Lafzullah

Sinhalese Mokhtasar — Neml 27:1 – Ahzab 33:73

Author / source: Sinhalese Mokhtasar

Contents
  1. Neml 27:1
  2. Neml 27:2
  3. Neml 27:3
  4. Neml 27:4
  5. Neml 27:5
  6. Neml 27:6
  7. Neml 27:7
  8. Neml 27:8
  9. Neml 27:9
  10. Neml 27:10
  11. Neml 27:11
  12. Neml 27:12
  13. Neml 27:13
  14. Neml 27:14
  15. Neml 27:15
  16. Neml 27:16
  17. Neml 27:17
  18. Neml 27:18
  19. Neml 27:19
  20. Neml 27:20
  21. Neml 27:21
  22. Neml 27:22
  23. Neml 27:23
  24. Neml 27:24
  25. Neml 27:25
  26. Neml 27:26
  27. Neml 27:27
  28. Neml 27:28
  29. Neml 27:29
  30. Neml 27:30
  31. Neml 27:31
  32. Neml 27:32
  33. Neml 27:33
  34. Neml 27:34
  35. Neml 27:35
  36. Neml 27:36
  37. Neml 27:37
  38. Neml 27:38
  39. Neml 27:39
  40. Neml 27:40
  41. Neml 27:41
  42. Neml 27:42
  43. Neml 27:43
  44. Neml 27:44
  45. Neml 27:45
  46. Neml 27:46
  47. Neml 27:47
  48. Neml 27:48
  49. Neml 27:49
  50. Neml 27:50
  51. Neml 27:51
  52. Neml 27:52
  53. Neml 27:53
  54. Neml 27:54
  55. Neml 27:55
  56. Neml 27:56
  57. Neml 27:57
  58. Neml 27:58
  59. Neml 27:59
  60. Neml 27:60
  61. Neml 27:61
  62. Neml 27:62
  63. Neml 27:63
  64. Neml 27:64
  65. Neml 27:65
  66. Neml 27:66
  67. Neml 27:67
  68. Neml 27:68
  69. Neml 27:69
  70. Neml 27:70
  71. Neml 27:71
  72. Neml 27:72
  73. Neml 27:73
  74. Neml 27:74
  75. Neml 27:75
  76. Neml 27:76
  77. Neml 27:77
  78. Neml 27:78
  79. Neml 27:79
  80. Neml 27:80
  81. Neml 27:81
  82. Neml 27:82
  83. Neml 27:83
  84. Neml 27:84
  85. Neml 27:85
  86. Neml 27:86
  87. Neml 27:87
  88. Neml 27:88
  89. Neml 27:89
  90. Neml 27:90
  91. Neml 27:91
  92. Neml 27:92
  93. Neml 27:93
  94. Kasas 28:1
  95. Kasas 28:2
  96. Kasas 28:3
  97. Kasas 28:4
  98. Kasas 28:5
  99. Kasas 28:6
  100. Kasas 28:7
  101. Kasas 28:8
  102. Kasas 28:9
  103. Kasas 28:10
  104. Kasas 28:11
  105. Kasas 28:12
  106. Kasas 28:13
  107. Kasas 28:14
  108. Kasas 28:15
  109. Kasas 28:16
  110. Kasas 28:17
  111. Kasas 28:18
  112. Kasas 28:19
  113. Kasas 28:20
  114. Kasas 28:21
  115. Kasas 28:22
  116. Kasas 28:23
  117. Kasas 28:24
  118. Kasas 28:25
  119. Kasas 28:26
  120. Kasas 28:27
  121. Kasas 28:28
  122. Kasas 28:29
  123. Kasas 28:30
  124. Kasas 28:31
  125. Kasas 28:32
  126. Kasas 28:33
  127. Kasas 28:34
  128. Kasas 28:35
  129. Kasas 28:36
  130. Kasas 28:37
  131. Kasas 28:38
  132. Kasas 28:39
  133. Kasas 28:40
  134. Kasas 28:41
  135. Kasas 28:42
  136. Kasas 28:43
  137. Kasas 28:44
  138. Kasas 28:45
  139. Kasas 28:46
  140. Kasas 28:47
  141. Kasas 28:48
  142. Kasas 28:49
  143. Kasas 28:50
  144. Kasas 28:51
  145. Kasas 28:52
  146. Kasas 28:53
  147. Kasas 28:54
  148. Kasas 28:55
  149. Kasas 28:56
  150. Kasas 28:57
  151. Kasas 28:58
  152. Kasas 28:59
  153. Kasas 28:60
  154. Kasas 28:61
  155. Kasas 28:62
  156. Kasas 28:63
  157. Kasas 28:64
  158. Kasas 28:65
  159. Kasas 28:66
  160. Kasas 28:67
  161. Kasas 28:68
  162. Kasas 28:69
  163. Kasas 28:70
  164. Kasas 28:71
  165. Kasas 28:72
  166. Kasas 28:73
  167. Kasas 28:74
  168. Kasas 28:75
  169. Kasas 28:76
  170. Kasas 28:77
  171. Kasas 28:78
  172. Kasas 28:79
  173. Kasas 28:80
  174. Kasas 28:81
  175. Kasas 28:82
  176. Kasas 28:83
  177. Kasas 28:84
  178. Kasas 28:85
  179. Kasas 28:86
  180. Kasas 28:87
  181. Kasas 28:88
  182. Ankebut 29:1
  183. Ankebut 29:2
  184. Ankebut 29:3
  185. Ankebut 29:4
  186. Ankebut 29:5
  187. Ankebut 29:6
  188. Ankebut 29:7
  189. Ankebut 29:8
  190. Ankebut 29:9
  191. Ankebut 29:10
  192. Ankebut 29:11
  193. Ankebut 29:12
  194. Ankebut 29:13
  195. Ankebut 29:14
  196. Ankebut 29:15
  197. Ankebut 29:16
  198. Ankebut 29:17
  199. Ankebut 29:18
  200. Ankebut 29:19
  201. Ankebut 29:20
  202. Ankebut 29:21
  203. Ankebut 29:22
  204. Ankebut 29:23
  205. Ankebut 29:24
  206. Ankebut 29:25
  207. Ankebut 29:26
  208. Ankebut 29:27
  209. Ankebut 29:28
  210. Ankebut 29:29
  211. Ankebut 29:30
  212. Ankebut 29:31
  213. Ankebut 29:32
  214. Ankebut 29:33
  215. Ankebut 29:34
  216. Ankebut 29:35
  217. Ankebut 29:36
  218. Ankebut 29:37
  219. Ankebut 29:38
  220. Ankebut 29:39
  221. Ankebut 29:40
  222. Ankebut 29:41
  223. Ankebut 29:42
  224. Ankebut 29:43
  225. Ankebut 29:44
  226. Ankebut 29:45
  227. Ankebut 29:46
  228. Ankebut 29:47
  229. Ankebut 29:48
  230. Ankebut 29:49
  231. Ankebut 29:50
  232. Ankebut 29:51
  233. Ankebut 29:52
  234. Ankebut 29:53
  235. Ankebut 29:54
  236. Ankebut 29:55
  237. Ankebut 29:56
  238. Ankebut 29:57
  239. Ankebut 29:58
  240. Ankebut 29:59
  241. Ankebut 29:60
  242. Ankebut 29:61
  243. Ankebut 29:62
  244. Ankebut 29:63
  245. Ankebut 29:64
  246. Ankebut 29:65
  247. Ankebut 29:66
  248. Ankebut 29:67
  249. Ankebut 29:68
  250. Ankebut 29:69
  251. Rum 30:1
  252. Rum 30:2
  253. Rum 30:3
  254. Rum 30:4
  255. Rum 30:5
  256. Rum 30:6
  257. Rum 30:7
  258. Rum 30:8
  259. Rum 30:9
  260. Rum 30:10
  261. Rum 30:11
  262. Rum 30:12
  263. Rum 30:13
  264. Rum 30:14
  265. Rum 30:15
  266. Rum 30:16
  267. Rum 30:17
  268. Rum 30:18
  269. Rum 30:19
  270. Rum 30:20
  271. Rum 30:21
  272. Rum 30:22
  273. Rum 30:23
  274. Rum 30:24
  275. Rum 30:25
  276. Rum 30:26
  277. Rum 30:27
  278. Rum 30:28
  279. Rum 30:29
  280. Rum 30:30
  281. Rum 30:31
  282. Rum 30:32
  283. Rum 30:33
  284. Rum 30:34
  285. Rum 30:35
  286. Rum 30:36
  287. Rum 30:37
  288. Rum 30:38
  289. Rum 30:39
  290. Rum 30:40
  291. Rum 30:41
  292. Rum 30:42
  293. Rum 30:43
  294. Rum 30:44
  295. Rum 30:45
  296. Rum 30:46
  297. Rum 30:47
  298. Rum 30:48
  299. Rum 30:49
  300. Rum 30:50
  301. Rum 30:51
  302. Rum 30:52
  303. Rum 30:53
  304. Rum 30:54
  305. Rum 30:55
  306. Rum 30:56
  307. Rum 30:57
  308. Rum 30:58
  309. Rum 30:59
  310. Rum 30:60
  311. Lukman 31:1
  312. Lukman 31:2
  313. Lukman 31:3
  314. Lukman 31:4
  315. Lukman 31:5
  316. Lukman 31:6
  317. Lukman 31:7
  318. Lukman 31:8
  319. Lukman 31:9
  320. Lukman 31:10
  321. Lukman 31:11
  322. Lukman 31:12
  323. Lukman 31:13
  324. Lukman 31:14
  325. Lukman 31:15
  326. Lukman 31:16
  327. Lukman 31:17
  328. Lukman 31:18
  329. Lukman 31:19
  330. Lukman 31:20
  331. Lukman 31:21
  332. Lukman 31:22
  333. Lukman 31:23
  334. Lukman 31:24
  335. Lukman 31:25
  336. Lukman 31:26
  337. Lukman 31:27
  338. Lukman 31:28
  339. Lukman 31:29
  340. Lukman 31:30
  341. Lukman 31:31
  342. Lukman 31:32
  343. Lukman 31:33
  344. Lukman 31:34
  345. Secde 32:1
  346. Secde 32:2
  347. Secde 32:3
  348. Secde 32:4
  349. Secde 32:5
  350. Secde 32:6
  351. Secde 32:7
  352. Secde 32:8
  353. Secde 32:9
  354. Secde 32:10
  355. Secde 32:11
  356. Secde 32:12
  357. Secde 32:13
  358. Secde 32:14
  359. Secde 32:15
  360. Secde 32:16
  361. Secde 32:17
  362. Secde 32:18
  363. Secde 32:19
  364. Secde 32:20
  365. Secde 32:21
  366. Secde 32:22
  367. Secde 32:23
  368. Secde 32:24
  369. Secde 32:25
  370. Secde 32:26
  371. Secde 32:27
  372. Secde 32:28
  373. Secde 32:29
  374. Secde 32:30
  375. Ahzab 33:1
  376. Ahzab 33:2
  377. Ahzab 33:3
  378. Ahzab 33:4
  379. Ahzab 33:5
  380. Ahzab 33:6
  381. Ahzab 33:7
  382. Ahzab 33:8
  383. Ahzab 33:9
  384. Ahzab 33:10
  385. Ahzab 33:11
  386. Ahzab 33:12
  387. Ahzab 33:13
  388. Ahzab 33:14
  389. Ahzab 33:15
  390. Ahzab 33:16
  391. Ahzab 33:17
  392. Ahzab 33:18
  393. Ahzab 33:19
  394. Ahzab 33:20
  395. Ahzab 33:21
  396. Ahzab 33:22
  397. Ahzab 33:23
  398. Ahzab 33:24
  399. Ahzab 33:25
  400. Ahzab 33:26
  401. Ahzab 33:27
  402. Ahzab 33:28
  403. Ahzab 33:29
  404. Ahzab 33:30
  405. Ahzab 33:31
  406. Ahzab 33:32
  407. Ahzab 33:33
  408. Ahzab 33:34
  409. Ahzab 33:35
  410. Ahzab 33:36
  411. Ahzab 33:37
  412. Ahzab 33:38
  413. Ahzab 33:39
  414. Ahzab 33:40
  415. Ahzab 33:41
  416. Ahzab 33:42
  417. Ahzab 33:43
  418. Ahzab 33:44
  419. Ahzab 33:45
  420. Ahzab 33:46
  421. Ahzab 33:47
  422. Ahzab 33:48
  423. Ahzab 33:49
  424. Ahzab 33:50
  425. Ahzab 33:51
  426. Ahzab 33:52
  427. Ahzab 33:53
  428. Ahzab 33:54
  429. Ahzab 33:55
  430. Ahzab 33:56
  431. Ahzab 33:57
  432. Ahzab 33:58
  433. Ahzab 33:59
  434. Ahzab 33:60
  435. Ahzab 33:61
  436. Ahzab 33:62
  437. Ahzab 33:63
  438. Ahzab 33:64
  439. Ahzab 33:65
  440. Ahzab 33:66
  441. Ahzab 33:67
  442. Ahzab 33:68
  443. Ahzab 33:69
  444. Ahzab 33:70
  445. Ahzab 33:71
  446. Ahzab 33:72
  447. Ahzab 33:73

Neml 27:1

(තා, සීන්) මෙවැනි පාඨ පිළිබඳ සූරා අල් බකරා හි ආරම්භයේ සඳහන් කර ඇත. නුඹ වෙත පහළ කරන ලද මෙම වදන් අල්කුර්ආනයේ හා කිසිදු මුසුවක් නැති පැහැදිලි ග්රන්ථයේ පාඨ වේ. කවරෙකු එය පරිශීලනය කරන්නේ ද සැබවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔහු දැන ගනී.

Neml 27:2

මෙම පාඨ සත්ය වෙත යොමු කරන්නකි. ඒ වෙත මග පෙන්වනකි. එමෙන්ම අල්ලාහ් ව හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට ශුභාරංචි දන්වන්නකි.

Neml 27:3

ඔවුන් වනාහි සලාතය පූර්ණවත් අයුරින් විධිමත් ව ඉටු කරන්නෝ වෙති. ඔවුන්ගේ ධනයෙන් වියදම් කළ යුතු කොටසක් එය වියදම් කළ යුතු අදාළ ස්ථානයට සකාත් වශයෙන් පිරිනමති. එමෙන්ම ඔවුහු මතු ලොවෙහි ඇති තිළිණ හා දඬුවම ගැන තරයේ විශ්වාස කරන්නෝ වෙති.

Neml 27:4

සැබවින්ම මතු ලොව ගැනත් එහි ඇති තිළිණ හා දඬුවම් ගැනත් විශ්වාස නොකරන දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ක්රියාවන් අපි ඔවුනට අලංකාරවත් කර පෙන්වූයෙමු. ඔවුහු එම ක්රියාවෙහි අඛණ්ඩ ව නිරතවී සිටියෝය. එහෙයින් ඔවුන් ව්යාකූලත්වයට පත් වූවෝ වෙති. නිවැරදි දෑ හා යහ මග වෙත ඔවුන් මග නොලබති.

Neml 27:5

සඳහන් කරනු ලැබූ පරිදි එලෙස වර්ණනා කරනු ලැබූවන් වන මොවුන් ඝාතනය කිරීමෙන් හා සිරගත කිරීමෙන් නපුරු දඬුවමක් ඔවුන් මෙලොව සතු කර ගනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ සදාතනිකයින් බවට පත්වීමෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුලේ උදවිය පාඩු විඳින පරිදි මතුලොව ජනයා අතර වඩාත් අලාභවන්තයෝ ඔවුන් ම වන්නෝය.

Neml 27:6

අහෝ දූතය! සැබැවින්ම නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය, තම මැවීම් හි, තම සැලසුම් හි හා දහම් ගත කිරීමෙහි මහා ප්රඥාවන්තයාණන්ගෙන් සැබවින්ම නුඹ ලබා ඇත්තේය. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු යහපතක් ඔහුට සැඟවෙන්නේ නැත.

Neml 27:7

අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා තම පවුලට පැවසූ අවස්ථාව මෙනෙහි කරනු. ඔහු, "සැබවින්ම මම ගින්නක් දුටිමි. එය ඇවිළෙන තැනින් අපට මාර්ගය පෙන්වා දෙන තොරතුරක් මම නුඹලා වෙත ගෙන එමි එසේ නැතහොත් සීතලෙන් අප ආරක්ෂා කර ගනු පිණිස ඉන් ගනු ලබන ගිනි පන්දමක් හෝ නුඹලා වෙත ගෙන එමි."

Neml 27:8

හෙතෙම ගින්න දුටු ස්ථානය වෙත ළඟා වූ කල්හි, ලෝවැසියන්ගේ පරමාධිපතිට ගරු බුහුමන් කිරීමක් වශයෙන් ද නොමග ගියවුන් ඔහු ව විස්තර කරන පරිදි ඔහුට නොගැළපෙන ගුණාංග වලින් ඔහු ව පිවිතුරු කිරීමක් වශයෙන් ද ගින්නේ සිටින්නා හා ඒ අවට සිටින මලක්වරුන් සුවිශුද්ධ කිරීමට අල්ලාහ් ඔහු ඇමතීය.

Neml 27:9

අල්ලාහ් ඔහුට, "අහෝ මූසා! සැබවින්ම මම කිසිවකු විසින් අබිබවා යා නොහැකි, සර්ව බලධාරී අල්ලාහ් වෙමි. මාගේ මැවීමෙහි සැලසුම් කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි මම මහා ප්රඥාවන්තය." යැයි පැවසීය.

Neml 27:10

"ඔබේ සැරයටිය හෙළනු." එවිට මූසා එලෙස පිළිපැද්දේය. මූසා තුමා එය සර්පයකු මෙන් සෙල වී දඟලනු දුටු කල්හි එයින් පසු පසට හැරී දිව ගියේය. නැවත ඒ වෙත නොපැමිණියේය. එවිට අල්ලාහ් ඔහු අමතා, "නුඹ එයට බිය නොවනු. මා අබියස සිටින දූතවරු සර්පයකුට හෝ ඒ හැර වෙනත් දෑ ට හෝ බියවන්නේ නැත." යැයි පැවසීය.

Neml 27:11

නමුත් කවරෙකු පාපයක් සිදු කොට තමන්ටම අපරාධ කර ගත් පසු ව, ඒ වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටින්නේ ද එවැන්නන් හැර. සැබවින්ම මම ඔහුට අති ක්ෂමාශීලීය. එමෙන්ම ඔහු කෙරෙහි ම මහා කරුණිකය.

Neml 27:12

පහත සඳහන් පරිදි ඔබේ කමිසයේ, ගෙල අසලින් පිහිටි විවෘත කොටස තුළට ඔබේ අත ඇතුළත් කරනු. නුඹ එය දැමුවායින් පසු කිසිදු ලාදුරු රෝගයක් මෙන් නොව පිනි කැට මෙන් සුදුවන් ලෙසින් බැහැර වනු ඇත. නුඹේ සත්යභාවයට සාක්ෂි දරණ ප්රාතිහාර්යයන් නවයක් (දෑතත් සමග සැරයටිය, නියමිත වසර ගණනාවක් ගත වීම, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදී වශයෙන්) ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත ගෙන හැර දැක්වීය. සැබවින්ම ඔවුන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ.

Neml 27:13

මූසා තුමා ව අප ශක්තිමත් කළ අපගේ සංඥාවන් පැහැදිලි ලෙස ප්රසිද්ධියේ ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු, "මූසා ගෙන හා සංඥාවන් පැහැදිලි හූනියමකැ"යි පැවසූහ.

Neml 27:14

මෙම පැහැදිලි සංඥාවන් ඔවුහු ප්රතික්ෂේප කළෝය. සැබවින්ම ඒවා අල්ලාහ් අබියසින් වූවක් බව තමන් වටහා ගෙන සිටිය ද, ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් හා සත්ය පිළිගැනීමට තිබූ අහංකාරය හේතුවෙන් ඒවා ඔවුන් පිළිගත්තේ නැත. එහෙයින් දූතය! කලහකාරීන්හට ඔවුන්ගේ පාපකම් හා දේව ප්රතික්ෂේපය හේතුවෙන් මහ පොළොවේ අත් වූ අවසාන විපාකය කෙසේ වී දැ?යි සිතා බලනු. සැබවින්ම අපි ඔවුන් විනාශ කළෙමු. ඔවුන් සියලු දෙනා මුලිනුපුටා දැමුවෙමු.

Neml 27:15

දාවූද්ට හා ඔහුගේ පුත් සුලෙයිමාන්ට අපි දැනුම පිරිනැමුවෙමු. පක්ෂීන් සමග කතා කිරීමේ දැනුම ද ඉන් එකකි. කීර්තිමත් අල්ලාහ්ට කෘතවේදී වෙමින් දාවුද් හා සුලෙයිමාන් යන දූතවරුන් දෙදෙනා මෙසේ පැවසූහ."තම විශ්වාසී ගැත්තන් බොහෝ දෙනාට වඩා ඥානය හා නබිත්වය සඳහා අප තෝරා ගෙන; අප උසස් කළ අල්ලාහ්ට ම සියලු ප්රශංසා."

Neml 27:16

නබිත්වය දැනුම හා රාජ්ය බලය යනාදියෙහි සුලෙයිමාන් තම පියාණන් වූ දාවූද්ගෙන් උරුම කර ගත්තේය. තමන් වෙත හා තම පියාණන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයන් ගැන ඔහු කතා කරමින් මෙසේ පැවසීය. "අහෝ ජනයිනි! පක්ෂීන්ගේ හඬවල් වටහා ගැනීමේ දැනුම අල්ලාහ් අපට පිරිනමා ඇත. නබිවරුන් හා රජවරුන්හට ඔහු පිරිනමා ඇති සියලු දෑ ද අපට පිරිනමා ඇත. සැබවින්ම සුවිශුද්ධ අල්ලාහ් අපහට පිරිනමා ඇති දෑ ඉතා පැහැදිලි භාග්යයක්ම වන්නේය."

Neml 27:17

සුලෙයිමාන් වෙනුවෙන් මිනිසුන් ජින්නුන් හා පක්ෂීන්ගෙන් යුත් සේනාවන් රැස් කරන ලදී. ඔවුන් පිළිවෙළකට මෙහෙයවා ගෙන යනු ලැබුවෝය.

Neml 27:18

(සිරියාවේ ස්ථානයක) කුහුඹුවන්ගෙන් යුත් මිටියාවත දක්වා ඔවුන් පැමිණෙන තෙක්ම ඔවුන් මෙහෙයවනු ලබමින් සිටියෝය. කුහුඹුවන් අතරින් එක් කුහුඹියක් මෙසේ පැවසීය. "අහෝ කුහුඹුවනි! සුලෙයිමාන් හා ඔහුගේ සේනාව නුඹලා ගැන නොදැනුවත් ව නුඹලා ව විනාශ නොකරනු වස් නුඹලා නුඹලාගේ නිවෙස් වලට පිවිසෙනු. නුඹලා පිළිබඳ ඔවුන් දැන ගත්තේ නම් ඔවුන් නුඹලා ව පාගා නොදමනු ඇත.’

Neml 27:19

සුලෙයිමාන් ඇයගේ කතාවට සවන් දුන් කල්හි, ඇයගේ එම ප්රකාශය ගැන සිනාසීය. සුවිශුද්ධයාණන් වන ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! මට ආශිර්වාද කරනු මැනව! මා වෙත හා මාගේ දෙමාපියන් හට පිරිනැමූ ඔබේ ආශිර්වාදයන්ට මා කෘත ගුණ සැලකීමට මට අවකාශය දෙනු මැනව! එමෙන්ම නුඹ බලාපොරොත්තු වන අයුරින් දැහැමි ක්රියාවන් කිරීමටත් මට ආශිර්වාද කරනු මැනව! නුඹේ කරුණාව තුළින් නුඹේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව!" යැයී කීය.

Neml 27:20

සුලෙයිමාන් පක්ෂියා ව සෙවීය. නමුත් හුද් හුද් ව දකින්නට නොලැබීය. එවිට ඔහු, "හුද් හුද් ව දකින්නට නැත්තේ ඇයි? ඔහු ව දැකීමෙන් කිසිවකු මා වැළැක්වූයේ ද? එසේ නැතහොත් ඌ සැඟවුණු අය අතරට පත් වූයේ ද?" යැයි කීය.

Neml 27:21

ඌ නොපැමිණි බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු "මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. ඔහු නොපැමිණීම නිසා ඔහුට දඬුවමක් වශයෙන් මා ඌ කපා දමමි. එසේ නැතහොත් ඔහු නොපැමිණීමට නිදහසට කරුණු පැහැදිලි කරමින් පැහැදිලි සාක්ෂියක් ඌ මා වෙත ගෙන ආ යුතු වේ." යැයි පැවසීය.

Neml 27:22

නුදුරු කාලයක් හුද් හුද් රැඳී සිටියේය. පසු ව ඌ පැමිණි කල්හි සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා වෙත, "නුඹ නිරීක්ෂණය නොකළ දෙයක් මාගේ නිරීක්ෂණයට ලක් විය. කිසිදු සැකයක් නැති සත්යය තොරතුරක් සමග සබඃ වාසීන් අතරින් මම නුඹ වෙත පැමිණියෙමි." යැයි පැවසීය.

Neml 27:23

"ඔවුන් පාලනය කරන කාන්තාවක් සැබවින්ම මම දුටුවෙමි. බලය රාජ්යය යනාදී සියලු සාධක මෙම කාන්තාවට පිරිනමනු ලැබ ඇත. ඇයට මහඟු කවිච්චියක් ඇත. ඇගේ ජනයාගේ කටයුතු ඊට ඉහළින් සිට ඇය කළමණාකරණය කරන්නීය."

Neml 27:24

"මෙම කාන්තාව හා ඇගේ ජනයා උත්තරීතර අල්ලාහ් හැර හිරුට නමස්කාර කරමින් සිටිනු මා දුටුවෙමි. පාපකම් හා ආදේශ තැබීම යනාදී වශයෙන් ඔවුන් කවර ක්රියාවක පසුවන්නේ ද එය ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කර ඇත්තේ ය. සත්ය මාර්ගයෙන් ඔවුන් වෙනතකට හරවා ඇත්තේය. එහෙයින් ඔවුන් ඒ වෙත මග නොලබති.

Neml 27:25

"පාප ක්රියා හා ආදේශ කිරීමේ කටයුතු ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කළේය. එය අහසේ සැඟ ව ඇති දෑ වර්ෂාව මගින් මතු කරන මහ පොළොවේ පැළෑටි හට ගන්වන ඒකීය අල්ලාහ්ට ඔවුන් නමස්කාර නොකරනු පිණිසය. නුඹලා සඟවන කටයුතු හා නුඹලා හෙළි කරන කටයුතු ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත."

Neml 27:26

අල්ලාහ් වනාහී සැබෑ ලෙස නැමදුම් ලැබිය යුත්තා. ඔහු හැර වෙනත් අයකු නැත. ඔහු අතිමහත් රාජ්යයේ පරමාධිපතියාණන්ය.

Neml 27:27

සුලෙයිමාන් හුද් හුද්ට, "නුඹ වාද කරමින් සිටින දෑ හි නුඹ සත්යවාදියෙකු ද එසේ නැතහොත් නුඹ බොරුකාරයින් අතරින් දැ?යි අපි මතුවට නිරීක්ෂා කරන්නෙමු." යැයි පැවසීය.

Neml 27:28

සුලෙයිමාන් ලිපියක් ලියා එය ඌට භාර දී, "මාගේ මේ ලිපිය ගෙන ගොස් එය සබඃ වාසීන් වෙත හෙළනු. එය ඔවුනටම භාර දෙනු. එම කරුණට ඔවුන් කුමන ප්රතිචාරයක් දෙන්නේ දැයි නුඹට සවන් දිය හැකි පරිදි ඔවුන්ගෙන් අහකට වී ඉවත් ව සිටිනු." යැයි කීය.

Neml 27:29

රැජිනිය එම ලිපිය භාර ගත්තාය ඇය, "අහෝ ප්රධානියනි! සැබවින්ම මා වෙත කීර්තිමත් ගෞරවනීය ලිපියක් දමා ගොස් ඇතැ"යි පැවසුවාය.

Neml 27:30

සුලෙයිමාන් විසින් එවන ලද මෙම ලිපිය ආරම්භයේ ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ -අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්- යැයි සඳහන් ව තිබුණි.

Neml 27:31

"නුඹලා අහංකාර නොවනු. දේව ඒකීයත්වය පිළිබඳ නුඹලා ඒ සමග හිරුට වන්දනාමාන කරමින් නුඹලා කරන ආදේශය අතහැර දමන මෙන් ද, මා නුඹලාට කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද නුඹලා එයට යටහත් පහත් ව මා වෙත පැමිණෙනු."

Neml 27:32

රැජිනිය මෙසේ පැවසුවාය. "අහෝ ප්රධානියනි! නායකයිනි! මාගේ විෂයයෙහි නිවැරදි ක්රමය මට පැහැදිලි කර දෙනු. නුඹලා මා වෙත කරුණක් ඉදිරිපත් කරන තෙක්, ඒ සම්බන්ධයෙන් නුඹලාගේ අදහස් ප්රකාශ කරන තෙක් මම ඒ ගැන තීන්දු දෙන්නියක් නොවෙමි."

Neml 27:33

ඇයගේ ජනයා අතර සිටි ප්රභූවරු, "අපි වඩාත් බලවත් අය වෙමු. එමෙන්ම යුද්ධ කිරීමෙහි ශක්තිමත් අය වෙමු. අදහස විය යුත්තේ ඒ ගැන ඔබ දකින අදහසය. නුඹ අපට කවර කරුණක් අණ කරන්නීදැයි ඔබ ම නිරීක්ෂා කර බලන්න. එය ක්රියාත්මක කිරීමට අපි ශක්තිවන්තයෝ වෙමු." යැයි පැවසූහ.

Neml 27:34

එවිට රැජනිය, "සැබවින්ම රජවරු ගම්මාන අතරින් කිසියම් ගම්මානයකට ප්රවේශ වූ විට මිනිමැරුම්, කොල්ලකෑම් හා පැහැර ගැනීම් වැනි ක්රියාදාමයන් ඔවුන් සිදු කිරීම තුළින් එහි ප්රචණ්ඩත්වය පතුරුවති. එහි සිටින නායකයින් හා ප්රභූවරුන් ගෞරවයෙන් හා ආශිර්වාදයන් මත සිටි පසු ඉතා පහත් තත්ත්වයට පත් කරති. රජවරු කිසියම් ගම්මානයක වැසියන් අබිබවා ගිය විට ඔවුන් නිරතුරුව ම කටයුතු කරනුයේ එලෙසමය. එය ඔවුන් ආත්මාවන් තුළ බිය හා ත්රාසය වැපිරීම සඳහාය."

Neml 27:35

"සැබවින්ම මම ලිපිය සතු අය වෙත හා ඔහුගේ ජනයා වෙත ත්යාගයක් එවමි. එම ත්යාගය එවීමෙන් පසු එම දූතවරු කවර පණිවිඩයක් රැගෙන එන්නේ දැ යි මා බලාපොරොත්තුවෙන් සිටිමි."

Neml 27:36

ඇයගේ දූතයා හා ඔහු සමග වූ සගයින් ත්යාග ඔසවාගෙන සුලෙයිමාන් වෙත පැමිණි කල්හි, සුලයිමාන් එවන ලද ත්යාග හෙළා දකිමින් ඔවුනට මෙසේ පැවසීය. "නුඹලාගෙන් මා වැළැක්වීම සඳහා නුඹලා මට අල්ලස් දෙන්නෙහු ද? නුඹලා පිරිනමන මේවාට වඩා අල්ලාහ් මට පිරිනැමූ නබිත්වය, රාජ්ය බලය හා ධනය අති උතුම්ය. නමුත් නුඹලා වෙත පිරිනමන ලද මෙලොව රොඩු පිළිබඳ නුඹලා සතුටු වන්නෙහුය." යැයි කීය.

Neml 27:37

සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා ඇයගේ දූතයාට තවදුරටත්, "නුඹ කවර තිළිණයක් ගෙන ආවේ ද එය ඔවුනට නැවත දෙනු. ඇය හා ඇයගේ ජනයාට මුහුණ දිය නොහැකි බලවත් සේනාවක් සමග සැබවින්ම අපි ඔවුන් වෙත පැමිණෙන්නෙමු. සබඃ දේශයෙන් අපි ඔවුන් පිටුවහල් කරමු. ඔවුන් මා වෙත අවනත වන්නන් ලෙස නොපැමිණියේ නම් ඔවුන් කවර ගෞරවයක් මත සිටින්නේ ද එකී තත්ත්වයෙන් පසු ඔවුන් අවමානයට පත් නිචයින් බවට පත් වන්නෝය." යැයි පැවසීය.

Neml 27:38

සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා තම පාලනය යටතේ සිටින උදව්කරුවන්හට කතා කරමින්, "අහෝ ප්රධානියනි! ඔවුන් මා වෙත යටහත් ව පැමිණීමට පෙර ඇයගේ රාජ්ය ආසනය මා වෙත ගෙන එන්නේ නුඹලා අතරින් කවරෙකු දැ?"යි විමසා සිටියහ.

Neml 27:39

ජින්නුන් අතර සිටි යෝධ ජින්නුවෙකු, "ඔබ සිටින සභාවෙන් නැගිටීමට පෙර ඇයගේ රාජාසනය නුඹ වෙත මම ගෙන එමි. සැබවින්ම මා එය උසුලා ගෙන එන්නට ශක්තිය ඇත්තෙකි. එමෙන්ම එහි ඇති දෑ සම්බන්ධයෙන් මා විශ්වසනීය අයෙකි. ඉන් කිසිවක් මම අඩු නොකරමි" යැයි ඔහුට පිළිතුරු දුන්නේය.

Neml 27:40

සුලෙයිමාන් ළඟ සිටි දිව්ය පුස්තකය පිළිබඳ දැනුම තිබූ අල්ලාහ්ගේ අතිමහත් නාමය යෙදුනු, විද්වත් දැහැමි පුද්ගලයකු ඒ සඳහා ඇරයුම් කරනු ලැබූ විට එයට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය. "ඔබ ඇසිපිලි ගසන්නට මත්තෙන් ඇයගේ ආසනය මම ඔබ වෙ ගෙන එමි. එය මා අල්ලාහ්ට ඇරයුම් කිරීමෙනි." එවිට ඔහු ඉදිරියට පැමිණ ප්රාර්ථනා කළේය. ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. සුලෙයිමාන් තුමා ඇයගේ ආසනය ඔහු අසල තිබෙනු දුටු කල්හි, ඔහු,"මෙය මාගේ සුවිශුද්ධයාණන් වූ පරමාධිපතිගේ භාග්යයකි. ඔහුගේ ආශිර්වාදයට මා කෘත ගුණ සලකන්නේද එසේ නැතහොත් එය ප්රතික්ෂේප කරන්නේ දැ?යි ඔහු මා පරීක්ෂණය කරනු පිණිසය? කවරෙකු අල්ලාහ්ට කෘතඥ වන්නේ ද සැබවින්ම එම කෘතඥතාවයේ ඵලය ඔහු වෙත නැවත හැරී එනු ඇත. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ගැත්තන් කෘතඥවීම ඔහුට කිසිවක් වැඩි කරන්නේ නැත. කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කොට එයට ගුණමකු වන්නේ ද සැබවින්ම මාගේ පරමාධිපති ඔහුගේ කෘතඥාභාවය ගැන අවශ්යතාවන්ගෙන් තොරය. ඒවා ප්රතික්ෂේප කරන්නන් හටත් දායාද කිරීම ඔහුගේ ත්යාගශීලී භාවයකි." යැයි පැවසීය.

Neml 27:41

සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා, "ඇයගේ රාජසනයෙහි ස්වරූපය ඇය සඳහා වෙනස් කරනු. සැබවින්ම එය ඇයගේ ආසනය යැයි ඇයට දැන ගැනීමට මග ලබන්නේ ද නැතහොත් ඇය තම වස්තූන් පිළිබඳ දැන ගැනීමට නොහැකි අය අතරට පත්වන්නී ද? යැයි බලමු" යැයි පැවසීය.

Neml 27:42

සබඃ රැජින සුලෙයිමාන් වෙත පැමිණි කල්හි ඇයට පරීක්ෂණයක් ලෙසින් ඇයට මෙසේ පවසන ලැබීය. "මෙය ඔබේ සිංහාසනය මෙන් දැ"යි විමසීය. ඇය අදාළ ප්රශ්නයට පිළිතුරු දෙමින්, "එය හා සමානය" යැයි පැවසුවාය. එවිට සුලෙයිමාන් "මෙවන් කටයුතු වලදී අල්ලාහ්ගේ බලයෙන් ඇයට පෙර එම දැනුම අල්ලාහ් අපට පිරිනැමීය. එහෙයින් අපි අල්ලාහ්ට අවනත වන්නන් ලෙස ඔහුගේ නියෝගයට යටත්වන්නන් වූයෙමු" යැයි පැවසීය.

Neml 27:43

ඇය ඇයගේ ජනයා අනුකරණය කරමින් ඔවුන් ව අනුගමනය කරමින් අල්ලාහ් හැර නමදිමින් සිටි සෙසු දෑ අල්ලාහ් ව ඒකීයකරණය කිරීමෙන් ඇය ව වෙනතකට යොමු කර තිබිණ. සැබවින්ම ඇය අල්ලාහ් ව ප්රතික්ෂේප කරන ජනයා අතරින් වූවාය. ඔවුන් මෙන් දේව ප්රතික්ෂේනියක් වූවාය.

Neml 27:44

මතුපිට පෙනෙන ස්වරූපයක් මෙන් වූ "මන්දිරයට නුඹ ඇතුළු වනු" යැයි ඇයට කියනු ලැබීය. එවිට ඇය එය ජලය යැයි සිතා ඇය එය තරණය කිරීම සඳහා ඇයගේ කෙණ්ඩයෙන් වස්ත්රය ඉවත් කළාය. සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා, "සැබවින්ම එය පළිඟු වලින් අලේප කරන ලද මන්දිරයකි.’ යැයි පවසා සිටි අතර ඇය ව ඉස්ලාමය වෙත ඇරයුම් කළේය. කවර කරුණක් වෙත ඇය ඇරයුම් කරනු ලැබුවේ ද එයට පිළිතුරු දෙමින් ඇය මෙසේ පැවසුවාය. "පරමාධිපතියාණනි! ඔබ සමග, ඔබ නොවන වෙනත් දෑ ට නැමදුම් කිරීමෙන් සැබවින්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. මම සුලෙයිමාන් සමග සියලු දෑ හි මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට යටත් වෙමි." යැයි පැවසුවාය.

Neml 27:45

අපි සමූද් වැසියන් වෙත ඔවුන්ගේ පරම්පරාවෙන් සහෝදරයකු වූ සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව, "නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු." යැයි අණ කරමින් එව්වෙමු. නමුත් ඔවුනට කළ එම ඇරයුමෙන් පසු ව කණ්ඩායම් දෙකක් ලෙස ඔවුහු බෙදුණහ. කණ්ඩායමක් දේව විශ්වාසී පිරිසක් වූ අතර අනෙක් කණ්ඩායම සත්ය මත සිටින්නේ කවරෙකු දැයි පවසා දබර කරන පිරිසක් වූූහ.

Neml 27:46

සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් දෙස බලා," කරුණාවට පෙර දඬුවම ඉක්මන් කරන්නැයි නුඹලා පතනුයේ මන්ද? අල්ලාහු නුඹලාට කරුණා කරනු වස් නුඹලාගේ පාපකම් සඳහා නුඹලා අල්ලාහ්ගෙන් සමාව ඇයද සිටිය යුතු නොවේද?" යැයි පවසා සිටියේය.

Neml 27:47

සත්යය පිළිගැනීමට මුරණ්ඩු වූ ඔහුගේ ජනයා ඔහුට, "නුඹ හා නුඹ සමග සිටින දේව විශ්වාසීන් නිසාවෙන් අපට අසුබක් ඇති වී ඇතැ"යි පැවසීය. සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් දෙස බලා, "නුඹලාට අත් වූ පිළිකුල හේතුවෙන් අසුබත්වයෙන් නුඹලා තරවටු කරනු ලබන්නේ නැත. ඒ පිළිබඳ දැනුම අල්ලාහ් සතු වූවකි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාට ඔහු ව්යාප්ත ව පිරිනමන යහපතින් හා නුඹලාට අත්වන නපුරෙන් නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන පිරිසක් වූහ." යැයි කීය.

