෙනත් ගැලවීමක් නුඹලාට නැත.
Tevbe 9:120
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සටන් කිරීම සඳහා පිටත් ව යන විට මදීනා වාසීන් හෝ ඔවුන් අවට වෙසෙන ගම්බද ජනයා එතුමාණන්ගෙන් ඉවත් ව ඉන් පසුබෑම ඔවුනට සුදුසු නොවීය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතයෙන් ඈත් වී තම ආත්මයන් හිරකර ආරක්ෂා කර තබා ගැනීම ද ඔවුනට සුදුසු නොවීය. නමුත් එතුමාණන් නොමැති ව හෝ තමන් ව කැප කිරීම අනිවාර්යය වන්නේය. ඊට හේතුව අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් කිසිදු තිබහක් හෝ වෙහෙසක් හෝ කුසගින්නක් හෝ අත් විඳින්නේ නම් හෝ දේව ප්රතික්ෂේපකයින්ගේ කෝපය ඔවුන් හමුවේ උසිගන්වන ස්ථානයකට ඔවුන් ගොඩ බැස්සේ නම් හෝ එමෙන්ම සතුරෙකු විසින් ඝාතනය කරනු ලැබීමක්, සිරගත වීමක්, යුද පිටියේ දමා ගිය වස්තුව අත්පත් කර ගැනීමක් පරාජයක් වැනි යමක් ඔවුනට අත් වන්නේ නම් හෝ එමගින් දැහැමි ක්රියාවක කුසල් අල්ලාහ් ඔවුනට නියම කරනු මිස නැත. ඔවුන්ගෙන් ඔහු එය පිළිගනියි. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ ප්රතිඵල නිෂ්ඵල කරන්නේ නැත. ඔවුනට පූර්ණ වශයෙන් ඔහු ආශිර්වාද කරයි. එය ඔවුනට වර්ධනය කරයි.
Tevbe 9:121
ඔවුන් සුඵ පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් යමක් වියදම් කළ ද යම් මිටියාවතක් තරණය කළ ද එසේ වියදම් කිරීම හා ගමන් කිරීම හේතුවෙන් අල්ලාහ් ඔවුනට ප්රමාණවත් තරමට ඔවුන් සිදු කළ ක්රියාවන් ඔවුන් වෙනුවෙන් සටහන් කර ගනු මිස නැත. පසු ව ඔවුන් සිදු කරමින් ආ දෑට වඩා යහපත් ප්රතිඵලයක් මතු ලොවෙහි ඔහු ඔවුනට පිරිනමනු ඇත.
Tevbe 9:122
සතුරන් දේවත්වය විශ්වාස කරන්නන් සමග සටන් කිරීමට එළැඹෙන විට දේවත්වය විශ්වාස කරන්නන් මුළුමණින්ම තුරන් කරනු නොලැබීම පිණිස ඔවුන් සියල්ලෝම එක් වී යුද්ධය සඳහා පිටත් වීම ඔවුනට අවශ්ය වන්නේ නැත. එවන් තත්ත්වයක ඔවුන් අතරින් පිරිසක් ජිහාද් සඳහා පිටත් ව යා යුතු අතර තවත් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් සමග සිට එතුමාණන් උගන්වන අල් කුර්ආනීය ඉගැන්වීම් හා ආගමික නීතීන්ට සවන් දී දහම පිළිබඳ අවබෝධය ලැබිය යුතුය. පසු ව ආපසු හැරී එන පිරිසට අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් ප්රවේශම් වන පරිදි තමන් ඉගෙන ගත් දෑ ඔවුනට පවසා අවවාද කළ යුතුය. එවිට ඔවුන් අල්ලාහ්ගේ නියෝගය පිළිපදිනු ඇත. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු ඇත. මෙවන් වාතාවරණයක් අල්ලාහ්ගේ දූතයාණන් විසින් ප්රදේශවලට යවන ලද කණ්ඩායම් අතර විය. ඒ සඳහා ඔහුගේ මිතුරන් අතරින් පිරිසක් ඔහු තෝරා ගත්තේය.
Tevbe 9:123
දෙවියන් විශ්වාස කරන්නන් අසළ සිටින දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතදාරීන් සමග යුද වදින මෙන් අල්ලාහ් නියෝග කර ඇත. එය ඔවුන්ගේ සමීපකම හේතුවෙන් දෙවියන් විශ්වාස කරන්නන් හට අනතුරක් වන්නට ඉඩ ඇති බැවිණි. ඔවුන්ගේ නපුරුකම් වළක්වන හා ඔවුන් බිය වද්දන පරිදි බලවත්කම හා දරුණුකම නිරූපණය කරන මෙන් ද ඔහු ඔවුනට අණ කළේය. අල්ලාහ්, ඔහු පිළිබඳ මතකයෙන් කටයුතු කරන විශ්වාසීන්හට ඔහුගේ උපකාරය හා ඔහුගේ ස්ථාවරත්වය සමග ඔහු සිටිනු ඇත.
Tevbe 9:124
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත අල්ලාහ් පරිච්ඡේදයක් පහළ කරන විට කුහකයින් අතර සිටි ඇතැමෙක් එය සරදමට හා හාස්යට ලක් කරමින්, "මුහම්මද් ගෙන ආ දැයින් පහළ වූ මෙම සූරාව කවර කරුණක් දේව විශ්වාසයෙන් වර්ධනය කර ඇත්දැ"යි විමසා සිටියේය. නමුත් අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් සත්ය බව පිළිගත් අය වනාහි, ඔවුන්ගේ විශ්වාසය පෙර පැවති විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් මෙම සූරාව ඔවුනට වර්ධනය කළේය. දිව්යමය වාක්ය පහළ වීමෙන් එහි ඇති මෙලොව හා මතුලොව යහපත හා ප්රයෝජන හේතුවෙන් ඔවුහු සතුටට පත් වූවෝය.
Tevbe 9:125
කුහකයින් වනාහි, අල් කුර්ආනයේ ඇති නීති රීති හා කතා සමග එය පහළ වීම ඔවුන්ගේ ව්යාධිය හා කිලිටිකම ඔවුනට වර්ධනය කරනු ඇත. එය පහළ කරනු ලැබූ දෑ ඔවුන් බොරු කරමින් සිටි හේතුවෙනි. අල් කුර්ආනය අධික ලෙස පහළ වීම තුළින් ඔවුන්ගේ හදවත් ද ව්යාධී බවින් වැඩි විය. ඊට හේතුව සැබැවින්ම ඔවුනට යම් කිසි දෙයක් පහළ වන සෑම කල්හිම එහි ඇති දෑ ගැන පැමිණිලි කරමින් සිටි අතර දේව ප්රතික්ෂේපය මත ම මිය ගිය බැවිණි.
Tevbe 9:126
කුහකයින්ගේ තත්ත්වය හෙළි කරමින් ඔවුන්ගේ කුහකත්වය ප්රසිද්ධියට පත් කරමින් සෑම වසරකම වරක් හෝ දෙවරක් අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කිරීම ඔවුන් සැලකිල්ලෙන් නොබැලුවෝ ද? පසු ව සැබැවින්ම අල්ලාහ් ඔවුනට එසේ සිදු කර ඇතැයි ඔවුන් දැන ගැනීමත් සමගම ඔවුන්ගේ ප්රතික්ෂේපයෙන් ඔවුන් මිදුණේ නැත. ඔවුන්ගේ කුහකත්වයෙන් ඔවුන් ඉවත් වූයේ නැත. ඔවුනට අත් වූ දෑ සැබැවින් එය අල්ලාහ්ගෙන් වූවක් බව ඔවුන් මෙනෙහි කරන්නේ ද නැත.
Tevbe 9:127
අල්ලාහ් තම දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත අල් කුර්ආනීය පරිච්ඡේදයක් පහළ කරන විට එහි සඳහන් කුහකයින්ගේ තත්ත්වයන් මෙනෙහි කිරීම දැක ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස බලා "කිසිවකු හෝ ඔබ දකින්නේ දැ?"යි විමසා සිටියි. එවිට කිසිවෙකු ඔවුන් නුදුටුවේ නම් සභාවෙන් ඔවුන් හැරී යති. දැනගනු. අල්ලාහ් ඔවුන්ගේ හදවත් යහමග හා යහකමින් වෙනතකට යොමු කළේය. ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවින් ඔවුන් පහත් තත්ත්වයට පත් විය.
Tevbe 9:128
අහෝ අරාබි ජනයිනි! නුඹලාගෙන්ම වූ දූතයෙකු සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත. ඔහු නුඹලා මෙන්ම අරාබි ජාතිකයෙකි. නුඹලාට පීඩා ගෙන දෙන දෑ ඔහුට ද පීඩා ගෙන දෙනු ඇත. නුඹලා යහමගට යොමුවීම ගැන දැඩි ආශාවෙන් පසුවන්නෙකි. නුඹලා ගැන සැලකිලිමත් වන්නෙකි. විශේෂයෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් කෙරෙහි හිතවත් මෙන්ම කාරුණිකය.
Tevbe 9:129
එහෙයින් ඔවුන් නුඹට පිටුපා නුඹ ගෙන ආ දෑ ඔවුන් නොකළේ නම්, අහෝ දූතය! “මට අල්ලාහ් ප්රමාණවත්ය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු මිස වෙනත් කිසිවෙකු නැත. ඔහු මත ම රැඳී සිටිමි. ඔහු ශුද්ධ වූ අති මහත් අර්ෂ් හෙවත් රාජධානියේ හිමිපාණන්ය.” යැයි පවසනු.
Yunus 10:1
(අලිෆ්, ලාම්, රා) සූරාවක ආරම්භයේ පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. මෙම සූරාවෙහි කියවනු ලබන පාඨ ප්රඥාව හා නීතී ඇතුළත් නීතිමය ව්යූහයෙන් යුත් පාඨ වෙති.
Yunus 10:2
අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන මෙන් අණ කරමින් මිනිස් වර්ගයා අතරින්ම වූ මිනිසෙකු වෙත දිව්යමය පණිවිඩ අපි පහළ කර තිබීම ඔවුන් මවිතයට පත් වන කරුණක් වීද? අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස කළවුනට ඔවුන් සතුටු වන පරිදි ඔවුන් කල් ඇතිව සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල වශයෙන් උසස් නිලයක් ඔවුන්ගේ පරමාධිපති අසළ ඇති බව දන්වා සිටිනු. දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙම පාඨය ගෙන ආ මෙම පුද්ගලයා පැහැදිලි ව හූනියම් කරුවෙකි යැයි පවසා සිටියෝය.
Yunus 10:3
අහෝ එසේ පුදුමයට පත් වන්නනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති දින හයකින් අති විශාලව පවතින අහස් හා පුළුල් ව විහිදී පවතින මහපොළොව මවා පසුව අර්ෂ් හෙවත් දේව රාජධානිය ඉහළට නැග ස්ථාපිත විය. නුඹලාගේම වර්ගයාගෙන් වූ මිනිසෙකු වෙත එය පහළ කිරීම ගැන නුඹලා පුදුමයට පත් වනුයේ කෙසේද? ඔහුගේ විශාල අධිරාජ්යය තුළ සියල්ල සැලසුම් කර තීන්දු කරනුයේ ඔහු තනිවමය. මැදිහත් වන්නෙකුට ඔහු අවසර දීමෙන් හා ඔහු ව පිළිගැනීමෙන් පසුව මිස කිසිදු කටයුත්තක දී ඔහු ඉදිරියේ මැදිහත් වන්නට කිසිවෙකු නැත. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහු නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එහෙයින් ඔහුට පමණක් අවංක ලෙස නුඹලා ගැතිකම් කරනු. මේ සියලු සාධක හා සාක්ෂි තුළින් නුඹලා ඔහුගේ ඒකීයත්වය ගැන උපදෙස් ලැබිය යුතු නොවේ ද? කවරෙකු අවම වශයෙන් හෝ උපදෙස් ලබන්නේද ඔහු එය දැන ඔහු ගැන විශ්වාසය තබනු ඇත.
Yunus 10:4
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි. එය නුඹලාගේ ක්රියාවන්ට ප්රතිඵල පිරිනැමීම සඳහාය. මේ ගැන අල්ලාහ් සැබෑ ලෙසින්ම ජනයාට ප්රතිඥා දී ඇත. ඔහු එය කඩ නොකරයි. සැබැවින්ම ඔහු ඒ සඳහා බලය ඇත්තාය. පෙර නිදසුනකින් තොරව සියලු මැවීම් ආරම්භයේම හට ගැන්වූයේ ඔහුය. පසුව මිය ගිය පසු ඔහු ඔහු ව යළි කැඳවා ගනු ඇත. එය දෙවියන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ අයට සාධාරණ ව ප්රතිඵල පිරිනමනු පිණිසය. ඔවුන්ගේ යහපත් ක්රියාවන් කිසිවක් ඔහු අඩු කරන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ නපුරු ක්රියාවන් අතර කිසිවක් වැඩි කරන්නේ ද නැත. අල්ලාහ් හා ඔවුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුනට උපරිමයෙන් රත් කරනු ලැබූ ලෝ දිය පානය ඇත. ඔවුන්ගේ බඩවැල් එමගින් කැපී යයි. එමෙන්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුනට ඇත.
Yunus 10:5
ආලෝකය නිපදවා එය විහිදුවාලන පරිදි ඔහු හිරු මවා ඇත්තේය. එමෙන්ම එමගින් ආලෝකය හට ගන්නා පරිදි සඳු ඇති කළේය. එහි ගමන් මාර්ගය අදියර විසි අටක් ඔහු සැලසුම් කළේය. එසේ සිදු කර ඇත්තේ සෑම දහවලක් හා රැයක් ගත වන කාල ප්රමාණයේ අදියරය නම් වේ. අහෝ ජනයිනි! දින ගණනය සඳහා සූර්යා ද මාස හා වර්ෂ ගණනය සඳහා සදු ද පිහිටුවා ඇති බව නුඹලා දැන ගනු පිණිසය. අහස්වල හා මහපොළොවේ ඇති කිසිවක් යුක්ති ධර්මතාවයකින් තොර ව අල්ලාහ් මවා නැත. එය ඔහුගේ බලය හා මහිමය මිනිසුනට නිරූපණය කරනු පිණිසය. මෙම පැහැදිළි සාක්ෂි හා අව්යාජ සාධක ඔහුගේ ඒකීයත්වය තහවුරු කිරීම සඳහා වූ සාක්ෂි වශයෙන් ගන්නා ඒ ගැන හඳුනන ජනයාට අල්ලාහ් පැහැදිළි කරන්නේය.
Yunus 10:6
ගැත්තන් හට රාත්රිය හා දහවල එකිනෙකට පරව ගමන් කිරීම, ඒවාට අදාළ ව අන්ධකාරය හා ආලෝකය පිහිටා තීබීම, ඒ දෙකින් එකක කාලය විටෙක කෙටියෙන් ද විටෙක දීර්ඝ ව ද පිහිටීම, අහස් හා මහපොළොවෙහි පවතින සෙසු මැවීම් යනාදී සියල්ල අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන ජනයාට අල්ලාහ්ගේ ශක්තිය විදහා පාන සාක්ෂි හා සළකුණු වන්නේය.
Yunus 10:7
අල්ලාහ්ගේ හමු ව සිදුවන්නක් බව අපේක්ෂා නොකරන, ඒ ගැන බිය නොවන, ඒ සම්බන්ධයෙන් කැමැත්තක් නොදක්වන, සදා ශේෂව පවතින මතුලොව ජීවිතය වෙනුවට, විනාශ වී යන තාවකාලික මෙලොව ජීවිතය ගැන පමණක් තෘප්තිමත් වන, එහි ඇති සතුට වෙත තම ආත්මය සැනසුමට පත් කරවා ගන්නා, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ද අල්ලාහ්ගේ වදන් හා සාධක හාස්ය ලෙස පිටු දකින්නන් ද වනාහි...
Yunus 10:8
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවුන් යොමුවන ස්ථානය නිරා ගින්නය. එය ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතික්ෂේප කරමින් හා එය බොරු කරමින් උපයා ගත් දෑ හේතුවෙනි.
Yunus 10:9
සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් තුළ පවතින දේව විශ්වාසය හේතුවෙන්, තම තෘප්තිය වෙත සේන්දු කරවන දැහැමි ක්රියාවන් සඳහා වූ මඟපෙන්වීම අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා සදා ස්වර්ග උයන් තුළට ප්රවේශ කරනු ඇත.
Yunus 10:10
ස්වර්ගයේ ඔවුන්ගේ පැතුම අල්ලාහ් ව ශුද්ධත්වයට පත් කිරීම හා පිවිතුරු කිරීමය. ඔවුන් සඳහා වූ අල්ලාහ්ගේ ආචාරය මලක්වරුන්ගේ ආචාරය හා ඇතැමෙකු විසින් ඇතැමෙකුට දක්වන ආචාරය සලාම් නොහොත් ශාන්තියේ ආචාරයයි. ඔවුන්ගේ අවසන් පැතුම සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් පැසසුමට ලක් කිරීමය.
Yunus 10:11
ජනයා ඔවුන්ගේ ප්රාර්ථනාවෙහි අයැද සිටින යහපත් කටයුතු සඳහා ඔවුනට පිළිතුරු සපයනු ලබනවාක් මෙන් ඔවුන් කෝප වූ අවස්ථාවක තමන්ටත් තම දරුවන්ටත් තම වස්තුවටත් එරෙහි ව නපුරක් සඳහා ඔවුන් කරන ප්රාර්ථනාවට පිළිතුර අල්ලාහ් ඉක්මන් කරන්නේ නම් ඔවුන් විනාශ වී යනු ඇත. නමුත් අල්ලාහ් ඔවුනට කල් දී ඇත. ඔහු ව හමුවීම බලාපොරොත්තු නොවූවන් අත හැර දමා ඇත. හේතුව සැබැවින්ම ඔවුන් දඬුවමට බිය නොවන කුසල් බලාපොරොත්තු නොවන පිරිසක් වන බැවිණි. විනිශ්චය දිනය ගැන අවිනිශ්චිතව සිටින, ඒ ගැන සැක කරන, එහි ව්යාකූලභාවයට පත්වන්නන් ලෙස ඔහු ඔවුන් අතහැර දමනු ඇත.
Yunus 10:12
මිනිසාට තමන් විනාශ කර දමන ව්යාධියක් හෝ නපුරු තත්ත්වයක් ඇති වූ විට, තමන්ට අත් වූ එම නපුර ඉවත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තම ඇළ පැත්තට ඇළ වී හෝ වාඩි වී හෝ සිටිගෙන හෝ ඉතා යටහත් පහත් ව අපගෙන් ප්රාර්ථනා කරනු ඇත. ඔහුගේ ප්රාර්ථනාවට අප පිළිතුරු දී ඔහුට අත් වූ නපුර ඉවත් කළ කල්හි තමන්ට අත් වූ නපුර ඉවත් කරන මෙන් ප්රාර්ථනා නොකළාක් මෙන් කටයුතු කරනු ඇත. මුළාවෙහි පසුවන මෙසේ අඛණ්ඩ ව නිරතවන්නාට එහි නිරතවීම අලංකාරවත් කළාක් මෙන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් සීමාවන් ඉක්මවා ගියවුන්ට ඔවුන් සිදු කරමින් ආ දේව ප්රතික්ෂේපය පාපය ඔවුනට අලංකාරවත් කර පෙන්වනු ලැබේ. එවිට ඔවුන් එය අත් නොහරිති.
Yunus 10:13
අහෝ ආදේශ තබන්නනි! නුඹලාට පෙර විසූ ජන සමූහයා අල්ලාහ්ගේ දූතවරුන් බොරු කළ හෙයින් ද ඔවුන් පාපකම් සිදු කළ හෙයින් ද අපි ඔවුන් විනාශ කළෙමු. ඔවුන් වෙත අප එවූ ඔවුන්ගේ දූතවරුන් ඔවුන් කවර කරුණක් තම පරමාධිපති වෙතින් ගෙන ආවේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සත්යභාවය පෙන්වා දෙන පැහැදිළි සාධක ඔවුන් වෙත ගෙන ආවෝය.නමුත් දෙවියන් විශ්වාස කිරීමට ඔවුන් සූදානම් නොවූ බැවින් විශ්වාස කිරීම ඔවුනට ස්ථීර නොවීය. එහෙයින් අල්ලාහ් ඔවුන් පහත් තත්ත්වයට පත් කළේය. ඒ සඳහා ඔවුනට ආශිර්වාද නොකළේය. මෙම අපරාධකාරී සමූහයාට අපි ප්රතිඵල පිරුනැමුවාක් මෙන් සෑම කාලයකම සෑම ස්ථානයකම ඔවුන් මෙන් හැසිරෙන්නන්හට අපි ප්රතිඵල පිරිනමන්නෙමු.
Yunus 10:14
අහෝ ජනයිනි! නුඹලා ක්රියා කරනුයේ කෙසේ දැයි අප නිරීක්ෂණය කිරීම සඳහා අප විනාශ කර දැමූ එම බොරුකාර සමූහයින්ට පසු නියෝජිතභාවය අපි නුඹලාට නියම කළෙමු. නුඹලා යහපතක් සිදු කර ඒ සඳහා කුසල් ලබා ගැනීම හෝ නුඹලා අයහපතක් සිදු කර ඒ සඳහා දඬුවම් ලැබීම හෝ නුඹලා සතු කාර්යයක් වන්නේය.
Yunus 10:15
අල්ලාහ්ගේ ඒකීයත්වය නිරූපණය කරන පැහැදිලි අල් කුර්ආනීය පාඨ ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට, කුසල් බලාපොරොත්තු නොවන, දඬුවමට බිය නොවන, නැවත නැගිටුවීම පිළිකුල් කරන්නන්, “අහෝ මුහම්මද්! අපගේ ආශාවන්ට අනුකූල ව පැවැති ඇතැම් දෑ හෝ මුළුමණින්ම හෝ වෙනස් කරන, පිළිමවලට හෝ ඒ හැර වෙනත් දෑට වැඳුම් පිඳුම් කිරීම ගැන දොස් නගන කරුණු ඇතුළත් මෙම කුර්ආනය හැර වෙනත් කුර්ආනයක් අප වෙත ගෙන එන්න.” යැයි පවසති. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. “එය වෙනස් කිරීමට මා සුදුස්සෙකු නො වෙමි. එමෙන්ම ඒ හැර වෙනත් දෙයක් ගෙන එන්නට ද මා හැකියාව නො දරමි. එහි ඇති දෑ තම කැමැත්තට අනුව වෙනස් කරන්නා ඒකීය අල්ලාහ්ය. මා වෙත අල්ලාහ් දන්වා සිටින දෑ හැර වෙනත් දෙයක් මම අනුගමනය නො කරමි. නුඹලා පතන දෑ සඳහා මම නුඹලාට පිළිතුරු දීමෙන් මම අල්ලාහ්ට පිටුපෑවේ නම් මහත් වූ දිනයේ දඬුවමට ලක්වීම ගැන සැබැවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙනු නැගිටුවනු ලබන දිනයයි.
