Lafzullah

Sinhalese Mokhtasar — Yusuf 12:1 – Nahl 16:128

Author / source: Sinhalese Mokhtasar

Contents
  1. Yusuf 12:1
  2. Yusuf 12:2
  3. Yusuf 12:3
  4. Yusuf 12:4
  5. Yusuf 12:5
  6. Yusuf 12:6
  7. Yusuf 12:7
  8. Yusuf 12:8
  9. Yusuf 12:9
  10. Yusuf 12:10
  11. Yusuf 12:11
  12. Yusuf 12:12
  13. Yusuf 12:13
  14. Yusuf 12:14
  15. Yusuf 12:15
  16. Yusuf 12:16
  17. Yusuf 12:17
  18. Yusuf 12:18
  19. Yusuf 12:19
  20. Yusuf 12:20
  21. Yusuf 12:21
  22. Yusuf 12:22
  23. Yusuf 12:23
  24. Yusuf 12:24
  25. Yusuf 12:25
  26. Yusuf 12:26
  27. Yusuf 12:27
  28. Yusuf 12:28
  29. Yusuf 12:29
  30. Yusuf 12:30
  31. Yusuf 12:31
  32. Yusuf 12:32
  33. Yusuf 12:33
  34. Yusuf 12:34
  35. Yusuf 12:35
  36. Yusuf 12:36
  37. Yusuf 12:37
  38. Yusuf 12:38
  39. Yusuf 12:39
  40. Yusuf 12:40
  41. Yusuf 12:41
  42. Yusuf 12:42
  43. Yusuf 12:43
  44. Yusuf 12:44
  45. Yusuf 12:45
  46. Yusuf 12:46
  47. Yusuf 12:47
  48. Yusuf 12:48
  49. Yusuf 12:49
  50. Yusuf 12:50
  51. Yusuf 12:51
  52. Yusuf 12:52
  53. Yusuf 12:53
  54. Yusuf 12:54
  55. Yusuf 12:55
  56. Yusuf 12:56
  57. Yusuf 12:57
  58. Yusuf 12:58
  59. Yusuf 12:59
  60. Yusuf 12:60
  61. Yusuf 12:61
  62. Yusuf 12:62
  63. Yusuf 12:63
  64. Yusuf 12:64
  65. Yusuf 12:65
  66. Yusuf 12:66
  67. Yusuf 12:67
  68. Yusuf 12:68
  69. Yusuf 12:69
  70. Yusuf 12:70
  71. Yusuf 12:71
  72. Yusuf 12:72
  73. Yusuf 12:73
  74. Yusuf 12:74
  75. Yusuf 12:75
  76. Yusuf 12:76
  77. Yusuf 12:77
  78. Yusuf 12:78
  79. Yusuf 12:79
  80. Yusuf 12:80
  81. Yusuf 12:81
  82. Yusuf 12:82
  83. Yusuf 12:83
  84. Yusuf 12:84
  85. Yusuf 12:85
  86. Yusuf 12:86
  87. Yusuf 12:87
  88. Yusuf 12:88
  89. Yusuf 12:89
  90. Yusuf 12:90
  91. Yusuf 12:91
  92. Yusuf 12:92
  93. Yusuf 12:93
  94. Yusuf 12:94
  95. Yusuf 12:95
  96. Yusuf 12:96
  97. Yusuf 12:97
  98. Yusuf 12:98
  99. Yusuf 12:99
  100. Yusuf 12:100
  101. Yusuf 12:101
  102. Yusuf 12:102
  103. Yusuf 12:103
  104. Yusuf 12:104
  105. Yusuf 12:105
  106. Yusuf 12:106
  107. Yusuf 12:107
  108. Yusuf 12:108
  109. Yusuf 12:109
  110. Yusuf 12:110
  111. Yusuf 12:111
  112. Ra'd 13:1
  113. Ra'd 13:2
  114. Ra'd 13:3
  115. Ra'd 13:4
  116. Ra'd 13:5
  117. Ra'd 13:6
  118. Ra'd 13:7
  119. Ra'd 13:8
  120. Ra'd 13:9
  121. Ra'd 13:10
  122. Ra'd 13:11
  123. Ra'd 13:12
  124. Ra'd 13:13
  125. Ra'd 13:14
  126. Ra'd 13:15
  127. Ra'd 13:16
  128. Ra'd 13:17
  129. Ra'd 13:18
  130. Ra'd 13:19
  131. Ra'd 13:20
  132. Ra'd 13:21
  133. Ra'd 13:22
  134. Ra'd 13:23
  135. Ra'd 13:24
  136. Ra'd 13:25
  137. Ra'd 13:26
  138. Ra'd 13:27
  139. Ra'd 13:28
  140. Ra'd 13:29
  141. Ra'd 13:30
  142. Ra'd 13:31
  143. Ra'd 13:32
  144. Ra'd 13:33
  145. Ra'd 13:34
  146. Ra'd 13:35
  147. Ra'd 13:36
  148. Ra'd 13:37
  149. Ra'd 13:38
  150. Ra'd 13:39
  151. Ra'd 13:40
  152. Ra'd 13:41
  153. Ra'd 13:42
  154. Ra'd 13:43
  155. İbrahim 14:1
  156. İbrahim 14:2
  157. İbrahim 14:3
  158. İbrahim 14:4
  159. İbrahim 14:5
  160. İbrahim 14:6
  161. İbrahim 14:7
  162. İbrahim 14:8
  163. İbrahim 14:9
  164. İbrahim 14:10
  165. İbrahim 14:11
  166. İbrahim 14:12
  167. İbrahim 14:13
  168. İbrahim 14:14
  169. İbrahim 14:15
  170. İbrahim 14:16
  171. İbrahim 14:17
  172. İbrahim 14:18
  173. İbrahim 14:19
  174. İbrahim 14:20
  175. İbrahim 14:21
  176. İbrahim 14:22
  177. İbrahim 14:23
  178. İbrahim 14:24
  179. İbrahim 14:25
  180. İbrahim 14:26
  181. İbrahim 14:27
  182. İbrahim 14:28
  183. İbrahim 14:29
  184. İbrahim 14:30
  185. İbrahim 14:31
  186. İbrahim 14:32
  187. İbrahim 14:33
  188. İbrahim 14:34
  189. İbrahim 14:35
  190. İbrahim 14:36
  191. İbrahim 14:37
  192. İbrahim 14:38
  193. İbrahim 14:39
  194. İbrahim 14:40
  195. İbrahim 14:41
  196. İbrahim 14:42
  197. İbrahim 14:43
  198. İbrahim 14:44
  199. İbrahim 14:45
  200. İbrahim 14:46
  201. İbrahim 14:47
  202. İbrahim 14:48
  203. İbrahim 14:49
  204. İbrahim 14:50
  205. İbrahim 14:51
  206. İbrahim 14:52
  207. Hicr 15:1
  208. Hicr 15:2
  209. Hicr 15:3
  210. Hicr 15:4
  211. Hicr 15:5
  212. Hicr 15:6
  213. Hicr 15:7
  214. Hicr 15:8
  215. Hicr 15:9
  216. Hicr 15:10
  217. Hicr 15:11
  218. Hicr 15:12
  219. Hicr 15:13
  220. Hicr 15:14
  221. Hicr 15:15
  222. Hicr 15:16
  223. Hicr 15:17
  224. Hicr 15:18
  225. Hicr 15:19
  226. Hicr 15:20
  227. Hicr 15:21
  228. Hicr 15:22
  229. Hicr 15:23
  230. Hicr 15:24
  231. Hicr 15:25
  232. Hicr 15:26
  233. Hicr 15:27
  234. Hicr 15:28
  235. Hicr 15:29
  236. Hicr 15:30
  237. Hicr 15:31
  238. Hicr 15:32
  239. Hicr 15:33
  240. Hicr 15:34
  241. Hicr 15:35
  242. Hicr 15:36
  243. Hicr 15:37
  244. Hicr 15:38
  245. Hicr 15:39
  246. Hicr 15:40
  247. Hicr 15:41
  248. Hicr 15:42
  249. Hicr 15:43
  250. Hicr 15:44
  251. Hicr 15:45
  252. Hicr 15:46
  253. Hicr 15:47
  254. Hicr 15:48
  255. Hicr 15:49
  256. Hicr 15:50
  257. Hicr 15:51
  258. Hicr 15:52
  259. Hicr 15:53
  260. Hicr 15:54
  261. Hicr 15:55
  262. Hicr 15:56
  263. Hicr 15:57
  264. Hicr 15:58
  265. Hicr 15:59
  266. Hicr 15:60
  267. Hicr 15:61
  268. Hicr 15:62
  269. Hicr 15:63
  270. Hicr 15:64
  271. Hicr 15:65
  272. Hicr 15:66
  273. Hicr 15:67
  274. Hicr 15:68
  275. Hicr 15:69
  276. Hicr 15:70
  277. Hicr 15:71
  278. Hicr 15:72
  279. Hicr 15:73
  280. Hicr 15:74
  281. Hicr 15:75
  282. Hicr 15:76
  283. Hicr 15:77
  284. Hicr 15:78
  285. Hicr 15:79
  286. Hicr 15:80
  287. Hicr 15:81
  288. Hicr 15:82
  289. Hicr 15:83
  290. Hicr 15:84
  291. Hicr 15:85
  292. Hicr 15:86
  293. Hicr 15:87
  294. Hicr 15:88
  295. Hicr 15:89
  296. Hicr 15:90
  297. Hicr 15:91
  298. Hicr 15:92
  299. Hicr 15:93
  300. Hicr 15:94
  301. Hicr 15:95
  302. Hicr 15:96
  303. Hicr 15:97
  304. Hicr 15:98
  305. Hicr 15:99
  306. Nahl 16:1
  307. Nahl 16:2
  308. Nahl 16:3
  309. Nahl 16:4
  310. Nahl 16:5
  311. Nahl 16:6
  312. Nahl 16:7
  313. Nahl 16:8
  314. Nahl 16:9
  315. Nahl 16:10
  316. Nahl 16:11
  317. Nahl 16:12
  318. Nahl 16:13
  319. Nahl 16:14
  320. Nahl 16:15
  321. Nahl 16:16
  322. Nahl 16:17
  323. Nahl 16:18
  324. Nahl 16:19
  325. Nahl 16:20
  326. Nahl 16:21
  327. Nahl 16:22
  328. Nahl 16:23
  329. Nahl 16:24
  330. Nahl 16:25
  331. Nahl 16:26
  332. Nahl 16:27
  333. Nahl 16:28
  334. Nahl 16:29
  335. Nahl 16:30
  336. Nahl 16:31
  337. Nahl 16:32
  338. Nahl 16:33
  339. Nahl 16:34
  340. Nahl 16:35
  341. Nahl 16:36
  342. Nahl 16:37
  343. Nahl 16:38
  344. Nahl 16:39
  345. Nahl 16:40
  346. Nahl 16:41
  347. Nahl 16:42
  348. Nahl 16:43
  349. Nahl 16:44
  350. Nahl 16:45
  351. Nahl 16:46
  352. Nahl 16:47
  353. Nahl 16:48
  354. Nahl 16:49
  355. Nahl 16:50
  356. Nahl 16:51
  357. Nahl 16:52
  358. Nahl 16:53
  359. Nahl 16:54
  360. Nahl 16:55
  361. Nahl 16:56
  362. Nahl 16:57
  363. Nahl 16:58
  364. Nahl 16:59
  365. Nahl 16:60
  366. Nahl 16:61
  367. Nahl 16:62
  368. Nahl 16:63
  369. Nahl 16:64
  370. Nahl 16:65
  371. Nahl 16:66
  372. Nahl 16:67
  373. Nahl 16:68
  374. Nahl 16:69
  375. Nahl 16:70
  376. Nahl 16:71
  377. Nahl 16:72
  378. Nahl 16:73
  379. Nahl 16:74
  380. Nahl 16:75
  381. Nahl 16:76
  382. Nahl 16:77
  383. Nahl 16:78
  384. Nahl 16:79
  385. Nahl 16:80
  386. Nahl 16:81
  387. Nahl 16:82
  388. Nahl 16:83
  389. Nahl 16:84
  390. Nahl 16:85
  391. Nahl 16:86
  392. Nahl 16:87
  393. Nahl 16:88
  394. Nahl 16:89
  395. Nahl 16:90
  396. Nahl 16:91
  397. Nahl 16:92
  398. Nahl 16:93
  399. Nahl 16:94
  400. Nahl 16:95
  401. Nahl 16:96
  402. Nahl 16:97
  403. Nahl 16:98
  404. Nahl 16:99
  405. Nahl 16:100
  406. Nahl 16:101
  407. Nahl 16:102
  408. Nahl 16:103
  409. Nahl 16:104
  410. Nahl 16:105
  411. Nahl 16:106
  412. Nahl 16:107
  413. Nahl 16:108
  414. Nahl 16:109
  415. Nahl 16:110
  416. Nahl 16:111
  417. Nahl 16:112
  418. Nahl 16:113
  419. Nahl 16:114
  420. Nahl 16:115
  421. Nahl 16:116
  422. Nahl 16:117
  423. Nahl 16:118
  424. Nahl 16:119
  425. Nahl 16:120
  426. Nahl 16:121
  427. Nahl 16:122
  428. Nahl 16:123
  429. Nahl 16:124
  430. Nahl 16:125
  431. Nahl 16:126
  432. Nahl 16:127
  433. Nahl 16:128

Yusuf 12:1

(අලිෆ්, ලාම්, රා) මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. මෙම සූරාවෙහි පහළ කරනු ලැබූ මෙම පාඨ පැහැදිලි සංඥාවන් අන්තර්ගතව ඇති පැහැදිළි කුර්ආනයේ පාඨ වේ.

Yusuf 12:2

අරාබිවරුනි! නුඹලා අල් කුර්ආනය වටහා ගත හැකි වනු පිණිස සැබැවින් අපි අල් කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු.

Yusuf 12:3

අහෝ දූතය! මෙම අල් කුර්ආනය නුඹ වෙත පහළ කිරීම තුළින් ඉතා අලංකාර ලෙස එහි සත්යතාව පදනම් කර ගනිමින් හා එහි වචන හා සාහිත්යය නිවැරදි ලෙස හසුරුවමින් නුඹ වෙත අපි මෙම කතා වස්තු පවසන්නෙමු. තවද සැබැවින්ම මෙය පහළ කිරීමට පෙර නුඹ මෙම කතාන්තර ගැන සැලකිලිමත් නොවීය. එමෙන්ම ඒ පිළිබඳ දැනුමක් ද නුඹට නොවීය

Yusuf 12:4

අහෝ දූතය! යූසුෆ් තුමා තම පියාණන් යඃකූබ් සමග කතා කළ අවස්ථාව අපි නුඹට මෙසේ පවසමු. “මාගේ පියාණනි! සැබැවින්ම මා සිහිනෙන් ග්රහ තාරකා එකොළහක් දුටුවෙමි. එමෙන්ම හිරු හා සඳු ද දුටුවෙමි. ඒ සෑම එකක්ම මට හිස නමනු ද දුටුවෙමි." මෙය යූසුෆ් අලයිහිස් සලාම් තුමාට කල් ඇතිව දැනුම් දුන් සුබ පණිවිඩයක හීනයක් විය.

Yusuf 12:5

යඃකූබ් තුමා තම පුතු යූසුෆ්ට, "මාගේ පුතණුවනි! නුඹේ සිහිනය නුඹ නුඹේ සහෝදරයින්ට සිහිපත් නොකරනු. එවිට ඔවුන් එය වටහා ගෙන නුඹට ඊර්ෂ්යා කරති. ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හේතුවෙන් නුඹට කුමන්ත්රණක් ද සැලසුම් කරනු ඇත. සැබැවින්ම ෂෙයිතාන් මිනිසුන්ට පැහැදිලි සතුරෙකි.

Yusuf 12:6

අහෝ යූසුෆ්! නුඹ එම සිහිනය දුටුවාක් මෙන් නුඹේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන සිහිනවලට පලාඵල කීමේ දැනුම නුඹට ඔහු උගන්වනු ඇත. නුඹට පෙර සිටි නුඹේ පියවරුන් දෙපොළක් වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහුගේ ආශිර්වාදය පූර්ණ කළාක් මෙන්ම නුඹ වෙත ද දූත මෙහෙයේ ආශිර්වාදය ඔහු පූර්ණ කරනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති ඔහුගේ මැවීම් පිළිබඳ මැනවින් දන්නාය. ඒවා සැළසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Yusuf 12:7

යූසුෆ්ගේ කතාවෙහි සහ ඔහුගේ සහෝදරයින්ගේ කතාවෙහි ඒ ගැන විමසා සිටින්නන්හට පාඩමක් හා උපදේශන විය.

Yusuf 12:8

ඔහුගේ සහෝදරයින් ඔවුන් අතර කතා කර ගන්නා අවස්ථාවේ, "අපි නියමිත සංඛ්යාවකින් යුත් කණ්ඩායමක් ලෙස සිටියදී, අපගේ පියාණන්ට යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයා අපට වඩා ප්රිය මනාප වී ඇත. අපට වඩා ඔවුන් දෙදෙනා උසස් වනුයේ කෙසේද? අපට මතුපිටින් පෙනෙන කිසිදු සාධකයක් නොමැති ව අපට වඩා ඔවුන් දෙදෙනා ඔහු උසස් ලෙස සලකන අවස්ථාවේ සැබැවින්ම ඔහු පැහැදිලි වරදක සිටිනු අපි දකින්නෙමු." යැයි කීහ.

Yusuf 12:9

"නුඹලා යූසූෆ් ව මරා දමනු. එසේ නැතහොත් මහපොළොවේ අන්තයක ඔහු ව අවතැන් කරනු. එවිට නුඹලාගේ පියාණන්ගේ අවධානය නුඹලා වෙත පමණක් ඇති වී ඔහු නුඹලාට පූර්ණ ලෙස ප්රිය කරනු ඇත. නුඹලා ඔහු ඝාතනය කිරීමට හෝ ඔහුව අවතැන් කිරීමට හෝ ඉදිරිපත් වීමෙන් පසු නුඹලාගේ පාපය සඳහා නුඹලා පශ්චාත්තාප වී සිටින්නෙහු නම් නුඹලා දැහැමි පිරිසක් බවට පත් වනු ඇත."

Yusuf 12:10

සහෝදරයින් අතරින් කෙනෙකු, "නුඹලා ඔහු ගැන පවසන දෑහි තිරසාර ලෙස සිටින්නෙහු නම්, නුඹලා යූසුෆ් ව ඝාතනය නොකරනු. ඒ වෙනුවට ඔහු ව ළිං පතුලකට විසි කරනු. එවිට ඒ අසළින් ගමන් කරන මගීන් කිසිවෙකු හෝ ඔහු රැගෙන යනු ඇත. මෙය ඔහු ව ඝාතනය කිරීමට වඩා අවම හිංසනයකි." යැයි පැවසීය.

Yusuf 12:11

ඔහු ව දුරස් කිරීමට ඔවුහු එකඟ වූ කල්හි, ඔවුහු ඔවුන්ගේ පියාණන් යඃකූබ්ට, "අහෝ අපගේ පියාණනි! යූසුෆ් ආරක්ෂා කරන්නන් ලෙස ඔබ අප පත් නොකරන්නට ඔබට කුමක් වී ද? සැබැවින්ම අපි ඔහුට සෙනෙහස දක්වමු. ඔහුට හානි කරන දෑ ගැන අවධානයෙන් සිටිමු. ඔහු නැවත ඔබ වෙත සුරක්ෂිත ව පැමිණෙන තෙක් ආරක්ෂාවෙන් හා අවදානයෙන් සිටිනු පිණිස අපි ඔහුට උපදෙස් දෙන්නෙමු. මෙසේ තිබියදීත් ඔහු අප සමග එවීමෙන් ඔබ ව වළක්වාලීයේ කුමක් ද?" යැයි පැවසුහ.

Yusuf 12:12

ආහාර භෝජන භුක්ති විඳින්නටත් විනෝද වන්නට හෙට දින අපි ඔහුව රැගෙන යන්නට ඔබ අපට අවසර දෙන්න. ඔහුට ඇති වන සෑම උවදුරකින්ම සැබැවින්ම අපි ඔහු ආරක්ෂා කරන්නන් වෙමු.

Yusuf 12:13

යඃකූබ් (අලයිහිස් සලාම්)තුමා තම දරුවන්හට, "නුඹලා ඔහු රැගෙන යාම සැබැවින්ම මා දුකට පත් කරනු ඇත. ඊට හේතුව ඔහුගෙන් වෙන්වීම මාහට ඉවසිය නොහැක්කකි. නුඹලා කෙළි සෙල්ලම් කරන විට ඔහු ගැන නුඹලා නොසැලකිලිමත්භාවයෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බියවෙමි." යැයි පැවසිය.

Yusuf 12:14

ඔවුහු තම පියාණන්ට, "අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී වෘකයා යූසුෆ් ව කා දැමුවේ නම් සැබැවින්ම අපි එම තත්ත්වයේ අප අතර කිසිදු යහපතක් දැකිය නොහැක. අපි ඔහුව වෘකයාගෙන් නොවැළැක්වූයේ නම් අපි පරාජිතයින් වෙමු." යැයි පැවසූහ.

Yusuf 12:15

යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් සමග ඔහුව එවීය. ඔහු රැගෙන දුරට ගිය කල්හි, ළිං පතුළට ඔහු හෙළන්නට ඔවුන් අධිෂ්ඨාන කර ගත්තෝය. එම තත්ත්වයේ, "ඔවුන්ගේ මෙම ක්රියාව හේතුවෙන් ඔවුන් පරීක්ෂාවට ලක් කෙරේ. නුඹ ගැන ඔවුනට දන්වා සිටින පසුබිමක නුඹ යන වග ඔවුනට නොහැඟේ." යැයි අපි යූසුෆ්ට දේව පණිවිඩ එව්වෙමු.

Yusuf 12:16

යූසුෆ්ගේ සහෝදරයින් රාත්රි සමයේ තම කුමන්ත්රණය ප්රවර්ධණය කොට හඬමින් තම පියාණන් වෙත පැමිණියෝය.

Yusuf 12:17

"අපගේ පියාණනි! දුව (පැන) තරඟ වදිමින් හා හී එල්ල කරමින් අපි ගියෙමු. අපගේ ඇඳුම් හා භාණ්ඩ ආරක්ෂා කරනු පිණිස අපි යූසුෆ්ව ඒ සමග නතර කළෙමු. එවිට වෘකයා ඔහු කා දැමුවේය. ඔබ අප විශ්වාස නොකරනු ඇත. නමුත් අපි ඔහු ගැන කවර තොරතුරක් ඔබට දන්වා සිටියේ ද ඒ ගැන අපි සත්යවන්තයින් වෙමු" යැයි පැවසූහ.

Yusuf 12:18

කූට ලෙස සැලසුම් කළ ඔවුන්ගේ පුවත ඔවුන් තහවුරු කරන්නට බැලුවෝය. යූසුෆ්ගේ කමිසයට ඔහුගේ ලේ නොව වෙනත් ලේ ගල්වා ගෙනැවිත්, "සැබැවින්ම මෙය වෘකයා කා දැමූ සළකුණැ"කැයි යඃකූබ්ට සිතන්නට සැලැස්වීය. නමුත් සැබැවින්ම කමිසය ඉරී නොතිබීම හේතුවෙන් ඒ ගැන කල්පනා කොට ඔවුන් පවසනුයේ බොරු යැයි යඃකූබ් තුමාට වැටහිණ. පසු ව එතුමා ඔවුනට, "නුඹලා මට දන්වා සිටියාක් මෙන් කරුණ නොපවතී. නුඹලා ඔහුට කළ නපුරු ක්රියාව නුඹලා විසින්ම විචිත්රවත් කර පවසන්නෙහුය. මාගේ විෂයය වන්නේ කලබල නොවී අලංකාර ලෙස ඉවසීමය. යූසුෆ්ගේ විෂය ගැන නුඹලා මෙනෙහි කරමින් සිටි දෑ සඳහා මම අල්ලාහ්ගෙන් උපකාර පතමි." යැයි පැවසීය.

Yusuf 12:19

තවලමක් ඒ අසළට පැමිණියේය. ඔවුහු තමන් වෙනුවෙන් ජලය සෙයා එන මෙන් ඉල්ලා පුද්ගලයෙකු එවූහ. ඔහු පනිට්ටුව ළිඳ ට දැම්මේය. යූසුෆ් කඹයේ එල්ලෙන්නට විය. එය ළිඳ ට යැවූ පුද්ගලයා එය දැක සතුටින්, "මෙම දරුවා ශුභාසංශනයකි." යැයි පවසා ඔවුන්ගේ භාණ්ඩ සමග ඔහු ව සඟවා ගත්තේය. තවලමේ සෙසු සගයින් සැබැවින්ම ඔහු වෙළෙඳ භාණ්ඩයක් ලෙස සිතුවෝය. ඔවුන් යූසුෆ් තුමාට සිදු කළ අකටයුතුකම් හා විකුණා දැමීම සම්බන්ධයෙන් අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

Yusuf 12:20

රැගෙන ආ පුද්ගලයා හා ඔහුගේ සගයින් ඉතා සුළු මිලකට මිසරයේ දී -ඊජිප්තුවේ දී- ඔහු ව විකුණා දැමීය. එය ඉතා සුළු දිර්හම් කිහිපයකටය. සැබැවින්ම ඔහු වහලෙක් නොවන බව ඔවුන් දැන සිටි බැවින් හා තමන්ට ඔහුගේ පවුලෙන් උවදුරක් සිදුවේවි යන බිය නිසාවෙන්, ඉතා ඉක්මණින්ම ඔහුගෙන් මිදීමට කැමති වූ බැවින්, ඔහුගෙන් දුරස් වන්නට බැලූහ. ඔවුන් සමග දිගු කලක් රැදෙන්නට නොදීම අල්ලාහ් ඔහු කෙරෙහි දැක් වූ පූර්ණ ආශිර්වාදයකි.

Yusuf 12:21

ඊජිප්තුවේ ඔහු ව මිලට ගත් පුද්ගලයා තම බිරියට, "ඔහු සමග යහපත් ලෙස කටයුතු කරන්න. ඔහුගේ ස්ථානය අප සමගම තබා ඔහුව රැකබලා ගන්න. අපට අවශ්ය වූ වේලාවක භාවිත කිරීම සඳහා අපට ඔහු ප්රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපි ඔහු දරුවෙකු සේ හදාවඩා ගනිමු" යැයි පැවසීය. යූසුෆ් ව ඝාතනය කිරීමෙන් අපි ඔහු මුදවාගත් සේම, ඔහු ව ලිඳෙන් ගොඩට ගත් සේම, මිසරයේ අපි ඔහුට ජීවත් වන්නට ඉඩ සැලසුවෙමු. හීනයේ යථාර්ථය අපි ඔහුට උගන්වන්නෙමු. අල්ලාහ් තම නියෝගය ක්රියාත්මක කිරීමට බලය දරන්නාය. එහෙයින් ඔහුගේ නියෝගය ක්රියාත්මක වන්නකි. සුවි ශුද්ධ අල්ලාහ්ට කිසිදු බාධා කරන්නෙකු නැත. නමුත් බහුතරයක් දෙනා (අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්) එය වටහා නොගනිති.

Yusuf 12:22

ශරීරය මනා ලෙස වැඩුණු පරිණතභාවයට පත් වූ කල්හි වටහා ගැනීමේ හැකියාව හා දැනුම අපි ඔහුට පිරිනැමුවෙමු. කවර තිළිණයක් අපි ඔහුට පිරිනැමුවේද ඒ හා සමාන තිළිණ අල්ලාහ් වෙනුවෙන් ගැතිකම් කරන දැහැමියන්ට ද අපි පිරිනමන්නෙමු.

Yusuf 12:23

අසීස්ගේ බිරිය ඉතා ලෙන්ගතුකමින් කුමන්ත්රණශීලී ව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා සමග අශීලාචාරව හැසිරෙන්නට ඔහුට ඇරයුම් කළාය. ඔවුන් හුදකලාවේ සිටිය දී දොරවල් වසා දැම්මාය. ඇය ඔහුට, "එන්න, මා වෙත ළංවෙන්නැ"යි පැතුවාය. එවිට යූසුෆ් තුමා, "නුඹ කවර කරුණක් වෙත මා ඇරයුම් කරන්නීද මම ඒ ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂා ව පතමි. සැබැවින්ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය ඔහු වෙත තබා මා සමග දැහැමි ලෙස කටයුතු කර ඇත්තාහ. එහෙයින් මම කිසිවිටෙක ඔහුට වංචාවක් නොකරමි. එසේ මම ඔහුට වංචාවක් කළේ නම් මා අපරාධකරුවෙකු බවට පත් වෙමි. නියත වශයෙන්ම අපරාධකාරී ජනයා ජය නොලබති" යැයි පැවසීය.

Yusuf 12:24

අශීලාචාර ක්රියාවට සැබැවින්ම ඇය ආශා කළාය. එය ඔහුට බරපතල වරදක් විය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සංඥාවන් නොදුටුවේ නම් එයින් ඔහු වළක්වා ඔහු ව දුරස් කරන්නට කිසිවකට නොහැකි වන්නේය. ඔහුගෙන් නපුර ඉවත් කරනු වස් අපි එය ඔහුට පෙන්වූයෙමු. දුරාචාරයෙන් හා වංචාවෙන් අපි ඔහු දුරස් කළෙමු. සැබැවින් යූසුෆ් දූත මෙහෙය හා නබිත්වය සඳහා තෝරාගත් අපගේ ගැත්තන් අතරින් කෙනෙකි.

Yusuf 12:25

යූසුෆ් තමන් ආරක්ෂා කර ගැනීමටත්, ඇය ඔහු පිට ව යෑමෙන් වැළැක්වීමටත් ඔවුන් දෙදෙනාම දොරටුව දක්වාම තරඟ වැදුණහ. ඔහු පිටතට යෑමෙන් වැළැක්වීම සඳහා ඇය ඔහුගේ කමිසය අල්ලා ගත්තාය. එය පසුපසින් ඉරී ගියේය. ඇයගේ ස්වාමියා දොරකඩ අසළ ඔවුන් දෙදෙනාව දුටුවේය. අසීස්ගේ බිරිය අසීස් දෙස බලා වංචනික ව, "අහෝ අසීස්! ඔබේ බිරිය සමග අශීලාචාර ක්රියාවකට තැත් කළ අයගේ දඬුවම සිරගත කිරීම හෝ වේදනීය දඬුවමකින් දඬුවම් කිරීම හෝ හැර වෙනත් දඬුවමක් තිබිය හැකි දැ?"යි විමසා සිටියාය.

Yusuf 12:26

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, "අශීලාචාර කටයුත්ත සඳහා මට ඇරයුම් කළේ ඇයයි. ඒ සඳහා මම ඇයව අපේක්ෂා නොකළෙමි. පසුව ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු නැගී සිට එතුමා කළ ප්රකාශයට සාක්ෂි ඉදිරිපත් කළේය. "යූසුෆ්ගේ කමිසය ඉදිරිපසින් ඉරී ඇත්නම් එය ඇයගේ සත්යභාවය තහවුරු කරන්නකි. ඊට හේතුව ඇය ඔහුගෙන් වැළකෙන්නට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන හෙයිනි. එසේ වී නම් ඔහු බොරුකාරයෙකු වෙයි."

Yusuf 12:27

ඔහුගේ කමිසය පසුපසින් ඉරී ඇත්නම් එය ඔහුගේ සත්යභාවය තහවුරු කරන්නකි. ඊට හේතුව ඇය තැත්කරන විට ඔහු ඇයගෙන් පළායන්නට උත්සාහ දරා ඇති බව පෙන්වා දෙන හෙයිනි. එසේ නම් බොරුකාරිය වන්නේ ඇයයි.

Yusuf 12:28

යූසුෆ්ගේ කමිසය පිටුපසින් ඉරී තිබෙනු අසීස් දුටු කල්හි, යූසුෆ්ගේ සත්යභාවය ඔහුට සනාත විය. "අහෝ කාන්තාවනි! සැබැවින්ම නුඹලා ඔහුට කළ අවලාදය නුඹලාගේ උපයා මාර්ගයකි. සැබැවින්ම නුඹලාගේ උපායයන් බලවත් වන්නේය." යි පැවසුවේය.

Yusuf 12:29

ඔහු යූසුෆ්ට, "අහෝ යූසුෆ්! නුඹ මෙම කරුණ නොසලකා හරින්න. කිසිවෙකුට මෙය නොපවසන්නැ"යි පවසා ඇයට, "නුඹේ පාපය සඳහා නුඹ සමාව අයැද සිටිනු. සැබැවින් නුඹ යූසුෆ් සමග වැරදි ලෙස හැසිරෙන්නට තැත් කළ හේතුවෙන් නුඹ පාපතරයින් අතරට පත් ව ඇතැ"යි පැවසීය.

Yusuf 12:30

ඇයගේ මේ සිද්ධිය නගරය පුරා පැතිරිණ. කාන්තාවන් අතර පිරිසක් එය හෙළා දකිමින්, "අසීස්ගේ බිරිය ඇයගේ වහලා ඇය වෙත ඇරයුම් කර ඇත්තාහ. ඔහුගේ ආදරය ඇයගේ හදවතේ ඇල්මක් ඇති කර ඇත. ඔහු ඇයගේ වහලෙකු ලෙස සිටිය දී ඔහු කෙරෙහි පමණක් ඇය ආදරය කර ඔහුව (කාමයේ වරදවා හැසිරීමට) තැත් කළ හේතුවෙන් ඇය පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුවෝය.

Yusuf 12:31

අසීස්ගේ බිරිය, තමන්ට එරෙහි ව ඔවුන්ගේ හෙළා දැකීම හා ඔවුන් කළ චෝදනාවට සවන් දුන් කල්හි, ඔවුන් යූසුෆ් ගැන දැන, තමන් වෙත නිදහසට කරුණු පෙන්වීම සඳහා ඔවුන් කැඳවා එනමෙන් ඇරයුම් කළාය. ඔවුන්ගේ ස්ථානයේ මෙට්ට හා කොට්ට ද සූදානම් කර තැබීය. චෝදනා කළ සෑම කාන්තාවකටම ආහාර කැපීම සඳහා පිහියක් ද අතට දුන්නාය. පසුව ඇය යූසුෆ්ට, "‘ඔබ ඔවුන් ඉදිරියට යනු" යැයි පැවසුවාය. ඔවුන් ඔහු දුටු කල්හි ඔහු ගැන අගය කොට කතා කරන්නට වූවෝය. ඔහුගේ අලංකාරය හේතුවෙන් තිගැස්සී ගියෝය. ඔහුගේ අලංකාරය ගැන මවිතයට පත් වූවෝය. ඔවුන් දැඩි ලෙස මවිතයට පත් ව සිටි බැවින් ආහාර භෝජන කැපීම සඳහා සූදානම් කර තැබූ පිහිවලින් ඔවුන්ගේ අත් තුවාල කර ගත්හ. තවද "අල්ලාහ් සුවිශුද්ධය, මෙම දරුවා මිනිසෙකු නොවේ. ඔහු තුළ තිබූ අලංකාරය මිනිසුන් තුළ දකින්නට පුළුවන් කමක් නැත. ඔහු ගෞරවනීය දේව දූතයින් අතර සිටින සම්භාවනීය දූතයකු මිස නැත." යැයි පවසා සිටියහ.

Yusuf 12:32

අසීස්ගේ බිරිය ඔවුනට අත් වූ ඉරණම දුටු කල්හි, ඇය, "ඔහු කෙරෙහි මා පෙමින් බැඳුණු හේතුවෙන් නුඹලා මට දොස් නගා සිටි තරුණයා මොහුය. මම ඔහු ව පැතුවෙමි. ඔහු රවටා ග්රහණය කරන්නට බැලුවෙමි. නමුත් ඔහු වැළකී සිටියේය. ඉදිරියේදී මා පතන දෑ ඔහු සිදු නොකළේ නම් මම ඔහු සිරගෙයට යවමි" යැයි පැවසුවාය. (අවසානයේ) ඔවුහු යටහත් පහත් වූහ.

Yusuf 12:33

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා තම පරමාධිපති වෙත ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! කවර අශිලාචාර ක්රියාවකට ඔවුන් ඇරයුම් කර සිටින්නේ ද එයට වඩා ඔවුන් මට තර්ජනය කරන සිරගෙය මට ප්රිය මනාපය. ඔවුන්ගේ කුමන්ත්රණයෙන් නුඹ මා බැහැර නොකළේ නම් මා ඔවුන් වෙත නැඹුරුවන්නට සිදු වනු ඇත. එසේ මා ඔවුන් වෙත නැඹුරු වී ඔවුන් පතන දෑට මා ඔවුනට යටත් වූයේ නම් මා අඥානයින් අතරට පත් වෙමි." යැයි පැවසීය.

Yusuf 12:34

ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. අසීස්ගේ බිරිඳගේ කුමන්ත්රණයෙන් හා නගරයේ විසූ කාන්තාවන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ඔහු ව මුදවා ගත්තේය. සැබැවින්ම උත්තරීතර ඔහු යූසුෆ්ගේ ප්රාර්ථනාවට හා ඔහුගෙන් ප්රාර්ථනා කරන සෑම කෙනෙකුගේ ප්රාර්ථනාවන්ට සවන් දෙන්නාය. ඔහුගේ තත්ත්වය හා සෙසු අයගේ තත්ත්වයන් පිළිබඳ ඔහු සර්වඥානීය.

Yusuf 12:35

අනතුරුව එතුමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන සාක්ෂි හා සාධක අසීස් හා ඔහුගේ පිරිස දුටුව ද - ඔවුනට අත්වන අපකීර්තිය හෙළි නොවන පරිදි - නියම නොකළ කාලයක් දක්වා ඔහු ව සිරගත කිරීම ඔවුහු අදහස් කළෝය.

Yusuf 12:36

පසුව ඔවුහු ඔහු ව සිරගත කළෝය. ඔහු සමග තවත් ගැටවරයන් දෙදෙනෙකු සිරගෙයට පිවිසුණහ. එම ගැටවරයින් දෙදෙනාගෙන් එක් අයකු යූසුෆ්ට: ‘සැබැවින්ම මම මිදි පෙරා මත්ද්රව්ය නිශ්පාදනය කරන සිහිනයක් දුටිමි’ යැයි පැවසුවේය. දෙවැන්නා: ‘සැබැවින්ම මම මාගේ හිසට ඉහළින් රොටියක් උසුලාගෙන යමින් සිටිය දී එය පක්ෂීන් විසින් අනුභව කරන සිහිනයක් දුටිමි යැයි පැවසීය. අපි දුටු සිහිනයන් පිළිබඳ විස්තර අපට දන්වා සිටිනු. සැබැවින්ම නුඹ දැහැමියන් අතර සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුහ.