Neml 27:48

හිජ්ර් නගරයේ දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මහ පොළොවේ කලහකාරී ලෙස හැසිරෙන කණ්ඩායම් නවයක් වූහ. දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඔවුහු තම වරද හරිගැස්වුයේ නැත.

Neml 27:49

ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස බලා, "නුඹලා අතරින් සෑම කෙනෙකුම අල්ලාහ් මත දිවුරා සිටිය යුතුයි. සැබැවින්ම අපි රාත්රියේ ඔහුගේ නිවසට ගොස් ඔහු හා ඔහුගේ පවුලේ උදවිය මරා දමන්නෙමු. පසුව එහි ප්රාණ අයිතිකරුට: "සාලිහ් හා ඔහුගේ නිවැසියන් ඝාතනය කරන අවස්ථාවේ අපි නොසිටියෙමු. සැබවින්ම අපි පවසන දෑ හි සත්යවාදීන් වෙමු." යැයි පවසා සිටිමු යැයි පැවසූහ.

Neml 27:50

සාලිහ් හා එතුමා ව අනුගමනය කළ දේව විශ්වාසීන් විනාශ කිරීමට ඔවුහු කූට සැලසුමක් කුමන්ත්රණය කළෝය. ඔහුට උදව් කිරීමටත් ඔවුන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ව මුදවාලන්නටත් ඔවුන් නොදැනුවත් ව සිටිය දී ඔහුගේ ජනයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීමටත් අපි සැලසුම් යෙදුවෙමු.

Neml 27:51

අහෝ දූතය! ඔවුන්ගේ සැලසුමෙහි හා කුමන්ත්රණයෙහි විපාකය කෙසේ වී දැ?යි නුඹ සිතා බලනු. අපගෙන් වූ දඬුවමකින් අපි ඔවුන් මුලිනුපුටා දමා ඔවුන්ගේ අන්තිම පුද්ගලයා දක්වා විනාශ කළෙමු.

Neml 27:52

ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් එහි බිත්ති, එහි වහලවල් සමග ගරා වැටුණු එහි වැසියන්ගෙන් ශේෂ වී ඉතිරි වූ ඔවුන්ගේ නිවෙස් මේවාය. ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් ඔවුනට අත් වූ දඬුවම තුළ සැබවින්ම විශ්වාස කරන ජනයාහට පාඩමක් ඇත. මෙම පාඨ තුළින් ඔවුහු පාඩම් ලබන්නෝ වෙති.

Neml 27:53

සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ ජනයා අතරින් අල්ලාහ් ව විශ්වාස කළ අයවලුන් අපි මුදවා ගත්තෙමු. ඔවුහු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළෝය.

Neml 27:54

අහෝ දූතය! ලූත් තුමා තම ජනයා පිළිකුල් කරමින් හා ඔවුන් හෙළා දකිමින්, "නුඹලාගේ සමාජ ශාලාවන්හි ප්රසිද්ධියේම නුඹලා එකිනෙකා දෙස බලමින් අශීලාචාර කරුණ වෙත යන්නෙහු ද?" (එය සමලිංගිකත්වයයි). යැයි ඇසීය.

Neml 27:55

"සැබවින්ම නුඹලා කාන්තාවන් අතහැර දමා ආශාවන් ඉටු කිරීමේ මාර්ගයක් ලෙස නුඹලා පිරිමින් වෙත යන්නෙහු ද? නුඹලා ප්රිය කරනුයේ නිර්මලකම හෝ දරුවකු හෝ නොව තිරිසන් රාගය ඉෂ්ට කර ගැනීමය. නුඹලා දේව විශ්වාසය, පිරිසිදුකම හා පාපකම් වලින් දුරස්වීම යනාදිය තුළින් නුඹලා වෙත කවර කරුණක් අනිවාර්යය කර ඇත්තේ ද ඒගැන නුඹලා නොදන්නා පිරිසකි.

Neml 27:56

"නුඹලාගේ ගම්මානයෙන් ලූත්ගේ ජනයා නුඹලා පිටුවහල් කරනු. සැබවින්ම ඔවුන් කිලිටි හා අපවිත්ර දැයින් පිරිසිදු කරන මිනිසුන් පිරිසකි" යැයි ඔහුගේ ජනයා වෙනුවෙන් ඔවුන් ප්රකාශ කර සිටියා මිස ඔවුන්ගේ වෙනත් පිළිතුර නොවීය. ඔවුන් එය ප්රකාශ කළේ ඔවුන් සිදු කරමින් ආ අශීලාචාර ක්රියාවන්හි ඔවුනට හවුල් නොවූ ලූත්ගේ ජනයාට අපහාස කිරීමක් ලෙසිනි. ඔවුනට එරෙහි ව ඔවුහු එම වැරැද්ද පිළිකුල් කළෝය.

Neml 27:57

අපි ඔහු මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර ඔහුගේ පවුල සෙස්සන් මුදවා ගත්තෙමු. ඇය විනාශ කරනු ලැබූවන් අතරින් කෙනෙකු වනු පිණිස දඬුවමෙහි රැඳී සිටින්නන් අතර ඇය ද පත්වීමට අපි තීන්දු කළෙමු.

Neml 27:58

අපි ඔවුන් මත අහසින් වූ ගල් වර්ෂාවක් පහළ කළෙමු. දඬුවම ගැන බිය ගන්වනු ලැබ, එයට ප්රතිචාර නොදැක්වූවන්හට එය විනාශකාරී හානිදායක වර්ෂාවක් විය.

Neml 27:59

"අහෝ දූතය! ඔහු පිරිනැමූ ඔහුගේ ආශිර්වාද සඳහාත් ලූත් හා සාලිහ්ගේ සමූහයාට කවර දඬුවමක් දෙනු ලැබුවේ ද එවන් දඬුවමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන්හට ආරක්ෂාව සැලසීම සඳහාත් සියලු ප්රශංසා හිමි විය යුත්තේ අල්ලාහ්ටම යැ"යි නුඹ පවසනු. "උතුම් වනුයේ සියලු දෑ හි යහපත තමන් සතු ව ඇති සැබෑ ලෙස නැමදුම් ලබන අල්ලාහ් ද? එසේ නැතහොත් කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි දේව ආදේශකයින් විසින් නැමදුම් ලබන දෑ ද?" යැයි විමසනු.

Neml 27:60

එසේ නැතහොත් අහස් හා මහ පොළොව කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැවූ මැවුම්කරුවාණන් ද? අහෝ ජනයිනි! ඔහු නුඹලාට අහසින් වැසි ජලය පහළ කොට අලංකාර හා සාරවත් වතු එමගින් ඔහු නුඹලාට හට ගැන්වීය. නුඹලාගේ නොහැකියාව හේතුවෙන් මෙම වතු වල ගස් වැවීමට නුඹලාට හැකි නොවීය. එය හට ගැන්වූයේ අල්ලාහ්ය. අල්ලාහ් සමග මෙය සිදු කරන නැමදුම් ලබන වෙනත් කෙනෙක් සිටී ද? නැත ඔවුන් සත්යයෙන් පෙරළී යන සමූහයක් විය. ඔවුන් අපරාධකාරී ලෙස මැවුම්කරුට මැවීම් සමාන කරති.

Neml 27:61

මහ පොළොව මත වෙසෙන්නන් නොසෙලවෙන පරිදි එය ස්ථාවර ලෙස රඳවා, එහි අභ්යන්තරයේ ගංගාවන් ගලා යන්නට සලස්වා ඒ වෙනුවෙන් ස්ථාවර කඳු පිහිටුවා පානය කරන්නන්හට සුදුසු නොවන පරිදි කරදිය හා මිරිදිය මිශ්ර නොවන අයුරින් කරදිය හා මිරිදිය වෙන් වෙන් වශයෙන් ඇති කළ අය ද?. අල්ලාහ් සමග ඒවා සිදු කළ නැමදුම් ලැබිය හැකි වෙනත් අය සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ බව නොදනිති. ඔවුන් දැන සිටියේ නම් ඔහුගේ මැවීම් අතරින් කිසිවකු ඔවුන් ඔහුට ආදේශ නොකරති.

Neml 27:62

කවරෙකු ඔහුගේ යම් කටයුත්තක හිර වී එය දරුණු වූ විට ඒ ගැන ඔහු ප්රාර්ථනා කළ අවස්ථාවේ එයට පිළිතුරු දී මිනිසාට අත්වන රෝගාබාධය, දිළිඳුකම හා වෙනත් උවදුරු ඉවත් කරන්නා ද? යුගයෙන් යුගය නුඹලාගෙන් පිරිසක් තවත් පිරිසක් පාලනය කරන පරිදි මහ පොළොවේ නියෝජිතයින් බවට ඔහු නුඹලාව පත් කළේය. අල්ලාහ් සමග මේවා සිදු කරන වෙනත් දෙවියකු සිටිත් ද? නැත. නුඹලා උපදෙස් ලබනුයේ ද පාඩම් ලබනුයේ ද ස්වල්පයක් පමණි.

Neml 27:63

එසේ නැතහොත් ගොඩබිමේ අන්ධකාරයන් තුළ හා මුහුදේ අන්ධකාරයන් තුළ නුඹලාට තාරකාවන් හා සලකුණු පිහිටවමින් නුඹලාට මග පෙන්වන්නා ද? එමෙන්ම තම ගැත්තන්හට ආශිර්වාද කරන වර්ෂාව පහළ වීමට ළඟා කරන ශුභාරංචිදායක සුළං එවන්නා ද? අල්ලාහ් සමග මේවා සිදු කරන වෙනත් දෙවියෙකු සිටිත් ද? අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ මැවීම් අතරින් ඔවුන් ඔහුට තබන ආදේශයන්ගෙන් ඔහු පිවිතුරුය.

Neml 27:64

එසේ නැතහොත් අදියරයකින් පසු ව අදියරයක් ලෙස ගර්භාෂයන් තුළ මැවීම් උත්පාදනය කරන්නා ද? පසු ව ඔහු මිය ගිය පසු ව ඔහුට යළි ජීවය ලබා දෙයි. අහසින් පහළ කරනු ලබන වාර්ෂාවෙන් ඔහු නුඹලා ව පෝෂණය කරයි. අල්ලාහ් සමග ඒවා සිදු කරන වෙනත් දෙවියකු සිටිත් ද?" සැබවින්ම නුඹලා සත්යය මත සිටින බව කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා කවර ආදේශයක් මත පිහිටා සිටින්නේ ද ඒ සඳහා නුඹලාගේ සාධක ගෙන එනු." යැයි අහෝ දූතය! මෙම ආදේශකයින්හට නුඹ පවසනු.

Neml 27:65

"අහෝ දූතය! අහස්හි සිටින මලක්වරු හෝ මහ පොළොවේ වෙසෙන ජනයා ගුප්ත දෑ පිළිබඳ නොදනී. ඒ පිළිබඳ දන්නේ අල්ලාහ් පමණය. ප්රතිඵල සඳහා ඔවුන් අවදි කරනු ලබනුයේ කවදාදැ?යි අල්ලාහ් හැර අහස් හි සිටින හා මහ පොළොවේ සිටින සියලු දෙනා නොදනිති." යැයි පවසනු.

Neml 27:66

ඔවුන්ගේ දැනුම මතු ලොව දක්වා ළඟා වී ඒ ගැන ඔවුහු විශ්වාස කරන්නෝද? නැත. ඔවුන් මතු ලොව පිළිබඳ සැකයෙහි හා ව්යාකූලත්වයේ පසු වෙති. ඒ ගැන ඔවුන්ගේ බැල්ම අන්ධ වී ඇත්තේය.

Neml 27:67

දෙවියන් ප්රතික්ෂේප කළවුන් එය හෙළා දකින්නන් ලෙසින් "අපි මියගොස් පස් බවට පත් වූ විට ජීවමාන ව අප අවදි කරනු ලැබීම විය හැක්කක් දැ?"යි විමසා සිටියෝය.

Neml 27:68

අපි සියලු දෙනා අවදි කරනු ලැබීමට පෙර සැබවින්ම අප ප්රතිඥා දෙනු ලැබුවෙමු. අපගේ මුතුන් මිත්තන් ද ප්රතිඥා දෙනු ලැබුහ. එම ප්රතිඥාව සඳහා සහතිකයක් අපි නොදුටුවෙමු. අපට කවර කරුණක් ප්රතිඥා දෙනු ලැබුවේ ද ඒ සියලු ප්රතිඥා අපගේ මුතුන් මිත්තන්ගේ පුස්තක වල නොමැති ඔවුන්ගේ ප්රබන්ධයන් මිස නැත.

Neml 27:69

අහෝ දූතය! යළි නැගිටුවනු ලැබීම හෙළා දකින මොවුනට "මහ පොළොවේ කවර දෙසකට හෝ ගමන් කර නැවත නැගිටුවනු ලැබීම බොරු යැයි පවසා සිටි අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. ඔවුන් එය ප්රතික්ෂේප කළ හේතුවෙන් අපි ඔවුන් විනාශ කළෙමු." යැයි පවසනු.

Neml 27:70

දේව ආදේශකයින් නුඹේ ඇරයුම ප්රතික්ෂේප කිරීම හේතුකොටගෙන නුඹ දුක් නොවනු. ඔවුන්ගේ කුමන්ත්රණ හේතුවෙන් නුඹේ හදවත පීඩනයට පත් කර නොගනු. සැබවින්ම ඔවුනට එරෙහි ව අල්ලාහ් නුඹට උදව් කරන්නාය.

Neml 27:71

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියි. "නුඹලා කවර කරුණක් පිළිබඳ වාද කරමින් සිටින්නෙහු ද එහි නුඹලා සත්යවාදීහු නම් නුඹ හා දේව විශ්වාසීන් අපට ප්රතිඥා දුන් දඬුවම තහවුරු වනුයේ කවදා ද?"

Neml 27:72

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලා ඉක්මනින් පතන දඬුවමින් සමහරක් නුඹලාට සමීපයෙන්ම සිදු විය හැක."

Neml 27:73

අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපතියාණන් මිනිසුන් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරත ව සිටියදී දඬුවම ඉක්මන් නොකර එය අතහැර දමමින් ඔහු ඔවුන් කෙරෙහි අනුග්රහශීලී විය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා අල්ලාහ් ඔවුනට පිරිනමන ආශිර්වාද සඳහා කෘතවේදී නොවෙති.

Neml 27:74

සැබැවින්ම නුඹේ පරමාධිපති තම ගැත්තන්ගේ හදවත් තුළ සැඟ වී ඇති දෑ ද, ඔවුන් හෙළි කරන දෑ ද මැනවින් දන්නාය. එයින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත.

Neml 27:75

අහසේ මිනිසුනට සැගවුණු කිසිවක් හෝ මහ පොළොවේ ඔවුනට සැඟවුණු කිසිවක් හෝ පැහැදිලි ග්රන්ථයේ සඳහන් ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් සටහන් ඵලකයයි.

Neml 27:76

සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය ඉස්රාඊල් දරුවන්හට ඔවුන් කවර කරුණු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තේ ද ඒවා බොහෝමයක් ගැන කතා කරයි. එමෙන්ම ඔවුන්ගේ නොමගයෑම් ගැන හෙළි කරයි.

Neml 27:77

තවද එහි සඳහන් දේ සමඟ කටයුතු කරන ඇදහිලිවන්තයන්ට එය මඟ පෙන්වීමක් හා දයාවක් වේ

Neml 27:78

අහෝ දූතය! සැබවින්ම නුඹේ පරමාධිපති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ යුක්ති ධර්මය අනුව ජනයා අතර සිටින දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය ප්රතික්ෂේප කරන්නන් අතර තීන්දු දෙන්නේය. දේව විශ්වාසියාට ආශිර්වාද කරන අතර දේව ප්රතික්ෂේපකයාට ඔහු දඬුවම් දෙනු ඇත. ඔහු ඔහුගේ සතුරන් හට සම ප්රතිචාර දක්වන සර්ව බලධාරියාය. කිසිවකු ඔහු අබිබවා යා නො හැක. සත්යවාදියා අසත්යවාදියා සමග මුසු නොකර ඒ ගැන මැනවින් දන්නාය.

Neml 27:79

එහෙයින් නුඹ අල්ලාහ් මත සියල්ල භාර කරනු. නුඹේ සියලු කටයුතු වලදී නුඹ ඔහු මත ම රැඳී සිටිනු. සැබවින්ම නුඹ පැහැදිලි සත්යය මත සිටින්නෙහිය.

Neml 27:80

අහෝ දූතය! සැබවින්ම අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හදවත් මිය ගිය මළවුනට ඇසෙන්නට සැලැස්වීමට නුඹට නොහැක. එමෙන්ම නුඹ කවර කරුණක් වෙත ඔවුන්ට ඇරයුම් කරන්නෙහි ද ඒ ගැන නුඹට පිටුපාමින් ඔවුන් හැරී ගිය විට, සත්යයට සවන් දීමෙන් අල්ලාහ් ඔහුගේ ශ්රවණ ශක්තිය නැති කළ අයට ඇසෙන්නට සැලැස්වීමට ද නුඹට නො හැක.

Neml 27:81

සත්යය දැකීමෙන් අන්ධවූවන්හට මග පෙන්වන්නෙකු ලෙස නුඹ නැත. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් නොවනු. නුඹ නො තැවෙනු. අපගේ වදන් විශ්වාස කරන්නන්හට හැර වෙනත් කිසිවකුට සත්යය වටහා දෙන්නට නුඹට නො හැකිය. අල්ලාහ්ගේ නියෝගවලට යටත් වන්නෝ (විශ්වාසී) ඔවුහුමය.

Neml 27:82

ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා පාපකම් මත අඛණ්ඩ ව නිරත ව සිටි බැවින් දඬුවම අනිවාර්යය වී ඔවුනට එය ස්ථීර වී; නපුරු ජනයා ඉතිරි වූ විට අවසන් හෝරාව ළඟා වන අවස්ථාවේ ඔවුනට අපි එහි ප්රධාන සලකුණු අතරින් එක් සලකුණක් මතු කරන්නෙමු. එය ‘සැබවින්ම මිනිසුන් අපගේ නබි තුමාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ සංඥාවන් සත්ය බව තහවුරු කරන්නෝ නොවැතැයි’ මිනිසුන් වටහා ගන්නා පරිදි ඔවුන් සමග කතා කරන මහ පොළොවේ සිටින සත්වයකි.

Neml 27:83

අහෝ දූතය! සමූහයන් අතරින් අපගේ වදන් බොරු කළ සෑම සමූහයකින් ම ඔවුන්ගේ ප්රධානීන්ගෙන් පිරිසක් එක් රැස් කරනු ලබන දිනය ගැන මෙනෙහි කරනු. ඔවුන්ගේ පළමුවැන්නා සිට අවසානයා දක්වා හරවා එවනු ලබති. පසු ව විනිශ්චය සඳහා කැටුවා ගෙන යනු ලබති.

Neml 27:84

ඔවුන් විනිශ්චයට භාජනය කරනු ස්ථානය දක්වා පැමිණෙන තෙක්ම ඔවුන් කැටුවාගෙන යමින් පවතී. අල්ලාහ් ඔවුන් හෙළා දකිමින්, "මාගේ ඒකීයත්වය පෙන්වා දෙන, එමෙන්ම මාගේ පිළිවෙත ආවරණය වී ඇති මාගේ සංඥාවන් නුඹලා බොරු කළෙහු ද? සැබැවින්ම එය නිෂ්ඵල දෙයක් බවට වූ දැනුමක් නුඹලාට නොවීය. බොරු කිරීම නුඹලා වෙනුවෙන්ම සිදු විය. එසේ නැතහොත් සත්ය කරමින් හා බොරු කරමින් නුඹලා ඒ ගැන සිදු කරමින් සිටියේ කුමක් ද?" යැයි අසනු ඇත.

Neml 27:85

අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම. ඔහුගේ වදන් බොරු කිරීම, යනාදී ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් ඔවුන් වෙත දඬුවම පතිත විය. ඔවුන්ගේ තර්ක වල අවලංගුභාවය හා ඔවුන්ගේ නොහැකියාව නිසාවෙන් තමන් වෙනුවෙන් ඔවුන් කතා කළ නොහැක්කන් වෙති.

Neml 27:86

යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නන්, ඔවුන් නින්දට යමින් එහි කල් ගත කිරීම සඳහා අපි රාත්රිය මවා ඇති බවත් දහවල එහි දසුන් දැක ගැනීම සඳහා ආලෝකයක් බවට පත් කර ඇති බවත් නොදුටුවෝ ද? ඔවුන් ඔවුන්ගේ ක්රියාවන් වෙත යුහුසුලු ව ගමන් කරති. සැබවින්ම නැවත නැවත මරණයට පත්වීම (නින්ද) පසුව යළි අවදි වීම යන්නෙහි දෙවියන් විශ්වාස කරන ජනයාට පැහැදිලි සාධක ඇත.

Neml 27:87

අහෝ දූතය! දෙවන පිඹුම පිඹින හොරණෑවෙහි එයට භාර මලක්වරයා පිඹින දිනය ගැන මෙනෙහි කරනු. එවිට අල්ලාහ්ගෙන් වූ භාග්යයක් ලෙස ව්යතිරේකයක් බවට පත් කළ අය හැර අහස්හි හා මහ පොළොවේ ඇති සෙසු සියලු දෙනා තැති ගනිති. අල්ලාහ්ගේ මැවීම් සියල්ල එදින යටහත් පහත් ව අවනතව ඔහු වෙත පැමිණෙනු ඇත.

Neml 27:88

එදින නුඹලා නොසෙලවෙනසේ ස්ථාවර ව ඇතැයි සිතන කඳු දකිනු ඇත. ඒවා එම කරුණ සිදුවන අවස්ථාවේ වලාකුළ් මෙන් ගමනින් වේගයෙන් ගමන් කරනු ඇත. එය අල්ලාහ්ගේ නිර්මාණයකි. එය චලනය කරනුයේ ඔහුය. සැබවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු අභිඥානවන්තය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Neml 27:89

දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සමග කවරෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙන්නේ ද ඔහුට ස්වර්ගය ඇත. ඔවුහු වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින තැතිගැන්මෙන් අල්ලාහ් ආරක්ෂාව සලසා එමගින් සුරක්ෂිතභාවය ලබන්නෝ වෙති.

Neml 27:90

කවරෙකු දේව ප්රතික්ෂේපය හා පාපකම් සමග පැමිණෙන්නේ ද ඔවුනට අපා ගින්න ඇත. ඔවුන් මුණිනතට පෙරළා එහි හෙළනු ලබති. ඔවුනට අපහාස කරමින් මෙසේ පවසනු ලැබේ. "දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මෙලොව නුඹලා කරමින් සිටී දෑ ට මිස වෙනත් කිසිවකට ප්රතිවිපාක පිරිනමනු ලැබනු ඇත් ද?"

Neml 27:91

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. 'සැබවින්ම මම අණ කරනු ලැබුවේ, අල්ලාහ් සුවිශුද්ධ කළ, එහි ප්රාණ ඝාතනය තහනම් කරන ලද, කිසිවකුට අපරාධයක් සිදු කරනු නොලබන, එහි දඩයම් කර සතුන් මරා නොදමන, එහි ගස් කපා නොහරින මක්කාවේ හිමිපාණන්ට නැමදුම් කිරීමටය. සියලු දෑ හි ආධිපත්යය ඔහු සතුය. අල්ලාහ්ට අවනත වී යටත් වන, ඔහු වෙනුවෙන් අවනතවන්නන් අතරින් මා ද වීමට මම අණ කරනු ලැබුවෙමි.'

Neml 27:92

මිනිසුන් වෙත අල් කුර්ආනය කියවා පෙන්වීමටත් මම අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු එම මග පෙන්වීම තුළින් යහ මග ලබා, එහි ඇති දෑ අනුව කටයුතු කළේ ද එවිට ඔහුගේ මග පෙන්වීම ඔහුට ප්රයෝජනවත් වනු ඇත. තවද කවරෙකු නොමග ගොස් එයින් හැරී, එය හෙළා දැක, එහි ඇති දෑ අනුව කටයුතු නොකළේ ද එවිට නුඹ ඔවුනට සැබවින්ම "මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි. නුඹලාගේ යහ මග මාගේ අතේ නැත" යැයි පවසනු.

Neml 27:93

අහෝ දූතය! ගණන් කළ නොහැකි අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුටමය ප්රශංසා! නුඹලා තුළ ද, අහස් හා මහ පොළොව තුළ ද, නුඹලාගේ පෝෂණය තුළ ද ඔහුගේ සංඥාවන් ඔහු නුඹලාට පෙන්වනු ඇත. එවිට සත්ය වෙත කෙරෙන ඇරයුම වෙත නුඹලා මග ලබන දැනුම නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවේ. ඔහු ඒ දෙස බලා සිටියි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

Kasas 28:1

(තා, සීන්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

Kasas 28:2

මෙය පැහැදිලි අල් කුර්ආනයේ පාඨ වෙයි.

Kasas 28:3

මූසා හා ෆිර්අවුන්ගේ තොරතුරු කිසිදු සැකයකින් තොර ව දෙවියන් විශ්වාස කරන ජනයා වෙනුවෙන් සැබෑ ලෙස අපි නුඹට කියවා පෙන්වමු. සැබවින්ම ඔවුන් එහි ඇති දැයින් ප්රයෝජනය ලබන බැවිණි.

Kasas 28:4

සැබවින්ම ෆිර්අවුන් මිසර දේශයේ සීමාව ඉක්මවා අපරාධ සිදු කළේය. එහි ඔහු ආධිපත්යය දැරුවේය. එහි වැසියන් අතර විවිධ කණ්ඩායම් බවට පත් කළේය. ඔවුන් අතරින් පිරිසක් දුර්වලයින් බවට පත් කළේය. ඔවුන් ඉස්රාඊල් දරුවන් වෙති. ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් සේවය සඳහා තබා ගනිමින් ඔවුන් අතිශයින් අපහාසයට ලක් කළේය. සැබවින්ම ඔහු අපරාධ හා ඉක්මවා කටයුතු කරමින් මහ පොළොවේ ප්රචණ්ඩකාරීන් අතරින් කෙනෙකු විය.

Kasas 28:5

ෆිර්අවුන් විසින් මිසර දේශයේ දුර්වලතාවට පත් කරනු ලැබූ ඉස්රාඊල් දරුවන්හට, ඔවුන්ගේ සතුරන් විනාශ කොට ඔවුන්ගෙන් අසරණකම් ඉවත් කොට, සත්යය තුළ ඔවුන් අනුගමනය කරන නායකයින් බවට ඔවුන්ව පත් කොට, ෆිර්අවුන්ගේ විනාශයෙන් පසු ව භාග්යලත් සිරියා දේශය උරුමකම් පාන්නට සලස්වා, අපි ඔවුනට ශ්රේෂ්ඨත්වය පිරිනමන්නට අපේක්ෂා කළෙමු. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “දුර්වලතාවට පත් කරනු ලැබූ ජනයාට අපි සමෘද්ධිමත් කළ මහ පොළොවේ නැගෙනහිරවල් හා එහි බටහිරවල් අපි උරුම කර දුන්නෙමු.”

Kasas 28:6

ඔවුන් එහි ආධිපත්යය දරණ සගයින් ලෙස අප පත් කිරීමෙන් ඔවුනට මහ පොළොවේ පහසුකම් සලසා දෙන්නට අපි අපේක්ෂා කළෙමු. එමෙන්ම ෆිර්අවුන් හා රාජ්ය අනුග්රහය සැපයූ ප්රධානී හාමාන්ගේ මෙන්ම ඔවුන් දෙදෙනාගේ රාජ්ය සහායකයින් වූ ඔවුන් දෙදෙනාගේ සේනාවගේ රාජ්ය පාලනය ගිලිහී යෑම හා ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් වූ පිරිමි දරුවකුගේ දෑතින් එහි අවසානයට පත් වීම ගැන ඔවුන් බියට පත්වීම ගැන ඔවුනට පෙන්වන්නටද අපේක්ෂා කළෙමු.

Kasas 28:7

"ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මූසා ව මරා දමනු ඇතැයි බිය වී, ඔහු ව පෙට්ටියක බහාලා නයිල් නදියේ හෙළනු තුරු ඔහුට කිරි දෙනු. එය දියේ ගිලීම ගැන හෝ ෆිර්වුන් ගැන හෝ බිය නොවනු. ඔහුගේ වෙන්වීම හේතුවෙන් නුඹ දුක් නොවනු. සැබවින්ම අපි නුඹ වෙත ජීවමාන ලෙස ඔහු ව නැවත ලබා දෙන්නෙමු. අල්ලාහ්ගේ මැවීම් වෙත එවන ලද ඔහුගේ දූතවරුන් අතරින් කෙනෙකු බවට අපි ඔහු පත් කරන්නෙමු." යැයි මූසාගේ මවට අපි දේව ප්රඥාව පහළ කළෙමු.

Kasas 28:8

ඔහු ව පෙට්ටිය බහාලා ගඟට දමන මෙන් ඇයට කළ දේව නියෝගය ඇය පිළිපැද්දාය. ෆිර්අවුන්ගේ පවුල එය දැක ඔහුව අර ගත්තෝය. සැබවින්ම එය, මූසා ෆිර්අවුන්ගේ සතුරකු බවට පත් වී ඔහුගේ දෑතින් ෆිර්අවුන්ගේ රාජ්යය පහ කිරීමටත්, ඔවුන්ගේ දුක ඉවත් කිරීමටත්, අල්ලාහ් අභිමත කළ දෑ තහවුරු කරනු වස්ය. සැබවින්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සහායකයින්ද ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මහ පොළොවේ ඔවුන් සිදු කළ ප්රචණ්ඩත්වය හා කලහකම් හේතුවෙන් පාපිෂ්ඨයින් බවට පත් වූහ.

Kasas 28:9

ෆිර්අවුන් ඔහු ව ඝාතනය කිරීමට සිතූ කල්හි ඔහුගේ බිරිය ඔහුට, "මෙම දරුවා මටත් ඔබටත් සතුට ගෙන දෙන්නක් විය හැක. එහෙයින් නුඹලා ඔහු මරා නොදමනු. ඇතැම් විට මෙහෙකම් කිරීමෙන් ඔහු අපට ප්රයෝජනවත් වනු ඇත. එසේ නැතහොත් දරුවකු ලෙස අපි ඔහු හදාවඩා ගත හැක." යැයි පැවසුවාය. නමුත් ඔහුගේ දෑතින් ඔවුන්ගේ රාජ්යයට අත්වන්නට යන දෑ ඔවුහු නොදැන සිටියෝය.

Kasas 28:10

මූසා (අලයිහිස් සලාම්) තුමාගේ මවගේ හදවත, මූසා (අලයිහිස් සලාම්) තුමා හැර වෙනත් සියලුම ආකාරයේ ලෞකික කටයුතු වලින් හිස් වී තිබිණ. අල්ලාහ් කවර තීන්දුවක් තමන් වෙත නියම කර සිටියේ ද ඒ මත ඉවසිලිවන්තයින් ලෙස කටයුතු කරන තම පරමාධිපති මත සියල්ල පවරන දේව විශ්වාසීන් අතරට ඇය ද පත්වනු පිණිස අපි ඇයගේ හදවත ස්ථාවරත්වයෙන් හා ඉවසීමෙන් බැඳ නොතැබුවේ නම් තම දරුවා කෙරෙහි ඇති බැඳීමෙහි තීව්රතාව හේතුවෙන් ඔහු ඇගේ පුත්රයා බව හෙළි කිරීමට තරම් ඇය ඉවසිලිවන්ත නොවන්නට තිබිණ.

Kasas 28:11

මූසා (අලයිහිස් සලාම්) තුමාගේ මව ඔහු ව ගඟෙහි දැමීමෙන් පසු ව ඔහුගේ සහෝදරියට මෙසේ පැවසුවාය. "ඔහුට කුමක් සිදු වන්නේ දැ?යි නුඹට දැනගත හැකි පරිදි ඔහුගේ මග සලකුණු ඔස්සේ ලුහුබැඳ යනු." පසු ව තමන් ඔහුගේ සහෝදරිය යන වගත් සැබවින්ම ඔහු ගැන තමන් තොරතුරු සොයන වගත් ෆිර්අවුන්ට හා ඔහුගේ ජනයාට නොහැඟෙන පරිදිත් තමන් ගැන හෙළි නොවන පරිදිත් ඇය දුරින් සිට ඔහු ගැන ඇය නිරීක්ෂා කළාය.

Kasas 28:12

අපි ඔහුව ඔහුගේ මවට නැවත ලබා දීමට පෙර අල්ලාහ්ගේ සැලසුම අනුව කිරි දෙන කාන්තාවන්ගෙන් කිරි බීමෙන් මූසා වැළකී සිටියේය. ඔහුගේ සහෝදරිය ඔහුට කිරි පෙවීම සඳහා ඔවුන් දක්වන දැඩි කැමැත්ත දුටු කල්හි ඇය ඔවුනට: "ඔහුට කිරි දී ඔහු ව හදාවඩා ගන්නා නිවසක් වෙත මම නුඹලාට මග පෙන්වන්නද? ඔවුහු ඔහුට නිරන්තරයෙන්ම යහපත පතන්නෝ වෙති." යැයි විමසුවාය.

Kasas 28:13

ඔහුගේ මව ළඟින් සිට ඔහු ව රැකබලා ගැනීමෙන් ඇයගේ නෙත් සිසිල්වත් වන පරිදි හා ඔහුගේ වෙන්වීම ගැන ඇය දුක් නොවන පරිදි ඇයට අපි මූසා ව නැවත ලබා දුනිමු. ඔහු ඇය වෙත නැවත ලබා දීම සම්බන්ධයෙන් අල්ලාහ් දුන් පොරොන්දුව කිසිදු සැකයකින් තොර සත්යයක් බව ඇය දැන ගත්තාය. නමුත් මෙම ප්රතිඥාව ගැන ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. සැබවින්ම ඇය ඔහුගේ මව බව කිසිවෙකු දැන සිටියේ නැත.

Kasas 28:14

ශරීරය වැඩී, වැඩි වියට පත් ව තම බලය ක්රියාත්මක කළ හැකි අවදියට පත් වූ කල්හි ඔහුට නබිත්වය පිරිනැමීමට පෙර ඉස්රාඊල් දරුවන්ගේ දහම සම්බන්ධයෙන් වූ දැනුම හා අවබෝධය අපි ඔහුට පිරිනැමුවෙමු. මූසා (අලයිහිස් සලාම්) තුමාගේ අවනතභාවය සඳහා අපි ඔහුට ප්රතිඵල පිරිනැමුවාක් සේම සෑම කාලයකම සෑම ස්ථානයකම පසුවන දැහැමියන්හට අපි ප්රතිඵල පිරිනමන්නෙමු.

Kasas 28:15

ජනයා ඔවුන්ගේ නිවෙස් තුළ විවේකී ව සිටින වේලාවක මූසා නගරයට පිවිසීය. එවිට වාද කරමින් සණ්ඩුසරුවල් කරන මිනිසුන් දෙදෙනෙකු දුටුවේය. ඔවුන්ගෙන් එක් අයකු මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රජාවේ ඉස්රාඊල් දරුවන්ගෙන් කෙනෙකු වූ අතර අනෙකා මූසාගේ සතුරුන් වූ ෆිර්අවුන්ගේ ජනයා වන කිබ්ති වංශයට අයත් කෙනෙකු විය. තම සතුරන් වන කිබ්ති වංශයේ මිනිසාට එරෙහි ව තමන්ට උපකාර කරන්නැයි ඔහුගේ ජනයා අතරින් වූ මිනිසා ඔහුගෙන් ඉල්ලා සිටියේය. එම කිබ්තී මිනිසාට තම අත මිට මොළොව මූසා පහරක් ගැසීය. එවිට එම පහරේ බලවත්භාවය හේතුවෙන් ඔහු මැරී වැටුණේය. මූසා (අලයිහිස් සලාම්) තුමා, "මෙය ෂෙයිතාන් විචිත්රවත් කළ දෙයකි. ඔහුගේ වංචාවකි. සැබවින්ම ෂෙයිතාන් ඔහු ව අනුගමනය කරන්නන් නොමග හරින්නාය. සැපැහිදිලි සතුරාය. එහෙයින් ඔහු මට මෙය ඇති කළේ ද ඔහුට මා සතුරු වීම හේතුවෙන් හා සැබවින්ම ඔහු මුළා කරන්නට අපේක්ෂා කරන්නන් ඔහු මුළා කරන්නෙකු ව සිටින බැවිණි." යැයි පැවසීය.

Kasas 28:16

තමන්ගෙන් සිදු වූ වරද පිළිගනිමින් තම පරමාධිපතිගෙන් සමාව අයදිමින් මූසා, "මාගේ පරමාධපතියාණනි! සැබවින්ම මම මේ කිබ්ති වංශයේ මිනිසා ව ඝාතනය කිරීමෙන් මා මට ම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මාගේ පාපයන් සඳහා මට සමාව දෙනු මැනව." යැයි කීය. මූසා (අලයිහිස් සලාම්) තුමාට සමාව දීම ගැන අල්ලාහ් අපට එසේ පැහැදිලි කර සිටියේය. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයදින්නන්හට අති ක්ෂමාශීලී වන අතර ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

Kasas 28:17

පසු ව මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාව පිළිබඳ තොරතුරු දිගට ම මෙසේ පවසා සිටියි. එහි එතුමා, "මාගේ පරමාධිපති මා වෙත පිරිනැමූ ශක්තිය, ප්රඥාව හා දැනුම හේතුවෙන් අපරාධකරුවන් සිදු කරන අපරාධ වලට කිසිවිටෙක මම උදව් කරන්නෙකු නොවෙමි."

Kasas 28:18

කිබ්තී පුද්ගලයා ව මරා දැමීමේ සිදු වීම ඔහු විසින් සිදු වූ පසු, තමන් කුමක් කළ යුතු දැ යි සිතා බියෙන් යුතු ව නගරයේ අවධානයෙන් සැරිසැරීය. එවිට පෙර දින තම සතුරා වන කිබ්තී පුද්ගලයාට එරෙහි ව උදව් උපකාර ඉල්ලා පැමිණි පුද්ගලයා තවත් කිබ්තී මිනිසෙකුට එරෙහි ව ඔහුගෙන් උදව් ඉල්ලා සිටියේය. මූසා තුමා ඔහුට, "සැබවින්ම නුඹ ප්රචණ්ඩකාරී මෙන්ම පැහැදිලි නොමගෙහි සිටින්නෙකි." යැයි පවසා සිටියේය.

Kasas 28:19

මූසා (අලයිහිස් සලාම්) තුමා ඔහුට හා ඉස්රාඊල මිනිසාට සතුරු වූ එම කිබ්තී පුද්ගලයා ව අල්ලා ගන්නට සිතූ කල්හි එම ඉස්රාඊලීය මිනිසා,"සැබවින්ම නුඹ පැහැදිලි අපරාධකරුවෙකි" යැයි ඔහු කළ ප්රකාශයට සවන් දුන් කල්හි, සැබැවින්ම තමන් අල්ලා ගන්නට යන බව සිතා මූසාට මෙසේ පැවසීය. "පෙර දින නුඹ මිනිසෙකු මරා දැමුවාක් මෙන් මා මරා දමන්නට නුඹ සිතන්නෙහි ද? සැබැවින්ම නුඹ මිනිසුන් මරා දමමින් ඔවුනට අපරාධ කරමින් බලහත්කාරකම් කරන්නකු වීමට මිස වෙනත් දෙයක් අපේක්ෂා නොකරන්නෙහිය. එමෙන්ම වාද කරන්නන් අතර සමතයට පත් කරන්නන් අතරින් කෙනෙකු වීමට ද නුඹ ප්රිය කරන්නේ නැත." යැයි පැවසීය.