Yunus 10:16
"අහෝ දූතය! නුඹලා වෙත මා අල් කුර්ආනය නොකියවීමට අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා වෙත මම අල් කුර්ආනය කියවා නොපෙන්වමි. නුඹලාට එය මා දැනුම් නොදෙමි. මාගේ දිවෙන් අල් කුර්ආනය මා නුඹලාට ඉගැන්වීම අල්ලාහ් අභිමත කළේය. මා නුඹලා අතර වසර හතළිහක පමණ දිගු කාලයක් රැඳී සිටියෙමි. නමුත් කිසිවක් මා නුඹලාට කියවා නොපෙන්වූ යෙමි. නොලිව්වෙමි. මෙම කරුණ සම්බන්ධයෙන් මා ඉල්ලා නොසිටියෙමි. ඒ ගැන මම නොසෙව්වෙමි. මම කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද එය අල්ලාහ් වෙතින් බවත් ඒ සම්බන්ධයෙන් මට කිසිදු කරුණක් නොමැති බවත් නුඹලා බුද්ධිමය වශයෙන් වටහා නොගන්නෙහු දැ?යි පවසනු.
Yunus 10:17
අල්ලාහ්ට බොරු ගොතා පවසන්නාට වඩා වෙනත් අපරාධ කරුවෙකු නැත. එහෙයින් ඔහු මත බොරුවක් ගොතා, අල් කුර්ආනය වෙනස් කර මා පැවසිය හැක්කේ කෙසේ ද? සැබෑ කරුණ නම්, සැබැවින්ම අල්ලාහ් මත බොරු ගොතා ඔහුගේ සීමාවන් උල්ලංඝණය කරන්නන් වනාහි ඔවුන්ගේ ඉල්ලීම් අනුව ඔවුන් ජය නොලබන බවයි.
Yunus 10:18
දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ් ව හැරදමා දෙවිවරන් යැයි කියා ගන්නා කිසිදු සෙතක් හෝ හානියක් හෝ සැලසිය නොහැකි දෙවිවරුන් නමදිති. සැබෑ ලෙස නැමදුමට ලක් වන්නා ඔහු අභිමත කරන විට සෙත සළසනු ඇත. එමෙන්ම ඔහු අභිමත කරන විට හානිය ද ඇති කරනු ඇත. ඔවුන් නැමදුම් කරන දෑ පිළිබඳව මෙසේ පවසති. “මොවුන් අල්ලාහ් අබියස අප වෙනුවෙන් පෙනී සිටින මැදිහත්කරුවෝ වෙති. එහෙයින් අපගේ පාපකම් හේතුවෙන් ඔහු අපට දඬුවම් නොකරනු ඇත.” අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු."අහස් හි හෝ මහපොළොවෙ හි කිසිදු හවුල්කරුවකු සිටින බව ඔහුට දැනගන්නට නැති තත්ත්වයේ සැබැවින්ම තමන්ට හවුල්කරුවෙකු සිටින බව නුඹලා ඔහුට තොරතුරු දන්වා සිටින්නෙහු ද? ව්යාජ ලෙස හා අසත්ය ලෙස දෙවියන්ට ආදේශ තබන්නන් පවසන දැයින් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය."
Yunus 10:19
මිනිසා ඒකීය දෙවියන් විශ්වාස කරන එකම සමූහයක් මිස නැත. නමුත් ඔවුහු භේදබින්න වූහ. එහෙයින් ඔවුන් අතර දෙවියන් විශ්වාස කරන්නන් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ද වෙති. ගත වූ දෑ අල්ලාහ්ගේ තීන්දුවක් නොවී නම් ඔවුන් මෙලොවෙහි භේද ඇති කර ගත් දෑහි ඔවුන් අතර ඔහු තීන්දු පිරි නොනමා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතර තීන්දු පිරිනමන්නට තිබුණි. ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද ඒ සම්බන්ධයෙන් මෙලොවෙහි ඔවුන් අතර වූ තීන්දුවක් වෙනුවෙන් එය නොවී නම් යහමඟ සිටින්නා මුළාවෙහි සිටින්නාගෙන් පැහැදිලි වනු ඇත.
Yunus 10:20
"ඔහුගේ සත්යතා ව තහවුරු කරන පරිදි ඔහුගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මුහම්මද්ට පහළ විය යුතු නොවේ දැ?"යි දෙවියන්ට ආදේශ තබන්නන් විමසා සිටිති. එහෙයින් දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. සංඥාවන් පහළ වීම යනු අල්ලාහ්ගේ දැනුමට පමණක් විශේෂිත වූ ගුප්ත කාරණාවකි. එහෙයින් නුඹලා යෝජනා කරන ආධ්යාත්මික වදන් පිළිබඳ නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම එය බලාපොරොත්තුවෙන් සිටින්නන් අතරින් මා ද නුඹලා සමග වෙමි.
Yunus 10:21
දෙවියන්ට ආදේශ කරන්නන්හට අත් වූ නියඟය හා අභාග්යට පසු වර්ෂාව හා සශ්රිකභාවයෙන් වූ ආශිර්වාදයක් ඔවුනට අපි විඳින්නට සැලැස් වූ විට අපගේ සංඥාවන් හාස්යට ගෙන ඒවා බොරු කරති. අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන ඔවුනට නුඹ මෙසේ පවසනු. "උපාය මාර්ග යෙදීමෙහි අල්ලාහ් වේගවත්ය. එමෙන්ම නුඹලාව පියවරෙන් පියවර ග්රහණය කිරීමෙන් හා දඬුවම් කිරීමෙන් ද ඔහු වේගවත්ය. සැබැවින්ම නුඹලා කවර කුමන්ත්රණයක් සැලසුම් කරන්නේ ද එය සටහන් කරන මලක්වරුන් විසින් ලියනු ඇත. ඔවුනට ඉන් කිසිවක් මග හැරෙන්නේ නැත. ඔවුන් මැවූ මැවුම්කරුට මග හැරෙනුයේ කෙසේ ද? නුඹලාගේ කුමන්ත්රණ සඳහා අල්ලාහ් නුඹලාට ප්රතිවිපාක පිරිනමනු ඇත."
Yunus 10:22
අහෝ ජනයිනි! නුඹලා පා ගමනින් හා නුඹලාගේ වාහන මත නුඹලා ගමන් කරවනුයේ අල්ලාහ් ය. එමෙන්ම මුහුදේ නැව් තුළ නුඹලාව යාත්රා කරවනුයේ ද ඔහුය. නුඹලා මුහුදේ නැව් තුළ සිටිය දී යහපත් සුළඟක් මගින් නුඹලා රැගෙන, එම නැව් යාත්රා කරනු ඇත. එම ආරෝග්යමත් සුළඟ හේතුවෙන් මගීන් සතුටට පත් වන්නේය. ඔවුන් සතුටින් සිටියදී දැඩි සුළි සුළඟක් ඔවුන් වෙත හමන්නට පටන් ගනී. සෑම පැතිකඩකින්ම මුහුදු රල නැගී පැමිණෙයි. සැබැවින්ම තමන් විනාශ වන බවට ඔවුන්ගේ සිත් විශ්වාස කරයි. ඔවුන් කිසිවකු අල්ලාහ් සමග හවුල් නොකර ඔහුව පමණක් ඇරයුම් කරමින් “මෙම ව්යසනකාරී තත්ත්වයෙන් ඔබ අප මුදවා ගත්තෙහි නම් නුඹ අපට පිරිනමන ආශිර්වාදය සඳහා අපි ද නුඹට කෘතඥවන්නන් අතරට පත්වන්නෙමු" යැයි පවසයි.
Yunus 10:23
ඔවුන්ගේ ප්රාර්ථනාවට පිළිතුරු දෙමින් එම ව්යසනකාරී තත්ත්වයෙන් ඔහු ඔවුන් මුදවා ගත් කල්හි, මහපොළොවේ ප්රතික්ෂේප කරමින් වැරදි හා පාපකම් කරමින් කලහාකරී ලෙස කටයුතු කරති. අහෝ ජනයිනි! අවදිවන්න, නුඹලාගේ නපුරුකම්හි ප්රතිවිපාකය නුඹලාට එරෙහිව පිහිටනු ඇත. නුඹලාගේ කලහකාරීත්වය අල්ලාහ්ට කිසිදු හානියක් ඇති කරන්නේ නැත. මෙලොව ජීවිතයෙහි නුඹලා එලෙස භුක්ති විඳින්නෙහුය. එය විනාශ වී යන්නකි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී එනුයේ අප වෙතය. එවිට නුඹලා කරමින් සිටි පාපකම් පිළිබඳ තොරතුරු අපි නුඹලාට දන්වා ඒ සඳහා වූ ප්රතිඵල නුඹලාට අපි පිරිනමන්නෙමු.
Yunus 10:24
නුඹලා භුක්ති විඳින ඉතා ඉක්මණින් අවසන් වී යන මෙලොව ජීවිතයට උපමාව වනුයේ වර්ෂාවකි. එමගින් මහපොළොවේ, පැලෑටි මිනිසුන් අනුභව කරන ධාන්ය පළතුරු වැනි දෑ හා සතුන් අනුභව කරන තණකොළ හා වෙනත් දෑ සමග මිශ්ර වී මහපොළොව නිල්වන් බවට පත් වෙයි. හට ගන්නා පැළෑටි වර්ගවලින් මහපොළොව ආලංකාරමත් වෙයි. හට ගැනුනු අස්වැනු නෙලන්නට හා කඩන්නට තමන් ශක්තිය ඇත්තෝ වෙතැයි එහි වැසියන් සිතති. නමුත් එය විනාශ කර දැමීමේ අපගේ නියෝගය ඒ වෙත පැමිණෙයි. පසුව අපි ඉතා කෙටි කාලයක් තුළ එහි ගස් හා පැලෑටි නොවැඩුණාක් මෙන් නෙළන ලද භූමියක් බවට අපි එය පත් කරන්නෙමු. මෙලොව ජීවිතයේ තත්ත්වය හා එය ඉතා ඉක්මණින් අවසන් වීම ගැන අපි නුඹලාට පැහැදිළි කළාක් මෙන් ඒ බව සැලකිලිමත් වන හා මෙනෙහි කරන ජනයාට සාක්ෂි හා සාධක අපි පැහැදිලි කරන්නෙමු.
Yunus 10:25
ශාන්තියේ නිවහන වන අල්ලාහ්ගේ ස්වර්ග උයන වෙත ඔහු මිනිසුන් සියලු දෙනා ඇරයුම් කරයි. දුක් හා කම්කටොලුවලින් ජනයා එහි නිදහස්ව සිටී. මරණයට පත්වීමෙන් ද ඔවුන් නිදහස් වෙති. මෙම ශාන්තියේ නිවහන වෙත සේන්දු කරවන ඉස්ලාම් දහම වෙත අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන්හට ආශිර්වාද කරයි.
Yunus 10:26
ඔවුනට අවනත වන මෙන් අල්ලාහ් අනිවාර්යය කළ දෑ ඔවුන් පිළිපදිමින් හා ඔහු ඔවුනට තහනම් කළ දෑ අතහැර දමමින් දැහැමි ලෙස කටයුතු කළවුන් වනාහි, ඔවුනට අලංකාර ප්රතිඵල ඇත. එය ස්වර්ග උයනයි. ඔවුනට ඊට අමතර දෑ ද ඇත. එය ගෞරවනීය අල්ලාහ්ගේ මුහුණ දෙස බැලීමය. ඔවුන්ගේ මුහුණු දූවිල්ලෙන් ආවරණය වන්නේ නැත. කිසිදු අවමානයක් හෝ අපහාසයක් හෝ ඒවා වෙළා ගන්නේ නැත. මෙම දැහැමි කරුණුවලින් වර්ණනා කරනු ලැබූ මොවුහු ස්වර්ගවාසීහු වෙති. ඔවුහු එහි සදා රැඳෙන්නෝ වෙති.
Yunus 10:27
දේව ප්රතික්ෂේපය, පාපකම් වැනි නපුරු ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් සිදු කළ නපුරුකමට ඒ හා සමාන අල්ලාහ්ගේ දඬුවමින් ප්රතිවිපාක මතුලොවෙහි හිමි වනු ඇත. අවමානය හා අපහාසය ඔවුන්ගේ මුහුණු වෙළා ගෙන තිබේ. අල්ලාහ්ගේ දඬුවම ඔවුනට පහළ වූ විට ඉන් ඔවුන් වළක්වාලන කිසිවකු ඔවුනට නොසිටිනු ඇත. ඔවුන්ගේ මුහුණු නිරා ගින්නේ දුමාරයෙන් හා කළු පැහැයෙන් අධික ලෙස වෙළා ඇති බැවින් කළු පැහැයක් ඇඳගත්තාක් මෙන් එම මුහුණු පවතී. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු නිරා ගින්නේ වැසියෝ වෙති. ඔවුහු එහි සදා වෙසෙනේනෝ වෙති.
Yunus 10:28
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම් එක්රැස් කරන අවස්ථාව මෙනෙහි කර බලනු. මෙලොවෙහි අල්ලාහ්ට ආදේශ තැබූවන්හට අපි මෙසේ පවසන්නෙමු. “අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! නුඹලා ද අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටි නුඹලාගේ නැමදුමට පාත්ර වූවන් ද නුඹලාගේ ස්ථානයේම රැඳී සිටිනු." නැමදුමට පාත්ර වූවන් හා නැමද සිටියවුන් අතර අපි වෙන් කරන්නෙමු. නැමදුමට ලක් වූවන් නැමද සිටියවුන්හට, "නුඹලා අපට ගැතිකම් කරමින් නොසිටියෙහු" යැයි ඔවුන්ගේ හවුල් කරුවන් පවසති
Yunus 10:29
මෙහි දී අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුන්ගෙන් ඈත් වී, “අල්ලාහ් සාක්ෂිකරුය. ඔහු ප්රමාණවත්ය. නුඹලා අපට ගැතිකම් කර සිටීම ගැන අපි පිළිනොගත්තෙමු. එය අපි නුඹලාට අණ නොකළෙමු. නුඹලාගේ නැමදුම ගැන කිසිදු හැඟීමක් අපහට නොවීය" යැයි පවසති.
Yunus 10:30
අති බිහිසුණු මෙම ස්ථානයේ සෑම ආත්මයක්ම මෙලොව ජීවිතයේ සිදු කළ ක්රියාවන් පිළිබඳ පරීක්ෂණයට ලක් කරනු ලැබේ. ආදේශ තැබූවන් ඔවුන්ගේ විනිශ්චයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සැබෑ භාරකරු වන ඔවුන්ගේ පරමාධිපති වූ අල්ලාහ් වෙත යොමු කරවනු ඇත. ඔවුන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි ඔවුන් සිතූ ඔවුන්ගේ පිළිම ඔවුන්ගෙන් ඉවත් ව යනු ඇත.
Yunus 10:31
අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබන මොවුන්ගෙන් නුඹ මෙසේ විමසනු. අහසින් නුඹලාට වර්ෂාව පහළ කරවා නුඹලාගේ පෝෂණය නුඹලාට පිරිනමනුයේ කවුරුන්ද? මහපොළොවෙන් පැලෑටි හා නුඹලා පරිහරනය කරන ඛනිජ වස්තු හට ගන්වා එමගින් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරුන් ද? මිනිසා ශුක්රාණුවෙන් හා පක්ෂීන් බිත්තරයෙන් යනාදී ආකාරයෙන් අප්රාණ වස්තුවකින් ජීවී වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? එමෙන්ම සතුන්ගෙන් ශුක්රාණුව හා පක්ෂීන්ගෙන් බිත්තරය යනාදී ආකාරයෙන් ජීවී වස්තුවකින් අප්රාණික වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති සෙසු මැවීම් ද සැලසුම් කරනුයේ කවුරුන් ද? යැයි විමසනු. එවිට ඔවුන්ගේ පිළිතුරු වනුයේ සැබැවින්ම මේ සියල්ල සිදු කරන්නා අල්ලාහ්ය යන්නයි. එවිට නුඹ ඔවුනට මෙසේ පවසනු. ඒ පිළිබඳ නුඹලා දැනුවත් විය යුතු නොවේ ද? අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළ යුතු නොවේ ද?
Yunus 10:32
අහෝ ජනයිනි! මේ සියල්ල සිදු කරන නුඹලාගේ සැබෑ මැවුම්කරු හා නුඹලාගේ සියලු කටයුතු සැලසුම් කරන්නා අල්ලාහ්ය. සත්ය දැනගත් පසු ඉන් දුරස් වීමට හෝ විනාශවී යාමට ඇත්තේ කුමක් ද? පැහැදිලි සත්යයෙන් නුඹලාගේ බුද්ධිය පහ ව ගොස් ඇත්තේ කොයිබට ද?
Yunus 10:33
සැබැවින්ම සියල්ල මවා සැලසුම් කර පෝෂණය කිරීම යන දේව පරිපාලනත්වය තහවුරු වූවාක් මෙන් අහෝ දූතය! මුරණ්ඩුකමින් සත්යයෙන් බැහැර වූවන් සැබැවින්ම ඔවුන් විශ්වාස නොකරන බවට වූ නුඹගේ පරමාධිතිගේ නියමයේ වදන අනිවාර්යය විය.
Yunus 10:34
"අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන මොවුනට නුඹ මෙසේ පවසනු. 'නුඹලා නමදිමින් සිටින නුඹලාගේ හවුල්කරුවන් අතර කිසිදු පූර්ව ආදර්ශයකින් තොර ව මැවීම් උත්පාදනය කොට, පසුව එය විනාශ වී ගිය පසු යළි අවදි කරවන කිසිවෙකු හෝ සිටී ද?' ඔවුනට නුඹ මෙසේ පවසනු, "කිසිදු පූර්ව ආදර්ශයකින් තොරව සියල්ල උත්පාදනය කරන්නා අල්ලාහ්ය. පසු ව ඒවා මියගිය පසු යළි අවදි කරවනු ඇත. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි, මෙසේ තිබිය දී නුඹලා සත්යයෙන් පෙරළී අසත්ය වෙත හැරෙනුයේ කෙසේ ද?"
Yunus 10:35
අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු, "අල්ලාහ් නැමදීමෙන් ඉවත් වී නුඹලා නමදිමින් සිටින නුඹලාගේ හවුල්කරුවන් අතර සත්ය වෙත මග පෙන්වන වෙනත් කිසිවෙකු හෝ සිටී ද? ඔවුනට නුඹ මෙසේ පවසනු. සත්ය වෙත මග පෙන්වනුයේ අල්ලාහ් පමණය. සත්ය වෙත ජනයාට මග පෙන්වා ඒ වෙත ඔවුන් ඇරයුම් කරන්නාට වඩා පිළිපදිනු ලබන්නට හෝ නැමදුම් ලබන්නට හෝ වෙනත් සුදුස්සෙකු සිටී ද? තමන්ට පවා මග ලැබිය නොහැකි තත්ත්වයේ වෙනත් අයට ඔවුන් මග පෙන්විය හැක්කේ කෙසේද? සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි නුඹලා තරයේ විශ්වාස කරන විට ව්යාජ දෑ පිළිබඳ නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද? නුඹලාට කුමක් වී ද? නුඹලා කරන ප්රකාශයෙන් අල්ලාහ් අතිශයින් උසස් විය."
Yunus 10:36
දෙවියන්ට ආදේශ කරන බහුතරයක් දෙනා ඔවුනට කිසිදු දැනුමක් නැති දෑ මිස වෙනත් කිසිවක් පිළිපදින්නේ නැත. එහෙයින් ඔවුන් පිළිපදිනුයේ සැකය හා අනුමානය පමණි. සැබැවින්ම සැකය දැනුවත්කම නම් ස්ථානයේ පිහිටන්නේ නැත. එය එයට අවශ්ය වන්නේ ද නැත. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Yunus 10:37
මෙම අල් කුර්ආනයට යමක් ගොතා එය අල්ලාහ් වෙත සම්බන්ධ කරමින් පැවසීම සුදුසු නොවන අතරම එවැනි යමක් ගෙන ඒම මිනිසුනට කළ නොහැක්කකි. සැබැවින්ම මෙය මීට පෙර පහළ වූ දෑ සත්ය කරවන්නක් හා එහි ඇති නීති රීති පූර්ණ ලෙස පැහැදිලි කරන්නක් වේ. එහෙයින් සියලු මැවීම්හි පරමාධිපතියාණන්ගෙන් මෙය පහළ වූවක් බවට කිසිදු සැකයක් නැත.
Yunus 10:38
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් විසින්ම මෙය ගොතා ඇති බවත් ඔහු එය අල්ලාහ් වෙත ඈදා පවසන බවත් දෙවියන්ට ආදේශ තබන මොවුන් ප්රකාශ කර සිටින්නේ ද? අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. සැබැවින්ම අල් කුර්ආනය බොරුවෙන් ගොතන ලද්දක් බව නුඹලා වාද කරමින් සිටින දෑහි නුඹලා සත්යවාදීන් නම් එමෙන්ම මා ද නුඹලා මෙන් මිනිසෙකු ව සිටිය දී එවැන්නක් මා විසින් ගෙනැවිත් තිබුණා නම් නුඹලා ද එවැනි පරිච්ඡේදයක් ගෙනැවිත් ප්රසිද්ධියේම නුඹලා ඇරයුම් කරනු. නමුත් නුඹලා එයට හැකියාව නොදරන්නේමය. (නුඹලා චතුර ලෙස කතා කරන්නන් හා දක්ෂයින් ලෙස සිටිය ද) නුඹලා ඒ සඳහා ශක්තිය නොදරනු ඇත. සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පහළ වූවක් බව එය පෙන්වා දෙයි.
Yunus 10:39
එසේ නොව, ඔවුන් එයට පිළිතුරු නොදෙනු ඇත. නමුත් එය වටහා ගැනීමට හා පරිශීලනය කිරීමට පෙර එහි අවවාද කරනු ලැබූ දඬුවම ඇති වීමට පෙර ඔවුහු අල් කුර්ආනය බොරු කිරීමට ඉක්මන් වූහ. පෙර විසූ සමූහයා බොරු කළාක් මෙන් මෙවන් බොරු කිරීමක් ගෙන එන්නට බැලීය. නමුත් පහළ විය යුතු දඬුවම එමගින් පහළ විය. අහෝ දූතය! බොරුකාර සමූහයාගේ අවසානය කෙසේ වී දැයි මදක් සිතා බලනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය.
