Sinhalese Mokhtasar — Mü'min 40:1 – Muhammed 47:38
Contents
- Mü'min 40:1
- Mü'min 40:2
- Mü'min 40:3
- Mü'min 40:4
- Mü'min 40:5
- Mü'min 40:6
- Mü'min 40:7
- Mü'min 40:8
- Mü'min 40:9
- Mü'min 40:10
- Mü'min 40:11
- Mü'min 40:12
- Mü'min 40:13
- Mü'min 40:14
- Mü'min 40:15
- Mü'min 40:16
- Mü'min 40:17
- Mü'min 40:18
- Mü'min 40:19
- Mü'min 40:20
- Mü'min 40:21
- Mü'min 40:22
- Mü'min 40:23
- Mü'min 40:24
- Mü'min 40:25
- Mü'min 40:26
- Mü'min 40:27
- Mü'min 40:28
- Mü'min 40:29
- Mü'min 40:30
- Mü'min 40:31
- Mü'min 40:32
- Mü'min 40:33
- Mü'min 40:34
- Mü'min 40:35
- Mü'min 40:36
- Mü'min 40:37
- Mü'min 40:38
- Mü'min 40:39
- Mü'min 40:40
- Mü'min 40:41
- Mü'min 40:42
- Mü'min 40:43
- Mü'min 40:44
- Mü'min 40:45
- Mü'min 40:46
- Mü'min 40:47
- Mü'min 40:48
- Mü'min 40:49
- Mü'min 40:50
- Mü'min 40:51
- Mü'min 40:52
- Mü'min 40:53
- Mü'min 40:54
- Mü'min 40:55
- Mü'min 40:56
- Mü'min 40:57
- Mü'min 40:58
- Mü'min 40:59
- Mü'min 40:60
- Mü'min 40:61
- Mü'min 40:62
- Mü'min 40:63
- Mü'min 40:64
- Mü'min 40:65
- Mü'min 40:66
- Mü'min 40:67
- Mü'min 40:68
- Mü'min 40:69
- Mü'min 40:70
- Mü'min 40:71
- Mü'min 40:72
- Mü'min 40:73
- Mü'min 40:74
- Mü'min 40:75
- Mü'min 40:76
- Mü'min 40:77
- Mü'min 40:78
- Mü'min 40:79
- Mü'min 40:80
- Mü'min 40:81
- Mü'min 40:82
- Mü'min 40:83
- Mü'min 40:84
- Mü'min 40:85
- Fussılet 41:1
- Fussılet 41:2
- Fussılet 41:3
- Fussılet 41:4
- Fussılet 41:5
- Fussılet 41:6
- Fussılet 41:7
- Fussılet 41:8
- Fussılet 41:9
- Fussılet 41:10
- Fussılet 41:11
- Fussılet 41:12
- Fussılet 41:13
- Fussılet 41:14
- Fussılet 41:15
- Fussılet 41:16
- Fussılet 41:17
- Fussılet 41:18
- Fussılet 41:19
- Fussılet 41:20
- Fussılet 41:21
- Fussılet 41:22
- Fussılet 41:23
- Fussılet 41:24
- Fussılet 41:25
- Fussılet 41:26
- Fussılet 41:27
- Fussılet 41:28
- Fussılet 41:29
- Fussılet 41:30
- Fussılet 41:31
- Fussılet 41:32
- Fussılet 41:33
- Fussılet 41:34
- Fussılet 41:35
- Fussılet 41:36
- Fussılet 41:37
- Fussılet 41:38
- Fussılet 41:39
- Fussılet 41:40
- Fussılet 41:41
- Fussılet 41:42
- Fussılet 41:43
- Fussılet 41:44
- Fussılet 41:45
- Fussılet 41:46
- Fussılet 41:47
- Fussılet 41:48
- Fussılet 41:49
- Fussılet 41:50
- Fussılet 41:51
- Fussılet 41:52
- Fussılet 41:53
- Fussılet 41:54
- Şûrâ 42:1
- Şûrâ 42:2
- Şûrâ 42:3
- Şûrâ 42:4
- Şûrâ 42:5
- Şûrâ 42:6
- Şûrâ 42:7
- Şûrâ 42:8
- Şûrâ 42:9
- Şûrâ 42:10
- Şûrâ 42:11
- Şûrâ 42:12
- Şûrâ 42:13
- Şûrâ 42:14
- Şûrâ 42:15
- Şûrâ 42:16
- Şûrâ 42:17
- Şûrâ 42:18
- Şûrâ 42:19
- Şûrâ 42:20
- Şûrâ 42:21
- Şûrâ 42:22
- Şûrâ 42:23
- Şûrâ 42:24
- Şûrâ 42:25
- Şûrâ 42:26
- Şûrâ 42:27
- Şûrâ 42:28
- Şûrâ 42:29
- Şûrâ 42:30
- Şûrâ 42:31
- Şûrâ 42:32
- Şûrâ 42:33
- Şûrâ 42:34
- Şûrâ 42:35
- Şûrâ 42:36
- Şûrâ 42:37
- Şûrâ 42:38
- Şûrâ 42:39
- Şûrâ 42:40
- Şûrâ 42:41
- Şûrâ 42:42
- Şûrâ 42:43
- Şûrâ 42:44
- Şûrâ 42:45
- Şûrâ 42:46
- Şûrâ 42:47
- Şûrâ 42:48
- Şûrâ 42:49
- Şûrâ 42:50
- Şûrâ 42:51
- Şûrâ 42:52
- Şûrâ 42:53
- Zuhruf 43:1
- Zuhruf 43:2
- Zuhruf 43:3
- Zuhruf 43:4
- Zuhruf 43:5
- Zuhruf 43:6
- Zuhruf 43:7
- Zuhruf 43:8
- Zuhruf 43:9
- Zuhruf 43:10
- Zuhruf 43:11
- Zuhruf 43:12
- Zuhruf 43:13
- Zuhruf 43:14
- Zuhruf 43:15
- Zuhruf 43:16
- Zuhruf 43:17
- Zuhruf 43:18
- Zuhruf 43:19
- Zuhruf 43:20
- Zuhruf 43:21
- Zuhruf 43:22
- Zuhruf 43:23
- Zuhruf 43:24
- Zuhruf 43:25
- Zuhruf 43:26
- Zuhruf 43:27
- Zuhruf 43:28
- Zuhruf 43:29
- Zuhruf 43:30
- Zuhruf 43:31
- Zuhruf 43:32
- Zuhruf 43:33
- Zuhruf 43:34
- Zuhruf 43:35
- Zuhruf 43:36
- Zuhruf 43:37
- Zuhruf 43:38
- Zuhruf 43:39
- Zuhruf 43:40
- Zuhruf 43:41
- Zuhruf 43:42
- Zuhruf 43:43
- Zuhruf 43:44
- Zuhruf 43:45
- Zuhruf 43:46
- Zuhruf 43:47
- Zuhruf 43:48
- Zuhruf 43:49
- Zuhruf 43:50
- Zuhruf 43:51
- Zuhruf 43:52
- Zuhruf 43:53
- Zuhruf 43:54
- Zuhruf 43:55
- Zuhruf 43:56
- Zuhruf 43:57
- Zuhruf 43:58
- Zuhruf 43:59
- Zuhruf 43:60
- Zuhruf 43:61
- Zuhruf 43:62
- Zuhruf 43:63
- Zuhruf 43:64
- Zuhruf 43:65
- Zuhruf 43:66
- Zuhruf 43:67
- Zuhruf 43:68
- Zuhruf 43:69
- Zuhruf 43:70
- Zuhruf 43:71
- Zuhruf 43:72
- Zuhruf 43:73
- Zuhruf 43:74
- Zuhruf 43:75
- Zuhruf 43:76
- Zuhruf 43:77
- Zuhruf 43:78
- Zuhruf 43:79
- Zuhruf 43:80
- Zuhruf 43:81
- Zuhruf 43:82
- Zuhruf 43:83
- Zuhruf 43:84
- Zuhruf 43:85
- Zuhruf 43:86
- Zuhruf 43:87
- Zuhruf 43:88
- Zuhruf 43:89
- Duhan 44:1
- Duhan 44:2
- Duhan 44:3
- Duhan 44:4
- Duhan 44:5
- Duhan 44:6
- Duhan 44:7
- Duhan 44:8
- Duhan 44:9
- Duhan 44:10
- Duhan 44:11
- Duhan 44:12
- Duhan 44:13
- Duhan 44:14
- Duhan 44:15
- Duhan 44:16
- Duhan 44:17
- Duhan 44:18
- Duhan 44:19
- Duhan 44:20
- Duhan 44:21
- Duhan 44:22
- Duhan 44:23
- Duhan 44:24
- Duhan 44:25
- Duhan 44:26
- Duhan 44:27
- Duhan 44:28
- Duhan 44:29
- Duhan 44:30
- Duhan 44:31
- Duhan 44:32
- Duhan 44:33
- Duhan 44:34
- Duhan 44:35
- Duhan 44:36
- Duhan 44:37
- Duhan 44:38
- Duhan 44:39
- Duhan 44:40
- Duhan 44:41
- Duhan 44:42
- Duhan 44:43
- Duhan 44:44
- Duhan 44:45
- Duhan 44:46
- Duhan 44:47
- Duhan 44:48
- Duhan 44:49
- Duhan 44:50
- Duhan 44:51
- Duhan 44:52
- Duhan 44:53
- Duhan 44:54
- Duhan 44:55
- Duhan 44:56
- Duhan 44:57
- Duhan 44:58
- Duhan 44:59
- Câsiye 45:1
- Câsiye 45:2
- Câsiye 45:3
- Câsiye 45:4
- Câsiye 45:5
- Câsiye 45:6
- Câsiye 45:7
- Câsiye 45:8
- Câsiye 45:9
- Câsiye 45:10
- Câsiye 45:11
- Câsiye 45:12
- Câsiye 45:13
- Câsiye 45:14
- Câsiye 45:15
- Câsiye 45:16
- Câsiye 45:17
- Câsiye 45:18
- Câsiye 45:19
- Câsiye 45:20
- Câsiye 45:21
- Câsiye 45:22
- Câsiye 45:23
- Câsiye 45:24
- Câsiye 45:25
- Câsiye 45:26
- Câsiye 45:27
- Câsiye 45:28
- Câsiye 45:29
- Câsiye 45:30
- Câsiye 45:31
- Câsiye 45:32
- Câsiye 45:33
- Câsiye 45:34
- Câsiye 45:35
- Câsiye 45:36
- Câsiye 45:37
- Ahkaf 46:1
- Ahkaf 46:2
- Ahkaf 46:3
- Ahkaf 46:4
- Ahkaf 46:5
- Ahkaf 46:6
- Ahkaf 46:7
- Ahkaf 46:8
- Ahkaf 46:9
- Ahkaf 46:10
- Ahkaf 46:11
- Ahkaf 46:12
- Ahkaf 46:13
- Ahkaf 46:14
- Ahkaf 46:15
- Ahkaf 46:16
- Ahkaf 46:17
- Ahkaf 46:18
- Ahkaf 46:19
- Ahkaf 46:20
- Ahkaf 46:21
- Ahkaf 46:22
- Ahkaf 46:23
- Ahkaf 46:24
- Ahkaf 46:25
- Ahkaf 46:26
- Ahkaf 46:27
- Ahkaf 46:28
- Ahkaf 46:29
- Ahkaf 46:30
- Ahkaf 46:31
- Ahkaf 46:32
- Ahkaf 46:33
- Ahkaf 46:34
- Ahkaf 46:35
- Muhammed 47:1
- Muhammed 47:2
- Muhammed 47:3
- Muhammed 47:4
- Muhammed 47:5
- Muhammed 47:6
- Muhammed 47:7
- Muhammed 47:8
- Muhammed 47:9
- Muhammed 47:10
- Muhammed 47:11
- Muhammed 47:12
- Muhammed 47:13
- Muhammed 47:14
- Muhammed 47:15
- Muhammed 47:16
- Muhammed 47:17
- Muhammed 47:18
- Muhammed 47:19
- Muhammed 47:20
- Muhammed 47:21
- Muhammed 47:22
- Muhammed 47:23
- Muhammed 47:24
- Muhammed 47:25
- Muhammed 47:26
- Muhammed 47:27
- Muhammed 47:28
- Muhammed 47:29
- Muhammed 47:30
- Muhammed 47:31
- Muhammed 47:32
- Muhammed 47:33
- Muhammed 47:34
- Muhammed 47:35
- Muhammed 47:36
- Muhammed 47:37
- Muhammed 47:38
Mü'min 40:1
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Mü'min 40:2
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ වූයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී, තම ගැත්තන්ගේ යහපත් කටයුතු පිළිබඳ සර්වඥානී අල්ලාහ්ගෙනි.
Mü'min 40:3
පාපතරයින්ගේ පාප කම්වලට සමාව දෙන්නාය. තම ගැත්තන් අතරින් ඔහු වෙත පාප ක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපොච්චාරණය පිළිගන්නාය. තම පාපයන්ට සමාව නොඇයදින්නන්ට දැඩි දඬුවම් පමුණුවන්නාය. ත්යාගශීලිය. භාග්ය පිරිනමන්නාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් යොමු වන ස්ථානය පිහිටා ඇත්තේ ඔහු වෙතමය. ඔවුනට උරුම වූ ගැළපෙන දැයින් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Mü'min 40:4
අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහුගේ දූතවරුන්ගේ සත්යභාවය පෙන්වා දෙන අල්ලාහ්ගේ වදන් පිළිබඳ තර්ක කරනුයේ තම බුද්ධිය නරක් වී ගිය හේතුවෙන් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් මිස වෙනත් කිසිවකු නොවේ. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් නොවනු. ඔවුන් සිටින සැප පහසුකම් හා පෝෂණ සම්පත් නුඹ ව රවටා නොදැමිය යුතුය. එසේ ඔවුනට ඉඩ දී ඇත්තේ ක්රමක්රමයෙන් ඔවුන් ග්රහණය කිරීමට ඔවුනට සිදු කරන සැලසුමක් වන්නේය.
Mü'min 40:5
මොවුනට පෙර නූහ්ගේ ජනයා ද බොරු කළෝය. නූහ්ගෙන් පසු ව පැමිණි කණ්ඩායම්ද බොරු කළෝය. ඒ අනුව ආද්, සමූද්, ලූත්ගේ ජනයා, මද්යන්වාසීහු බොරු කළෝය. එමෙන්ම ෆිර්අවුන්ද බොරු කළේය. මෙම සමූහයන් අතරින් සෑම සමූහයක් ම තම දූතයාණන් ග්රහණය කර මරා දමන්නට තැත් කළෝය. සත්යය පහ කිරීම සඳහා ඔවුන් වෙත තිබූ ව්යාජ දෑ ගෙනැවිත් තර්ක කළෝය. එවිට එම සමූහයන් ග්රහණයට ලක් වූහ. ඔවුන් සතු වූ මාගේ දඬුවම කෙසේ වී දැ?යි සිතා බලනු. සැබවින්ම එය ඉතා දරුණු දඬුවමක් විය.
Mü'min 40:6
මෙම බොරුකාර සමූහයන් විනාශ කිරීමට අල්ලාහ් තීන්දු කළ පරිදිම, "අහෝ දූතය! සැබවින්ම ඔවුන් නිරාවාසීන්" බව නුඹේ පරමාධිපතිගේ වදන ඔහු ව ප්රතික්ෂේප කළවුන් මත නියම විය.
Mü'min 40:7
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ අර්ෂය හෙවත් රාජ්යය උසුලාගෙන සිටින මලක්වරුන් හා ඔහු අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපති වූ ඔහුට සුදුසු නොවන දැයින් පිවිතුරු කොට ගුණ ගායනා කරති. ඔහු ව විශ්වාස කරති. අල්ලාහ් ව විශ්වාස කළවුන් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටිමින් මෙසේ පවසති. ‘අපගේ පරමාධිපතියාණනි! ඔබේ දැනුම හා ඔබේ කරුණාව, සියලු දෑ මත පුළුල් ව පවතී. එහෙයින් තම පාපකම් සඳහා පසුතැවිලි වී ඔබේ දහම පිළිපදින්නන්හට ඔබ සමාව දෙනු මැනව! නිරය ඔවුන් ස්පර්ශ කිරීමෙන් නුඹ ඔවුන් ආරක්ෂා කරනු මැනව!'
Mü'min 40:8
අපගේ පරමාධිපතියාණනි! දේව විශ්වාසීන් ස්වර්ග උයන් වලට ඇතුළත් කරන බවට නුඹ ඔවුනට කළ ප්රතිඥාව අනුව ඔවුන්ව එහි සදාකල් ප්රවේශ කරනු මැනව! ඔවුන් සමගම දැහැමි ක්රියාවන් සිදු කළ ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දරුවන් ද ප්රවේශ කරනු මැනව! සැබවින්ම නුඹ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. නුඹේ සැලසුමෙහි හා නුඹේ නියමයෙහි නුඹ මහා ප්රඥාවන්තය.
Mü'min 40:9
ඔවුන්ගේ ක්රියාවන් අතර පවතින නපුරුකම් වලින් නුඹ ඔවුන් ආරක්ෂා කරනු. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් නොකරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් කළ නපුරු ක්රියාවන් වෙනුවෙන් හිමි වන දඬුවමින් ඔබ කවරෙකු ආරක්ෂා කරන්නෙහි ද සැබවින්ම නුඹ ඔහුට ආශිර්වාද කර ඇත්තේය. එසේ දඬුවමින් ආරක්ෂා කොට ස්වර්ගයට ප්රවේශ කිරීම වනාහි කිසිදු ජයග්රහණකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.
Mü'min 40:10
‘මෙලොවෙහි අල්ලාහ් ව විශ්වාස කරන මෙන් නුඹලා ඇරයුම් කරනු ලබමින් සිටියදී එය නුඹලා ප්රතික්ෂේප කොට ඔහු සමග වෙනත් දෙවිවරුන් ගත් අවස්ථාවේ නුඹලාගෙන් ඇතෙමකු ඇතැමෙකු කෙරෙහි දැක් වූ ක්රෝධයට වඩා අල්ලාහ්ගේ ඉමහත් ක්රෝධය නුඹලා සතු වනු ඇතැ’යි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසෙන විට ඔවුනටම දොස් නගමින්, ශාප කරමින් සිටින අවස්ථාවේ අමතනු ලබති.
Mü'min 40:11
දේව ප්රතික්ෂේපකයෝ තමන්ගේ වැරදි පිළිගැනීම හෝ තමන්ගේ පසුතැවිලිවීම ප්රයෝජනවත් නොවන අවස්ථාවේ ඔවුන්ගේ පාපකම් පිළිගනිමින් මෙසේ පවසා සිටිති. ‘අපගේ පරමාධිපතියාණනි! කිසිවක් නොමැති ව නුඹ අප බිහි කරමින් අනතුරුව බිහි වූ පසුව අප මරණයට පත් කරමින් දෙවතාවක් ඔබ අප මරණයට පත් කළෙහිය. එමෙන්ම නොමැති දැයකින් අපි බිහි කරමින් මිය ගිය පසු අපට යළි ජීවය ලබා දෙමින් දෙවරක් අපට ප්රාණය දුන්නෙහිය. එනිසාවෙන් අපි ඉපැයූ පාපකම් අපි පිළිගනිමු. එහෙයින් නිරාගින්නෙන් පිටතට ගමන් කොට, නැවත මෙලොව ජීවිතය වෙත හැරී ගොස් දැහැමි ක්රියාවන් සිදු කර අප ගැන ඔබ තෘප්තියට පත්වන්නට හැකි මගක් තිබේද?'
Mü'min 40:12
නුඹලා විඳින මෙම දඬුවම වනාහි, සැබවින්ම කිසිවකු සමග හවුලක් නැති අල්ලාහ්ට පමණක් නුඹලා නැමදුම් කරන මෙන් ඇරයුම් කරනු ලබන විට නුඹලා ඔහුව ප්රතික්ෂේප කොට ඔහුට හවුල්කරුවන් පත් කළ බැවින් හා ඔහු සමග තවත් හවුල්කරුවකු නමදිනු ලබන විට නුඹලා විශ්වාස කළ බැවිණි. තීන්දුව අල්ලාහ්ට පමණක් සතුය. ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ කිර්තියෙන් හා ඔහුගේ අසීමිත බලයෙන් ඔහු උත්තරීතරය. සියලු දේ ඔහුට පහළින් ඇති ඔහු අති ශ්රේෂ්ඨය.
Mü'min 40:13
අල්ලාහ් වනාහි, ඔහු නුඹලාට ක්ෂිතිජයෙහි හා නුඹලාගේ ආත්මාවන් තුළ ම තම සංඥා ප්රාතිහාර්යය පෙන්වා දෙයි. එය ඔහුගේ බලය හා ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක නුඹලාට ඉදිරිපත් කරනු පිණිසය. එමෙන්ම අහසින් වැසි ජලය නුඹලාට පහළ කරයි. එය ගහකොළ පැළෑටි හා වෙනත් දෑයින් නුඹලා පෝෂණය ලැබීමේ හේතු සාධකයක් වශයෙනි. පාපක්ෂමාව අයැදිමින් අවංක ලෙස අල්ලාහ් වෙත යොමු වන්නන් හැර ඔහුගේ වදන් තුළින් වෙනත් කිසිවෙකු උපදෙස් ලබන්නේ නැත.
Mü'min 40:14
එහෙයින් අහෝ දෙවියන් විශ්වාස කළවුනි! නුඹලා දේව ආදේශකයින් මෙන් නොව අල්ලාහ්ට අවනත වීමෙහි හා ප්රාර්ථනා කිරීමෙහි අවංකයින් ලෙස ඔහුට ප්රාර්ථනා කර සිටිනු. දේව ප්රතික්ෂේපකයින් එය පිළිකුල් කළ ද ඔවුනට වඩාක් කෝපය ඇති කරන්නක් වුවද කම් නැත.
Mü'min 40:15
ඔහුට අවංක ලෙස ප්රාර්ථනාව හා අවනතභාවය පුද කරන්නට සුදුස්සා ඔහුම ය. ඔහු ඔහුගේ සියලු නිර්මාණ වලට වඩා වෙනස් උසස් නිලයෙන් යුක්තය. සර්ව රාජ්යයේ පරමාධිපතිය. ඔහු අභිමත කරන ගැත්තන්හට ඔවුන් ජීවී ව ජීවත් වනු පිණිසත් අන් අයට ජීවය දෙනු පිණිසත් පෙරගාමීන් හා පසුගාමීන් එකිනෙකා මුණ ගැසෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔවුන් බිය ගන්වනු පිණිසත් දේව පණිවිඩ ඔහු පහළ කරයි.
Mü'min 40:16
එදින ඔවුන් එළිමහනට පැමිණෙති. එක් උස් තැනකට රැස් වෙති. ඔවුන්ගේ චරිතය හෝ ඔවුන්ගේ ක්රියාවන් හෝ ඔවුන්ගේ ප්රතිඵල යනාදී කිසිවක් ඔවුන්ගෙන් සැඟවෙන්නේ නැත. අද දින සර්ව රාජ්ය හිමි වන්නේ කාහටදැ?යි විමසනු ලැබේ. දැන් ඇත්තේ එකම පිළිතුරක් පමණි. ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග හා ක්රියාවන්හි ඔහුට පමණක් රාජ්ය බලය සතු වන්නේය. ඔහු සියලු දෑ මැඬ ලමින් පාලනය කරන මහා පාලකායය. සෑම දෙයක්ම ඔහු ට යටහත් ය.
Mü'min 40:17
අද දින සෑම ආත්මයක්ම සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. එය යහපත් නම් යහපතකි. එය නපුරක් නම් නපුරකි. මෙදින කිසිදු අසාධාරණයක් නැත. ඊට හේතුව විනිශ්චයකරු සාධාරණනීය අල්ලාහ් වන බැවිණි. සැබවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ සර්ව ප්රකාරයෙන් දන්නා බැවින් ඔවුන් සඳහා වූ විනිශ්චය ඉක්මන් කරන්නාය.
Mü'min 40:18
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන ඔවුනට අවවාද කරනු. සැබවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන එදින ඉතා සමීපය. එය පැමිණෙන්නක්මය. පැමිණෙන සෑම දෙයක්ම සමීපයෙන් පවතී. එදින පවතින දරුණු ව්යසනය හේතුවෙන් හදවත්, අදාළ පුද්ගලයින්ගේ උගුරු වෙත සේන්දු වන තරමට ඉහළට නැගී පවතී. මහා කරුණාන්විතයාණන් අවසර දුන් අය හැර ඔවුන් අතරින් කිසිවෙකු කතා කළ නොහැකි ගොළුවන් සේ සිටිති. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ට ම අපරාධ කර ගත් අපරාධකරුවන් හට කිසිදු මිතුරෙකු හෝ සමීපතයෙකු හෝ නොවනු ඇත. එමෙන්ම ඔහු වෙනුවෙන් මැදිහත් වන්නට නියම කරනු ලැබූ විට එයට අවනත වී මැදිහත් වන කිසිදු මැදිහත්කරුවකු ද නොමැත.
Mü'min 40:19
බලන්නන්ගේ ඇස් සඟවා ගෙන ඇති බිය ද හදවත් වසන් කර ඇති දෑ ද ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Mü'min 40:20
අල්ලාහ් සාධාරණීය ලෙස තීන්දු පිරිනමයි. කිසිවකුගේ කුසල් අඩු කරමින් හෝ ඔහුගේ පාපකම් හි කිසිවක් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් කිසිවකුට නොකරයි. අල්ලාහ් හැර දේව ආදේශකයින් නමදිමින් සිටින දෑ වනාහි ඔවුහු කිසිවක් තීන්දු කිරීමට නොහැකි අය වෙති. ඊට හේතුව ඔවුනට කිසිවක් අයිති නොමැති බැවිණි. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ප්රකාශ වලට මැනවින් සවන් දෙන්නාය. එමෙන්ම ඔවුන්ගේ අධිෂ්ඨානයන් හා ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ සර්ව නිරීක්ෂකය.
Mü'min 40:21
මෙම දේව ආදේශකයෝ මහ පොළොවේ සැරිසරා ඔවුනට පෙර විසූ ජන සමූහයාගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබැලුවෝ ද? සැබවින්ම එය නපුරු අවසානයක් විය. එම සමූහයන් මොවුනට වඩා බලවත් අය විය. ඔවුන් එහි ගොඩනැගිලි ඉදිකර බලපෑමක් ඇති කළාක් මෙන් මොවුන් මිහිකතේ බලපෑමක් ඇති නෙකළෝය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වළක්වාලන කිසිවකු ඔවුනට නොවීය.
Mü'min 40:22
ඔවුනට අත් වූ එම දඬුවම එසේ ඔවුනට අත් වූයේ, ඔවුන්ගේ දූතවරු අල්ලාහ් වෙතින් පැහැදිලි සාක්ෂි හා සාධක ඔවුන් වෙත ගෙන ආව ද, ඔවුහු අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් බොරු කළ බැවිණි. ඔවුන් එසේ බලවත් ලෙස සිටිය ද අල්ලාහ් ඔවුන් ග්රහණය කොට විනාශ කර දැමීය. අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළවුනට දැඩි ලෙස දඬුවම් දීමෙහි සැබවින්ම සුවිශුද්ධයාණන් වන ඔහු අති බලවත්ය.
Mü'min 40:23
අපගේ පැහැදිලි සාධක හා විශ්වාසනීය සාක්ෂි සමග සැබවින්ම අපි මූසා ව එව්වෙමු.
Mü'min 40:24
ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් වෙත හා කාරූන් වෙත (මූසා ව)යැව්වෙමු. එවිට ඔවුහු ‘මූසා මායාකරුවෙකි. සැබවින්ම තමන් දූතයකු යැයි වාද කරන දෑ හි ඔහු මහා බොරුකාරයෙකි.’ යැයි පැවසුවෝය.
Mü'min 40:25
මූසා තම සත්යයතාව ගැන පෙන්වා දෙන පැහැදිලි සාධක සමග පැමිණි කල්හි ෆිර්අවුන්, ‘ඔහු සමග විශ්වාස කළ දරුවන් මරා දමනු. ඔවුනට අවමානයක් ලෙස ගැහැනු දරුවන් ඉතිරි කරනු.’ යැයි පැවසීය. එම නියෝගයෙන් දේව විශ්වාසීන්ගේ සංඛ්යාව අඩු කිරීමේ ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණය විනාශ කරන්නක් මිස නොවීය. ඒ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවීය.
Mü'min 40:26
‘මූසාට දඬුවමක් වශයෙන් මා ඔහු මරා දමන්නට නුඹලා මට ඉඩ දෙනු. මගෙන් එය වැළැක්වීම සඳහා ඔහු ඔහුගේ පරමාධිපතිට කන්නලව් කරත්වා! ඔහු ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කර සිටීම සම්බන්ධයෙන් මට කම් නැත. සැබවින්ම නුඹලා සිටින නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇතැයි මම බිය වෙමි. එසේ නැතහොත් මහ පොළොවේ මිනී මරමින් හා විනාශ කරමින් ප්රචණ්ඩත්වය බිහි කරනු ඇතැයි බිය වෙමි.’ යැයි ෆිර්අවුන් පැවසීය.
Mü'min 40:27
ෆිර්අවුන් ඔහුට කළ තර්ජනය ගැන මූසා (අලයිහිස් සලාම්) තුමා දැන ගත් කල්හි එතුමා: ‘සැබවින්ම මම පැත්තකට වෙමි. පරමාධිපති පිළිබඳ වූ විශ්වාසය හා සත්යය පිළිගැනීමට උඩඟු වූ සෑම කෙනෙකුගෙන්ම මම මාගේ පරමාධිපති මෙන්ම නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. එවැන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හා එහි පවතින විනිශ්චය හා දඬුවම ගැන විශ්වාස නොකරයි.'යැයි පැවසීය.
Mü'min 40:28
අල්ලාහ් ව විශ්වාස කළ (නමුත්), තම දේව විශ්වාසය තම සමූහයාගෙන් වසන් කළ ෆිර්අවුන් පැළැන්තියෙන් වූ මිනිසෙකු, මූසා ව ඝාතනය කිරීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය හෙළා දකිමින් ඔවුනට මෙසේ පැවසීය. “කිසිදු වරදකින් තොර ව ‘මාගේ පරමාධිපති අල්ලාහ්’ යැයි පැවසූ එකම හේතුවෙන් නුඹලා ඒ පුද්ගලයා මරා දමන්නෙහු ද? සැබවින්ම ඔහු ඔහුගේ පරමාධිපති විසින් එවන ලද්දෙක් යැයි ඔහු කරන වාදය තහවුරු කරනු වස් පැහැදිලි සාක්ෂි හා සාධක නුඹලා වෙත ගෙනැවිත් ඇත. සැබවින්ම ඔහු බොරු කාරයෙකු යැයි සැලකෙන්නේ නම් ඔහුගේ බොරුවේ හානිය ඔහු වෙතම නැවත හැරී එනු ඇත. එමෙන්ම ඔහු සත්යයවාදියෙකු නම් නුඹලාට කවර දඬුවමක් පිළිබඳ ඔහු ප්රතිඥා දෙන්නේද ඉන් සමහරක් මෙලොවෙහිම නුඹලාට අත්වනු ඇත. සැබවින්ම අල්ලාහ් ඔහුගේ සීමාව ඉක්මවා ගිය ඔහු කෙරෙහි හා ඔහුගේ දූතවරුන් කෙරෙහි බොරුගොතන පුද්ගලයින් හට සත්යය වෙත මග ලබන්නට ආශිර්වාද නොකරයි.”