Yusuf 12:37

යූසුෆ් තුමා, "රජුගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් නුඹලා වෙත පැමිණිය යුතු ආහාර නුඹලා වෙත නොපැමිණෙන නමුත් නුඹලා දෙදෙනා වෙත ඒවා පැමිණීමට පෙර එහි යථාර්ථය හා එහි ආකාරය පිළිබඳ මම නුඹලා දෙදෙනාට විස්තර කරමි. මා දැනගෙන නුඹලා දෙදෙනාට දැනුම් දුන් යථාර්ථයන් මාගේ පරමාධිපති මට ඉගැන්වූ මිස හූනියම්කරුවන්ගෙන් හෝ තාරකා සාස්ත්ර පවසන්නන්ගෙන් නොවේ. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත සැබැවින්ම මම අත හැරියෙමි. ඔවුන් පරමාන්ත දිනය පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති." යැයි පැවසීය.

Yusuf 12:38

මම මාගේ මුතුන්මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ දහම් පිළිවෙත අනුගමනය කළෙමි. එය අල්ලාහ්ගේ ඒකීයත්වයේ දහම් පිළිවෙතයි. අල්ලාහ්ට වෙනත් කෙනෙකු ආදේශ කිරීම අපට සුදුසු නැත. ඔහු ඒකීයත්වය පදනම් කරගත් ඛේවලය. මා හා මාගේ මුතුන් මිත්තන් සිටි තව්හීද් හෙවත් ඒකීයත්වය හා ඊමාන් හෙවත් දේව විශ්වාසය වනාහි අප වෙත පිරිනමන ලද අල්ලාහ්ගෙන් වූ භාග්යකි. අපි එය ආශිර්වාදයක් ලෙස ගනිමු. එමෙන්ම එය, ඒ සමගම නබිවරුන් එවීමෙන් සමස්ත ජනයා වෙත පිරිනැමූ ඔහුගෙන් වූ භාග්යකි. නමුත් ජනයා අතරින් බොහෝ දෙනා අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කතඥපූර්වක නොවෙති. ඔවුහු ඔහුට ගුණමකු වෙති.

Yusuf 12:39

පසුව සිරගත වූ ගැටවරයින් දෙදෙනා සමග යූසුෆ් කතා කළේය: "විවිධ දෙවිවරුන්ට ගැතිකම් කිරීම උතුම් වන්නේ ද එසේ නැතහොත් කිසිදු හවුල් කරුවකු නැති කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සියල්ල මත අබිබවනීය එකම දෙවිඳුන්ට ගැතිකම් කොට නැමදීම උතුම් වන්නේ ද?යැයි ඇසීය.

Yusuf 12:40

අල්ලාහ් හැර නුඹලා නමදිනුයේ නිර්නාමික නාමයන් මිස නැත. ඒවාට දෙවිවරුන් ලෙස නම් තැබුවේ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන්ය. ඒවාට දේවත්වයේ කිසිදු කොටසක් නැත. නුඹලා ඒවාට නම් තැබූ පමණින් ඒවා නිවැරදි බවට පෙන්වා දෙන කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. සමස්ත මැවීම් අතර පිහිටන තීන්දු ව අල්ලාහ්ට පමණක් මිස නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් නම් තැබූ දෑට සතු වන්නේ නැත. නැමදුමෙන් ඔහු ඒකීයත්වයට පත් කරන මෙන් සුවිශුද්ධ අල්ලාහ් නියෝග කර ඇත. ඔහු සමග කිසිවකු ආදේශ කිරීම තහනම් කර ඇත. එම ඒකීයත්වයේ පදනම් කිසිදු ඇදයක් නැති ඍජු දහම වේ. නමුත් මිනිසුන් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති. ඒ හේතුවෙන් ඔවුහු අල්ලාහ්ට ආදේශ කරමින් ඔහුගේ ඇතැම් මැවීම්වලට නැමදුම් කරති.

Yusuf 12:41

‘අහෝ සිරගත මාගේ මිතුරන් දෙදෙන! තමන් අතර මද්යසාර බවට පත් වන තෙක් මිදි පෙරන බවට සිහින දුටු අය වනාහි, සැබැවින් ඔහු සිරගෙයින් නිදහස් වන අතර ඔහුගේ එම රැකියාව වෙත ඔහු නැවත යොමු වෙයි. රජුටත් පානය කිරීමට පෙරා දෙයි. නමුත් තම හිසට ඉහළින් රොටියක් ඔසවාගෙන යන විට පක්ෂීන් එයින් අනුභව කිරීම සිහිනෙන් දුටු අය වනාහි සැබැවින්ම ඔහු ඝාතනය කරනු ලැබ කුරුසියේ දමා ඇණ ගසනු ලබයි. ඔහුගේ හිසේ ඇති මාංශ පක්ෂීන් විසින් කා දමති. සිහිනය සඳහා පලාපළ කියන මෙන් නුඹලා දෙදෙනා ඉල්ලා සිටි විෂය අවසන් විය. එය පූර්ණ විය. කිසිදු සැකයකින් තොර ව එය සිදුවන්නෙකි.’ යැයි යූසුෆ් පැවසීය.

Yusuf 12:42

සැබැවින්ම ඔවුන් දෙදෙනා අතර ජය ලබන බව අනුමාන කළ තැනැත්තාට - ඔහු රජුට මද්යසාර සපයන්නාය- යූසුෆ් මෙසේ කීය, "මාගේ කාරණාව හා මාගේ කතා ව රජු අබියස මෙනෙහි කරනු. ඔහු මා සිරගෙයින් බැහැර කරන්නට පුළුවන." නමුත් යූසුෆ් ගැන රජු ඉදිරියේ මෙනෙහි කිරීමට මත්පැන් පෙරන්නාට ෂෙයිතාන් අමතක කළේය. ඉන් පසුව ද යූසුෆ් වසර ගණනාවක් සිරගෙහි රුඳී සිටියේය.

Yusuf 12:43

රජු, "සැබැවින්ම මම සිහිනෙන් පුෂ්ටිමත් ගවයන් සත් දෙනෙකු දුටුවෙමි. වැහිරී ගිය තවත් ගවයින් සත් දෙනෙකු විසින් උන් කා දමමින් සිටියේය. එමෙන්ම සාරවත් කරල් හතක් සහ වියැළුණු කරල් හතක් ද දුටුවෙමි. අහෝ නායකයිනි! ප්රභූවරුනි! සිහින වලට පලාපල කීමේ දැනුමැත්තන් ලෙස නුඹලා සිටින්නෙහු නම් මේ මාගේ සිහිනයේ යථාර්ථය පිළිබඳ තොරතුරු මා හට දන්වනු" යැයි පැවසීය.

Yusuf 12:44

ඔවුහු,"ඔබ දුටු සිහින අවුල් වූ සිහින වෙති. එය එලෙසින්ම පිහිටා නැති බැවින් ඒ සඳහා පළාපල කීමට අපට නොහැක. මිශ්ර සිහිනවල යථාර්ථයන් පැවසීමේ දැනුමැත්තන් ලෙස අප නැත." යැයි පැවසූහ.

Yusuf 12:45

සිරගත ගැටවරයින් දෙදෙනාගෙන් ජය ලැබූ මත් පැන් පෙරන්නාට දිගු කලකට පසුව යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාණන් ගැනත් එතුමා හීනවල යථාර්තය පැවසීමේ දැනුම ඇති බවත් මතක් වී මෙසේ පැවසීය. "රජු දුටු හීනය ගැන හීනවලට පලාපල කීමට දැනුමැති අයගෙන් විමසා ඒ ගැන තොරතුරු මම නුඹලාට දන්වා සිටින්නම්. අහෝ රජතුමනි! ඔබේ සිහිනයට කරුණු දැන ගැනීම සඳහා යූසුෆ් වෙත මා එවනු මැනව!" යැයි පැවසීය.

Yusuf 12:46

එසේ ජයගත් තැනැත්තා යූසුෆ් වෙත ගොස්, "අහෝ මාගේ මිතුර යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් සත් දෙනෙකු ද වැහිරී ගිය තවත් ගවයින් සත් දෙනෙකු උන් කා දැමීම ද සාරවත් කරල් හතක් සහ වියැළුණු කරල් හතක් ද සිහිනෙන් දුටු අයගේ සිහින පලාපල කෙසේ විය හැකි දැයි මා හට දන්වන්න. මම රජු හා ඔහු අසළ සිටින්නන් වෙත හැරීගොස් රජුගේ සිහිනයේ යථාර්ථය ඔවුන් වෙත දැනගන්නට සැලැස්වීමෙන් ඔබේ මහිමය හා ඔබේ නිලය පිළිබඳ ඔවුන් දැනගන්නට හැකි වනු ඇතැ" යි පැවසීය.

Yusuf 12:47

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා එම සිහිනයට කරුණු දක්වමින්, "අඛණ්ඩ උත්සහයකින් වසර සතක් පුරාවටම නුඹලා ගොවිතැන් කරනු ඇත. මෙම වසර හත පුරාවටම වසරක් පාසා නෙළා ගන්නා අස්වැනු ආහාරය සඳහා අවශ්යවන ධාන්ය ස්වල්පයක් හැර ධාන්ය ක්ෂය වීමෙන් වැළැක්වීම සඳහා ඒවා එම කරල් සමගම තිබෙන්නට හරින්න." යැයි පැවසීය.

Yusuf 12:48

"නුඹලා වගා කල මෙම සෞභාග්යමත් වසර හතෙන් පසු නියඟය සහිත වියළි වසර හතක් පැමිණෙනු ඇත. සාරවත් වසරවල නෙළා ගත් දැයින් එම කාලවල ජනයා අනුභව කරනු ඇත. නමුත් වැපිරීම සඳහා ස්වල්පයක් නුඹලා ආරක්ෂා කර ගත යුතු වේ."

Yusuf 12:49

අනතුරුව නියගයෙන් යුත් වසර කිහිපය අවසන් වූ පසු වර්ෂාව පහළ වන වසර පැමිණෙනු ඇත. එහි වගාවන් හැට ගැනේ. මත් පැන් පෙරීම සඳහා අවශ්ය මිදි, අත්තික්කා හා උක්ගස් වැනි දෑ ජනයා උපයෝගි කර ගනිමින් මත් පැන් පෙරනු ඇත."

Yusuf 12:50

තමන් දුටු සිහිනය පිළිබඳ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා කළ විස්තරය රජුට දැනගන්නට ලැබූ කල්හි ඔහු තම සේවකයින් අමතා, "ඔහු ව සිරගෙයින් එලියට ගනු. ඔහු මා වෙත කැඳවා ගෙන එනු." යැයි පැවසීය. රජුගේ දූතයකු යූසුෆ් වෙත පැමිණි විට, එතුමා, "ඔබ ඔබේ ප්රධානී රජු වෙත ගොස් සිරගෙයින් මා පිටවීමට පෙර මාගේ නිර්දෝෂීභාවය ඔප්පු වන පරිදි තම අත් තුවාල කර ගත් කාන්තාවන්ගේ කතාව කුමක් දැ?යි විමසා සිටිනු. ඔවුන් මට කළ චෝදනාවන් පිළිබඳ සැබැවින්ම මාගේ පරමාධිපති සර්වඥය. ඔහුට කිසිවක් සැඟවිය නොහැක." යැයි කීය.

Yusuf 12:51

රජු එම කාන්තාවන් සමග කතා කරමින්, "නුඹලා සමග අශීලාචාර ලෙස කටයුතු කිරීම සඳහා යූසුෆ්ගෙන් නුඹලා කූට ලෙස ඇරයුම් කළ අවස්ථාවේ නුඹලාගේ කරුණ කුමක් වීද?" යැයි විමසීය. අසීස්ගේ බිරිඳ තමන් කළ වරද පිළිගෙන, "දැන් සත්ය හෙළි වී ඇත. ඔහුව පොළඹවන්නට තැත් කළේ මමයි. කිසිවිටෙක ඔහු මා පොළඹවන්නට තැත් කළේ නැත. ඔහු පිළිබඳ මම කවර චෝදනාවක් කළේ ද ඒ සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී යැයි ඉදිරිපත් කෙරන වාදයෙහි සැබැවින්ම ඔහු සත්යවාදියෙකු යැ"යි ඇය පැවසුවාය.

Yusuf 12:52

අසීස්ගේ බිරිය, "ඔහු පොළඹවා ගන්නා ලද්දේ මා විසින් යැයි ද සැබැවින්ම ඔහු සත්යවාදියෙකි. ඔහු නැති තැන කිසිවිටෙක ඔහු ගැන යමක් ගොතා පවසා නැතැයි ද ඔහු දැන ගනු පිණිසය. ඔහුට අත් වූ දෑ මට පැහැදිලිය. සැබැවින්ම අල්ලාහ් බොරු කරන්නන් හා කුමන්ත්රණ කරන්නන්ට ආශිර්වාද නොකරනු ඇත."යැයි පැවසුවාය.

Yusuf 12:53

අසීස්ගේ බිරිය තවදුරටත් ඇයගේ ප්රකාශයේ, "නපුර අපේක්ෂා කිරීම සම්බන්ධ ව මම මා ගැන පිවිතුරු යැයි නොකියමි. එමගින් මාගේ ආත්මය පිවිතුරු කිරීමට ද අපේක්ෂා නොකරමි. ඊට හේතුව මිනිස් සිත් ඒවා ආශා කරන දෑ හා ඉසිලිය නොහැකි දුෂ්කරතා වෙත අධික ලෙස නැඹුරු වෙති. නමුත් අල්ලාහ් ආශිර්වාද කළ ආත්මාවන් හැර. ඔහු ඒවා නපුරු කටයුතුවලින් ආරක්ෂා කරයි. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් පාපක්ෂමාව අයැද සිටින්නාට සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය." පැවසුවාය.

Yusuf 12:54

යූසුෆ්ගේ නිර්දෝෂීභාවය පැහැදිලි වී ඔහු ගැන දැනගත් කල්හි රජු තම සේවකයින් අමතා, "මට අවංක කෙනෙකු ලෙස මා ඔහු පත් කරනු වස් ඔහු මා වෙත රැගෙන එන්නැ"යි පැවසීය. එතුමා සමග කතා කළ කල්හි: එතුමාගේ බුද්ධිය හා දැනුම පිළිබඳ ඔහුට වැටහිණි. පසුව ඔහු එතුමාට, "අහෝ යූසුෆ්! සැබැවින්ම අද අප ඉදිරියේ ඔබට තත්ත්වයක් ඇත. එමෙන්ම විශ්වාස කරනු ලැබූ අයෙකු බවට ද පත් ව ඇත." යැයි පැවසිය.

Yusuf 12:55

"මිසර දේශයේ ආහාර හා භාණ්ඩාගාරයේ මුදල් ආරක්ෂා කිරීම සඳහා ඔබ මා පත් කරන්න. සැබැවින්ම මම විශ්වසනීය ආරක්ෂකයෙකි. එමෙන්ම ඔබ මට පරවන දෑ පිළිබඳ මම මනා දැනුමක් හා දැක්මක් ඇති කෙනෙකි" යැයි යූසුෆ් රජුට පවසා සිටියේය.

Yusuf 12:56

සිරගෙයින් නිදහස හා නිර්දෝෂීභාවය අපි යූසුෆ් වෙත පිරිනැමුවාක් මෙන්ම මිසර දේශයේ තමන් අභිමත කරන කවර තැනකට හෝ ගොඩවීමටත් එහි පදිංචි වීමටත් අපි ඔහුට ඉඩකඩ සලසා දුනිමු. අපගේ ගැත්තන් අතරින් අපි අභිමත කරන්නන් හට මෙලොවෙහිම අපගේ ආශිර්වාදයෙන් අපි පිරිනමන්නෙමු. දැහැමියන්ගේ තිළිණ අපි අහිමි නොකරන්නෙමු. ඒවා කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස ඔවුනට පිරිනමන්නෙමු.

Yusuf 12:57

අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නන් සඳහා හිමිවන මෙලොව තිළිණවලට වඩා මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති තිළිණ උතුම් වන්නේය.

Yusuf 12:58

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුන් සතු භාණ්ඩ රැගෙන මිසර දේශය වෙත පැමිණ එහි ගොඩ බැස්සෝය. එවිට නියත වශයෙන්ම ඔවුන් තම සහෝදරයින් බව ඔහු දැනගත් නමුත් දිගු කලක් ගත වූ බැවින් හා ඔහුගේ හැඩරුව වෙනස් වී ඇති බැවින් ඔහු තම සහෝදරයා බව ඔවුන් දැන ගත්තේ නැත. එමෙන්ම ඔවුහු ඔහු ළිඳට හෙළන විට කුඩා දරුවකු වූ බැවිණි.

Yusuf 12:59

ඔවුන් ඉල්ලා සිටි පරිදි ඔවුනට අවශ්ය ආහාර හා ඊට අමතර දෑ ද ඔහු ඔවුනට පිරිනැමූ කල්හි, තම පියාණන්ගෙන් වූ තවත් සහෝදරයෙක් සිටින බවත් ඔහු ව තම පියාණන් ළඟ තබා පැමිණි බවත් දන්වා සිටීමෙන් පසු ඔහු,"ඔබලාගේ පියාණන් ගෙන් වූ ඔබලාගේ සහෝදරයා ව මා වෙත ගෙන එන්න. මා ඔටුවෙක් බරට අධිකව නුඹලාට වස්තුව ලබා දෙන්නම්. කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස මා මැන දෙනු නුඹලා නොදුටුවෙහු ද? ආගන්තුකයින්ට සත්කාර කරන්නන් අතරින් මා විශිෂ්ඨයෙකු වෙමි." යැයි පවසා සිටියේය.

Yusuf 12:60

"නමුත් නුඹලා ඔහු මා වෙත රැගෙන නොආවෙහු නම්, සැබැවින්ම නුඹලාට පියාණන්ගෙන් වූ සහෝදරයෙක් සිටින බවට නුඹලා පවසන වාදයෙහි නුඹලා බොරුකාරයින් බව පැහැදිලි වනු ඇත. එවිට මම නුඹලාට ආහාර කිරා නොදෙමි. ඉන්පසු නුඹලා මාගේ දේශයට ළං නොවනු."

Yusuf 12:61

ඔහුගේ සහෝදරයෝ ඔහුට පිළිතුරු දෙමින්, "ඔහුගේ පියාණන්ගෙන් අපි ඔහු ඉල්ලා සිටින්නෙමු. ඒ සඳහා අපි උත්සාහ දරන්නෙමු. ඔබ අපට කවර නියෝගයක් කර ඇත්තේ ද කිසිදු අඩුවක් නොකර එය එලෙසින්ම සිදු කරන්නෙමු" යැයි පැවසූහ.

Yusuf 12:62

යූසුෆ් තම සේවකයින්ට මෙසේ පැවැසුවේය, "ඔවුන්ගේ භාණ්ඩ ඔවුන් වෙත නැවත දෙනු. ඔවුන් හැරී ගිය විට සැබැවින්ම අපි ඔවුනට කිසිවක් විකුණා නැතැයි ඔවුන් දැනගනු ඇත. මෙය දෙවැනි වරට ඔවුන් ඔවුන්ගේ සහෝදරයා සමග පැමිණීමට බල කළ අතරම, ඔවුන්ගේ සත්ය භාවය යූසුෆ්ට තහවූරු කරනු වස් හා ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගෙන් පිළිගනු වස් එසේ සිදු කරන ලදී.

Yusuf 12:63

ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත හැරී ගිය කල්හි, ඔවුන්හට යූසුෆ් කළ සංග්රහය පිළිබඳ ඔවුහු තොරතුරු දන්වා සිටියෝය. ඔවුහු, "අපගේ පියාණනි, අප සමග අපගේ සහෝදරයා කැටුව නොගියේ නම් අපට ආහාර කිරා දීම වළක්වනු ලැබේ. එහෙයින් අප සමග ඔහු එවනු. ඔබ ඔහු අප සමග එවන්නේ නම් අපි ආහාර භාණ්ඩ කිරාගෙන එන්නෙමු. නැවත ඔහු ඔබ වෙත සුරක්ෂිත ව ගෙන එන තෙක් අපි ඔහු රැකබලා ගන්නට ඔබට පොරොන්දු වෙමු" යැයි පැවසුහ.

Yusuf 12:64

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මොහුගේ එක කුස උපන් සහෝදර යූසුෆ් සම්බන්ධයෙන් මා නුඹලාව විශ්වාස කළාක් මෙන් මොහු සම්බන්ධයෙනුත් මා නුඹලා ව විශ්වාස කරන්න ද? ඔහු සම්බන්ධයෙන් මම නුඹලා විශ්වාස කළෙමි. නුඹලා ද ඔහු ආරක්ෂා කරන මෙන් මට පොරොන්දු වූයෙහුය. නමුත් නුඹලා කවර කරුණක් පොරොන්දු වූයෙහු ද එය නුඹලා ඉටු නොකළෙහුය. එබැවින් නුඹලා ආරක්ෂා කරන මෙන් පවසන නුඹලාගේ පොරොන්දුව ගැන මට කිසිදු විශ්වාසයක් නැත. මා විශ්වාස තබනුයේ අල්ලාහ් මත පමණය. තමන් ආරක්ෂා කරන්නට අභිමත කරන අයට රැකවරණය දෙන්නන් අතරින් ඔහු අති ශ්රේෂ්ඨය. එමෙන්ම තම කරුණා ව පිරිනමන්නට ඔහු අභිමත කරන අයට මහා කාරුණිකය."යි පැවසුවේය.

Yusuf 12:65

ඔවුන් රැගෙන ආ ඔවුන්ගේ ආහාර මල්ල විවෘත කළ කල්හි, එහි වටිනා කම ඔවුනට නැවත ලබා දී තිබෙනු දුටුහ. එවිට ඔවුහු තම පියාණන්ට, "මෙම සංගහ්රයෙන් පසු මෙම බලධාරියාගෙන් අපි කුමක් බලාපොරොත්තු වන්න ද? අප වෙත කරන ගෞරවයක් ලෙස එම බලධාරියා අපට අපේ ආහාර වල වටිනාකම නැවත ලබා දී ඇත. අපගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම ආහාරය අපි ගෙන ආවෙමු. ඔබ අපගේ සහෝදයරා පිළිබඳ කවර බියක් ඇති කර ගත්තේ ද එයින් අපගේ සහෝදරයා ව අපි ආරක්ෂා කරන්නෙමු." යනුවෙන් පැසුවෝය.

Yusuf 12:66

ඔවුන්ගේ පියාණන් ඔවුන්ට, "නුඹලා සියල්ලන්හට වැළැක්වීමට හෝ නැවත හැරී ඒමට හෝ නොහැකි, නුඹලා කිසිවෙකු ඉතිරි නොවන පරිදි යම් විනාශයත් නුඹලාට අත් වූයේ නම් මිස මා වෙත ඔහු නැවත ගෙන එන බවට අල්ලාහ් මත ස්තීර ප්රතිඥාවක් නුඹලා මා හට දෙන තෙක් නුඹලා සමග ඔහු මම නොයවමි." යැයි කීය. ඒ වෙනුවෙන් ස්තීර ප්රතිඥාවක් අල්ලාහ් මත ඔවුහු ඔහුට දුන් කල්හි, ඔහු, "මා පවසන දෑ පිළිබඳ අල්ලාහ් සාක්ෂිකරුය. ඔහුගේ සාක්ෂිය අපට ප්රමාණවත්ය." යැයි පැවසීය.

Yusuf 12:67

ඔවුන්ගේ පියාණන් ඔවුනට උපදෙස් දෙමින්, "නුඹලා මිසර දේශයට එකම දොරටුවකින් එකට නොපිවිසෙනු. වෙන් වෙන් දොරටුවලින් වෙන වෙනම ඇතුළු වනු. එවිට කිසිවකු විසින් නුඹලා සියල්ලන්හට පොදුවේ කිසියම් උවදුරක් ඇති කිරීමට එරෙහිව එම උපාය මාර්ගය වඩා සුරක්ෂිතය. නමුත් නුඹලාට යම් උවදුරක් අල්ලාහ් අපේක්ෂා කළේ නම් එයින් මා නුඹලා වැළැක්වීම සඳහා මෙය නුඹලාට නොපවසමි. අල්ලාහ් අපේක්ෂා නොකළ යහපතක් මා විසින් නුඹලාට ගෙන දිය නොහැක. තීන්දුව නම් අල්ලාහ්ගේ තීන්දුව මිස වෙනත් තීන්දුවක් නැත. නියමය නම් ඔහුගේ නියමය මිස වෙනත් නියමයක් නැත. මාගේ සියලුම කටයුතු වලදී මා සියල්ල පවරනුයේ ඔහු වෙත පමණි. එහෙයින් භාර කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතු ඔහු කෙරෙහී පමණක් භාරකරත්වා!" යැයි කීවේය.

Yusuf 12:68

පසු ව යූසුෆ්ගේ එක කුස උපන් සහෝදරයා සමග ඔවුහු ගමන් ගත්හ. ඔවුන්ගේ පියාණන් ඔවුනට නියෝග කළ පරිදි විවිධ දොරටුවලින් ඔවුහු ඇතුළු වූ කල්හි, ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ නියමය අනුව ඔවුන් විවිධ දොරටුවලින් ඇතුලු වීමෙන් කිසිවක් ඔවුන් වැළැක්වූයේ නැත. සැබැවින්ම එය තම දරුවන් කෙරෙහි යඃකූබ්ගේ සෙනෙහස හෙළි කරන්නක් විය. ඔහු ඔවුනට අවසාන වශයෙන් උපදෙස් දුන්හ. අල්ලාහ්ගේ තීන්දුව හැර වෙනත් තීන්දුවක් නොමැති බව ඔහු දැන සිටියේය. එමෙන්ම අපි ඔහුට ඉගැන් වූ දේව නියමය පිළිබඳ විශ්වාසය හා හේතු සාධක පිළිබඳ බුද්ධිය යනාදිය පිළිබඳ දැනුමැත්තෙකු විය. නමුත් ජනයා අතර බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති.

Yusuf 12:69

යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ් වෙත ඇතුලු වූ කල්හි, ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද විය. ඔහුගේ එක කුස උපන් සහෝදරයා වැළඳ ගෙන, "ඇත්තෙන්ම මම එක කුස උපන් ඔබේ සහෝදරයා වෙමි. එහෙයින් ඔබේ සහෝදරයින් අවිධිමත් බුද්ධියකින් අපට එරෙහි ව දැක් වූ ක්රෝධය හා වේදනාවන් නිසාවෙන් හා ඔවුන් මා ළිඳට හෙළීම හේතුවෙන් ඔබ දුක් නොවනු." යැයි ඔහුට රහසින් පවසා සිටියේය.

Yusuf 12:70

තම සහෝදරයා ව තමන් සමග රඳවා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස එක කුස උපන් තම සහෝදරයාගේ මල්ලට රජු විසින් ආහාර කිරන භාජනය ඔවුනට නොදැනෙන සේ දමන මෙන් තම සහෝදරයාගේ ඔටුවා මත භාණ්ඩ පටවන සේවකයින්හට යූසුෆ් නියෝග කළේය. තම නිවෙස් බලා නැවත හැරී ගමන් කරන කල්හි, නිවේදකයෙකු ඔවුන් ගිය මාර්ගයේ ගොස්, "අහෝ ආහාර භාණ්ඩ උසුලමින් ගමන් කරන ඔටු අයිතිකරුවනි! සැබැවින්ම නුඹලා සොරුන් වෙති" යැයි නිවේදනය කළේය.

Yusuf 12:71

යූසුෆ්ගේ සහෝදරයෝ තමන් ලුහුබැඳ ගෙන පැමිණි නිවේදකයා හා ඔහු සමග සිටියවුන් දෙසට හැරී, "අපි සොරුන් යැයි සැක කරන තරමට නුඹලාගෙන් නැති වී ගිය භාණ්ඩය කුමක්දැ?" යි විමසා සිටියෝය.

Yusuf 12:72

එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයින් යූසුෆ්ගේ සහෝදරයින් දෙස බලා, "රජු විසින් කිරා දෙන කිරුම් භාජනය අපගෙන් නැති වී ඇත. පරීක්ෂා කිරීමට පෙර රජුගේ එම කිරුම් භාජනය ගෙන එන්නාට ඔටුවකු බරට වස්තුව ඇත. ඒ සඳහා මම වග කියමි" යැයි පැවසීය.

Yusuf 12:73

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "නුඹලා අපගේ තත්ත්වයන් පිළිබඳ දැක ඇති සේම අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පිරිසිදුකම හා නිදොස් බව සැබැවින්ම අපි දනිමු. අප මිසර දේශයට පැමිණියේ එහි කලහකම් කිරීමට නොවේ. අපගේ ජීවිතයේ අපි සොරුන් නොවූයෙමු." යැයි පැවසූහ.

Yusuf 12:74

එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයෝ, "සොරකමින් තමන් නිර්දෝෂී යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් වී නම් නුඹලා අතර එය සොරකම් කළ අයකුගේ ප්රතිවිපාකය කුමක් විය යුතු දැ?" යි විමසා සිටියෝය.

Yusuf 12:75

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුනට, "අප අතර කෙනෙකුගේ මල්ලෙහි සොරකම් කරන ලද භාණ්ඩයක් හමු වූයේ නම්, එම සොරාගේ ප්රතිවිපාකය වනුයේ සොරකම් කළ තැනැත්තා එම භාණ්ඩය වෙනුවෙන් තම බෙල්ල දිය යුතුය. සොරකම් කරන්නන්ට සොරකම් කිරීමේ ප්රතිවිපාකය ලෙස අපි විපාක දෙනුයේ මෙලෙසය," යැයි පැවසුවෝය.

Yusuf 12:76

ඔවුන්ගේ මලු පරීක්ෂා කිරීම සඳහා ඔවුන් රජු වෙත රැගෙන ගියෝය. උපාය මාර්ගය සගවමින් තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කිරීමට පෙර ඔහුගේ සෙසු සහෝදරයින්ගේ මලු පරීක්ෂා කිරීමට ආරම්භ කළේය. පසුව තම එක කුස උපන් සහෝදරයාගේ මල්ල පරීක්ෂා කළේය. ඉන් රජුගේ මිනුම් භාජනය මතු විය. තම සහෝදරයාගේ මල්ලට මිනුම් භාජනය තබා සැලසුම් කිරීම තුළින් යූසුෆ්ට අපි සමීප වූවාක් මෙන්ම තවත් කරුණක් සම්බන්ධයෙන් ද අපි ඔහුට සමීප වූයෙමු. එනම් එම සොරා ව වහල්භාවයට ගනිමින් ඔවුන්ගේ නගරයේ දඬුවම අනුව ඔහුගේ සහෝදරයින් හසු කර ගැනීමයි. මෙම කරුණ සොරාට රජුගේ දඬුවම අනුව පහර දීම හා දඩ ගෙවීම ක්රියාත්මක කළ ද අල්ලාහ් තවත් සැලැස්මක් අභිමත කළේ නම් මිස එසේ සිදු නොවනු ඇත. ඔහු එයට බලය ඇත්තාය. යූසුෆ්ගේ නිලය අපි උසස් කළාක් මෙන්ම අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයගේ නිලය උසස් කරන්නෙමු. දැනුමැත්තන්ට වඩා ඉහළින් ඔහු දැනුමැත්තෙකි. සියලු මැවීම්හි දැනුමට වඩා සියලු දේ දන්නා අල්ලාහ්ගේ දැනුම ඉහළින් පවතී.

Yusuf 12:77

යූසුෆ්ගේ සහෝදරයෝ, "ඔහු සොරකම් කර ඇත්නම් පුදුමයක් නොවේ. ඔහු සොරකම් කිරීමට පෙර ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද සොරකම් කර ඇත." යැයි පැවසූහ. ඔවුහු ඉන් අදහස් කළේ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමාවය. නමුත් ඔවුන්ගේ මෙම ප්රකාශය යූසුෆ්ට වේදනා සහගත වුව ද එය ඔවුනට හෙළි නොකර සිත තුළ සඟවා ගත්තේය. ඔහුගේ මනසට ඔවුන් ගැන මෙසේ පවසා ගත්තේය. "නුඹලා කවර නපුරක් සිදු කරමින් හා ක්රෝධ වෙමින් සිටියෙහු ද එය නුඹලාට පෙර සිටම තිබිණ. විශේෂයෙන් මෙම ස්ථානයේ එය නපුරකි. නුඹලා ගැන හෙළි කරන්නට යන නුඹලා ගෙතූ දෑ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මැනවින් දන්නාය."

Yusuf 12:78

යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ්ට, "අහෝ උතුමාණනි! මොහුට වඩාත් ප්රිය කරන වයස්ගත වයෝවෘද්ධ පියකු සිටියි. ඔහු වෙනුවට අප අතරින් කෙනෙකු රඳවා ගන්න. ඔබ අප සමග කටයුතු කිරීමේදී ද ඔබ වෙනත් අය සමග කටයුතු කිරීමේදී ද ඔබ යහපත් ලෙස කටයුතු කරන්නන් අතර කෙනෙකු බව සැබැවින්ම ඔබ ගැන අපි දැන සිටිමු. එහෙයින් මේ සම්බන්ධයෙන් අප වෙත යහපත් ලෙස කටයුතු කරන්නැ" යි පැවසුවෝය.

Yusuf 12:79

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, "අපරාධකරුවකුගේ වැරද්දට නිර්දෝෂී පුද්ගලයකුට දඬුවම් දීමෙන් අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! එහෙයින් රජුගේ මිනුම් භාජනය කවර මල්ලක තිබුණේ ද ඔහු ව මිස වෙනත් කිසිවකු අපි රඳවා නොගනිමු. සැබැවින්ම එසේ අපි සිදු කළේ නම් අපි නිර්දෝශී කෙනෙකුට දඬුවම් දී වැරදිකරුවකු අතහැර දැමීමෙන් අපරාධකරුවෝ වන්නෙමු යැ" යි පැවසීය.

Yusuf 12:80

ඔවුන්ගේ ඉල්ලීමට යූසුෆ්ගේ පිළිතුරෙන් ගැන සෑහීමට පත්නොවූ කල්හි, සාකච්ඡා කිරීම සඳහා මිනිසුන්ගෙන් වෙන් ව ගියෝය. ඔවුන් අතර සිටි වැඩිමලා, "නුඹලාට වැළැක්විය නොහැකි කරදරයක් නුඹලාට අත්වීමෙන් මිස තම පුතා ඔහු වෙත නුඹලා නැවත ගෙන එන බවට අල්ලාහ්ගෙන් ප්රතිඥාවක් සැබැවින්ම නුඹලාගේ පියා නුඹලා වෙතින් ලබා ඇති බව මම නුඹලාට මතක් කර දෙමි. මීට පෙරද යූසුෆ් විෂයයෙහි නුඹලා කටයුතු කර ඇත. නමුත් නුඹලාගේ පියාට කළ නුඹලාගේ ප්රතිඥා ව ඔහු විෂයෙහි සපුරාලීයේ නැත. මාගේ පියාණන් මට නැවත පැමිණීමට අවසර දෙන තෙක් හෝ මාගේ සහෝදරයාගේ හසුවීම සම්බන්ධයෙන් අල්ලාහ් තීරණයක් දෙන තෙක් මම මිසර දේශය අතහැර එන්නේ නැත. තීරකයන් අතර අල්ලාහ් ශ්රේෂ්ඨ තීරකයාය. ඔහු සාධාරණ ව හා නිවැරදි ව තීන්දු ලබා දෙන්නාය" යැයි කීය.

Yusuf 12:81

තවදුරටත් වැඩිමල් සහෝදරයා, "නුඹලා නුඹලාගේ පියාණන් වෙත නැවත ගොස් ඔහුට මෙසේ පවසනු. සැබැවින්ම ඔබේ පුතා සොරකම් කර ඇත. එබැවින් මිසර දේශයේ බලධාරියා ඔහුට දඬුවමක් වශයෙන් වහල්භාවයට පත් කර ගෙන ඇත. ඔහුගේ මල්ලෙන් එළියට ගත් මිනුම් භාජනය වෙනුවෙන් අපි සාක්ෂි දැරීමේදී අපි දන්නා තොරතුරු හැර වෙනත් කිසිවක් දන්වා නොසිටියෙමු. සැබැවින්ම ඔහු සොරකම් කරන බවට කිසිදු දැනුමක් අපට නොවීය. අපි එය දන්නේ නම් ඔහුව නැවත ගෙන එන බවට අපි ඔබට ප්රතිඥා නොදෙමු." යැයි පවසා සිටියේය.

Yusuf 12:82

"අපගේ සත්යතාව තහවුරු කර ගැනීම සඳහා අපගේ පියාණනි! අප සිටි මිසර දේශයේ වැසියන්ගෙන් විමසනු. අප සමග පැමිණි වෙළඳ තවලමේ පිරිසගෙන් විමසනු. අපි කවර කරුණක් ඔබ වෙත දන්වා සිටියේ ද ඒ ගැන තොරතුරු ඔවුහු දන්වා සිටිනු ඇත. ඔහු සොරකම් කළ බවට අපි ඔබට දන්වා සිටි දෑහි සැබෑ ලෙසින්ම අපි සත්යවාදීහු වෙමු."

Yusuf 12:83

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "ඔහු සොරකම් කළා යැයි පවසන සිද්ධිය නුඹලා මෙනෙහි කළාක් මෙන් නැත. මීට පෙර ඔහුගේ සහෝදර යූසුෆ්ට කවර කුමන්ත්රණයක් නුඹලා සිදු කළෙහු ද එලෙසම මොහුටද නුඹලා කුමන්ත්රණ කරමින් නුඹලා විසින් නුඹලාටම විචිත්රවත් කර ගෙන ඇත. මාගේ දැක්ම අලංකාර ඉවසීමය. ඔහු විෂයයෙහි අල්ලාහ් වෙත හැර වෙනත් කිසිවෙකු වෙත පැමිණිල නොකරමි. යූසුෆ් සහ ඔහුගේ එක කුස උපන් සහෝදරයා මෙන්ම ඔවුන් දෙදෙනාගේ වැඩමහල් සහෝදරයා යන සියලු දෙනා නැවතත් අල්ලාහ් මා වෙත ලබා දෙනු ඇත. සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මාගේ තත්ත්වය පිළිබඳ මැනවින් දන්නාය. මාගේ කරුණු සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය." යැයි පැවසුවේය.

Yusuf 12:84

ඔහු ඔවුන්ගෙන් හැරී දුරස් ව ගොස්, "යූසුෆ් මත පවතින මාගේ දුකෙහි දැඩිකම!" යැයි පැවසීය. ඔහු ගැන සිතා දැඩි ලෙස හඬා වැළපුණු හේතුවෙන් ඔහුගේ දෑස්හි කළු පැහැය සුදුමැලි වී තිබිණ. ඔහු දුකින් හා දොම්නසින් පිරී ගියේය. ඔහුගේ ශෝකය ඔහු මිනිසුන්ගෙන් සැඟවිය.

Yusuf 12:85

යූසුෆ්ගේ සහෝදරයෝ තම පියාණන්හට, "අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පියාණනි! ඔබ තවමත් දැඩි ලෙස රෝගාභාදයට ලක්වන තෙක් හෝ එම ක්රියාවෙන් ඔබ විනාශ වී යන තෙක්ම ඔබ යූසුෆ් ගැන මතක් කරමින් සිටින්නෙහිය. ඔහු ගැන වැලපෙන්නෙහිය." යැයි පැවසීය.