Kasas 28:20

එම පුවත පැතිරී ගිය කල්හි නගරයේ කොනක සිටි මිනිසෙකු මූසාට අත් වූ විපාකය ගැන අනුකම්පා කරමින් වේගයෙන් දිව ඇවිත්, "අහෝ මූසා! සැබවින්ම ෆිර්අවුන්ගේ ජනයා අතර සිටින ප්රභූවරු ඔබ ව ඝාතනය කිරීමට සාකච්ඡා කරති. එහෙයින් නුඹ නගරයෙන් පිට ව යනු. ඔවුන් නුඹ ව අල්ලා නුඹ ව මරා දැමීම ගැන නුඹ කෙරෙහි වූ මාගේ අනුකම්පාව හේතුවෙන් සැබවින්ම මම නුඹට උපදෙස් දෙන්නෙක්මි" යැයි පැවසීය.

Kasas 28:21

උපදෙස් දුන් පුද්ගලයාගේ උපදෙස් මූසා (අලයිහිස් සලාම්) තුමා පිළිපැද්දේය. තමාට සිදු වන දෑ ගැන සිතමින් ඒ ගැන බියෙන් ඔහු නගරයෙන් පිට ව ගියේය. ඔහු ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව. ඔවුන් මට නපුරුක් ළඟා කර නොදිය යුතුය" යැයි පැවසීය.

Kasas 28:22

මද්යන් දෙසට මුහුණ ලා ගමන් ගත් කල්හි හෙතෙම, "මාගේ පරමාධිපති ශ්රේෂ්ඨ මාර්ගයක් වෙත මට මග පෙන්වනු ඇතැයි මම අපේක්ෂා කරමි. එවිට මම එයින් නොමග නොයමි." යැයි පැවසීය.

Kasas 28:23

මද්යන් වාසීන්ට ජලය සපයන මද්යන්හි ජලාශ්රයක් වෙතට ඔහු ළඟා වූ කල්හි තම ගොවිපළ සතුන්ට ජලය සපයන මිනිසුන් පිරිසක් දුටුවේය. ඒ සමගම ජනයා ජලය සපයන තෙක් තම එළුවන්ට ජලය සැපයීමෙන් වැළකී සිටි කාන්තාවන් දෙදෙනකු ද ඔහු දුටුවේය. ඔවුන් දෙදෙනාගෙන් මූසා (අලයිහිස් සලාම්) තුමා මෙසේ විමසීය. "මිනිසුන් සමග එක් ව නුඹලා දෙදෙනා ජලය නොසපයන්නට තරම් නුඹලා දෙදෙනාගේ කාරණාව කුමක්දැ?"යි විමසීය. එම කාන්තාවන් දෙදෙනා ඔහුට "එසේ අපි පැමිණ, එඬේරුන් සමග මිශ්රවීමෙන් ප්රවේශම් වනු වස් ඔවුන් හැරී යන තෙක්ම අපි ජලය නොසැපයීම අපගේ සිරිතකි. අපගේ පියාණන් වයස්ගත මැහල්ලෙකි. ජලය සැපයීමට ඔහුට හැකියාවක් නැත. එහෙයින් අපගේ එළුවන්ට ජලය සැපයීමට අපි බල කරනු ලැබ ඇත්තෙමු." යැයි පැවසුවෝය.

Kasas 28:24

එවිට ඔහු ඔවුන් දෙදෙනාට අනුකම්පා කොට ඔවුන් දෙදෙනාගේ එළුවන්ට ජලය සැපයීය. පසු ව හෙවණකට ගොස් එහි විවේක ගත්තේය. තම අවශ්යතාව ඉදිරිපත් කරන මෙන් ඔහු තම පරමාධිපතිට ප්රාර්ථනා කළේය. "මාගේ පරමාධිපතියාණනි! මා වෙත නුඹ පහළ කළ දෑ හි කවර යහපතක් වුවද සැබවින්ම ඒ කෙරෙහි අවශ්යතාවෙන් පෙළෙන්නෙකි." යැයි පැවසීය.

Kasas 28:25

ඔවුන් (එම ස්ත්රීන්) දෙදෙනා නැවත හැරී ගිය කල්හි ඔවුන් දෙදෙනාගේ පියාට ඔහු ගැන තොරතුරු දන්වා සිටියෝය. ඔහු ව කැඳවා ගෙන එන්නට ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඔහු වෙත එවීය. එවිට ඇය ඔහු වෙත ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ, "සැබවින්ම මාගේ පියාණන් ඔබ අපට ජලය සැපයීම වෙනුවෙන් ඔබේ කුලිය ඔබට පිරිනැමීමේ අපේක්ෂාවෙන් ඔහු වෙත පැමිණෙන මෙන් ඔහු ඔබට ඇරයුම් කළේ යැ"යි පැවසුවාය. මූසා තුමා ඔවුන් දෙදෙනාගේ පියාණන් වෙත පැමිණි කල්හි තම තොරතුරු පිළිබඳව ඔහුට දැනුම් දුන්නේය. එවිට ඔහු ඉතා තැන්පත් ව ඔහුට, "අපරාධකාරී ෆිරිඅවුන් හෝ ඔවුන්ගේ ප්රධානීන් අතර වූ සාකච්ඡාව ගැන නුඹ බිය නොවනු. මද්යන් දේශයේ ආධිපත්යය දරන්නට ඔවුනට ආධිපත්යයක් නැත. නුඹ වෙත නපුරක් කිරීමට ඔවුනට නොපුළුවන." යැයි පැවසුවේය.

Kasas 28:26

ඔහුගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයකු "මාගේ පියාණනි! අපගේ එළුවන් බලා ගන්නට කුලීකරුවකු ලෙස ඔහු පත් කරන්න. ශක්තිය හා විශ්වාසය යන කරුණු ඔහු තුළ එකට බැඳී ඇති බැවින් ඔහු ව කුලීකරුවකු ලෙස ගැනීම වඩාත් වැදගත්වේ. එවිට ඔහුගේ ශක්තිය තුළින් ඔහුට පවරනු ලබන දෑ ඔහු ඉටු කරනු ඇත. ඔහුගේ විශ්වාසය තුළින් ඔහු වෙත කවර දෙයක් විශ්වාසී ලෙස පවරනු ලැබුවේ ද එය ඔහු ආරක්ෂා කරනු ඇත." යැයි පැවසුවාය.

Kasas 28:27

ඔවුන් දෙදෙනාගේ පියා මූසා (අලයිහිස් සලාම්) තුමාට කතා කරමින්, "මාගේ මේ දියණියන් දෙදෙනාගෙන් එකියකු නුඹට සරණපාවා දෙන්නට අපේක්ෂා කරමි. එය ඇයට දිය යුතු ‘මහර්’ විවාහ ත්යාගය ලෙස වසර අටක් අපගේ එළුවන් ඔබ රැක බලා ගැනීමේ පදනම යටතේය. නමුත් නුඹ වසර දහයක් ලෙස එය පූර්ණ කළේ නම්, එය ඔබෙන් සිදු වන ව්යතිරේකයකි. මම නුඹට ඒ ගැන බල නොකරමි. සැබවින්ම ගිවිසුම ඇත්තේ වසර අටකට පමණය. ඊට වැඩියෙන් ඇති දෑ අමතර ය. එහි නුඹ වෙත දුෂ්කරතාවක් බල කරන්නට මම ප්රිය නොකරමි. අල්ලාහ්ගේ අභිමතය පරිදි නුඹ ගිවිසුම් ඉටු කරන ප්රතිඥා කඩ නොකරන දැහැමියන් අතරින් කෙනෙකු බව මම නුඹ ව දකිමි" යැයි පැවසීය.

Kasas 28:28

මූසා අලයිහිස් සලාම්, "එය වනාහි මා අතර හා ඔබ අතර අප ගිවිස ගත් දෑ ය. නුඹට මා සේවය කළ යුතු කාලය කවර කාලයක් වුව ද එනම් වසර අටක් හෝ වසර දහයක් වුව ද මා වෙත පැවරූ දෑ මම සම්පූර්ණ කරන්නෙකු වෙමි. නමුත් ඊට අමතර කිසිවක් මගෙන් ඉල්ලා නොසිටිය යුතුය. කවර කරුණක් මත අපි ගිවිසුම් ඇති කර ගත්තෙමු ද අල්ලාහ් ඒ ගැන භාරකරුය. ඒ ගැන ආරක්ෂා කරන්නාය.’ යැයි පැවසීය.

Kasas 28:29

මූසා (අලයිහිස් සලාම්) තුමා එම කාල පරිච්ඡේදයන් දෙකින් වඩාත් පූර්ණවත් වසර දහය සම්පූර්ණ කළ කල්හි තම පවුල රැගෙන මද්යන් දේශයේ සිට මිසර දේශයට ගමන් ගත්තේය. ඔහු තූර් කන්ද අසලින් ගින්නක් දුටුවේය. තම පවුලට ඔහු මෙසේ පැවසීය. "නුඹලා රැඳී සිටිනු. සැබවින්ම මම ගින්නක් දුටිමි. එයින් යම් තොරතුරක් මම නුඹලා වෙත ගෙන එමි. එසේ නැතහොත් ගිනි මෙළවිය හැකි ගිනි පෙනෙල්ලක් මම නුඹලා වෙත ගෙන එමි. එවිට නුඹලා සීතලෙන් ආරක්ෂා විය හැකි වනන්නේය."

Kasas 28:30

තමන් දුටු ගින්න වෙත මූසා තුමා පැමිණි කල්හි උත්තරීතර සුවිශුද්ධයාණන් සමෘද්ධිමත් කළ මිටියාවතෙහි දකුණු දෙසින් පිහිටි ගසකින් මූසා තුමාට කතා කරන්නට විය. "අහෝ මූසා! සැබවින්ම මම සියලු මැවීම් හි පරමාධිපති වන අල්ලාහ් වෙමි." යැයි පැවසීය.

Kasas 28:31

"ඔබේ සැරයටිය විසි කරනු." එවිට මූසා තම පරමාධිපතිගේ නියෝගය පිළිපදිමින් එය විසි කළේය. එය සර්පයකු මෙන් වේගයෙන් දගලනු පෙරළෙනු ඔහු දුටු කල්හි එයට බියෙන් පසුපස හැරී දිව්වේය. ඒ ගැන ඇති බියෙන් ඔහු නැවත හැරී ආවේ නැත. එවිට ඔහුගේ පරමාධිපති ඔහුට අමතා, අහෝ මූසා! ඉදිරියට යනු ඒ ගැන බිය නොවනු. සැබවින්ම නුඹ එයින් ද, ඒ ගැන නුඹ බිය වන වෙනත් දැයින් ද නුඹ රැකවරණය ලැබූවන් අතරින් කෙනෙකි." යැයි පැවසීය.

Kasas 28:32

"ඔබේ කමිසයේ විවෘත ව ඇති ගෙලට පහළින් වූ ප්රදේශය තුළට ඔබේ දකුණත ඇතුළත් කරනු. සමේ රොගයක් මෙන් නොව සුදුවන් ලෙස එය පිටතට එනු ඇත" යැයි පැවසීය. එවිට මූසා එය ඇතුළු කොට එළියට ගත්තේය. පිනි කැට මෙන් සුදුවන් ලෙස එය එළියට ආවේය. "ඔබේ බිය තුරන් වීම සඳහා ඔබේ අත ඔබ වෙත ළං කර ගනු." යැයි පැවසීය. මූසා තමන් වෙත එය ළං කර ගත්තේය. එවිට ඔහුගෙන් බිය පහ ව ගියේය. "සඳහන් කරනු ලැබූ ‘සැරයටිය හා අත’ යන කරුණු දෙක නුඹේ පරමාධිපති වෙතින් ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අතර සිටින ප්රභූවරුන් වෙත එවන ලද සාධක දෙකකි. සැබවින්ම ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් අල්ලාහ්ට අවන වීමෙන් බැහැර වූ පිරිසක් වූවෝය."

Kasas 28:33

මූසා තුමා තම පරමාධිපති වෙත බැගෑපත් ව, "සැබවින්ම මම ඔවුන්ගෙන් වූ ජීවිතයක් ඝාතනය කර ඇත්තෙමි. නුඹ කවර දෙයක් මා වෙත එව්වේ ද එය මා ඔවුනට දන්වා සිටීම සඳහා මම ඔවුන් වෙත පැමිණියේ නම් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි." යැයි පැවසීය.

Kasas 28:34

"මාගේ සහෝදර හාරූන් මට වඩා පැහැදිලි ව කතා කරන්නෙකි. එහෙයින් මාගේ කතාවට අනුගත වෙමින් මට සහය දක්වන්නෙකු ලෙස ඔහු ව මා සමග එවනු මැනව! ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මා බොරු කළේ නම් මට පෙර දූතවරුන් එවනු ලැබූ සමූහයා සිරිතක් වශයෙන් ඔවුන් ඔවුන් ව බොරු කළ සිටියාක් මෙන් මොවුන් ද මා බොරු කාරයකු බවට පත් කරනු ඇත."

Kasas 28:35

මූසා තුමාගේ ප්රාර්ථනාවට ප්රතිචාර දක්වමින් අල්ලාහ්, "ඔබ සමග ඔබේ සහෝදරයා සහකාර දූතයකු ලෙස එවීමෙන් මම නුඹ ව ශක්තිමත් කරමි. නුඹලා දෙදෙනාට සාධකයක් හා තහවුරු කිරීමේ සාක්ෂියක් ඇති කරන්නෙමු. නුඹලා වෙත කවර සාධක අපි එව්වෙමු ද එම අපගේ ප්රාතිහාර්යයන් හේතුවෙන් නුඹලාට හා ජය ලබන දේව විශ්වාසීන් අතර සිටි නුඹ ව අනුගමනය කරන්නන්හට නුඹලා පිළිකුල් කරන නපුරක් ඇති කළ නොහැකිය."

Kasas 28:36

මූසා (අලයිහිස් සලාම්) තුමා අපගේ පැහැදිලි සාධක ඔවුන් වෙත ගෙන ආ කල්හි ඔවුහු, "මෙය මූසා විසින් ගෙතූ බොරුවක් මිස නැත. අපගේ මුල්කාලීන මුතුන් මිත්තන් අතර මෙය අප අසා නැත." යැයි පැවසූහ.

Kasas 28:37

මූසා ෆිර්අවුන්ට කතා කරමින්, "සුවිශුද්ධයාණන් අබියසින් යහ මග රැගෙන ආ සත්යවාදියා කවුරුන් දැයි මාගේ පරමාධිපති දනී. මතු ලොවෙහි ප්රශංසනීය අවසානයක් අත්වන්නේ කවරෙකුටදැ යි ද ඔහු දනී." යැයි පැවසීය. සැබවින්ම අපරාධකරුවන් පතන දැයින් ඔහු ඔවුනට ජය ලබා දෙන්නේ නැත. ඔවුන් බිය වන දැයින් ඔවුන් මිදෙන්නේ ද නැත.

Kasas 28:38

ෆිර්අවුන් තම ජනයා අතර සිටින ප්රභූවරුන් අමතමින්, "අහෝ ප්රධානියනි! මා හැර නැමඳුම් ලබන වෙනත් කිසිවෙකු නුඹලාට ඇතැයි මා නොදනිමි. අහෝ හාමාන්! ගඩොල් ශක්තිමත් වන තරමට ඒවා පුලුුස්සනු. මූසා නමදින දෙවියන් මා දැකිය හැකි පරිදි උස් ගොඩනැගිල්ලක් මා වෙත ඉදි කරනු. මම ඒ මත නැග සිට ගනිමි. සැබවින්ම මූසා තමන් අල්ලාහ් වෙතින් මා වෙත හා මාගේ ජනයා වෙත එවන ලැබූවෙකි යැයි ඔහු තර්ක කරන විෂයයෙහි ඔහු බොරුකාරයකු යැයි සැබවින්ම මම හඟමි." යැයි පැවසීය.

Kasas 28:39

ෆිර්අවුන් හා ඔහුගේ සේනාව දැඩි ලෙස කටයුතු කළහ. උඩඟු වූහ. කිසිදු යුක්තියකින් තොර ව මිසර දේශයේ අහංකාරකම් පෑහ. නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කළහ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිවිපාක සඳහා නැවත නැගිටුවනු නොලබන්නෝ. යැයි සිතුවෝය.

Kasas 28:40

ඒ අනුව අපි ඔහු ග්රහණය කළෙමු. ඔහුගේ සේනාව ද ග්රහණය කළෙමු. ඔවුන් විනාශ වන තෙක් සාගරයේ ගිලෙන්නට ඔවුන් හෙළුවෙමු. එහෙයින් අහෝ දූතය! අපරාධකරුවන්ට සිදු වූ දෑ කෙසේ වී දැ යි ද ඔවුන්ගේ අවසානය කෙසේ වී දැ යි ද සිතා බලනු. ඒ අනුව සැබවින්ම ඔවුන්ට අත් වූයේ, ඔවුන්ගේ අවසානය වූයේ විනාශයයි.

Kasas 28:41

ප්රතික්ෂේපය හා මුළාව විකාශ කරමින් නිරය වෙත ඇරයුම් කරන අපරාධකරුවන් හා මුළා කරන්නන්හට පූර්වාදර්ශයක් බවට සැබවින්ම අපි ඔවුන් පත් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් ඔවුන් මුදවාලීමට උදව් කරනු නොලබති. නමුත් ඔවුන් කළ පාපකම් හා ඔවුන් කවර දෙයක් වෙත ඇරයුම් කළේ ද ඒ සඳහා වූ දඬුවම ඔවුනට ගුණ කර දෙනු ලැබේ. එය ක්රියාවට නැංවූ අයගේ බර ද එම ක්රියාවෙහි ඔවුන් අනුගමනය කළ අයගේ ක්රියාවන්හි බර ද ඔවුන් මත පටවා සටහන් කරනු ලැබේ.

Kasas 28:42

ඔවුන්ගේ දඬුවමට අමතර ව මෙලොව ජීවිතයේ අවමානය හා හෙළා දැකීම ඔවුන් පසුපස එවන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අල්ලාහ්ගේ කරුණා දයාවෙන් නෙරපා හරින ලද නීචයින් අතර සිටිති.

Kasas 28:43

පෙර විසූ සමූහයන් වෙත අපි දූතවරුන් එවා ඔවුහු ඔවුන් බොරු කළ පසු ව, සැබවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ඔවුන් වෙනුවෙන් ඔවුන් විසින් ඔවුන් බොරු කර සිටීම හේතුවෙන් අපි ඔවුන් විනාශ කළෙමු. එහි ඒ දෙස බලන මිනිසුන්හට ප්රයෝජනවත් වන දෑ ඇති අතර ඒ අනුව ඔවුහු කටයුතු කරති. ඔවුනට හානිය ගෙන දුන් දෑ ද එහි ඇති අතර ඔවුහු එය අතහැර දමති. එමෙන්ම එහි යහපත වෙත එය මග පෙන්වීමක් ද ඇත. එය ආශිර්වාදයකි. ඊට හේතුව මෙලොව හා මතු ලොව යන දෙයාකාර යහපත එහි ඇති බැවිණි. එය ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කොට ඔහුට කෘතඥතාව පුද කොට ඔහු ව විශ්වාස කිරීමට හැකි වන පරිදිය.

Kasas 28:44

අහෝ දූතය! ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත මූසා තුමා ව එවීමෙන් කටයුතු තීන්දු කළ අවස්ථාවේ කන්දේ බටහිර අසල නුඹ නොසිටියෙහිය. මේ පිළිබඳ තොරුතුරු හදාරන තෙක් නුඹ සම්මුඛ වූවන් අතරින් නොවූයෙහිය. එහෙයින් එය ජනයාට කියා පෙන්වනු. කවර දෙයක් නුඹ ඔවුනට පවසන්නේ ද එය නුඹ වෙත එවන ලද අල්ලාහ්ගේ දිව්ය පණිවුඩය වන්නේය.

Kasas 28:45

නමුත් අපි මූසාගෙන් පසු ව සමූහයන් හා මැවීම් බිහි කළෙමු. අල්ලාහ්ගේ ගිවිසුම් ඔවුන් අමතක කරන තෙක් ඔවුන් වෙත වූ කාලය දුරස් විය. අපගේ වදන ඔවුනට පාරායනය කරමින් මද්යන් වාසීන් අතර නුඹ පදිංචි වී නොසිටියෙහිය. නමුත් අපි නුඹ ව එව්වේ අප වෙතින්ය. එහෙයින් අපි නුඹ වෙත මූසාගේ තොරතුරු හා එතුමා මද්යන්හි වාසය කළ තොරතුරු දන්වා සිටියෙමු. ඒ ගැන අල්ලාහ් නුඹ වෙත කවර කරුණක් දන්වා සිටියේද එම තොරතුරු නුඹ මිනිසුනට දන්වා සිටිනු.

Kasas 28:46

ඒ ගැන තොරතුරු නුඹ දැන ගන්නා තෙක්, අප මූසා අමතන විට තූන් කන්ද අසල නුඹ නොසිටියෙහිය. දන්වා සිටිය යුතු දෑ අපි ඔහුට දන්වා සිටියෙමු. නමුත් අපි නුඹ ව මිනිසුන්හට නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් ලෙස එවා ඇත්තෙමු. ඒ පිළිබඳ තොරතුරු ද නුඹ වෙත දන්වා ඇත්තෙමු. එය නුඹට පෙර සිටි දූතයකු ඔවුන් වෙත නොපැමිණි පිරිසකට නුඹ අවවාද කරනු පිණිසත් ඔවුනට අවවාද කරනු පිණිසත්ය. එවිට ඔවුහු පාඩම් ලබා සුවිශුද්ධ අල්ලාහ් අබියසින් කවර කරුණක් නුඹ ඔවුන් වෙත ගෙන ආවේ ද ඒ ගැනි විශ්වාස කරන්නට හැකිය.

Kasas 28:47

ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම්වල නිරත ව සිටි හේතුවෙන් දේව දඬුවමක් ඔවුනට අත් නොවන්නේ නම් ඔවුන් වෙත දූතයකු නොඑවූ බව පවසා තර්ක කරන්නන් ලෙස මෙසේ පවසති. "අප වෙත දූතයකු එවන්නට තිබුණා නොවේද? එවිට අපි නුඹේ සංඥාවන් පිළිපැද ඒ අනුව කටයුතු කරන්නට තිබුණි. එමෙන්ම තම පරමාධිපතිගේ නියෝග අනුව කටයුතු කළ දේව විශ්වාසීන් අතරට අප ද පත්වන්නට තිබුණි" යැයි පවසති. එය එසේ නොවී නම් ඔවුනට අපි දඬුවම ඉක්මන් කරන්නෝ වෙමු. නමුත් ඔවුන් වෙත දූතයකු එවීමෙන් අපි ඔවුනට අවවාද කරන තෙක් ඔවුන්ගෙන් දඬුවම අපි ප්රමාද කළෙමු.

Kasas 28:48

මුහම්මද් කුරෙයිෂීන් වෙත තම පරමාධිපතිගෙන් වූ දූත පණිවිඩය ගෙන ආ කල්හි, ඒ ගැන යුදෙව්වෝ මෙසේ විමසා සිටියෝය. "සැබවින්ම මූසා තුමා තම පරමාධිපතිගෙන් වූ දූතයකු බව පෙන්වා දෙන සැරයටිය, අත වැනි සළකුණු එතුමාට පිරිනමනු ලැබුවාක් මෙන් මුහම්මද්ට පිරිනමනු ලැබිය යුතු නොවේ ද?" යැයි ඔවුනට තර්ක ඔවුහු ඉදිරිපත් කළෝය. අහෝ දූතය! ඔවුනට පිළිතුරු වශයෙන් නුඹ මෙසේ පවසනු. "මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ යුදෙව්වන් විසින් ප්රතික්ෂේප නොකළෝ ද?" ඔවුහු තව්රාතයේ ද කුර්ආනයේ ද "සැබවින්ම ඒ දෙක හූනියම් දෙකකි. ඒ එකිනෙකෙ අනෙකට උර දෙයි." යැයි පවසා සිටියෝය. තවද ඔවුහු: ‘සැබැවින්ම අපි තව්රාතය අල් කුර්ආනය යන සෑම එකක්ම ප්රතික්ෂේප කරන්නෝ වෙමු.

Kasas 28:49

අහෝ දූතය! මොවුනට නුඹ මෙසේ පවසනු. "තව්රාතයට හා කුර්ආනයට වඩා වඩාත් යහ මගින් යුත් අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තකයක් ගෙන එනු. නුඹලා එය ගෙන එන්නෙහු නම්, සැබවින්ම තව්රාතය හා කුර්ආනය හූනියම් දෙකක් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීහු නම් මම එය පිළිපදින්නෙමි." යැයි නුඹ පවසනු.

Kasas 28:50

තව්රාතයට හා කුර්ආනයට වඩා යහ මගින් යුත් ග්රන්ථයක් ගෙන ඒම සම්බන්ධයෙන් කුරෙයිෂ්වරුන් වෙත ඉදිරිපත් කළ අභියෝගයට ඔවුන් පිළිතුරු නොදුන්නේ නම් සැබවින්ම ඔවුන් ඒ දෙක ගැන කිසිදු සාධකයක් නොමැති ව බොරු පවසා ඇතැයි තහවුරු වන්නේය. සැබවින්ම එය ආශාවන් පිළිපැදීමෙන් වූවකි. සුවිශුද්ධ අල්ලාහ්ගේ යහ මග හැර තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය වෙනත් කිසිවකු නැත. අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් තමන්ටම අපරාධ කර ගත් අයට සැබවින්ම අල්ලාහ් යහ මග හා ඍජු මග ආශිර්වාද කරන්නේ නැත.

Kasas 28:51

පෙර විසූ සමූහයන් පිළිබඳ විස්තර හා ඔවුන් අපගේ දූතවරුන් බොරු කළ බැවින් ඔවුනට අත් වූ දඬුවම් ගැන ඉස්රාඊල් දරුවන් අතර සිටි යුදෙව්වන් හා දේව ආදේශකයින්හට කියා පාමින් සැබවින්ම අපි ඉදිරිපත් කළෙමු. එය ඔවුනට අත් වූ විපාකය මෙන් මොවුනට අත් නොවී මොවුන් ඒ ගැන පාඩම් ලබා, එය විශ්වාස කිරීමේ අපේක්ෂාවෙනි.

Kasas 28:52

අල් කුර්ආනය පහළ වීමට පෙර තව්රාතය පිළිබඳ වූ විශ්වාසය මත රැඳි සිටියවුන් වනාහි, ඔවුන්ගේ එම පුස්තකයේ අල් කුර්ආනය පිළිබඳ තොරතුරු හා විස්තර ඔවුන් දැක ගන්නා බැවින් ඔවුන් අල් කුර්ආනය විශ්වාස කරන්නෝ වෙති.

Kasas 28:53

ඔවුන් වෙත (මෙම ග්රන්ථය) කියවා පෙන්වනු ලබන විට ඔවුහු "අපි ඒ ගැන විශ්වාස කළෙමු. සැබවින්ම එය සත්යයකි. එහි කිසිදු සැකයක් නැත. අපගේ පරමාධිපතිගෙන් පහළ වූවකි. සැබවින්ම මෙම අල් කුර්ආනයට පෙර සිටම ඊට පෙර දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද එය අප විශ්වාස කර සිටීම හේතුවෙන් අපි මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) ලෙස සිටියෙමු.

Kasas 28:54

සඳහන් කරනු ලැබූ පරිදි වර්ණනා කරනු ලැබූවන් වනාහි, ඔවුන්ගේ පුස්තකය විශ්වාස කිරීමෙහි ඔවුන් ඉවසීමෙන් රැඳී සිටි බැවින් ද, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාණන් ව එවනු ලැබූ අවස්ථාවෙහි එතුමා ව ඔවුන් විශ්වාස කර සිටි බැවින් ද ඔවුන්ගේ ක්රියාවන්හි ප්රතිඵල දෙමුරයක් අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. ඔවුන්ගේ ක්රියාවන්හි දැහැමිකම් හේතුවෙන් ඔවුන් පාපය ඉපැයීමෙන් වැළකී සිටිති. අපි ඔවුනට පෝෂණය කළ දැයින් යහපත් කටයුතුවල ඔවුහු වියදම් කරති.

Kasas 28:55

ආගම් ලත් ජනයා අතරින් වූ මෙම විශ්වාසීන් අසත්ය ප්රකාශයකට සවන් දුන් විට, ඒ දෙස හැරී නොබලාම එය පිටුදකිති. ඔවුහු එයට අදාළ පිරිසට කතා කරමින් "අපට අපගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල ඇත. නුඹලාට නුඹලාගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල ඇත. දොස් නැගීමෙන් හා හිංසා කිරීමෙන් නුඹලා අපෙන් ආරක්ෂාව ලැබුවෙහුය. දහමට හා මෙලොවට හිංසා පීඩා ඇති බැවින් අඥාන ජනයා සමග මිත්රකම්පෑමට අපට අවශ්ය වන්නේ නැත." යැයි පැවසූහ.

Kasas 28:56

අහෝ දූතය! සැබවින් නුඹ ප්රිය කරන අබූතාලිබ් හා වෙනත් අය මෙන් කිසිවෙකුට දේව විශ්වාසය වෙත ආශිර්වාද කරමින්, යහ මග පෙන්වීමට නුඹට නොහැක. නමුත් තමන් යහ මග අභිමත කරන්නන්හට ආශිර්වාද කරනුයේ අල්ලාහ් වන ඔහු පමණය. සැබවින්ම යමෙකු ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ලැබූවන් අතරින් යැයි ඔහුගේ පූර්ව දැනුමෙහි ඇත්තන් පිළිබඳ ඔහු මැනවින් දන්නාය.

Kasas 28:57

ඉස්ලාමය පිළිපැදීම හා එය විශ්වාස කිරීම සඳහා නිදහසට කරුණු දක්වමින් මක්කාවාසීන් අතර සිටින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියහ. "නුඹ කවර කරුණක් ගෙන ආවෙහි ද එම ඉස්ලාමය අපි අනුගමනය කළේ නම් අපගේ සතුරන් අප ව මෙම භූමියෙන් ඉතා ඉක්මණින් ඉවත් කරනු ඇත."අපරාධ කිරීමට හෝ ජීවිත විනාශ කිරීමට හෝ තහනම් කරන ලද මෙම හරම් සීමාවෙහි, මෙම දේව ආදේශකයින්ට අපි ඉඩ සලසා නොදුන්නෙමු ද? ඔවුන් කෙරෙහි වෙනත් අය වැටලීමෙන් එහි ඔවුන් සුරක්ෂිත ව ගත කළෝය. අප වෙතින් ඔවුනට සපයන පෝෂණ සම්පත් වශයෙන් සෑම පලතුරක්ම ඒ වෙත ගෙන දෙන ලදී. නමුත් ඔවුන් කෙරෙහි අල්ලාහ් ආශිර්වාද කර ඇති දෑ පිළිබඳ ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. එමෙන්ම ඒ සඳහා ඔවුහු ඔහුට කෘතඥ නොවෙති.

Kasas 28:58

අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට, පාපකම්හි හා අපරාධ වල ඉක්මවා ගිය ගම්මාන කොපමණ අධික සංඛ්යාවක් වීද? එවිට අපි ඒ වෙත දඬුවමක් එවා එමගින් ඒවා විනාශ කළෙමු. ඔවුන්ගේ පාළු වී ගිය එම වාසස්ථාන මත මිනිසුන් ගමන් කරති. එම වැසියන්ට පසු ව එහි වාසය කළේ එය තරණය කළ ස්වල්ප දෙනෙකු පමණි. අහස්හි හා මහ පොළොවෙහි ද ඒ දෙක අතර සිටින ජීවීන්ගේ ද උරුමක්කරුවන් වන්නේ අපි වෙමු.

Kasas 28:59

අහෝ දූතය! මව් නගරය වන මක්කාවට නුඹ ව දූතයකු ලෙස එවනු ලැබූවාක් මෙන්, ගම්මාන වැසියන් අතරින් එහි ප්රධාන නගරය වෙත ඔවුන් නිදහසට කරුණු දැක්විය හැකි පිරිදි දූතයකු එවන තුරු එම ගම්මානය විනාශ කිරීමට නුඹේ පරමාධිපතිට යුතු නොවීය. ගම්මාන වැසියන් සත්යය මත ස්ථාවර ව සිටියදී අපි ඔවුන් විනාශ කරන්නට නොවීමු. සැබවින්ම අපි ඔවුන් විනාශ කරනුයේ ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් අපරාධකරුවන් ලෙස සිටියේ නම් පමණි.

Kasas 28:60

නුඹලාගේ පරමාධිපති නුඹලාට කවර දෙයක් පිරිනැමුවේ ද එයින් නුඹලා භුක්ති විඳින්නෙහුය. ජීවිතයේ අලංකාරවත් කර ගන්නෙහුය. පසු ව ඒවා විනාශ වී යනු ඇත. මතු ලොවෙහි අල්ලාහ් අබියස ඇති මහඟු තිළිණ ඉතා උතුම්ය. මෙලොව පවතින භුක්ති විඳීමට හා අලංකාරයට වඩා ස්ථීර පැවැත්මක් එයට ඇත. ඒ ගැන නුඹලා වටහා නොගන්නෙහු ද? එහෙයින් නුඹලා විනාශ වී යන දෑ වෙනුවට වඩා පැවැත්මක් ඇති දෑ තෝරා ගනු.

Kasas 28:61

මතු ලොවෙහි ස්වර්ගය හා එහි ඇති සදාතනික සැප පහසුකම් පිළිබඳ අපි ප්රතිඥා දී පසුව කිසිදු සැකයකින් තොරව ඒ වෙතට නැඹුරු වූ කෙනෙක්, මෙලොව ජීවිතයේ සම්පත් හා අලංකාරය භුක්ති විඳීමට අවශ්ය දෑ ඔහුට පිරිනමනු ලැබ පසු ව මළවුන් කෙරන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්න වෙත සම්මුඛවන්නන් අතරට පත් වන අයකු මෙන් වේද?

Kasas 28:62

ඔවුන්ගේ පරමාධිපති අමතන දිනයේ ඔවුනට කතා කරමින්, "මා හැර දමා නුඹලා නමදිමින් සිටි මා හට හවුල් කළවුන් කොහේ ද? මාගේ හවුල්කරුවන් ලෙස නුඹලා විශ්වාස කරමින් සිටියවුන් කොහේදැ?"යි විමසා සිටියි.

Kasas 28:63

දේව ප්රතික්ෂේපය වෙත ඇරයුම් කරන්නන් අතරින් දඬුවම නියම වූ අය, "අපගේ පරමාධිපතියාණනි! අප නොමග යැවූ අය මොවූහුය. අප නොමග ගියාක් මෙන්ම අප ඔවුන්ව ද නොමඟ හැරියෙමු. ඔවුන්ගෙන් අපි නිදොස් වී ඔබ වෙතට හැරෙන්නෙමු. ඔවුන් අප නමදින්නන් ලෙස සිටියේ නැත. සැබවින්ම ඔවුන් නමදිමින් සිටියේ ෂෙයිතානුන්වය." යැයි පවසති.

Kasas 28:64

"නුඹලා කවර අවමානයක සිටින්නේ ද, එයින් නුඹලා ආරක්ෂා වනු පිණිස නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවනු." යැයි පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් කැඳවුවද, ඔවුන්ගේ කැඳවුමට ඔවුහු පිළිතුරු නොදෙති. ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූ දඬුවම ඔවුන් දෑසින් දැක්කෝය. සැබවින්ම තමන් මෙලොව සත්යය වෙත මග ලැබූවන් ලෙස සිටියේ නම්! යැයි ආශා කරති.

Kasas 28:65

ඔවුන්ගේ පරමාධිපති, "නුඹලා වෙත එවූ මාගේ දූතවරුන්ට නුඹලා කවර පිළිතුරක් දුන්නෙහුද?" යැයි පවසමින් ඔවුන් අමතන දිනයේ.

Kasas 28:66

කවර කරුණක් ඔවුන් සාධක කර ගත්තේ ද එය ඔවුන්ගෙන් සැඟ වී ඇත. කිසිවක් ඔවුහු මෙනෙහි නොකරති. දඬුවම සමග ඔවුන් ඔහු වෙත යන බව තරයේ විශ්වාස කළ බැවින් ඇති වන ගැටලුවෙහි බිහිසුණුකම හේතුවෙන් ඔවුන්ගෙන් කිසිවෙක් කිසිවකුගෙන් කිසිවක් විමසා සිටින්නේ නැත.

Kasas 28:67

මෙම දේව ආදේශකයින් අතරින් කවරෙකු තම ප්රතික්ෂේපය හේතුවෙන් පාප ක්ෂමාවේ නිරත ව, අල්ලාහ් ව හා ඔහුගේ දූතවරුන් විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔවුන් වනාහි ඔවුන් පතන දැයින් ජයග්රාහණය ලබන්නන් ලෙසත් ඔවුන් බිය වන දැයින් ආරක්ෂා වන්නන් ලෙසත් වන්නට පුළුවන.

Kasas 28:68

අහෝ දූතය! නුඹේ පරමාධිපති මැවීමට අභිමත කරන දෑ මවන්නේය. ඔහුට අවනත වන්නටත් ඔහුගේ දූත මෙහෙවර දරන්නටත් ඔහු අභිමත කරන අය තෝරා ගන්නේය. දේව ආදේශකයින් අල්ලාහ්ට විරුද්ධ වුව ද ඔවුනට කිසිදු තේරීමක අයිතියක් නොමැත. ඔවුන් ඔහු සමග හවුලේ තබමින් නැමදුම් කරමින් සිටි දැයින් අල්ලාහ් සුවිශුද්ධය, පිවිතුරුය.

Kasas 28:69

සැබවින්ම නුඹේ පරමාධිපති ඔවුන්ගේ හදවත් තුළ සැඟ වී ඇති දෑ ද, ඔවුන් හෙළි කරන දෑ ද මැනවින් දන්නාය. එයින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත.

Kasas 28:70

සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔහුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නැත. මෙලොවෙහි සියලු පැසසුම් ඔහුට පමණක් සතුය. මතු ලොවෙහි ද සියලු පැසසුම් ඔහුට පමණක් සතුය. නැවත හැරවීමක් නැති ඵලදායී තීන්දුව ද ඔහු සතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය.

Kasas 28:71

අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට පවසනු. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් කිසිදු විසන්ධියකින් තොර ව නුඹලාට රාත්රිය අඛණ්ඩ ව පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් දහවලෙහි ආලෝකය මෙන් ආලෝකයක් නුඹලා වෙත ගෙන එන්නේ අල්ලාහ් හැර නැමදුම් ලබන වෙනත් කවර දෙවියකු ද? මෙම සාධක වලට නුඹලා සවන් නොදෙන්නෙහු ද? නුඹලා වෙත එය ගෙන එන්නේ නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොවන බව නුඹලා නොදන්නෙහු ද?"

Kasas 28:72

අහෝ දූතය! නුඹ තවදුරටත් ඔවුන්ගෙන් මෙසේ විමසනු. ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් දහවල අඛණ්ඩ ව පවතින්නක් බවට අල්ලාහ් නුඹලාට පත් කළේ නම් දහවල් කාලයේ දුෂ්කර කාර්යයන්හි නිරත වී විවේකය ලබා සැනසුම ලබන්නට රාත්රිය නුඹලා වෙත ගෙන එන්නේ අල්ලාහ් හැර නැමදුම් ලබන වෙනත් කවර දෙවියකු ද? මෙම සංඥාවන් දෙස නුඹලා අධීක්ෂණයෙන් නොබලන්නෙහු ද? නුඹලා වෙත ඒ සියල්ල ගෙන එන්නේ නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොවන බව නුඹලා නොදන්නෙහු ද?

Kasas 28:73

අහෝ ජනයිනි! දහවල් කාලයේ වැඩ කටයුතු වල නිරත වීමෙන් පසු ව නුඹලා සැනසුම ලබනු පිණිස නුඹලාට රාත්රිය අන්ධකාරය ලෙසත් නුඹලා පෝෂණ සම්පත් සොයා යනු පිණිස දහවල ආලෝකය ලෙසත් පත් කර තිබීම සුවිශුද්ධයාණන්ගේ ආශිර්වාදයකි. එය අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාද වලට කෘතඥ විය හැකි වනු පිණිස හා ඒවාට නුඹලා ගුණමකු නොවනු පිණිසය.

