Lafzullah

Sinhalese Mokhtasar — Sebe' 34:1 – Zümer 39:75

Author / source: Sinhalese Mokhtasar

Contents
  1. Sebe' 34:1
  2. Sebe' 34:2
  3. Sebe' 34:3
  4. Sebe' 34:4
  5. Sebe' 34:5
  6. Sebe' 34:6
  7. Sebe' 34:7
  8. Sebe' 34:8
  9. Sebe' 34:9
  10. Sebe' 34:10
  11. Sebe' 34:11
  12. Sebe' 34:12
  13. Sebe' 34:13
  14. Sebe' 34:14
  15. Sebe' 34:15
  16. Sebe' 34:16
  17. Sebe' 34:17
  18. Sebe' 34:18
  19. Sebe' 34:19
  20. Sebe' 34:20
  21. Sebe' 34:21
  22. Sebe' 34:22
  23. Sebe' 34:23
  24. Sebe' 34:24
  25. Sebe' 34:25
  26. Sebe' 34:26
  27. Sebe' 34:27
  28. Sebe' 34:28
  29. Sebe' 34:29
  30. Sebe' 34:30
  31. Sebe' 34:31
  32. Sebe' 34:32
  33. Sebe' 34:33
  34. Sebe' 34:34
  35. Sebe' 34:35
  36. Sebe' 34:36
  37. Sebe' 34:37
  38. Sebe' 34:38
  39. Sebe' 34:39
  40. Sebe' 34:40
  41. Sebe' 34:41
  42. Sebe' 34:42
  43. Sebe' 34:43
  44. Sebe' 34:44
  45. Sebe' 34:45
  46. Sebe' 34:46
  47. Sebe' 34:47
  48. Sebe' 34:48
  49. Sebe' 34:49
  50. Sebe' 34:50
  51. Sebe' 34:51
  52. Sebe' 34:52
  53. Sebe' 34:53
  54. Sebe' 34:54
  55. Fatır 35:1
  56. Fatır 35:2
  57. Fatır 35:3
  58. Fatır 35:4
  59. Fatır 35:5
  60. Fatır 35:6
  61. Fatır 35:7
  62. Fatır 35:8
  63. Fatır 35:9
  64. Fatır 35:10
  65. Fatır 35:11
  66. Fatır 35:12
  67. Fatır 35:13
  68. Fatır 35:14
  69. Fatır 35:15
  70. Fatır 35:16
  71. Fatır 35:17
  72. Fatır 35:18
  73. Fatır 35:19
  74. Fatır 35:20
  75. Fatır 35:21
  76. Fatır 35:22
  77. Fatır 35:23
  78. Fatır 35:24
  79. Fatır 35:25
  80. Fatır 35:26
  81. Fatır 35:27
  82. Fatır 35:28
  83. Fatır 35:29
  84. Fatır 35:30
  85. Fatır 35:31
  86. Fatır 35:32
  87. Fatır 35:33
  88. Fatır 35:34
  89. Fatır 35:35
  90. Fatır 35:36
  91. Fatır 35:37
  92. Fatır 35:38
  93. Fatır 35:39
  94. Fatır 35:40
  95. Fatır 35:41
  96. Fatır 35:42
  97. Fatır 35:43
  98. Fatır 35:44
  99. Fatır 35:45
  100. Yâsin 36:1
  101. Yâsin 36:2
  102. Yâsin 36:3
  103. Yâsin 36:4
  104. Yâsin 36:5
  105. Yâsin 36:6
  106. Yâsin 36:7
  107. Yâsin 36:8
  108. Yâsin 36:9
  109. Yâsin 36:10
  110. Yâsin 36:11
  111. Yâsin 36:12
  112. Yâsin 36:13
  113. Yâsin 36:14
  114. Yâsin 36:15
  115. Yâsin 36:16
  116. Yâsin 36:17
  117. Yâsin 36:18
  118. Yâsin 36:19
  119. Yâsin 36:20
  120. Yâsin 36:21
  121. Yâsin 36:22
  122. Yâsin 36:23
  123. Yâsin 36:24
  124. Yâsin 36:25
  125. Yâsin 36:26
  126. Yâsin 36:27
  127. Yâsin 36:28
  128. Yâsin 36:29
  129. Yâsin 36:30
  130. Yâsin 36:31
  131. Yâsin 36:32
  132. Yâsin 36:33
  133. Yâsin 36:34
  134. Yâsin 36:35
  135. Yâsin 36:36
  136. Yâsin 36:37
  137. Yâsin 36:38
  138. Yâsin 36:39
  139. Yâsin 36:40
  140. Yâsin 36:41
  141. Yâsin 36:42
  142. Yâsin 36:43
  143. Yâsin 36:44
  144. Yâsin 36:45
  145. Yâsin 36:46
  146. Yâsin 36:47
  147. Yâsin 36:48
  148. Yâsin 36:49
  149. Yâsin 36:50
  150. Yâsin 36:51
  151. Yâsin 36:52
  152. Yâsin 36:53
  153. Yâsin 36:54
  154. Yâsin 36:55
  155. Yâsin 36:56
  156. Yâsin 36:57
  157. Yâsin 36:58
  158. Yâsin 36:59
  159. Yâsin 36:60
  160. Yâsin 36:61
  161. Yâsin 36:62
  162. Yâsin 36:63
  163. Yâsin 36:64
  164. Yâsin 36:65
  165. Yâsin 36:66
  166. Yâsin 36:67
  167. Yâsin 36:68
  168. Yâsin 36:69
  169. Yâsin 36:70
  170. Yâsin 36:71
  171. Yâsin 36:72
  172. Yâsin 36:73
  173. Yâsin 36:74
  174. Yâsin 36:75
  175. Yâsin 36:76
  176. Yâsin 36:77
  177. Yâsin 36:78
  178. Yâsin 36:79
  179. Yâsin 36:80
  180. Yâsin 36:81
  181. Yâsin 36:82
  182. Yâsin 36:83
  183. Saffat 37:1
  184. Saffat 37:2
  185. Saffat 37:3
  186. Saffat 37:4
  187. Saffat 37:5
  188. Saffat 37:6
  189. Saffat 37:7
  190. Saffat 37:8
  191. Saffat 37:9
  192. Saffat 37:10
  193. Saffat 37:11
  194. Saffat 37:12
  195. Saffat 37:13
  196. Saffat 37:14
  197. Saffat 37:15
  198. Saffat 37:16
  199. Saffat 37:17
  200. Saffat 37:18
  201. Saffat 37:19
  202. Saffat 37:20
  203. Saffat 37:21
  204. Saffat 37:22
  205. Saffat 37:23
  206. Saffat 37:24
  207. Saffat 37:25
  208. Saffat 37:26
  209. Saffat 37:27
  210. Saffat 37:28
  211. Saffat 37:29
  212. Saffat 37:30
  213. Saffat 37:31
  214. Saffat 37:32
  215. Saffat 37:33
  216. Saffat 37:34
  217. Saffat 37:35
  218. Saffat 37:36
  219. Saffat 37:37
  220. Saffat 37:38
  221. Saffat 37:39
  222. Saffat 37:40
  223. Saffat 37:41
  224. Saffat 37:42
  225. Saffat 37:43
  226. Saffat 37:44
  227. Saffat 37:45
  228. Saffat 37:46
  229. Saffat 37:47
  230. Saffat 37:48
  231. Saffat 37:49
  232. Saffat 37:50
  233. Saffat 37:51
  234. Saffat 37:52
  235. Saffat 37:53
  236. Saffat 37:54
  237. Saffat 37:55
  238. Saffat 37:56
  239. Saffat 37:57
  240. Saffat 37:58
  241. Saffat 37:59
  242. Saffat 37:60
  243. Saffat 37:61
  244. Saffat 37:62
  245. Saffat 37:63
  246. Saffat 37:64
  247. Saffat 37:65
  248. Saffat 37:66
  249. Saffat 37:67
  250. Saffat 37:68
  251. Saffat 37:69
  252. Saffat 37:70
  253. Saffat 37:71
  254. Saffat 37:72
  255. Saffat 37:73
  256. Saffat 37:74
  257. Saffat 37:75
  258. Saffat 37:76
  259. Saffat 37:77
  260. Saffat 37:78
  261. Saffat 37:79
  262. Saffat 37:80
  263. Saffat 37:81
  264. Saffat 37:82
  265. Saffat 37:83
  266. Saffat 37:84
  267. Saffat 37:85
  268. Saffat 37:86
  269. Saffat 37:87
  270. Saffat 37:88
  271. Saffat 37:89
  272. Saffat 37:90
  273. Saffat 37:91
  274. Saffat 37:92
  275. Saffat 37:93
  276. Saffat 37:94
  277. Saffat 37:95
  278. Saffat 37:96
  279. Saffat 37:97
  280. Saffat 37:98
  281. Saffat 37:99
  282. Saffat 37:100
  283. Saffat 37:101
  284. Saffat 37:102
  285. Saffat 37:103
  286. Saffat 37:104
  287. Saffat 37:105
  288. Saffat 37:106
  289. Saffat 37:107
  290. Saffat 37:108
  291. Saffat 37:109
  292. Saffat 37:110
  293. Saffat 37:111
  294. Saffat 37:112
  295. Saffat 37:113
  296. Saffat 37:114
  297. Saffat 37:115
  298. Saffat 37:116
  299. Saffat 37:117
  300. Saffat 37:118
  301. Saffat 37:119
  302. Saffat 37:120
  303. Saffat 37:121
  304. Saffat 37:122
  305. Saffat 37:123
  306. Saffat 37:124
  307. Saffat 37:125
  308. Saffat 37:126
  309. Saffat 37:127
  310. Saffat 37:128
  311. Saffat 37:129
  312. Saffat 37:130
  313. Saffat 37:131
  314. Saffat 37:132
  315. Saffat 37:133
  316. Saffat 37:134
  317. Saffat 37:135
  318. Saffat 37:136
  319. Saffat 37:137
  320. Saffat 37:138
  321. Saffat 37:139
  322. Saffat 37:140
  323. Saffat 37:141
  324. Saffat 37:142
  325. Saffat 37:143
  326. Saffat 37:144
  327. Saffat 37:145
  328. Saffat 37:146
  329. Saffat 37:147
  330. Saffat 37:148
  331. Saffat 37:149
  332. Saffat 37:150
  333. Saffat 37:151
  334. Saffat 37:152
  335. Saffat 37:153
  336. Saffat 37:154
  337. Saffat 37:155
  338. Saffat 37:156
  339. Saffat 37:157
  340. Saffat 37:158
  341. Saffat 37:159
  342. Saffat 37:160
  343. Saffat 37:161
  344. Saffat 37:162
  345. Saffat 37:163
  346. Saffat 37:164
  347. Saffat 37:165
  348. Saffat 37:166
  349. Saffat 37:167
  350. Saffat 37:168
  351. Saffat 37:169
  352. Saffat 37:170
  353. Saffat 37:171
  354. Saffat 37:172
  355. Saffat 37:173
  356. Saffat 37:174
  357. Saffat 37:175
  358. Saffat 37:176
  359. Saffat 37:177
  360. Saffat 37:178
  361. Saffat 37:179
  362. Saffat 37:180
  363. Saffat 37:181
  364. Saffat 37:182
  365. Sâd 38:1
  366. Sâd 38:2
  367. Sâd 38:3
  368. Sâd 38:4
  369. Sâd 38:5
  370. Sâd 38:6
  371. Sâd 38:7
  372. Sâd 38:8
  373. Sâd 38:9
  374. Sâd 38:10
  375. Sâd 38:11
  376. Sâd 38:12
  377. Sâd 38:13
  378. Sâd 38:14
  379. Sâd 38:15
  380. Sâd 38:16
  381. Sâd 38:17
  382. Sâd 38:18
  383. Sâd 38:19
  384. Sâd 38:20
  385. Sâd 38:21
  386. Sâd 38:22
  387. Sâd 38:23
  388. Sâd 38:24
  389. Sâd 38:25
  390. Sâd 38:26
  391. Sâd 38:27
  392. Sâd 38:28
  393. Sâd 38:29
  394. Sâd 38:30
  395. Sâd 38:31
  396. Sâd 38:32
  397. Sâd 38:33
  398. Sâd 38:34
  399. Sâd 38:35
  400. Sâd 38:36
  401. Sâd 38:37
  402. Sâd 38:38
  403. Sâd 38:39
  404. Sâd 38:40
  405. Sâd 38:41
  406. Sâd 38:42
  407. Sâd 38:43
  408. Sâd 38:44
  409. Sâd 38:45
  410. Sâd 38:46
  411. Sâd 38:47
  412. Sâd 38:48
  413. Sâd 38:49
  414. Sâd 38:50
  415. Sâd 38:51
  416. Sâd 38:52
  417. Sâd 38:53
  418. Sâd 38:54
  419. Sâd 38:55
  420. Sâd 38:56
  421. Sâd 38:57
  422. Sâd 38:58
  423. Sâd 38:59
  424. Sâd 38:60
  425. Sâd 38:61
  426. Sâd 38:62
  427. Sâd 38:63
  428. Sâd 38:64
  429. Sâd 38:65
  430. Sâd 38:66
  431. Sâd 38:67
  432. Sâd 38:68
  433. Sâd 38:69
  434. Sâd 38:70
  435. Sâd 38:71
  436. Sâd 38:72
  437. Sâd 38:73
  438. Sâd 38:74
  439. Sâd 38:75
  440. Sâd 38:76
  441. Sâd 38:77
  442. Sâd 38:78
  443. Sâd 38:79
  444. Sâd 38:80
  445. Sâd 38:81
  446. Sâd 38:82
  447. Sâd 38:83
  448. Sâd 38:84
  449. Sâd 38:85
  450. Sâd 38:86
  451. Sâd 38:87
  452. Sâd 38:88
  453. Zümer 39:1
  454. Zümer 39:2
  455. Zümer 39:3
  456. Zümer 39:4
  457. Zümer 39:5
  458. Zümer 39:6
  459. Zümer 39:7
  460. Zümer 39:8
  461. Zümer 39:9
  462. Zümer 39:10
  463. Zümer 39:11
  464. Zümer 39:12
  465. Zümer 39:13
  466. Zümer 39:14
  467. Zümer 39:15
  468. Zümer 39:16
  469. Zümer 39:17
  470. Zümer 39:18
  471. Zümer 39:19
  472. Zümer 39:20
  473. Zümer 39:21
  474. Zümer 39:22
  475. Zümer 39:23
  476. Zümer 39:24
  477. Zümer 39:25
  478. Zümer 39:26
  479. Zümer 39:27
  480. Zümer 39:28
  481. Zümer 39:29
  482. Zümer 39:30
  483. Zümer 39:31
  484. Zümer 39:32
  485. Zümer 39:33
  486. Zümer 39:34
  487. Zümer 39:35
  488. Zümer 39:36
  489. Zümer 39:37
  490. Zümer 39:38
  491. Zümer 39:39
  492. Zümer 39:40
  493. Zümer 39:41
  494. Zümer 39:42
  495. Zümer 39:43
  496. Zümer 39:44
  497. Zümer 39:45
  498. Zümer 39:46
  499. Zümer 39:47
  500. Zümer 39:48
  501. Zümer 39:49
  502. Zümer 39:50
  503. Zümer 39:51
  504. Zümer 39:52
  505. Zümer 39:53
  506. Zümer 39:54
  507. Zümer 39:55
  508. Zümer 39:56
  509. Zümer 39:57
  510. Zümer 39:58
  511. Zümer 39:59
  512. Zümer 39:60
  513. Zümer 39:61
  514. Zümer 39:62
  515. Zümer 39:63
  516. Zümer 39:64
  517. Zümer 39:65
  518. Zümer 39:66
  519. Zümer 39:67
  520. Zümer 39:68
  521. Zümer 39:69
  522. Zümer 39:70
  523. Zümer 39:71
  524. Zümer 39:72
  525. Zümer 39:73
  526. Zümer 39:74
  527. Zümer 39:75

Sebe' 34:1

අහස්හි ඇති සියලු දෑ ද, මහපොළොවේ ඇති සියලු දෑ ද, මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් සතු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. මතුලොවෙහි සියලු ප්රශංසා, සුවිශුද්ධයාණන් වන ඔහුටම සතුය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.

Sebe' 34:2

මහපොළොව තුළට පිවිසෙන ජලය හැ පැලෑටි පිළිබඳ ඔහු දනී. ඉන් පිටවන පැලෑටි හා වෙනත් දෑ පිළිබඳව ද ඔහු දනී. එමෙන්ම අහසින් පහළ වන වර්ෂාව මලක්වරුන් හා පෝෂණ සම්පත් පිළිබඳව ද ඔහු දනී. අහසට ආරෝහණය වන මලක්වරුන් තම ගැත්තන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳව ද ඔහු දනී. ඔහු තම විශ්වාසී ගැත්තන් හට මහා කාරුණිකය. ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපයන්ට මහත් සේ සමාව දෙන්නාය.

Sebe' 34:3

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, "අවසන් හෝරාව කිසිවිටෙක පැමිණෙන්නේ නැතැ"යි පවසා සිටියහ. "අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘එසේය, අල්ලාහ් මත දිවුරා පවසමි. නුඹලා බොරු කරමින් සිටින අවසන් හෝරාව සැබැවින්ම නුඹලා වෙත පැමිණෙන්නේමය. නමුත් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු එහි නියමිත වේලාව ගැන නොදනී. ඔහු සුවිශුද්ධය අවසන් හෝරාව සම්බන්ධයෙන් සැඟවී ඇති දෑ හා වෙනත් දෑ පිළිබඳ ඔහු සර්වඥය. අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කුහුඹුවකුට වඩා කුඩා ප්රමාණයක් වුව ද ඒ කිසිවක් සුවිශුද්ධයාණන්ගේ දැනුමට සැඟවෙන්නේ නැත. සඳහන් කරනු ලැබූ දෑට වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි ග්රන්ථයේ සටහන් කරනු ලබනු මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා සිදුවන සියලු දෑ ලියා ඇති ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවයි."

Sebe' 34:4

අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහු ප්රතිඵල පිරිනැමීම සඳහා ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ ස්ථාවරව සටහන් කර ඇති දෑ අල්ලාහ් ස්ථීර ලෙස සටහන් කර ඇත. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ සමාව ඇත. එමගින් ඔහු ඔවුන් වැරදිකරුවන් ලෙස ග්රහණය නොකරයි. ඔවුනට ගෞරවණීය සංග්රහයක් ද ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන ඔහුගේ ස්වර්ගයයි.

Sebe' 34:5

අල්ලාහ් පහළ කළ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙරදරමින් කටයුතු කළවුන් වනාහි, ඔවුහු ඒ ගැන ‘එය හූනියමකැ’යි පැවසූහ. අපගේ දූතවරුන් ගැන ‘ඔහු හූනියම් කරුවෙකි. මායා කරුවෙකි. කවියෙකි.’ යැයි පැවසූහ. මෙම ගුණාංගවලින් විස්තර කරනු ලැබූවන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා නපුරු හා දරුණු දඬුවම් සතු වනු ඇත.

Sebe' 34:6

නබි සහගාමීන් අතර සිටි විද්වත්හු හා ආගම් ලත් ජනයා අතරින් අල්ලාහ් පිළිබඳ විශ්වාස කළ විද්වත්හු දිව්ය පණිවිඩ අතරින් නුඹ වෙත අල්ලාහ් පහළ කළ දෑ කිසිදු සැකයක් නැති සත්යය බවත් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි මෙලොවෙහි හා මතුලොවෙහි ප්රශංසාලාබී සර්වබලධාරියාණන්ගේ මාර්ගය වෙත එය මග පෙන්වන බවත් සාක්ෂි දරති.

Sebe' 34:7

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගෙන් ඇතැමෙකුට දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන පුදුමයෙන් හා හාස්යයෙන් යුතු ව, "සැබැවින්ම නුඹලා මරණයට පත් වූ විට නුඹලා කෑලි කෑලි වලට කපා හරිනු ලැබූ විට නුඹලාගේ මරණයෙන් පසු නුඹලාව යළි ජීවමානයන් ලෙස අවදි කරනු ලබන්නේ යැයි නුඹලාට දැනුම් දෙන මිනිසෙකු ගැන අපි නුඹලාට දන්වා සිටින්නදැ?"යි වමිසා සිටියෝය.

Sebe' 34:8

මේ මිනිසා අල්ලාහ් මත බොරු ගොතා අප මිය ගිය පසු ව අප ව යළි අවදි කරන්නා පිළිබඳ ඔහු තරයේ පවසා සිටින දෑ ඔහු තිරසාර ලෙස පවසන්නේ ද? එසේ නැතහොත් ඔහු කිසිදු සත්යයක් නැති උමතුවෙක් ද? මොවුන් විශ්වාස කරන පරිදි කරුණ නැත. එය සිදු වන්නේමය. සැබැවින්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමෙහි සිටිනු ඇත. එමෙන්ම මෙලොවෙහි ද සත්යයෙන් දුරස් ව අන්ත මුළාවෙහි පසුවනු ඇත.

Sebe' 34:9

යළි අවදි කරනු ලැබීම බොරු කරන මොවුහු මිහිතලයේ ඔවුන් ඉදිරියේ ඇති දෑ ගැන ද ඔවුනට පසුපසින් අහසේ ඇති දෑ ගැන ද ඔවුහු නොදුටුවෝද? ඔවුන්ගේ පාදවලට යටින් මහපොළොව කිඳා බැස්සවීමට අපි අභිමත කරන්නේ නම් ඔවුනට පහළින් අපි එය කිදා බස්සවන්නෙමු. එමෙන්ම අහසින් කැබැල්ලක් ඔවුන් මත වට්ටවන්නට අපි අභිමත කරන්නේ නම් ඔවුන් මත අපි අහසින් කැබැල්ලක් වට්ටවන්නෙමු. සැබැවින්ම මෙහි තම පරමාධිපතිට අවනත වීම සඳහා බොහෝ සේ යොමුවන සෑම ගැත්තෙකුහටම අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන තිරසාර සළකුණක් ඇත. ඒ සඳහා බලය ඇත්තා නුඹලාගේ මරණයෙන් පසු ව නුඹලාගේ ශරීර කීතුවලට ඉරී ගිය පසු ව නුඹලාව යළි අවදි කිරීමට බලය ඇත්තාය.

Sebe' 34:10

සැබැවින්ම අපි දාවූද් (අලයිහිස් සලාම්) තුමාට අප විසින් නබිත්වය හා පාලන බලය පිරිනැමුවෙමු. අපි කඳු දෙස බලා: අහෝ කඳු! දාවූද් සමග නුඹ මා සුවිශුද්ධ කරනු. පක්ෂීන්ට අප පැවසුවේ ද මෙලෙසමය. ඔහු කැමති මෙවලමක් යකඩින් සාදා ගනු පිණිස අපි ඔහුට එය මොලොක් කර දුන්නෙමු.

Sebe' 34:11

අහෝ දාවූද්! ඔවුන්ගේ සතුරන්ගෙන් ඔබේ රණකාමීන් ආරක්ෂා කරන විශාල පලිහ තනන්නටත් සිදුරට ගැලපෙන ඇණ සකසා ගන්නටත් ඒවාහි නොරැඳෙන පරිදි සියුම් ව හෝ එහි පිවිසිය නොහැකි පරිදි ඝන ව හෝ නුඹ ඒවා සකස් නොකර ප්රමාණයට සකස් කර ගැනීමටත් (යකඩ මොලොක් කර දුන්නෙමු.) නුඹලා දැහැමි ක්රියාවන්හි නිරත වනු. සැබැවින්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක වෙමි. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් මට සැඟවෙන්නේ නැත. ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි.

Sebe' 34:12

උදෑසන මසක දුරක් ගමන් කළ හැකි, සවස මසක දුරක් ගමන් කළ හැකි සුළඟ දාවූද්ගේ පුත් සුලෙයිමාන්ට අපි වසඟ කර දුනිමු. තඹවලින් ඔහු කැමති දෑ නිර්මාණය කරනු පිණිස ඔහු වෙනුවෙන් තඹ උල්පත් ගලන්නට සැලැස්වූයෙමු. ජින්නුන් අතරින් තම පරමාධිපතිගේ නියෝගය අනුව ඔහු අබියස සේවය කරන්නන් අපි ඔහුට වසඟ කර දුන්නෙමු. අපි කවර ක්රියාවක් ජින්නුන්හට අණ කර සිටියෙම් ද එයින් නැඹුරු වූ ජින්නුන් හට දළුලා ඇවිළෙන නිරා ගින්නේ දඬුවමින් විඳවන්නට සළස්වමු.

Sebe' 34:13

සුලෙයිමාන් තුමා සිතන පරිදි නැමදුම් සඳහා අවශ්ය මස්ජිද් හා බලකොටු එතුමා සිතන රූප, එතුමා සිතන පරිදි විශාල පොකුණු මෙන් වූ ජලතටාක ස්ථීරව පවතින ආහාර පිසින කල්දේරම් වැනි දෑ මෙම ජින්නුන් එතුමාට සිදු කර දුන්නේය. ඒවායෙහි විශාලත්වය හේතුවෙන් ඒවා නොසෙල්විය. ‘අහෝ දාවූද්ගේ ජනයිනි! නුඹලාට කවර කරුණක් අල්ලාහ් ආශිර්වාද කළේ ද ඒ වෙනුවෙන් ඔහුට කෘතඥ වනු. මාගේ ගැත්තන් අතරින් මා ආශිර්වාද කළ දෑ සඳහා කෘතඥ වනුයේ ස්වල්ප දෙනෙකු පමණි’ යැයි අපි ඔවුනට පැවසුවෙමු.

Sebe' 34:14

අපි සුලෙයිමාන්ට මරණය තීන්දු කළ කල්හි සැබැවින්ම හෙතෙම මිය යන බව පොළොවට සිටවා තිබූ ඔහුගේ සැරයටිය කා දමන පොළොවේ කෘමීන් හැර සෙසු ජින්නුන්හට මග පෙන්වනු නොලැබීය. හෙතෙම බිම ඇද වැටුණු කල්හි සැබැවින්ම තමන් ගුප්ත දෑ පිළිබඳ දැනුම නොමැත්තන් බව ඔවුනට පැහැදිලි විය. එය ඔවුන් දැන සිටියේ නම් ඔවුනට අත්වන නින්දා සහගත දඬුවමෙහි ඔවුහු රැඳී නොසිටින්නට තිබිණ. තවද සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා වෙනුවෙන් ඔවුන් වෙහෙස මහන්සියෙන් සිදු කරමින් සිටි ක්රියාවන් සැබැවින්ම ඔහු ඔවුන් ජීවමානව සිට නිරීක්ෂා කරමින් සිටින බව හැඟීමෙන් යුතු ව මිස කටයුතු කළේ නැත.

Sebe' 34:15

සබඃ ගෝත්රයට ඔවුන් ජීවත් වූ ඔවුන්ගේ වාසස්ථානයන්හි අල්ලාහ්ගේ ශක්තිය හා ඔහු ඔවුනට පිරිනැමූ ආශිර්වාදයන් එළිපිටම පෙන්වා දෙන සංඥාවක් විය. එය උයන් දෙකකි. ඒ දෙකින් එකක් දකුණු දෙසින් ද දෙවැන්න වම් දෙසින් ද පිහිටා තිබුණි. අපි ඔවුනට, ‘නුඹලාගේ පරමාධිපතිගේ පෝෂණයෙන් නුඹලා අනුභව කරනු. ඔහුගේ ආශිර්වාදයන් සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. මෙය ඉතා සුන්නදර දේශයකි. පරමාධිපතියාණන් වන මේ අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔහු වෙත පාපක්ෂමාව අයදින්නන්ගේ පාපකම්වලට සමාව දෙනු ඇත.' යැයි පැවසුවෙමු.

Sebe' 34:16

නමුත් අල්ලාහ්ට කෘතඥ වීමට සහ ඔහුගේ දූතවරුන් විශ්වාස කිරීමට ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට ඔවුන්ගේ ආශිර්වාදයන් විනාශයක් බවට පෙරළා දමමින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු. ඒ අනුව අපි ඔවුන්ගේ වේල්ල විනාශ කළ, ඔවුන්ගේ ගොවිපලවල් ජලයෙන් යට කළ ධාරානිපාත ජල ධාරාවක් ඔවුන් වෙත යැව්වෙමු. ඔවුන්ගේ උයන් දෙක තිත්ත පළතුරු හටගන්වන උයන් දෙකක් බවට පෙරළා දැමුවෙමු. ඒ දෙකෙහි පල හට නොගන්නා ගස් හා මසන් ගස් කිහිපයක් ද විය.

Sebe' 34:17

ඔවුන් කවර ආශිර්වාදයක් මත පිහිටියේ ද එය ලැබීමෙන් ඔවුන් පෙරළා දැමුවේ ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා එම ආශිර්වාදවලට කෘතඥවීමට ප්රතික්ෂේප කළ හේතු සාධකය නිසාවෙනි. අල්ලාහ්ගේ ආශිර්වාදවලට ඔවුන් බලවත් ලෙස ගුණමකු වූ බැවින් හා සුවිශුද්ධයාණන් වන ඔහු ව අධික ලෙස ප්රතික්ෂේප කළ බැවින් මිස මෙම දරුණු දඬුවම අපි ක්රියාත්මක නොකළෙමු.

Sebe' 34:18

යෙමනයේ සබඃ වාසීන් අතරත් අප සමෘද්ධිමත් කළ සිරියාවේ ගම්මාන අතරත් එකිනෙකට බැඳුණු ගම්මාන ඇති කළෙමු. ගමකින් ගමකට කිසිදු දුෂ්කරතාවයකින් තොරව පියනගමින් සිරියාවට ළගා විය හැකි වාතාවරණයක් අපි උදා කළෙමු. අපි ඔවුනට ‘රාත්රියේ හෝ දහවලේ හෝ නුඹලා කැමති වේලාවක සතුරන් සාගින්නෙන් හා පිපාසයෙන් සුරක්ෂිත ව එහි ගමන් කරනු යැයි පැවසුවෙමු.

Sebe' 34:19

දුර ප්රමාණය කෙටි කිරීමෙන් අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද ගැන ඔවුහු අහංකාර වූවෝය. පසු ව ‘අපගේ පරමාධිපතියාණනි! ගමනෙහි වෙහෙස අප විඳින තරමට අපගේ ප්රවාහන කටයතු අමතර වශයෙන් හෙළි වන තරමට එම ගම්මාන ඉවත් කොට අපගේ ගමන් අතර දුර අධික කරනු මැනව’ යැයි පැවසුවෝය. අල්ලාහ්ගේ ආශිර්වාදයන් පිළිබඳ ඔවුන් අහංකාර වූ බැවින් ද ඔහුට කෘතඥවීමට ඔවුන් ප්රතික්ෂේප කළ බැවින් ද ඔවුන් අතර සිටි දිළිඳුන් කෙරෙහි ඔවුන් ඊර්ෂ්ය කළ බැවින් ද ඔවුන්ගෙන් පසු පැමිණෙන ජනයා ඔවුන් ගැන කතා කරන වෘතාන්තයක් බවට පත් කළෙමු. එම ප්රදේශයන්හි ඔවුන් එකිනෙකා අතර ළඟා විය නොහැකි පරදී වෙන් වෙන් කොටස් බවට අපි ඔවුන් වෙන් කළෙමු. සඳහන් කරනු ලැබූ දෑහි- එනම් සබඃ වාසීන්ට ආශිර්වාද කිරීමෙන් පසු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ අහංකාරය හේතුවෙන් පළිගැනීම යනාදියෙහි - අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ පාපකම්වලින් දුරස්වීමෙහි මෙන්ම පරීක්ෂණයන් මත ඉවසන අල්ලාහ්ගේ ආශිර්වාදයන් සඳහා කෘතඥවන සෑම ඉවසිලිවන්තයකු හටම පාඩමක් ඇත.

Sebe' 34:20

සැබැවින්ම ඉබ්ලීස් ඔවුන් සත්යයෙන් නොමග හැරිය හැකි බවත් ඔවුන් මුළා කළ හැකි බවත් සිතූ පරිදි එය ඔවුනට තහවුරු විය. දේව විශ්වාසීන් අතර සිටි පිරිසක් හැර සෙසු අයවලුන් දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි ඔහු ව පිළිපැද්දෝය. නමුත් දේව විශ්වාසීහු ඔහු අනුගමනය නොකර ඔහුගේ අපේක්ෂාව ගැන බියෙන් පසුවූහ.

Sebe' 34:21

ඔවුන් නොමග යැවීමට ඔවුනට බල කරන කිසිදු ආධිපත්යයක් ඔවුන් මත දරන්නට ඉබ්ලීස්ට නොවීය. සැබැවින්ම ඔහු ඔවුනට එය අලංකාරවත් කොට ඔවුන් නොමග හරින්නට විය. එනමුත් ඔවුන් නොමග හැරීමට අපි ඔහුට අවසර දුන්නේ මතුලොව පිළිබඳ සැකයෙහි පසුවන්නන් අතරින් මතුලොව හා එහි ඇති ප්රතිඵල පිළිබඳ විශ්වාස කරන්නන්ගේ කරුණ හෙළි වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති සියලු දෑ කෙරෙහි ආරක්ෂකය. තම ගැත්තන්ගේ ක්රියාවන් ඔහු ආරක්ෂා කරයි. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමයි.

Sebe' 34:22

අහෝ දූතය! එම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු: “අල්ලාහ් හැර නුඹලාට සැබැවින්ම දෙවිවරුන් සිටන බව නුඹලා විශ්වාස කරන එම දෙවිවරුන් නුඹලාට යහපත ගෙන දෙන්නට හෝ නුඹලාට අත්වන උවදුරු නුඹලාගෙන් පහ කිරීමට හෝ නුඹලා ඇරයුම් කර සිටිනු. ඔවුනට අහස්හි හා මහපොළොවේ අනුවක තරම් ප්රමාණයක් හෝ කිසිදු හැකියාවක් නැත. අල්ලාහ් සමග එහි ඔවුනට හවුල් විය ද නොහැක. අල්ලාහ්ට උපකාර කරන කිසිවකු ද නැත. ඔහු සියලු හවුල්කරුවන්ගෙන් හා උදව්කරුවන්ගෙන් තොර ස්වාධීනය.

Sebe' 34:23

අල්ලාහ් අවසර දුන් අය හැර වෙනත් කිසිවෙකුගේ මැදිහත්වීම කිසිවෙකුට ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ් පිළිගත් අයට මිස වෙනත් කිසිවෙකුට මැදිහත් වීම සඳහා අවසර දෙන්නේ නැත. එය ඔහුගේ බලමහිමය හේතුවෙනි. ඔහුගේ බලමහිමය අතරින් ඔහු අහසෙහි කතා කළ විට ඔවුන්ගේ හදවත්වලින් බිය පහ ව යන තරමට ඔහුගේ ප්රකාශයට යටහත් පහත්ව ඔවුන්ගේ පියාපත් හෙළනු ඇත. මලක්වරුන් ජිබ්රීල් අලය්හිස් සලාම් තුමාට ‘නුඹේ පරමාධිපති කුමක් පවසන්නේ දැ?යි විමසති. එවිට ජිබ්රීල් "ඔහු සත්යය පැවසීය. ඔහුගේ පැවැත්මෙන් හා ඔහුගේ බලාධිකාරයෙන් ඔහු අති උසස්ය. ඔහු හැර සෙසු සියලු දෑට වඩා ඔහු අති ශ්රේෂ්ඨය." යැයි පවසනු ඇත.

Sebe' 34:24

අහෝ දූතය! ‘අහසින් වැසි වස්වා මහපොළොවේ පළතුරු හා බවභෝග හටගන්වා නුඹලාට පෝෂණ සම්පත් පිරිනමනුයේ කවු දැ?’යි මෙම දේව ආදේශකයින්ගෙන් විමසනු. "ඉන් නුඹලාට පෝෂණ සම්පත් පිරිනමනුයේ අල්ලාහ්" යැයි පවසනු. තවද "අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහමග මත සිටින්නන්, එසේ නැතහොත් මාර්ගයෙන් පිටපැන පැහැදිලි මුළාවෙහි පසුවන්නන්. එහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම යහමග සිටින්නන් දේව විශ්වාසීන් බවටත් නොමග ගියවුන් දේව ආදේශකයින් බවටත් කිසිදු සැකයක් නැත.

Sebe' 34:25

"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප සිදු කළ පාපකම් ගැන නුඹලාගෙන් විමසනු නොලැබේ. එමෙන්ම නුඹලා සිදු කරමින් සිටි දෑ ගැන අපෙන් විමසනු නොලැබේ." යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු.