Yunus 10:40
දෙවියන්ට ආදේශ කරන්නන් අතරින් තමන්ගේ මරණයට පෙර අල් කුර්ආනය විශ්වාස කරන්නන් සිටිති. එමෙන්ම ඔවුන් අතරින් මිය යන තෙක්ම මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරන්නන් ද සිටිති. අහෝ දූතය! තම ප්රතික්ෂේපය මත අඛණ්ඩව නිරතව සිටින්නන් කවුරුන් දැයි නුඹේ පරමාධිපති මැනවින් දනී. ඔවුන්ගේ ප්රතික්ෂේපය සඳහා වූ විපාක ඔහු ඔවුනට පිරිනමනු ඇත.
Yunus 10:41
අහෝ දූතය! ඔබේ සමූහයා ඔබ ව බොරු කරන්නේ නම් ඔබ: “මාගේ ක්රියාවෙහි කුසල් මා සතුය. මාගේ ක්රියාවෙහි ප්රතිවිපාකය මා විසින් දරමි. නුඹලාගේ ක්රියාවේ කුසල් නුඹලා සතුය එහි දඬුවමද නුඹලා සතුය. මා විසින් සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් නුඹලා නිදහස් වෙති. නුඹලා සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් මම නිදිහස් වෙමි.”යැයි ඔවුනට පවසනු.
Yunus 10:42
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් ඔබ වෙත සවන් දෙන අය ද සිටිති. ඔබ අල් කුර්ආනය ඇසෙන්නට කිය වූ විට එය පිළිගැනීමට හා එයට අනුගත වීමට එකග නොවෙති. එසේ නම්, හොරෙන් සවන් දෙන්නන්හට නියම අයුරින් සවන් දීම සඳහා කටයුතු කිරීමට නුඹ හැකියාව දරනුයේ කෙසේ ද? සත්ය සවන් දීමෙන් බිහිරන් ලෙස කටයුතු කර එය වටහා නොගන්නා මොවුනට මඟ පෙන්වීමට ඔබට කිසිසේත් හැකිවන්නේ නැත.
Yunus 10:43
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් මනා අධීක්ෂණයෙන් නොව, බාහිර බැල්මෙන් ඔබ වෙත බලන අය ද සිටිති. හොර බැල්මෙන් බලන අය වෙත පෙන්වීමට නුඹට හැකි වන්නේ ද? සැබැවින්ම ඔබ එයට හැකියාව නොදරනු ඇත. දැක්මක් නැත්තන්ට මඟ පෙන්වීමට ඔබට කිසිසේත් හැකිවන්නේ නැත.
Yunus 10:44
නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්හට අපරාධ කිරීමෙන් ඉවත් වූවෙකි. අනු ප්රමාණයක් හෝ ඔහු ඔවුනට අසාධාරණ යක් හෝ අපරාධයක් නොකරයි. නමුත් ඔවුන්මය ඔවුන්ටම ව්යාජ දෑ සඳහා වූ නොහික්මීම, අහංකාරකම හා මුරණ්ඩුකම යනාදී හේතූන් මත විනාශකාරී කටයුතු ගෙන එමින් අපාරාධ කර ගත්තෝ.
Yunus 10:45
ජනයා විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් එක්රැස් කරන දින ඔවුන්ගේ මෙලොව ජීවිතයේ හා මිනීවල ජීවිතයේ දිවා කාලයේ හෝරාවක් මිස ඊට අමතර වේලාවක් රැඳී නොසිටියාක් මෙන් ඔවුනට හැඟෙනු ඇත. එහිදී ඇතෙමෙක් ඇතැමෙකුව දැන හඳුන ගනිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින ව්යසනයන් දැක එහි ඇති බිහිසුණුකම හේතුවෙන් ඔවුන් හඳුනාගත්තද වෙන්ව යයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමුව බොරු කළවුනට අලාභය අත් විය. ඔවුන් අලාභය අත්වන තුරුම මළවුන් කෙරෙන් යළි අවදි කරවනු ලැබීම මෙලොවෙහි විශ්වාස කරන්නන් ලෙස නොසිටියෝය.
Yunus 10:46
අහෝ දූතය! ඔවුනට ප්රතිඥා දුන් දඬුවමින් කොටසක් නුඹගේ මරණයට පෙර අපි නුඹට පෙන්නුව ද ඊට පෙර අපි නුඹව මරණයට පත් කළ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ තත්ත්වයන් දෙකෙහිම ඔවුන් සියලු දෙනා නැවත පැමිණෙනුයේ අප වෙතමය. අනතුරුව අල්ලාහ් ඔවුන් සිදු කරමින් ආ දෑ දෙස බලයි. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල දෙනු ඇත.
Yunus 10:47
පෙර විසූ සෑම සමූහයකටම ඔවුන් වෙත එවනු ලැබූ දහම් දූතයෙකු විය. තමන්ට ප්රතිචාරය කරන මෙන් නියෝග කරනු ලැබූ දෑ ඔහු ඔවුන් වෙත දන්වා, ඔවුන් ඔහු බොරු කළ විට ඔවුන් අතර හා ඔහු අතර සාධාරණ ව තීන්දු කරනු ලැබීය. අල්ලාහ්ගේ භාග්යයෙන් අල්ලාහ් ඔහු මුදවා ගෙන ඔහුගේ සාධාරණත්වය හේතුවෙන් ඔවුන් ව විනාශ කර දැමීය. ඔවුන්ගේ ක්රියාවන්වල ප්රතිඵල කිසිවකට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
Yunus 10:48
දෙවියන් ප්රතික්ෂේප කරන මෙම මුරණ්ඩු හා නොහොබිනා ජනයා නුඹලා කවර කරුණක් වාද කරමින් සිටින්නෙහු ද ඒ සම්බන්ධයෙන් නුඹලා සත්යවාදීහු නම් අපට ප්රතිඥා දෙනු ලැබූ දඬුවම පැමිණෙනුයේ කවර කාලයක දැ?යි විමසා සිටිති.
Yunus 10:49
අහෝ දූතය! "මට හානියක් කිරීමට හෝ එයින් මා ආරක්ෂා කිරීමට හෝ කිසිදු හානියක් කිරීමේ බලයක් මා සතුව නැත. එමෙන්ම මටම සෙත සලසා ගැනීමට හෝ කිසිදු සෙතක බලයක් මා සතුව නැත. එසේ තිබිය දී ඒ සඳහා අල්ලාහ් අභිමත කර ඇත්නම් මිස මා නොවන වෙනත් අය වෙත මා සෙත සලසනුයේ කෙසේද? ඔහුගේ ගුත්ප දෑ මා දැන ගත හැක්කේ කෙසේද? සෑම සමූහයකටම ඔවුන් විනාශ කිරීම සඳහා වූ නියමිත විනාශ කාලයක් අල්ලාහ් ඔවුනට ප්රතිඥා කර තිබිණ. එය අල්ලාහ් මිස වෙන කිසිවකු නොදන්නේය. ඔවුන්ගේ විනාශ කාලය පැමිණි විට ඉන් කිසිදු කාලයක් ප්රමාද නොකරනු ඇත. එමෙන්ම ඉක්මන් ද නොකරනු ඇත යැයි නුඹ ඔවුනට පවසනු.
Yunus 10:50
අහෝ දූතය! “දඬුවම ඉක්මනින් පතන මොවුනට, "දහවලක හෝ රාත්රියක හෝ කවර වේලාවක හෝ වේවා අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත පැමිණීමෙන් පසු නුඹලා ඉක්මණින් පැතූ දඬුවම ගැන නුඹලා මා වෙත දන්වා සිටිනු” යැයි නුඹ ඔවුනට පවසනු.
Yunus 10:51
නුඹලාට ප්රතිඥා දුන් දඬුවම නුඹලාට අත් වූ පසු ද නුඹලා එය විශ්වාස කරනුයේ? මීට පෙර විශ්වාස නොකළ විශ්වාසයෙන් කිසිදු ආත්මයකට සෙතක් ලැබෙන්නේ නැත. නුඹලා දැන් විශ්වාස කරනුයේ ද?. දඬුවම බොරු යැයි පවසමින් එය නුඹලා ඉක්මන් කරන මෙන් පැතුවෙහුය.
Yunus 10:52
ඔවුන් දඬුවමට ලක් කිරීමෙන් පසු ව ඉන් පිට වන්නට ඔවුහු ඉල්ලා සිටිති. එවිට ඔවුනට මෙසේ පවසනු ලැබේ. “මතුලොවෙහි සදා දඬුවම නුඹලා භුක්ති විඳිනු. පාපකම් හා දේව ප්රතික්ෂේපය පදනම් කර ගෙන නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා මිස නුඹලාට කුසල් පිරිනමන ලබන්නෙහු ද?"
Yunus 10:53
අහෝ දූතය! “අපට ප්රතිඥා දුන් මෙම දඬුවම සැබෑවක් දැ?"යි දේව ප්රතික්ෂේපකයෝ නුඹගෙන් තොරතුරු විමසති. "එසේය" යැයි නුඹ ඔවුනට පවසනු. අල්ලාහ් මත (දිවුරමි) එය සත්යයකි. නුඹලා ඔහුගෙන් මිදෙන්නන් නොවෙති.
Yunus 10:54
අල්ලාහ්ට ආදේශ තබන සෑම කෙනෙකු සතුවම මහපොළොවේ ඇති වටිනා සම්පත් සියල්ල තිබුණොත් අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට ඔහු ඔවුන්ට අවස්ථාව දුන්නේ නම් ඉන් මිදීම සඳහා ඔවුන් ඒවා ඔහු ඉදිරියේ වන්දි වශයෙන් තබනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන්ට ආදේශ තබන්නන් එම දඬුවම දෑසින් දකින කල්හි ඔවුන්ගේ ප්රතික්ෂේපය මත පිහිටන පසතැවිල්ල ඔවුහු සඟවා ගනිති. ඔවුන් අතර ඉතා සාධාරණ අයුරින් අල්ලාහ් තීන්දු පිරිනමනු ඇත. කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලැබේ. ඔවුනට ප්රතිඵල පිරිනමනු ලබනුයේ ඔවුන්ගේ ක්රියාවන්ට අනුකූලවය.
Yunus 10:55
අහස්හි ඇති දෑහි ආධිපත්යයත් මහපොළොවේ ඇති දෑහි ආධිපත්යයත් අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ප්රතිඥා කළ දඬුවම කිසිදු සැකයකින් තොර ව සිදු වන බවත් දැනගනු. නමුත් ඔවුන් අතර සිටින බහුතරයක් දෙනා ඒ බව නොදනිති. ඔවුන් ඒ ගැන සැක කරති.
Yunus 10:56
මියගියවුන් යළි අවදි කරනුයේ ඔහුය. එමෙන්ම ජීවත් වන්නන් මරණයට පත් කරන්නේද ඔහුමය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී යන්නේ ඔහු වෙතට පමණය. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Yunus 10:57
අහෝ ජනයිනි! නුඹලා වෙත කුර්ආනය පැමිණ ඇත. එහි මෙනෙහි කිරීම්, දිරි ගැන්වීම් හා බිය ගැන්වීම් ඇත. මෙය සැකය, කුතුහලය වැනි හදවත් රෝග සඳහා වූ ප්රතිකාරයකි. සත්ය මග පෙන්වන්නකි. දෙවියන් විශ්වාස කරන්නන්හට එහි ආශිර්වාදයක් ඇත. එමගින් ඔවුන් ප්රයෝජනය ලබනු ඇත.
Yunus 10:58
අහෝ දූතය! නුඹ ජනතාවට මෙසේ පවසනු, "මා අල් කුර්ආනයෙන් කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේද, එය නුඹලා වෙත අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහුගෙන් වූ ආශිර්වාදයකි. අල් කුර්ආනය පහළ කිරීම තුළින් අල්ලාහ් නුඹලා වෙත පිරිනැමූ භාග්යය හා ඔහුගේ ආශිර්වාදය හේතුවෙන් නුඹලා සතුටු වනු. එය ඒ දෙක හැර වෙනත් දෙයක් හේතුවෙන් නොවේ. ඔවුන් රැස් කරන ඉතා පහත් ලෞකික සුන්බුන් වලට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට ඔහුගේ පරමාධිපතිගෙන් පැමිණි දෑ උතුම් වේ.
Yunus 10:59
අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන ඔවුනට නුඹ මෙසේ පවසනු. "පෝෂණ සම්පත් පහළ කිරීමෙන් අල්ලාහ් නුඹලා වෙත දක්වා ඇති අනුග්රහය පිළිබඳ තොරතුරු මා වෙත දන්වා සිටිනු. නමුත් නුඹලා එහි නුඹලාගේ ආශාවන්ට අනුව ක්රියා කරන්නෙහුය. ඒවායින් සමහරක් නුඹලා තහනම් කර ගන්නා අතර තවත් සමහරක් අනුමත කර ගන්නෙහුය. නුඹලා අනුමත කරන දෑහි අනුමත කිරීමටත් තහනම් කළ දෑහි තහනම් කිරීමටත් අල්ලාහ් නුඹලාට අනුමත කර තිබේ ද? එසේ නැතහොත් නුඹලා ඔහු කෙරෙහි බොරු ගොතා පවසන්නෙහුද?"
Yunus 10:60
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බොරු ගොතන්නන්හට අත්වන ඉරණම පිළිබඳ ඔවුන් අනුමාන කරනුයේ කවර අයුරින් ද? ඔවුනට සමාව දෙනු ලැබේවි යැයි ඔවුහු සිතන්නෝද? අහෝ පවතින කුතුහලය! සැබැවින්ම අල්ලාහ් ජනයින්ට ඉක්මනින් දඬුවම් නොදී ඔවුනට අවකාශය දෙමින් ඔවුනට භාග්ය පිරිනමන්නා වෙයි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ සඳහා කෘතඥ නොවෙති.
Yunus 10:61
අහෝ දූතය, ඔබ කවර කටයුත්තක නිරත ව සිටිය ද, කවර පාරායනයක් පාරායනය කළ ද, එමෙන්ම අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා කවර ක්රියාවක් සිදු කළ ද අපි නුඹලා ව අධීක්ෂණය කරමින් සිටියා මිස නැත. එමෙන්ම අපි නුඹලා පිළිබඳ මැනවින් දනිමු. නුඹලා ක්රියාශීලී ව ක්රියාවක නිරත වන විට නුඹලාට අපි සවන් දෙන්නෙමු. අහසේ හෝ මහපොළොවේ හෝ අණු ප්රමාණයක තරම් හෝ ඊට වඩා කුඩා ප්රමාණයකින් හෝ මහා ප්රමාණයකින් හෝ යම් දැනුමක් වී නම් පැහැදිලි පුස්තකයේ සටහන් කරනු මිස ඔබේ පරමාධිපතිට ඒ කිසිවක් සැඟවෙන්නේ නැත. කුඩා දෙයක් හෝ වේවා විශාල දෙයක් හෝ වේවා ඒ ගැන ඔහු සටහන් කර ගන්නා මිස නැත.
Yunus 10:62
දැනගනු! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇතිවන අර්බුධයන් හමුවේ සැබැවින්ම අල්ලාහ්ගේ සමීප මිතුරන්හට කිසිදු බියක් නැත. ඔවුනට මග හැරුණු මොලොවෙහි කොටස් පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.
Yunus 10:63
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන විශ්වාස කිරීම සම්බන්ධයෙන් වර්ණනා කරනු ලැබූ අල්ලාහ්ගේ සමීපතයින් වනාහි, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නෝ වූහ.
Yunus 10:64
දැහැමි සිහින දැකීමෙන් හෝ ජනයා ඔවුන් පැසසුමට ලක් කිරීමෙන් හෝ ඔවුන්ගේ පරමාධිපති විසින් ඔවුන් සතුටු වන සුබාසිරි ඔවුනට මෙලොවෙහි ඇත. එමෙන්ම ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නා විට ද, මිය ගිය පසු ද, එක්රැස් කරන විට ද මලක්වරුන්ගේ සුබාසිරි ද ඔවුනට ඇත. අල්ලාහ් කවර දෙයක් ඔවුනට ප්රතිඥා දුන්නේ ද එහි කිසිදු වෙනසක් ඇති වන්නේ නැත. එම ප්රතිඵලය මහත් වූ ජයග්රහණයයි. එය ඔවුන් පතන දෑ ඔවුනට එහි ඇති බැවින් හා බියෙන් ඔවුන් මිදී සිටින බැවිණි.
Yunus 10:65
අහෝ දූතය! ඔබේ දහම සම්බන්ධයෙන් මොවුන් නගන දොස් හා චෝදනාවන් ගැන ඔබ දුක් නොවනු. සැබැවින්ම යටත් කිරීම හා ජය යන සියල්ල අල්ලාහ් සතුය. කිසිවෙක් ඔහු අබිබවා යා නොහැක. ඔහු ඔවුන්ගේ ප්රකාශවලට මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Yunus 10:66
අහස්හි ආධිපත්යය හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. අල්ලාහ්ගෙන් තොර ව ඔහු සම කරන්නන්හට වැඳුම් පිඳුම් කරන ආදේශකයින් පිළිපදිනුයේ කවර කරුණක් ද? ඔවුන් යථාර්ථයෙන්ම සැකය මිස අනුගමනය නොකරති. ඔවුන් අල්ලාහ් වෙත හවුල්කරුවන් සම්බන්ධ කරමින් බොරු පවසනවාක් මිස නැත. ඔවුන් කරන ප්රකශයෙන් අල්ලාහ් අති උත්තරීතරය.
Yunus 10:67
අහෝ ජනයිනි! වෙහෙස මහන්සියෙන් හා කටයුතු වලින් දුරස් ව නුඹලා සැනසුම ලබනු පිණිස නුඹලාට රාත්රිය ඇති කළේ ඔහුය. එමෙන්ම නුඹලාගේ ජීවන ගමනෙහි නුඹලාට සෙත සලසන අයුරින් එහි ජීවනෝපාය සඳහා දහවල අලෝකමත් කළේද ඔහුය. පිළිගෙන සාවධානයෙන් සවන් දෙන පිරිසකට එහි පැහැදිළි සාධක ඇත.
Yunus 10:68
දෙවියන්ට ආදේශ තැබූ පිරිසක්, “අල්ලාහ් දේව දූතයින් ගැහැණු දරුවන් ලෙස ගෙන ඇතැ”යි පවසති. ඔවුන්ගේ ප්රකාශයෙන් අල්ලාහ් සුවි ශුද්ධය. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන් ගෙන් තොරය. අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය ඔහු සතුය. නුඹලාගේ මේ ප්රකාශය සඳහා කිසිදු සාධකයක් නුඹලා වෙත නැත. කිසිදු සාධකයකින් තොරව නුඹලා යථාර්ථය නොදැන අල්ලාහ්ට දරුවෙක් ඇති බව ඈඳමින් ඔහු කෙරෙහි අති බැරෑරුම් ප්රකාශයක් කරන්නෙහු ද?
Yunus 10:69
අහෝ දූතය, නුඹ ඔවුනට මෙසේ පවසනු: “සැබැවින්ම අල්ලාහ් වෙත දරුවෙකු ඈඳමින් ඔහු කෙරෙහි බොරු ගොතා පවසන්නන් වනාහි ඔවුන් පතන දැයින් ඔවුහු ජය නොලබති. ඔවුන් බියවන දැයින් ඔවුන් මිදෙන්නේද නැත.
Yunus 10:70
ඔවුන් භුක්ති විදින මෙලොවෙහි ආශාවන් හා එහි ඇති සුවපහසුකම් ඔවුන් රවටා නොදැමිය යුතුය. එය ඉතා අල්ප භුක්ති විඳීමක් පමණි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අප වෙත නැවත හැරී ආ යුතුව ඇත. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් ද ඔහුගේ දූතයාණන්ව බොරු කළ බැවින් ද බලවත් දඬුවමක් අපි ඔවුනට භුක්ති විඳීමට සලසන්නෙමු.
Yunus 10:71
අහෝ දූතය! නූහ් (අලය්හිස් සලාම්) තුමා තම ජනයාට පවසා සිටි තොරතුරු දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින්ට කියා පෙන්වනු. හෙතෙම: “මාගේ ජනයිනි! නුඹලා ඉදිරියේ මාගේ ස්ථාවරය නුඹලාට බරක් වී නම්, අල්ලාහ්ගේ වදන් මා මෙනෙහි කිරීම හා මාගේ උපදෙස නුඹලාට පීඩාවක් නම්, නුඹලා මා ඝාතනය කිරීමට ස්තීර කර ගත්තා නම්, නුඹලා කරන කුමන්ත්රණය වළක්වාලීමට මම අල්ලාහ් මත පමණක් රැඳෙමි. නුඹලාගේ කටයුත්ත නුඹලාම තීන්දු කරනු. මා විනාශ කිරීමට නුඹලා ස්ථීර කර ගනු. උදව් ලබා ගැනීම සඳහා නුඹලාගේ දෙවිවරුන් කැඳවා ගනු. පසුව නුඹලාගේ කුමන්ත්රණය සැඟවුණු රහසක් නොවනු ඇත. පසුව මා ඝාතනය කිරීම සඳහා නුඹලා සැලසුම් යෙදීමෙන් පසු ව නුඹලා සඟවමින් සිටින දෑ මත ගමන් කරනු. මොහොතක් හෝ මට කල් නොදෙනු.
Yunus 10:72
"මාගේ ඇරයුමට නුඹලා සැබැවින්ම පිටුපාමින් සිටියෙහු නම්, මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය නුඹලාට දන්වා සිටීම සඳහා කිසිදු කුලියක් නුඹලාගෙන් මා නොපැතූ බව නුඹලා මැනවින් දන්නෙහුය. මාගේ කුසල් අල්ලාහ් මත මිස රැඳී නැත. නුඹලා මා විශ්වාස කරන්නෙහු ද එසේ නැතහොත් මා ප්රතික්ෂේප කරන්නෙහුද? අල්ලාහ්ට අවනත වෙමින් හා දැහැමි ක්රියාවන්හි නිරතවෙමින් ඔහුට යටහත් වන මෙන් ඔහු මට නියෝග කර ඇත."
Yunus 10:73
ඔහුගේ ජනයා ඔහු ව බොරු කළෝය. ඔහු සත්ය බව විශ්වාස නොකළෝය. එහෙයින් ඔහු හා ඔහු සමග නැවෙහි සිටි විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. ඔවුනට පෙර සිටියවුන් සඳහා වූ අනුප්රාප්තිකයන් බවට අපි ඔවුන් පත් කළෙමු. එමෙන්ම ඔහු ගෙන ආ සාක්ෂි හා සාධක බොරුකළවුන් මහා ජල ගැල්මකින් විනාශ කළෙමු. අහෝ දූතය! නූහ් (අලෙයිහිස් සලාම්) තුමාණන් ඔවුනට අවවාද කොට පසුව විශ්වාස නොකළ ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු.