Kasas 28:74

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට කතා කරමින් අමතන දිනයේ, "මා හැර දමා නුඹලා නමදිමින් සිටි මා වෙත හවුල් කළවුන් කොහේ ද? මාගේ හවුල්කරුවන් ලෙස නුඹලා විශ්වාස කරමින් සිටියවුන් කොහේදැ?" යි විමසා සිටියි.

Kasas 28:75

කවර දේව ප්රතික්ෂේපයක හා බොරු කිරීමක සිටියේද ඒ ගැන සාක්ෂි දැරීම සඳහා සෑම සමූහයකින්ම එහි නබිවරයා සම්මුඛ කරවා, එම සමූහයා අතර සිටි බොරුකාරයින්ට අපි මෙසේ පවසන්නෙමු. "නුඹලා කවර ප්රතික්ෂේපයක හා බොරු කිරීමක සිටියෙහු ද ඒ සඳහා නුඹලාගේ සාක්ෂි හා තර්ක ගෙන එනු." නමුත් ඔවුන්ගේ තර්ක විසන්ධි වී යනු ඇත. කිසිදු සැකයක් නැති සත්යය අල්ලාහ් සතු බව ඔවුන් තරයේ විශ්වාස කරති. ඔවුන් අල්ලාහ්ට හවුල් තබමින්, බොරු ගොතමින් සිටියවුන් ඔවුන්ගෙන් සැඟ වී යනු ඇත.

Kasas 28:76

සැබවින්ම කාරූන් මූසාගේ සමූහයා අතරින් විය. ඔහු ඔවුන් මත අහංකාරයෙන් කටයුතු කළේය. අපි ඔහුට ධන නිධන් පිරිනැමුවෙමු. සැබවින්ම ඔහුගේ භාණ්ඩාගාරයේ යතුරු බලවත් පිරිසක් විසින් ඔසවන තරමට බරින් විය. එවිට ඔහුගේ සමූහයා ඔහුට මෙසේ පැවසීය. "නුඹ අහංකාර ලෙස සතුටු නොවනු. අහංකාරයෙන් සතුටුවන්නන් අල්ලාහ් ප්රිය කරන්නේ නැත." එනමුත් ඔහු ඔවුන් කෙරෙහි කෝප වන අතර ම ඒ සඳහා ඔහු ඔවුනට දඬුවම් පමුණුවනු ඇත.

Kasas 28:77

අල්ලාහ් නුඹට පිරිනැමූ ධනය යහපත් අයුරින් වියදම් කොට, මතු ලොව නිවහනෙහි කුසල් අපේක්ෂා කරනු. ආහාර පාන ඇඳුම් පැලදුම් හා වෙනත් ආශිර්වාදයන් කිසිදු නාස්තියකින් හෝ අංහකාරයෙන් තොර ව ලබන්නට අමතක නොකළ යුතුය. එමෙන්ම සුවිශුද්ධයාණන් නුඹ සමග යහපත් අයුරින් කටයුතු කළාක් මෙන්ම ඔබේ පරමාධිපති හා ඔහුගේ ගැත්තන් සමග යහපත් අයුරින් ගනු දෙනු කළ යුතුය. පාපකම් සිදු කරමින් හා අවනතවීම් අතහැර දමමින් මහ පොළොවේ කලහකම් කරන්නට නුඹ නොපතනු. සැබවින්ම එලෙස මහ පොළොවේ කලහකම් කරන්නන්හට අල්ලාහ් ප්රිය නොකරන අතර ඔහු ඔවුන් කෙරෙහි කෝප වනු ඇත.

Kasas 28:78

"මෙම සම්පත් මාහට දෙනු ලැබ ඇත්තේ මා සතු ව ඇති දැනුම හා ශක්තිය හේතුවෙනි. ඒ සඳහා මම සුදුසු අයකු වෙමි." යැයි කාරූන් පැවසීය. සැබවින්ම ඔහුට පෙර සිටි සමූහයන් අතරින් වඩාත් බලවත් හා සම්පත් රැසක් තිබූ ජනයා අල්ලාහ් විනාශ කර තිබීම කාරූන් නොදන්නේ ද? ඔවුන්ගේ බලය හා ඔවුන්ගේ සම්පත් ඔවුනට ප්රයෝජනවත් නොවීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන් ඔවුන්ගේ පාපකම් ගැන අල්ලාහ් දන්නා නිසාවෙන් විමසනු ලබන්නේ නැත. සැබවින්ම ඔවුන්ගේ විනිශ්චය බිහිසුණු මෙන්ම විනාශකාරී විනිශ්චයක් වන්නේය.

Kasas 28:79

කාරූන් මතු පිටින් තමන් ආකර්ෂණය වන පරිදි අලංකාරයෙන් යුතු ව පිටත් ව ගියේය. කාරූන්ගේ සගයින් අතරින් මෙලොව ජීවිතයේ අලංකාරය ගැන ආශා කරන්නන්, "කාරූන්ට දෙනු ලැබුවාක් මෙන් මෙලොව අලංකාරය අප වෙතත් දෙනු ලැබුවේ නම් කෙතරම් අගනේද? සැබවින් ම කාරූන් භාග්යය සම්පන්න ඉමහත් පූර්ණ අයෙකි." යැයි පැවසුවෝය.

Kasas 28:80

දැනුම දෙනු ලැබූවන් කාරූන් ව ඔහුගේ ආකර්ෂණීය පෙනුමෙන් දැක ඔවුන්ගේ සගයින් ආශා කරන දෑ ට සවන් දුන් කල්හි, "නුඹලාට විනාශය අත්වේවා! අල්ලාහ්ගේ තිළිණ මතු ලොව ඇත. ඔහු ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට සූදානම් කර ඇති සැප පහසුකම් මෙලොව අලංකාරයෙන් කාරූන්ට දෙනු ලැබූ දෑ ට වඩා උතුම් ය."යැයි පැවසුහ. එම ප්රකාශයට හා එය අපේක්ෂා කරන ක්රියාවට ඉවසිලිවන්තයින් මිස වෙනත් කිසිවෙකු ආශීර්වාද කරනු නොලබන්නේය. ඔවුන් වනාහි මෙලොව ඉතා පහත් භුක්ති විඳීම් වලට වඩා අල්ලාහ් අබියස ඇති කුසල් තෝරා ගැනීමේ දී ඔවුහු ඉවසිලිමත් ව කටුයුතු කරති.

Kasas 28:81

එවිට අපි ඔහුගේ අපරාධය හේතුවෙන් ඔහුට ප්රතිචාර දැක්වීමක් වශයෙන් ඔහු මෙන්ම ඔහුගේ නිවස හා එහි සිටි වැසියන් මහ පොළොවට ගිල්වීමු. ඔහුට උදව් කිරීමට අල්ලාහ් හැර වෙනත් පිරිසක් නොවීය. එමෙන්ම ඔවුන් විසින්ම ඔවුනට උදව් කර ගන්නට ද නොවීය.

Kasas 28:82

කාරූන් පොළොවෙහි ගිලීමට පෙර අලංකාරයට හා ධනයට ආශා කළවුන් කනගාටුවෙන් යුතු ව මෙසේ පවසන්නන් බවට පත් වූහ. එනම්, "සැබවින්ම අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන්හට පෝෂණ සම්පත් ව්යාප්ත කරන බවත්, ඔවුන්ගෙන් ඔහු අභිමත කරන අයට එය සීමා කරන බවත් අප නොදැන සිටියා නොවේ ද? අප පැවසූ දෑ සඳහා අල්ලාහ් අපට දඬුවම් නොකර ඔහු අපට ආශිර්වාද නොකළා නම්, කාරූන් පොළවට ගිල්වනු ලැබුවාක් මෙන් අප ද ගිල්වනු ලබන්නට තිබුණි. සැබවින්ම දේව ප්රතික්ෂේපකයෝ ජය නොලබති. මෙලොවත් මතු ලොවෙත් ජය නොලබති. සැබවින්ම ඔවුන් යොමු වන ස්ථානය හා ඔවුන්ගේ ඉරණම ඒ දෙකෙහිම කනගාටුදායකය."

Kasas 28:83

සත්යය විශ්වාස කිරීමෙන්, එය පිළිපැදීමෙන් මහ පොළොවේ අහංකාරකම් පෑමට ප්රිය නොකළ, එහි කලහකම් සිදු කිරීමට අපේක්ෂා නොකළවුනට පිරිනමනු ලබන සංග්රහයකින් යුත් සැප පහසුකම් සහිත නිවහනක් බවට එම මතු ලොව නිවහන අපි පත් කරන්නෙමු. ප්රශංසනීය අවසානයකි. එය ස්වර්ගයේ ඇති සුව පහසුකම් හේතුවෙනි. අල්ලාහ්ගේ තෘප්තිය එහි ඇති වනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්හටය.

Kasas 28:84

සත්යය විශ්වාස කිරීමෙන් එය පිළිපැදීමෙන් මහ පොළොවේ අහංකාරකම් පෑමට ප්රිය නොකළ එහි කලහකම් සිදු කිරීමට අපේක්ෂා නොකළවුනට පිරිනමනු ලබන සංග්රහයකින් යුත් සැප පහසුකම් සහිත නිවහනක් බවට එම මතු ලොව නිවහන අපි පත් කරන්නෙමු. ප්රශංසනීය අවසානයකි. එය ස්වර්ගයේ ඇති සුව පහසුකම් හේතුවෙනි. අල්ලාහ්ගේ තෘප්තිය එහි ඇති වනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්හටය.

Kasas 28:85

සැබවින්ම අල්කුර්ආනය නුඹ වෙත පහළ කර, එය ප්රචාරය කරන මෙන් හා එහි ඇති දෑ අනුව ක්රියා කරන මෙන් නුඹට අනිවාර්යය කළ අල්ලාහ්, සැබැවින්ම ඔහු මක්කාවේ ජය නුඹ වෙත නැවත ළඟා කර දෙන්නාය. අහෝ දූතය! දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "කවරෙකු යහ මග සමග පැමිණ ඇත්තේ දැ යි ද යහ මගින් හා සත්යයෙන් දුරස් ව පැහැදිලි මුළාවෙහි සිටින්නේ දැ යි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය."

Kasas 28:86

අහෝ දූතය! නබිත්වයට පෙර තත්ත්වය සිතා බලන්න. අල්ලාහ්ගෙන් වූ දිව්ය පණිවිඩ නුඹ වෙත පහළ කරනු ලබන්නෙකු ලෙස නුඹ නොසිටියෙහිය. නමුත් ඔහුගෙන් වූ ආශිර්වාදයක් ලෙස නුඹ වෙත එය පහළ කිරීම තීන්දු කරනු ලැබීය. දේව ප්රතික්ෂේපකයින් කවර මුළාවක සිටින්නේ ද එයට උදව්කරුවකු ලෙස නුඹ නොවන්න.

Kasas 28:87

මෙම දේව ආදේශකයින් නුඹ වෙත අල් කුර්ආනය පහළ කිරීමෙන් පසු ව අල්ලාහ්ගේ වදන් වලින් නුඹ ව වෙනතකට යොමු කොට, එය කියවීමෙන් හා එය ප්රචාරය කිරීමෙන් නුඹ අතහැර නොදැමිය යුතුය. අල්ලාහ් ව විශ්වාස කිරීම, ඔහු ව ඒකීයත්වයට පත් කිරීම හා ඔහුගේ පිළිවෙත අනුව ක්රියා කිරීම සඳහා ඔවුනට නුඹ ඇරයුම් කරනු. අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් නමදිමින් සිටින දේව ආදේශකයින් අතර ට නුඹ පත් නොවනු. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොනමදිනු. ඔහු ඒකීයකරණයට පත් කරන්නන් සමග වනු.

Kasas 28:88

අල්ලාහ් සමග ඔහු හැර වෙනත් දෙවිවරුන් නොනමදිනු. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් දෙවියකු නැත. අල්ලාහ් හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නකි. නීතිය ඔහුට පමණක් සතුය. ඔහු අභිමත කරන දෑ තීන්දු කරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.

Ankebut 29:1

(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

Ankebut 29:2

සැබවින්ම ජනයා, "අල්ලාහ්ව අපි විශ්වාස කළෙමු" යැයි පැවසූ විට ඔවුන් පැවසූ දෑ හි සත්යයභාවය පැහැදිලි කර ගනු වස් ඔවුන් සැබෑ ලෙසින්ම ඔවුන් දේව විශ්වාසීන් දැයි පරීක්ෂා නොකර අත හැර දමනු ඇතැයි සිතන්නෝ ද? කරුණ ඔවුන් සිතන පරිදි නැත.

Ankebut 29:3

ඔවුනට පෙර සිටියවුන් ද සැබවින්ම අපි පරීක්ෂා කළෙමු. එවිට අල්ලාහ් ඔවුන් ගැන හොඳින් ම හඳුනා ගෙන සිටියේය. ඔවුන්ගේ විශ්වාසය තුළ සත්යවාදීන්ගේ සත්යභාවයත් එහි මුසාවාදීන්ගේ මුසාවාදයත් ඔහු නුඹලාට හෙළි කරනු ඇත.

Ankebut 29:4

දේව ප්රතික්ෂේපය හා වෙනත් අපරාධ හේතුවෙන් පාපකම් සිදු කරන්නන් අප පරදවා අපගේ දඬුවමින් ආරක්ෂා වනු ඇතැයි සිතති. ඒ ගැන ඔවුන් තීන්දු කළ ඔවුන්ගේ තීරණය නපුරු විය. ඔවුන් දේව ප්රතික්ෂේපය මත මිය යැදුණේ නම් අල්ලාහ් ව පරාජය කිරීමට ඔවුනට නොහැකි අතර ම ඔහුගේ දඬුවමින් ඔවුන් මිදෙන්නේ ද නැත.

Ankebut 29:5

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කවරෙකු අල්ලාහ්ගේ හමු ව අපේක්ෂා කළේද ඒ සඳහා අල්ලාහ් ඔහුට දුන් ආයු කාලය සමීප කාලයකින් පැමිණෙනු ඇත. ඔහු තම ගැත්තන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට අතපසු වන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Ankebut 29:6

කවරෙකු එය දරාගෙන තමන් ව අවනත කරවිමන් හා පාපකම් වලින් දුරස් වෙමින් කැප වන්නේ ද තවද" අල්ලාහ්ගේ මාර්ගයේ කැප වන්නේ ද සැබවින්ම ඔහු කැපවනුයේ තමන් වෙනුවෙනි. සැබවින්ම එහි ප්රයෝජනය ඒ වෙත නැවත පැමිණෙන්නකි. අල්ලාහ් සියලු මැවීම් වල අවශ්යතාවන්ගෙන් තොරය. ඔවුන්ගේ අවනත වීම ඔහුට කිසිවක් වැඩි කරන්නේ නැත. එමෙන්ම ඔවුන් පාපකම් සිදු කිරීම ඔහුට කිසිවක් අඩු කරන්නේ ද නැත.

Ankebut 29:7

ඔවුන් දෙවියන් විශ්වාස කොට අප ඔවුනට කළ පරීක්ෂාවන් මත ඉවසීමෙන් දරා, දැහැමි ක්රියා කළවුන් වනාහි ඔවුන් සිදු කළ දැහැමි ක්රියාවන් හේතුවෙන් ඔවුන්ගේ පාපකම් අපි මකා දමන්නෙමු. මෙලොව ඔවුන් සිදුකරමින් සිටි වඩාත් යහපත් දෑ සඳහා මතු ලොවෙහි අපි ඔවුනට කුසල් පිරිනමන්නෙමු.

Ankebut 29:8

තම දෙමව්පියන්ට ඇප උපස්ථාන කරන මෙන්ද ඔවුන් වෙත යහපත සලසන මෙන් ද අපි මිනිසාට උපදෙස් දුනිමු. අහෝ මිනිස! (සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමාගේ මව එතුමාට සිදු කළාක් මෙන්) ආදේශයක් බව නුඹ නොදන්නා යමක් මට ආදේශ තබන මෙන් නුඹේ දෙමාපියන් නුඹට බලකරන්නට උත්සාහ කළේ නම්, එවිට නුඹ එහි දී ඔවුන් දෙදෙනාට අවනත නොවනු. ඊට හේතුව මැවුම්කරුට පිටිපාමින් කිසිදු මැවීමකට අවනත වීමක් නොමැති බැවිණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී එනුයේ මා වෙතය. එවිට මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ ගැන තොරතුරු මම නුඹලාට දන්වමි. තවද ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි.

Ankebut 29:9

අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුන් දැහැමියන් අතරට ප්රවේශ කරන්නෙමු. ඔවුන් සමග අපි ඔවුන් රැස් කරන්නෙමු. ඔවුන්ගේ කුසල් ඔවුනට පිරිනමන්නෙමු.

Ankebut 29:10

"සැබැවින්ම අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු." යැයි පවසන්නන් මිනිසුන් අතර සිටිති. ඔවුන්ගේ විශ්වාසයට එරෙහි ව දේව ප්රතික්ෂේපකයෝ ඔවුනට වද හිංසා කළ විට ඔවුන්ගේ දඬුවම අල්ලාහ්ගේ දඬුවම මෙන් සලකා, දේව ප්රතික්ෂේපකයින්ට අනුගත වෙමින් දේව විශ්වාසයෙන් හැරෙති. නුඹේ පරමාධිපතිගෙන් යම් ජයක් නුඹට ලැබුණේ නම් ඔවුහු අහෝ "දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අපි නුඹලා සමග දේව විශ්වාසය මත සිටියෙමු" යැයි පවසති. මිනිසුන්ගේ හදවත් තුළ ඇති දෑ මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද? දේව ප්රතික්ෂේපය හෝ දේව විශ්වාසය හෝ කවර දෙයක් එහි තිබුණ ද එය අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. ඔවුන් ගැන අල්ලාහ් මැනවින් දන්නා ලෙස සිටියදී ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුන් කෙසේ නම් අල්ලාහ්ට දැනුම් දිය හැකිද?"

Ankebut 29:11

සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කළවුන් පිළිබඳ ඔහු මැනවින් දන්නේය. එමෙන්ම දේව විශ්වාසය මතු පිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළාන්තයේ සඟවා ගෙන සිටින කුහකයින් පිළිබඳ ව ද මැනවින් දන්නේය.

Ankebut 29:12

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, ඔහු ව විශ්වාස කළවුන් දෙස බලා, "අපගේ දහම හා අප කවර පිළිවෙතක් මත සිටින්නේ ද, එය නුඹලා පිළිපදිනු. අපි නුඹලාගෙන් තොර ව නුඹලාගේ පාපකම් නුඹලා වෙනුවෙන් උසුලා නුඹලාට ප්රතිඵල පිරිනමමු." යැයි පවසති. ඔවුන්ගේ පාපකම් කිසිවක් උසුලන්නන් ලෙස ඔවුහු නැත. සැබවින්ම ඔවුන්ගේ එම ප්රකාශයෙහි ඔවුන් මුසාවාදීහු වෙති.

Ankebut 29:13

ඔවුන්ගේ ව්යාජ දෑ වෙත ඇරයුම් කරන මෙම දේව ආදේශකයින් ඔවුන් යෝජනා කළ ඔවුන්ගේ පාපය උසුලනු ඇත. එමෙන්ම ඔවුන්ගේ ඇරයුම පිළිපැද්දවුන්ගේ පාපය ද උසුලනු ඇත. එහිදී එසේ පිළිපැද්දවුන්ගේ පාපයෙන් කිසිවක් අඩු කරන්නේද නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් ගොතමින් සිටි ව්යාජ දෑ පිළිබඳ ඔවුන්ගෙන් විමසනු ලැබේ.

Ankebut 29:14

සැබවින්ම අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත දූතයකු ලෙස එව්වෙමු. ඔවුන් අතර ඔහු වසර නවසිය පනහක් රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන් ඇරයුම් කළේය. නමුත් ඔවුහු ඔහු ව බොරු කළ අතර ම ඔවුන් ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව සිටියෝය. මහා ජලගැල්මක් ඔවුන් ග්රහණය කළේය. ඔවුන් අල්ලාහ් ප්රතික්ෂේප කළ බැවින්ද ඔහුගේ දූතවරුන් බොරු යැයි පවසා සිටි බැවින් ද අපරාධකරුවන් වූහ. එහෙයින් දියේ ගිලී ඔවුහු විනාශ වූහ.

Ankebut 29:15

එවිට නුහ් හා ඔහු සමග නැවේ සිටි දේව විශ්වාසීන් දියේ ගිලී විනාශ වී යාමෙන් අපි ඔවුන් මුදවා ගත්තෙමු. එය සලකා බලනු පිණිස එම නැව ජනයාට පාඩමක් වශයෙන් තැබුවෙමු.

Ankebut 29:16

අහෝ දූතය! ඉබ්රාහීම් තුමාගේ කතාව ද මෙනෙහි කරනු. ඔහු තම ජනයාට, "අල්ලාහ් ව පමණක් නුඹලා නමදිනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුගේ දඬුවමට නුඹලා බිය වනු. නුඹලාට කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද නුඹලා ඒ ගැන දන්නෙහු නම් එය නුඹලාට යහපත් වනු ඇත." යැයි පවසා සිටියේය.

Ankebut 29:17

"අහෝ දේවත්වයට ආදේශ කරන්නනි! නුඹලා නමදිනුයේ සෙත සැලසිය නොහැකි, එමෙන්ම හානිය ඇති කළ නොහැකි දෑ ට ය. සැබවින්ම ඒවා නැමදීමට සුදුසු යැයි නුඹලා විශ්වාස කරන අවස්ථාවේ නුඹලා ඒ ගැන බොරු ගොතා පවසන්නෙහුය. අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින අය වනාහි නුඹලාට පෝෂණය ලබා දීමට ඔවුන් සතුව පෝෂණ සම්පත් නොමැත. එහෙයින් නුඹලා පෝෂණ සම්පත් අල්ලාහ් වෙතින් පතනු. ඔහුය මහා පෝෂකයාණන්. නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු. තවද නුඹලාට පිරිනැමූ පෝෂණ සම්පත් සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය. නුඹලාගේ පිළිම වෙත නොවේ."

Ankebut 29:18

"මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද නුඹලා එය බොරු කර සිටියෙහු නම් නුඹලාට පෙර විසූ නූහ් තුමාගේ සමූහයා ද ආද් හා සමූද් ජනයා ද දූතවරුන් බොරු කළ බව දැනගනු. දූතයාණන් වෙත පැවරී ඇත්තේ පැහැදිලි ව දන්වා සිටීම පමණය. ඔහුගේ පරමාධිපති නුඹලාට කවර කරුණක් දන්වා සිටින මෙන් ඔහුට නියෝග කර ඇත්තේ ද සැබවින්ම ඔහු නුඹලාට එය දැන්වීය."

Ankebut 29:19

අල්ලාහ් මැවීම් ප්රථමයෙන්ම උත්පාදනය කර පසු ව එය විනාශ වී ගිය පසු යළි එය ගෙන එනුයේ කෙසේදැ?යි මෙම බොරු කරන්නන් නොදුටුවේ ද? සැබවින්ම එය අල්ලාහ් වෙත ඉතා පහසුය. ඔහු බලය ඇත්තාය. කිසිවකු ඔහු පරාජය කළ නොහැක.

Ankebut 29:20

නැවත නැගිටුවනු ලැබීම බොරු කරන්නන්හට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "නුඹලා මහ පොළොවේ සැරිසරා අල්ලාහ් මැවීම් ප්රථමයෙන් උත්පාදනය කර ඇත්තේ කෙසේ දැයි සිතා බලනු. පසු ව අල්ලාහ් මිනිසුන් මිය ගිය පසු යළි අවදිවීමටත්, විනිශ්චයට භාජනය කිරීමටත් දෙවන වතාවට ජීවය ලබා දෙයි. සැබවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහුව පරාජය කළ නොහැක. ඔවුන්ව ආරම්භයේ මැවීමට අල්ලාහ්ට අපොහොසත් නොවූ පරිදි ම මිනිසුන් යළි අවදි කිරීමට ඔහු අපොහොසත් නොවෙයි."

Ankebut 29:21

ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන්නන්හට සාධාරණනීය ලෙස දඬුවම් කරයි. එමෙන්ම ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන්නන්හට ඔහුගේ භාග්යයයෙන් ආශිර්වාද කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ මිනීවළවල්වලින් ජීවී ව අවදි කරවා විනිශ්චය සඳහා නුඹලා ඔහු වෙත යොමු කරනු ලබන්නෙහුය.

Ankebut 29:22

නුඹලා නුඹලාගේ පරමාධිපතිව පරාජය කරන්නන් නොවන්නෙහුය. අහසේ හෝ මහ පොළොවේ හෝ ඔහුගේ දඬුවමින් නුඹලා මිදෙන්නන් නොවෙන්නෙහුය. නුඹලාගේ කරුණු භාරගන්නට අල්ලාහ් හැර වෙනත් භාරකරුවකු නුඹලාට නැත. ඔහුගේ දඬුවමින් නුඹලා ඉවත් කරන්නට අල්ලාහ් හැර වෙනත් උදව්කරුවකු නුඹලාට නැත.

Ankebut 29:23

සුවිශුද්ධයාණන් අල්ලාහ්ගේ වදන් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ හමු ව ප්රතික්ෂේප කළවුන් වනාහි, මාගේ කරුණාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තෝ ඔවුහුමය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් කිසිවිටෙක ස්වර්ගයට පිවිසෙන්නේ නැත.

Ankebut 29:24

අල්ලාහ්ට පමණක් නමදින මෙන් ද, ඔහු හැර අනෙකුත් පිළිම වන්දනාවන් අතහැර දමන මෙන් ද ඉබ්රාහීම් තුමා තම ජනයාට නියෝග කළ පසු, ඔහුගේ ජනයාගේ පිළිතුරු වූයේ, "නුඹලා ඔහු ව මරා දමනු. නුඹලාගේ දෙවිවරුන්ට ජය අත්පත් කර දෙනු පිණිස ඔහු ව ගින්නට හෙළනු." යන්නයි. එවිට අල්ලාහ් ඔහුට ගින්නෙන් ආරක්ෂාව සැලසීය. ඔහු ව ගින්නට හෙළූ පසු ව ඉන් ආරාක්ෂාව ඔහු ලැබීමෙහි සැබවින්ම විශ්වාස කරන ජනයාට පාඩමක් ඇත. ඊට හේතුව සැබැවින්ම එම පාඩම තුළින් ප්රයෝජන ලබනුයේ ඔවුන් වන බැවිණි.

Ankebut 29:25

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම ජනයාට මෙසේ පවසා සිටියේය. "සැබවින්ම නුඹලා මෙලොව ජීවිතයේ එකිනෙකා හඳුනා ගන්නටත් සෙනෙහස පාන්නටත් දෙවිවරුන් වශයෙන් පිළිම තෝරාගත්තෙහුය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතර පවතින එම ආදරය විසන්ධි වී යනු ඇත. දඬුවම දෑසින් දකින අවස්ථාවේ නුඹලාගේ ඇතැමෙක් ඇතැමෙකුගෙන් ඉවත් ව යයි. නුඹලා එකිනෙකා දොස් පවරා ගනියි. නුඹලා යොමු වන නවාතැන නිරා ගින්නය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ව ආරක්ෂා කරන උදව්කරුවන් හෝ ඔහු හැර නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම හෝ ඒ හැර වෙනත් දෑ ද නුඹලාට නොමැත.

Ankebut 29:26

ලූත් (අලයිහිස් සලාම්) තුමා එතුමා ව විශ්වාස කළහ. ඉබ්රාහීම් තුමා මෙසේ පවසා සිටියේය. "සැබැවින්ම මම මාගේ පරමාධිපති වෙතට සමෘද්ධිමත් සිරියා දේශයට නික්ම යමි. සැබැවින්ම ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහු වෙත නික්ම යන්නන් ඔහු අවමානයට පත් කරන්නේ නැත. ඔහුගේ සැලැස්මෙහි හා න්යායයෙහි ඔහු මහා ප්රඥාවන්තය."

Ankebut 29:27

අපි ඉබ්රාහීම්ට ඉස්හාක් හා ඔහුගේ පුත් යඃකූබ් ව පිරිනැමුවෙමු. ඔහුගේ දරුවන් අතර අපි දූත ධූරය හා අල්ලාහ් වෙතින් පහළ කරන ලද ග්රන්ථ ද ඇති කළෙමු. මෙලොවෙහි ඔහු සත්යය මත ඉවසීමෙන් සිටි හේතුවෙන් ඔහුට පිරිනැමෙන කුසල් වශයෙන් ඔහුගේ දරුවන් දැහැමියන් ලෙසත් යහපත් ඇගැයීමට ලක් වන ලෙසත් අපි ඔහු ව පත් කළෙමු. සැබවින්ම මතු ලොවෙහි දැහැමියන් සඳහා වූ ප්රතිඵල පිරිනමනු ලැබේ. මතු ලොවෙහි ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති ගෞරවනීය ප්රතිඵල මෙලොවෙහි පිරිනමනු ලැබූ ප්රතිඵලය හේතුවෙන් කිසිදු අඩුවක් වන්නේ නැත.

Ankebut 29:28

අහෝ දූතය! ලූත් තුමා තම ජනයාට පැවසූ අවස්ථාව ද මෙනෙහි කරනු. එතුමා, "සැබවින්ම නුඹලා අශීලාචාර පාපයක් සිදු කරමින් පැමිණෙන්නෙහුය. නුඹලාට පෙර ලෝවැසියන් ගෙන් කිසිවකු එවන් දෙයක් සිදු කළේ නැත. සහජ දහමට පිටුපාමින් මෙම පාපය මුලින්ම සිදු කර ඇත්තේ නුඹලාය."

Ankebut 29:29

සැබවින්ම නුඹලා පිරිමින් වෙත නුඹලාගේ කාමාශාවන් ඉටු කර ගැනීම සඳහා ඔවුන්ගේ පශ්චාත් භාගය තුළට පැමිණෙන්නෙහු ය. මගීන්ගේ මාර්ග හරස් කොට ඔවුන්ට බාධා කරන්නෙහු ය.නුඹලා සිදු කරන අශීලාචාර පාපය නිසාවෙන් නුඹලාට බියෙන් ඔවුන් පසු කර යන්නේ නැත. එමෙන්ම නුඹලා අසභ්ය දර්ශන පෙන්වන නුඹලා පසු කර යන්නන්හට ප්රකාශයෙන් හා ක්රියාවෙන් වේදනා ගෙන දෙන පිළිකුල් සහගත ක්රියාවන් සිදු වන සභාවන්ට නුඹලා යන්නෙහු ද? එම පිළිකුල් සහගත ක්රියාවෙන් ඔහු ඔවුන් වැළැක්වීමෙන් පසු ව ඔහුගේ ජනයාගේ පිළිතුරු වූයේ, "නුඹ තර්ක කරන වාදයෙහි සත්යවාදියෙකු නම් නුඹ අපට කවර කරුණක් පිළිබඳ තර්ජනය කළෙහි ද එම අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු." යැයි පැවසීම මිස වෙනකක් නොවීය.

Ankebut 29:30

ලූත් තුමා තම ජනයාගේ මුරණ්ඩුකම හා ඔවුන් වෙත පහළ කරන දඬුවම ගැන හෑල්ලුවට ලක් කොට එය පහළ කරන මෙන් ඔවුන් ඉල්ලා සිටීමෙන් පසු ව තම පරමාධිපතිට ඇරයුම් කරමින් මෙසේ ප්රාර්ථනා කර සිටියේය. "මාගේ පරමාධිපතියාණනි! දේව ප්රතික්ෂේපය, අශීලාචාරය පාපය පතුරුවාලමින් මහ පොළොවේ කලහකාරීන් ලෙස හැසිරෙන ජනයාට එරෙහි ව මට නුඹ උදව් කරනු මැනව!"

Ankebut 29:31

ඉබ්රාහීම්ට ඉස්හාක් හා ඔහුගෙන් පසු ඔහුගේ පුත්රයා යඃකූබ් ගැන ශුභාරංචි දන්වමින් අප එවූ මලක්වරුන් පැමිණි කල්හි, ඔවුහු ඔහුට, "ලූත් තුමාගේ ජනයාගේ නගරය වන ‘සදූම්’ නම් නගරවාසීන් සැබැවින්ම අපි විනාශ කරන්නෝ වෙමු. සැබැවින්ම එහි ජනයා අශීලාචාර ක්රියාවන් සිදු කරමින් අපරාධකරුවන් බවට පත්ව සිටිති" යැයි පැවසුවෝය.

Ankebut 29:32

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා මලක්වරුන්හට, "නුඹලා නගර වාසීන් විනාශ කිරීමට අපේක්ෂා කරන නගරයෙහි ලූත් තුමා සිටියි. ඔහු අපරාධකරුවන් අතරින් නොවේ" යැයි පැවසීය. එයට මලක්වරු, "එහි සිටින්නන් පිළිබඳ අපි මැනවින් දනිමු. එම ගම් වැසියන්ට පහළ වන දඬුවමින් ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ සෙසු පවුලේ සාමාජිකයින් මුදවා ගන්නෙමු. ඇය විනාශ වී යන්නන් අතරට පත්වූවාය. ඔවුන් සමගම අපි ඇය විනාශ කරන්නෙමු’ යැයි පැවසූහ.

Ankebut 29:33

අපි එවූ මලක්වරුන් ලූත්ගේ සමූහයා විනාශ කිරීමට ලූත් වෙත පැමිණි කල්හි ඔහුගේ ජනයාගේ කිලිටි සිරිත ඔවුන් මත ද වනු ඇතැයි බියෙන් ඔවුන්ගේ පැමිණිම ගැන ඔහුට නපුරක් විය. එය ඔහු දුකට පත් කළේය. සැබැවින්ම එම මලක්වරුන් පිරිමින්ගේ හැඩරුවෙන් පැමිණියේය. කාන්තාවන්ගෙන් තොරව පහස විදීම සඳහා ඔවුහු පිරිමින් වෙත පැමිණියෝය. මලක්වරුන් ඔහුට, "නුඹ බිය නොවනු. මාගේ ජනයා නුඹ වෙත නපුරක් ගෙන දෙන්නේ නැත. ඔවුන් විනාශ කිරීම ගැන අපි නුඹට දැනුම් දී තිබීම ගැන නුඹ දුක් නොවනු. සැබැවින්ම අපි නුඹ ව හා නුඹේ පවුල විනාශයෙන් මුදවා ගන්නන් වෙමු. නමුත් නුඹේ බිරිය හැර ඇය විනාශ වන්නන් අතරින් වන්නීය. අපි ඔවුන් සමගම ඇයව ද විනාශ කරන්නෙමු."

Ankebut 29:34

අශීලාචාර ක්රියාවන්හි නිරත වූ මෙම ගම්වාසීන් මත සැබැවින්ම අපි අහසින් දඬුවමක් පහළ කරන්නෝ වෙමු. එය රත් වූ ගල් වර්ෂාවකි. එය එම අශීලාචාර පාප ක්රියාවන්හි ඔවුන් නිරතවී, අල්ලාහ්ට අවනත වීමෙන් ඔවුන් බැහැර වූ හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙනි. එනම් කාමාශාවන් සංසිදුවා ගන්නට කාන්තාවන් හැරදමා ඔවුන් පිරිමින් වෙත පැමිණීමය.

Ankebut 29:35

අප විනාශ කළ එම නගරයෙහි පැහැදිලි සංඥාවක් අපි අතහැර දැමුවේ, වටහා ගන්නා ජනයා වෙනුවෙනි. ඊට හේතුව එම සංඥාවන් තුළින් පාඩම් ලබනුයේ ඔවුන් වන බැවිණි.

Ankebut 29:36

මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමාව එව්වෙමු. එවිට එතුමා, "අහෝ මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. නුඹලාගේ නැමදුම් තුළින් මතුලොව දිනයේ ප්රතිඵල පමණක් අපේක්ෂා කරනු. පාපකම් සිදු කරමින් ඒවා පතුරුවාලමින් මහපොළොවේ කලහකම් සිදු නොකරනු." යැයි පැවසූහ.

Ankebut 29:37

ඔහුගේ ජනයා ඔහුව බොරු කළෝය. ඔවුනට භූ කම්පනයක් ඇති විය. ඔවුන්ගේ නිවෙස් තුළ ඔවුන්ගේ මුහුණුවල් මත ඔවුන් ඇදී වැටෙන්නන් විය. ඔවුනට කිසිදු චලනයක් නොමැති වූ අතර ඔවුන්ගේ මුහුණු පසට ඇලී තිබිණ.

Ankebut 29:38

එලෙසම හූද්ගේ සමූහයා වන ආද් ජනයා හා සාලිහ්ගේ සමූහයා වන සමූද් ජනයා ද අපි විනාශ කළෙමු. අහෝ මක්කා වැසියනි! ඔවුන්ගේ විනාශය පිළිබඳ නුඹලාට පෙන්වා දෙන සාධක හළරමව්ත්හි පිහිටි අෂ් ෂිහිර් නම් ප්රදේශයන්හි සහ හිජ්ර් ප්රදේශයන්හි ඔවුන්ගේ වාසස්ථාන තුළින් නුඹලාට පැහැදිලි වනු ඇත. ඔවුන්ගේ නිවෙස් ගරා වැටී තිබීම එයට සාක්ෂියකි. දේව ප්රතික්ෂේපය හා අනෙකුත් පාපකම් මත නියැලී සිටි ඔවුන්ගේ ක්රියාවන් ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කළේය. ඍජු මාර්ගයෙන් ඔහු ඔවුන් හැරෙව්වේය. ඔවුන්ගේ දූතවරුන් ඔවුනට ඉගැන් වූ සත්යය, මුළාව, යහමග හා අවලංගු දෑ යනාදිය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තන් වූවෝය. නමුත් ඔවුහු ආශාවන් පසුපස හඹා යමින් ආශාවන් පිළිපැදීම තෝරා ගත්තෝය.

Ankebut 29:39

කාරූන්, මූසා (අලයිහිස් සලාම්) තුමාගේ සමූහයාට අපරාධ කළ කල්හි ඔහු හා ඔහුගේ නිවෙස පොළොවට ගිල්වා අපි ඔහු විනාශ කළෙමු. එමෙන්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් සාගරයේ ගිල්වා විනාශ කළෙමු. මූසා අලයිහිස් සලාම් තුමා තමන්ගේ සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක සමග පැමිණියහ. නමුත් මිසර දේශයේ ජනයා ඔහුව විශ්වාස කිරීමට උඩඟු වූවෝය. අපගේ දඬුවමින් මිදී ඔවුන් ආරක්ෂා වන්නන් නොවූවෝය.

Ankebut 29:40

පෙර සඳහන් කරනු ලැබූ සෑම සමූහයක්ම විනාශකාරී අපගේ දඬුවමින් අපි ඔවුන් ග්රහණය කළෙමු. ඔවුන් අතරින් එකිනෙක බැඳුණු රත්වූ ගල් වර්ෂාවක් එවා විනාශ කළ ලූත්ගේ ජනයා වෙති. තවද මහා හඬක් ඔවුන් හසුකරගත් ෂුඅයිබ්ගේ ජනයා හා සාලිහ්ගේ ජනයා ද වෙති. තවද ඔහු හා ඔහුගේ නිවස පොළොවට ගිලා බස්වා විනාශ කළ කාරූන්ද වෙති. තවද දියේ ගිල්වා විනාශ කළ ෆිර්අවුන් හා හාමාන් ද වෙති. කිසිදු වරදකින් තොරව ඔවුන් විනාශ කර දැමීමෙන් අල්ලාහ් ඔවුනට අපරාධ කරන්නෙකු නොවීය. වැරදි සිදු කොට තමන්ටම අපරාධ කරගත්තෝ ඔවුහුමය. එහෙයින් ඔවුනට දඬුවම උරුම විය.