Yusuf 12:86

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මට අත් වූ දුක හා ශෝකය අල්ලාහ් වෙත පමණක් මිස වෙනත් කිසිවෙකු වෙත පැමිණිලි නොකරමි. අල්ලාහ්ගේ සෙනෙහස, ඔහුගේ උපකාරය, අසරණකමින් පිහිට පතන්නාහට ඔහුගේ ප්රතිචාරය හා ඇතිවන පරීක්ෂණ සඳහා ඔහු ලබා දෙන ප්රතිඵල යනාදී ලෙසින් නුඹලා නොදන්නා දෑ මම දනිමි." යැයි පැවසීය.

Yusuf 12:87

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ගැන තොරතුරු දැනගෙන එනු. අල්ලාහ් තම ගැත්තන් හට ලබා දෙන සහනය ගැන හා ගැලවීම ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. එසේ ඔහුගේ සහනය හා ගැලවීම ගැන බලපොරොත්තු සුන් කර ගනුයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පමණි. ඊට හේතුව අල්ලාහ්ගේ ශක්තියේ තරම හා ඔහු තම ගැත්තන්හට පිරිනමා ඇති භාග්යයේ රහස සැබැවින්ම ඔවුන් නොදන්නා බැවිණි." යැයි කීය.

Yusuf 12:88

ඔවුන්ගේ පියාණන්ගේ නියෝගය ඔවුහු පිළිපැද්දාහ. යූසුෆ් හා ඔහුගේ සහෝදරයා සොයා පිටත් ව ගියහ. ඔවුහු යූසුෆ් වෙත ගිය කල්හි, ඔවුහු ඔහුට, "දිළිඳුකම හා දුෂ්කරතාව අපහට අත්විණ. නොවටිනා සුළු භාණ්ඩ ප්රමාණයක් ගෙන ආවෙමු. මීට පෙර අපට ඔබ කිරා දුන්නාක් මෙන් පූර්ණ ලෙස කිරා දෙනු. හැකිනම් ඊට වඩා අමතර දෙයකින් හෝ මෙම අල්ප භාණ්ඩ නොසළකා හැරීමෙන් අපහට දන් දෙනු. සැබැවින්ම අල්ලාහ් එසේ දන් දෙන්නන්හට යහපත් ප්රතිඵල පිරිනමනු ඇත."යැයි කීහ.

Yusuf 12:89

ඔවුන්ගේ කතාවට ඔහු සවන් දුන් කල්හි ඔවුන් කෙරෙහි කරුණාවක් ඔහුට ඇති විය. තමන් ගැන ඔහු ඔවුනට හඳුන්වා දෙමින් ඔහු ඔවුනට, "යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට නුඹලා සිදු කළ දෑ දෑහි අවසානය ගැන නුඹලා නොදැන සිටියදී ඔවුන් දෙදෙනාට නුඹලා සිදු කළ දෑ ගැන සැබැවින්ම නුඹලා මැනවින් දන්නෙහුය." යැයි පැවසීය.

Yusuf 12:90

ඔවුන් තිගැස්සී ගොස් "සැබැවින්ම ඔබ ද යූසුෆ්?" යැයි විමසා සිටියහ. යූසුෆ් තුමා ඔවුනට, "එසේය, මමයි යූසුෆ්. මා සමග නුඹලා දකින මොහු මාගේ එක කුස උපන් සහෝදරයාය. අප කවර විෂයක සිටියේ ද ඉන් මුදවා අපගේ ඉරණම උසස් කරමින් අප වෙත අල්ලාහ් ආශිර්වාද කර ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් කටයුතු කර දුෂ්කරතා මත ඉවසා කටයුතු කරන්නේද සැබැවින්ම ඔහුගේ ක්රියාව දැහැමි වේ. දැහැමියන්ගේ ප්රතිඵල අල්ලාහ් නිශ්ඵල කරන්නේ නැත. ඔහු එය ඔවුන් වෙනුවෙන් ආරක්ෂා කර තබනු ඇත." යැයි පැවසීය.

Yusuf 12:91

ඔහුගේ සහෝදරයෝ ඔහුට ඔවුන් සිදු කළ දෑ ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ පැවසීය. "අල්ලාහ් මත දිවුරා පවසමු. පූර්ණ ගුණාංග අල්ලාහ් නුඹට ලබා දීමෙන් අපට වඩා ඔහු ඔබට ආශිර්වාද කර ඇත. ඔබට අප සිදු කළ දෑහි අපි නපුරු අපාරධකාරියන් වූයෙමු." යැයි පැවසූහ.

Yusuf 12:92

ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම යූසුෆ් පිළිගෙන, "අද දින නුඹලාට දඬුවම නියමවන පරිදි නුඹලා වෙත කිසිදු දොසක් හෝ හෙළා දැකීමක් හෝ නැත. නුඹලාට සමාව දානය කරන මෙන් මම අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි. ඔහු සුවිශුද්ධය. කරුණාවන්තයින් අතර සිටින මහා කාරුණිකය." යි පැවසීය.

Yusuf 12:93

පසුව තම පියාගේ ඇස් පෙනීම තමන් වෙත හැරී ඇති බව ඔවුහු ඔහුට දන්වා සිටි බැවින් ඔහුගේ කමිසය ඔවුනට පිරිනමා: "නුඹලා මේ මාගේ කමිසය රැගෙන ගොස්, මාගේ පියාගේ මුහුනට දමන්න. ඔහුට නැවතත් ඔහුගේ බැල්ම හිමිවනු ඇත. එමෙන්ම නුඹලාගේ පවුල්වල සාමාජිකයින් සියලු දෙනා මා වෙත රැගෙන එන්න" යැයි පැවසීය.

Yusuf 12:94

එම වෙළඳ නඩය මිසර දේශයෙන් හැරී පිටත් ව එම දේශ සීමාවෙන් වෙන් ව ගිය කල්හි, යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා තම දරුවන් හා එම දේශයේ වෙසෙන තමන් අසළ සිටින්නන් අමතා, "සැබැවින්ම යූසුෆ්ගේ සුවඳ මට දැනෙයි. සැබැවින්ම නුඹලා ‘මොහු වයස්ගත මහල්ලෙකි. ඔහු නොදන්නා දෑ පවසයි’ යැයි නුඹලා පවසමින් මා වයස්ගත හේතුවෙන් බුද්ධිහීනතාව මට ආරෝපණය නොකරන්නෙහු ද මා අඥානයෙකු යැයි නොපවසන්නෙහු ද?" යැයි විමසීය.

Yusuf 12:95

ඔහු ළඟ සිටි ඔහුගේ දරුවන්ගෙන් කෙනෙකු, "අල්ලාහ් මත දිවුරා පවසමි. යූසුෆ් ගැන වූ ඔබේ පෙර ස්ථාවරයෙහි හා ඔහුව දෙවැනි වරට දැකිය හැකිවනු ඇතැයි යන ඔබේ පෙර සැකයෙහි ඔබ තවමත් සිටින්නෙහිය" යැයි පැවසීය.

Yusuf 12:96

යඃකූබ් සතුටට පත් කරවන ශුභාරංචිය ගෙන ආ පුද්ගලයා පැමිණි කල්හි යූසුෆ්ගේ කමිසය ඔහුගේ මුහුණ මත දැමීය. එවිට ඔහුට පෙනුම ලැබිණ. ඒ අවස්ථාවේ ඔහු තම දරුවන් අමතා, “නුඹලා නොදැන සිටි අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ උපකාරය පිළිබඳ සැබැවින්ම මා දන්නා බව මම නුඹලාට නොපැවසුවෙම්දැ?"යි විමසා සිටියේය.

Yusuf 12:97

යඃකූබ් (අලයිහිස් සලාම්) තුමාගේ දරුවන් යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට තමන් සිදු කළ දෑට එතුමාගෙන් සමාව අයැද සිටිමින්, "අහෝ අපගේ පියාණනි! අපගේ පෙර පව්වලට අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්න. යූසුෆ්ට හා ඔහුගේ එක කුස උපන් සහෝදරයාට සිදු කළ දෑහි අපි නපුරු පාපතරයින් වූයෙමු" යැයි පවසා සිටියහ.

Yusuf 12:98

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "නුඹලා වෙනුවෙන් මම මාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිමි. සැබැවින්ම ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු වෙත නැඹුරු වන අයගේ පව්වලට ඔහු අතිශයින්ම සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් කෙරෙහි මහා කාරුණිකය."යැයි කීහ.

Yusuf 12:99

යඃකූබ් තුමාණන් හා ඔහුගේ පවුලේ උදවිය ඔවුන්ගේ දේශයෙන් පිටත් ව මිසර දේශයේ සිටින යූසුෆ්ව අපේක්ෂාවෙන් ගමන් ගත්තෝය. ඔවුහු ඔහු වෙත ප්රවේශ වූ කල්හි ඔහුගේ පියාණන් හා මෑණියන් ඔහු ව වැළඳ ගත්හ. ඔහුගේ සහෝදරයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට, "අල්ලාහ්ගේ අභිමතය පරිදි මිසර දේශයට නුඹලා සුරක්ෂිත ව පිවිසෙනු. නුඹලාට කිසිදු උවදුරක් ඇති නොවන්නේය." යැයි පැවසීය.

Yusuf 12:100

ඔහු වාඩිවන ආසනයේ ඔහුගේ දෙමව්පියන් වාඩි කරවීය. තම දෙමාපියන් හා තම සහෝදරයින් එකොළොස් දෙනා නැමදුමක් ලෙස නොව ගරු කිරීමක් ලෙස හිස නමා ආචාර කළේය. සිහිනයේ දුටු පරිදි අල්ලාහ්ගේ නියමය සනාථ විය. එහෙයින් යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා, තම පියාණන්ට, “ඔබ සැම මට හිසනමා ආචාර කිරීමේ සිද්ධිය මම ඔබට පවසා සිටි මා දුටු සිහිනයේ පලාපලයි. මාගේ පරමාධිපති එම සිදුවීම යථාර්ථයක් බවට පත් කළේය. මාගේ පරමාධිපති මා සිරගෙයින් බැහැර කළ අවස්ථාවේත්, මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් ප්රචණ්ඩත්වය ඇති කිරීමෙන් පසු නුඹලා ගමින් පැමිණි අවස්ථාවේත්, ඔහු මා වෙත උපකාර කළේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑ සැලසුම් කිරීමෙහි ඉතා සූක්ෂමය. සැබැවින්ම ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් ගැන සර්වඥානීය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය" යැයි පැවසීය.

Yusuf 12:101

පසුව යූසුෆ් තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණෙනි! මිසර දේශයේ පාලනය සැබැවින්ම ඔබ මට පිරිනමා ඇත. සිහිනවලට පලාපල කීමේ දැනුම ද ඔබ මට උගන්වා ඇත. අහෝ අහස් හා මහපොළොවේ මැවුම් කරුවාණනි! කිසිදු පූර්වාදර්ශයකින් තොරව ඒ දෙකෙහි ඇති දෑ උත්පාදනය කළවුනි! මාගේ ජීවිතයේ ඇති මාගේ සියලුම කටයුතුවල භාරකරු ඔබය. එමෙන්ම මතුලොවෙහි ඒ සියල්ලෙහි භාරකරු ද ඔබ ය. මාගේ ආයු කාලය අවසන් වන විට ඔබට අවනත වන මුස්ලිම්වරයකු ලෙස මාගේ ප්රාණය අත්පත් කර ගනු මැනව. ෆිර්දවුස් නම් උසස් ස්වර්ගයේ සිටින මාගේ මුතුන් මිත්තන් අතර හා මුතුන් මිත්තන් නොවන අය අතර සිටි දැහැමි නබිවරුන් සමග මා ද සේන්දු කරනු මැනව!" යැයි පවසා සිටියේය.

Yusuf 12:102

අහෝ දූතය! අපි ඔබට දන්වා සිටි යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් පිළිබඳ මෙම කතා වස්තුව මීට පෙර ඔබ නොදැන සිටියෙහිය. යූසුෆ්ගේ සහෝදරයින් ඔහුව ළිං පතුළට හෙළන්නට අධිෂ්ඨාන කර ගනිමින් ඔවුන් කූට ලෙස කුමන්ත්රණයක් දියත් කළ අවස්ථාවේ නුඹ ඔවුන් අසළ නොවීය. නමුත් අපි එය නුඹ වෙත දන්වා සිටියෙමු.

Yusuf 12:103

අහෝ දූතය! ජනයා විශ්වාසීන් බවට පත් කිරීම සඳහා ඔබ කොතරම් වෙහෙසක් දැරුව ද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවෙති. එහෙයින් ඔවුන් ගැන කණගාටු නොවන්න.

Yusuf 12:104

මේ බව ඔවුන් වටහා ගත්තේ නම් ඔවුහු ඔබව විශ්වාස කරනු ඇත. ඊට හේතුව අහෝ දූතය! අල් කුර්ආනය වෙනුවෙන් හා ඒ වෙත ඔබ ඔවුන් ඇරයුම් කිරීම වෙනුවෙන් කිසිදු තිළිණයක් ඔබ ඉල්ලා නොසිටි බැවිණි. අල් කුර්ආනය සමස්ත මිනිස් වර්ගයාටම මෙනෙහි කිරීමක් මිස නැත.

Yusuf 12:105

අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක බොහෝමයක් අහස්හි හා මහපොළොවේ ස්ථාපිත ව ඇත. ඔවුහු ඒ ගැන කල්පනාවෙන් තොර ව ඒ මත ගමන් කරති. ඒ ගැන සැලකිලිමත් වීමට ප්රතික්ෂේප කරති. ඒ දෙස හැරී නොබලති.

Yusuf 12:106

සැබැවින්ම මැවුම්කරු, පෝෂක මෙන්ම ජීවත් කරවන්නා හා මරණයට පත් කරවන්නා අල්ලාහ් බව ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති. නමුත් ඔවුහු එසේ තිබිය දී ඔහු නොවන දෑ ඔහු සමග හවුල් කරමින් ගල් හා පිළිමවලට වන්දනාමාන කරති. සුවිශුද්ධ ඔහුට දරුවකු ඇති බව වාද කරති.

Yusuf 12:107

ඔවුන් වෙළා ගන්නා හා ආවරණය කරන දඬුවමක් මෙලොවෙහි ඔවුනට පැමිණීම ගැන මෙම ආදේශකයින් සුරක්ෂිත ද? එය වැළැක්වීමට ඔවුහු ශක්තිය නොදරති. එසේ නැතිනම් නොසිතූ අවස්ථාවක අවසන් හෝරාව පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එය පැමිණීමෙන් ඔවුහු දැහැමි ලෙස කටයුතු නොකරති. ඒ සඳහා ඔවුහු සූදානම් ද නැත. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති.

Yusuf 12:108

අහෝ දූතය! ඒ ගැන වාද කරන්නන්හට නුඹ මෙසේ පවසනු. "මා ජනයා ඇරයුම් කර සිටින මාගේ මාර්ගය මෙයයි. මා පැහැදිලි සාධක මත පදනම්ව ඒ වෙත ඇරයුම් කරමි. මා අනුගමනය කරන්නන් ද ඒ වෙත ඇරයුම් කරනු ලබති. මාගේ මගපෙන්වීමෙන් මග ලබති, මාගේ චර්යාවෙන් ආදර්ශයන් ලබති. අල්ලාහ්ගේ කීර්තියට නොගැළපෙන, ඔහුගේ පූර්ණභාවයට විරුද්ධ කරුණු ඔහු වෙත සම්බන්ධ කරනු ලැබීමෙන් ඔහු සුවිශුද්ධය. මම අල්ලාහ්ට ආදේශ කරන්නන් අතරින් නොවෙමි. සුවිශුද්ධ ඔහුට පමණක් ඒකීයත්වය පුදන්නන් අතරින් මම ද කෙනෙකු වෙමි.

Yusuf 12:109

අහෝ දූතය! නුඹට පෙර මානව වර්ගයා අතරින් පිරිමි පාර්ශවය මිස වෙන කිසිවකු ධර්ම දූත මෙහෙය සඳහා අපි නොඑව්වෙමු. ඒ සඳහා මලක්වරුන් පවා නොඑව්වෙමු. අප නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියාක් මෙන්ම ඔවුනට ද අපි දේව පණිවිඩ දන්වා සිටියෙමු. එය නගරවාසීන් වෙතය. ගම්වාසීන් වෙත නොවීය. නමුත් ඔවුන්ගේ සමූහයා ඔවුන් බොරු කළෝය. එහෙයින් අපි එම නගර විනාශ කළෙමු. එහෙයින් ඔබ ව බොරු කරන්නන් එම දේශයන් අතර සැරිසරා ඔවුනට පෙර සිටි නබිවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කර බලා පාඩම් ලැබිය යුතු නොවේ ද? අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන්නන්හට මතුලොවෙහි ඇති සුවපහසුකම් මෙලොව ඇති දෑට වඩා උතුම්ය. එය ශ්රේෂ්ට බව නුඹලා වටහා ගෙන අල්ලාහ් නියෝග කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කළ යුතු නොවේද? අල්ලාහ් නියෝග කළ දැයින් අතිමහත් වන්නේ දේව විශ්වාසයයි. ඔහු තහනම් කළ දැයින් බරපතළ වන්නේ ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීමයි.

Yusuf 12:110

අපි එවූ දූතරවරු මොවුන්ය. ඔවුන්ගේ සතුරන්ට අපි අවකාශය දුනිමු. එකවර ඔවුනට දඬුවම ඉක්මන් නොකළෙමු. ඔවුන්ගේ දඬුවම ප්රමාද කර පියවරෙන් පියවර ඔවුන් හසු කළෙමු. ඔවුන්ගේ විනාශය හේතුවෙන් දූතවරු ආයාසයට පත් විය. බොරු කරන්නන්හට කවර දඬුවමක් ඇත්තේ දැයි ද දේව විශ්වාසීන් හට කවර ජයග්රහණයක් ඇත්තේ දැය ද වාද කරමින් සිටි ඔවුන්ගේ දූතවරු ඔවුනට බොරු පවසා ඇතැයි දේව ප්රතික්ෂක ජනයා සිතුවෝය. අපගේ උපකාරය අපගේ දූතවරුන් වෙත පැමිණියේය. බොරු කරන්නන්හට සිදු වූ විනාශයෙන් එම රසූල්වරයා හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. අපරාධකාර ජනයාට අපි දඬුවමක් පහළ කරන මොහොතේ අපගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට කිසිවකු සමත් වන්නේ නැත.

Yusuf 12:111

දූතවරුන්ගේ කථා වස්තුවලද ඔවුන්ගේ සමූහයන් පිළිබඳ කථා වස්තුවලද යූසුෆ් හා ඔහුගේ සහෝදරයින්ගේ කතා වස්තුවලද එමගින් උපදෙස් ලබන මනා බුද්ධියක් ඇත්තන් හට උපදෙසක් ඇත. ඒ පිළිබඳ අල් කුර්ආනයේ අන්තර්ගතව ඇති දෑ අල්ලාහ් කෙරෙහි ගොතන ලද බොරු කතාවක් නොවේ. නමුත් අල්ලාහ් වෙතින් පහළ කරන ලද දිව්යමය පුස්තක තහවුරු කරන්නක් විය. නීති හා ආගමික කටයුතු පැහිදිලි කිරීමට අවශ්ය සියලු දෑ විස්තර කරන්නක් විය. සියලු යහපත් දෑ වෙත මගපෙන්වීමක් විය. ඔහු ව විශ්වාස කරන ජනයාට ආශිර්වාදයක් ද විය. ඔවුහු එහි ඇති දැයින් ප්රයෝජන ලබති.

Ra'd 13:1

(අලිෆ්, ලාම්, මීම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. අහෝ දූතය! මෙම සූරාවෙහි හා නුඹ වෙත පහළ කළ සමස්ත අල් කුර්ආනයෙහි ඇති මෙම උසස් පාඨ වනාහි, ඒවායෙහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ දක්නට නැති සත්යය ප්රකාශ වෙති. නමුත් බහුතරයක් ජනයා මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරති.

Ra'd 13:2

කිසිදු බැඳීමකින් තොර ව නුඹලා දකින අහස් උසින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඉහළට නැග අර්ෂ් හි රාජසයන මත කිසිදු පූර්ව උපමාවකින් හෝ පූර්ව ක්රමවේදයකින් තොර ව ඔහුට ගැලපෙන අයුරින් උසින් පිහිටියේය. ඔහුගේ මැවීම්වල අවශ්යතාව සඳහා හිරු හා සඳු ඔහු ඔවුනට වසඟ කර දුන්නේය. අල්ලාහ්ගේ දැනුමෙන් හිරු හා සඳු යන සෑම වස්තුවක්ම නියමිත කාලයක් දක්ව ගමන් කරයි. අල්ලාහ් අභිමත කරන පරිදි අහස්හි හා මහපොළොවේ කටයුතු වෙනස් කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපතිගේ හමුව නුඹලා දැඩි සේ විශ්වාස කොට ඒ සඳහා දැහැමි ක්රියාවන් සිදු කරමින් නුඹලා සූදානම් වීමේ අපේක්ෂාවෙන් අල්ලාහ් ඔහුගේ ශක්තිය පෙන්වා දෙන සාධක හා සාක්ෂි මෙසේ පැහැදිලි කරයි.

Ra'd 13:3

මහපොළොව විහිඳුවා ජනයා එහි චලනය නොවනු වස් ඒවායෙහි කඳු ස්ථීර ලෙස ඔහු මැව්වේය. එමෙන්ම ජනයා ජලය සපයා ගනු පිණිසත් ඔවුන්ගේ සතුන් හා ඔවුන්ගේ ගොයමට ජලය සපයනු පිණිසත් එහි ජල දහරා ගලා යන ගංගාවන් ද ඔහු ඇති කළේය. සත්වයා අතර පවතින ස්ත්රී හා පුරුෂ භේදය මෙන්ම සෑම බවභෝගයකම යුගලයන් නිර්මාණය කර ඇත. රාත්රිය දහවල වෙළා ගනී. එය ආලෝකමත් ව පිහිටි පසු ව අන්ධකාරයක් බවට පත් වෙයි. සඳහන් කරන ලද ඒවායෙහි අල්ලාහ්ගේ නිර්මාණ ශක්තිය පිළිබඳ කල්පනා කර බලන්නන් හට සාක්ෂි හා සාධක ඇත. ඔවුන් මෙම සාක්ෂි හා සාධක තුළින් ප්රයෝජන ලබති.

Ra'd 13:4

මහපොළොවේ එකිනෙකට සමීප ව පවතින බිම් කොටස් ද ඒවායෙහි මිදි වතු ද වගාවන් ද ඇත. එක් මුලක එකට හැදෙන ඉඳි ගස් ද වෙන් වෙන් මුල් වල හැදෙන ඉදි ගස් ද ඇත. එකම ජලයෙන් එම වතුවලට හා එම ගොවිබිම්වලට ජලය සපයනු ලැබේ. එකම ජලයෙන් ඒවාට ජලය සැපයීම හා ගලා යෑම තිබිය දී සුවයෙහි හා වෙනත් විවිධ ප්රයෝජනවලදී එකකට වඩා තවෙකක් අපි උසස් කළෙමු. වටහා ගන්නා ජනයා සඳහන් කරනු ලැබූ දෑ පිළිබඳ අධීක්ෂණයෙන් පසුවන බැවින් ඔවුනට ඒවායෙහි සාක්ෂි හා සාධක ඇත.

Ra'd 13:5

අහෝ දූතය, යමක් පිළිබඳ ඔබ මවිත වන්නෙහි නම්, ඔබ එසේ මවිත වීමට වඩාත් සුදුසු වන්නේ යළි අවදි කිරීම පිළිබඳ ඔවුන් කරන බොරුවයි. එය හෙළා දැකීමට සාධක වශයෙන් "අප මිය ගොස් පස් බවට පත් වී අපගේ අස්ථිද දිරාපත් වූ විට අපි නැවත අවදි කරනු ලබන්නෙමු ද? නැවතත් ජීවය ලබන්නෙමු ද?"යැයි විමසති. මිය ගිය පසු යළි අවදි කිරීම හෙළා දකින්නන් වන ඔවුහුමය ඔවුන්ගේ පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන් වන්නේ. එහෙයින් මිය ගිය පසු යළි අවදි කිරීමේ ඔහුගේ ශක්තිය ඔවුහු ප්රතික්ෂේප කරති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ගෙලවල්වල නිරා ගින්නෙන් යුත් දම්වැල් දමනු ලබන්නෝ ඔවුහුමය. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. දඬුවම ඔවුන්ගෙන් ඉවත් කරන්නේ ද නැත.

Ra'd 13:6

දෙවියන්ට ආදේශ තබන්නන් දඬුවම ඉක්මණින් පතති. ඔවුනට අල්ලාහ් නියම කළ ආශිර්වාදයන් සම්පූර්ණ වීමට පෙර එම දඬුවම ඔවුනට පහළ වීම ප්රමාද වෙයි. ඔවුනට පෙර ඔවුන් මෙන් දඬුවමට ලක් වූ බොරුකාර සමූහයන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් ඒ ගැන සිතා ඔවුන් පාඩම් ලැබිය යුතු නොවේ ද? අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ජනයා අපරාධ කරමින් සිටිය ද ඔවුන්ගේ වැරදි නොසලකා හරින ස්වභාවයෙන් යුක්තය. ඔවුන් අල්ලාහ් වෙත සමාව ඉල්ලා යොමු වීම සඳහා ඔවුනට ඔහු දඬුවම ඉක්මන් කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපයේ දිගටම පසුවන්නන් පාප ක්ෂමාව ඉල්ලා ඔහු වෙත යොමු නොවූයේ නම් සැබැවින්ම ඔහු දඬුවම් කිරීමේ ඉතා බලවත්ය.

Ra'd 13:7

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් මුරණ්ඩකම හා උඬගුකමෙහි ඉක්මවා යමින්, "මූසා හා ඊසාට පහළ වූවාක් මෙන් ප්රාතිහාර්යයක් මුහම්මද්ට ඔහුගේ පරමාධිපතිගෙන් පහළ වන්නට තිබුණා නොවේද?" යි කියති. අහෝ දූතය! සැබැවින්ම ඔබ හුදෙක් අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුන් බිය ගන්වා අවවාද කරන්නෙක් පමණි. අල්ලාහ් ඔබට පිරිනැමූ එය මිස වෙනත් ප්රාතිහාර්යයන් ඔබ සතු ව නැත. සෑම සමූහයකටම ඔවුන්ට සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන හා එය නිරූපණය කරන වක්තෘවරයෙකු විය.

Ra'd 13:8

සෑම කාන්තාවක්ම ඇයගේ කුසෙහි රඳවා ගෙන සිටින දෑ අල්ලාහ් දනී. ඒ ගැන සෑම දෙයක්ම ඔහු දනී. කුස තුළ හීන වන දෑ වර්ධනය වන දෑ ආරෝග්යමත් දෑ විකෘති වන දෑ යනා දී ලෙස ඇතිවන සියලු වෙනස්කම් ඔහු දනී. සෑම දෙයක්ම අල්ලාහ් අබියස අඩු වැඩි නොවන පරිදි නියම කරනු ලැබූ ප්රමාණයකින් පවතී.

Ra'd 13:9

සැබැවින්ම ශුද්ධවන්ත අල්ලාහ් ඔහුගේ මැවීම් හි සංවේදිතාවන්ට ලක් නොවන ගුප්ත ව පවතින සියලු දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම ඒවායෙහි සංවේදිතාවන්ට ලක්වන සියලු දෑ ද ඔහු දන්නාය. ඔහුගේ ගුණාංග, ඔහුගේ නාම හා ඔහුගේ ක්රියාවන් තුළ සර්වබලධාරීය. ඔහුගේ ගුණාංගයෙන් හා ඔහුගේ ස්වභාවයෙන් ඔහුගේ සෙසු මැවීම්වලට වඩා ඔහු උත්තරීතරය.

Ra'd 13:10

ඔහු රහසිගත දෑ හා සැඟ වී පවතින දෑ දනී. අහෝ ජනියිනි! නුඹලා අතර වචන සගවන්නා ද හා එය හෙළි කරන්නා ද ඔහුගේ දැනුමෙහි සමානය. එමෙන්ම මිනිසුන්ගේ ඇස්වලට නොපෙනී රාත්රී අන්ධකාරයෙහි සැඟවී කටයුතු කරන්නා ද මහ දහවලෙහි ප්රසිද්ධියෙහි කටයුතු කරන්නා ද ඔහුගේ දැනුමෙහි එක සමානය.

Ra'd 13:11

මිනිසුන් වෙත පිරිසකගෙන් පසු තවත් පිරිසක් වශයෙන් පැමිණෙන මලක්වරුන් උත්තරීතර අල්ලාහ් සතු ව ඇත. ඔවුන්ගෙන් ඇතැමුන් රාත්රි කාලයේ පැමිණෙති. ඇතැමුන් දහවල් කාලයේ පැමිණෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව ඔහු කවර කරුණක් මිනිසාගෙන් වැළැක්විය යුතු දැයි නියම කරන ලද්දේ ද එවන් සියලු නියමයන්ගෙන් ඔවුහු ඔහු ආරක්ෂා කරති. ඔවුහු ඔහුගේ ක්රියාවන් හා ප්රකාශයන් සටහන් කරති. සැබැවින්ම අල්ලාහ් පිරිසක් කෘතවේදී තත්ත්වයෙන් ඔවුන් වෙනස් වන තෙක් යහපත් තත්ත්වයකින් ඔවුනට සතුටු නොවන වෙනත් තත්ත්වයකට වෙනස් කරන්නේ නැත. ශුද්ධවන්ත අල්ලාහ් යම් පිරිසකට විනාශය අභිමත කළේ නම් ඔහුගේ අභිමතයට විරුද්ධ වන කිසිවෙකු නැත. අහෝ ජනයිනි! අල්ලාහ්ගෙන් තොර ව නුඹලාගේ කටයුතු භාර ගන්නා වෙනත් භාරකරුවකු නැත. එහෙයින් නුඹලාට අත්වන දුෂ්කරතා වළක්වා ගැනීම සඳහා නුඹලා ඔහු වෙතම යොමු වනු.

Ra'd 13:12

අහෝ ජනයිනි! අකුණු එළිය නුඹලාට දිස්වන්නට සළස්වනුයේ ඔහුය. අකුණු හඬින් බිය ද, වර්ෂාව තුළ ආශාව ද ඔහු එමගින් නුඹලාට එකට ලබා දෙයි. අධික ලෙස වර්ෂාව ඇති කරන ජලයෙන් ඝණ වළාකුළු බිහි කරනුයේ ඔහුය.

Ra'd 13:13

අකුණු හඬ තම පරමාධිපතිට ඔහුගේ ප්රශංසා හා බැඳුණු පිවිතුරු කිරීමකින් විභූතිමත් කරයි. මලාඉකාවරුන් තම පරමාධිපතිට බියෙන් කීර්තියෙන් හා ඔහු ට ගෞවරය පුදමින් විභූතිමත් කරයි. ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන අය වෙත ගිණිබත් කර දමන අකුණු සැර පහළ කර ඔහුව විනාශ කර දමනු ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ අල්ලාහ්ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් තත්ත්වය වෙනස් කිරීමේ හා එය බලවත් කිරීමේ ඉතා දැඩිය. එහෙයින් ඔහු සිදු කරන දෙයක් මිස අපේක්ෂා කරන්නේ නැත.

Ra'd 13:14

ඒකීයත්වයේ ඇරයුම අල්ලාහ්ට පමණක් සතුය. ඔහු සමග එහි වෙනත් කිසිවෙකු හවුල් වන්නේ නැත. ඔහු හැර දේව ආදේශකයෝ ඇරයුම් කරන සෙසු පිළිම කිසියම් ගැටලුවකදී ඒවායින් ප්රාර්ථනා කර සිටිය ද එම ප්රාර්ථනාවට ඒවා පිළිතුරු දෙන්නේ නැත. ඔවුන්ගේ ප්රාර්ථනාව පිපාසයෙන් පෙළෙන්නෙකු තම අත ජලයට දිගු කර එමගින් ජලය පානය කරන්නෙකුට සමානය. එම ජලය ඔහුගේ කටට ළඟා වන්නේ නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඔවුන්ගේ පිළිමවලට කරන පැතුමන් ද නිවැරදි ක්රමයෙන් දුරස් වූ නාස්ති වී ගිය පැතුමන් වේ. ඊට හේතුව කිසියම් ප්රයෝජනයක් ගෙන දෙන්නට හෝ කිසියම් හානියකින් වැළැක්වීමට හෝ ඒවාට නොහැකි බැවිණි.

Ra'd 13:15

අහස්හි හා මහපොළොවේ සිටින සියලු දෙනා අල්ලාහ්ට පමණක් සිරස නමා යටහත් වෙයි. එහිදී දේව විශ්වාස කරන්නා හා දේව ප්රතික්ෂේපකයා එක සමානය. නමුත් දේව විශ්වාසියා ඔහුට අවනත වන අතර ම කැමැත්තෙන්ම ඔහුට සිරස නමයි. නමුත් දේව ප්රතික්ෂේපකයා වනාහි ඔහුට යටත් වනුයේ අකමැත්තෙනි. නමුත් ඔහුගේ ස්වභාවය සහජයෙන් ඔහුට අවනත වීම වෙත නැඹුරු වෙයි. දහවල් ආරම්භයේ පටන් එහි අවසානය දක්වාම පවතින සියලු මැවීම්හි හෙවණැලි පවා ඔහුට යටහත් වෙති.

Ra'd 13:16

"අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ප්රතික්ෂේපකයින්ගෙන්, ‘අහස්හි හා මහපොළොවෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි කටයුතු පාලනය කරන පාලකයාණන් කවුරුන් දැ?’යි විමසනු. අහෝ දූතය! ‘ඒ දෙකෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි පාලකයාණන් අල්ලාහ්ය. ඒ බව නුඹලා පිළිගනිමින් සිටින්නෙහුය.’ යැයි පවසනු. අහෝ දූතය! තවදුරටත් ඔවුන්ගෙන්, ‘අල්ලාහ් හැර කිසිදු හැකියාවක් නැති භාරකරුවන් නුඹලා වෙනුවෙන් ගත්තෙහු ද? ඔවුන් ඔවුනටම පවා සෙතක් සලසා ගත නොහැකි, ඔවුනට අත් වන හිංසාවන් ඉවත් කර ගත නොහැකි තත්ත්වයක සිටියදී ඔවුන් හැර වෙනත් අය කෙරෙහි එසේ සිදු කිරීම කෙසේනම් හැකි වන්නේද?!’ යැයි විමසනු. අහෝ දූතය! ‘පෙනුම නැති වූ අන්ධභාවයේ පෙළෙන දේව ප්රතික්ෂේපකයා හා යහමග ලැබූ දැක්මක් ඇති දේව විශ්වාසියා සමාන වන්නේ ද? එසේ නැතිනම් අන්ධකාරයෙන් පිරුණු දේව ප්රතික්ෂේපය හා ආලෝකයෙන් පිරුණු දේව විශ්වාසය සමාන වන්නේද? එසේ නැතහොත් මැවීමෙහිදී ශුද්ධවන්ත අල්ලාහ්ට හවුල් කරුවන් එකතු කරමින් අල්ලාහ්ගේ මැවීම් හා සමාන දෑ මවා අල්ලාහ්ගේ මැවීම් ඔවුන්ගේ හවුල්කරුවන්ගේ මැවීම් සමග මිශ්ර වී ඇත්තේ ද?’ යැයි විමසනු. අහෝ දූතය! ‘සියලු දෑහි මැවුම්කරුවාණන් අල්ලාහ් පමණය. මැවීම් හි ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. දේවත්වයෙන් ඔහු ඛේවලය. ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සාය. ඔහු සියල්ල අබිබවා යන්නාය.

Ra'd 13:17

අසත්ය මකා දමා, සත්යය පිහිටුවීම සඳහා අල්ලාහ් උපමාවක් ලෙස මිටියාවත පුරා ගලා යන තරමට අහසින් පහළ වන වර්ෂා ජලය ගෙනහැර පෑවේය. කුඩා ප්රමාණයෙන් හෝ විශාල ප්රමාණයෙන් හෝ වුව ද ඒ ඒ ධාරිතාවන්ට අනුව වැව් අමුණු පිරී යයි. ජලයට ඉහළින් පෙණ පිඩු හා ඉපැණැලි එම ජල ගැල්ම උසුලා ගනියි. ඒ දෙකට තවත් උදාහරණයක් ලෙස ‘මිනිසුනට අලංකරණය වෙනුවෙන් ආභරණ නිර්මාණය කිරීම සඳහා ලෝහ දිය කිරීමේ අපේක්ෂාවෙන් මිනිසා දහනය කරන ඇතැම් වටිනා ලෝහ උපමා වශයෙන් ගෙන හැර පෑවේය. ඉන් පෙණ පිඩු ඉහළට පැමිණෙන්නාක් මෙන්ම මෙයින් ද පෙණ පිඬු ඉහළට එනු ඇත. මෙම උදාහරණ දෙක සසඳමින් සත්ය හා අසත්යයට උපමා කොට මෙසේ ගෙන හැර පා ඇත. අසත්ය වනාහි ජලයට ඉහළින් පවතින පෙණපිඩු හා ඉපැණැලි මෙන් ද මලකඩ නැති කරමින් ලෝහ උණු කිරීමේදී පවතින පෙණ පිඩු මෙන් ද වේ. සත්යය වනාහි ඉන් ජලය පානයට ගන්නා පිරිසිදු ජලය හා සමානය. එමගින් පළතුරු පළා හා පඳුරු වර්ග හට ගන්වයි. එමෙන්ම උණු කර දිය කිරීමෙන් පසු ඉතිරි වන දෑට සමානය. එමගින් මිනිසුන් ප්රයෝජන ලබති. මෙම උපමා දෙක අල්ලාහ් ගෙන හැර පෑමෙන් පසුව සත්ය හා අසත්යයෙන් වෙන් කර පැහැදිලි කර ගනු පිණිස තවත් උපමාවන් මෙසේ ගෙනහැර දක්වයි.

Ra'd 13:18

අල්ලාහ් ඒකීයත්වයට පත් කරන මෙන් ද, ඔහුට අවනත වන මෙන්ද ඔවුන්ගේ පරමාධිපති ඇරයුම් කරන විට එයට පිළිතුරු දුන් දේව විශ්වාසීන්හට අලංකාර තිළිණ ඇත. එය ස්වර්ගයයි. ඔහුගේ ඒකීයත්වය හා ඔහුට අවනතවීම සඳහා ඔහු කළ ඔහුගේ ඇරයුමට පිළිතුරු නොදුන් දේව ප්රතික්ෂේපකයින් වනාහි, සැබැවින්ම ඔවුනට විවිධාකාර ධනසම්පත් ද ඒ හා සමාන තවත් ගුණයක් ද ඔවුන් සතු තිබුණ ද ඔවුන් දඬුවමින් තමන් ආරක්ෂා කර ගනු පිණිස ඒ සියල්ල වන්දි වශයෙන් වියදම් කරනු ඇත. ඔහුගේ ඇරයුමට පිළිතුරු නොදුන් මොවූහු ඔවුන්ගේ සියලු පාපකම් සම්බන්ධයෙන් විනිශ්චය කරනු ලබති. ඔවුන් පිවිසෙන ඔවුන්ගේ නවාතැන නිරයයි. නිරා ගින්න වූ ඔවුන්ගේ නිවහන හා වාසස්ථානය නපුරු විය.