Sebe' 34:26

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප අතර හා නුඹලා අතර අල්ලාහ් එක්රැස් කරනු ඇත. පසු ව අප අතර හා නුඹලා අතර යුක්ති ධර්මය අනුව තීන්දු පිරිනමනු ඇත. සත්යවාදියා අසත්යවාදියාගෙන් පැහැදිලිව වෙන් කරනු ඇත. සාධාරණත්වය අනුව තීන්දු ලබා දෙන තීරකයා ඔහුය. ඔහු කවර තීන්දුවක් පිරිනමන්නේ ද ඒ ගැන මහා ප්රඥාවන්තය.

Sebe' 34:27

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නැමදුමෙහි අල්ලාහ් සමග නුඹලා හවුල් කරමින් ඔහුට සමානයන් පත් කළ අය නුඹලා මට පෙන්වනු. එසේ නොව, සැබැවින්ම ඔහුට හවුල්කරුවන් ඇතැයි නුඹලා විචිත්රවත් කරන පරිදි එම කරුණ නැත. නමුත් ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Sebe' 34:28

අහෝ දූතය! අපි නුඹව මිනිස් සමූහයා වෙත පොදුවේ යැව්වෙමු. දේව භක්තිකයින්හට ස්වර්ගය හිමි බව සුභාරංචි දන්වන්නෙකු ලෙසත් දේව ප්රතික්ෂේපිත හා පාපිෂ්ඨ ජනයාට නිරා ගින්න ගැන අවවාද කරන්නෙකු ලෙසත් මිස අපි නුඹ ව ඔවුන් අතරට නොයැව්වෙමු. නමුත් බහුතරයක් ජනයා ඒ ගැන වටහා නොගනිති. ඔවුහු ඒ ගැන වටහා ගත්තේ නම් ඔවුහු නුඹට බොරු නොකරන්නට තිබුණි.

Sebe' 34:29

දේව ආදේශකයෝ, ඔවුන් බිය ගන්වනු ලැබූ දඬුවම ඉක්මන් කරන මෙන් ඉල්ලා සිටිමින් "සැබැවින්ම එය සත්යය යැයි නුඹලා වාද කරන දෑහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් දඬුවම පිළිබඳ ප්රඥාව කවදා සිදුවන්නේදැ"යි විමිසා සිටිති.

Sebe' 34:30

අහෝ දූතය! දඬුවම ඉක්මන් කරන මෙන් පතන මොවුනට නුඹ මෙසේ පවසනු. නියමිත දිනය ගැන වූ ප්රතිඥාව නුඹලාට හිමිය. එයින් මොහොතක් හෝ නුඹලාව ප්රමාද කරනු නොලබන අතර මොහොතක් හෝ ඉක්මන් කරනු නොලබනු ඇත. එම දිනය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.

Sebe' 34:31

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්,‘සැබැවින්ම තමා වෙත පහළ කරනු ලැබූ බව මුහම්මද් තුමා පවසන අල් කුර්ආනය අපි කිසිවිටෙක විශ්වාස නොකරන්නෙමු. තවද, පෙර පහළ වූ දිව්ය ග්රන්ථ ද කිසිවිටෙක අපි විශ්වාස නොකරන්නෙමු.’ යැයි පැවසූහ. අහෝ දූතයාණෙනි! විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් රඳවා තබන ලබනු ඔබ දුටුවේ නම්. ඔවුන් අතර එකිනෙකා කතා කර ගනිමින්, ඔවුන් සෑම කෙනෙකුම අනෙකා මත වගකීම පවරමින් දොස් නගනු ඇත. දුර්වල බව සළකණු ලබන අනුගාමිකයින් තමන් මෙලොවෙහි දුර්වලතාවයට පත් කළ තමන්ගේ නායකයින් දෙස බලා "නුඹලා අප නොමග නොයැව්වෙහු නම්, සැබැවින්ම අපි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නන් ලෙස සිටින්නට තිබුණි."යැයි පවසා සිටිති.

Sebe' 34:32

සත්යය පිළිගැනීමට උඩඟු වූ, පිළිපදිනු ලැබූවන්ව දුර්වලතාවයට පත් කළ අනුගාමිකයින් දෙස බලා ‘මුහම්මද් නුඹලා වෙත ගෙන ආ යහමගින් නුඹලාව වැළැක්වූයේ අප ද? නැත. නුඹලා අපරාධකාරීන් ලෙසත් කලහකාරීන් ලෙසත් ප්රචණ්ඩත්වය ඇති කරන්නන් ලෙස සිටියෙහුය." යැයි පවසති.

Sebe' 34:33

එසේ පිළිපදිනු ලැබ, ඔවුන්ගේ අනුගාමිකයින්ට නායකත්වය දුන් සත්යය පිළිගැනීමට උඬඟු වූවෝ "යහමගින් අප වැළැක්වූයේ නුඹලා රාත්රියෙහි හා දහවලහි අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ද ඔහු හැර මැවීම් වලට නැමදුම් කරන මෙන් ද නුඹලා අපට නියෝග කරමින් සිදු කළ නුඹලාගේ කුමන්ත්රණ වේ." යැයි පවසති. ඔවුන් දඬුවම දුටු විට මෙලොවෙහි ඔවුන් කවර දෙයක් ප්රතික්ෂේප කළේ ද ඒ ගැන පසුතැවිලි වෙමින් බියෙන් පසුවෙති. සැබැවින්ම ඔවුන් දඬුවම් කරනු ලබන්නන් බව වටහා ගනිති. පසුව අපි දේව ප්රතික්ෂේපකයින්ගේ ගෙලවල්වල විලංගු දමන්නෙමු. ඔවුන් අල්ලාහ් හැර දමා වෙනත් දෑ නැමදුම් කරමින් හා පාපකම් කරමින් සිදු කළ ක්රියාවන්ට එය හැර වෙනත් ප්රතිඵලයක් ඔවුනට දෙනු නොලැබේ.

Sebe' 34:34

අල්ලාහ්ගේ දඬුවම ගැන බිය ගන්වමින් දූතයකු යම් ගම්මානයකට අප එවූ කල්හි එහි සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බලාධිකාරීන්, නිලයලත් අධිකාරීන් හා පොහොසතුන්, ‘අහෝ දූතවරුනි! නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන සැබැවින්ම අපි ප්රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියහ.

Sebe' 34:35

එසේ කීර්තියෙන් වැජඹුණු අහංකාර මුරණ්ඩුවූවෝ, ‘අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වෙමු. සැබැවින්ම අපි දඬුවම් කරනු ලබන්නන් යැයි නුඹලා දරණ විශ්වාසය බොරුවක් මිස නැත. මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ද අපි දඬුවමට ලක්වන්නන් නොවෙමු.’ යැයි පැවසූහ.

Sebe' 34:36

තමන්ට පිරිනමන ලද සැපසම්පත් වලින් රැවටුණු මොවුනට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණන් සුවිශුද්ධය. උත්තරීතරය. ඔහු අභිමත කරන අයට, ඔහුට කෘතඥ වන්නේ ද එසේ නැතහොත් ගුණමකු වන්නේදැ?යි තෝරා ගනු පිණිස පෝෂණ සම්පත් විස්තීරණ ව ලබා දෙයි. එමෙන්ම ඔහු අභිමත කරන අයට ඔහු ඉවසන්නේ ද එසේ නැතහොත් කෝප වන්නේ දැයි පරීක්ෂා කරනු පිණිස ඒවා සීමා කර දෙයි. සැබැවින්ම අල්ලාහ් මහා ප්රඥාවන්තයා බව මිනිසුන් අතරින් බහුතරයක් දෙනා නොදනිති." සැබැවින්ම ගැඹුරු ප්රඥාවක් හේතුවෙන් මිස කිසිදු කරුණක් ඔහු නියම කරන්නේ නැත. එය දන්නා උදවිය ඒ ගැන දන්නෝය. එය නොදන්නා උදවිය ඒ ගැන නොදන්නෝය.

Sebe' 34:37

අහංකාරයෙන් පුරසාරම් දොඩන නුඹලාගේ ධනය හෝ නුඹලාගේ දරුවන් හෝ අල්ලාහ්ගේ තෘප්තිය වෙත නුඹලා ව මෙහෙයවන්නේ නැත. නමුත් අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුහු ගුණ කරනු ලබන ප්රතිඵල හිමි කර ගනී. ධනය වනාහි, අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් කිරීමෙන් ඔහු වෙත සමීප කරවයි. දරුවන් වනාහි, ඔවුන් ඔහුට ප්රාර්ථනා කිරීමෙන් සමීප කරවයි. දෙවියන් විශ්වාස කොට යහකම් සිදු කළවුන් වන ඔවුනට ඔවුන් සිදු කළ දෑ සඳහා ගුණ කරන ලද කුසල් හිමි වන්නේය. දඬුවම, මරණය, සුවපහසුකම් අහිමි වීම, යනාදී ලෙසින් ඔවුන් බියවන සියලු ආකාරයේ දැයින් සුරක්ෂිත වූවන් ලෙස ස්වර්ගයේ ඇති උසස් නවාතැන්වල සිටිති.

Sebe' 34:38

අපගේ වදන්වලින් ජනයා වෙනතකට හැරවීමෙහි උපරිමයෙන්ම කැපවන, තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යුහුසුළුවෙන් කටයුතු කරන, දේව ප්රතික්ෂේපකයින් වන ඔවුහු මෙලොවෙහි පාඩුවිඳින්නන් වන අතරම මතුලොවෙහි දඬුවමට ලක් වන්නෝ ද වෙති.

Sebe' 34:39

අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘සැබැවින්ම මාගේ පරමාධිපති සුවිශුද්ධය. උත්තරීතරය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට පෝෂණ සම්පත් ව්යාප්ත කර දෙයි. එමෙන්ම ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර දෙයක් වියදම් කළ ද සුවිශුද්ධ උත්තරීතරයාණන් ඊට වඩා යහපත් දෙයක් මෙලොවෙහි නුඹලාට පිරිනමයි. එමෙන්ම මතුලොවෙහි ද නුඹලාට අතිවිශාල කුසල් ඇත. සුවිශුද්ධයාණන් වන අල්ලාහ් පෝෂණ සම්පත් පිරිනමන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය. එහෙයින් කවරෙකු පෝෂණ සම්පත් පතන්නේ ද සුවිශුද්ධයාණන් වෙත ඔහු යොමු වෙත්වා!

Sebe' 34:40

අහෝ දූතය! අල්ලාහ් ඔවුන් සියලු දෙනා එක්රැස් කරන දිනය මෙනෙහි කර බලනු. පසු ව සුවිශුද්ධයාණන් දේව ආදේශකයින් හෙළා දකිමින් හා පිළිකුල් කරමින් මලක්වරුන් දෙස බලා ‘මෙලොව ජීවිතයේ අල්ලාහ් හැර දමා නුඹලාව නමදිමින් සිටියවුන් මොවුහුදැ?යි විමසා සිටියි.

Sebe' 34:41

මලාඉකාවරුන් පිවිතුරු කරමින් හා සුවිශුද්ධ කරමින්, "අපගේ භාරකරු ඔවුන් නොව ඔබය. අප අතර හා ඔවුන් අතර කිසිදු භාරකාරත්වයක් නැත. එනමුත් එම දේව ආදේශකයෝ නපුරු බලවේගවලට ගැතිකම් කරති. සැබැවින්ම ඔවුන් මලක්වරුන් යැයි විචිත්රවත් කර ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ව විශ්වාස කරන්නෝ වෙති." යැයි පවසති.

Sebe' 34:42

අවදි කරවා විනිශ්චය කරන දිනයේ මෙලොවෙහි නැමදුමට ලක්වූවන්හට, අල්ලාහ් හැර තමන් ව නමදිමින් සිටි අය වෙනුවෙන් සෙත සලසන්නට කිසිදු හැකියාවක් ලබන්නේ නැත. ඔවුනට කිසිදු හිංසාවක් කිරීමට ද නොහැක. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය හට, "නුඹලා මෙලොවෙහි කවර කරුණක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු." යැයි පවසන්නෙමු.

Sebe' 34:43

අපගේ දූතයාණන් වෙත කිසිදු මුසුවීමකින් තොරව පැහැදිලිව පහළ කරන ලද අපගේ වදන් ප්රතික්ෂේප කළ මෙම ආදේශකයින් වෙත කියවා පෙන්වනු ලබන විට ඔවුහු, ‘මෙය ගෙන ආ මේ මිනිසා නුඹලාගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටියේ ද එයින් නුඹලාව හරවන්නට අපේක්ෂා කරන මිනිසෙකු මිස නැත.’ යැයි පැවසුවෝය. තවදුරටත්, ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් මත ඔහු ගෙතූ බොරුවක් මිස නැතැ’යි ද පැවසුවෝය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් අල් කුර්ආනය අල්ලාහ් අබියසින් ඔවුන් වෙත පැමිණි කල්හි එයට, ‘මෙය පුද්ගලයකු හා ඔහුගේ බිරිය අතරත් පුතෙකු හා ඔහුගේ පියා අතරත් වෙන් කිරීම සඳහා වන පැහැදිලි හූනියමක් මිස නැත.’ යැයි පවසති.

Sebe' 34:44

සැබැවින්ම මෙම අල් කුර්ආනය මුහම්මද් විසින් ගොතන ලද බොරුවකි යැයි ඔවුනට මග පෙන්වන තරමට ඔවුන් කියවන කිසිදු ග්රන්ථයක් අපි ඔවුනට පිරිනැමුවේ නැත. එමෙන්ම අහෝ දූතයාණනි! නුඹ ව එවීමට පෙර අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන කිසිදු දූතයකු ඔවුන් වෙත එව්වේ ද නැත.

Sebe' 34:45

ආද්, සමූද්, ලූත්ගේ ජනයා වැනි පෙර විසූ ජන සමූහයන්ද බොරු කළෝය. පෙර විසූ ජන සමූහයන් ලබා තිබූ ශක්තිය, ආශිර්වාදය, ධනය හා සංඛ්යාව අනුව නුඹේ ජනයා අතර සිටින දේව ආදේශකයින් දහයෙන් කොටසක් හෝ ළඟා කර ගෙන නැත. එසේ තිබියදීත් ඔවුන් අතරින් සෑම සමූහයක්ම එම සමූහයාගේ දූතයාණන් බොරු බවට පත් කළේය. ඔවුනට පිරිනමනු ලැබූ ධනය ශක්තිය හෝ සංඛ්යාව ඔවුනට ප්රයෝජනවත් නොවීය. මාගේ දඬුවම ඔවුනට පහළ විය. අහෝ දූතය! ඔවුන් වෙත වූ මාගේ අවවාදය කෙසේ වීදැයි ද ඔවුන් වෙනුවෙන් වූ මාගේ දඬුවම කෙසේ වී දැයි ද මැනවින් බලනු.

Sebe' 34:46

අහෝ දූතය! මෙම ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘සැබැවින්ම මම නුඹලාට සැල කර සිටිනුයේ නුඹලාට අවවාද කර සිටිනුයේ එක් කරුණකි. එනම් එය සුවිශුද්ධ අල්ලාහ් සතු මගපෙන්වීම වෙන් වෙන්ව දෙදෙනා බැගින් හෝ තනි තනිව හෝ ක්රියාත්මක කිරීමය. පසු ව නුඹලාගේ මිතුරාගේ චරිතය ගැන සිතා බලනු. ඔහුගේ බුද්ධිය ඔහුගේ සත්යතාව හා ඔහුගේ විශ්වසනීයත්වය ගැන සිතා බලනු. සැබැවින්ම ඔහුට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උමතුවක් නැති බව නුඹලාට පැහැදිළි වනු ඇත. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තැබීමෙන් නුඹලා මිදී ඔහු වෙත පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් ඔහු සතුව ඇති දැඩි දඬුවම ගැන නුඹලාට අවවාද කරන්නෙකු ලෙස මිස ඔහු නොවීය.

Sebe' 34:47

අහෝ දූතය! බොරුකාර මෙම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘නුඹලා වෙත මා ගෙන ආ යහමග හා යහපත වෙනුවෙන් - එහි පැවැත්ම පිළිබඳ අගය කරමින්- මම නුඹලාගෙන් කිසිදු කුසලක් හෝ කුලියක් හෝ නොපතමි. එය නුඹලා වෙනුවෙන්මය. මාගේ කුසල් අල්ලාහ් මත පමණක් මිස නැත. සුවිශුද්ධයාණන් වන ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය. සැබැවින්ම මම නුඹලාට දන්වා සිටි බවට ඔහු සාක්ෂි දරනු ඇත. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් සඳහා ද ඔහු සාක්ෂි දරනු ඇත. ඒ අනුව ඒවායෙහි ප්රතිඵල ඔහු නුඹලාට පූර්ණ ව පිරිනමනු ඇත.'

Sebe' 34:48

අහෝ දූතය! ‘සැබැවින්ම මාගේ පරමාධිපති ව්යාජ දෑ මත සත්යය ආධිපත්යය දරන්නට සලස්වා එය නිෂ්ඵල කරනු ඇත. ඔහු ගුප්ත දෑ පිළිබඳ දන්නා මහා ඥානීය. අහස්හි හෝ මහපොළොවේ හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහුගේ ගැත්තන්ගේ ක්රියාවන් ද ඔහුට සැඟවෙන්නේ නැත.’ යැයි පවසනු.

Sebe' 34:49

අහෝ දූතය! මෙම බොරුකාර ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘සත්යය පැමිණියේය. එය ඉස්ලාමයයි. කිසිදු බලපෑමක් හෝ කිසිදු ශක්තියක් හෝ බිහි කළ නොහැකි එහි ක්රියාකාරිත්වය වෙත නැවත හැරීමක් නැති ව්යාජ දෑ ඉකුත්ව ගියේය.

Sebe' 34:50

අහෝ දූතය! බොරුකාර මෙම ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘මම නුඹලාට දන්වා සිටින දෑහි සත්යයෙන් මා මුළා වී නම් මාගේ මුළාවෙහි හානිය මා වෙත සීමා වනු ඇත. ඒ කිසිවක් නුඹලාට ළඟා වන්නේ නැත. ඒ වෙත මා මග ලැබුවේ නම් මාගේ පරමාධිපතියාණන් මා වෙත දන්වා සිටින දෑට එය හේතුවක් වන්නේය. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. ඉතා සමීපය. මා පවසන දෑ සවන් දෙන්නට ඔහුට බාධාවක් නැත.

Sebe' 34:51

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම දෑසින් දකින කල්හි මෙම බොරුකාරයින් තැතිගන්නා අවස්ථාව නුඹ දුටුවෙහි නම්, ඉන් ඔවුනට කිසිදු පලායාමක් හෝ සරණ පතන ස්ථානයක් හෝ නොවනු ඇත. බැලූ බැල්මට හසුකර ගත හැකි පහසු ස්ථානයෙන් ඔවුන් හසුකරගනු ලබනු ඇත. එය නුඹ දුටු විට එය මවිතය දන්වන සිදුවීමක් ලෙස නුඹ දකිනු ඇත.

Sebe' 34:52

ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඔවුන් දුටු කල්හි, ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය අපි විශ්වාස කරමු.’ යැයි පවසති. එම විශ්වාසය හා එහි ක්රියාකාරිත්වය ඔවුනට පක්ෂ ව පිහිටනුයේ කෙසේ ද? දේව විශ්වාසය පිළිගනු ලබන ස්ථානය ඔවුන්ගෙන් දුරස් වී ඇත. එනම්, ක්රියාවන් ඉටු කරනු ලබන නමුත් ප්රතිඵල පිරිනමනු නොලබන මෙලොව නිවහනින්, ක්රියාවන් ඉටු කරනු නොලබන ප්රතිඵල පිරිනමනු ලබන මතුලොව නිවහන වෙත ඔවුන් බැහැර කිරීමෙනි.

Sebe' 34:53

මෙලොව ජීවිතයේ දූතයාණන්ව ප්රතික්ෂේප කර; එතුමා ගැන ‘ඔහු හූනියම් කරුවෙකි. මායා කරුවෙකි. කවියෙකි.’ යනාදී ලෙස පවසා; සත්යය සෙවීමෙන් දුරක වී අනුමාන කර එය හෙළා දුටු අය වනාහි, දේව විශ්වාසය ඔවුන් තුළ හට ගෙන එය පිළිගනු ලබනුයේ කෙසේ ද?

Sebe' 34:54

මෙලොව ආශාවන්ගෙන් ඔවුන් ප්රිය කරන දෑ ලබා ගැනීමෙන් ද, දේව ප්රතික්ෂේපය හේතුවෙන් පාපක්ෂමාව පිළිගැනීමෙන් ද, නිරා ගින්නෙන් මිදීමෙන් ද, නැවතත් මෙලොව ජීවිතයට පිවිසීමෙන් ද එම බොරුකාරයින් වළක්වනු ලැබුවෝය. එය ඔවුනට පෙර සිටි බොරුකාර සමූහයන්ට සිදු කරන ලද්දාක් මෙනි. සැබවින්ම අල්ලාහ්ගේ ඒකීයත්වය නැවත නැගිටුවනු ලැබීම ගැන වූ විශ්වාසය සම්බන්ධයෙන් කවර කරුණක් එම දූතවරු ඔවුන් වෙත ගෙන ආවේ ද සැබැවින්ම ඔවුහු ඒ සම්බන්ධයෙන් සැකයෙහි පසුවූවෝය. දේව ප්රතික්ෂේපය අවුලමින් සැකයෙහි පසුවූවෝය.

Fatır 35:1

කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. ඔහු ඔහුගේ බලාත්මක නියෝග ක්රියාත්මක කරන දූතවරුන් බවට මලක්වරුන් පත් කළේය. නබිවරුන්හට දිව්ය පණිවිඩ ලඟා කළ අය ද ඔවුන් අතර වෙති. කවර කරුණක් විශ්වාසයෙන් යුතු ව ඔවුනට පවරනු ලැබුවේ ද එය ඉටු කිරීම සඳහා ඔහු ඔවුනට ශක්තිය ලබා දී ඇත. ඔවුන් අතරින් පියාපත් දෙකක්, තුනක් හා හතරක් බැගින් යුත් අය ද සිටිති. ඔහු අණ කරන දෑ ක්රියාත්මක කිරීම සඳහා ඒවා මගින් ඔවුහු පියාසර කරති. මැවීමෙහි අල්ලාහ් අභිමත කරන පරිදි ශරීර අංග හැඩ අලංකාරය හා හඬ අමතර වශයෙන් පිරිනමනු ඇත. සැබවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවක් ඔහු පරාජය කළ නොහැක.

Fatır 35:2

සියලු දෑහි යතුරු අල්ලාහ් සතුය. ඔහු ජනයාට කවර පෝෂණයක්, මග පෙන්වීමක්, ප්රීතියක් මෙන්ම අනෙකුත් ආශිර්වාදයන් විවෘත කර දුන්නේ ද එය වැළැක්වීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු කවර දෙයක් වළක්වන්නේ ද ඔහුට එය වැළැක්වීමෙන් පසු ව ඔහු වෙත එය ලබා දීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු වනාහි කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Fatır 35:3

අහෝ ජනයිනි! අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාදවලට නුඹලාගේ හදවත් හා නුඹලාගේ දිවවල් වලින් මෙනෙහි කොට නුඹලාගේ ශරීර අංගවලින් ක්රියා කොට නුඹලා ඔහු සිහිපත් කරනු. නුඹලා මත වර්ෂාව පහළ කරමින් අහසින් පෝෂණය ලබා දෙන මහපොළොවේ පලතුරු, ගොයම් හා එවැනි වෙනත් දෑ හටගන්වමින් මහපොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන අල්ලාහ් හැර වෙනත් මැවුම්කරුවකු නුඹලාට සිටිත් ද? ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙකු නැත. මින් පසුවත් නුඹලා සත්යයෙන් හැරී ගොස් අල්ලාහ් මත බොරු ගොතා සැබවින්ම අල්ලාහ්ට හවුල්කරුවන් ඇතැයි නුඹලා විශ්වාස කරනුයේ කෙසේ ද? නුඹලා මවා නුඹලාට පෝෂණය පිරිනමන්නේ ඔහු ම ය.

Fatır 35:4

අහෝ දූතය! නුඹේ ජනයා නුඹ ව බොරු කරන්නේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. තම සමූහයා විසින් බොරු කරනු ලැබූ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර විසූ ආද් සමූද් හා ලූත්ගේ ජනයා වැනි අයවලුන් විසින් ද නබිවරුන් බොරු කරනු ලැබූහ. සියලු කටයුතු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. එහෙයින් ඔහු බොරුකාරයින් විනාශ කර දමා තම දූතවරුන් හා දේව විශ්වාසීන්ට ජය ලබා දෙනු ඇත.

Fatır 35:5

අහෝ ජනයිනි! විනිශ්චය කරනු ලබන දිනයේ නැවත නැගිටුවනු ලැබීම, ප්රතිඵල පිරිනැමීම වැනි දැයින් අල්ලාහ් කවර කරුණක් නුඹලාට ප්රතිඥා දුන්නේ ද එය කිසිදු සැකයකින් තොරව සත්යයක්ම වන්නේය. මෙලොව ජීවිතයේ ආශාවන් හා රසාස්වාදයන්, දැහැමි ක්රියාවන් තුළින් එම දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් නුඹලාව දුරස් කොට රවටා නොදැමිය යුතුයි. ව්යාජ දෑ අලංකාරවත් කරමින් හා මෙලොව ජීවිතයට යටහත් වීමෙන් ෂෙයිතාන් නුඹලා රවටා නොදැමිය යුතුයි.

Fatır 35:6

අහෝ ජනයිනි! සැබැවින්ම ෂෙයිතාන් නුඹලාට සදා සතුරුකම් පාන ප්රකට සතුරාය. එහෙයින් ඔහු සමග සටන් කිරීම අනිවාර්යය කර ගනිමින් නුඹලා ඔහු සතුරෙකු ලෙස සලකනු. සැබැවින්ම ෂෙයිතාන් තම අනුගාමිකයින්හට ඇරයුම් කර සිටිනුයේ අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමටය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇවිළෙන ගින්නට ප්රවේශ කිරීමෙන් ඔවුන් දඬුවමට ලක් වනු පිණිසය.

Fatır 35:7

ෂෙයිතාන්ව අනුගමනය කරමින් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට බලවත් දඬුවමත් ඇත. එමෙන්ම අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කරන්නන් වනාහි ඔවුනට ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ සමාව ඇත. එමෙන්ම ඔහුගෙන් වූ අතිමහත් ප්රතිඵලද ඇත. එය ස්වර්ග උයනයි.

Fatır 35:8

සැබැවින්ම තම නපුරු ක්රියාව ෂෙයිතාන් විසින් අලංකාරවත් කොට එය අලංකාරයක් බව විශ්වාස කරන්නා, අල්ලාහ් කෙනෙකුට සත්යය අලංකාරවත් කොට එය සත්යය බව විශ්වාස කරන්නා මෙන් නොවනු ඇත. සැබැවින්ම අල්ලාහ් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරියි. එමෙන්ම ඔහු අභිමත කරන අය යහමග යොමු කරයි. ඔහුට බලපෑම් කිරීමට කිසිවෙකු නැත. එහෙයින් අහෝ දූතය! නොමග ගියවුන්ගේ නොමග යෑම ගැන නුඹව දුකට පත් කර නොගනු. සැබැවින්ම සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

Fatır 35:9

සුළං එවනුයේ අල්ලාහ්ය. එම සුළඟ වලාකුළු ගෙන යයි. එම වලාකුළු මගින් පැළෑටී නැති දේශයකට අපි වැසි වස්සවා එම ජලයෙන් භූමිය වියළී ගිය පසු ව එහි පැළෑටි හටගන්වා අපි එය ජීවමාන කරමු. භූමිය මිය ගිය පසු එහි පැළෑටි තැන්පත් කරමින් අපි එය ජීවමාන කළාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිය ගියවුන් යළි අවදි කිරීම සිදු වනු ඇත.

Fatır 35:10

කවරෙකු මෙලොව හෝ මතු ලොව ගෞරවය අපේක්ෂා කරන්නේ ද ඔහු අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් පැතිය නොයුතුය. ඒ දෙකෙහිම ගෞරවය ඇත්තේ අල්ලාහ් සතු ව පමණි. දැහැමි මෙනෙහි කිරීම් ඔහු වෙත ආරෝහණය වෙයි. දැහැමි ගැත්තන්ගේ ක්රියාවන් ඔහු වෙත ඉහළට නැංවෙයි. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරීම වැනි නපුරු කුමන්ත්රණ සැලසුම් කරන්නන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. එම දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ නිෂ්ඵල වී යනු ඇත. එය විනාශ වී යනු ඇත. ඔවුනට අපේක්ෂාවන් තහවුරු නොකරනු ඇත.

Fatır 35:11

නුඹලාගේ පියාණන් ආදම් ව පසින් මැව්වේ අල්ලාහ්මය. පසු ව නුඹලාව ශුක්රාණුවෙන් මැව්වේය. පසු ව නුඹලා අතර එකිනෙකා විවාහ වන පුරුෂයින් හා කාන්තාවන් වශයෙන් ඔහු නුඹලාව පත් කළේය. කාන්තාවක් කලලයක් උසුලා සිටීම හෝ ඇය ඇයගේ දරුවා ප්රසූත කිරීම හෝ ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ගේ දැනුමෙන් මිස සිදුවන්නේ නැත. ඒ කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. කිසිවකුගේ ආයුකාලය ලව්හුල් මහ්ෆූල් හි සඳහන් කරනු ලැබූ අයුරින් මිස එය වැඩි වන්නේ හෝ අඩු වන්නේ හෝ නැත. සැබැවින්ම මේවා සඳහන් කිරීම - එනම් නුඹලා ව පසින් මැවීම, විවිධ අදියරයන්ගෙන් මැවීම, ලව්හුල් මහ්ෆූල් හි නුඹලාගේ ආයුකාලය සටහන් කර තිබීම යනාදිය- අල්ලාහ්ට පහසු කාර්යයකි.

Fatır 35:12

මුහුදු දෙක එක සමාන නොවන්නේය. ඒ දෙකින් එකක් ඉතා මිහිරිය. එහි ඉමිහිරිභාවය නිසා එය පානය කිරීමට පහසුය. දෙවැන්න ලුණු සහිතය. තිත්තය. එහි ඇති දැඩි ලුණු ද්රාවණය නිසා බීමට නොහැකිය. සඳහන් කරනු ලැබූ සාගර දෙකින් සෑම සාගරයකම නුඹලා නැවුම් මත්සයින් ආහාරයට ගන්නෙහුය. ඒ දෙකින් නුඹලා අලංකාරයට පළඳින මුතු මැණික් මතු කර ගන්නෙහුය. අහෝ අධීක්ෂණය කර බලන්නනි! ව්යාපාරික කටයුතු තුළින් නුඹලා අල්ලාහ්ගේ භාග්යය සෙවීම සඳහා සාගරය දෙබෑ කොට ඉදිරියටත් පසු පසටත් යාත්රා කරන නැව් නුඹලා දකිනු ඇත. එය, අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති අසීමිත ආශිර්වාදයන් සඳහා නුඹලා ඔහුට කෘතඥ විය හැකිවනු පිණිසය.

Fatır 35:13

අල්ලාහ් රාත්රිය දහවල තුළට ප්රවේශ කොට (විටෙක) එය දිගු කරයි. එමෙන්ම දහවල රාත්රිය තුළට ප්රවේශ කොට (විටෙක) එය දිගු කරයි. සුවිශුද්ධයාණන් හිරු වසඟ කළේය. සඳු ද වසඟ කළේය. ඒ දෙකින් සෑම එකක්ම නියමිත ප්රතිඥත දිනයක් වෙනුවෙන් ගමන් කරමින් සිටී. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. ඒ සියල්ල සැලසුම් කරන්නේ ද ගමන් කරවන්නේ ද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ය. සියලු බලය ඔහුට පමණක් සතුය. ඔහු හැර නුඹලා නමදින භෞතික වස්තූන්වලට රට ඉඳි කීතුවක තිතක තරම් ප්රමාණයක්වත් අයිති නැත. එසේ නම් නුඹලා මා හැර දමා ඔවුන් නමදිනුයේ කෙසේ ද?

Fatır 35:14

නුඹලා නමදින දෑ ට කන්නලව් කළ ද නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. ඒවා භෞතික වස්තු වෙති. ඒවා තුළ ජීවයක් නැත. ඒවාට සවන් වැකීමක් නැත. - අගයන පරිදි- නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු ප්රතිචාර නොදක්වති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ හවුල්කරුවන්, නුඹලා නැමදුමට ගත්තවුන් නුඹලාගෙන් නිදහස් වී යති. අහෝ දූතය! අල්ලාහ්ට වඩා සත්යය තොරුතුරු ලබා දෙන වෙනත් කිසිවෙකු නුඹට නැත.

Fatır 35:15

අහෝ ජනයිනි, නුඹලාගේ සියලුම කටයුතුවලදී ද නුඹලාගේ සියලුම තත්ත්වයන්හි ද නුඹලා අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පෙළෙන්නෙහුය. කවර කරුණක හෝ වේවා ඔහු නුඹලාව උවමනාවක් නැති ස්වාධීනය. ඔහු තම ගැත්තන්හට සැලසුම් කර ඇති දෑ සම්බන්ධයෙන් මෙලොව මෙන්ම මතුලොවෙහි ද ප්රශංසාලාභීය.

Fatır 35:16

නුඹලා ව විනාශ කර, නුඹලා ව ඉවත් කිරීමට සුවිශුද්ධයාණන් අභිමත කරන්නේ නම් ඔහු නුඹලා ව ඉවත් කොට නුඹලා වෙනුවට ඔහු ව නමදින, ඔහුට කිසිවක් ආදේශ නොකරන, නව මැවීමක් ගෙන එනු ඇත.

Fatır 35:17

නුඹලාව විනාශ කර, නුඹලාව ඉවත් කොට, නුඹලා වෙනුවට නව මැවීමක් ගෙන ඒම උත්තරීතර සුවිශුද්ධයාණන් වූ අල්ලාහ්හට වළක්වාලන ක්රියාවක් නොවෙයි.

Fatır 35:18

පාපතර ආත්මයක් තවත් පාපතර ආත්මයක පව්බර උසුලන්නේ නැත. සෑම ආත්මයක්ම තම තමන් සිදු කළ පාපකම් උසලනු ඇත. පව්බර උසුලා සිටින ආත්මයක් එහි පවින් කොටසක් ඔහු වෙනුවෙන් උසුලන්නට කෙනෙකුට ඇරයුම් කළ ද ඇරයුම් කරනු ලබන්නා ඔහුට සමීපයෙන් සිටිය ද එම පව්වලින් කිසිවක් ඔහුගෙන් උසුලන්නේ නැත. අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹ බිය ගන්වනුයේ ගුප්ත දෑ පිළිබඳ ව ඔවුන්ගේ පරමාධිපතිට බිය වී සලාතය පූර්ණ අයුරින් ඉටු කරන්නන් හටය. නුඹ බිය ගැන්වීමෙන් ප්රයෝජන ලබන්නෝ ඔවුහුමය. කවරෙකු පාපකම්වලින් පිරිසිදු වන්නේ ද (ඒවායින් වඩාත් බරපතළම පාපය අල්ලාහ්ට ආදේශ තැබීමය.) සැබැවින්ම පිරිසිදු කරනුයේ ඔහුටමය. සැබැවින්ම එහි ප්රයෝජන ඔහු වෙත නැවත පැමිණෙන්නේමය. අල්ලාහ් වනාහි ඔහුට අවනත විය යුතු යැයි කිසිදු අවශ්යතාවක් ඔහුට නැත්තාය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතමය.

Fatır 35:19

අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවන්නාක් සේම දේව ප්රතික්ෂේපකයා හා දේව විශ්වාසියා නිලයෙන් සමාන වන්නේ නැත.

Fatır 35:20

අන්ධකාරයන් හා ආලෝකය සමාන නොවන්නාක් සේම දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය සමාන වන්නේ නැත.

Fatır 35:21

හෙවණ හා උණුසුම් සුළඟ සමාන නොවන්නාක්සේම ස්වර්ගය හා නිරය ඒවායෙහි සළකුණු අතර සමාන වන්නේ නැත.

Fatır 35:22

ජීවීන් හා මළවුන් සමාන නොවන්නාක් සේම දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් සමාන වන්නේ නැත. අල්ලාහ් කවරෙකුට යහමග අභිමත කරන්නේ ද ඔහුට සවන් දෙන්නට සලස්වයි. අහෝ දූතය! නුඹට දේව ප්රතික්ෂේපකයින්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. ඔවුන් මිනීවළවල් තුළ සිටින මළමිනී මෙනි.

Fatır 35:23

ඔබ අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන්නෙකු මිස වෙනත් කිසිවෙකු නොවන්නෙහිය.