Ankebut 29:41

අල්ලාහ් හැර තමන්ට සෙත සලසනු ඇතැයි ද තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් පිළිම වන්දනාව තෝරාගත් බහුදේව වාදීන්ට උදාහරණය සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා තනා ගත් මකුළුවාගේ නිවස මෙනි. නිවෙස් වලින් දුර්වලතම නිවස මකුළුවාගේ නිවසයි. එය සතුරන්ගෙන් ආරක්ෂාව සලසන්නේ නැත. ඔවුන්ගේ පිළිමද එසේය. ඒවා කිසිදු සෙතක් සළසන්නේ නැති අතර මැදිහත් වන්නේ ද නැත. දේව ආදේශකයින් එය දැන සිටියා නම් අල්ලාහ් හැර නැමදීම සඳහා ඔවුන් පිළිම නොගන්නට තිබිණි.

Ankebut 29:42

සැබැවින්ම උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් හැර ඔවුන් නමදින දෑ පිළිබඳ ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Ankebut 29:43

මිනිසුනට මෙම උදාහරණ අප මෙසේ ගෙන හැර පෑවේ ඔවුන් අවදි කරනු පිණිසය. එමෙන්ම සත්යය දැකීමෙන් පසු ඒ වෙත මග ලබනු පිණිසය. එය අල්ලාහ්ගේ පිළිවෙත හා ඔහුගේ ප්රඥාව පිළිබද දැනගත්තවුන් හැර ඔවුන් පතන පරිදි වෙනත් කිසිවකු එය ලබා නොගනු ඇත.

Ankebut 29:44

උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවීය. මහපොළොවද මැවීය. ඔහු ඒවා නිශ්ඵල ලෙස මවා නැත. නිකරුණේ මවා නැත. සැබැවින්ම එම මැවීම්හි දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ්ගේ ශක්තිය පැහැදිලි කරන සාධක ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් තුළින් ඔහු සුවිශුද්ධ මැවුම්කරු බවට සාධක කර ගන්නෝ ඔවුහුමය. තවද දේව ප්රතික්ෂේපකයින් වනාහි මැවුම්කරුගේ බලය හා ඔහුගේ ශක්තිය දෙස බලා අවදි නොවී ඔවුන් ක්ෂිතිජය තුළ හා ආත්මාවන් තුළ ඇති සංඥාවන් හරහා ගමන් කරති.

Ankebut 29:45

අහෝ දූතය! අල් කුර්ආනයෙන් කවර කරුණක් අල්ලාහ් නුඹ වෙත දන්වා සිටියේ ද, එය ජනයාට කියවා පෙන්වනු. සලාතය පූර්ණවත් අයුරින් ඉටු කරනු. සැබැවින්ම පූර්ණ අයුරින් ඉටු කරනු ලබන සලාතය පාපයන් හා පිළිකුල් සහගත දෑහි තමන් වැටීමෙන් එම පුද්ගලයාව වළක්වා ගන්නේය. එය හදවත් තුළ ආලෝකයක් ඇති කරන බැවින් පාපකම් යොජනා කිරීමෙන් වළක්වන්නේය. දැහැමි ක්රියාවන් වෙත මග පෙන්වන්නේය. අල්ලාහ්ව මෙනෙහි කිරීම සියලු දෑට වඩා අති මහත්ය. අති ශ්රේෂ්ඨය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් දනී. නුඹලාගේ ක්රියාවන් අතුරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම් යහපතක්ම වන්නේය. එය අයහපත් නම් අයහපතක්ම වන්නේය.

Ankebut 29:46

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා යුදෙව්වන් හා කිතුනුවන් සමග යහපත් ක්රමවේදයකින් හා පූර්වාදර්ශී මාර්ගයකින් මිස තර්ක නොකරනු. වාද නොකරනු. එය උපදෙස් හා පැහැදිලි සාධක ඉදිරිපත් කරමින් කරන ඇරයුමයි. නමුත් ඔවුන් අතරින් අහංකාරයෙන් හා මුරණ්ඩුකමින් අපරාධ කළවුන් සමඟ හැර. නුඹලාට එරෙහිව යුද වදින්නන්හට යුද්ධය ප්රකාශ කරනු. ඔවුන් යටත් වන තෙක් හෝ ඔවුන් යටහත්ව ජිය්සා බදු ගෙවන තෙක් හෝ ඔවුන් සමග සටන් කරනු. තවදුරටත් යුදෙව්වන් හා කිතුනුවන්ට නුඹලා මෙසේ පවසනු, "සැබැවින්ම අල් කුර්ආනයෙන් අප වෙත අල්ලාහ් පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. තවද නුඹලා වෙත පහළ කළ තව්රාතය හා ඉන්ජීලය ද විශ්වාස කළෙමු. අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. ඔහුගේ දේවත්වයේ ඔහුගේ පරිපාලනයේ හා ඔහුගේ පූර්ණත්වයේ ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. අපි ඔහුට පමණක් යටහත් පහත් වන්නෙමු."

Ankebut 29:47

ඔබට පෙර සිටි අය වෙත දිව්ය පුස්තක අපි පහළ කළාක් සේම ඔබ වෙත ද අල් කුර්ආනය අපි පහළ කළෙමු .-අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි - තව්රාතය කියවමින් සිටි ඇතැමුන් එය විශ්වාස කරන්නට විය. ඊට හේතුව ඔවුන්ගේ දිව්ය ග්රන්ථවල ඒ ගැන වර්ණනාවන් සිදු කර තිබෙනු ඔවුන් දැක තිබීමයි. මෙම බහුදේව වාදීන් අතරින් එය විශ්වාස කරන්නන් ද සිටිති. දේව ප්රතික්ෂේපය හා සත්යය පැහැදිලිව තිබියදීත් එය පිටුපෑම සිරිතක් කර ගත් දේව ප්රතික්ෂේපකයින් මිස වෙනත් කිසිවකු අපගේ සාධක හා සංඥා ප්රතික්ෂේප කරන්නේ නැත.

Ankebut 29:48

අහෝ දූතය! කුර්ආනයට පෙර කිසිදු ග්රන්ථයක් කියවන්නෙකු ලෙස නුඹ නොසිටියෙහිය. නුඹේ දකුණතින් නුඹ කිසිවක් ලියන්නෙකු නොවීය. සැබැවින්ම නුඹ මෙය ලිවීමට හෝ කියවීමට හෝ නොහැකි සාක්ෂරතාවක් නොමැත්තෙකු වන බැවිනි. නුඹට කියවීමට හා ලිවීමට හෝ හැකියාව තිබුණේ නම් නුඹේ නබිත්වය පිළිබඳ මිනිසුන් අඥාන ලෙස සැක කරන්නට තිබුණි. එමෙන්ම සැබැවින්ම නුඹට පෙර පහළ වූ ග්රන්ථවලින් නුඹ උපුටා ලියන්නට ඇතැයි ඔවුන් පවසා සිටින්නට තිබුණි.

Ankebut 29:49

නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය, දේව විශ්වාසීන් අතරින් දැනුම දෙනු ලැබූවන්ගේ හදවත් තුළ පැවති පැහැදිලි සංඥාවන් වේ. අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් ඔහුට ආදේශ තබමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හැර වෙනත් කිසිවකු අපගේ සංඥාවන් ප්රතික්ෂේප කරන්නේ නැත.

Ankebut 29:50

"මුහම්මද් වෙත ඔහුට පෙර සිටි දූතවරුන් හට පහළ කළාක් මෙන් සංඥාවන් පහළ කළ යුතු නොවේද?" යැයි දේව ආදේශකයෝ විමසා සිටියෝය. අහෝ දූතය! එසේ යෝජනා කරන ඔවුනට නුඹ මෙසේ පවසනු. “සැබැවින්ම සංඥාවන් ඇත්තේ අල්ලාහ් සතුවය. ඔහු අභිමත කරන වේලාවට එය පහළ කරයි. එය පහළ කිරීමේ බලය මා වෙත නැත. සැබැවින්ම මම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට පැහැදිලිව අවවාද කරන අවවාද කරන්නෙකු පමණි."

Ankebut 29:51

මෙම සංඥාවන් පිළිබඳ යෝජනා කරන මොවුනට, අහෝ දූතය! සැබැවින්ම මුහම්මද් ඔවුන් වෙත පාරායනය කරන අල් කුර්නය අප පහළ කර තිබීම ප්රමාණවත් නොවීද? සැබැවින්ම ඔවුන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ දෙවියන් විශ්වාස කරන ජනයාහට ආශිර්වාදයක් හා උපදෙසක් විය. එහි ඇති දැයින් ප්රයෝජනය ලබන්නෝ ඔවුහුමය. ඔවුන් යෝජනා කළ පරිදි පෙර සිටි දූතවරුන් හට පහළ කළ දෑහි දැක්මට වඩා ඔවුන් වෙත පහළ වී ඇති දෑ ඉතා උතුම්ය.

Ankebut 29:52

මා කවර කරුණක් ගෙන ආවේ ද, එහි මාගේ සත්යතාවයට හා ඒ ගැන නුඹලා කළ බොරුවට සාක්ෂි වශයෙන් නුඹලාට අල්ලාහ් ප්රමාණවත්ය. අහස්හි ඇති දෑ ඔහු දනී. මහපොළොවේ ඇති දෑ ද ඔහු දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු නිෂ්ඵල දෑ විශ්වාස කොට නැමදුමට සුදුසු එකීය අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුහුමය පරාජිතයෝ. එය දේව විශ්වාසය වෙනුවට ඔවුන් දේව ප්රතික්ෂේපය හුවමාරු කරගත් බැවිණි.

Ankebut 29:53

අහෝ දූතය! නුඹ දේව ආදේශකයින්හට අවවාද කළ දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු ඔබෙන් ඉල්ලති. ඉක්මන් ද නොවන හා ප්රමාද ද නොවන නියමිත කාලයක ඔවුන්ගේ දඬුවම අල්ලාහ් නියම නොකළේ නම්, ඔවුන් පතන දඬුවම ඔවුන් වෙත එන්නට තිබුණි. එමෙන්ම ඔවුන් නොසිතූ අවස්ථාවක, ක්ෂණිකව ඔවුන් වෙත පැමිණෙන්නට තිබුණි.

Ankebut 29:54

නුඹ ඔවුනට ප්රතිඥා දුන් දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු පතති. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්රතිඥා කළ නිරය ඔවුන් වටකර ගනු ඇත. එහි දඬුවමින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති.

Ankebut 29:55

ඔවුනට ඉහළින් දඬුවම ඔවුන් ආවරණය කරන ඔවුන්ගේ පාදවලට යටින් එය ඔවුනට ඇතිරිල්ලක් බවට පත්වන දිනයේ අල්ලාහ් ඔවුන් හෙළා දකිමින් ඔවුනට, "නුඹලා සිදුකරමින් ආ දේව ආදේශය හා පාපකම්වල ප්රතිවිපාකය නුඹලා භුක්ති විඳනු." යැයි පවසා සිටියි.

Ankebut 29:56

අහෝ මා විශ්වාස කළ මාගේ ගැත්තනි! මා නැමදීමට නුඹලාට පහසුකම් නොමැති භූමියෙන් නුඹලා නික්ම යනු. සැබැවින්ම මාගේ භූමිය ඉතා විශාලය. එහෙයින් නුඹලා මා පමණක් නමදිනු. කිසිවෙකු මට ආදේශ නොතබනු.

Ankebut 29:57

මරණ බිය ‘හිජ්රත්’ නික්ම යෑමෙන් නුඹලා නොවැළැක්විය යුතුය. සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳින්නකි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.

Ankebut 29:58

අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුට සමීප වන දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයනේ උසස් ස්ථානවල අපි පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුනට එහි කිසිදු විනාශයක් අත් වන්නේ නැත. මෙම ප්රතිඵලය අල්ලාහ්ට අවනත වෙමින් කටයුතු කළවුන් සඳහා වන යහපත් ප්රතිඵලයක් වන්නේය.

Ankebut 29:59

අල්ලාහ්ට අවනත වීමෙහි ද පාපයෙන් ඈත්වීමෙහි ද ඉවසීමෙන් ක්රියා කොට අල්ලාහ්ට අවනත වන ක්රියාවන්හි නියැළුණු අයගේ ප්රතිඵල යහපත් විය. තවද ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මත පමණක් රැඳී සිටිති.

Ankebut 29:60

සියලු සත්වයෝ වනාහි, -ඒවායෙහි අධිකත්වය නිසාවෙන්- ඒවායෙහි පෝෂණ සම්පත් රැස් කිරීමට හෝ ඒවායෙහි බර ඉසිලීමට හෝ නුඹ ශක්තිය දරන්නේ නැත. ඒවාට පෝෂණය සපයන්නේත්, නුඹලාට පෝෂණය සපයන්නේත් අල්ලාහ්ය. කුසගින්නට බියෙන නික්ම යෑම අතහැර දැමීම නිදහසට කරුණක් නොවේ. ඔහු නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලගේ චේතනාවන් හා නුඹලාගේ ක්රියාවන් පිළිබඳ සර්වඥානීය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.

Ankebut 29:61

අහෝ දූතය! අහස් මැව්වේ කවුරුන් දැයි ද මහපොළොව මැව්වේ කවුරුන් දැයි ද හිරු හා සඳු එකිනෙක ගමන් කරන පරිදි ඒ දෙක වසඟ කළේ කවුරුන් දැයි ද එම දේව ආදේශකයින්ගෙන් නුඹ විමසා සිටියෙහි නම්, සැබැවින්ම ඔවුහු, "අල්ලාහ් ඒවා මැව්වේය" යැයි පවසති. එසේ නම් අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීමෙන් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද? ඔහු හැර කිසිදු සෙතක් නොසලසන කිසිදු හිංසාවක් නොකරන දෙවිවරුන් ඔවුන් නමදිනුයේ කෙසේ ද?

Ankebut 29:62

අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් අධික ලෙස ලබා දෙයි. ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. එය ඔහු දන්නා ප්රඥාවක් නිසාවෙනි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තම ගැත්තන්හට සැලසුම් කර ඇති දැයින් යහපත් වන්නේ කුමක් දැයි යන්න වග ඔහුට සැඟවෙන්නේ නැත.

Ankebut 29:63

"අහෝ දූතය! අහසින් වැසි පහළ කොට මහපොළොව වියළී ගිය පසුව එමගින් එහි පැල හටගන්වනුයේ කවුරුන් දැ?" යි නුඹ එම දේව ආදේශකයින්ගෙන් විමසා සිටියේ නම්, "අහසින් වර්ෂාව පහළ කරන්නේත් එමගින් මහපොළොවේ පැලෑටි හට ගන්වන්නේත් අල්ලාහ් යැ"යි පවසති. "අහෝ දූතය! නුඹ පවසනු. නුඹලා වෙනුවෙන් සාක්ෂි හා සාධක මතු කළ අල්ලාහ්ට සියලු ප්රශංසා!" නමුත් සිදු ව ඇත්තේ ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ ගැන වටහා ගන්නෝ නොවෙති. ඔවුන් වටහා ගන්නේ නම් කිසිදු සෙතක් හෝ හානියක් සිදු නොකරන පිළිමවලට අල්ලාහ් සමග ආදේශ කොට නමදින්නේ නැත.

Ankebut 29:64

මෙලොව ජීවිතය -එහි ඇති ආශාවන් හා විඳීම් හේතුවෙන්- ඒ සමග බැඳී සිටින්නන්ගේ හදවත්වලට විනෝදයක් හා සෙල්ලමක් මිස නැත. ඒවා ඉක්මණින් අවසන් වී යයි. සැබැවින්ම මතුලොව ජීවිතය වන එයමය සදා පවතින යථාර්ථයේ ජීවිතය වන්නේ. ඔවුන් ඒ ගැන දන්නේ නම් ශේෂව පවතින දෑට වඩා විනාශ වී යන දෑට ප්රමුඛත්වය නොදෙනු ඇත.

Ankebut 29:65

බහුදේව වාදීහු සාගරයේ නැවෙහි ගමන් කරන විට එහි ගිලී යාමෙන් තමන්ව මුදවා ගන්නා මෙන් ප්රාර්ථනා කරමින් අවංක ලෙස අල්ලාහ්ට පමණක් ඇරයුම් කරති. ඔවුන් ගිලීමෙන් ඔහු මුදවා ගත් කල්හි, ඔවුන්ගේ වෙනත් දෙවිවරුන් ඇරයුම් කරමින් දේව ආදේශකයින් ලෙස නැවත හැරී යති.

Ankebut 29:66

අප පිරිනැමූ ආශිර්වාද ඔවුන් ප්රතික්ෂේප කරනු පිණිසත්, ඔවුනට පිරිනමනු ලැබූ මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය භුක්ති විඳිනු පිණිසත් දේවත්වය ආදේශ කරන්නන් ලෙස ඔවුන් එසේ හැරී යති. ඔවුන් මරණයට පත් වන අවස්ථාවේ ඔවුන්ගේ නපුරු අවසානය ගැන ඔවුන් මතු දැනගනු ඇත.

Ankebut 29:67

අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද හෙළා දුටුවන් ඔවුන් දියේ ගිලීමෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගත් අවස්ථාවේ දී තවත් ආශිර්වාදයක් ඔවුහු නොදුටුවෝ ද? වෙනත් අය විසින් ඔවුනට එරෙහිව යුධමය වැටලීම් දියත් කිරීමෙන් ඔවුන් ඝාතනය කරනු ලැබීමෙන් සිරගත කරනු ලැබීමෙන් ඔවුන්ගේ කාන්තාවන් හා ඔවුන්ගේ පරපුර වහල්භාවයට පත් කරනු ලැබීෙමෙන් ඔවුන්ගේ ධනය කොල්ලකෑමට ලක් වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට හා ඔවුන්ගේ ධනයට රැකවරණය ලැබෙන පරිදි හරම් හෙවත් මක්කා සීමා ව අපි ඇති කළෙමු. ඉතා දැඩි සේ ඔවුන් විශ්වාස කරන දෙවිවරුන් ව්යාජ නොවන්නේ ද? ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරති. ඔවුහු අල්ලාහ්ට කෘතඥ නොවෙති.

Ankebut 29:68

අල්ලාහ්ට හවුල් කරුවකු පත් කරමින් ඔහුට බොරු ගොතන හෝ ඔහුගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එම සත්යය බොරු කරන අයට වඩා වෙනත් අපරාධකරුවකු නොමැත. දෙවියන් ප්රතික්ෂේප කළවුනට හා ඔවුනට සමාන වූ අයට නිරයේ නවාතැනක් වෙන් වී ඇති බවට කිසිදු සැකයක් නැත.

Ankebut 29:69

අපගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවරෙකු තමන්ව කැප කරන්නේද ඔවුනට ඍජු මාර්ගය ලබන්නට ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු. සැබැවින්ම අල්ලාහ් උදව් උපකාර කිරීමෙන් හා මග පෙන්වීමෙන් දැහැමියන් සමග සිටියි.

Rum 30:1

(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

Rum 30:2

පර්සියාව රෝමවරුන් පරාජය කළේය.

Rum 30:3

පර්සියාවට සමීපයෙන් පිහිටි සිරියා භූමියෙහි විය. පර්සියානුවන් ජය ලැබුවායින් පසු, නැවතත් ඔවුන්ව රෝමානුවන් පරාජයට පත් කරනු ඇත.

Rum 30:4

පර්සියාවට සමීපයෙන් පිහිටි සිරියා භූමියෙහි විය. පර්සියානුවන් ජය ලැබුවායින් පසු රෝමානුවන් නැවතත් ඔවුන් පරාජයට පත් කරනු ඇත.

Rum 30:5

රෝමවරුන්ට අල්ලාහ් ජය ලබා දීම ගැන ඔවුහු සතුටු වෙති. හේතුව සැබැවින්ම ඔවුන් ආගම් ලත් ජනයා වූ බැවිණි. අල්ලාහ් අභිමත කරන අයට එරෙහිව ඔහු අභිමත කරන වෙනත් අයට ජය ලබා දෙයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ විශ්වාසී ගැත්තන්හට ඔහු මහා කාරුණිකය.

Rum 30:6

මෙම ජයග්රහණය උත්තරීතර අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් විය. අල්ලාහ් තම ප්රතිඥාව කඩ කරන්නේ නැත. එය තහවුරු කිරීමෙන් ජයග්රහණය පිළිබඳ අල්ලාහ්ගේ ප්රතිඥාව ගැන දැඩි විශ්වාසය දේව විශ්වාසින් වර්ධනය කර ගත්තෝය. ජනයා අතර බහුතරයක් දෙනා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒ ගැන වටහා නොගනිති.

Rum 30:7

ඔවුහු දේව විශ්වාසය හෝ ආගමික නීතිය පිළිබඳ නොදනිති. ඔවුන් දැන සිටිනුයේ ජීවනෝපාය, භෞතික සංස්කෘතිය ගොඩ නැගීම වැනි දැයින් බැඳුණු මෙලොව ජීවිතයේ මතුපිට පමණි. මතුලොව සැබෑ නිවහන වන මතුලොව ඔවුන් ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ දෙස ඔවුහු හැරී නොබලති.

Rum 30:8

තමන් මවා සකසා ඇත්තේ කෙසේ දැයි බොරුකාර දේව ආදේශකයින් වන මොවුහු මොවුන් තුළ පරිශීලනය කළ යුතු නොවේ ද? සත්යයෙන් යුතු ව මිස අල්ලාහ් අහස් හෝ මහපොළොව හෝ ඒ දෙක අතර ඇති දෑ හෝ මවා නැත. ඒවා නිකරුණේ මැවූ වස්තූන් දෙකක් නොවෙති. මෙලොව ජීවිතයේ ඒ දෙකෙහිම පැවැත්ම සඳහා නියමිත කාලයක් අල්ලාහ් ඒ දෙක සඳහා වෙන් කර ඇත. ජනයා අතරින් බොහෝ දෙනෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමු ව පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති. එහෙයින් තම පරමාධිපති අබියස තෘප්තියට ලක්වන දැහැමි ක්රියාවන් තුළින් නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔවුහු සූදානම් නොවෙති.

Rum 30:9

ඔවුනට පෙර විසූ ජන සමූහයන්ගේ අවසානය කෙසේ වී දැ?යි සිතා බලනු පිණිස ඔවුන් මහපොළොවේ සැරිසරා බැලිය යුතු නොවේද? එම සමූහයන් මොවුනට වඩා බලවත් වූහ. කෘෂිකර්මය සඳහාත් ප්රතිසංස්කරණය සඳහාත් උචිත ලෙස ඔවුන් ඉඩම් පරිවර්තනය කළෝය. මොවුන් පාලනය කිරීමට වඩා අධික කාලයක් ඔවුන් එය පාලනය කළෝය. අල්ලාහ්ගේ ඒකීයත්වය සැල කරමින් පැහැදිළි සාධක හා සාක්ෂි සමග ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය. නමුත් ඔවුහු බොරු කළෝය. අල්ලාහ් ඔවුන් විනාශ කරන විට අපරාධකරුවකු නොවීය. නමුත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් විනාශයේ කරුණු ගෙන්වා ගනිමින් තමන්ටම අපරාධකර ගත්තෝ ඔවුහුමය.

Rum 30:10

අල්ලාහ්ට ආදේශ කිරීමෙන් හා පාපකම් සිදු කිරීමෙන් තම ක්රියාවන් නරක් කර ගත්තවුන්ගේ අවසානය යනාහි එය නපුරෙන් ඉතා ගැඹුරුම අවසානය විය. ඊට හේතු ව සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ බැවිණි. ඔවුන් ඒවාට සරදම් කළෝය. ඒවා හාස්යයට ලක් කළෝය.

Rum 30:11

පූර්ව ආදර්ශයකින් තොර ව අල්ලාහ් මැවීම් උත්පාදනය කරයි. පසු ව ඔහු එය විනාශ කරයි. පසු ව නැවතත් එය ගෙන එයි. පසුව නැවතත් හරවා ගනියි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු වෙත පමණක් නුඹලා යොමු කරනු ලබන්නෙහුය.

Rum 30:12

අවසන් හෝරාව සිදුවන දිනයේ අපරාධකරුවන් අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් කර ගනිති. අල්ලාහ්ව ප්රතික්ෂේපය කිරීම සම්බන්ධයෙන් ඔවුන් සතු සාධක නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ ආශාවන් එහි බිඳී යනු ඇත.

Rum 30:13

මෙලොවෙහි ඔවුන් නමදිමින් සිටි, ඔවුන්ගේ හවුල්කරුවන් ඔවුන් දඬුවමින් මුදවා ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නන් අතරින් නොවනු ඇත. (එහෙත්) ඔවුන්ගේ හවුල්කරු වන් ප්රතික්ෂේප කරන්න්නෝ වෙති. ඔවුනට අවශ්ය වූ වේලාවේ ඔවුහු ඔවුන්ගෙන් වෙන්ව යති. ඔවුන් සියලු දෙනාම විනාශයේ සමානයන් වෙති.

Rum 30:14

එම දිනයේ අවසන් හෝරාව සිදුවන දිනයේ ජනයා මෙලොව කළ ක්රියාවන්ට අනුකූලව ප්රතිඵල පිරිනැමීම සඳහා ඉල්ලීය්යීන් වෙත උසස් කරනු ලබමින් ද පහත් අය අතරින් ඉතා පහත් තත්ත්වයට පත් කරනු ලබමින් ද වෙන් වෙන්ව යති.

Rum 30:15

අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු අබියස පිළිගනු ලබන දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ස්වර්ගයේ කිසි දිනක විසන්ධි වී නොයන ඔවුන් ලබන සුව පහසුකම් පිළිබඳ ඔවුහු සතුටට පත් වෙති.

Rum 30:16

අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, අපගේ දූතවරුන්හට පහළ කරන ලද වදන් බොරු කොට, යළි අවදි කරනු ලැබීම හා විනිශ්චය බොරු කළවුන් වනාහි, ඔවුහ්මය දඬුවම සඳහා ඔවුන් ඉදිරිපත් කරනු ලබන්නෝ. ඔවුහු එයට අනිවාර්යය වූවෝ වෙති.

Rum 30:17

නුඹලා සවස් කාලයට පිවිසෙන විට අල්ලාහ් සුවිශුද්ධ කරනු. එය මග්රිබ් හා ඉෂා සලාත් දෙක අතර කාලයයි. එමෙන්ම අලුයම් කාලයට පිවිසෙන විට ද ඔහු ව සුවිශුද්ධ කරනු. එය ෆජ්ර් සලාතයේ වේලාවයි.

Rum 30:18

සියලු පැසසුම් සුවිශුද්ධයාණන් වූ ඔහුට පමණක් සතුය. ඔහුගේ මලක්වරුන් ඔහු ව අහසේදී ප්රශංසාවට පත් කරයි. එමෙන්ම ඔහුගේ මැවීම් ඔහු ව මහපොළොවේ ප්රශංසාවට පත් කරයි. නුඹලා සැන්දෑ කාලයට පිවිසෙන විට ද ඔහුව සුවිශුද්ධ කරනු. එය අසර් සලාතයේ වේලාවයි. එමෙන්ම ලුහර් කාලයට පිවිසෙන විට ද නුඹලා ඔහු ව සුවිශුද්ධ කරනු.

Rum 30:19

මිනිසා ව ශුක්රාණුවෙන් ද, කුරුළු පැටියා බිත්තරයෙන් මතු කරන්නාක් මෙන් ද අජීවී දැයින් ජීවී දෑ ඔහු බිහි කරයි. මිනිසාගෙන් ශුක්රාණුව ද කිකිලිගෙන් බිත්තරය ද මතු කරන්නාක් මෙන් ජීවී දැයි අජීවී දෑ ඔහු බිහි කරයි. මහපොළොව වියළී ගිය පසුව වර්ෂාව පහළ කොට ගහකොළ හට ගන්වා එය ජීවමාන කරයි. එසේ මහපොළොවේ පැලෑටි හට ගන්වා එය ජීවමාන කරන්නාක් මෙන්ම විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නුඹලාගේ මිණීවල්වල්වලින් බැහැර කරනු ලබන්නෙහුය.

Rum 30:20

අහෝ ජනයිනි! නුඹලාගේ පියාණන් පසින් මවනු ලැබූ අවස්ථාවේ අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ අතිමහත් සංඥාවක් විය. පසු ව ප්රජනන ක්රියාවලිය තුළින් අධික පරම්පරාවන්ගෙන් සමන්විත මිනිස් සමූහයක් බවට පත්ව මහපොළොවේ නැගෙනහිරවල් හා බටහිරවල් අතර නුඹලා විසිරී ජීවත් වන්නෙහුය.

Rum 30:21

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වන්නේ, අහෝ පිරිමි පුද්ගලයිනි! නුඹලාගේ ආත්මාවන් ඔවුන් වෙත ගොස් සම්බන්ධකම් ඇති කරමින් සැනසුම ලබනු පිණිස නුඹලාගේ වර්ගයාගෙන්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා නුඹලා අතර හා ඔවුන් අතර ආදරය හා කරුණාව ඇති කර තිබීමය. සඳහන් කරනු ලැබූ දෑහි වටහා ගන්නා ජනයාට පැහැදිළි සාධක හා සාක්ෂි ඇත. සැබැවින්ම ඔවුන්ගේ බුද්ධිය ක්රියාත්මක කිරීම තුළින් ප්රයෝජනය ලබනුයේ ඔවුන් වන බැවිණි.

Rum 30:22

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වනුයේ, අහස් හා මහපොළොව මැවීමය. ඒ අතර නුඹලාගේ භාෂාවන්හි වෙනස්කම් ද නුඹලාගේ වර්ණයේ වෙනස්කම් ද පිහිටා ඇත. දැනුමැති හා දැක්මැති ජනයාට සඳහන් කරනු ලැබූ දෑහි සාක්ෂි හා සාධක ඇත.

Rum 30:23

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වන්නේ, නුඹලාගේ රාත්රී නින්ද සහ දහවල් කාලයේ නුඹලාගේ වැඩ කටයුතු වලින් මදක් විවේක ගැනීම සඳහා නුඹලාගේ දහවල් සුළු නින්දය. එමෙන්ම ඔහුගේ තවත් සංඥාවක් වනුයේ නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා පෝෂණය සොයමින් සැරිසරනු පිණිස දහවල් කාලය ඔහු වෙන් කර තිබීමයි. පරිශීලනාත්මකව සවන් දෙන, පිළිගන්නා අයුරින් සවන් දෙන ජනයාහට සඳහන් කරනු ලැබූ දෑහි සාක්ෂි හා සාධක ඇත.

Rum 30:24

ඔහුගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් සාධකයක් වන්නේ, අහසෙහි නුඹලා දකින අකුණු එළියයි. අකුණු සැර හේතුවෙන් බිය ද වර්ෂාව පිළිබඳ සතුට ද යන කාරණා දෙකම එහි නුඹලාට මුසු කර ඇත. ඔහු නුඹලා වෙනුවෙන් අහසින් වැසි ජලය පහළ කරයි. මහපොළොව වියළී ගිය පසුව එමගින් පැළෑටි හට ගන්වා එය ප්රාණවත් කරයි. සැබැවින්ම වටහා ගන්නා ජනයාහට එහි පැහැදිලි සාධක හා සාක්ෂි ඇත. ඔවුහු එමගින් විනිශ්චය හා ප්රතිඵල සඳහා මරණින් පසු අවදි කරනු ලබනු ඇතැයි සාධක කර ගනිති.

Rum 30:25

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ තවත් සාධකයක් වනුයේ, ඔහුගේ අනුහසින් අහස නොවැටී පැවතීම හා මහපොළොව නොපැළී පැවතීමයි. අනතුරු ව සූර් හොරණෑවෙහි මලක්වරයා පිඹීමෙන් කරන ඇරයුම තුළින් සුවිශුද්ධයාණන් නුඹලා ව ඇරයුම් කරන විට, නුඹලා විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලාගේ මිණීවලවල් වලින් නුඹලා බැහැර කරනු ලබනු ඇත.

Rum 30:26

හිමිකාරත්වයෙන් මැවීමෙන් හා ප්රමාණ කිරීමෙන් අහස්හි ඇති දෑ ඔහුට පමණක් සතුය. මහපොළොවේ ඇති දෑ ද ඔහුට පමණක් සතුය. ඔහුගේ මැවීම් අතරින් අහස්හි ඇති සියලු දෑ ද මහපොළොවේ ඇති සියලු දෑ ද ඔහුගේ නියෝගයට යටන් වන්නන් ලෙසින් ඔහුට අවනත වූවෝ වෙති.

Rum 30:27

කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැවීම් උත්පාදනය කරන්නා සුවිශුද්ධ අල්ලාහ්ය. එය විනාශ වූ පසු ඔහු එය යළි ගෙන එයි. (ප්රථම වරට) උත්පාදනය කිරීමට වඩා යමක් නැවත ගෙන ඒම වඩාත් පහසුය. ඒ දෙකම ඔහුට පහසුය. ඊට හේතුව ඔහු යමකට ‘කුන්’ - වනු - යැයි පැවසූ වහාම එය සිදුවන බැවිනි. කීර්තිමත් හා පූර්ණවත් ගුණාංග අතරින් ඔහු කවර ගුණාංගයකින් වර්ණනා කරනු ලබන්නේ ද ඒ සියලු ගුණාංගවලට වඩා ඉහළ ගුණාංග ඔහු සතුය. ඔහු කිසිවකු පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Rum 30:28

අහෝ දේවත්වය ආදේශ කරන්නනි! නුඹලා තුළින්ම අල්ලාහ් නුඹලාට උපමාවක් ගෙන හැර පෑවේය. නුඹලාගේ මෙහෙකරුවන් හා වහලුන් අතරින් නුඹලාගේ ධනයෙහි නුඹලාට සමානුපාතිකව හවුල්වන කිසිදු හවුල්කරුවකු නුඹලාට වෙත්ද? නුඹලා අතරින් ඇතැමුන් තමන්ට හවුල් වූ නිදහස් පුද්ගලයකු සමග ධනය බෙඳනු ලැබීම නුඹලා බියවන්නාක් මෙන්ම නුඹලා සමග වූ නුඹලාගේ ධනය ඔවුන් අතර බෙදී යාම ගැන නුඹලා බිය වන්නෙහුය. මේ හේතුවෙන් නුඹලාගේ වහලුන් නුඹලා වෙනුවෙන් පිළිගන්නෙහු ද? සැබැවින්ම නුඹලා එය පිළි නොගන්නා බවට කිසිදු සැකයක් නැත. එසේ නම් තම මැවීම් හා තම ගැත්තන් අතරින් තම පාලනයේ කිසිදු හවුල් කරුවකු නොවීමට වඩාත් සුදුස්සා අල්ලාහ්ය. මෙවැනි උදාහරණ හා වෙනත් උදාහරණ ඉදිරිපත් කරමින් නොයෙකුත් සාක්ෂි හා සාධක වටහා ගන්නා ජනයාට අපි පැහැදිලි කරන්නෙමු. ඊට හේතුව එමගින් ප්රයෝජනය ලබන්නෝ ඔවුන් වන බැවිණි.

Rum 30:29

ඔවුන්ගේ මුළාවට හේතුව සාක්ෂි හා සාධකවල හිඟකම හෝ ඒවා පැහැදිලි නොකර තිබීම නොවේ. සැබැවින්ම එය ඔවුන් ආශාවන්ට වහල් වීම හා ඔවුන් මත වූ අල්ලාහ්ගේ වගකීම් පිළිබඳ නොදැනුවත්කමින් ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඔවුන් අනුගමනය කිරීමය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග ලබනු පිණිස ආශිර්වාද කරනුයේ කවු ද? අල්ලාහ්ගේ දඬුවම ඔවුන්ගෙන් වළක්වන්නට උදව්කරුවන් කිසිවකු ඔවුනට නොවනු ඇත.

Rum 30:30

නුඹ සියලු දහම්වලින් හැරී අල්ලාහ් කවර දහමක් වෙත හැරෙන්නැයි නුඹට නියම කර ඇත්තේ ද එම දහම වෙත නුඹ හා නුඹ සමග වූවන් මුහුණලනු. එය මිනිසාගේ සහජත්වය නිරූපණය කරන ඉස්ලාම් දහමය. අල්ලාහ්ගේ මැවීමට කිසිදු විකෘති කිරීමක් නැත. එය ඇද නැති ඍජු දහමය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා සැබැවින්ම සත්යය දහම මෙම දහම බව නොහදුනති.

Rum 30:31

නුඹලාගේ පව්වලට සමාව අයැද, සුවිශුද්ධයාණන් වෙත නුඹලා යොමු වනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු. සලාතය පූර්ණවත් අයුරින් ඉටු කරනු. තවද නුඹලා සහජ ස්වභාවයට පටහැනිව තමන්ගේ නැමදුම් අතර අල්ලාහ් සමග වෙනත් දේ ආදේශ තබන්නන් අතරට නුඹලා පත් නොවනු.

Rum 30:32

ඔවුන්ගේ දහම විකෘති කොට; ඉන් කොටසක් විශ්වාස කොට; තවත් කොටසක් ප්රතික්ෂේප කළ දේව ආදේශකයින් අතරට නුඹලා පත් නොවනු. ඔවුන් විවිධ කණ්ඩායම් හා කොටස් බවට වෙන් වූහ. ඒ සෑම කණ්ඩායමක්ම ඔවුන් කවර ව්යාජ කරුණක සිටින්නේ ද ඒ ගැන සතුටු වෙමින් සිටියෝය. සත්යය මත පදනම්ව සිටින්නේ ඔවුන් පමණක් බවත් තමන් හැර සෙසු සියළු අය ව්යාජ දෑ මත සිටින බවත් ඔවුහු සිතා ගත්හ.

Rum 30:33

දේව ආදේශකයින්හට දැඩි රෝගයක් හෝ දිළිඳුභාවයක් හෝ සාගින්නක් හෝ ඇති වූ විට තමන්ට අත් වූ ඉරණම පහ කරන මෙන් ඔවුන්ගේ පරමාධිපති වෙත යොමු වී බැගෑපත්ව ඇරයුම් කරති. ඔවුනට අත් වූ ඉරණම පහ කොට ඔවුනට අල්ලාහ් කරුණාව දැක් වූ විට ඔවුන් අතරින් පිරිසක් ඇරයුම් කිරීමෙහි අල්ලාහ් හැර දමා ඔහු සමග හවුල්කළවුන් වෙත යොමු වෙති.

Rum 30:34

ඔවුන් අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට - උවදුරු ඉවත් කිරීම ද ඉන් එකකි- මෙලොව ජීවිතයේ ඔවුන් අතර ඇති දෑ භුක්ති විඳිමින් සිටියේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම තමන් පැහැදිලි මුළාවෙහි සිටි බව ඔවුන්ගේ දෑස් තුළින්ම ඔවුන් දැක ගනු ඇත.

Rum 30:35

ඔවුන්ට සාක්ෂි නැති තත්වය යටතේ අල්ලාහ්ට ආදේශ කිරීමට ඔවුන්ව පෙලඹවූයේ කුමක් ද ? ඔවුහු අල්ලාහ්ට ආදේශ කිරීම වස්, සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා සාක්ෂි ඇතුලත් ග්රන්ථයක් අප විසින් ඔවුන් වෙත පහළ නොකළ අතර, ඔවුන්ගේ ආදේශභාවය ගැන විස්තර කරන සහ ඔවුන් සිටින්නා වූ ඔවුන්ගේ අවිශ්වාස තත්වයේ වලංගු භාවය ස්තීර කරන පොතක් ඔවුන් සතුව නැත.

Rum 30:36

නීරෝගීභාවය, පොහොසත්කම වැනි අපගේ ආශිර්වාද අතරින් එක් ආශිර්වාදයක් මිනිසුන්ට භුක්ති විඳින්නට සැළැස්වූ විට, ඒ ගැන ආඩම්බරයෙන් ඔවුහු සතුටු වෙති. අහංකාරකම් පාති. ඔවුන්ගේ අත්වලින් ඔවුන් සිදු කරගත් පාපකම් හේතුවෙන් ඔවුනට ලෙඩක් හෝ දිළිඳුකමක් වැනි ඔවුනට නපුරක් වන පරිදි යමක් ඔවුනට අත් වූ විට අල්ලාහ්ගේ කරුණා ව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගනිති. ඔවුනට අත් වූ නපුර ඉවත් වීම ගැන අපේක්ෂාව ඔවුහු අතහරිති.