Yunus 10:74
අනතුරුව, ටික කලකට පසුව නූහ්ගෙන් පසු ඔවුන්ගේ ජනයා වෙත දූතවරු එව්වෙමු. ඔවුන්ගේ සමූහයන් වෙත පැහැදිලි සාක්ෂි හා සාධක සමග එම දූතවරු පැමිණියෝය. දහම් දූතවරුන් බොරු කිරීම පෙර සිටම ඔවුන්ගේ නොපසුබට උත්සාහය නිසා විශ්වාස කිරීමට සිතක් ඔවුනට පහළ නොවීය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබීය. පෙර සිටි දහම් දූතවරුන් අනුගමනය කළවුන්ගේ සිත් මත අපි මුද්රා තැබුවාක් මෙන් කවර කාලයක හෝ වේවා ස්ථානයක හෝ වේවා අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාව ඉක්මවා යන දේව ප්රතික්ෂේපකයින්ගේ හදවත් මත ද මුද්රා තබන්නෙමු.
Yunus 10:75
අනතුරව, ටික කලකට පසුව මෙම දූතවරුන්ට පසුව අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ව මිසරයේ රජු වූ ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අතර වූ ප්රභූවරුන් වෙත එව්වෙමු. ඔවුන් දෙදෙනාගේ සත්යතාව පෙන්වා දෙන සංඥා ද ඔවුන් දෙදෙනා සමග එව්වෙමු. නමුත් ඔවුන් ගෙන ආ දෑ විශ්වාස කිරීමට ඔවුහු උඩඟු වූහ. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ දූතයාණන්ව ඔවුන් බොරු කළ බැවින් අපරාධකාරී පිරිසක් බවට පත් වූහ.
Yunus 10:76
මූසා හා හාරූන් (අලය්හිමස් සලාම්) කවර දෙයක් ගෙන ආවේ ද එම දහම ෆිර්අවුන් වෙත හා ඔහුගේ ජනයා අතර සිටි ප්රභූවරුන් වෙත පැමිණි කල්හි මූසා (අලය්හිස් සලාම්) තුමා විසින් ගෙන ආ දෑ තහවුරු කරන සංඥාවන් ගැන “සැබැවින්ම මෙය පැහැදිලි මායාවකි. සත්යයක් නොවන්නේය” යැයි ඔවුහු පැවසූහ.
Yunus 10:77
මූසා තුමා ඔවුන් හෙළා දකිමින් “සත්ය නුඹලා වෙත පැමිණි විට එය හූනියමක් යැයි නුඹලා පවසන්නෙහි ද? එසේ නොව, එය හූනියමක් නොව, හූනියම් කරුවා කිසිවිටෙක ජය නොලබන බව සැබැවින්ම මම දනිමි. ඒ සමග ආශ්රයක් මා හට කෙසේනම් වන්නේද?” යැයි පැවසූහ.
Yunus 10:78
ෆිර්අවුන්ගේ ජනයා මූසා (අලය්හිස් සලාම්) තුමාට පිළිතුරු දෙමින්, “අපගේ මුතුන් මිත්තන් කවර දහමක සිටිනු අප දැක තිබේ ද එයින් අප වෙනතකට යොමු කිරීමටත්, නුඹට හා නුඹේ සහෝදරයාට රාජ්ය බලය හිමිවීමටත් ඔබ අපට මෙම හූනියම ගෙන ආවෙහි ද? අහෝ මූසා හා හාරූන්! සැබැවින්ම නුඹලා දෙදෙනා අප වෙත එවනු ලැබූ දූතවරු දෙදෙනෙක් බව අපි කිසිවිටෙක පිළිනොගන්නෙමු.” යැයි පැවසූහ.
Yunus 10:79
ෆිර්අවුන් තම සේනාව දෙස බලා "ඉන්ද්රජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති,ඒ ගැන දැඩි විශ්වාසයෙන් පසුවන හූනියම්කරුවන් සෑම කෙනෙකුම මා වෙත ගෙන එන්නැ" යි පැවසීය.
Yunus 10:80
ඔවුන් ෆිර්අවුන් වෙත හූනියම් කරුවන් කැටුව ආ කල්හි ඔවුන් අබිබවා තමන්ට ජය නියත බව දැඩි විශ්වාසයකින් යුතුව “අහෝ හූනියම් කරුවනි! නුඹලා විසි කරනු. නුඹලා එය විසි කරන්නන් නොවන්නෙහුය.” යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා ඔවුනට පැවසීය.
Yunus 10:81
ඔවුන් සතු ඉන්ද්රජාලයන් ඔවුන් විසි කළ කල්හි “නුඹලා මතු කළ දෑ ඉන්ද්රජාලයකි. නුඹලා සිදු කළ දෑ නිෂ්ඵල මෙන් ම එය බල රහිත බවට සැබැවින්ම අල්ලාහ් පත් කරනු ඇත. සැබැවින්ම නුඹලාගේ සූනියම් තුළින් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු කර ඇත. කලහකාරී කිසිවකුගේ ක්රියාවන් අල්ලාහ් විධිමත් කරන්නේ නැත." යැයි මූසා ඔවුනට පැවසීය.
Yunus 10:82
අල්ලාහ් සත්යය ස්ථීර කරනු ඇත. ෆිර්අවුන් පැළැන්තියේ දෙවියන් ප්රතික්ෂේප කළ වැරදිකරුවන් පිළිකුල් කළද ඒ සඳහා වූ සාක්ෂි හා සාධක ඔහුගේ බලවත් වදන් තුළින් හා ඔහුගේ ආගමික නීති වදන් තුළින් අල්ලාහ් ලබා දෙනු ඇත.
Yunus 10:83
ජනයා පිටුපෑමට අධිෂ්ඨාන කර ගත්හ. මූසා අලය්හිස් සලාම් තුමා පැහැදිලි සාක්ෂි හා භෞතික සාධක ගෙන ආව ද ඉස්රාඊල් දරුවන්ගෙන් තරුණ පිරිසක් හැර වෙනත් අය මූසා තුමා සත්යය බව පිළිගත්තේ නැත. ඔවුන් පවා, තම කරුණ හෙළී වූයේ නම් ෆිර්අවුන් හා ඔහුගේ පිරිස අතර සිටි ප්රභූවරුන් තමන්ට දඬුවම් ලබා දෙමින් දේව විශ්වාසයෙන් තමන් වෙනතකට යොමු කරනු ඇතැයි යන බියෙන් පසුවූහ. සැබැවින්ම ෆිර්අවුන් අහංකාර මෙන්ම මිසරය හා එහි වැසියන් පාලනය කළ දැඩි පාලකයකු විය. දෙවියන් ප්රතික්ෂේප කිරීමෙහි ද මිනිසුන් ඝාතනය කිරීමෙහි ද ඉස්රාඊල් දරුවන්ට දඬුවම් දීමෙහි ද සීමාව ඉක්මවා කටයුතු කළ අය අතරින් කෙනෙකි.
Yunus 10:84
“අහෝ මාගේ ජනයිනි! සැබෑ විශ්වාසයෙන් යුතු ව නුඹලා අල්ලාහ් ව විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, නුඹලා ඔහුට අවනත වන්නන් ලෙස සිටියෙහු නම් ඔහු මත පමණක් නුඹලා රැඳෙනු. අල්ලාහ් වෙත සියල්ල භාරකිරීම නුඹලාව නපුරෙන් වළක්වනු ඇත. නුඹලාට යහපත ගෙන දෙනු ඇත” යැයි මූසා තම සමූහයාට පැවසීය.
Yunus 10:85
එවිට මූසාගේ ජනයා මූසාට පිළිතුරු දෙමින්, "අපි අල්ලාහ් කෙරෙහි පමණක් සියල්ල පවරමු. අපගේ පරමාධිපතියාණනි! අපරාධකරුවන් අප පාලනය කර අපගේ දහම සම්බන්ධයෙන් අපට දඬුවම් දීමෙන් ඝාතනය කිරීමෙන් හා පරීක්ෂාවට ලක් කිරීමෙන් අපහට අර්බුධ ඇති කිරීමට ඔබ ඉඩ නොතබනු මැනව.
Yunus 10:86
අපගේ පරමාධිපතියාණනි, ඔබගේ කරුණාවෙන් ඔබ ව ප්රතික්ෂේප කරන ෆිර්අවුන්ගේ ජනයාගේ ග්රහණයෙන් ඔබ අප නිදහස් කරනු මැනව. දඬුවම් දෙමින් හා ඝාතනය කරමින් සැබැවින්ම ඔවුන් අප වහල් භාවට පත් කරන්නට බලති.
Yunus 10:87
සැබැවින්ම මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට ඔවුන් දෙදෙනා දෙවියන් විසින් තෝරා ගෙන ඇති බව ද ඔහුට පමණක් නැමදුම් කිරීම සඳහා ඔවුන් දෙදෙනාගේ සමූහයා වෙනුවෙන් නිවසක් ඉදි කර දෙන මෙන් ද බය්තුල් මක්දිස් දිශාවට මුහුණ ලා ඔවුන්ගේ නිවස ඔවුන් තනා ගන්නා මෙන් ද සලාතය සඳහා පූර්ණ ලෙස සහභාගී වන මෙන් ද අපි ඔවුන් දෙදෙනාට දේව පණිවිඩ එව්වෙමු. අහෝ මූසා! දේවත්වය විශ්වාස කරන්නන්හට ඔහුගේ උපකාරය හා ඔවුන් ස්ථාවරත්වයට පත් කිරීම, එමෙන්ම ඔවුන්ගේ සතුරන් විනාශ කර දමා මහපොළොවේ නියෝජනය ඔවුනට ලබා දීම යනාදී ඔවුන් සතුටු වන කරුණු පිළිබඳ තොරතුරු ඔබ ඔවුනට දන්වා සිටිනු.
Yunus 10:88
මූසා (අලය්හිස් සලාම්)තුමා මෙසේ පැවසූහ: “අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ඔබ ෆිර්අවුන්ටත් ඔහුගේ ජනයා අතර සිටින ප්රභූවරුන්ටත් මෙලොව අලංකාරයත් එහි ඇති සුන්දරභාවයත් පිරිනමා ඇත්තෙහිය. එමෙන්ම මෙලොව ජීවිතයේ ධන සම්පත ද ඔබ ඔවුනට පිරිනමා ඇත්තෙහිය. නමුත් ඔබ ඔවුනට පිරිනැමූ දෑ වෙනුවෙන් ඔවුහු ඔබට කෘතඥ වූයේ නැත. ඔබේ මාර්ගයෙන් නොමග යැවීම සඳහා ඔවුන් ඒවා යොදා ගත්තෝය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ ධනය අතුගා දමා විනාශ කරනු මැනව. ඔවුන්ගේ හදවත් තද කරනු මැනව. හේතුව ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවන අවස්ථාවෙහි ඔවුන් වේදනීය දඬුවම දැකීමෙන් මිස ඔවුන් විශ්වාස නොකරන බැවිණි.
Yunus 10:89
අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ මූසා හා හාරූන්! ෆිර්අවුන්ට හා ඔහුගේ සමූහයා අතර සිටි ප්රභූවරුන්ට එරෙහිව නුඹලා දෙදෙනා කළ ප්රාර්ථනාවට මම පිළිතුරු දුනිමි. එහෙයින් නුඹලා දෙදෙනාගේ දහම මත නුඹලා දෙදෙනා ස්ථාවර ව සිටිනු. සත්ය මග නොදන්නා අඥානයින්ගේ මාර්ගය අනුගමනය කිරීමට නුඹලා දෙදෙනා ඉන් හැරී නොයනු.
Yunus 10:90
මුහුද දෙබෑ වූවායින් පසු ඉස්රාඊල් දරුවන් සුරක්ෂිත ව එගොඩ යන තෙක් මුහුද තරණය කිරීමට අපි පහසු කළෙමු. අපරාධකාරීන් සීමා ඉක්මවමින් ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදට පිවිසෙන තෙක්ම ඔවුන් ලුහුබැද ගියෝය. එවිට ඔවුන් එහි ගිළුණෝය. ජයග්රහණය සම්බන්ධයෙන් ආයාසයට පත් ඔහු, "සැබැවින්ම ඉස්රාඊල් දරුවන් කවර දෙවියකු විශ්වාස කළේ ද ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවකු නැත. මම ද අවනත වෙමින් අල්ලාහ්ට යටහත් වන්නන් අතරට පත්වෙමි." යැයි පැවසීය.
Yunus 10:91
ජීවිතයේ බලාපොරොත්තු සුන්වූවායින් පසුව ද නුඹ දෙවියන් විශ්වාස කරනුයේ? අහෝ ෆිර්අවුන්! දඬුවම පහළ වීමට පෙර අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා ඔහුගේ මාර්ගයෙන් ජනයා වළක්වමින් සැබැවින්ම නුඹ ඔහුට පිටුපෑවෙහිය. තමන්ටම අපරාධකර ගත් හේතුවෙන් හා වෙනත් අයට ද අපරාධ කළ හේතුවෙන් නුඹ කලහකාරීන් අතරට පත්වූයෙහිය.
Yunus 10:92
අහෝ ෆිර්අවුන්! අද දින අපි නුඹ ව ගොඩ ගන්නෙමු. මහපොළොවේ උස් ස්ථානයක නුඹ ව තැන්පත් කරන්නෙමු. එය නුඹෙන් පසු ව පැමිණෙන්නන් හට නුඹ පාඩමක් වනු පිණිසය. සැබැවින්ම බහුතරයක් ජනයා අපගේ සාධක හා අපගේ බලය පිළිබඳ සාක්ෂි නොසලකා හරින්නන් වෙති. ඒ සම්බන්ධයෙන් කල්පනා කර නොබලති.
Yunus 10:93
සමෘද්ධිමත් සිරියා දේශයේ පිළිගත් වාසස්ථානයක් හා ප්රශංසනීය සංග්රහයක් ඉස්රාඊල් දරුවන්හට සැබැවින්ම අපි පහළ කළෙමු. දැහැමි මෙන්ම අනුමත දැයින් අපි ඔවුන් පෝෂණය කළෙමු. ඔවුන්ගේ තව්රාත් ග්රන්ථයේ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් පිළිබඳ ඔවුන් කියවන විස්තරය තහවුරු කරන්නක් ලෙසින් ඔවුන් වෙත අල් කුර්ආනය පැමිණෙන තෙක්ම ඔවුන්ගේ දහමෙහි ඔවුන් භේද වූයේ නැත. එය ඔවුන් ප්රතික්ෂේප කළ කල්හි ඔවුන්ගේ දේශ සීමාවන් ආක්රමණය කරනු ලැබීය. අහෝ දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කවර කරුණක මතභේද ඇති කර ගත්තේ ද, ඒ සම්බන්ධයෙන් තීන්දු දී සුදුසු ප්රතිඵල ඔවුනට පිරිනමනු ඇත.
Yunus 10:94
අහෝ දූතය! නුඹ වෙත අප පහළ කළ අල් කුර්ආනයේ කිසියම් සැකයක හෝ කුතුහලයක හෝ නුඹ පසුවන්නෙහි නම් තව්රාතය කියවන යුදෙව්වන් අතර හා ඉන්ජීලය කියවන කිතුනුවන් අතර සිටින දේව විශ්වාසීන්ගෙන් විමසා බලනු. සැබැවින්ම නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සැබෑවක් බවට ඔවුන්ගේ පුස්තකයෙහි විස්තර කර තිබීම ඔවුන් දැක ඇති බැවින් ඔවුහු නුඹට ඒ ගැන තොරතුරු දන්වා සිටිනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති වෙතින් කිසිදු සැකයක් නැති සත්යය නුඹ වෙත පැමිණ ඇත. එහෙයින් නුඹ සැක කරන්නන් අතරට පත් නොවනු.
Yunus 10:95
අල්ලාහ්ගේ සාක්ෂි හා ඔහුගේ සාධක බොරු කරන්නන් අතරට නුඹ පත් නොවනු. එමගින් නුඹ තම ප්රතික්ෂේපය හේතුකොට ගෙන විනාශයේ සාධක ගෙන ඒමෙන් තමන්ට පාඩු අත්කරගත් අය අතරට පත් වන්නෙහිය. මේ සියලු අවවාද සැකයේ හා බොරු කිරීමෙහි භයානක කම විස්තර කිරීමකි. එසේ නොවන්නට, මේ කිසිවක් හෝ හට ගැනීමෙන් නබි තුමාණන් ආරක්ෂා කරනු ලැබ ඇත්තේය.
Yunus 10:96
නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ තත්ත්වයේ හිඳිමින් ඔවුන් මිය ගිය බැවින් ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ තීන්දුව සහතික වූවන් කිසිවිටෙක දෙවියන් විශ්වාස කරන්නේ නැත.
Yunus 10:97
ආගමික හෝ ලෞකික සියලු සාධක හා සාක්ෂි ඔවුන් වෙත පැමිණිය ද වේදනීය දඬුවම ඔවුන් දකින තෙක්, ඔවුන් එලෙසෙම පසුවෙති. දේව විශ්වාසය ඔවුනට ඵලක් නොවන අවස්ථාවේ ඔවුන් විශ්වාස කරති.
Yunus 10:98
අපගේ දහම් දූතයින් එවනු ලැබු ගම්මාන අතරින් යූනුස්ගේ ගම්වාසීන් හැර දඬුවම දෑසින් දකින්නට පෙර ඔහු ගැන හා ඔහුගේ පැමිණීම ගැන විශ්වාසය ඵලක් කර ගත් කිසිදු ගම්මානයක් නොවීය. යූනුස්ගේ ජනයා සැබෑ ලෙස විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ දී පහත් හා අපහාසාත්මක දඬුවම ඔවුන්ගෙන් අපි ඉවත් කළෙමු. ඔවුන්ගේ නියමිත කාලය අවසන් වන තෙක්ම අපි ඔවුනට භුක්ති විඳින්නට ඉඩ හැරියෙමු.
Yunus 10:99
අහෝ දුතය! මිහිතලයේ වෙසෙන සියල්ලන් විශ්වාස කළ යුතු යැයි නුඹේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුන් සියලු දෙනා විශ්වාස කරන්නට තිබුණි. නමුත් යම් කිසි ප්රඥාවක් මත ඒ සඳහා ඔහු අභිමත වූයේ නැත. එහෙයින් ඔහු අභිමත කරන්නන් ඔහුගේ යුක්ති ධර්මය අනුව නොමඟ යන්නට ඉඩ හරින්නේය. ජනයාට බලකරමින් ඔවුන් දෙවියන් විශ්වාස කරන්නන් බවට පත් කිරීමට නුඹට හැකියාවක් නැත. ඔවුනට දේව විශ්වාසය ආශිර්වාද කිරීමේ වගකීම අල්ලාහ් සතු කාර්යයකි.
Yunus 10:100
අල්ලහ්ගේ අවසරයෙන් මිස කිසිදු ආත්මයක් තමන් විසින්ම විශ්වාසය ඇති කරලීමට කිසිදු ආත්මයකට අවශ්ය නොවීය. ඔහුගේ අභිමතයෙන් තොර ව විශ්වාසය පිහිටන්නේ නැත. ඔවුන් ගැන පසුතැවිලි වන්නට ඔබ කරදර විය යුතු ද නැත. අල්ලාහ්ගේ සාධක ඔහුගේ නියෝග හා ඔහුගේ තහනම හඳුනා නොගත් අය හට අවමානය හා දඬුවම ඔහු ඇති කරනු ඇත.
Yunus 10:101
අහෝ දූතය! සාක්ෂි හා සාධක පිළිබඳ නුඹෙන් විමසන දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන අහස්හි හා මහපොළොවේ දක්නට ඇති සාධක දෙස නුඹ කල්පනාකාරීව සිතා නොබැලුවෙහිද? විශ්වාස කිරීමට සූදානමක් නැති පිරිසකට ඔවුන් දේව ප්රතික්ෂේපයේ නිරත ව සිටින බැවින් සාක්ෂි සාධක හා දූතවරුන් කෙතරම් පහළ වුවද ඉන් කිසිදු ඵලක් නොවන්නේය."
Yunus 10:102
පෙර විසූ බොරුකාර සමූහයන්ට අල්ලාහ් ඇති කළ සිදුවීම් මෙන් මිස වෙනත් කිසිවක් මෙම බොරුකාරයෝ බලාපොරොත්තු වන්නෝද? අහෝ දූතය! ඔවුනට නුඹ පවසනු. “නුඹලා අල්ලාහ්ගේ දඬුවම බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමග මාගේ පරමාධිපතිගේ ප්රතිඥාව බලාපොරොත්තුවෙන් සිටින්නන් අතරින් වෙමි.”
Yunus 10:103
පසුව අපි ඔවුනට දඬුවම පහළ කර අපගේ දූතවරුන් හා ඔවුන් සමග විශ්වාස කළවුන් මුදවා ගන්නෙමු. ඔවුනට අත් වූ ඉරණම මොවුනට අත් වූයේ නැත. ඔවුන් සමග සිටි දූතවරුන් හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තා සේම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හිස් සලාම්) තුමාණන් හා එතුමාණන් සමග සිටින දේව විශ්වාසීන් අපි මුදවා ගන්නෙමු.
Yunus 10:104
“මා නුඹලා ඇරයුම් කරන තව්හීද් හෙවත් ඒකීය දේවත්වයේ දහම වන මාගේ දහම සම්බන්ධයෙන් නුඹලා සැකයෙහි වී නම් නුඹලාගේ දහම අර්බුධකාරී දහමක් බවට මා ස්ථීර ව සිටිමි. මම එය අනුගමනය නොකරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑට මම නොනමදිමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ව නමදිමි. ඔහුට පමණක් දහම පුද කර අවංක හා නිවැරදි දේව විශ්වාසීන් අතරට මා පත්වන මෙන් ඔහු මට නියෝග කර ඇත.” යැයි අහෝ දූතය! නුඹ පවසනු.
Yunus 10:105
“එලෙසම, අන් සියලු දහම් පිළිවෙත්වලින් ඈත් ව, සත්ය දහම මත ඍජු ව සිටින මෙන් ද ඒ වෙත පමණක් පිහිටන මෙන් ද ඔහු මට නියෝග කර ඇත. එමෙන්ම ඔහුට මා ආදේශ තැබීමෙන් ඔහු මා වළක්වා ඇත.”