Mü'min 40:29
අහෝ මාගේ ජනයිනි! අද දින රාජ්ය බලය නුඹලා සතු ව ඇත. මිසර දේශයේ (ඊජිප්තුවෙහි) නුඹලා සාර්ථක ව සිටින්නෙහුය. මූසා ව මරා දැමීම හේතුවෙන් අප වෙත අල්ලාහ්ගේ දඬුවම පැමිණියේ නම් ඉන් අපට උදව් කරනුයේ කවරෙකු ද? (යැයි විමසීය.) (ඒවිට) ෆිර්අවුන්, ‘අදහස මගේ අදහස පමණය. තීරණය මගේ තීරණය පමණය. හානිය ප්රචණ්ඩත්වය වැළැක්වීමක් වශයෙන් සැබවින්ම මම මූසා ව මරා දමන්නට තීරණය කළෙමි. නිවැරුදි ඍජු දෑ වෙත හැර මම නුඹලාට මග නොපෙන්වෙමි’ යැයි තවදුරටත් පැවසීය.
Mü'min 40:30
විශ්වාස කළ තැනැත්තා තම සමූහයා දෙස බලා, ‘සතුරුකමින් හා අසාධාරණ ලෙස නුඹලා මූසා ව මරා දැමුවෙහු නම්, පෙර සිටි පිරිස් අතර වූ ඔවුන්ගේ දූතවරුන්ට එරෙහිව ඒකරාශී වූ කණ්ඩායම් වලට අත් වූ දඬුවම නුඹලාට ද අත්වනු ඇතැයි බිය වෙමි. අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය.' යැයි පැවසීය.
Mü'min 40:31
නූහ්ගේ ජනයා හා ආද්, සමූද් සමූහයන් මෙන්ම ඔවුනට පසු පැමිණි තම දූතවරුන් බොරු කොට ප්රතික්ෂේප කළවුන්ට අත් වූ ඉරණම මෙනි. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් සැබවින්ම අල්ලාහ් ඔවුන් විනාශ කළේය. අල්ලාහ් ගැත්තන්හට අපරාධයක් සිදු කරන්නට අපේක්ෂා නොකරයි. සැබවින්ම ඔහු ඔවුනට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් දඬුවම් දෙනුයේ පූර්ණ ප්රතිවිපාකයක් වශයෙනි.
Mü'min 40:32
මාගේ ජනයිනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය නුඹලාට එරෙහි ව පිහිටනු ඇතැයි ද මම බියවෙමි. එදින මෙම බිහිසුණු ස්ථානයේ ඥාතීත්වය හෝ පක්ෂපාතීත්වය හේතු කොටගෙන සැබවින්ම එම මාර්ගය ඔවුනට ප්රයෝනවත් වනු ඇතැයි සිතා ජනයා අතරින් ඇතමෙකු ඇතෙමකු අමතයි.
Mü'min 40:33
නිරා ගින්නට බිය වී නුඹලා පලා යන දින අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ව වළක්වාලන කිසිවකු නුඹලාට නැත. අල්ලාහ් කවරෙකු අවමානයට පත් කර දේව විශ්වාසය වෙත ඔහුට ආශිර්වාද නොකරන්නේ ද ඔහුට මග පෙන්වන කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නැත. ඊට හේතුව සැබවින්ම යහ මග ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ සුරතෙහි පමණක් ඇති බැවිණි.
Mü'min 40:34
මූසාට පෙර අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් පැහැදිලි සාධක සමග යූසුෆ් නුඹලා වෙත පැමිණියේය. ඔහු නුඹලා වෙත කවර කරුණක් ගෙන ආවේ ද ඔහු මරණයට පත් වන තුරුම නුඹලා එය බොරු කරමින් හා සැක කරමින් සිටියෙහුය. සැකය හා කුතුහලය නුඹලා වර්ධනය කර ගත්තෙහුය. තවදුරටත්: ‘මොහුගෙන් පසු කිසිදු දූතයකු අල්ලාහ් එවන්නේ නැතැ'යි නුඹලා පැවසුවෙහුය. මෙම සත්යයෙන් නුඹලා මුළාවූවාක් සේම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන ඔහුගේ ඒකීයත්වය පිළිබඳ සැකයෙන් පසුවන සෑම කෙනෙකුවම අල්ලාහ් නොමග යන්නට ඉඩ හරින්නේය.
Mü'min 40:35
ඔවුන් වෙත පැමිණි කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ප්රභ කිරීම සඳහා ඒවා සම්බන්ධයෙන් තර්ක කරන්නන් වනාහි, අල්ලාහ් අබියසත් ඔහු හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන් අබියසත් ඔවුන්ගේ තර්කය බරපතල වරදක් විය. අපගේ වදන් අවලංගු කිරීම සඳහා තර්ක කළ මොවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවාක් සේ ම සත්යය පිළිගැනීමට උඩඟු වූ අහංකාර වූ සෑම කෙනෙකුගේ ම හදවත් මත අල්ලාහ් මුද්රා තබනු ඇත. එවිට නිවැරදි දේ වෙත මග පෙන්වනු නොලබන අතර ම යහපත වෙත මග පෙන්වනු නොලැබේ.
Mü'min 40:36
ෆිර්අවුන් තම ඇමති හාමාන්ට මෙසේ පැවසීය. ‘අහෝ හාමාන්! (අහස්) මාර්ග වෙත ළඟා වීම සඳහා නුඹ මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් තනනු.’
Mü'min 40:37
එනම් අහස් වෙත ළඟා විය හැකි එහි මාර්ග වෙත සේන්දු වී, සැබවින්ම තමන් නැමදුමට සුදුස්සා යැයි මූසා පවසන නැමදුමට ලක්වන්නා දෙස බලන්නට හැකි වන සේ ඉදි කරනු. සැබවින්ම මූසා තර්ක කරන දෑ හි ඔහු මුසාවාදියෙකු බව මම සිතමි. ෆිර්අවුන් හාමාන්ගෙන් ඉල්ලා සිටි දෑ ඉල්ලන අවස්ථාවේ ඔහුගේ නපුරු ක්රියාව ඔහුට අලංකාරවත් කරන ලද්දේ ද සත්ය මාර්ගයෙන් පෙරළී අසත්ය මාර්ගය වෙත යොමු කරනු ලද්දේ ද මෙසේය. - ෆිර්අවුන් සිටි ව්යාජ භාවය ප්රසිද්ධ කිරීමටත් මූසා ගෙන ආ සත්යය නිෂ්පල කිරීමටත්- ෆිර්අවුන් දියත් කළ ඔහුගේ කුමන්ත්රණය විනාශය තුළ මිස නොවීය. ඊට හේතුව සැබවින් ඔහුගේ බලාපොරොත්තු සුන් වූ සිතුවිලි ඔහුගේ අසාර්ථක වෑයම හා කිසිවිටෙක නැති වී නොයන අභාග්යවන්තකම විය.
Mü'min 40:38
ෆිර්අවුන්ග් පැළැන්තියෙන් දෙවියන් විශ්වාස කළ පුද්ගලයා තම සමූහයාට උපදෙස් දෙමින් සත්ය මාර්ගය වෙත ඔවුනට මග පෙන්වමින්, ‘අහෝ මාගේ ජනයිනි! නුඹලා මා අනුගමනය කරනු නිවැරදි මාර්ගය හා සත්යය මාර්ගය වෙත මම නුඹලාට මග පෙන්වමි.’ යැයි පැවසීය.
Mü'min 40:39
අහෝ මාගේ ජනයිනි! සැබවින්ම මෙලොව ජීවිතය අවසන් වී යන අල්ප සතුටු විඳින ස්ථානයක් පමණි. එහි ඇති පහත් දෑ නුඹලා ව රවටා නොදැමිය යුතුයි. සැබවින්ම මතුලොව, එහි ඇති සැප පහසුකම් ගැන සැළකීමේදී එය කිසිදා අවසන් නොවන සදාතනික හා ස්ථාවර ස්ථානයකි. එහෙයින් නුඹලා ඒ සඳහා අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. නුඹලාගේ මෙලොව ජීවිතය කාර්යය බහුල කර ගනිමින් මතු ලොව ජීවිතය වෙනුවෙන් සිදු කළ යුතු ක්රියාකාරකම් වලින් වෙනතකට යොමු වීම ගැන ප්රවේශම් වනු.
Mü'min 40:40
කවරෙකු යම් නපුරු ක්රියාවක් සිදු කළේද ඔහු සිදු කළ එවන් දැයකට මිස ඔවුනට දඬුවම් කරනු නොලැබේ. එහි දඬුවම වැඩි කරනු ලබන්නේද නැත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා යම් දැහැමි ක්රියාවක් සිදු කළේ ද ඔහු පිරිමියෙකු හෝ වේවා කාන්තාවක හෝ වේවා අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළ අයෙකි. මෙම ප්රශංසනීය ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයට පිවිසෙති. අල්ලාහ් ඔවුනට එහි ප්රතිඥා දුන්, කිසිදා නොනවතින සදා සැප පහසුකම් හා පලතුරු කිසිදු ගණනයකින් තොර ව ඔහු ඔවුනට පෝෂණය කරයි.
Mü'min 40:41
අහෝ ජනයිනි! මෙලොව ජීවිතයේ අලාභහානියෙන් මුදවා අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ලැබෙන ජයග්රහණය වෙත මම නුඹලා ඇරයුම් කිරීමට මට ඇත්තේ කුමන අවශ්යතාවක් ද? අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා ඔහුට පිටුපෑමෙන් නුඹල මා නිරයට ප්රවේශ වීම සඳහා කරන්නෙහුය.
Mü'min 40:42
අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහු සමග නැමදුම් කිරීමට සුදුසු නැති, ඒ ගැන කිසිදු දැනුමක් නැති දෑ, ඔහු සමග සම්බන්ධ කොට මා නමදිනු ඇතැයි බලාපොරොත්තුවෙන් නුඹලා මා ව්යාජ දෑ වෙත ඇරයුම් කරන්නෙහුය. නමුත් මා ඇරයුම් කරනුයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම සඳහාය. ඔහු අතික්ෂමාශීලීය. තම ගැත්තන්හට මහත් සේ සමාව දානය කරන්නාය.
Mü'min 40:43
සැබවින්ම විශ්වාස කරන මෙන් ද, අවනත වන මෙන් ද, නුඹලා කවර දෙයක් වෙත මා ඇරයුම් කර සිටින්නේද සැබෑවටම මෙලොවෙහි හෝ මතු ලොවෙහි හෝ එසේ ඇරයුම් කරනු ලබන්නට ඔහු කිසිදු අයිතියක් නොමැත්තෙකි. ඔහුගෙන් ප්රාර්ථනා කරන්නන්හට පිළිතුරු නොදෙන්නෙකි. අප සියලු දෙනාගේම හැරී යන ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත පමණය. සැබවින්ම දේව ප්රතික්ෂේපයේ හා පාපයේ ඉක්මවා කටයුතු කරන්නන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසීමට අනිවාර්යය වූ නිරා වාසීහු වෙති.
Mü'min 40:44
නමුත් ඔවුහු ඔහුගේ උපදෙස ප්රතික්ෂේප කළෝය. එවිට ඔහු: ‘මා නුඹලාට ඉදිරිපත් කළ උපදෙස නුඹලා මතු මෙනෙහි කරනු ඇත. එය පිළිනොගැනීම ගැන නුඹලා කණගාටු වනු ඇත. මාගේ සියලු කටයුතු මම අල්ලාහ් වෙත පමණක් යොමු කරමි. සැබවින්ම අල්ලාහ්ට ඔහුගේ ගැත්තන්ගේ කිසිදු ක්රියාවක් සැඟවෙන්නේ නැත.
Mü'min 40:45
ඔවුන් ඔහු ව මරා දමන්නට අදහස් කළ කල්හි ඔවුන්ගේ නපුරු කුමන්ත්රණ යෙන් අල්ලාහ් ඔහු ව ආරක්ෂා කළේය. ගිලීමේ දඬුවම ෆිර්අවුන්ගේ සේනාව ග්රහණය කළේය. ඔහු හා ඔහුගේ සේනාවේ සියලු දනන් මෙලොවෙහිම අල්ලාහ් ජලයේ ගිල්වීය.
Mü'min 40:46
ඔවුන්ගේ මරණයෙන් පසු ව මිනීවළවල් තුළ දහවල ආරම්භයේ හා එහි අවසානයේ ඔවුන්ගේ නිරය හමුවට ඉදිරිපත් කරනු ලබති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට: ‘ෆිර්අවුන් අනුගමනය කළවුන් වන නුඹලා අති බිහිසුණු මෙන්ම ඉතා දැඩි දඬුවම තුළට පිවිසෙනු. එය ඔවුන් දේව ප්රතික්ෂේපය බොරු කිරීම හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින් සිටි හේතුවෙනි.
Mü'min 40:47
නිරා වාසීන් අතරින් අනුගාමිකයෝ සහ අනුගමනය කරනු ලැබූවෝ එකිනෙකා වාද කරන මොහොත, අහෝ දූතය! මෙනෙහි කර බලනු. දුර්වල අනුගාමිකයින් අනුගමනය කරනු ලැබූ අහංකාරයින් දෙස බලා, "සැබවින්ම අපි මෙලොවෙහි මුළාවෙහි සිට නුඹලා ව අනුගමනය කළෙමු. අල්ලාහ්ගේ දඬුවමින් කොටසක් නුඹලා උසුලමින් එයින් අප ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෙහු ද?" යැයි විමසනු ඇත.
Mü'min 40:48
අනුගමනය කරනු ලැබූ අහංකාරයින්, ‘සැබවින්ම අපි-අනුගමනය කරන්නන් හා අනුගමනය කරනු ලැබූවන්- නිරා ගින්නෙහි එක සමානයන් වන්නෙමු. අප අතරින් කිසිවෙකු වෙනත් කෙනෙකුගේ දඬුවම උසුලන්නේ නැත. සැබවින්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇත. සෑම කෙනෙකුටම සුදුසු දඬුවම ඔහු පිරිනමා ඇත. යැයි උඩඟු වූවෝ පවසති.
Mü'min 40:49
අනුගාමිකයින් හා අනුගමනය කරනු ලැබූවන් අතරින් නිරා ගින්නේ දඬුවම් ලබමින් සිටින්නෝ නිරා ගින්නෙන් බැහැර වී නැවත මෙලොව ජීවිතය වෙත ගොස් පාප ක්ෂමාව අයැදීමට අසමත් වූ කල්හි, බලාපොරොත්තු සුන් කර ගනිමින් ඔවුහු නිරයට භාරකාර මලක්වරු දෙස බලා, ‘මෙම සදාකාලීන් දඬුවමින් එක් දවසක් හෝ අපගෙන් එය සැහැල්ලු කරන මෙන් නුඹලාගේ පරමාධිපතිට නුඹලා කන්නලව් කරනු.’ යැයි පවසති.
Mü'min 40:50
නිරයේ භාරකරුවෝ දේව ප්රතික්ෂේපකයින්ට ප්රතිචාර දක්වමින්, ‘පැහැදිලි සාක්ෂි හා සාධක සමග නුඹලාගේ දූතවරුන් නුඹලා වෙත නොපැමිණියේද?’ යැයි විමසුවෝය. දේව ප්රතික්ෂේපකයෝ, ‘එසේය, ඔවුන් පැහැදිලි සංඥා හා සාධක සමග අප වෙත පැමිණියෝය.' යැයි පවසති. භාරකරුවෝ ඔවුනට උපාහාසත්මක ලෙසින්, ‘එසේ නම් නුඹලා ඇරයුම් කරනු. නමුත් අපි දේව ප්රතික්ෂේපකයින් වෙනුවෙන් මැදිහත් නොවන්නෙමු.' යැයි පැවසුවෝය. දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රාර්ථනාව නිෂ්ඵල අපතේ ගිය ප්රාර්ථානවක් මිස නොවීය. ඊට හේතු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගෙන් එය පිළිනොගන්නා බැවිණි.
Mü'min 40:51
සැබවින්ම අපි අපගේ දූතවරුන් හා අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට, ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන් තහවුරු කරමින් හා ඔවුන්ගේ සක්ෂි සාධක ඉස්මතු කරමින් මෙලොවෙහි අපි ඔවුනට ජය අත් කර දෙමු. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔවුන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් අපි ඔවුනට ජය අත් කර දෙන අතර නබිවරුන්, මලාඉකාවරුන් හා දේව විශ්වාසීන් කළ ප්රචාරයට හා එම සමූහයන් බොරු කිරීමට එරෙහි ව වාද කරන්නන්ට දඬුවම් දෙමින් ජය අත් කර දෙනු ඇත.
Mü'min 40:52
අපරාධකරුවන්ට දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔවුන්ගේ අපරාධ වලට නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් නොවන දිනයකි. එදින අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හැරීම ඔවුනට අත් වන්නේය. එමෙන්ම මතු ලොවෙහි ඔවුන් එකිනෙකා මුහුණ දෙන වේදනීය දඬුවම හේතුවෙන් එය ඔවුනට නපුරු වාසස්ථානයක් වනු ඇත.
Mü'min 40:53
බනූ ඉස්රාඊල්වරුන් සත්යය වෙත මග පෙන්විය හැකි පරිදි අපි මූසාට දැනුම පිරිනැමුවෙමු. එමෙන්ම ඉස්රාඊල් දරුවන්හට පරම්පරාවකින් පසු පරම්පරාවක් උරුම කර ගන්නා පරිදි තව්රාතය දිව්ය ලේඛනයක් බවට පත් කළෙමු.
Mü'min 40:54
සත්ය වෙත වූ මඟ පෙන්වීමක් හා මනා බුද්ධියක් ඇත්තවුනට මෙනෙහි කිරීමක් වශයෙනි.
Mü'min 40:55
අහෝ දූතය! නුඹේ ප්රජාව නුඹ ව බොරුකාරයෙකු ලෙස සැලකීම හා ඔවුන්ගේ හිංසනයන් කෙරෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. ජයග්රහණය හා ස්ථාවරත්වය පිළිබඳ අල්ලාහ් නුඹට දුන් ප්රතිඥාවෙහි කිසිදු සැකයක් නැත. නුඹේ පාපයන් සඳහා නුඹ පාප ක්ෂමාව ඇයදිනු. නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් දහවල් කාලයේ ආරම්භයේ හා එහි අවසානයේ සුවිශුද්ධ කරනු.
Mü'min 40:56
අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කිසිදු සාධකයක් හෝ සාක්ෂියක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙහෙසෙමින් වාද කරන්නන් වනාහි, ඒ සඳහා ඔවුනට උර දුන්නේ සත්යයට එරෙහි ව ඔවුන් තුළ තිබූ මහත් අහංකාරය මිස වෙනෙකක් නොවීය. එයින් ඔවුන් පතන උසස්භාවය වෙත කිසිවිටෙක ඔවුන් ළඟා වන්නේ ම නැත. අහෝ දූතය! ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ බලා සිටින්නාය. ඒවායින් ඔහුට කිසිවක් අතපසු වන්නේ නැත. ඒවා සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Mü'min 40:57
අහස් හා මහ පොළොව මැවීම ඒ දෙකෙහි වූ විශාලත්වය හා පුළුල්භාවය අනුව මිනිසා මැවීමට වඩා ඉතා බැරෑරුම් කාර්යයකි. ඒ දෙකෙහි විශාලත්වය සමග ඒ දෙක මැවූ මැවුම්කරුවා මියගියවුන් විනිශ්චයට භාජනය කොට ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන්ගේ මිනීවළවල් වලින් නැවත ජීවය දී අවදි කිරීමට බලය ඇත්තාය. නමුත් බහුතරයක් දෙනා ඒ ගැන වටහා නොගනිති. එමගින් පාඩම් නොලබති. එය එසේ පැහැදිලි ව තිබියදී නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුන් එය සාධක බවත් පත් කර නොගනිති.
Mü'min 40:58
පෙනීම ඇත්තා හා පෙනීම නොමැත්තා සමාන වන්නේ නැත. එමෙන්ම අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතවරුන් සත්යය ලෙස පිළිගෙන ඔවුන්ගේ ක්රියාවන් දැහැමි භාවයට පත් කරගත්තවුන් ද සමාන වන්නේ නැත. තම ක්රියාවන් කලහකාරී හා පාපකාරී හැඟීමෙන් යුක්ත ව එය නපුරු බවට පත් කොට ස්වල්පයක් පමණක් මෙනෙහි නොකරන්නන් ද සමාන වන්නේ නැත. නුඹලා ඔවුනට මෙනෙහි කළෙහි නම් එම කණ්ඩායම් දෙක අතර වෙනස නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා ද අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවන් කළවුන් අතරට පත් වනු පිණිස නුඹලා වෙහෙස දරනු ඇත.
Mü'min 40:59
විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා මළවුන් අවදි කරනු ලබන හෝරාව කිසිදු සැකයකින් තොර ව පැමිණෙන්නක්මය. එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය පැමිණීම ගැන විශ්වාස නොකරති. එබැවින් ඒ සඳහා සූදානම් නොවෙති.
Mü'min 40:60
අහෝ ජනියිනි! නුඹලාගේ පරමාධිපති මෙසේ පවසා සිටියි. ‘නුඹලා නැමදුමෙහි හා ආයාචනයෙහි මා පමණක් ඒකීයකරණය කරනු. නුඹලාගේ ප්රාර්ථනාවට මම පිළිතුරු දෙමි. නුඹලාගේ පාපකම් නොසලකා හැර නුඹලාට කරුණා කරමි. මා පමණක් නැමදීමට උඩඟු වූවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා පහත් නීචයින් ලෙස අපා ගින්නට මතු පිවිසෙනු ඇත.
Mü'min 40:61
නුඹලා වාසය කිරීම සඳහාත් විවේකය සඳහාත් රාත්රිය අඳුර ගෙන දෙන්නක් බවට පත් කළේ අල්ලාහ් වන ඔහුය. එමෙන්ම නුඹලා වැඩ කටයුතු කිරීම සඳහා ආලෝකය ගෙන දෙන්නක් බවට දහවල ද ඇති කළේය. අල්ලාහ්ගේ බාහිර මෙන්ම අභ්යන්තර ආශිර්වාදයන් ඔවුනට ආවරණය කර දුන් අවස්ථාවේ ඔහු මිනිසුන්ට අතිමහත් භාග්යවන්තයකු විය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා ඔහු ඔවුනට පිරිනැමූ ආශිර්වාදය සඳහා ඔහුට කෘතඥ නොවෙති.
Mü'min 40:62
තම ආශිර්වාද නුඹලාට පිරිනමා නුඹලා භාග්යමත් කළ අල්ලාහ් වන ඔහු සියලු දෑ හි මැවුම්කරුය. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නැත. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නොමැත. ඔහු නැමදීම අත්හැර දමා ඔහු විසින් හැර කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කළ නොහැකි වෙනත් දෑ නැමදීමට නුඹලා හැරෙනුයේ කෙසේද?
Mü'min 40:63
අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් හා ඔහුට පමණක් නැමදීමෙන් ඔවුන් වෙනතකට යොමු කළාක් මෙන්ම, සෑම යුගයකම සෑම ස්ථානයකම ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සාධක හෙළා දකින්නන් යොමු කරනු ලබනු ඇත. පසු ව සත්යය වෙත ඔහු මග නොලබනවාක් මෙන්ම නිවැරදි මාර්ගය වෙත ආශිර්වාද කරනු ලබන්නේ ද නැත.
Mü'min 40:64
අහෝ ජනයිනි! නුඹලා මහ පොළොව මත වාසය කිරීම සඳහා සූදානම් කරනු ලැබූ ද්වීපයක් බවට එය නුඹලාට පත් කළේ අල්ලාහ්ය. එමෙන්ම නුඹලාට ඉහළින් පවතින අහස නොවැටෙන සේ ගොඩනැගිල්ලක් සේ නිර්මාණය කළේ ද ඔහුය. එමෙන්ම ඔහු නුඹලාගේ මව්වරුන්ගේ ගර්භාෂයන්හි නුඹලාට රුව ලබා දී නුඹලාගේ එම රුව ඔහු අලංකාරවත් කළේය. අනුමත හා පිවිතුරු ආහාර නුඹලාට පෝෂණය කළේය. මේ සියලු ආශිර්වාදයන් නුඹලාට පිරිනැමුවේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. සියලු මැවීම්හි හිමිපාණන් වන අල්ලාහ් උත්කෘෂ්ට විය. සුවිශුද්ධයාණන් වන ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත.
Mü'min 40:65
ඔහු මිය නොයන අමරණීයය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කෙනෙකු නැත. එහෙයින් නුඹලා කන්නලව් කරමින් නැමදුම් කරමින් ඔහුගේ තෘප්තිය පමණක් අපේක්ෂාවෙන් ඔහුගෙන් පතනු. ඔහු සමග ඔහුගේ වෙනත් මැවීම් හවුල්කොට ඔහුට ආදේශ නොකරනු. සියලු මැවීම්හි පරමාධිපතියාණන්ටමය සියලු ප්රශංසා.
Mü'min 40:66
මෙම පිළිම ව්යාජ බව පෙන්වමින් පැහැදිලි සාක්ෂි හා සාධක මා වෙත පැමිණි අවස්ථාවේ අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි එවන් පිළිම මා වන්දනා කිරීම අල්ලාහ් මට තහනම් කර ඇත්තේය. තවද නැමදුම් කිරීමෙන් ඔහුට පමණක් අවනත වන මෙන් ද අල්ලාහ් මට නියෝග කර ඇත්තේය. ඔහු සියලු මැවීම්හි පරමාධිපතිය. ඔහු හැර ඒවාට වෙනත් පරමාධිපතියෙකු නැත.
Mü'min 40:67
නුඹලාගේ ආදි පියා ආදම් පසින් මැව්වේ ඔහුය. ඔහුගෙන් පසු ව නුඹලා ශුක්රාණුවෙන් ද ඉන් පසු ලේ කැටියෙන් ද නුඹලා ව නිර්මාණය කොට ඉන් පසු නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කුඩා බිළිඳන් සේ ඔහු බැහැර කළේය. පසු ව නුඹලා වැඩුණු ශරීරයෙන් යුත් වයසට ළඟා වී පසු ව වයෝවෘද්ධ භාවයට පත්වන තෙක් නුඹලා වැඩෙන්නෙහුය. නුඹලා අතර ඊට පෙර මිය යන්නන් ද වෙති. අල්ලාහ්ගේ දැනුමෙහි නියම කරන ලද කාලයක් දක්වා නුඹලා ළඟා වන්නෙහුය. ඉන් කිසිවක් නුඹලා අඩු නොකරනු ඇත. එමෙන්ම වැඩි නොකරනු ද ඇත. එය ඔහුගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක තුළින් නුඹලා ප්රයෝජනය ලැබිය හැකි වනු පිණිසය.
Mü'min 40:68
ඒකීය ඔහු සුවිශුද්ධය. ජීවය ලබා දීම ඔහු සතු වූවකි. එමෙන්ම මරණයට පත් කිරීම ද ඔහු සතු වූවකි. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු (කුන්) වනු යැයි පවසන විගස එය සිදු වන්නේය.
Mü'min 40:69
අහෝ දූතය! අල්ලාහ්ගේ වදන් පැහැදිලි ව තිබියදී ඒවා බොරු කරමින් ඒ ගැන වාද කරන්නන් දෙස නුඹ නොබැලුවෙහිද? ඔවුන්ගේ තත්ත්වය පුදුම සහගතය. සත්යය පැහැදිලි ව තිබිය දී ඔවුහු එය පිටු දකිති.
Mü'min 40:70
ඔවුන් වනාහි අල් කුර්ආනය හා අපගේ ධර්ම දූතවරුන් ගෙන ආ සත්යය බොරු කළෝය. එසේ බොරු කළවුන් ඔවුන්ගේ බොරුවෙහි අවසානය ගැන මතු දැන ගනු ඇත. නපුරු අවසානය ද දැක ගනු ඇත.
Mü'min 40:71
ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා ඔවුන්ගේ පාද වල මාංචු යෙදෙන විට එහි අවසානය කෙසේ දැයි ඔවුහු දැන ගනු ඇත. දඬුවමේ භාරකරුවෝ ඔවුන් ඇද ගෙන යති.
Mü'min 40:72
උපරිමයෙන්ම නටන උණුසුම් ජලයෙහි ඔවුන් රදවා තබනු ලබති. පසු ව අපා ගින්නෙහි දවනු ලබති.
Mü'min 40:73
‘නුඹලා නැමදුමෙහි දෙවියන්ට ආදේශ තබමින් දෙවිවරුන් යැයි විශ්වාස කරමින් සිටි දෙවිවරුන් කොහේදැ?' යි ඔවුනට පිළිකුලෙන් හා උපහාසයෙන් පවසනු ලැබේ.
Mü'min 40:74
අල්ලාහ්ගෙන් තොර, නුඹලාගේ පිළිම කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කරන්නේ නැත. දේව ප්රතික්ෂේපකයෝ මෙසේ පවසති. ‘අපගෙන් ඒවා සැඟ වී පසු වූවෝය. එහෙයින් අපි ඔවුන් දකින්නන් ලෙස නොසිටියෙමු. නමුත් නැමදුමට සුදුසු කිසිවක් මෙලොවෙහි අපි නමදිමින් නොසිටියෙමු.’ මොවුන් නොමග හැරියාක් මෙන් ම අල්ලාහ් දේව ප්රතික්ෂේපකයින් සෑම තැනක ම සෑම කාලයක ම සත්යයෙන් නොමග යන්නට හරිනු ඇත.
Mü'min 40:75
ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලාට බලපෑ එම දඬුවම නුඹලා කවර ආදේශයක් මත පසු වූයෙහු ද ඒ ගැන නුඹලා සතුටු වූ හේතුවෙන් හා එම සතුටෙහි නුඹලා ඉහ වහා ගිය හේතුවෙනි.'
Mü'min 40:76
නිරයේ නුඹලා සදාකල් වෙසෙන්නන් ලෙසින් එහි දොරටු වලින් පිවිසෙනු. සත්යය පිළිගැනීමට උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය.
Mü'min 40:77
අහෝ දූතය! නුඹේ ජනයා සිදු කරන හිංසාවන් හා බොරුකීරීම මත නුඹ ඉවසනු. අල්ලාහ් නුඹට ජය ලබා දෙන බවට දුන් ඔහුගේ පොරොන්දුව සැබෑවකි. එහි කිසිදු සැකයක් නැත. බද්ර් යුද දිනයේ සිදු කළාක් මෙන් අපි ඔවුනට දඬුවමක් ලෙස සලකන ඇතැම් දෑ නුඹගේ ජීවිත කාලය තුළම අපි නුඹට පෙන්වුයෙන්නෙමු. එසේ නැතහොත් ඊට පෙර නුඹව මරණයට පත් කරන්නෙමු. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අප වෙත පැමිණෙන්නෝය. එවිට ඔවුන්ගේ ක්රියාවන් සඳහා අපි ඔවුනට ප්රතිඵල පිරිනමමු. පසු ව සදාකල් වෙසෙන්නන් ලෙසින් අපි ඔවුන් නිරයට ප්රවේශ කරමු.