Fatır 35:24

අහෝ දූතය! දේව විශ්වාසීන්හට අල්ලාහ් සූදානම් කර ඇති ගෞරවනීය කුසල් සම්බන්ධ ව ශුභාරංචි දන්වන්නෙකු හා දේ ප්රතික්ෂේපකයින්හට ඔහු සූදානම් කර ඇති වේදනීය දඬුවම ගැන අවවාද කරන්නෙකු ලෙස සැබවින්ම අපි නුඹව කිසිදු සැකයක් නොමැති සත්යය සමග අපි නුඹ එව්වෙමු. මීට පෙර පැවති සමූහයන් අතර ඔහුගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන අල්ලාහ්ගෙන් වූ දූතයකු නොපැමිණි කිසිදු සමූහයක් නොවීය.

Fatır 35:25

අහෝ දූතය! නුඹේ ජනයා නුඹ ව බොරු කරන්නේ නම් එවිට නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. සමූහය විසින් බොරු කළ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. මීට පෙර සිටි ආද්, සමූද් හා ලූත්ගේ ජනයා වැනි සමූහයන් විසින් පවා ඔවුන්ගේ දූතවරු බොරු කරනු ලැබුවෝය. තමන්ගේ සත්යයතා ව තහවුරු කරමින් අල්ලාහ් වෙතින් වූ පැහැදිලි සාධක සමග ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය. එමෙන්ම පරිශීලනය කොට සිතා බලන දනන්හට ලේඛන හා ආලෝකමත් දිව්ය පුස්තක සමග ද ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය.

Fatır 35:26

ඒ සමගම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කොට, ඔහු අබියසින් එම දූතවරුන් ගෙන ආ දෑහි ඔවුන්ව ඔවුහු විශ්වාස නොකළෝය. එහෙයින් ප්රතික්ෂේප කළවුන්ව මම විනාශ කළෙමි. අහෝ දූතය! ඔවුන්ව මා විනාශ කිරීමෙන් ඔවුන් වෙත මාගේ දඬුවම කෙසේ වී දැ?යි සිතා බලනු.

Fatır 35:27

සැබැවින්ම සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් අහසින් වැසි ජලය පහළ කරනු නුඹ නොදුටුවෙහි ද? එම ජලය මගින් එහි ඇති ගස්වලට ජලය සම්පාදනය කිරීමෙන් පසු ව රතු, කොළථ කහ හා වෙනත් විවිධ වර්ණයෙන් යුත් පලතුරු අප හට ගැන්වූයෙමු. එමෙන්ම කඳු අතරින් ද සුදු මාර්ග, රතු මාර්ග, අඳුරු කළු මාර්ග වැනි වර්ණවත් මාර්ග ද හට ගැන්වූයෙමු.

Fatır 35:28

ජනයා අතරින් ද සතුන් අතරින් ද ඔටු, ගව හා එළු වැනි ගොවිපළ සතුන් අතරින් ද සඳහන් කරනු ලැබුවාක් මෙන්ම විවිධ වර්ණ වලින් යුක්ත වෙති. සැබැවින්ම අල්ලාහ්ගේ ස්ථානයට ගරුබුහුමන් කොට, ඔහුට බියවනුයේ ඔහු පිළිබඳ හඳුනාගත් දැනුමැත්තෝ වෙති. සැබැවින්ම එය ඔවුන් ඔහුගේ ගුණාංග, ඔහුගේ පිළිවෙත, ඔහුගේ බලයේ සාධක පිළිබඳ දන්නා බැවිණි. සැබවින්ම අල්ලාහ් වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපකම්වලට සමාව දෙන්නාය.

Fatır 35:29

අපගේ දූතයාණන් වෙත අපි පහළ කළ අල්ලාහ්ගේ ග්රන්ථය කියවා ඒහි ඇති දෑ පිළිබඳ දැනුවත් වී සලාතය දැහැමි ලෙස ඉටු කර අපි ඔවුනට පිරිනැමූ සම්පතින් සකාත් හා වෙනත් මාර්ග ඔස්සේ රහසිගත ව හා ප්රසිද්ධියේ වියදම් කරන්නන් වනාහි, ඔවුන් මේ සියලු ක්රියාකාරකම් තුළින් අපේක්ෂා කරනුයේ කිසිවිටෙක පාඩුවක් ඇති නොවන අල්ලාහ් වෙතින් වූ ව්යාපාරයකි.

Fatır 35:30

එය ඔවුන්ගේ ක්රියාකාරකම් සඳහා පූර්ණ කුසල් අල්ලාහ් ඔවුනට පූර්ණ ව පිරිනමනු පිණිසය. ඔහුගේ භාග්යය තුළින් ඔවුනට එය වර්ධනය කර දෙයි. ඔහු එයට සුදුසු අය වෙයි. සැබවින්ම සුවිශුද්ධයාණන් මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්ගේ පාපකම් සඳහා අති ක්ෂමාශීලීය. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා මහත් සේ කෘතඥ වන්නාය.

Fatır 35:31

අහෝ දූතය! දිව්ය පුස්තකයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ කිසිදු සැකයක් නැති සත්යය වේ. පෙර පහළ වූ දිව්ය ග්රන්ථ තහවුරු කරන්නක් ලෙස අල්ලාහ් එය පහළ කළේය. සැබවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ සියලු තොරතුරු දන්නා සර්ව නිරීක්ෂකය. ඔහු සෑම සමූහයකමට ඔවුනොවුන්ගේ කාලයට අවශ්ය පරිදි දූතයා වෙත දිව්ය පණිවිඩ පහළ කළේය.

Fatır 35:32

පසු ව සෙසු සමූහයන්ට වඩා අපි තෝරා ගත් මුහම්මද්ගේ සමූහයාට අල් කුර්ආනය පිරිනැමුවෙමු. ඔවුන් අතරින් තහනම් කරන ලද දෑ සිදු කොට හා අනිවාර්යය කරන ලද දෑ අතහැර දමා තමන්ටම අපරාධ කරගත් අය වෙති. එමෙන්ම ඇතැම් සතුටුදායක දෑ අතහැර දමා ඇතැම් පිළිකුල් සහගත දෑ සිදු කරනවාත් සමගම අනිවාර්යය කරන ලද දෑ සිදු කොට තහනම් කරන ලද දෑ අතහැර දමන අය ද සිටිති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුමැතියෙන් යහපත් දෑ සඳහා පෙරටුගාමී වන්නන් ද සිටිති. එනම් අනිවාර්ය කරන ලද දෑ හා සතුටුදායක දෑ ඉටු කරමින් තහනම් කරන ලද දෑ හා පිළිකුල් සහගත දෑ අතහැර දමා ක්රියා කිරීම තුළිනි. සඳහන් කරනු ලැබූ දෑ වනාහි (මෙම සමූහයා වෙනුවෙන් පිරිනමා ඇති නිදහස හා ඔවුනට පිරිනමා ඇති අල් කුර්ආනය) කිසිදු මහිමයකට ළඟා විය නොහැකි අතිමහත් භාග්යයක් වෙයි.

Fatır 35:33

තෝරා ගනු ලැබූ මොවුහු ස්ථාපිත කරන ලද ස්වර්ග උයන් වලට පිවිසෙති. එහි ඇති මුතු ද රනින් වූ වළලු ද ඔවුහු පළදිති. ඔවුන්ගේ වස්ත්ර සේද රෙද්දෙන් යුක්තය.

Fatır 35:34

ඔවුන් ස්වර්ග උයනට පිවිසීමෙන් පසු ව "නිරයට පිවිසීම ගැන බිය වෙමින් සිටි නිසා අපෙන් දුක ඉවත් කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා!, සැබැවින්ම අපගේ පරමාධිපති තම ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරත වන්නන්ගේ පාපකම් සඳහා අතිශයින් සමාව දෙන්නාය. ඔවුන්ගේ අවනතභාවය වෙනුවෙන් ඔවුනට මහත්සේ කෘතඥ වන්නාය" යනුවෙන් පවසති.

Fatır 35:35

"ඔහුගේ භාග්යයෙන් (නැවත හැරීමක් නැති) සදාතනික නිවහනට ඔහු අප ගොඩ බැස්සුවේය. අප විසින් කිසිදු හැරීමක් හෝ ශක්තියක් හෝ නොමැත. එහි අපට කිසිදු වෙහෙසක් හෝ ආයාසයක් හෝ ඇති නොවෙයි."

Fatır 35:36

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරා ගින්නේ දඬුවම ඇත. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ඔවුනට මරණය තීන්දු කොට පසු ව මරණයට පත් ව දඬුවමින් විවේකය නොලබති. නිරා ගින්නේ දඬුවමින් කිසිවක් ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. මෙම ප්රතිඵල මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කළ සෑම කෙනෙකුටම ප්රතිවිපාක පිරිනමන්නෙමු.

Fatır 35:37

ඔවුන් උස්හඬින් මොර දී උදව් පතමින් මෙසේ ප්රකාශ කර සිටිති. ‘අපගේ පරමාධිපතියාණනි! නිරා ගින්නෙන් අප බැහැර කරනු මැනව! ඔබේ තෘප්තිය අප ලබනු පිණිස මෙලොව අප සිදු කරමින් සිටි දෑට වෙනස් වූ දැහැමි ක්රියාවන් අපි සිදු කරන්නෙමු. නුඹේ දඬුවමින් අපි සහනය ලබන්නෙමු.’ එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු දෙමින් ‘මෙනෙහි කිරීමට ප්රිය කරන්නන් මෙනෙහි කරමින්, පාපක්ෂමාවේ නිරත වී අල්ලාහ් වෙත යොමු වී, දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා ආයු කාලයක් ජීවත් වීමට අපි නුඹලාට ඉඩකඩ නොදුන්නෙමු ද? අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට අවවාද කරන දූතයා නුඹලා වෙත පැමිණියේය. එහෙයින් මේ සියලු දෑට පසු ව නුඹලාට පක්ෂව සාක්ෂියක් හෝ නිදහසට කරුණක් හෝ නුඹලාට නැත. එහෙයින් නුඹලා අපා ගින්න විඳිනු. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන්හට අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගන්නට හෝ ඔවුන්ගෙන් එය සැහැල්ලු කරන්නට හෝ කිසිදු උදව් කරුවකු නැත.

Fatır 35:38

සැබවින්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ඇති ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. සැබැවින්ම ඔහු තම ගැත්තන් ඔවුන්ගේ හදවත් තුළ සඟවා ඇති යහපත හා අයහපත පිළිබඳ මැනවින් දන්නාය.

Fatır 35:39

අහෝ ජනයිනි! නුඹලා කවර අයුරින් ක්රියා කරන්නේ දැ?යි නුඹලා ව පිරික්සීම සඳහා නුඹලාගෙන් ඇතැමෙකුගෙන් පසු ව ඇතැමෙකු ව මහපොළොවේ නියොජනය කිරීමට අපි ඉඩ සලසා දුනිමු. එහෙයින් කවරෙකු අල්ලාහ් හා දූතවරුන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපයේ හා එහි විපාකය ඔහු වෙත ම නැවත හැරී එනු ඇත. ඔහුගේ ප්රතික්ෂේපය ඔහුගේ පරමාධිපතිට හිංසාවක් ගෙන දෙන්නේ නැත. දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ප්රතික්ෂේපය අල්ලාහ් අබියස බලවත් කෝපය මිස වෙනකක් වර්ධනය කළේ නැත. එමෙන්ම දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ප්රතික්ෂේපය අලාභය මිස වෙනකක් ඔවුනට වර්ධනය කළේ ද නැත. ඔවුන් විශ්වාස කර සිටියේ නම් ස්වර්ගයේ ඔවුනට අල්ලාහ් සූදානම් කර දෙන්නට තිබූ දෑ ඔවුන් විසින් ම අහිමි කරගත්තෝය.

Fatır 35:40

අහෝ දූතය! එම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි නුඹලාගේ හවුල්කරුවන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැ?යි නුඹලා මට දන්වනු. ඔවුන් එහි කඳු මැව්වේ ද? එහි ගංගාවන් මැව්වේ ද එහි සතුන් මැව්වේ ද? එසේ නැතහොත් සැබැවින්ම ඔවුන් අහස් මැවීමෙහි අල්ලාහ් සමග හවුල්වූවෝ ද? එසේත් නැතහොත් ඔවුන්ගේ හවුල්කරුවන්ට ඔවුන් කරන නැමදුම නිවැරදි යැයි පෙන්වා දෙන සාධක සහිත පුස්තකයක් අපි ඔවුනට පිරිනමා ඇත්තෙමු ද? මේ කිසිවක් සිදු වන දෑ නොවීය. නමුත් අපරාධකරුවෝ ඔවුනට ප්රතිඥා දුන්නේ දේව ප්රතික්ෂේපය හා පාපකම්ය.

Fatır 35:41

සැබැවින්ම සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් අහස් හා මහපොළොව ඉවත් නොවන අයුරින් වළක්වා ඒ දෙක රඳවා තබයි. -උපකල්පනය අනුව- ඒ දෙක ඉවත් වූයේ නම් සුවිශුද්ධයාණන්ගෙන් පසු ව ඒ දෙක ඉවත් වීමෙන් රඳවා තබන්නට කිසිවෙකු නැත. සැබවින්ම ඔහු දඬුවම ඉක්මන් නොකරන දායලුය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාව ඇයද සිටින්නන්ගේ පාපකම් සඳහා අතිශයින් සමාව දෙන්නාය.

Fatır 35:42

මෙම බොරුකාර දේව ප්රතික්ෂේපකයෝ ඔවුනට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන දූතයකු ඔවුන් වෙත පැමිණියේ නම් කිතුනුවන්, යුදෙව්වන් හා වෙනත් ජනයාට වඩා සත්යය පිළිපදිමින් ඒ මත දැඩි සේ ස්ථාවර ව තමන් සිටින බවට බලවත් ලෙස ස්ථාවර පොරොන්දුවක් දිවුරා සිටියෝය. නමුත් අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන දූතයකු ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන් වෙත පැමිණි කල්හි ඔහුගේ පැමිණීම සත්යයෙන් දුරස් කරවීම හා ව්යාජය මත බැඳී සිටීම මිස වෙනත් කිසිවක් ඔවුනට වැඩි කළේ නැත. ඔවුනට පෙර සිටියවුන්ට වඩා මනා ලෙස මග ලබන්නන් බවට කළ ස්ථීර පොරොන්දු ව ඔවුන් ඉටු කළේ නැත.

Fatır 35:43

ඔවුන් දිවුරා සිටි දෑ සම්බන්ධයෙන් එය යහපත් චේතානවකින් හා යහපත් අරමුණිකින් නොවූවක් බවත් එය මහපොළොවේ අහංකාරකම් පෑමට හා මිනිසුන්ට වංචා කිරීම සඳහා වූවක් බව අල්ලාහ් මත දිවුරා පවසා සිටියි. නපුරු කුමන්ත්රණය එයට අදාළ කුමන්ත්රණකරුවන් මිස වෙනත් අය ග්රහණය කරන්නේ නැත. අල්ලාහ්ගේ ස්ථාවර පිළිවෙතම එම කුමන්ත්රණකාරී අහංකාරයින් බලාපොරොත්තු වන්නේ ද? එය ඔවුන්ගේ මුතුන් මිත්තන් අතරින් ඔවුන් හා සමාන වූවන් විනාශ කළාක් මෙන් ඔවුන්ව ද විනාශ කිරීමය. අහංකාරයින් විනාශ කිරීමෙහි දී අල්ලාහ්ගේ පිළිවෙතට වෙනසක් ලෙස එය ඔවුන් මත පහළ නොවීම නුඹ අපේක්ෂා කරන්නෙහිද? එමෙන්ම හැරවීමක් ලෙස ඔවුන් නොවන වෙනත් අය වෙත පහළ වීම නුඹ අපේක්ෂා කරන්නෙහි ද? සැබවින්ම එය ස්ථාවර දිව්ය පිළිවෙතයි.

Fatır 35:44

කුරෙයිවරුන් අතරින් නුඹ ව බොරුකළවුන් මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සමූහයන් අතරින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබැලුවෝ ද? ඔවුන්ගේ අවසානය අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීමෙන් නපුරු අවසානයක් බවට පත් නොවීද? ඔවුන් කුරෙයිෂ්වරුන්ට වඩා බලවත් අය වූහ. අහස්හි හා මහපොළොවෙහි කිසිවක් අතපසු කර දැමීමට අල්ලාහ්ට නොවීය. සැබැවින්ම ඔහු එම බොරුකාරයින්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නා වේ. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. ඔහුට අතපසු වන්නේ නැත. ඔහු අභිමත කරන අවස්ථාවක ඔවුන් විනාශ කිරීමට බලය ඇත්තාය.

Fatır 35:45

මිනිසුන් සිදු කළ අපරාධ හා ඔවුන් සිදු කළ පාපකම් හේතුවෙන් ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් ඉක්මන් වන්නේ නම් ඒ මොහොතේම මහ පොළෝවාසීන් සියලු දෙනා විනාශ කරන්නට තිබිණි. සතා, සිවාපාවුන් හා ධන සම්පත් ඔවුනට සතු නොවනු ඇත. එනමුත් සුවිශුද්ධයාණන් ඔහුගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා ඔවුන්ව ප්රමාද කරයි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ සර්ව නිරීක්ෂකය. ඔවුන් අතරින් කිසිවකු ඔහුට සැගවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපතක් නම් යහපතකි. එය නපුරක් නම් නපුරකි.

Yâsin 36:1

(යා, සීන්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

Yâsin 36:2

එහි වදන් තීරණාත්මක බවට පත් කරන ලද, ඒ අතරට හෝ එයට පිටුපසින් හෝ ව්යාජ දෑ නොපැමිණෙන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.

Yâsin 36:3

අහෝ දූතය! සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ ගැත්තන්හට දේව ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදීමට නියෝග කිරීම සඳහා ඔවුන් අතරට ඔහු විසින් එවන ලද දූතවරුන් අතරින් කෙනෙකි.

Yâsin 36:4

ඍජු වැඩපිළිවෙලක් හා නිවැරදි පිළිවෙතක් මත පිහිටමිනි. මෙම ඍජු වැඩපිළිවෙල හා නිවැරදි පිළිවෙත වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි තම දේව විශ්වාසීන් කෙරෙහි ඉමහත් කාරුණික වූ නුඹේ පරමාධිපති විසින් පහළ කරන ලද්දකි.

Yâsin 36:5

ඍජු වැඩපිළිවෙලක් හා නිවැරදි පිළිවෙතක් මත පිහිටමිනි. මෙම ඍජු වැඩපිළිවෙල හා නිවැරදි පිළිවෙත වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි තම දේව විශ්වාසීන් කෙරෙහි ඉමහත් කාරුණික වූ නුඹේ පරමාධිපති විසින් පහළ කරන ලද්දකි.

Yâsin 36:6

සැබැවින්ම අපි එය නුඹ වෙත පහළ කළේ පිරිසකට බිය වද්දා ඔවුනට අවවාද කරනු පිණිසය. ඔවුන් වනාහි ඔවුන් වෙත අවවාද කරන දූතයකු නොපැමිණි අරාබි ජාතිකයින් වූහ. ඔවුන් දේව විශ්වාසය හා දේව ඒකීයත්වය පිළිබඳ හාස්යට ලක් කරමින් අනවධානීව සිටියෝය. ඒ ගැන අවවාද කිරීම අත්හිටුවන ලද සෑම සමූහයකම කරුණ එලෙස විය. ඒ ගැන සිහිපත් කර දෙන දූතවරුන්ගේ අවශ්යතාව ඇති විය.

Yâsin 36:7

අල්ලාහ් වෙතින් වූ සත්යය ඔහුගේ දූතයාගේ දිවෙන් ඔවුනට දන්වා ඔවුන් එය විශ්වාස නොකොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටීමෙන් පසු ව ඔවුන්ගෙන් බහුතරයක් දෙනාහට අල්ලාහ්ගෙන් වූ දඬුවම අනිවාර්යය විය. ඔවුහු අල්ලාහ් හෝ ඔහුගේ දූතයාණන්ව හෝ විශ්වාස නොකරති. ඔවුන් වෙත ගෙන ආ සත්ය ය අනුව ඔවුහු කටයුතු නොකරති.

Yâsin 36:8

එම විෂයයෙහි ඔවුනට උපමාව වනුයේ ඔවුන්ගේ ගෙලවල් වටා මාංචු දමා ඔවුන්ගේ අත් ඔවුන්ගේ ගෙලවල් සමග ඔවුන්ගේ නිකටට එකතු කරමින් එයට පහළින් බැඳ තබනු ලැබූවන් මෙනි. එවිට ඔවුන්ගේ හිස් අහස දෙසට එස වී තිබේ. ඒවා පහත් කිරීමට ඔවුනට නොහැකි වෙයි. මොවුහු අල්ලාහ්ව විශ්වාස කිරීම පහත් කොට සැලකුවෝය. එබැවින් ඔවුහු ඔහුට යටත් නොවූ අතර ඔහු වෙනුවෙන් ඔවුන්ගේ හිස් පහත් නොකරති.

Yâsin 36:9

සත්යයෙන් දුරස් කරන බාධකයක් ඔවුනට ඉදිරියෙන් විය. එමෙන්ම ඔවුනට පසුපසින් ද බාධකයක් විය. ඔවුන්ගේ දෘෂ්ටීන් සත්යයෙන් අපි වසන් කළෙමු. එමගින් ඔවුන් ප්රයෝජනය ලැබිය හැකි දැක්මකින් නොබලනු ඇත. ඔවුන්ගේ මුරණ්ඩුකම හෙළිවීමෙන් හා ඔවුන් දේව ප්රතික්ෂේපය මත ම නොකඩවා රැඳී සිටීමෙන් පසු ව ඔවුනට එය අත් විය.

Yâsin 36:10

අහෝ මුහම්මද්! සත්යය පිළිගැනීමට මුරණ්ඩු වූ මෙම දේව ප්රතික්ෂේපකයින්හට නුඹ බිය ගන්වා අවවාද කළ ද එසේ ඔවුනට නුඹ අවවාද නොකළ ද අල්ලාහ් වෙතින් නුඹ ගෙන ආ දෑ ගැන ඔවුහු විශ්වාස නොකරති.

Yâsin 36:11

නුඹේ අවවාදය සැබෑ ලෙස ප්රයෝජනවත් වනුයේ මෙම කුර්ආනය සත්යය බව පිළිගෙන එහි ඇති දෑ අනුව පිළිපැද වෙනත් කිසිවෙකු නොදකින පරිදි තනි ව සිටිය දී තම පරමාධිපතිට බියවූවන්හටය. මෙම ගුණාංග ඇත්තන්හට තම පාපයන් අල්ලාහ් මකා දමන බවටත් ඒවාට ඔහු සමාව දෙන බවටත් මතුලොවෙහි අතිමහත් කුසල් ඔහු වෙනුවෙන් අපේක්ෂාවෙන් පවතින බවටත් එය ස්වර්ගයට ප්රවේශ වීමයි යන සතුටුදායක ආරංචිය දන්වා සිටිනු.

Yâsin 36:12

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා මළවුන් අවදි කරවා ඔවුනට සැබැවින්ම ජීවය ලබා දෙන්නෙමු. ඔවුන් මෙලොව පෙර කළ දැහැමි ක්රියාවන් හා නපුරු ක්රියාවන් අපි සටහන් කරමු. ඔවුන් මිය ගිය පසු ඔවුනට ඉතිරිවන දෑ එනම් සදකා වැන්නකින් ඇතිවන යහපත හා දේව ප්රතික්ෂේපය වැන්නකින් ඇතිවන පාපකම් ද අපි සටහන් කරමු. සියලු දෑ පැහැදිලි ග්රන්ථයෙහි අපි ගණන් බලා තැබුවෙමු. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂක ඵලකයයි.

Yâsin 36:13

මුරණ්ඩුකාර මෙම බොරුකාරයින්හට පාඩමක් වන සේ උපමාවක් ගෙන හැර පානු. එය ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ එම ගම්මාන වැසියන් කටයුතු කළ ආකාරයේ කතාවයි.

Yâsin 36:14

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට නැමදුම් කිරීම සඳහා ඔවුන් ඇරයුම් කිරීම පිණිස පළමු ව අපි ඔවුන් වෙත දහම් දූතවරුන් දෙදෙනෙකු එවූ අවස්ථාව සිහියට නගනු. එවිට ඔවුහු එම දහම් දූතවරුන් දෙදෙනාව බොරු කොට ප්රතික්ෂේප කළෝය. පසුව ඔවුන් සමග තුන්වන දූතයකු එවා ඔවුන් දෙදෙනාව අපි ශක්තිමත් කළෙමු. මෙම දූතවරුන් තිදෙනාම එම ගම්වැසියන් හට ‘සැබැවින්ම අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ පිළිවෙත නුඹලා අනුගමනය කිරීම සඳහා අප නුඹලා ඇරයුම් කිරීම පිණිස අපි තිදෙනා නුඹලා වෙත එවනු ලැබූවෝ වෙමු.’ යැයි පැවසුවෝය.

Yâsin 36:15

එම ගම්වාසීන් එම දූතවරුන්හට, ‘නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපට වඩා නුඹලාට කිසිදු විශේෂත්වයක් නැත. මහා කරුණාන්විතයාණන් නුඹලා වෙත කිසිදු දිව්ය පණිවිඩයක් පහළ කර ද නැත. නුඹලා කරන මෙම වාදයේ අල්ලාහ් මත බොරු ගොතනවාක් මිස නැත." යැයි පැවසුවෝය.

Yâsin 36:16

එම ගම්වාසීන්ගේ බොරු කිරීමට ප්රතිචාර වශයෙන්, ‘අහෝ ගම්වැසියනි! සැබැවින්ම අපි නුඹලා වෙත ඔහු අබියසින් එවනු ලැබූ දූතවරු වෙමු. අපට සාධක වශයෙන් එයම ප්රමාණවත්ය.’ යැයි එම දූතවරු පවසා සිටියහ.

Yâsin 36:17

"කවර කරුණක් දැනුම් දෙන්නැයි අපහට නියෝග කරනු ලැබුවේද එය නුඹලා වෙත පැහැදිලි ව දැනුම් දීම මිස වෙනත් කිසිවක් අප මත පැවරී නැත. නුඹලාට යහමඟ පිරිනැමීමේ හැකියාව අප සතු නොවන්නේය."

Yâsin 36:18

ගම්වාසීහු දූතවරුන්හට, ‘නුඹලා නිසාවෙන් අප අසුභ තත්ත්වයට පත් ව ඇත්තෙමු. ඒක දේවත්වය වෙත අප ඇරයුම් කිරීමෙන් නුඹලා නොවැළකුණෙහු නම්, මිය යන තෙක්ම ගල් ගසා අපි නුඹලාට දඬුවම් කරන්නෙමු. වේදනීය දඬුවමක් අප නුඹලාට ලබා දෙන්නෙමු.’ යැයි පැවසුවෝය.

Yâsin 36:19

දූතවරු ඔවුනට ප්රතිචාර දක්වමින්, ‘නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් පිළිපැදීම අතහැර දැමූ හේතුවෙන් නුඹලාගේ අසුභත්වය නුඹලාට නියම වී ඇත. අපි අල්ලාහ් පිළිබඳ නුඹලාට මෙනෙහි කළ විට නුඹලා අසුභ තත්ත්වයට පත්වන්නෙහු ද? එසේ නොව නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීමෙහි ඉක්මවා ගිය පිරිසක් වන්නෙහුය.යැයි පැවසුහ.

Yâsin 36:20

තම ජනයා දූතවරුන් බොරු කළ හේතුවෙන් හා මරා දමන මෙන් ද දඬුවම් කරන මෙන් ද ඔවුන් ඔවුනට තර්ජනය කිරීම හේතුවෙන් බිය වී ගම්මානයේ ඈත තැනක සිට මිනිසෙකු පැමිණ, ‘මාගේ ජනයිනි! මෙම දූතවරුන් ගෙන ආ දෑ නුඹලා පිළිපදිනු’ යැයි පැවසීය.

Yâsin 36:21

"අහෝ මාගේ ජනයිනි! දන්වා සිටීම සඳහා ගෙන ආ දෑ වෙනුවෙන් නුඹලාගෙන් කිසිදු ප්රතිලාභයක් නොපතන ඔවුන්ව පිළිපදිනු. ඔවුහු දිව්ය පණිවිඩ හරහා අල්ලාහ් පිළිබඳ ව දන්වා සිටින දෑහි මග ලැබූවෝ වෙති. එහෙයින් කවරෙකු එලෙස කටයුතු කරන්නේ ද එවැන්නෙකු අනුගමනය කරනු ලැබීම වඩාත් අගනේය."

Yâsin 36:22

උපදෙස් දුන් මෙම පුද්ගලයා, ‘මා මැවූ අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් මා වළක්වාලනුයේ කුමක් ද? එමෙන්ම නුඹලා මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමදුම් කිරීමෙන් නුඹලාව වළක්වාලනුයේ කුමන බාධකයක් ද? ප්රතිඵල සඳහා යළි නැගිටුවා නුඹලා ව යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.’ යැයි පැවසීය.

Yâsin 36:23

"මා මැවූ අල්ලාහ් හැර කිසිදු යුක්ති ධර්මතාවකින් තොර ව නැමදුම් ලබන වෙනත් දෙවිවරුන් මා ගන්නෙම් ද? කරුණාන්විතයාණන් යම් නපුරක් මා වෙත අභිමත කරන්නේ නම් ඒ සඳහා මා වෙනුවෙන් මැදිහත් වීමට එම දෙවිවරුන්ට නොහැකිය. මට සෙතක් හෝ හානියක් කිරීමට ඔවුනට නුපුළුවන. දේව ප්රතික්ෂේපය මත මා මිය ගියේ නම් අල්ලාහ් මට අභිමත කළ නපුරෙන් මා ආරක්ෂා කිරීමට ඔවුනට නොහැකිය.

Yâsin 36:24

සැබැවින්ම මා අල්ලාහ් හැර නැමදුම් ලබන්නන් වශයෙන් ඔවුන් ගත් විට, සැබැවින්ම මා නැමදුමට සුදුසු නොවන අය නැමදීමෙන් හා නැමදුමට සුදුස්සාට නැමදුම් කිරීම අතහැර දැමීමෙන් පැහැදිලි වරදක වැටෙනු ඇත.

Yâsin 36:25

"අහෝ ජනයිනි! මාගේ පරමාධිපති මෙන්ම නුඹලාගේ පරමාධිපති වන අප සියලු දෙනාගේ පරමාධිපති ව මම විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු. මා මරණ බවට නුඹලා මට කරන තර්ජනය පිළිබඳ මම නොතකමි." යැයි පැවසීය. නමුත් ඔහුගේ ජනයා ඔහු ව ඝාතනය කළේය. අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ප්රවේශ කළේය.

Yâsin 36:26

ඔහු දිවි පිදූ පසු ඔහුට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ කියනු ලැබීය. ‘නුඹ ස්වර්ගයට පිවිසෙනු. ඔහු ස්වර්ගයට පිවිස එහි ඇති සැප පහසුකම් දුටු කල්හි යහපත අපේක්ෂාවෙන් ඔහු, ‘මා බොරු කොට මා ඝාතනය කළ මාගේ සමූහයා මට ලැබුණු පාපක්ෂමාව හා මාගේ පරමාධිපති මට පිරිනැමූ ගෞරවය ගැන දැනගෙන මා විශ්වාස කළාක් මෙන්ම ඔවුන් ද විශ්වාස කොට මාගේ ප්රතිඵල මෙන්ම ඔවුන් ද ප්රතිඵල හිමි කර ගත්තා නම්!’ යැයි පවසා සිටියේය.

Yâsin 36:27

ඔහු දිවි පිදූ පසු ඔහුට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ කියනු ලැබීය. ‘නුඹ ස්වර්ගයට පිවිසෙනු. ඔහු ස්වර්ගයට පිවිස එහි ඇති සැප පහසුකම් දුටු කල්හි යහපත අපේක්ෂාවෙන් ඔහු, ‘මා බොරු කොට මා ඝාතනය කළ මාගේ සමූහයා මට ලැබුණු පාපක්ෂමාව හා මාගේ පරමාධිපති මට පිරිනැමූ ගෞරවය ගැන දැනගෙන මම විශ්වාස කළාක් මෙන්ම ඔවුන් ද විශ්වාස කොට මාගේ ප්රතිඵල මෙන්ම ඔවුන් ද ප්රතිඵල හිමි කර ගත්තා නම්!’ යැයි පවසා සිටියේය.

Yâsin 36:28

ඔහු ව බොරු කොට ඔහු ව ඝාතනය කළ ඔහුගේ ජනයා විනාශ කිරීමේදී අහසින් පහළ වන මලක්වරුන්ගෙන් වූ සේනාවක් අපි පහළ නොකළෙමු. සමූහයක් විනාශ කරන විට ඔවුන් වෙත මලක්වරුන් පහළ කරන්නන් ලෙස අපි නොසිටියෙමු. ඔවුන්ගේ කරුණ ඊටත් වඩා අප අබියස පහසු දෙයක් විය. ඔවුන් විනාශ කිරීම සඳහා දඬුවමේ මලක්වරුන් පහළ කිරීමෙන් තොරව අහසින් වූ මහා හඬකින් ඔවුන්ගේ විනාශ සිදු කිරීමට අපි බලය දැරුවෙමු.

Yâsin 36:29

ඔහුගේ සමූහයාගේ විනාශය අප එවූ එකම එක් හඬකින් මිස නොවීය. එවිට ඔවුන් අතරින් කිසිවෙකු ඉතිරි නොවී විනාශ වූහ. ඔවුනට උපමාව දැල්වූ ගින්නක් නිවී ගොස් එයට කිසිදු සළකුණක් ඉතිරි නොවී පවතින්නාක් මෙන් විය.

Yâsin 36:30

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බොරුකාර ගැත්තන් දඬුවම දෑසින් දකින විට ඔවුනට අත්වන විනාශයේ තරම! එයට හේතුව සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සිටිය දී අල්ලාහ් වෙතින් දූතයකු ඔවුන් වෙත පැමිණි විට ඔහුට සරදම් කරමින් හා ඔහු ව හාස්යයට ලක් කරමින් සිටි බැවිණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දෙසින් ඔවුන් සිදු කළ වැරදි සඳහා ඔවුන්ගේ අවසානය ඛේදයක්ම විය.

Yâsin 36:31

දූතවරුන් අපහාසයට ලක් කරමින් ඔවුන්ව බොරුකළවුන් ඔවුනට පෙර සමූහයන් තුළ පාඩම් නොදුටුවෝද? සැබැවින්ම ඔවුන් මිය ගියෝය. නැවත වතාවක් මෙලොවට ඔවුන් පැමිණියේ නැත. නමුත් ඔවුන් පෙර සිදු කළ ක්රියාවන් වෙත ඔවුන් ගමන් කර ඇත. ඒ සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Yâsin 36:32

කිසිදු ව්යතිරේකයෙන් තොරව සියලු සමූහයන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ක්රියාවන් සඳහා අපි ප්රතිඵල පිරිනමනු පිණිස ඔවුන් අවදි කිරීමෙන් පසු ව අප ඉදිරියේ පෙනී සිටින්නන් මිස නැත.

Yâsin 36:33

සැබැවින්ම යළි අවදි කරනු ලැබීම බොරු කරන්නන්හට සැබැවින්ම යළි අවදි කිරීම සැබෑවක් ලෙස පෙන්වා දෙන සළකුණක් වනුයේ, වියළී වඳ වී ගිය භූමියයි. අපි ඒ මත අහසින් වර්ෂාව පහළ කළෙමු. පසු ව එහි විවිධ පැලෑටි වර්ග අපි හටගැන්වීමු. මිනිසුන් අනුභව කරනු පිණිස විවිධ වර්ගයේ ධාන්යය එහි අපි මතු කරන්නෙමු. වර්ෂාව පහළ කර, පැලෑටි හට ගැන්වීම තුළින් මෙම භූමිය ජීවමාන කරන්නා, මියගියවුන්ට යළි ජීවය දීමටත් ඔවුන් නැවත නැගිටුවීමටත් බලය ඇත්තාය.

Yâsin 36:34

අප පහළ කළ වැසි ජලය මෙම මහපොළොවේ ගලා යන්නට සලස්වා ඉඳි හා මිදිවලින් යුත් වතුයායන් අපි ඇති කළෙමු. එතුළ ජල උල්පත් හා ජලය සම්පාදනය කරන දෑ අපි මතු කළෙමු.

Yâsin 36:35

ජනයා මෙම වතුවල පළවගාවෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළ දෑ අනුභව කරනු පිණිසය. එහි ඔවුනට කිසිදු කැපවීමක් නොවීය. එහෙයින් ඔහුගේ මෙම ආශිර්වාද සඳහා ඔහුට පමණක් ගැතිකම් කොට ඔහුගේ දූතවරුන් විශ්වාස කරමින් ඔවුන් අල්ලාහ්ට ගුණ ගරුක විය යුතු නොවේ ද?