Ra'd 13:19

අහෝ දූතය! නුඹේ පරමාධිපති වන අල්ලාහ්ගෙන් නුඹ වෙත පහළ වූ දෑ කිසිදු සැකයකින් තොර ව සත්යයක් බව දන්නා පුද්ගලයා අල්ලාහ්ට පිළිතුරු දුන් දේව විශ්වාසියෙකි. ඔහු හා අන්ධයෙකු ලෙස කටයුතු කරන අල්ලාහ්ට පිළිතුරු නොදුන් දේව ප්රතික්ෂේපකයා සමාන වන්නේ ද? මෙයින් උපදෙස් ලබා පාඩම් ලබනුයේ මනා බුද්ධියක් ඇත්තවුන් පමණය.

Ra'd 13:20

අල්ලාහ්ට පිළිතුරු දුන් අය වනාහි, ඔවුහු අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම් හා ඔහුගේ ගැත්තන් සමග ඇති කර ගත් ගිවිසුම් ඉටු කරන්නෝ වෙති. අල්ලාහ් සමග හෝ වෙනත් අය සමග විශ්වාසනීය ලෙස ඇති කර ගත් ගිවිසුම් ඔවුහු කඩ නොකරති.

Ra'd 13:21

තවද ඔවුන් වනාහි කවර ඥාතී සම්බන්ධකම් පවත්වන මෙන් අල්ලාහ් නියෝග කර සිටියේ ද ඒ සියල්ල සමග සම්බන්ධකම් පවත්වන්නෝ වෙති. ඔහුගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම යන විෂයය තමන්ට මග හැරෙනු ඇතැයි යන බියෙන් ඔවුන්ගේ පරමාධිපතිට බිය වෙති. ඔවුන් උපයන පාපකම් සියල්ල පිළිබඳ විභාගයට ලක් කරනු ඇතැයි ඔවුහු බියවෙති. එහෙයින් කවරෙකුට විභාගයක් ඇත්තේ ද ඔහු විනාශයට පත් විය.

Ra'd 13:22

තවද ඔවුන් වනාහී අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහු ඔවුනට නියම කළ සතුටු දායක මෙන්ම අසතුටු දායක දෑහි ද ඉවසීමෙන් කටයුතු කරන්නෝ වෙති. එමෙන්ම අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පාපයක් සිදු කිරීමෙන් ඈත් ව ඉවසති. සලාතය පූර්ණ අයුරින් ඉටු කරති. අපි ඔවුනට දුන් ධනයෙන් අනිවාර්යය වගකීම් ඉටු කරති. මිනිසුන්ගේ මුහුණිච්ඡාවෙන් දුරස් ව රහසිගතව කැමැත්තෙන් එයින් වියදම් කරති. වෙනත් අය දිරිගන්වන පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරති. ඔවුන් වෙත නපුරුකම් කරන්නාගේ නපුර වළක්වාලමින් ඔහු සමග දැහැමි අයුරින් කටයුතු කරති. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රශංසනීය අවසානයක් ඇත.

Ra'd 13:23

මෙම ප්රශංසනීය අවසානය වනාහි, ඔවුන් සදා ලෙස ස්ථාවර ව භුක්ති විඳින්නන් ලෙස වාසය කරන්නට යන ස්වර්ග උයන් වෙති. එහි ඔවුන්ගේ වින්දනයේ පූර්ණත්වය වනුයේ ඔවුන් සමගම ඔවුන්ගේ ධර්මිෂ්ට පියවරුන්, මව්වරුන්, බිරියන් හා දරුවන් ඔවුන් හමුවීම පූර්ණ ව ඔවුනට අමතක කර තිබුණ ද ඔවුන් සමග එකට පිවසීමේ වින්දනයයි. මලක්වරුන් ස්වර්ගයේ ඇති ඔවුන්ගේ නිලයන්හි සියලු දොරටුවලින් සුබ පැතුම් එක්කරමින් ඇතුළු වෙති.

Ra'd 13:24

මලක්වරුන් ඔවුන් වෙත පිවිසෙන සෑම කල්හිම "ඔබට සලාම්" යනුවෙන් ආමන්ත්රණය කරමින් ඔවුනට සුභ පතති. එනම්: අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ නියමයන් පසු කිරීමෙහි නුඹලා ඉවසීමෙන් සිටි බැවින් ද, ඔහුට පාපකම් සිදු කිරීමෙන් ඈත්වීමෙහි නුඹලා ඉවසීමෙන් කටයුතු කළ බැවින් ද, නුඹලා සියලු උවදුරු හා දුෂ්කරතාවලින් නිදහස් වනු. නුඹලාගේ අවසානය වන්නට නියමිත එම අවසන් නිවහනය ඉතා යහපත්ය.

Ra'd 13:25

අල්ලාහ්ගේ ගිවිසුම් ස්ථීර කරගත් පසුව එය කඩ කරන, ඔහු සම්බන්ධකම් පවත්වන්නැයි නියෝග කළ ඥාතී සම්බන්ධකම් බිඳ දමන උත්තරීතර අල්ලාහ්ට පිටුපාමින් මහපොළොවේ කලහකම් කරන මොවුහු දුරස් කරනු ලැබූ දුර්භාග්යවන්තයෝ වෙති. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුහු නෙරපා හරිනු ලබති. ඔවුනට නපුරු අවසානයක් ඇත. එය අපා ගින්නය.

Ra'd 13:26

අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත්හි සමෘද්ධිය ඇති කරයි. ඔහු අභිමත කරන අයට ඒවා සීමා කරයි. පෝෂණ සම්පත්හි සමෘද්ධිමත් වීම අල්ලාහ්ගේ ආදරයට ලක්වීමේ හෝ සෞභාග්යයේ සලකුනක් නොවන්නේය. ඒවා සීමාවීම අභාග්යවන්ත භාවයේ සලකුණක් ද නොවන්නේය. දේව ප්රතික්ෂේපකයින් මෙලොව ජීවිතය පිළිබඳ සතුටු වෙති. එහෙයින් ඔවුන් එය පාදක කර ගනිමින් එහි තැන්පත්වන්නට බලති. මතුලොව පැත්තෙන් මෙලොව ජීවිතය බලන කල එය ක්ෂය වී යන ස්වල්ප සැපතක් මිස නැත.

Ra'd 13:27

අල්ලාහ් හා ඔහුගේ සංඥාවන් ප්රතික්ෂේප කළවුන්, "මුහම්මද් වෙත ඔහුගේ සත්යතාව පෙන්වා දෙන ඔහුගේ පරමාධිපතිගෙන් වූ සංවේදනීය ප්රාතිහාර්යයක් ඔහු වෙත පහළ විය යුතු නොවේද? එවිට අපි එය විශ්වාස කරමු" යැයි පවසති. "අහෝ දූතය! එසේ යෝජනා කරන්නන් හට ඔබ මෙසේ පවසනු. ‘සැබැවින්ම අල්ලාහ් ඔහුගේ යුක්ති ධර්මය අනුව ඔහු අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරියි. ඔහු වෙත පාපක්ෂමාවේ නිරත ව යොමු වන්නන් හට ඔහුගේ භාග්යයෙන් ඔහු මග පෙන්වයි. ප්රාතිහාර්යයන් පහළ වීම තුළින් ඔවුන් එහි බැඳෙන තරමට ඔවුන්ගේ අතෙහි එම මග පෙන්වීම නැත."

Ra'd 13:28

අල්ලාහ් මග පෙන් වූ ඔවුහු, ඔහු ව විශ්වාස කරන්නන් වෙති. අල්ලාහ් ව මෙනෙහි කිරීම, ඔහු ව සුවිශුද්ධ කිරීම, ඔහු ව ප්රශංසා කිරීම, ඔහුගේ පුස්තකය පාරායන කිරීම, එයට සවන් දීම හා මේ හැර ඔහුව මෙනෙහි කරන වෙනත් කරුණු යනාදිය තුළින් ඔවුන්ගේ සිත් සැනසුම් ලබයි. සිත් සැනසුම් ලැබීම අල්ලාහ් මෙනෙහි කිරීමෙන් පමණක් සිදු වන බවත් සිත් වලට සුදුසු වන්නේ අල්ලාහ්ව මෙනෙහි කිරීම බවත් දැන ගත යුතු වේ.

Ra'd 13:29

අල්ලාහ් වෙත ඔවුන් සමීප කරවන අයුරින් ඔහු ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වන මොවුනට මතුලොවෙහි සව්සිරියෙන් පිරි ජීවිතයක් ඇත. එමෙන්ම සතුටු දායක අවසානයක් ද ඇත. එය ස්වර්ග උයනයි.

Ra'd 13:30

තම සමූහයා වෙත දැනුම් දෙන මෙන් පෙර සිටි දහම් දූතයින් වෙත කවර පණිවිඩයක් අපි එව්වෙමු ද අහෝ දූතය! එම පණිවිඩයම ඔබේ සමූහයා වෙත දැනුම් දෙන මෙන් අපි ඔබට එය එවා ඇත්තෙමු. එය අපි ඔබට දැනුම් දුන් අල් කුර්ආනය ඔවුනට පාරායනය කර පෙන්වීම සඳහාය. ඔබේ සත්යභාවය තහවුරු කිරීමට එය ප්රමාණවත්ය. නමුත් එම පාඨ හෙළා දැකීම ඔබේ සමූහයාගේ ස්ථාවරය වී ඇත. එය ඔවුන් කාරුණිකයාණන් සමග වෙනත් අය ආදේශ කරමින් ඔහු ව ප්රතික්ෂේප කරන බැවිණි. "අහෝ දූතය! නුඹලා ආදේශ කරන මහා කාරුණිකයාණන් මාගේ පරමාධිපතිය. නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් සුදුස්සෙකු නැත. මාගේ සියලුම කටයුතුවලදී මම ඔහු මත විශ්වාසය තබමි. මාගේ පසුතැවිලිවීම ද ඔහු කෙරෙහිම වන්නේය." යැයි පවසනු.

Ra'd 13:31

කඳු තිබූ තැනින් ඉවත් වීම, භූමිය පැළී උල්පත් හා ගංගාවන් ගලා යෑම, මිය ගිය ඇත්තන් මත කියවා ඔවුන් යළි ජීවීන් බවට පත් වීම වැනි කරුණු සඳහන් වී තිබීම දිව්ය ග්රන්ථවල ස්වරූපය වුව ද අහෝ දූතය! ඔබ වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය එවන් සාධක පැහැදිලි කරන්නකි. ඉමහත්සේ බලපෑම් ඇති කරන්නකි. ඔවුන් අවංක හදවත් ඇත්තන් වූයේ නම් මැනවි. නමුත් ඔවුහු එය හෙළා දුටුවෝය. ප්රාතිහාර්යයන් හා වෙනත් දෑ පහළ කිරීමෙහි සියලු අයිතිය අල්ලාහ් සතු වන්නකි. මිනිසුනට සංඥාවක් පහළ කිරීමෙන් තොර ව ඔවුන් සියල්ලන් හට මග පෙන්වීම සඳහා අල්ලාහ් අභිමත කළේ නම් ඔහු ඔවුනට ඒවා පහළ කිරීමෙන් තොරවම මග පෙන්වනු ඇතැයි දේව විශ්වාසීන් දැන නොසිටියෝ ද?. නමුත් අල්ලාහ් එයට අභිමත කළේ නැත. අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් ඔහුව ප්රතික්ෂේප කරමින් හා පිටුපාමින් කටයුතු කළ බැවින් දැඩි සේ කම්පනයට පත් කරන විනාශය ඔවුනට අත්වෙමින්ම තිබුණි. එසේ නැතහොත් හිමි වීමට නියමිත දඬුවම පහළ කිරීමේ අල්ලාහ්ගේ පොරොන්දු ව ඉටු වන තෙක්ම ඔවුන්ගේ නිවෙස් අසළටම එය පහළ වෙමින්ම තිබුණි. සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් ප්රතිඥා දී ඇත්තේ ද ඒ සඳහා වූ නියමිත වේලාව පැමිණි විට එය උදා කිරීම මඟ හරින්නේ නැත.

Ra'd 13:32

තම සමූහයා බොරු කළ හා තමන් හාස්යයට ලක් කළ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. අහෝ දූතය! නුඹට පෙර විසූ ජන සමූහයන් ඔවුන්ගේ දූතවරුන් හාස්යයට ලක් කොට ඔවුන් ව බොරු කළෝය. ඔවුන්ගේ දූතයින්ව ප්රතික්ෂේප කළවුන් සැබැවින්ම මා ඔවුන් විනාශ නොකරනු ඇතැයි ඔවුන් සිතන තරමට මම ඔවුන් අතහැර දැමුවෙමි. එසේ අවකාශය දීමෙන් පසු විවිධ දඬුවම්වලින් මම ඔවුන් ග්රහණය කළෙමි. ඔවුනට හිමි වූ මාගේ දඬුවම ගැන නුඹ අදහස් කරනුයේ කෙසේ ද? සැබැවින්ම එය දැඩි දඬුවමක් විය.

Ra'd 13:33

නැමදුම් ලබන්නට වඩාත් උචිත වනුයේ සියලු මැවීම්හි පෝෂණය සුරක්ෂිත ව ලබා දෙන සෑම ආත්මයක්ම තම තමන් උපයාගත් ක්රියාවන් පිළිබඳ අදීක්ෂණය කොට එම ක්රියාවන්ට අනුව ප්රතිඵල ලබා දෙන අල්ලාහ් ද? එසේ නැතහොත් නැමදුම් ලබන්නට කිසිදු උරුමයක් නැති මෙම පිළිම ද? දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අපරාධකාරී හා ව්යාජ ලෙසින් ඒවා අල්ලාහ්ට ආදේශ කරති. අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාගේ වාදයේ නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා අල්ලාහ් සමග නමදිමින් සිටි එම හවුල් කරුවන් අපට නම් කරන්න. එසේ නැතහොත් මහපොළොවේ අල්ලාහ් නොදන්නා හවුල් කරුවන් නුඹලා ඔහුට දන්වා සිටින්නෙහු ද? එසේ නැතහොත් කිසිදු යථාර්ථයක් නොමැති ප්රකාශයක් හෙළි කරමින් නුඹලා ඔහුට දන්වන්නෙහු ද? දේව ප්රතික්ෂේපකයින්ගේ නපුරු කුමන්ත්රණය ෂෙයිතාන් ඔවුනට අලංකාර කර පෙන්වා ඇත. එහෙයින් ඔවුහු අල්ලාහ් ප්රතික්ෂේප කළෝය. ඍජු හා යහමගින් ඔහු ඔවුන් හරවා දැමීය. අල්ලාහ් කවරෙකු ඍජු මාර්ගයෙන් නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට යහමග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු ඔහුට නැත.

Ra'd 13:34

ඔවුන් දේව විශ්වාසීන්ගේ අතින් මැරුම් කෑමෙන් හා සිරකරුවන් බවට පත්වීමෙන් මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. ඔවුන් ගැන අපේක්ෂාවෙන් සිටින මතුලොව දඬුවම ඔවුනට ඉතා කුරීරුය. එහි ඇති දැඩිභාවය නිමක් නැති සදාතනිකත්වය නිසාවෙන් එය මෙලොව දඬුවමට වඩා බරපතලය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් පිළිස්සීම වළක්වන කිසිවෙකු ඔවුනට නැත.

Ra'd 13:35

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් සඳහා අල්ලාහ් ප්රතිඥා දී ඇති ස්වර්ග උයනේ ස්වරූපය වනුයේ සැබැවින්ම එහි මාලිගා හා ගස්වලට යටින් ගංගාවෝ ගලා බසිති. එහි පලතුරු මෙලොව පළතුරු මෙන් නොව අවාරයකින් තොර ව අඛණ්ඩව පිරී පවතී, එහි හෙවණ ද නොමැකෙන සදා පවතින්නකි. මෙය අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිට ඔහුට බැතිමත්ව කටයුතු කළවුන්ගේ අවසානයයි. දේව ප්රතික්ෂේපකයින්ගේ අවසානය වනුයේ අපා ගින්නයි. ඔවුහු එහි පිවිස සදාකල් වෙසෙති.

Ra'd 13:36

අහෝ දූතය! අප තව්රාතය පිරිනැමූ යුදෙව් ජනයා අතරින් හා ඉන්ජීලය පිරිනැමූ කිතුනු ජනයා අතරින් පිරිසක් ඔවුනට පහළ වූ දෑට අනුකූල යම් මග පෙන්වීමක් නුඹ වෙත පහළ කරනු ලැබුවේ නම් ඒ ගැන ඔවුහු සතුටු වෙති. යුදෙව් හා කිතුනු ජනයා අතරින් ඔවුන්ගේ ආශාවන්ට අනුකූල නොවන හෝ ඔවුන් වෙනස් කරමින් හා විකෘති කරමින් ඔවුන් විස්තර කළ දෑට අනුකූල නොවන යමක් නුඹ වෙත පහළ කරනු ලැබුවේ නම් එය හෙළා දකිති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු: සැබැවින්ම අල්ලාහ් මට නියෝග කර ඇත්තේ මා ඔහුට පමණක් නැමද කිසිවක් ඔහුට ආදේශ නොකිරීමත් ඔහු පමණක් අයැද වෙනත් අය මා අයැද නොසිටීමත්ය. මාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත පමණය. තව්රාතය හා ඉන්ජීලය පැමිණියේ ද ඒ අනුවය.

Ra'd 13:37

පෙර පැවති දිව්යමය ග්රන්ථ ඔවුනොවුන්ගේ සමාජීය භාෂාවෙන් අප පහළ කළාක් මෙන්ම අහෝ දූතය! සත්යය පහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි ප්රකාශයක් ලෙස අල් කුර්ආනය අරාබි බසින් නුඹ වෙත අපි පහළ කළෙමු. අහෝ දූතය! අල්ලාහ් නුඹට පමණක් ඉගැන් වූ දැනුම නුඹ වෙත ලැබීමෙන් පසුව ඔවුන්ගේ ආශාවන්ට අනුකූල නොවූ යමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් නුඹ ආගම් ලත් ජනයා සමග සම්මුතියකට පැමිණ නුඹ එය අනුගමනය කළෙහි නම්, නුඹේ කටයුතු භාරගෙන නුඹේ සතුරන්ට එරෙහි ව නුඹට උදව් කරන කිසිදු භාරකරුවකු හෝ නුඹ අල්ලාහ්ගෙන් නොලබනු ඇත. එමෙන්ම ඔහුගේ දඬුවමින් නුඹ ව වළක්වන කිසිවකු නුඹ නොලබනු ඇත.

Ra'd 13:38

අහෝ දූතය! නුඹට පෙර ද මිනිසුන් අතරින් දහම් දූතවරු අපි එව්වෙමු. නුඹව දහම් දූතයකු වශයෙන් එවීම අලුත් දෙයක් නොවේ. සෙසු මිනිසුන් මෙන්ම ඔවුනටද බිරියන් හා දරුවන් ඇති කළෙමු. විවාහ නොකරන දරුවන් ප්රජනනය නොකරන මලක්වරුන් බවට අපි ඔවුන් පත් නොකළෙමු. විවාහ වී දරුවන් ප්රජනනය කරන එම මිනිස් දූතයින් අතර නුඹ ද කෙනෙකි. නුඹත් එසේ සිටීම ගැන දෙවියන්ට ආදේශ කරන්නන් පුදුමයට පත් වන්නේ ඇයි? ප්රාතිහාර්යයක් ගෙන ඒමට අල්ලාහ් අවසර දීමෙන් තොරව තමන් සතු කිසිදු ප්රාතිහාර්යයක් ගෙන එන්නට කිසිදු දූතයකුට සුදුසු නොවීය. අල්ලාහ් නියම කළ සෑම දෙයකටම ඒවා සඳහන් කළ ලේඛනයක් ඇත. එමෙන්ම කාලයක් ද ඇත. එයට කලින් හෝ ප්රමාදයකින් හෝ එය සිදු වන්නේ නැත.

Ra'd 13:39

යහපතක් හෝ අයහපත්, භාග්යයක් හෝ අභාග්යයක් ඉවත් කිරීමට අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔහු එය ඉවත් කරනු ඇත. ඔහු අභිමත කරන්නේ නම් එය රඳවනු ඇත. ලව්හුල් මහ්ෆූල් නම් සුරක්ෂිත සටහන් පුවරු ව ඇත්තේ ඔහු අබියසය. මකා දැමූ දෑ නැවත මතු කරවා තිබූ දෑ එලෙසින් තිබෙන්නට හැර ඒ සියල්ල ඔහු නැවත ගෙන්වා ගනී.

Ra'd 13:40

අහෝ නබිවරය, නුඹේ මරණයට පෙර ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති ඇතැම් දඬුවම් අපි නුඹට පෙන්වා දෙන්නෙමු. එය ඇත්තේ අප වෙතය. එසේ නැතහොත් නුඹට එය පෙන්වීමට පෙර අපි නුඹ ව මරණයට පත් කරන්නෙමු. අපි නුඹට කවර දෙයක් දන්වන මෙන් නියෝග කළේ ද එය දන්වා සිටීම මිස වෙනත් කරුණක් ඔබට නැත. ඔවුන් සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම හෝ ඔවුන්ගෙන් විනිශ්චය කිරීම හෝ නුඹ සතු කාර්යයක් නොවන්නේය. එය අප මත ඇත්තකි.

Ra'd 13:41

දේව ප්රතික්ෂේපයේ පිහිටි ප්රදේශ ඒවායෙහි පැතිකඩවල ඉස්ලාමය පතුරුවාලමින් හා මුස්ලිම්වරුන්හට ජය තහවුරු කරවමින් සැබැවින්ම අපි ක්රමයෙන් දේව ප්රතික්ෂේපය හීන කරමින් එන බව මෙම ප්රතික්ෂේපකයෝ නොදුටුවෝ ද? අල්ලාහ් තමන් අභිමත කරන දෑ තම ගැත්තන් අතර නීති පනවයි. තීන්දු කරයි. ඔහුගේ නීතියෙහි කිසිදු අඩුවක් වෙනස් කිරීමක් හෝ එකක් වෙනුවෙන් තවෙකක් පරිවර්තනය කිරීමක් හෝ සිදු කරන්නට කිසිවකුට නොහැක. ශුද්ධවන්ත ඔහු විනිශ්චය කිරීමේදී ඉතා වේගවත්ය. එකම දිනක පෙර පැමිණියවුන් හා පසු පැමිණියවුන් සියල්ලන්ගෙන් විනිශ්චය කරනු ඇත.

Ra'd 13:42

පෙර සිටි සමූහයා, ඔවුහු ඔවුන්ගේ නබිවරුන්ට (එරෙහිව) කුමන්ත්රණ කළෝය. ඔවුනට වංචා කළෝය. ඔවුන් ගෙන ආ දෑ බොරු කළෝය. ඔවුනට ඔවුන් කුමන්ත්රණ කිරීමෙන් ඔවුනට සිදු වූයේ කුමක් ද? කිසිවක් නැත. හේතුව, සියල්ල සැලසුම් කරන්නා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොමැති බැවිණි. සැබැවින්ම ඔහු සියලු මැවීම්වල ක්රියාකාරකම් දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එවිට අල්ලාහ් පිළිබඳ විශ්වාසය නොමැති ව වැරදිකරන්නන් කොපමණ පිරිසක් දැයි ද ස්වර්ගය හා යහපත් අවසානයක් දිනා ගනිමින් ඒ අනුව ස්වර්ගයට හා යහපත් අවසානයකට අනුගත වූ භාග්යලත් මුඃමින්වරුන් කොපමණ පිරිසක් දැයි ද බොරුකාර මෙම ජනයා මතු දැනගනු ඇත.

Ra'd 13:43

ප්රතික්ෂේප කළවුන් "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් විසින් එවනු ලැබූ දූතයෙකු නොවන්නෙහිය." යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට "සැබැවින්ම මා මාගේ පරමාධිපති වෙතින් නුඹලා වෙත එවන ලද දූතයකු බවට මා අතර හා නුඹලා අතර අල්ලාහ් ම ප්රමාණවත්ය. මා ගැන විස්තර කරමින් දිව්යමය පුස්තකයන්හි සඳහන් දැනුම්වත් කිරීම ඔහු අබියසින් විය. කිසිවෙකුගේ සත්යතාව ගැන අල්ලාහ්ම සාක්ෂි වශයෙන් සිටින්නේ නම් බොරු කරන්නන්ගේ බොරුව ඔහුට කිසිදු හානියක් ගෙන දෙන්නේ නැත." පවසනු.

İbrahim 14:1

(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. අහෝ දූතය! අල්ලාහ්ගේ අනුහසින් හා උපකාරයෙන් දේව ප්රතික්ෂේපය, අඥානකම හා මුළාව යනාදියෙන් දේව විශ්වාසය, දැනුම හා මග පෙන්වීම වෙතත් සියලු දෑහි ප්රශංසාලාභී මෙන්ම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ගේ මාර්ගය වන ඉස්ලාමයේ පිළිවෙත වෙතත් ජනයාව නුඹ රැගෙන යනු පිණිස සැබැවින්ම අපි නුඹ වෙත මෙම අල් කුර්ආනය පහළ කළෙමු.

İbrahim 14:2

අහස්හි ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ආධිපත්යය ද ඔහුට පමණක් සතුය. ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සාය. ඔහුගේ මැවීම් අතුරින් ඔහුට කිසිවෙකු සමාන කළ නොහැක. ප්රතික්ෂේප කළවුන් බලවත් දඬුවමක් ලබනු ඇත.

İbrahim 14:3

මතුලොව ජීවිතය හා එහි ඇති සදාතනික සුවපහසුකම් වලට වඩා මෙලොව ජීවිතය හා එහි ඇති පහත් සුව පහසුකම් තෝරා ගන්නා, අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වෙනතකට යොමු කරවන, කිසිවෙකුට ඒ මත ගමන් කළ නොහැකි සේ ඍජු භාවයෙන් නැඹුරු වී, සත්යයෙන් හැරී එම මාර්ගය විකෘති කිරීමට බලන දෙවියන් ප්රතික්ෂේප කළවුන් වනාහි, මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් සත්යයෙන් හා නිවැරදි භාවයෙන් අන්ත මුළාවෙහි පසුවන්නෝ වෙති.

İbrahim 14:4

අල්ලාහ් වෙතින් දහම් දූතයකු ගෙන ආ දෑ ඔහුගේ ම සමාජයට පහසුවෙන් වටහා ගත හැකි වනු පිණිස ඔහුගේම ප්රජාවේ භාෂාවෙන් කතා කරන්නෙකු ලෙස මිස කිසිදු දහම් දූතයෙකු ඔවුන් අතරට අපි නොඑව්වෙමු. අල්ලාහ්ව විශ්වාස කරන මෙන් ඔවුනට බල කිරීම සඳහා අපි ඔහු නොඑව්වෙමු. අල්ලාහ්ගේ යුක්ති ධර්මය මත ඔහු අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අයට ඔහුගේ භාග්යයෙන් යහමග වෙත ආශිර්වාද කරයි. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැළසුමෙහි මහා ප්රඥාවන්තය.

İbrahim 14:5

සැබැවින්ම අපි මූසා ව දහම් දූතයෙකු සේ එව්වෙමු. ඔහුගේ සත්යතාවයත් සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපති වෙතින් එවන ලද දූතයෙකු බවත් තහවුරු කරන ප්රාතිහාර්යයන් තුළින් අපි ඔහු ශක්තිමත් කළෙමු. දේව ප්රතික්ෂේපයෙන් හා අඥාන කමින් දේව විශ්වාසය හා දැනුම වෙත ඔහුගේ සමූහයාව යොමු කරන මෙන් අපි ඔහුට නියම කළෙමු. ඔවුනට අල්ලාහ් අශිර්වාද කළ දිනයන් පිළිබඳත් ඔවුනට මතක් කරන මෙන් නියම කළෙමු. එම දිනයන්හි අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ අතිමහත් ශක්තිය පැහැදිළි ව පෙන්වා දෙන සාධක තිබිණි. දේව විශ්වාසීන්හට ඔහු ආශිර්වාද කළේය. අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසීමෙන් කටයුතු කරන ඔහුගේ ආශිර්වාදයන් හා පක්ෂපාතිත්වය සඳහා කෘතගුණ සැලකීමෙහි අඛණ්ඩ ව නිරතවන්නන්හට එමගින් ප්රයෝජන ඇත.

İbrahim 14:6

අහෝ දූතය! මූසා තුමා ඔහුගේ පරමාධිපතිගේ නියෝගය පිළිපදින්නට ගත් අවස්ථාව මෙනෙහි කරනු. එවිට එතුමා ඉස්රාඊල් දරුවන් අතරින් වූ ඔහුගේ ජනතාවට අල්ලාහ් ඔවුන් වෙත පිරිනැමූ ආශිර්වාදයන් මතක් කර දෙමින් "මාගේ ජනයිනි! ෆිර්අවුන්ගේ රාජ්යය පාලනය භාරගන්නා කිසිවෙකු නුඹලා අතර බිහි නොවනු වස් නුඹලාගේ පිරිමි දරුවන් මරා දමමින්, කාන්තාවන්ට ජීවිත දානය දී, ඔවුන් රඳවාගෙන හෑල්ලුවට හා අවමානයට ලක් කරමින් නුඹලාට දැඩි සේ දඬුවම් පමුණුවා, ප්රචණ්ඩ ක්රියාවන් සිදු කළ ෆිර්අවුන් පැළැන්තියෙන් නුඹලා මුදවා ආරක්ෂා කරමින් නුඹලාට අල්ලාහ් කළ ආශිර්වාදය මෙනෙහි කරනු. ඔවුන්ගේ ක්රියාවන්හි ඉවසීම මත පදනම් වූ අතිමහත් පරීක්ෂණයක් නුඹලාට විය. මෙම පරීක්ෂණය මත නුඹලා ඉවසා දරාගත් හේතුවෙන් විපාක වශයෙන් ෆිර්අවුන් පැළැන්තියේ විනාශකාරී ක්රියාවෙන් අල්ලාහ් නුඹලා බේරා ගත්තේය." යැයි පැවසීය.

İbrahim 14:7

මූසා ඔවුනට, "නුඹලාගේ පරමාධිපති නුඹලාට මනා ලෙස දැනුම් දෙමින් ඉගැන් වූ අවස්ථාව මෙනෙහි කරනු. සඳහන් කරන ලද එම ආශිර්වාද තුළින් නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් නුඹලා කෘතවේදී වූයෙහු නම් ඒ වෙනුවෙන් ඔහු ඔහුගේ ආශිර්වාද පිරිනැමීමත් භාග්යයන් ලබා දීමත් නුඹලාට අධික කරනු ඇත. නුඹලාට පිරිනැමූ ආශිර්වාද ප්රතික්ෂේප කොට නුඹලා කෘතඥ නොවූයේ නම් එසේ ඔහුගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට ඒ සඳහා කෘතඥ නොවූවන් හට සැබැවින්ම ඉතා දරුණු දඬුවම් ඇත්තේය." යැයි පැවසීය.

İbrahim 14:8

මූසා තම ජනයාට, "මාගේ ජනයිනි! නුඹලා ප්රතික්ෂේප කළේ නම් ද, නුඹලා සමගම මහපොළොවේ වෙසෙන සියලු දෙනා ප්රතික්ෂේප කළේ නම් ද දැනගනු. නුඹලා ප්රතික්ෂේප කිරිමේ හානිය නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ ගුණාංගයෙන්ම ඔහු අනිවාර්යය ප්රශංසාවට ලක්වන්නාය. දේව විශ්වාසීන්ගේ විශ්වාසය ඔහුට කිසිදු ප්රයෝජනයක් ලබා නොදෙන අතරම දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රතික්ෂේපය ඔහුට කිසිදු හානියක් ඇති නොකරන්නේය." යැයි පැවසීය.

İbrahim 14:9

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! නුඹලාට පෙර විසූ නූහ්ගේ සමූහයා, හූද්ගේ සමූහයා වන ආද්, සාලිහ්ගේ සමූහයා වන සමූද් මෙන්ම ඔවුනට පසු පැමිණි බොරුකාර ජන සමූහයන් විනාශ කිරීමේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ඉතා අධිකය. අල්ලාහ් හැර ඔවුන්ගේ සංඛ්යාව කිසිවෙකු ගණනය කර නැත. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක රැගෙන ආවෝය. එම දූතවරුන් පිළිබඳ ඔවුනට තිබූ ක්රෝධය හේතුවෙන් ඔවුහු ඔවුන්ගේ අත් ඔවුන්ගේ කටවල් තුළට දමා සපා කෑවෝය. ඔවුහු ඔවුන්ගේ දූතවරුන්ට, "නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවෙහු ද සැබැවින්ම අපි ඒවා ප්රතික්ෂේප කළෙමු. නුඹලා කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නෙහු ද ඒ ගැන දැඩි ලෙස සැකයෙහි පසුවන්නෙමු" යැයි පැවසූහ.

İbrahim 14:10

ඔවුන්ගේ දූතවරුන් ඔවුනට පිළිතුරු වශයෙන් "අල්ලාහ්ගේ ඒකීයත්වයේ හා ඔහුට පමණක් නැමදුම් කිරීමෙහි සැකයක් තිබේ ද? ඔහු අහස් හි මැවුම්කරුය. මහපොළොවේ මැවුම්කරුය. කිසිදු පූර්ව උදාහරණයකින් තොර ව ඔහු ඒ දෙක ඇති කළේය. එමගින් නුඹලාගේ පෙර පාපකම් නුඹලාගෙන් මකා දමනු පිණිස ඔහු දේව විශ්වාසය වෙත නුඹලාව ඇරයුම් කරයි. නුඹලාගේ මෙලොව ජීවිතයේ නියමිත කාලය අවසන් වන තෙක් නුඹලාව ප්රමාද කරයි." යැයි පැවසූහ. ඔවුන්ගේ සමූහයා ඔවුනට "නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපට වඩා අමතර දෙයක් නුඹලාට නැත. අපගේ මුතුන් මිත්තන් කවර දැයකට නමදිමින් සිටියේ ද ඉන් අප හරවන්නට නුඹලා අපේක්ෂා කරන්නෙහුය. සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙතින් අප වෙත පැමිණි දූතවරුන් යැයි නුඹලා කරන වාදයෙහි නුඹලා ව තහවුරු කරන පැහැදිලි සාධක අප වෙත ගෙන එනු" යැයි පැවසුවෝය.

İbrahim 14:11

ඔවුන්ගේ දූතවරු ඔවුනට පිළිතුරු වශයෙන්, "අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එහිදී නුඹලා සමානකම් දක්වන උපමාව අපි හෙළා නොදකිමු. නමුත් මෙම සමානකම් දක්වන උපමා කිරීම සියලු දෑහි අනිවාර්යය වන්නේ නැත. නමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට විශේෂ ආශිර්වාදයන් පිරිනමා උසස් කරවයි. ජනයා වෙත දහම් දූතයින් ලෙස ඔවුන් තෝරා ගනියි. අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලා ඉල්ලන සාක්ෂි සාධක නුඹලා වෙත ගෙන ඒමට අපට කිසිදු සුදුසුකමක් නැත. ඒවා ගෙන ඒම අප සමග සම්බන්ධ වූවක් නොවේ. ඒ සඳහා බලය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය." යැයි පැවසුවෝය.

İbrahim 14:12

අප අතර හා ඔහු කෙරෙහි භාර කිරීම අතර වළක්වන්නා කවරෙකු ද? එයට හේතු ව කුමක් ද? සැබැවින්ම ඔහු ඉතා බලවත් හා පැහැදිලි මාර්ග සඳහා අපට මග පෙන්වීය. බොරු කරමින් හා අවමන් කරමින් නුඹලා අපහට කළ වේදනාවන් මත අපි ඉවසිල්ලෙන් කටයුතු කර ඇත්තෙමු. ඔහු පිළිබඳ විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතුවලදී ඔහු මත පමණක් රැඳී සිටීම අනිවාර්යය වන්නේය.

İbrahim 14:13

එම රසූල්වරුන්ගේ ජන සමූහයන් අතර සිටි ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතවරුන් සමග වාද කිරීමෙන් අසමත් වූ කල්හි, "සැබැවින්ම අපි නුඹලා ව අපගේ ගම්මානයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලාගේ දහම අතහැර අපගේ දහමට නුඹලා නැවත හැරෙනු." යැයි පැවසූහ. එවිට එම දූතවරුන් ස්ථාවර කරමින්, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළ අපරාධකරුවන් සැබැවින්ම අපි විනාශ කරන්නෙමු" යැයි අල්ලාහ් ඔවුනට දේව පණිවිඩ දන්වා සිටියේය.

İbrahim 14:14

අහෝ දූතවරුනි, ඔවුන් විනාශ කිරීමෙන් පසුව නුඹලා හා නුඹලාව අනුගමනය කළවුන් අපි එම භූමියේ පදිංචි කරවන්නෙමු. බොරුකාර දේව ප්රතික්ෂේපකයින් විනාශ කිරීම, ඔවුන්ගේ විනාශයෙන් පසු ව ඔවුන්ගේ දූතවරුන් හා දේව විශ්වාසීන් එම භූමියේ පදිංචි කරවීම යනාදී වශයෙන් සඳහන් කළ එම කරුණු මාගේ ශ්රේෂ්ඨත්වය සහ ඔහු කෙරෙහි මා සෝදිසියෙන් සිටින අය හා වධහිංසා ගැන මාගේ අනතුරු ඇඟවීමට බිය වන අය සතු වේ.

İbrahim 14:15

එම දහම් දූතවරු ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන්ට උපකාර කරන මෙන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටියේය. සත්යය හෙළිවීමත් සමග එය පිළිගැනීමට මුරණ්ඩු වූ අහංකාර සෑම කෙනෙකුම විනාශයට පත් විය.

İbrahim 14:16

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම අහංකාරයා ඉදිරියේ අපාය පිහිටා තිබේ. එය ඔහු ව බලාපොරොත්තුවේ සිටියේය. නිරා වාසීන්ගෙන් වහනය වන සැරව එහි දී ඔහුට පොවනු ලැබෙයි. ඔහුගේ තිබහ ව සංසිදු නොවෙයි. පිපාසය මෙන්ම වෙනත් දඬුවම් තුළින් ඔහු වේදනාවට භාජනය කරනු ලබයි.

İbrahim 14:17

එහි පවතින තිත්තකම, උණුසුම හා දුර්ගන්ධය නිසා එය නැවත නැවතත් පානය කිරීමට උත්සාහ කරයි. නමුත් එය ගිලීමට නොහැකි වෙයි. නියමිත දඬුවමට ගැළපෙන පරිදි දරුණු ආකාරයෙන් මරණය ඔහු වෙත ළඟා වෙයි. නමුත් ඔහු මරණයට පත් නොවී විවේකයක් ලබයි. පසුව දඬුවමට අවශ්ය පරිදි යළි ජීවමානව රැඳෙයි. තවත් පැත්තකින් දැඩි දඬුවමක් ඔහු ඉදිරියේ බලාපොරොත්තුවෙන් සිටියි.