Mü'min 40:78
අහෝ දූතය! නුඹට පෙර විසූ සමූහයන් වෙත බොහෝ සෙයින් අපි ධර්ම දූතවරුන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. ඔවුනට හිංසා කළෝය. එවිට ඔවුන්ගේ බොරු කිරීම හා හිංසා කිරීම ඔවුහු ඉවසා දරා ගත්හ. එම ධර්ම දූතවරුන්ගෙන් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹට පවසා ඇත්තෙමු. තවත් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹලාට නොපැවසුවෙමු. ධර්ම දූතයකු තම සමූහයා වෙත ඔහුගේ පරමාධිපතිගෙන් වූ යම් වදනක් ගෙන ආවේ නම් එය සුවිශුද්ධයාණන්ගේ අභිමතය අනුව මිස සිදුවීම නිවැරැදි වන්නේ නැත. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් එවන් වදන් ගෙන එන මෙන් ඔවුන්ගේ ධර්ම දූතවරුන්හට යෝජනා කිරීම අපරාධයකි. ජයග්රහණය හෝ ධර්ම දූතවරුන් හා ඔවුන්ගේ සමූහයන් අතර තීන්දුව පැමිණි විට ඔවුන් අතර ඔහු සාධාරණනීය ලෙස තීන්දු කළේය. ඒ අනුව දේව ප්රතික්ෂේපකයින් විනාශයට ලක් වී දූතවරුන් මුදවා ගනු ලැබීය. දේව ප්රතික්ෂේපය සිදු කොට තම ආත්මාවන් විනාශ මුඛයට ගෙන ආ හේතුවෙන් - ගැත්තන් අතර තීන්දු ලබා දෙන අවස්ථාවේ- ව්යාජ ජනයා තමන්ටම පරාජය අත් පත් කර ගත්හ.
Mü'min 40:79
ඔටුවන්, ගවයින් හා එළුවන් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ් වන ඔහු ය. එය නුඹලා ඇතැමුන්ගේ පිටවල් මත නැග ගමන් කිරීම සඳහාත්, ඇතැමුන්ගේ මාංශ අනුභව කිරීම සඳහාත් ය.
Mü'min 40:80
මෙම මැවීම් තුළ නුඹලා සෑම කාලයකම අලුතින් යමක් ලබා ගත හැකි නොයෙකුත් ප්රයෝජන නුඹලාට ඇත. නුඹලාගේ සිත් තුළ නුඹලා ආශා කරන අවශ්යතා ඒවා අතරින් නුඹලාට ඉටු වේ. ඒවා අතරින් වඩාත් කැපී පෙනෙනුයේ, මහ මුහුදේ හා සාගරයේ එහෙ මෙහෙ ගමන් කිරීමයි.
Mü'min 40:81
අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සංඥා හා සාධක ඔහු නුඹලාට පෙන්වයි. එවිට සැබවින්ම එය ඔහුගේ සංඥාවක් බව නුඹලාට පිළිගන්නට සැලැස්වීමෙන් පසු නුඹලා පිළි නොගනුයේ කවර සංඥාවන් ද?
Mü'min 40:82
බොරුකරමින් සිටින මොවුහු මහ පොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටි බොරුකාර සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කොට ඒ ගැන පාඩම් ලැබිය යුතු නොවේ ද? එම සමූහයන් ඔවුනට වඩා ධනයෙන් ඉතා අධික, බලයෙන් ඉතා ශක්තිමත්, මහ පොළොවේ වඩාත් බලපෑම් ඇති කළ හැකි බලවත් උදවිය වූහ. අල්ලාහ්ගේ විනාශකාරී දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් උපයා ගත් එම බලය ඔවුනට ඵලක් නොවීය.
Mü'min 40:83
ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණි කල්හි ඔවුහු ඒවා බොරු කළෝය. ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත ගෙන ආ එම කරුණු වෙනුවට ඔවුන් සතු ව තිබූ වැඩකට නැති දැනුම පිළිපදිමින් ඒ ගැන තෘප්තිමත් වූහ. ඔවුන්ගේ දූතවරුන් කවර දඬුවමක් ගැන ඔවුනට අවවාද කරමින් සිටියේ ද ඒ ගැන ඔවුන් හෑල්ලුවට ලක් කරමින් සිටි දඬුවම ඔවුනට පහළ විය.
Mü'min 40:84
අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි, පිළිගැනීම ඔවුනට ප්රයෝනජවත් නොවන අවස්ථාවේ එය පිළිගනිමින්, “අපි අල්ලාහ් ව පමණක් විශ්වාස කළෙමු. ඔහු හැර අපි නමදිමින් සිටි හවුල් කරුවන් හා පිළිම ප්රතික්ෂේප කළෙමු.” යැයි පවසා සිටියහ.
Mü'min 40:85
අපගේ දඬුවම ඔවුනට පහළ වීම ඔවුන් දෑසින් දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවීය. දඬුවම දෑසින් දකින කළ ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවන බවට වූ අල්ලාහ්ගේ න්යායය තීන්දු කරනු ලැබූවකි. දේව ප්රතික්ෂේපකයින් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් විනාශය ගෙන දෙන සාධක ගෙන අවුත් දඬුවම දෑසින් දැකීමට පෙර ඒවා ගැන පාප ක්ෂමාව නොඇයද සිටි විටෙක ඔවුනට දඬුවම පහළ වීමෙන් ඔවුහු පරාජයට පත් වූහ.
Fussılet 41:1
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Fussılet 41:2
මෙම අල් කුර්ආනය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගෙන් පහළ කිරීමකි.
Fussılet 41:3
එහි වදන් මුළුමනින්ම පූර්ණ අයුරින් පැහැදිලි කරනු ලැබූ ග්රන්ථයකි. වටහා ගන්නා ජනයාට අරාබි බසින් වූ කියවීමක් බවට පත් කරන ලදී. ඊට හේතුව එහි අර්ථ හා එහි පවතින සත්යය වෙත වූ යහ මග තුළින් ඔවුන් ප්රයෝජන ලබන්නටය.
Fussılet 41:4
දේව විශ්වාසීන්හට අල්ලාහ් සූදානම් කර ඇති අති විශාල ප්රතිඵල ගැන සුබාරංචි දන්වන්නක් ලෙස ද" දේව ප්රතික්ෂේපකයින්ට අල්ලාහ්ගේ වේදනීය දඬුවම ගැන අවවාද කරන්නක් ලෙස ද මෙය පත් කරන ලදී. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා එය පිටු දැක්කෝය. ඔවුහු එහි පවසන යහමගට පිළිගත හැකි සවන් දීමකින් සවන් නොදෙති.
Fussılet 41:5
ඔවුහු, ‘අපගේ හදවත් නොසැලකිලිමත් කමින් ආවරණය වී ඇත. එහෙයින් නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නේ ද එය වැටහෙන්නේ නැත. අපගේ කන් තුළ බිහිරි බවක් ඇත. එහෙයින් එය කන් වැකෙන්නේ නැත. අප අතර හා නුඹ අතර තිරයක් පවතී. එහෙයින් නුඹ පවසන දෑ කිසිවක් අප වෙත සේන්දු වන්නේ නැත. එහෙයින් නුඹ නුඹේ මාර්ගය අනුව කටයුතු කරනු. සැබවින්ම අපි අපගේ මාර්ගය අනුව කටයුතු කරන්නෙමු. අපි නුඹ කිසිවිටෙක අනුගමනය නොකරන්නෙමු.’ යැයි පැවසූහ.
Fussılet 41:6
අහෝ දූතයිනි! මෙම මුරණ්ඩුකාරයින්හට නුඹ මෙසේ පවසනු. ‘සැබවින්ම මම නුඹලා මෙන් මිනිසෙකි. සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු නුඹලාගේ දෙවියා ඒකීය අල්ලාහ් යැයි අල්ලාහ් මට දිව්ය පණිවිඩ එවා ඇත. එහෙයින් ඔහු වෙත සේන්දු කරවන මාර්ගයේ නුඹලා ද ගමන් කරනු. නුඹලාගේ පාපකම් සඳහා ඔහුගෙන් සමාව ඇයදිනු.' අල්ලාහ් නොවන දෑ ට නමස්කාර කරන, ඔහු සමග යමක් ආදේශ කරන දේව ආදේශකයින්හට විනාශය හා දඬුවම සතුය.
Fussılet 41:7
ඔවුන්ගේ ධනය මත ඔවුහු සකාත් නොදෙති. ඔවුහු මතු ලොව - එහි ඇති සදාතනික සැප සම්පත් හා වේදනීය දඬුවම- පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති.
Fussılet 41:8
නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කොට, යහකම් සිදු කළවුන් වනාහි, ඔවුනට නිම් නොවන කුසල් ඇත. එය ස්වර්ගයයි.
Fussılet 41:9
අහෝ දූතය! දේව ආදේශකයින් හෙළා දකිමින්, "ඉරිදා සහ සඳුදා යන දෙදින තුළ මහ පොළොව මැවූ අල්ලාහ් ව නුඹලා ප්රතික්ෂේප කරනුයේ කුමක් නිසාද? ඔහු හැර නුඹලා නමදින දාර්ශනිකයින් නුඹලා ඔහුට ආදේශ වශයෙන් පත් කරනුයේ ඇයි? ඔහු ඒ සියලු මැවීම් හි පරමාධිපති වෙයි." යැයි පවසනු.
Fussılet 41:10
ඊට ඉහළින් එය චලනය නොවන පරිදි ස්ථාවර ලෙස ස්ථාපිත කරන ලද කඳු එහි ඇති කළේය. එහි සමෘධිය ඇති කළේය. එහි වෙසෙන්නන්හට සදා යහපත එහි ඔහු ඇති කළේය. අඟහරුවාදා, බදාදා යන පෙර සඳහන් දින දෙකට පසු තිබෙන දින හතරෙහි මිනිසුන් හා සතුන්ට අවශ්ය කරන පෝෂණ සම්පත් සමසේ එහි නිර්ණය කළේය. අසන්නන්ට (පිළිතුරු) සම්පූර්ණ විය.
Fussılet 41:11
පසු ව සුවිශුද්ධයාණන් අහස මැවීමට අරමුණු කර ගත්තේය. එවිට එය දුමාරයක් සේ පැවතිණි. පසු ව එයට හා මහ පොළොවට, ‘නුඹලා දෙදෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මාගේ නියෝගයට යටත් වනු. එයින් තොර නුඹලාට වෙනත් මගක් නැත’ යැයි පැවසීය. ඔවුන් දෙදෙනා, ‘අනුගමනය කරන්නන් ලෙස අපි පැමිණියෙමු. අපගේ පරමාධිපතියාණනි! ඔබේ පැතුමෙන් තොර අපට වෙනත් කිසිදු පැතුමක් නැත’ යැයි පැවසුවෝය.
Fussılet 41:12
බ්රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ අල්ලාහ් අහස මවා සම්පූර්ණ කළේය. ඒ අනුව දින හයක් තුළ අහස් සහ මහ පොළොව මැවීම සම්පූර්ණ විය. සෑම අහසක් තුළම ඒවාට අදාළ වන නිර්ණායක නියම කළේය. එමෙන්ම ඒවා යටත් වීමට හා නැමදුම් කිරීමට නියෝග කළ දෑ ද නියම කළේය. තවද අපි පහළ අහස තරු මගින් අලංකාරවත් කළෙමු. එමගින් අපි ෂෙයිතානුන් රහසේ කරුණු සවන් දීමෙන් අහස ආරක්ෂා කළෙමු. සඳහන් කරනු ලැබූ ඒ සියල්ල කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී තම මැවීම් පිළිබඳ සර්වඥ අල්ලාහ්ගේ තක්සේරුව වන්නේය.
Fussılet 41:13
අහෝ දූතය! නුඹ කවර කරුණක් ගෙන ආවේ ද, එය විශ්වාස කිරීමට මොවුන් පිටුපෑවේ නම්, නුඹ ඔවුනට මෙසේ කියනු. ‘හූද්ගේ සමූහයා වූ ආද් ප්රජාව හා සාලිහ්ගේ සමූහයා වූ සමූද් ප්රජාව බොරු කර සිටි හේතුවෙන් ඔවුනට අත් වූ දඬුවම මෙන් යම් දඬුවමක් නුඹලාට ද අත්වීම ගැන මම නුඹලාට අවවාද කරමි.’
Fussılet 41:14
ඔවුන්ගේ දූතවරු එකිනෙකාට පර ව එකම මග පෙන්වීමක් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, ‘අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොනමදින’ මෙන් ඔවුහු ඔවුනට නියෝග කර සිටියේය. ඔවුන් අතර සිටි දේව ප්රතික්ෂේපකයෝ, ‘අප වෙත දූතයකු ලෙස මලක්වරුන් පහළ කිරීමට අපගේ පරමාධිපති අභිමත කළේ නම් ඔහු ඔවුන් පහළ කරන්නට තිබුණි. නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද සැබවින්ම අපි එය ප්රතික්ෂේප කරන්නන් වෙමු. හේතුව, සැබවින්ම නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත.'යැයි පැවසුහ.
Fussılet 41:15
හූද්ගේ ජනයා වන ආද් වනාහි, අල්ලාහ් ප්රතික්ෂේප කිරීමත් සමගම කිසිදු යුක්තියකින් තොර ව මහ පොළොවේ උඩඟුකම් පෑවෝය. ඔවුන් අවට සිටින්නන්හට අපරාධ කළෝය. ඔවුන්ගේ බලය මත මුළා වෙමින් ඔවුහු: ‘අපට වඩා බලවතුන් කවුරුන්දැ?යි විමසුවෝය. ඔවුන්ගේ විශ්වාසය වූයේ ඔවුනට වඩා බලවතුන් කිසිවකු නොමැති බවය. අල්ලාහ් ඔවුනට ප්රතිචාර වශයෙන්: ‘සැබවින්ම ඔවුන් මවා ඔවුන් සීමාව ඉක්ම වූ බලය ඔවුන් තුළ ඇති කළ අල්ලාහ් ඔවුනට වඩා බලවත් බව ඔවුහු නොදුටුවෝ ද? ඒ ගැන ඔවුහු වටහා නොගත්තෝ ද? තවද හූද් (අලයිහිස් සලාම්) තුමා ගෙන ආ අල්ලාහ්ගේ සංඥාවන් ඔවුහු ප්රතික්ෂේප කරමින් සිටියෝය.
Fussılet 41:16
දඬුවම හේතුවෙන් ඔවුනට අසුබ වූ දිනවල අමිහිරි හඬක් සහිත සුළඟක් අපි ඔවුන් වෙත යැව්වෙමු. එය මෙලොව ජීවිතයේ ඔවුන් අවමානයට හා හෑල්ලුවට ලක් කරන දඬුවම ඔවුන් භුක්ති විඳිනු පිණිසය. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින මතු ලොව දඬුවම ඔවුනට මහත් නින්දාවක් ගෙන දෙනු ඇත. එම දඬුවමින් ඔවුන් මිදීම සඳහා ඔවුනට උපකාර කරන කිසිවකු ඔවුන් නොලබනු ඇත.
Fussılet 41:17
සාලිහ්ගේ ජනයා වූ සමූද් ජනයා වනාහි, සැබවින්ම අපි ඔවුනට සත්යය මග පැහැදිලි කරමින් යහ මග පෙන්වූයෙමු. නමුත් ඔවුන් සත්ය වෙත වූ මගට වඩා නොමගට මුල්තැන දුන්නෝය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් නින්දනීය අකුණු දඬුවම ඔවුන් විනාශ කර දැමීය.
Fussılet 41:18
අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුන් වනාහි අපි ඔවුන් මුදවා ගත්තෙමු. ඔවුහු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් වූහ. ඔවුන්ගේ ප්රජාවට අත් වූ දඬුවමින් අපි ඔවුන් මුදවා ගත්තෙමු.
Fussılet 41:19
අල්ලාහ් තම සතුරන් අපා ගින්න වෙත රැස් කරන දිනයේ ඔවුන්ගේ ආරම්භයා සිට ඔවුන්ගේ අවසානයා දක්වා අපා ගින්නේ භාරකරුවෝ පෙළ ගස්වා ඇද ගෙන යති. අපා ගින්නෙන් මිදී පලා යන්නට ඔවුහු ශක්තිය නොදරනු ඇත.
Fussılet 41:20
ඔවුන් රැදෙන්නට යන අපා ගින්න වෙත ඔවුන් පැමිණ, මෙලොවෙහි ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිකුල් කරන අවස්ථාවේ ඔවුන්ගේ සවන්, ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් මෙලොවෙහි සිදු කරමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔවුනට එරෙහි ව සාක්ෂි දරනු ඇත.
Fussılet 41:21
දේව ප්රතික්ෂේපකයෝ ඔවුන්ගේ හම් දෙස බලා, ‘මෙලොව අප සිදු කරමින් සිටි දෑ ට අපට එරෙහි ව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි දැ?’යි විමසා සිටිති. එය සතු පුද්ගලයාට පිළිතුරු දෙමින් හම, ‘සෑම දෙයක්ම කතා කෙරෙව්වා වූ අල්ලාහ් අප ව ද කතා කෙරෙව්වේය. මෙලොවෙහි නුඹලා සිටියදී නුඹලාව මුල් වරට මැව්වේ ඔහුය. මතු ලොවෙහි විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ද ඔහු වෙතමය.' යැයි පවසයි.
Fussılet 41:22
නුඹලා පාපකම් සිදු කරන අවස්ථාවේ නුඹලාගේ සවන් නුඹලාගේ දෘෂ්ටීන් හා නුඹලාගේ හම් නුඹලාට එරෙහි ව සාක්ෂි නොදරන තරමට කිසිවක් සඟවන්නන් ලෙස නුඹලා නැත. ඊට හේතු ව සැබවින්ම නුඹලා මරණින් පසු ව විනිශ්චය, දඬුවම හා කුසල් ගැන විශ්වාස නොකරන බැවිණි. නමුත් සැබවින් සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් නුඹලා සිදු කරන බොහෝ දෑ පිළිබඳ නොදන්නා බවත් ඒවා ඔහුට වසන් වී ඇති බවත් සිතා සිටියෙහුය. නුඹලා රැවටී ඇත්තාහුය.
Fussılet 41:23
නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා සිතූ ඒ නපුරු සිතුවිල්ල නුඹලා ව විනාශ කර දැමුවේය. ඒ හේතුවෙන් නුඹලා මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ද පරාජයට පත්වූවන් අතරට පත් වූහ.
Fussılet 41:24
ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුනට එරෙහි ව සාක්ෂි දැරීම සම්බන්ධයෙන් ඔවුන් ඉවසීමෙන් සිටිය ද නිරාගින්න ඔවුන්ගේ නවාතැන විය. ඔවුන් ලැඟුම් ගන්නා ස්ථානය එයයි. දඬුවම ඉවත් කරන මෙන් ද, අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් වන මෙන් ද ඔවුන් ඇයද සිටියත්, ඔහුගේ තෘප්තිය ලබන්නන් ලෙස ඔවුන් නැත. ඔවුහු කිසිවිටෙක ස්වර්ග උයනට පිවිසෙන්නන් නොවෙති.
Fussılet 41:25
මෙම දේව ප්රතික්ෂේපකයින්හට අපි ෂෙයිතානුන්ගෙන් වූ සහචරයින් අනිවාර්යය ලෙස පෙළ ගැස්වූයෙමු. මෙලොවෙහි ඔවුන්ගේ ක්රියාවන් ඔවුහු ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. මතු ලොව කටයුතු ඔවුන් ප්රමාද කිරීම ද ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. ඒ ගැන සිහිපත් කිරීම හෝ ඒ සඳහා කටයුතු කිරීම ඔවුහු ඔවුනට අමතක කර දැමුවෝය. ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ ඔවුනට ද දඬුවම අනිවාර්යය කළේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අපා ගින්නට පිවිසීමෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල විනාශ කර ගත් පරාජිතයෝ වූහ.
Fussılet 41:26
දේව ප්රතික්ෂේපකයින් තර්කයට තර්කය තුළින් මුහුණ දීමට අපොහොසත් වූ කල්හි, ඔවුහු ඔවුන් අතර එකිනෙකාට උපදෙස් දෙමින්, ‘මුහම්මද් නුඹලාට කියවා පෙන්වන මෙම කුර්ආනයට නුඹලා සවන් නොදෙනු. එහි ඇති දෑ ට අවනත නොවනු. ඔහු එය කියවන අවස්ථාවේ කෑ ගසනු නුඹලාගේ හඬවල් උස් කරනු. එවිට නුඹලා ජය ලබනු ඇත. ඔහු ඔහුගේ පාරායනය හා ඒ වෙත වූ ඇරයුම ඔහු අත හැර දමනු ඇත. එවිට ඔහුගෙන් සැනසුම අපට ලැබිය හැකි වන්නේය.' යැයි පැවසුහ.
Fussılet 41:27
අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරු කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමක් භුක්ති විඳින්නට සලස්වමු. ඔවුන් සිදු කරමින් ආ දේව ආදේශය හා පාපකම් වලට වඩා නපුරු විපාකයක් අපි ඔවුනට ප්රතිවිපාක වශයෙන් පිරිනමමු.
Fussılet 41:28
මෙහි සඳහන් කරන ලැබූ ප්රතිවිපාකය, අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළවුන් වන අල්ලාහ්ගේ සතුරන් සඳහා වූ විපාකයයි. එය නිරයයි. ඔවුනට එය සදාකාලික ව පිහිටයි. කිසිවිටෙක නැවතීමක් නැත. එය අල්ලාහ්ගේ සංඥාවන් හෙළා දැකීම හා ඒවා පැහැදිලි ව තිබියදී, ඒවා සඳහා වූ බලවත් තර්ක තිබියදී ඔවුන් ඒවා විශ්වාස නොකිරීම හේතුවෙන් පිරිනැමෙන ප්රතිඵලයක් වශයෙනි.
Fussılet 41:29
අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරුකළවුන්, ‘අපගේ පරමාධිපතියාණනි! අප නොමග යැවූ ජින්නුන් හා මිනිසුන් අපට පෙන්වනු මැනව. ඉබ්ලීස් දේව ප්රතික්ෂේපය හා ඔහු වෙත ඇරයුම් කිරීම සිරිතක් කර ගත් අයෙකි. ආදම්ගේ දරුවා ලේ හැළීම සිරිතක් කර ගත් අයෙකි. ඔවුන් දෙවර්ගයම අපගේ පාද යට නිරා ගින්න තුළ තබන්නෙමු. ඔවුන් දෙදෙනා නිරා වාසීන් අතරින් දැඩි සේ දඬුවමට ලක් වන පහත් අය අතරින් වනු පිණිසයැ.යි පවසති.
Fussılet 41:30
සැබැවින්ම ‘අපගේ පරමාධිපති අල්ලාහ්ය. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු අපට නැත.’ යැයි පවසා, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒ මත ස්ථාවරව සිටියවුන් වනාහි, මලක්වරුන් ඔවුන් වෙත පහළ වී ඔවුන් ඉදිරියේ පෙනී සිටින විට ඔවුනට, ‘නුඹලා මරණය ගැන හෝ ඉන් පසු ඇති දෑ ගැන බිය නොවනු. මෙලොවෙහි නුඹලා හැර දමා ආ දෑ ගැන ද දුක් නොවනු. මෙලොවෙහි නුඹලා අල්ලාහ්ව විශ්වාස කොට, නුඹලා කළ දැහැමි ක්රියාවන් සඳහා ප්රතිඥ දෙනු ලබමින් සිටි ස්වර්ගය ගැන සතුටු වනු.’ යැයි පවසා සිටිති.
Fussılet 41:31
"මෙලොව ජීවිතයේ නුඹලාගේ හිතමිතුරන් අපය. සැබැවින්ම අපි නුඹලාව ප්රවේසම් කරමින් හා ආරක්ෂා කරමින් සිටියෙමු. මතුලොවෙහි ද නුඹලාගේ හිතමිතුරන් අපමය. නුඹලාට හිමි අපගේ භාරකාරත්වය අඛණ්ඩව පවතින්නකි. නුඹලාගේ සිත් ආශා කරන ආශාවන් හා වින්දනයන් නුඹලාට ස්වර්ගයේ ඇත. නුඹලා ආශා කරන දැයින් නුඹලා පතන සියල්ල නුඹලාට එහි ඇත."
Fussılet 41:32
නුඹලාට ආගන්තුක සත්කාර වශයෙන් සූදානම් කරන ලද පරමාධිපතිගෙන් වූ සංග්රහයක් වශයෙනි. තම ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමු වන්නේ ද ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය.
Fussılet 41:33
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ ආගමික පිළිවෙත අනුව කටයුතු කිරීම සඳහා ඇරයුම් කරමින් ඔහුගේ පරමාධිපති තෘප්තියට පත්වන දැහැමි ක්රියාවන් ඉටු කරමින්, ‘සැබැවින්ම මම අල්ලාහ්ට අවනත වූ, ඔහුට යටත් වූ අය අතරින් කෙනෙක් වෙමි’ යැයි පවසා සිටින කෙනෙකුගේ ප්රකාශට වඩා වෙනත් අලංකාර ප්රකාශයක් නැත. කවරෙකු මේ සියල්ලම ඉටු කළේ ද ප්රකාශයෙන් ජනයා අතර වඩාත් දැහැමි වනුයේ ඔහුය.
Fussılet 41:34
දැහැමි ක්රියාවන් හා අල්ලාහ් තෘප්තියට පත්වන අවනතවීම්, නපුරු ක්රියාවන් හා ඔහු කෝපයට පත් කරවන පාපකම් සමාන වන්නේ නැත. ජනයා අතරින් නුඹට නපුරක් කරන්නන්ගේ නපුර, වඩාත් යහපත් කරුණකින් වළක්වාලනු. නුඹ අතර හා ඔහු අතර පෙර සතුරුකමක් වුව ද -ඔහුගේ නපුර ඔහු වෙත යහපතක් කිරීමෙන් නුඹ වළක්වන විට- සැබැවින්ම ඔහු සමීප මිතුරෙකු සේ වන්නේය.
Fussılet 41:35
දුෂ්කරතාවන් මත හා ජනයා විසින් ඔවුනට මුහුණ දෙන්නට සිදු වූ නපුරුකම් මත ඉවසීමෙන් කටයුතු කළවුනට හැර වෙනත් කිසිවකුට මෙම ප්රශංසනීය කරුණ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. එමෙන්ම අතිමහත් භාග්යයක් ඇත්තන්හට මිස ඒ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. ඊට හේතුව සැබැවින්ම එහි අධික යහපත හා පූර්ණ ප්රයෝජන ඇති බැවිණි.
Fussılet 41:36
කවර වේලාවක හෝ ෂෙයිතාන් කොඳුරා, නුඹට සැක මතු කරන්නේ නම්, එවිට නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඔහු වෙත යොමුවනු. සැබැවින්ම ඔහු නුඹ කවර කරුණක් පවසන්නේ ද එයට සවන්දෙන්නාය. එමෙන්ම නුඹේ තත්ත්වය ගැන මැනවින් දන්නාය.
Fussılet 41:37
රාත්රිය හා දහවල එකින් පසු එක මාරුවෙන් මාරුව පැමිණීම ද, හිරු හා සඳු ද අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් වේ. අහෝ ජනයිනි! නුඹ හිරුට නමස්කාර නොකරනු. සඳුටත් නමස්කාර නොකරනු නුඹලා සැබෑ ලෙස නමදින්නන් ලෙස සිටියෙහු නම් ඒවා මැවූ ඒකීය අල්ලාහ්ට පමණක් නමස්කාර කරනු.
Fussılet 41:38
නුඹලා උඩඟු වී, පිටුපා, මැවුම්කරු වන අල්ලාහ්ට නමස්කාර නොකළේ නම්, (දැනගනු) මලක්වරුන් හෙවත් සුර දූතයෝ අල්ලාහ් අබියස සිට ඔහු ව සුවි ශුද්ධ කරති. රාත්රියේ සහ දහවලෙහි ඔහුට ප්රශංසා කරති. ඔහුට නැමදීමෙන් ඔවුන් වෙහෙසයට පත් නොවෙති.
Fussılet 41:39
අල්ලාහ්ගේ බලය, ඔහුගේ ඒකීයත්වය, යළි අවදි කිරීමේ ඔහුගේ හැකියාව පෙන්වා දෙන තවත් සාධකයක් වනුයේ කිසිදු පැලෑටියක් නොමැති භූමියක් දෑසින් දකින්නාක් මෙනි. ඒ මත වර්ෂා ජලය පහළ වූ විට එතුළ සැඟවී තිබූ බීජ වර්ධනය වීම හේතුවෙන් පොළව පැළී; එය ඉහළට එනු ඇත. මිය ගිය මෙම භූමිය පැලෑටි මගින් ජීවමාන කළ ඔහු, මිය ගියවුන්ට යළි ජීවය දෙන්නාය. විනිශ්චය හා ප්රතිඵල සඳහා යළි අවදි කරන්නාය. සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි බලාධිකාරීය. මහපොළොව මිය යෑමෙන් පසුව එය යළි ජීවමාන කිරීමත්, මියගියවුනට යළි ජීවය දී ඔවුන්ගේ මිණීවලවල්වලින් ඔවුන් අවදි කිරීමත් ඔහුට නොහැකි කාර්යයක් නොවේ.
Fussılet 41:40
අල් කුර්ආනයේ පාඨ හෙළා දකිමින්, ඒවා බොරු කරමින් හා ඒවා විකෘති කරමින් එහි නිවැරදිතාවයෙන් හැරෙන්නන් වනාහි, සැබැවින්ම ඔවුන්ගේ එවැන් තත්ත්වයන් අප හට සැඟවී යන්නේ නැත. අපි ඔවුන්ව දකින්නෙමු. උතුම් වන්නේ නිරා ගින්නට හෙළනු ලබන්නන් ද, එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් ආරක්ෂිත ව පැමිණෙන්න ද? අහෝ ජනයිනි! නුඹලා අභිමත කරන පරිදි යහපත හෝ අයහපත සිදු කරනු. සැබැවින්ම යහපත හා අයහපත අපි නුඹලාට පැහැදිලි කර ඇත්තෙමු. සැබැවින්ම අල්ලාහ් ඒ දෙකින් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අධීක්ෂණය කරන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Fussılet 41:41
අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කරුණු අල් කුර්ආනයේ ඇතුළත් වන බැවින් අල් කුර්ආනය ප්රතික්ෂේප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම් කරනු ලබන්නන් වෙති. සැබැවින්ම එය බලවත්ය. දෝෂවලින් වළක්වනු ලැබූවක්ය. එය විකෘති කිරීමට කිසිදු විකෘති කරන්නෙකුට හැකියාවක් නැත. එමෙන්ම එය වෙනස් කිරීමට කිසිදු වෙනස් කරන්නෙකුට හැකියාවක් ද නැත.
Fussılet 41:42
යමක් අඩු කිරීමකින් හෝ එකතු කිරීමකින් හෝ වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් හෝ අල් කුර්ආනයට ඉදිරියේ හෝ එයට පසු පසින් හෝ ව්යාජ කරුණක් ඒ වෙත ගෙන ආ නොහැකිය. මැවීමෙහි ද සැලසුම් කිරීමෙහි ද ආගමානුගත කිරීමෙහි ද මහා ප්රඥාවන්තයාණන් හා සියලු අවස්ථාවන්හිම ප්රශංසාලාභී අල්ලාහ්ගෙන් පහළ වූවකි.
Fussılet 41:43
අහෝ දූතය! බොරු කරමින් නුඹහට පවසනු ලබන දෑ, නුඹට පෙර විසූ දූතවරුන්ටත් පවසන ලද දෑ මිස නොවේ. එහෙයින් ඉවසීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹේ පරමාධිපති ඔහු වෙත පාපක්ෂමාව ඇයැද, ඔහු වෙත යොමු වන ඔහුගේ ගැත්තන්හට අති ක්ෂමාශීලීය. පාපයේම හිඳ පාපක්ෂාම අයැද නොසිටි අයට වේදනීය දඬුවම් දෙන්නාය.