Yâsin 36:36

ගස් හා පැලෑටි අතරින් විවිධ වර්ග ද මිනිස් ආත්ම අතරින් පිරිමියා හා කාන්තාව යනාදී ලෙස මිනිස් වර්ගයා ද මහ පොළොවේ හෝ මහ මුහුදේ හෝ වෙනත් තැන්වල හෝ මිනිසා නොදන්නා අල්ලාහ්ගේ වෙනත් මැවීම් ද බිහිකළ අල්ලාහ් පිවිතුරුය. අති උත්තරීතරය.

Yâsin 36:37

අල්ලාහ්ගේ ඒකීයත්වය මිනිසුනට පෙන්වා දෙන සාධකයක් වනුයේ සැබැවින්ම අපි රාත්රිය දහවලින් වෙන් කරමින් දහවල පහ කොට රාත්රිය පැමිණීමට සැලැස්වීමය. එමෙන්ම අපි දහවල පහව යෑමෙන් පසු අන්ධකාරය ගෙන එන්නෙමු. එවිට ජනයා අන්ධකාරය තුළට පිවිසෙන්නෝ වෙති.

Yâsin 36:38

අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුනට පෙන්වා දෙන තවත් සළකුණක් වනුයේ නියමිත ස්ථානයක් වෙත ගමන් කරමින් සිටින මෙම සූර්යයාය. අල්ලාහ් එහි ප්රමාණය දනී. එය අබිබවා එයට යා නොහැක. එම ප්රමාණය තක්සේරු කිරීම කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ගේ තක්සේරුවකි. ඔහු වනාහි තම මැවීම් අතරින් කිසිදු කරුණක් තමන්ට සැඟවී නොයන මහත් ඥානීය.

Yâsin 36:39

අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුනට පෙන්වා දෙන තවත් සංඥාවක් වනුයේ සෑම රාත්රියකම නියමිත ස්ථානයක් එයට අප නියම කළ සඳුය. එය සිහින් ව පටන් ගෙන පසු ව වැඩී පසු ව නැවතත් කුඩා වී එහි සිහින්බව වක්රය හා පැවැත්මෙහි මවිතය ද්වන පරිදි රට ඉඳි කෙන්දක ප්රමාණයට පත් වන තරමට සිහින් වී යයි.

Yâsin 36:40

හිරු, සඳු ,රාත්රිය, දහවල යනාදියෙහි සළකුණු අල්ලාහ්ගේ තක්සේරු කිරීම් අනුව ඒවා ප්රමාණ කොට ඇත. ඔහු ඒවාට තක්සේරු කළ දෑ ඉක්මවා යන්නේ නැත. හිරුගේ ගමන් මග වෙනස් කරමින්, එහි ආලෝකය ඉවත් කරමින්, සඳු සමග එයට එක්විය නොහැක. එමෙන්ම දහවල අබිබවා ගොස් එහි නියමිත වේලාව අවසන් වීමට පෙර රාත්රියට ඒ තුළ පිවිසීමට නොහැක. ග්රහලෝක මෙන්ම මන්දාකිණි ඇතුළු වසග කරන ලද සියලු මැවීම් සඳහා අල්ලාහ් විසින් තක්සේරු කරන ලද, ඔහු විසින් ආරක්ෂා කරන ලද ඒවාටම නියම වූ ගමන් මාර්ග පත ඇත.

Yâsin 36:41

එමෙන්ම අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ ගැත්තන්හට ඔහු පිරිනැමූ ආශිර්වාදයන් පෙන්වා දෙන තවත් සාධකයක් වනුයේ, සැබැවින්ම නූහ්ගේ කාලයේ ආදම්ගේ පරපුරු මහා ජලගැල්මෙන් මුදවා අල්ලාහ්ගේ මැවීම් පුරවන ලද නැව තුළට ගොඩ නංවා අප ඔවුන් ඉසිලීමය. සැබැවින්ම එහි සෑම ජෝඩුවක්ම උසුලන්නට අල්ලාහ් සැලැස්වූයේය.

Yâsin 36:42

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ඔහුගේ ගැත්තන්හට පිරිනමා තිබෙන ආශිර්වාද ගැන ඔවුනට පෙන්වා දෙන තවත් සලකුණක් වනුයේ, සැබැවින්ම නූහ්ගේ නැව මෙන් බෝට්ටු වැනි දෑ ඔවුන් වෙනුවෙන් අප මවා තිබීමය.

Yâsin 36:43

ඔවුන් ගිල්වීමට අපි සිතුවේ නම් අපි ඔවුන්ව ගිල්වන්නට තිබුණි. අපි ඔවුන් ගිල්වන්නට සිතුවේ නම් ඔවුනට උදව් කරන්නට කිසිදු උදව් කරුවකු නොවනු ඇත. එමෙන්ම අපගේ නියෝගය හා තීරණය පරිදි ඔවුන් දියෙහි ගිලුනු විට ඔවුන්ව මුදවා ගන්නට කිසිදු මුදවාලන්නෙකු නොවනු ඇත.

Yâsin 36:44

කෙසේ වෙතත් දියේ ගිලීමෙන් ඔවුන් මුදවාගෙන නැවතත් ඔවුන් ගෙන්වා ඔවුනට ඉක්මවා යා නොහැකි නියමිත කාලයක් දක්වා ජීවත් වන්නට අපි ඔවුනට කරුණා කළෙමු. එය ඔවුන් පාඩම් ලබා විශ්වාසය ඇති කරගනු පිණිසය.

Yâsin 36:45

දේව විශ්වාසය ප්රතික්ෂේප කළ මෙම ආදේශකයින්හට මෙසේ පවසන ලදී. ‘අල්ලාහ්ගේ කරුණාව ඔහු නුඹලාට පිරිනැමීමේ දැහැමි බලාපොරොත්තුවෙන් මතු ලොව කටයුතු අතරින් නුඹලා ඉදිරිපත් කරන දෑ ගැන හා එහි ඇති දරුණුකම ගැන ප්රවේසම් වනු. එමෙන්ම පසු කර එන මෙලොව ගැන ද ප්රවේසම් වනු.’ ඔවුහු ඒ සඳහා අවනත නොවූවෝය. ඒ ගැන සැලකිලිමත් නොවී, ඔවුහු එය ප්රතික්ෂේප කළෝය.

Yâsin 36:46

මේ මුරණ්ඩුකාර දේව ආදේශකයින් වෙත අල්ලාහ්ගේ ඒකීයත්ව පෙන්වා දෙන ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීම තහවුරු කරන සංඥාවන් ඔවුන් පැමිණි සෑම අවස්ථාවකම. ඒ ගැන සැලකිලිමත් නොවෙමින් ඔවුහු ඒවා පිටුදකින්නෝ වූහ.

Yâsin 36:47

‘අල්ලාහ් නුඹලාට පෝෂණය කළ ධනයෙන් නුඹලා දිළිඳුන් හා දුප්පතුන්ට උපකාර කරනු’යි එම මුරණ්ඩුකාරයින් හට කියනු ලැබූ විට, ඔවුන් එය හෙළා දකිමින් දෙවියන් මත විශ්වාස කළවුනට මෙසේ ප්රතිචාර දැක්වූවෝය. ‘අල්ලාහ් කවරෙකුට ආහාර සැපයීම සඳහා අභිමත කර ඇත්තේ ද ඔහුට ආහාර ඔහුම සපයනු ඇත. එවන් අයට අපි ආහාර සැපයිය යුතුද? එහෙයින් අපි ඔහුගේ අභිමතයට විරුද්ධ නොවෙමු. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා පැහැදිලි වරදෙහි හා සත්යයෙන් දුරස් වී මිස නැත.

Yâsin 36:48

නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයෝ එය බොරු කරමින් හා ඉන් දුරස් වෙමින්, ‘අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම එය සිදු වන බවට නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම කවදා ද? යැයි විමසති.

Yâsin 36:49

නැවත නැගිටුවනු ලැබීම බොරු කරන, එය දුරින් ඇත්තක් යැයි සිතන මොවුන්, හොරණෑවෙහි පළමු පිඹීම පිඹිනු ලැබීම මිස වෙනකක් බලාපොරොත්තු නොවෙති. ඔවුන් මෙලොවෙහි ගනු දෙනු කිරීම, ජලය සැපයුම මෙහෙයවීම හා වෙනත් ලෞකික කටයුතුවල කාර්යය බහුල ව සිටිය දී එම හඬ ඔවුන් වෙළා ගනු ඇත.

Yâsin 36:50

එම හඬ ඔවුන් කම්පනයට පත් කරන අවස්ථාවේ ඔවුන් එකිනෙකා අනෙකාට උපදෙස් දීමට අපොහොසත් වන අතර ඔවුන්ගේ නිවෙස්වලට හා ඔවුන්ගේ පවුල්වලට ඔවුන් නැවත හැරී යාමටද අපොහොසත් වනු ඇත. ඔවුන් කවර කරුණක කාර්යබහුලව සිටියේ ද එම තත්ත්වයේම ඔවුන් මරණයට පත් වනු ඇත.

Yâsin 36:51

මළවුන් යළි අවදි කිරීම පිණිස දෙවන පිඹුම හොරණෑවෙහි පිඹිනු ලබන විට ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ මිනීවළවල්වලින් බැහැර වී ඔවුන්ගේ පරමාධිපති වෙත පිටත්ව යති. විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුහු යුහුසුළු වෙති.

Yâsin 36:52

යළි අවදි කරනු ලැබීම බොරු යැයි පවසන මෙම දේව ප්රතික්ෂේපකයෝ පසුතැවිලි වෙමින්, ‘අහෝ අපගේ විනාශය! අපගේ මිනීවළවල්වලින් අප ව අවදි කළේ කවුරුන්දැ?’යි විමසති. ඔවුන්ගේ ප්රශ්නයට, ‘අල්ලාහ් ප්රතිඥා දුන් දෑ මෙයයි. දූතවරු තම පරමාධිපති විසින් ඒ ගැන දන්වා සිටි දෑ හි සත්යය බව පවසා සිටි දෑ මෙයයි. එහෙයින් සැබැවින්ම එය සිදුවීම අවශ්යය විය.’ යැයි පිළිතුරු වශයෙන් කියනු ලැබේ.

Yâsin 36:53

මිනීවළවල් වලින් යළි අවදි කිරීමේ කරුණ හොරණෑවෙහි දෙවන වර පිඹීමෙන් ඇතිවන බලපෑමක් මිස නැත. එවිට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා සියලු මැවීම් අප ඉදිරියේ සම්මුඛ කරනු ලබනු ඇත.

Yâsin 36:54

එදින තීන්දුව යුක්ති ධර්මය අනුව පිහිටනු ඇත. අහෝ ගැත්තනි! නුඹලාගේ පාපකම් වැඩි කරමින් හෝ නුඹලාගේ යහකම් අඩු කරමින් හෝ කිසිවකින් හෝ නුඹලාට අසාධාරණකම් සිදු නොවනු ඇත. නුඹලාට ප්රතිඵල පිරිනමනු ලබනුයේ මෙලොව ජීවිතයේ නුඹලා සිදුකරමින් ආ දෑ සඳහා පමණි.

Yâsin 36:55

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ස්වර්ගවාසීන් සදාතනික සුවපහසුකම් හා අතිමහත් ජයග්රහණය දෑසින් දකින කල්හි සෙසු අය ගැන කල්පනා කර බැලීමෙන් ඔවුන් කාර්යයබහුල වනු ඇත. ඔවුහු එහි සතුටින් ප්රීති වෙති.

Yâsin 36:56

සශ්රික ස්වර්ග උයනෙහි හෙවණට පහළින් කවිච්චි මත හාන්සි වී ඔවුන්ගේ බිරියන් සමග ඔවුහු පහස විදිමින් සිටිති.

Yâsin 36:57

එම ස්වර්ග උයනෙහි මිදි, අත්තික්කා, දෙළුම් වැනි විවිධ නැවුම් පළතුරු ඔවුනට ඇත. එමෙන්ම ඔවුන් පතන සියලු ආකාරයේ ආශාවන් හා විවිධ සැප පහසුකම් ඔවුනට ඇත. ඔවුන් ඒවා පතන විට ඔවුනට ඇති වන්නේය.

Yâsin 36:58

මෙම සැප පහසුකම් වලට වඩා ඉහළින් ඔවුනට සලාම් අත් වන්නේය. එය කරුණාන්විත පරමාධිපතියාණන්ගෙන් වූ ප්රකාශයක් වශයෙන් ඔවුනට හිමි වන්නකි. ඔහු ඔවුනට සලාම් පැවසූ විට ඔවුනට සියලුම ආකාරයේ සලාම් -ශාන්තිය- ඇති වන්නේය. තවද ඔවුනට වෙනත් කිසිදු ඉහළ පිළිගැනීමක් නැති පිළිගැනීමක් ඔවුනට හිමි වන්නේය.

Yâsin 36:59

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ආදේශකයින්හට, ‘නුඹලා දේව විශ්වාසීන්ගෙන් වෙන් ව යනු. ඔවුන් නුඹලා සමග සිටීම ඔවුනට සුදුසු නොවන්නේය. ඊට හේතුව ඔවුන්ගේ ප්රතිඵල සමග නුඹලාගේ ප්රතිඵල ද ඔවුන්ගේ ගුණාංග සමග නුඹලාගේ ගුණාංග ද එකිනෙකට වෙනස් වන බැවිණි.

Yâsin 36:60

මාගේ දූතවරුන්ගේ දිවවල් වලින් නුඹලාට මම උපදෙස් නොදුන්නෙම් ද? නුඹලාට නියෝග නොකළෙම් ද? ‘ආදම්ගේ දරුවනි! නන් අයුරින් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරත වෙමින් ෂෙයිතාන්ට නුඹලා අවනත නොවනු. සැබැවින්ම ෂෙයිතාන් නුඹලාට සතුරුකම පැහැදිලි වූ සතුරෙකි. තම සතුරුකම හෙළිදක්වන තම සතුරාව, බුද්ධිමතෙක් විසින් අනුගමනය කළ හැක්කේ කෙසේ ද? යැයි මම නුඹලාට නොපැවසුවෙම් ද?

Yâsin 36:61

අහෝ ආදම්ගේ දරුවනි! මට පමණක් නුඹලා නමදින මෙන් ද, කිසිවක් මට ආදේශ නොකරන මෙන් ද මම නුඹලාට නියෝග කළෙමි. මට පමණක් නැමදීමත් අවනත වීමත් මාගේ තෘප්තියට හා ස්වර්ගයට ප්රවේශවීමට සලසන ඍජු මාර්ගයයි. නමුත් මම නුඹලාට උපදෙස් දුන් දෑ හා මම නුඹලාට නියෝග කළ දෑ නුඹලා විසින් පිළිපදිනු නො ලැබුවෙහුය.

Yâsin 36:62

සැබැවින්ම ෂෙයිතාන් නුඹලා අතරින් බොහෝමයක් මැවීම් නොමග හැරියේය. නුඹලාගේ පරමාධිපතිට අවනත වන මෙන් ද ඔහුට පමණක් නැමදුම් කරන මෙන් ද නුඹලාට නියෝග කරන බුද්ධියක් නුඹලාට නොවී ද? නුඹලාට සතුරුකම පැහැදිළි වූ සතුරා වන ෂෙයිතාන්ට අවනත වීමෙන් නුඹලා ප්රවේසම් විය යුතු නොවේ ද?

Yâsin 36:63

මෙය නුඹලා මෙලොවෙහි ප්රතික්ෂේප කරමින් සිටි දෑ සඳහා නුඹලාට ප්රතිඥා දෙනු ලබමින් තිබූ නිරයයි. එය නුඹලාට ගුප්ත ව පැවතිණ. අද දින නුඹලා එය දෑසින්ම දැක ගන්නෙහුය.

Yâsin 36:64

නුඹලාගේ මෙලොව ජීවිතයෙහි නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් අද දින නුඹලා එහි පිවිසෙනු. එහි උණුසුම විඳවනු.

Yâsin 36:65

අද දින ඔවුන්ගේ මුවවල් වලට අපි මුද්රා තබමු. ඔවුන් නියැලී සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හෙළා දකිමින් ඔවුනට කතා කළ නොහැකි පරිදි ගොළුවන් බවට ඔවුන් පත් වනු ඇත. ඔවුන්ගේ අත් මෙලොව සිදු කළ දෑ සම්බන්ධයෙන් අප සමග කතා කරයි. එමෙන්ම පාපකම් සිදුකරමින් තිබූ ඒ වෙත ගමන් කරමින් තිබූ ඔවුන්ගේ පාද සාක්ෂි දරයි.

Yâsin 36:66

ඔවුන්ගේ බැල්ම ඉවත් කරන්නට අපි අභිමත කරන්නේ නම් අපි එය ඉවත් කරන්නට තිබුණි. එවිට ඔවුනට බැලිය නොහැකි වන්නේය. එහෙයින් එයින් ඔවුන් පාඩම් ලබා ස්වර්ගය වෙත වූ මාර්ගය සොයා වෙහෙස දරනු ඇත. නමුත් ඔවුන් පාඩම් ලැබීමෙන් දුරස් විය. ඔවුන්ගේ බැල්ම පහව ගියේය.

Yâsin 36:67

ඔවුන්ගේ ස්වරූපය වෙනස් කිරීමට හා ඔවුන්ගේ පාද මත ම ඔවුන් වැතිර සිටින්නට අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්වරූපය වෙනස් කොට ඔවුන්ගේ පාද මත ඔවුන් වැතිරෙන්නට අපි සලස්වමු. එවිට ඔවුන්ගේ ස්ථානය වෙත යෑමට ඔවුනට නොහැකි වනු ඇත. එමෙන්ම ඔවුන් ඉදිරියට යෑමට හෝ පසුපසට හැරී ඒමට හෝ අපොහොසත් වනු ඇත.

Yâsin 36:68

ජනයා අතරින් අපි කවරෙකුට ජීවිතයේ ආයු කාලය දීර්ග කළෙමු ද අපි ඔහු දුර්වල අදියරය වෙත යොමු කරන්නෙමු. එහෙයින් ඔවුන් ඔවුන්ගේ බුද්ධියෙන් සිතා බලා සැබැවින්ම මෙලොව නිවහන සදාතනික සදාකල් පවතින නිවහනක් නොවන බවත් සැබැවින්ම සදා පවතින නිවහන මතුලොව නිවහන බවත් දැනගත යුතු නොවේ ද?

Yâsin 36:69

අපි මුහම්මද්ට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කාව්ය ශාස්ත්රය ඉගැන්වූයේ නැත. එය ඔහුගේ පුරුද්දක් නො වුනු බැවින් එය ඔහුට අවශ්ය ද නො වීය. සැබැවින්ම ඔහු කවියෙකු යැයි වාද කිරීමට නුඹලාට හැකි වන පරිදි එය පුහුණු කිරීමට ද ඔහුට අවශ්ය නොවීය. අපි ඔහුට ඉගැන්වූ දෑ සිතා බලන්නන්හට පැහැදිලි පාරායනයක් හා මෙනෙහි කිරීමක් මිස නැත.

Yâsin 36:70

තීක්ෂණ බුද්ධියක් සහිත හදවතින් ජීවත් වන අයට ඔහු අවවාද කරනු පිණිසය. ඔහු එමගින් ප්රයෝජනය ලබන අතර දේව ප්රතික්ෂේපකයින්හට දඬුවම නියම කරනු ඇත. ඔවුන් වෙත එය පහළ කිරීමෙන් හා ඔවුන් වෙත එහි ඇරයුම දන්වා සිටීමෙන් ඔවුනට සාධක ඉදිරිපත් කළ කල්හි ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කරන කිසිදු කරුණක් ඔවුනට ඉතිරි නොවීය.

Yâsin 36:71

ඔවුන් වෙනුවෙන් සැබැවින්ම අපි ගොවිපළ සතුන් මවා තිබීම ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු එම ගොවිපළ සතුන්ගේ කටයුතු සඳහා භාරකරුවෝ වූහ. ඔවුනට යහපත සලසන දෑ අනුව ඔවුහු උන් සම්බන්ධයෙන් ගනුදෙනු කරති.

Yâsin 36:72

සැබවින්ම අපි ඒවා ඔවුනට වසඟ කර දුනිමු. ඔවුනට යටත් වන්නන් බවට පත් කළෙමු. උන්ගේ පිටවල් මත නැග ඔවුහු ගමන් කරති. ඔවුන්ගේ භාණ්ඩ ප්රවාහන කරති. උන් ඇතැමෙකුගේ මාංශ ඔවුහු අනුභව කරති.

Yâsin 36:73

උන්ගේ පිටවල් මත ගමන් කිරීම හා උන්ගේ මාංශ අනුභව කිරීම පමණක් නොව උන්ගේ ලෝම, උන්ගේ හම, උන්ගේ මේදය වැනි වෙනත් ප්රයෝජන ද උන් තුළ නුඹලාට ඇත. එමගින් ඔවුන් ඇතිරිලි හා වස්ත්ර තනා ගනිති. උන්ගේ කිරි පානය කිරීමෙන් උන් තුළ ඔවුනට පානය ද ඇත. මෙම ආශිර්වාදය හා වෙනත් ආශිර්වාද ඔවුනට පිරිනැමූ අල්ලාහ්ට ඔවුන් කෘතඥ විය යුතු නොවේ ද?

Yâsin 36:74

දේව ආදේශකයෝ සැබැවින්ම ඔවුනට උදව් කරනු ඇත, අල්ලාහ්ගේ දඬුවමින් මුදවාගනු ඇත යන බලාපොරොත්තුවෙන් යුතු ව අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නැමදුමට ගත්තෝය.

Yâsin 36:75

එසේ ඔවුන් ගත් එම දෙවිවරුන් ඔවුනට උදව් කිරීමට අපොහොසත් වෙති. අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින කිසිවකුගේ උදව්වක් ඔවුනට නැත. ඔවුන් හා ඔවුන්ගේ පිළිම යන සියල්ල දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති. ඔවුන් සෑම කෙනෙකුම අනෙකාගෙන් මිදෙන්නට බලනු ඇත.

Yâsin 36:76

‘සැබැවින්ම නුඹ එවනු ලැබූ දූතයකු නොවේ.’ එසේ නැතහොත් ‘සැබැවින්ම නුඹ කවියෙකි’ යැයි හෝ ඔවුන් කරන වෙනත් බරපතළ චෝදනා ගැන වූ ඔවුන්ගේ ප්රකාශ නුඹ ව දුකට පත් නොකළ යුතුයි. ඒ පිළිබඳ ඔවුන් සඟවමින් සිටින දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබවින්ම අපි දනිමු. ඉන් කිසිවක් අපට සැඟවෙන්නේ නැත. ඒ සඳහා අපි ඔවුනට ප්රතිවිපාක පිරිනමන්නෙමු.

Yâsin 36:77

මියගිය පසු යළි අවදි කරනු ලැබීම හෙළා දකින මිනිසා, සැබැවින්ම අපි ඔහු ව ශුක්රාණුවෙන් මවා, පසු ව දරුවකු බවට පත් ව හැදී වැඩෙන තෙක් විවිධ අදියරයන් පසු කර යන්නට සලස්වා, පසු ව ඔහු අධික ලෙස තර්ක විතර්ක කිරීම ගැන සිතා නොබැලුවේ ද? නැවත නැගිටුවනු ලැබීම සිදුවීමට ඉඩ ඇතැයි එමගින් සාධක කර ගන්නට ඒ දෙස ඔහු බැලිය යුතු නොවේ ද?

Yâsin 36:78

එම දේව ප්රතික්ෂේපකයා ඒ ගැන නොසලකා හැරියේය. නැවත නැගිටුවීම විය හැක්කක් බව දිරාගිය අස්ථි තුළින් සාධක කර ගන්නට අඥාන වී ඒවා නැවත ගෙන එන්නේ කවුරුන්දැ?යි විමසා සිටියි. නැති දෙයකින් ඔහු ඔහුව මවා තිබීම ඔහුට ගුප්ත වී ඇත.

Yâsin 36:79

අහෝ මුහම්මද්! ඔහුට පිළිතුරු වශයෙන් නුඹ මෙසේ පවසනු. ‘දිරාපත් වී ගිය මෙම අස්ථි මුල්වරට මැවූ අය ඒවාට යළි ජීවය දෙනු ඇත. කවරෙකු ඒවා මුල් වරට මැව්වේ ද ඒවාට යළි ජීවය දෙන්නට ඔහු අපොහොසත් වන්නේ නැත. ඔහු සියලු මැවීම් පිළිබඳ මැනවින් දන්නා සුවිශුද්ධයාණන්ය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

Yâsin 36:80

අහෝ ජනයිනි! තෙත් සහිත අමු ගසින් නුඹලා මතු කරගන්නා ගින්දර නුඹලාට ඇති කළේ ඔහුය. එවිට නුඹලා එමගින් ගිනි දල්වා ගන්නෙහුය. එකිනෙකට පටහැනි විරුද්ධ දෙකක් අතර එනම් අමුගසෙහි ජල තෙතමනය හා එහි අවුලන ගින්න අතර එක් කළ ඔහු මළවුනට යළි ජීවය ලබා දෙන්නට බලය ඇත්තාය.

Yâsin 36:81

අහස් හා මහපොළොව ඒ දෙක තුළ ඇති බලවත් දෑ මත මැවූ ඔහු මියගිය පසු මළවුනට යළි ජීවය දෙන්නට බලය ඇත්තා නොවේ ද? එසේය. ඒ සඳහා ඔහු බලය දරන්නාය. සියලු මැවීම් මැවූ ඔහු මහා මැවුම්කරුය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

Yâsin 36:82

නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ කරුණ නම් සැබැවින්ම ඔහු යමක් ඇති කිරීමට සිතූ විට එයට ‘කුන්’ -වනු- යැයි පැවසීම පමණි. එවිට ඔහු අභිමත කරන එම කරුණ සිදුවනු ඇත. ජීවය ලබා දීම, මරණයට පත් කිරීම යළි නැගිටුවීම හා ඒ හැර වෙනත් දෑ ද ඔහු අපේක්ෂා කරන දෑ අතරින් වේ.

Yâsin 36:83

දේව ආදේශකයෝ අල්ලාහ්ට ආරෝපණය කරන නොහැකියාව යන ගුණාංගයෙන් ඔහු පිවිතුරුය සුවිශුද්ධය. සියලු කරුණුවල අයිතිය හා ආධිපත්යය ඔහු සතුය. ඔහු අභිමත කරන පරිදි ඒවා ක්රියාත්මක කරයි. සියලු දෑහි යතුරු ඔහු අතෙහි ඇත. මතුලොවෙහි නුඹලා යොමු වනුයේ ඔහු වෙත පමණි. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

Saffat 37:1

තම නැමදුමෙහි එකිනෙකට පෙළ ගැසී සිටින මලක්වරුන් මත දිවුරමින්.

Saffat 37:2

වලාකුළු සමග හඹා ගොස් ඒවා පහළ වීමට අල්ලාහ් අභිමත කරන ස්ථානය වෙත මෙහෙයවා ගෙන යන මලක්වරුන් මත දිවුරමින්.

Saffat 37:3

අල්ලාහ්ගේ වදන් පාරායනය කරන මලක්වරුන් මත දිවුරමින්.

Saffat 37:4

අහෝ ජනයිනි! නියත වශයෙන්ම නුඹලාගේ නැමදුම් පිහිටිය යුත්තේ කිසිදු හවුලක් නැති ඒකීයෙකු වෙනුවෙනි. ඔහු අල්ලාහ්ය.

Saffat 37:5

ඔහු අහස්හි පරමාධිපතිය. මහ පොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි පරමාධිපතිය. වර්ෂ පුරාවටම හිරු උදාවීමේ දී හා එය අවරට යෑමේදී එම හිරුගේ පරමාධිපතිය.

Saffat 37:6

පොළොවට ඉතා සමීපව පිහිටි අහස අලංකාරයන්ගෙන් අපි අලංකාරවත් කළෙමු. එනම් බැබලෙන මුතු මෙන් දෑසට පෙනෙන තාරකාවන්ය.

Saffat 37:7

යටත් වීමෙන් බැහැර වූ කැරලිකාර සෑම ෂෙයිතානුවෙකුගෙන්ම එම තාරකාවන් තුළින් අපි අහස ආරක්ෂා කළෙමු. ඒවා මගින් පහර දෙනු ලැබේ.

Saffat 37:8

අහසේ සිටින මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ ආගමික කටයුතු පිළිබඳ හෝ ඔහු නියම කළ දෑ පිළිබඳ ඔවුන් වෙත දන්වා සිටින දෑ ඔවුන් අතර කතා කරන විට ඔවුනට සවන් දීමට මෙම ෂෙයිතානුන්ට නොහැකි වෙයි. සෑම පැත්තකින්ම උල්කාපාත වලින් පහර දෙනු ලබනු ඇත.

Saffat 37:9

එය ඔවුන් වෙත සවන් දීමෙන් දුරස් කරවීමක් හා පළවා හැරීමක් වශයෙනි. ඔවුනට මතුලොවෙහි විසන්ධි නොවන සදා වේදනීය දඬුවමක් ඇත.

Saffat 37:10

නමුත් ෂෙයිතානුන් අතරින් ඒවා පැහැර ගන්නා හැර. එම වදන් වනාහි මලක්වරුන් එහි සාකච්ඡා කරන තමන් අතර හුවමාරු වන පොළෝ වාසීන්ට ඒ ගැන දැනුම ළඟා නොවූ දැයින් පිහිටින වදන් වෙති. ඔහු ව පුළුස්සා දමන අලෝකමත් උල්කාවක් ඔහු පසුපස හඹා යයි. ඇතැම් විට එම උල්කාව ඔහු ව පුළුස්සා දැමීමට පෙරම තම සහෝදරයා වෙත එම වදන් ඉදිරිපත් කරනු ඇත. එය ඉන්ද්රජාලයින් වෙත ළඟා වනු ඇත. පසු ව ඒ සමග සිය ගණන් බොරු ඔවුහු පවසති.

Saffat 37:11

අහෝ මුහ්ම්මද්! මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකින ප්රතික්ෂේපකයින්ගෙන් නුඹ මෙසේ විමසනු. “අහස්, මහපොළොව හා මලක්වරුන් අතරින් අප මැවූ අයට වඩා මැවීමෙන් වඩාත් බලවත් ශරීරයෙන් වඩාත් ශක්තිමත් අවයව වලින් වඩාත් බලවත් අය ඔවුන් ද? සැබැවින්ම අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු. ඔවුන් ඇළෙන සුළු මැටියෙන් දුර්වල මැවීමක් ලෙස මවනු ලැබ තිබියදී යළි අවදි කරනු ලැබීම හෙළා ඔවුන් හෙළා දැකිය හැක්කේ කෙසේ ද?

Saffat 37:12

අහෝ දූතය! නමුත් අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ මැවීම් කටයුතු සඳහා වූ ඔහුගේ සැලසුම් කිරීම ගැන නුඹ මවිතයට පත් වූයෙහිය. එමෙන්ම දේව ආදේශකයින් යළි අවදි කරනු ලැබීම ගැන බොරුකරමින් සිටීම ගැන ද පුදුමයට පත් වූයෙහිය. මෙම දේව ආදේශකයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම දැඩි සේ බොරු කර සිටීම හේතුවෙන් නුඹ ඒ ගැන පවසන දෑ ඔවුන් විහිළුවට ගනිති.

Saffat 37:13

මෙම දේව ආදේශකයින්හට උපදෙස් අතරින් යම් උපදෙසක් ඔවුනට උපදෙස් දෙනු ලැබූ විට එමගින් ඔවුන් උපදෙස් ලැබුවේ නැත. ඔවුන් ප්රයෝජන ලැබුවේ නැත. ඊට හේතුව ඔවුන් දැඩි හදවතකින් පසු වූ බැවිණි.

Saffat 37:14

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සත්ය බව පෙන්වා දෙන එතුමාණන්ගේ ප්රාතිහාර්යයන්ගෙන් එක් ප්රාතිහාර්යයක් ඔවුන් දෑසින් දුටු විට ඒ ගැන සමච්චල් කිරීමෙහි ඉක්මවා ගොස් ඒ ගැන පුදුම වෙති.

Saffat 37:15

‘මුහම්මද් කවර කරුණක් ගෙන ආවේ ද එය පැහැදිලි මායාවක් මිස නැතැ’යි ඔවුහු පැවසූහ.

Saffat 37:16

අප මිය ගොස් ගොරහැඩි දිරාගිය අස්ථි හා පස් බවට පත්වූ විට ඉන්පසු අපි ජීවය දී නැවත නැගිටුවනු ලබන්නෙමු ද? සැබැවින්ම එය සිදු විය නොහැක්කකි.

Saffat 37:17

අපට පෙර මිය ගිය අපගේ ප්රාරම්භක මුතුන් මිත්තන් ද යළි අවදි කරනු ලබන්නෝ ද?

Saffat 37:18

අහෝ මුහම්මද්! ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. "එසේය, දිරාගිය අස්ථි හා පස් බවට නුඹලා පත්වූවායින් පසු නුඹලා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලාගේ ප්රාරම්භක මුතුන්මිත්තන් පවා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලා සියලු දෙනා යහටත් පහත් වූවන් ලෙස යළි නැගිටුවනු ලබනු ඇත."

Saffat 37:19

එය හොරණෑවේ (දෙවන වර) පිඹිණු ලබන එක් පිඹුමක් පමණි. එවිට ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනයන් දෙස බලා සිටිති. අල්ලාහ් ඔවුනට සිදු කරන දෑ ගැන අවදානයෙන් බලා සිටිති.

Saffat 37:20

නැවත නැගිටුවනු ලැබීම බොරු කරමින් දෙවියන්ට ආදේශ කළවුන්, ‘අල්ලාහ් තම ගැත්තන් මෙලොව ජීවිතයේ ඉදිරිපත් කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමන දිනය මෙයයි. අහෝ අපගේ විනාශය යැයි පවසති.

Saffat 37:21

‘මෙලොවෙහි නුඹලා කවර කරුණක් බොරු කරමින් හා හෙළා දකිමින් සිටියෙහු ද, ඒවාට ගැත්තන් අතර තීන්දු පිරිනමන එම දිනයයි මේ’ යැයි ඔවුනට පවසනු ලැබේ.

Saffat 37:22

දෙවියන්ට ආදේශ කිරීම හේතුවෙන් අපරාධ සිදු කළ දේව ආදේශකයින් එක්රැස් කරනු. ඔවුහු ද දේව ආදේශයේ ඔවුනට සමානවූවෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද බොරු කිරීමෙහි සිටි අතර ඔවුන් අල්ලාහ් හැර වෙනත් පිළිම වන්දනාවල නිරතව සිටියෝය. යැයි මලක්වරුන් හට පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුනට නිරා ගින්නේ මාර්ගය පෙන්වා දෙති. ඒ මත ඔවුන් ඇදගෙන යති. ඒ වෙත ඔවුන්ව මෙහෙයවාගෙන යති. සැබැවින්ම එයයි ඔවුන්ගේ නවාතැන වනුයේ.

Saffat 37:23

"දෙවියන්ට ආදේශ කිරීම හේතුවෙන් අපරාධ සිදු කළ දේව ආදේශකයින් එක්රැස් කරනු. ඔවුහු ද දේව ආදේශයේ ඔවුනට සමානවූවෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද බොරු කිරීමෙහි සිටි අතර ඔවුන් අල්ලාහ් හැර වෙනත් පිළිම වන්දනාවල නිරතව සිටියෝය." යැයි මලක්වරුන් හට පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුනට නිරා ගින්නේ මාර්ගය පෙන්වා දෙති. ඒ මත ඔවුන් ඇදගෙන යති. ඒ වෙත ඔවුන්ව මෙහෙයවාගෙන යති. සැබැවින්ම එයයි ඔවුන්ගේ නවාතැන වනුයේ.

Saffat 37:24

විනිශ්චය සඳහා නිරා ගින්නට ඔවුන් ඇතුළත් කිරීමට පෙර ඔවුන්ව නතර කර තබා ගනු. ඔවුන් ප්රශ්න කරනු ලැබිය යුතු, වග කිව යුත්තෝ වෙති. ඉන්පසු ඔවුන් අපා ගින්න වෙත මෙහෙයවා ගෙන යනු.

Saffat 37:25

ඔවුන් හෙළා දකිමින් ‘නුඹලාට කුමක් වී ද? මෙලොවෙහි නුඹලා එකිනෙකාට උදව් කර ගත්තා සේ නුඹලා මෙහි එකිනෙකා උදව් කර නොගන්නේ මන් ද? සැබැවින්ම නුඹලාගේ පිළිම නුඹලාට උදව් කරනු ඇතැයි නුඹලා විශ්වාස කරමින් සිටියා නොවේ ද?' යැයි ඔවුට පවසනු ලැබේ.