İbrahim 14:18

දුබලයින් හට දානමාන කිරීම, උපකාර කිරීම හා කරුණාව දැක්වීම යනාදී ලෙස දේව ප්රතික්ෂේපකයින් විසින් ඉදිරිපත් කරන යහපත් ක්රියාවන්ට උපමාව සුළඟ දැඩි ලෙස හමන චන්ඩමාරුතයක් පවතින දිනක සුළගේ දැඩි භාවය හේතුවෙන් එය බලවත් ලෙස උසුලාගෙන ගොස් කිසිදු සළකුණක් ඉතිරි නොවන සේ සෑම තැනකම විසුරුවා හරින ලද අළු බඳුය. දේව ප්රතික්ෂේපකයින්ගේ ක්රියාවන් ද එලෙසය. දේව ප්රතික්ෂේපය ඒවා හමා යන්නට සලස්වයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා අයත් උදවියට ඒවායින් කිසිදු පලක් ඇති වන්නේ නැත. එය දේව විශ්වාසය මත පදනම් නොවූ ක්රියාවකි. සත්ය මාර්ගයෙන් දුරස් වූ නොමඟ යෑමකි.

İbrahim 14:19

අහෝ මිනිස! සැබැවින්ම අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවූ බවත් මහපොළොව මැවූ බවත් ඔබ නොදන්නෙහි ද? ඒ දෙක ඔහු නිකරුණේ මවා නැත. අහෝ ජනයිනි! නුඹලා ව පහකොට, නුඹලා වෙනුවට ඔහුට නමදින, ඔහුට අවනත වන තවත් මැවීමක් ගෙන එන්නට ඔහු අභිමත කරන්නේ නම්, නුඹලා ව පහ කොට ඔහුට නමදින හා අවනත වන තවත් මැවීමක් ගෙන එනු ඇත. එය ඔහුට පහසු මෙන්ම සුළු කාර්යයකි.

İbrahim 14:20

නුඹලා ව විනාශ කොට නුඹලා නොවන වෙනත් මැවීමක් ගෙන එන්නට අල්ලාහ් නොහැක්කෙකු නොවේ. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක.

İbrahim 14:21

නැවත ගෙන්වා ගනු ලබන දිනයේ සියලු මැවීම් ඔවුන්ගේ මිණීවලවල් සිට බැහැර වී අල්ලාහ් වෙත එනු ඇත. නායකත්වය දරන ප්රධානීන්හට දුර්වල අනුගාමිකයින්, "අහෝ ප්රධානියනි! සැබැවින්ම අපි නුඹලාව අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. නුඹලාගේ නියෝග අපි පිළිපැද්දෙමු. නුඹලා තහනම් කළ දැයින් වැළකී සිටියෙමු. එහෙයින් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් පැමිණි විට එයින් අප ව වළක්වාලීමට නුඹලාට හැකි දැ?"යි විමසා සිටිති. එයට නායකත්වය දැරූ ප්රධානීහු "යහමග වෙත අල්ලාහ් අපට ආශිර්වාද කළේ නම් අපි නුඹලාව ඒ වෙත මග පෙන්වා ඔහුගේ දඬුවමින් සියල්ලන් අපි මුදවා ගන්නෙමු. නමුත් අප ද නොමග ගොස් නුඹලා ද නොමග හැර ඇත. දඬුවම ඉසිලීමේදී අප දුර්වලවීම හෝ ඉවසීමෙන් දරා සිටීම අප හා නුඹලා වෙත සමාන වන්නේය. දඬුවමින් පළා යන ස්ථානයක් අපට නැත" යැයි පවසනු ඇත.

İbrahim 14:22

ස්වර්ග වාසීන් ස්වර්ගයට පිවිස නිරාවාසීන් නිරා ගින්නට පිවිසෙන කල්හි ෂෙයිතාන්, "සැබැවින්ම අල්ලාහ් නුඹලාට ලබා දී ඇති ප්රතිඥාව සැබෑ ප්රතිඥාවකි. නුඹලාට ප්රතිඥා දුන් දෑ ඔහු නුඹලාට ඉෂ්ඨ කර ඇත. නමුත් මම නුඹලාට දුන් ප්රතිඥාව ව්යාජ ප්රතිඥාවකි. මා නුඹලාට කවර ප්රතිඥාවක් දුන්නේ ද එය මා ඉටු කළේ නැත. මෙලොවෙහි දේව ප්රතික්ෂේපය හා මුළාව නුඹලා මත බලාත්මක කිරීමට කිසිදු අයිතියක් මට නොවීය. නමුත් නුඹලා මාගේ අනුගාමිකයින් වෙත යුහුසුළුව ගියේය. නුඹලාට අත් වූ මුළාව සම්බන්ධයෙන් නුඹලා මට දොස් නොනගනු. නුඹලා නුඹලාටම දොස් නගනු. දොස් නැගීමට වඩාත් සුදුසු වනුයේ එයයි. නුඹලාගෙන් දඬුවම වළක්වා නුඹලාට උදව් කරන්නෙකු ලෙස මා නැත. මගෙන් එය වළක්වා මට උදව් කරන්නන් ලෙස නුඹලා නැත. නැමදුමෙහි අල්ලාහ්ට ආදේශ තබමින් නුඹලා මා පත් කර ගැනීම සැබැවින්ම මම ප්රතික්ෂේප කරමි." මෙලොවෙහි අල්ලාහ්ට ආදේශ තබමින් ඔහු ව ප්රතික්ෂේප කරමින් අපරාධ කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අපේක්ෂාවෙන් බලා සිටින වේදනීය දඬුවමක් ඔවුනට ඇත.

İbrahim 14:23

අපරාධකරුවන් යොමු වන ස්ථානයට ප්රතිවිරුද්ධව, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් ස්වර්ග මාලිගාවන් හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ඇතුල් කරවයි. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් හා අනුමැතියෙන් ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සුබ පතයි. මලක්වරුන් ඔවුනට සුබ පතන අතරම ඔවුන්ගේ පරමාධිපති ද ඔවුනට -සලාම්- ශාන්තිය යන වදනින් සුබ පතනු ඇත.

İbrahim 14:24

අහෝ දූතය! ලා ඉලාහ ඉල්ලල්ලාහු -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත- යන දේව ඒකීයභාවයේ ප්රකාශයට අල්ලාහ් උපමා ගෙන හැර පානුයේ කෙසේදැ?යි නුඹ නොදුටුවෙහිද? ඔහු එය දැහැමි ගසකට උපමා කළේය. එය ඉඳි ගසකි. එහි මුදුන් මුල භූමියේ ස්ථිවර පවතී. එහි මුල්වලින් එය ජලය උරා ගනියි. අහස දෙසට එසවී ඇති එහි අතු රිකිලි වලින් එය පිණි දිය උරා ගනියි. පසුව එය නැවුම් වාතය ආශ්වාස කරයි.

İbrahim 14:25

මෙම නැවුම් ගස එහි පරමාධිපතිගේ නියෝගය මත සෑම වේලාවකම එහි නැවුම් පළතුරු පිරි නමයි. ජනයා මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙන් උත්තරීතර අල්ලාහ් මෙම උදාහරණ ගෙන හැර දක්වයි.

İbrahim 14:26

ෂිර්ක් හෙවත් කිලිටි ආදේශයේ වදනට උපමාව අස්ථාවර ගසක උපමාවය. එය කැකිරි ගසකි. එය මුල සමගම උගලනු ලැබේ. මහපොළොවෙහි ශක්තිමත්ව ස්ථාවර ව සිටිය හැකි මුල් එයට නැත. අහසට එසවී යන අතු ද නැත. එය දිරාපත් වී සුළඟට ගසාගෙන යයි. එසේම දේව ප්රතික්ෂේපයේ ප්රකාශය විනාශය වෙත නැඹුරු කරවයි. එවන් පුද්ගලයින් සතු කිසිදු යහපත් ක්රියාවක් අල්ලාහ් වෙත ආරෝහණය වන්නේ නැත.

İbrahim 14:27

ස්ථාවර ඒකීයත්වයේ ප්රකාශ තුළින් දෙවියන් විශ්වාස කරන්නන් එම විශ්වාසය මතම මිය යන තෙක් අල්ලාහ් ඔවුන් මෙලොව ජීවිතයේ පරිපූර්ණ දේව විශ්වාසයෙන් ස්ථාවර කරනු ඇත. එමෙන්ම බර්සක් ජීවිතයේ ඔවුන්ගේ මිනීවලවල් තුළ ප්රශ්න විමසන විට ද ඔහු ඔවුන් ස්ථාවර කරනු ඇත. අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා නිවැරදි හා ඍජු මාර්ගයෙන් පෙරළී ඔහුව ප්රතික්ෂේප කරන අපරාධකරුවන් ඔහු නොමග යන්නට ඉඩ හරිනු ඇත. ඔහුගේ යුක්ති ධර්මය අනුව කෙනෙකු නොමග යන්නට අපේක්ෂා කළේ නම් ඔහුගේ අභිමතය ඔහු සිදු කරන්නේය. ඔහුගේ භාග්යයෙන් යමෙකු යහමග යන්නට ඔහු අපේක්ෂා කළේ නම් එය වළක්වන කිසිවෙකු නොවනු ඇත.

İbrahim 14:28

ශුද්ධ භූමිය තුළ රැකවරණය පිදීමෙන් හා ඔවුන් අතර මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවා සිටීමෙන් ඔවුනට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය ගැන විරෝධය දැක් වූ අවස්ථාවේ ඒවා පිළිබඳ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරමින් සිටි කුරෙයිෂ්වරුන්ගේ තත්ත්වය සැබැවින්ම නුඹ දැක ඇත. එනම් එතුමාණන් කවර කරුණක් ඔහුගේ පරමාධිපතිගෙන් ගෙන ආවේ ද එවන් දෑ බොරු කිරීමෙන් ඔහුගේ ආශිර්වාදය ප්රතික්ෂේප කිරීමෙනි. ඔවුහු ඔවුන්ගේ සමාජය අතරින් දේව ප්රතික්ෂේපය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළවුන් විනාශයේ නිවහන වෙත ඇද දැමුවෝය.

İbrahim 14:29

විනාශයේ නිවහන අපාය වේ. ඔවුහු එහි පිවිස එහි උෂ්ණත්වය විඳවති. ඔවුන් නවාතැන් ගන්නා නවාතැන ඉතා අයහපත් විය.

İbrahim 14:30

දෙවියන්ට ආදේශ තබන්නෝ අල්ලාහ්ට සමානයන් හා ආදේශයන් ඇති කළෝය. එය ඔවුන් එයින් මුළාවීමෙන් පසු ඔවුන් අනුගමනය කළවුන් ව ද අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග හරිනු පිණිසය. "අහෝ දූතය! ඔවුනට ‘නුඹලා කවර ආශාවන් තුළ සිටින්නෙහු ද ඒවා භුක්ති විඳිනු. මෙලොව ජීවිතයේ සැක හා කුතුහලයන් පතුරුවා හරිනු. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ නිරා ගින්න වෙතය. (බව දැනගනු) එසේ යොමු වන්නට ඒ හැර වෙනත් තැනැක් නුඹලාට නැත." යැයි පවසනු.

İbrahim 14:31

අහෝ දූතය! දේව විශ්වාසී මුඃමින්වරුන්ට මෙසේ පවසනු. "නුඹලා සලාතය පරිපූර්ණ ලෙස ඉටු කරනු. අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් අනිවාර්යය මෙන්ම සතුටු දායක කටයුතු සඳහා වියදම් කරනු. එවිට මුහුණිච්ඡාවට බියෙන් සඟවමින් ද වෙනත් අය නුඹලාව පිළිපදිනු පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරනු. ගනුදෙනු කරන කිසිදු ව්යාපාරයක් හෝ අල්ලාහ්ගේ දඬුවමින් මිදෙන්නට කිසිදු වන්දියෙක් හෝ මිතුරෙකු තම මිතුරාට මැදිහත් වීම තරම් මිතු දමක් හෝ නොපවතින දිනයක් පැමිණීමට පෙර නුඹලා වියදම් කරනු."

İbrahim 14:32

කිසිදු පූර්වාදර්ණයකින් තොර ව අහස් උත්පාදනය කළේත්, මහපොළොව උත්පාදනය කළේත් අල්ලාහ්ය. එමෙන්ම, අහෝ ජනයිනි! ඔහු අහසින් වැසි ජලය පහළ කොට එම පහළ වූ ජලයෙන් නුඹලාට පෝෂණ සම්පත් වශයෙන් විවිධ වර්ගයේ බවභෝග ඔහු හට ගැන්වීය. ඔහුගේ නියමයට අනුකූලව ජලය මත යාත්රා කරන නැව් ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. එමෙන්ම නුඹලා පානය කරනු පිණිසත්, නුඹලාගේ ගොවිපළ සතුන් හා නුඹලාගේ ගොවිබිම්වලට ජලය සැපයීම පිණිසත් ඔහු නුඹලාට ගංගාවන් වසග කර දුන්නේය.

İbrahim 14:33

අඛණ්ඩ ව ගමන් කරන හිරු හා සඳු ද ඔහු වසඟ කර දුන්නේය. එකින් පසු එකක් ලෙස පැමිණෙන රාත්රිය හා දහවල ද නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. රාත්රිය නුඹලාගේ නින්ද හා නුඹලාගේ විවේකය සඳහාය. දහවල නුඹලා දිරියෙන් හා වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීම සඳහාය.

İbrahim 14:34

නුඹලා ඔහුගෙන් ඉල්ලා සිටි සියලු දෑ ද, නුඹලා ඔහුගෙන් ඉල්ලා නොසිටි දෑ ද ඔහු නුඹලාට පිරිනැමීය. අල්ලාහ්ගේ සම්පත් නුඹලා ගණනය කරන්නේ නම් ඒවායෙහි අධිකත්වය හා ප්රමාණය බහුලව නිසා ඒවා ගණන් කිරීමට නුඹලාට නොහැකිය. ඒවායින් උදාහරණ කිහිපයක් නුඹලාට මෙනෙහි කර ඇත්තේය. සැබැවින්ම මිනිසා උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද අධික ලෙස හෙළා දකිමින් ඔහු ඔහුටම අරපාධ කර ගෙන ඇත.

İbrahim 14:35

අහෝ දූතය! "යා අල්ලාහ්! මාගේ පවුලේ අය පදිංචි කළාවූ මෙම නගරය එනම් මක්කා පුරවරය ආරක්ෂිත නගරයක් බවට පත් කරනු මැනව. එහි කිසිවෙකු අපරාධයට ලක් නොකරනු. මා හා මාගේ දරුවන් පිලිම වන්දනාවෙන් දුරස්ථ කරනු" යැයි ඉබ්රාහීම් ඔහුගේ පුත් ඉස්මාඊල් සහ ඔහුගේ (ඉස්මාඊල්ගේ) මව හාජරා මක්කා නිම්නයෙහි පදිංචි කළ අවස්ථාවේදී පැවැසූ කරුණු ගැන මෙනෙහි කරනු.

İbrahim 14:36

"මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම එම පිළිමවල් තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි ජනයා සිතන තරමට බොහෝ දෙනා නොමග යවා ඇත. එමගින් ඔවුන් අර්බුදයට ලක්ව ඇත. අල්ලාහ් හැර දමා ඔවුහු ඒවාට නැමදුම් කළෝය. අල්ලාහ් ඒකීයත්වයට පත්කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි කවරෙකු මා අනුගමනය කළේ ද සැබැවින්ම ඔහු මගේ පාර්ශවයේ හා මා අනුගමනය කළවුන්ගෙන් කෙනෙකි. එමෙන්ම කවරෙකු මට පිටුපා ඔබ ව ඒකීයත්වයට පත් කිරීමෙහි හා ඔබට අවනත වීමෙහි මා අනුගමනය නො කළේ ද එවිට අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ සමාව දීමට අභිමත කළ අයගේ පව් වලට ඔබ සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

İbrahim 14:37

"මාගේ පරමාධිපතියාණනි! මාගේ පරම්පරාවෙන් පිරිසක් - එනම් ඉස්මාඊල් හා ඔහුගේ දරුපරපුර - කිසිඳු ගහක් කොළක් නොමැති, ජලය නොමැති මක්කා මිටියාවතෙහි ඔබේ ශුද්ධ වූ නිවස අසළ මම පදිංචි කළෙමි. ඔවුන් එසේ ඒ අසල මා පදිංචි කළේ ඔවුහු එහි සලාතය විධිමත්ව ඉටු කරනු පිණිසය. මාගේ පරමාධිපතියාණනි! ඒ වෙතත් එම දේශය වෙතත් මිනිස් හදවත් ප්රිය කරන්නන් බවට පත් කර දෙනු. ඔවුන් වෙත ඔබ පිරිනැමූ ආශිර්වාදයන් සඳහා ඔබ කෘතඥවීමේ යහපත් බලාපොරොත්තු ඇති කර ගනු වස් ඔබ ඔවුනට (නානා ප්රකාර) පෝෂණ සම්පත් ලබා දෙනු මැනව!"

İbrahim 14:38

"අපගේ පරමාධිපතියාණෙනි! අප රහසින් සිදු කරන දෑ සැබැවින්ම ඔබ දන්නෙහිය. එමෙන්ම අප ප්රසිද්ධියේ සිදු කරන දෑ ද ඔබ දන්නෙහිය. මහපොළොවේ හා අහසේ හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ ගැන ඔහු දන්නේය. එහෙයින් අපගේ අවශ්යතාවන් හා අසරණකම ඔහුට සැඟවී යන්නේ නැත."

İbrahim 14:39

"කෘතඥතාව හා ප්රශංසාව මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී මට දැහැමියන් දායාද කළ ශුද්ධවන්ත අල්ලාහ්ටම සතුය. මාගේ වයස්ගත කාලයේ හාජර් විසින් ඉස්මාඊල් ද සාරා විසින් ඉස්හාක්ද ඔබ මට පිරිනැමුවේය. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් ප්රාර්ථනා කරන්නන්ගේ ප්රාර්ථනාවට සවන් දෙන්නාය."

İbrahim 14:40

"මාගේ පමරධිපතියාණනි! පූර්ණ අයුරින් සලාතය ඉටු කරන්නෙකු බවට මා පත් කරනු මැනව! තවද එලෙසම මාගේ පරපුරද එය ඉටු කරන්නන් බවට පත් කරනු මැනව! මාගේ ප්රාර්ථනාවට පිළිතුරු දී ඔබ අබියස එය පිළිගැනීමට ලක් කරනු මැනව!"

İbrahim 14:41

"මාගේ පරමාධිපතියාණනි! මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මාගේ දෙමාපියන්ගේ පව්වලට ද සමාව දෙනු මැනව! (එතුමා එය ප්රකාශ කළේ එතුමාගේ පියා අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගන්නට පෙරය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැනගත් කල්හි එතුමා එයින් ඉවත් වූහ.) මිනිසුන් විනිශ්චය සඳහා ඔහුගේ පරමාධිපති අබියස නැගී සිටින දිනයේ දේව විශ්වාසීන්ගේ පව්වලටත් ඔබ සමාව දෙනු මැනව!"

İbrahim 14:42

අපරාධකරුවන්ට අල්ලාහ් දඬුවම ප්රමාද කරන විට, ඔවුන්ගේ බොරු කීම ගැන හෝ අල්ලාහ්ගේ මාර්ග අවහිර කිරීම ගැන හෝ ඔවුන් සිදු කළ වෙනත් අපරාධ ගැන හෝ ඔහු අනවධානයෙන් සිටින බව නොසිතනු. ඔහු ඒ ගැන දන්නේය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. එසේ ඔවුන්ගේ දඬුවම ප්රමාද කරනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා පමණය. එදින ඔවුන් දෑසින් දකින ව්යසනයන්ට බියෙන් ඔවුන්ගේ බැල්ම ඉහළට එසවී තිබෙනු ඇත.

İbrahim 14:43

ජනයා ඔවුන්ගේ මිනීවලවල් වලින් අවදි වී, නිවේදනය කරන්නා වෙත සීඝ්රයෙන් දිව යන විට ඔවුන්ගේ හිස් අහස දෙසට කණස්සල්ලෙන් එසවී පවතී. ඔවුන්ගේ බැල්ම ඔවුන් වෙත නැවත හැරී එන්නේ නැත. ඔවුන් එකිනෙකා දකින අර්බුද හේතුවෙන් ඒවා සළකුණක් වශයෙන් රුඳී පවතී. ඔවුන්ගේ හදවත් දෑසින් දකින බිහිසුණු කම හේතුවෙන් කිසිදු වැටහීමක් හෝ බුද්ධියක් හෝ නොමැතිව හිස් ව පවතී.

İbrahim 14:44

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබේ සමූහයාට බිය ගන්වනු. (දඬුවම හිමි වන) එම අවස්ථාවේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුට ආදේශයන් තබා ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තවුන් වනාහි "අපගේ පරමාධිපතියාණනි, අපට අවකාශය දෙනු. අපගෙන් දඬුවම ප්රමාද කරනු. ටික කලකට මෙලොවට අප හරවා එවනු. අපි නුඹ ව විශ්වාස කරන්නෙමු. නුඹ අප වෙත එවූ එම දූතයින් අපි පිළිපදින්නෙමු." යැයි පවසති. එවිට ඔවුන් හෙළා දකිමින් "සැබැවින්ම නුඹලා මරණයෙන් පසු යළි නැගිටුවනු ලැබීම හෙළා දැක මෙලොව ජීවිතයෙන් මතුලොව ජීවිතය වෙත නොයන බව දිවුරා නොසිටියෙහුදැ?"යි පිළිතුරු වශයෙන් විමසා සිටිති.

İbrahim 14:45

"අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් හූද්ගේ ජනයා සහ සාලිහ්ගේ ජනයා වැනි නුඹලාට පෙර විසූ සමූහයන්ගේ වාසස්ථාන වලට නුඹලා ගොඩ බැස ඇත. ඔවුන්ට අත් වූ විනාශය නුඹලාට ඉතා පැහැදිලිය. නුඹලා උපදෙස් ලබනු පිණිස අල්ලාහ්ගේ පුස්තකයේ අපි ඒවා නුඹලාට උදාහරණ වශයෙන් ඉදිරිපත් කර ඇත්තෙමු. නමුත් නුඹලා එමගින් උපදෙස් නොලැබුවෙහුය."

İbrahim 14:46

එම කූට අපරාධකාරී සමූහයා විසූ වාසස්ථානවල ගොඩ බැස්ස මොවූහු ද, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ඝාතනය කිරීමටත් ඔහුගේ ප්රචාරය නවතාලීමටත් කුමන්ත්රණ කළෝය. ඔවුන්ගේ කුමන්ත්රණය ගැන අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ කූට සැලසුම් දුර්වලය. එය අල්ලාහ් ඔවුන් වෙත යොදා ඇති සැලසුම මෙන් නොව එහි දුර්වලභාවය නිසා කන්දක් හෝ වෙනත් දෙයක් හෝ ඉන් ඉවත් කළ නොහැක.

İbrahim 14:47

අහෝ දූතය! උදව් උපකාර කරන බවටත් දහම ප්රකාශනයට පත් කරන බවටත් තම දූතවරුන්ට ප්රතිඥා දුන් අල්ලාහ්, එසේ ඔහුගේ දූතවරුන්ට ප්රතිඥා දුන් දෑ කඩ කරන්නෙකු යැයි නුඹ නොසිතනු. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය. කිසිවක් ඔහුව පරාජය කළ නොහැක. ඔහුගේ සමීපතයින් ඔහු ගෞරව කරනු ඇත. එමෙන්ම ඔහු ඔහුගේ සතුරන්ගෙන් හා ඔහුගේ දූතවරුන්ගේ සතුරන්ගෙන් පළිගන්නාද වේ.

İbrahim 14:48

දෙවියන් ප්රතික්ෂේප කළ ජනයාට සමප්රතිචාර දැක්වීම සිදුවනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදීය. එදින මෙම පොළෝතලය සුදුවන් පිවිතුරු වෙනත් භූමියක් බවට වෙනස් කරනු ලැබේ. පවතින අහස් වෙනත් අහස් බවට පත් කරනු ලැබේ. ජනයා ඔවුන්ගේ මිනීවලවල් තුළින් ඔවුන්ගේම ශරීර සමග ඔවුන්ගේ සිදු කළ ක්රියාවන් රැගෙන ආධිපත්යයෙන් හා බලයෙන් ඒකාධිපති වූ අල්ලාහ් අබියස සිටගෙන සිටිනු ඇත. ඔහු මැඩලන්නාය. ඔහු මැඩලන්නාක් මෙන් කිසිවෙකු මැඩලන්නේ නැත. ඔහු අබිබවා යන මෙන් කිසිවෙකු අබිබවා යන්නේ නැත.

İbrahim 14:49

අහෝ දූතය! පොළොව වෙනත් පොළොවක් බවට පෙරළනු ලබන, අහස් ද පෙරළනු ලබන දින දෙවියන් ප්රතික්ෂේප කළවුන් හා ඔහුට ආදේශ තැබූවන් නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් වෙත දම්වැලෙහි බැඳ දමනු ලැබේ. එමෙන්ම ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද දම්වැලින් ඔවුන්ගේ ගෙල දක්වා අමුණනු ලැබේ. ඔවුන් පළඳින ඔවුන්ගේ ඇඳුම කතිරාන් නම් වේ. (එය අධික ලෙස දවාලන ද්රව්යයකින් සාදන ලද්දකි.) ගිනි දැල් ඔවුන්ගේ දරුණු මුහුණුවලට ඉහළින් පැන නගිනු ඇත.

İbrahim 14:50

අහෝ දූතය! පොළොව වෙනත් පොළොවක් බවට පෙරළනු ලබන, අහස් ද පෙරළනු ලබන දින දෙවියන් ප්රතික්ෂේප කළවුන් හා ඔහුට ආදේශ තැබූවන් නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් වෙත දම්වැලෙහි බැඳ දමනු ලැබේ. එමෙන්ම ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද දම්වැලින් ඔවුන්ගේ ගෙල දක්වා අමුණනු ලැබේ. ඔවුන් පළදින ඔවුන්ගේ ඇඳුම කතිරාන් නම් වේ. (එය අධික ලෙස දවාලන ද්රව්යයකින් සාදන ලද්දකි.) ගිනි දැල් ඔවුන්ගේ දරුණු මුහුණුවලට ඉහළින් පැන නගිනු ඇත.

İbrahim 14:51

එය සෑම ආත්මයක්ම ඔවුනොවුන් කළ යහපත් හෝ අයහපත් ක්රියාවන් සඳහා අල්ලාහ් ප්රතිඵල පිරිනමනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ක්රියාවන් සඳහා ඉතා සීග්රයෙන් විනිශ්චය කරන්නාය.

İbrahim 14:52

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද මෙම කුර්ආනය අල්ලාහ් වෙතින් ජනයාට දන්වා ඇති නිවේදනයකි. එය එහි ඇති දැඩි අවවාදයන් හා බිය ගැන්වීම් තුළින් ඔවුන් බිය කරවනු පිණිසය. තවද නැමදුමට සුදුස්සා සැබැවින්ම අල්ලාහ් පමණක් බව දැනගෙන, ඔවුන් ඔහුට නමැද කිසිවක් ඔහුට ආදේශ නොකරනු පිණිසය. තවද එමගින් උපදෙස් ලබා, මනා බුද්ධිය ඇත්තවුන් පාඩම් ලබනු පිණිසය. සැබැවින්ම මෙහි ඇති උපදෙස් හා පාඩම්වලින් ප්රයෝජනය ලබන්නෝ ඔවුහුමය.

Hicr 15:1

(අලිෆ්, ලාම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේ සඳහන් කර ඇත. සැබැවින්ම මෙය අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබු බවත් ඒවා දේව ඒකීයත්වය හා ආගමික නීති පිළිවෙත් පැහැදිලි කරන අල් කුර්ආනයේ උසස් පාඨ වේ.

Hicr 15:2

දෙවියන් ප්රතික්ෂේප කළවුන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, ඔවුනට මෙම කරුණු පැහැදිලි වන අවස්ථාවේ හා ඔවුන් මෙලොවෙහි දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටි දෑ නිෂ්ඵල බව ඔවුනට හෙළි වන අවස්ථාවේ ඔවුන් (දේව විශාවස කළ)මුස්ලිම්වරුන් වශයෙන් සිටියා නම් මැනව යැයි ආශා කරති.

Hicr 15:3

අහෝ දූතය! මෙම බොරුකාරයින්ට ගොවිපල සතුන් අනුභව කරන්නාක් මෙන් භුක්ති විඳින්නට ඉඩ දෙනු. තාවකාලික මෙලොව ආශාවන් ඔවුහු භුක්ති විදිති. ඔවුන්ගේ දිගු බලාපොරොත්තු දේව විශ්වාසයෙන් හා දැහැමි ක්රියාවන්ගෙන් ඔවුන් වෙනතකට යොමු කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අල්ලාහ් වෙත පැමිණෙන විට ඔවුන් සිටියේ අලාභයක බව ඔවුන් මතු දැනගනු ඇත.

Hicr 15:4

අපරාධකාරී ගම්මාන අතරින් යම් ගම්මානයක් වෙත අප විනාශය පහළ කරන විට, අල්ලාහ්ගේ දැනුමෙහි ඒ සඳහා නියමිත කාලයක් තිබුණා මිස නැත. ඊට පෙර හෝ ප්රමාද වෙමින් හෝ සිදු වූයේ නැත.

Hicr 15:5

සමූහයන් අතරින් යම් සමූහයක් වෙත ඒ සඳහා නියම කළ කාලයට පෙර එහි විනාශය පැමිණෙන්නේ නැත. නියමිත කාලය පැමිණි විට එය ප්රමාද කරනු ලබන්නේ ද නැත. අල්ලාහ් අපරාධකරුවන්ට ලබා දුන් කාල අවකාශය තුළ ඔවුන් වෙනස් විය යුතු නොවේ ද!

Hicr 15:6

මක්කාවාසීන් අතර සිටි දේව ප්රතික්ෂේපකයෝ දූතයාණන්හට (සල්ලල්ලාලාහු අලයිහි වසල්ලම්) "තමන් වාද කරන පරිදි මෙනෙහි කිරීම පහළ වී ඇති අයවලුනි! සැබැවින්ම නුඹ, මේ කරන වාදයේ උන්මත්තකයෙකි. උන්මත්තකයින් ක්රියා කරන අයුරින් නුඹ ද ක්රියා කරන්නෙහිය." යැයි පැවසුවෝය.

Hicr 15:7

නුඹ සත්යවාදීන් අතරින් කෙනෙකු නම්, සැබැවින් නුඹ එවනු ලැබූ නබිවරයෙකු යැයි ද සැබැවින්ම දඬුවම අපට පහළවන්නක් යැයි ද නුඹ වෙනුවෙන් සාක්ෂි දරන මලක්වරුන් අප වෙත නුඹ ගෙන ආ යුතු නොවේද?

Hicr 15:8

මලක්වරුන් පැමිණිය යුතු යැයි ඔවුන් එතුමාගෙන් කළ යෝජනාවට පිළිතුරු වශයෙන්, "දඬුවම් කිරීමෙන් නුඹලාගේ විනාශය පැමිණෙන විට ප්රඥාව නියම කරන දෑට අනුකූල වුවහොත් මිස අපි දේව දූතයන් පහළ නොකරන්නෙමු. -ඔවුන් විශ්වාස නොකරමින් සිටිය දී ඔවුන් වෙත අපි මලක්වරුන් අපි එව්වේ නම්- ඔවුන් අවකාශය ලබන්නන් ලෙස නොසිටිති. දඬුවම ඉක්මණින්ම පැමිණෙනු ඇත." යැයි අල්ලාහ් පවසයි.

Hicr 15:9

සැබැවින්ම අපි මෙම කුර්ආනය මිනිසුනට මෙනෙහි කිරීමක් වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හදවතට පහළ කළ අය වෙමු. එමෙන්ම අල් කුර්ආනයට අමතර යමක් එකතු වීමෙන් හෝ ඉන් යමක් අඩුවීමෙන් හෝ එය වෙනස් කිරීමෙන් හෝ විකෘති කිරීමෙන් හෝ එය ආරක්ෂා කරන්නේ අපමය.

Hicr 15:10

අහෝ දූතය! නුඹට පෙර ද දෙවියන් ප්රතික්ෂේප කරන සමූහයන් අතරට අපි දහම් දූතවරුන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. නුඹේ සමූහයා නුඹ ව බොරු කිරීමෙහි එම දූතවරුන් අතරින් ඔබ නව කෙනෙකු නොවන්නෙහිය.

Hicr 15:11

දෙවියන් ප්රතික්ෂේප කළ පෙර සමූහයා අතරට දහම් දූතයෙකු පැමිණි විට ඔවුහු ඔහු බොරු කොට ඔහු ගැන සමච්චල් කරමින් සිටියාහු මිස නැත.

Hicr 15:12

එම සමූහයන්ගේ සිත් තුළට බොරු කිරීම අපි ඇතුළත් කළාක් මෙන්ම, මක්කාවෙහි විසූ දේව ආදේශකයින්ගේ සිත් තුළ ද ඔවුන්ගේ පිටුපෑම හා මුරණ්ඩුකම හේතුවෙන් අපි එය ඇතුළත් කළෙමු.

Hicr 15:13

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය ඔවුහු විශ්වාස නොකරති. මීට පෙර පැමිණි දහම් දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කරමින් සිටි ජනයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත ඉකුත් ව ගොස් ඇත. ඔබ ව බොරු කරන්නන් මෙමගින් පාඩම් ලබත්වා!

Hicr 15:14

මෙම බොරුකරන්නන්හට පැහැදිලි සාධක තුළින් සත්යය වටහා දෙනු ලබන තෙක්ම ඔවුහු මුරණ්ඩුකමින් පසුවෙති. ඒ සඳහා අපි ඔවුනට අහසින් දොරටුවක් විවෘත කර දුන්න ද ඔවුහු එහි නැග යන්නට බලති.

Hicr 15:15

ඔවුන් සත්ය පවසන කල්හි ඔවුහු මෙසේ පවසා සිටියහ. "එම දැක්මෙන් අපගේ දැක්ම සැබැවින්ම බන්ධනය කරනු ලැබ ඇත. එය හූනියමක බලපෑමක් ලෙස අපි දකින්නෙමු. එහෙයින් අපි හූනියමට ලක්වූවෝ වෙමු."

Hicr 15:16

ගොඩබිමේ හෝ සාගරයේ හෝ රාත්රී අන්ධකාරයේ මිනිසුන් ගමන් කරන විට එමගින් මග සොයා ගනු පිණිස අහසේ අති විශාල තාරකාවන් අපි ඇති කළෙමු. එමෙන්ම ඒ දෙස බලන දකින දනන් හට අල්ලාහ්ගේ බලබමහිමය ගැන සාක්ෂි හා සාධක ඒවා මගින් ගනු පිණිස අපි ඒවා අලංකාරවත් කළෙමු.

Hicr 15:17

අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරින ලද සෑම ෂෙයිතානුවෙකුගෙන්ම අපි අහස ආරක්ෂා කළෙමු.

Hicr 15:18

උසස් ප්රාධානීන් වෙනුවෙන් රහසිගතව සවන් දෙන්නා හැර. ඔහු වෙත ඇවිළෙන උල්කාවක් කඩා වැටී ඔහු ව පුළුස්සා දමනු ඇත.

Hicr 15:19

ජනයා මහපොළොව මත වාසය කරනු පිණිස අපි එය දිග හැරියෙමු. මිනිසුන් චලනය නොවන තරමට ඒ මත අපි ස්ථාවර කඳු ඇති කළෙමු. ප්රඥා ව නියම කරන දෑ අනු ව නිර්ණය කරන ලද විවිධ වර්ගයේ පැළෑටි අපි එහි හට ගැන්වූයෙමු.

Hicr 15:20

නුඹලා මෙලොව ජීවිතය ගත කරන තාක්කල් නුඹලා වෙනුවෙන් ආහාර පාන වැනි නුඹලාගේ ජීවන සම්පත් අපි එම පොළොව මත ඇති කළෙමු. එමෙන්ම නුඹලා පෝෂණය නොකළා වූ නුඹලා හැර සෙසු මිනිසුන් හා සතුන්ට ද ඔවුන්ගේ ජීවන සම්පත් අපි ඇති කළෙමු.

Hicr 15:21

මිනිසුන් හෝ සතුන් ප්රයෝජනය ලබන යම් දෙයක් වී නම් එය ඇති කිරීමට හා එමගින් ජනයින්ට සෙත සලසන්නට බලය ඇත්තෝ අපමය. අප හැර වෙනත් කිසිවෙකු නැත. ඒවායින් අප ඇති කරන්නට යන දෑ අපගේ ප්රඥාව හා අපගේ අභිමතය නියම කරන නිශ්චිත ප්රමාණයකින් මිස අපි ඒවා ඇති නොකරන්නෙමු.

Hicr 15:22

වළාකුළු උසුලාගෙන යන සුළඟ අපි එව්වෙමු. එය උසුලාගෙන එන වළාකුළු මගින් වර්ෂාව පහළ කළෙමු. වර්ෂා මගින් අපි නුඹලාට ජලය සැපයූවෙමු. අහෝ ජනයිනි! උල්පත් ලෙස හෝ ළිං ලෙස හෝ පවතින්නට තරම් මහපොළොවේ එම ජලය රඳවා ගෙන සිටින ගබඩාකරුවන් නුඹලා නොවන්නෙහුය. එහි ගබඩා කර තබන්නේ අල්ලාහ්මය.

Hicr 15:23

ශුන්ය තත්වයේ සිට ඔවුන් මැවීමෙන් හා මිය ගිය පසු යළි ඔවුන් අවදි කිරීමෙන් මිය ගිය ඇත්තන්හට යළි ජීවය ලබා දෙන්නේ අපමය. ඔවුන් නියමිත ආයු කාලය සම්පූර්ණ කළ විට ජීවීන් මරණයට පත් කරන්නෙමු. මහපොළොව හා ඒ මත සිටින්නන්ට උරුමය ලබා දෙන සදා උරුමක්කරුවෝ අපම ය.

Hicr 15:24

නුඹලා අතරින් පෙර බිහි වන අය හා මරණයට පත් වන අය ගැන සැබැවින්ම අපි දනිමු. ඒ දෙකෙහිම ප්රමාද වන්නන් ගැන ද අපි දනිමු. ඒ කිසිවක් අපට සැඟවෙන්නේ නැත.

Hicr 15:25

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සියලු දෙනා එක්රැස් කරනුයේ සැබැවින්ම නුඹගේ පරමාධිපතිය. එය දැහැමි ලෙස කටයුතු කළ දැහැමියන්ට ප්රතිඵල දීමට හා නපුරු ලෙස කටයුතු කළ නපුරන්ට විපාක දීම පිණිසය. සැබැවින්ම ඔහු යමක් සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය. මහා ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

Hicr 15:26

තට්ටු කරනු ලබන විට හඬ නිකුත් වන වේළුණු මැටියෙන් සැබැවින්ම අපි ආදම් ව මැව්වෙමු. ඔහු මවනු ලැබූ එම මැටි දිගු කලක පැවැත්ම හේතුවෙන් ගන්ධය වෙනස් වූ කළු පැහැයෙන් විය.