Rum 30:37

සැබැවින්ම අල්ලාහ්, ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට ඔවුන් කෘතගුණ සළකන්නේද එසේ නැතහොත් ගුණමකුවන්නේදැයි පරීක්ෂා කරනු පිණිස පෝෂණ සම්පත් ව්යාප්ත කර දීම ඔවුහු නොදුටුවෝ ද? එමෙන්ම ඔවුන් ඉවසීමෙන් සිටින්නේද එසේ නැතහොත් කෝපාවිශ්ඨ වන්නේ දැයි පරීක්ෂා කරනු පිණිස ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් සීමා කරනු ඇත. ඇතැමුන්ට පෝෂණ සම්පත් විස්තීරණ කිරීමෙහි හා ඇතැමුන්ට ඒවා සීමා කිරීමෙහි අල්ලාහ්ගේ කරුණාව හා දයාව පිළිබඳ සාධක දේව විශ්වාසීන්හට ඇත.

Rum 30:38

අහෝ මුස්ලිම්වරය! සමීප ඥාතියාට උපකාර කිරීම, සම්බන්ධකම් පැවැත්වීම යනාදී ඔහුට උරුම විය යුතු අයිතිය පිරිනමනු. එමෙන්ම අවශ්යතාවෙන් පෙළෙන්නන්හට ඔවුන්ගේ අවශ්යතාව සපුරා ගන්නා දෑ පිරිනමනු. තම දේශයට යාමට නොහැකිව අතරමං වූ අසරණයාට ද නුඹ පිරිනමනු. අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවන්නන්හට මෙවන් මාර්ගවල වියදම් කිරීම උතුම් වන්නේය. මෙවන් උපකාර හා උරුමයන් පිළිගන්වන්නන් වනාහි, ඔවුහුමය ස්වර්ගයේ ඔවුන් පතන දෑ හිමි කර ගනිමින් ඔවුන් බියවන දඬුවමින් ආරක්ෂාව ලබමින් ජයග්රහණය ලබන්නෝ.

Rum 30:39

ජනයා අතරින් කෙනෙකුට නුඹලා ධනය පිරිනමා එමගින් නුඹලා අපරාධීකාරී ලෙස අධික ව බලාපොරොත්තු වන්නේ ද එය අල්ලාහ් ඉදිරියේ කුසලින් වර්ධනය වන්නේ නැත. නමුත් අවශ්යතාවක් සඳහා ජනයාගෙන් කිසිදු ලාබයක් හෝ නිලයක් හෝ බලාපොරොත්තුවෙන් තොර ව අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් අවශ්යතාව ඇත්තන්හට නුඹලාගේ ධනයෙන් නුඹලා පිරිනමන දෑ වනාහි, සැබැවින් අල්ලාහ් අබියස එම කුසල ගුණ කර දෙනු ලබන්නෝ ඔවුහුමය.

Rum 30:40

නුඹලාව ඔහු තනිව මවා පසුව නුඹලාට පෝෂණය පිරිනමා පසුව නුඹලා මියගිය පසුව නැවත නැගිටුවනු ලැබීම සඳහා ජීවය ලබා දෙන්නේ අල්ලාහ් වන ඔහු පමණය. මේවා කිසිවක් හෝ සිදු කළ හැකි අල්ලාහ් නොවන වෙනත් පිළිම නුඹලා සතු තිබේ ද? දේව ආදේශකයින් පවසා සිටින දැයින් හා ඔවුන් විශ්වාස කර සිටින දැයින් අල්ලාහ් පිවිතුරුය.

Rum 30:41

මිනිසා කළ පාපකම් හේතුවෙන් නියඟය, වර්ෂාව හිඟවීම, නොයෙකුත් ලෙඩ රෝග හා වසංගතයන් වැනි දෑ මහපොළොවේ හා සාගරයේ මතු විය. මෙලොව ජීවිතයේ ඔවුන් සිදු කළ නපුරුකම් සඳහා විපාක විදිනු පිණිසත් පාපක්ෂමාවෙහි නිරිත වී, ඔවුන් නැවත හැරීමේ අපේක්ෂාවෙන් ඒවා මතු වී ඇත.

Rum 30:42

අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘නුඹලා මහපොළොවේ සැරිසරා නුඹලාට පෙර විසූ ජන සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. එය නරක අවසානයක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් සමග වෙනත් අය නමදිමින් ඔහුට ආදේශ කරන්නන් වූහ. ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම හේතුවෙන් ඔවුන් විනාශ කරනු ලැබුවෝය.

Rum 30:43

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර කිසිදු ඇදයක් නැති ඍජු ඉස්ලාම් දහම වෙත ඔබේ මුහුණ පිහුටවනු. එදින පැමිණි විට එය හෙළා දකින්නට කිසිවක් නැත. එදින මිනිසා වෙන් කරනු ලබනු ඇත. පිරිසක් ස්වර්ගයේ සුවපහසුකම් විඳිමින් සිටිති තවත් පිරිසක් නිරයේ දඬුවම් ලබමින් සිටිති.

Rum 30:44

කවරෙකු අල්ලාහ්ව ප්රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපයේ හානිය ඔහු වෙත නැවත හැරී එනු ඇත. -එය නිරා ගින්නේ සදාකල් වෙසෙන්නෙකු ලෙස පත් වීමයි- කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිසීම හා සදාතනිකයින් ලෙස එහි ඇති දෑ භුක්ති විදීම ඔවුන් වෙනුවෙන් ඔවුන් ම සූදානම් කර ගනිති.

Rum 30:45

අල්ලාහ්ව විශ්වාස කොට තම පරමාධිපති තෘප්තියට පත්කරන දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහුගේ භාග්යයෙන් හා ඔහුගේ උපකාරයෙන් ප්රතිඵල පිරිනමනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ඔහු හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කරන්නන් ප්රිය කරන්නේ නැත. ඒ වෙනුවට ඔහු ඔවුන් කෙරෙහි දැඩි සේ කෝප වන්නේය. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත.

Rum 30:46

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ තවත් මහඟු සංඥාවක් වන්නේ වර්ෂාව පහළවීම සමීපයෙන් සිදු වන බවට ගැත්තන්හට ශුභාරංචි ගෙන දෙන සුළං එවීමය. අහෝ ජනයිනි! එය, වර්ෂාවෙන් පසු ඔහුගේ කරුණාවෙන් හට ගන්නා සංශ්රිකත්වය හා සතුට නුඹලාට භුක්ති විඳීමට ඔහු සලස්වනු පිණිසය. එමෙන්ම ඔහුගේ අභිමතය පරිදි මුහුදේ නැව් ගමන් කරවනු පිණිසය. එය ඔහුගේ භාග්යයෙන් සාගරයේ ගමන් කොට ව්යාපාර කටයුතු කිරීම සඳහාය. නුඹලා වෙත අල්ලාහ් ආශිර්වාද කළ ආශිර්වාදයන්ට කෘතඥ වී එමගින් ඔහු නුඹලාට අධිකව පිරිනමනු හැකිවනු පිණිසය.

Rum 30:47

අහෝ දූතය! සැබැවින්ම නුඹට පෙර අපි දූතවරුන් ඔවුන්ගේ සමූහයන් වෙත එව්වෙමු. ඔවුහු තම සත්යයභාවය පෙන්වා දෙන පැහැදිලි සාධක හා සාක්ෂි සමග ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුන්ගේ දූතවරු ගෙන ආ දෑ ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට නපුරකම් සිදු කොට පාපකම් කළවුනට අපි ප්රතිචාර දැක්වූයෙමු. අපගේ දඬුවමින් අපි ඔවුන් විනාශ කළෙමු. දූතවරුන් හා ඔවුන්ව විශ්වාස කළවුන්ව එම විනාශයෙන් අපි මුදවා ගත්තෙමු. එමෙන්ම දේව විශ්වාසීන් මුදවා ගැනීමත් ඔවුනට උපකාර කිරීමත් අප වෙත අප අනිවාර්යය කර ගත්තා වූ උරුමයක් විය.

Rum 30:48

සුළං මෙහෙයවන්නේ ද, එය එවන්නේ ද සුවිශුද්ධයාණන් වන අල්ලාහ්ය. එම සුළං වළාකුළුවලට බලපෑම් ඇති කර එහි කම්පනයක් ඇති කරයි. එවිට එය අහසෙහි අල්ලාහ් අභිමත කරන පරිදි සුළු වශයෙන් හෝ අධික වශයෙන් හෝ ව්යාප්ත වී යයි. එමෙන්ම එය කොටස් බවටත් පත් කරයි. අධීක්ෂණය කර බලන්නනි! එවිට එම වළාකුළු අතරින් වර්ෂාව පහළ වනු නුඹ දකිනු ඇත. ඔහු අභිමත කරන ගැත්තන් හට වර්ෂාව ලැබුණු විට වර්ෂාව පහළ කිරීමෙන් පසු ඔවුන්ට හා ඔවුන්ගේ සිව්පාවුන්ට අවශ්ය වන දෑ මහපොළොව හට ගැන්වීමෙන් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදය ගැන සතුටු වෙති.

Rum 30:49

අල්ලාහ් ඔවුන් වෙත වර්ෂාව පහළ කිරීමට පෙර එය ඔවුන් වෙත පහළ වීම ගැන ඔවුහු බලාපොරොත්තු සුන් කරගත්තන් ලෙස සිටියෝය.

Rum 30:50

අහෝ දූතය! අල්ලාහ් ආශිර්වාදයක් ලෙස තම ගැත්තන් හට පහළ කළ වර්ෂාවේ බලපෑම දෙස අධීක්ෂණය කර බලනු. මහපොළොව වියළී ගිය පසු ව විවිධ පැලෑටි වර්ග ඒ මත හට ගන්වා එය අල්ලාහ් ජීවමාන කරනුයේ කෙසේ දැයි බලනු. සැබැවින්ම වියළී ගිය පොළොව ජීවමාන කරන්නා මළවුන් ජීවමානව යළි අවදි කරන්නාය. සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවකු විසින් ඔහු ව පරාජය කළ නොහැක.

Rum 30:51

අපි ඔවුන්ගේ වගාවන් හා ඔවුන්ගේ පැලෑටි මත ඔවුනට හානියක් වන පරිදි සුළගක් ඔවුන්ගේ වගාවන් සාරවත් ලෙස වැඩුණු පසු ව ඒවා කහපැහැගැන්වී තිබෙනු දුටුවේ නම් ඔවුන් ඒවා දෑසින් දුටු පසුව මීට පෙර අධිකව ලබා දුන් ආශිර්වාද ප්රතික්ෂේප කරන්නන් බවට පත් වූහ.

Rum 30:52

නුඹ මියගියවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැකි සේම බිහිරන්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. ඔවුන් සවන් නොදෙන බව ස්ථීර කරගත් බැවින් ඔවුහු නුඹගෙන් දුරස්ව ගියෝය. මොවුන් මෙන්ම පිටුදකින, ප්රයෝජන නොලබන අයට ද මග පෙන්වීමට නුඹට නොහැකිය.

Rum 30:53

ඍජු මාර්ගයෙන් නොමග ගියවුන්ට යහමාර්ගය වෙත ආශිර්වාද කරන්නෙකු ලෙස නුඹ නැත. එමෙන්ම එමගින් ප්රයෝජන ලබන අයුරින් ඔවුනට සවන් වැකෙන්නට සැලැස්විය ද නොහැක. නමුත් අපගේ වදන් විශ්වාස කරන්නන් හැර නුඹ පවසන දැයින් ප්රයෝජනය ලබන්නේ එවැන්නන්ය. ඔවුහු අපගේ නියෝගවලට අවනත වන, එයට යටත් වන අය වෙති.

Rum 30:54

අහෝ මිනිසුනි! අල්ලාහ් වනාහි, අල්ප ජලයෙන් නුඹලාව මවා, නුඹලාගේ දුර්වල ළදුරු අවදියෙන් පසු ශක්තිමත් මිනිස් අවදියටත්, අනතුරුව ශක්තිමත් මිනිස් අවදියෙන් පසු වැඩිහිටි වයෝවෘද්ධ දුබල අවදියටත් පත් කරනුයේ ඔහුය. දුර්වල දැයින් හා ශක්තිමත් දැයින් අල්ලාහ් අභිමත කරන දෑ ඔහු මවන්නේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය.

Rum 30:55

මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම සිදුවන දිනයේ තමන්ගේ මිනීවළවල්වල මොහොතක් මිස රැඳී නොසිටි බව වැරදිකරුවෝ දිවුරා සිටිති. ඔවුන්ගේ මිනීවළවල් තුළ රැඳී සිටි කාල ප්රමාණය පිළිබඳ දැනුමෙන් ඔවුන් වෙනතකට හරවනු ලැබුවාක් මෙන් ඔවුහු මෙලොවෙහි සත්යයෙන් වෙනතකට යොමුවෙමින් සිටියෝය.

Rum 30:56

අල්ලාහ් දැනුම පිරිනැමූ නබිවරු හා මලක්වරු, "අල්ලාහ් තමන් සතු පූර්ව දැනුමෙහි සටහන් කර ඇති පරිදි, නුඹලා මැවීමේ දින පටන් නුඹලා පිළිකුල් කළ නුඹලාව නැවත අවදි කිරීමේ දිනය දක්වා සැබැවින්ම නුඹලා රැඳී සිට ඇත. මෙය ජනයා ඔවුන්ගේ මිනීවළවල්වලින් අවදි කරනු ලබන දිනයයි. නමුත් සැබැවින්ම නැවත නැගිටුවනු ලැබීම සිදුවන්නක් බව නුඹලා නොදැන සිටියෙහුය. නුඹලා එය ප්රතික්ෂේප කළෙහුය." යැයි පවසති.

Rum 30:57

විනිශ්චය හා ප්රතිඵල සඳහා අල්ලාහ් සියලු මැවීම් යළි අවදි කරන දිනයේ, ඔවුන් නිදහසට බොරු ගොතා පවසන දෑ ප්රයෝනවත් වන්නේ නැත. එම නියමිත කාලය අතපසු වී ඇති බැවින් පාපක්ෂමාව අයැද අල්ලාහ් වෙත යොමු වී ඔහුගේ තෘප්තිය සොයන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු නොලැබේ.

Rum 30:58

මිනිසුනට අවධාරණය කරමින් සෑම උපමාවක්ම අපි අල් කුර්ආනයේ ගෙනහැර පෑවෙමු. එය ඔවුනට අසත්යයෙන් සත්යය පැහැදිලි වනු පිණිසය. අහෝ දූතය! නුඹේ සත්යයභාවය තහවුරු කරමින් ඔවුන් වෙත නුඹ සාධක ගෙන ආ කල්හි අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, "නුඹළා කවර කරුණක් ගෙන ආවෙහි ද එහි නුඹල අසත්යවාදීහු මිස නැතැයි" යැයි පවසා සිටියෝය.

Rum 30:59

නුඹ ඔවුන් වෙත සාධකය ගෙන ආ විට එය විශ්වාස නොකර සිටියවුන්ගේ හදවත් මත මුද්රා කරනු ලැබුවාක් මෙන් නුඹ ඔවුන් වෙත ගෙන ආ දෑ සත්යය බව වටහා නොගන්නා සෑම කෙනෙකුගේම හදවත් මත අල්ලාහ් මුද්රා තබන්නේය.

Rum 30:60

නුඹේ ජනයා නුඹව බොරු කිරීම සම්බන්ධයෙන් නුඹ ඉවසනු. උදව් පිරිනමන බවටත්, පහසුකම් සලසන බවටත් අල්ලාහ් නුඹට කළ ප්රතිඥාව කිසිදු සැකයකින් තොරව ස්ථීරවම සිදුවන්නකි. සැබැවින්ම තමන් යළි අවදි කරනු නොලබන බව තරයේ විශ්වාස කරන උදවිය නුඹ ඉක්මන්වීම හෝ ඉවසීම අතහැර දමන තරමට නුඹව අතහැර නොදැමිය යුතුය.

Lukman 31:1

(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

Lukman 31:2

අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ මෙම වදන් ප්රඥාව කතා කරන පුස්තකයේ පාඨ වෙති.

Lukman 31:3

එමෙන්ම තම පරමාධිපතිගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ක්රියාවට නංවමින් දැහැමි ක්රියාවන් සිදු කරන දැහැමියන් හට එය මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.

Lukman 31:4

ඔවුන් වනාහි සලාතය පූර්ණවත් අයුරින් විධිමත්ව ඉටු කරන්නෝ වෙති. ඔවුන්ගේ ධනයෙන් සකාත් පිරිනමති. එමෙන්ම ඔවුහු මතුලොවෙහි සිදුවන යළි අවදි කරනු ලැබීම, විනිශ්චය, කුසල් හා දඬුවම් ගැන තරයේ විශ්වාස කරන්නෝ වෙති.

Lukman 31:5

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ ඔවුන්ගේ පරමාධිපතිගේ යහමග මත වෙති. ඔවුන් පතන දෑ හිමි කර ගනිමින් ඔවුන් බිය වූ දැයින් දුරස් වෙමින් ජයග්රහණය ලැබූවෝ ඔවුහු වෙති.

Lukman 31:6

නළ්ර් ඉබ්නු අල් හාරිස් වැනි කිසිදු දැනුමකින් තොර ව අල්ලාහ්ගේ දහමින් ජනයා වෙනතකට යොමු කරනු පිණිස අවදානය වෙනස් කරවන ප්රකාශ තෝරා ගෙන, අල්ලාහ්ගේ වදන් හාස්යයට ගන්නා අය ද ජනයා අතර සිටිති. මෙවන් ගතිගුණවලින් වර්ණනා කරනු ලැබූවන්හට මතුලොවෙහි අවමානය ගෙන දෙන දඬුවමක් ඇත.

Lukman 31:7

ඔහු වෙත අපගේ වදන් පාරායනය කරනු ලැබූ විට, හඬවල් ඇසීමෙන් ඔහුගේ දෙකන්හි බිහිරිබව ඇත්තාක් සේ එය නොඇසුනාක් මෙන් එයට ඇහුන්කන් දීමට ඔහු උඬගු වී හැරී ගියේය. අහෝ දූතය! ඔහුව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවම ගැන ඔබ ඔහුට සුභාරංචි දෙනු.

Lukman 31:8

සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළවුනට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඇත. අල්ලාහ් එහි ඔවුනට සූදානම් කර ඇති දෑ අතර ඔවුහු භුක්ති විදිති.

Lukman 31:9

ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. ඒ ගැන අල්ලාහ් ස්ථීර ප්රතිඥාවක් ඔවුනට පොරොන්දු වී ඇත. එහි කිසිදු සැකයක් නැත. සුවිශුද්ධයාණන් වන ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Lukman 31:10

කුළුණු කිසිවක් නොමැති ව අහස් උසින් පිහිටන සේ උත්තරීතර අල්ලාහ් ඒවා මැව්වේය. නුඹලා කම්පනය නොවන්නට ඔහු මහ පොළොව මත ස්ථාවර කඳු පිහිටෙව්වේය. මහපොළොව මත ජීවී වර්ග විසිරුවා හැරියේය. අහසින් වැසි ජලය පහළ කොට මහපොළොවේ මිනිසුන් හා සිවුපාවුන් ප්රයෝජනයට ගන්නා දැකුම් කළු පැසුණු සෑම වර්ගයක්ම ඔහු හට ගැන්වීය.

Lukman 31:11

මෙහි සඳහන් කරනු ලැබූ දෑ අල්ලාහ්ගේ මැවීම්ය. අහෝ දේව ආදේශකයිනි! අල්ලාහ් හැර නුඹලා නමදින දෑ මවා ඇත්තේ කුමක් දැ?යි අවධානයෙන් බලනු. එසේ නොව, අපරාධකරුවෝ ඔවුන් ද මවනු ලැබූ තත්ත්වයේ, කිසිවක් මවන්නට නොහැකි දෑ ඔවුන්ගේ පරමාධිපති සමග සමාන කොට සත්යයෙන් පෙරළී පැහැදිළි මුළාවෙහි සිටිති.

Lukman 31:12

දහම පිළිබඳ අවබෝධය හා කරුණු පිළිබඳ වැටහීම සැබැවින්ම අපි ලුක්මාන්ට පිරිනැමුවෙමු. ඔහුට අපි මෙසේ ප්රකාශ කළෙමු. "අහෝ ලුක්මාන් කවර ආශිර්වාදයක් ඔහු නුඹට පිරිනමා ඇත්තේ ද එයට අවනත වනු පිණිස නුඹ නුඹේ පරමාධිපතිට කෘතඥ වනු. කවරෙකු තම පරමාධිපතිට කෘතඥ වන්නේ ද සැබැවින්ම එම කෘතඥතාවයේ ප්රතිඵල ඔහු වෙත නැවත හැරී එනු ඇත. ඔහුට කෘතඥතාව පුද කරනු ලැබීමේ කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දැක එමගින් සුවිශුද්ධයාණන්ව ප්රතික්ෂේප කළේ ද ඔහු කළ ප්රතික්ෂේපයේ විපාකය ඔහුට එරෙහිවම පිහිටනු ඇත. එමගින් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. සෑම තත්ත්වයකම ඔහු ප්රශංසාලාභීය.

Lukman 31:13

අහෝ දූතය! ලුක්මාන් තුමා තම පුතණුවන්ට යහපත කිරීමට දිරිගන්වමින් හා අයහපත් දෑ පිළිබඳ අවවාද කරමින් උපදෙස් දුන් අවස්ථාව මෙනෙහි කර බලනු. ඔහු, "මාගේ ආදරණීය පුතණුවනි! අල්ලාහ් සමග වෙනත් අයකු නොනමදිනු. අල්ලාහ් සමග වෙනත් දෑ නමදිනු ලැබීම, නිරා ගින්නට සදාතනිකයකු බවට පත් කරවන මහා පාපයන්ගෙන් තමන්ට කර ගන්නා මහා අපරාධයකි." යැයි පැවසීය.

Lukman 31:14

තම දෙමාපියන්ට අවනත වන මෙන් ද, අල්ලාහ් වෙනුවෙන් පාපයක් සිදු නොවන ක්රියාවන්හි ඔවුන් දෙපළට ඇප උපස්ථාන කරන මෙන් ද අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔහුගේ මව දුෂ්කතරාවකින් පසු දුෂ්කරතාවකට මුහුණ දෙමින් ඇයගේ කුස තුළ ඔහු ව ඉසිළුවාය. වසර දෙකක කාලය තුළ කිරි දී අවසන් කළාය. තවද අපි ඔහුට මෙසේ පැවසුවෙමු. "නුඹ වෙත කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේ ද ඒ සඳහා නුඹ ඔහු ට කෘතඥ වනු. පසු ව නුඹව ඇති දැඩි කිරීමෙහි හා නුඹ ව රැකබලාගැනීමෙහි නිරත වූ නුඹේ දෙමව්පියන්ට කෘතඥ වනු. නැවත හැරීම ඇත්තේ මා වෙතය. එවිට ඒ සෑම කෙනෙකු වෙනුවෙන්ම ඔවුනොවුන්ට සුදුසු ප්රතිඵල මම පිරිනමමි."

Lukman 31:15

ඔවුන් දෙදෙනා විසින් පනවන නීතියක් ලෙස අල්ලාහ් නොවන දෑ ඔහුට ආදේශ කිරීම සඳහා ඔවුන් දෙදෙනා නුඹ මත පටවන්නට උත්සාහ කළේ නම් එහිදී නුඹ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. හේතුව මැවුම්කරුට පිටුපා මැවීම්වලට අවනත විය යුතු නොවන බැවිණි. මෙලොවෙහි නුඹ ඔවුන් දෙදෙනාට ඇප උපස්ථාන කරනු. මව්පිය සම්බන්ධකම් පවත් වනු. උපකාර කරනු. දේව ඒකීයත්වය පිළිගනිමින් හා අවනත වෙමින් මා වෙත යොමු වන්නන්ගේ මාර්ගය පිළිපදිනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනාගේම හැරීම ඇත්තේ මා වෙතය. එවිට මෙලොවෙහි නුඹලා කවර ක්රියාවක් සිදු කරමින් සිටියේ ද ඒ ගැන මම නුඹලාට දැනුම් දෙන්නෙමි. ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි.

Lukman 31:16

මාගේ ආදරණීය පුතණුවනි! සැබැවින්ම නපුර හෝ යහකම හෝ වේවා, එය අබ ඇටයක තරම් කුඩාවට තිබුණ ද, එය කිසිවකු විසින් එබී බැලිය නොහැකි කළු ගල් පර්වතයක් තුළ තිබුණ ද, අහස් හි හෝ මහපොළොවේ හෝ කවර ස්ථානයක තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අල්ලාහ් එය ගෙන එනු ඇත. ඒ සඳහා ගැත්තාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියුම් ඥානීය. කරුණුවල සියුම් දෑ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එම කරුණුවල යථාර්ථයන් හා ඒවායෙහි ස්ථාන පිළිබඳ ඔහු සර්ව ඥානීය.

Lukman 31:17

"මාගේ ආදරණීය පුතණුවනි! සලාතය පූර්ණ ලෙස විධිමත් ව ඉටු කරනු. යහපත නියෝග කරනු. අයහපතින් වළක්වනු. එහිදී නුඹට අත්වන පිළිකුල් සහගත දෑ ඉවසා දරා ගනු. සැබැවින්ම මේවා අතරින් නුඹට අණ කරනු ලැබූ දෑ වනාහි ඒවා නුඹ ඉටු කිරීම සඳහා අල්ලාහ් නුඹ මත ස්ථීර කළ දෑ වෙයි. එහි නුඹට තෝරා ගැනීමේ නිදහසක් නැත.

Lukman 31:18

අහංකාරකමින් නුඹේ මුහුණු මිනිසුන්ගෙන් නොහරවනු. නුඹ ගැන නුඹ ම උදම් අනමින් සතුටින් මහපොළොව මත ගමන් නොකරනු. සැබැවින්ම තම ගමනෙහි උඩඟුකම් පාන, තමන්ට පිරිනැමූ ආශිර්වාදයන් ගැන අහංකාර වී ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ නොවී ආඩම්භරයෙන් ගමන් කරන සෑම කෙනෙකුවම සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.

Lukman 31:19

ගමනෙහි අභිමානවත් ලෙස වේගය හා මන්දගාමී අතර මධ්යස්ථභාවය රකිමින් ගමන් ගනු. ඔබේ හඬ පහත් කරනු. හිංසා ඇති වන පරිදි එය උස් නොකරනු. සැබැවින්ම හඬවල් අතරින් වඩාත් කැතම හඬ වනුයේ බූරුවාගේ හඬය. හේතුව එය හඬවල් අතරින් උස් හඬක් වන බැවිණි.

Lukman 31:20

සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති හිරු, සඳු හා ග්රහ තාරකා වැනි දැයින් ප්රයෝජනය ලබන්නට ඒවා නුඹලාට වසඟ කර තිබීමත් මහපොළොවේ ඇති සතා, සිව්පාවා, ගහකොළ පැලෑටී වැනි දෑ වසඟ කර තිබීමත් අහෝ ජනයිනි! නුඹලා නොදුටුවෙහු ද? ඒවා ගැන අධීක්ෂණය නොකළෙහු ද? හැඩ අලංකාරය, කඩවසම් ස්වරූපය වැනි දෑස ට විද්යාමාන වන ඔහුගේ බාහිර ආශිර්වාදයන් ඔහු නුඹලාට පූර්ණවත් කළේය. එමෙන්ම බුද්ධිය හා දැනුම වැනි ඔහුගේ අභ්යන්තර ආශිර්වාදයන් ද අලංකාරවත් කළේය. මෙම ආශිර්වාද මෙසේ තිබියදී අල්ලාහ්ගෙන් වූ පණිවිඩ වෙත ළඟා වන්නට කිසිදු දැනුමක් හෝ ආලෝකය ගෙන දෙන බුද්ධියක් හෝ අල්ලාහ්ගෙන් පහළ කරන ලද පැහැදිලි පුස්තකයක් හෝ නොමැති ව ඔහුගේ ඒකීයත්වය පිළිබඳ තර්ක කරන්නන් ද මිනිසුන් අතර සිටිති.

Lukman 31:21

අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ තර්ක කරන මොවුනට ‘අල්ලාහ් ඔහුගේ දූතයා වෙත පහළ කළ දිව්ය පණිවිඩ පිළිපදිනු යැයි පවසනු ලැබූ විට ඔවුහු, "අපි එය පිළිනොපදිමු. අපි පිළිපදින්නේ අපගේ මුතුන් මිත්තන් කවර දෙවිවරුන්ට නමදිමින් සිටියේ ද ඒවාය." යැයි පැවසුවෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෂෙයිතාන් (ඔවුන් නොමග යවන පිළිම වන්දනාව තුළින්) ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ඇරයුම් කරමින් සිටියද, ඔවුහු ඔවුන්ගේ මුතුන් මිත්තන් අනුගමනය කරන්නෝද?

Lukman 31:22

කවරෙකු නැමදුම් කිරීමෙහි අල්ලාහ්ට අවංක ලෙසත්, තම ක්රියාවෙහි දැහැමියෙකු ලෙසත් ඔහු ඉදිරියට පැමිණෙන්නේ ද, ඔහු ග්රහණය කළ දෑ කප්පාදු වීම ගැන බියකින් තොරව ජයග්රහණය අපේක්ෂා කරන්නන් බන්ධනය කළ ශක්තිමත් බන්ධනයක් ඔහු හසු කර ගත්තේය. සියලු කරුණු යොමු වනුයේ ඔහු වෙත පමණය. ඒ සෑම දෙයකටම ගැළපෙන පරිදි ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

Lukman 31:23

කවරෙකු අල්ලාහ් ව ප්රතික්ෂේප කළේ ද අහෝ දූතය! ඔහුගේ ප්රතික්ෂේපය නුඹ ව දුකට පත් නොකළ යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී එනුයේ අප වෙතමය. එවිට ඔවුන් මෙලොව සිදු කරමින් සිටි නපුරුකම් අපි ඔවුනට දන්වමු. ඒ සඳහා අපි ඔවුනට ප්රතිඵල පිරිනමමු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. එහි ඇති කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.

Lukman 31:24

මෙලොවෙහි ස්වල්ප කාලයක් භුක්ති විඳින්නට පිරිනැමූ දෑ ඔවුන් භුක්ති විඳින්නට අපි ඔවුනට ඉඩ හරිමු. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ දඬුවම වන දැඩි දඬුවමක් වෙත අපි ඔවුන් යොමු කරන්නෙමු.

Lukman 31:25

"අහෝ දූතය! අහස් මැව්වේ කවුරුන් ද? මහ පොළොව මැව්වේ කවුරුන් ද?" යැයි නුඹ එම දේව ආදේශකයින්ගෙන් විමසන්නේ නම් ඔවුහු, "ඒවා මැව්වේ අල්ලාහ්" යැයි පවසති. නුඹ ඔවුනට, "නුඹලාට මෙම සාධක විද්යාමාන කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා!" යැයි පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගේ අඥානකම හේතුවෙන් ප්රශංසාවට සුදුස්සා ගැන හඳුනා නොගනිති.

Lukman 31:26

අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද මැවීමෙන්, පාලනයෙන් මෙන්ම සැලසුම් කිරීමෙන් අල්ලාහ්ට පමණක් සතු වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. ඔහු මෙලොව මෙන්ම මතු ලොවෙහි ප්රශංසාලාභීය.

Lukman 31:27

සැබැවින්ම මහපොළොවේ ඇති ගස් කපා; ඒවායින් පන්හිදවල් සාදා; ඒ සඳහා තීන්ත වශයෙන් සාගරය පත් කොට එයට තවත් සාගර හතක් එකතු කළ ද අල්ලාහ්ගේ වදන් නිමා නොවන බැවින් ඒවා අවසන් වී යන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැක. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Lukman 31:28

අහෝ ජනයිනි! නුඹලා ව මැවීම හෝ විනිශ්චය හා ප්රතිඵල සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ව අවදි කිරීම එක ආත්මයක් මවා එය අවදි කරන්නාක් මෙන් පහසු කාර්යයක් මිස නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය. වෙනත් දෙයකට සවන් දෙන විට සවන් කාර්යබහුල වන පරිදි ඔහුගේ සවන කාර්යය බලහු වන්නේ නැත. ඔහු සර්ව නිරීක්ෂකය. වෙනත් දෙයක් බැලීමෙන් බැල්ම කාර්යබහුල වන පරිදි ඔහුගේ බැල්ම කාර්යබහුල වන්නේ නැත. එලෙසම එක් ආත්මයක් මැවීම හෝ අවදි කිරීම තවත් ආත්මයක් මැවීමෙන් හෝ එය අවදි කිරීමෙන් ඔහු කාර්යබහුලත්වයට පත් වන්නේ නැත.

Lukman 31:29

සැබැවින්ම අල්ලාහ් දහවල වැඩි කරනු පිණිස රාත්රිය අඩු කිරීමත් රාත්රිය වැඩි කරනු පිණිස දහවල අඩු කිරීමත් නුඹ නොදුටුවෙහි ද? එමෙන්ම ඔහු හිරු හා සඳුගේ ගමන් මාර්ගය නිර්ණය කළේය. ඒ සෑම එකක්ම තම ගමන් වාරයේ නියමිත සීමාවක් වෙත එකිනෙක ගමන් කරයි. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Lukman 31:30

මෙසේ සැලසුම් කර තිබීමත්, නිර්ණය කර තිබීමත් සැබැවින්ම අල්ලාහ් ඒකීය සත්යය බව සාක්ෂි දරනු ඇත. ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ක්රියාවන්හි ඔහු සත්යය වේ. ඔහු හැර දේව ආදේශකයින් නැමදුම් කරන දෑ කිසිදු පදනමක් නැති නිෂ්ඵල දෑය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ බලාධිකාරයෙන් හා ඔහුගේ ශක්තියෙන් ඔහුගේ සියලු මැවීම් වලට වඩා ඔහු උසස්ය. ඔහුට වඩා උසස් වෙනත් කිසිවක් නැත. සියලු දෑට වඩා ඔහු අති ශ්රේෂ්ඨය.

Lukman 31:31

සුවිශුද්ධයාණන්ගේ බලය හා ඔහුගේ කරුණාව පෙන්වා දෙන සංඥා නුඹලාට ඉදිරිපත් කරනු පිණිස අහෝ ජනයිනි! ඔහුගේ කරුණාව හා ඔහු වසඟ කර දී ඇති, සාගරයේ යාත්රා කරන නැව් නුඹ නොදුටුවෙහි ද? හිංසා පීඩාවන් මත ඉවසීමෙන් කටයුතු කරන, ආශිර්වාද සඳහා කෘතවේදී වන සෑම කෙනෙකුටම ඔහුගේ බලය පිළිබඳ සාධක මෙහි ඇත.

Lukman 31:32

වළාකුළු හා කඳු මෙන් වූ විශාල රළ සෑම පැත්තකින්ම ඔවුන් වට කළ විට අල්ලාහ්ට පමණක් අවංක ව ප්රාර්ථනා කරමින් හා නැමදුම් කරමින් කණ්ණලව් කළෝය. අල්ලාහ් ඔවුනට පිළිතුරු දී ගිලී යෑමෙන් ඔවුන් ආරක්ෂා කොට ගොඩ බිම වෙත ඔවුන් මුදවා ගෙන ආ කල්හි, ඔහුට පූර්ණ ලෙස කෘතඥතාව පුද කරන්නට අනිවාර්යය වූ දෑ ක්රියාත්මක නොකර පරිස්සම්සහගතව කටයුතු කරන්නන් ඔවුන් අතර වෙති. එමෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දකින්නන් ද වෙති. ද්රෝහී සෑම කෙනෙකුම මිස අපගේ වදන් හෙළා දකින්නේ නැත. (ඔහු අල්ලාහ් සමග ගිවිසුමක් ඇති කර ගත් පසු ඔහුට කෘතඥ විය යුතු අයෙකි.) නමුත් අල්ලාහ්ගේ ආශිර්වාද ඔහු ප්රතික්ෂේප කරනු ඇත. අල්ලාහ් ඔහුට කවර ආශිර්වාදයක් පිරිනමා ඇත්තේද ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ නොවනු ඇත.

Lukman 31:33

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගේ නියෝග අනුගමනය කරමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. පියෙක් තම දරුවකුට හෝ දරුවෙක් තම පියාට හෝ පිහිටක් නොවන දිනයක දඬුවමට බිය වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ප්රතිඵල පිරිනමන බවට දුන් පොරොන්දු ව කිසිදු සැකයකින් තොරව සිදුවන්නකි. මෙලොවෙහි ඇති ආශාවන් හා පුහු දේවල් හේතුවෙන් නුඹලාගේ මෙලොව ජීවිතය නුඹලා ව රවටා නොදැමිය යුතුයි. එමෙන්ම නුඹලා වෙත අල්ලාහ් පිළිබඳ ව්යාජ සිහින මවමින් නුඹලාගෙන් ඔහු දඬුවම් ප්රමාද කරන බවට පෙන්වා ෂෙයිතාන් නුඹලා ව රවටා නොදැමිය යුතුය.

Lukman 31:34

අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ සැබැවින්ම අල්ලාහ් වෙත පමණි. එය සිදු වනුයේ කවදාදැ?යි ඔහු දනී. එමෙන්ම ඔහු අභිමත කරන මොහොතක වර්ෂාව පහළ කරයි. ගර්භාෂවල ඇත්තේ පිරිමි දරුවන් ද ගැහැණු දරුවන් ද යන වගත් එය භාග්ය සම්පන්නද අභාග්ය සම්පන්න ද යන වගත් ඔහු පමණක් දනී. කෙනෙකු හෙට දින උපයන යහපත හෝ අයහපත පිළිබඳ නොදනී. එමෙන් කවර භූමියක මරණයට පත්වන්නේදැයි ද නොදනී. නමුත් ඒ සියල්ලම දන්නේ අල්ලාහ් පමණය. ඒ සියලු දෑ පිළිබඳ තොරතුරු ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.

Secde 32:1

(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

Secde 32:2

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ අල් කුර්ආනය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් එතුමා වෙත පහළ කරනු ලැබූවකි. එහි කිසිදු සැකයක් නැත.

Secde 32:3

සැබැවින්ම මෙම දේව ප්රතික්ෂේපකයෝ, "සැබැවින්ම මුහම්මද් ඔහුගේ පරමාධිපති ගැන ගොතා පවසා ඇත." යැයි පවසති. ඔවුන් පවසනවාක් මෙන් උක්ත කරුණ පිහිටා නැත. එය කිසිදු සැකයක් නැති සත්යයකි. අහෝ දූතය! නුඹට පෙර අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වද්දන දූතයකු නොපැමිණි සමාජයකට නුඹ මෙමගින් බිය වද්දා ඔවුන් සත්යය වෙත මග ලබා ඔවුන් එය අනුගමනය කොට ඒ අනුව කටයුතු කරනු පිණිස නුඹේ පරමාධිපති විසින් පහළ වූවකි.

Secde 32:4

අහස් ද මහ පොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. ඊටත් වඩා ඇසි පිය ගසන ඉතා කුඩා කාලයක් තුළ ඒවා මවන්නට ඔහු බලය ඇත්තාය. පසු ව ඔහුගේ කීර්තියට ගැලපෙන පරිදි උසින් පිහිටා, අර්ෂ් මත රැඳුණේය. අහෝ ජනයිනි! ඔහු හැර නුඹලාගේ කරුණු භාරගන්නා භාරකරුවකු හෝ නුඹලාගේ පරමාධිපති වන ඔහු අබියස නුඹලා වෙනුවෙන් මැදිහත් වන වෙනත් මැදිහත්කරුවකු හෝ නුඹලාට නැත. නුඹලා ඒ ගැන වටහා ගෙන නුඹලා ව මැවූ අල්ලාහ්ට නැමදුම් කොට ඔහු හැර වෙනත් දෑ හවුල් කොට ඔහු සමග වන්දනා නොකර සිටිය යුතු නොවේ ද?