Fussılet 41:44
අල් කුර්ආනය අරාබි නොවන බසකින් අපි පහළ කළේ නම් ඔවුන් අතර සිටින දේව ප්රතික්ෂේපකයෝ, ‘මෙම පාඨ අපට වැටහෙන පරිදි පහැදිළි කළ යුතු නොවේ ද? අල් කුර්ආනය ගෙන ආ තැනැත්තා අරාබිවරයකු ලෙස සිටිය දී අල් කුර්ආනය අරාබි නොවන බසකින් වන්නේ ද?’ යැයි විමසා සිටිති. අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු. "අල් කුර්ආනය වනාහි,-අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයා සත්යය බව පිළිගත්තන්හට- නොමගින් යහමඟ පෙන්වන්නකි. හදවත් තුළ ඇති අඥාන කමට හා එය පසුපසින් හඹා එන දෑට සුවයකි. අල්ලාහ්ව විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුන්ගේ කන්වල බිහිරිභාවය ඇත. එය ඔවුනට අන්ධභාවයකි. එය වටහා නොගනිති. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලබන්නෝ දුරක සිට ඇරයුම් කරනු ලබන්නන් මෙනි. එවිට එම ඇරයුම කරන්නාගේ හඬට ඔවුන් සවන් දිය හැක්කේ කෙසේද?
Fussılet 41:45
සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. නමුත් එහි මතභේද හට ගැනිණ. ඔවුන් අතරින් එය විශ්වාස කරන්නන් සිටි අතර එය ප්රතික්ෂේප කරන්නන් ද සිටියහ. ඔවුන් කවර විෂයක මතභේද ඇති කර ගත්තේද, එම විෂයයෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් අතර වෙන් කරන බවට අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් නොවී නම් එසේ මතභේද ඇති කරගත්තන්හට තව්රාතයේම තීන්දුවක් ගෙන සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන් දැයි පැහැදිලි කරන්නට තිබුණි. එවිට සත්යවාදිය ගෞරවයට පත් කරනු ලැබ අසත්යවාදියා අපහාසයට ලක්වනු ඇත. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් අල් කුර්ආනය විෂයයෙහි දැඩි සැකයෙහි පසුවෙති.
Fussılet 41:46
කවරෙකු දැහැමි ක්රියාවක් සිදු කළේද, ඔහුගේ එම ක්රියාවෙහි ප්රයෝජනය ඔහු වෙතම හැරී එනු ඇත. කිසිවෙකුගේ දැහැමි ක්රියාව අල්ලාහ්ට සෙත සලසන්නේ නැත. එමෙන්ම කවරෙකු නපුරු ක්රියාවක් සිදු කළේ ද එහි විපාකය ඔහු වෙතම හැරී එනු ඇත. ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ පාපකම් අල්ලාහ්ට හානි ඇති කරන්නේ ද නැත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන පරිදි අල්ලාහ් ප්රතිඵල පිරිනමනු ඇත. අහෝ දූතය! නුඹේ පරමාධිපති ඔහුගේ ගැත්තන්හට අසාධාරණකම් සිදු කරන්නෙකු නොවේ. ඔහු කිසිවිටෙක ඔවුන්ගේ යහ ප්රතිඵල අඩු කරන්නේ නැත. එමෙන්ම පාපකම් කළ ඔවුනට වැඩියෙන් පරිනමන්නේ ද නැත.
Fussılet 41:47
අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් වෙත පමණක් ඇත්තකි. එය කවදා සිදුවන්නේ දැයි ඔහු පමණක් දනී. ඔහු හැර වෙනත් කිසිවෙකු එය නොදනී. පළතුරු ආරක්ෂා සහිත ව තැන්පත් කර ඇති කෝෂ තුළින් ඒවා හට ගැනීම ද, කාන්තාවන් උසුලන දෑ ප්රසූත කිරීම හෝ ප්රසූත නොකිරීමද අල්ලාහ්ගේ අනුදැනුමෙන් තොරව සිදුවන්නක් නොවේ. ඒ කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. පිළිමවලට වන්දනාමාන කරමින් සිටි දේව ආදේශකයින්ව අල්ලාහ් කැඳවන දින ඔවුන් ඔවුනට නැමදුම් කර සිටි හේතුවෙන් ඔවුන්ව අවඥාවට ලක් කරමින්, ‘සැබැවින්ම ඔවුන් හවුල්කරුවන් යැයි නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහෝදැ?’යි අල්ලාහ් විමසා සිටියි. දේව ආදේශකයින්, ‘ඔබ ඉදිරියේ අපි පිළිගන්නෙමු. සැබැවින්ම ඔබට හවුල් කරුවෙකු ඇති බවට සාක්ෂි දරණ කිසිවෙකු දැන් අප අතර නැත’ යැයි පවසා සිටිති.
Fussılet 41:48
ඔවුන් ඇරයුම් කර සිටි පිළිම ඔවුන්ගෙන් මුළා වී ගියේය. සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් පළා යන කිසිදු තැනක් හෝ කිසිවකු හෝ ඔවුනට නොමැති බව තරයේම විශ්වාස කළෝය.
Fussılet 41:49
සුවය, ධනය, දරුවන් හා වෙනත් ආශිර්වාද පැතීමෙහි මිනිසා ආයාසයට පත් වන්නේ නැත. නමුත් ඔහුට යම් දිළිඳුකමක් හෝ රෝගීභාවයක් හෝ වෙනත් යම් අභාග්යයක් අත් වූ විට ඔහු අධික ලෙස නිරායාසයට පත් වෙයි.
Fussılet 41:50
තවද ඔහුට අත් වූ රෝගයකට හෝ විපතකට පසුව අප වෙතින් ඔහුට යම් සුවයක් හෝ පොහොසත් කමක් විඳින්නට සැළැස්වූයේ නම් සැබැවින්ම ඔහු, ‘මෙය මා වෙනුවෙනි. සැබැවින්ම මා එය සතු සුදුස්සෙකි. අවසන් හෝරාව ඇති වන බව මම නොසිතමි. සැබැවින්ම අවසන් හෝරාව සිදුවන බවට නියම කරනු ලැබ තිබුණ ද අල්ලාහ් අභියස සැබැවින්ම මම පොහොසත් හා ධනවත් කෙනෙකි. මෙලොවෙහි අල්ලාහ් මාගේ සුදුසුකම වෙනුවෙන් මා වෙත ඔහු ආශිර්වාද කළාක් මෙන් ම මතුලොවෙහිද මා වෙත ඔහු එය ආශිර්වාද කරනු ඇත’ යැයි පවසා සිටියි. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දේව ආදේශය හා පාපකම් පිළිබඳ සැබැවින්ම අපි දන්වා සිටින්නෙමු. ඉතා දරුණු ලෙස මුහුණ දෙන්නට සිදුවන දඬවමිකින් අපි ඔවුන් විඳ වන්නට සළස්වමු.
Fussılet 41:51
ආරෝග්යතාව, සුවය හා වෙනත් සහන අපි මිනිසාට ආශිර්වාද කළ විට, අල්ලාහ්ව මෙනෙහි කිරීම හා ඔහුට අවනත වීම ගැන ඔවුහු නොසැලකිලිමත් වෙති. උඩඟු වී පැත්තකට හැරී යති. නමුත් ඔහුට රෝගයක්, දිළිඳුකමක් හා එවන් දුකක් ඇති වූ විට අල්ලාහ්ගෙන් අධික ලෙස ප්රාර්ථනා කරන්නෙකු වනු ඇත. ඔහුට අත් වූ දෑ ඔහුගෙන් ඉවත් කරන මෙන් ඔහු අල්ලාහ් වෙත පැමිණිලි කර සිටියි. නමුත් අල්ලාහ් ඔහුට ආශිර්වාද කළ විට කෘතවේදී වන්නේ නැත. අල්ලාහ් ඔහුව පරීක්ෂාවට ලක් කළ විට ඉවසා දරා ගත්තේ නැත.
Fussılet 41:52
අහෝ දූතය! මෙම බොරුකාර ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වී පසුව නුඹලා එය ප්රතික්ෂේප කොට එය බොරු කර සිටියේ නම් නුඹලාගේ තත්ත්වය කෙසේ වනු ඇත් ද? සත්යය හෙළි වී, ඒ ගැන බලවත් සාධක පැහැදිළි වූවාත් සමග එය පිළිගැනීමට මුරණ්ඩුකමෙන් සිටින්නාට වඩා නොමඟ ගියවුන් කවුරුන් වනු ඇත් ද?"
Fussılet 41:53
අපගේ වදන් ප්රතික්ෂේප කළ කුරෙයිෂ්වරුන්හට මහපොළොවේ ක්ෂිතිජයේ අල්ලාහ් මුස්ලිම්වරුන්ට ලබා දෙන්නට යන ජයග්රහණයන් මතු පෙන්වා දෙමු. එමෙන්ම මක්කා ජයග්රහණය තුළින් ඔවුන් තුළම අපි අපගේ ප්රාතිහාර්යයන් පෙන්වමු. සැබැවින්ම අල් කුර්ආනය කිසිදු සැකයක් නැති සත්යයක් බවට වූ සැකය ඔවුන්ගෙන් ඉවත් වී ඔවුනට පහැදිළි වන තෙක් අපි එසේ ප්රාතිහාර්යයන් පෙන්වමු. සැබැවින්ම අල් කුර්ආනය සත්යයක් බවට අල්ලාහ්ම සාක්ෂි දැරීම සැබැවින්ම එය සත්යයක් බවට මෙම ආදේශකයින්ට ප්රමාණවත් නොවූයේ ද? අල්ලාහ්ට වඩා අතිමහත් සාක්ෂිකරු වෙනත් කවරෙකු ද? ඔවුන් සත්යය අපේක්ෂා කර සිටියේ නම් ඔවුන්ගේ පරමාධිපතිගේ සාක්ෂිය ඔවුනට ප්රමාණවත් විය යුතුය.
Fussılet 41:54
සැබැවින්ම දේව ආදේශකයින්, යළි අවදි කරනු ලැබීම හෙළා දකින බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ ඔවුහු සැකයෙහි වෙති. එහෙයින් ඔවුහු මතුලොව විශ්වාස නොකරති. දැහැමි ක්රියාවන් තුළින් ඒ සඳහා සූදානම් නොවෙති. දැනගනු! සැබැවින්ම අල්ලාහ් දැනුමෙන් හා බලයෙන් සියලු දේ ආවරණය කරන්නාය.
Şûrâ 42:1
(හා,මීම්. අයින්,සීන්,කාෆ්) මෙම අකුරු මාළාවන්හි දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේම සඳහන් කරනු ලැබ ඇත.
Şûrâ 42:2
(හා,මීම්. අයින්,සීන්,කාෆ්) මෙම අකුරු මාළාවන්හි දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේම සඳහන් කරනු ලැබ ඇත.
Şûrâ 42:3
අහෝ මුහම්මද්! නුඹ වෙත එවන ලද මෙම දේව පණිවිඩය මෙන්ම නුඹට පෙර විසූ අල්ලාහ්ගේ නබිවරුන් හටත් එවනු ලැබීය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සතුරන්හට සමවිපාක ලබා දීමේ දී සර්වබලධාරීය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා මැවීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Şûrâ 42:4
මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ හා මහපොළෝවේ ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. ඔහුගේ ස්වභාවෙයන් ද, ඔහුගේ බලයෙන් ද, ඔහුගේ ආධිපත්යයෙන් ද ඔහු අති උත්තරීතරය. ඔහුගේ පැවැත්මෙන් අති මහත්ය.
Şûrâ 42:5
ශුද්ධවන්තයාණන්ගේ බලමහිමය හේතුවෙන්, අහස් ඒවා විශාලත්වයෙන් හා උසින් පිහිටා තිබීමත් සමග පොළෝවාසීන්ට ඉහළින් පැළෙන්නට බලති. මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිව පිවිතුරු කරති. යටත් වීමෙන් හා ගෞරව කිරීමෙන් ඔහුට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් දක්වති. මහපොළොවේ සිටින්නන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිති. දැනගනු! සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතරින්, සමාව ඇයැද ඔහු වෙත හැරෙන්නන්හට අති ක්ෂමාශීලීය.
Şûrâ 42:6
අල්ලාහ් හැර දමා පිළිම තෝරා ගනිමින්, ඔහු හැර ඔවුන්ගේ භාරකාරත්වය දරන්නටත්, නැමදීමටත් ඒවා පත් කරගත් අය වනාහි, අල්ලාහ් ඔවුන් ගැන බලාපොරොත්තුවෙන් සිටියි. ඔවුන්ගේ ක්රියාවන් ඔහු සටහන් කර, ඒ අනුව ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි. අහෝ ධර්ම දූතය! ඔවුන්ගේ ක්රියාවන් සටහන් කරන්නෙකු ලෙස නුඹ නැත. එහෙයින් ඔවුන්ගේ ක්රියාවන් ගැන නුඹ විමසා නො සිටිනු. සැබැවින්ම, නුඹ දන්වා සිටින ඇරයුම් කරවෙකු පමණි.
Şûrâ 42:7
අහෝ දූතය! නුඹට පෙර විසූ නබිවරුන්හට අපි දේව පණිවිඩ එව්වාක් මෙන්ම මක්කා වාසීන්ටත් ඒ අවට වෙසෙන ගැමි අරාබිවරුන්ටත්, පසු ව මුලු මිනිස් සංහතියටත් අවවාද කරනු පිණිසත් විනිශ්චය හා ප්රතිඵල සඳහා එකම උස් ස්ථානයක් මුල සිට අග දක්වා වූ සියලු දනන් අල්ලාහ් එක්රැස් කරන දිනය පිළිබඳ නුඹ ජනයින්ට බිය ගැන්වීම පිණිසත් අපි නුඹ වෙත අරාබි බසින් වූ කුර්ආනය පහළ කර ඇත්තෙමු. එම දිනය සිදුවීමෙහි කිසිදු සැකයක් නැත. එහිදී ජනයා කණ්ඩායම් දෙකකට බෙදී යයි. පිරිසක් ස්වර්ගයේ සිටිති. ඔවුහු දෙවියන් විශ්වාස කළවුන්ය. තවත් පිරිසක් නිරා ගින්නේ සිටිති ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ය.
Şûrâ 42:8
ඔවුන් සියලු දෙනාම ඉස්ලාම් දහම මත පදනම් කොට එකම සමූහයක් බවට පත් කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එකම සමූහයක් බවට පත් කොට ඔවුන් සියලු දෙනා ස්වර්ගයට ඇතුළත් කරන්නට තිබුණි. නමුත් ඔහු අභිමත කරන අය පමණක් ඉස්ලාමය තුළ ප්රවේශ කොට ස්වර්ගයට ඇතුළත් කිරීම සඳහා ඔහුගේ ප්රඥාව තීන්දු විය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය වනාහි, ඔවුන්ගේ භාරකාරත්වය දරන්නට කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුනට නැත.
Şûrâ 42:9
නමුත් දේව ආදේශකයින් තමන්ගේ භාරකාරත්වය දැරීම සඳහා අල්ලාහ් හැර වෙනත් භාරකරුවන් පත් කර ගත්තෝය. සැබෑ භාරකරු අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු සෙත සලසන්නේ නැත. හානි පමුණුවන්නේ ද නැත. ඔහු විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන් යළි අවදි කිරීම සඳහා මියගියවුනට යළි ප්රාණය ලබා දෙන්නාය. කිසිවක් විසින් ශුද්ධවන්තයාණන්ව පරාජය කළ නොහැක.
Şûrâ 42:10
අහෝ ජනයිනි! නුඹලාගේ දහමෙහි යම් මූලිකාංගයක හෝ එහි අනු අංගයක නුඹලා මතභේද ඇති කරගත්තෙහු නම්, එහි තීන්දුව අල්ලාහ් වෙතම විය යුතුය. එවිට එය ඔහුගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත වෙත යොමු කරනු ලැබේ. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහුය මාගේ පරමාධිපති. මාගේ සියලු කටයුතුවලදී මම ඔහු මත පමණක් ස්ථීර ව රැඳෙමි. පාපක්ෂමාවෙහි නිරත වී ඔහු වෙත යොමු වෙමි.
Şûrâ 42:11
කිසිදු පූර්වාදර්ශයකින් තොර ව අහස්හි හා මහපොළොවෙහි මැවුම්කරු අල්ලාහ්ය. නුඹලාගේ ආයුකාලය අධික කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලාගේ යුගලයන් ඔහු නුඹලාට මැව්වේය. එමෙන්ම නුඹලා වෙනුවෙන් ඔටුවන්, ගවයින් හා එළුවන් අතරින් ද යුගලයන් ඔහු මැව්වේය. නුඹලාගේ යුගලයන් අතර විවාහ වීම සඳහා කලත්රයන් මැව්වේය. නුඹලාගේ ගොවිපළ සතුන් අතරින් උන්ගේ මාංශ හා කිරි නුඹලා පරිභෝජනය කිරීම සඳහා නුඹලාට එමගින් ජීවනාධාර පිරිනැමුවේය. ඔහුගේ මැවීම් අතරින් ඔහුට සමාන කිසිවෙකු නැත. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණය කරන්නාය. ඉන් කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් වී නම් යහපතකි. එය අයහපත් වී නම් අයපහතකි.
Şûrâ 42:12
අහස්හි හා මහපොළොවේ භාණ්ඩාගාරවල යතුරු ඔහුට පමණක් සතුය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කරන්නේය. කෘතගුණ වීම හෝ ගුණමකු වීම ඔහු සතු තේරීමක් නොවේද?. එලෙස ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. අල්ලාහ්ගේ නියමය මත ඉවසීම හෝ කෝප වීම පරීක්ෂණයක් නොවේ ද?. සැබැවින්ම ඔහු සෑම දෙයක් පිළිබඳවම සර්වඥානීය. තම ගැත්තන් හට යහපත ඇති දෑ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Şûrâ 42:13
නූහ්(නබි)ට දහම ප්රචාරය කරන මෙන් ද ඒ අනුව කටයුතු කරන මෙන් ද අපි නියෝග කළා සේම නුඹලාටත් දහම සම්බන්ධයෙන් කටයුතු කරන මෙන් ආගමානුගත කර ඇත. අහෝ දූතය! අපි නුඹ වෙත දන්වා සිටි දෑ වනාහි, ප්රචාරය කරන මෙන් හා ඒ අනුව කටයුතු කරන මෙන් ඉබ්රාහීම්, මූසා හා ඊසාට නියෝග කළ දෑම නුඹලාටත් ආගමානුගත කර ඇත. සාරංශයක් වශයෙන්: දහම ස්ථාපිත කිරීම හා එහි ගැටුම් අතහැර දැමීමය. අල්ලාගේ ඒකීයත්වය වෙත දේව ආදේශකයින්හට නුඹලා කළ ඇරයුමත් ඔහු හැර නමදින වෙනත් දෑ අතැහැර දැමීමත් ඔවුනට බැරෑරුම් විය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය තෝරා, ඔහුට නැමදුම් කිරීමටත්, අවනත වීමටත් ඔහු ආශිර්වාද කරයි. එමෙන්ම ඔවුන් අතරින් පාපයන් සඳහා පාපක්ෂමාව පතා ඔහු වෙත යොමු වන අයට ඔහු වෙත මග පෙන්වයි.
Şûrâ 42:14
දේව ප්රතික්ෂේපකයින් හා දේව ආදේශකයින්, ඔවුන් වෙත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැමිණීම ගැන සාධක ඉදිරිපත් කිරීමෙන් පසු ව මිස ඔවුහු වෙන්ව නොගියෝය. ඔවුන්ගේ වෙන්වීම ක්රෝධය හා ඊර්ෂ්යාව හේතු කර ගත්තක් විය. අල්ලාහ්ගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා -එනම් ඔවුන් අතර තීන්දු දීම සඳහා වූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා- දඬුවම ඔවුන්ගෙන් ප්රමාද කරන බවට අල්ලාහ්ගේ දැනුමෙහි පෙර නියමයක් නොවී නම්, ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ ධර්ම දූතවරුන් බොරු කර සිටි හේතුවෙන් දඬුවම ඔවුනට ඉක්මන් වන්නට තිබුණි. ඔවුන්ගේ මුතුන්මිත්තන්ගෙන් පසුව හා මෙම ආදේශකයින්ගෙන් පසුව සැබැවින්ම තව්රාතය උරුම වූ යුදෙව්වන් ද ඉන්ජීලය උරුම වූ කිතුනුවන් ද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ අල් කුර්ආනය ගැන සැකයෙහි පසුවෙති.
Şûrâ 42:15
මෙම ඍජු දහම වෙතට නුඹ ජනයා ඇරයුම් කරනු. අල්ලාහ් නුඹට නියෝග කළ දෑට අනුකූලව එහි ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ ව්යාජ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන් සමග තර්ක කරන විට, ‘මම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දේව ග්රන්ථය පිළිබඳ විශ්වාස කරමි. නුඹලා අතර සාධාරණ ලෙස තීන්දු දෙන මෙන් අල්ලාහ් මට නියෝග කර ඇත. මා නමදින අල්ලාහ්, අපගේ පරමාධිපතිය. නුඹලා සියලු දෙනාගේ ද පරමාධිපතිය. අපගේ ක්රියාවන් යහපත් වුවද අයහපත් වුවද එවා අප වෙනුවෙනි. නුඹලාගේ ක්රියාවන් යහපත් වුව ද අයහපත් වුවද ඒවා නුඹලා වෙනුවෙනි. තර්කය පැහැදිලි වූවායින් පසු හා සාධක පෑදුනු පසු අප අතර හා නුඹලා අතර කිසිදු විවාධයක් නැත. අල්ලාහ් අප සියලු දෙනා එක්රැස් කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවත හැරී යන ස්ථානය අත්තේ ඔහු වෙතය. අප අතරින් සෑම කෙනෙකුටම ඔහු සුදුසු ප්රතිඵල පිරිනමනු ඇත. එවිට බොරුකාරයාගෙන් සත්යවාදියා ද ව්යාජයෙන් සත්යය ද පැහැදිලිවනු ඇත.
Şûrâ 42:16
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාහට පහළ කරනු ලැබූ මෙම දහම ජනයා පිළිගත් පසුව එහි ව්යාජ සාධක ගෙන තර්ක කරන්නන් වනාහි, ඔවුන්ගේ තර්කය ඔවුන්ගේ පරමාධිපති අබියස හා දේව විශ්වාසීන් අබියස ද ඉවත් වන්නකි. වැටෙන්නකි. එයට කිසිදු බලපෑමක් නැත. ඔවුන් සත්ය ප්රතික්ෂේප කළ හේතුවෙන් හා එය පිටුදැකීම හේතුවෙන් ඔවුන් මත අල්ලාහ්ගෙන් වූ කෝපය ඇති විය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින දැඩි දඬුවමක් ඔවුනට ඇත.
Şûrâ 42:17
කිසිදු සැකයක් නැති සත්යයෙන් යුත් අල් කුර්ආනය පහළ කළේ අල්ලාහ්ය. ජනයා අතර සාධාරණනීය ලෙස තීන්දු ලබා දෙනු පිණිස ඔහු යුක්ති ධර්මය පහළ කළේය. මොවුන් සමීපයෙන් ඇති දෑ බොරු කර සිටින, සෑම දෙයක්ම ඉතා සමීපයෙන් පැමිණෙන්නට නියමිත අවසන් හෝරාව, එය සිදු වන්නේමය.
Şûrâ 42:18
ඒ ගැන විශ්වාස නොකරන්නන් ද එය ඉක්මන් කරන මෙන් පතති. ඊට හේතුව සැබැවින්ම ඔවුන් විනිශ්චය ගැන හෝ ප්රතිඵල ගැන හෝ දඬුවම ගැන හෝ විශ්වාස නොකරන බැවිණි. අල්ලාහ් විශ්වාස කළවුන් වනාහි, ඒ ගැන බියෙන් පසුවන්නෝ වෙති. එය ඔවුන් යොමුවන ස්ථානය ගැන බිය හේතුවෙනි. සැබැවින්ම එය කිසිදු සැකයක් නැති සත්යයක්ම බව තරයේම වටහාගෙන සිටිති. දැනගන්න! අවසන් හෝරාව පිළිබඳ වාද කොට එහි තර්ක කොට එය ඇතිවීම ගැන සැක කරන්නන් සත්යයෙන් දුරස් වූ මුළාවෙහි සිටිති.
Şûrâ 42:19
අල්ලාහ් ඔහුගේ ගැත්තන් කෙරෙහි කාරුණිකභාවයෙන් යුක්තය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් පිරිනමා එම සම්පත් විස්තීරණ කරයි. එමෙන්ම ඔහුගේ ප්රඥාව හා ඔහුගේ කාරුණිකභාවය පදනම් කර ගනිමින් ඔහු අභිමත කරන අයට සීමා කරයි. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි බලවතාය. ඔහු සතුරන්හට සමප්රතිචාර දක්වන සර්වබලධාරීය.
Şûrâ 42:20
කවරකු මතුලොව තිළිණ අපේක්ෂාවෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ ද ඔහුගේ තිළිණ ඔහුට ගුණ කර දෙන්නෙමු. යහපත් තිළිණ එය හා සමාන දහයකින් ද එය හත්සීය ගුණය දක්වා ද එය ද අධික ලෙස ද ගුණකරමින් දෙන්නෙමු. තවද කවරෙකු මෙලොව අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ ද ඔහුට නියම කරන ලද කොටස පමණක් අපි එහි ඔහුට පිරිනැමුවෙමු. නමුත් ඔහු එම ක්රියාවන් සඳහා යහපත මෙලොවෙහි ඇති බැවින් කිසිදු කොටසක් මතුලොවෙහි ඔහුට හිමි නොවනු ඇත.
Şûrâ 42:21
එසේ නැතහොත්, අල්ලාහ්ගේ දහමෙහි ඔහු අනුමැතිය නොදුන්නා වූ, ඔහුට ආදේශ තැබීම, අනුමත දෑ තහනම් කිරීම හා තහනම් දෑ අනුමත කිරීම යනාදී කරුණු ඔහුගෙන් තොරව ආගමානුගත කළ වෙනත් දෙවිවරුන් එම ආදේශ තබන්නන්හට සිටිත් ද? මතගැටුම් ඇති කරන්නන් අතර වෙන් කිරීම සඳහා නියමිත කාලයක් හා ඒ වෙත ඔවුන් ප්රමාද කිරීමක් අල්ලාහ් නියම නොකළේ නම් සැබැවින්ම ඔවුන් අතර වෙන් කරන්නට තිබුණි. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තබමින් පාපකම් සිදු කරමින් ඔවුන්ටම අපරාධකරගත් අය වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව අපේක්ෂා කරන වේදනීය දඬුවමක් ඔවුනට ඇත.
Şûrâ 42:22
අහෝ දූතය! දේව ආදේශය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන් වනාහි, ඔවුන් උපයා ගත් දෑහි දඬුවමට බියෙන් පසුවනු නුඹ දකිනු ඇත. එම දඬුවම කිසිදු සැකයකින් තොර ව ඔවුනට සිදු වන්නේමය. පාපක්ෂමාවෙන් තොර ව බියවීම පමණක් ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔවුනට වඩා වෙනස් දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුහු සැපපහසුකම් විඳින ස්වර්ග උයන්වල සිටිති. ඔවුන්ගේ පරමාධිපති අබියස ඇති කිසිදිනෙක කප්පාදු නොවන විවිධ සැප පහසුකම් අතරින් ඔවුන් කැමති දෑ ඔවුනට ඇත. කිසිදු මහිමයක් කිට්ටු කළ නොහැකි අතිමයත් භාග්යයකි එය.
Şûrâ 42:23
එම ශුභාරංචිය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහුගේ දූතයාණන්ගේ දෑතින් අල්ලාහ් දන්වා සිටි මහඟු ශුභාරංචියයි. අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "සත්යය දන්වා සිටීම වෙනුවෙන් එහි ඵලය නුඹලා වෙත නැවත ලබා දෙන ආකාරයේ තිළිණයක් මිස වෙනත් කිසිදු තිළිණයක් මම නො පතමි. එනම් නුඹලා අතර මා සමීපතයකු වීම සඳහා නුඹලා මට ආදරය කිරීමය. කවරෙකු යහපතක් උපයන්නේ ද, එහි ප්රතිඵල ඔහුට අපි ගුණ කර දෙන්නෙමු. එනම් යහපතක් සඳහා ඒ හා සමාන දස ගුණයකි. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පව් සමාව අයැද ඔහු වෙත යොමුවන්නේ ද ඔවුන්ගේ පාපකම් සඳහා සැබැවින්ම ඔහු අතිශය සමාව දානය කරන්නාය. ඔහුගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ඔවුන් සිදු කරන ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු කෘතගුණ සලකන්නාය.
Şûrâ 42:24
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම කුර්ආනය ගොතා, ඔහුගේ පරමාධිපතිට ආරෝපණය කර ඇති බව පැවසීම දේව ආදේශකයින්ගේ විශ්වාසයයි. ඔවුනට ප්රතිචාර වශයෙන් අල්ලාහ්,‘සැබැවින්ම නුඹ බොරුවක් ගොතා, නුඹ වෙනුවෙන් කතා කර ඇත්නම්, නුඹේ හදවත මත මම මුද්රා තබමි. ගොතන ලද අසත්යය මකා දමමි. සත්ය ඉතිරි කරමි' යැයි අල්ලාහ් පවසයි. එම කරුණ එසේ නොවී නම් සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සත්යතාව එය පෙන්වා දෙනු ඇත. එනම් සැබැවින්ම එය ඔහුගේ පරමාධිපති විසින් ඔහු වෙත එවන ලද දේව පණිවිඩයක් යන වගය. සැබැවින්ම ඔහුගේ ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ඔහු දනී. ඔහුට ඉන් කිසිවක් සැඟවෙන්නේ නැත.
Şûrâ 42:25
ඔහු වනාහි, ඔහුගේ ගැත්තන් ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා පාපකම් සඳහා ඔහුගෙන් පාපක්ෂමා අයැද සිටින විට එම පාපක්ෂමාව පිළිගන්නා සුවිශුද්ධයාණන්ය. ඔවුන් සිදු කරන පාපකම් ඔහු නොසලකා හරිනු ඇත. නුඹලා කවර කරුණක් සිදු කළ ද ඒ ගැන අල්ලාහ් දනී. ඔවුන්ගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Şûrâ 42:26
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන්ගේ ප්රාර්ථනාවන්ට ඔහු පිළිතුරු සපයයි. ඔවුහු ඔහුගෙන් නොපැතූ දෑ ද ඔහුගේ භාග්යයෙන් ඔහු ඔවුනට අධික කර දෙයි. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින බලවත් දඬුවමක් ඔවුන් සතු වනු ඇත.
Şûrâ 42:27
අල්ලාහ් තම පෝෂණ සම්පත් තමන්ගේ සියලු ගැත්තන් හට පුළුල්ව ප්රදානය කළේ නම්, ඔවුහු අපරාධ කරමින් මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරනු ඇත. නමුත් ශුද්ධවන්තයාණන් පුළුල් වශයෙන් ද, සීමා කරමින් ද, ඔහු අභිමත කරන ප්රමාණ කොට පෝෂණ සම්පත් පහළ කරනු ඇත. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් ගැන තොරතුරු මැනවින් දන්නාය. එය අධීකෂණය කරමින් සිටින්නාය. එහෙයින් යම් ප්රඥාවක් වෙනුවෙන් ඔහු පිරිනමයි. එමෙන්ම යම් ප්රඥාවක් වෙනුවෙන් ඔහු එය වළක්වාලයි.