Yunus 10:106
අහෝ දූතය! අල්ලාහ් හැර නුඹට යම් සෙතක් කිරීමට හෝ නුඹට යම් නපුරක් කිරීමට හෝ කිසිදු ආධිපත්යයක් නොමැති පිළිම හා ගල්රූ වලට ඇරයුම් නොකරනු. නුඹ ඒවාට නමදින්නෙහි නම්, එවිට සැබැවින්ම නුඹ අල්ලාහ් සතු වගකීම හා ඔවුන් සතු වගකීම ඉක්මවා කටයුතු කළ අපරාධකරුවන් අතරට පත් වන්නෙහිය.
Yunus 10:107
අහෝ දූතය! අල්ලාහ් ඔබට යම් විපතක් ඇති කර, පසුව එය නුඹෙන් ඉවත් කිරීමට නුඹ පැතුවේ නම් සුවිශුද්ධ ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නැත. ඔබට යම් සෙතක් ඔහු අභිමත කළේ නම්, ඔහුගේ භාග්යය වළක්වන කිසිවෙකු ද නැත. ඔහු අභිමත කරන ගැත්තන් හට ඔහුගේ භාග්ය ඇති කරයි. එය ප්රතික්ෂේප කරන කිසිවකු නැත. ඔහුගේ ගැත්තන් අතරින් පසුතැවිලි වී පාපක්ෂමාව අයැදි සිටින්නන් හට ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
Yunus 10:108
අහෝ දූතය! නුඹ ජනයාට මෙසේ පවසනු. “අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් වශයෙන් අල් කුර්ආනය පැමිණ ඇත. එහෙයින් කවරෙකු එය විශ්වාස කොට යහමග ලබන්නේ ද එහි යහපත ඔහුටම නැවත හැරී එනු ඇත. ඊට හේතුව සැබැවින්ම තම ගැත්තන්ගේ අවනතභාවය ගැන අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නොමැති බැවිණි. කවරෙකු නොමඟ යන්නේ ද ඔහු නොමඟ යෑමේ බලපෑම ඔහුට එරෙහිව පිහිටනු ඇත. අල්ලාහ් වනාහි, තම ගැත්තන්ගේ පිටුපෑම ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම මා නුඹලාගේ ක්රියාවන් ආරක්ෂා කරන හෝ ඒ සඳහා නුඹලා ව ගණන් බලන ආරක්ෂකයකු නොවෙමි.”
Yunus 10:109
අහෝ දූතය! නුඹගේ පරමාධති නුඹ වෙත දන්වා ඇති දෑ පිළිපදිනු. ඒ අනුව ක්රියා කරනු. නුඹේ සමූහයා අතරින් නුඹට විරුද්ධව කටයුතු කරන නුඹ ඇරයුම් කරන දෑට එරෙහි ව ප්රචාරය කරන අය සම්බන්ධයෙන් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් තම ප්රඥාව අනුව මෙලොවෙහි ඔවුනට එරෙහි ව නුඹට ජය ලබා දීමෙන් හා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම ඔවුන් මිය ගියේ නම් මතුලොවෙහි ඔවුන් දඬුවමට භාජනය කිරීමෙන් අල්ලාහ් ඔවුන් අතර තීන්දු ලබා දෙන තෙක් ඒ මත අඛණ්ඩව සිටිනු.
Hud 11:1
(අලිෆ්, ලාම්, රා) සූරාවන්හි පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. අල් කුර්ආනය වනාහි, එය පෙළ ගැස්මෙන් හා අර්ථයෙන් ස්ථාවර කරනු ලැබූ ග්රන්ථයකි. එහි කිසිදු දොසක් හෝ අඩුවක් හෝ නැත. අනතුරුව හලාල් හෙවත් අනුමත දෑ හරාම් හෙවත් තහනම් දෑ, නියමයන්, තහනම් දෑ, ප්රතිඥාවන්, අවවාදයන්, කතා වස්තු හා වෙනත් කරුණු සම්පාදනය කළ මෙන්ම ආගමානුගත කළ මහා ප්රඥාවන්ත, තම ගැත්තන්ගේ සියලු තොරතුරු හා ඔවුනට ගැළපෙන දෑ කුමක්දැ?යි යන්න වග මැනවින් දන්නා අල්ලාහ් වෙතින් පහළ වූවක් බව විස්තර කරනු ලැබ ඇත.
Hud 11:2
අල්ලාහ්ට වෙනත් දෑ ආදේශ කරමින් නැමදීම තහනම් යැයි ද අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුට පිටුපාන්නෙහු නම් ඔහුගේ දඬුවම පිළිබඳ නුඹලාට අනතුරු අඟවන්නෙක්මි. එමෙන්ම නුඹලා ඔහු විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ පිළිපදින්නේ නම් ඔහු පිරිනමන කුසල් පිළිබඳ නුඹලාට ශුභාරංචි දන්වන්නෙක්මි යැයි ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම පාඨවල අන්තර්ගත වී ඇත.
Hud 11:3
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා පාපක්ෂමාව ඇයැද, නුඹලා වැරදි සිදුකර ඇත්නම් ඒ ගැන පසුතැවිලි වී ඔහු වෙත යොමු වනු. නුඹලාගේ නියමිත කාලය අවසන් වන තෙක් යහපත් ලෙස මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට ඔහු නුඹලාට සළස්වයි. අවනත වීමේදී හා ක්රියා කිරීමේදී භාග්ය ලත් සියලු දෙනාට ඔහුගේ භාග්යලත් කුසල් කිසිදු අඩුවකින් තොරව සම්පූර්ණයෙන් පිරිනමනු ඇත. මාගේ පරමාධිපති වෙතින් කවර කරුණක් විශ්වාස කරන මෙන් මා නුඹලා වෙත ගෙන ආවේ ද එය නුඹලා ප්රතික්ෂේප කරන්නෙහු නම්, ඉතා බිහිසුණු සිදුවීම් සහිත දිනයේ දඬුවම පිළිබඳ මම නුඹලාට අනතුරු අඟවමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
Hud 11:4
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණය. ශුවිශුද්ධ ඔහු සියලු දෙනා කෙරෙහි සර්වබලධාරියාය. ඔහුව පරාජය කිරීමට කිසිවකුට නොහැකිය. නුඹලාගේ මරණයෙන් හා නුඹලා යළි අවදි කිරීමෙන් පසුව නුඹලාට ජීවය දී නුඹලාගෙන් ප්රශ්න කිරීමට ඔහු අසමත් වන්නේ නැත.
Hud 11:5
සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තබන මොවුන් ඔහු ගැන නොදැනුවත්කමින් ඔවුන්ගේ හදවත් තුළ ඇති සැකයන් ඔහුගෙන් වසං කරන්නට ඔවුන්ගේ හදවත් සඟවන්නට බලන බව දැනගනු. ඔවුන්ගේ වස්ත්රවලින් ඔවුන්ගේ හිස් ආවරණය කරන අවස්ථාවේදීත් ඔවුන් සඟවන දෑ හා ඔවුන් හෙළි කරන දෑ පිළිබඳ අල්ලාහ් දනී. සැබැවින්ම හදවත් තුළ සැඟ වී පවතින සියලු දෑ පිළිබඳ අල්ලාහ් සර්වඥානීය.
Hud 11:6
මහ පොළොව මත වෙසෙන කවර මැවීමක් හෝ වේවා අල්ලාහ්ගෙන් වූ භාග්යයක් ලෙසින් එහි පෝෂණය ඔහුගේ භාරයේ මිස නැත. මහ පොළොවෙහි එය වාසය කරන ස්ථානය ඔහු දන්නා සේම එහි මිය යන දෑ මිය යන ස්ථානය ද දනී. වෙසෙන සෑම ජීවියෙකුගේම නවාතැනත්, මිය යන තැනත් පැහැදිලි පුස්තකයේ සඳහන් ව ඇත. එය ලව්හුල් මහ්ෆුල් නම් සටහන් පුවරුවයි.
Hud 11:7
අහස් හා මහපොළොව ඒ දෙකෙහි විශාලත්ව ය මැව්වේ ශුද්ධ වූ අල්ලාහ්ය. එමෙන්ම ඒ දෙකෙහි දෑ දින හයකින් ඔහු මැව්වේය. ඒ දෙක මැවීමට පෙර අල්ලාහ්ගේ රාජධානිය පිහිටියේ ජලය මතය. අහෝ ජනයිනි! නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ගේ පිළිගැනීමට ලක් වන දැහැමි ක්රියාවන් සිදු කරන්නේ දැයි ද, නුඹලා අතුරින් කවරෙකු ඔහුගේ කෝපයට ලක් වන නපුරු ක්රියාවන් සිදු කරන්නේ දැ?යි ද ඔහු පරීක්ෂා කරනු පිණිස (මෙසේ කළේ)ය. ඒ සෑම දෙයකටම එයට අදාළ ප්රතිඵල ඔහු පිරිනමනු ඇත. "අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ මරණයෙන් පසු ව විභාග කරනු පිණිස නුඹලාව යළි අවදි කරනු ලබන්නෙහු යැ" යි අහෝ දූතය! නුඹ ඔවුනට පවසා සිටියේ නම් අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, යළි අවදි කරනු ලැබීම පිටු දැක්කා වූ ජනයා "නුඹ පාරායනය කරන අල් කුර්ආනය පැහැදිලි මායාවක් මිස නැත. එය නිෂ්ඵල බව පැහැදිලි වූ ව්යාජයකි" යැයි පවසති.
Hud 11:8
දෙවියන්ට ආදේශ තබන්නන්ගෙන් මෙලොව ජීවිතයේ දී ඔවුනට නියම වූ දඬුවම නියමිත කාලයක් දක්වා අපි ප්රමාද කළේ නම්, එය ඉක්මන් කරන මෙන් පතමින් හාස්යයට ගෙන, "අපගෙන් දඬුවම නවතාලීයේ කුමක්දැ?"යි විමසති. දැනගනු. ඒ සඳහා ඔවුනට නියම වූ දඬුවම අල්ලාහ් වෙත ඇත. එය ඔවුනට පැමිණෙන දින ඔවුන්ගෙන් එය හරවා යවන්නට කිසිදු හැරවුම්කරුවෙක් ඔවුන් නොලබනු ඇත. ඔවුනට එය සිදු වන්නේමය. ඔවුන් සරදමට හා හාස්යයට ලක් කරමින් ඔවුන් ඉක්මන් කරන මෙන් පැතූ දඬුවම ඔවුන් ආවරණය කරනු ඇත.
Hud 11:9
පොහෝසත්කමේ හා සුවයේ ආශිර්වාදය වැනි ආශිර්වාදයක් අපි මිනිසාට පිරිනමා පසු ව ඔහුගෙන් එම ආශිර්වාදය ඉවත් කළ විට සැබැවින්ම ඔහු අධික ලෙස අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් වී ඔහුට පිරිනැමූ ආශිර්වාදය මහත් සේ ප්රතික්ෂේප කරනු ඇත. අල්ලාහ් ඔහුගෙන් එය වැළැක් වූ විට ඒ ගැන අමතක කරනු ඇත.
Hud 11:10
තමන්ට අත් වූ දිළිඳුකම හා රෝගීභාවයෙන් පසු පෝෂණයේ හා සුවයේ සමෘද්ධිය විඳින්නට අප ඔහුට සැලැස්සුවේ නම්, ඔහු: "නපුර මගෙන් ඉවත් වී ඇත. පීඩා ව පහව ගොස් ඇතැ"යි පවසයි. නමුත් ඒ සඳහා ඔහු අල්ලාහ්ට කෘතවේදී නොවෙයි. සැබැවින්ම ඔහු තමන්ට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය ගැන ප්රමෝධමත් වී, ජනයා අපයෝජනයට ලක් කරමින් මහත් ආඩම්භරයෙන් යුතු ව සතුටින් ඉපිළ යයි.
Hud 11:11
නමුත් පීඩා සහිත දුෂ්කර දෑ, අවනත විය යුතු කරුණු මත හා පාපකම් කිරීමෙන් ඉවත්ව සිටීම මත ඉවසීමෙන් කටයුතු කර දැහැමි ක්රියාවන් සිදු කළවුන් මිස. ඔවුනට ඇත්තේ වෙනස් තත්ත්වයකි. ඔවුන් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත. අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කරන්නේ ද නැත ජනයා අතර උඩඟුවෙන් ගමන් කරන්නේ ද නැත. මෙම ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව ඇත. එමෙන්ම මතුලොවෙහි අතිමහත් ප්රතිඵල ද ඔවුනට හිමිය.
Hud 11:12
අහෝ දූතය! ඔවුන්ගේ ප්රතික්ෂේපය, ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන් අල්ලාහ්ගේ වදන් විකෘති කිරීම යනා දී කරුණු වලට නුඹට මුහුණ දෙන්නට සිදු වූයේ නම්, අල්ලාහ් නුඹට නියෝග කළ මෙන්ම ඔවුනට එය ක්රියා කිරීමට අසීරු වන ඇතැම් කරුණු දන්වා සිටීම අතහැර දමන තරමට නුඹ පත් වන්නට පුළුවන. එමෙන්ම "ඔහුට ප්රයෝජනවත් වන පරිදි නිධානයක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔහු ව තහවුරු කරනු වස් දේව දූතයකු ඔහු සමග පැමිණිය යුතු නොවේදැ?"යි ඔවුන් නොපවසා සිටිනු පිණිස එසේ එය ඇරයුම් කිරීමට නුඹේ හදවත පීඩනයට පත් වන්නට පුළුවන. ඒ හේතුවෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දේව පණිවිඩ කිසිවක් අතහැර නොදමනු. නුඹ අවවාද කරන්නෙකු මිස නැත. ඇරයුම් කරන මෙන් අල්ලාහ් නුඹට අණ කළ දෑ නුඹ දන්වා සිටිනු. ඔවුන් ගොතන වදන් ඔබට විරුද්ධව පිහිටන්නේ නැත. අල්ලාහ් සියලු දෑ ආරක්ෂා කරන්නාය.
Hud 11:13
එසේ නැතහොත්, "අල් කුර්ආනය අල්ලාහ්ගෙන් වූ පණිවිඩයක් නොව, එය මුහම්මද් ගෙතුවේය" යැයි දෙවියන්ට ආදේශ තබන්නන් පවසන්නෝද? අහෝ දූතය! ඔවුනට අභියෝගයක් ලෙස මෙසේ විමසනු. "මෙම කුර්ආනය මෙන් ගොතන ලද පරිච්ඡේද දහයක් ගෙන එනු. සැබැවින්ම ගොතන ලද්දක් යැයි නුඹලා සිතන මෙම කුර්ආනය මෙන් සත්යය කිසිවක් එහි නුඹලා පිළිපැදිය නොහැක. සැබැවින්ම අල් කුර්ආනය ගොතන ලද්දක් යැයි නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීන් නම් නුඹලාට හැකි නම් ඒ සඳහා නුඹලාට සහය පිණිස උදව්කරුවන් ද ඇරයුම් කරනු."
Hud 11:14
නුඹලා ඔවුන්ගෙන් ඉල්ලා සිටි දෑ ගෙන ඒමට ඔවුන් ශක්තිය නොදැරුවේ නම්, අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කර ඇත්තේ ඔහුගේ ප්රඥාවෙන් බවත් එය ගොතනු ලැබූවක් නොවන බවත් ස්ථීර ලෙස දැන ගත යුතුය. තවද අල්ලාහ් හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නොමැති බවත් නුඹලා දැන ගත යුතුය. මෙම අවිවාදාත්මක තර්කයෙන් පසු නුඹලා ඔහුට අවනත වන්නන් වන්නෝද?
Hud 11:15
කවරෙකු තමන් සිදු කරන ක්රියාවෙන් මතුලොව අපේක්ෂා නොකර මෙලොව ජීවිතය හා විනාශ වී යන එහි සුවය අපේක්ෂා කරන්නේ ද ඔවුන්ගේ ක්රියාවන් හි ප්රතිඵල ඔවුනට මෙලොවෙහිම අපි පිරිනමන්නෙමු. සැප සම්පත්හි සමෘද්ධියත්, ආරක්ෂාවත්, ආරෝග්යභාවයත් පිරිනමන්නෙමු. ඔවුන්ගෙන් ක්රියාවෙන් කිසිදු විපාකයක් අපි අඩු නොකරන්නෙමු.
Hud 11:16
මෙම පටු අරමුණු සහිතව වර්ණනා කරනු ලැබූ මොවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න මිස වෙනත් කිසිදු කුසලක් හිමි නොවනු ඇත. ඔවුහු එහි පිවිසෙති. ඔවුන්ගේ ක්රියාවන්හි කුසල් ඔවුන්ගෙන් පහ ව යනු ඇත. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී යනු ඇත. ඊට හේතුව දේව විශ්වාසය ඒවා අභිබවා නොගිය බැවිණි. එමෙන්ම නිවැරදි අරමුණක් නොතිබූ බැවිණි. එමගින් ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය හෝ මතුලොව නිවහන අපේක්ෂා නොකළෝය.
Hud 11:17
තම උත්තරීතර පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් තමන් සතුව තිබෙන; තම පරමාධිපතිගෙන් වූ සාක්ෂිකරුවෙකු -එනම් ජිබ්රීල් තුමා- තමන් පසුපසින් හඹා එන; මිනිසාට ආදර්ශයක් හා ඔවුනට ආශිර්වාදයක් වශයෙන් මූසා වෙත පහළ කරනු ලැබූ තව්රාතයේ පවා තම දූතත්වය පිළිබඳ සඳහන් වී ඇති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හා එතුමාණන් සමග සිටි දේවත්වය විශ්වාස කරන්නන් වනාහි ඔවුන් මුළාවෙහි වැටී ව්යාකූලත්වයෙන් පසුවන දේවත්වය ප්රතික්ෂේපකයින් සමග සමාන වන්නේ නැත. ඔවුහු අල් කුර්ආනය හා එය පහළ කරනු ලැබූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් විශ්වාස කරති. සත්යයෙන් නැඹුරුවූ ජනයා අතරින් කවරෙකු එය ප්රතික්ෂේප කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ප්රතිඥත ස්ථානය නිරය වේ. අහෝ දූතය! එහෙයින් කුර්ආනය පිළිබඳ හා ඔවුන්ගේ ප්රතිඥත ස්ථානය පිළිබඳ නුඹ සැකයෙහි පසු නොවනු. එය කිසිදු සැකයක් නැති සත්යයකි. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා පැහැදිලි සාක්ෂි හා පැහැදිලි සාධක එකිනෙකට ඇමිණී තිබියදීත් ඒ ගැන විශ්වාස නොකරති.
Hud 11:18
අල්ලාහ්ට සමානයන් හෝ දරුවන් ඇතැයි ඔහු වෙත ඈඳා ඔහු කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපාරධකරුවෙකු වෙනත් නැත. අල්ලාහ් කෙරෙහි එසේ බොරු ගොතන්නන් වන ඔවුහු ඔවුන්ගේ ක්රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසීම සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ඉදිරිපත් කරනු ලැබේ. ඔවුනට එරෙහි ව මලක්වරුන් හා දූතවරුන් සාක්ෂි දරමින් "හවුල්කරුවන් හා දරුවන් අල්ලාහ්ට ඇතැයි ඈඳා ඔහු කෙරෙහි බොරු ගෙතූවන් මොවූහුය." යැයි පවසති. දැනගනු. අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් තමන්ටම අපරාධ කරගත්, ඔහුගේ කරුණාවෙන් නෙරපා හරින ලද්දන් මොවූහුය.
Hud 11:19
ඔවුහු වනාහි, අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ජනයා වළක්වති. ඔහුගේ මාර්ගයේ කිසිවෙකු ගමන් නොකරන පරිදි එහි ඍජුභාවයෙන් ඇද සොයති. එමෙන්ම මිය ගිය පසු යළි අවදි කරනු ලැබීම ඔවුහු ප්රතික්ෂේප කරති. එය පිටු දකිති.
Hud 11:20
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් වනාහි, මිහිතලයේ අල්ලාහ්ගේ දඬුවම ඔවුන්හට පහළ වූ විට ඉන් පැන යන්නට ශක්තිය නොදැරුවෝය. අල්ලාහ්ගෙන් තොර ව ඔහුගේ දඬුවම වළක්වන උදවු කරුවන් හෝ මිත්ර පාක්ෂිකයින් හෝ ඔවුනට නැත. අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් ද හැරී සෙස්සන් එයින් හරවා යැවූ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ දඬුවම තවත් වැඩි වනු ඇත. ඔවුන් දැඩි සේ සත්යයට පිටු පෑ හේතුවෙන් සත්යය හා මඟපෙන්වීම එය පිළිගන්නා පරිදි එයට සවන් දෙන්නට ඔවුහු සමත් නොවූහ. එමෙන්ම ඔවුනට සෙත සලසන, විශ්වයේ පවතින අල්ලාහ්ගේ සංඥාවන් දෑසින් දැක වටහා ගන්නට ද සමත් නොවූහ.
Hud 11:21
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් වන මොවුහු අල්ලාහ්ට සමානයන් තබමින් විනාශයේ කරුණු සිදු කිරීම තුළින් ඔවුන්වම විනාශ කර ගත්තෝ වෙති. ඔවුන් මැදිහත්කරුවන් හා හවුල්කරුවන් ලෙස ප්රබන්ධයන් ඇති කරමින් සිටි දෑ ඔවුන්ගෙන් පහව ගොස් ඇත.
Hud 11:22
දේව විශ්වාසය වෙනුවට දේව ප්රතික්ෂේපයත් මතුලොව වෙනුවට මෙලොවත්, දයාව වෙනුවට දඬුවමත් ඔවුන් පෙරළා පැතූ පරිදි සැබෑ ලෙසින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගනුදෙනු කරනුයේ අලාභවන්තයින් ලෙසය.
Hud 11:23
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කොට අල්ලාහ්ට යටහත් පහත් ව භක්තියෙන් යුතුව කටයුතු කළවුන් වනාහි, ඔවුහුමය ස්වර්ග වාසීහු වන්නෝ. ඔවුහු එහි සදා රැඳී සිටිති.
Hud 11:24
දේව විශ්වාසී ජනයා හා දේව ප්රතික්ෂේප කරන ජනයා යන දෙපිරිසට උපමාව, දැකිය නොහැකි අන්ධයා හා සවන් දිය නොහැකි බිහිරා මෙනි. මෙය, සත්ය පිළිගන්නා පරිදි එයට සවන් නොදෙන, තමන්ට ප්රයෝජනවත් වන පරිදි එය නොදකින ප්රතික්ෂේපිත පිරිසට අයත් උපමාවයි. සවන් දෙන්නා හා බලන්නාගේ උපමාව වනාහි සවන් දීම හා බැලීම යන කරුණු දෙක එක් කර බලන දේව විශ්වාසීන්ට අයත් උපමාවයි. තත්ත්වයෙන් හා ස්වරූපයෙන් මෙම පිරිස් දෙක සමාන වන්නේ ද? එම පිරිස් දෙක සමාන නොවෙති. ඔවුන් සමාන නොවන බව නුඹලා වටහා ගත යුතු නොවේ ද?