Secde 32:5

අහස්හි හා මහ පොළොවෙහි ඇති සියලු මැවීම්වල කටයුතු සුවිශුද්ධ උත්තරීතර අල්ලාහ් සැලසුම් කරයි. පසු ව අහෝ ජනයිනි! මෙලොවෙහි නුඹ ගණන් කරන වසර දහසක ප්රමාණයක් තරම් වූ දිනයක එම කරුණු ඔහු වෙත ආරෝහණය වෙයි.

Secde 32:6

ඒ සියල්ල සැලසුම් කරන්නා වන ඔහු ගුප්ත දෑ හා විද්යාමාන දෑ සියල්ල මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු තමන්ගේ විරුද්ධවාදීන්ට සමප්රතිචාර දක්වන්නා වූ ද කිසිවකු විසින් පරාජය කළ නොහැකි වූ ද සර්වබලධාරියාණන්ය. විශ්වාසී තම ගැත්තන්හට මහා කාරුණිකය.

Secde 32:7

ඔහුගේ සියලු මැවීම් ඔහු ප්රගුණ කළේය. කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැටියෙන් අදම්ගේ මැවීම ආරම්භවිය.

Secde 32:8

අනතුරුව ඔහුගෙන් පසු ව ඔහුගේ පරපුර ඔහුගෙන් බැහැර වූ ලිස්සන සුළු ද්රාවණයෙන් (ශුක්රාණුවෙන්) අල්ලාහ් බිහි කළේය.

Secde 32:9

පසු ව ඔහු මිනිසාව නිසි අයුරින් සකසා පූර්ණවත් කළේය. ප්රාණය පිඹීම සඳහා භාර කරන ලද මලක්වරයාට කරන නියෝගයෙන් ඔහුගේ ප්රාණයෙන් එහි පිඹිනු ලැබීය. අහෝ මිනිසුනි! නුඹලා සවන් දෙනු පිණිස නුඹලාට ඔහු සවන් ඇති කළේය. නුඹලා බලනු පිණිස නුඹලාට දෘෂ්ටීන් ඇති කළේය. නුඹලා වටහා ගනු පිණිස නුඹලාට හදවත් ඇති කළේය. නුඹලා වෙත පිරිනැමූ ආශිර්වාද සඳහා නුඹලා අල්ලාහ්ට කෘතඥ වනුයේ ස්වල්ප වශයෙනි.

Secde 32:10

යළි අවදි කරනු ලැබීම බොරු කළ දේව ආදේශකයින්, "අප මිය ගොස් මහපොළොවෙහි වැළලී අපගේ දේහ පස් බවට පත් වූ පසුව නව ජීවයකින් අපි අවදි කරනු ලබන්නෙම් ද? එය වැටහෙන්නේ නැත" යැයි පවසති. කෙසේ වෙතත්. ඔවුන්ගේ කරුණ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීමෙන් සිදු වන බව ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ ගැන ඔවුහු විශ්වාස නොකරති.

Secde 32:11

අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම බොරු කරන මෙම දේව ආදේශකයින්හට "නුඹලාගේ ප්රාණ අත්පත් කර ගැනීමට අල්ලාහ් පැවරූ ‘මලකුල් මව්ත්’ හෙවත් මරණයේ දූතයා නුඹලා ව මරණයට පත් කරයි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු වනුයේ අප වෙත පමණය." යැයි නුඹ පවසනු.

Secde 32:12

නැවත නැගිටුවනු ලැබීම ගැන ප්රතික්ෂේප කිරීම හේතුවෙන් තම හිස් පහත් කරමින් අවමානයට පත් ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වැරදිකරුවන් බැහැර කරනු ඇත. ඔවුහු එම අපහාසය ගැන වටා ගෙන, "අපගේ පරමාධිපතියාණනි! යළි අවදි කිරීම ගැන අපි බොරු කරමින් සිටි දෑ අපි දැන් දෑසින්ම දැක බලා ගත්තෙමු. ඔබ වෙතින් දූතවරු ගෙන ආ සත්යයට අපි සවන් දී ඇත්තෙමු. එහෙයින් නැවතත් අප මෙලොව ජීවිතය වෙත යොමු කරනු. ඔබ අපෙන් පිළිගන්නා අයුරින් දැහැමි ක්රියාවන් අපි සිදු කරන්නෙමු. සැබැවින්ම යළි අවදි කිරීම ගැනත් දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැනත් දැන් අපි තරයේම විශ්වාස කරමු." යැයි පවසති. එම තත්ත්වයේ නුඹ එම අපරාධකරුවන් දුටුවේ නම් එය බරපතළ කරුණක් යැයි නුඹ දකිනු ඇත.

Secde 32:13

සෑම ආත්මයකටම එහි යහමග පිරිනමා එයට ආශිර්වාද කරන්නට අපි අභිමත කළේ නම් ඒ සඳහා අපි එය උසුලන්නට සලස්වමු. නමුත් මගෙන් වූ ප්රඥාවක් හා යුක්ති ධර්මයක් ලෙස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජින් හා මිනිස් යන දෙවර්ගයෙන් වූ දේව ප්රතික්ෂේපකයින්ගෙන් සැබැවින්ම නිරා ගින්න පුරවමි යන ප්රකාශය අනිවාර්යය විය. එය ඔවුන් දේව විශ්වාසය හා ඍජු මාර්ගයට වඩා දේව ප්රතික්ෂේය හා මුළාවේ මාර්ගය තෝරා ගන්නා බැවිණි.

Secde 32:14

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හෙළා දකිමින් හා ඔවුන් පිළිකුල් කරමින්, මෙසේ පවසනු ලැබේ: නුඹලාගේ විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමුව පිළිබඳ මෙලොව ජීවිතයේ දී නුඹලා නොසැලකිල්ලෙන් සිටි බැවින් නුඹලා දඬුවම භුක්ති විඳිනු. සැබැවින්ම කවර දෙයකට නුඹලා අනුකූල වන්නේ ද ඒ ගැන අපි සැලකිලිමත් නොවී නුඹලා ව දඬුවම තුළ අතහැර දමන්නෙමු. නුඹලා මෙලොව සිදුකරමින් සිටි පාපකම් හේතුවෙන් නිමක් නැති සදාතනික නිරා ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු.

Secde 32:15

අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් විශ්වාස කරනුයේ, ඔවුනට ඒ ගැන උපදෙස් දෙනු ලැබූ විට අල්ලාහ්ගේ ප්රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් ඔහුට සුජූද් කරන්නෝ වෙති. එමෙන්ම ඔවුහු කවර තත්ත්වයක වුව ද අල්ලාහ්ව නැමදීමට හෝ ඔහුට සුජූද් කිරීමට හෝ උඩඟු නොවෙති.

Secde 32:16

ඔවුන්ගේ නින්දෙහි ඔවුන් නිදා සිටි ඔවුන්ගේ යහනින් ඔවුන්ගේ ඇලපත් දුරස් කොට එය හැරදමා අල්ලාහ් වෙත යොමු වෙති. ඔහුගේ දඬුවමට බියෙන් හා ඔහුගේ කරුණා ව අපේක්ෂාවෙන් ඔවුන්ගේ සලාතයේ මෙන්ම වෙනත් අවස්ථාවන් වල ඔහුට ප්රාර්ථනා කරති. තවද අපි ඔවුනට පිරිනැමූ සම්පත් අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුහු වියදම් කරති.

Secde 32:17

අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති ඔවුන්ගේ ඇස් පිනවන දැකුම්කළු දෑ පිළිබඳ කිසිදු ආත්මයක් නොදනී. එය මෙලොවෙහි ඔවුන් සිදු කළ ක්රියාවන් සඳහා ඔවුනට ඔහුගෙන් පිරිනැමෙන තිළිණයක් වශයෙනි. එය අල්ලාහ්ගේ ශ්රේෂ්ඨත්වය හේතුවෙන් ඔහුට පමණක් ආවරණය වූ ප්රතිඵලයකි.

Secde 32:18

අල්ලාහ් ගැන විශ්වාස කොට, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අයෙකු මෙන් ද? ප්රතිඵල පිරිනැමීමේදී අල්ලාහ් අබියස එම කණ්ඩායම් දෙක සමාන වන්නේ නැත.

Secde 32:19

අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන් වෙනුවෙන් ඔවුනට ගෞරවයක් ලෙස සූදානම් කරන ලද ඔවුන්ගේ ප්රතිඵල වනුයේ ඔවුන් එහි රැඳී සිටින ස්වර්ග උයන් වෙති. එය ඔවුන් මෙලොව සිදු කළ දැහැමි ක්රියාවන් සඳහා ප්රතිඵලයක් වශයෙනි.

Secde 32:20

දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම හේතුවෙන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අය කලී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට සූදානම් කරනු ලැබූ ඔවුන්ගේ නවාතැන වනුයේ නිරා ගින්නය. ඔවුහු එහි සදා රැඳෙන්නෝ වෙති. එයින් ඔවුන් බැහැර වන්නට අපේක්ෂා කරන සෑම කල්හිම ඒ වෙත ඔවුන් නැවත යොමු කරනු ලැබේ. එමෙන්ම ඔවුන්ව හෙළා දකිමින් "නුඹලාගේ දූතවරුන් නුඹලාට බිය ගන්වන අවස්ථාවේ නුඹලා මෙලොවෙහි බොරු කරමින් සිටි නිරයේ දඬුවම නුඹලා භුක්ති විඳිනු." යැයි පවසනු ලැබේ.

Secde 32:21

ඔවුන්ගේ පරමාධිපතිට අවනත වීමෙන් බැහැර වූ බොරුකාරයින්හට ඔවුන් ඒ සඳහා පාපක්ෂමාවේ නිරත නොවූයේ නම්, මතු ලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති මහත් දඬුවමට පෙර මෙලොවෙහි විපත්ති හා පීඩාවන් විඳින්නට සලස්වමු. එය ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වීම සඳහා යොමු වන්නට හැකිවනු පිණිසය.

Secde 32:22

අල්ලාහ්ගේ වදන් තුළින් උපදෙස් දෙනු ලැබීමෙන් පසු ව, එමගින් උපදෙස් නොලබා ඒ ගැන කිසිදු තැකීමකින් තොරව එය ප්රතික්ෂේප කරන්නාට වඩා මහත් අපරාධකරුවෙකු වෙනත් නැත. සැබැවින් අපි කිසිදු සැකයකින් තොරව (අල්ලාහ්ගේ වදන් පිටිදකිමින් දේව ප්රතික්ෂේපිත හා පාපකම් හි නිරත වන) අපරාධකරුවන්ගෙන් පළිගන්නන් වන්නෙමු.

Secde 32:23

සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. එහෙයින් අහෝ දූතය! ඉස්රාඃ රාත්රියේ මිඃරාජ් ගමනෙහි ඔබ මූසා ව හමුවීම ගැන සැකයෙහි පසු නොවනු. තවද මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත පහළ කරන ලද ග්රන්ථය ඉස්රාඊල් දරුවන්ට මුළාවෙන් යහමග ලබන්නක් බවට පත් කළෙමු.

Secde 32:24

සත්යය විෂයයෙහි ජනයා ඔවුන් පිළිපැදීම සඳහා අපි ඉසිරාඊල් දරුවන් අතරින් නායකයින් පත් කළෙමු. අපි ඔවුනට දුන් අවසරය හා ඔවුනට පිරිනැමූ බලය තුළින් ඔවුහු සත්යය වෙත මග පෙන්වති. ඔවුන් අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමෙහි හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙහි ඉවසා දරා ගත් අතර ඇරයුම් කරන මාර්ගයෙහි අත් වන වේදනාවන් ද ඉවසා දරා ගත්තෝය. ඔවුන්ගේ දූතවරුන්ට පහළ කළ අල්ලාහ්ගේ වදන් සහතික කොට ඒවා සත්යය බව පවසමින් සිටියෝය.

Secde 32:25

අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් මෙලොව කවර කරුණක් සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එහි දී ඔහු ඔවුන් වෙන් කරනු ඇත. සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැයි පැහැදිලි කරනු ඇත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන ප්රතිපල ඔහු පිරිනමනු ඇත.

Secde 32:26

මොවුහු අන්ධ වී ඇත්තෝ ද? ඔවුනට පෙර සිටි කොපමණ සමූහයන් අපි විනාශ කර ඇත්තේදැ යි ඔවුනට පැහැදිලි නොවූයේද? ඔවුන් විනාශ කිරීමට පෙර තම වාසස්ථාන ලෙස ගත් ඔවුන්ගේ එම වාසස්ථාන අතර මොවුහු ගමන් කරති. නමුත් ඔවුන්ගේ තත්ත්වය දෙස බලා මොවූහු උපදෙස් නොලැබුවෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ පාපකම් හේතුවෙන් එම සමූහයන්ට අත් වූ විනාශයෙහි අල්ලාහ්ගෙන් ඔවුන් වෙත පැමිණි ඔවුන්ගේ දූතවරුන් සත්යයය බවට සාධක කර ගන්නා පාඩමක් ඇත. අල්ලාහ්ගේ වදන් බොරු කරන මොවුන් පිළිගන්නා හා උපදෙස් ලබන පරිදි ඒවාට සවන් දිය යුතු නොවේ ද?

Secde 32:27

සැබැවින්ම අපි පැලෑටි නොමැති වියළි භූමියට වර්ෂාව පතිත කොට එම ජලය මගින් ඔවුන්ගේ ඔටුවන් ඔවුන්ගේ ගවයින් හා ඔවුන්ගේ එළුවන් මෙන්ම ඔවුන් ද එයින් ආහාර අනුභව කිරීම සඳහා පෝෂණ සම්පත් බැහැර කර තිබීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන මොවුහු නොදුටුවෝ ද? ඔවුන් ඒ ගැන සිතා බැලිය යුතු නොවේ ද? සැබැවින්ම වියළි පොළොවේ පැලෑටි හට ගන්වන්නා, මියගියවුන් යළි අවදි කිරීමට ශක්තිය ඇත්තා බව ඔවුහු ග්රහණය නොකරන්නෝ ද?

Secde 32:28

යළි අවදි කරනු ලැබීම බොරු කරමින් සිටින්නන්, දඬුවම ඉක්මන් කරන්නැයි ඉල්ලමින්, "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප අතර හා නුඹලා අතර වෙන් කරන බවත්, අපගේ නවාතැන නිරා ගින්න ද නුඹලාගේ නවාතැන ස්වර්ගය ද වන බවත් නුඹලා තරයේ විශ්වාස කරන තීන්දු ව පැමිණෙන්නේ කවදාදැ?"යි විමසා සිටිති.

Secde 32:29

අහෝ දූතය, "මෙය ප්රතිඥාව කළ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. සැබැවින්ම එය ගැත්තන් අතර වෙන් කරන දිනයයි. එවිට මෙලොවෙහි අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දෑසින් දැකීමෙන් පසු ව ඔවුන් එය සත්යයක් බව තහවුරු කිරීම ප්රයෝජනවත් නොවන අවස්ථාවකි. ඔවුන්ගේ පරමාධිපති වෙත පාපක්ෂමාවේ නිරත වී ඔහු වෙත යොමු වන තෙක් ඔවුනට කල් නොලැබේ." යැයි ඔවුන්ට පවසනු.

Secde 32:30

අහෝ දූතය! ඔවුන්ගේ මුළාවෙහි ඔවුන් නිරත වීමෙන් පසු ව ඔවුන් ව නුඹ නොසලකා හරිනු. ඔවුනට අත්වන්නට යන දෑ ගැන බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම ඔවුන් ද ඔවුනට සූදානම් කර ඇති දඬුවම බලාපොරොත්තුවෙන් සිටිති.

Ahzab 33:1

අහෝ නබිවරය! නුඹ සහ නුඹ සමග සිටින්නන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කිරීමෙහි ස්ථාවර ව සිටිනු. ඔහුට පමණක් බිය වනු. දේව ප්රතික්ෂේපකයින්ගේ හා කුහකයින්ගේ ආශාවන් අතරට නුඹ යටත් නොවනු. දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් සිදු කරන කුමන්ත්රණ පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් මැනවින් දාන්නාය. එමෙන්ම ඔහුගේ මැවීම් හා ඔහුගේ සැලසුම් කිරීම් හි ඔහු මහා ප්රඥාවන්තය.

Ahzab 33:2

නුඹේ පරමාධිපති නුඹ වෙත පහළ කරන දිව්ය පණිවිඩ අනුගමනය කරනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. ඒවායින් කිසිවක් ඔහුට අතපසු වන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

Ahzab 33:3

සියලු කටයුතු වලදී අල්ලාහ් මත පමණක් නුඹ ස්ථාවර ව රැඳී සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු මත සියල්ල පවරන්නන් හට සුවිශුද්ධයාණන් වන ඔහු ප්රමාණවත්ය.

Ahzab 33:4

පිරිමියකුගේ ලය පෙදෙසෙහි හදවත් දෙකක් ඇති නොකළාක් මෙන්ම මහ්රම් තත්ත්වයේ දී බිරින්දෑවරු මව්වරුන්ගේ ස්ථානයට අල්ලාහ් පත් නොකළේය. දරුකමට හදා වඩා ගත් දරුවන් නුඹලාගේ කොඳු නාරටියෙන් බිහි වූ දරුවන්ගේ ස්ථානයට ඔහු පත් නොකළේය. එහෙයින් ලිහාර්, එනම් බිරිය තම මව හා සහෝදරියගේ ස්ථානයේ තබා, ස්වාමි පුරුෂයා ඇය ව තහනම් කර ගැනීම හා දරුකමට හදා වඩා ගත් දරුවන් තම දරුවන්ගේ ස්ථානයේ තැබීම ඉස්ලාමය අවලංගු කළ අඥාන කාලයේ සිරිත් අතරින් විය. මෙම ලිහාර් හා දරුකම නුඹලාගේ මුවවල්වලින් දොඩන ප්රකාශ මිස එහි යථාර්ථය නොවන්නේය. බිරිය මව මෙන් නැත. එමෙන්ම දරුකමට හදා වඩා ගත් දරුවා, තම දරුවා මෙන් වාද කරන්නාගේ දරුවකු ද නොවන්නේය. තම ගැත්තන් ක්රියා කරනු පිණිස සුවිශුද්ධ අල්ලාහ් සත්යය ප්රකාශ කර සිටියි. ඔහු නිවැරැදි දෑ වෙත මඟ පෙන්වනු ඇත.

Ahzab 33:5

සැබැවින්ම නුඹලාගේ දරුවන් යැයි නුඹලා අවධාරණය කරන දරුවන් ඔවුන්ගේ සැබෑ පියවරුන්ගේ වාසගම සමග සම්බන්ධ කර අමතනු. එවිට ඔවුන් ඔවුන් සමග සම්බන්ධකම් පවත් වනු ඇත. එය අල්ලාහ් අබියස වූ යුක්ති ධර්මයකි. ඔවුනට ඔවුන්ගේ පියවරුන් සමග සම්බන්ධ කරන වාසගම් නුඹලා නොදන්නෙහු නම් ඔවුන් දහම තුළ නුඹලාගේ සහෝදරයින් වෙති. වහල්භාවයෙන් නිදහස් වූ නුඹලා අතර නිදහස් පුද්ගලයෝ වෙති. ‘මාගේ සහෝදරයා, මාගේ මහප්පාගේ සහෝදරයා’ වැනි ප්රකාශවලින් ඔවුන් ඇරයුම් කරනු. නුඹලා අතරින් කිසිවකුට වැරදී ඔහුගේ හිමිකම් පෑමට අයැදුම්කරුවෙකු ඉදිරිපත් කළහොත් ඔබ කෙරෙහි පාපයක් නැත. නමුත් ඒ ගැන උවමනාවෙන්ම කතා කරන අවස්ථාවේ නුඹලා පාපයින් බවට පත් වන්නෙහුය. තම ගැත්තන් අතරින් පාපක්ෂමාවේ නිරත වන්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් වරදට හසුකර නොගන්නා පරිදි ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

Ahzab 33:6

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දේවත්වය විශ්වාස කරන්නන් කවර කරුණක් වෙත ඇරයුම් කරමින් සිටියේ ද ඔවුන්ගේ ආත්මාවන් ඒ හැර වෙනත් දෑ වෙත නැඹුරු වුවද එම විෂයයන්හි ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳ එතුමාණන් වඩාත් උරුමය ඇත්තාය. එතුමාගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) බිරින්දෑවරු සියලුම දේවත්වය විශ්වාස කරන්නන් සඳහා මව්වරුන්ගේ ස්ථානයේ සිටිති. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අභාවයට පත් වූ පසු ව දේවත්වය විශ්වාස කරන කවරෙකු විසින් හෝ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් හෝ විවාහ කර ගැනීම තහනම් වන්නේය. ඉස්ලාමය ආරම්භයේ තමන් අතර උරුමකම් පාමින් සිටි දෙවියන් විශ්වාස කළ අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගිය අයවලුන් අතරින් අල්ලාහ්ගේ තීන්දුව අනුව ලේ ඥාතීත්වය ඇත්තෝ එකිනෙකා උරුමකම් පෑමට වාඩාත් සුදුස්සෝ වූවෝය. ඉන් පසුව ඔවුන්ගේ උරුමකම් පෑමේ නීතිය වෙනස් කරනු ලැබීය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! එනමුත් උරුමය නොමැති ව නුඹලාගේ හිතමිතුරන් වෙත ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමේ හා ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ අපේක්ෂාවෙන් එසේ කටයුතු කරන්නේ නම් ඒ සඳහා නුඹලාට අනුමැතිය ඇත. මෙම නීතිය ‘ලව්හුල් මහ්ෆූල්’ නම් සටහන් පුවරුවේ පේළිවල විය. ඒ අනුව කටයුතු කිරීම අනිවාර්යය වන්නේය.

Ahzab 33:7

අල්ලාහ්ට පමණක් නමදින ලෙස ද, ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙස ද ඔවුන් වෙත කවර දේව පණිවිඩයක් පහළ කරනු ලැබුවේ ද එය ප්රචාරය කරන ලෙස ද, අපි නබිවරුන්ගෙන් ස්ථාවර ගිවිසුමක් ගත් සැටි නබි තුමණි! මෙනෙහි කරනු. විශේෂයෙන්ම නුඹගෙන් ද නූහ් ඉබ්රාහීම් මූසා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද එවැනි අයුරින්ම ප්රතිඥාවක් ගත් සැටිත් මෙනෙහි කරනු. තවද ඔවුනට විශ්වාසයෙන් පවරන ලද අල්ලාහ්ගේ දූත පණිවිඩ ප්රචාරය කිරීම සම්පූර්ණ කරන මෙන් ස්ථාවර ප්රතිඥාවක් අපි ඔවුන්ගෙන් ගත්තෙමු.

Ahzab 33:8

මෙම ස්ථාවර ප්රතිඥා ව නබිවරුන්ගෙන් අල්ලාහ් ගෙන ඇත්තේ දේව ප්රතික්ෂේපකයින් හෙළා දකින පරිදි ඔවුන්ගේ සත්යයතාව ගැන දූතවරුන් අතරින් සත්යාවදීන්ගෙන් ප්රශ්න කරනු පිණිසය. අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන්ට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමක් අල්ලාහ් සූදානම් කර ඇත්තේය. එය අපා ගින්නය.

Ahzab 33:9

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු දහම්ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා වෙත අල්ලාහ් ආශිර්වාද කළ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු. නුඹලා සමග සටන් කිරීම සඳහා දේව ප්රතික්ෂේපකයින්ගේ සේනාවන් මදීනා වෙත පැමිණි විට කුහකයින් හා යුදෙව්වන් ඔවුන් සමග එකතු වූ අවස්ථාවේ ඔවුන් වෙත අපි සුළඟක් එව්වෙමු. එය දැඩි සුළඟක් විය. එමගින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ජය හිමි විය. එමෙන්ම නුඹලා නොදුටු මලක්වරුන්ගෙන් සේනාවක් ද අපි එව්වෙමු. දේව ප්රතික්ෂේපකයෝ කිසිවක් කර කියාගත නොහැකිව පලා ගියෝයා. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂක ය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Ahzab 33:10

එනම් දේව ප්රතික්ෂේපකයෝ මිටියාවතට බටහිරෙන් හා නැගෙනහිරෙන් ඉහළ දෙසින් ද එයට පහළ දෙසින් ද නුඹලා වෙත පැමිණි අවස්ථාවේ සතුරන්ගේ අවධානය මිස අන් සියලු දැයින් නුඹලාගේ බැල්ම බැහැර වී තිබූ අවස්ථාවේ දැඩි බිය හේතුවෙන් හදවත් උගුරු දණ්ඩ දක්වා ළඟා වී තිබූ අවස්ථාවේ නුඹලා අල්ලාහ් පිළිබඳ විවිධ සිතුවිලි ඇති කරගත්තෙහුය. විටෙක ජය සිතුවෙහුය. තවත් විටෙක එයින් පරාජයට පත්වේවි යැයි සිතුවෙහුය.

Ahzab 33:11

හඃන්දක් යුද පිටියේ එම ස්ථානයේ දේව විශ්වාසීහු තමන්ට එරෙහි ව ඔවුන්ගේ සතුරන්ගේ පීඩනයට ඔවුන් මුහුණ දුන් හේතුවෙන් ඔවුහු පරීක්ෂාවට ලක් කරනු ලැබූහ. බිය හේතුවෙන් ඔවුන් දැඩි සේ කම්පනයට පත් වූහ. මෙම පරීක්ෂණය තුළින් දේව විශ්වාසියා හා කුහකයා කවුරුන්දැ යි පැහැදිලි විය.

Ahzab 33:12

එදින කුහකයෝ හා තම සිත් තුළ සැකය ඇති කර ගත් දුර්වල විශ්වාසයක් ඇත්තෝ, "අපගේ සතුරන්ට එරෙහි ව ජයග්රහණය හා මහපොළොවේ පහසුකම් සලසන බවට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපහට ප්රතිඥා දුන් දෑ කිසිදු පදනමක් නැති නිෂ්ඵල දැයක් මිස නැතැ"යි පැවසූහ.

Ahzab 33:13

අහෝ දූතය! කුහකයින්ගෙන් පිරිසක් මදීනා වාසීන්ට, "යස්රිබ් වැසියනි! (ඉස්ලාමයට පෙර මදීනා නගරය හැඳින් වූ නාමයයි.) ‘හඃන්දක්’ අසළ ‘සල්උ’ කඳු පාමුළ නුඹලාට කිසිදු නවාතැනක් නැත. එහෙයින් නුඹලාගේ නිවෙස් වෙත හැරී යනු." යැයි කී අවස්ථාව නබිවරය මෙනෙහි කරනු. එවිට ඔවුන්ගෙන් පිරිසක් තමන්ගේ නිවෙස් සතුරන්ට අනාවරණය වී ඇතැයි තර්ක කරමින් ඔවුන්ගේ නිවෙස් වෙත නැවත හැරී යන්නට නබි(සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් අවසර පැතුවෝය. ඔවුන් සිතූ පරිදි ඒවා අනාරක්ෂිත නොවීය. මෙසේ ඔවුන් බොරුවට නිදහසට කරුණු දැක්වීමෙන් බලාපොරොත්තු වූයේ සතුරන්ගෙන් පළා යෑමය.

Ahzab 33:14

මදීනාවේ සෑම දෙසකින්ම සතුරන් ඔවුන් වෙත ඇතුළු වී දේව ප්රතික්ෂේපය හා බහුදේව වාදය වෙත නැවත හැරෙන මෙන් ඇරයුම් කළේ නම් ඔවුන් එම සතුරන් වෙත පැමිණෙනු ඇත. ඔවුන් දහම අතහැර යාමෙන් හා දේව ප්රතික්ෂේපය වෙත පසුබෑමෙන් ස්වල්ප කාලයක් මිස රැඳී සිටියේ නැත.

Ahzab 33:15

උහද් දින යුද පිටියෙන් පලා යාමෙන් පසු ව, "අල්ලාහ් තමන්හට තවත් යුද්ධයකට සහභාගි වීමට අවස්ථාව සැලසුවේ නම් ඔවුන්ගේ සතුරන් සමග ඔවුන් යුද වදින බවටත් ඔවුනට බියෙන් පලා නොයන බවටත්" අල්ලාහ් සමග මෙම කුහකයෝ ගිවිස ගත්තෝය. නමුත් ඔවුහු ඉන් වැළකී සිටියෝය. ගැත්තා අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම ගැන ප්රශ්න කරනු ලබන්නෙකි. ඒ ගැන ඔහු මතු විභාග කරනු ලබනු ඇත.

Ahzab 33:16

අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු. "මිය යෑමට හෝ සටන් කිරීමට හෝ බියෙන් යුද පිටියෙන් නුඹලා පළා ගියේ නම්, එය නුඹලාට ප්රයෝජනවත් නොවනු ඇත. සැබැවින්ම ආයු කාලය නිර්ණය කරනු ලැබූවකි. නුඹලා එසේ පලා ගියෙහු නම් නුඹලාගේ ආයුකාලයට පරීක්ෂණයක් නොවනු ඇත. එවිට සැබැවින්ම නුඹලා මෙලොව ජීවිතයේ ස්වල්ප කාලයක් මිස භුක්ති නොවිඳිනු ඇත."

Ahzab 33:17

අහෝ දූතය! නුඹ ඔවුන්ගෙන් මෙසේ විමසනු. ‘මරණය හෝ ඝාතනය වැනි නුඹලා පිළිකුල් කරන යමක් නුඹලා අත් විඳින්නට අල්ලාහ් අභිමත කළේ නම් හෝ සාමය, යහපත වැනි නුඹලා බලාපොරොත්තු වන යමක් නුඹලා අත් විඳින්නට අල්ලාහ් අභිමත කළේ නම් හෝ එය අල්ලාහ්ගෙන් නුඹලාට වළක්වාලනුයේ කවුරුන් ද? නුඹලාට එය වළක්වන කිසිවෙකු හෝ නැත.' කුහකයින්හට ඔවුන්ගේ කටයුතු භාර ව කටයුතු කරන්නෙකු ලෙස අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. ඔවුන් සතු අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට ද කිසිදු උදව්කරුවකු ඔවුනට නැත.

Ahzab 33:18

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග එක් ව සටන් කිරීමේදී නුඹලා අතර සිටින සෙසු ජනයා අධෛර්යට පත් කරන්නන් පිළිබඳ අල්ලාහ් දනී. ඔවුහු තම සහෝදරයින්ට ‘අප වෙත එනු. ඔහු සමග එක්ව නුඹලා සටන් නො කරනු. එවිට නුඹලා ඝාතනය කරනු නො ලබනු ඇත. එසේ නොවී නම් සැබැවින්ම නුඹලා ඝාතනය කරනු ලබනු ඇතැයි අපි බියවෙමු. මෙම කඩාකප්පල්කාරීන් සටනට නොපැමිණෙන අතර ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර එයට සහභාගී වන්නේ ද නැත. ඔවුන් එසේ සිදු කරනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට ජය ලබා දෙනු පණිස නොව, තමන්ගේ විළි වසා ගැනීම සඳහාය.

Ahzab 33:19

දේව විශ්වාසී ජනයිනි! එය ඔවුන්ගේ ධනය සම්බන්ධයෙන් පවතින නුඹලා කෙරෙහි වූ මසුරුකම හේතුවෙනි. ඒවා වියදම් කරමින් නුඹලාට ඔවුහු උපකාර නොකරති. එමෙන්ම ඔවුන් ඔවුන් ගැනම මසුරු වෙති. නුඹලා සමග එක් ව සටන් නොකරති. ඔවුන්ගේ හිතමිතුරන් ගැන ද මසුරු වෙති. එහෙයින් නුඹලා සමග හිතවත්කම් නොපානු ඇත. අහෝ දූතය! සතුරන් හමු වන අවස්ථාවේ ඔවුනට බිය පැමිණි විට මරණ මංචකයේ තම ඇස් දෙක කැරකෙමින් තිබෙන රෝගියකු මෙන් බියෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් තිබෙනු නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් බිය පහ වී ඔවුන් සන්සුන් තත්ත්වයට පත් වූ විට ඔවුන් චතුර ලෙස කතා කරමින් නුඹලාට වේදනා ගෙන දෙති. තණ්හාවෙන් යුතු ව යුද්ධයේ අතහැර දමා ගිය වස්තුව ගැන සොයති. මෙම ගුණාංගවලින් යුත් ඇත්තන් සැබෑ ලෙස විශ්වාස නොකළෝය. ඔවුන්ගේ ක්රියාවන්වල ප්රතිඵල අල්ලාහ් නිෂ්ඵල කළේය. එසේ නිෂ්ඵල කිරීම අල්ලාහ්ට පහසු කාර්යයක් විය.

Ahzab 33:20

මෙම බියගුල්ලෝ සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් හා දේව විශ්වාසීන්ට එරෙහිව පවතින යුද්ධයේ කලහකාරී සේනාංක දේව විශ්වාසීන් වෙත සේන්දු වන තෙක්ම ඔවුන් ඔවුන්ගෙන් ඉවත්ව නොයන බව සිතති. නැවත වතාවක් එම සේනාංක පැමිණෙන්නට අවස්ථාවක් ඇති වූ විට එම කුහකයෝ සැබැවින්ම ගැමි අරාබිවරුන් සමග මදීනාවෙන් පිටතට ගොස් -නුඹලාගේ සතුරන් නුඹලා සමග සටන් කළ පසු නුඹලාට අත් වූයේ කුමක් දැයි විමසා නුඹලාගේ තොරතුරු දැනගන්නට ප්රිය කරති. අහෝ දේව විශ්වාසී ජනයිනි! ඔවුන් නුඹලා සමග සිටියේ නම් ස්වල්ප දෙනෙකු හැර නුඹලා සමග එක්ව සටන් නොවදිනු ඇත. එහෙයින් නුඹලා ඔවුන් ගැන ගැටලුවක් ඇති කර නොගන්න. ඔවුන් ගැන දුක් නොවන්න.

Ahzab 33:21

අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ දෑහි, එතුමාණන් ඒ අනුව ක්රියාත්ම කළ දෑහි හා එතුමාණන් කටයුතු කළ දෑහි අලංකාර ආදර්ශයක් නුඹලාට විය. එතුමාගේ ගෞරවනීය ප්රාණය පරදුවට තබා යුද්ධය සඳහා යුහුසුළුව සූදානම් වූහ. එසේ තිබියදී එතුමාගේ ජීවිතයට වඩා නුඹලාගේ ජීවිත ගැන නුඹලා මසුරු වනුයේ කෙසේ ද? අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් හා අවසන් දිනය බලාපොරොත්තුවෙන් සිටි, ඒ සඳහා කටයුතු කරන, අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන් මිස අල්ලාහ්ගේ දූතයාණන් ගැන වෙනත් කිසිවකු කණස්සලු වන්නේ නැත. අවසන් දිනය ගැන බලාපොරොත්තු නොවන, අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි නොකරන අය වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් ගැන දුක් නොවනු ඇත.

Ahzab 33:22

දේව විශ්වාසීන් සමග යුද වදින්නට එක්රැස් වූ සේනාංකයන් ඔවුන් දෑසින් ම දුටු කල්හි ඔවුහු, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපට ප්රතිඥා දුන් පරීක්ෂණය, විභාගය, උදව්ව උපකාරය මෙයයි. මෙහිදී අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්යය පවසා ඇත. එය තහවුරු විය." යැයි පවසා සිටියහ. සේනාවන් තම දෑසින් දැකීම අල්ලාහ් පිළිබඳ විශ්වාසය හා ඔහුට අවනත වීම මිස වෙනත් කිසිවක් ඔවුනට වර්ධනය කළේ නැත.

Ahzab 33:23

දේව විශ්වාසීන් අතර අල්ලාහ් සත්යය බව පවසා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම මත ඉවසීමෙන් දරා එහි ස්ථාවර ව සිටින බවට ඔහු සමග ඇති කරගත් ගිවිසුම ඉටු කළ පිරිමින් පිරිසක් දේව විශ්වාසීන් අතර වෙති. එමෙන්ම මිය ගිය හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළවුන් පිරිසක් ද වෙති. තවද අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් ද වෙති. කුහකයින් තමන්ගේ ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කළාක් මෙන් මෙම දේව විශ්වාසීන් අල්ලාහ් සමග ඇති කරගත් ගිවිසුම් වෙනස් කළේ නැත.

Ahzab 33:24

ඔවුන්ගේ සත්යතා ව, ඔවුන්ගේ ගිවිසුම් ඉටු කිරීම යනාදිය සම්බන්ධයෙන් ඔවුන් අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම් ඉටු කළා වූ සත්යය වාදීන්හට අල්ලාහ් ප්රතිඵල පිරිනමනු පිණිසත් ඔහු අභිමත කරන පරිදි ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් පාපක්ෂමාවට පෙර හෝ එම පාපක්ෂමාවට ඔවුනට ඔහු ආශිර්වාද කිරීමෙන් ඔවුනට පාපක්ෂමාව පිරිනැමීමට පෙර ඔවුන් මරණයට පත් කොට ගිවිසුම් කඩා දැමූ කුහකයින්හට දඬුවම් කරනු පිණිසත් ය. කවරෙකු තම පාපයන් සඳහා පාපක්ෂමාවේ නිරතවන්නේ ද ඔහු කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලීය. එමෙන්ම ඔහු කෙරෙහි මහා කාරුණිකය.

Ahzab 33:25

කුරෙයිෂ්වරු, ගුත්ෆාන් වරු හා ඔවුන් සමග සිටි ජනයා බලාපොරොත්තු වූ දෑ ඔවුනට අහිමි වීම නිසාවෙන් හා දේව විශ්වාසීන්ට ළඟා කරවන්නට ඔවුන් සිතූ දෑ ක්රියාත්මක කිරීමට නොහැකිව ඔවුන් අසමත් වූ නිසාවෙන් පීඩාවෙන් හා වේදනාවන්ගෙන් අල්ලාහ් ඔවුනට ප්රතිචාර දැක්වීය. ඔවුනට එරෙහිව අල්ලාහ් සුළඟක් යවා මලක්වරුන් ද පහළ කිරීම හේතුවෙන් ඔවුන් සමග දේව විශ්වාසීන් සටන් කිරීම ප්රමාණවත් විය. අල්ලාහ් සර්වබලධාරී හා සර්ව ශක්තිය ඇත්තාය. කිසිවෙකු විසින් ඔහු ව පරාජය කිරීමට හෝ ඔහු ව පහත් කිරීමට හෝ නොහැක.

Ahzab 33:26

තම සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා බලකොටු තනා ඔවුන්ගේ එම බලකොටුවල සිට ඔවුනට උපකාර කළ යුදෙව්වන් පහළට බැස්සවීය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේය. අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා පිරිසක් ඝාතනය කළෙහුය. නුඹලා තවත් පිරිසක් සිරභාරයට ගත්තෙුහුය.

Ahzab 33:27

ඔවුන් ව විනාශ කිරීමෙන් පසු ව වගාවන් හා රට ඉඳි ගස් සහිත ඔවුන්ගේ භූමිය අල්ලාහ් නුඹලාට අයිති කළේය. ඔවුන්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ අනෙකුත් සම්පත් ද නුඹලාට උරුම කළේය. කිසිවකු පය නොතැබූ කයිබර් භූමිය ද ඔහු නුඹලාට උරුම කළේය. මීට පෙර නුඹලා එහි පය නොතැබුවෙහිය. මෙය දේව විශ්වාසීන්හට වූ ප්රතිඥාවක් හා සුභාරංචියකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. ඔහුව පරාජය කිරීමට කිසිවකුට නොහැක.

Ahzab 33:28

අහෝ නබිවරය! නුඹේ බිරියන් සඳහා අධික ව වියදම් කිරීමේ පහසුකම් නුඹ සතු ව නොමැති තත්ත්වයක, වියදම සඳහා වැඩිපුර ප්රමාණයක් ලබා දෙන මෙන් නුඹෙන් පතන බිරින්දෑවරුන්ට නුඹ මෙසේ පවසනු. "නුඹලා මෙලොව ජීවිතය හා එහි ඇති අලංකාරය අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා මා වෙත එනු. දික්කසාද වූ කාන්තාවන් කවර කරුණක් භුක්ති විඳින්නේ ද එවන් දෑ භුක්ති විඳීමට සලස්වමි. හිංසා කිරීමෙන් හෝ පීඩා කිරීමෙන් තොර ව මම නුඹලා ව දික්කසාද කරමි."