Şûrâ 42:28
වර්ෂාව පහළ වීම ගැන බලාපොරොත්තු සුන්වී ගිය පසුව තම ගැත්තන්හට වර්ෂාව පහළ කරනුයේ ඔහුය. එවිට එම වර්ෂාව දසත පැතිරී යයි. එවිට මහපොළොව පැලෑටි හටගන්වයි. එමෙන්ම ඔහු තම ගැත්තන්ගේ කටයුතු භාරව සිටින්නාය. සියලු තත්ත්වයන්හි ඔහු ප්රශංසාලාභීය.
Şûrâ 42:29
අහස් මැවීම, මහපොළොව මැවීම, ඒ දෙක තුළ අපූරු මැවීම් විසිරුවා තිබීම යනාදිය අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරිනි. ඔහු අභිමත වේලාවක රැස්කිරීම සඳහාත්, ප්රතිඵල පිරිනැමීම සඳහාත් ඔහු ඔවුන් එකතු කරන්නාය. පළමු වරට ඔවුන් මැවීමට අපොහොසත් නොවූ මෙන්ම එසේ අවදි කිරීමද අල්ලාහ්ට අපොහොසත් කාර්යයක් වන්නේ නැත.
Şûrâ 42:30
අහෝ ජනයිනි! නුඹලා අතර හෝ නුඹලාගේ සම්පත් අතර යම් අභාග්යයක් අත් වූයේ නම් එය නුඹලාගේ අත්වලින් නුඹලා උපයා ගත් දෑ හේතුවෙනි. ඒවායින් බොහෝ දෑ නුඹලා වෙනුවෙන් අල්ලාහ් නොසලකා හැර ඇත. එමගින් නුඹලාව වරදකරුවන් බටව පත් කර නැත.
Şûrâ 42:31
නුඹලාගේ පරමාධිපති නුඹලාට දඬුවම් කිරීමට අපේක්ෂා කළ විට ඔහුගෙන් පලා ගොස් මිදෙන්නට නුඹලාට හැකියාවක් නැත. ඔහු හැර නුඹලාගේ කටයුතු භාරව කටයුතු කරන වෙනත් භාරකරුවෙකු නුඹලාට නැත. එමෙන්ම ඔහු නුඹලාට දඬුවමක් අපේක්ෂා කළ විට එයින් නුඹලාව වළක්වාලන කිසිදු උදව් කරුවෙකු ද නැත.
Şûrâ 42:32
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන ඔහුගේ තවත් සංඥාවක් වනුයේ කඳු මෙන් සාගරයට ඉහළින් උසින් යාත්රා කරන නැව්ය.
Şûrâ 42:33
ඒවා ගමන් කරවන සුළඟ හැමීම නවතාලන්නට අල්ලාහ් අභිමත කළේ නම්, එවා ක්රියා විරහිත වී මුහුදේම නැවතී තිබෙනු ඇත. නැව් මැවීම, සුළඟ වසඟ කරදීම යනාදිය මෙනෙහි කිරීම තුළ පරීක්ෂාවන් හා දුෂ්කරතාවන් මත ඉවසීමෙන් කටයුතු කරන ඔහුට පිරිනැමූ අල්ලාහ්ගේ ආශිර්වාදවලට ගුණගරුක වන සෑම කෙනෙකුටම අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිළි සාධක ඇත.
Şûrâ 42:34
එසේ නැතහොත්, එම නැව් මත සුළී කුණාටුවක් එවා ඒවා විනාශ කිරීමට ශුද්ධවන්තයාණන් අභිමත කර සිටියේ නම් මිනිසා උපයාගත් පාපකම් නිසාවෙන් ඔහු ඒවා විනාශ කරන්නට තිබුණි. නමුත් තම ගැත්තන්ගේ බොහෝ පාපකම් ඔහු නොසලකා හරියි. ඒ සඳහා ඔවුන් දඬුවමට ලක් නොකරයි.
Şûrâ 42:35
සුළී කුණාටුවක් එවීමෙන් එම නැව් විනාශ කරන අවස්ථාවේ අල්ලාහ්ගේ වදන් ව්යාජත්වයට පත් කිරීම සඳහා එහි තර්ක කරන්නන් පිළිබඳ ඔහු දනී. එම විනාශයෙන් පළා යන්නට ඔවුනට කිසිදු තැනක් නැත. එවිට ඔවුන් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු ඇරයුම් නොකරති. ඔහු හැර වෙනත් දෑ අතහැර දමති.
Şûrâ 42:36
අහෝ ජනයිනි! ධනය, නිලය හෝ දරුවන්ගෙන් කවර කරුණක් නුඹලාට දෙනු ලබන්නේ ද එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් පමණි. ඒවා විසන්ධි වී පහව යන දෑය. සදා සැපත යනු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුන්ගේ පමරාධිපති මත පමණක් රැඳී සිටින්නන්හට අල්ලාහ් සූදානම් කර ඇති ස්වර්ග සැපතයි.
Şûrâ 42:37
තවද ඔවුහු බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාරකම් වලින් දුරස්වන්නන් වෙති. ඔවුන් වෙත වදනින් හෝ ක්රියාවෙන් නපුරක් කළ අයකු සම්බන්ධයෙන් ඔවුන් කෝපවූ විට, ඔහුට නිහතමානීව සමාව දෙති. ඒ වෙනුවෙන් දඬුවම් නොකරති. මෙම සමාව එහි හොඳක් හෝ යහපතක් තිබූ විට ඔවුනට හිමිවන භාග්යයකි.
Şûrâ 42:38
තවද ඔවුහු වනාහි, ඔවුනට නියෝග කරනු ලැබූ දෑ පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. සලාතය පූර්ණ අයුරින් විධිමත්ව ඉටු කළවුන් වෙති. ඔවුන්ගේ වැදගත් කරුණු සම්බන්ධයෙන් එකිනෙකා සාකච්ඡා කරන්නන් වෙති. එමෙන්ම අපි ඔවුනට පිරිනැමූ දැයින් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා වියදම් කරන්නන් වෙති.
Şûrâ 42:39
තවද ඔවුනට යම් අයුක්තියක්, අසාධාරණයක් අත් වූ විට ඔවුන් ගෞරවනීය ලෙස ජය ලබති. අපරාධක කරන්නා සමාව ලබන්නට සුදුසු නොවන කෙනෙකු වූ විට, එම උදව් ලැබීම තහවුරු වන්නේය. විශේෂයෙන්ම සමාව දීමෙහි යහපතක් නොමැති වූ විටෙක.
Şûrâ 42:40
කවරෙකු හෝ ඔහුගේ අයිතිය ලබන්නට අපේක්ෂා කරන්නේ ද ඔහුට එම අයිතිය ඇත. නමුත් කිසිදු ඉක්මවීමකින් හෝ වැඩි කිරීමකින් තොරව ඒ හා සමානව විය යුතුය. එමෙන්ම කවරෙකු තමන්ට නපුරක් කළ පුද්ගලයකුට සමාව දී එම නපුර වෙනුවෙන් ඔහු ව හසු නොකර ඔහු අතර හා ඔහුගේ සහෝදරයා අතර සමතයට පත් කර ගන්නේ ද, එවිට ඔහුගේ කුසල් අල්ලාහ් අබියස පවතිනු ඇත. ජනයාගේ ජීවිත ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ මාන්යයන්හි ඔවුනට අසාධාරණකම් කරන අපරාධකරුවන් සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔහු ඔවුන් කෙරෙහි කෝප වනු ඇත.
Şûrâ 42:41
කවුරුන් හෝ තමන් වෙනුවෙන් ජයග්රහණය කරන්නේ නම්, ඔවුන්ගේ අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුය.
Şûrâ 42:42
අපරාධකරුවෙකු ලෙස හසු කරනුයේ දඬුවම් දෙනුයේ මිනිසුනට අපරාධ කොට මහපොළොවේ පාපකම් සිදුකරන්නන් වෙනුවෙනි. ඔවුනට මතුලොවෙහි ද වේදනීය දඬුවමක් ඇත.
Şûrâ 42:43
වෙනත් කෙනෙකු තමන්ට කළ හිංසාවන් සම්බන්ධයෙන් කවරෙකු ඉවසීමෙන් කටයුතු කර ඔහුට සමාව දෙන්නේ ද, සැබැවින්ම එම ඉවසීම ඔහුටත් සමාජයටත් යහපත ගෙන දෙනු ඇත. එය ප්රශංසනීය කටයුත්තකි. ඒ සඳහා එකඟ වනුයේ මහත් භාග්යයක් ඇත්තන් පමණය.
Şûrâ 42:44
අල්ලාහ් කවරෙකු ව යහමග ලැබීමෙන් ඉවත් කළේ ද එවිට සත්යයෙන් මුළාවන්නට ඔහු ඔහුට ඉඩ හරියි. එවිට ඔහුගෙන් පසුව ඔහුගේ කටයුතු භාරගන්නට කිසිදු භාරකරුවකු නොවනු ඇත. දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධකරගත්තවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, දඬුවම දෑසින් දකින විට ඔවුන් ප්රාර්ථනා කරමින්, ‘මෙලොවට නැවත හැරී යන්නට මාර්ගයක් තිබිය යුතු නොවේද? එවිට අපි අල්ලාහ් වෙත සමාව අයැද හැරෙන්නෙමු’ යැයි පවසා සිටිනු නුඹ දකිනු ඇත.
Şûrâ 42:45
අහෝ දූතය! මෙම අපරාධකරුවන් නිරා ගින්නට ඉදිරිපත් කරනු ලබන විට, ඒ ගැන ඇති බිහිසුණු බිය හේතුවෙන් ඔවුන් අවමානයෙන් හා අපහාසයෙන් යුතුව ජනයා වෙත හොර රහසින් බලනු නුඹ දකිනු ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුන්, ‘සැබැවින්ම සැබෑ පරාජිතයින් වනුයේ තමන්ට හා තම පවුලේ උදවියට පරාජය ගෙන දුන් අයට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමට ඔවුන් මුහුණ දෙන්නට සිදුවන හේතුවෙන් ඇතිවන පරාජයයි. දැනගනු! සැබැවින්ම දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධකරගත්තවුන් කිසිවිටෙක නිමක් නැති සදා දඬුවමෙහි පසුවනු ඇත.
Şûrâ 42:46
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගෙන, ඔවුනට උදව් කරන භාරකරුවන් ඔවුනට නොවනු ඇත. අල්ලාහ් කවරෙකු සත්යයෙන් පහත් කරන්නේ ද ඔහු නොමග යන්නට හරියි. එවිට සත්යය වෙත මග පෙන්වීමට කිසිදු මාර්ගයක් ඔහුට අත් නොවනු ඇත.
Şûrâ 42:47
අහෝ ජනයිනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒවා කල් දැමීමෙන් තොර ව යුහුසුළු ව ඉටු කිරීම සඳහා අල්ලාහ්ට ප්රතිචාර දක්වනු. සැබැවින්ම එය පැමිණි විට එය වළක්වන්නෙකු නැත. නුඹලාට සරණ පතන්නට සරණාගත ස්ථානයක් ද නුඹලාට නැත. මෙලොවෙහි නුඹලා උපයා ගත් නුඹලාගේ පාපයන් හෙළා දකින්නාක් මෙන් හෙළා දැකීමක් ද නැත.
Şûrâ 42:48
මා කවර කරුණක් ඔවුනට නියෝග කර සිටියේ ද ඔවුන් එය ප්රතික්ෂේප කළේ නම්, අහෝ දූතය! ඔවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කරන ආරක්ෂකයෙකු ලෙස නුඹ ව අපි ඔවුන් වෙත එවා නැත. මා කවර කරුණක් දන්වා සිටින මෙන් නියෝග කළේ ද එය දන්වා සිටීම මිස නුඹ වෙත වෙනත් වගකීමක් නැත. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත පවතින්නකි. සැබැවින්ම අපගෙන් වූ ආශිර්වාදයක් ලෙස පොහොසත්කමක් හෝ සැපතක් හෝ එවන් යම් සම්පතක් මිනිසාට විඳින්නට සැලැස්වූ විට ඔහු ඒ ගැන සතුටු වෙයි. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් පිළිකුල් සහගත අභාග්යයක් මිනිස්වර්ගයාට අත් වූ විට සැබැවින්ම ඔවුන්ගේ ස්වභාවය වනුයේ අල්ලාහ්ගේ ආශිර්වාදයන්ට කෘතඥ නොවී ගුණමකු වීමය. යම් ප්රඥාවක් වෙනුවෙන් අල්ලාහ් ඔහුට නියම කර ඇති දෑ ගැන කෝප වීමය.
Şûrâ 42:49
අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන පරිදි පිරිමින් හෝ කාන්තාවන් හෝ ඒ හැර වෙනත් දෑ ඔහු මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැණු දරුවන් ලබා දී පිරිමි දරුවන් අහිමි කරනු ඇත. ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් ලබා දී ගැහැණු දරුවන් අහිමි කරනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් මෙන්ම ගැහැණු දරුවන් ද ලබා දෙයි. ඔහු අභිමත කරන අය ව දරුවන් නොමැති වඳ බවට පත් කරයි. ඔහු සිදු වෙමින් තිබෙන දෑ ද, ඉදිරියේ දී සිදු වන්නට යන දෑ ද සැබැවින්ම දනී. මෙය ඔහුගේ දැනුමේ පූර්ණත්වය හා ඔහුගේ ප්රඥාවේ පූර්ණත්වයයි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. කිසිවක් ඔහු පරාජය කළ නොහැක.
Şûrâ 42:50
අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අභිමත කරන පරිදි පිරිමින් හෝ කාන්තාවන් හෝ ඒ හැර වෙනත් දෑ ඔහු මවන්නේය. ඔහු අභිමත කරන අයට ගැහැණු දරුවන් ලබා දී පිරිමි දරුවන් අහිමි කරනු ඇත. ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් ලබා දී ගැහැණු දරුවන් අහිමි කරනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් මෙන්ම ගැහැණු දරුවන් ද ලබා දෙයි. ඔහු අභිමත කරන අය ව දරුවන් නොමැති වඳ බවට පත් කරයි. ඔහු සිදු වෙමින් තිබෙන දෑ ද ඉදිරියේ දී සිදු වන්නට යන දෑ ද සැබැවින්ම දනී. මෙය ඔහුගේ දැනුමේ පූර්ණත්වය හා ඔහුගේ ප්රඥාවේ පූර්ණත්වයයි. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. කිසිවක් ඔහු පරාජය කළ නොහැක.
Şûrâ 42:51
දිව්යමය පණිවිඩයකින් හෝ වෙනත් අයුරකින් හෝ මිස අල්ලාහ් සමග ඍජුව කතා කිරීමට හෝ ඔහුගේ ප්රකාශයට සවන් දෙන අයුරින් හෝ ඔහු ව දකින අයුරින් කතා කිරීමට හෝ ජිබ්රීල් මෙන් දේව දූතයකු ඔහු වෙත එවීමෙන් මිස, මිනිසා අල්ලාහ් සමග ඍජුව කතා කිරීමට සුදුසු නොවීය. දේව පණිවිඩ දන්වා සිටින්නට අල්ලාහ් අභිමත කළ දෑ ඔහුගේ අවසරයෙන් මිනිස් දූතයා වෙත දන්වා සිටිනු ලැබේ. සැබැවින්ම ශුද්ධවන්තයාණන් ඔහුගේ පැවැත්මෙහි හා ඔහුගේ ගුණාංගයෙහි උත්තරීතරය. ඔහුගේ මැවීමෙහි, සැලැසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Şûrâ 42:52
අහෝ දූතය! නුඹට පෙර සිටි නබිවරුන්හට අපි දේව පණිවිඩ පහළ කළාක් මෙන්ම අප වෙතින් වූ කුර්ආනයක් නුඹ වෙත ද අපි පහළ කළ ඇත්තෙමු. දූතවරුන්හට පහළ කරන ලද දිව්යමය පුස්තක පිළිබඳ දැනුමක් මීට පෙර නුඹ දැන නොසිටියෙහිය. දේව විශ්වාසය යනු කුමක්දැයි ද නුඹ දැන නොසිටියෙහිය. නමුත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන්නන් හට මඟ පෙන්වනු පිණිස ආලෝකයක් වශයෙන් මෙම අල් කුර්ආනය පහළ කර ඇත්තෙමු. සැබැවින්ම නුඹ ඍජු මාර්ගය එනම් ඉස්ලාම් දහම වෙත මිනිසුනට මඟ පෙන්වන්නෙහිය.
Şûrâ 42:53
එය වනාහි, අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගයයි. ඒවා අල්ලාහ් වෙත අවශ්යතාවෙන් පෙළෙයි. සියලු කරුණු ඔහුගේ නියමය හා සැලසුම අතරට යොමු වනු ඇත.
Zuhruf 43:1
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Zuhruf 43:2
සත්ය වෙත මඟ පෙන්වන මාර්ගය පැහැදිලි කරන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.
Zuhruf 43:3
අහෝ නුඹලාගේ බසින් අල් කුර්ආනය පහළ කරනු ලැබූ ජනයිනි! නුඹලා එහි තේරුම වටහා ගෙන එය අවබෝධකර ගෙන එය තවත් සමූහයකට දන්වා සිටීමේ යහපත් බලාපොරොත්තුවෙන් සැබැවින්ම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් බවට පත් කළෙමු.
Zuhruf 43:4
සැබැවින්ම මෙම අල් කුර්ආනය ලව්හූල් මහ්ෆූල් හෙවෙත් ආරක්ෂක පුවරුවේ උසස් හා ඉහළ ස්ථානයක විය. එහි නියෝග හා තහනම් නියෝග තුළ ඔහුගේ පාඨ තීන්දු කරන ලද්දකි.
Zuhruf 43:5
නුඹලා අධික වශයෙන් ආදේශ කිරීම හා පාපකම් සිදු කිරීම හේතුවෙන් නුඹලා මත අල් කුර්ආනය පහළ කිරීම ප්රතික්ෂේප කරමින් අපි අතහැර දමන්නෙමු ද? එසේ අපි සිදු නොකරන්නෙමු. ඊට පටහැනි ව නුඹලා වෙත කරුණාව තීන්දු කරනු ලැබ ඇත.
Zuhruf 43:6
පෙර සමූහයන් අතරට අපි කොපමණ නබිවරුන් එවා ඇත්තෙමු ද?
Zuhruf 43:7
අල්ලාහ් වෙතින් යම් නබිවරයකු පෙර සිටි එම සමූහයන් අතරට පැමිණියේ නම්, ඔවුහු ඔහුව සරදමක් කරමින් සිටියා මිස නැත.
Zuhruf 43:8
එම සමූහයා අතරින් වඩාත් බලවත් අය අපි ග්රහණය කොට විනාශ කළෙමු. එහෙයින් ඔවුනට වඩා දුර්වලයින් විනාශ කිරීමට අපි අපොහොසත් නොවෙමු. ආද්, සමූද්, ලූත්ගේ ජනයා හා මද්යන් වාසීන් මෙන් පෙර විසූ සමූහයන් විනාශ කළ ආකරය අල් කුර්ආනයේ සඳහන් වී ඇත.
Zuhruf 43:9
අහෝ දූතය! ‘අහස් මැව්වේ කවුරුන්ද? මහපොළොව මැව්වේ කවුරුන්ද?’ යැයි නුඹ මෙම දේව ප්රතික්ෂේපිත බොරුකාරයින්ගෙන් විමසූ විට, ඔවුහු නුඹගේ ප්රශ්නයට පිළිතුරු දෙමින්, ‘කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් සියලු දෑ පිළිබඳ දන්නා සර්වඥායාණන් ඒවා මවා ඇතැ’යි පවසති.
Zuhruf 43:10
නුඹලා වෙනුවෙන් මහපොළොව ඇතිරිල්ලක් බවට පත් කළේ අල්ලාහ්ය. නුඹලාගේ පාද තබමින් ඇවිද යන්නට පහසු වන පරිදි ඔහු නුඹලාට එය මැව්වේය. නුඹලා ගමන් බිමන් යාමේදී මඟ සොයා ගැනීමේ දැහැමි අපේක්ෂාවෙන් එහි ඇති කඳු හා මිටියාවත්හි මංමාවත් ඇති කළේය.
Zuhruf 43:11
ඔහු වනාහි, නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් නුඹලාගේ ගොවිතැන් කටයුතුවලටත් ප්රමාණවත් වන පරිදි අහසින් ජලය ප්රමාණ කොට පහළ කළේය. එමගින් අපි පැලෑටි නොමැති වඳ වී ගිය භූමියක් අපි ජීවමාන කළෙමු. පැලෑටි තුළින් වඳ වී ගිය එම භූමිය අල්ලාහ් ප්රාණවත් කළාක් මෙන්ම නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔහු නුඹලාට ප්රාණය දෙනු ඇත.
Zuhruf 43:12
ඔහු වනාහි, රාත්රිය හා දහවල ද පිරිමියා හා කාන්තාව ද ඒවා හැර වෙනත් දෑ ද යනාදී සියලු වර්ග මැව්වේ ඔහුය. නුඹලා ගමන් බිමන් යෑමේදී ප්රවාහන පහසුකම් සඳහා නැව් හා සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඇති කළේය. ඒ අනුව නුඹලා සාගරයේ නැව් මත ප්රවාහනය කරන්නෙහුය. ගොඩබිමෙහි නුඹලාගේ සතුන් මත ප්රවාහනය කරන්නෙහුය.
Zuhruf 43:13
ඒ සියලු දෑ අපි නුඹලාට ඇති කළේ නුඹලාගේ ගමන් බිමන් වලදී නුඹලා ප්රවාහනය කරන වාහන මත නුඹලා ස්ථාවරව සිටීමේ යහපත් බලාපොරොත්තුවෙන් හා නුඹලාගේ පරමාධිපති නුඹලාට ඒවා වසඟ කර දෙමින් පිරිනැමූ ආශිර්වාදය මෙනෙහි කරමින්, නුඹලාගේ දිවෙන් ‘මෙම වාහනය මත ගමන් ගන්නට එය අපට පහසු කර දුන්, යටත් කර දුන් ඔහු සුවිශුද්ධය, පිවිතුරුය. එය අප පාලනය කිරීමේ හැකියාව ඔහු අපට ඇති කළේය. එය අපට අල්ලාහ් වසඟ කර නොදුන්නේ නම් ඒ සඳහා අපි ශක්තිය ඇත්තන් නොවන්නෙමු’ යැයි පවසනු ඇතැයි යන යහපත් අපේක්ෂාවෙනි.
Zuhruf 43:14
අපගේ මරණින් පසු අපගේ විනිශ්චය හා ප්රතිඵල සඳහා සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත පමණක් යොමුවන්නෝ වෙමු.
Zuhruf 43:15
සැබැවින්ම ඇතැම් මැවීම්, මැවුම්කරු විසින් බිහි කරන ලද්දක් බව දේව ආදේශකයින් විශ්වාස කරමින්, ‘මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් වෙති’ යැයි පවසා සිටියහ. මෙවන් ප්රකාශයක් ප්රකාශ කරන මිනිසා, දේව ප්රතික්ෂේපය හා මුළාව පැහැදිළි වූ ගුණමකුවෙකි.
Zuhruf 43:16
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් මවන දැයින් ගැහැණු දරුවන් ඔහු වෙනුවෙන් ද, නුඹලා වෙනුවෙන් පිරිමි දරුවන් විශේෂයෙන් තෝරා දී ඇතැයි නුඹලා පවසන්නෙහු ද? නුඹලා විශ්වාස කරන මෙම බෙදීම කවරාකාරයේ බෙදීමක් ද?
Zuhruf 43:17
අල්ලාහ්ට සම්බන්ධ කළ ගැහැණු දරුවකු පිළිබඳ ආරංචියක් ඔවුන්ගෙන් කිසිවෙකු වෙත දෙනු ලැබූ විට, දැඩි දුකින් හා දොම්නසින් ඔහුගේ මුහුණු කළු පැහැ ගන්වනු ඇත. එය කෝපයෙන් පිරී යයි. කවර දෙයක් ඔහුට ශුභාරංචි වශයෙන් දෙනු ලබන විට වැරැද්දක් ලෙස සිතන්නේ ද එවැන්නක් ඔහුගේ පරමාධිපතිට ඔහු කෙසේ නම් ආරෝපණය කරන්නේද?
Zuhruf 43:18
ඔහුගේ ස්ත්රීත්වය පිළිබඳ පැහැදිලි ප්රකාශයකින් තොරව වාද කරමින් අලංකාරයේ වැඩෙන්නට සැලැස්වූවන් ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු ආරෝපණය කරන්නෝ ද?
Zuhruf 43:19
මලක්වරුන්, මහා කරුණික සුවිශුද්ධයාණන් (වන අල්ලාහ්)ගේ ගැත්තන් ලෙස සිටියදී ඔවුනට ගැහැණු නාමයෙන් ඔවුහු නම් තැබුවෝය. අල්ලාහ් ඔවුන් මවන අවස්ථාවේ ඔවුන් එහි පෙනී සිට, සැබැවින්ම ඔවුන් ගැහැණුන් යැයි ඔවුන් දැන ගත්තෝ ද? ඔවුන්ගේ මෙම සාක්ෂිය මලක්වරුන් විසින් ලියනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ ගැන ඔවුන්ගෙන් විමසනු ලැබේ. ඔවුන්ගේ බොරුව හේතුවෙන් ඔවුන් දඬුවමට ලක් කරනු ලැබේ.
Zuhruf 43:20
ඔවුන් පෙර නියමය සාධක ලෙස පෙන්වමින්, ‘අප මලක්වරුන් නොනැමද සිටින්නට අල්ලාහ් අභිමත කළේ නම් අපි ඔවුන් නොනැමද සිටින්නට තිබුණි. නමුත් ඔහුගේ තෘප්තිය පෙන්වා දෙන පරිදි එය ඔහුගේ අභිමතය අනුව පිහිටා ඇත.' යැයි පවසති. ඔවුන් කළ ඔවුන්ගේ ප්රකාශය පිළිබඳ ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් බොරු ව මිස වෙනත් කිසිවක් පවසන්නේ නැත.
Zuhruf 43:21
එසේ නැතහොත් අල්ලාහ් හැර වෙනත් දෑ නමදින්නට අනුමත කර; කිසියම් ලේඛනයක් අල් කුර්ආනයට පෙර මෙම දේව ආදේශකයින්ට අප පිරිනමා එම ලේඛනය ඔවුන් පිළිපැද එය සාධක වශයෙන් ගෙන ඇත්තෝ ද?
Zuhruf 43:22
නැත, එය එසේ සිදු වූයේ නැත. නමුත් ඔවුන් සම්ප්රදාය සාධක කර ගනිමින් මෙසේ ප්රකාශ කර සිටිති. ‘සැබැවින්ම අපට පෙර අපගේ මුතුන් මිත්තන් යම් දහමක, යම් පිළිවෙතක සිටිනු අප දැක ඇත්තෙමු. සැබැවින්ම ඔවුන් පිළිම වන්දනාවේ නිරත වූවෝය. ඒවාට වැඳුම් පිඳුම් කිරීමෙහිදී අපද ඔවුන්ගේ පියවරවල් අනුගමනය කරන්නෝ වෙමු.’
Zuhruf 43:23
මොවුන් බොරු කොට; මොවුන්ගේ මුතුන්මිත්තන් සතු සම්ප්රදායන් සාධක වශයෙන් ගත්තාක් මෙන්ම, අහෝ දූතය! නුඹට පෙර කිසියම් ගම්මානයකට එහි වැසියන්ට අවවාද කරන දූතයකු අපි එවූ විට ඔවුන් අතර සිටි ධනවත් ඔවුන්ගේ නායකයින් හා ප්රභූවරුන්, ‘සැබැවින්ම අපි අපගේ මුතුන්මිත්තන් යම් දහමක, යම් පිළිවෙතක සිටිනු අපි දැක ඇත්තෙමු. ඔවුන්ගේ පියවර අපි අනුගමනය කරමු. නුඹේ ජනයා ඒ විෂයෙහි වෙනස් නොවේ.’ යැයි පවසා සිටියා මිස නැත.
Zuhruf 43:24
ඔවුන්ගේ දූතයා, "නුඹලාගේ මුතුන් මිත්තන් කවර පිළිවෙතක් මත සිටියේ ද ඊට වඩා උතුම් දෙයක් මම නුඹලා වෙත ගෙන ආ විට ද නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් අනුගමනය කරනුයේ?’ යැයි ඔවුන්ගෙන් විමසූ විට ඔවුහු: ‘නුඹ හා නුඹට පෙර පැමිණි දූතවරුන් කවර කරුණක් සමග එවනු ලැබුවේ ද සැබැවින්ම අප එය ප්රතික්ෂේප කරන්නන් වෙමු.’ යැයි පැවසූහ.
Zuhruf 43:25
නුඹට පෙර විසූ දූතවරුන් බොරු කළ සමූහයන්ගෙන් අපි පළිගත්තෙමු. ඔවුන් අපි විනාශ කළෙමු. ඔවුන්ගේ දූතවරුන් බොරුකළවුන්ගේ විනාශය කෙසේ වී දැ?යි සිතා බලනු. එය ඉතා වේදනීය අවසානයක් විය.
Zuhruf 43:26
අහෝ දූතය! ‘නුඹලා අල්ලාහ් හැර නමදිමින් සිටින පිළිමවලින් සැබැවින්ම මම ඉවත් වෙමි’ යැයි ඉබ්රාහීම් තම පියා හා තම ප්රජාව අමතා පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු.
Zuhruf 43:27
"මා මැවූ අල්ලාහ් හැරය. සැබැවින්ම ඔහුගේ ඍජු දහම අනුගමනය කිරීම තුළින් එහි ඇති යහපත වෙත ඔහු මට මඟ පෙන්වනු ඇත."
Zuhruf 43:28
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා එතුමාගෙන් පසුව පැවත එන එතුමාගේ පරම්පරාව අතර (ලා ඉලාහ ඉල්ලල්ලාහ් නම්) ඒකදේව වාදයේ ප්රකාශය පැවතීමට කටයුතු කළේය. එහෙයින් අල්ලාහ්ට කිසිවක් ආදේශ නො තබා ඔහු ව ඒකීයත්වයට පත් කරන අය ඔවුන් අතර නිරන්තරයෙන්ම සිටියහ. එතුමා එසේ කටයුතු කළේ දේව ආදේශය හා පාපකම් සඳහා පාපක්ෂමාවේ නිරත වී අල්ලාහ් වෙත ඔවුන් හැරීමේ බලාපොරොත්තුවෙනි.
Zuhruf 43:29
මෙම බොරුකාර ආදේශකයින්හට මම විනාශය ඉක්මන් නොකළෙමි. ඔවුනට මෙලොවෙහි රැඳී සිට භුක්ති විඳින්නට ඉඩ හැරියෙමි. එමෙන්ම ඔවුන් වෙත කුර්ආනය හා පැහැදිළි දූතයාණන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැමිණෙන තෙක්ම ඔවුනට පෙර සිටි ඔවුන්ගේ මුතුන්මිත්තන්හට ද භුක්ති විඳින්නට ඉඩ හැරියෙමි.
Zuhruf 43:30
කිසිදු සැකයක් නැති අල් කුර්ආනය ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුහු ‘මෙය මුහම්මද් අපට කළ හූනියමකි. සැබැවින්ම අපි එය ප්රතික්ෂේප කරන්නන් වෙමු. එහෙයින් කිසිවිටෙක අපි එය විශ්වාස නොකරන්නෙමු’ යැයි පැවසුවෝය.