Hicr 15:27

ආදම් (අලයිහිස් සලාම්) තුමා මැවීමට පෙර ජින් වර්ගයාගේ පියා දැඩි උෂ්ණත්වයකින් යුත් ගින්නෙන් අපි මැව්වෙමු.

Hicr 15:28

අහෝ දූතය! "තට්ටු කරන විට හඬක් අසෙන, වෙනස් වූ ගන්ධයක් සහිත වේළුණු මැටියෙන් සැබැවින්ම මම මිනිසා මවන්නට යමි" යැයි නුඹේ පරමාධිපති අහස්වාසී මලක්වරුන් හා ඉබ්ලීස්ට පවසා සිටි අවස්ථාව මෙනෙහි කරන බලනු. - එවිට ඉබ්ලීස් ද ඔවුන් සමග විය.

Hicr 15:29

ඔහුගේ හැඩරුව සමානුපාතිකව නිසිලෙස සකසා ඔහුගේ මැවීම මා සම්පූර්ණ කළ විට මාගේ නියෝගය පිළිපැද හා ඔහුට සුබ පතමින් ඔහුට සිරස නමනු.

Hicr 15:30

එවිට මලක්වරුන් එය පිළිපැද්දාහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට නියෝග කළ පරිදි ඔවුන් සියල්ලෝම ඔහුට සිරස නමා ආචාර කළෝය.

Hicr 15:31

නමුත් මලක්වරුන් සමගම සිටි ඉබ්ලීස් හැර. ඔහු ඔවුන් අතර කෙනෙකු නොවීය. මලක්වරුන් සමග ආදම් (අලයිහිස් සලාම්) තුමාට සිරස නමා ආචාර කිරීමෙන් වැළකුණේය.

Hicr 15:32

ඉබ්ලීස් ආදම්ට සිරස නමා ආචාර කිරීමෙන් වැළකී සිටීමෙන් පසු අල්ලාහ් ඔහුට, "මාගේ නියෝගය පිළිපදිමින් සිරස නමා ආචාර කළ මලක්වරුන් සමග නුඹ සුජූද් කිරීමෙන් නුඹව නවතා වළක්වාලීයේ කුමක්දැ?" යි විමසීය.

Hicr 15:33

ඉබ්ලීස් අහංකාරයෙන් යුතු ව, "වෙනස්කම් සහිත කළු මැටියෙන් වූ වේළුණු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සිරස නමා ආචාර කිරීමට මට යුතු නැතැ" යි පැවසීය.

Hicr 15:34

"නුඹ ස්වර්ගයෙන් බැහැර යනු. සැබැවින්ම නුඹ නෙරපා හරිනු ලැබූවෙකි" යැයි අල්ලාහ් ඉබ්ලීස්ට පැවසීය.

Hicr 15:35

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා නුඹ මත ශාපය ඇත. එමෙන්ම මාගේ කරුණාවෙන් නෙරපා හරිනු ලබන්නෙහිය.

Hicr 15:36

"මාගේ පරමාධිපතියාණනි! මට අවකාශය දෙනු. මැවීම් යළි අවදි කරවන දින තෙක් ඔබ මා මරණයට පත් නොකරනු" යැයි ඉබ්ලීස් පැවසීය.

Hicr 15:37

"එසේය. සැබැවින්ම නුඹ ආයු කාලය ප්රමාද කරනු ලැබ ජීවත්වීමේ අවකාශය හිමිවූවන් අතර වන්නෙහිය." යැයි අල්ලාහ් ඔහුට පැවසීය.

Hicr 15:38

පළමු පිඹීම සිදු කරන අවස්ථාවේ මැවීම් සියල්ල එහි මිය යන වේලාව දක්වා ප්රමාද කරනු ලැබේ.

Hicr 15:39

"මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යන්නට ඉඩ හැරිය හේතුවෙන් මහපොළොවේ සිදු කරන පාපකම් ඔවුනට අලංකාර කර පෙන්වන්නෙමි. ඔවුන් සියලු දෙනා ඍජු මාර්ගයෙන් නොමග යවන්නෙමි" යැයි ඉබ්ලීස් පැවසීය.

Hicr 15:40

නමුත් නුඹේ ගැත්තන් අතරින් නුඹ ව නැමදීම සඳහා නුඹ තෝරා ගත් අය හැර.

Hicr 15:41

"මෙය මා වෙත ළඟා කරවන මධ්යස්ථ මාර්ගය වේ" යැයි අල්ලාහ් පැවසීය.

Hicr 15:42

"සැබැවින්ම මාගේ ගැත්තන් වනාහි, ඔවුන් ගැන නුඹට කිසිදු බලයක් නැත. නොමග ගියවුන් අතරින් නුඹ ව පිළිපඳින්නන් මිස ඔවුන් පොළොඹවන්නට නුඹට කිසිදු ආධිපත්යයක් නැත."

Hicr 15:43

නියත වශයෙන්ම අපාය ෂෙයිතාන් වෙත හා ඔහු අනුගමනය කළවුන් අතර මුළාවට පත් වූ සියල්ලන් වෙත ප්රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.

Hicr 15:44

අපායට දොරටු සතක් ඇත. ඔවුහු ඒවායින් ඇතුළු වෙති. එම දොරටු අතරින් සෑම දොරටුවකම ඉබ්ලීස් ව අනුගමනය කළවුන් අතරින් නියමිත ප්රමාණයක් පමණක් එයින් ඇතුළු වෙති.

Hicr 15:45

සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහට බැතිමත්ව කටයුතු කළවුන් වනාහි. ඔවුහු ස්වර්ග උයන් හා උල්පත් අතර සිටිති.

Hicr 15:46

ඔවුහු එහි පිවිසෙන අවස්ථාවේ, "නුඹලා උවදුරුවලින් සුරක්ෂිත ව හා සියලු බියවලින් අභයදායී ව එහි පිවිසෙනු" යැයි ඔවුනට කියනු ලැබේ.

Hicr 15:47

ඔවුන්ගේ සිත් තුළ පැවති ක්රෝධය හා සතුරුකම් අපි ඉවත් කළෙමු. ඔවුන්ගෙන් පිරිසක් තවත් පිරිසක් නැරඹිය හැකි පරිදි යහන් මත වාඩි වෙමින් එකිනෙකා සෙනෙහසින් කටයුතු කරන සහෝදරයින් ලෙස සිටිති.

Hicr 15:48

ඔවුනට එහි කිසිදු වෙහෙසක් ඇති වන්නේ නැත. ඔවුන් එයින් බැහැරවන්නේද නැත. එහි ඔවුහු සදාකල් වෙසෙති.

Hicr 15:49

අහෝ දූතය! සැබැවින්ම මාගේ ගැත්තන් අතරින් පාපක්ෂමා ව අයැද මා වෙත යොමුවන්නන්හට මා අතික්ෂමාශීලී බවත් ඔවුන් කෙරෙහි මහා කරුණික බවත් ඔවුනට නුඹ දන්වා සිටිනු.

Hicr 15:50

සැබැවින්ම වේදනීය දඬුවම මාගේ දඬුවම බවත් ඔවුනට දන්වා සිටිනු. එහෙයින් ඔවුන් පාපක්ෂමාවෙහි නිරත වී මාගේ සමාව හිමි කර ගනිත්වා. මාගේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කර ගනිත්වා!

Hicr 15:51

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන්හට ලැබෙන්නට යන දරුවන් පිළිබඳ හා ලූත්ගේ ජනයාට අත්වන විනාශය ගැන තොරතුරු රැගෙන එතුමා වෙත පැමිණි එතුමාගේ ආගන්තුකයින් පිළිබඳ තොරතුරු නුඹ ඔවුනට දන්වා සිටිනු.

Hicr 15:52

ඔවුන් ඔහු වෙත ඇතුළු වූ විට, ඔවුහු ඔහුට "ශාන්තිය අත්වේවා" යැයි පැවසූහ. එවිට ඔහු ඔවුනට වඩාත් යහපත් ලෙස සුබ පතමින් ප්රතිචාර දැක්වීය. ඔවුන් අනුභව කරනු පිණිස බැදපු වසුපැටවෙකු ඔවුනට පිළිගැන්වීය. සැබැවින්ම ඔවුන් මිනිසුන් යැයි එතුමා සිතුවේය. ඔවුන් එයින් අනුභව නොකළ කල්හි, ඔහු: "සැබැවින්ම අපි නුඹලා ගැන බියට පත්ව සිටින්නෙමු" යැයි ඔහු පැවසීය.

Hicr 15:53

මලාඉකාවරුන්ගෙන් සමන්විත මෙම දූත පිරිස, "නුඹ බිය නොවනු. සැබැවින්ම නුඹව සතුටු කරවන කරුණක් පිළිබඳ තොරතුරු අපි නුඹට දන්වා සිටිමු. සැබැවින්ම ඔබට බුද්ධිමත් පිරිමි දරුවෙකු ලැබෙනු ඇත" යැයි පැවසුවෝය.

Hicr 15:54

තමන්ට දරුවෙකු ලැබෙන්නට යන බව ඔවුන් විසින් දන්වා සිටි ශුභාරංචි ගැන පුදුමයට පත් වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ඔවුනට, "මා වයස්ගතව සිටිය දී මාගේ බිරිය මැහැල්ලියක්ව සිටියදී නුඹලා මා වෙත දරුවෙකු පිළිබඳ ශුභාරංචි දන්වන්නෙහු ද? නුඹලා අපට මෙලෙස ශුභාරංචි දන්වා සිටිනුයේ කවර අයුරින් ද?

Hicr 15:55

මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස ඉබ්රාහීම් තුමාට, "කිසිදු සැකයක් නැති සත්යය කරුණක් පිළිබඳ අපි නුඹට ශුභාරංචි දන්වා ඇත්තෙමු. අප කවර ශුභාරංචියක් දන්වා සිටියේ ඒ ගැන බලාපොරොත්තු සුන්කර නොගනු" යැයි පැවසූහ.

Hicr 15:56

"අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් හැරී ගියවුන් මිස තම පරමාධිපතිගේ ආශිර්වාදය ගැන බලාපොරොත්තු සුන් කරගන්නේ කවුරුන් දැ?"යි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා විමසීය.

Hicr 15:57

"උත්තරීතර අල්ලාහ් වෙතින් එවනු ලැබූවනි! නුඹලා පැමිණීමට හේතුව කුමක්ද?" යැයි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) විමසීය.

Hicr 15:58

"සැබැවින් අල්ලාහ් අප එවා ඇත්තේ බරපතල ලෙස කලහකාරී ව කටයුතු කරන ඉතා දරුණු ලෙස නපුරු ක්රියාවන්හි නිතරවන ලූත්ගේ ජනයා විනාශ කිරීමටය" යැයි මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස පැවසුවෝය.

Hicr 15:59

ලූත්ගේ පවුල හෝ ඔහුව අනුගමනය කළ දේව විශ්වාසීන් හැර. එහෙයින් එම විනාශය ඔවුන්ව ආවරණය නොකරයි. සැබැවින්ම අපි ඔවුන් සියලු දෙනා එයින් මුදවා ගන්නන් වෙමු.

Hicr 15:60

"නමුත් ඔහුගේ බිරිය හැර. ඇය විනාශය ආවරණය වීමට නියමිත ඉතිරි අයවලුන් අතර එකියෙකි" යැයි අපි තීන්දු කළෙමු.

Hicr 15:61

එවනු ලැබූ දූත පිරිස පුරුෂ ස්වරූපයෙන් ලූත්ගේ පවුල වෙත පැමිණි කල්හි,

Hicr 15:62

ලූත් තුමා ඔවුනට සලාම් පවසා, "නාඳුනන පිරිසක්" යැයි පැවසීය.

Hicr 15:63

මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස ලූත් දෙස බලා "ඔබ බිය නොවන්න. අහෝ ලූත්! සැබැවින්ම අපි පැමිණ ඇත්තේ ඔබේ ජනයා කවර විනාශයක දඬුවම පිළිබඳ සැකයෙන් පසුවූයේ ද එය රැගෙනය." යැයි පැවසූහ.

Hicr 15:64

"කිසිදු හාස්යයක් නැති සත්යය නුඹ වෙත අපි ගෙනැවිත් ඇත්තෙමු. නුඹ වෙත අපි දන්වා සිටි දෑහි සැබැවින්ම අපි සත්යවාදීන් වෙමු."

Hicr 15:65

"රාත්රියෙන් කොටසක් ගෙවී ගිය පසු නුඹේ පවුලත් සමග නුඹ ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් ගමන් කරනු. ඔවුනට අත් වූ දෑ බලන්නට නුඹලා අතුරින් කිසිවෙකු පසුපස හැරී නොබලනු. ගමන් කරන්නට අල්ලාහ් නියෝග කළ අයුරින්ම නුඹලා ගමන් කරනු."

Hicr 15:66

අපි ලූත්ට නියම කළ නියෝගය වහී(නම්) දේව පණිවිඩය හරහා ලූත්ට දැනුම් දුන්නෙමු. එනම් සැබැවින්ම මෙම ජනයා උදෑසන එළැඹෙන විට ඔවුන් මුලුමණින්ම මුලිනුපුටා දමනු ලබනු ඇත. යන්නයි.

Hicr 15:67

සදොම් වැසියෝ, ලූත්ගේ ආගන්තුකයින් ගැන සතුටු වෙමින් අශීලාචාර ක්රියාවෙහි ඔවුන් සමග හැසිරීමේ ආශාවෙන් ඔවුහු ඔවුන් වෙත පැමිණියෝය.

Hicr 15:68

"සැබැවින්ම මෙම පිරිස මාගේ ආගන්තුකයින්ය. නුඹලා ඔවුන් ගැන සිතන දැයින් මා අපහාසයට පත් නොකරනු" යි ලූත් තුමා ඔවුනට පැවසීය.

Hicr 15:69

"නුඹලා අල්ලාහ්ට බිය වී මෙම අශීලාචාර කටයුත්ත අතහැර දමනු. නුඹලාගේ මේ පහත් ක්රියාව හේතුවෙන් නුඹලා මා අවමානයට පත් නොකරනු."

Hicr 15:70

"ජනයා අතරින් කිසිවෙකුත් නුඹ සමග එකතු කර ගැනීමෙන් අපි නුඹ ව වැළැක්වූයේ නැද්දැ"යි ඔහුගේ ජනයා ඔහුගෙන් විමසීය.

Hicr 15:71

ලූත් (අලයිහිස් සලාම්) තුමා ඔහුගේ ආගන්තුකයින් ඉදිරියේ තමන් ගැන සමාව අයදිමින් ඔවුනට මෙසේ පැවසීය. "නුඹලාගේ ආශාවන් ඉටු කර ගැනීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු නම් මාගේ දූවරුන් සියල්ල විවාහ කර ගෙන නුඹලාගේ බිරියන් කර ගන්න."

Hicr 15:72

අහෝ දූතය! නුඹේ ජීවිතය මත දිවුරමින් සැබැවින්ම ලූත්ගේ ජනයා ඔවුන්ගේ කාමාශාවේ ඉතා දරුණු ලෙස පසුවන්නෝ වෙති.

Hicr 15:73

හිරු උදාවන වේලාවෙහි ඔවුන් පිවිසුනු අවස්ථාවේ විනාශකාරී දැඩි හඬක් ඔවුන් හසු කළේය.

Hicr 15:74

ඔවුන්ගේ නගරය උඩු යටිකුරු පෙරළුවෙමු. මැටියෙන් යුත් ගල් වර්ෂාවක් ඔවුන් මත හෙළුවෙමු.

Hicr 15:75

ලූත්ගේ ජනයාට අත් වූ විනාශය ගැන මෙනෙහි කර බැලීමේ දී එසේ සිතා බලන්නන්හට සංඥාවන් ඇත.

Hicr 15:76

ලූත්ගේ ජනයාගේ නගරය යන එන මාර්ගයේ පිහිටා ඇති මාර්ගයක විය. ඒ හරහා ගමන් කරන මගීන් එය දකිනු ඇත.

Hicr 15:77

සිදු වූ මෙම සිදුවීමෙහි පාඩම් ලබන දේව විශ්වාසීන් හට සාධක ඇත.

Hicr 15:78

වෙළී ඇති ගහ කොළවලින් යුත් ගම්මාන වාසීන් වන ෂුඅයිබ්ගේ ජනයා අපරාධකරුවන් වූහ. එය ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූත ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කළ බැවිණි.

Hicr 15:79

එහෙයින් ඔවුන් දඬුවමට හසුකරමින් අපි ඔවුන්ගෙන් පළිගත්තෙමු. සැබැවින්ම ලූත්ගේ ජනයා විසූ ගම්මානයත් ෂුඅයිබ්ගේ සගයින් විසූ දේශයත් මගීන්හට පැහැදිලි මාර්ගයක් විය.

Hicr 15:80

සමූද් ජනයා ද බොරු කළෝය. ඔවුන් හිජ්ර් වැසියෝ වෙති. (එය හිජාස් හා සිරියාව අතර පවතින ස්ථානයකි.) ඔවුන්ගේ නබිවරයා වූ සාලිහ් (අලයිහිස් සලාම්) තුමාව බොරු කළ අවස්ථාවේ සියලුම දූතවරුන් බොරු කළෝය.

Hicr 15:81

ඔහු තම පරමාධිපති වෙතින් කවර කරුණක් ගෙන ආවේ ද එහි සත්යතාව තහවුරු කරමින් සාක්ෂි හා සාධක අපි ඔවුනට පිරිනැමුවෙමු. ඔටු දෙන ද ඒ අතරින් එකකි. එම සාධකය මගින් ඔවුන් පාඩම් නොලැබුවෝය. ඒ ගැන සැලකිලිමත් නොවූවෝය.

Hicr 15:82

ඔවුන් බියවන දැයින් ආරක්ෂිතයින් ලෙස වාසය කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් නිවෙස් තැනීමට ඔවුහු කඳු කපන්නන් වූහ.

Hicr 15:83

උදෑසන කාලයේ ඔවුන් පිවිසෙන අවස්ථාවේ දඬුවමේ හඬ ඔවුන් ග්රහණය කළේය.

Hicr 15:84

ඔවුන් උපයමින් සිටි වස්තුව හෝ වාසය කළ නිවාස අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වැළැක්වූයේ නැත.

Hicr 15:85

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද කිසිදු ප්රඥාවකින් තොර ව අපි මවා නැත. ඒ සියල්ල සත්යයෙන් යුතු ව මිස අපි මවා නැත. සැබැවින්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නේමය. අහෝ දූතය! නුඹ ව බොරු කරන්නන් නොසලකා හරිනු. ඔවුනට අලංකාර අයුරින් සමාව දෙනු.

Hicr 15:86

අහෝ දූතය! සැබැවින්ම සියලු දෑහි මහා මැවුම්කරු නුඹේ පරමාධිපතිය. ඔහු ඒ පිළිබඳ සර්වඥානීය.

Hicr 15:87

පාඨ හතකින් සමන්විත සූරා අල් ෆාතිහා ද අතිමහත් අල් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.

Hicr 15:88

දෙවියන් ප්රතික්ෂේප කරන පිරිස් සඳහා අප භුක්ති විඳින්නට සැලැස් වූ ඉතා පහත් දෑ දෙස නුඹේ අවධානය යොමු නොකරනු. ඔවුන් බොරු කිරිම ගැන ද නුඹ දුක් නොවනු. දෙවියන් විශ්වාස කරන්නන් හට නිහතමානීව කටයුතු කරනු.

Hicr 15:89

අහෝ දූතය! "සැබැවින්ම මම දඬුවම ගැන අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙකු" යැයි නුඹ පවසනු.

Hicr 15:90

අල්ලාහ්ගේ ග්රන්ථ කොටස් වශයෙන් බෙදා ඉන් කොටසක් විශ්වාස කොට තවත් කොටසක් ප්රතික්ෂේප කළවුන් වෙත අල්ලාහ් පහළ කළ දෑ මෙන් යමක් නුඹලාට අත්වීම ගැන මම නුඹලාට අවවාද කර සිටිමි.

Hicr 15:91

ඔවුන් වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කොට මෙය හූනියමකි. එසේ නැතහොත් ඉන්ද්රජාලයකි. එසේත් නැතහොත් කවියකි යැයි පැවසූහ.

Hicr 15:92

අහෝ දූතය, නුඹේ පරමාධිපති මත දිවුරමින්. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය කොටස් බවට පත්කළ සියලු දෙනාගෙන් සැබැවින්ම අපි ප්රශ්න කරන්නෙමු.

Hicr 15:93

ඔවුන් මෙලොව සිදු කරමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් පිළිබඳ සැබැවින්ම අපි ප්රශ්න කරන්නෙමු.

Hicr 15:94

අහෝ දූතය! ප්රචාරය කරන මෙන් අල්ලාහ් නුඹට කවර කරුණක් නියෝග කළේ ද එය ඔබ දන්වා සිටිනු. දේව ආදේශකයින් පවසන මෙන්ම සිදු කරන දෑ දෙස නුඹ හැරී නොබලනු.

Hicr 15:95

ඔවුන් ගැන නුඹ බිය නොවනු. කුරෙයිෂ් ප්රතික්ෂේපක නායකයින් අතර සමච්චල් කරමින් සිටියවුන්ගේ කුමන්ත්රණය සම්බන්ධයෙන් සැබැවින්ම අපි නුඹට ප්රමාණවත් වන්නෙමු.

Hicr 15:96

අල්ලාහ් සමගම නැමදුම් ලබන වෙනත් දෑ ගත්තවුන් වනාහි, ඔවුන් එසේ ආදේශ කිරීමේ නපුරු අවසානය ගැන ඔවුන් මතු දැනගනු ඇත.

Hicr 15:97

අහෝ දූතය! ඔවුන් නුඹව බොරු කිරීම හේතුවෙන් හා නුඹ ගැන සමච්චල් කිරීම හේතුවෙන් ඔවුන් ගැන සිතා ඔබේ හදවත පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු.

Hicr 15:98

අල්ලාහ්ට අදාළ නොවන දෑයින් ඔහු ව ඈත් කොට ඔහුගේ පරිපූර්ණ ගුණාංග පිළිබඳ පැසසුම් කොට ඔහු වෙත යොමු වන්න. අල්ලාහ්ට නැමදුම් කරන්නන් අතරට ඔබද පත් වන්න. පීඩනයට පත් ඔබේ හදවතට එහි ප්රතිකාරයක් ඇත.

Hicr 15:99

නුඹේ පරමාධිපතිට ගැතිකම් සිදු කරමින්ම සිටිනු. ඒ මත නුඹ සිටියදීම නුඹ වෙත මරණය පැමිණෙන තෙක් නුඹ ජීවතුන් අතර සිටින කල්තාක් ඒ මතම රැඳී සිටිනු.

Nahl 16:1

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! අල්ලාහ් නුඹලාට නියම කළ දඬුවම සමීපයෙන් ඇත. එය නියමිත වේලාවෙහි පැමිණිමට පෙර ඉක්මන් කරන මෙන් නොපතනු. ආදේශ කරන්නන් කවරෙකු අල්ලාහ්ට හවුල් කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් එයින් පිවිතුරය. උත්තරීතරය.

Nahl 16:2

අල්ලාහ්ගේ දූතයින් අතරින් ඔහු අභිමත කරන්නන් හට ඔහුගේ නියමය අනුව දේව පණිවිඩ සමග ඔහු මලක්වරුන් පහළ කරනු ඇත. අහෝ දූතවරුනි! එසේ නැතිනම් අල්ලාහ්ට ආදේශ තැබීම ගැන ජනයාට බිය ගන්වනු. එහෙයින් නැමදුම් ලබන්නට සුදුසු මා හැර වෙනත් කෙනෙකු නැත. අහෝ ජනයිනි! නුඹලා මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකෙමින් මට බැතිමත් ව කටයුතු කරනු.

Nahl 16:3

කිසිදු පූර්වාදර්ශයකින් තොරව සත්යයෙන් යුතු ව අල්ලාහ් අහස් මැව්වේය. එමෙන්ම පොළව ද මැව්වේය. ඔහු ඒ දෙක නිෂ්ඵල ලෙස මවා නැත. ඒ දෙක ඔහු මවා ඇත්තේ එමගින් අල්ලාහ්ගේ බලය සඳහා ඒ දෙක සාධකයක් කර ගැනීමට හා ඔහුට වෙනත් කිසිවෙකු ඔවුන් හවුල් කිරීමෙන් ඔහුව පිවිතුරු කිරීමටය.

Nahl 16:4

නොවැදගත් ශුක්රාණු බිඳකින් ඔහු මිනිසාව මැව්වේය. මැවීමකින් පසු මැවීමක් ලෙස එය වර්ධනය කළේය. නමුත් දැන් ඔහු සත්යය නැති කර දැමීම සඳහා අසත්ය දෑ සම්බන්ධයෙන් දැඩි සේ තර්ක කරන්නෙකු විය. ඒ සම්බන්ධයෙන් වූ ඔහුගේ තර්කයේ ඔහු පැහැදිලිව සිටියි.

Nahl 16:5

අහෝ ජනයිනි! ඔටුවන්, ගවයින්, එළුවන් යනාදී වශයෙන් ගොවිපළ සතුන් ඔහු මවා ඇත්තේ නුඹලාගේ යහපත පිණිසය. ඒවායෙහි ලොම් හා සම්වලින් ඇඳුම් නිර්මාණය කර ගැනීම එවන් යහපත් දැයින් එකකි. සෙත සලසන තවත් යහපත් දෑ වනුයේ උන්ගේ කිරි, උන්ගේ මස් හා උන්ගේ පිටවල්ය. නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය.

Nahl 16:6

සවස් කාලයේ නුඹලා උන් ඇතුළට ගන්නා විට ද උදෑසන තණබුදින්නට උන් බැහැරට ගෙන යන විට ද නුඹලාට එහි අලංකරණයක් ඇත.

Nahl 16:7

නුඹලා වෙනුවෙන් අප මැවූ මෙම ගොවිපල සතුන් නුඹලාගේ ගමනෙහි නුඹලාගේ භාණ්ඩ උසුලාගෙන ගමින් ගමට යති. ඉතා අසීරුවෙන් මිස නුඹලා එය ගෙන යන්නට හැකියාවක් නොදැරූහ. අහෝ මිනිසුනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති නුඹලා කෙරෙහි මහා කාරුණිකය. සෙනෙහෙවන්තය. නුඹලාට මෙම ගොවිපල සතුන් ඔහු වසඟ කර දී ඇත.

Nahl 16:8

නුඹලා ප්රවාහනය කළ හැකි පරිදි අශ්වයින්, කොටළුවන් හා බූරුවන් අල්ලාහ් නුඹලා වෙනුවෙන් මවා ඇත. නුඹලාගේ භාණ්ඩ ද ඒ මත තබා නුඹලා ප්රවාහනය කරන්නෙහුය. එමෙන්ම ජනයා අතර එමගින් නුඹලා අලංකරණය වීම සඳහා නුඹලාට එය අලංකාරවත් කර දී ඇත. තවද අල්ලාහ් මැවීමට අපේක්ෂා කරන, නුඹලා ඒ ගැන නොදන්නා දෑ මවයි.

Nahl 16:9

අල්ලාහ්ගේ තෘප්තිය වෙත ළඟා කරන ඍජු මාර්ගය පැහැදිලි කිරීම ඔහු සතුව ඇත්තකි. එය ඉස්ලාමයයි. මාර්ග අතරින් සත්යයෙන් වෙනතකට නැඹුරු කරන ෂෙයිතාන්ගේ මාර්ග ද ඇත. ඉස්ලාමයේ මාර්ගය හැර පවතින අනෙකුත් සියලුම මාර්ග සත්යයෙන් වෙනතකට නැඹුරු වූ මාර්ග වේ. නුඹලා සියලු දෙනාට දේව විශ්වාසය ආශිර්වාද කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා සියලු දෙනාටම එසේ ඒ වෙත ආශිර්වාද කරන්නට තිබිණ.

Nahl 16:10

වළාකුළෙන් නුඹලාට ජලය පහළ කරනුයේ ශුද්ධවන්ත ඔහුය. නුඹලා පානය කිරීම සඳහාත් නුඹලාගේ ගොවිපල සතුන් පානය කිරීම සඳහාත් එම ජලයෙන් නුඹලාට පානයක් ඇත. එමගින් හට ගැනෙන නුඹලාගේ ගොවිපළ සතුන් උලා කන පැළෑටි ද ඇත.

Nahl 16:11

මෙම ජලය මගින් නුඹලා අනුභව කරන වගාවන් අල්ලාහ් හට ගන්වයි. අත්තික්කා, ඉදි හා මිදි වැනි ගස් වැල් ද නුඹලා වෙනුවෙන් ඔහු හට ගන්වයි. එමෙන්ම සියලුම පළතුරු වර්ග ද නුඹලා වෙනුවෙන් ඔහු හට ගන්වයි. සැබැවින්ම එම ජලයෙහි හා එමගින් හට ගන්නා දෑහි අල්ලාහ්ගේ මැවීම් ගැන සිතා බලන්නන් හට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක ඇත. එහෙයින් ශුද්ධවන්ත අල්ලාහ්ගේ බලය එමගින් ඔවුහු සාධක කර ගනිති.

Nahl 16:12

තවද රාත්රිය, නුඹලා එහි නවාතැන් ගෙන විවේක ගනු පිණිසත් දහවල නුඹලාගේ ජීවනපහසුකම් උපයාගනු පිණිසත් අල්ලාහ් නුඹලාට වසඟ කර දුන්නේය. තවද හිරු ද නුඹලාට වසඟ කර දී එය අලෝකය ලබා දෙන වස්තුවක් බවට පත් කළේය. සඳු ද වසඟ කර දී එයට ආලෝකය ඇති කළේය. ඔහුගේ නියමය අනුව ප්රමාණකොට තාරකාවන් ද නුඹලාට වසඟ කර දී ඇත. එමගින් නුඹලා ගොඩබිමේ හා සාගරයේ ගමන් කරන විට මඟ දැනගන්නෙහුය. වේලාවන් හා ඒ හැර වෙනත් දෑද දැන ගන්නෙහුය. සැබැවින්ම වසඟ කර දී ඇති මේ සියලුම දෑහි තම බුද්ධිය භාවිතා කරන ජනයාට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිලි සාධක ඇත. එමගින් ප්රඥාව ලබන්නෝ ඔවුහුමය.

Nahl 16:13

මහපොළොවේ මවා ඇති ඛණිජ, සතා සිව්පාවුන්, පැලෑටි, බවභෝග වැනි විවිධ වර්ගයෙන් යුත් දෑ නුඹලාට ශුද්ධවන්ත අල්ලාහ් වසඟ කර දුන්නේය. මැවීම් හා ඒවා වසඟ කර තිබීම ගැන සඳහන් කරනු ලැබූ දෑහි පාඩම් ලබන ජනයාට අල්ලාහ්ගේ බලය විදහා පාන පැහැදිළි සාධක ඇත. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරී බවත් ආශිර්වාද පිරිනමන්නා බවත් ඔවුහු එමගින් දැන ගනිති.

Nahl 16:14

තවද සාගරය ද ඔහු නුඹලාට වසඟ කර දී ඇත. එහි යාත්රා කිරීමටත් එහි ඇති දෑ මතු කර ගැනීමටත් ඔහු නුඹලාට ඉඩ සලසා දී ඇත. එය නුඹලා මසුන් අල්ලා, නැවුම් මත්ස ආහාර භුක්ති විඳිනු පිණිසත්, මුතු මෙන් නුඹලාගේ කාන්තාවන් අඳින පළඳින අලංකාර දෑ නුඹලා මතු කර ගනු පිණිසත්ය. මුහුද දෙබෑ කරමින් යාත්රා කරන නැව් දැකිය හැක. අල්ලාහ්ගේ භාග්යයයෙන් ව්යාපාරයෙන් ලැබෙන ලාභය සොයා නුඹලා එම නැව්වල යාත්රා කරන්නෙහුය. එය නුඹලා වෙනුවෙන් කවර දායාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේ ද ඒ වෙනුවෙන් නුඹලා ඔහුට කෘතඥ වනු පිණිසත් ඔහුට පමණක් නුඹලා නැමදුම් කිරීම පිණිසත්ය.

Nahl 16:15

නුඹලාට මහපොළොව කම්පනය නොවන සේ එය ඇළ නොවන සේ ඒ මත කඳු හෙළා එය ශක්තිමත් කළේය. නුඹලා ජලය පානය කිරීම පිණිසත් නුඹලාගේ ගොවිපල සතුන් හා ගොයමට ජලය පවහනය කිරීම පිණිසත් ඔහු එහි ගංගාවන් ගලා යන්නට සැලසීය. නුඹලා ගමන් කරනු පිණිස මාර්ග ඇති කළේය. එහෙයින් නුඹලා අතරමං නොවී නුඹලා අපේක්ෂා කරන ස්ථානයට නුඹලා සේන්දු වන්නෙහුය.

Nahl 16:16

දහවල් කාලයේ ගමනෙහි දී නුඹලා මග හඳුනාගත හැකි පරිදි මතුපිටින් පිහිටන සළකුණු නුඹලා වෙනුවෙන් ඔහු මහපොළොවේ ඇති කළේය. එමෙන්ම රාත්රී කාලයේ මග හඳුනාගැනීමේ බලාපොරොත්තුවෙන් අහස්හි තාරකාවන් නුඹලා වෙනුවෙන් ඇති කළේය.

Nahl 16:17

මෙම වස්තූන් මෙන්ම වෙනත් දෑ මවන්නා, කිසිවක් මැවිය නොහැකි අය මෙන් සමාන විය හැකි ද? සියලු දේ මවන අල්ලාහ්ගේ බලමහිමය නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද? ඔහුට පමණක් නැමදුම් කළ යුතු නොවේ ද? කිසිවක් මැවිය නොහැකි දෑ, ඔහුට ආදේශ කිරීමෙන් වැළකී සිටිය යුතු නොවේ ද?

Nahl 16:18

අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති, අති බහුල ආශිර්වාදයන් ගණන් කර බැලීමට හා ඒවා සටහන් කිරීමට නුඹලා උත්සාහ දැරුව ද එහි ඇති අධිකත්වය හා විවිධත්වය හේතුවෙන් එසේ ගණන් කිරීමට හෝ සටහන් කිරීමට හෝ නුඹලාට නොහැකිය. කතෘඥ වීමට අමතක කිරීම නිසාවෙන් ඔහු නුඹලා ව ග්රහණය නොකරන තරමට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. පාපකම් හා ඔහුට කෘතවේදී වීමේ දී අඩපාඩුකම් ඇති කිරීම හේතුවෙන් ඒවා කපා නොහරින තරමට ඔහු මහා කාරුණිකය.

Nahl 16:19

අහෝ ගැත්තනි! නුඹලාගේ ක්රියාදාමයන් අතරින් නුඹලා සඟවන දෑ අල්ලාහ් දනී. එමෙන්ම ඒවායින් ප්රසිද්ධියට පත් කරන දෑ ද ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Nahl 16:20

අල්ලාහ්ගෙන් තොර ව ඔහුට ආදේශ තබන්නන් නමදිමින් සිටින අය වනාහි ඔවුන් කිසිවක් හෝ සුළු වශයෙන් හෝ මවන්නට හැකි අය නොවෙති. අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින අය ඔවුන් විසින්ම තැනූ අය වෙති. එසේ තිබිය දී අල්ලාහ්ගෙන් තොර ව ඔවුන්ගේ අත්වලින් නිමැයුම් කළ පිළිමවලට ඔවුන් වන්දනාමාන කරනුයේ කෙසේද?

Nahl 16:21

ඔවුන්ගේ අත්වලින්ම ඒවා තනා, ඒවාට නැමදුම් කරමින් සිටිය ද, ඒවා කිසිදු ජීවයක් හෝ ප්රඥාවක් හෝ නොමැති භෞතික වස්තු වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට වන්දනාමාන කළවුන් සමග ඒවා නිරා ගින්නට හෙළනු ලබනු පිණිස ඒවා යළි අවදි කරනු ලබනුයේ කවදාදැයි ඒවා නොදනිති.

Nahl 16:22

සැබෑ ලෙස නුඹලාගේ වන්දනාවට පාත්ර විය යුත්තේ, ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැති, නැදුමට සුදසු එකම දෙවිඳුන් අල්ලාහ් පමණය. විනිශ්චය සඳහා යළි අවදි කරනු ලැබීම විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුනට ඒ ගැන බියක් නොමැති බැවින් අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුන්ගේ හදවත් ප්රතික්ෂේප කරති. එම හදවත් කිසිදු විනිශ්චයක් ගැන හෝ දඬුවමක් ගැන විශ්වාස නොකරති. ඔවුහු අහංකාරයෙන් පෙළෙති. සත්ය පිළි නොගනිති. එයට යටහත් නොවෙති.

Nahl 16:23

සැබෑ ලෙසින්ම ඔවුන් සඟවන ක්රියාවන් පිළිබඳ අල්ලාහ් දනී. එමෙන්ම ඔවුන් ඒවායින් හෙළි කරන දෑ ද ඔහු දනී. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම ශුද්ධවන්තයාණන් තමන්ට නැමදුම් කිරීමෙන් හා තමන්ට යටත් වීමෙන් අහංකාරකම් පාන්නන් ප්රිය නොකරයි. ඔවුන් ව දැඩි ලෙස පිළිකුල් කරයි.

Nahl 16:24

මැවුම්කරුගේ ඒකීයත්වය ප්රතික්ෂේප කරන යළි නැගිටුවනු ලැබීම බොරු කරන මොවුන්ගෙන් "මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කර ඇත්තේ කුමක් දැ?’යි විමසා සිටින විට ඔවුහු, "එතුමා කෙරෙහි කිසිවක් පහළ කර නැත. පැරැණ්නන්ගේ කතා හා ප්රබන්ධයන් ගෙන ආවේ ඔහු විසින්මය" යැයි පැවසුවෝය.

Nahl 16:25

කිසිදු අඩුවකින් තොර ව ඔවුන්ගේ පාපකම් ඉසිලීමත්, අඥානකම හා අනුකරණය හේතුවෙන් ඉස්ලාමයෙන් ඔවුන් නොමඟ යැවූ අයගේ පාපකම් ද ඉසිලීමත් ඔවුන්ගේ ඉරණම වනු පිණිසය. ඔවුන්ගේ පාපකම් හා ඔවුන් අනුගමනය කළ අයගේ පාපකම් ඔවුන් ඉසිලීම කෙතරම් දැඩි පිළිකුල් සහගත කරුණක් ද!

Nahl 16:26

මොවුනට පෙර සිටි දෙවියන් ප්රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ දූතයින්ට කුමන්ත්රණ කරමින් පැමිණියෝය. ඔවුන් තනාගත් ගොඩනැගිලි මුලිනුපුටා දමා අල්ලාහ් විනාශ කළේය. ඔවුනට ඉහළින් ඇති ඔවුන්ගේ වහලවල් ඔවුන් මත කඩා වැටිණ. ඔවුන් බලාපොරොත්තු නොවූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ ගොඩනැගිලි ඔවුන්ව ආරක්ෂා කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළෝය. නමුත් ඔවුන් ඒවා මගින් විනාශ කරනු ලැබුවෝය.