Saffat 37:26

එසේ නොව අද දින ඔවුන් අල්ලාහ්ගේ නියෝගයට අවනත වන්නෝ වෙති. යටහත් වන්නෝ වෙති. ඔවුන්ගේ අසරණකම හා ඔවුන්ගේ උපක්රම හිඟ නිසාවෙන් ඔවුන් එකිනෙකාට උදව් කර නොගනිති.

Saffat 37:27

ඔවුන් එකිනෙකා මුහුණට මුහුණලමින් දොස් නැගීම හෝ වාද කිරීම හෝ ප්රයෝජනවත් නොවන අවස්ථාවක ඔවුහු දොස් නගා ගනිති. වාද කරති.

Saffat 37:28

පිළිපැද්දවුන් පිළිපදිනු ලැබූවන් දෙස බලා, ‘අහෝ ප්රධානියනි! සැබැවින්ම නුඹලා දහම හා සත්යය යැයි පවසා ඒ දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය. නමුත් නුඹලා අපට දේව ප්රතික්ෂේපය, දේව ආදේශය හා පාපකම් සිදු කිරීම නුඹලා අපට අලංකාරවත් කර පෙන්වූයෙහුය. දූතවරුන් අල්ලාහ් අබියසින් ගෙන ආ සත්යයෙන් නුඹලා අප පළවා හැරියෙහුය.

Saffat 37:29

පිළිපදිනු ලැබූවෝ පිළිපැද්දවුන් දෙස බලා, ‘කරුණ නුඹලා සිතන පරිදි නැත. දේව ප්රතික්ෂේපය මත සිටියේ නුඹලාය. නුඹලා දේව විශ්වාසීන් ලෙස කිසිවිටෙක සිටියේ නැත. නුඹලා එය හෙළා දකිමින් පසුවූහ.’ යැයි පවසති.

Saffat 37:30

අහෝ අනුගමනය කළවුනි! බලහක්තාරයෙන් හෝ ඉක්මවමින් දේව ප්රතික්ෂේපය, දේව ආදේශය හා පාපකම් සිදු කිරීමෙහි නුඹලා ව තල්ලු කර දමන තරමට අපට කිසිදු අයිතියක් නොවීය. නුඹලා දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහුය.

Saffat 37:31

‘නුඹෙන් හා ඔවුන් අතර නුඹ ව අනුගමනය කළවුන් යන සියලු දෙනාගෙන් සැබැවින්ම මම නිරය පුරවමි’ (සාද්:85) යන අල්ලාහ්ගේ ප්රකාශය අනුව ඔහුගේ අවවාදය අප මත හා නුඹලා මත අනිවාර්යය විය. ඉන් පසුව කිසිදු සැකයකින් තොරව අපගේ පරමාධිපති කවර අවවාදයක් කළේ ද එය විඳවන්නෝ වෙමු.

Saffat 37:32

මුළාව හා දේව ප්රතික්ෂේපය වෙත අපි නුඹලා ඇරයුම් කළෙමු. සැබැවින්ම අපි ද යහ මාර්ගයෙන් මුළා වූවන් වූයෙමු.

Saffat 37:33

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අනුගමනය කළවුන් හා අනුගමනය කරනු ලැබූවන් යන දෙදෙනාම දඬුවම තුළ හවුල්කරුවෝ වෙති.

Saffat 37:34

ඔවුනට දඬුවම විදවන්නට සලස්වමින් ඔවුන් සමග අපි කටයතු කළාක් සේම ඔවුන් නොවන අනෙක් වැරදි කරන්නන් සමග ද අපි එලෙස කටයුතු කරමු.

Saffat 37:35

සැබැවින්ම දෙවියන්ට ආදේශ කළවුන්හට, මෙලොවෙහි අල්ලාහ් හැර නැමදුම් ලබන්නට කිසිවෙකු නැති බව ද, ඒ අනුව ක්රීයා කරන මෙන් ද, එයට පටහැනි වන දෑ අතහැර දමන මෙන් ද, ඔවුනට කියනු ලැබූ විට සත්යය පිළිගැනීමට උඩඟු වී ඒ ගැන අහංකාරකම් පා ඒ සඳහා පිළිතුරු දීමටත් එයට අනුගත වීමටත් ඔවුහු ප්රතික්ෂේප කළෝය.

Saffat 37:36

ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයට ඔවුන් සාධක පෙන්වමින්, ‘උමතු වූ කවියකුගේ ප්රකාශය වෙනුවෙන් අප අපගේ දෙවිවරුන් නැමදීම අප අත හැර දැමිය යුතු දැ?’යි විමසා සිටියෝය. ඔවුන්ගේ ප්රකාශයෙන් ඔවුන් අදහස් කළේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ය.

Saffat 37:37

ඔවුහු ප්රබල ලෙස බොරු ව වර්ධනය කර ගත්තෝය. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උම්මත්තෙකු හෝ කවියෙකු හෝ නොවූහ. එතුමාණෝ අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ දූතයාණන්ව අනුගමනය කිරීම සඳහා ඇරයුම් කරමින් අල් කුර්ආනය සමග පැමිණියහ. එමෙන්ම සෙසු දූතවරුන් ද අල්ලාහ් වෙතින් ගෙන ආ ඒක දේවත්වය හා ප්රතිඥාව සනාත කිරීම ගැන හා සත්යයම පවසා සිටියෝය. එතුමා කිසිවක හෝ ඔවුනට විරුද්ධ ව කටයුතු කළේ නැත.

Saffat 37:38

අහෝ දෙවියන්ට ආදේශ කළවුනි! සැබැවින්ම නුඹලාගේ ප්රතික්ෂේපය හා දූතවරුන්ට නුඹලා බොරු යැයි පවසා සිටීම හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවම නුඹලා භුක්ති විඳින්නෝ වන්නෙහුය.

Saffat 37:39

අහෝ දෙවියන්ට ආදේශ කළවුනි! නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා පාපකම් සිදු කරමින් මෙලොවෙහි ක්රියාකරමින් ආ දෑ සඳහා මිස ප්රතිඵල පිරිනමනු නොලබන්නෙහුය.

Saffat 37:40

නමුත් අල්ලාහ්ට අවංක ලෙස ගැතිකම් කළ දේව විශ්වාසී ඔහුගේ ගැත්තන් හැර. ඔවුහු ඔහුට අවංක ලෙස නැමදුම් ඉටු කළෝය. එම දඬුවමින් මිදෙන්නෝ ඔවුහුමය.

Saffat 37:41

එම අවංක ගැත්තන් හට පෝෂණ සම්පත් ඇත. අල්ලාහ් ඔවුනට එය පිරිනමනු ඇත. එහි නැවුම් බවත් අලංකාරයත් සදාතනිකභාවයත් දන්නා කරුණකි.

Saffat 37:42

එම පෝෂණය ඔවුන් අනුභව කරන ඔවුන් ආශා කරන දෑට වඩා විවිධත්වයෙන් යුත් පළතුරු වේ. ඊටත් ඉහළින් තරාතිරම් උසස් කොට ගෞරවණීය අල්ලාහ්ගේ මුහුණ බලන්නට සලස්වා ඔවුන් ගෞරවයට පත් කරනු ලබති.

Saffat 37:43

කිසිවිටෙක ඉවත් වී නොයන විසන්ධි නොවන සදාතනික සැප පහසුකම් සහිත ස්වර්ග උයන්හි ඔවුහු මේ සියලු දෑ හිමි කර ගනිති.

Saffat 37:44

ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ බලා ගනිමින් කවිච්චි මත හාන්සි වී සිටිති.

Saffat 37:45

එහි ස්වරූපය ගලා යන ජලය මෙන් පිහිටන මත්පැන් සහිත බඳුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ.

Saffat 37:46

වර්ණයෙන් සුදු වූ, පානය කරන්නන්හට පූර්ණ ප්රණීත මිහිරක් ගෙන දෙන පානයෙන් රස විඳිති.

Saffat 37:47

එය මෙලොව මත් පැන් මෙන් නොවේ. මත් බව හේතුවෙන් බුද්ධිය පහ කරන දෑ එහි නැත. එය පරිහරනය කරන්නන්ට හිසරදයක් ඇති වන්නේ ද නැත. එය පානය කරන්නන්ට ඔහුගේ ශරීරය හා ඔහුගේ බුද්ධිය නිරෝගීමත්ව තබයි.

Saffat 37:48

ස්වර්ගයේ ඔවුන් අබියස පතිවත රැකුණු ලලනාවෝ වෙති. ඔවුන්ගේ බැල්ම ඔවුන්ගේ සහකරුවන් හැර වෙනත් අය දෙස නොහෙළී පවතී. ඔවුහු දැකුම්කළු අලංකාර ඇස්වලින් යුක්ත වෙති.

Saffat 37:49

අත් ස්පර්ශ නොකළා වූ ආරක්ෂා කරන ලද කුරුළු බිත්තරයක කහ පැහැයෙන් වර්ණ ගැන්වූ සුදු වර්ණය තුළ තිබෙන්නාක් මෙන් ඔවුන් වෙති.

Saffat 37:50

ඇතැම් ස්වර්ගවාසීන් ඇතමෙකු ඉදිරියට පැමිණ මෙලොව ඔවුනට සිදු වූ දෑ හා ඔවුන් පසු කරගෙන ආ දෑ සම්බන්ධයෙන් එකිනෙකා විමසා ගනිති.

Saffat 37:51

එම දේව විශ්වාසීන් අතරින් ප්රකාශකයකු, "සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දුටු සගයකු මට මෙලොවෙහි සිටියේ යැ"යි පවසා සිටියි.

Saffat 37:52

ඔහු මා හෙළා දකිමින් හා හෑල්ලුවට ගනිමින්, "අහෝ මිතුර! මළවුන් නැවත නැගිටුවනු ලැබීම සැබෑවක් ලෙස පිළිගන්නන් අතරින් නුඹ ද කෙනෙකු වන්නෙහිදැ?"යි මගෙන් විමසා සිටියේය.

Saffat 37:53

"අප මිය ගොස් පස් හා දිරාගිය අස්ථි බවට පත් වූ පසු සැබැවින්ම අපි නැවත නැගිටුවනු ලැබ මෙලොවෙහි සිදු කළ ක්රියාවන් සඳහා අප ප්රතිඵල පිරිනමනු ලබන්නන් වන්නෙම් ද?" (යැයි ඔහු විමසයි).

Saffat 37:54

දේව විශ්වාසී ඔහුගේ මිතුරෙක් ස්වර්ගවාසීන් අතරින් වූ ඔහුගේ සගයින්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දුටු එම සමීප මිතුරාගේ ස්ථානය බලන්නට මා සමග නුඹලා එබී බලන්නේ දැයි විමසයි.

Saffat 37:55

එවිට ඔහු එබී බලයි. ඔහුගේ සමීප මිතුරා අපාය මධ්යයේ සිටිනු ඔහු දකිනු ඇත.

Saffat 37:56

අල්ලාහ් මත දිවුරා පවසමි. ‘අහෝ මිතුර! දේව ප්රතික්ෂේපය හා මළවුන්ගෙන් යළි නැගිටුවනු ලැබීම හෙළා දැකීම සඳහා නුඹ මට කළ ඇරයුම හේතුවෙන් අපා ගින්නට මා ප්රවේශ වීමෙන් නුඹ මා විනාශ කිරීමට තැත් කළෙහිය.’ යැයි පවසයි.

Saffat 37:57

දේව විශ්වාසය සඳහා මග පෙන්වීමෙන් හා ඒ සඳහා ආශිර්වාද කිරීමෙන් අල්ලාහ් මට ආශිර්වාද නොකළේ නම් මා ද නුඹ මෙන් දඬුවම වෙත ඉදිරිපත් කරනු ලබන්නන් අතරින් වන්නට තිබිණ.

Saffat 37:58

ස්වර්ගවාසීන් වන අප මිය යන්නන් නොවෙමු.

Saffat 37:59

මෙලොව ජීවිතයේ අපගේ මුල් මරණය හැර. අපි ස්වර්ගයේ සදාතනිකයෝ වෙමු. දේව ප්රතික්ෂේපකයින් දඬුවම් කරනු ලබන්නාක් මෙන් අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.

Saffat 37:60

අපගේ පරමාධිපති අපට කවර ප්රතිඵලයක් පිරිනැමුවේ ද - එනම් ස්වර්ගයට ප්රවේශ වීම, එහි සදාතනිකභාවය, නිරා ගින්නෙන් රැකවරණය ලැබීම - සැබැවින්ම එයමය කිසිදු ජයග්රහණයකට සමාන කළ නොහැකි අතිමහත් ජයග්රහණය වනුයේ.

Saffat 37:61

මෙවන් අතිමහත් ප්රතිඵල සඳහා ක්රියා කරන්නන් ක්රියා කිරීම අනිවාර්යය වන්නේය. සැබැවින්ම එයමය ලාභදායී ව්යාපාරය වන්නේ.

Saffat 37:62

නිලයෙන් හා ගෞරවයෙන් වඩා ශ්රේෂ්ට හා උතුම් වන්නේ අල්ලාහ්ට අවනත වීම අවංකවම ඉටු කළ තම ගැත්තන්හට ඔහු සූදානම් කර ඇති බවට සඳහන් කරන ලද සැප පහසුකම් ද එසේ නැතහොත් අල් කුර්ආනයේ ශාප කරන ලද කුසගිනි නොනිවන ශරීරය නොවඩන දේව ප්රතික්ෂේපකයින්ගේ ආහාරය වන සක්කූම් ගස ද?

Saffat 37:63

දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අපරාධ කරුවන් බවට පත්වූවෝ ‘සැබැවින්ම අපා ගින්න ගස් කා දමයි. එය එහි හට ගන්නට ඉඩක් නැතැයි.’ ඔවුහු පවසමින් ඔවුන් පරීක්ෂණයට ලක් කරනු ලබන පරීක්ෂණයක් ලෙස අපි එම ගස පත් කළෙමු.

Saffat 37:64

සැබැවින්ම සක්කූම් ගස හට ගැනෙන මාරාන්තික ගසකි. එය අපායේ අඩියෙහි හට ගන්නා ගසක් වේ.

Saffat 37:65

ඉන් හට ගැනෙන පලතුරු ෂෙයිතානුන්ගේ ඔළු මෙන් බලන්නට අප්රසන්නව පිහිටා තිබේ. දර්ශනයට අප්රසන්න වීම තොරතුරු සපයන්නොගේ අප්රසන්නභාවය පෙන්වා දෙයි. ඉන් අදහස් කරනුයේ සැබැවින්ම එහි පළතුරු ආහාරවලින් නරකම ආහාරය වන බවයි.

Saffat 37:66

එවිට දේව ප්රතික්ෂේපකයෝ එම ගසෙහි අප්රසන්න තිත්ත ගෙඩි අනුභව කරන්නෝ වෙති. හිස්වී ගිය ඔවුන්ගේ බඩවල් එමගින් පුරවාගන්නෝ වෙති.

Saffat 37:67

ඔවුන් ඉන් අනුභව කිරීමෙන් පසුව ඔවුනට අමිහිරි උණුසුම් මිශ්ර පානයක් හිමි වේ.

Saffat 37:68

ඉන්පසු ඔවුන්ගේ යොමු ව පිහිටනුයේ අපායේ දඬුවම වෙතය. එහි ඔවුහු දඬුවමකින් පසු තවත් දඬුවමක් වෙත පෙරළා යති.

Saffat 37:69

සැබැවින්ම මෙම දේව ප්රතික්ෂේපකයෝ ඔවුන්ගේ මුතුන් මිත්තන් යහමගින් මුළාවූවන් ලෙස දැක කිසිදු සාධකයක් නොමැති හෙයින් එය අනුගමනය කරමින් ඔවුන් ගැන බලාපොරොත්තු සුන් කර ගත්තෝය.

Saffat 37:70

නමුත් ඔවුහු මුළාව තුළ ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ පියවරයන් යුහුසුළු ව අනුගමනය කරති.

Saffat 37:71

ඔවුනට පෙර සිටි බහුතරයක් මුතුන් මිත්තන් සැබැවින්ම නොමග ගොස් ඇත. එහෙයින් අහෝ දූතය! නොමග ගිය සමූහයන් අතරින් පළමුවැන්නා ඔබේ සමූහයා නොවෙයි.

Saffat 37:72

එම මුල් සමූහයන් අතරට අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන දූතවරුන් සැබැවින්ම අපි එව්වෙමු. නමුත් ඔවුහු ප්රතික්ෂේප කළෝය.

Saffat 37:73

අහෝ දූතය! ඔවුන්ගේ දූතවරුන් ඔවුනට අවවාද කොට ඔවුනට ඔවුන් පිළිතුරු නොදුන් සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු. සැබැවින්ම ඔවුන්ගේ අවසානය වූයේ ඔවුන්ගේ ප්රතික්ෂේපය, ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කිරීම වැනි හේතුවෙන් ඔවුන් අපා ගින්නට පිවිසීමය.

Saffat 37:74

නමුත් අල්ලාහ් ව විශ්වාස කිරීමේදී ඔහුට අවංක වූ ගැත්තන් හැර. සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කළ එම බොරුකාරයින්ගේ අවසාන දඬුවම වූ ඒ සාහසික දඬුවමින් සැබැවින්ම ඔවුහු ජය ලබන්නෝ වෙති.

Saffat 37:75

අපගේ නබිවරයකු වූ නූහ් (අලයිහිස් සලාම්) ඔහු ව බොරු කළ ඔහුගේ ජනයාට එරෙහි ව ප්රාර්ථනා කරමින් අප වෙත කන්නලව් කළ අවස්ථාවේ පිළිතුරු දෙන්නන් අතරින් අපි යහපත් වූයෙමු. ඔවුනට එරෙහි ව ඔහුගේ ප්රාර්ථනාව පිළිගැනීමෙහි අපි යුහුසුළු වූයෙමු.

Saffat 37:76

ඔහුගේ සමූහයාගෙන් හා ඔහුගේ සමූහයා අතර සිටි දේව ප්රතික්ෂේපකයින් මත එවන ලද අතිමහත් ජලගැල්මෙහි ගිලීමෙන් සැබවින්ම ඔහු ව ද ඔහුගේ නිවැසියන් ද ඔහු සමග වූ දේව විශ්වාසීන් ද අපි මුදවා ගත්තෙමු.

Saffat 37:77

ඔහුගේ පවුල හා ඔහු ව අනුගමනය කළ දේව විශ්වාසී අනුගාමිකයින් පමණක් අපි මුදවා ගත්තෙමු. ඔවුන් හැර ඔහුගේ ජනයා අතරින් සෙසු දේව ප්රතික්ෂේපකයින් සැබැවින්ම අපි දියේ ගිල්වීමු.

Saffat 37:78

පසු සේන්දු වන ජන සමූහයා අතර ඔවුන් ඔහු පැසසුමට ලක් කරන පරිදි යහපත් පැසසුමක් අපි ඔහුට ඉතිරි කළෙමු.

Saffat 37:79

පසු සේන්දු වන ජන සමූහයා අතර නූහ් ගැන නපුරක් කතා කරනු ලැබීමෙන් ඔහුට ආරක්ෂාව හා ශාන්තිය අත්වේවා! ඔහු වෙනුවෙන් ප්රශංසාව හා යහපත් මෙනෙහි කිරීම ඉතිරි ව පවතිනු ඇත.

Saffat 37:80

සැබැවින්ම නූහ් (අලයිහිස් සලාම්) තුමාට කවර ප්රතිඵලයක් අප විසින් පිරිනමනු ලැබුවේ ද ඒ හා සමාන ප්රතිඵල අල්ලාහ්ට පමණක් අවනත වී ඔහු නැමදුම් කරමින් දැහැමි ලෙස කටයුතු කරන්නන්හට පිරිනමමු.

Saffat 37:81

සැබැවින්ම නූහ් (අලයිහිස් සලාම්) අල්ලාහ්ට අවනත වෙමින් දැහැමි ක්රියාවන් සිදු කළ අපගේ විශ්වාසී ගැත්තන් අතරින් කෙනෙකි.

Saffat 37:82

පසු ව අපි ඔවුන් මත එවූ ජලගැල්මෙහි ඉතිරි අය ගිල්වීම. ඔවුන් අතරින් කිසිවෙකු ඉතිරි වූයේ නැත.

Saffat 37:83

සැබැවින්ම ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) ද අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමෙහි දී ඔහුට අනුගත වී ඔහුගේ පිළිවෙත පිළිපැද්දාවූ ජනයා අතරින් කෙනෙකු විය.

Saffat 37:84

අල්ලාහ්ගේ මැවීම් අතර අල්ලාහ් වෙනුවෙන් උපදෙස් දෙමින් ආදේශ කිරීමෙන් ඉවත් ව ශාන්තමය සන්සුන් හදවතකින් ඔහුගේ පරමාධිපති වෙත ඔහු පැමිණි අවස්ථාව මෙනෙහි කරනු.

Saffat 37:85

ඔහු තම පියාණන් ආසර් හා දෙවියන්ට ආදේශ තැබූ ඔහුගේ ජනයා දෙස බලා ‘අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටිනුයේ කුමක් දැ?'යි ඔවුන් හෙළා දකිමින් විමසා සිටි අවස්ථාවේ...

Saffat 37:86

අල්ලාහ් හැර නුඹලා නමදින ව්යාජ දෙවිවරුන් සිටිත් ද?

Saffat 37:87

අහෝ ජනයිනි! අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නුඹලා නමදිමින් සිටිය දී නුඹලා ඔහු මුණ ගැසෙන විට ලොවැසියන්ගේ පරමාධිපති ගැන නුඹලා හට ගැනෙන සිතුවිලි කුමක් වනු ඇත් ද? නුඹලාට ඔහු සිදු කරන්නට යන දෑ දැක නුඹලා කුමක් අදහස් කරන්නෙහු ද?

Saffat 37:88

ඉබ්රාහීම් තම ජනයා සමග පිටත් වීමෙන් නිදහස් වීම සඳහා සැලසුමක් යොදමින් තාරකාවන් දෙස අධීක්ෂණයෙන් බැලුවේය.

Saffat 37:89

ඔවුන්ගේ උත්සවයට ඔවුන් සමග පිටත්වීමෙන් වැළකී සිටීමට හේතු දක්වමින් ඔවුනට ‘සැබැවින්ම මම රොගීයෙකි’ යැයි පැවසුවේය.

Saffat 37:90

පසු ව ඔහු ව ඔවුන් පසුපස අතැහැර දමා ගියෝය.

Saffat 37:91

අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් වෙත යොමු වී ඔවුන්ගේ දෙවිවරුන් හාස්යයට ගෙන ‘නුඹලා වෙනුවෙන් දේව ආදේශකයින් සාදා ඇති ආහාර නුඹලා අනුභව නොකරන්නෙහු ද? යැයි විමසා සිටියේය.

Saffat 37:92

නුඹලා කතා නොකරන්නට නුඹලාට කුමක් වීද? නුඹලාගෙන් ඉල්ලා සිටින්නන්හට නුඹලා පිළිතුරු නොසපයනුයේ මන් ද? අල්ලාහ් හැර නැමදුම් ලබනුයේ මෙවන් දෑ ද?

Saffat 37:93

පසු ව ඔහු ඔවුන් වෙත නැඹුරු වී ඒවා කඩා දමන්නට තම දකුණතින් ඒවාට පහර දුන්නේය.

Saffat 37:94

මෙම පිළිමවලට වන්දනාමාන කළවුන් ඔහු වෙත වේගයෙන් පැමිණියේය.

Saffat 37:95

ඉබ්රාහීම් ස්ථාවර ව ඔවුන් දෙස හැරී ඒවා හෙළා දකිමින්, ‘නුඹලා අල්ලාහ් හැර දමා නුඹලාගේම අත්වලින් නිර්මාණ කළ දෙවිවරුන්ට නුඹලා නැමදුම් කරන්නෙහුදැ?’යි ඔවුන්ගෙන් විමසා සිටියේය.

Saffat 37:96

සුවිශුද්ධයාණන් අල්ලාහ් නුඹලාව මැව්වේය. නුඹලාගේ ක්රියාව ද මැව්වේ ය. මෙම පිළිම නුඹලාගේ ක්රියාවන්ගෙන් බිහි වූවක්ය. ඔහුට පමණක් නැමදුම් ලබන්නටත්, වෙනත් දෑ ඔහුට ආදේශ නොකිරීමටත් ඔහුම සුදුස්සා වන්නේය.

Saffat 37:97

ඔහු සමග තර්ක කොට තරඟ වදින්නට ඔවුන් අපොහොසත් වූ කල්හි බලය යෙදවීමට ඔවුහු යොමු වූහ. ඉබ්රාහීම්ට සිදු කරන දෑ පිළිබඳ ඔවුන් අතරම ඔවුහු සාකච්ඡා කළෝය. ඔවුහු ‘ඔහු වෙනුවෙන් නුඹලා ගොඩනැගිල්ලක් තනනු. එහි දර පුරවා එයට ගිනි තබා පසු ව ඔහු ව එහි නුඹලා විසි කරනු.’ යැයි පැවසූහ.

Saffat 37:98

ඉබ්රාහීම්ගේ සමූහයා ඉබ්රාහීම්ව විනාශ කොට ඔහුගෙන් නිදහස් වන පරිදි ඔහුට නපුරක් කිරීමට සිතුවෝය. ඔහුට එම ගින්න සිසිලක් හා ආරක්ෂාවක් බවට පත් කිරීමෙන් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.

Saffat 37:99

මාගේ ජනයාගේ ප්රදේශය අතහැර දමා මාගේ පරමාධිපතිට මා නැමදුම් කළ හැකි පරිදි ඔහු වෙත සැබැවින්ම මම නික්ම යමි. මාගේ පරමාධිපති මෙලොවෙහි හා මතුලොවෙහි මට යහපතක් වන දෑ ඔහු මට පෙන්වා දෙනු ඇත’ යැයි ඉබ්රාහීම් පැවසීය.

Saffat 37:100

මාගේ පරමාධිපතියාණනි! මා රට හැර දමා යාමේ දී මාගේ සමූහයා වෙනුවට මට උදව් වන දැහැමි දරුවකු නුඹ මට පිරිනමනු මැනව!

Saffat 37:101

ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. රිස්සීමෙන් කටයුතු කරමින් වැඩෙන පිරිමි දරුවකු පිළිබඳ සුභාරංචිය දන්වමින් ඔහු ව සතුටු කරවන පුවතක් අපි ඔහුට සැල කර සිටියෙමු. එම දරුවා ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමාය.

Saffat 37:102

ඉස්මාඊල් තරුණ වියට පත් ව ඔහුගේ පියාණන්ගේ ගමන්මග ගමන් කළ හැකි තත්ත්වයට පැමිණි කල්හි, ඔහුගේ පියාණන් ඉබ්රාහීම් අලයිහිස් සලාම් සිහිනයක් දුටුවේය. නබිවරුන්ගේ සිහින දිව්ය පණිවිඩ වේ. එම සිහිනයේ අන්තර්ගතය තම පුතණුවන්ට ඉබ්රාහීම් තුමා දන්වමින් මෙසේ පැවසීය. ‘මාගේ පුතණුවනි! සැබැවින්ම මම නුඹ ව සිඳලන මෙන් සිහිනයක් දුටුමි. ඒ සම්බන්ධයෙන් නුඹ අදහස් කරන්නේ කුමක් දැ?යි බලනු. ඉස්මාඊල් තම පියාණන්ට පිළිතුරු දෙමින් ‘මාගේ පියාණනි! මා සිදලීම ගැන අල්ලාහ් ඔබට කවර නියෝගයක් කර ඇත්තේ ද එය ඔබ ඉටු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි අල්ලාහ්ගේ තීන්දුව පිළිගත් ඉවසිලිවන්තයින් අතර ඔබ මාව දකිනු ඇතැ’යි පවසා සිටියේය.

Saffat 37:103

ඔවුන් දෙදෙනා අල්ලාහ්ට යටත් වී ඔහුට අවනත වූ කල්හි ඉබ්රාහීම් තම පුතණුවන් සිඳලීමේ නියෝගය ක්රියාත්මක කිරීම සඳහා ඔහුගේ නළල මත (මුණින්) තැබුවේය.

Saffat 37:104

අල්ලාහ්ගේ නියෝගය ක්රියාත්මක කිරීමට තම පුතණුවන් සිඳළීමට උත්සාහ කරමින් සිටිය දී අපි ඉබ්රාහීම්ට ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි ඇමතුවෙමු.

Saffat 37:105

නුඹේ දරුවා සිඳලීමට ස්ථීර කර ගනිමින් නින්දෙහි දුටු එම සිහිනය තහවුරු කළෙහිය. මෙම බරපතල පරිහානියෙන් නුඹ ව මුදවා ගෙන නුඹට අපි ප්රතිඵල පිරිනැමුවාක් මෙන් දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමා ඔවුන්ව ද දුෂ්කරතා හා හානියෙන් අපි මුදවා ගන්නෙමු.

Saffat 37:106

සැබවින්ම මෙය පැහැදිලි පරීක්ෂණයක්මය. එහිදී ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා සමත් විය.

Saffat 37:107

ඉස්මාඊල් සිඳලීම වෙනුවට ඇප වශයෙන් විශාල බැටලුවෙකු පිරිනැමුවෙමු.

Saffat 37:108

පසු සේන්දු වන සමූහයන් අතර යහපත් පැසසුමක් අගය කිරීමක් ඉබ්රාහීම්ට අපි ඉතිරි කළෙමු.

Saffat 37:109

ඔහු සඳහා අල්ලාහ්ගෙන් වූ සුබ පැතුමකි. සියලුම උවදුරු හා හානියෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ප්රාර්ථනාවකි.

Saffat 37:110

ඉබ්රාහීම්ගේ අවනතවීම හේතුවෙන් අප ඔහුට මෙවන් ප්රතිඵල පිරිනැමුවාක් මෙන් දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමමු.

Saffat 37:111

සැබවින්ම ඉබ්රාහීම් අල්ලාහ්ට අවශ්යයෙන්ම ගැතිකම් කළ දේව විශ්වාසී අපගේ ගැත්තන් අතරින් කෙනෙකි.

Saffat 37:112

දැහැමි ගැත්තෙකු හා නබිවරයකු ලෙස පත්වන්නට යන තවත් දරුවකු පිළිබඳ අපි ඔහුට සුබාරංචි දන්වා සිටියෙමු. ඔහු ඉස්හාක් ය. එය ඔහුගේ එකම දරුවා වූ ඉස්මාඊල් සිඳලීමෙහි දී ඔහු අල්ලාහ්ට යටත් වීම වෙනුවෙන් පිරිනමනු ලබන ප්රතිඵලයක් ලෙසිනි.

Saffat 37:113

ඔහු මත හා ඔහුගේ පුත් ඉස්හාක් මත අපගෙන් වූ සමෘද්ධිය අපි පහළ කළෙමු. ඔවුන් දෙදෙනාට ආශිර්වාද බොහෝමයක් පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාට දරුවන් අධික කර දුන්නෙමු. ඔවුන් දෙදෙනාගේ පරම්පරාවෙන් තම පරමාධිපතිට යටහත් වන දැහැමියන් වෙති. එමෙන්ම දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම නිසා පැහැදිලි ලෙස අපරාධ කළ අපරාධකරුවන් ද වෙති.

Saffat 37:114

සැබැවින්ම අපි මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට නබිත්වය පිරිනැමුවෙමු.

Saffat 37:115

ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ ජනයා වූ ඉස්රාඊල් දරුවන්, ෆිර්අවුන්ගේ වහල් භාවයෙන් හා ඔවුන් දියේ ගිලීමෙන් අපි ආරක්ෂා කළෙමු.

Saffat 37:116

ෆිර්අවුන් හා ඔහුගේ සේනාවට එරෙහි ව අපි ඔවුනට උදව් කළෙමු. ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට ජය අත් විය.

Saffat 37:117

එහි කිසිදු මුසුවක් නොමැති අල්ලාහ්ගෙන් වූ පැහැදිළි දිව්ය පුස්තකය වන තව්රාතය (තෝරාව) මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට අපි පිරිනැමුවෙමු.

Saffat 37:118

කිසිදු ඇදයක් නොමැති ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට අපි මඟ පෙන්වූයෙමු. එය සුවිශුද්ධයාණන් මැවුම්කරුගේ තෘප්තිය වෙත ළඟා කරවන ඉස්ලාමීය දහම් මාර්ගයයි.

Saffat 37:119

පසු පැමිණෙන සමූහයන් අතර ඔවුන් දෙදෙනා මත දැහැමි ප්රශංසාවක් හා යහපත් මෙනෙහි කිරීමක් අපි ඉතිරි කළෙමු.

Saffat 37:120

ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගෙන් වූ දැහැමි සුබ පැතුමකි. ඔවුන් දෙදෙනාට ප්රශංසාවකි. සියලු පිළිකුල් සහගත දැයින් ආරක්ෂාවකි.

Saffat 37:121

සැබවින්ම අපි මූසා හා හාරූන්හට මෙවන් දැහැමි ප්රතිඵල පිරිනැමුවාක් සේම ඔවුන්ගේ පරමාධිපතිට යටහත් වන දැහැමියන්ටත් ප්රතිඵල පිරිනමන්නෙමු.

Saffat 37:122

සැබවින්ම මූසා හා හාරූන් ඔවුනට දහම්ගත කරනු ලැබූ දෑ පිළිපදින අල්ලාහ්ව විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වූහ.

Saffat 37:123

සැබැවින්ම ඉල්යාස් ඔහුගේ පරමාධිපති විසින් එවන ලද දහම් දූතවරුන් අතරින් විය. අල්ලාහ් ඔහුට නබිත්වය හා දූත මෙහෙවර ආශිර්වාද කළේය.

Saffat 37:124

ඉස්රාඊල් දරුවන් අතරින් ඔවුන් වෙත ඔහු ව එවන ලද ඔහුගේ ජනයාට, "අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් - ඒ අතරින් එකකි දේවත්වය.- ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් - ඒ අතරින් එකකි ඔහුට ආදේශ තැබීම - ඔහුට බියබැතිමත් විය යුතු නොවේ ද? පැවසුවේය.

Saffat 37:125

විශිෂ්ටතම මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට නැමදුම් කිරීම අතහැර දමා නුඹලා ඔහු හැර නුඹලාගේ බඃල් නම් පිළිමයට නැමදුම් කරන්නෙහු ද?

Saffat 37:126

අල්ලාහ් වන ඔහු නුඹලා ව මැවූ, ඊට පෙර නුඹලාගේ මුතුන් මිත්තන් මැවූ, නුඹලාගේ පරමාධිපතිය. නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණය. ඔහු හැර කිසිදු සෙතක් හෝ විපාකයක් හෝ සිදු කළ නොහැකි වෙනත් සෙසු පිළිම නොවේ.

Saffat 37:127

ඔහුගේ ජනයා ඔහු ව බොරු කර සිටියා මිස නැත. ඔවුන් බොරු කළ හේතුවෙන් ඔවුහු දඬුවමට ඉදිරිපත් කරනු ලබන්නෝය.

Saffat 37:128

නමුත් අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ඔහුට අවංක විශ්වාසියෙකු ලෙස සිටි අයකු හැර. සැබැවින්ම ඔහු දඬුවමට ඉදිරිපත් කිරීමෙන් මිදෙන්නෙකි.

Saffat 37:129

පසු පැමිණෙන සමූහයන් අතර ඔහු වෙත දැහැමි ප්රශංසාවක් හා යහපත් මෙනෙහි කිරීමක් අපි ඉතිරි කළෙමු.

Saffat 37:130

අල්ලාහ්ගෙන් වූ පිළිගැනීමක් හා පැසසුමක් ඉල්යාස් මත විය.

Saffat 37:131

සැබවින්ම අපි ඉල්යාස්ට මෙවන් දැහැමි ප්රතිඵල පිරිනැමුවාක් සේම අපගේ ගැත්තන් අතර සිටින දේව විශ්වාසී දැහැමි ගැත්තන්හටත් ප්රතිඵල පිරිනමන්නෙමු.

Saffat 37:132

සැබැවින්ම ඉල්යාස් ඔවුන්ගේ පරමාධිපතිව ඔවුන් විශ්වාස කිරීමේදී සත්යවාදීන් ලෙස හා සැබෑ විශ්වාසීන් ලෙස සිටි අපගේ ගැත්තන් අතරින් කෙනෙකු විය.

Saffat 37:133

සැබැවින්ම ලූත් ඔහුගේ සමූහයා වෙත සුභාරංචි දන්වමින් හා අවවාද කරමින් එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් කෙනෙකු විය.