Zuhruf 43:31
මෙම බොරුකාර ප්රතික්ෂේපකයෝ, ‘මෙම අල් කුර්ආනය අනාථ දිළිඳු මුහම්මද් වෙත පහළ කිරීම වෙනුවට මක්කාවේ හෝ තාඉෆයේ හෝ සිටින ප්රබල මිනිසුන් දෙදෙනකුගෙන් එක් අයකු වෙත පහළ විය යුතු නොවේදැ?’යි විමසා සිටියෝය.
Zuhruf 43:32
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිමින් ඔවුන් අභිමත කරන අයට ඒවා පිරිනමා තවද ඔවුන් අභිමත කරන අයට ඒවා වළක්වනුයේ ඔවුහු ද එසේ නැතිනම් අල්ලාහ් ද? මෙලොවෙහි ඔවුන් අතර ඔවුන්ගේ පෝෂණ සම්පත් බෙදා හරිනුයේ අපමය. ඔවුන් අතර ඇතැමෙකු ඇතැමෙකුට වසඟ කරන පරිදි පොහොසතුන් හා දුප්පතුන් අපි ඇති කළෙමු. විනාශ වී යන මෙලොවෙහි ඔවුන් එක්රැස් කරන අල්ප වස්තුවට වඩා මතුලොවෙහි තම ගැත්තන් වෙනුවෙන් නුඹේ පරමාධිපති පිරිනමන ආශිර්වාදය වඩාත් උතුම්ය.
Zuhruf 43:33
දේව ප්රතික්ෂේපකයන්ට (අප විසින් දෙන ලද සැප සම්පත් දකින ඉතිරි) ජනයා එකම සමූහයක් විය හැකි නොවන්නේ නම් අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන්ගේ නිවෙස් හි වියන් රිදියෙන් තනා දෙන්නට තිබුණි. ඔවුන් නැග යන්නට පියගැට පෙළ ද ඔවුන් වෙනුවෙන් තනා දෙන්නට තිබුණි.
Zuhruf 43:34
තවද ඔවුන්ගේ නිවෙස්වලට දොරටු (රිදියෙන්) තනා දෙන්නට තිබුණි. උසස් තරාතිරමින් හා පරීක්ෂාවෙන් යුතුව ඔවුන් හාන්සි වන කවිච්චි (රිදියෙන්) තනා දෙන්නට තිබුණි.
Zuhruf 43:35
ඔවුනට රනින් ද තනා දෙන්නට තිබුණි. නමුත් මේ සියල්ල මෙලොව ජීවිතයේ භුක්ති විදීමක් පමණි. එහි ප්රයෝජන අල්පය. සදා පවතින්නක් නොවේ. අහෝ දූතය! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුතු කරන්නන්හට මතුලොවෙහි නුඹේ පරමාධිපති අබියස ඇති සැප පහසුකම් අති උතුම්ය.
Zuhruf 43:36
කවරෙකු අල් කුර්ආනය දෙස අකාර්යක්ෂම බැල්මෙන් එය පිටු දකින තරමට බලන්නේ ද ඔහුට ෂෙයිතානුවකු ආධිපත්යය දරන්නට සලස්වා දඬුවම් කරනු ලැබේ. ඔහු ඔහුව අධික ලෙස පොළඹවාලනු ඇත.
Zuhruf 43:37
අල් කුර්ආනය හෙළා දකින්නන් මත ආධිපත්යය දරන්නට සලස්වනු ලැබූ මොවූහු (ෂෙයිතාන්) අල්ලාහ්ගේ දහමින් ඔවුන් වළක්වාලනු ඇත. එහෙයින් ඔවුහු ඔහුගේ නියෝග නොපිළිපදිති. ඔහු තහනම් කළ දැයින් වැළකී නොසිටිති. සැබැවින්ම තමන් සත්ය වෙත මඟපෙන්වනු ලැබූවෝ වෙතැයි ඔවුන් සිතති. ඉන් පසු ඔවුන්ගේ නොමඟ යෑම වෙනුවෙන් ඔවුන් පාපක්ෂමාවේ නිරත නොවෙති.
Zuhruf 43:38
අල්ලාහ්ව මෙනෙහි කිරීමට ප්රතික්ෂේප කළ තැනැත්තා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප වෙත පැමිණ බැගෑපත්ව, ‘අහෝ මා වෙත පවරනු ලැබූවනි! මා අතර හා නුඹ අතර නැගෙනහිර හා බටහිර අතර පවතින දුරසක් තිබුණා නම්!' යැයි පවසති. නමුත් එම සගයා විසින් ඔහු අපයෝජනයට ලක් විය.
Zuhruf 43:39
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් දේව ප්රතික්ෂේපකයින් දෙස බලා, ‘අද දින නුඹලාට ප්රයෝජනවත් නොවන්නේය. දේව ආදේශය හා පාපකම් හේතුවෙන් නුඹලා නුඹලාටම අපරාධ කර ගත්තෙහුය. දඬුවම නුඹලා හවුලේ විඳවනු. නුඹලාගේ දඬුවමින් කිසිවක් නුඹලාගේ හවුල්කරුවන් උසුලන්නේ නැත.' යැයි පවසයි.
Zuhruf 43:40
සැබැවින්ම මොවුන් සත්යයට සවන් දීමට නොහැකි බිහිරන්ය. එය බැලීමට නොහැකි අන්ධයින්ය. එහෙයින් අහෝ ධර්ම දූතය! බිහිරාට සවන් වැකෙන්නට සැලැස්වීමට හෝ අන්ධයාට මග පෙන්වීමට හෝ ඍජු මාර්ගයෙන් පැහැදිළි මුළාවෙහි සිටින්නාට මග පෙන්වීමට හෝ නුඹට හැකියාවක් ඇත්තෙහි ද?
Zuhruf 43:41
අප ඔවුනට දඬුවම් කිරීමට පෙර නුඹ ව මරණයට පත් කරමින් නුඹව ඉවත් කළ ද මෙලොවෙහි හා මතුලොවෙහි ඔවුන් දඬුවමට ලක් කරමින් සැබැවින්ම අපි ඔවුන්ගෙන් පළිගන්නන් වෙමු.
Zuhruf 43:42
එසේ නැතහොත්, ඔවුන් වෙනුවෙන් අප සූදානම් කර ඇති දඬුවමින් සමහරක් අපි නුඹට පෙන්වන්නෙමු. එහෙයින් සැබැවින්ම අපි ඔවුන් මත බලය දරන්නන් වෙමු. කිසිදු කරුණක අපව අබිබවා යාමට ඔවුනට හැකියාවක් නැත.
Zuhruf 43:43
අහෝ දූතය! නුඹේ පරමාධිපති නුඹ වෙත කවර කරුණක් දන්වා සිටියේ ද එය නුඹ පිළිපදිනු. ඒ අනුව කටයුතු කරනු. සැබැවින්ම නුඹ කිසිදු ව්යාකූලත්වයක් නොමැති සත්ය දහම මත සිටින්නෙහිය.
Zuhruf 43:44
සැබැවින්ම මෙම අල් කුර්ආනය නුඹට ගෞරවයකි. නුඹේ සමූහයාටද ගෞරවයකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ ගැන විශ්වාස කිරීම, එහි ඇති මඟපෙන්වීම් පිළිපැදීම හා ඒ වෙත ජනයා ඇරයුම් කිරීම යනාදිය ගැන ඔවුන් විමසනු ලබති.
Zuhruf 43:45
අහෝ ධර්ම දූතය! නුඹට පෙර අප දූතවරුන් එවූ අයගෙන් ‘නැමදුම් ලබන්නට මහා කරුණාන්විතයාණන් හැර නමදිනු ලබන වෙනත් දෑ අපි ඇති කර තිබුනේ ද?' යැයි විමසනු.
Zuhruf 43:46
සැබැවින්ම අපගේ ප්රාතිහාර්යයන් සමග ෆිර්අවුන් හා ඔහුගේ සමාජයේ ප්රභූවරුන් අතරට අපි මූසාව යැව්වෙමු. එවිට ඔහු ඔවුනට, ‘සැබැවින්ම මම සියලු මැවීම්හි පරමාධිපතියාණන්ගේ දූතයෙකු වෙමි’ යැයි පවසා සිටියේය.
Zuhruf 43:47
අපගේ ප්රාතිහාර්යයන් සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුන් එය අපහාසයට හා සමච්චලයට ගෙන සිනහසෙන්නට පටන් ගත්තෝය.
Zuhruf 43:48
මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එහි නිවැරදි භාවය සහතික කරන සාධකයක් ෆිර්අවුන් හා ඔහුගේ ජනයාගේ ප්රධාණීන්හට පෙන්වන විට ඊට පෙර තිබූ සාධකයට වඩා බලවත් සාධකයක් මිස අපි ඔවුනට නොපෙන්වුයෙමු. කවරෙකු දේව ප්රතික්ෂේප ය මත සිටින්නේ ද එයින් ඔවුන් හැරෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් අපි ඔවුන්ව මෙලොවෙහිම දඬුවමට හසු කළෙමු. නමුත් එය නිෂ්ඵල විය.
Zuhruf 43:49
මූසා (අලයිහිස් සලාම්) සතු ඇතැම් දඬුවම් ඔවුනට අත් වූ කල්හි ඔවුහු, ‘අහෝ හූනියම් කරුව! අප විශ්වාස කළේ නම්, දඬුවම ඉවත් කරන බවට නුඹේ පරමාධිපති මෙනෙහි කර සිටි පරිදි නුඹ අප වෙනුවෙන් ප්රාර්ථනා කරනු මැනව. සැබැවින්ම ඔහු එය අපෙන් ඉවත් කළේ නම් අපි ඔහු වෙත මඟ ලබන්නන් වෙමු.’ යැයි පැවසූහ.
Zuhruf 43:50
ඔවුන්ගෙන් අපි දඬුවම ඉවත් කළ කල්හි එවිට ඔවුහු ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. ඔවුහු එය ඉටු නොකරති.
Zuhruf 43:51
ෆිර්අවුන් තම සමූහයා අතර සිටි තම රාජ්ය බලය ගැන පුරසාරම් දොඩන කෙනෙකු අමතා, ‘මම මිසර දේශයේ රජු නොවේ ද? මෙම නයිල් ගංගා ගලා බසින්නේ මාගේ මාලිගා යටිනි. එමෙන්ම නුඹලා මාගේ රාජ්යය නොදුටුවෙහු ද? එහි බලබමහිමය නුඹලා නොහඳුනන්නෙහු ද?’ යැයි පැවසීය.
Zuhruf 43:52
අලංකාර ලෙස කතා කළ නොහැකි දුර්වල නින්දිත මෙම මූසාට වඩා මම උතුම් වෙමි.
Zuhruf 43:53
"එසේ නම්, සැබැවින්ම ඔහු දූතයකු බව පැහැදිලි කරනු පිණිස ඔහු ව දූතයකු ලෙස එවූ අල්ලාහ් ඔහුට රනින් වූ වළලු පැළඳවිය යුතු නොවේ ද? එසේ නැතහොත් ඔවුන් එකිනෙකා පිරිවරාගත් මලක්වරුන් ඔහු සමග පැමිණිය යුතු නොවේ ද?"
Zuhruf 43:54
ෆිර්අවුන් ඔහුගේ ජනයා පොළඹවීය. එහෙයින් ඔහුගේ මුළාව තුළ ඔවුහු ඔහුට අවනත වූවෝය. සැබැවින්ම ඔවුන් අල්ලාහ් අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ.
Zuhruf 43:55
ඔවුන් දේව ප්රතික්ෂේපය මත නිරන්තරයෙන්ම සිටිමින් අපව කෝපයට පත් කළෝය. අපි ඔවුන්ගෙන් පළිගත්තෙමු. ඒ අනුව අපි ඔවුන් සියලු දෙනා දියේ ගිල්වා දැමුවෙමු.
Zuhruf 43:56
ෆිර්අවුන් හා ඔහුගේ පිරිස ජනයාට පෙර නිදසුනක් බවට අපි පත් කළෙමු. නුඹේ ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින්හට එහි බලපෑමක් ඇත. එමෙන්ම පාඩම් ලබන්නන් හට පාඩමක් බවට ද අපි ඔවුන් පත් කළෙමු. එය ඔවුන් ඔවුන්ගේ ක්රියාවන් සිදු නොකරනු පිණිසත් ඔවුනට අත් වූ දඬුවම ඔවුනට අත් නොවනු පිණිසත්ය.
Zuhruf 43:57
"සැබැවින්ම නුඹලා ද අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින දෑ ද නිරයට ඉන්ධන වී ඇත. සැබැවින්ම නුඹලා ඒ සඳහා පැමිණෙන්නෝමය." (අල් අන්බියා: 98) යන උත්තරීතර අල්ලාහ්ගේ පොදු ප්රකාශය තුළට කිතුනුවන් නැමදුම් කරන ඊසා ද ඇතුළත් වන බව දේව ආදේශකයින් සිතුවෝය. එකල්හි පිළිම වන්දනාව තහනම් කළාක් මෙන්ම ඊසාට වන්දනාමාන කිරීමද අල්ලාහ් වළක්වා ඇත. එවිට ද අහෝ දර්ම දූතය! නුඹේ ජනයා, ‘අපගේ දෙවියන් ඊසාගේ ස්ථානයේ සිටීම අපි තෘප්තියට පත්වෙමු’ යැයි පවසා තර්කයේ නිරතව කෑකෝ ගසමින් සිටිති. එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පහළ කළේය. "සැබැවින්ම ඔවුනට පෙර ඉකුත්ව ගියවුන්හට අපගෙන් වූ යහපත ඇත. ඔවුහු එයින් දුරස්වූවෝ වෙති." (අල් අන්බියා: 101)
Zuhruf 43:58
තවද, ‘ශ්රේෂ්ඨ වනුයේ අප නමදින දෑ ද එසේ නැතහොත් ඊසා ද?’ යැයි ඔවුහු විමසුවෝය. ඉබ්නු සබඃරා හා එවැන්නන් මෙම උදාහරණය ගෙන හැර පෑවේ සත්යය වෙත පිවිසීමට කැමැත්තෙන් නොවේ. කෙසේ වෙතත් ඔවුන් තර්කයට වඩාත් කැමැත්තක් දැක්විය. ඔවුහු තර්ක කිරීමෙහි බලවතුන් වූහ.
Zuhruf 43:59
මර්යම්ගේ පුත් ඊසා නබිත්වය හා දූත මෙහෙවර දී ආශිර්වාද කළ අල්ලාහ්ගේ ගැත්තන් අතරින් වූ ගැත්තෙකු මිස නැත. දෙමාපියන් නොමැතිව ආදම්ව මැව්වාක් සේ පියකු නොමැතිව අපි ඔහුව මැව්වෙමු. ඉස්රාඊල් දරුවන් අල්ලාහ්ගේ ශක්තියේ සාධක දැන ගැනීම පිණිස උදාහරණ පුරුෂයකු සේ අපි ඔහු ඔවුනට පත් කළෙමු.
Zuhruf 43:60
අහෝ ආදම්ගේ දරුවනි! නුඹලාව විනාශ කිරීමට අපි අභිමත කරන්නේ නම්, සැබැවින්ම අපි නුඹලාව විනාශ කොට, නුඹලා වෙනුවට මහපොළොවේ මලක්වරුන් පත් කරන්න්නට තිබුණි. ඔවුහු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන අතර අල්ලාහ්ට පමණක් නැමදුම් කරති.
Zuhruf 43:61
සැබැවින්ම ඊසා (අලයිහිස් සලාම්) තුමා අවසන් කාලයේ පහළවන අවස්ථාව ලෝක විනාශයේ මහා සංඥාවන් අතරින් එකකි. එහෙයින් සැබැවින්ම එම අවසන් හෝරාව එළැඹීම ගැන නුඹලා සැක නොකරනු. අල්ලාහ් වෙතින් මා කවර කරුණක් ගෙන ආවේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා මට අවනත වනු. මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද එය කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගයයි.
Zuhruf 43:62
ෂෙයිතාන් ඔහුගේ පොළඹවීමෙන් හා ඔහුගේ රැවටීමෙන් නුඹලාව ඍජු මාර්ගයෙන් වෙනතකට යොමු නොකළ යුතුය. සැබැවින්ම ඔහු නුඹලාට සතුරුකම පැහැදිළි වූ ප්රකට සතුරෙකි.
Zuhruf 43:63
සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයකු බවට වූ පැහැදිලි සාධක සමග ඊසා (අලයිහිස් සලාම්) තුමා තම සමූහයා වෙත පැමිණි කල්හි, ඔහු ඔවුනට, ‘සැබැවින්ම මම නුඹලා වෙත අල්ලාහ්ගෙන් ප්රඥාව ගෙනැවිත් ඇත්තෙමි. නුඹලාගේ ආගමික කටයුතුවල නුඹලා මතභේද ඇති කරගත් ඇතැම් දෑ මම නුඹලාට පැහැදිළි කරන්නෙමි. එහෙයින් නුඹලා ඔහුගේ නියෝග පිළිපඳිනු. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු. මම කවර කරුණක් නුඹලාට අවවාද කළේ ද එමෙන්ම කවර කරුණක් නුඹලාට තහනම් කළේ ද එම විෂයයන්හි නුඹලා මට අවනත වනු.' යැයි පැවසීය.
Zuhruf 43:64
සැබැවින්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේද පරමාධිපතිය. ඔහු හැර අපට වෙනත් පරමාධිපතියෙකු නැත. එහෙයින් නුඹලා නැමදුම ඔහුට පමණක් අවංකව ඉටු කරනු. මෙම ඒකීයකරණය වනාහි කිසිදු සැකයක් නැති ඍජු මාර්ගය වේ.
Zuhruf 43:65
කිතුනු කණ්ඩායම් ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ විෂයයෙහි මතභේද ඇති කර ගත්තෝය. ඔවුන් අතරින්: ‘ඔහු දෙවියෙකි’ යැයි පවසන ඇතැමුන්ද ‘ඔහු අල්ලාහ්ගේ පුතණුවන්’ යැයි පවසන ඇතැමුන්ද, ‘ඔහු හා ඔහුගේ මව දෙවිවරුන් දෙදෙනෙකි’ යැයි පවසන ඇතැමුන් ද සිටිති. දේවත්වය පුත්රත්වය හා ත්රිත්වය ආරූඪ කරමින් ඊසා අලයිහිස් සලාම් තුමාණන් ව ඔවුහු විස්තර කිරීම හේතුවෙන් ඔවුහු ඔවුන්ටම අපරාධකරගත්තෝය. ඔවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමින් විනාශයට පත්වේවා!
Zuhruf 43:66
ඊසා (අලයිහිස් සලාම්) තුමා සම්බන්ධයෙන් මතභේද ඇති කරගත් ජනයා අවසන් හෝරාව පැමිණීම ගැන නොසිතමින් සිටින අවස්ථාවක එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණීම මිස වෙනකක් බලාපොරොත්තු වන්නෝ ද? ඔවුන් දේව ප්රතික්ෂේපයේ සිටියදී එය ඔවුන් වෙත පැමිණියේ නම්, සැබැවින්ම ඔවුන්ගේ නවාතැන වේදනීය දඬුවම වනු ඇත.
Zuhruf 43:67
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් දේවියන් කෙරෙහි බැතිමත්ව කටයුතු කළවුන් හැර දේව ප්රතික්ෂේපය හා මුළාව මත එකිනෙකා සත්ය බව ප්රකාශ කරමින් හා මිතුදම්පාමින් සිටින්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් එකිනෙකාට සතුරෝ වෙති. (බැතිමතුන් වන) ඔවුන්ගේ මිතුරුකම කඩා නොවැටෙන සදාතනිකය.
Zuhruf 43:68
අල්ලාහ් තම බැතිමත් ගැත්තන් දෙස බලා, ‘මාගේ ගැත්තනි! අද දින නුඹලා කවර කරුණකට මුහුණ දී ඇත්තේ ද ඒ ගැන බියක් නුඹලාට නැත. මෙලොවෙහි මග හරුණු සම්පත් පිළිබඳ නුඹලා දුක්විය යුතු වන්නේ ද නැත.’යැයි පවසනු ඇත.
Zuhruf 43:69
දූතයා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය ගැන විශ්වාස කළවුන් වනාහි, ඔවුහු අල් කුර්ආනයට අවනත වී කටයුතු කළෝය. එහි ඇති නියෝග අණ කර සිටි අතර එහි ඇති තහනම් දැයින් වැළැක්වූවෝය.
Zuhruf 43:70
නුඹලා හා දේව විශ්වාසයේ නුඹලාට සමාන වූවන් ස්වර්ගයට ප්රවේශ වනු. කිසිවිටෙක කප්පාදු කරනු නොලබන, නැති වී නොයන, එහි නුඹලා සදා අත්විදින සැප සම්පත් තුළින් නුඹලා සතුටු වනු ඇත.
Zuhruf 43:71
ඔවුන්ගේ සේවකයින් රනින් වූ භාජන හා විනිවිද පෙනෙන කෝප්ප සහිත ව ඔවුන් වටා ගමන් කරති. ඔවුන් කැමැති දෑ ද ඔවුන්ගේ ඇස් එය දැක වින්දනය ලබන දෑ ද ඔවුනට ස්වර්ගයේ ඇත. නුඹලා එහි සදා කල් වෙසෙනු ඇත. කිසිවිටෙක නුඹලා එයින් බැහැර නොවෙති.
Zuhruf 43:72
නුඹලාට මෙසේ විස්තර කරන එම ස්වර්ග උයන වනාහි අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාටම උරුම කර දුන් දැයකි.
Zuhruf 43:73
එහි නුඹලාට කිසිදු කප්පාදුවකින් තොර ව අධික වශයෙන් පලතුරු ඇත. නුඹලා එයින් අනුභව කරනු ඇත.
Zuhruf 43:74
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අරපාධ කළවුන් නිරයේ දඬුවම තුළ සදා රැඳෙන්නෝ වෙති.
Zuhruf 43:75
ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. අල්ලාහ්ගේ කරුණාව ගැන ඔවුහු බලාපොරොත්තු සුන්වූවෝ වෙති.
Zuhruf 43:76
ඔවුන් නිරයට ඇතුළත් කරන අවස්ථාවේ අපි ඔවුනට අපරාධ නොකළෙමු. නමුත් දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් අපරාධකරුවන් බවට පත් වූයේ ඔවුන් විසින්මය.
Zuhruf 43:77
ඔවුහු නිරයේ භාරකාර මාලික් අමතා, ‘අහෝ මාලික්! නුඹේ පරමාධිපති අපව මරණයට පත් කරත්වා! එවිට අපි දඬුවමෙන් නිදහස් වන්නෙමු’ යැයි පවසති. එවිට මාලික් ඔවුනට පිළිතුරු දෙමින්, ‘නුඹලා මෙම දඬුවමේ සදා රැඳෙන්නෝ වෙති. නුඹලා මරණයට පත් නොවෙති. නුඹලාගේ දඬුවම විසන්ධි කරනු නොලැබේ.' යැයි පවසයි.
Zuhruf 43:78
මෙලොවෙහි කිසිදු සැකයක් නැති සත්යය සමගම අපි නුඹලා වෙත පැමිණියෙමු. නමුත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්යය හෙළා දකින්නන් වූහ.
Zuhruf 43:79
එසේ ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට වංචා කොට එතුමාට කුමන්ත්රණයක් සැලැසුම් කළේ නම්, සැබැවින්ම අපි ද ඔවුන්ගේ කුමන්ත්රණයට වඩා ඉහළින් සැලසුමක් ඔවුන් හට තීන්දු කරන්නන් වෙමු.
Zuhruf 43:80
ඔවුන්ගේ සිත් තුළ සඟවාගෙන සිටින ඔවුන්ගේ රහස් හා ඔවුන් රහසින් සාකච්ඡා කරමින් සිටින ඔවුන්ගේ රහස්වලට සැබැවින් අප සවන් නොදෙනු ඇතැයි ඔවුන් සිතන්නෝ ද? එසේ නොව, සැබැවින්ම ඒ සියල්ලට අපි සවන් දෙන්නෙමු. මලක්වරුන් ඔවුන් ඉදිරියේ සිට ඔවුන් සිදු කරන දෑ සටහන් කරති.
Zuhruf 43:81
අහෝ ධර්ම දූතය! අල්ලාහ්ට ගැහැණු දරුවන් ආරෝපණය කරන්නන් හට නුඹ මෙසේ පවසනු. 'ඔවුන් පවසන දැයින් උත්තරීතර අල්ලාහ් ඉතා උසස්ය. අල්ලාහ්ට කිසිදු දරුවෙකු නොවීය. එයින් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය. එහෙයින් උත්තරීතර අල්ලාහ්ව පිවිතුරු කරමින් ඔහුට නැමදුම් කරන පළමු වැන්නා මම වෙමි.'
Zuhruf 43:82
අහස්හි හා මහපොළොවේ පරමාධිපති වූද, අර්ෂ්හි පරමාධිපති වූද, අල්ලාහ්ට හවුල්කරුවකු බිරියකු හා දරවකු ආරෝපණය කර දේව ආදේශකයින් පවසා සිටින දැයින් ඔහු පිවිතුරුය.
Zuhruf 43:83
අහෝ දූතය! ඔවුනට ප්රතිඥා දුන් දිනය ඔවුන් හමුවන තුරු - එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් - ඔවුන් කවර ව්යාජත්වයක ධාවනය වෙමින් සිටින්නේ ද එහි ධාවනය වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔවුනට ඉඩ හරිනු.
Zuhruf 43:84
සුවිශුද්ධයාණන් වන ඔහු සැබෑ ලෙසින් අහස්හි නැමදුමට පාත්ර වන්නාය. එමෙන්ම මහපොළොවේ ද සැබෑ ලෙසින් නැමදුමට ලක් වන්නාය. ඔහුගේ මැවීමෙහි, ඔහුගේ නියමයෙහි හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
Zuhruf 43:85
අහස්හි හිමාපාණන්වූද මහපොළොවේ හිමාපාණන්වූද ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන්වූද අල්ලාහ්ගේ ශ්රේෂ්ඨත්ව හා ඔහුගේ සමෘද්ධිය අති උත්කෘෂ්ට විය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදුවන මොහොත පිළිබඳ දැනුම ඔහු සතුව පමණක් ඇත. වෙනත් කිසිවෙකු එය නොදනී. විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා මතුලොවෙහි යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය.
Zuhruf 43:86
අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි සාක්ෂි දැරූ අයට හැර, අල්ලාහ් හැරදමා දේව ආදේශකයින් නමදිමින් සිටින සෙසු අයට අල්ලාහ් අබියස මැදිහත් වීම සඳහා කිසිදු අයිතියක් හිමි නැත. ඊසා තුමා, උසෙයිර් තුමා හා මලක්වරුන් පිළිබඳ ඔවුන් කවර සාක්ෂියක් දරන්නේ ද ඒ ගැන ඔහු දනී.
Zuhruf 43:87
ඔවුන් මැව්වේ කව්දැ?යි නුඹලා ඔවුන්ගෙන් විමසා සිටියේ නම්, ඔවුහු, ‘අප මැව්වේ අල්ලාහ් වේ’ යැයි පවසති. මෙම පිළිගැනීමෙන් පසු ව ඔහුට ගැතිකම් කිරීමෙන් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?
Zuhruf 43:88
ඔහුගේ දූතයාව ඔහුගේ ජනයා බොරු කරමින් සිටින බවට ඔහු පැමිණිලි කර සිටීමේ දැනුමද ශුද්ධවන්තයාණන් අබියස ඇත. එහි වූ එතුමාගේ ප්රකාශයක් වනුයේ, ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මෙම පිරිස වෙත මා කවර කරුණක් සමග නුඹ මා දූතයෙකු සේ යැව්වේ ද එය ඔවුන් විශ්වාස නොකරන පිරිසකි’ යන්නයි.
Zuhruf 43:89
එහෙයින් නුඹ ඔවුන්ගෙන් ඈත්ව සිටිනු. නුඹ කවර කරුණකින් ඔවුන්ගේ නපුර වලක්වන්නේ ද එය ඔවුනට පවසා සිටිනු. -එය මක්කාවේ සිටි අවදියේය- ඔවුන් මුහුණ දෙන්නට යන දඬුවම පිළිබඳ ඔවුන් මතු දැනගනු ඇත.
Duhan 44:1
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Duhan 44:2
සත්ය වෙත මඟ පෙන්වන මාර්ගය පැහැදිලි කරන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.
Duhan 44:3
සැබැවින්ම අල් කුර්ආනය අපි කද්ර් රාත්රියේ පහළ කළෙමු. එය අධික යහපත පිරුණු රාත්රියකි. සැබැවින්ම අපි මෙම අල් කුර්ආනය තුළින් අනතුරු අඟවන්නෙමු.
Duhan 44:4
එම රාත්රිය තුළ, ආහාර සම්පත්, ආයු කාලය හා එම වසර තුළ සිදුවන අනෙකුත් කරුණු යනාදිය හා බැඳුණු සෑම තීන්දුවක්ම වෙන් කරනු ලැබේ.
Duhan 44:5
අප වෙතින් තීන්දු කරනු ලබන සෑම කරුණක්ම ඔවුන් වෙනුවෙන් අපි වෙන් කරන්නෙමු. සැබැවින්ම අපි දහම් දූතයින් එවන්නන් වූයෙමු.
Duhan 44:6
අහෝ ධර්ම දූතය! කවරෙකු වෙත ධර්ම දූතවරුන් එවනු ලැබිය යුත්තේ ද ඔවුන් වෙත ධර්ම දූතවරුන් එවීම නුඹගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් විය. සැබැවින්ම ඔහු සුවිශුද්ධය. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් ගැන මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
Duhan 44:7
ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි පරමාධිපතිය. ඒ වග නුඹලා තරයේ විශ්වාස කළේ නම්, මාගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කරනු.
Duhan 44:8
ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කිසිවකු නැත. ඔහු ප්රාණය දෙයි. මරණයට පත් කරයි. ඔහුගෙන් තොර ව කිසිදු ප්රාණයක් හෝ මරණයක් හෝ නැත. නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුතුන් මිත්තන්ගේ පමරාධිපති ද ඔහුය.
Duhan 44:9
දේව ආදේශකයෝ ඒ ගැන තරයේ විශ්වාස කරන්නන් නොවෙති. ඔවුන් මිථ්යාවේ සිටින බැවින් ඒ ගැන සැකයෙහි පසුවෙති.
Duhan 44:10
අහෝ ධර්ම දූතය! අහසින් පැහැදිලි දුමාරයක් පැමිණ, දැඩි කුසගින්නෙන් යුතු ව ඔවුන් ඔවුන්ගේ දෑසින් එය දකින දිනයේ නුඹේ ජනයා සතු සමීප දඬුවම නුඹ බලාපොරොත්තුවෙන් සිටිනු.
Duhan 44:11
එය නුඹේ සමූහයා ආවරණය කරයි. ‘නුඹලාට අත් වූ මෙම දඬුවම වේදනීය දඬුවමකි’ යැයි ඔවුනට පවසනු ලැබේ.
Duhan 44:12
ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් බැගෑපත් ව මෙසේ ආයාචනා කරති. ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත කවර දඬුවමක් ඔබ එව්වේ ද එයින් අප වෙනතකට යොමු කරනු මැනව! එසේ ඔබ අපව එයින් වෙනතකට යොමු කළේ නම්, සැබැවින්ම අපි ඔබ ව හා ඔබේ දූතයාණන්ව විශ්වාස කරන්නන් වෙමු.’