Hud 11:25
සැබැවින්ම අපි නූහ් ව (අලයිහිස් සලාම්) ඔහුගේ සමූහයා වෙත දහම් දූතයෙකු ලෙස එව්වෙමු. එවිට ඔහු ඔවුන් අමතා, "මාගේ ජනයිනි! සැබැවින්ම මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන, නුඹලා වෙත දැනුම් දෙන මෙන් මා වෙත පිරිනමන ලැබූ දේව පණිවිඩ නුඹලාට පැහැදිලි කරන අයෙක්වෙමි" යැයි පැවසීය.
Hud 11:26
අල්ලාහ්ට පමණක් ගැතිකම් කිරීම සඳහා මම නුඹලා ඇරයුම් කරමි. එහෙයින් නුඹලා ඔහු හැර වෙනත් කිසිවෙකුට නැමදුම් නොකරනු. වේදනීය දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන සැබැවින්ම මම බිය වෙමි.
Hud 11:27
ඔහුගේ සමූහයා අතර සිටි දේවත්වය ප්රතික්ෂේප කළ ප්රභූවරුන් හා ප්රධානීහු ඔහු දෙස බලා, “සැබැවින්ම අපට වඩා අමතර දෙයක් ඔබට නොමැති බැවින් ඔබේ ඇරයුමට අපි කිසිවිටෙක පිළිතුරු නොදෙමු. ඔබ අප මෙන් මිනිසෙකු පමණි. එමෙන්ම අප මෙතෙක් දුටු පරිදි අපට මතු වූ දෑ අනුව, අපට වඩා පහත් අය මිස වෙනත් කිසිවකු නුඹ ව පිළිපදිනු අපි දැක නැත. අපි නුඹව පිළිපදින තරමට නුඹලා බල ගන්වන අමතර ධනය, ශ්රේෂ්ඨත්වය හෝ කීර්තිය නුඹලාට නැත. නුඹලා ඇරයුම් කරන දෑහි නුඹලා බොරුකාරයින් ලෙස අපි නුඹලා ව දකිමු” යැයි පැවසූහ.
Hud 11:28
නූහ් තුමා ඔවුන් දෙස බලා, "මාගේ ජනයිනි! මාගේ සත්යතාව ගැන සාක්ෂි දරන, මාගේ පරමාධිපතිගෙන් වූ සාධකයක් මත මා සිටිය දී, මා ගැන තහවුරු කිරීම නුඹලා වෙත අනිවාර්යය කර තිබිය දී, ඔහු වෙතින් වූ නබිත්වය හා දූත මෙහෙවර මට ආශිර්වාදයක් වශයෙන් පිරිනමා, ඒ ගැන නුඹලා නොහඳුනන පරිදි නුඹලාට සඟවනු ලැබ ඇත්නම්, ඒ ගැන නුඹලා කුමක් පවසන්නේ දැයි මා වෙත දන්වා සිටිනු. ඒ ගැන විශ්වාස කිරීම සඳහා නුඹලා ව අපි බල කරන්නෙමු ද? නුඹලාගේ හදවත් තුළ අපි පිළිකුල් භාවය ප්රවේශ කරන්නෙමු ද? ඒ සඳහා අපි ශක්තිය නොදරමු. දේව විශ්වාසය සඳහා ආශිර්වා ද කරනුයේ අල්ලාහ්ය.
Hud 11:29
මාගේ ජනයිනි, දූත පණිවිඩය නුඹලාට දන්වා සිටීම සඳහා මුදලක් මම නොපතමි. මාගේ තිළිණය අල්ලාහ් මත මිස නැත. නෙරපා හරින මෙන් මගෙන් නුඹලා ඉල්ලා සිටින දේව විශ්වාසී දිළිඳුන්ගේ සභාවෙන් මා දුරස් වන්නෙක් නොවෙමි. සැබැවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති ව හමුවන්නන් වෙති. ඔවුන්ගේ විශ්වාසය සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමන්නාය. නමුත් දේව විශ්වාසීන් අතර සිටි දුර්වලයින් නුඹලා නෙරපා හරින අවස්ථාවේ, මා නුඹලාව දකිනුයේ මෙම ඇරයුම සැබෑ ලෙසින් වටහා නොගත් පිරිසක් ලෙසිනි.
Hud 11:30
අහෝ ජනයිනි! කිසිදු පාපයක් සිදු නොකළ දේව විශ්වාසී ජනයා අසාධාරණ ලෙසින් මා පළවා හැරියේ නම් අල්ලාහ්ගේ දඬුවමින් මා වළක්වාලනුයේ කවුරුන් ද? ඒ ගැන කල්පනා කොට නුඹලාට වඩාත් ප්රයෝජනවත් හා වඩාත් යහපත් දෑ වෙත පියනැගිය යුතු නොවේ ද?
Hud 11:31
අහෝ ජනයිනි! නුඹලා විශ්වාස කළෙහු නම් නුඹලා වෙත වියදම් කරනු වස් සම්පත් ඇති අල්ලාහ්ගේ භාණ්ඩාගාරයක් මා වෙත ඇතැයි මම නුඹලාට නොපවසමි. එමෙන්ම ගුප්ත දෑ පිළිබඳ මා දන්නා බවද නොපවසමි. තවද සැබැවින්ම මම සුර දූතයින් අතර අයෙක් බව ද නොපවසමි. මා නුඹලා මෙන් මිනිසෙකි. තවද නුඹලා අවමානයක් යැයි සිතන නුඹලාගේ දෑසින් නුඹලා පහත් අය ලෙස දකින දිළිඳුන් ගැන, ඔවුනට අල්ලාහ් ආශිර්වාදයක් හෝ මඟ පෙන්වීමක් කිසිවිටෙක පිරි නොනමනු ඇතැයි මම නොපවසමි. ඔවුන්ගේ චේතනාවන් හා ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. මම එසේ ඇරයුම් කර සිටියේ නම් අල්ලාහ්ගේ දඬුවම නියම වන අපරාධකරුවන් අතරට මා ද පත්වෙමි.
Hud 11:32
ඔවුහු මුරණ්ඩුකමින් හා උද්දච්ඡකමින්: “අහෝ නූහ්! සැබැවින්ම නුඹ අප සමග වාද කරන්නෙහිය. අප ගැන විමසා බලන්නෙහිය. අප සමග වාද කිරීමත් අප ව විමර්ශනය කර බැලීමත් අධික වී ඇත. නුඹ ඇරයුම් කරන දෑහි නුඹ සත්යවාදීන් අතර වී නම් අප වෙත ප්රතිඥා කරන දඬුවම අප වෙත ගෙන එන්නැ"යි ඔවුන් පැවසුවෝය.
Hud 11:33
"මම නුඹලාට දඬුවම් කරන්නෙක් නොවෙමි. නුඹලාට එය ගෙන දෙනුයේ අල්ලාහ්ය. එය ඔහුගේ අභිමතය පරිදිය. නුඹලාට දඬුවමක් ලබා දීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගේ දඬුවමින් මිදීමේ හැකියාව නුඹලාට නොමැත." යැයි ඔවුන්ට නූහ් පැවසීය.
Hud 11:34
"නුඹලා ඍජු මාර්ගයෙන් නොමඟ යෑමටත් නුඹලාගේ මුරණ්ඩුකම හේතුවෙන් නුඹලාව යහමගින් පහත් කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කළේ නම් මාගේ උපදෙස හෝ මාගේ මෙනෙහි කිරීම හෝ නුඹලාට ප්රයෝජනවත් වන්නේ නැත. ඔහු නුඹලාගේ පරමාධිපතිය. නුඹලාගේ කටයුතු සියල්ලෙහි හිමිකරුය. ඔහු අභිමත කළේ නම්, නුඹලා නොමග යෑමට ඉඩ හරියි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි. අනතුරුව නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Hud 11:35
නූහ්ගේ ජනයා ප්රතික්ෂේප කිරීමට හේතුව සැබැවින්ම ඔහු ගෙන ආ දහම අල්ලාහ් වෙත ගොතා පැවසූවක් බව ඔවුන් විශ්වාස කිරීමය. "අහෝ දූතය! නුඹ ඔවුනට, "මම එය ගෙතුවේ නම් මාගේ පාපයේ දඬුවම මා වෙත පමණක් පැවරෙන්නේය. නුඹලා බොරු කරමින් සිටින කිසිවකගේ පාප බර මම නුඋසුලන්නෙමි’ යැයි පවසනු."
Hud 11:36
"අහෝ නූහ්! මීට පෙර විශ්වාස කළවුන් හැර නුඹේ ජනයා අතර කිසිවෙකු විශ්වාස නොකරන්නේමය. එහෙයින් නූහ්! මේ දිගු කාලය තුළ ඔවුන් බොරු කරමින් හා හෑල්ලුවට ලක් කරමින් කළ ක්රියාවන් හේතුවෙන් නුඹ දුක් නොවනු." යැයි අල්ලාහ් නූහ් (අලයිහිස් සලාම්) තුමා වෙත දේව පණිවිඩ පහළ කළේය.
Hud 11:37
"අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ නුඹ නැව තනනු. එය කෙසේ සෑදිය යුතු දැයි අපගේ දේව පණිවිඩ මගින් අපි ඔබ දැනුවත් කරමු. දේව ප්රතික්ෂේපය හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අයට අවකාශය ලබා දෙන මෙන් ඔබ මගෙන් ඉල්ලා මා සමග කතා නොකරනු. ඔවුන් දේව ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව සිටි බැවින් ඔවුනට දඬුවමක් වශයෙන් කිසිදු සැකයකින් තොරව මහා ජල ගැල්මෙන් ඔවුන් ගිලී විනාශ වී යනු ඇත."
Hud 11:38
නූහ් ඔහුගේ පරමාධිපතිගේ නියෝගය පිළිපැද්දේය. නැව සාදන්නට ඇරඹුවේය. ඔහුගේ ප්රජාව අතර සිටි ප්රධානීන් හා ප්රභූවරුන් ඒ අසළින් ගමන් ගන්නා සෑම අවස්ථාවකම ඔහුට සරදම් කළෝය. එතුමා නැව තනන්නට ක්රියා කළ කල්හි එම භූමියේ ජලය හෝ ගංගාවන් හෝ නොවීය. ඔවුන්ගේ සරදම නැවත නැවතත් ඇති වූ කල්හි ඔහු, "අහෝ ප්රධානියනි! අප නැව තනන දිනයේ අප ගැන නුඹලා සමච්චල් කරන්නේ නම් නුඹලා දියේ ගිලී යන මොහොත උදා වන විට නුඹලාගේ අඥානකම නිසාවෙන් අපි නුඹලා සමච්චලයට ලක් කරන්නෙමු." යැයි පැවසීය.
Hud 11:39
තමන් අවමානයට පත් කරන හෑල්ලුවට ලක් කරන මෙලොවෙහි දඬුවම පැමිණෙන්නේ කවුරුන් වෙත දැයි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අඛණ්ඩ ව සදා පවතින දඬුවම පහළ වන්නේ කවුරුන් වෙත දැයි ද නුඹලා මතු දැනගනු ඇත.
Hud 11:40
නැව තනන්නට අල්ලාහ් නියෝග කළ පරිදි නූහ් (අලය්හිස් සලාම්) තුමා නැව සාදා අවසන් කළේය. අවසානයේ නුඹලා විනාශ කිරීමේ අපගේ නියෝගය පැමිණියේය. මහා ජල ගැල්මක ආරම්භය සනිටුහන් කරමින් ඔවුන් පිසිමින් සිටි ලිප්වලින් ජලය උතුරා ගලන්නට පටන් ගත්තේය. එවිට අපි නූහ් (අලය්හිස් සලාම්)ට මෙසේ පවසා සිටියෙමු. "මහපොළොවේ වෙසෙන සත්වයින් අතර ගැහැණු පිරිමි ජෝඩුවක් බැගින් නැව තුළට නංවා ගනු. නුඹේ පවුල අතරද ඇතැමුන් විශ්වාස නොකළ බැවින් ගිලිය යුතු යැයි තීන්දු කරනු ලැබූවන් හැර සෙසු පවුලේ උදවිය ද නංවා ගනු. එමෙන්ම නුඹගේ ජනයා අතර නුඹ සමග සිටි විශ්වාස කළවුන් ද නංවා ගනු" යැයි පැවසුවෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔහු ඔවුන් ඇරයුම් කරමින් රැඳී සිටි දිගු කාලය තුළ, ඔහුගේ සමූහයා අතරින් ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් සිටියේ සුළු පිරිසක් පමණය.
Hud 11:41
නූහ් තුමාගේ සමූහයා හා පවුල අතරින් දෙවියන් විශ්වාස කළවුනට හෙතෙම මෙසේ පැවසීය. "නුඹලා නැවට ගොඩ වනු. අල්ලාහ්ගේ නාමයෙන් නැව යාත්රා කරනු ඇත. ඔහුගේ නාමයෙන් එය නතර වනු ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති තම ගැත්තන් අතර පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නන් හට අති ක්ෂමාශීලීය. ඔහු ව විශ්වාස කළවුන් එම විනාශයෙන් මුදවා ගැනීම ඔවුන් කෙරෙහි දැක්වූ ඔහුගේ ආශිර්වාදයකි."
Hud 11:42
කඳු මෙන් වූ විශාල රළ පහර අතරින් එහි සිටින ජනයා හා වෙනත් දෑ රැගෙන නැව යාත්රා කළේය. පිය සෙනෙහස හේතුවෙන් ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන්ට ද නූහ් (අලයිහිස් සලාම්) තුමා ඇමතුවේය. ඔහු තම පියාගෙන් හා තම සමූහයාගෙන් වෙන් ව එක් ස්ථානයක තනිව සිටියේය. "මාගේ පුතණුවනි! ගිලී යාමෙන් මිදීම සඳහා ඔබ අප සමග නැවට ගොඩ වනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නුඹ නොවනු. එවිට ගිලී යාමෙන් ඔවුනට අත් වූ විනාශය ඔබට ද අත්වනු ඇත."
Hud 11:43
නූහ්ගේ පුත් නූහ් දෙස බලා, "මා වෙත ජලය ගලා නොඑන පරිදි මම උස් කන්දක් වෙත ගොස් ආරක්ෂාව ලබමි." යැයි පැවසීය. නූහ් තම පුතණුවන්ට, "අද දින තම අභිමතය පරිදි තම දයාවෙන් කරුණා දක්වන අල්ලාහ් හැර මහා ජල ගැල්මෙහි ගිලී යාමේ ඔහුගේ දඬුවමින් නුඹලා වළක්වාලන කිසිවකු නැත." යැයි පැවසීය. නූහ් හා ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන් අතර මහා ජල රලක් පැමිණ ඔවුන් දෙදෙනා වෙන් කළේය. අවසානයේ ඔහුගේ පුතණුවන් දෙවියන් ප්රතික්ෂේප කළ බැවින් මහා ජලගැල්මෙහි ගිලී විනාශ වූවන් අතරට පත් විය.
Hud 11:44
ජල ගැල්ම නතර වූ පසු ව අල්ලාහ් මහපොළොව දෙස බලා: "අහෝ මහපොළොව! නුඹ මත තිබෙන ජලය නුඹ ගිල ගනු." යැයි ද අහස දෙස බලා, "අහෝ අහස! නුඹ රඳවා ගනු. වර්ෂාව පහළ නොකරනු" යැයි ද පැවසීය. මහපොළොව වියැළෙන තෙක්ම ජලය අඩු විය. ප්රතික්ෂේප කළවුන් අල්ලාහ් විනාශ කළේය. නැව ජූදී නම් කන්ද මත නතර විය. පසුව "දෙවියන් ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාවන් උල්ලංඝණය කළ ජනයාට විනාශයක්ම වේවා" යැයි පවසනු ලැබීය.
Hud 11:45
නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉතා බැගෑපත් ව තම පරමාධිපතියාණන් අමතා, "මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ පුතනුවන් ද ආරක්ෂා කරනු ලබන මෙන් ප්රතිඥා දුන් මාගේම පවුලේ කෙනෙකි. සැබැවින්ම නුඹේ ප්රතිඥාව කිසිදු කඩ කිරීමක් නැති සැබෑ ප්රතිඥාවකි. තීන්දු කරන්නන් අතර නුඹ ඉතා සාධාරණනීයය. එමෙන්ම ඔවුනට වඩා නුඹ මැනවින් දන්නාය." යැයි පැවසීය.
Hud 11:46
අල්ලාහ් නූහ් අමතා, "අහෝ නූහ්! මුදවා ගන්නැයි නුඹ මගෙන් ඉල්ලා සිටි නුඹගේ පුතණුවන් සැබැවින්ම නුඹේ පවුලෙන් ආරක්ෂා කරන බවට මම නුඹට ප්රතිඥා දුන් අය අතරින් කෙනෙකු නොවීය. සැබැවින්ම ඔහු දෙවියන් ප්රතික්ෂේප කළ අයෙකි. අහෝ නූහ්! නුඹේ මේ ඉල්ලීම නුඹට නොගැළපෙන එකකි. නුඹේ ස්ථානයේ සිටින්නන් හට සුදුසු නොවන්නකි. එහෙයින්, නුඹට කිසිදු දැනුමක් නැති දෙයක් නුඹ මගෙන් ඉල්ලා නොසිටිනු. සැබැවින්ම නුඹ අඥානයින් අතරට පත් වීම ගැන මම අවවාද කරමි. මාගේ දැනුමට හා මාගේ ප්රඥාවට විරුද්ධ නොවන දෑ නුඹ මගෙන් ඉල්ලා සිටිනු’ යැයි පැවසීය.
Hud 11:47
නූහ් (අලෙයිහිස් සලාම්) තුමා, "මාගේ පරමාධිපතියාණනි! මාහට දැනුමක් නොමැති දෙයක් ගැන මම නුඹෙන් විමසා සිටීමෙන් සැබැවින්ම මම රැකවරණය හා ආරක්ෂාව පතමි. මාගේ පාපයට නුඹ මට සමාව නොදුන්නෙහි නම්, නුඹේ කරුණාවෙන් මට කරුණා නොකළෙහි නම් මතුලොව භාග්යයන් අහිමි වූ අලාභවන්තයින් අතරට මා ද පත් වෙමි" යැයි පැවසීය.
Hud 11:48
අල්ලාහ් නූහ් (අලයිහිස් සලාම්) තුමාට, "අහෝ නූහ්! සුරක්ෂිත ව හා අභයදායී ව නැවෙන් ගොඩ බසිනු. අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයන් බොහෝමයක් නුඹටත් නුඹෙන් පසු පැමිණෙන නුඹ සමග නැවේ සිටි දේව විශ්වාසීන්ගේ පරපුරටත් ඇත. ඔවුන්ගෙන් පැවත එන දෙවියන් ප්රතික්ෂේප කරන පිරිසක් ද වෙති. මෙලොව ජිවිතයේ භුක්ති විදීමට අපි ඔවුනට අවකාශය දෙන්නෙමු. ඔවුන්ගේ ජිවනෝපායන් ඔවුනට අපි පිරිනමමු. පසුව මතුලොවෙහි අපගෙන් වූ වේදනීය දඬුවම ඔවුනට අත් වන්නේය.
Hud 11:49
නූහ් තුමාගේ මේ කතා වස්තුව ගුප්ත තොරතුරු අතරින් වූවකි. අහෝ දූතය! අපි නුඹට දන්වා සිටි දේව පණිවිඩයට පෙර නුඹ මෙය දැන සිටියේ නැත. එමෙන්ම නුඹේ සමූහයා ද මෙය දැන සිටියේ නැත. එබැවින් නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉවසීමෙන් සිටියාක් මෙන් නුඹ ද නුඹේ සමාජයෙන් ඇති වන හිංසාවන් මත හා ඔවුන්ගේ බොරු කිරීම මත ඉවසීමෙන් කටයුතු කරනු.
Hud 11:50
සැබැවින්ම අපි ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අලයිහිස් සලාම්) දහම් දූතයෙකු ලෙස එව්වෙමු. එවිට ඔහු ඔවුන් අමතා: "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් ගැතිකම් කරනු. ඔහු සමග කිසිවෙකු හවුල් නොකරනු. නැමදුමට සුදුසු සුවිශුද්ධ වූ ඔහු හැර වෙනත් කිසිවෙකු නුඹලාට නැත. සැබැවින්ම ඔහුට හවුල්කරුවෙක් ඇතැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් මිස නැත.
Hud 11:51
"අහෝ මාගේ ජනයිනි! මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දන්වන දෑ සඳහාත් ඔහු වෙත නුඹලාව මා ඇරයුම් කිරීම සඳහාත් කිසිදු තෑග්ගක් මම නුඹලාගෙන් නොපතමි. මාගේ තෑග්ග මා මැවූ අල්ලාහ්ගෙන් මිස නැත. ඒ ගැන නුඹලා වටහා ගෙන මා කවර කරුණක් වෙත නුඹලා ඇරයුම් කරන්නේ ද ඒ සඳහා නුඹලා පිළිතුරු දිය යුතු නොවේද?"
Hud 11:52
"මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. පසුව නුඹලාගේ ෂිර්ක් නම් ආදේශ තැබීමේ මහා පාපය වෙනුවෙන් පසුතැවිලි වී පාපක්ෂමා අයැද සිටිනු. අධික ලෙස වර්ෂාව පහළ කිරීමෙන් ඔහු නුඹලාට කුසල් පිරිනමයි. අධික ලෙස ධන සම්පත හා දරු සම්පත තුළින් නුඹලාගේ ගෞරවයට ඉහළින් ගෞරවයක් වර්ධනය කරයි. මා කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේ ද එය ප්රතික්ෂේප නොකරනු. එවිට මාගේ ඇරයුමට නුඹලා පිටුපෑමෙන්, අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් හා මා කවර කරුණක් ගෙන ආවේද එය බොරු කිරීමෙන් නුඹලා වැරදිකරුවන් අතරට පත්වනු ඇත."