Saffat 37:134

ඔහුගේ සමූහයා වෙත එවනු ලැබූ දඬුවමින් අපි ඔහු හා ඔහුගේ පවුලේ උදවිය ආරක්ෂා කළ අවස්ථාව මෙනෙහි කර බලනු.

Saffat 37:135

ඔහුගේ බිරිය හැර. ඇය ද ඇයගේ සමූහයාට අත් වූ දඬුවමින් ආවරණය වූ කාන්තාවක් විය. ඊට හේතුව ඇය ද ඔවුන් මෙන් දෙවියන් ප්රතික්ෂේප කළ එකියෙකු වූ බැවිණි.

Saffat 37:136

පසු ව ඔහුගේ සමූහයා අතර ඔහු කවර කරුණක් ගෙන ආවේ ද, එය සැබෑවක් ලෙස පිළිනොගෙන ඔහු ව බොරු කළ ඉතිරි අය විනාශ කළෙමු.

Saffat 37:137

අහෝ මක්කා වැසියනි! සැබැවින්ම නුඹලා උදෑසන කාලයේ සිරියාවට ගමන් කරන මාර්ගයේ ඔවුන්ගේ නිවාස අසළින් ගමන් කරන්නෙහුය.

Saffat 37:138

එමෙන්ම රාත්රී කාලයේ ද ඒ හරහා නුඹලා ගමන් කරන්නෙහුය. ඔවුන්ගේ බොරු කිරීම, ඔවුන්ගේ ප්රතික්ෂේපය හා මීට පෙර සිදු නොකළා වූ අශීලාචාර පාපකම් සිදු කිරීමෙන් පසු ඔවුන්ගේ කරුණ ඔහු වෙත යොමු වූයේ කෙසේ දැයි යන්න පාඩම් ලබා ඒ ගැන වටහා ගත යුතු නොවේ ද?

Saffat 37:139

සැබැවින්ම යූනුස් ඔවුන්ගේ සමූහයා වෙත සුභාරංචි දන්වමින් හා අවවාද කරමින් එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් කෙනෙකු විය.

Saffat 37:140

ඔහු ඔහුගේ පරමාධිපතිගේ අවසරයෙන් තොරව ඔහුගේ සමූහයාගෙන් පලා ගොස් මගීන් හා භාණ්ඩ පුරවා ප්රවාහනය කරන නැවක නැග ගමන් ගත් අවස්ථාව මෙනෙහි කර බලනු.

Saffat 37:141

නැව පිරී පැවතුණු බැවින් එය ගිලෙන්නට විය. එහෙයින් මගීහු ඔවුන්ගෙන් ඇතැමෙකු පිටත හෙළීම සඳහා කුසපත් ඇද්දෝය. එය මගීන්ගේ අධිකත්වය හේතුවෙන් නැවත ගිලී යාමට ඇති බියෙනි. එවිට යූනුස් පරාජිතයින් අතරට පත් විය. ඔවුහු ඔහු මුහුදට හෙළූහ.

Saffat 37:142

ඔවුහු ඔහුව මුහුදට හෙළූ කල්හි මත්සයා ඔහු ඩැහැ ගෙන ගිල දැමීය. තම පරමාධිපතිගේ අවසරයෙන් තොර ව මුහුද දෙසට ඔහු ගිය බැවින් ඔහු දොස් නගනු ලැබූ දෑ සමග පැමිණියේය.

Saffat 37:143

සැබවින්ම යූනුස් තමන්ට අත් වූ දෑට පෙර අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් නොවී නම් මත්සයාගේ කුස තුළ ඔහු ව සුවිශුද්ධ නොකළේ නම්...

Saffat 37:144

මත්සයාගේ කුස ඔහුට මිනී වළක් වී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් එම මත්සයාගේ කුස තුළම රැදෙන්නට තිබුණි.

Saffat 37:145

පසු ව මත්ස කුසෙන් අපි ඔහු ගහකොළ ගොඩනැගිලි කිසිවක් නැති පුහු ඉඩමකට හෙළුවෙමු. එවිට ඔහු මත්ස කුසෙහි දීර්ග කාලයක් රැඳී සිටි බැවින් දුර්වල ශරීරයකින් පෙළුණේය.

Saffat 37:146

එම හිස් භූමියේ ඔහු හෙවණ ලබන්නටත් අනුභව කරන්නටත් වැල් සහිත ගසක් හට ගැන්වීමු.

Saffat 37:147

අපි ඔහු ඔහුගේ සමූහයා වෙත සේන්දු කළෙමු. ඔවුන්ගේ සංඛ්යාව සිය දහසක් විය. ඔවුහු ඊටත් වඩා වැඩි සංඛ්යාවකින් සිටියහ.

Saffat 37:148

පසු ව ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුහු විශ්වාස කළෝය. තහවුරු කළෝය. ඔවුනට නියම වූ ආයු කාලය අවසන් වන තුරුම මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට අල්ලාහ් ඔවුනට ඉඩ දුන්නේය.

Saffat 37:149

අහෝ මුහම්මද්! දේව ආදේශකයින් හෙළා දකිමින්, ‘නුඹලා පිළිකුල් කරන ගැහැනු දරුවන් අල්ලාහ් වෙනුවෙන් වෙන් කොට නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලා වෙනුවෙන් වෙන් කර ගන්නෙහු ද? එය කවර ආකාරයේ වෙන් කිරීමක් ද?’ යැයි විමසනු.

Saffat 37:150

ඔවුහු ඔවුන්ගේ මැවීම් ඉදිරියේ පෙනී සිටියේ නැත. එය ඔවුන් දෑසින් ද දැක නැති තත්ත්වයේ සැබැවින්ම මලක්වරුන් ගැහැනුන් වෙතැයි නුඹලා විශ්වාස කරනුයේ කෙසේද?

Saffat 37:151

දැන ගනු! සැබැවින්ම දේව ආදේශකයින් අල්ලාහ්ට දරුවකු ඈඳා අල්ලාහ් මත බොරු ගොතමින් හා ඔහු මත ප්රබන්ධයන් ගොතමින් සිටිති. සැබැවින්ම ඔවුන් ඒ ගැන තර්ක කිරීමෙහි මුසාවාදීහුය.

Saffat 37:152

දැන ගනු! සැබැවින්ම දේව ආදේශකයින් අල්ලාහ්ට දරුවකු ඈඳා අල්ලාහ් මත බොරු ගොතමින් හා ඔහු මත ප්රබන්ධයන් ගොතමින් සිටිති. සැබැවින්ම ඔවුන් ඒ ගැන තර්ක කිරීමෙහි මුසාවාදීහුය.

Saffat 37:153

නුඹලා ප්රිය කරන පිරිමි දරුවන්ට වඩා නුඹලා පිළිකුල් කරන ගැහැනු දරුවන් අල්ලාහ් තමන් වෙනුවෙන් තෝරා ගෙන ඇත්තේද? එසේ නොවේ.

Saffat 37:154

අහෝ දේව ආදේශකයිනි! නුඹලා අල්ලාහ්ට ගැහැනු දරුවන් පත් කොට නුඹලා වෙනුවෙන් පිරිමි දරුවන් තෝරා ගනිමින් අයුක්ති සහගත තීන්දු කිරීමට නුඹලාට කුමක් වීද?

Saffat 37:155

නුඹලා දරමින් සිටින නපුරු ප්රතිපත්තියේ ව්යාජත්වය ගැන නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද? සැබවින්ම නුඹලා මෙනෙහි කර තිබුණෙහි නම් මෙම ප්රකාශය නුඹලා නොපවසන්නට තිබුණි.

Saffat 37:156

එසේ නැතහොත් මේ ගැන පෙන්වා දෙන දිව්ය ග්රන්ථයකින් හෝ දූතයකුගෙන් වූ කිසියම් පැහැදිලි සාධකයක් හෝ පැහිදිලි සංඥාවක් හෝ නුඹලා වීද?

Saffat 37:157

නුඹලා වාද කරන දෑහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ සඳහා නුඹලාට සාක්ෂි වශයෙන් දරණ නුඹලාගේ දිව්ය ග්රන්ථ ගෙන එනු.

Saffat 37:158

සැබැවින්ම මලාඉකාවරුන් අල්ලාහ්ගේ දූවරුන් යැයි දේව ආදේශකයින් විශ්වාස කළ අවස්ථාවේ ඔවුන්ගෙන් සැඟවී සිටින අල්ලාහ් හා මලක්වරුන් අතර ඥාතී සම්බන්ධතාවක් ඔවුහු ඇති කළෝය. සැබවින්ම දේව ආදේශකයින් විනිශ්චය සඳහා අල්ලාහ් ඉදිරිපත් කරනු ඇතැයි මලක්වරුන් දැන සිටිති.

Saffat 37:159

අල්ලාහ්ට සුදුසු නොවන දරුවකු ආදේශකයකු හා වෙනත් දෑ සම්බන්ධ කරමින් අල්ලාහ්ට දේව ආදේශකයෝ ආරෝපණය කරන දැයින් ඔහු සුවිශුද්ධය. පිවිතුරුය.

Saffat 37:160

අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර. සැබැවින්ම ඔහුට සුදුසු කීර්තිමත් හා පූර්ණ ගුණාංග තුළින් මිස ඔවුහු ඔහු වර්ණනා නොකරති.

Saffat 37:161

අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! සැබැවින්ම නුඹලා හා අල්ලාහ් හැර නුඹලා නමදින දෑ ද,

Saffat 37:162

සත්ය දහමින් කිසිවෙකු හෝ නොමග හරින්නන් ලෙස නුඹලා නැත.

Saffat 37:163

සැබැවින්ම ඔවුන් නිරා වාසීන් අතරින් කෙනෙකු යැයි අල්ලාහ් තීන්දු කළ අය මිස. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ තීන්දුව ඔහු තුළ ක්රියාත්මක කරවයි. අවසානයේ ඔහු ප්රතික්ෂේප කොට නිරයට පිවිසෙයි. සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි, ඒ සඳහා නුඹලාට කිසිදු බලයක් නොමැත.

Saffat 37:164

මලක්වරුන් අල්ලාහ්ට නැමදුම් කිරීම හා දේව ආදේශකයින් විශ්වාස කළ දැයින් ඔවුන් නිදොස් බව පැහැදිලි කරමින්, ‘අප අතරින් කිසිවෙකුට හෝ අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි නියම කරන ලද ස්ථානක් පිහිටා තිබුණා මිස නැත.’ යැයි පවසා සිටියහ.

Saffat 37:165

සැබැවින්ම මලක්වරුන් වන අපි අල්ලාහ්ට ගැතිකම් කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි පෙළ ගැසී සිටින්නෙමු. ඔහුට සුදුසු නොවන ගුණාංග හා වර්ණනාවලින් අපි ඔහු පිවිතුරු කරන්නෝ වෙමු.

Saffat 37:166

සැබැවින්ම මලක්වරුන් වන අපි අල්ලාහ්ට ගැතිකම් කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි පෙළ ගැසී සිටින්නෙමු. ඔහුට සුදුසු නොවන ගුණාංග හා වර්ණනාවලින් අපි ඔහු පිවිතුරු කරන්නෝ වෙමු.

Saffat 37:167

සැබැවින්ම මක්කා වාසීන් අතර සිටි දේව ආදේශකයින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයකු ලෙස එවීමට පෙර, ‘උදාහරණයක් ලෙස තව්රාත් මෙන් මුතුන් මිත්තන් සතුව තිබූ දිව්ය ග්රන්ථයක් අප වෙත තිබුණේ නම් අපි අල්ලාහ්ට පමණක් අවංක ව නැමදුම් කරන්නෙමු’ යැයි පවසමින් සිටියෝය. නමුත් එහි ඔවුහු මුසාවාදීහු වූහ. සැබවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන් වෙත අල් කුර්ආනය ගෙන ආවේය. නමුත් ඔවුහු එය ප්රතික්ෂේප කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවම ඔවුනට අපේක්ෂිත බව ඔවුන් මතු දැනගනු ඇත.

Saffat 37:168

සැබැවින්ම මක්කා වාසීන් අතර සිටි දේව ආදේශකයින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයකු ලෙස එවීමට පෙර, ‘උදාහරණයක් ලෙස තව්රාත් මෙන් මුතුන් මිත්තන් සතුව තිබූ දිව්ය ග්රන්ථයක් අප වෙත තිබුණේ නම් අපි අල්ලාහ්ට පමණක් අවංක ව නැමදුම් කරන්නෙමු’ යැයි පවසමින් සිටියෝය. නමුත් එහි ඔවුහු මුසාවාදීහු වූහ. සැබවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන් වෙත අල් කුර්ආනය ගෙන ආවේය. නමුත් ඔවුහු එය ප්රතික්ෂේප කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවම ඔවුනට අපේක්ෂිත බව ඔවුන් මතු දැනගනු ඇත.

Saffat 37:169

සැබැවින්ම මක්කා වාසීන් අතර සිටි දේව ආදේශකයින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයකු ලෙස එවීමට පෙර, ‘උදාහරණයක් ලෙස තව්රාත් මෙන් මුතුන් මිත්තන් සතුව තිබූ දිව්ය ග්රන්ථයක් අප වෙත තිබුණේ නම් අපි අල්ලාහ්ට පමණක් අවංක ව නැමදුම් කරන්නෙමු’ යැයි පවසමින් සිටියෝය. නමුත් එහි ඔවුහු මුසාවාදීහු වූහ. සැබවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන් වෙත අල් කුර්ආනය ගෙන ආවේය. නමුත් ඔවුහු එය ප්රතික්ෂේප කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවම ඔවුනට අපේක්ෂිත බව ඔවුන් මතු දැනගනු ඇත.

Saffat 37:170

සැබැවින්ම මක්කා වාසීන් අතර සිටි දේව ආදේශකයින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයකු ලෙස එවීමට පෙර, ‘උදාහරණයක් ලෙස තව්රාත් මෙන් මුතුන් මිත්තන් සතුව තිබූ දිව්ය ග්රන්ථයක් අප වෙත තිබුණේ නම් අපි අල්ලාහ්ට පමණක් අවංක ව නැමදුම් කරන්නෙමු’ යැයි පවසමින් සිටියෝය. නමුත් එහි ඔවුහු මුසාවාදීහු වූහ. සැබවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන් වෙත අල් කුර්ආනය ගෙන ආවේය. නමුත් ඔවුහු එය ප්රතික්ෂේප කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවම ඔවුනට අපේක්ෂිත බව ඔවුන් මතු දැනගනු ඇත.

Saffat 37:171

අල්ලාහ් කවර සාධකයක් හා බලයක් අපගේ දූතවරුන්ට පිරිනැමුවේ ද එමගින් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුන් ජය ලබන බවත් සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ වදන උසස් වීම සඳහා ඔහුගේ මාර්ගයේ අරගල කරන අපගේ සේනාව සතු බවත් අපගේ දූතවරුන් සඳහා වූ ප්රකාශය සැබැවින්ම පෙරටු විය.

Saffat 37:172

අල්ලාහ් කවර සාධකයක් හා බලයක් අපගේ දූතවරුන්ට පිරිනැමුවේ ද එමගින් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුන් ජය ලබන බවත් සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ වදන උසස් වීම සඳහා ඔහුගේ මාර්ගයේ අරගල කරන අපගේ සේනාව සතු බවත් අපගේ දූතවරුන් සඳහා වූ ප්රකාශය සැබැවින්ම පෙරටු විය.

Saffat 37:173

අල්ලාහ් කවර සාධකයක් හා බලයක් අපගේ දූතවරුන්ට පිරිනැමුවේ ද එමගින් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුන් ජය ලබන බවත් සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ වදන උසස් වීම සඳහා ඔහුගේ මාර්ගයේ අරගල කරන අපගේ සේනාව සතු බවත් අපගේ දූතවරුන් සඳහා වූ ප්රකාශය සැබැවින්ම පෙරටු විය.

Saffat 37:174

අහෝ දූතය! මෙම මුරණ්ඩුකාර දේව අදේශකයින්හට නියමිත දඬුවමේ වේලාව අල්ලාහ් දන්වන තෙක් ටික කලක් නුඹ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.

Saffat 37:175

ඔවුනට දඬුවම පහළ වන තෙක් ඔවුන් ගැන නුඹ විමසිල්ලෙන් සිටිනු. කිසිදු දෘෂ්ටියක් ඔවුනට ප්රයෝජනවත් නොවන අවස්ථාවක ඔවුන් ඒ ගැන සොයා බලනු ඇත.

Saffat 37:176

මෙම ආදේශකයෝ අල්ලාහ්ගේ දඬුවම ඉක්මනින් පතන්නෝ ද?

Saffat 37:177

අල්ලාහ්ගේ දඬුවම ඔවුනට පහළ වූ විට ඔවුන්ගේ අළුයම අවදිය විනාශ විය.

Saffat 37:178

අහෝ දූතය! අල්ලාහ් ඔවුනට දඬුවම තීන්දු කරන තෙක් නුඹ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.

Saffat 37:179

නුඹ බලා සිටිනු. ඔවුනට අත්වන අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ විපාකය ඔවුන් මතු දකිනු ඇත.

Saffat 37:180

අහෝ මුහම්මද්! බලය හිමි ඔබේ පරමාධිපති සුවිශුද්ධය. දේව ආදේශකයින් කවර අඩුපාඩු සහිත ගුණාංගවලින් ඔහු ව වර්ණනා කරන්නේ ද ඔහු එයින් පිවිතුරුය.

Saffat 37:181

අල්ලාහ්ගේ සුබ පැතුම් හා ඔහුගේ පැසසුම් ඔහුගේ ගෞරවණීය දූතවරුන් වෙත හිමි වේවා!

Saffat 37:182

සියලු පැසසුම් සුවිශුද්ධ හා උත්තරීතර වන අල්ලාහ් සතුය. එයට සුදුස්සා ඔහු පමණ ය. ඔහු ලෝවැසියන් සියලු දෙනාගේ පරමාධිපතිය. ඔවුනට ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත.

Sâd 38:1

(සාද්) සූරා අල් බකරාහී ‘හුරූෆුල් මුකත්තආ’ නම් අක්ෂර පද මාළාව පිළිබඳ විස්තර ඉදිරිපත් කරනු ලැබ ඇත. මිනිසුන්ගේ මෙලොවෙහි හා ඔවුන්ගේ මතුලොවෙහි ඔවුනට ප්රයෝජනවත් වන දෑ සඳහන් කරමින් අල් කුර්ආනය දිවුරා පවසයි. අල්ලාහ් සමග හවුල්කරුවන් සිටින බවට දේව ආදේශකයින් සිතන පරිදි එම කරුණ නැත.

Sâd 38:2

නමුත් දේවත්වය ප්රතික්ෂේප කරන්නෝ අල්ලාහ්ගේ ඒකීයත්වය ගැන අහංකාරයෙන් හා ප්රතික්ෂේපයෙන් පසුවෙති. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග විරුද්ධවීමෙහි හා ඔහුට සතුරුකම් පෑමෙහි නිරතව සිටිති.

Sâd 38:3

ඔවුනට පෙර විසූ තමන්ගේ දූතවරුන් බොරු කළ කොපමණ සමූහයන් අපි විනාශ කළෙමු ද? ඔවුනට දඬුවම පහළ වන අවස්ථාවේ ඔවුහු උදව් පතමින් කන්නලව් කළෝය. නමුත් එය දඬුවමින් නිදහස් වීමේ කාලයක් නොවූ අතරම ඔහුගෙන් ඉල්ලා සිටි උපකාරය ඔවුනට ප්රයෝජනවත් වන වේලාවක් ද නොවීය.

Sâd 38:4

ඔවුන් දේව ප්රතික්ෂේපය මත අඛණ්ඩව සිටින්නේ නම් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ඔවුනට ඇතැයි අවවාද කරන ඔවුන් අතරින්ම වූ දූතයකු ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ ඔවුහු පුදුමයට පත් වූවෝය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය සත්යයක් බව පෙන්වා දෙන සාධක දේව ප්රතික්ෂේපකයින් දෑසින් දුටු කල්හි, ‘මොහු මිනිසුනට හූනියම් කරන මායාකාර පුද්ගලයෙකි. සැබැවින්ම තමන් දේව පණිවිඩ ලැබෙන අල්ලාහ්ගෙන් වූ දූතයෙකි යැයි කරන තර්කයෙහි ඔහු මහා බොරුකාරයෙකි’ යැයි ඔවුහු පවසා සිටියෝය.

Sâd 38:5

"මෙම පුද්ගලයා විවිධත්වයෙන් යුත් දෙවිවරුන් -නැමදුමට සුදුසු ඔහු හැර වෙනත් කිසිවෙක් නැති- එකම දෙවියකු බවට පත් කරන්නට බලන්නේ ද? සැබැවින්ම ඔහුගේ ක්රියා කලාපය අතිශයින් හාස්යය ජනකය."

Sâd 38:6

ඔවුන්ගේ ප්රධානීහු හා ප්රභූවරු තම අනුගාමිකයිනට මෙසේ පවසමින් ගමන් ගත්තෝය. ‘නුඹලා කවර පදනමක සිටින්නේ ද ඒ මතම ගමන් කරනු. නුඹලා මුහම්ද්ගේ දහමට ඇතුලු නොවනු. නුඹලාගේ දෙවිවරුන් නැමදීමෙහි නුඹලා ස්ථාවර ව සිටිනු. සැබැවින්ම මුහම්මද් එකම දෙවියෙකු වන්දනාමාන කරන්නැයි නුඹලාව ඇරයුම් කර සිටීම අපට වඩා ඔහු උසස් වනු පිණිසත් අප ඔහුගේ අනුගාමිකයින් බවට පත්වනු පිණිසත් ඔහු අපේක්ෂා කරන සැලසුම් සහගත ක්රියාවකි.’ (යැයි කීහ)

Sâd 38:7

මුහම්මද් අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත අප ඇරයුම් කර සිටින කරුණ අපගේ මුතුන් මිත්තන් කවර පදනමක සිටිනු අප දැක ඇත්තේ ද එහි නැත. ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙතහි ද නැත. අපි ඔහුගෙන් සවන් දුන් දෑ බොරුවක් හා ප්රබන්ධයක් මිස නැත.

Sâd 38:8

අපි නායකයින් හා ප්රභූවරුන් ලෙස සිටිය දී, අප වෙත අල් කුර්ආනය පහළ නොවී අප අතර සිටින මොහු වෙත එය පහළ වීමත්, මොහුට පමණක් එය විශේෂ වීමත් නිවැරදි ද? එසේ නොව නුඹ වෙත පහළ වන දිව්ය පණිවිඩ පිළිබඳ මෙම දේව ආදේශකයෝ සැකයෙහි පසුවෙති. අල්ලාහ්ගේ දඬුවම ඔවුහු භුක්ති විඳින කල්හි ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඔවුහු රැවටුණෝය. ඔවුන් එය විඳ ඇත්නම් අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම හා ආදේශ කිරීමෙහි ඔවුහු එඩිතර නොවෙති. නුඹ වෙත දන්වා සිටින දෑහි සැකයෙහි පසුවෙති.

Sâd 38:9

එසේ නැතහොත් කිසිවකු විසින් පරාජය කළ නොහැකි, ඔහු අභිමත කරන අයට අභිමත කරන දෑ පිරිනමන සර්වබලධාරී නුඹේ පරමාධිපතිගේ භාග්යයෙන් යුත් භාණ්ඩාගාර කිසිවක් මෙම බොරුකාර ආදේශකයින් සතු ව තිබේ ද? නබිත්වය යනු ඔහුගේ භාග්යමත් භාණ්ඩාගාරයෙන් එකකි. ඔහු අභිමත කරන්නන්හට එය පිරිනමයි. ඔවුන් සිතන අයට එය පිරිනැමීමට හෝ ඔවුන් සිතන අයගෙන් එය වැළැක්වීමට හෝ හැකි පරිදි එය පිහිටුවා නැත.

Sâd 38:10

එසේ නැතහොත් ඔවුනට අහස්හි ආධිපත්යය මහපොළොවේ ආධිපත්යය හා ඒ දෙක තුළ පවතින දෑහි ආධිපත්යය තිබී එය පිරිනැමීමටත් එය වැළැක්වීමටත් ඔවුනට උරුමය තිබේ ද? ඔවුන්ගේ එම විශ්වාසය වී නම් තමන් කැමති පරිදි පිරිනැමීමට හෝ වැළැක්වීමට හෝ තීරණය කළ හැකි පරිදි අහස වෙත ලඟා විය හැති සාධක සූදානම් කර ගනිත්වා! කිසිවිටෙක ඔවුනට එය සිදු කළ නොහැක්කේමය.

Sâd 38:11

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව බොරු කළ මොවුන් මීට පෙර තම දූතවරුන් බොරුකළ සේනාවන් අතරින් සිටි අය මෙන් පරාජිත සේනාවකි.

Sâd 38:12

මෙම බොරුකාරයෝ පළමු බොරුකාරයින් නොවෙති. ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. ආද් ජනයා ද බොරු කළෝය. රිටි හිටවා එමගින් ජනයාට දඬුවම් දෙමින් සිටි ෆිර්අවුන් ද බොරු කළේය.

Sâd 38:13

එමෙන්ම සමූද් ජනයා ද බොරු කළෝය. ලූත්ගේ ජනයා ද බොරු කළෝය. ෂුඅයිබ්ගේ ජනයා ද බොරු කළෝය. මෙම කණ්ඩායම් ඔවුන්ගේ දූතවරුන් බොරු කිරීමෙහි හා ඔවුන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කිරීමෙහි කණ්ඩායම් ගත වූ සේනාවන් වෙති.

Sâd 38:14

මෙම කණ්ඩායම් අතරින් දූතවරුන් බොරු කිරීමෙහි නිරත නොවූ කිසිවකු නොවීය. එහෙයින් ඔවුනට අල්ලාහ්ගේ දඬුවම නියම විය. එය ටික කලක් ප්රමාද වුව ද ඔවුනට ඔහුගේ දඬුවම අත් විය.

Sâd 38:15

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව බොරු කළ මොවූහු නැවත හැරී යා නොහැකි දෙවන පිඹුම හොරණෑවෙහි පිඹිනු ලැබීම මිස වෙනත් කිසිවක් අපේක්ෂා නොකරති. එසේ නම් ඔවුන් ඔහුව බොරුකරමින් සිටි තත්ත්වයේම මිය ගියේ නම්, ඔවුනට දඬුවම පහළ වනු ඇත.

Sâd 38:16

‘අපගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයට පෙර මෙලොව ජීවිතයේ දඬුවමේ අපේ කොටස අපට ඉක්මන් කරනු’ යැයි ඔවුන් හාස්යයට ගනිමින් පවසා සිටියෝය.

Sâd 38:17

අහෝ දූතය! නුඹ තෘප්තියට පත් නොවන දැයින් මෙම බොරුකාරයින් පවසන දෑ මත ඉවසා දරා ගනු. සතුරන්ට එරෙහිව සටන් කිරීමෙහි ඉතා බලවත් මෙන්ම අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසිලිමත් වූ අපගේ ගැත්තෙකු වන දාවූද් ගැන මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු අධික ලෙස පාපක්ෂමාවෙහි නිරත වී අල්ලාහ් තෘප්තියට පත්වන ක්රියාවන් ඉටු කර ඔහු වෙත අධික ලෙස යොමු වන්නෙකු විය.

Sâd 38:18

දහවල අවසානයේ හා හිරු උදාව ආරම්භයේ දාවුද් තුමා අල්ලාහ්ව සුවිශුද්ධ කරන විට ඔහු සමගම එක්ව අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම සඳහා සැබැවින්ම අපි කඳු වසඟ කර දුනිමු.

Sâd 38:19

ගුවනේ රඳවා තබන ලද පක්ෂීන් ද වසඟ කර දුනිමු. ඒ සෑම දෙයක්ම ඔහු ව අනුගමනය කරමින් අල්ලාහ්ව සුවිශුද්ධ කරන ඔහුට අවනත වූවන් විය.

Sâd 38:20

ඔහුගේ සතුරන්ට එරෙහි ව උදව් උපකාර මෙන්ම බලය හා බිය අපි ඔහුට පිරිනමමින් ඔහුගේ රාජ්යය බලය බලවත් කළෙමු. එමෙන්ම නබිත්වය හා ඔහුගේ කටයුතුවල සාර්ථකත්වය අපි ඔහුට පිරිනැමුවෙමු. සෑම අපේක්ෂිත කරුණකම පැහැදිලි ව කතා කිරීමේ හැකියාව හා කතාව හා තීන්දුව තුළ වෙන්කර හඳුනාගැනීමේ හැකියාව අපි ඔහුට පිරිනැමුවෙමු.

Sâd 38:21

අහෝ දූතය! දාවූද් (අලයිහිස් සලාම්) වෙත (නඩු කියන) වාදියා ප්රතිවාදියා ඔහු නැමදුම් කරන ස්ථානයට ඉහළින් නැග පැමිණි අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ පුවත ඔබ වෙත පැමිණියේ ද?

Sâd 38:22

දෙදෙනාම දාවූද් වෙත පිවිසු විට ඔහු වික්ෂිප්ත විය. ඔහු වෙත සාමාන්ය අයුරින් ඇතුළු නොවී මෙම මාර්ගය ඔස්සේ ඔවුන් දෙදෙනා එකවර පිවිසීම ගැන ඔහු භීතියට පත් විය. ඔහුගේ බියවීම ගැන ඔවුන් දෙදෙනාට පැහැදිළි වූ කල්හි ඔවුන් දෙදෙනා, ‘නුඹ බිය නොවනු. අපි අපගෙන් කෙනෙකු අනෙකාට කළ අපරාධයක් සම්බන්ධයෙන් වාද විවාද කරන දෙදෙනෙකි. අප අතර නුඹ තීන්දු තීරණ ගත්තේ නම් අප වෙත එය වරදක් නොවන්නේය. නිවැරදි මග කුමක් ද, ඒ ඍජු මග වෙත අපට මග පෙන්වනු’ යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.

Sâd 38:23

වාදකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු දාවූද් (අලයිහිස් සලාම්) තුමාට, ‘සැබැවින්ම මෙම පුද්ගලයා මාගේ සහෝදරයා වේ. ඔහුට බැටළුවන් අනූ නව දෙනෙකු සිටිති. මට ඇත්තේ එකම එක් බැටළුවෙකු පමණි. එය ද ඔහුට පිරිනමන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේය. තර්ක කිරීමෙහි ඔහු මා අබිබවා ගියේය' යැයි පැවසීය.

Sâd 38:24

ඔවුන් දෙදෙනා අතර දාවූද් තුමා තීන්දු පිරිනැමුවේය. ඔහු වාද කළ තැනැත්තා සමග කතා කරමින්, ‘සැබවින්ම ඔබේ සහෝදරයා ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළුවන් සමග එක් කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අපරාධයක් සිදු කර ඇත. සැබැවින්ම හවුල්කරුවන් බොහෝ දෙනා ඔවුන් එකිනෙකා අනෙකාගේ උරුමය පැහැර ගනිමින් සාධාරණ ලෙස කටයුතු නොකරමින් සීමාව ඉක්මවා ක්රියා කරති. නමුත් දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් හැර. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ හවුල් කරුවන් සමග සාධාරණව කටයුතු කරති. ඔවුනට අසාධාරණයක් නොකරති. මෙවන් කරුණුවලින් විස්තර කරනු ලැබූවන් සුළු පිරිසකි. සැබැවින්ම මෙම වාදය තුළින් අපි දාවූද්ව පරීක්ෂණයකට භාජනය කර ඇතැයි දාවූද් (අලයිහිස් සලාම්) තුමා ස්ථීර ගර ගත්හ. පසුව ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිට ඔහුට සමීප වීමක් ලෙස ‘සජදා’ සිරස නමා නමස්කාර කළේය. ඔහු ඔහුට සමාව දානය කළේය.

Sâd 38:25

ඒ අනුව අපි ඔහුට පිළිතුරු දී ඒ සඳහා අපි ඔහුට සමාව දුනිමු. සැබැවින්ම ඔහු අප ඉදිරියේ සමීපතයින් අතර කෙනෙකු විය. එමෙන්ම මතු ලොවෙහි ඔහුට යහපත් නවාතැනක් ඇත.

Sâd 38:26

අහෝ දාවූද්! ආගමික මෙන්ම ලෞකික තීන්දු තීරණ මිනිසුන් අතර ක්රියාත්මක කිරීම සඳහා මහපොළොවේ පාලකයකු බවට සැබවින්ම අපි ඔබව පත් කළෙමු. එහෙයින් මිනිසුන් අතර යුක්ති ගරුක ව තීන්දු දෙනු. ජනයා අතර ඔබ දෙන තීන්දුවෙහි ඥාතීත්වය හෝ සමීපත්වය පදනම් කර ගෙන වාදී ප්රතිවාදී යන දෙදෙනා අතරින් එක් අයකු වෙතට නැඹුරු වීම හෝ සතුරුකම හේතුවෙන් ඔහුගෙන් වෙනතට යොමු වීම වැනි කාරණා තුළින් ආශාවන් අනුගමනය නොකරනු. එවිට එම ආශාවන් අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ඔබව නොමග යවනු ඇත. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් නොමග යන්නේ ද ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කර දැමූ හේතුවෙන් බලවත් දඬුවමක් හිමි වනු ඇත. ඔවුන් ඔහු සිහිපත් කරමින් හා ඔහුට බියෙන් පසුවන්නේ නම් ඔවුන්ගේ ආශාවන් සමග ඔවුන් නැඹුරු නොවනු ඇත.

Sâd 38:27

අහස් හා මහපොළොව නිකරුණේ අපි නොමැව්වෙමු. එය දේව ප්රතික්ෂේපකයින්ගේ සිතුවිල්ලය. අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිල්ලක හා දේව ප්රතික්ෂේපය මත පදනම්ව මෙවන් සිතුවිල්ලක් සිතන දේව ප්රතික්ෂේපකයින් වනාහි ඔවුන් මිය යැදුණු විට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපාගින්නේ දඬුවමින් ඔවුනට විනාශක්ම වනු ඇත!

Sâd 38:28

අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මහ පොළොවේ ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නන් මෙන් අපි කිසිවිටෙක පත් නොකරන්නෙමු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් තම පරමාධිපතිට බැතිමත් ව කටයුතු කළවුන් පාපයේ ගිළුණු දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් මෙන් කිසිවිටෙක අපි පත් නොකරන්නෙමු. සැබැවින්ම ඔවුන් දෙදෙනා අතර සමාන කොට බැලීම වරදකි. එය උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ට සුදුසු නොවන්නකි. බියබැතිමත් දේව විශ්වාසීන් ස්වර්ගයට ප්රවේශ කිරීමෙන් අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. අභාග්යවන්ත දේව ප්රතික්ෂේපකියන් අපා ගින්නට ප්රවේශ කිරීමෙන් ඔවුනට දඬුවම් කරනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ් අබියස සමාන නොවන බැවිණි. එමෙන්ම ඔවුන්ගේ ප්රතිඵලද ඔහු අබියස සමාන නොවෙයි.

Sâd 38:29

සැබවින්ම නුඹ වෙත අප පහළ කළ මෙම අල් කුර්ආනය මිනිසා පරිශීලනය කර එහි අර්ථයන් පිළිබඳ සිතා බලනු පිණිසත්, දීප්තිමත් මනසක් ඇත්තවුන් එමගින් ප්රයෝජනය ලබන අධික යහපත හා ප්රයෝජන සහිත පුස්තකයකි.

Sâd 38:30

අපි දාවුද්ට අපගෙන් වූ ආශිර්වාදයක් ලෙසත් ඔහුගේ දෑස් පිනවන භාග්යයක් ලෙසත් ඔහුගේ පුත් සුලෙයිමාන්ව පිරිනැමුවෙමු. දේව ගැති සුලෙයිමාන් යහපත් විය. සැබැවින්ම ඔහු අධික ලෙස පාපක්ෂමාවෙහි නිරතව අල්ලාහ් වෙත යොමු වන, ඔහු වෙත නැඹුරු වන කෙනෙකු විය.

Sâd 38:31

සවස් කාලයේ ඔහු වෙත වේගයෙන් දිව යන, වැඩුණු අශ්වයින් ප්රදර්ශනය කරනු ලැබූ අවස්ථාව නුඹ මෙනෙහි කර බලනු. උන් කකුල් තුනකින් සිට ගෙන සිව්වැනි කකුල ඔසවා ගෙන සිටීය. හිරු අවරට යන තෙක්ම එම වැඩුණු අශ්වයින් ප්රදර්ශනය කරනු ලැබීය.

Sâd 38:32

සුලෙයිමාන්: ‘හිරු අවරට යන තෙක්ම මාගේ පරමාධිපති මා මෙනෙහි කිරීමට වඩා සම්පතට ඇති ඇල්ම මට බලපා ඇත. - ඒ අතරින් මෙම අශ්වයින්ද වෙති- තවද අසර් සලාතයෙන් ද මා ප්රමාද වූයෙමි.