Duhan 44:13
ඔවුන් උපදෙස් ලබා ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් නැඹුරු වීම ඔවුනට කෙසේ නම් විය හැකි ද? සැබැවින්ම දූත පණිවිඩය පැහැදිලි කරමින් දූතයකු ඔවුන් වෙත පැමිණ ඇත. ඔහුගේ සත්යතාව හා ඔහුගේ වගකීම ඔවුහු හඳුනා ගෙන ඇත.
Duhan 44:14
පසුව ඔහුගේ සත්යතාව තහවුරු කිරීමට ඔවුහු පිටුපෑවෝය. ඔහු ගැන මෙසේ පැවසුවෝය: ‘ඔහු දූතයකු නොව, වෙනත් අය උගන්වන මෙන් ගුරුවරයෙකු වේ.’ ඔහු ගැන තවත් පිරිසක් ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි පැවසූහ.
Duhan 44:15
සැබැවින්ම අපි නුඹලාගෙන් දඬුවම සුළු වශයෙන් ඉවත් කරන විට සැබැවින්ම නුඹලා නැවතත් නුඹලාගේ දේව ප්රතික්ෂේපය හා නුඹලාගේ බොරු කිරීම වෙත නැවත හැරී යන්නෝය.
Duhan 44:16
අහෝ දූතය! නුඹේ සමූහයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින් ග්රහණය කරනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටිනු. එම මහත් වූ ග්රහණය බද්ර් යුද දිනයයි. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් ද ඔහුගේ දූතයාණන්ව බොරු කළ බැවින් ද සැබැවින්ම අපි ඔවුන්ගෙන් පළිගන්නන් වෙමු.
Duhan 44:17
සැබැවින්ම ඔවුනට පෙර අපි ෆිර්අවුන්ගේ සමූහයා ද පරීක්ෂාවට ලක් කළෙමු. අල්ලාහ්ව එකීයත්වයට පත් කරන මෙන් ද ඔහුට නමදින මෙන් ද ඇරයුම් කරමින් ගෞරවණීය අල්ලාහ්ගෙන් වූ දූතයෙකු ඔවුන් වෙත පැමිණියේය. ඔහු මූසා අලයිහිස් සලාම් තුමාය.
Duhan 44:18
මූසා (අලයිහිස් සලාම්) තුමා ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අමතා, ‘ඉස්රාඊල් දරුවන් මා වෙනුවෙන් අතහැර දමනු. ඔවුන් අල්ලාහ්ගේ ගැත්තන් වෙති. නුඹලා ඔවුන් වහලුන් බවට තබා ගැනීමට නුඹලාට යුතු නොවන්නේය. සැබැවින්ම මම නුඹලා වෙනුවෙන් පැමිණි අල්ලාහ්ගේ දූතයකු වෙමි. මා නුඹලා වෙත දන්වා සිටින මෙන්, මට අණ කර ඇති දෑට මම විශ්වාසනීය අයෙකි. ඉන් කිසිවක් මම අඩු නොකරමි. එමෙන්ම වැඩි ද නොකරමි’ යැයි පවසා සිටියේය.
Duhan 44:19
අල්ලාහ්ට නැමදුම් කිරීම අතහැර දැමීමෙන් හා ඔහුගේ ගැත්තන්හට අහංකාරකම් පෑමෙන් අල්ලාහ්ට උඩඟු නොවනු. සැබැවින්ම මම නුඹලා වෙත පැහැදිලි සාධක ගෙනැවිත් ඇත්තෙමි.
Duhan 44:20
නුඹලා මා ගල් ගසා මරා දැමීමෙන් සැබැවින් මම මාගේ මෙන්ම නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි.
Duhan 44:21
මා කවර කරුණක් ගෙන ආවේ ද එය නුඹලා සත්ය බව පිළිනොගන්නේ නම්, නුඹලා මගෙන් වෙන්ව යනු. කිසිදු නපුරක් කිරීමට මා වෙත ළං නොවනු.
Duhan 44:22
එවිට මූසා තම පරමාධිපතිට මෙසේ ප්රාර්ථනා කළේය. ‘සැබැවින්ම මෙම ජනයා -එනම් ෆිර්අවුන් හා ඔහුගේ පිරිස- අපාරාධකාරී පිරිසකි. දඬුවම් ඉක්මන් කිරීම සඳහා ඔවුහු සුදුස්සන් වෙති."
Duhan 44:23
එවිට තම ජනයා රාත්රියේම රැගෙන යන මෙන් අල්ලාහ් ඔහුට නියම කළේය. සැබැවින්ම ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඔවුන් ලුහුබඳිනු ඇතැයි ද ඔහු ඔහුට දන්වා සිටියේය.
Duhan 44:24
ඔහු හා ඉස්රාඊල් දරුවන් මුහු ද තරණය කළ විට එය තිබූ තත්ත්වයට අතහැර දමන බව ද නියම කළේය. සැබැවින්ම ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදේ ගිලී විනාශවන්නන්මය.
Duhan 44:25
ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඔවුන්ගේ පසුපසින් කොපමණ උයන් හා ගලා යන උල්පත් ප්රමාණයක් අතහැර දමා ගියේ ද?
Duhan 44:26
ඔවුන්ගේ පසුපසින් කොපමණ ගොවිබිම් හා අලංකාර සභාගර්භයන් ප්රමාණයක් අතහැර දමා ගියේ ද?
Duhan 44:27
එහි ඔවුන් විඳිමින් සිටි කොපමණ සතුටු දායක ජීවන මාර්ගයන් ඔවුන්ගේ පසුපසින් අතහැර දමා ගියේ ද?
Duhan 44:28
නුඹලාට විස්තර කළ පරිදි ඒවා එලෙසම ඔවුනට සිදු විය. ඔවුන්ගේ උයන් ඔවුන්ගේ උල්පත් ඔවුන්ගේ ගොවිතැන් ඔවුන්ගේ නිලධරයන් වෙනත් පිරිසකට අපි උරුම කළෙමු. ඔවුන් ඉස්රාඊල්ගේ දරුවන් වූහ.
Duhan 44:29
ෆිර්අවුන් හා ඔහුගේ ජනයා දියේ ගිල්වනු ලැබූ විට අහස් හෝ මහපොළොව හෝ ඔවුන් වෙනුවෙන් හඬා වැළපුණේ නැත. ඔවුන් පාපක්ෂමාවෙහි නිරතවන තුරු ඔවුනට කල් දෙනු ලැබුවේ ද නැත.
Duhan 44:30
ෆිර්අවුන් හා ඔහුගේ ජනයා ඉස්රාඊල් දරුවන්ගේ පිරිමි දරුවන් මරා; ඔවුන්ගේ ගැහැණු දරුවන්ට ජීවිත දානය දී සිදු කරමින් ආ නින්දනීය දඬුවමින් සැබැවින් අපි ඔවුන් මුදවා ගත්තෙමු.
Duhan 44:31
ෆිර්අවුන්ගේ දඬුවමින් ද අපි ඔවුන් මුදවා ගත්තෙමු. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයට හා ඔහුගේ දහමට ඔබ්බෙන් සීමාව ඉක්මවා ගියවුන් අතරින් අහංකාරයකු විය.
Duhan 44:32
ඉස්රාඊල් දරුවන්ගේ කාලයේ විසූ ලෝවැසියන් වඩා සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු. එය ඔවුන්ගේ නබිවරුන් අධික සංඛ්යාවක් එවීමෙනි.
Duhan 44:33
අපි මූසා ව ශක්තිමත් කරමින් මන්නු සල්වා හා වෙනත් දෑ මෙන් ඔවුන් වෙනුවෙන් බාහිරි ආශිර්වාදයන් සහිත සාක්ෂි හා සාධක අපි ඔවුනට පිරිනැමුවෙමු.
Duhan 44:34
මෙම බොරුකාර ආදේශකයින් සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම හෙළා දකිමින් මෙසේ පවසති:
Duhan 44:35
අපගේ මුල් මරණය හැර වෙනත් දෙයක් නැත. ඉන්පසු වෙනත් ජීවිතයක් ද නැත. මෙම මරණයෙන් පසු ව අප යළි නැගිටුවනු ලබන්නන් නොවෙමු.
Duhan 44:36
එසේ නම්, අහෝ මුහම්මද්! සැබැවින්ම මියගිය තැනැත්තන් විනිශ්චය හා ප්රතිඵල සඳහා සැබැවින්ම අල්ලාහ් නැවත නැගිටුවනු ඇතැයි නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීහු නම්, මියගිය අපගේ මුතුන්මිත්තන් ජීවමානව අප වෙත නුඹලා නැවත ගෙන එනු.
Duhan 44:37
අහෝ දූතය! නුඹ ව බොරු කරන මෙම ආදේශකයින් බලයෙහි හා ආශිර්වාදයෙහි උතුම් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර විසූ ආද් හා සමූද් වැනි ජනයා ද? ඔවුන් සියලු දෙනා අපි විනාශ කළෙමු. සැබැවින්ම ඔවුන් අපරාධකරුවන් වූහ.
Duhan 44:38
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද ඒවායෙහි මැවීම් හාස්යයට ලක් කරන ලෙසින් මවා නැත.
Duhan 44:39
අහස් හා මහපොළොව ගැඹුරු ප්රඥාවක් සඳහා මිස අපි නොමැව්වෙමු. නමුත් ආදේශකයින් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති.
Duhan 44:40
ගැත්තන් අතර අල්ලාහ් වෙන් කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වනාහි, සැබැවින්ම එය සියලු මැවීම්හට ප්රතිඥා දෙනු ලැබූවකි. අල්ලාහ් ඔවුන් එහි එක්රැස් කරනු ඇත.
Duhan 44:41
සමීපතයෙක් තවත් සමීපතයෙකුට හෝ මිතුරෙක් තවත් මිතුරෙකුට හෝ ප්රයෝජනවත් නොවන දිනයකි. අල්ලාහ්ගේ දඬුවමින් ඔවුහු ඔවුන් වළක්වන්නන් නොවෙති. ඊට හේතුව එදින සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ ගැන වාද කිරීමට කිසිවකුට ශක්තියක් නොමැත.
Duhan 44:42
මිනිසුන් අතරින් අල්ලාහ් කරුණාව පෙන්වූ අයට හැර. සැබැවින්ම ඔහු ඉදිරිපත් කළ දැහැමි ක්රියාවන් තුළින් ඔහු ප්රයෝජන ලබනු ඇත. සැබැවින් අල්ලාහ් වනාහි, කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරතව ඔහු වෙත යොමු වන්නන් හට ඔහු මහා කාරුණිකය.
Duhan 44:43
සැබැවින්ම නිරය පතුළේ අල්ලාහ් හට ගන්වා ඇති සක්කූම් ගස වනාහි,
Duhan 44:44
එය මහා පාපියා - දෙවියන් ප්රතික්ෂේප තැනැත්තා සතු ආහාරයයි. එම ගසෙහි නරක් වූ පළතුරු ඔහු අනුභව කරයි.
Duhan 44:45
එම පලතුර කළුපැහැති තෙල් මෙනි. එහි පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ කුසවල් උණුවෙමින් පවතී.
Duhan 44:46
උෂ්ණත්වයේ උපරිමයෙන්ම නටන (ලෝ දිය හා සමාන)ජලය මෙනි.
Duhan 44:47
නිරයේ භාරකරුවන්හට, ‘මොහු ව අල්ලා ඉතා දරුණු ලෙස නිරයේ මධ්යයට ඇදගෙන යනු’ යැයි කියනු ලැබේ.
Duhan 44:48
පසු ව දඬුවම් කරනු ලබන මොහුගේ හිස මත එම ලෝ දිය වක්කරනු. දඬුවම ඔහුගෙන් වෙන් නොවනු ඇත.
Duhan 44:49
ඔහුට උපහාසාත්මක ලෙස, ‘මෙම වේදනීය දඬුවම භුක්ති විඳිනු. ඔබේ ජනයා අතරට ඇතුළත් නොවූ ඔබ ගරුසර බලධාරියෙකු විය.’ යැයි පවසනු ලැබේ.
Duhan 44:50
සැබැවින්ම මෙය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවනු ඇතැයි නුඹලා සැක කරමින් සිටි දඬුවමයි. එය දෑසින් දැකීමෙන් එම සැකය නුඹලාගෙන් ඉවත්ව ඇත.
Duhan 44:51
ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් වනාහි, ඔවුන් සෑම ගෞරවයක්ම ලබමින් සුරක්ෂිත ව ස්ථාවර ස්ථානයක සිටිති.
Duhan 44:52
උයන් හා ගලා යන උල්පත් අතරය.
Duhan 44:53
සිනිඳු සේද හා ඝන සේද වස්ත්රවලින් ඇඳ පැළැඳ කෙනෙකු තවත් කෙනෙකුගේ පසු ගෙල නොදකින සේ එකිනෙකාට මුහුණලමින් සිටිති.
Duhan 44:54
සඳහන් කරනු ලැබූ දැයින් අපි ඔවුන් ගෞරවයට පත් කළාක් මෙන්ම දැකුම්කළු කුමරියන් සරණපාවා දෙමු. ඔවුන්ගේ ඇස් වල සුදු පැහැය හා ඒවායෙහි කළු පැහැය ඉතා පැහැදිළිව තදින්ම පිහිටන අතර ඒවා විශාල ව පවතී.
Duhan 44:55
එහි ඔවුන්ගේ සේවකයින්ගෙන් ඔවුන් ප්රිය කරන සෑම පළතුරක්ම ඉල්ලා සිටියි. එවිට ඒවා කඩා ගැනීම ගැන කිසිදු බියකින් තොර ව කිසිදු හානියකින් තොරව ඔවුහු ඔවුන් වෙත ගෙන එති.
Duhan 44:56
ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. මෙලොව ජීවිතයේ මුල් මරණය හැර වෙනත් මරණයක් ඔවුහු එහි භුක්ති නොවිඳිනු ඇත. ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ව නිරා ගින්නේ දඬුවමින් ආරක්ෂා කළේය.
Duhan 44:57
එය නුඹේ පරමාධිපතිගෙන් ඔවුන් සඳහා වූ භාග්යයක් හා සංග්රහයක් ලෙසිනි. ස්වර්ගයට ඔවුන් ප්රවේශ කිරීම නිරා ගින්නෙන් ඔවුන් ආරක්ෂා කිරීම යනා දී ලෙස සඳහන් කරනු ලැබූ මේවා කිසිදු ජයග්රහණකට එයට ළඟා විය නොහැකි අතිමහත් ජයග්රහණයකි.
Duhan 44:58
අහෝ දූතය! එහෙයින් සැබැවින්ම ඔවුන් වටහා ගත හැකිවනු පිණිස ඔබේ අරාබි බසින්ම අපි අල් කුර්ආනය පහළ කිරීම තුළින් අපි එය පහසු කර ඇත්තෙමු. සැහැල්ලු කර ඇත්තෙමු.
Duhan 44:59
එහෙයින් නුඹේ ජයග්රහණයත් ඔවුන්ගේ විනාශයත් නුඹ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම ඔවුන් නුඹේ විනාශය බලපොරොත්තුවෙන් සිටියි.
Câsiye 45:1
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Câsiye 45:2
අල් කුර්ආනය පහළ කිරීම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි නියමයන්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ ද අල්ලාහ්ගෙන් වූවකි.
Câsiye 45:3
සැබැවින්ම අහස් හා මහපොළොව තුළ අල්ලාහ්ගේ බලය, ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක දේව විශ්වාසීන්ට ඇත. සැබැවින්ම ඔවුහු එම සංඥාතුළින් පාඩම් ලබන්නෝ වෙති.
Câsiye 45:4
අහෝ ජනයිනි! ශුක්රාණුවෙන් එල්ලෙන ලේ කැටියකටත්, පසු ව එයින් මස් ගොබයකටත් පරිවර්තනය කරමින් මවන ලද නුඹලාගේ මැවීම තුළ ද එමෙන්ම අල්ලාහ් විකාශනය කළ මහපොළොව මත උරගා යන සත්ව මැවීම් තුළ ද ‘සැබැවින්ම අල්ලාහ්ය මැවුම්කරු’ යැයි තරයේ විශ්වාස කරන්නන් හට ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක ඇත.
Câsiye 45:5
රාත්රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහි ද අල්ලාහ් අහසින් වැසි වස්වා මහපොළොව කිසිදු පැලෑටියක් නැති මිය ගිය තත්ත්වයෙන් තිබුණායින් පසු, එමගින් යළි ජීවමාන කිරීමෙහි ද නුඹලාගේ ප්රයෝජන සඳහා විටෙක එක් පැත්තකින් ද, තවත් විටෙක තවත් පැත්තකින් ද සුළඟ හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත. ඔවුහු එමගින් අල්ලාහ්ගේ ඒකීයත්වය, නැවත නැගිටුවනු ලැබීමේ ඔහුගේ හැකියාව හා සියලු දෑ කෙරෙහි පවතින ඔහුගේ බලය සාධක කර ගනිති.
Câsiye 45:6
අහෝ දූතය! මෙම සංඥා හා සාධක අපි නුඹ වෙත සත්යයෙන් යුතු ව පාරායනය කර පෙන්වන්නෙමු. අල්ලාහ්ගේ ගැත්තා වෙත පහළ කරනු ලැබූ ඔහුගේ ප්රකාශයත්, ඔහුගේ සාධකත්, ඔවුන් විශ්වාස නොකළේ නම් ඉන් පසු ඔවුන් කවර ප්රකාශයක් විශ්වාස කරනු ඇත් ද? කවර සාධකයක් සත්යය කරනු ඇත් ද?
Câsiye 45:7
අධික ලෙස පාපකම් සිදු කරන, බොරු පවසන සෑම කෙනෙකුහටම අල්ලාහ්ගෙන් වූ දඬුවමත් විනාශයත් අත්වේවා!
Câsiye 45:8
මෙම දේව ප්රතික්ෂේපකයා, ඔහු වෙත කියවනු ලබන අල්කුර්ආනයේ අල්ලාහ්ගේ වදන්වලට සවන් දෙයි. පසුව ඔහු කවර ප්රතික්ෂේපයක හා පාපකම්වල නිරතව සිටියේ ද එහිම නිරන්තරයෙන්ම සිටියි. සත්යය අනුගගමනය කිරීමෙන් ඔහු තුළ අහංකාරයක් ඇති කර ගනී. ඔහු වෙත කියවා පෙන්වන ලද එම වදන් ඔහුට නොඇසුනාක් මෙන් ඔහු පසුවෙයි. එහෙයින් අහෝ දූතය! ඔහුගේ අවසානයේ ඔහුට අත්වන නපුර පිළිබඳ දන්වා සිටිනු. එය ඔහුව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමයි.
Câsiye 45:9
අල් කුර්ආනයෙන් යමක් ඔහු වෙත ළඟා වූ විට එය හාස්යයට ලක් කරමින් සරදමක් ලෙස ගනී. අල් කුර්ආනය හාස්යයට ලක් කිරීමේ ගුණාංගය සහිත මෙවන් අයහට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නින්දනීය දඬුවමක් ඇත.
Câsiye 45:10
මතුලොවෙහි ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින නිරා ගින්න ඔවුනට ඉදිරියෙන් පවතී. ඔවුන් ඉපැයූ දෑ කිසිවක් අල්ලාහ්ගෙන් මිදීම සඳහා ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. ඔහු හැර ඔවුන් නැමදුමට ගත් පිළිම ඔවුන්ගෙන් එය වළක්වන්නේ ද නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් දඬුවමක් ඔවුනට ඇත.
Câsiye 45:11
අපගේ දූත මුහම්මද් වෙත පහළ කළා වූ මෙම ග්රන්ථය සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන්නකි. දූතයා වෙත පහළ කරනු ලැබූ ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි. ඔවුනට වේදනීය නපුරු දඬුවමක් ඇත.
Câsiye 45:12
අහෝ ජනයිනි! ඔහුගේ නියෝගය අනුව සාගරයේ නැව් ගමන් කිරීම සඳහාත් එමගින් අනුමත විවිධ වෙළඳාම් තුළින් ඔහුගේ භාග්ය නුඹලා සොයා ගැනීම සඳහාත් නුඹලා වෙත පිරිනමා ඇති අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් නුඹලා කෘතඥ වනු පිණිසත් එය වසඟ කර දුන්නේ අල්ලාහ්ය.
Câsiye 45:13
අහස්හි පවතින හිරු, සඳු හා තාරකා යනාදිය ඔහු නුඹලාට වසඟ කර දී ඇත. එමෙන්ම මහපොළොවේ පවතින ගංගා, ගහකොළ, කඳු හා වෙනත් දෑ ද ඔහු නුඹලාට වසඟ කර දී ඇත. මේ සියලු ආශිර්වාද ඔහුගේ භාග්යයෙන් හා ඔහුගේ උපකාරයෙන් වූවකි. ඔහුගේ සංඥා ගැන පරිශීලනය කොට එමගින් පාඩම් ලබන්නන්හට අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක මේවා වසඟ කර දීම තුළ පවතී.
Câsiye 45:14
අහෝ ධර්ම දූතය! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ ධර්ම දූතයාණන් සත්ය බව තහවුරු කළවුනට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ්ගේ ආශිර්වාද හෝ ඔහුගේ කෝපය පිළිබඳ නොසැලකිලිමත් ව සිටින දේවත්වය ප්රතික්ෂේප කරන අය අතරින් නුඹලාට නපුරුකම් කරන්නන් ගැන නුඹ නොසලකා හරිනු. ඉවසිලිවන්ත දේව විශ්වාසීන්ටත් ඉක්මවා ගිය දේව ප්රතික්ෂේපකයින්ටත් ඔවුනොවුන් මෙලොව ජීවිතයේ උපයාගත් ක්රියාවන්ට අනුව සැබැවින්ම අල්ලාහ් ඔවුනොවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Câsiye 45:15
කවරෙකු දැහැමි ක්රියාවක් සිදු කළේ ද ඔහුගේ දැහැමි ක්රියාවේ ප්රතිඵලය ඔහු සතුය. ඔහුගේ ක්රියාව ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැත. එමෙන්ම කවරෙකු නපුරු ක්රියාවක් සිදු කළේ ද ඔහුගේ එම නපුරු ක්රියාවෙහි ප්රතිවිපාකය හා එහි දඬුවම ඔහු සතුය. ඔහුගේ එම නපුරු ක්රියාවෙන් කිසිදු හානියක් අල්ලාහ්ට අත් වන්නේ නැත. ඉන්පසු සෑම කෙනෙකුටම නියමිත ප්රතිඵල පිරිනැමීම සඳහා මතුලොවෙහි නුඹලා නැවත හැරී එනුයේ අප වෙතමය.
Câsiye 45:16
සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවන්ට තව්රාතය හා එහි නීති අනුව ජනයා අතර තීන්දු දීමේ අවස්ථාව පිරිනැමුවෙමු. නබිවරුන් අතරින් බහුතරයක් දෙනා ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පරම්පරාවෙන් පත් කළෙමු. විවිධ යහපත් දැයින් අපි ඔවුන් පෝෂණය කළෙමු. ඔවුන්ගේ කාලයේ විසූ ලෝවැසියන්ට වඩා අපි ඔවුන් උසස් කළෙමු.
Câsiye 45:17
අසත්යයෙන් සත්යය පැහැදිලි කරන සාධක අපි ඔවුනට පිරිනැමුවෙමු. ඔවුන් වෙත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැමිණීම ගැන සාධක ඉදිරිපත් කිරීමෙන් පසුව මිස ඔවුන් මතභේද ඇති කරගත්තේ නැත. එම මතභේදයට ඔවුන් ඇද දැමුවේ නායකත්වයට හා කීර්තියට එකිනෙකා ඊර්ෂ්යා කිරීමය. අහෝ ධර්ම දූතය! ඔවුන් කවර කරුණක් සම්බන්ධයෙන් මෙලොවෙහි මතභේද ඇති කර ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ ගැන සැබැවින්ම නුඹේ පරමාධිපති ඔවුනට පැහැදිලි කරනු ඇත. සත්ය මත සිටියේ කවුදැයි ද අසත්යය මත සිටියේ කවුදැයි ද එවිට පැහැදිලි වනු ඇත.
Câsiye 45:18
නුඹට පෙර සිටි අපගේ දූතවරුන්හට, දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් වෙත ඇරයුම් කිරීම සඳහා කවර කරුණක් අපි නියෝග කළෙමු ද එවන් කරුණුවලින් යුත් මඟක පිළිවෙතක හා වැඩපිළිවෙළක අපි නුඹව ද තැබුවෙමු. එහෙයින් එම ආගමික පිළිවෙත නුඹ අනුගමනය කරනු. සත්යය නොදන්නා අයගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන්ගේ ආශාවන් සත්යයෙන් මුළාවූවකි.
Câsiye 45:19
සැබැවින්ම සත්යය නොදන්නා අය වනාහි, නුඹ ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළෙහි නම් අල්ලාහ්ගෙන් ඇතිවන දඬුවමින් ඔවුන් නුඹව කිසිවිටෙක වළක්වා ගන්නේ නැත. සියලු ආගම් අතර සිටින අපරාධකරුවන් ඔවුන් එකිනෙකාට උදව් කරන්නන් වෙති. දේව විශ්වාසීන්ට එරෙහිව එකිනෙකාට ආධාර කරන්නන් වෙති. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන්ගේ උදව්කරු අල්ලාහ්ය.
Câsiye 45:20
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය මිනිසා ව්යාජත්වයෙන් සත්යය වටහා ගැනීම සඳහා ඇති පැහැදිළි සාධකයකි. සත්ය වෙත මග පෙන්වන මාර්ගෝපදේශයකි. තරයේ විශ්වාස කරන ජනයාට ආශිර්වාදයකි. ඊට හේතුව සැබැවින්ම ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබුවෝ ඔවුන් වන බැවිණි. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් ගැන තෘප්තියට පත් විය. ස්වර්ගයට ඔවුන් ප්රවේශ කරනු ඇත. නිරයෙන් ඔවුන් ආරක්ෂා කරනු ඇත.
Câsiye 45:21
තම ශරීර අවයව තුළින් දේව ප්රතික්ෂේපය හා පාපය උපයා ගත් අය අල්ලාහ්ව විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළවුන්ට මෙලොවෙහි හා මතුලොවෙහි සම වන පරිදි ප්රතිඵල පිරිනැමීමේ දී ඔවුන් අප පත් කරනු ඇතැයි සිතන්නෝ ද? ඔවුන්ගේ එම තීන්දුව නපුරක්ම විය.
Câsiye 45:22
යම් ගැඹුරු ප්රඥාවක් වෙනුවෙන් අල්ලාහ් අහස් හා මහපොළොව මවා ඇත්තේය. ඒ දෙක ඔහු නිකරුණේ මවා නැත. සෑම ආත්මයක්ම ඔවුනොවුන් උපයාගත් යහපත හා අයහපත වෙනුවෙන් ප්රතිඵල පිරිනමනු ලැබේ. ඔවුන්ගේ යහකමින් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ පාපකම්වලට වඩා යමක් වැඩි කිරීමෙන් හෝ ඔහු ඔවුනට අසාධාරණකම් සිදු නොකරයි.
Câsiye 45:23
අහෝ දූතය! තම ආශාවන් පිළිපැද නැමදීමට සුදුසු ස්ථානයේ එයට පටහැනි නොවන දෙයක් පත් කළේ ද එවැන්නෙකු දෙස නුඹ බැලුවෙහි ද? සැබැවින්ම ඔහු මුළාවට සුදුසු බැවින් අල්ලාහ් ඔහු ගැන දැන දැනම ඔහු නොමග යන්නට ඉඩ හැරියේය. ඔහුගේ හදවත මත මුද්රා තැබීය. එහෙයින් ප්රයෝජනවත් වන අයුරින් ඔහුට සවන් දිය නොහැක. එමෙන්ම සත්ය දැකීමෙන් ඔහුව වළක්වන පරිදි අල්ලාහ් ඔහුගේ බැල්ම මත ආවරණයක් යෙදීය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඉන් පසු සත්යය වෙත ඔහුට ආශිර්වාද කරනුයේ කවරෙක් ද? ආශාවන් අනුගමනය කිරීමේ හානියත් අල්ලාහ්ගේ පිළිවෙත අනුගමනය කිරීමේ ප්රයෝනයත් නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
Câsiye 45:24
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයෝ, "ජීවිතය යනු අපගේ මේ මෙලොව ජීවිතය පමණි. ඉන් පසු කිසිදු ජීවිතයක් නැත. පරම්පරාවන් මිය යයි. නමුත් නැවත ජීවය ලබා හැරී නොඑයි. රාත්රිය හා දහවල එකිනෙක පසුපස යෑම මිස වෙනත් කිසිවක් අප මරණයට පත් නොකරයි" යැයි පවසති. යළි අවදි කරනු ලැබීම ගැන කිසිදු දැනුමක් ඔවුනට නැත. ඒ ගැන ඔවුන් අනුමාන කරනවා මිස නැත. සැබැවින්ම අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝනවත් නොවනු ඇත.
Câsiye 45:25
යළි අවදි කරනු ලැබීම හෙළා දකින දේව ආදේශකයින් වෙත අපගේ වදන් පැහැදිලි කරමින් කියවා පෙන්වනු ලබන විට, ‘අපගේ මරණින් පසු සැබැවින්ම අපි යළි අවදි කරනු ලබන බවට නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීන් නම් මියගිය අපගේ මුතුන් මිත්තන්හට අප වෙනුවෙන් ජීවය ලබා දෙනු’ යැයි ධර්ම දූතයාණන් හට ඔවුන් ප්රකාශ කර සිටිනවාක් මිස ඔවුන් සාධක වශයෙන් ඉදිරිපත් කරන කිසිදු සාධකයන් ඔවුනට එහි නොවීය.
Câsiye 45:26
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාව මැවීමෙන් අල්ලාහ් නුඹලාට ජීවය ලබා දෙයි. පසුව ඔහු නුඹලා මරණයට පත් කරයි. පසුව නුඹලාගේ මරණයෙන් පසු විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු නුඹලාව එක්රැස් කරයි." සැබැවින්ම එය පැමිණීම කිසිදු සැකයක් නැති දිනයකි. නමුත් බහුතරයක් දෙනා ඒ බව නොදනිති. දැහැමි ක්රියාවන් තුළින් ඔවුන් ඒ සඳහා සූදානම් නොවෙති.
Câsiye 45:27
අහස්හි ආධිපත්යය ද මහපොළොවේ ආධිපත්යය ද අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙකෙහි ඔහු හැර වෙනත් කිසිවෙකු සැබෑ ලෙස නැමදුම් නොලබයි. අවසන් හෝරාව ක්රියාත්මක වන දින විනිශ්චය හා ප්රතිඵල සඳහා එහි මියගියවුන් අල්ලාහ් යළි අවදි කරවයි. අල්ලාහ් හැර වෙනත් අයට නැමදුම් කරමින් සත්ය ව්යාජත්වයට පත් කිරීමටත් ව්යජාත්වය සත්යය බවට පත් කිරීමටත් උත්සාහ දරමින් සිටි ව්යාජ ජනයා පාඩු විඳිනු ඇත.
Câsiye 45:28
අහෝ දූතය! එදින සෑම සමූහයක්ම දණින් වැටී ඔහු ඔවුනට සිදු කරන දෑ බලා සිටිනු ඔබ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන් ගැන මලක්වරුන් සටහන් කර ගත් ඔවුන්ගේ වාර්තාව වෙත ඔවුන් ඇරයුම් කරනු ලබති. අහෝ ජනයිනි! එදින මෙලොවෙහි නුඹලා කරමින් සිටි හොද නරක සියලු දෑ සඳහා ප්රතිඵල පිරිනමනු ලබනු ඇත.