Ahzab 33:29

"නුඹලා අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහුගේ දූතයාණන්ගේ තෘප්තිය බලාපොරොත්තු වන්නෙහු නම් මතුලොව නිවහනෙහි ස්වර්ග උයන අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා සිටින තත්ත්වය මත ඉවසීමෙන් රෑඳී සිටිනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත ව හා යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නන්හට සැබැවින්ම අල්ලාහ් අතිමහත් තිළිණයක් සූදානම් කර ඇත."

Ahzab 33:30

නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු ප්රසිද්ධ පාපයක් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සඳහා දඬුවම ඇයට ගුණ කර දෙනු ඇත. එය ඇයට හිමිව ඇති නිලය හා ස්ථානය නිසාවෙනි. එමෙන්ම ඔවුන් සමග වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ඇසුරු ආරක්ෂා කිරීම සඳහාය. එසේ ගුණ කර දීම අල්ලාහ්ට පහසු කාර්යයකි.

Ahzab 33:31

නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමෙහි අඛණ්ඩව නියැළී අල්ලාහ් අබිසය පිළි ගනු ලැබූ දැහැමි ක්රියාවන් සිදු කරන්නී ද සෙසු බිරියන්ට වඩා ඇයට ඒ හැර වෙනත් තිළිණ ගුණ කර පිරිනමමු. ඇය වෙනුවෙන් මතුලොවෙහි ගෞරවනීය කුසලක් සූදානම් කර ඇත්තෙමු. එය ස්වර්ග උයනයි.

Ahzab 33:32

අහෝ නබි මුහම්මද්ගේ (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) බිරින්දෑවරුනි! ගෞරව මහිමයෙහි නුඹලා සෙසු කාන්තාවන් මෙන් නොවන්නෙහුය. නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නෙහු නම්, එවිට නුඹලා නොවන වෙනත් කිසිවකු ලඟා කර නොගත් විශිෂ්ට නිලයක මහිමය හා ගෞරවය තුළ නුඹලා සිටින්නෙහුය. එහෙයින් නුඹලා පිටස්තර පිරිමින් සමග කතා කරන විට මෘදු හඬින් හෝ සිහින් හඬින් කතා නොකරනු. ඒ හේතුවෙන් ඔවුන්ගේ සිත් තුළ කුහකත්වයේ රෝගය හා තහනම් කරන ලද ආශාවන් ඇති වනු ඇත. කුතුහලය දුරස් කරන කතාවෙන් කතා කරනු. එය විහිළුවකින් තොරව හා අවශ්යතාවේ තරමට විය යුතුය.

Ahzab 33:33

නුඹලාගේ නිවෙස් තුළම නුඹලා රැඳී සිටිනු. අවශ්යතාවකින් තොර ව ඉන් බැහැරට නොයනු. ඉස්ලාමයට පෙර අඥාන යුගයේ පිරිමින් ආකාර්ෂණය වන පරිදි කාන්තාවන් අලංකාරය ප්රදර්ශණය කළාක් මෙන් නුඹලාගේ අලංකාරය නුඹලා හෙළි නොකරනු. සලාතය පූර්ණ ව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. දේව දූතයාණන්ගේ බිරින්දෑවරුණි! එතුමාගේ නිවැසියනි! අල්ලාහ් ප්රිය කරනුයේ සැබැවින්ම නුඹලාගෙන් නපුර හා කිලිටි ඉවත් කොට මහඟු සාරධර්ම තුළින් නුඹලාගේ සිත් පළඳවා ඒවා පිරිසිදු කොට නුඹලාගේ පහත් ක්රියාවන් ඒවායින් හිස් කොට ඉන් පසු කිසිදු පාපයක් නොවන තරමට ඒවා පිරිසිදු කිරීමටය.

Ahzab 33:34

අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කරන ලද ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන්ගේ පිවිතුරු චරිතයෙන් නුඹලාගේ නිවෙස්වල කියවනු ලබන දෑ ගැන මෙනෙහි කරනු. ඔහුගේ නබිවරයාගේ නිවෙස්වල නුඹලා ව පදිංචි කරවමින් නුඹලා ට ආශිර්වාද කළ අවස්ථාවේ සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මෛත්රිය දැක්වීය. එමෙන්ම නුඹලා ව ඔහුගේ දූතයාණන්ගේ බිරියන් ලෙසත් ඔහුගේ සමූහයා අතර සිටින දේව විශ්වාසී ජනයාට මව්වරුන් ලෙසත් නුඹලා ව තෝරාගත් අවස්ථාවේ නුඹලා ගැන තොරතුරු ඔහු මැනවින් දැන සිටියේය.

Ahzab 33:35

අල්ලාහ්ට අවනත වී ඔහුට යටහත් වන්නන් හා යටහත් වන්නියන් ද අල්ලාහ් සත්යය බව විශ්වාස කරන්නන් හා එසේ විශ්වාස කරන්නියන් ද අල්ලාහ්ට අවනත වන්නන් හා අවනත වන්නියන් ද තම විශ්වාසය හා තම ප්රකාශයන් තුළ සත්යවාදීන් හා සත්යවාදිනියන් ද අවනත වීම, පාපකම්වලින් දුරස්වීම හා පරීක්ෂණ මත ඉවසීම යනාදී කරුණුවල ඉවසලිවන්තව කටයුතු කරන්නන් හා ඉවසිලිවන්තව කටයුතු කරන්නියන් ද අනිවාර්යය වගකීම්වල මෙන්ම අතිරේක කටයුතුවලදී තම ධනය දානය කරන්නන් හා දානය කරන්නියන් ද අනිවාර්යය හා අතිරේක උපවසායන්හි අල්ලාහ් වෙනුවෙන් උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන් දෙස බැල්ම හෙළීමට අනුමැතිය නැති උදවිය ඉදිරියේ තම රහස්ය පෙදෙස් නිරාවරණය නොකර ආවරණය කරමින් හා කාමයේ වරදවා හැසිරීමෙන් දුරස්වී රහස්ය පෙදෙස් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද තමන්ගේ දිවවල්වලින් හා හදවත්වලින් අල්ලාහ්ව අධික ලෙස රහසෙහි හා ප්රසිද්ධියේ මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද වනාහි, ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ් ඔවුනට ඔහුගෙන් වූ පාපක්ෂමාවක් සූදානම් කර ඇත. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් කුසලක් ද ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇත. එය ස්වර්ග උයනයි.

Ahzab 33:36

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් යම් කරුණක් ඔවුන් අතර තීන්දු කළ විට කිසිදු දේව විශ්වාසියෙකුට හෝ දේව විශ්වාසිනියකුට හෝ එය පිළිගැනීම එසේ නැතහොත් ප්රතික්ෂේප කිරීම (අතර) තෝරා ගැනීම සුදුසු නොවන්නේය. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් පැහැදිලි ලෙස මුළාවට පත් විය.

Ahzab 33:37

අහෝ දූතය! අල්ලාහ් විසින් ඉස්ලාමයේ ආශිර්වාදය පිරිනමනු ලැබූ මෙන්ම ඔබ විසින් වහල් බවින් නිදහස පිරිනමනු ලැබූ අයට නුඹ කතා කළ අවස්ථාව මෙනෙහි කරනු. මින් අදහස් කරනු ලැබුවේ සෙයිද් ඉබ්නු හාරිසා (රළියල්ලාහු අන්හුමා) තුමාය. ඔහුගේ බිරිය සෙයිනබ් බින්ත් ජහ්ෂ් තුමිය ව දික්කසාද කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට හෙතෙම ඔබ වෙත පැමිණියේය. නුඹ ඔහුට, "ඔබේ බිරිය දික්කසාද නොකර රඳවා තබා ගන්න. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්න" යැයි පැවසුවෙහිය. එසේම සෙයිනබ් තුමිය ව විවාහ කර ගන්නා මෙන් අල්ලාහ් නුඹට දන්වා සිටි දිව්ය පණිවිඩය මිනිසුන්ට බියෙන් නුඹ තුළම සඟවාගෙන සිටියෙහුය. ඇය වෙනුවෙන් වූ සෙයිද්ගේ දික්කසාදය අල්ලාහ් හෙළි කරනු ඇත. පසුව ඇයව නුඹට විවාහ කර දෙනු ඇත. මෙම විෂයයෙහි බියවීමට වඩාත් සුදුස්සා වනුයේ අල්ලාහ්ය. සෙයිද්ගේ සිත තැන්පත් වී ඇය ගැන අදහස අතහැර, ඇය ව ඔහු දික්කසාද කළ කල්හි අපි ඇයව ඔබට විවාහ කර දුන්නෙමු. එය දරුකමට හදාවඩාගත් දරුවන් ඔවුන්ගේ බිරියන් දික්කසාද කොට ඔවුන්ගේ පොරොත්තු කාලය අවසන් වූ පසු ඔවුන් විවාහ කර ගැනීම දේව විශ්වාසීන්ට පාපයක් නොවනු පිණිසය. සැබැවින්ම අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නක් විය. ඉන් වළක්වන කිසිවෙක් නැත. ඔහුගෙන් තොර කිසිදු තිරයක් නැත.

Ahzab 33:38

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දරුකමට හදාවඩාගත් පුතනුවන්ගේ බිරිය විවාහ කර ගැනීමට අල්ලාහ් අනුමත කළ විෂයයෙහි එතුමාට කිසිදු පාපයක් හෝ පීඩනයක් හෝ නොවීය. ඔහු අනුගමනය කර ඇත්තේ ඔහුට පෙර විසූ නබිවරුන්ගේ පිළිවෙතය. එම විෂයයෙහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දහම් දූතවරුන් අතුරින් නවකයෙකු නොවේ. අල්ලාහ් කවර කරුණක් වීවෘතව හා තීන්දු වශයෙන් (එනම්, මෙම විවාහය පූර්ණවත් කිරීම හා දරුකමට හදාගත් කරුණ අවලංගු කිරීම යනාදියයි. එහි දී නබි තුමාණන්ට කිසිදු අදහසක් හෝ කිසිදු තෝරා ගැනීමක් හෝ නැත.) ස්තීර ලෙස තීරණය කර ඇත්තේය. එයට විරුද්ධවන කිසිවක් නැත.

Ahzab 33:39

මෙම නබිවරුන් වනාහි, ඔවුහු තමන් වෙත පහළ කරනු ලැබූ දිව්ය පණිවිඩ තම සමූහයා වෙත දන්වා සිටිති. උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවෙකුට බිය නොවෙති. අල්ලාහ් ඔහුට අනුමත කළ දෑ ක්රියා කරන අවස්ථාවේ වෙනත් අය විසින් කරන ප්රකාශ වෙත හැරී නොයති. තම ගැත්තන්ගේ ක්රියාවන් ගැන ඔවුන්ගෙන් විනිශ්චය කිරීමටත් ඒ සඳහා ඔවුනට ප්රතිඵල පිරිනමන්නටත් එම ක්රියාවන් ආරක්ෂා කරන්නෙකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. යහපත් නම් එය යහපතකි. අයහපත් නම් එය අයහපතකි.

Ahzab 33:40

නුඹලාගේ පිරිමින් අතරින් කිසිවෙකුගේ පියකු ලෙස මුහම්මද් නොවීය. ඔහු සෙයිද්ගේ පියා නොවීය. සෙයිද් විවාහ කර ගත් බිරිය දික්කසාද කළ විට ඇයව විවාහ කර ගැනීම තහනම් වන තරමට ඔහු සෙයිද්ගේ පියා නොවීය. එනමුත් ඔහු මිනිස් වර්ගයා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. නබිවරුන්ගේ අවසානයාය. ඔහුගෙන් පසු ව වෙනත් කිසිදු නබිවරයෙකු නැත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥය. තම ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත.

Ahzab 33:41

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ හදවතින්, නුඹලාගේ දිවවල්වලින් නුඹලාගේ ශරීර අවයවයන්වලින් නුඹලා අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු.

Ahzab 33:42

දහවල ආරම්භයේ හා එහි අවසානයේ එම අවස්ථාවන් දෙකෙහි පිහිටා ඇති මහිමයන් හේතුවෙන් නුඹලා සුවිශුද්ධයාණන්ව ‘තස්බීහ්’ ගුණ ගායනා කරමින් හා තහ්ලීල් දේවත්වය අවංක ව ඔහුට පුද කරමින් ඔහු සුවිශුද්ධ කරනු.

Ahzab 33:43

නුඹලාට කරුණාව පෙන්වා නුඹලාව පැසසුමට ලක් කරනුයේ ඔහුය. දේව ප්රතික්ෂේපයේ අන්ධකාරයන්ගෙන් දේව විශ්වාසය යන ආලෝකය වෙත ඔහු නුඹලාව බැහැර කිරීම සඳහා ඔහුගේ මලක්වරුන් නුඹලා වෙනුවෙන් ප්රාර්ථනා කරති. දේව විශ්වාසීන්ට ඔහු කාරුණිකය. ඔවුන් ඔහුට අවනත වන්නේ නම් ඔහු ඔවුනට දඬුවම් දෙන්නේ නැත. එහෙයින් ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු.

Ahzab 33:44

දේව විශ්වාසීන් ඔවුන්ගේ පරමාධිපති හමුවන දිනයේ ඔවුන්ගේ සුභ පැතුම ‘සලාම්’ ශාන්තිය හා සියලු නපුරුකම්වලින් ‘අමාන්’ ආරක්ෂාව වේ. ඔවුනට අල්ලාහ් ගෞරවණීය ප්රතිඵල සූදානම් කර ඇත. - එය ඔහුගේ ස්වර්ගයයි- එය ඔවුන් ඔහුට අවනත වී පාපකම්වලින් ඔවුන් දුරස් වීම සඳහා ඔවුනට පිරිනමනු ලැබූ ප්රතිඵලයක් වශයෙනි.

Ahzab 33:45

අහෝ නබිවරය! ජනයා වෙත කවර කරුණක් එවනු ලැබුවේ ද එය නුඹ ඔවුනට දන්වා සිටීමෙන් නුඹ ඔවුනට සාක්ෂිකරුවකු ලෙසත් දේව විශ්වාසීන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇති ස්වර්ගය ගැන ඔවුනට සුභාරංචි දන්වන්නකු ලෙසත් දේව ප්රතික්ෂේපකයින් සඳහා ඔහු සූදානම් කර ඇති දඬුවම ගැන ඔවුනට බියගන්වන්නෙකු ලෙසත් සැබැවින්ම අපි නුඹ ව මිනිසුන් වෙත එව්වෙමු.

Ahzab 33:46

අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත හා ඔහුගේ නියෝගයට අවනත වීම වෙත ඇරයුම් කරන්නෙකු ලෙසත් අපි ඔබ එව්වෙමු. එමෙන්ම යහමග ලබන්නට අපේක්ෂා කරන සෑම කෙනෙකුහටම ආලෝකය ලබන පහනක් ලෙසත් අපි ඔබ ව එව්වෙමු.

Ahzab 33:47

අල්ලාහ් ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කරන, ඔහු විශ්වාස කරන දේව විශ්වාසීන්හට මෙලොව ඔවුන්ගේ ජයග්රහණය සමග මතුලොව ස්වර්ගයට ප්රවේස වීමෙන් ලබන ජයග්රහණය ඇතුළත් අල්ලාහ්ගෙන් වූ අතිමහත් භාග්යය ඔවුනට ඇති බව දන්වා සිටිනු.

Ahzab 33:48

අල්ලාහ්ගේ දහමින් වළක්වාලීම සඳහා දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් ඇරයුම් කරන දෑහි ඔවුනට අවනත නොවනු. ඔවුන් ව පිටුදකිනු. සැබැවින්ම එය නුඹ ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන ඔවුන් විශ්වාස කිරීම සඳහා වඩාත් උචිත ඇරයුම් කිරීමක් විය හැක. නුඹේ සියලු කටයුතුවලදී අල්ලාහ් මත නුඹ ස්ථාවර ව සිටිනු. නුඹේ සතුරන්ට එරෙහි ව ජයග්රහණය ලැබීම ද ඉන් එකකි. ගැත්තන් තමන්ගේ මෙලොව මෙන්ම මතුලොව සියලු කටයුතුවලදී අල්ලාහ් මත ස්ථාවර ව සිටිමින් භාරකරුවකු වශයෙන් ගැනීමට අල්ලාහ් ප්රමාණවත් වේ.

Ahzab 33:49

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා දේව විශ්වාසී කාන්තාවන් සමග විවාහ ගිවිස ගත් පසු ව ඔවුන් සමග ලිංගික ව එකතු වීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළෙහු නම්, නුඹලා වෙනුවෙන් මාස ගණන් හෝ වේවා වාර ගණන් හෝ වේවා ඔවුන් පොරොත්තු කාලයක් අපේක්ෂාවෙන් සිටීම ඔවුනට අවශ්ය වන්නේ නැත. ඊට හේතුව ඔවුන් සමග නුඹලා ලිංගිකව එක් නොවූ හේතුවෙන් ඔවුන්ගේ ගර්භාෂයන් නිදොස් බව දන්නා හෙයිනි. තවද භුක්තිය සඳහා නුඹලාගේ හැකියාවට අනුව නුඹලාගේ ධනයෙන් වන්දියක් දෙනු. එය දික්කසාද කළ හේතුවෙන් ඔවුන් මත කඩා වැටුනු වරද පිරවීමක් පිණිසය. ඔවුනට කිසිදු හිංසාවක් සිදු නොකර ඔවුන්ගේ පවුල වෙත සේන්දු වන්නට ඔවුන්ගේ මාර්ගය අත් හරිනු.

Ahzab 33:50

අහෝ නබිවරය! නුඹ මහර් ‘විවාහ ත්යාග’ පිරිනැමූ නුඹේ බිරියන් සැබැවින්ම අපි නුඹට අනුමත කළෙමු. එමෙන්ම යුද්ධයේ දී ලැබුණු වහල් කාන්තාවන් අතර නුඹ අතට පත් වූ කාන්තාවන් ද අපි නුඹට අනුමත කළෙමු. තවද නුඹ සමග මක්කාවේ සිට මදීනාවට නික්ම ආ නුඹේ මාමාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹගේ නැන්දාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹට අනුමත කළෙමු. තවද නුඹගේ පුංචි අම්මා, ලොකු අම්මාවරුන්ගේ දියණියන් හා නුඹගේ බාප්පා හා මහප්පාවරුන්ගේ දියණියන් විවාහ කර ගැනීමත් නුඹට අනුමත කළෙමු. කිසිදු ‘මහර්’ විවාහ ත්යාගයක් අපේක්ෂාවෙන් තොර ව තම ජීවිතය නුඹ වෙනුවෙන් පිරිනැමූ දේව විශ්වාසී කාන්තාව ද, නුඹ ඇයව විවාහ කර ගන්නට අපේක්ෂා කළෙහි නම් එසේ ඇය ව විවාහ කර ගැනීම ද අපි නුඹට අනුමත කළෙමු. ත්යාගයක් ලෙස පිරිනමනු ලැබූ කාන්තාව විවාහ කර ගැනීම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට පමණක් සුවිශේෂී වූ කරුණක් වන අතර එය සමාජය තුළ වෙනත් කිසිවෙකුට අනුමත නොවූවකි. දේව විශ්වාසීන්ට ඔවුන්ගේ බිරියන් සම්බන්ධයෙන් සිව් දෙනෙකුට වඩා ඉක්මවා ගොස් විවාහ වීම ඔවුනට සුදුසු නොවන පරිදි අපි ඔවුනට අනිවාර්යය කර ඇත්තේ කුමක් දැ?යි යන්න වගත්, ඔවුන් සතු වහලියන් කිසිදු සීමා කිරීමකින් තොරව ඔවුන් අභිමත කරන අය සමග පහස විඳීමට ඔවුනට අනුමැතිය ලබා දීමෙන්, ඔවුන් සම්බන්ධයෙන් ඔවුනට අප දහම් ගත කළ දෑ ගැනත් සැබැවින්ම අපි දනිමු. සඳහන් කරනු ලැබූ දෑ අතර නුඹ හැර වෙනත් කිසිවෙකුට අපි අනුමත නොකළ දෑ අපි නුඹට අනුමත කළෙමු. එය නුඹට දුෂ්කරතාවක් හෝ පීඩනයක් ඇති නොවනු පිණිසය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයදින්නන්හට අති ක්ෂමාශීලී විය. ඔවුන් කෙරෙහි මහා කාරුණික විය.

Ahzab 33:51

අහෝ දූතය! නුඹේ බිරියන් අතරින් ඔවුන් වෙනුවෙන් වෙන් කරන ලද කොටස ප්රමාද කිරීමට නුඹ අපේක්ෂා කරන්නන් වනාහි, ඔවුන් සමග නුඹ රාත්රිය ගත නොකරන්නෙහිය. එමෙන්ම ඔවුන් අතරින් නුඹ අභිමත කරන අය නුඹ වෙත ළං කරගෙන ඇය සමග නුඹ රාත්රිය ගත කරන්නෙහිය. නුඹ ප්රමාද කළ අය අතරින් එකියෙකු වෙත ළං වන්නට නුඹ පැතුවෙහි නම් එහි නුඹට වරදක් නැත. එසේ ප්රමාද කිරීමත් කාලය දිගු කිරීමත් නුඹේ බිරියන්ගේ දෑස් පිනවන්නටත් එමෙන්ම ඔවුන් සියලු දෙනාටම නුඹ පිරිනැමූ දෑ පිළිබඳ ව -සැබැවින්ම නුඹ වගකීම් පැහැර නොහැරිය බවත් වගකීම ඉටු කිරීමට මසුරු නොවූ බවත් ඔවුන් දැනගැනීමෙන්- ඔවුන් තෘප්තියට පත් වන්නටත් වඩාත් සමීප වනු ඇත. අහෝ පුරුෂයිනි! නුඹලාගේ සිත් ඇතැම් බිරියන් හැර තවත් බිරියන් වෙත නැඹුරු වීම ගැන අල්ලාහ් දනී. අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. නුඹලා ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා නැඹුරු විය හැකි පිණිස දඬුවම ඉක්මන් නො කරන මහා දයාලුය.

Ahzab 33:52

අහෝ දූතය! නුඹේ රැකවරණය තුළ සිටින නුඹේ බිරියන් හැර වෙනත් කාන්තාවන් විවාහ කර ගැනීම නුඹට අනුමත නොවන්නේය. එමෙන්ම ඔවුන් දික්කසාද කිරීම හෝ ඔවුන්ගෙන් ඇතැමෙකු දික්කසාද කොට ඔවුන් හැර (ඔවුන්ගේ ස්ථානයේ) වෙනත් කාන්තාවන් ගැනීම ද නුඹට අනුමත නොවන්නේය. ඔවුන් හැර එම කාන්තාවන් නුඹ විවාහ කර ගැනීම නුඹ ප්රිය කරන පරිදි ඔවුන් අලංකාරයෙන් නුඹ ව මවිත කළ ද, නුඹට අනුමත නොවන්නේය. නමුත් නියමිත ප්රමාණයක් සීමා කිරීමෙන් තොරව නුඹේ දකුණත් හිමිකරගත් වහලියන් සමග පහස විඳීමට නුඹට අනුමැතිය ඇත. සියලු දෑ කෙරෙහි අල්ලාහ් ආරක්ෂාවෙන් බලා සිටියි. මෙම නීතිය දේව විශ්වාසීන්ගේ මව්වරුන්ගේ මහිමය පෙන්වා දෙයි. ඔවුන් දික්කසාද කරනු ලැබීමත් ඔවුන් වෙත විවාහ යෝජනා කිරීමත් තහනම් කරනු ලැබ ඇත.

Ahzab 33:53

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! ආහාර සංග්රහයක් සඳහා නුඹලා ඇරයුම් කරනු ලැබීමෙන් පසු නබිවරයාගේ නිවෙස්වලට පිවිසීමට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා එහි නොපිවිසෙනු. ආහාර පිසන තෙක් බලාපොරොත්තුවෙන් දිගු වේලාවක් වාඩි වී නොසිටිනු. නමුත් ආහාර සංග්රයකට නුඹලා ඇරයුම් කරනු ලැබූ විට නුඹලා පිවිසෙනු. නුඹලා ආහාර අනුභව කළෙහු නම් ඉන් හැරී යනු. ඉන්පසු එකිනෙකා කතා කරමින් එක් ව එහි රැඳී නොසිටිනු. සැබැවින්ම එසේ රැඳී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපහසුතාවට පත් වන අතර හැරී යන මෙන් නුඹලාට පැවසීමට එතුමා ලැජ්ජා වනු ඇත. සත්යය නියෝග කිරීමට අල්ලාහ් ලැජ්ජා නොවන්නේය. එහෙයින් රැඳී සිටීමෙන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට අපහසුතාවක් නොවන පරිදි නුඹලා ඔහුගෙන් හැරී යන මෙන් ඔහු නුඹලාට නියෝග කර ඇත. භාජනයක් හෝ එවැනි වෙනත් යම් අවශ්යතාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියන්ගෙන් නුඹලා පතන විට නුඹලාගේ අවශ්යතා ව තිරයකට පසුපසින් සිට පතනු. නුඹලාගේ දෑස්වලට ඔවුන් හසු නොවන පරිදි, ඔවුනට මුහුණ ලා ඒවා ඔවුන්ගෙන් ඉල්ලා නොසිටිනු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සතු නිලය හේතුවෙන් එය ඔවුනට ආරක්ෂාවකි. තිරයක් පිටුපස සිට එසේ නුඹලා ඉල්ලා සිටීම නුඹලාගේ හදවත් හා ඔවුන්ගේ හදවත් තුළ කුකුස් හා පිළිකුල් සහගත දෑ අලංකාරවත් කිරීමට ෂෙයිතාන් මාර්ග පාදා ගත නොහැකි පරිදි නුඹලාගේ හදවත්වලටත් ඔවුන්ගේ හදවත්වලටත් වඩාත් පිවිතුරු වනු ඇත. අහෝ දේව විශ්වාසී ජනයිනි! කතා කිරීම සඳහා රැඳී සිටීමෙන් නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්ට අපහසුතාවක් ඇති කිරීම නුඹලාට සුදුසු නොවේ. එමෙන්ම නුඹලා එතුමාගේ මරණයෙන් පසු ව එතුමාගේ බිරියන් විවාහ නොකළ යුතුය. හේතුව ඔවුහු දේව විශ්වාසීන්ගේ මව්වරුන් වෙති. මවක් විවාහ වීම කිසිවකුට සුදුසු නැත. සැබැවින්ම එය වේදනා ගෙන දෙන්නකි. එතුමාගේ මරණයෙන් පසු එතුමාගේ බිරියන් නුඹලා විවාහ කර ගැනීම තහනම් ක්රියාවකි. අල්ලාහ් අබියස එය බරපතළ පාපයක් බවට සලකනු ලැබේ.

Ahzab 33:54

නුඹලාගේ ක්රියාවන්ගෙන් යමක් නුඹලා හෙළි කළ ද, නුඹලා තුළ එය සඟවා ගත්ත ද ඒ කිසිවක් කිසිවිටෙක අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥය. නුඹලාගේ ක්රියාවන් හෝ වෙනත් අයගේ ක්රියාවන් හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම් යහපතකි. අයහපත් නම් අයහපතකි.

Ahzab 33:55

කිසිදු තිරයකින් තොරව ඔවුන්ගේ පියවරුන්, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ සහෝදරයන්, ඔහුගේ සහෝදරයන්ගේ පුතුන්, ඔවුන්ගේ සහෝදරයින්ගේ පුතුන්, ඔවුන් පරම්පරාවෙන් හෝ දරුකමට හදාවඩා ගත් අය හෝ වේවා ඔවුන් බැලීමත් ඔවුන් සමග කතා කිරීමත් ඔවුන් මත පාපයක් නොවන්නේය. එමෙන්ම කිසිදු තිරයකින් තොරව දේව විශ්වාසී කාන්තාවන් හා ඔවුන්ගේ දකුණත් හිමිකරගත් වහල් කාන්තාවන් ඔවුන් සමග කතා කිරීම ද ඔවුන් කෙරෙහි වරදක් නැත. අහෝ දේව විශ්වාසී කාන්තාවනි! අල්ලාහ් කවර කරුණක් නියෝග කර ඇත්තේ ද එමෙන්ම කවර කරුණක් තහනම් කර ඇත්තේ ද ඒවා සම්බන්ධයෙන් නුඹලා අල්ලාහ්ට බිය වනු. නුඹලා විසින් හෙළිවන දෑ ද ඔවුන් සම්බන්ධයෙන් නුඹලා හෙළි කරන දෑ ද ඔහු අධීක්ෂණය කරන්නාය.

Ahzab 33:56

සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මලක්වරුන් අබියස, දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පිළිබඳ ප්රශංසා කරයි. ඔහුගේ මලක්වරු එතුමා වෙනුවෙන් ප්රාර්ථනා කරති. අල්ලාහ් ව විශ්වාස කොට ඔහු තම ගැත්තන්හට දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! එම දූතයාණන්හට ‘සලවාත්’ සමාදානය වෙනුවෙන් ප්රාර්ථනා කරනු. එමෙන්ම ‘සලාම්’ ශාන්තිය වෙනුවෙන් ප්රාර්ථනා කරනු.

Ahzab 33:57

වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා ඇතිකළවුන් වනාහි මෙලොව මෙන්ම මතුලොවෙහි අල්ලාහ්ගේ කරුණාව ක්රියාත්මක වීමෙන් නෙරපා හරින ලද ඔහුට වඩාත් දුරස් වූවෝ වෙති. ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා ගෙන දෙමින් ඔහු කෙරෙහි ඔවුන්ගේ හැසිරීම සඳහා ප්රතිඵල වශයෙන් නින්දිත දඬුවමක් මතුලොවෙහි ඔහු ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇත.

Ahzab 33:58

හිංසා කිරීම අනිවාර්යය කරන ආකාරයේ දඬුවමට ලක්වන පාපයක් ඔවුන් සිදු කිරීමෙන් තොරව වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට හිංසා කරන්නන් වනාහි, සැබැවින්ම ඔවුන් පැහැදිලි පාපයක් හා මහා අපවාදයක් උසුලා ගත්තෝය.

Ahzab 33:59

අහෝ නබිවරය! පිටස්තර පිරිමින් ඉදිරියේ රහස්ය පෙදෙස් ඔවුන්ගෙන් නිරාවරණය නොවන පරිදි ඔවුන් පැළඳ සිටින මතුපිට වස්ත්රය ඔවුන් මත එල්ලෙන්නට ඉඩ හරිනු යැයි නුඹ නුඹේ බිරියන්ට පවසනු. නුඹේ දූවරුන්ටත් පවසනු. එසේම දේව විශ්වාසී කාන්තාවන්ටත් පවසනු. සැබැවින්ම ඔවුන් නිදහස් කාන්තාවන් යැයි හඳුනා ගැනීමට එය ඉතා උචිතය. එහෙයින් වහලියන්ට හිංසා කරන්නාක් මෙන් ඔවුන් කිසිවෙකුට හිංසා නොකළ යුතුයි. අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් වෙත පාපක්ෂමාවෙහි නිරත වන්නාගේ පාපයන් සඳහා අතිශය සමාව දෙන්නාය. ඔහු කෙරෙහි මහා කාරුණිකය.

Ahzab 33:60

දේව ප්රතික්ෂේපය තමන් තුළ සඟවා ගනිමින් හා ඉස්ලාමය මතුපිටින් පෙන්වමින් ඔවුන් සිදු කරන ඔවුන්ගේ කුහකභාවයෙන් කුහකයින් නො වැළකුණේ නම්, එමෙන්ම ඔවුන්ගේ ආශාවන් සමග බැඳුණු දුරාචාරය ඔවුන්ගේ හදවත් තුළ ඇත්තන් හා මදීනාවේ අසත්ය තොරතුරු පතුරුවමින් දේව විශ්වාසීන් අතර බෙදීම් ඇති කරන්නට උත්සාහ කරන්නන් ඔවුන්ගේ ක්රියාදාමයන්ගෙන් නො වැළකුණේ නම්, අහෝ දූතය! ඔවුනට දඬුවම් කරන මෙන් ද ඔවුන් මත ආධිපත්යය දරන මෙන් ද අපි නුඹට නියෝග කරන්නෙමු. පසුව ඔවුන් මහපොළොවේ කලහකාරීව හැසිරීම හේතුවෙන් ඔවුන් එයින් නෙරපා හැරීම හා ඔවුන් විනාශ කිරීම සඳහා මදීනාවෙහි ස්වල්ප කාලයක් මිස ඔවුන් වාසය නොකරනු ඇත.

Ahzab 33:61

ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබූවන් ලෙස සිටිති. ඔවුන්ගේ කුහකත්වය හා මහපොළොවේ කලහකම් පතුරුවාලීම හේතුවෙන් ඔවුන් කවර ස්ථානයක හමු වුව ද ග්රහණය කරනු ලැබ ඝාතනය කරනු ලබනු ඇත.

Ahzab 33:62

මෙය කුහකත්වය හෙළි වූ විට කුහකයින් අතර ක්රියාත්මක කරනු ලබන අල්ලාහ්ගේ න්යායය වේ. අල්ලාහ්ගේ න්යායය ස්ථීරය. කිසිවිටෙක කිසිදු වෙනස් කිරීමක් නුඹ එහි නොදකිනු ඇත.

Ahzab 33:63

අහෝ දූතය! ප්රතික්ෂේප හා බොරු කිරීමේ ස්වභාවයෙන් දේව ආදේශකයෝ නුඹෙන් ප්රශ්න අසති. එමෙන්ම යුදෙව්වන් ද අවසන් හෝරාව ගැනත් එය කවර වේලාවක සිදුවන්නේ ද යන වගත් නුඹෙන් විමසති. නුඹ ඔවුනට මෙසේ පවසනු. "අල්ලාහ් අබියස ඇති අවසන් හෝරාව පිළිබඳ දැනුමෙන් කිසිවක් මා සතුව නැතැ"යි පවසනු. අහෝ දූතය! සැබැවින්ම අවසන් හෝරාව ඉතා සමීපයෙන් ඇති බව නුඹට ඇඟවූයේ කුමක් ද?

Ahzab 33:64

සැබැවින්ම අල්ලාහ් තම කරුණාවෙන් දේව ප්රතික්ෂේපකයින් නෙරපා හැරියේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින දළුලා ඇවිළෙන ගින්නක් ඔවුන් වෙනුවෙන් සූදානම් කළේය.

Ahzab 33:65

ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූ එම ගින්නේ දඬුවමෙහි ඔවුන් සදා කල් රැඳී සිටින්නන් වෙති. ඔවුනට සෙත සලසන කිසිදු හිතවතෙකු හෝ එම දඬුවමින් ඔවුන් වළක්වාලන කිසිදු උදව් කරුවකු හෝ ඔවුන් නොලබනු ඇත.

Ahzab 33:66

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලැබේ. ඔවුන්ගේ දැඩි කනගාටුව හා පසුතැවිල්ල හේතුවෙන් ඔවුහු, "අපි මෙලොව ජීවිතයේ අල්ලාහ් අපට නියෝග කළ දෑ අනුගමනය කොට ඔහු අපට තහනම් කළ දැයින් වැළකී අල්ලාහ්ට අවනත වන්නන් ලෙස සිටින්නට තිබුණා නොවේ ද! එසේම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එම විෂයයෙහි දූතයාණන්ට ද අවනත වන්නන් ලෙස සිටින්නට තිබුණා නොවේදැ"යි පවසති.

Ahzab 33:67

ව්යාජ, බොරු සාධක ඔවුහු ගෙනැවිත් මෙසේ පැවසුවෝය. "අපගේ පරමාධිපතියාණනි! අපගේ නායකයින්ටත් අපගේ සමාජයේ ප්රධානීන්ටත් සැබැවින්ම අපි අවනත වූයෙමු. නමුත් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය."

Ahzab 33:68

"අපගේ පරමාධිපතියාණනි! ඍජු මාර්ගයේ අප නොමග හැරියා වූ මෙම නායකයින් හා ප්රධානීන්හට ඔවුන් අප නොමග යැවීම හේතුවෙන් අපට දෙන ලද දඬුවම මෙන් දෙගුණයක් ඔවුනට ලබා දෙනු. ඔබේ කරුණාවෙන් ඉතා දැඩි ලෙස ඔවුන්ව නෙරපා හරිනු."

Ahzab 33:69

අල්ලාහ්ව විශ්වාස කොට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා නුඹලාගේ දූතයාණන්හට හිංසා නොකරනු. එවිට මූසාගේ ශරීරය සම්බන්ධයෙන් අඩුපාඩු පවසා සිටියාක් මෙන් එතුමාට හිංසා පීඩාවන් ඇති කළවුන් බවට නුඹලා පත් වන්නෙහුය. ඔවුන් පවසන දැයින් අල්ලාහ් ඔහු ව නිදොස් කළේය. ඔවුන් පවසන දෑ සම්බන්ධයෙන් ඔහු නිරෝගී බව ඔවුනට පැහැදිලි කළේය. අල්ලාහ් අබියස මූසා යහපත් අයකු වූ අතර ඔහුගේ ප්රාර්ථනාව ප්රතික්ෂේප කරනු ලැබුවේ නැත. ඔහුගේ බලාපොරොත්තු සුන් කළේ ද නැත.

Ahzab 33:70

අල්ලාහ් විශ්වාස කොට ඔහු දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු. සත්යය, නිවැරැදි ප්රකාශය ප්රකාශ කරනු.

Ahzab 33:71

සැබැවින්ම නුඹලා අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කොට නිවැරදි ප්රකාශ පවසා සිටියෙහු නම් නුඹලාගේ ක්රියාවන් ඔහු නුඹලාට විධිමත් කරනු ඇත. නුඹලාගෙන් ඒවා පිළිගනු ඇත. නුඹලාගේ පාපකම් නුඹලාගෙන් මකා දමනු ඇත. එවිට එමගින් ඔහු නුඹලා වැරදිකරුවන් බවට ග්රහණය නොකරනු ඇත. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු කිසිදු ජයග්රහණයකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයක් ලැබුවේය. එනම් ඒය, අල්ලාහ්ගේ තෘප්තියට පත්වීමෙන් හා ස්වර්ගයට පිවිසීමෙන් ලබන ජයග්රහණයයි.

Ahzab 33:72

සැබැවින්ම අපි ආගමික වගකීම්, ධනය හා රහසිගත දෑ ආරක්ෂා කරන දෑ අහස් මහපොළොව හා කඳු වෙතට ගෙන හැර පෑවෙමු. එය ඉසිලීමෙන් ඒවා වැළකිනි. එහි අවසන් ප්රතිඵල ගැන ඒවා බිය විය. මිනිසා එය ඉසිලීය. සැබැවින්ම ඔහු ඒවා ඉසිලීමේ අවසන් ප්රතිඵල පිළිබඳ නොදන්නා තමන්ටම අපරාධ කරගත් අයකු විය.

Ahzab 33:73

අල්ලාහ්ගෙන් වූ පෙර නියමය අනුව මිනිසා එය ඉසිලීය. පුරුෂයින් අතර සිටින කුහකයින් හා කාන්තාවන් අතර සිටින කුහක කාන්තාවන්හටත් පුරුෂයින් අතර සිටින බහුදේවවාදීන් හා කාන්තාවන් අතර සිටින බහුදේවවාදී කාන්තාවන්හටත් ඔවුන්ගේ කුහකත්වය හා ඔවුන් අල්ලාහ්ට ආදේශ තැබීම හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කරනු පිණිසය. එමෙන්ම වගකීමේ භාරකාරත්වය ඉසිලීම යහපත් ලෙස ක්රියාත්මක කළ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට අල්ලාහ් පාපක්ෂමාව පිරිනැමීම පිණිසය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාවේ නිරත වී යොමු වන්නන්හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.