Hud 11:53
ඔහුගේ සමූහයා ඔහුට, "අහෝ හූද්! නුඹ ව අප විශ්වාස කරන තරමට නුඹ පැහැදිලි සාධකයක් අප වෙත ගෙන ආවේ නැත. කිසිදු සාක්ෂියකින් තොර ව නුඹ කරන හිස් වදන් හේතුවෙන් අපි අපගේ දෙවිවරුන් නැමදීම අතහරින්නේ ද නැත. සැබැවින්ම ඔබ දේව දූතයෙකු බව කරන වාදය විශ්වාස කරන්නන් ලෙස ද අප නැත" යැයි පැවසූහ.
Hud 11:54
"අපගේ දෙවිවරුන් අප නැමද සිටීමෙන් නුඹ අප වළක්වන කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් නුඹ ව උන්මත්තභාවයට පත් කරනු ඇතැයි මිස අප පැවසුවේ නැත." හූද් තුමා මෙසේ පැවසීය: ‘සැබැවින්ම මම අල්ලාහ් මත සාක්ෂි දරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින නුඹලාගේ දෙවිවරුන්ගෙන් සැබැවින්ම මා නිදොස් බව නුඹලා ද සාක්ෂි දරනු. මා හට උන්මත්තභාවය ඇති කරනු ඇතැයි නුඹළා විශ්වාස කරමින් සිටින නුඹලාගේ දෙවිවරුන් හා නුඹලා ද එක් ව කුමන්ත්රණ කරනු. පසුව නුඹලා මාහට අවස්ථාවන් නොදෙනු."
Hud 11:55
"අපගේ දෙවිවරුන් අප නමැද සිටීමෙන් නුඹ අප වළක්වන කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් නුඹ ව උන්මත්තභාවයට පත් කරනු ඇතැයි මිස අප පැවසුවේ නැත." හූද් තුමා මෙසේ පැවසීය, "සැබැවින්ම මම අල්ලාහ් මත සාක්ෂි දරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින නුඹලාගේ දෙවිවරුන්ගෙන් සැබැවින්ම මා නිදොස් බව නුඹලා ද සාක්ෂි දරනු. මා හට උන්මත්තභාවය ඇති කරනු ඇතැයි නුඹළා විශ්වාස කරමින් සිටින නුඹලාගේ දෙවිවරුන් හා නුඹලා ද එක් ව කුමන්ත්රණ කරනු. පසුව නුඹලා මාහට අවස්ථාවන් නොදෙනු.
Hud 11:56
සැබැවින්ම මම අල්ලාහ් මත පමණක් සියල්ල භාර කරමි. මාගේ කටයුත්තෙහි ඔහු මත පමණක් රැඳෙමි. ඔහු මාගේ මෙන්ම නුඹලාගේද පරමාධිපතිය. මහපොළොවේ ගමන් කරන කිසිදු ජීවියෙක් ඔහුගේ පාලනය හා ආධිපත්යය යටතේ ඔහුට යටහත්ව කටයුතු කරනු මිස නැත. ඔහු අභිමත කරන පරිදි ඒවා වෙනස් කරනු ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති සත්ය හා සාධාරණය මත වෙයි. නුඹලා මා වෙත ආධිපත්ය දරන්නට ඔහු කිසි විටෙක ඉඩ සළසන්නේ නැත. හේතුව සැබැවින්ම මම සත්ය මත වන බැවින් හා නුඹලා අසත්ය මත වන බැවිණි.
Hud 11:57
"මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද නුඹලා එය පිටුපා ඒ ගැන කුමන්ත්රණ කරන්නෙහු නම් දැන ගනු මා සතු වන්නේ නුඹලාට දැනුම් දීම පමණි. අල්ලාහ් කවර කරුණක් මා වෙත එව්වේ ද එමෙන්ම කවර කරුණක් දන්වා සිටින මෙන් මාහට නියෝග කළේ ද ඒ සියල්ල මම නුඹලාට දන්වා සිටියෙමි. නුඹලා වෙත සාධක ඇත. මාගේ පරමාධිපති නුඹලා විනාශ කොට නුඹලාගෙන් පසු ව නුඹලා නොවන තවත් පිරිසක් ගෙන එනු ඇත. නුඹලා කරන නුඹලාගේ බොරුවෙන් හෝ නුඹලාගේ පිටුපෑමෙන් ලොකු හෝ කුඩා නපුරක් නුඹලා විසින් අල්ලාහ්ට සිදු කළ නොහැක. හේතුව, සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ අවශ්යතාවන්ගෙන් තොර බැවිණි. සැබැවින්ම මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. නුඹලා කවර කරුණක් මට එරෙහි ව කුමන්ත්රණ කරන්නෙහු ද එවන් නපුරෙන් මා ආරක්ෂා කරනුයේ ඔහුය."
Hud 11:58
ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියෝගය පැමිණි කල්හි හූද් හා ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන් අපගේ කරුණාවෙන් අපි මුදවා ගත්තෙමු. එම කරුණාව ඔවුනට අත් විය. එමෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ ඔහුගේ ජනයාට අපි දඬුවම් කළ අති බිහිසුණු දඬුවමින් අපි ඔවුන් මුදවා ගත්තෙමු.
Hud 11:59
මෙම ආද් සමූහයා ඔවුන්ගේ පරමාධිපති වන අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ දූත හූද්ට එරෙහි ව කටයුතු කළෝය. සත්ය පිළිගැනීමට උඬගු වී එය නොපිළිගත් මෙන්ම එයට යටත් නොවූ අපාරධකරුගේ සෑම නියෝගයක්ම පිළිපැද්දෝය.
Hud 11:60
මෙලොව ජීවිතයෙහි ඔවුනට අවමානය හා අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස්වීමක් අත් විය. එලෙසම ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලබති. එය ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙනි. දැනගනු. අල්ලාහ් ඔවුන්ව සෑම යහපතකින්ම දුරස් කරවා සෑම නපුරක්ම ඔවුනට සමීප කරවනු ඇත.
Hud 11:61
සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව අපි එව්වෙමු. ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමද ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නුඹලාට නැත. මහපොළොවේ පසින් නුඹලාගේ පියාණන් ආදම් මවා පසුව ඔහුගෙන් නුඹලා ව ඔහු මැව්වේය. එහි පාලකයින් බවට ද නුඹලා ව ඔහු පත් කළේය. එහෙයින් නුඹලා ඔහුගෙන් සමාව අයැද සිටිනු. පසුව අවනතව කටයුතු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහු වෙතට යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුට අවංකව කටයුතු කරන්නන් හට ඉතා සමිපය. එවැන්නන්ගේ ප්රාර්ථනාව පිළිගන්නාය.
Hud 11:62
ඔහුගේ ජනයා ඔහුට, "අහෝ සාලිහ්! ඔබ මේ ඇරයුම කිරීමට පෙර අප අතර උසස් නිලයක් ඇති පුද්ගලයෙකු විය. උපදේශන හා සාකච්ඡා කරන බුද්ධිමත් අයකු ලෙස අපි සිතා සිටියෙමු. අහෝ සාලිහ්! අපගේ මුතුන්මිත්තන් කවර දෙයකට නමදිමින් සිටියේ ද ඒවායින් ඔබ අප වළක්වන්නෙහිද? අල්ලාහ්ට පමණක් නමදින මෙන් ඔබ අපට කරන ඇරයුම සම්බන්ධයෙන් අපි සැකයෙහි පසුවෙමු. අල්ලාහ් කෙරෙහි බොරු ගෙතීම සම්බන්ධයෙන් අපි ඔබට චෝදනා කිරීමට සිදු ව ඇත.
Hud 11:63
සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔහුගේ ජනයාට පිළිතුරු දෙමින්: ‘මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මා හිඳ ඔහුගෙන් වූ නබිත්වයේ ආශිර්වාදය ඔහු මට පිරිනමා තිබිය දී, නුඹලා වෙත කවර කරුණක් දන්වා සිටින්නැයි මට අණ කර ඇත්තේ ද එය දැන්වීම අතහැර දමා ඔහුට පිටුපෑවේ නම් ඔහුගේ දඬුවමින් මා වළක්වනුයේ කවුරුන්දැ?යි යන වග මට දන්වා සිටිනු. නුඹලා මට නොමග හා ඔහුගේ තෘප්තියේ දුරස්භාවය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත.
Hud 11:64
අහෝ ජනයිනි, නුඹලා වෙනුවෙන් වූ මෙම ඔටු දෙන මාගේ සත්යභාවය තහවුරු කරන සංකේතයකි. අල්ලාහ්ගේ භූමියේ උළා කන්නට ඌට ඉඩ හරිනු. කිසිදු හානියක් සිදු කරමින් ඌට බාධා නොකරනු. නුඹලා එය බිඳ දැමුවේ නම් ඉතා කෙටි කාලයක් තුළ දඬුවමක් නුඹලාට අත් වනු ඇත.
Hud 11:65
ඔවුහු බොරු කරමින් උගේ ගෙල නහර කපා හැරියෝය. එවිට සාලිහ් ඔවුනට, "නුඹලා ඌ ඝාතනය කිරීමේ දින සිට දින තුනක කාලයක් නුඹලාගේ භූමියේ නුඹලා ජීවිතය භුක්ති විඳිනු. පසු ව නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවමක් පැමිණෙනු ඇත. ඉන් පසුව ඔහුගේ දඬුවම පැමිණීම බොරු කළ නොහැකි කිසිදු සැකයක් නැති සිදු වන ප්රතිඥාවක් බවට පත් වන්නේය. එය සත්යයේ ප්රතිඥාවයි." යැයි පැවසීය.
Hud 11:66
ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියමය පැමිණි කල්හි, අපගෙන් වූ දයාවෙන් සාලිහ් හා ඔහු සමග වූ දේව විශ්වාස කළ ජනයා මුදවා ගත්තෙමු. එදින අවමානයෙන් හා පහත්භාවයෙන් අපි ඔවුන් මුදවා ගත්තෙමු. අහෝ දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි කිසිවෙකු විසින් ඔහු පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. එහෙයින් බොරුකාර සමූහයන් ඔහු විනාශ කර දැමීය.
Hud 11:67
විනාශකාරී දැඩි හඬක් සමූද් ජනයා ග්රහණය කළේය. එහි බිහිසුණුකම හේතුවෙන් ඔවුහු මිය ගියෝය. මුණින් අත වැටෙන්නන් බවට පත් වූහ. ඔවුන්ගේ මුහුණු පසින් ඇලී ගියේය.
Hud 11:68
ඔවුන්ගේ භූමිය තුළ, ආශිර්වාදාත්මක හා සාරවත් ජීවිතයක් ඔවුන් වාසය නොකළාක් මෙන් විය. දැනගනු සමූද් ජනයා ඔවුන්ගේ පරමාධිපති වන අල්ලාහ්ව ප්රතික්ෂේප කළෝය. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් දුරස්වෙමින්ම සිටියහ.
Hud 11:69
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට හා ඔහුගේ බිරියට ඉස්හාක් හා පසු ව යඃකූබ් ගැන ශුභාරංචි දන්වා සිටින්නන් ලෙස දේව දූතයින් මිනිස් හැඩයින් එතුමා වෙත පැමිණියෝය. එවිට දේව දූතයෝ, "ඔබට සලාම්" ශාන්තිය අත්වේවා යැයි පැවසුවෝය. ඔවුනට පිළිතුරු වශයෙන් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ද "සලාම්" ඔබලාටත් ශාන්තිය අත්වේවා යැයි පවසා පිටව ගොස් ඔවුන් මිනිසුන් යයි සිතූ බැවින් ඔවුනට අනුභව කිරීම සඳහා බදින ලද වසු පැටවෙකු ඔවුන් වෙත ගෙන ආවේය.
Hud 11:70
ඔවුන්ගේ අත් වසු පැටවා දෙසට යොමු නොවී ඔවුන් එයින් අනුභව නොකර එය පිළිකුල් කරනු ඉබ්රාහීම් තුමා දුටු කල්හි එතුමාගේ සිත තුළ රහසින්ම බියක් පහළ විය. මලක්වරුන් තමන් ගැන එතුමා බිය වූ බව දුටු කල්හි, ඔවුහු, "නුඹ අප ගැන බිය නොවනු. ලූත් ජනයාට දඬුවම් කරනු වස් ඔවුන් වෙත අල්ලාහ් අප එවා ඇත්තේ යැ"යි පැවසූහ.
Hud 11:71
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ බිරිය සාරා එහි සිටගෙන සිටියාය. සතුටු දන්වන ආරංචියක් අපි ඇයට දන්වා සිටියෙමු. එනම් ඇය ඉස්හාක් නම් දරුවා බිහි කරන බවත් ඉස්හාක්ට පසුව යඃකූබ් නම් දරුවා ඉපදෙන බවත්ය. එවිට ඇය සිනහ වී ඇයට ඇසුණු පුවත ගැන සතුටු වූවාය.
Hud 11:72
සාරා තුමියට මලක්වරුන් මෙම පුදුම සහගත ශුභාරංචිය දන්වා සිටි කල්හි ඇය, "මා දරුවන් පිළිබඳ බලාපොරොත්තු සුන් වූ මැහැල්ලියක තත්ත්වයේ සිටිය දී මාගේ සැමියා ද වයෝවෘද්ධභාවයේ සිටිය දී මට කෙසේ නම් දරුවකු ලැබිය හැක්කේ ද? මෙම තත්ත්වයේ දරුවකු පිහිටීම ආශ්චර්යමත් කරුණකි. එය අසාමාන්ය සිදුවීමකි" යැයි පැවසුවාය.
Hud 11:73
ශුභාරංචිය ගැන සාරා තුමිය පුදුමයට පත් වූ කල්හි මලක්වරුන් ඇයට මෙසේ පැවසූහ, "අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය ගැන ඔබ පුදුමයට පත්වන්නී ද? ඔබේ මේ සිද්ධිය සැබැවින්ම මෙවන් දෙයක් කිරීමට අල්ලාහ්ට බලය ඇති බව සැඟවී යන්නේ නැත. ඉබ්රාහීම්ගේ නිවැසියනි ඔබට අල්ලාහ්ගේ ආශිර්වාදය හා සමෘද්ධිය අත්වේවා! සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගුණයේ හා ඔහුගේ ක්රියාවෙහි ප්රශංසාලාබීය. කීර්තිමත් මෙන්ම උත්තරීතරය.
Hud 11:74
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිගැන්වූ ආහාරය අනුභව නොකළ ඔහුගේ ආගන්තුකයින් සැබැවින්ම මලක්වරුන් යැයි දැනගත් පසු ඇති වූ බිය පහ ව යාමෙන් සාරා ඉස්හාක්ව බිහි කරන්නට යන බවත් පසුව යඃකූබ්ගේ උපතත් ගැන තොරතුරුත් පැමිණීමෙන් පසු ව ඔහු අපගේ දූතවරුන් සමග ලූත්ගේ ජනයාගේ සම්බන්ධයෙන්, ඔවුන්ගෙන් දඬුවම ප්රමාද කරන්නේ ද ලූත් හා ඔහුගේ නිවැසියන් මුදවා ගන්නේ ද යනාදී තර්කයෙහි නිරත විය.
Hud 11:75
සැබැවින්ම ඉබ්රාහීම් ඉතා දයාලුය. දඬුවම ප්රමාද කිරීම ප්රිය කළේය. තම පරමාධිපති වෙත වඩාත් පහත් ව කටයුතු කළේය. අධික ලෙස ප්රාර්ථනාවන්හි නිරත වූ අතරම ඔහු වෙත පශ්චාත්තාප වී සමාව අයැද සිටියේය.
Hud 11:76
මලක්වරුන් මෙසේ පැවසූහ. "අහෝ ඉබ්රාහීම්! ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් වූ තර්කය ඔබ අතහැර දමනු. ඔවුනට අල්ලාහ් නියම කළ දඬුවම සිදුවීම ගැන නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. ලූත්ගේ ජනයා වෙත අතිමහත් දඬුවමක් පැමිණීම නියතය. කිසිදු තර්කයකින් හෝ ප්රාර්ථනාවකින් එය වැළැක්විය නොහැක.
Hud 11:77
මලක්වරුන් පිරිමි හැඩරුවෙන් ලූත් වෙත පැමිණි කල්හි ඔවුන්ගේ පැමිණීම ඔහුට නපුරක් විය. ස්ත්රීන් හැර දමා තම කාමාශාවන් පිරිමින් සමග සංසිදුවා ගත් තම සමූහයා ඔවුන් සමග කටයුතු කරන ආකාරය ගැන බිය ඔහුගේ හදවත පීඩනයට පත් කළේය. ලූත් තුමා, "සැබැවින්ම තම සමූහයා තම ආගන්තුකයින් සම්බන්ධයෙන් අබිබවා කටයුතු කරනු ඇතැයි සිතූ බැවින් මෙය ඉතා බිහිසුණු දිනයක්" යැයි පැවසීය.
Hud 11:78
ලූත්ගේ ජනයා තම ආගන්තුකයින් සමග අශීලාචාර ලෙස හැසිරෙන්නට සිතා යුහුසුළුව ලූත් වෙත පැමිණියෝය. මීට පෙර ද තම කාමුක ආශාවන් කාන්තාවන්ගෙන් නොව පිරිමින්ගෙන් සංසිදුවා ගැනීම ඔවුන්ගේ සිරිත විය. ලූත් තුමා තම ආගන්තුකියින් ඉදිරියේ තම ජනයා වළක්වාලමින් හා තමන් වෙනුවෙන් සමාව ඉල්ලමින්, "මේ නුඹලාගේ කාන්තාවන් අතර සිටින මගේ දූවරුන් විවාහ කර ගනු. මෙම අශීලාචාර ක්රියාවට වඩා ඔවුන් නුඹලාට පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ් ගැන බියවනු. මාගේ ආගන්තුකයන් අතර නුඹලා මා ලැජ්ජාවට පත් නොකරනු. අහෝ ජනයිනි! මේ පිලිකුල් සහගත ක්රියාවෙන් නුඹලා වළක්වන ඍජු බුද්ධිමත් මිනිසෙකු නුඹලා අතර නොමැත්තේද?" යැයි පැවසීය.
Hud 11:79
ඔහුගේ ජනයා ඔහුට, "අහෝ ලූත්! නුඹේ දූවරුන් හා නුඹේ සමූහයා අතර සිටින කාන්තාවන් අතර කිසිදු කාමුක අවශ්යතාවක් අපට නොමැති බව නුඹ දන්නෙහිය. එමෙන්ම අපි අපේක්ෂා කරනුයේ කුමක්දැ?යිද සැබැවින්ම නුඹ දන්නෙහිය. එහෙයින් අපි පිරිමින් මිස වෙනත් කිසිවෙක් අපේක්ෂා නොකරමු." යැයි පැවසූහ.
Hud 11:80
"නුඹලා මෙයින් වළක්වාලන්නට මට ශක්තිය තිබුණා නම් එසේ නැතහොත් වළක්වන පරම්පරාවක් සිටියා නම් නුඹලා අතර හා මාගේ ආගන්තුකයින් අතර මැදිහත් වී කටයුතු කරමි." යැයි ලූත් තුමා පැවසීය.
Hud 11:81
දේව දූතයෝ ලූත් (අලයිහිස් සලාම්) වෙත, "අහෝ ලූත්! සැබැවින්ම අපි අල්ලාහ් විසින් එවූ දූතයෝ වෙමු. නුඹේ ජනයා නුඹ වෙත කිසිදු නපුරක් ගෙන දෙන්නේ නැත. එහෙයින් රාත්රියේ අඳුර පවතින නියමිත හෝරාවෙහි පිට ව යනු. නුඹලා අතර කිසිවෙකු තම පසුපස හැරී නොබැලිය යුතුයි. නමුත් නුඹේ බිරිය හැර. ඇය හැරෙනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඇයද නුඹේ සමූහයා අත් විදින දඬුවම හිමි විය යුතු කාන්තාවක් වන බැවිණි. ඔවුන් විනාශ කිරීමේ ප්රතිඥත වේලාව අලුයම් කාලයයි. එය සමීපයෙන් පවතින ප්රතිඥාවකි.
Hud 11:82
ලූත්ගේ ජනයා විනාශ කිරීමේ අපගේ නියමය පැමිණි කල්හි ඔවුන්ගේ ගම්මානයේ උඩු කොටස ඔසවා ඔවුන් සමගම පෙරළා එහි පහළ කොටස බවට පත් කළෙමු. එකිනෙකට ඉහළින් ඇමුණුනු පසින් වෙළුණු ගල් වර්ෂාවක් අපි අඛණ්ඩ ව පහළ කළෙමු.
Hud 11:83
මෙම ගල් අල්ලාහ් අබියස විශේෂ සළකුණකින් සළකුණු තබන ලද දෑය. කුරෙයිෂ්වරුන් අතර සිටින අපරාධකරුවන්හට මෙම ගල් වර්ෂාව වඩාත් දුරකින් නොමැත. එය ඉතා සමීපයෙන් පවතී. ඔවුන් මත එය පහළ කිරීමට අල්ලාහ් නියම කළේ නම් එය පහළ වනු ඇත.
Hud 11:84
මද්යන් වාසීන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ව එව්වෙමු. එතුමා, "මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කර ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙක් නැත. මිනිසුනට නුඹලා කිරා දෙන විට හෝ මැණ දෙන විට එම ප්රමාණයෙහි අඩු නොකරනු. පෝෂණයෙන් හා සම්පතින් සමෘද්ධිමත් තත්ත්වයක මම නුඹලා ව දකිමි. අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙනුවට පාපකම් සිදු කිරීමෙන් නුඹලා එය වෙනස් කර නොගනු. නුඹලා අතරින් සෑම කෙනෙකුවම ආවරණය කරන දින නුඹලා මත දඬුවම පහළ වීම ගැන සැබැවින්ම මම බියවෙමි. ඉන් පලායෑමක් හෝ ආරක්ෂාවීමක් හෝ නුඹලා නොලබනු ඇත." යැයි පැවසුවේය.
Hud 11:85
"අහෝ ජනයිනි! නුඹලා කිරන්නේ නම් හෝ මනින්නේ නම් හෝ සාධාරණ අයුරින් කිරුම හා මිනුම සම්පූර්ණ කරනු. වංචාවෙන් හෝ කූට ලෙස හෝ අලාභහානි සිදු කිරීමෙන් නුඹලා ජනයා සතු දෑ කිසිවක් අඩු නොකරනු. ඝාතනය කිරීම හා සෙසු පාපකම් සිදු කිරීමෙන් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු නොකරනු."