Sâd 38:33

එම අශ්වයින් නුඹලා නැවත මා වෙත ගෙන එනු. එවිට ඔවුහු ඒවා ඔහුට නැවත ගෙනැවිත් දුන්නෝය. පසු ව ඔහු කඩුවෙන් උන්ගේ කෙණ්ඩ හා උන්ගේ ගෙලවල්වලට පහර දෙන්නට පටන් ගත්තේය.

Sâd 38:34

සැබැවින්ම අපි සුලෙයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. ඔහුගේ රාජාසනය මත මිනිස් වෙසින් ෂෙයිතානුවකු අපි හෙළුවෙමු. ඔහුගේ පාලනය තුළ ටික කලක් පාලනය වීමෙන් පසු ව සුලෙයිමාන්ට ඔහුගේ රාජ්යය අල්ලාහ් නැවත දුන්නේය. ඔහු ෂෙයිතානුන් මත ඔහු ව ආධිපත්යය දරන්නට සැලැස්වීය.

Sâd 38:35

මාගේ පරමාධිපතියාණනි! මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මගෙන් පසු කිසිදු මිනිසෙකුට හිමි නොවන මට පමණක් සුවිශේෂී වූ රාජ්යයක් මා වෙත පිරිනමනු මැනව. මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබ අධික ලෙස සම්පත් දානය කරන මහා පරිත්යාගශීලීය.

Sâd 38:36

අපි ඔහුට පිළිතුරු දුනිමු. ඔහුගේ නියෝගය අනු ව මෘදු ලෙස සුළඟ පාලනය කළ හැකි පරිදි එය ඔහුට වසඟ කර දුනිමු. එහි ඇති බලය හා ගමන් වේගය සමග එහි බාධාවක් ඇති නොවීය. ඔහු සිතන පරිදි එය ඔහු උසුලාගෙන යයි.

Sâd 38:37

ඔහුගේ නියෝගය අනුව ක්රියාත්මක වන ෂෙයිතානුන් ද අපි ඔහුට වසඟ කර දුනිමු. ඔවුන් අතරින් ගොඩනැගිලි ඉදි කරන්නන් ද මුහුදෙහි කිමිද ගොස් මුතු සොයා මතු කර ගන්නන් ද විය.

Sâd 38:38

ෂාතානුන් අතර ප්රචණ්ඩකාරීන් ද ඔහුට වසඟ කර දෙනු ලැබීය. ඔවුන් යදම් තුළ බැඳ දමනු ලැබූවෝ වූ අතර ඔවුනට සෙලවෙන්නට පවා නොහැකි විය.

Sâd 38:39

අහෝ සුලෙයිමාන්! මෙය ඔබ අපෙන් ඉල්ලූ පරිදි අපි ඔබටට පිරිනැමූ දෑය. ඔබ කැමති දේ පිරිනමනු. ඔබ කැමති දෑ වළක්වා ගනු. පිරිනැමීමෙහි හා වැළකීමෙහි නුඹ විනිශ්චය කරනු නොලබන්නේමය.

Sâd 38:40

සැබැවින්ම සුලෙයිමාන් අප අතරට සමීපවූවන් අතරින් කෙනෙකු විය. ඔහු වෙත යොමු කරනු ලබන දැහැමි ස්ථානයක් ඔහු සතු වනු ඇත. එය ස්වර්ග උයනයි.

Sâd 38:41

අහෝ දූතය! අපගේ ගැත්තෙකු වන අය්යූබ් අලයිහිස් සලාම් තුමා ‘සැබවින්ම වේදෙනා සහගත පීඩාකාරී කරුණකින් ෂෙයිතාන් මා ස්පර්ශ කර ඇතැ’යි තම පරමාධිපති වන අල්ලාහ්ට ප්රාර්ථනා කළ අවස්ථාව මෙනෙහි කර බලනු.

Sâd 38:42

‘ඔබේ පාදයෙන් පොළොවට ගසනු.’ යැයි අපි ඔහුට පැවසුවෙමු. එවිට ඔහු තම පාදයෙන් පොළොවට ගැසීය. එමගින් පානය කිරීමට, ස්නානය කිරීමට හා එමගින් ඔහුට අත් වූ වේදනාව හා පීඩාව ඉවත් කිරීමට හැකි ජලය ඔහු වෙනුවෙන් මතු කරනු ලැබීය.

Sâd 38:43

එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. ඔහුට අත් වූ උවදුර අපි ඉවත් කළෙමු. ඔහුගේ පවුල ඔහුට පිරිනැමුවෙමු. ඔහු කෙරෙහි අපගේ ආශිර්වාදයක් හා ඔහුගේ ඉවසීම වෙනුවෙන් ඔහුට ප්රතිඵලයක් ලෙසින් ඔවුන් මෙන්ම දරු මුණුබුරන් ද අපි ඔහුට අධිකව පිරිනැමුවෙමු. සැබැවින්ම ඉවසීමෙහි අවසන් ප්රතිඵලය මිදීම හා කුසල් ලැබීම යන්න මනා බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු පිණිසය.

Sâd 38:44

අය්යූබ් තුමා තම බිරිය කෙරෙහි කෝප වූ අවස්ථාවේ කස පහරවල් සියයක් ඇයට ගසන බව දිවුරා සිටියේය. අපි ඔහුට, "අහෝ අය්යූබ්! ඔබේ දිවුරුම යහපත් වනු පිණිස අතින් පිදුරු මිටියක් ගෙන ඇයට ගසනු. ඔබ කවර කරුණක් දිවුරා සිටියේද එම දිවුරුමෙහි නුඹ කඩ නොකරනු. පසු ව ඔහු පිදුරු මිටියක් ගෙන එමගින් ඇයට පහර දුන්නේය. කවර කරුණක් සම්බන්ධයෙන් අපි ඔහු පරීක්ෂාවට ලක් කළෙමු ද එහි ඔහු ඉවසිලිවන්තයෙකු ලෙස අපි ඔහු දුටුවෙමු. දේව ගැති ඔහු යහපත් විය. සැබැවින්ම ඔහු අධික ලෙස අල්ලාහ් වෙත යොමු වන්නෙකු හා නැඹුරු වන්නෙකු විය.

Sâd 38:45

අහෝ දූතය! අපි තෝරාගත් අපගේ ගැත්තන් වන දිව්ය පණිවිඩ සමග අප එවූ අපගේ දූතවරුන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද මෙනෙහි කර බලනු. සැබවින්ම ඔවුහු අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ තෘප්තිය ග්රහණය කිරීමෙහි ඉතා බලවත් පුද්ගලයෝ වූහ. එමෙන්ම සත්යයේ සත්ය දැක්මක් ඇති පුද්ගලයෝ වූහ.

Sâd 38:46

සැබවින්ම අපි ඔවුනට විශේෂිත දෙයක් පිරිනැමුවෙමු. එමගින් අපි ඔවුන් විශේෂිත බවට කළෙමු. එය ඔවුන්ගේ හදවත මතුලොව පිළිබඳ මෙනෙහි කිරීමෙන් ප්රතිනිර්මාණය කිරීම ඒ වෙනුවෙන් දැහැමි ක්රියා කොට සූදානම් වීම හා ඒ වෙනුවෙන් ක්රියා කිරීමට ජනයා ඇරයුම් කිරීම වේ.

Sâd 38:47

තවද අප අබියස අපට අවනතවීම සඳහාත් අපට ගැතිකම් කිරීම සඳහාත් අපි තෝරාගත් අය අතරින් සැබවින්ම ඔවුන් ද වනු ඇත. අපගේ දූත පණිවිඩය ඉසිලීමටත් එය ජනයාට දන්වා සිටීමටත් අපි ඔවුන් තෝරා ගත්තෙමු.

Sâd 38:48

අහෝ නබිවරය! ඉබ්රාහීම්ගේ පුත් ඉස්මාඊල් පිළිබඳව ද මෙනෙහි කර බලනු. එමෙන්ම අල් යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳව ද මෙනෙහි කර බලනු. යහපත් පැසසුමකින් ඔවුන් අගය කරනු. ඔවුන් එයට සුදුසු පුද්ගලයෝ වෙති. මේ සෑම කෙනෙකුම අල්ලාහ් අබියස තෝරාගනු ලැබු විශිෂ්ඨයින් වෙති.

Sâd 38:49

මෙය ඔවුන් ගැන අලංකාර ලෙස පැසසුමට ලක් කරමින් සඳහන් කරන ලද අල් කුර්ආනයෙහි වූ මෙනෙහි කිරීමකි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් කටයුතු කළවුන්ට මතුලොව නිවහනෙහි යහපත් නවාතැනක් ඇත.

Sâd 38:50

මෙසේ යොමු වන අලංකාර නවාතැන වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ප්රවේශ වන සදාතනික ස්වර්ග උයන් වෙති. ඒවායෙහි දොරටු ඔවුන් සැමරීම සඳහා විවෘත කරනු ලබනු ඇත.

Sâd 38:51

අලංකරණය කරන ලද කවිච්චි මත හාන්සිවෙමින් ඔවුන් ප්රිය කරන විවිධ වර්ගයේ අධික පලතුරු හා ඔවුන් ප්රිය කරන මධු හා වෙනත් බීම වර්ග ඔවුනට පිළිගන්වන මෙන් ඔවුන්ගේ සේවකයින්ගෙන් ඔවුන් ඉල්ලා සිටිති.

Sâd 38:52

ඔවුන් අබියස ඔවුන්ගේ සහකරුවන්ට දමිත බැල්ම හෙළන ලලනාවෝ සිටිති. ඔවුන් වෙනත් අය වෙත කැප නොවූ අය වෙති. එමෙන්ම සම වයසේ පසුවන්නෝ වෙති.

Sâd 38:53

අහෝ දේව භක්තිකයිනි! මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දැහැමි ක්රියාවන් සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබන බව ප්රතිඥා දෙනු ලැබූ යහපත් ප්රතිඵල මෙය වේ.

Sâd 38:54

අපි පෝෂණය කරන බවට මෙනෙහි කළ මෙම ප්රතිඵල මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව භක්තිකයින් වෙත පිරිනමන්නෙමු. එය සදාතනික පෝෂණයකි. එයට කප්පාදුවීමක් හෝ අවසානයක් හෝ නැත.

Sâd 38:55

අප සඳහන් කළ මෙය දේව භක්තිකයින්ගේ ප්රතිඵලයි. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන්ට, දේව භක්තිකයින්ට සතු කුසලට ප්රතිවිරුද්ධ ප්රතිඵල වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් යොමුවන ස්ථානය නපුරු ස්ථානයකි.

Sâd 38:56

මෙම ප්රතිවිපාකය නිරයයි. එය ඔවුන් ග්රහණය කරනු ඇත. ඔවුන් එහි උණුසුම හා එහි ගිනිදැල් විඳිනු ඇත. ඒවායින් ඇතරිලි ද ඇත. ඇතිරිලි අතරින් ඔවුන්ගේ ඇතරිලි ඉතා නපුරු විය.

Sâd 38:57

මෙම දඬුවම වනාහි උපරිමයෙන්ම උණු කරන ලද ජලයයි. නිරයේ දඬුවම් විඳින නිරාවාසීන්ගේ ශරීරවලින් ගලනා සැරවයි. එහෙයින් ඔවුන් එය පානය කරනු ඇත. එය පිපාසය නොනිවෙන ඔවුන්ගේ පානයකි.

Sâd 38:58

එම දඬුවමෙහි ස්වරූපයෙන් වන වෙනත් දඬුවම් ද ඔවුනට හිමිය. මතුලොවෙහි ඔවුන් දඬුවම් ලබන විවිධ වර්ගයේ දඬුවම් ද ඔවුනට ඇත.

Sâd 38:59

නිරා වාසීන් පිවිසුණු විට ඔවුන් අතර දොස් නගමින් වාද කර ගැනීම ඇති වන්නේය. ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් ඉවත් වන්නට බලති. ඇතැමෙකු ‘නිරා වැසියන් අතරින් වූ මෙම පිරිස නුඹලා සමගම අපා ගින්නට පිවිසෙන්නන් වෙති.’ යැයි පවසති. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. අප මැණ ඇති අයුරින් නිරා ගින්නේ දඬුවමින් සැබැවින්ම ඔවුන් මණිනු ලබන්නෝ වෙති.

Sâd 38:60

අනුගමනය කරනු ලැබූ තම නායකයින් දෙස බලා අනුගමනය කළ පිරිස: ‘අනුගමනය කරනු ලැබූ ප්රධානියනි! නුඹලාට කිසිදු පිළිගැනීමක් නැත. නුඹලා අප නොමග යවමින් අප රවටමින් මෙම වේදනීය දඬුවම අපට හේතුවක් කර දුන්නේ නුඹලාය. මෙම ස්ථානය නපුරුම ස්ථානයක් විය. ඔවුන් සියලු දෙනාගේ ස්ථානය මෙයයි. එය අපා ගින්නයි.

Sâd 38:61

පිළිපැද්දාවූ එම අනුගාමිකයෝ: ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත යහමග පැමිණි පසු ව ඉන් අප නොමග යැවූ අයවලුනට නිරයේ ඔහුගේ දඬුවම දෙගුණයක් බවට පත් කරනු.’ යැයි පවසති.

Sâd 38:62

අහංකාරකම් පෑ අපරාධකරුවෝ, ‘දඬුවමට සුදුසුකම් ලබන අභාග්යවන්තයින් යැයි මෙලොවෙහි අපි ගණන් ගනිමින් සිටි පුද්ගලයින් අප සමඟ නිරයේ අපි නොදකිනුයේ මන්දැ?’යි විමසා සිටිති.

Sâd 38:63

අප ඔවුනට කළ අපගේ හාස්යය හා අපගේ සරදම වැරදී, ඔවුන් දඬුවමට සුදුසුකම් නොලැබුවෝ ද? එසේ නැතහොත් සැබැවින් ඔවුනට අප කළ සරදම නිවැරදි වී ඔවුන් නිරයට පිවිසී අපගේ දෑසට ඔවුන් හසු නොවී ද?

Sâd 38:64

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපකයින් අතර පවතින ඔවුන්ගේ වාදය ගැන අපි නුඹලාට මෙනෙහි කළ මෙය, කිසිදු සැකයක් හෝ මුසුවක් හෝ නොමැති සැබෑවකි.

Sâd 38:65

අහෝ මුහම්මද්! නුඹේ ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින්හට මෙසේ පවසනු. ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් සැබවින්ම මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නෙකු පමණි. සුවිශුද්ධ අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් කිසිදු දෙවියෙකු දකින්නට නැත. ඔහුගේ බලය, ඔහුගේ ගුණය හා ඔහුගේ නාමවල ඔහු වෙනමම පැවැත්මක් ඇත්තෙකි. එහෙයින් ඔහු සියලු දෑ මඩලන බල පරාක්රමයාය. සෑම දෙයක්ම ඔහුට යටත්ය.

Sâd 38:66

ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ ද පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. ඔහුගේ රාජ්යය තුළ ඔහු ව කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීය. එමෙන්ම ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරත වන්නන් සඳහා අති ක්ෂමාශීලීය.

Sâd 38:67

අහෝ දූතය! එම බොරුකාරයින්හට, ‘සැබවින්ම අල් කුර්නආය අතිමහත් කරුණකින් යුත් පණිවිඩයකි’ යැයි පවසනු.

Sâd 38:68

අති මහත් කරුණ සහිත මෙම පණිවිඩය නුඹලා ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ දෙස නුඹලා හැරී නොබලති.

Sâd 38:69

ආදම් මැවීමේ කරුණ පිළිබඳ මලක්වරුන් අතර හුවමාරු වූ කතාව අල්ලාහ් මට දන්වා එය මට උගන්වා නොදුන්නේ නම් ඒ ගැන කිසිදු දැනුමක් මාහට නොවීය.

Sâd 38:70

සැබැවින්ම අල්ලාහ් මා වෙත දිව්ය පණිවිඩ පහළ කර ඇත්තේ ඔහු මා වෙත දැන්විය යුතු දෑ පමණය. සැබැවින්ම මම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට පැහැදිලි ලෙස අවවාද කරන්නෙකු වන බැවිණි.

Sâd 38:71

‘සැබවින්ම මම පසින් මිනිසෙකු මවන්නට යමි. ඔහු ආදම්(අලයිහිස් සලාම්) වේ’ යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්හට පවසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.

Sâd 38:72

ඔහුගේ ස්වරූපය සකසා ඔහුගේ හැඩය විධිමත් කොට මාගේ ප්රාණයෙන් ඔහු තුළ මා පිඹූ විට නුඹලා ඔහුට හිස පහත් කොට ආචාර කරනු.

Sâd 38:73

මලක්වරුන් තම පරමාධිපතිගේ නියෝගය පිළිපැද්දෝය. ඔවුන් සියලු දෙනාම ගෞරව කිරීමේ ආචාරයක් ලෙස සිරස නමා ආචාරය කළෝය. ඔවුන් අතර ආදම්ට සිරස නමා ආචාර නොකළ කිසිවකු නොවීය.

Sâd 38:74

නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. දේව ප්රතික්ෂේපකයින්ගෙන් කෙනෙකු විය.

Sâd 38:75

"අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මැවූ ආදම්ට සිරස නමා ආචාර කිරීමෙන් නුඹව වළක්වාලීයේ කුමක්ද? එසේ ආචාර කිරීමෙන් නුඹ ව වැළැක්වූයේ උඩඟුකම ද එසේ නැතහොත් මීට පෙර නුඹේ පරමාධිපතිට වඩා ඉහළින් අහංකාරයෙන් නුඹ වැජඹුණෙහි ද?" යැයි අල්ලාහ් විමසුවේය.

Sâd 38:76

ඉබ්ලීස්: ‘මම ආදම්ට වඩා ශ්රේෂ්ඨය. සැබැවින්ම නුඹ මා මැව්වේ ගින්නෙනි. නුඹ ඔහුව මවා ඇත්තේ පසිනි. ඔහුගේ විශ්වාසය අනුව සැබැවින්ම ගින්න පසට වඩා ශ්රේෂ්ඨ වස්තුවකි.’ යැයි පැවසීය.

Sâd 38:77

‘නුඹ ස්වර්ගයෙන් බැහැරට යනු. සැබැවින්ම නුඹ දෝශාරෝපණයට ලත් ශාප කරනු ලැබූවෙකි’ යැයි අල්ලාහ් ඉබ්ලීස්ට පැවසීය.

Sâd 38:78

ප්රතිඵල පිරිනමනු ලබන දිනය දක්වා නුඹට එරෙහි ව ස්වර්ගයෙන් නෙරපීමක් ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.

Sâd 38:79

ඉබ්ලීස් ‘එසේ නම්, නුඹ මට කල් දෙනු. නුඹේ ගැත්තන් යළි අවදි කරනු ලබන දිනය දක්වා මා මරණයට පත් නොකරනු’ යැයි පැවසීය.

Sâd 38:80

සැබැවින්ම නුඹ කල් දෙනු ලැබූ අය අතරින් යැයි අල්ලාහ් පැවසීය.

Sâd 38:81

නුඹව විනාශ කිරීමට නියම කරන ලද නිශ්චිත වේලාවේ දිනය දක්වා.

Sâd 38:82

"ඔබේ ශක්තිය හා ඔබේ බලාධිකාරයේ නාමයෙන් දිවුරා සිටිමි. සැබැවින්ම ආදම්ගේ දරුවන් සියලු දෙනා මම නොමග යවමි" යැයි ඉබ්ලීස් පැවසීය.

Sâd 38:83

නමුත් මාගේ නොමග හැරීමෙන් නුඹ රැකවරණය දුන් අය හැර. ඔබට පමණක් නමදින්නට මම ඔහු මුදා හරිමි.

Sâd 38:84

උත්තරීතර අල්ලාහ්, ‘මෙම සත්ය ප්රකාශය මගෙන් වූවකි. එම සත්යයම මම පවසමි. ඒ හැර වෙනත් දෙයක් නොපවසමි.’ යැයි පැවසීය.

Sâd 38:85

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹෙන් හා නුඹේ ප්රතික්ෂේපය තුළ නුඹව අනුගමනය කළ ආදම්ගේ දරුවන් සියලු දෙනාගෙන් නිරය පුරවමි.

Sâd 38:86

අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘මා නුඹලාට දැනුම් දෙන උපදෙස් සඳහා කිසිදු කුලියක් නොඉල්ලමි. මට අණ කරනු ලැබූ දෑට අමතර දෙයක් ගෙනැවින් (නුඹලා) අපහසුතාවයට ලක් කරන්නන් අතරින් කෙනෙකු නොවෙමි.

Sâd 38:87

අල් කුර්ආනය මිනිසුන් හා ජින්නුන් අතරින් වගකීම් පැවරුණු අයහට මෙනෙහි කිරීමක් මිස නැත.

Sâd 38:88

නුඹලා මරණාසන්න අවස්ථාවේ මෙම කුර්ආනයේ පුවත සත්යය බව සැබවින්ම නුඹලා දැන ගන්නෙහුය.

Zümer 39:1

අල් කුර්ආනය පහළ කිරීම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි සැලසුම් කිරීම්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ අල්ලාහ්ගෙන් වූවකි. සුවිශුද්ධයාණන් අල්ලාහ් විසින් මිස එය වෙනත් පහළ කිරීමක් ලෙස නැත.

Zümer 39:2

අහෝ දූතයිනි! සත්යය අන්තර්ගත ව ඇති කුර්ආනය සැබවින්ම අපි නුඹ වෙත පහළ කළෙමු. එහි ඇති සියලු තොරතුරු සත්යයකි. එහි ඇති සියලු නීතිරීතී සාධාරනණීයය. එහෙයින් අල්ලාහ්ට ආදේශ කිරීමෙන් ඉවත් ව ඔහුට ඒකීයත්වය අවංක ලෙස පුද කරමින් ඔහුට පමණක් නමදිනු.

Zümer 39:3

දැනගනු! සියලු ආදේශයන්ගෙන් තොර වූ දහම අල්ලාහ් සතුය. අල්ලාහ් අතහැර ඔවුන් නමදින පිළිම හා වෙනත් ව්යාජ බලවේග අතරින් ඔහු හැර භාරකරුවන් ලෙස තෝරා ගත් අය වනාහි, ඔවුන් ඒවා නැමදීම ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ ප්රකාශ කරති. ‘නිලයෙන් අල්ලාහ් වෙත ඔවුන් අප සමීප කරනු පිණිසත් අපගේ අවශ්යතා ඔහු වෙත ඔවුන් ඉදිරිපත් කරනු පිණිසත් ඔහු අබියස අප වෙනුවෙන් ඔවුන් මැදිහත්වී කතා කරනු පිණිසත් මිස අපි ඔවුන් නමදින්නේ නැත.’ නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ඒකීයත්වය විශ්වාස කළවුන් හා ඔහුට ආදේශ තැබූ ප්රතික්ෂේපකයින් අතර වෙන් කරනු ඇත. එය ඔවුන් ඒකදේවත්වය පිළිබඳ කවර මතභේදයක සිටියේ ද එහි තීන්දුව අනුවය. කවරෙකු අල්ලාහ්ට හවුල් කරුවකු ආරෝපණය කොට බොරු පවසන්නේ ද එමෙන්ම ඔහු වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදවලට ගුණමකු වන්නේ ද සැබවින්ම අල්ලාහ් ඔහුට සත්යය වෙත මග ලබන්නට ආශිර්වාද කරන්නේ නැත.

Zümer 39:4

අල්ලාහ් දරුවකු ගැනීමට අභිමත කළේ නම් ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන අයකු තෝරා ඔහු ව දරුවාගේ නිලයෙහි ඔහු පත් කරන්නට තිබුණි. මෙම දේව ආදේශකයින් පවසන දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවි ශුද්ධය. ඔහුගේ පැවත්ම, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ක්රියාවන්හි ඔහු ඒකීයය. එහි ඔහු සමග කිසිදු හවුල්කරුවකු නැත. ඔහුගේ සියලු මැවීම් වෙනුවෙන් ආධිපත්යය දරනුයේ ඔහුය.

Zümer 39:5

ඔහු අහස් හා මහපොළොව මවා ඇත්තේ ගැඹුරු ප්රඥාවක් සඳහාය. අපරාධකරුවන් පවසන පරිදි ඒවා නිකරුණේ මවා නැත. රාත්රිය දහවල මත ප්රවේශ වෙයි. දහවල රාත්රිය මත ප්රවේශ වෙයි. ඒ දෙකින් එකක් පැමිණෙන විට අනෙක සැඟවී යයි. තවද ඔහු හිරු වසඟ කළේය. සඳු ද වසඟ කළේය. ඒ දෙකින් සෑම එකක්ම නියම කරන වේලාවක් වෙනුවෙන් ගමන් කරනු ඇත. එය මෙම ජීවිතයේ අවසානයයි. දැනගනු! ඔහු වනාහි ඔහුගේ සතුරන්ට සමප්රතිචාර දක්වන කිසිවකු විසින් ඔහු අභිබවා යා නොහැකි සර්වබලධාරී සුවිශුද්ධයාණන්ය. තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන්ගෙන් පාපකම් මකන අති ක්ෂමාශීලීය.

Zümer 39:6

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලා ව එක් ආත්මයකින් මැව්වේය. ඔහු ආදම්ය. පසු ව ආදම්ගෙන් ඔහුගේ සහකාරිය වූ හව්වා මැව්වේය. තවද ඔටු, ගව, බැටලු හා එළු වර්ග අටක් මැව්වේය. සෑම මැවීමක් අතරම පිරිමි හා ගැහැණු වර්ග මැව්වේය. සුවිශුද්ධයාණන් නුඹලා ව නුඹලාගේ මව් කුසවල් තුළ අදියරින් අදියර කුසෙහි අන්ධකාරයන්හි ද, ගර්භාෂයෙහි ද වැදෑමහෙහි ද ඔහු නුඹලා බිහි කළේය. මේ සියල්ල මැව්වා වූ ඔහු නුඹලාගේ පරමාධිපතියාණන් වූ අල්ලාහ්ය. සියලු රාජ්යය ඔහුට පමණක් සතුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙක් නැත. එසේ නම් ඔහු නැමදීම අතහැර දමා කිසිවක් නොමැ වූ ඔවුන් පවා මවනු ලැබූ තත්ත්වයේ තිබියදී එවැන්නන් නැමදීමට ඔවුන් යොමු වනුයේ කෙසේ ද?

Zümer 39:7

අහෝ ජනයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපති ව ප්රතික්ෂේප කළේ නම්, සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ විශ්වාසය ගැන අවශ්යතාවෙන් තොර බව දැනගත යුතුය. නුඹලාගේ ප්රතික්ෂේපය ඔහුට හානියක් සිදු නොකරයි. සැබවින්ම නුඹලාගේ ප්රතික්ෂේපයේ හානිය නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. ඔහුගේ ගැත්තන් ඔහු ව ප්රතික්ෂ්ප කිරීම ඔහු පිළිගන්නේ නැත. දේව ප්රතික්ෂේපය ඔහු ඔවුනට නියෝග කරන්නේ ද නැත. ඊට හේතුව අල්ලාහ් අශීලාචාර හා පිළිකුල්සහගත දෑ නියෝග නොකරන බැවිණි. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුට කෘතඥ වී ඔහු ව විශ්වාස කරන්නේ නම් නුඹලාගේ කෘතඥතා ව ඔහු පිළිගනී. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමයි. කිසිදු ආත්මයක් තවත් කෙනෙකුගේ පව් බර නොඋසුලයි. සෑම ආත්මයක්ම එය උපයන දෑ සඳහා ඇපකරුවෙකි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙත පමණය. එවිට නුඹලා මෙලොවෙහි සිදු කරමින් සිටි දෑ ගැන ඔහු නුඹලාට දන්වයි. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමයි. සැබැවින්ම සුවිශුද්ධයාණන් වන ඔහු තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ ගැන සර්ව ඥානීය. එහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

Zümer 39:8

දේව ප්රතික්ෂේපකයාට යම් රෝගයකින් යම් පීඩාවක් ඇති වූ විට ඔහු සැලෙයි. බියවෙයි. තම පරමාධිපති වෙත පමණක් යොමු වී පීඩාවෙන් තමන් ගලවා ගන්නා මෙන් ඔහුට කන්නලව් කර එහි ගිලී යයි. පසු ව ඔහුට අත් වූ එම පීඩාව ඔහුගෙන් ඉවත් කොට ඔහුට ආශිර්වාදයක් පිරිනැමූ විට මීට පෙර ඔහු යටත් වෙමින් සිටි අල්ලාහ්ව අතහැර දමයි. අල්ලාහ්ගේ මාර්ගය අතහැර ඔහු වෙත සේන්දු විය හැකි වෙනත් අයකු අතරමැදියකු බවට පත් කිරීම පිණිස ඔහුට හවුල්කරුවන් පත් කොට ඔහු හැර දමා ඔවුනට නමදියි. අහෝ දූතය! මෙම තත්ත්වයේ සිටින්නන්හට නුඹ මෙසේ පවසනු. ‘නුඹේ ඉතිරි ආයු කාලය ද නුඹ නුඹේ ප්රතික්ෂේපය සමගම භුක්ති විඳිනු. එය සුළු කාලයකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹ අපා ගින්නට බැඳී සිටින පුද්ගලයින් අතරින් කෙනෙකි. එම නිරාවාසියා ඔහුගේ මිතුරා සමග එහි බැඳී සිටියි.

Zümer 39:9

තම පරමාධිපතිට සුජූද් කරමින් ඔහුට නැමදුම් කරමින් රාත්රී කාලය ගත කර මතුලොව දඬුවම ගැන බිය වී තම පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන සිතා ඔහුට අවනත වන්නා උතුම් ද එසේ නැතහොත් දුෂ්කර අවස්ථාවන්හි අල්ලාහ්ව නැමද ප්රීතිමත් අවස්ථාවන්හි ඔහු ව ප්රතික්ෂේප කොට ඔහු සමග හවුල්කරුවන් පත් කරන එම දේව ප්රතික්ෂේපකයා ද? අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් ව ඔවුන් හඳුනා ගත් හේතුවෙන් ඔවුන් මත අල්ලාහ් අනිවාර්යය කළ දෑ ගැන වටහා ගන්නන් හා ඒ ගැන කිසිවක් නොදන්නා මොවුන් එක සමාන වන්නේ ද? මෙම කණ්ඩයම් දෙක අතර වූ වෙනස හඳුනා ගනුයේ මනා බුද්ධියක් ඇති පුද්ගලයෝය.

Zümer 39:10

අහෝ දූතය! මා හා මාගේ දූතයා විශ්වාස කළ මාගේ ගැත්තන් හට නුඹ මෙසේ පවසනු. ‘නුඹලාගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට භක්තිමත්ව කටයුතු කරනු. මෙලොවෙහි නුඹලා අතරින් යහපත් ක්රියාවන් දැහැමි ලෙස සිදු කළවුනට මෙලොවෙහි යහපත් උපකාරය නිරෝගිකම හා සම්පත් ඇත. මතුලොවෙහි ද ස්වර්ගය ඇත. අල්ලාහ්ගේ භූමිය විශාලය. නුඹලා අල්ලාහ්ට නැමදුම් කරන ස්ථානයක් ලබන තුරු නුඹලා එහි සංක්රමණය කරනු. නුඹලාව වළක්වන කිසිවෙකු නැත. සැබැවින්ම ඉවසිලිවන්තයින්ට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ කුසල් පිරිනමනුයේ කිසිදු ගණනයකින් තොරවය. එහි අධිකත්වයටත් විවිධත්වයටත් සීමාවක් නැත.

Zümer 39:11

"අහෝ දූතය! සැබවින්ම මා අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් නමදින මෙන් ඔහු විසින් නියෝග කරනු ලැබුවෙමි." යැයි පවසනු.

Zümer 39:12

එමෙන්ම මෙම සමූහයා අතරින් ඔහුට යටත් වී අවනත වූ පළමු පුද්ගලයා වීමට ද මා අණ කරනු ලැබුවෙමි.

Zümer 39:13

"සැබවින්ම මම අල්ලාහ්ට පිටුපා ඔහුට අවනත නොවූයේ නම්, අතිමහත් දිනයේ දඬුවමට ලක් වීම ගැන බියවෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය" යි, නබි තුමණි පවසනු.

Zümer 39:14

‘නියත වශයෙන්ම නැමදුම අල්ලාහ්ට අවංක ලෙස පුද කරමින් ඔහුට පමණක් මම නමදිමි. ඔහු සමග වෙනත් කිසිවකු මම නොනමදිමි'’ යැයි අහෝ දූතය! නුඹ පවසනු.

Zümer 39:15

එහෙයින් අහෝ ආදේශ තබන්නනි! නුඹලා ද ඔහු හැර නුඹලා අභිමත කරන පිළිම වලට නමිදිනු. (මෙය අවවාදයේ නියෝගයකි.) අහෝ! නුඹ ඔවුනට මෙසේ පවසනු: ‘සැබෑ ලෙස පරාජිතයින් වනුයේ තමන්ටම අලාභහානි සිදු කොට, තමන්ගේ පවුලට ද අලාභහානි සිදු කරගත් පුද්ගලයෝය. ඔවුහු ඔවුන්ගෙන් වෙන් වී ගොස් ස්වර්ගයට ඔවුන් තනි ව ප්රවේශවීමෙන් හෝ ඔවුන් සමගම නිරා ගින්නට ඔවුන් ඇතුළුවීමෙන් ඔවුහු ඔවුන් මුණගැසුනේ නැත. කිසිවිටෙක මුණගැසෙන්නේද නැත. එය කිසිදු සැකයක් නැති පැහැදිළි අලාභයක් බව සැබෑ ලෙස දැන ගත යුතු නොවේ ද?

Zümer 39:16

ඔවුනට ඉහළින් දුමක්, ගිනි දළු හා දැඩි උණුසුමක් පිහිටනු ඇත. එමෙන්ම ඔවුනට පහළින් ද දුමක්, ගිනි දළු හා දැඩි උණුසුමක් පිහිටනු ඇත. සඳහන් කරන ලද මෙම දඬුවම අල්ලාහ් තම ගැත්තන්හට දන්වා අවවාද කරමින් ‘මාගේ ගැත්තනි! මාගේ නියෝග පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකෙමින් නුඹ මට භක්තිමත් ව කටයුතු කරනු.’ යැයි පවසා සිටීයි.

Zümer 39:17

පිළිම වන්දනාවෙන් හා අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දැයින් වැළකී, පාප ක්ෂමාවෙහි නිරත ව, අල්ලාහ් වෙත හැරුණු අයවලුන් වනාහි, ඔවුනට මරණ අවස්ථාවේ ද මිනීවළ තුළ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ස්වර්ගය පිළිබඳ සුබ පැතුම් ඇත. එහෙයින් අහෝ දූතය! මාගේ ගැත්තන්ට සුභාරංචි දන්වා සිටිනු.

Zümer 39:18

ප්රකාශයට සවන් දී එහි ඇති යහපත හා පිළිකුල් සහඟත දෑ අතර වෙන් කොට එහි ප්රයෝජන ඇති වඩාත් අලංකාර දෑ පිළිපදින්නන් වනාහි, මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ඔවුහුමය යහ මග වෙත අල්ලාහ් ආශිර්වාද කළවුන් වන්නෝ. එමෙන්ම මනා බුද්ධියක් ඇත්තෝ ද ඔවුහුමය.

Zümer 39:19

කවරෙකු දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි රැඳී සිටියේ ද ඔහු එසේ රැඳී සිටීම හේතුවෙන් ඔහු මත දඬුවමේ වදන නියම විය. එහෙයින් අහෝ දූතය! ඔහුට මග පෙන්වීමෙහි හා ඔහුට ආශිර්වාද කිරීමෙහි නුඹට කිසිදු උපක්රමයක් නැත. අහෝ දූතය! මෙවන් ගුණාංග ඇත්තන් අපා ගින්නෙන් ආරක්ෂා කරන්නට නුඹට හැකි වන්නෙහි ද?

Zümer 39:20

නමුත් තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් වනාහි, එකිනෙකට ඉහළින් පිහිටන උසස් මන්දිර ඔවුනට ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිනු ඇත. අල්ලාහ් මෙම ප්රතිඥා ව ඔවුනට පොරොන්දු විය. අල්ලාහ් එම ප්රතිඥාව කඩ කරන්නේ නැත.