Nahl 16:27

පසුව, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් අවමානයට හා අපහාසයට ලක් කරමින්, "නැමදුමෙහි මා සමග නුඹලා හවුල්කරගත් නුඹලාගේ ආදේශකයින් කොහේද? නුඹලා ඔවුන් හේතුවෙන් මාගේ නබිවරුන් හා දේව විශ්වාසීන්ට එරෙහි ව කටයුතු කරමින් සිටියෙහුය" යැයි ඔවුනට ඔහු පවසයි. ඥානය දෙනු ලැබූ විද්වතුන් "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අවමානය හා දඬුවම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අත්වන්නේය" යැයි පවසති.

Nahl 16:28

මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් විසින් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගනු ලබන්නන් වනාහි, ඔවුහු අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් අපරාධවල වෙළී සිටියෝය. ඔවුනට මරණය පහළ වූ කල්හි එයට යටහත් වූවෝය. ඔවුන් සිදුකරමින් ආ දේව ප්රතික්ෂේපය හා පාපකම් හෙළා දුටුවෝය. එසේ හෙළා දැකීම තමන්ට ප්රයෝජනවත් වනු ඇතැයි ඔවුහු සිතූහ. එවිට ඔවුනට මෙසේ පවසනු ලැබේ. "නුඹලා බොරු පවසා ඇත. පාපය ගැන දැන දැනම දේව ප්රතික්ෂේපකයින් ලෙස නුඹලා සිටියෙහුය. මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත."

Nahl 16:29

නුඹලාගේ ක්රියාවන්ට සරිලන පරිදි නිරයේ දොරටුවලින් පිවිස, එහි සදා කල් ගත වෙසෙනු. අල්ලාහ් විශ්වාස කිරීමෙන් හා ඔහුට පමණක් නැමදීමෙන් උඩඟුවූවන් හට එම නවාතැන වඩාත් නපුරු විය.

Nahl 16:30

තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්ගෙන්, "නුඹලාගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට කවර කරුණක් නුඹලාගේ පරමාධිපති පහළ කළේ දැ?" යි විමසනු ලැබේ. ඔවුහු පිළිතුරු දෙමින් "අල්ලාහ් ඔහුට අති විශිෂ්ට යහපත පහළ කර ඇත" යැයි පවසති. අල්ලාහ්ට විධිමත් අයුරින් නැමදුම් කොට ඔහුගේ මැවීම් සමග අලංකාර අයුරින් ගනුදෙනු කළවුන් වනාහි, ඔවුනට මෙලොව ජීවිතයේ යහපත් තිළිණ ඇත. ඒ අතරින් උපකාරය හා පෝෂණ සම්පත්වල සමෘධිය ද වේ. මතුලොවෙහි අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් ඉක්මණින් පතන දෑට වඩා ඔවුනට යහපත්ය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමතුන් ලෙස කටයුතු කළවුන්ගේ මතුලොව නිවහන යහපත්ම විය.

Nahl 16:31

ස්ථාවර වාසස්ථාන හා ස්ථායී ස්වර්ගයේ උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවායෙහි මාලිගා හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බසියි. එම උයන්හි ඔවුන් ආශා කරන ආහාර පාන මෙන්ම වෙනත් දෑ ද ඔවුනට ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්රජාව අතර බැතිමත් ව කටයුතු කළවුනට මෙවන් ප්රතිඵල පිරිනමනු ලබන්නාක් මෙන්ම පෙර විසූ සමූහයන් අතර බැතිමත් ව කටයුතු කළවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Nahl 16:32

දේව ප්රතික්ෂේපයෙන් තම හදවත් පිරිසිදු කරගත් තත්ත්වයේ මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නන් වනාහි, ඔවුන් සමග මලක්වරු කතා කරමින්, "නුඹලාට ශාන්තිය අත්වේවා! සියලුම උවදුරුවලින් නුඹලා නිදහස් වී ඇත. නිවැරදි විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා මෙලොවෙහි සිදු කරමින් ආ දෑ සමග නුඹලා ස්වර්ග උයනට පිවිසෙනු" යැයි පවසනු ඇත.

Nahl 16:33

දෙවියන්ට ආදේශ කරන මෙම බොරුකාරයින්, ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගැනීමටත් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ පිටවල්වලට පහර එල්ල කිරීමටත් ඔවුන් වෙත මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් පැමිණීම හෝ මෙලොවෙහි දඬුවම ඔවුනට අත්කර දෙන අල්ලාහ්ගේ නියෝගය පැමිණීම හෝ මිස වෙනෙකක් ඔවුන් බලාපොරොත්තු නොවන්නේද?. මක්කාවේ විසූ මෙම දේව ආදේශකයින් සිදු කළ ක්රියාව හා සමානව ඔවුනට පෙර සිටි දේව ආදේශකයින් ද සිදු කළෝය. එවිට අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් විනාශ කරන මොහොතේ ඔහු ඔවුනට අපරාධ නොකළේය. නමුත් අල්ලාහ්ව ප්රතික්ෂේප කොට විනාශයේ සාධක ගෙන එමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.

Nahl 16:34

ඔවුන් සිදු කරමින් සිටි ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ දඬුවම් ඔවුනට පහළ විය. ඔවුනට එය මෙනෙහි කරනු ලැබූ කල්හි ඒ ගැන සරදම් කරමින් සිටි දඬුවම ඔවුන් වෙළා ගත්තේය.

Nahl 16:35

ඔවුන්ගේ නැමදුම්වල අල්ලාහ් සමග වෙනත් අය හවුල්කර ගත්තවුන්, "අල්ලාහ්ට පමණක් අප නැමදීමටත් ඔහුට කිසිවක් අප ආදේශ නොකිරීමටත් ඔහු අභිමත කළේ නම් ඔහු හැර වෙනත් කිසිවෙකු අප නොනමදින්නට තිබුණි. අප පමණක් නොව අපට පෙර සිටි අපගේ මුතුන්මිත්තන් ද එලෙස නොකරන්නට තිබුණි. එමෙන්ම ව්යාජ සාධක වැනි ඔහු අපට තහනම් කළ යමක් අප තහනම් නොකිරීමට ඔහු අභිමත කළේ නම් එය ද එලෙසමය."යැයි පැවසුවෝය. පෙර සිටි දෙවියන් ප්රතික්ෂේප කළවුන්, "දහම් දූතවරුන්ගේ කාර්යය භාරය වනුයේ ඔවුනට ප්රචාරය කරන මෙන් නියෝග කරනු ලබන දෑ පැහැදිලි ව දන්වා සිටීම පමණි. සැබැවින්ම ඔවුන් එය දන්වා සිටියෝය. අල්ලාහ් ඔවුනට යම් අභිමතයක් ඇති කිරීමෙන් පසු එම ඉරණමට නිදහසට කරුණු දැක්වීමට ප්රතික්ෂේපකයින් හට කිසිදු සාධකයක් නැත.

Nahl 16:36

අල්ලාහ්ට පමණක් නමදින ලෙසත් ඔහු හැර පවතින සෙසු පිළිම, නපුරු බලවේග හා වෙනත් දෑ නැමදුම් කිරීම අතහැර දමන ලෙසත් අණ කරන දූතයෙකු පෙර විසූ සෑම සමූහයක් අතරටම සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතර අල්ලාහ් ආශිර්වාද කළ අය ද විය. එවැන්නෝ ඔහු ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එය පිළිපැද්දෝය. එමෙන්ම ඔවුන් අතර අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ට පිටු පෑ අය ද විය. අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළේ නැත. ඔවුනට මුළාව නියම විය. එහෙයින් බොරුකාරයින්හට දඬුවම හා විනාශය පහළ වූවායින් පසු ඔවුන්ගේ වාසස්ථාන කෙසේ පවතින්නේ දැයි නුඹලාගේ දෑසින්ම දැක ගනු පිණිස මිහිතලයෙහි සැරිසරා බලනු.

Nahl 16:37

අහෝ දූතය! මොවුනට උපරිමයෙන් නුඹ ඇරයුම් කරන්නට උත්සාහ දරා ඔවුනට යහමග ලැබිය යුතු යැයි නුඹ ආශා කොට ඒ සඳහා සාධක ගෙන ආව ද, අල්ලාහ් කවරෙකු නොමග හැරියේ ද ඔහුට යහමග වෙත ඔහු ආශිර්වාද නොකරනු ඇත. ඔවුන්ගෙන් දඬුවම වළක්වාලමින් ඔවුනට උදව් කරන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත.

Nahl 16:38

මෙම බොරුකාරයින් "මිය ගිය ඇත්තන් අල්ලාහ් යළි අවදි නොකරනු ඇතැ"යි නැවත නැගිටුවීම ගැන ඔවුන්ගේ දිවුරීම්වල දී ඉතා ස්ථීර ව ප්රතික්ෂේප කොට දිවුරා පවසති. ඒ සඳහා ඔවුනට කිසිදු සාදයක් නැත. එසේ නොව, මිය ගිය සෑම කෙනෙකුවම අල්ලාහ් යළි අවදි කරවනු ඇත. එය සැබෑ ප්රතිඥාවකි. නමුත් සැබැවින්ම අල්ලාහ් මියගිය ඇත්තන් යළි අවදි කරන බව බහුතරයක් ජනයා නොදනිති. එසේ යළි නැගිටුවීම ඔවුහු හෙළා දකිති.

Nahl 16:39

දේව ඒකීයත්වය, නැවත නැගිටුවනු ලැබීම හා දූත මෙහෙය ගැන මතභේද ඇති කරගත් දෑහි සත්යතාව මිනිසුනට පැහැදිළි කරනු පිණිසද සැබැවින්ම අල්ලාහ් සමග හවුල් කරුවන් සිටින බව කරන වාදයේ හා නැවත නැගිටුවීම හෙළා දැකීමෙහි තමන් බොරුකාරයින් ලෙස සිටි බව දේව ප්රතික්ෂේපකයින්ට දැනුම්වත් කිරීම පිණිස ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සියලු දෙනාම නැගිටුවනු ඇත.

Nahl 16:40

මියගිය ඇත්තන්හට යළි ජීවය දී ඔවුන් අවදි කිරීමට සැබැවින්ම අපි සිතූ විට එයින් අප වළක්වන කිසිවෙකු නොවනු ඇත. අපි යමක් සිතූ විට එයට ‘වනු’ යැයි පැවසූ වහාම කිසිදු සැකයකින් තොර ව එය සිදුවනු ඇත.

Nahl 16:41

දෙවියන් ප්රතික්ෂේප කළවුන් විසින් තමන්හට හිංසා පීඩා ඇති කොට තමන් පීඩනයට පත්වූවායින් පසු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දේව ප්රතික්ෂේපිත දේශයෙන් ඉස්ලාමීය දේශය වෙත තම නිවෙස් පවුල් හා තම දේපොළ අතහැර දමා නික්ම ගිය මුහාජිර්වරුන් වනාහි, සැබැවින් අපි ඔවුනට මෙලොවෙහි ගෞවරයෙන් යුතු ව සිටිය හැකි නිවහනක පදිංචි කරවන්නෙමු. ස්වර්ගයේ ඇති පිරිනැමීම් හේතුවෙන් මතුලොව තිළිණ වඩාත් උතුම් වන්නේය. හිජ්රත්-නික්ම- යාමෙන් පසුබැස්සවුන් එම නික්ම ගිය මුහාජිර්වරුන් සතු තිළිණ පිළිබඳ දැන ගන්නේ නම්, ඔවුන් ද එයින් පසු නොබසිනු ඇත.

Nahl 16:42

අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ මොවූහු වනාහි, ඔවුන්ගේ ප්රජාවෙන් අත් වූ හිංසා පීඩාවන් මත සහ ඔවුන්ගේ පවුල් හා ඔවුන්ගේ දේශයෙන් වෙන්වීම ගැන ඉවසීමෙන් කටයුතු කොට අල්ලාහ්ට අවනත වීමෙහි ද ඉවසීමෙන් කටයුතු කළවුන් වෙති. ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුන් ඔවුන්ගේ පරමාධිපති මත ම ස්ථාවරයෙන් සිටියහ. එහෙයින් අල්ලාහ් ඔවුනට අතිමහත් ප්රතිඵල පිරිනැමුවේය.

Nahl 16:43

අහෝ දූතය! නුඹට පෙර අප දේව පණිවිඩ දන්වා සිටීම සඳහා මිනිසුන් අතර පිරිමින් මිස වෙනත් කිසිවෙකු නොඑව්වෙමු. එසේ දූතවරුන් ලෙස අපි මලක්වරුන් ද නොඑව්වෙමු. මෙය අපගේ සුපුරුදු පිළිවෙතයි. සැබැවින්ම ඔවුන් මිනිසුන් බව නුඹලා නොදන්නෙහු නම් නුඹලා එය හෙළා දකින්නේ නම් පෙර පැමිණි ආගම් ලත් ජනයාගෙන් විමසා බලනු. සැබැවින්ම ඔවුන් මිනිසුන් මිස මලක්වරුන් නොවන බව ඔවුන් නුඹලාට දැනුම් දෙනු ඇත.

Nahl 16:44

එම මිනිස් දූතවරුන්, පැහැදිලි සාධක හා පහළ කරන ලද දිව්ය ග්රන්ථ සමග අපි එව්වෙමු. අහෝ දූතය! නුඹ ජනයාට පැහැදිලි කිරීමට අවශ්ය දෑ ඔවුනට පැහිදිලි කරනු පිණිස නුඹ වෙත අපි අල් කුර්ආනය පහළ කළෙමු. ඔවුන්ගේ බුද්ධිය භාවිත කර එහි අන්තර්ගතව ඇති කරුණු තුළින් ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස.

Nahl 16:45

අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීම සඳහා කුමන්ත්රණ සැළසුම් කළවුන්, කාරූන් පොළොවට ගිල ගනු ලැබුවාක් මෙන් අල්ලාහ් ඔවුන් ගිලෙන්නට සැලැස්වීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එසේ නැතහොත් දඬුවම පැමිණීම ගැන කිසිදු බලාපොරොත්තුවකින් තොර ව සිටි තත්ත්වයක එම දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද?

Nahl 16:46

ඔවුන්ගේ ගමන්වලදී හෝ ඔවුන්ගේ ව්යාපාරික කටයුතුවලදී ඔවුන් නිරත ව, ඔබ මොබ සැරිසරන විට දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? ඔවුන් එයින් මිදෙන්නන් හෝ වළක්වනු ලබන්නන් හෝ නොවෙති.

Nahl 16:47

අල්ලාහ් ගැන ඔවුන් බියෙන් පසුවන තත්ත්වයේ ඔහුගේ දඬුවම ඔවුනට අත්වීම ගැන ඔවුන් අභයදායී වන්නෝ ද? සෑම තත්ත්වයකම ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් බලය ඇත්තාය. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ඉතා සෙනෙහෙවන්තය මහා කාරුණිකය. තම ගැත්තන් පාපක්ෂමාවෙහි නිරත ව ඔහු වෙත යොමු වනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔහු ඔවුනට දඬුවම ඉක්මන් නොකරනු ඇත.

Nahl 16:48

මෙම බොරුකාරයින් ඔහුගේ මැවීම් වෙත බලා කල්පනා නොකරන්නෙහු ද? ඒවායෙහි හෙවණ හිරුගේ චලනය අනුගමනය කරමින් දකුණටත් වමටත් නැඹුරු වෙයි. හිරුගේ ගමන දහවල උදා කරයි. සඳුට රාත්රිය හිමිය. ඒවා ඒවායෙහි පරමාධිපතියාණන්ට යටහත්ව යථාර්ථයෙන්ම ඔහුට සිරස නමමින් වැඳ වැටෙති. ඒවා ඔහුට වහල්ය.

Nahl 16:49

අහස්හි පවතින සියලු දෑ ද, මහපොළොවේ පවතින සියලු සත්වයින් ද අල්ලාහ්ට පමණක් හිස නමා වැඳ වැටෙති. මලාඉකාවරුන් ද ඔහුට පමණක් හිස නමා වැඳ වැටෙති. අල්ලාහ්ට නැමදුම් කිරීමටත් ඔහුට යටත්වීමටත් ඔවුහු උඩඟු නොවෙති.

Nahl 16:50

නිරන්තරයෙන් ඔවුන් ඔහුට නැමදුම් කරමින් හා අවනත වෙමින් සිටිනවාත් සමගම ඔහුගේ පැවැත්මෙන්, ඔහුගේ ආධිපත්යයෙන් හා ඔහුගේ බල මහිමයෙන් ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යටත් වන මෙන් කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ අනුව ඔවුහු ක්රියා කරති.

Nahl 16:51

ශුද්ධවන්ත අල්ලාහ් ඔහුගේ සියලුම ගැත්තන් හට, "නුඹලා නැමදුමට දෙදෙනෙකු නොගනු. සැබැවින්ම සැබෑ ලෙස නැමදුමට සුදුස්සා වන්නේ අල්ලාහ් පමණය. ඔහුට දෙවැනියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවෙකු ද නැත. එහෙයින් නුඹලා මට පමණක් බිය වනු මා හැර වෙනත් කිසිවෙකුට බිය නොවනු" යැයි පැවසීය.

Nahl 16:52

අහස්හි ඇති දෑ ද, මහපොළොවෙහි ඇති දෑ ද මැවීමෙන් පාලනය කිරීමෙන් හා සැලසුම් කිරීමෙන් ඔහුට පමණක් සතුය. අවනත වීම යටහත් වීම ස්ථාවර අවංකත්වය ඔහුට පමණක් සතු විය යුතුය. අල්ලාහ් නොවන දෑට නුඹලා බිය වන්නෙහු ද? නැත. එසේ නොව, නුඹලා ඔහුට පමණක් බියවනු.

Nahl 16:53

අහෝ ජනයිනි! ආධ්යාත්මික වශයෙන් හෝ ලෞකික වශයෙන් හෝ කවර ආශිර්වාදයක් නුඹලා සමග තිබෙන්නේ ද එය ශුද්ධ වූ අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් නොවේ. පසු ව නුඹලාට පරීක්ෂණයක් හෝ රෝගාබාධයක් හෝ දිළිඳුකමක් හෝ අත් වූ විට ඔහු වෙත පමණක් කණ්ණලව් කර යටහත් පහත් වනු. නුඹලාට අත් වූ ඉරණම ඔහු නුඹලාගෙන් පහ කරනු ඇත. එහෙයින් කවරෙකු ආශිර්වාද පිරිනමා අභාග්යවන්තකම ඉවත් කරන්නේ ද නැමදුම් ලබන්නට අනිවාර්යය වනුයේ ඔහු පමණය.

Nahl 16:54

පසුව නුඹලාගේ ප්රාර්ථනාවට ඔහු පිළිතුරු දී නුඹලාට අත් වූ උවදුරු ඉවත් කළ විට නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපති සමග වෙනත් අය නමදිමින් ඔහුට ආදේශ කරති. මොනයම් ලැජ්ජා සහගත කටයුත්තක් ද මෙය?

Nahl 16:55

ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම, ඔවුන් වෙත අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාදයන් ප්රතික්ෂේප කරන්නන් බවට පත් කර ඇත. උවදුරු ඉවත් කිරීම එම ආශිර්වාදවලින් එකකි. එහෙයින් ‘නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම ඉක්මණින් හෝ ප්රමාද වී හෝ පැමිණෙන තෙක් නුඹලා කවර සැපතක සිටින්නේ ද එය භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසනු ලැබීය.

Nahl 16:56

භෞතික වස්තු මෙන්ම කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි, කිසිවක් නොදන්නා වස්තුවක් ලෙස ඔවුන්ගේ පිළිම තිබිය දී අපි ඔවුනට ලබා දුන් සම්පත්වලින් කොටසක් ඒවා වෙනුවෙන් තබා එමගින් ඒවා වෙත ඔවුහු සමීපවන්නට බලති. අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මෙම පිළිම දෙවිවරුන් යැයි ද, නුඹලාගේ පෝෂණ සම්පත්වලින් කොටසක් ඒවාට හිමි යැයි ද නුඹලා විශ්වාස කරමින් සිටි දෑ ගැන සැබැවින්ම අල්ලාහ් ප්රශ්න කරනු ඇත.

Nahl 16:57

ආදේශ තබන්නන් අල්ලාහ්ට ගැහැණු දරුවන් ඇතැයි ආරෝපණය කරති. සැබැවින්ම ඔවුන් මලක්වරුන් හෙවත් සුර දූතයින් බව විශ්වාස කොට දූවරුන් ඔහු වෙත ආරෝපණය කර පවසති. ඔවුහු තමන් ප්රිය නොකරන දෙයක් ඔහුට තෝරා දුන්නෝය. ඔවුන් කවර කරුණක් ඔහුට පත් කොට ඔවුන්ගේ සිත් ප්රිය කරන පිරිමි දරුවන් ඔවුන් වෙනුවෙන් පත් කර ගත්තේ ද එයින් අල්ලාහ් පිවිතුරුය. පිරිසිදුය. මීට වඩා මහත් වරදක් කුමක් විය හැකිද?

Nahl 16:58

මෙම ආදේශකයින් අතරින් කෙනෙකුට ගැහැණු දරුවකගේ උපත පිළිබඳ ආරංචිය දැන ගන්නට ලැබූ විට, ලැබුණු ආරංචිය පිළිබඳ ඔහු තුළ පවතින දැඩි පිළිකුල් භාවය නිසාවෙන් ඔහුගේ මුහුණ අඳුරු වී යයි. ඔහුගේ සිතෙහි දුක හා ශෝකය පිරී යයි. පසු ව ඔහු තමන්ට ප්රිය නැති දෑ අල්ලාහ් වෙත ආරෝපණය කරයි.

Nahl 16:59

ගැහැණු දරුවාගේ උපත පිළිබඳ දැනගන්නට ලැබූ නපුරු තොරතුර හේතුවෙන් ඔහු එය තම සමූහයාගෙන් සඟවන්නට බලයි. අවමානය හා කැළල සමගම එම ගැහැණු දරුවා තමන් රඳවා ගන්නේ ද එසේ නැතහොත් ඇය ව වැල්ලෙහි සඟවන්නේ දැ?යි ඔහු ඔහුටම කතා කර ගනී. තමන් ප්රිය නොකරන දෙයක් තම පරමාධිපතිට ආරෝපණය කරමින් ඔවුන් ගත් තීන්දුව කොතරම් පිළිකුල් සහගත ද?

Nahl 16:60

මතුලොව විශ්වාස නොකරන දේව ප්රතික්ෂේපකයින්හට දරුවකුගේ අවශ්යතාව, අඥානකම හා දේව ප්රතික්ෂේපය වැනි පහත් ගුණාංග සතුය. නමුත් අල්ලාහ්ට කීර්තිය, පූර්ණත්වය, ස්වාධීනත්වය, ප්රඥාව වැනි උසස් ප්රශංසනීය ගුණාංග සතුය. ශුද්ධවන්ත ඔහු ඔහුගේ රාජ්යයේ සර්වබලධාරියාණන්ය. කිසිවෙකු ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ මැවීම, සැලසුම් කිරීම හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.

Nahl 16:61

මිනිසුනට ඔවුන්ගේ අපරාධකම් හා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ශුද්ධවන්ත අල්ලාහ් ඔවුනට දඬුවම් කරන්නේ නම් මහපොළොව මත කිසිදු මිනිසෙකු හෝ ඒ මත ගමන් කරන කිසිදු සත්වයකු හෝ ඔහු අත් නොහරිනු ඇත. නමුත් ශුද්ධවන්තයාණන් ඔහුගේ ප්රඥාව මත නියමිත කාලයක් දක්වා ඔවුන් ප්රමාද කරනු ඇත. නමුත් ඔහුගේ ප්රඥාව මත පිහිටි නියමිත කාලය පැමිණි විට, සුළු කාලයක් හෝ ප්රමාද කිරීමකින් හෝ ඉක්මන් කිරීමකින් තොර ව එය ක්රියාත්මක කරනු ඇත.

Nahl 16:62

තමන් වෙත සම්බන්ධ කර පැවසීමට පිළිකුල් කරන දෑ ශුද්ධවන්ත අල්ලාහ්ට ඔවුහු පත් කරති. අල්ලාහ් අබියස තමන්ට යහපත් තත්ත්වයක් ඇති බව බොරුවට තම දිවෙන් පවසා සිටිති. එය සැබෑ නම් ඔවුන් පවසන පරිදිම ඔවුන් යළි අවදි කරනු ලබති. සැබැවින්ම ඔවුනට අපා ගින්න ඇත. සැබැවින්ම ඔවුන් එහි අතහැර දමනු ලබති. එයින් කිසිවිටෙක බැහැර නොවෙති.

Nahl 16:63

අහෝ දූතය! අල්ලාහ් මත දිවුරමින්, නුඹට පෙර විසූ සමූහයන් වෙත සැබැවින්ම අපි දූතවරුන් එව්වෙමු. නමුත් දේව ආදේශය, දේව ප්රතික්ෂේපය හා පාපකම් වැනි ඔවුන්ගේ පිළිකුල් සහගත ක්රියාවන් ෂෙයිතාන් ඔවුනට අලංකාර කර පෙන්වීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ විශ්වාසය අනුව ඔවුන්ගේ උදව් කරුවා ඔහුය. එහෙයින් ඔවුන් ඔහුගෙන් උදව් ඉල්ලා සිටිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

Nahl 16:64

අහෝ දූතය! නුඹ වෙත අප අල් කුර්ආනය පහළ කළේ දේව ඒකීයත්වය, යළි නැගිටුවනු ලැබීම හා ආගමික නීතිරීති පිළිබඳ ඔවුන් කවර මතභේදයක සිටින්නේ ද ඒවා සියලු මිනිසුන් හට පැහැදිලි කරනු පිණිස හා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ද ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය ද විශ්වාස කරන්නන් හට අල් කුර්ආනය ආශිර්වාදයක් හා මග පෙන්වීමක් වනු පිණිසය. සත්ය තුළින් ප්රයෝජන ලබනුයේ ඔවුහුමය.

Nahl 16:65

අහසින් අල්ලාහ් වර්ෂාව පහළ කොට, මහපොළොව වියළී පුහු බවට පත්වූවායින් පසු, එහි පැලෑටි හට ගන්වා ජීවමාන කළේය. අහසින් වර්ෂාව පහළ කිරීමෙහි ද එමගින් මහපොළොවේ පැලෑටි මතු කිරීමෙහි ද අල්ලාහ්ගේ වදනට සවන් දී ඒ ගැන පරිශීලනය කරන ජනයාට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිලි සාධක ඇත.

Nahl 16:66

අහෝ ජනයිනි! ඔටුවන්, ගවයින් හා එළුවන් තුළ නුඹලාට පාඩම් ලැබිය හැකි අයුරින් උපදෙස් ඇත. නුඹලා උන්ගේ තන්පිඬුවලින් ශරීරයේ ඇති රුධිරය හා කුසෙහි අන්තර්ගතව ඇති අමතර දෑ අතර මතුවන කිරි නුඹලාට පානය සඳහා ලබා දෙන්නෙමු. ඒ සමගම පානය කරන්නන්හට පිරිසිදු නැවුම් රසවත් කිරි මතු වන්නේය.

Nahl 16:67

අප නුඹලාට පෝෂණය කළ රට ඉඳි හා මිදි වැනි පළතුරුවල ද නුඹලාට පාඩමක් ඇත. බුද්ධිය පහ කරන මත් ද්රව්ය එයින් නුඹලා පෙරා ගන්නෙහුය. එය යහපත් නොවන්නේය. එමෙන්ම නුඹලා ප්රයෝජනයට ගන්නා රට ඉඳි, වියලි මිදි, විනාකිරි හා පැණි වැනි දෑ ද එයින් නුඹලා ගන්නෙහුය. සඳහන් කරනු ලැබූ දෑහි අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක ඇත. වටහා ගන්නා ජනයා සඳහා ඔහුගේ ගැත්තන් හට ඔහු ආශිර්වාද කර ඇත. පාඩම් ලබන්නෝ ඔවුහුමය.

Nahl 16:68

"නුඹ වෙනුවෙන් කඳුවල නිවෙස් තනා ගනු. ගස්වල ද මිනිසුන් ඉදි කරන නිවෙස් හා වහලවල් වල ද නිවෙස් තනා ගනු" යැයි අහෝ දූතය! නුඹේ පරමාධිපති මී මැස්සියට මඟ පෙන්වමින් ඌට දේව පණිවිඩ දැනුම් දුන්නේය.

Nahl 16:69

"පසු ව මී මැස්ස, නුඹ ප්රිය කරන පලතුරුවලින් අනුභව කරනු. නුඹේ පරමාධිපති නුඹට පිරිනමා ඇති දැනුම අනුසාරයෙන් මාර්ග අතර පහසුවෙන් ගමන් ගනු." එම මී මැස්සාගේ කුසෙන් විවිධ වර්ගයේ හා විවිධ වර්ණයෙන් යුත් මී පැණි මතු වන්නේය. සුදු, කහ හා වෙනත් වර්ණවලින් ද යුක්තිය. එහි මිනිසුනට බෙහෙත් ද ඇත. රෝගීහු එමගින් ප්රතිකාර ලබති. මී මැස්සාට ලැබී ඇති එම දේව අනුභාවයෙහි හා උන්ගේ උදරවලින් පිටවන මී පැණිවල අල්ලාහ්ගේ බලය හා තම මැවීම්හි -සූක්ෂම ලෙස හසුරුවන- ඔහුගේ සැලසුම් කිරීම විදහා පාන සාධක වටහා ගන්නා ජනයාට ඇත. පාඩම් ලබන්නෝ ඔවුහුමය.

Nahl 16:70

කිසිදු පූර්වාදර්ශයකින් තොර ව අල්ලාහ් නුඹලාව මැව්වේය. පසු ව නුඹලාගේ ආයු කාලය අවසන් වූ වහාම නුඹලාව මරණයට පත් කරන්නේය. නුඹලා අතර වයස් ගත අදියර තෙක් ආයු කාලය දීර්ග කරනු ලබන්නන් ද වෙති. එය වයෝවෘද්ධභාවයයි. ඔහු දැන සිටි දැයින් කිසිවක් නොදන්නා අවදියයි. සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සර්වබලධාරීය. කිසිවක් ඔහු ව පරාජය කළ නොහැක.

Nahl 16:71

අල්ලාහ් නුඹලාට දායාද කළ පෝෂණ සම්පත්හි නුඹලා ඇතැමෙකු ඇතැමෙක්ට වඩා උත්තරීතර අල්ලාහ් උසස් කොට ඇත. නුඹලා අතර පොහොසතුන් හා දුප්පතුන් ද නායකයින් හා නායකත්වය යටතේ පාලනය වන්නන් ද පත් කළේය. පෝෂණ සම්පත්හි අල්ලාහ් උසස් කළ ජනයා ආධිපත්යයේ ඔවුන්ගේ වහලුන් ඔවුනට සමානයන් වන තෙක් ඔවුනට පිරිනැමූ දෑ ඔවුන්ගේ වහලුන් හටත් පිරිනැමීම ප්රතික්සේප කිරීම සුදුසු නැත. ඔවුන්ගේ වහලුන් ඔවුනට සමාන වී ඔවුන්ගේ හවුල් කරුවන් වීම ඔවුන් පිළි නොගන්නේ නම් අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ඔහු ට සමානයන් තැබීමෙන් ඔවුන් අල්ලාහ් ව තෘප්තියට පත් කළ හැක්කේ කෙසේද? මෙය මොනයම් ආකාරයේ අපරාධයක් ද? අල්ලාහ්ගේ ආශිර්වාදයන් වළක්වාලන මීට වඩා බරපතල යමක් තිබිය හැකිද?

Nahl 16:72

අහෝ ජනයිනි! නුඹලාගේ වර්ගයාගෙන්ම නුඹලා ඇලුම් කරන අඹුවන් නුඹලාට අල්ලාහ් ඇති කළේය. නුඹලාගේ අඹුවන් තුළින් නුඹලාට දරුවන් හා දරුවන්ගෙන් දරුවන් ද ඇති කළේය. මාංශ, ධාන්ය හා පලතුරු වැනි රසවත් ආහාර ඔහු නුඹලාට පෝෂණය කළේය. එසේ තිබිය දී ව්යාජ පිළිම හා ගල් රූ ඔවුන් විශ්වාස කරති. ගණන් කළ නොහැකි අපමණ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කරති. ඔහුව පමණක් විශ්වාස කිරීමෙන් ඔවුහු අල්ලාහ්ට කෘතඥතාව පුද නොකරති.

Nahl 16:73

දෙවියන්ට ආදේශ කරන්නෝ අල්ලාහ් හැර පිළිමවලට වැඳුම් පිඳුම් කරති. අහස්වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණ සම්පතක් ඔවුන් වෙත ලබා දීමට ඒවාට නොහැක. ඒවා කිසිදු ජීවයක් හෝ දැනුමක් නැති භෞතික වස්තු වන බැවින් එහි ආධිපත්යය දැරීමට ඒවා කිසිවක් සමත් වන්නේ ද නැත.

Nahl 16:74

අහෝ ජනයිනි, කිසිදු යහපතක් හෝ අයහපතක් හෝ සැලසිය නොහැකි මෙම පිළිම, අල්ලාහ්ට ආදේශ වශයෙන් නුඹලා නොතබනු. නැමදුම් කටයුතුවලදී ඔහුට නුඹලා ආදේශ කරන තරමට කිසිදු හවුල් කරුවෙකු ඔහුට නැත. සැබැවින්ම අල්ලාහ් තමන් සතු කීර්තියේ හා පරිපූර්ණත්වයේ ගුණාංග දනී. නමුත් නුඹලා ඒ ගැන නොදැන ඔහුට ආදේශ තැබීමෙහි වැටී ඇත. නුඹලා ඔහු ව පිළිමවලට සමාන කරමින් ඒවාට කණ්ණලව් කරන්නෙහුය.

Nahl 16:75

දෙවියන්ට ආදේශ තබන්නන්හට පිළිතුරු වශයෙන් ශුද්ධවන්ත අල්ලාහ් උපමාවක් මෙසේ ගෙන හැර පෑවේය. ගනුදෙනු කළ නොහැකි වහල් ගැත්තෙක්-ඔහුට යමක් වියදම් කිරීමට කිසිවක් නැත. තවත් නිදහස් පුද්ගලයෙක් - තමන්ට කැමති පරිදි ගනු දෙනු කිරීමට අනුමත ධනය අප වෙතින් ඔහුට පිරිනමා ඇත. ඔහු කැමති පරිදි ප්රසිද්ධියේ මෙන්ම රහසිගතව එයින් වියදම් කරයි. මෙම පුද්ගලයින් දෙදෙනාම සමාන වන්නේ නැත. එසේ නම් තමන් අභිමත කරන පරිදි තම පාලනය තුළ කටයුතු කරන පාලක අල්ලාහ් අතර හා කිසිවක් කළ නොහැකි නුඹලාගේ පිළිම අතර නුඹලා සමානකම් පානුයේ කෙසේ ද? සියලු පැසසුම් අල්ලාහ් සතුය. පැසසුමට සුදුස්සා ඔහුය. නමුත් අදේශ තබන්නන් බොහෝ දෙනා දේවත්වයෙන් අල්ලාහ් ඛේවල බවත් නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණක් බවත් නොදනිති.

Nahl 16:76

ඔවුනට පිළිතුරු වශයෙන් ශුද්ධවන්ත අල්ලාහ් තවත් උපමාවක් මෙසේ ගෙන හැර පෑවේය. එය මිනිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් සවන් දිය නොහැකි, කතා කළ නොහැකි බිහිරෙකි. ඔහුගේ බිහිරි හා ගොලු භාවය නිසා කිසිවක් ඔහු වටහා නොගනී. තමන්ට කිසිදු සෙතක් සැලසිය නොහැකිය. අන් අයටත් සෙත සැලසිය නොහැකිය. ඔහුගේ කටයුතු භාරව කටයුතු කරන, ඔහුව නඩත්තු කරන අයට ඔහු විශාල බරකි. යම් කිසි ප්රදේශයකට ඔහු ඔහුව යැව්වද ඔහු යහතින් නොපැමිණෙයි. අපේක්ෂා කරන දෑ සාර්ථක ව ඉටු නොකරයි. මෙවන් තත්ත්වයේ සිටින්නෙකු සවන් දීමට හා කතාවට මනා හැකියාවක් ඇති විවිධාකාර ප්රයෝජන සැලසිය හැකි කෙනෙකුට සමාන විය හැකි ද? ඔහු මිනිසුනට සාධාරණත්වය නියෝග කරයි. තමන් සම්බන්ධයෙන් කෙළින් කටයුතු කරයි. කිසිදු ඇදයක් හෝ කුතුහලයක් හෝ නොමැති පැහැදිලි මාර්ගය මත සිටියි. එසේ නම් දෙවියන්ට ආදේශ තබන්නනි! කීර්තියෙන් හා පූර්ණත්වයෙන් යුත් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ අල්ලාහ් හා කිසිවක් සවන් දිය නොහැකි, කතා කළ නොහැකි, කිසිදු සෙතක් සැලසිය නොහැකි, කිසිදු උවදුරක් ඉවත් කළ නොහැකි නුඹලාගේ පිළිම අතර නුඹලා සමානකම් පානුයේ කෙසේ ද?

Nahl 16:77

අහස්හි ගුප්ත ව පවතින දෑහි හා මහපොළොවේ ගුප්ත ව පවතින දෑහි දැනුම අල්ලාහ්ට පමණක් සතුය. එම දැනුම ඔහුගේ කිසිදු මැවීමක් විසින් දැනගත නොහැකි, ඔහුට පමණක් විශේෂිත වූ දැනුමය. එමෙන්ම තමන් අභිමත කළ විට ඇසි පිය වසා නැවත විවෘත කරන තරමට ඉතා සීග්රයෙන් එළැඹෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සම්බන්ධයෙන් ගුප්ත ව පවතින විශේෂ දැනුම ද ඔහුට පමණක් සතුය. එය ඊටත් වඩා සමීපයෙන් පවතී. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහුව අසමත් කළ නොහැක. ඔහු යමක් සිතූ විට එයට ‘කුන්’ (වනු) යැයි කියූ වහාම එය සිදුවනු ඇත.

Nahl 16:78

අහෝ ජනයිනි! නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා රුඳී සිටි නියමිත කාලය අවසන් වූ පසු කිසිවක් නොදන්නා බිළිඳෙකු සේ නුඹලාව බැහැර කොට අසන්නට සවන් ද, බලන්නට දෑස් ද, වටහා ගන්නට හදවත් ද නුඹලාට දායාද කළේ අල්ලාහ්ය. එය නුඹලාට පිරිනමා ඇති දායාදයන් වෙනුවෙන් නුඹලා ඔහුට කෘතවේදී වීමේ යහපත් අපේක්ෂාවෙනි.