Hud 11:86
"මිනිසුන්ගේ අයිතිය සාධාරනණීය ලෙස ඉටු කළ පසු ව අනුමත දැයින් නුඹලාට ඉතිරි වන අල්ලාහ්ගේ ශේෂය වංචාවෙන් හා මහපොළොවේ ප්රචණ්ඩකාරී ව ක්රියා කරමින් ලබන අමතර දෑට වඩා අධික ප්රයෝජනවත් හා සමෘද්ධිමත් වන්නේය. නුඹලා සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නන් නම් එම ශේෂය පිළිගනු. නුඹලාගේ ක්රියාවන් සටහන් කරන, ඒ ගැන විභාග කරන අධීක්ෂකයෙකු ලෙස මා නැත. සැබැවින්ම එය අධීක්ෂණය කරන්නා රහස් හා රහස් සාකච්ඡා පිළිබඳ දන්නාය.
Hud 11:87
ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ් දෙස බලා, "අහෝ ෂුඅයිබ්! නුඹ අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන නුඹේ සලාතය අපගේ මුතුන්මිත්තන් නමදිමින් සිටි පිළිම වන්දනාව අතහැර දමන ලෙස නුඹට අණ කරන්නේ ද එමෙන්ම අප අභිමත කරන පරිදි අපගේ ධනයේ ව්යාපාරික ගනුදෙනු කිරීම හා අප කැමති පරිදි එය වර්ධනය කිරීම අතහැර දමන ලෙස අණ කරන්නේ ද? සැබැවින්ම නුඹ ඉවසන සුළු ඍජු මාර්ගයේ සිටින්නෙකි. මෙම ඇරයුමට පෙර නුඹ ගැන අප දන්නා පරිදි නුඹ ප්රඥාවන්ත බුද්ධිමත් අයෙකි. දැන් නුඹට සිදු ව ඇත්තේ කුමක් ද?" දැයි විමසුවෝය.
Hud 11:88
ෂුඅයිබ් තම ජනයාට, "මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිය දී, ඔහු මට නබිත්වය ඇතුළු ව අනුමත සම්පතින් පෝෂණය කර තිබියදී, කිසිවකින් මා නුඹලා වැළැක්වීමට හා එම ක්රියාවෙහි නුඹලාට විරුද්ධ ව කටයුතු කිරීමට මා ප්රිය නොකළේ නම් නුඹලාගේ තත්ත්වය ගැන මට පවසන්න. මාගේ හැකියාවේ තරමට නුඹලාගේ පරමාධිපතිගේ ඒකීයත්වය හා ඔහුට අවනත වීම සඳහා මා නුඹලාට කරන ඇරයුම තුළින් බලාපොරොත්තු වන්නේ නුඹලා ව විධිමත් කිරීම පමණය. එය ළඟා කරවීම ශුද්ධ වූ අල්ලාහ්ගෙන් මිස මා වෙත කිසිදු භාග්යයක් නැත. මාගේ සියලුම කටයුතුවලදී මම ඔහු මත පමණක් විශ්වාසය තබමි. මා නැවත හැරී යන්නේ ඔහු වෙතය." යනුවෙන් පැවසුවේය.
Hud 11:89
"මාගේ ජනයිනි! මා කවර කරුණක් ගෙන ආවේද ඒ ගැන නුඹලා බොරුකිරීම නිසාවෙන් මා සමග පවතින සතුරුකම නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ කාලයෙන් හා ස්ථානයෙන් නුඹලාට නුදුරින් වූ ලූත්ගේ ජනයාට අත් වූ දඬුවම් මෙන් දඬුවමක් නුඹලාට ද අත්වීම ගැන වූ බිය නුඹලා හසු නොකළ යුතුයි. ඔවුනට අත් වූ ඉරණම නුඹලා මැනවින් දන්නෙහුය. එහෙයින් අවධානයෙන් යුතු ව කටයුතු කරනු."
Hud 11:90
"නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසු ව නුඹලාගේ පාපකම් සඳහා පසතැවිලි වී ඔහු වෙත යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති පාපක්ෂමාවේ නිරත වන්නන් ගැන ඉවසන සුළුය. ඔවුන් අතර පසුතැවිලි වී ඔහු වෙත යොමුවන්නන් හට ඔහු මහත් සේ සෙනෙහෙවන්තය."
Hud 11:91
ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ් දෙස බලා, "අහෝ ෂුඅයිබ්! නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒවා බොහෝමයක් අපට වැටහෙන්නේ නැත. නුඹේ දෑස් දුර්වල හා අන්ධ වී ඇති බැවින් අප අතර නුඹ දුර්වලයෙකු ලෙසම අපි දකින්නෙමු. නුඹේ පවුලේ අය අපගේ පිළිවෙත මත නොවී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. නුඹ ව මරා දැමීම සම්බන්ධයෙන් අපට එරෙහි ව බියවීමට තරම් බලය ඇත්තෙකු නැත. අපි නුඹ ව අතහැර ඇත්තේ නුඹේ පවුලේ අය වෙත ඇති ගෞරවය හේතුවෙනි" යැයි පැවසූහ.
Hud 11:92
ෂුඅයිබ් තම ජනයාට, "අහෝ මාගේ ජනයිනි! මාගේ පවුලේ ඥාතීන් නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට වඩා නුඹලා ඉදිරියේ අති ගෞරවනීය හා සම්භාවනීය වන්නේ ද? නුඹලා වෙත ඔහු එවූ නබිවරයා ව නුඹලා විශ්වාස නොකළ අවස්ථාවේ නුඹලා අල්ලාහ්ව නුඹලාගේ පිටුපසට ඉවතලා දැමූහ. සැබැවින්ම මාගේ පරමාධිපති නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නාය. නුඹලාගේ ක්රියාවන් ඔහුහට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ප්රතිඵල වශයෙන් මෙලොවෙහිම නුඹලා වෙත විනාශය ගෙන දෙනු ඇත. එමෙන්ම මතුලොවෙහි ද දඬුවම ඇතැ"යි පැවසීය.
Hud 11:93
"මාගේ ජනයිනි! නුඹලා පිළිගත් නුඹලාගේ මාර්ගයේ නුඹලා හැකි පමණින් කටයුතු කරනු. මා පිළිගත් මාගේ මාර්ගයේ මා හැකි පමණින් කටයුතු කරමි. අප අතරින් කවරෙකු වෙත අවමන් සහගත දඬුවම හා නින්දනීය වේදනාව පැමිණෙන්නේ දැයි ද, පවතින වාදයේ අප අතරින් කවරෙකු බොරුකාරයා යැයි ද නුඹලා මතු දැනගනු ඇත. අල්ලාහ් කවර කරුණක් පිළිබඳ තෘප්තියට පත් වන්නේ ද එය බලපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටිමි.
Hud 11:94
ෂුඅයිබ්ගේ ජනයා විනාශ කරන මෙන් වූ අපගේ නියෝගය පැමිණි කල්හි, අපි අපගේ කරුණා දයාවෙන් ෂුඅයිබ් හා ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් මුදවා ගත්තෙමු. ඔහුගේ ජනයා අතරින් අපරාධ කළවුනට විනාශකාරී බිහිසුණු හඬක් හට ගෙන ඔවුන් මරණයට පත් වූහ. ඔවුහු ඔවුන්ගේ මුහුණු පසට ඇලී මුණින් අතට වැටුණු අය මෙන් පත් වූහ.
Hud 11:95
ඔවුහු එහි පදිංචි නොවූවාක් මෙන් වූහ. දැනගනු. සමූද් ජනයා වෙත අල්ලාහ්ගේ උදහස පහළ වීමෙන් ඔවුන් ඔහුගේ කරුණා දයාවෙන් නෙරපා හරිනු ලැබුවාක් මෙන්ම මද්යන් වාසීන්හට විනාශය අත්වීමෙන් ඔවුන් ද ඉන් නෙරපා හරින ලදී.
Hud 11:96
අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන අපගේ සාධක සහ මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය තහවුරු කරන පැහැදිළි සාධක සමග සැබැවින්ම අපි මූසා ව එව්වෙමු.
Hud 11:97
ෆිර්අවුන් හා ඔහුගේ ප්රජාව අතර සිටි ප්රභූවරුන් වෙත අපි ඔහු එව්වෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ෆිර්අවුන් එම ප්රභූවරුන්ට කළ නියෝගය ඔවුහු පිළිපැද්දෝය. ෆිර්අවුන්ගේ නියෝගය පිළිපදිනු ලබන තරමට එය සත්ය පෙන්වා දෙන කරුණක් නොවීය.
Hud 11:98
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෆිර්අවුන්, ඔහු හා ඔහුගේ සමූහයා අපා ගින්නට පිවිසෙන තෙක්ම ඔහු පෙරමුණ ගනු ඇත. ඔහු ඔවුන් කැටුවාගෙන යන ස්ථානය නපුරුය.
Hud 11:99
ජලයේ ගිලී ඔවුන් විනාශයට පත් වීමත් සමගම ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, නෙරපා හැරීම හා ශාපය මෙලොව ජීවිතයේ දී ඔවුන් පසුපස හඹා එන්නට ඔහු සැලැස්වීය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, හා නෙරපා හරිනු ලැබීම ඔවුන් පසුපස හඹා එන්නට සැලැස්වීය. මෙලොව හා මතුලොව දඬුවම යන ශාප දෙක එකිනෙකට පර ව ඔවුනට ඇති වීම නපුරක් විය.
Hud 11:100
මෙම පරිච්ඡේදයේ සඳහන් කරනු ලැබූ ගම්වාසීන්ගේ තොරතුරු අපි මෙසේ දන්වා සිටින්නෙමු. මෙම ගම්මාන අතර ශේෂ ව ඇති නටඹුන් ඇත. එමෙන්ම කිසිදු සළකුණක් ඉතිරි නොවන තරමට සියලු දෑ මුළුමණින්ම විනාශ කළ ගම්මාන ද ඇත.
Hud 11:101
අපි ඔවුන් විනාශ කිරීම තුළින් ඔවුනට අසාධාරණයක් නොකළෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් විනාශයේ කරුණු ගෙනැවිත් අපරාධ කර ගත්තේ ඔවුනටමය. අහෝ දූතය! ඔවුන් විනාශ කරන මෙන් වූ නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි විට ඔවුනට පහළ වූ දඬුවමින් ඔවුන් වළක්වාලන්නට අල්ලාහ් හැර ඔවුන් නැමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් සමත් වූයේ නැත. මෙය ඔවුන්ගේ දෙවිවරුන්ට අලාභහානිය මිස වෙනත් කිසිවක් ඔවුනට අධික කළේ නැත.
Hud 11:102
සෑම කාලයකම හා ස්ථානයකම බොරු කරමින් සිටි ගම්මාන අල්ලාහ් මුලිනුපුටා දමමින් ග්රහණය කළේ එලෙසමය. අපරාධකාරී ගම්මාන අල්ලාහ් ග්රහණය කිරීම ඉතා බලවත් මෙන්ම වේදනීය ග්රහණයක් වන්නේය.
Hud 11:103
මෙම අපාරධකාරී ගම්මාන අල්ලාහ් බිහිසුණු ලෙස ග්රහණය කිරීමෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමට බිය වන්නන්හට පාඩමක් හා උපදෙසක් ඇත. එය මිනිසුන් සියලු දෙනාම විනිශ්චය සඳහා අල්ලාහ් එක්රැස් කරන දිනයයි. එසේ එක්රැස් කරනු ලබන ජනයා සාක්ෂි දරන දිනයයි.
Hud 11:104
සාක්ෂි දරනු ලබන එම දිනය නියමිත කාලයක් දක්වා මිස අපි ප්රමාද නොකරමු.
Hud 11:105
එදින උදාවන දිනයේ අල්ලාහ්ගේ අවසරයෙන් තොරව කිසිදු ආත්මයක් කිසිදු මැදිහත් වීමක් හෝ සාක්ෂි දැරීමක් වශයෙන් කතා නොකරනු ඇත. එහි දී මිනිසුන් වර්ග දෙකකට බෙදී සිටිති. අභාග්ය වන්තයින් අපා ගින්නට පිවිසෙති. භාග්ය වන්තයින් ස්වර්ග උයනට පිවිසෙති.
Hud 11:106
අභාග්ය වන්තයින් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් අපාය ගින්නට පිවිසෙති. එහි ගින්නෙන් පීඩා විඳීමේ බිහිසුණුකම හේතුවෙන් ඔවුන්ගේ හඬවල් හා ඔවුන්ගේ ආත්මාවන් උස් හඬින් මොර දෙනු ඇත.
Hud 11:107
එහි ඔවුන් සදා රැඳී සිටිති. දේව ඒකීයත්වය පිළිගත් අය අතර පසුවන අපරාධකරුවන් අතරින් ඉන් බැහැර කිරීමට අල්ලාහ් අභිමත කළ අය හැර සෙසු අය අහස් හා මහපොළොව පවතින තාක් කල් එයින් බැහැර නොවෙති. "අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති, ඔහු පතන දෑ සිදු කරන්නාය. ඔහු ව වළක්වන කිසිවෙකු නැත."
Hud 11:108
තමන්ගේ විශ්වාසය හා දැහැමි ක්රියාවන් හේතුවෙන් අල්ලාහ්ගෙන් වූ සතුට තමන් ඉක්මවා ගිය භාග්යවන්තයින් වනාහි අහස් හා මහපොළොව පවතින තාක් කල් එහි සදා රැඳෙන්නන් වෙති. නමුත් දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටි පාපී ජනයා අතරින් ස්වර්ගයට පිවිසීමට පෙර නිරයට ඇතුළත් කිරීමට අල්ලාහ් අභිමත කළ අය හැර. සැබැවින්ම ස්වර්ග වාසීන් සඳහා වූ අල්ලාහ් විසින් පිරිනමන ප්රමෝදය ඔවුන්ගෙන් විසන්ධි වී යන්නක් නොවේ.
Hud 11:109
අහෝ දූතය! මෙම දේව ආදේශකයින් නමදින දෑහි ප්රචණ්ඩත්වය ගැන නුඹ සැකයෙහි පසු නොවනු. එය නිවැරදි යැයි සහතික කරන බුද්ධිමය හෝ ආගමික කිසිදු සාධකයක් ඔවුනට නැත. අල්ලාහ් නොවන දෑට ඔවුන් නැමදුම් කිරීම සඳහා ඔවුන් දරා සිටිනුයේ ඔවුන්ගේ මුතුන් අනුගමනය කිරීමය. සැබැවින්ම කිසිදු අඩුවකින් තොරව ඔවුන් අයත් විය යුතු දඬුවම ඔවුනට භුක්ති විඳින්නට සළස්වමු.
Hud 11:110
සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ජනයා එහි මතභේද ඇති කර ගත්තෝය. ඔවුන්ගෙන් පිරිසක් එය විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්රතික්ෂේප කළෝය. දඬුවම ඉක්මන් නොකරන බවටත් එය යම් කිසි ප්රඥාවක් මත මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ප්රමාද කරන බවටත් අල්ලාහ්ගේ නියමය ඉක්මන් නොවී නම් ඔවුනට උරුම වූ දඬුවම මෙලොවෙහිම ඔවුනට පහළ වනු ඇත. සැබැවින්ම යුදෙව්වන් හා දෙවියන්ට ආදේශ තබන්නන් අතර සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අල් කුර්ආනයෙහි සැකයක් ඇති බවට සැකයෙහි පසුවෙති.
Hud 11:111
මතභේද ඇති කර ගත්තන් ලෙස සඳහන් කරනු ලැබූ සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන පරිදි අල්ලාහ් එහි ප්රතිඵල භුක්ති විඳින්නට සළස්වනු ඇත. එය යහපත් නම් ඔහුගේ ප්රතිඵල ඔහුට යහපත් වන්නේය. එය නපුරක් නම් ඔහුගේ ප්රතිඵලය ඔහුට නපුරක් වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදුකරමින් සිටින සියුම් දැ පිළිබඳ පවා මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.
Hud 11:112
අහෝ දූතය! අල්ලාහ් නුඹට අණ කළ පරිදි ඍජු මාර්ගය අඛණ්ඩ ව පිළිපදිනු. ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකෙනු. නුඹ සමග පව් සමාවේ නිරත ව අල්ලාහ් වෙත යොමු වූ දේව විශ්වාසීන් ද ඍජු මාර්ගයේ කටයුතු කරත්වා. පාපකම් සිදු කරමින් සීමාව ඉක්මවා නොයනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ ඔහු නිරීක්ෂා කරන්නාය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැගවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Hud 11:113
ප්රචණ්ඩකාරී ව හැසිරෙන අපරාධකාර ප්රතික්ෂේපකයින්ට ආදරයෙන් හා යටහත් වෙමින් නැඹුරු නොවනු. එසේ නැඹුරු වීම හේතුවෙන් නුඹලාට නිරය අත්වනු ඇත. එයින් නුඹලාව මුදවා ගන්නට අල්ලාහ් හැර වෙනත් හිතමිතුරෙකු නුඹලාට නැත. නුඹලාට උදව් කරන කිසිවෙකු නුඹලා නොදකිනු ඇත.
Hud 11:114
අහෝ දූතය! දහවල් කාලයේ ආරම්භය හා එහි අවාසනය යන දෙකෙළවරෙහි පවතින සලාත් නැමදුම් විධිමත් අයුරින් ඉටු කරනු. එමෙන්ම රාත්රියේ හෝරාවන්හි ද සලාතය ඉටු කරනු. සැබැවින්ම දැහැමි ක්රියාවන් සුළු පාපයන් මකා දමනු ඇත. මෙනෙහි කරනු ලැබූ මෙය උපදෙස් ලබන්නන්ට උපදෙසක් මෙන්ම පාඩම් ලබන්නන්ට පාඩමකි.
Hud 11:115
ධර්මිෂ්ටකම හා නුඹට නියෝග කරනු ලැබූ වෙනත් දෑ ඉටු කිරීමෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම නුඹට තහනම් කරනු ලැබූ අන්ධකාරය වෙත රුකුල් දෙන නපුරු බලවේගයන් අතහැර දමනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ කුසල් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන් විධිමත්ව සිදු කරන ක්රියාවන් ඔහු ඔවුන්ගෙන් පිලිගනී. ඔහු සිදුකළ දැහැමි ක්රියාවන් සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට ඔහු පිරිනමනු ඇත.
Hud 11:116
නුඹලාට පෙර විසූ බොරුකාර සමූහයන් අතර දෙවියන් ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකම් සමග මහපොළොවේ ප්රචණ්ඩ ක්රියාවන්හි නිරත වීමෙන් ඔවුන් වළක්වාලන නිවැරදි මෙන්ම ගෞරවණීය ජනයා නොවී ද? නමුත් ඔවුන් අතර ඉතිරි ව සිටියේ ප්රචණ්ඩත්වයෙන් වළක්වාලන සුළු පිරිසක් පමණි. ඔවුන්ගේ අපරාධකාරී සමූහයා අපි විනාශ කළ අවස්ථාවේ අපි ඔවුන් මුදවා ගත්තෙමු. අපරාධකරුවන් තම සමූහයා අතරින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නන් අනුගමනය කළෝය. එසේ ඔවුන් අනුගමනය කිරීමෙන් ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.
Hud 11:117
අහෝ දූතය! ගම්මාන අතරින් එම භූමියේ ප්රතිසංවිධානය කරන්නන් සිටින විට එම ගම්මානය විනාශ කිරීමට නුඹේ පරමාධිපතිට සුදුසු නොවීය. ඔහු එසේ විනාශ කර සිටිනුයේ දේව ප්රතික්ෂේපය අපරාධ හා පාපකම් සිදු කරමින් කලහකාරී ව කටයුතු කරන්නන් එහි සිටින විටය.
Hud 11:118
අහෝ දූතය! සත්ය මත පදනම් ව මිනිසුන් එකම සමූහයක් බට පත් කරන්නට නුඹේ පරමාධිපති අභිමත කළේ නම්, එසේ ඔහු සිදු කරන්නට තිබිණ. නමුත් ඔහු එය අභිමත කළේ නැත. ආශාවන්ට වහල් වී අපරාධ සිදු කිරීම හේතුවෙන් ඔවුහු එහි දිගටම මතභේදයෙන් පසු වෙති.
Hud 11:119
නමුත් යහමග වෙතට ආශිර්වාද කිරීමෙන් අල්ලාහ් කරුණා කළ අය හැර. සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ මතභේද ඇති කර නොගනිති. ශුද්ධ වූ අල්ලාහ් ඔවුන් මෙසේ මතභේදයෙන් මවා තිබීම පරීක්ෂාවකි. එහෙයින් ඔවුන් අතර භාග්යවන්තයින් මෙන්ම අභාග්යවන්තයින් ද සිටිති. "අහෝ දූතය! ජින්නුන් හා මිනිසුන් අතර සිටින ෂෙයිතානුන් අනුගමනය කරන්නන්ගෙන් නිරය පිරවීමේ අපහාසාත්මක තීන්දුවේ ප්රකාශය පූර්ණ විය."
Hud 11:120
අහෝ දූතය! නුඹට පෙර විසූ දූතවරුන් ගැන නුඹට කියා පෑ සෑම තොරතුරක්ම එසේ කියා පෑවේ නුඹේ හදවත සත්යය මත ස්ථාවර කිරීමට හා එය බලාත්මක කිරීමටය. කිසිදු සැකයෙන් තොර සත්යය මෙම සූරාවේ නුඹ වෙත පැමිණ ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට වූ උපදෙසක් මෙන්ම දේව විශ්වාසීන්හට මෙනෙහි කිරීම තුළින් ප්රයෝජන ලබන සේ මතක් කිරීමක් ද නුඹ වෙත මෙහි පැමිණ ඇත.
Hud 11:121
අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස නොකරන, ඔහුගේ ඒකීයත්වය පිළි නොගන්නා අයට නුඹ මෙසේ පවසනු. "සත්යයට පිටු පා එය වළක්වාලමින් නුඹලාගේ මාර්ගයේ නුඹලා කටයුතු කරනු. සැබැවින්ම අපි ඒ මත ස්ථාවරව සිට ඒ වෙත ඇරයුම් කරමින් හා ඉවසා දරා ගනිමින් අපි අපේ මාර්ගයේ කටයුතු කරන්නෙමු."
Hud 11:122
අපට පහළ වන දෑ ගැන නුඹලා අධීක්ෂණයෙන් සිටිනු. නුඹලාට පහළ වන දෑ ගැන අපි අධීක්ෂණය කරන්නන් වෙමු.
Hud 11:123
අහස්හි ගුප්ත දෑ හා මහපොළොවෙහි ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සතුය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු කරුණු යොමු වනුයේ ඔහු වෙත පමණය. එහෙයින්, අහෝ දූතය! නුඹ ඔහුට පමණක් නැමදුම් කරනු. නුඹේ සියලු කටයුතු වලදී ඔහු මත පමණක් විශ්වාසය තබනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු අනවධානියෙකු නොවේ. ඒ ගැන ඔහු මැනවින් දන්නාය. සිදු කරනු ලබන සෑම කටයුත්තක් සඳහාම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.