Zümer 39:21

සැබවින්ම අල්ලාහ් අහසින් වැසි ජලය පහළ කොට එය උල්පත් හා ගලා යන තැන් වලට ප්රවේශ කොට පසු ව එම ජලයෙන් විවිධ වර්ගයේ බෝග හට ගන්වා පසු ව එම භෝග වියළී යෑම නුඹලා දෑසින් දැක වටහා ගන්නෙහු ය. අහෝ අධීක්ෂණය කරන්නනි! අනතුරු ව එය සරුවට තිබීමෙන් පසු ව කහ පැහැ ගැන්වී එය වියළී ගිය පසු කැබලි වලට පත් වන කොළ රොඩු බවට ඔහු පත් කරයි. සඳහන් කරනු ලැබූ දෑ හි ජීවමාන බුද්ධියක් ඇත්තවුන්හට උපදෙසක් ඇත.

Zümer 39:22

අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කොට, ඒ වෙත ඔහු මග ලබා ඔහු ඔහුගේ පරමාධිපතිගේ පැහැදිලි පදනම මත සිටින්නෙකි. එවැන්නෙකු අල්ලාහ් ව මෙනෙහි නොකිරීමෙන් තම හදවත රළු කර ගත් අයකු මෙන් ද? කිසිවිටෙක ඔවුන් දෙදෙනා සමාන වන්නේ නැත. ජයග්රහණය ඇත්තේ යහ මග ගියවුන්ටය. පරාජය ඇත්තේ අල්ලාහ්ව මෙනෙහි නොකිරීමෙන් තම හදවත් රළු කර ගත්තවුන්ටය. ඔවුන් සත්යයෙන් දුරස් ව පැහැදිලි මුළාවෙහි සිටිති.

Zümer 39:23

අල්ලාහ් තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ කළේය. එය කතාවෙන් වඩාත් අලංකාරය. සත්යය, අලංකාරය හා බැඳීම් හි එකිනෙකට ගැළපෙන පරස්පර නොවන කතා, නීති, ප්රතිඥා, අවවාද, සත්යවාදීන්ගේ ගුණාංග, අසත්යවාදීන්ගේ ගුණාංග හා වෙනත් දෑ වාර ගණනාවක් සඳහන් වන අයුරින් අල්ලාහ් එය පහළ කළේය. එහි ඇති අවවාද හා තර්ජන වලට ඔවුන් සවන් දෙන විට ඔවුන්ගේ පරමාධිපතිට බියෙන් ඔවුන්ගේ හම් කිළිපොළා යනු ඇත. පසු ව යහපත් බලාපොරොත්තු, ශුභාරංචි ඇති දෑ ට ඔවුන් සවන් දුන් විට ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීම සඳහා යටත් වී සැහැල්ලු වනු ඇත. අල් කුර්ආනයේ සඳහන් කරනු ලැබූ ඒවා හා ඒවායෙහි බලපෑම් අල්ලාහ් තමන් අභිමත කරන අයට පෙන්වා දෙන මග පෙන්වීම් වෙයි. අල්ලාහ් කවරෙකු අවමානයට පත් කළේ ද, ඔහුට යහ මග සඳහා ඔහු ආශිර්වාද කරන්නේ නැත. ඉන්පසු ඔහුට මග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු ද නොවනු ඇත.

Zümer 39:24

අල්ලාහ් යමෙකුට යහ මග පෙන්වා මෙලොවෙහි ඔහුට ආශිර්වාද කොට මතු ලොවෙහි ඔහු ව ස්වර්ගයට ප්රවේශ කළ පුද්ගලයෙකු, දෙවියන් ප්රතික්ෂේප කොට දේව ප්රතික්ෂේපය මත ම මිය ගොස් අවසානයේ අත් දෙක හා පාද දෙක බැඳ දමා නිරා ගින්නට ප්රවේශ කොට අපා ගින්නට මුණින් අතට වැටීමෙන් මිස ආරක්ෂාව ලැබිය හැකි පුද්ගලයකු හා සමාන වන්නේ ද? දෙවියන් ප්රතික්ෂේප කරමින් හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධකරගත්තවුන් හෙළා දකිමින් ‘නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් උපයමින් සිටි දෑ විඳවනු. මෙය නුඹලාගේ ප්රතිවිපාකය වේ’ යැයි කියනු ලැබේ.

Zümer 39:25

මෙම දේව ආදේශකයින්ට පෙර සිටි සමූහයින් ද බොරු කළෝය. ඔවුන් එය වටහා ගෙන ඒ සඳහා පාප ක්ෂමා අයැද සිටීමට නොහැකි පරිදි එකවර ඔවුනට දඬුවම පැමිණියේය.

Zümer 39:26

මෙලොව ජීවිතයේ දී අපකීර්තිමත්, අවමන් ලැජ්ජා සහගත මෙම දඬුවම අල්ලාහ් ඔවුනට විඳවන්නට සැලසීය. ඔවුන් ව බලාපාරොත්තු වෙමින් සිටින මතු ලොව දඬුවම ද අති බිහිසුණු දැඩි දඬුවමකි. ඔවුහු ඒ ගැන දැන සිටියාහු නම් කෙතරම් අගනේ ද!?

Zümer 39:27

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයෙහි යහපත හා අයහපත සත්යය හා අසත්යයට දේව විශ්වාසය හා දේව ප්රතික්ෂේපයට මෙන්ම ඒ හැර වෙනත් දෑට ද විවිධ උදාහරණය සැබවින්ම අපි ගෙන හැර පා ඇත්තෙමු. එය අප කවර උදාහරණයක් ඔවුන් වෙත ගෙන ආවේ ද ඒ ගැන ඔවුන් පාඩම් ලබා, සත්යය හඳුනා, ව්යාජ දෑ අතහැර දැමීමේ යහපත් අපෙක්ෂාවෙනි.

Zümer 39:28

අපි අල් කුර්ආනය අරාබි කියවීමක් බවට පත් කළෙමු. එහි ඇදයක් හෝ විකෘතිභාවයක් හෝ මුසුවක් හෝ නොමැත. එය ඔවුන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරනු පිණිසය.

Zümer 39:29

බහුදේවවාදියා හා ඒකදේවවාදියාට අල්ලාහ් උපමාවක් ගෙන හැර පෑවේය. එකිනෙකට පරස්පර හවුල්කාර දෙපාර්ශවයකට වහල් වූ මිනිසෙකි. ඔහු ඔවුන්ගෙන් පිරිසක් පිළිගත් විට තවත් පිරිසකට කෝපය ඇති කරනු ඇත. එහෙයින් ඔහු සිටිනුයේ කුතුහලයෙහි හා කලබලකාරී තත්ත්වයකය. අනෙකා තමන්ට පමණක් පාලනය සතු පුද්ගලයකුට අවංක වූ මිනිසෙකි. ඔහු සාමයෙන් හා තැන්පත් කමින් සිටින බැවින් ඔහුගේ අපේක්ෂාවන් ගැන ඔහු දනී. මෙම මිනිසුන් දෙදෙනා එක සමාන වන්නේ නැත. සියලු ප්රශංසා අල්ලාහ් සතුය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. එහෙයින් ඔවුහු අල්ලාහ් සමග ඔහු හැර වෙනත් අය ව ද හවුලේ තබති.

Zümer 39:30

අහෝ දූතය! කිසිදු සැකයකින් තොර ව සැබවින්ම නුඹ මිය යන්නෙකි. සැබවින්ම ඔවුන්ද මිය යන්නෝ වෙති.

Zümer 39:31

පසු ව අහෝ ජනයිනි! නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගත්තේ ද සැබවින්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස ඒ ගැන තර්ක කරන්නෙහුය. එවිට සත්යවාදියා අසත්යවාදියාගෙන් පැහැදිලි වනු ඇත.

Zümer 39:32

අල්ලාහ්ට හවුල්කරුවෙක් බිරියක් හා දරුවෙක් සිටින බව පවසා ඔහුට සුදුසු නොවන දෙයක් ඔහු වෙත ආරෝපණය කරන්නාට වඩා මහත් අපරාධකරුවකු වෙනත් නැත. එමෙන්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එම දිව්ය පණිවිඩ බොරු කරන්නාට වඩා මහත් අපරාධකරුවකු වෙනත් නැත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් හා ලැඟුම් ගන්නා ස්ථානයක් ඇත.

Zümer 39:33

නබිවරුන් හා වෙනත් අය පිළිබඳ තම ප්රකාශයන්හි හා තම ක්රියාවන්හි සත්යය රැගෙනවිත් එය විශ්වාස කරන්නෙකු ලෙස ස්ථීර කොට ඒ අනුව කටයුතු කළ පුද්ගලයින් වනාහි සැබෑ ලෙසින්ම තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් භක්තිමත් ව කටයුතු කළවුන් ඔවුහුමය.

Zümer 39:34

ඔවුන් අපේක්ෂා කරන සදාතනික භුක්ති විඳීම් ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. මෙය, තම පරමාධිපති සමගත් ඔහුගේ ගැත්තන් සමගත් යහපත් ලෙස කටයුතු කළවුනට පිරිනැමෙන ප්රතිඵල වේ.

Zümer 39:35

මෙලොවෙහි ඔවුන් සිදු කරමින් ආ දරුණු පාපකම් වෙනුවෙන් ඔවුන් පාප ක්ෂමාවෙහි නිරත වී ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් යොමු වීම නිසාවෙන් අල්ලාහ් ඔවුන්ගෙන් එම පාපකම් මකා දමා ඔවුන් සිදු කරමින් ආ දැහැමි ක්රියාවන්ට වඩා අලංකාර කුසල් ඔවුනට පිරිනමනු පිණිසය.

Zümer 39:36

අල්ලාහ්ගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට තම ආගමික කටයුතු හා ලෞකික කටයුතු වලදී අල්ලාහ් ප්රමාණවත් නොවන්නේ ද? ඔහු ඔහුගේ සතුරන්ගෙන් ඔහු ව වළක්වාලන්නෙකු නොවේ ද? එසේය. සැබවින්ම ඔහු ප්රමාණවත්ය. අහෝ දූතය! ඔවුන්ගේ මෝඩකම හා අඥානකම හේතුවෙන් අල්ලාහ් හැර ඔවුන් නමදින පිළිම නුඹට නපුරක් කරනු ඇතැයි ඔවුහු නුඹ ව බියගන්වති. කවරෙකු අල්ලාහ්ට අවමන් කරන්නේ ද අල්ලාහ් ඔහුට යහ මග වෙත ආශිර්වාද කරන්නේ නැත. පසු ව ඔහුට මග පෙන්වන ඔහුට ආශිර්වාද කරන කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොවනු ඇත.

Zümer 39:37

අල්ලාහ් කවරෙකුට යහ මග වෙත ආශිර්වාද කරන්නේ ද ඔහු ව නොමග යවන්නට කිසිවකුට හැකියාවක් නැත. අල්ලාහ් කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන් නොවේ ද? තමන් ප්රතික්ෂේප කොට පාපකම් කළවුනට සම ප්රතිචාර දක්වන්නෙකු නොවේ ද? එසේය. සැබවින්ම ඔහු සර්ව බලධාරීය. සම ප්රතිචාර දක්වන්නාය.

Zümer 39:38

අහෝ දූතය! මෙම ආදේශකයින්ගෙන්, "අහස් හා මහ පොළොව මැව්වේ කවුරුන්දැ?"යි නුඹ විමසා සිටියෙහි නම්, ඔවුන්, ‘සැබවින්ම ඒවා මැව්වේ අල්ලාහ් වේ.’ යැයි පවසනු ඇත. ඔවුන්ගේ දෙවිවරුන්ගේ නොහැකියා ව හෙළිදරව් කරනු පිණිස නුඹ ඔවුන්ගෙන් මෙසේ විමසනු. "අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින එම පිළිම පිළිබඳ නුඹලා මට දන්වනු. අල්ලාහ් මට නපුරක් සිදු කරන්නට අපේක්ෂා කළේ නම් එම නපුර මගෙන් ඉවත් කරන්නට ඒවාට හැකි ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට පිරිනැමීමට අපේක්ෂා කළේ නම් ඔහුගේ ආශිර්වාදය මගෙන් වළක්වන්නට ඔවුනට හැකි ද?" ඔවුනට මෙසේ පවසනු. ‘මට අල්ලාහ් පමණක් ප්රමාණවත්ය. මාගේ සියලුම කටයුතු වලදී මම අල්ලාහ් මත පමණක් භාරකර විශ්වාසය තබමි. භාර කරන්නන් ඔහු මත ම සියල්ල භාර කරති."

Zümer 39:39

අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘මාගේ ජනයිනි! අල්ලාහ්ට ආදේශ තැබීමෙන් නුඹලා තෝරා ගත් ස්ථාවරය මත පදනම් ව නුඹලා කටයුතු කරනු. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීම, ඔහුට පමණක් අවංක ව නැමදුම් කිරීම යනාදී ලෙස ඔහු මට කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ මත සිට කටයුතු කරන්නෙකු වෙමි. එහෙයින් සෑම ගමනකම විපාකය නුඹලා මතු දැන ගනු ඇත.'

Zümer 39:40

තමන් අවමානයට පත් කරන, හෑල්ලුවට ලක් කරන, මෙලොවෙහි දඬුවම පැමිණෙන්නේ කවුරුන් වෙත දැ යි ද, මතු ලොවෙහි අඛණ්ඩ ව සදා පවතින දඬුවම පහළ වන්නේ කවුරුන් වෙත දැයි ද නුඹලා මතු දැන ගනු ඇත.

Zümer 39:41

අහෝ දූතය! සැබවින්ම නුඹ ජනයාට අවවාද කරනු පිණිස නුඹ වෙත අපි අල් කුර්ආනය සත්යයෙන් යුතු ව පහළ කළෙමු. එහෙයින් කවරෙකු මග ලබන්නේ ද සැබවින්ම එම මග ලැබීම ඔහුටම ප්රයෝජනවත් වනු ඇත. ඔහුගේ මග ලැබීම අල්ලාහ්ට ප්රයෝජනවත් වන්නේ නැත. සැබවින්ම ඔහු එහි අවශ්යතාවක් නොමැත්තාය. එමෙන්ම කවරෙකු නොමග ගියේද ඔහු නොමග යෑමේ හානිය ඔහුට එරෙහිව ම පිහිටනු ඇත. ඔහුගේ නොමග යෑම අල්ලාහ්ට කිසිදු හානියක් නොකරයි. යහ මග වෙත ඔවුනට බල කිරීමට ඔවුන් වෙත භාරකරුවකු ලෙස නුඹ නැත. නුඹ වෙත පැවරෙනුයේ දන්වා සිටින්නට කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එය ඔවුන් වෙත දන්වා සිටීම පමණය.

Zümer 39:42

ජීවිත වල ආයු කාලය අවසන් වන විට ඒවා අත්පත් කර ගන්නා අල්ලාහ්ය. ඒවායෙහි අයු කාලය අවසන් නොවූ ප්රාණ ද නින්දේදී ඔහු අත්පත් කර ගනියි. මරණය තීන්දු වූ ප්රාණ රඳවා ගනියි. ඒ ගැන තීන්දු නොකළ දෑ ඔහුගේ දැනුම තුළ නිශ්චිත කාලයක් දක්වා අතහැර දමයි. එසේ ජීවිත අත්පත් කර ගැනීම, අතහැර දැමීම මරණයට පත් කිරීම, ජීවය ලබා දීම යනාදිය වටහා ගන්නා ජනයාට සැබවින්ම එසේ සිදු කරන්නා විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන්ගේ මරණයෙන් පසු ව ඔවුන් යළි අවදි කරවන බලාධිකාරියා බවට සාධක ඇත.

Zümer 39:43

සැබැවින්ම දේව ආදේශකයෝ ඔවුන්ගේ පිළිම අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අබියස ප්රයෝජනය අපේක්ෂා කරනු ලබන ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නන් ලෙස සලකති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. නුඹලාට හෝ ඔවුනට හෝ යමක් කිරීමට බලයක් නැති වැටහීමක් නැති තත්ත්වයක ඔවුන් සිටිය දී, ඔවුන් මැදිහත්කරුවන් ලෙස නුඹලා ගන්නෙහු ද? ඒවා කතා නොකරන ගොළු, එමෙන්ම සවන් නොදෙන නොබලන සෙත නොසලසන හානි නොපමුණුවන භෞතික වස්තූන් වෙති.

Zümer 39:44

අහෝ දූතය! එම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘සියලු දෑ වෙනුවෙන් වූ මැදිහත්වීමේ අයිතිය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහුගේ අනුමැතියෙන් තොර ව ඔහු ඉදිරියේ කිසිවකු මැදිහත් වන්නේ නැත. ඔහු පිළිගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත් වන්නේ ද නැත. අහස්හි ආධිපත්යය හා මහ පොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය. පසු ව නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.’

Zümer 39:45

මතු ලොව හා එහි පවතින නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල යනාදිය විශ්වාස නොකරන දේව ආදේශකයින් වෙත අල්ලාහ් ගැන පමණක් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් හැකිළී යනු ඇත. අල්ලාහ් හැර ඔවුන් නමදින පිළිම ගැන මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සතුටින් ඉපිලී යති.

Zümer 39:46

කිසිදු පූර්ව ආදර්ශයකින් තොර ව අහස් හා මහ පොළොව මැවූ දෙවිඳුනි! ගුප්ත ව පවතින දෑ හා ඉදිරියේ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නා දෙවිඳුනි! ඒ කිසිවක් ඔබට සැඟවෙන්නේ නැත. සැබැවින්ම නුඹ ඒකීයය. මෙලොවෙහිදී ඔබේ ගැත්තන් කවර කරුණක මත භේද ඇති කර ගනිමින් සිටියේද ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ ගැත්තන් අතර වෙන් කරන්නෙහිය. එවිට සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැ යි ද භාග්යවන්තයා හා අභාග්යවන්තයා කවරුන් දැ යි ද පැහැදිලි වනු ඇත.

Zümer 39:47

දේව ආදේශය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන්හට මහපොළොවේ ඇති වටිනා වස්තු, දේපළ සියල්ල හා ඒවා හැර වෙනත් දෑ ද තිබුණ ද ඒ සමගම ඒ හා සමාන තවත් බොහෝ ගුණයක් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීමෙන් පසු ඔවුන් දකින දරුණු දඬුවමින් මිදීම සඳහා ඒවා සියල්ල වන්දි වශයෙන් පිරිනමන්නට බලති. නමුත් ඔවුනට එය සතු නොවීය. එය ඔවුනට හැකි යැයි සිතුව ද ඔවුන්ගෙන් එය පිළිගනු නොලැබේ. එමෙන් ම ඔවුන් කිසිවිටෙක බලාපොරොත්තු නොවූ අල්ලාහ්ගෙන් වූ විවිධ දඩුවම් ඔවුනට හෙළි වනු ඇත.

Zümer 39:48

ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම් හි නපුරු විපාකය ඔවුනට මතු විය. ඔවුනට මෙලොවෙහි දඬුවම ගැන බිය ගන්වනු ලැබූ විට ඔවුන් සරදම් කරමින් සිටි එම දඬුවම සිව්දෙසින් ඔවුන් වට කර ගත්තේය.

Zümer 39:49

දෙවියන් ප්රතික්ෂේප කරන මිනිසාට යම් රෝගයක් හෝ දරිද්රතාවක් හෝ එවැනි යම් විපතක් ඇති වූ විට ඔහුට අත් වූ එම විපත ඉවත් කරන මෙන් ඔහු අපගෙන් ප්රාර්ථනා කර සිටි. පසු ව ඔහුට සුවය හෝ ධනයෙහි යම් ආශිර්වාදයක් අප පිරිනැමූ විට දේව ප්රතික්ෂේපකයා, ‘සැබවින්ම අල්ලාහ් මට එය ලබා දී ඇත්තේ මම උරුම කර ගත් දැනුම වන බැවිණි' යැයි පවසයු. නිවැරදි කරුණ වනුයේ සැබවින් ඔහු පරීක්ෂාවට ලක් වී ඇත. පොළඹවනු ලැබ ඇත. නමුත් දේව ප්රතික්ෂේපකයින් බහුතරයක් දෙනා ඒ ගැන නොහඳුනිති. අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති ආශිර්වාදයන් ගැන ඔවුහු රැවටී සිටිති.

Zümer 39:50

ඔවුනට පෙර සිටි දේව ප්රතික්ෂේපකයෝ ද මෙම කියමන ප්රකාශ කළෝය. ඔවුන් උපයමින් සිටි ධනය හෝ ඉඩකඩම් කිසිවක් ඔවුනට ඵලක් දුන්නේ නැත.

Zümer 39:51

ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම්හි නපුරු ප්රතිවිපාක ඔවුනට අත් විය. මෙසේ ඉදිරිපත් ව සිටියවුන් අතරින් දේව ආදේශය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකරගත්තවුන් වනාහි, ඔවුන් අතීතයේ ඔවුන් උපයා ගත් පාපකම්හි විපාක ඔවුනට අත්වනු ඇත. කිසිවිටෙක අල්ලාහ්ගෙන් මිදී ඔහු ව අබිබවා යන්නට ඔවුනට නොහැක්කේමය.

Zümer 39:52

දේව ප්රතික්ෂේපකයෝ සැබවින්ම අල්ලාහ්, ඔහු අභිමත කරන අයට පරීක්ෂණයක් ලෙස පෝෂණ සම්පත් ව්යාප්ත කර දී ඔහු ඔහුට කෘතඥ වන්නේ ද, එසේ නැතහොත් ගුණමකු වන්නේ දැයි ද, එමෙන්ම ඔහු අභිමත කර අයට පරීක්ෂණයක් ලෙසින් එය සීමා කොට ඔහු ඉවසීමෙන් කටයුතු කරන්නේ ද එසේ නැතහොත් අල්ලාහ් ගේ නියමය මත කෝප වන්නේදැ?යි පරීක්ෂා කරන බව ඔවුන් නොදැන ඔවුන් පවසා සිටි දෑ පමණක් පවසා සිටියෝ ද? පෝෂණ සම්පත් විස්තීරණ කිරීම හා එය සීමා කිරීම ගැන සඳහන් කරනු ලැබූ කරුණෙහි දෙවියන් විශ්වාස කරන ජනයාට අල්ලාහ්ගේ සැලසුම් කිරීම පිළිබඳ සාධක ඇත. සැබවින්ම එම සාධක වලින් ප්රයෝජනය ලබනුයේ ඔවුන්මය. දේව ප්රතික්ෂේපකයෝ වනාහි ඔවුන් ඒ අසලින් ගමන් ගන්නා නමුත් එය ඔවුන් ප්රතික්ෂේප කරති.

Zümer 39:53

අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබමින් හා පාපකම් සිදු කරමින්, සීමාව ඉක්මවා ගිය මාගේ ගැත්තන්හට නුඹ මෙසේ පවසනු. අල්ලාහ්ගේ කරුණා ව පිළිබඳ හා නුඹලාගේ පාපයන් වලට ඔහුගේ සමාව පිළිබඳ නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. සැබවින්ම අල්ලාහ් ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වන්නන්ගේ සියලු පාපකම් කමා කරයි. සැබවින්ම ඔහු පාප ක්ෂමාවෙහි නිරත වන්නන්ගේ පාපකම් සඳහා අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

Zümer 39:54

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර පාප ක්ෂමාව හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත යොමු වනු. ඔහුට යටහත් වනු. පසු ව නුඹලාගේ පිළිම හෝ නුඹලාගේ පවුලේ ඥාතීන් අතරින් කිසිවෙකු හෝ එම දඬුවමින් නුඹලා ව මුදවා නුඹලාට පිහිට වන කිසිවකු නුඹලා නොදකිනු ඇත.

Zümer 39:55

නුඹලාගේ පරමාධිපති ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ වඩාත් අලංකාරවත් අල් කුර්ආනය නුඹලා පිළිපදිනු. එහෙයින් පාප ක්ෂමාව තුළින් ඒ සඳහා සූදානම් වීමට පවා නොහැකි, නුඹලා නොසිතූ මොහොතක එකවර නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර එහි ඇති නියෝග ක්රියාත්මක කරනු. එහි තහනම් කළ දැයින් වැළකී සිටිනු.

Zümer 39:56

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි කනස්සල්ලෙන් යුතු ව: “අහෝ ඛේදය! දේව ප්රතික්ෂේපය හා පාපකම් මත හිඳිමින් අල්ලාහ්ගේ පැත්තෙන් ඇති කරුණු ගැන ද දේව විශ්වාසී හා අවනත වූ ජනයා වසඟ වී සිටි දෑ ගැන ද නොසැලකිලිමත් වීමේ ඛේදය!’ යැයි නුඹ පැවසීමෙන් ප්රවේශම්වීමට එසේ සිදු කරනු.

Zümer 39:57

එසේ නැතහොත් පෙර නියමය ගැන වාද කරමින්, ‘සැබවින්ම අල්ලාහ් මට ආශිර්වාද කර තිබුණේ නම් මම ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන් අතුරින් වී, ඔහුගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නට තිබුණි’ යැයි නුඹ පවසා සිටීමෙන් ප්රවේශම් වනු පිණිස.

Zümer 39:58

එසේ නැතහොත් දඬුවම දෑසින් දකින මොහොතේ, ‘මෙලොවට නැවත හැරීමක් මට ඇත් නම් මම අල්ලාහ් වෙත පාප ක්ෂමාවෙහි නිරත වී, ඔහු වෙත යොමු වෙමි. දැහැමියන්ගේ කටයුතු සිදු කරමින් ඔවුන් අතරින් කෙනෙකු වෙමි’ යැයි කැමැත්තෙන් යුතු ව නුඹ පැවසීමෙන් ප්රවේශම් වනු පිණිස.

Zümer 39:59

යහ මග ආශා කිරීම ගැන නුඹ විශ්වාස කරන්නාක් මෙන් කරුණ නැත. සැබවින්ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා බොරු කොට උඩඟු වූයෙහිය. අල්ලාහ් හා ඔහුගේ වදන් ප්රතික්ෂේප කරන්නන් අතරට නුඹ ද පත් වූයෙහිය.

Zümer 39:60

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට හවුල්කරුවන් හා දරුවන් ආරෝපණය කරමින් ඔහු කෙරෙහි බොරු ගෙතූවන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබෙනු නුඹ දකිනු ඇත. එය ඔවුන්ගේ අභාග්යවන්තකමෙහි සළකුණයි. අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කිරීමට උඩඟුවූවන්හට නිරයෙහි නවාතැනක් නොමැත්තේ ද? එසේය, සැබවින්ම එහි ඔවුනට නවාතැනක් ඇත.

Zümer 39:61

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් වනාහි ඔවුන්ගේ ජයග්රාහී ස්ථානය වන ස්වර්ග උයනට ඔවුන් ප්රවේශ කරමින් අල්ලාහ් ඔවුන් දඬුවමින් මුදවාලයි. ඔවුනට දඬුවම ස්පර්ශ වන්නේ නැත. මෙලොවෙහි ඔවුනට මග හැරුණු ලෞකික කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දුකට පත් වන්නේ ද නැත.

Zümer 39:62

සියලු දෑ හි මැවුම්කරු අල්ලාහ්ය. ඔහු හැර වෙනත් මැවුම්කරුවකු නැත. සියලු දෑ කෙරෙහි ඔහු ආරක්ෂකය. ඔහුගේ කරුණු ඔහු සැලසුම් කරයි. ඔහු අභිමත කරන පරිදි එය ක්රියාත්මක කරයි.

Zümer 39:63

අහස්හි හා මහ පොළොවේ යහපත් දෑ හි භාණ්ඩාගාරයේ යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට ඒවා පිරිනමයි. ඔහු අභිමත කරන අයගෙන් ඒවා වළක්වාලයි. අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් දේව විශ්වාසය තහනම් කර ගැනීම හේතුවෙන් හා මතු ලොවෙහි සදාතනිකයින් ලෙස අපා ගින්නට පිවිසීම හේතුවෙන් ඔවුහුමය පරාජිතයෝ වන්නෝ.

Zümer 39:64

අහෝ දූතය! ඔවුන්ගේ පිළිම වලට නුඹ නැමදිය යුතු යැයි නුඹට බලකරමින් සිටින මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘නුඹලාගේ පරමාධිපති පිළිබඳ නොදැනුවත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් දෑට නමදින ලෙස නුඹලා මට අණ කරන්නෙහු ද? නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. එහෙයින් ඔහු හැර වෙනත් කිසිවෙකු කිසිවිටෙක මම නොනමදිමි.’ යැයි පවසනු.

Zümer 39:65

අහෝ දූතය! සැබවින්ම අල්ලාහ් නුඹ වෙත දිව්ය පණිවිඩ පහළ කළේය. නුඹට පෙර සිටි දූතවරුන් වෙතත් දිව්ය පණිවිඩ පහළ කළේය. නුඹ අල්ලාහ් සමග වෙනත් දෑ ට නැමදුම් කළෙහි නම් නුඹගේ යහපත් ක්රියාවන්හි ප්රතිඵල නිෂ්ඵල වී යනු ඇත. මෙලොවෙහි නුඹ නුඹේ දහම අතහැරීම හේතුවෙන් හා මතු ලොවෙහි දඬුවමට භාජනය වන හේතුවෙන් අලාභවන්තයින් අතරට නුඹ වනු ඇත.

Zümer 39:66

එසේය, නුඹ අල්ලාහ්ට පමණක් නමදිනු. ඔහුට කිසිවක් ආදේශ නොකරනු. ඔහු නුඹට පිරිනමා ඇති ඔහුගේ ආශිර්වාද සඳහා කෘතගුණ සලකන්නන් අතරින් කෙනෙකු වනු.

Zümer 39:67

දේව ආදේශකයින් අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු නිසි අයුරින් ගරු බුහුමන් කළේ නැත. මෙය, දුර්වල හා දුබල මැවීම් අල්ලාහ්ට ආදේශ කරමින්, මහ පොළොවේ පවතින කඳු ගස් ගංගා සාගර යනාදියෙන් විද්යාමාන වන ඔහුගේ බලය ගැන නොසැලකිලිමත් වෙමින් හා ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ඔහුගේ ග්රහණය තුළ පවතින බවත්, සැබවින්ම අහස් හත ඔහුගේ දකුණතෙහි වෙළී පවතින බවත් නොසැලකිලිමත් ව කටයුතු කළ බැවිණි. දේව ආදේශකයින් පවසන දැයින් හා ඔවුන් විශ්වාසය තබන දැයින් ඔහු සුවිශුද්ධය පිවිතුරුය.

Zümer 39:68

හොරණෑවෙහි පිඹීම සඳහා පවරනු ලැබූ මලක්වරයා එහි පිඹින දින මරණය නොවිය යුතු යැයි අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි හා මහපොළොවේ ඇති සෙසු සියලු දෑ මරණයට පත් වෙයි. පසු ව එම මලක්වරයා යළි අවදි වීම සඳහා දෙවන වරට එහි පිඹියි. එවිට සියලු දෙනා අල්ලාහ් ඔවුනට සිදු කරන දෑ නරඹමින් ජීවමාන ව නැගී සිටිති.

Zümer 39:69

ගැත්තන් අතර තීන්දු දීම සඳහා සර්වබල හිමිපාණන් සම්ප්රාප්ත වන මොහොතේ මහ පොළොව ආලෝකමත් වෙයි. මිනිසුන්ගේ ක්රියා ලේඛන දිගු හරිනු ලැබේ. නබිවරුන් ගෙන එනු ලැබේ. එම නබිවරුන් වෙනුවෙන් ඔවුන්ගේ ජනයාට එරෙහි ව සාක්ෂි දැරීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා ගෙන එනු ලැබේ. ඔවුන් සියලු දෙනා අතර සාධාරණීය ලෙස අල්ලාහ් තීන්දු පිරිනමයි. එදින ඔවුන් අසාධාරණයට ලක් නොවෙති. එහෙයින් මිනිසාට යම් පාපයක් වැඩි කරන්නේ හෝ යම් කුසලක් අඩු කරන්නේ හෝ නැත.

Zümer 39:70

සෑම ආත්මයකට එහි ක්රියාව යහපත් වුව ද අයහපත් වුව ද එහි ප්රතිඵල අල්ලාහ් පූර්ණ ව පිරිනමයි. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ යහපත් හෝ අයහපත් ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එදින ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Zümer 39:71

අල්ලාහ් ව ප්රතික්ෂේපකළවුන් ව නින්දිත කණ්ඩායමක් ලෙස මලක්වරු විසින් නිරය වෙත ඇද ගෙන යති. ඔවුන් අපා ගින්නට පැමිණි විට එහි දොරටු අසල නියම කරනු ලැබූ එහි දොරටු පාලක මලක්වරුන් දොරටු විවෘත කොට ඔවුන් හෙළා දැක, මෙසේ පවසා ඔවුන් ව පිළිගනිති. ‘නුඹලා වෙත පහළ කරනු ලැබූ නුඹලාගේ පරමාධිපතිගේ වදන් නුඹලා මත කියවා පෙන්වන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි ඇති බිහිසුණු දඬුවම නිසාවෙන් එහි හමු ව ගැන, නුඹලාට අවවාද කරන නුඹලාගේ ම වර්ගයා අතරින් දූතවරුන් නුඹලා වෙත නොපැමිණියේ ද?' දේව ප්රතික්ෂේපකයෝ තම වරද පිළිගනිමින්, ‘එසේය. ඒ සියල්ල සිදු විය. නමුත් (දැන්) දේව ප්රතික්ෂේපකයින් මත දඬුවමේ ප්රකාශය නියම වී ඇත. අප ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ලෙස සිටියෙමු.’ යැයි පවසති.

Zümer 39:72

ඔවුන් නින්දාවට පත් කරමින්, එමෙන්ම අල්ලාහ්ගේ කරුණාව ගැන හා අපා ගින්නෙන් බැහැර කරනු ලැබීම ගැන බලාපොරොත්තු සුන් කරවමින්, ‘අපා ගින්නේ දොරටු ඔස්සේ සදාකාලිකයින් ලෙස පිවිසෙනු. සත්ය පිළිගැනීමට උඩඟු වූ අහංකාරයින්ගේ නවාතැන ඉතා නපුරු හා නින්දිත විය.’ යැයි පවසනු ලැබේ.

Zümer 39:73

තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ දේව විශ්වාසීන් ගෞරවනීය කණ්ඩායමක් ලෙස ඉතා කාරුණික ව මලක්වරුන් විසින් ස්වර්ගය වෙත කැටුවා ගෙන යනු ලබති. ඔවුන් ස්වර්ගය අබියසට පැමිණි විට ඔවුන් වෙනුවෙන් එහි දොරටු විවෘත කරනු ලැබේ. ඒ සඳහා භාරකාර්තවය දරන මලක්වරුන් ඔවුනට, "සියලු උවදුරු වලින් හා නුඹලා පිළිකුල් කරන සියලු දැයින් ආරක්ෂාව හා ශාන්තිය නුඹලාට අත් වේවා! නුඹලාගේ සිත් හා නුඹලාගේ ක්රියාවන් යහපත් වේවා! එහෙයින් නුඹලා සදාතනිකයින් ලෙසින් ස්වර්ග උයනට පිවිසෙනු." පවසති.

Zümer 39:74

දේව විශ්වාසීන් ස්වර්ගයට පිවිසුණු කල්හි ‘තම දූතවරුන්ගේ දිවවල් හරහා අපට ප්රතිඥා දුන් ඔහුගේ ප්රතිඥාව අපට සැබෑවක් බවට පත් කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා. සැබවින්ම අප ස්වර්ගයට ඇතුළත් කරන බවත් ස්වර්ග භූමිය උරුම කර දෙන බවත් ඔහු අපට ප්රතිඥා දුන්නේය. අපි පහළ වීමට ප්රිය කළ ස්ථානයට අපි ගොඩ බසින්නෙමු. තම පරමාධිපතිගේ තෘප්තිය උදෙසා දැහැමි ක්රියාවන් කළ ක්රියාකාරීන්ගේ ප්රතිඵල යහපත් විය.

Zümer 39:75

සාක්ෂි ඉදිරිපත් කරනු ලබන මෙම දිනයේ මලක්වරුන් අර්ෂය වටා සිටිති. දේව ප්රතික්ෂේපකයින් අල්ලාහ් පිළිබඳ පවසන නුසුදුසු දැයින් අල්ලාහ් නිදහස් කරයි. සියලු මැවීම් අතර අල්ලාහ් සාධාරණීය ලෙස තීන්දු ලබා දෙයි. ගෞරව කළ යුත්තන් ගෞරවයට පත් කරයි. දඬුවම් කළ යුත්තන් දඬුවමට ලක් කරයි. ‘තම දේව විශ්වාසී ගැත්තන්හට කරුණාවෙන් ද, ප්රතික්ෂේප කළ තම ගැත්තන්ට හට දඬුවම් පමුණුවමින් ද තීන්දූ ලබා දෙමින් ඔහුගේ තීන්දුව මත සියලු මැවීම් පාලනය කරවන අල්ලාහ්ටම සියලු ප්රශංසා යැයි කියනු ලැබේ.