Nahl 16:79

කුරුල්ලන් අහසේ පියාසර කිරීම සඳහා අල්ලාහ් උන්ට පිරිනමා ඇති අත්තටු සහ සුළඟේ පහසුවෙන් පියාසර කිරීමේ හැකියාව උන්ට වසඟ කර දී තිබීම ගැන දෙවියන්ට ආදේශ තබන්නන් නිරීක්ෂණය නොකළේද? උන්ගේ පියාපත් හකුළා ගැනීමටත් ඒවා විහිදුවන්නටත් අල්ලාහ් උන් හට ඉඩ දී ඇත. අහසෙහි උන් නොවැටෙන පරිදි උන් රඳවාගෙන සිටින්නේ සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොවේ. මෙසේ වසඟ කර දීමෙහි හා උන් නොවැටෙන සේ රඳවා තැබීමේ දෙවියන් විශ්වාස කරන ජනයාට සැබැවින්ම සාධක ඇත. එම සාධක හා පාඩම් මගින් ප්රයෝජනය ලබන්නේ ඔවුන්ය.

Nahl 16:80

ස්ථීර පදිංචි ස්ථානයක් ලෙසත් සුව පහසුකම් සහිත ස්ථානයක් ලෙසත් නුඹලා ගලින් හා වෙනත් අමු ද්රව්යවලින් ඉදිකරන නුඹලාගේ නිවෙස් ඔහු නුඹලාට ඇති කළේය. එමෙන්ම ස්ථීර නිවාස මෙන්ම ගම්බද දුර පලාත්වල ඔටුවන් ගවයින් හා එළුවන්ගේ සමෙන් සාදන ලද කූඩාරම් ද ඔහු නුඹලාට ඇති කළේය. නුඹලාගේ ගමනෙහි තැනකින් තවත් තැනකට පහසුවෙන් උසුලා ගෙන ගොස් නුඹලා ගොඩ බසින ස්ථානයේ ඒවා පහසුවෙන් තනා ගත හැකි පරිදි ඔහු ඒවා සැහැල්ලු කර දී ඇත. බැටලු ලෝම, ඔටු හම් හා එළු රෝම නුඹලාගේ නිවෙස්වල ඇතුළත හා පිටත ආවරණය කරන අමු ද්රව්ය ලෙස ඔහු නුඹලාට ඇති කළේය. නියමිත කාලයක් දක්වා නුඹලා එමගින් භුක්ති විඳින්නෙහුය.

Nahl 16:81

හිරු රෂ්ණයෙන් නුඹලා හෙවණ ලබන ගස් හා ගොඩනැගිලි වැනි තැන් ඔහු නුඹලාට ඇති කළේය. සීතල, රෂ්ණය හා සතුරන්ගෙන් නුඹලා මුවා වන ගුහා, බිංගේ හා කපොල්ල වැනි දෑ කඳු අතර ඔහු නුඹලාට ඇති කළේය. සීතලෙන් හා රෂ්ණයෙන් නුඹලා ආරක්ෂා විය හැකි පරිදි ලෝම හා වෙනත් අමුද්රව්යවලින් කමිස හා ඇඳුම් නුඹලා ට ඇති කළේය. යුද්ධයේදී අත් වන හානිවලින් නුඹලා ආරක්ෂා කරන පරිදි යුධ ආවරණ ද නුඹලාට ඇති කළේය. එහෙයින් නුඹලාගේ ශරීරයට අසිපතින් හානි නොවනු ඇත. නුඹලා වෙත පෙර සඳහන් කරන ලද ආශිර්වාදයන් අල්ලාහ් දායාද කළාක් මෙන්ම නුඹලා අල්ලාහ්ට පමණක් යටත් වීමේ හා ඔහුට කිසිවක් ආදේශ නොකිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව ඔහු නුඹලාට ඔහුගේ ආශිර්වාදයන් සම්පූර්ණ කළේය.

Nahl 16:82

දෙවියන් විශ්වාස කිරීමට හා නුඹ ගෙන ආ දෑ සත්යයක් බව විශ්වාස කිරීමට ඔවුන් විරුද්ධ වූයේ නම්, අහෝ දූතය! කවර කරුණක් වෙත මග පෙන්වන මෙන් නුඹට නියෝග කරනු ලැබුවේ ද එය පැහැදිලි දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් නුඹට නැත. ඔවුන්ව යහමග යැවීමේ බර දැරීම නුඹ වෙත පැවරී නැත.

Nahl 16:83

අල්ලාහ් ඔවුන් හට ආශිර්වාද කළ ඔහුගේ ආශිර්වාදයන්, දේවත්වය ආදේශ කරන්නන් හඳුනති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ඔවුන් වෙත එවීමත් එම ආශිර්වාදවලින් එකකි. පසුව ඒ වෙනුවෙන් ඔවුන් කෘතඥ නොවී ඔහුගේ දූතයාණන්ව බොරු කරමින් ඔහුගේ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ශුද්ධවන්ත අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නෝ වෙති.

Nahl 16:84

අහෝ දූතය! සෑම සමූහයක් වෙතම එවන ලද දූතයකුම ඔවුන් අතර සිටි දේව විශ්වාසියාගේ දේව විශ්වාසය ගැනත්, දේව ප්රතික්ෂේපකයාගේ දේව ප්රතික්ෂේපය ගැනත් සාක්ෂි කීම සඳහා අල්ලාහ් අවදි කරන දිනය මෙනෙහි කර බලනු. ඔවුන් දේව ප්රතික්ෂේපය මත සිටි බැවින් ඒ සඳහා නිදහසට කරුණු දැක්වීමට දේව ප්රතික්ෂේපකයාට අවසර දෙනු නොලැබේ. ඔවුන්ගේ පරමාධිපති ඔහු ගැන තෘප්තියට පත්වන කටයුතු ඉටු කිරීම සඳහා නැවත මෙලොවට එවනුද නොලැබේ. මතුලොව විනිශ්චයේ නිවහන මිස ක්රියාවන් ඉටු කිරීමේ නිවහන නොවන්නේය.

Nahl 16:85

දෙවියන්ට ආදේශ තැබූ අපරාධකරුවන් දඬුවම දෑසින් දකින විට එම දඬුවම ඔවුන්ගෙන් සැහැල්ලු කරනු නොලැබේ. ඔවුනට එය ප්රමාද කරමින් අවකාශය ද දෙනු නොලැබේ. ඔවුන් එහි පිවිස සදාතනිකයින් ලෙස සදාකල් වෙසෙති.

Nahl 16:86

දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි, ඔවුන්ගේ නැමදුමට ලක් වූ දෑ මතුලොවෙහි දෑසින් දකින විට, "අහෝ අපගේ පරමාධිපතියාණනි! නුඹ ව හැර දමා අපි නමදිමින් සිටි අපගේ හවුල්කරුවන් මොවූහුය" යැයි පවසති. එසේ ඔවුන් පවසා සිටිනුයේ ඔවුන්ගේ පව් බර ඔවුන් මත පැටවීම සඳහාය. එවිට අල්ලාහ් ඔවුන්ගේ නැමදුමට ලක්වූවන්ට කතා කරන්නට සලස්වයි. එවිට ඔවුහු ඔවුනට පිළිතුරු දෙමින්, "අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! සැබැවින්ම අල්ලාහ්ට හවුල් කරුවෙකු පත් කොට නුඹලා නමදිමින් සිටි දෑ ගැන නුඹලා මුසාවාදීහු ය. ඔහු සමග නැමදුමට ලක්වන කිසිදු හවුල්කරුවකු නොවීය." යැයි පවසති.

Nahl 16:87

දෙවියන්ට ආදේශ කළවුන් යටත් වෙති. අල්ලාහ්ට පමණක් අවනත වෙති. අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි වාද කරමින් ඔවුන් මවාගෙන සිටි ඔවුන්ගේ පිළිම ඔවුන්ගෙන් පහ ව යන්නෝය.

Nahl 16:88

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අනිත් අයව ද වෙනතකට යොමු කළවුන් වනාහි -ඔවුන්ගේ කලහකාරීකම හා ඔවුන් අනිත් අයද මුළා කරවා කලහකම් සිදු කළ හේතුවෙන්- දේව ප්රතික්ෂේපයට ගැළපෙන දඬුවමට අමතරව තවත් දඬුවමක් වැඩි කර දෙන්නෙමු.

Nahl 16:89

සෑම සමූහයක්ම ඔවුන් දරා සිටි දේව විශ්වාසය හා දේව ප්රතික්ෂේපය ගැන ඔවුන් මත සාක්ෂි පැවසීම සඳහා ඒ ඒ සමූහයාගේ දහම් දූතයාව අපි අවදි කරන දින අහෝ දූතය! මෙනෙහි කර බලනු. එම දූතයා ඔවුන්ගේම වර්ගයේ කෙනෙකි. ඔවුන්ගේ භාෂාවෙන්ම කතා කරයි. ඒ සියලු සමූහයා මත ඔබ ව සාක්ෂිකරුවකු ලෙස අපි ගෙන එන්නෙමු. හලාල් හෙවත් අනුමත දෑ ද, හරාම් හෙවත් තහනම් දෑ ද, කුසල් හා දඬුවම් ද, වෙනත් කරුණු ද පැහැදිලි කිරීමට අවශ්ය සියලු දෑ නුඹ පැහැදිලි කරනු වස් අපි නුඹ මත අල් කුර්ආනය පහළ කර ඇත්තෙමු. එය මිනිස් සංහතියට සත්ය වෙත මඟපෙන්වන්නක් ලෙසත් එය විශ්වාස කොට එහි ඇති දෑ අනුව කටයුතු කරන්නන්හට ආශිර්වාදයක් ලෙසත් අල්ලාහ්ව විශ්වාස කරන්නන් බලාපොරොත්තුවන සදා සැපත ගැන ඔවුනට ශුභාරංචි දන්වන්නක් ලෙසත් අපි පහළ කර ඇත්තෙමු.

Nahl 16:90

අල්ලාහ්ගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ඉටු කරන මෙන් ද, උසස් කොට සැලකීමට අනිවාර්යය යුතුකමක් මත මිස නීතිමය කටයුතු වලදී කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් නොකරන මෙන් ද, අමතර දානමය වියදම්, අපරාධකරුවන්ට සමාව දීම වැනි අනිවාර්යය නොවන කටයුතු ගැත්තන්හට අමතරව ඉටු කරමින් උපකාර කරන මෙන් ද, තම ඥාතීන්ට අවශ්ය වන දෑ පිරිනමන මෙන් නියෝග කරන මෙන් ද, අශීලාචාර ප්රකාශ වැනි අයුතු ප්රකාශයන් හා දුරාචාරය වැනි අයුතු ක්රියාවන් වැනි පිළිකුල් සහහගත සියලුම දැයින් වැළකී සිටින මෙන් ද, ෂරීආව හෙවත් ආගමික පිළිවෙත් හෙළා දකින සියලු පාපකම්වලින් වැළකී සිටින මෙන්ද, අපරාධය, මිනිසුන් වෙත අහංකාරයෙන් හැසිරීම වැනි දුෂ්චරිතවලින් වැළකී සිටින මෙන් ද, අල්ලාහ් තම ගැත්තන්හට නියෝග කර සිටියි. මෙම පාඨයේ නුඹලාට කවර දෙයක් අණ කර ඇත්තේ ද, එවන් දෑ හා නුඹලාට කවර දෙයක් තහනම් කර ඇත්තේ ද, එවන් දෑ ගෙනහැර දක්වා අල්ලාහ් නුඹලාට උපදෙස් දී ඇත. එසේ උපදෙස් දී ඇත්තේ එමගින් නුඹලා පාඩම් ලබනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

Nahl 16:91

නුඹලා අල්ලාහ් සමග ගිවිසගත් ගිවිසුම් හා මිනිසුන් සමග ගිවිස ගත් ගිවිසුම් යන සියල්ල පූර්ණ ව ඉටු කරනු. අල්ලාහ් මත දැඩි සේ දිවුරීමෙන් පසු, නුඹලාගේ දිවුරුම් කඩ නොකරනු. නුඹලා කවර දෙයක් මත දිවුරා සිටියේ ද, එය ඉටු කිරීම සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ් ව සාක්ෂිකරුවෙකු ලෙස පත් කර ගෙන ඇත්තේය. නුඹලා සිදුකරන දෑ සැබැවින්ම අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Nahl 16:92

ගිවිසුම් කඩ කරමින් බුද්ධිහීන අධමයින් මෙන් නුඹලා නොවනු. ලෝම හෝ සේද ගෙත්තම් කිරීමට වෙහෙස වී එම ගෙත්තම මනා ලෙස නිම කළ පසුව, ගෙත්තම් කිරීමට පෙර තිබූ තත්ත්වයටම එම ගෙත්තම ලිහිල් කරන අඥාන කාන්තාවකට එය සමානය. ඇය එය ගෙත්තම් කිරීමට හා එය ලිහිල් කිරීමට වෙහෙස දැරූ නමුත් බලාපොරොත්තුවන දෑ ඇය හිමිකර නොගත්තාය. නුඹලාගේ සතුරු සමූහයාට වඩා නුඹලා බලවත් හා අධික වීම පිණිස නුඹලාගේ දිවුරීම් නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටා දමන වංචනික දිවුරුම් බවට පත් කර ගන්නෙහුය. ගිවිසුම් ඉටු කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාව පරීක්ෂාවට ලක් කරයි. එය නුඹලා විනාශ කරන්නෙහුද?. එසේ නැතිනම් එය කඩ කරන්නෙහුද? මෙලොවෙහි නුඹලා කවර විෂයක මතභේද ඇතිකරගනිමින් සිටියේ ද එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාට අල්ලාහ් පැහැදිලි කරනු ඇත. එවිට ව්යාජ පුද්ගලයාගෙන් සත්යවාදියා ද මුසාවාදියාගෙන් සත්ය පවසන්නා ද හෙළිවනු ඇත.

Nahl 16:93

අල්ලාහ් අභිමත කළේ නම් සත්ය මත එකඟ වූ, එකම සමූහයක් බවට නුඹලා ව පත් කරන්නට තිබුණි. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අය සත්යයෙන් ද සාධාරණ ලෙස ගිවිසුම් ඉටු කිරීමෙන් ද පෙරළා නොමග යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන්නේ නම් ඒ සඳහා ඔහුට භාග්ය පිරිනමා ආශිර්වාද කරන්නේය. මෙලොව නුඹලා කරමින් සිටි දෑ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹලා ප්රශ්න කරනු ලබන්නෙහුය.

Nahl 16:94

නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ව රවටා දමන පරිදි වංචනික ලෙස නුඹලාගේ දිවුරුම් පත් කර නොගනු. නුඹලාගේ ආශාවන්ට අනුගත වෙමින් නුඹලා කැමති වේලාවක එය කඩ කිරීමටත් කැමති වේලාවක එය විනාශ කිරීමටත් තැත් නොකරනු. සැබැවින්ම නුඹලා එසේ කළේ නම් නුඹලා ඍජු මාර්ගයේ ස්ථාවරව සිටීමෙන් පසුව නුඹලාගේ පාද එයින් ලිස්සා යනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹලා නොමග ගිය බැවින් ද සෙසු අය ද නුඹලා ඉන් නොමඟ හැරිය බැවින් ද නුඹලා දඬුවම විඳවනු ඇත. නුඹලාට දඬුවම ගුණ කරමින් දෙනු ලැබේ.

Nahl 16:95

අල්ලාහ්ගේ ගිවිසුම කඩ කිරීමටත් එය ඉටු නොකර අතහැර දැමීමටත් නුඹලා අල්ප මිලකට එම ගිවිසුම හුවමාරු නොකරනු. නුඹලා ඒ ගැන දන්නෙහු නම් සැබැවින්ම එම ගිවිසුම කඩ කිරීම සඳහා නුඹලා ලබා ගන්නා අල්ප මිලට වඩා අල්ලාහ් අබියස ඇති උපකාරය ද මෙලොවෙහි ලැබෙන සම්පත් ද මතුලොවෙහි ඇති සදාතනික සැප පහසුකම් ද නුඹලාට උතුම් වන්නේය.

Nahl 16:96

අහෝ ජනයිනි! නුඹලා ළඟ ඇති ධනය වින්දනය හා සැප පහසුකම් අධික ව තිබුණ ද ඒවා අවසන් වී යන්නේය. අල්ලාහ් අබියස ඇති ප්රතිඵල සදා පවතින්නකි. ඉතිරි ව පවතින දෑට වඩා විනාශ වී යන දෑට නුඹලා වැදගත්කමක් දෙනුයේ කෙසේද? ගිවිසුම් මත ඉවසීමෙන් සිට එය කඩ නොකරන්නන්හට සැබැවින්ම අපි ප්රතිඵල පිරිනමන්නෙමු. ඔවුන්ගේ තිළිණ ඔවුන් අවනත වී ක්රියා කරමින් සිටි දෑට වඩා යහපත් වන්නේය. යහපතකට එවන් දස ගුණයක් තිළිණ අපි ඔවුනට පිරිනමන්නෙමු. එය ද හත්සීය ගුණය දක්වාත් ඊටත් වැඩියෙන් ද අධික ලෙස ගුණ කර දෙන්නෙමුෙ

Nahl 16:97

පිරිමියෙකු හෝ වේවා ස්ත්රියක හෝ වේවා කවරෙකු ආගමික පිළිවෙතට අනුකූල ව යම් දැහැමි ක්රියාවක් සිදු කරන්නේ ද ඔහු අල්ලාහ්ව විශ්වාස කළ අයෙකි. සැබැවින්ම මෙලොව ජීවිතයේදී අපි ඔහුට අල්ලාහ්ගේ නියමය ගැන තෘප්තියෙන් පසුවන විශ්වාසය ගොඩ නැගුණු අවනත වීම සඳහා ආශිවාද කරනු ලැබූ යහපත් ජීවිතයක් ගත කරන්නට සලසා දෙමු. සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සිදු කළ දැහැමි ක්රියාවන් සඳහා වඩාත් යහපත් තිළිණ අපි ඔවුනට මතුලොවෙහි පිරිනමන්නෙමු.

Nahl 16:98

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹ අල් කුර්ආනය පාරායනය කරන්නට සිතුවේ නම් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරින ලද ෂෙයිතාන්ගේ කුකුස්වලින් ආරක්ෂාව නුඹ අල්ලාහ් වෙතින් පතනු.

Nahl 16:99

අල්ලාහ් විශ්වාස කොට තමන්ගේ සියලු කටයුතු ඔහු වෙත පමණක් භාර කරන්නන් මත ආධිපත්යය දරන්නට ෂෙයිතාන්ට කිසිදු බලයක් නැත.

Nahl 16:100

සැබැවින්ම කුකුස් ඇති කරමින් ඔහු තම ආධිපත්යය දරනුයේ ඔහු ව මිතුරෙක් ලෙස ගෙන ඔහුගේ පෙළඹවීමට යටත් වූවන් මතය. ඔහුගේ පෙළඹවීම හේතුවෙන් ඔවුහු අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ආදේශකයින් වූහ.

Nahl 16:101

අල් කුර්ආනයේ නීතිමය පාඨයක් තවත් පාඨයකින් අපි වෙනස් කළ විට, -යම් ප්රඥාවක් සඳහා එසේ අල් කුර්ආනයෙන් වෙනස් කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඉන් වෙනස් නොකරන දෑ පිළිබඳවත් ඔහු සර්වඥානීය.- "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් මත කරුණු මවා බොරු පවසන්නෙහිය" යැයි ඔවුහු පැවසුවෝය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සැබැවින්ම එම වෙනස් කිරීම, ගැඹුරු දේව ප්රඥාවක් නිසාවෙන් වන්නක් බව නොදනිති.

Nahl 16:102

අහෝ දූතය! කිසිදු වරදක් නැති, කිසිදු වෙනස් කිරීමක් නැති, කිසිදු ව්යාකූලත්වයක් නැති, සත්යයෙන් යුත් අල් කුර්ආනය ශුද්ධවන්ත අල්ලාහ් අබියසින් පහළ කළේ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාය. එය, ඉන් නව දෙයක් පහළ කරනු ලබන සෑම අවස්ථාවකම ඉන් සමහරක් වෙනස් කරනු ලබන සෑම අවස්ථාවකම අල්ලාහ් පිළිබඳ විශ්වාස කළවුන්ගේ විශ්වාසය එමගින් ස්ථීර කරනු පිණිසය. එමෙන්ම සත්ය වෙත ඔවුනට මඟ පෙන්වීම පිණිසය. තවද ගෞරවණීය ප්රතිඵල ලැබීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට ශුභාරංචි දන්වනු පිණිසය.

Nahl 16:103

දෙවියන්ට ආදේශ කරන්නන්, "සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කළේ මිනිසෙකි." යැයි පවසන බව සැබැවින්ම අපි දනිමු. ඔවුන් කරන වාදයෙහි ඔවුහු මුසාවාදීහුය. ඔවුන් එසේ සිතන පුද්ගලයාගේ භාෂාව අරාබි නොවන බව සැබැවින්ම ඔහු දනී. නමුත් මෙම අල් කුර්ආනය උසස් සාහිත්යමය ස්වරූපයෙන් පැහැදිලි අරාබි බසින් පහළ වී ඇත. එසේ නම්, මෙය ඔහු අරාබි නොවන කෙනෙකුගෙන් හදාරා ඇති බව ඔවුන් සිතනුයේ කෙසේද?

Nahl 16:104

සැබැවින්ම මෙම පාඨ ශුද්ධවන්ත අල්ලාහ් වෙතින් වූ බවට විශ්වාස නොකරන්නන් වනාහි ඒ මතය මත ඔවුන් සිටින කල්තාක් යහමග සඳහා අල්ලාහ් ඔවුනට ආශිර්වාද කරන්නේ නැත. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් ද ඔහුගේ වදන් බොරු කරමින් සිටි හේතුවෙන්ද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

Nahl 16:105

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ පරමාධිපති වෙතින් කවර කරුණක් ගෙන ආවේ ද ඒ් සම්බන්ධයෙන් එතුමා බොරු පවසන්නෙකු නොවේ. සැබැවින්ම බොරු ගොතා පවසනුයේ අල්ලාහ්ගේ පාඨ සත්ය බව පිළි නොගන්නන්ය. ඊට හේතුව සැබැවින්ම ඔවුන් දඬුවමට බිය නොවෙති. කුසල් බලාපොරොත්තු නොවෙති. දේව ප්රතික්ෂේපය සමඟ වර්ණනා කරනු ලැබු ඔවුන් මුසාවාදීන් ම ය. ඊට හේතුව සැබැවින්ම බොරුව ඔවුන් පුරුද්දක් බවට පත් කර ගත් සිරිතක් වූ බැවිණි.

Nahl 16:106

දේව විශ්වාසයේ යථාර්ථය පිළිබඳ දැඩි විශ්වාසයෙන් යුතුව තම හදවත දේව විශ්වාස මත තැන්පත් ව තිබියදී බලහත් කාර ලෙස තම දිවෙන් දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන මෙන් බලකරනු ලබන්නා හැර, දේව විශ්වාසයෙන් පසුව අල්ලාහ්ව ප්රතික්ෂේ කරන්නන් හට අල්ලාහ්ගේ කෝපය හා බරපතළ දඬුවම් ඇත. එසේ බලකිරීමෙන් පසු එම ප්රතික්ෂේපයෙන් හදවත පුළුල් වී දේව විශ්වාසය වෙනුවට එය තෝරා ගෙන එයට යටත්ව ප්රකාශ කර සිටින්නා ඉස්ලාමයෙන් ඉවත් වූ අයකු වන්නේය. එවැන්නන් හටද අල්ලාහ්ගේ කෝපය ඇති අතරම ඔවුනට බරපතල දඬුවමක් ද ඇත.

Nahl 16:107

ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය ප්රමාණවත් කොට සැබැවින්ම ඔවුන් මතුලොවට වඩා මෙලොවෙහි ලබන සුන්බුන්වලට වැදගත්කමක් දීම ඔවුන් ඉස්ලාමයෙන් බැහැර වීමට හේතු විය. දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට දේව විශ්වාසය වෙත සැබැවින්ම අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඔවුන් අවමානයට පත් කරනු ඇත.

Nahl 16:108

දේව විශ්වාසයෙන් පසු ව එය අතහැර ගියවුන් බව වර්ණනා කරනු ලැබුවන් වනාහි අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබීය. එහෙයින් එම උපදෙස් ඔවුනට වැටහෙන්නේ නැත. ඔවුන්ගේ සවන් මත ද මුද්රා තැබීය. එහෙයින් ප්රයෝජනවත් වන සේ එමගින් ඔවුන් සවන් දෙන්නේ නැත. ඔවුන්ගේ බැල්ම මත ද මුද්රා තැබීය. එහෙයින් දේව විශ්වාසය පෙන්වා දෙන සාධක ඔවුන් බලන්නේ නැත. භාග්යයේ හා අභාග්යයේ කරුණු පිළිබඳවත්, ඔවුනට සූදානම් කර ඇති දඬුවම පිළිබඳවත් අනවධානයෙන් පසුවූවෝ ඔවුහුමය.

Nahl 16:109

සහතික වශයෙන්ම ඔවුන් දේව විශ්වාසය රඳවා ගත්තේ නම්, ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නට තිබුණු එම දේව විශ්වාසයේ රුඳී සිට, පසු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වනාහි සැබැවින්ම ඔවුහුමය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අලාභවන්තයින් වන්නේ.

Nahl 16:110

පසු ව අහෝ දූතය! දෙවියන්ට ආදේශ තැබූවන් ඔවුනට හිංසා පීඩා ගෙන දුන් පසු, එමෙන්ම ඔවුන්ගේ හදවත් දේව විශ්වාසයේ තිබියදී දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන තරමට ඔවුන්ගේ දහම තුළ ඔවුන් පරීක්ෂාවට පත් කිරීමෙන් පසු, මක්කාවෙන් නික්ම වී මදීනාවට හිජ්රත් කොට පසුව අල්ලාහ්ගේ ප්රකාශ උසස් වනු පිණිසත්, දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රකාශය පහත් කරනු පිණිසත්, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැඳුණු දුෂ්කරතා මත ඉවසීමෙන් දරා සිටි දුර්වල දේව විශ්වාසීන් හට සැබැවින්ම නුඹේ පරමාධිපති මහා කාරුණික හා අති ක්ෂමාශීලී විය. ඔවුන් පරීක්ෂාවට ලක් කළ පරීක්ෂාවන්ගෙන් හා දේව ප්රතික්ෂේපයේ වදන ප්රකාශ කරන තරමට ඔවුන් දඬුවම් කරනු ලැබීමෙන් පසුව සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුනට අති ක්ෂාමාශීලී විය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකයාණන් විය. ඊට හේතුව එසේ ඔවුන් දේව ප්රතික්ෂේපිත වදන පවසා සිටියේ බල කිරීමෙන් වූ බැවිණි.

Nahl 16:111

නවාතැනෙහි බිහිසුණු කම හේතුවෙන් අනෙක් අය ගැන වාද නොකර තමන් ගැන පමණක් වාද කරමින් සෑම මිනිසෙකුම පැමිණෙන දිනය ගැන අහෝ දූතය! මෙනෙහි කර බලනු. සෑම කෙනෙකුම සිදු කළ යහපත හා අයහපත වෙනුවෙන් වූ ප්රතිඵල ඔවුනොවුනට පිරිනමනු ලැබේ. ඔවුන්ගේ යහකම්වල කිසිවක් අඩු කිරීමෙන් හෝ අයහකම්වල කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලබනු ඇත.

Nahl 16:112

අල්ලාහ් උපමාවක් ලෙස මක්කා නගරය ගෙනහැර දක්වයි. එහි වැසියන් කිසිදු බියකින් තොර ව සුරක්ෂිතව ස්ථාවරව සිටියහ. ඒ අවට සිටින මිනිසුන් ඵල නෙළා ගත්තෝය. සෑම දෙසකින්ම ඉතා පහසුවෙන් නැවුම් පෝෂණ ඒ වෙත පැමිණෙන්නට විය. නමුත් අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද ඔවුන් ප්රතික්ෂේප කොට ඔහුට ඔවුහු ගුණමකු වූහ. එබැවින් අල්ලාහ් ඔවුනට ප්රතිවිපාක වශයෙන් සාගින්න සහ බියෙන් හා විශ්මයෙන් ඔවුන්ගේ ශරීර මත දැඩි බාහිර බියක් ඇති කළේය. ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කරමින් හා බොරු කරමින් සිටි බැවින් ඒ දෙක ඔවුනට වස්ත්රයක් බඳු විය.

Nahl 16:113

සැබැවින්ම මක්කා වාසීන් අතරට ඔහුගේ විශ්වාසය හා සත්යභාව ගැන හඳුනන ඔවුන්ගෙන්ම වූ දූතයකු පැමිණියේය. ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාය. ඔහුගේ පරමාධිපති ඔහු වෙත පහළ කළ දෑ සම්බන්ධයෙන් ඔවුහු ඔහු ව බොරු කළෝය. එවිට අල්ලාහ්ගේ දඬුවම වශයෙන් සාගින්න හා බිය ඔවුනට පහළ විය. අල්ලාහ්ට ආදේශ කොට ඔහුගේ දූතයාණන් බොරු කරන අවස්ථාවේ විනාශයේ සාධක ඔවුන් වෙත ඔවුන් ළඟා කර ගනිමින් අපරාධකරුවන් වූහ.

Nahl 16:114

අහෝ ගැත්තනි! අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් අනුමත වර්ග හා ආහාරයට සුදුසු දෑ අනුභව කරනු. නුඹලා අල්ලාහ්ට පමණක් නමදිමින් හා ඔහුට කිසිවක් ආදේශ නොකරමින් සිටින්නෙහු නම් නුඹලා වෙත කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනැමුවේද එවන් වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔහු වෙනුවෙන් පිළිගෙන ඔහු තෘප්තියට පත්වන දෑහි වියදම් කර ඒ සඳහා නුඹලා කෘතඥ වනු.

Nahl 16:115

කපනු ලැබිය යුතු දැයින් කැපීමෙන් තොරව මිය ගිය දෑ, ගලන රුධිරය, ශූකරයාගේ සියලුම අවයව, අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් පිළිගන්වා කපනු ලැබූ දෑ ආහාර වශයෙන් ගැනීම අල්ලාහ් නුඹලාට තහනම් කර ඇත. මෙසේ තහනම් කිරීම පනවා ඇත්තේ තෝරා ගැනීමේ නිදහස ඇති පසුබිමකය. ඉහත සඳහන් ආහාර ගැනීම සඳහා අත්යවශ්ය වාතාවරණයකට යමෙකු තල්ලු කරනු ලබන්නේ නම් ඔහු පැවැත්මෙන්ම තහනම් කරන ලද දෑ කිසිදු රුචියකින් තොර ව හා අවශ්ය ප්රමාණය ඉක්මවීමෙන් තොර ව එයින් අනුභව කළේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නැත. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔහු අනුභව කළ වෙනුවෙන් ඔහු ඔහුට සමාව දෙයි. අත්යවශ්ය තත්ත්වයක එය ඔහු අනුමත කරන අවස්ථාවේ ඔහු ඔහුට මහා කාරුණික විය.

Nahl 16:116

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් මත බොරු ගොතමින් තහනම් නොකරන ලද දෑ තහනම් කිරීමේ හා අනුමත නොකරන ලද දෑ අනුමත කිරීමේ අපේක්ෂාවෙන්, "මෙය අනුමතය. මෙය තහනම් ය" යැයි නුඹලාගේ දිවවල් අල්ලාහ් මත බොරු ගොතන දෑ ප්රකාශ නොකරනු. සැබැවින්ම අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන් වනාහි ඔවුන් පතන දැයින් ජය නොලබති. බියවන දැයින් ආරක්ෂාවද නොලබති.

Nahl 16:117

ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කිරීමෙන් මෙලොවෙහි ඔවුනට ඉතා අල්ප පහත් භුක්ති විඳීමක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනා සහගත දඬුවමක් ඇත.

Nahl 16:118

(සූරා අල් අන්ආම්හි 146 වැනි පාඨයේ සඳහන් පරිදි) අපි නුඹට දන්වා සිටි දෑ යුදෙව්වන්හට විශේෂෙයන් තහනම් කළෙමු. එය තහනම් කිරීමෙන් අපි ඔවුනට අසාධාරණයක් නොකළෙමු. නමුත් ඔවුන් දඬුවමට හේතු වන වැරදි සිදු කළ විට ඔවුන් ඔවුනටම අරපාධ කර ගත්තෝය. එවිට ඔවුන්ගේ ප්රචණ්ඩත්වය හේතුවෙන් ඔවුනට ප්රතිවිපාක පිරිනැමුවෙමු. ඔවුනට දඬුවමක් වශයෙන් ඒවා ඔවුනට තහනම් කළෙමු.

Nahl 16:119

අහෝ දූතය! දඬුවම ගැන නොදැන අයහපත් ක්රියාවන් සිදු කළවුනට ඔවුන් එය උවමනාවෙන් සිදු කොට අනතුරුව ඔවුන් කළ පාපකම්වලින් පසු අල්ලාහ් වෙත පසුතැවිලි වී සමාව අයැද ඔවුන් කළ නපුරු ක්රියාවන් විධිමත් කර ගත්තේ නම්, එසේ පශ්චාත්තාපයෙන් පසු නුඹේ පරමාධිපති ඔවුන්ගේ පාපකම් සඳහා ක්ෂමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

Nahl 16:120

සැබැවින්ම ඉබ්රාහීම් (අලෙයහිස් සලාම්) සියලුම යහපත් කටයුතු එකතු කළ අයෙකු විය. ඔහුගේ පරමාධිපතිට ඔහු සදාකල් අවනත වන්නෙකු ලෙසත් සියලුම ආගම්වලින් බැහැර ව ඉස්ලාම් දහම වෙත නැඹුරු වූවෙකු ලෙසත් සිටියේය. කිසි විටෙක අල්ලාහ්ට ආදේශ කරන්නන් අතර කෙනෙකු නොවීය.

Nahl 16:121

එමෙන්ම අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාද සඳහා ඔහු කෘතවේදී අයකු විය. නබිත්වය සඳහා අල්ලාහ් ඔහුව තෝරා ගත්තේය. ඍජු ඉස්ලාම් දහම වෙත ඔහුට මග පෙන්වීය.

Nahl 16:122

නබිත්වය, යහපත් පැසසුම් හා දැහැමි දරුවන් අපි ඔහුට පිරිනැමුවෙමු. උසස් ස්වර්ගයේ උසස් නිලතල අල්ලාහ් විසින් සූදානම් කර ඇති දැහැමියන් අතරින් කෙනෙකු විය.

Nahl 16:123

ඒකදේවත්වය, දෙවියන්ට ආදේශ කරන්නන්ගෙන් නිදොස් වීම, අල්ලාහ් වෙත ඇරයුම් කිරීම, ඔහුගේ ආගමික නීති පිළිපැදීම, සියලු ආගම්වලින් දුරස්ව ඉස්ලාම් දහම වෙත නැඹුරුවීම යනාදී කරුණු සම්බන්ධයෙන් ඉබ්රාහීම් තුමාගේ පිළිවෙත පිළිපදින මෙන්, අහෝ දූතය! අපි නුඹට දේව පණිවිඩ පහළ කළෙමු. දෙවියන්ට ආදේශ තැබූවන් තරයේ විශ්වාස කරන පරිදි කිසිවිටෙක ඔහු ආදේශ කරන්නන් අතර කෙනෙකු නොවීය. ඔහු අල්ලාහ් ව ඒකීයත්වයට පත් කරන්නෙකු විය.

Nahl 16:124

යුදෙව්වන් මතභේද ඇති කර ගත් සෙනසුරාදා දිනය ගරුබුහුමන් කිරීමට අනිවාර්යය කරන ලද්දේ ඔවුනට වෙන් කරන මෙන් අණ කළ සිකුරාදා දිනය ඔවුන් නාස්ති කිරීමෙන් පසු නැමදුම සඳහා එදින ඔවුන්ගේ රාජකාරිවලින් නිදහස් වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මතභේද ඇති කරගත් අය අතර තීන්දු දෙනු ඇත. සෑම කෙනෙකුටම ඔවුනොවුනට සුදුසු ප්රතිඵල පිරිනමනු ලැබේ.

Nahl 16:125

අහෝ දූතය! ඇරයුම් කරන්නාට අවශ්ය වන පසුතලයන් ඔහුගේ අවබෝධය හා පාලනය යනාදිය මගින් ද උනන්දු කරවීමේ හා බිය ගැන්වීමේ කරුණු අඩංගු උපදෙස් මගින් ද ඔබ හා ඔබ ව අනුගමනය කළ විශ්වාසීන් ඉස්ලාම් දහම වෙත ජනයා ඇරයුම් කරනු. බුද්ධියෙන්, ඥානයෙන් හා ප්රකාශයෙන් වඩාත් යහපත් මාර්ග උපයෝගි කර ගනිමින් ඔවුන් සමග තර්ක කරනු. මිනිසුන්ට යහමඟ යොමු කිරීමේ වගකීම නුඹ මත නැත. නුඹ මත පැවරී ඇත්තේ ඔවුනට ප්රචාරය කිරීම පමණි. අල්ලාහ්ගේ දහමින් නොමග ගියවුන් පිළිබඳ නුඹේ පරමාධිපති මැනවින් දන්නාය. යහමග ගියවුන් පිළිබඳවත් මැනවින් දන්නාය. එහෙයින් නුඹ ඔවුන් කෙරෙහි දුක් නොවනු.

Nahl 16:126

නුඹලා නුඹලාගේ සතුරෙකුට දඬුවම් දීමට අපේක්ෂා කළේ නම් නුඹලාට ඔහු සිදු කළ දෑ හා සමාන දඬුවමක් මිස කිසිදු වැඩි කිරීමකින් තොර ව ඔහුට දඬුවම් දෙනු. ඔහුට නුඹලා දඬුවම් දීමට හැකියාව තිබිය දී එසේ යුක්තිය පතා ඔවුනට දඬුවම් දීමට වඩා ඒ ගැන ඉවසා දරා ගත්තෙහු නම්, සැබැවින්ම එය ඉවසිලි වන්තයින් හට වඩාත් යහපත්ය.

Nahl 16:127

අහෝ දූතය! නුඹට අත්වන ඔවුන්ගේ හිරිහැර හා පීඩාවන් මත නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් නුඹට ආශිර්වාද කිරීමෙන්ම මිස ඉවසීම සඳහා නුඹට වෙනත් ආශිර්වාද කිරීමක් නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් නුඹ ව හෙළා දැකීම හේතුවෙන් නුඹ දුක් නොවනු. ඔවුන්ගේ කුමන්ත්රණ හා කූට සැළසුම් හේතුවෙන් නුඹගේ හදවත පීඩනයට පත්කර නොගනු.

Nahl 16:128

පාපකම් අතහැර ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමග අල්ලාහ් සිටියි. අවනත වෙමින් හා ඔවුනට කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද එය පිළිපදිමින් දැහැමි ලෙස කටයුතු කළවුන් ඔවුහුමය. උදව් උපකාරය හා ස්ථාවර කිරීමේ දී ඔහු ඔවුන් සමගය.