Câsiye 45:29
-නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අපගේ මලක්වරුන් විසින් සටහන් කර ගත්- මෙම වාර්තාව සැබෑ ලෙසින්ම නුඹලාට සාක්ෂි දරනු ඇත. එහෙයින් නුඹලා එය කියවනු. මෙලොව නුඹලා සිදු කරමින් සිටි දෑ සටහන් කරන මෙන් සැබැවින්ම අපි ආරක්ෂකයින්ට අණ කර සිටියෙමු.
Câsiye 45:30
අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළින් ඔහුගේ ස්වර්ගයට ඇතුළත් කරනු ඇත. අල්ලාහ් ඔවුනට පිරිනැමූ එම ප්රතිඵලය කිසිදු ජයග්රහණයකට ළං කළ නොහැකි පැහැදිලි ජයග්රහණයයි.
Câsiye 45:31
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් වැළපෙන්නට සලස්වමින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලා වෙත කියවා පෙන්වනු ලැබූ මාගේ වදන් නුඹලාට නොවී ද? නමුත් ඒවා විශ්වාස කිරීමට නුඹලා උඬඟු වූවෙහුය. නුඹලා අපරාධකාරී පිරිසක් ලෙස සිටියෙහුය. දේව ප්රතික්ෂේපය හා පාපය උපයා ගත්තෙහුය.'
Câsiye 45:32
-සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව යළි නැගිටුවා ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇතැයි- අල්ලාහ් තම ගැත්තන් හට දුන් ප්රතිඥාව සැබෑවකි. එහි කිසිදු සැකයක් නැත. අවසන් හෝරාව ද සැබෑවකි. එහිද කිසිදු සැකයක් නැත. එහෙයින් ඒ සඳහා කටයුතු කරනු’ යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා, ‘එම හෝරාව ගැන අපි නොදනිමු. සැබැවින්ම එය පැමිණීම දුර්වල සිතුවිල්ලක් ලෙස මිස අපි නොසිතුවෙමු. සැබැවින්ම එය පැමිණෙන බව තරයේ විශ්වාස කරන්නන් ලෙස අපි නොසිටියෙමු.' යැයි පවසනු ඇත.
Câsiye 45:33
ඔවුන් මෙලොවෙහි සිදු කළ දේව ප්රතික්ෂේපය හා පාපකම්වල නපුර ඔවුනට හෙළි විය. දඬුවම ගැන ඔවුනට අවවාද කරනු ලැබූ අවස්ථාවේ එය හාස්යයට ලක් කරමින් සිටි එම දඬුවම ඔවුනට පහළ විය.
Câsiye 45:34
නුඹලාගේ මේ දිනයේ හමු ව සැබැවින්ම නුඹලා අමතක කර දමා, දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඒ සඳහා නුඹලා සූදානම් නොවූවාක් මෙන්ම අද දින නුඹලාව නිරා ගින්නෙහි අපි අතහැර දමමු. නුඹලා යොමු වන නුඹලාගේ නවාතැන නිරා ගින්නය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා වළක්වාලන උදව්කරුවන් නුඹලාට නැත.
Câsiye 45:35
සැබැවින්ම නුඹලා එම දඬුවමින් දඬුවම් කරනු ලබනුයේ නුඹලා අල්ලාහ්ගේ වදන් හාස්යයට ලක් කොට ඒවා හෑල්ලුවට ගත් බැවින් හා මෙලොවෙහි ඇති ආශාවන් හා වින්දනයන් තුළින් මෙලොව ජීවතය නුඹලා ව රවටා ඇති බැවිණි. අල්ලාහ්ගේ වදන් හාස්යයට ලක් කළ මෙම දේව ප්රතික්ෂේපකයින් අද දින නිරා ගින්නෙන් බැහැර කරනු නොලැබේ. ඔවුන් එහි සදාකල් රැඳෙති. දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා ඔවුන් මෙලොව ජීවිතයට නැවත යොමු කරනු ද නොලැබේ. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් ගැන තෘප්තියට පත්වූයේ නැත.
Câsiye 45:36
සියලු ප්රශංසා අල්ලාහ්ට පමණක් සතුය. ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. සියලු මැවීම්හි පරමාධිපතිය.
Câsiye 45:37
අහස්හි හා මහපොළොවේ සියලු කීර්තියන් හා මහිමයන් ඔහුට පමණක් සතුය. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි නියම කිරීමෙහි සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Ahkaf 46:1
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Ahkaf 46:2
අල් කුර්ආනය පහළ කිරීම, කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි නියමයන්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ ද අල්ලාහ්ගෙන් වූවකි.
Ahkaf 46:3
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නිකරුණේ නොමැව්වෙමු. ඒ සියල්ල යම් ගැඹුරු ප්රඥාවක් සඳහා සත්යයෙන් යුතු ව මවා ඇත්තෙමු. ඒ අතරින් ගැත්තා ඔවුන්ගේ පරමාධිපති හඳුනා ගෙන, ඔහුට පමණක් නැමදුම් ඉටු කර, ඔහුට කිසිවක් ආදේශ නොකර සිටීම ද එකකි. එමෙන්ම අල්ලාහ් පමණක් දන්නා නියමිත කාලයක් දක්වා මහපොළොවේ ඔවුනට හිමි නියෝජිතභාවය ඔවුන් ඉටු කරනු පිණිසය. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි අල්ලාහ්ගේ ග්රන්ථයෙහි කවර දෙයක් අවවාද කරනු ලැබුවේ ද එය හෙළා දකින්නෝ වෙති. ඒ ගැන ඔවුහු නොසලකා හරිති.
Ahkaf 46:4
අහෝ දූතය! සත්ය ප්රතික්ෂේප කරන මෙම ආදේශ තබන්නන්ට, නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම මහපොළොවේ කවර කොටසක් මවා ඇත්තේ ද? කවර කන්දක් මවා ඇත්තේ ද? කවර ගංගාවක් මවා ඇත්තේ දැ?යි ඔවුන් ගැන මට දන්වනු. එසේ නැතහොත් අහස් මැවීමෙහි අල්ලාහ් සමග ඔවුනට යම් හවුලක් හෝ කොටසක් හෝ තිබුණේද? සැබැවින්ම නුඹලාගේ පිළිම නැමදුමට සුදුස්සන් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් නම් අල් කුර්ආනයට පෙර අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ ග්රන්ථයක් හෝ මුතුන්මිත්තන් අතහැර දැමූ දැනුමෙන් ඉතිරි ව ඇති දෙයක් හෝ මා වෙත නුඹලා ගෙන එනු.'
Ahkaf 46:5
අල්ලාහ් හැර පිළිමයට වැදුම් පිදුම් කරන්නාට වඩා නොමග ගිය වෙනත් කිසිවකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔහුගේ ප්රාර්ථනාවට එය පිළිතුරු දෙන්නේ නැත. අල්ලාහ් හැරදමා ඔවුන් නමදින මෙම පිළිම ඒවාට වැඳුම් පිදුම් කරන්නන්ගේ ප්රාර්තනාව නොසලකා හරී. ඊට අමතර ව ඒවා තමන්ටම පවා සෙතක් හෝ උවදුරක් හෝ කළ නොහැකිය.
Ahkaf 46:6
ඒවා එසේ තිබියදී මෙලොවෙහි ඔවුනට කිසිදු සෙතක් කරන්නේ නැත. සැබැවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එක්රැස් කරනු ලැබූ විට ඔවුන් නමදිමින් සිටි අයට එරෙහිව ඔවුන් නැගී සිටිනු ඇත. ඔවුන්ගෙන් ඔවුන් ඉවත් වනු ඇත. ඔවුන් ඔවුනට නමදිමින් සිටීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත්ව සිටි බව හෙළා දකිනු ඇත.
Ahkaf 46:7
අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුන් වෙත පාරායනය කරනු ලැබූ විට, අල් කුර්ආනය ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ දූතයා අතින් ඔවුන් වෙත එය පැමිණි කල්හි, ‘මෙය පැහැදිලි හූනියමකි. මෙය අල්ලාහ්ගේ දිව්යමය වාක්ය නොවන්නේය’ යැයි පැවසීය.
Ahkaf 46:8
මෙම දේව ආදේශකයෝ, "සැබැවින්ම මුහම්මද් මෙම කුර්ආනය ගොතා එය අල්ලාහ් වෙත ආරෝපණය කර ඇතැ යි පවසන්නෝ ද?" අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘මා විසින් එය ගොතා ඇත්නම් මට, දඬුවම් දීමට අල්ලාහ් අභිමත කළේ නම්, මා වෙනුවෙන් යම් සැලැසමක් දියත් කිරීමට නුඹලාට නොහැකිය. එසේනම් ඔහු මත බොරුවක් ගොතා එම දඬුවමට මා ඉදිරිපත් විය හැක්කේ කෙසේ ද? අල් කුර්අනයට දොස් නගමින් හා මා සම්බන්ධයෙන් චෝදනා නගමින් නුඹලා කවර කරුණක නිරත ව සිටින්නේ ද ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් ශුද්ධවන්තයාණන් ප්රමාණවත්ය. ඔහු ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු සමාව අයැද ඔහු වෙත යොමු වන්නේ ද ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.'
Ahkaf 46:9
අහෝ දූතය! නුඹගේ නබිත්වය බොරු කරන ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ් එවා ඇති පළමු දූතයා මම නොවෙමි. නමුත් නුඹලාට මා ඇරයුම් කිරීම ගැන නුඹලා පුදුමයට පත් වන්නෙහුය. මට පෙර දූතවරුන් බොහෝමයක් පැමිණ ඇත. අල්ලාහ් මට මෙලොවෙහි කුමක් සිදු කරන්නට යන්නේ දැයි ද නුඹලාට කුමක් සිදු කරන්නට යන්නේ දැයි ද මම නොදනිමි. මා වෙත අල්ලාහ් දන්වා සිටින දෑ හැර වෙනත් කිසිවක් මම අනුගමනය නොකරමි. ඔහු දන්වා සිටි දිව්යමය පණිවිඩ අනුව මිස මා කතා නොකරමි. ක්රියා නොකරමි. තවද මම අල්ලාහ්ගේ දඬුවම පැහැදිලි ලෙසින්ම නුඹලාට අවවාද කරන අවවාද කරන්නෙකු මිස නැත.
Ahkaf 46:10
අහෝ දූතය! මෙම බොරුකාරයින්ට මෙසේ පවසනු. ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වී, ඒ ගැන තව්රාතයේ සඳහන් කරුණු පදනම් කර ගනිමින් සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බව ඉස්රාඊල් දරුවන්ගෙන් සාක්ෂිකරුවකු සාක්ෂි දරා, ඔහු ඒ ගැන විශ්වාස කර තිබියදී නුඹලා එය ප්රතික්ෂේප කොට, ඒ ගැන විශ්වාස කිරීමට උඩඟු වූයේ නම් ඒ ගැන නුඹලා කුමක් පවසන්නේ දැයි මට දන්වනු. එවිට නුඹලා අපරාධකරුවන් නොවන්නෙහු ද? සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට සත්ය වෙත ආශිර්වාද කරන්නේ නැත.
Ahkaf 46:11
අල් කුර්ආනය හා ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද, එය ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසීන්ට, ‘මුහම්මද් ගෙන ආ දෑ යහපත වෙත මග පෙන්වන සත්යයක් වී නම් මෙම දිළිඳුන්, වහලුන් හා දුර්වලයින් අපට වඩා ඉදිරියෙන් සිටිය නොහැක.’ යැයි පවසති. ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එමගින් ඔවුන් යහමග නොලැබූ බැවින් ඉදිරියට ඔවුහු, ‘ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය පුරාන ප්රබන්ධයකි. අපි එම ප්රබන්ධය අනුගමනය නොකරමු.’ යැයි පවසනු ඇත.
Ahkaf 46:12
මෙම අල් කුර්ආනයට පෙර මූසා (අලයිහිස් සලාම්) තුමා හට අල්ලාහ් පහළ කළ තව්රාත් ග්රන්ථය විය. එය ඉස්රාඊල් දරුවන් අතරින් කවරෙකු එය විශ්වාස කොට එය අනුගමනය කළේද ඔවුනට එය සත්යය තුළ අනුගමනය කරනු ලබන මෙහෙයවීමක් හා ආශිර්වාදයක් විය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ තහවුරු කරන අරාබි බසින් වූ ග්රන්ථයක් විය. එමගින් අල්ලාහ්ට ආදේශ කරමින් හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හට එතුමා අවවාද කරන්නට විය. එමෙන්ම තම මැවුම්කරුවා සමග යහ සම්බන්ධකම් පවත්වන ඔහුගේ මැවීම් සමග යහ සම්බන්ධකම් පවත්වන දැහැමියන්ට එය ශුභාරංචියකි.
Ahkaf 46:13
‘අපගේ පරමාධිපතියාණන් අල්ලාහ්ය. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු අපට නැත’ යැයි පවසා දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් මත පදනම් ව ස්ථාවරව සිටියවුන් වනාහි, මතුලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට යන දෑහි ඔවුනට කිසිදු බියක් නැත. මෙලොවෙහි ඔවුනට මග හැරුණු කොටස පිළිබඳ හා ඔවුනට පසු ව ඇති වන දෑ පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.
Ahkaf 46:14
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ ස්වර්ගවාසීහු වෙති. ඔවුන් එහි සදාකල් වෙසෙති. මෙලොවෙහි ඔවුන් ඉදිරිපත් කළ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට ප්රතිඵල ඇත.
Ahkaf 46:15
ආගමික පිළිවෙතට පටහැනි නොවන පරිදි තම දෙමාපියන් ජීවත් ව සිටින විට දී ඔවුන් දෙපළට ඇප උපස්ථාන කරන මෙන් ද ඔවුන් දෙපළ මිය ගිය පසු ද ඔවුන් දෙපළට උපකාර කරන මෙන් ද අපි මිනිසාට ඉතා තදින්ම නියෝග කර ඇත්තෙමු. විශේෂයෙන් තම මවටය. ඇය දැඩි දුෂ්කරතාවෙන් යුතු ව නියමිත කාලයක් කුස තුළ දරා ඔහු ව ඉසිලුවාය. පසුව බුද්ධිමය හා ශාරීරික වශයෙන් ශක්තිමත්ව වැඩෙන තෙක් මාස තිහක් කිරි පෙව්වාය. පසුව ඔහු හතළිස් වැනි වියට පත්ව, "මාගේ පරමාධිපතියාණනි, මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත නුඹ ආශිර්වාද කළ නුඹේ ආශිර්වාද සඳහා මා තුති පුදන්නට මට අවකාශය දෙනු මැනව! එමෙන්ම නුඹ තෘප්තියට පත්වන අයුරින් දැහැමි ක්රියාවන් මා සිදු කිරීමට ද මට අවකාශය දෙනු මැනව! මගෙන් එය පිළිගනු මැනව! මාගේ දරුවන් මට දැහැමියන් බවට පත් කර දෙනු මැනව. මාගේ පව්වලට මම ඔබ වෙත යොමු වී සමාව ඇයැද සිටිමි. සැබැවින්ම නුඹට අවනත වීම සඳහා නුඹ මා අවනත වන්නන් අතරටත් නුඹේ නියෝගවලට යටත් වන්නන් අතරටත් නුඹ මා පත් කරනු මැනව!" යැයි ඔහු පවසයි.
Ahkaf 46:16
ඔවුහු වනාහි, ඔවුන් වඩාත් අලංකාර ව සිදු කළ දැහැමි ක්රියාවන් ඔවුන්ගෙන් අප පිළිගත් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන් වරදට හසුකර නොගෙන සමාව දුන් අය වෙති. ඔවුන් සමස්ත වශයෙන් ස්වර්ගවාසීන් වෙති. ඒ ගැන ප්රතිඥා දුන් මෙම ප්රතිඥාව සැබෑ ප්රතිඥාවකි. කිසිදු සැකයකින් තොරව එය උරුම වනු ඇත.
Ahkaf 46:17
තම දෙමාපියන්ට, ‘නුඹලා දෙදෙනාට විනාශයක්ම වේවා! මා මිය ගිය පසු මාගේ මිණිවලෙන් මා ජීවමානව බැහැර වනු ඇතැයි නුඹලා දෙදෙනා මට අවවාද කරන්නෙහු ද? පරම්පරා ගණනාවක් ඉකුත්ව ගොස් ඇත. එහි මිනිසුන් ගණනාවක් මියැදී ඇත. ඔවුන්ගෙන් කිසිවෙකු ජීවමානව යළි අවදි කරනු ලැබුවේ නැත’ යැයි පවසන්නා වනාහි, ඔහුගේ දෙමව්පියන් ඔවුන් දෙදෙනාගේ දරුවාට දේව විශ්වාසය වෙත මඟ පෙන්වන්නැයි අල්ලාහ්ගෙන් උදව් ඉල්ලා සිටිමින් ඔවුන් දෙදෙනාගේ පුතුන්ට, ‘නුඹ යළි අවදිකරනු ලැබීම ගැන විශ්වාස නොකරන්නේ නම් ඔබට විනාශ අත් වනු ඇත. එහෙයින් නුඹ එය විශ්වාස කරනු. යළි නැගිටවනු ලැබීම ගැන අල්ලාහ් දී ඇති ප්රතිඥාව සත්යයකි. එහි කිසිදු සැකයක් නැතැයි පවසා සිටිති. එවිට ඔහු, යළි නැගිටුවනු ලැබීම හෙළා දකිමින් නැවතත්, "යළි නැගිටුවනු ලැබීම ගැන පවසනු ලබන මෙය, මුතුන් මිත්තන්ගේ ග්රන්ථවලින් හා ඔවුන් ලියූ ලේඛනවලින් උපුටා ගන්නා ලද්දකි. අල්ලාහ්ගෙන් බව එය ස්ථීර නැතැ’යි පවසයි.
Ahkaf 46:18
ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ දඬුවම අනිවාර්යය වූවෝ ඔවුහුමය. සැබැවින්ම ඔවුහු ඔවුන්ට හා ඔවුන්ගේ පවුලේ උදවියට අලාභහානි සිදු කරමින් නිරයට ප්රවේශ වීමෙන් අලාභවන්තයින් බවට වූවෝ වෙති.
Ahkaf 46:19
ස්වර්ග වාසීන් හා නිරාවාසීන් යන කණ්ඩායම් දෙකින් සෑම කණ්ඩායමකටම ඔවුනොවුන්ගේ ක්රියාවන් අනුව තරාතිරම් ඇත. ස්වර්ගවාසීන්ගේ තරාතිරම උසස් නිලයකි. නිරාවාසීන්ගේ තරාතිරම පහත් තත්ත්වයකි. ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල අල්ලාහ් පූර්ණව ඔවුනට පිරිනමනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ යහපත් ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන් කළ පාපකම්හි කිසිවක් එකතු කිරීමෙන් ඔවුන් අසාධාරණයට ලක් වන්නේ නැත.
Ahkaf 46:20
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරු කළවුන් නිරා ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දින ඔවුහු එහි දඬුවමට ලක් වෙති. ඔවුන් හෙළා දකිමින් හා පහර දෙමින්, 'නුඹලාගේ මෙලොව ජීවිතයේ නුඹලාගේ යහකම් නුඹලා විනාශ කර ගත්තෙහුය. එහි ඇති වින්ඳනයන් වින්දෙහුය. නුඹලා කිසිදු යුක්තියකින් තොරව මහපොළොවේ උඩඟුකම් පෑ හේතුවෙන් ද දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා බැහැර වූ හේතුවෙන් ද අද දින නුඹලා අවමානයට පත් කරන අපහාසයට පත් කරන දඬුවම නුඹලාට විපාක වශයෙන් පිරිනමනු ලැබේ.' යැයි පවසති.
Ahkaf 46:21
අහෝ දූතය! පෙළපතින් ආද්ගේ සහෝදර හූද් තුමා තම සමූහයාට අල්ලාහ්ගේ දඬුවම පහළ වීම ගැන අවවාද කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුන්ගේ නිවෙස් අරාබි අර්ධත්වීපයට දකුණු දෙසින් වැලිකඳු මත පිහිටා තිබිණ. හූද්ට පෙරත් ඔහුගෙන් පසුවත් ඔවුන්ගේ සමූහයාට අවවාද කරමින්, ‘අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නොනමදින මෙන් ඔවුනට පවසමින් පැමිණි දූතවරුන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් නුඹලා ඔහු සමග වෙනත් කිසිවකු නොනමදිනු. අහෝ මාගේ ජනයිනි! මහත් වූ දිනයේ දඬුවම නුඹලාට අත්වනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.' යැයි පැවසීය.
Ahkaf 46:22
ඔහුගේ ජනයා ඔහුට, ‘අපගේ දෙවිවරුන් නැමදීමෙන් අප හරවන්නට නුඹ අප වෙත පැමිණියෙහි ද? සැබැවින්ම එය නුඹට සුදුසු කාර්යයක් නොවන්නේ ය. එසේනම්, නුඹ වාද කරමින් සිටින දෑහි නුඹ සත්යවාදියෙකු නම් නුඹ අපට ප්රතිඥා දෙන දඬුවම අප වෙත ගෙන එනු’ යැයි පැවසීය.
Ahkaf 46:23
"දඬුවමෙහි වේලාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත පමණය. ඒ ගැන දැනුම මට නැත. සැබැවින්ම නුඹලා වෙත දැනුම් දෙන මෙන් කවර කරුණක් මා වෙත එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙන්නෙකු පමිණි. නමුත් නුඹලාට ප්රයෝජනය ඇති දෑ නුඹලා අතහැර දමා; නුඹලාට හානිය ඇති දෑ ගෙන එමින් කටයුතු කරන අඥාන සමූහයක් ලෙස මම නුඹලාව දකිමි." යැයි ඔහු පැවසීය.
Ahkaf 46:24
ඔවුන් ඉක්මන් කරමින් පැතූ දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුන්ගේ මිටියාවත දෙසට මුහුණලා අහස දෙසින් තාවකාලික වළාවක් සේ එය එනු දුටු ඔවුහු, ‘මෙය අපට වර්ෂාව ඇති කරන තාවකාලික වලාවකි’ යැයි පැවසුවෝය. ඔවුනට හූද් තුමා: සැබැවින්ම එය නුඹලාට වැසි ගෙන දෙන වලාවක් යැයි නුඹලා අනුමාන කරනවාක් මෙන් එම කරුණ නැත. එය නුඹලා ඉක්මන් කරන්නැයි පැතූ දඬුවමයි. එය වේදනාවෙන් පිරුණු දඬුවමේ සුළඟයි.
Ahkaf 46:25
විනාශ කරන මෙන් වූ අල්ලාහ්ගේ නියෝගය අනුව, එය කවර දෙයක් හරහා ගමන් ගත්තේද ඒ සියල්ල විනාශ කර දැමීය. ඔවුහු ද විනාශයට පත්වූහ. මීට පෙර ඔවුන් එහි සිටි බවට සාක්ෂි දරණ ඔවුන් පදිංචිව සිටි ඔවුන්ගේ නිවෙස් හැර වෙනත් කිසිවක් එහි දක්නට ලැබුණේ නැත. මෙම් වේදනීය ප්රතිවිපාකය මෙන් ප්රතිවිපාකයක් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරතව සිටින අපරාධකරුවන්හටත් අපි පිරිනමමු.
Ahkaf 46:26
සැබැවින්ම අප නුඹලාට නොදුන් පහසුකම් හූද්ගේ ජනයාට අපි පිරිනැමුවෙමු. සවන් දෙන්නට ඔවුනට සවන් ද, බලන්නට ඔවුනට දෘෂ්ටිය ද, වටහා ගන්නට හදවත් ද අපි ඇති කළෙමු. නමුත් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ දෘෂ්ටිය හෝ ඔවුන්ගේ බුද්ධිය හෝ කිසිවක් ඔවුනට ප්රයෝජනවත් නොවීය. අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන්ගෙන් එම දඬුවම ඒවා වැළැක්වූයේ නැත. එවිටද ඔවුහු අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරමින් සිටියෝය. ඔවුන්ගේ නබිවරයා වූ හූද් (අලයිහිස් සලාම්) තුමා කවර දඬුවමක් ගැන ඔවුන් බියගැන්වූයේ ද ඒ ගැන හාස්යයට ලක් කරමින් සිටි එම දඬුවම ඔවුනට පහළ විය.
Ahkaf 46:27
අහෝ මක්කා වැසියනි! සැබැවින් අපි නුඹ අවට පිහිටි ගම්මාන විනාශ කළෙමු. ඒ අනුව ආද්, සමූද්, ලූත්ගේ ජනයා හා මද්යන් වාසීන් සැබැවින්ම අපි විනාශ කළෙමු. ඔවුන්ගේ ප්රතික්ෂේපයෙන් ඔවුන් නැවත හැරෙනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙන් ඔවුනට විවිධ සාක්ෂි හා සාධක ඉදිරිපත් කළෙමු.
Ahkaf 46:28
අල්ලාහ් හැර දමා නැමදුමෙන් හා සතුන් කැප කිරීමෙන් සමීප වන්නට බලන; ඒවා දෙවිවරුන් ලෙස ගත් ඔවුන්ගේ පිළිම ඔවුනට උදව් කළ යුතු නොවේ ද? ඒවා කිසිවිටෙක ඔවුනට උදව් කර නැත. ඉතා අත්යවශ්ය අවස්ථාවක ඒවා ඔවුන්ගෙන් සැඟවී ගොස් ඇත. සැබැවින්ම මෙම පිළිම ඔවුනට ප්රයෝජනවත් වන බවත් අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත් වන බවත් ඔවුන් විසින්ම ඇති කරගත් ඔවුන්ගේ ප්රබන්ධ හා ඔවුන්ගේ බොරුව (ස්ථීර) විය.
Ahkaf 46:29
අහෝ ධර්ම දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයට සවන් දෙන ජින්නුන් කණ්ඩායමක් අපි නුඹ වෙත පහළ කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එය සවන් දෙන්නට ඔවුන් සහභාගී වූ කල්හි ඇතැමෙක් ඇතැමෙකුට, ‘අප එයට සවන් දිය හැකි සේ නුඹලා නිහඬ ව සිටිනු’ යැයි පැවසූහ. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය කියවා අවසන් කළ කල්හි, ඔවුන්ගේ ජනයා වෙත ඔවුන් හැරීගොස් ඔවුන් අල් කුර්ආනය විශ්වාස නොකළේ නම්, ඔවුනට හිමිවන අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුන් ඔවුනට අවවාද කරන්නට විය.
Ahkaf 46:30
ඔවුහු ඔවුනට, ‘අපගේ ජනයිනි, අල්ලාහ් වෙතින් පෙර පහළ කරන ලද දිව්යමය ග්රන්ථ සහතික කරමින්, මූසාගෙන් පසු අල්ලාහ් පහළ කළ දිව්ය ග්රන්ථයකට සැබැවින්ම අපි සවන් දුනිමු. අප සවන් දුන් එම ග්රන්ථය සත්යය වෙත මග පෙන්වයි. ඍජු මාර්ගය වෙත යොමු කරයි. එය ඉස්ලාම් නොහොත් අවනතවීමේ මාර්ගයයි’ යැයි පැවසුවෝය.
Ahkaf 46:31
අපගේ ජනයිනි, මුහම්මද් කවර සත්යයක් වෙත නුඹලාව ඇරයුම් කර සිටියේද එයට නුඹලා ප්රතිචාර දක්වනු. සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් වූ දූතයකු බව විශ්වාස කරනු. නුඹලාගේ පාපකම් වෙනුවෙන් ඔහු අල්ලාහ් ඉදිරියේ සමාව අයද සිටියි. සත්ය වෙත නුඹලාව ඇරයුම් කරන විට නුඹලා එයට ප්රතිචාර නොදක්වා, සැබැවින්ම ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් වූ දූතයෙකු බව නුඹලා විශ්වාස නොකළ අවස්ථාවේ, නුඹලාව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමින් ඔහු නුඹලාව මුදවා ගනියි.
Ahkaf 46:32
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සත්යයෙන් යුතුව කවර කරුණක් වෙත ඇරයුම් කර සිටියේ ද ඒ සඳහා කවරෙකු ඔහුට පිළිතුරු නොදෙන්නේ ද, එවිට මහපොළොවේ කිසිවිටෙක අල්ලාහ්ගෙන් පලා යන්නට ඔහුට නොහැකි වන්නේය. දඬුවමෙන් ඔහු මුදවා ගන්නට අල්ලාහ් හැර වෙනත් භාරකරුවන් ඔහුට නැත. සත්යයෙන් පෙරළී පැහැදිලි නොමඟෙහි පසුවන්නෝ ඔවුහුමය.
Ahkaf 46:33
යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන මෙම දේව ආදේශකයින්, සැබැවින්ම අහස් හා මහපොළොව ද ඒවායෙහි විශාලත්වය හා පුළුල්භාවය සමග මැවීමෙන් දුර්වල නොවූ අල්ලාහ්, විනිශ්චය හා ප්රතිඵල සඳහා මියගියවුනට ප්රාණය දීමට බලය ඇත්තා බව නොදුටුවෝද? එසේය, සැබැවින්ම ඔවුනට ජීවය දෙන්නට ඔහු බලය ඇත්තාය. සැබැවින්ම ශුද්ධවන්තයාණන් සියලු දෑ හි සර්වබලධාරීය. මළවුන්ට යළි ජීවය ලබාදෙන්නට නොහැකි කෙනෙකු නොවන්නේය.
Ahkaf 46:34
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් දඬුවමට ලක් කිරීම සඳහා නිරා ගින්නට ඉදිරිපත් කරනු ලබන දිනයේ ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලා දකින මෙම දඬුවම් සැබෑවක් නොවේ ද? එසේ නැතහොත් මෙලොවෙහි නුඹලා පවසමින් සිටියාක් මෙන් එය බොරුවක් දැ?’යි විමසනු ලබති. ඔවුහු: ‘එසේය, අපගේ පරමාධිපතිගේ නාමයෙන් සැබැවින්ම එය සත්යයකි’ යැයි පවසති. පසුව ඔවුනට, ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් දඬුවම විඳවනු’ යැයි කියනු ලැබේ.
Ahkaf 46:35
අහෝ ධර්ම දූතය! නුඹේ ජනයා නුඹව බොරු කරන විට නූහ්, ඉබ්රාහීම්, මූසා හා ඊසා නම් ප්රධාන පෙළේ දූතවරුන් ඉවසීමෙන් සිටියාක් මෙන් නුඹ ද ඉවසීමෙන් සිටිනු. ඔවුනට දඬුවම් කිරීමට නුඹ ඉක්මන් නොවනු. සැබැවින්ම නුඹේ සමූහයා අතරින් මතුලොව දඬුවම ගැන ඔවුනට අවවාද කරනු ලබන දෑ ඔවුන් දකින දින ඔවුන්ගේ දඬුවමේ දිගුභාවය හේතුවෙන් ඔවුන් මෙලොව දහවල් කාලයේ හෝරාවක් මිස රැඳි නොසිටියාක් මෙන් පවතී. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය මිනිසුන් හා ජින්නුන් සඳහා ප්රමාණවත් දැනුම් දීමකි. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැරවන ජනයා මිස වෙනත් කිසිවකු දඬුවමින් ඔහු විනාශ කරන්නේ නැත.
Muhammed 47:1
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට සෙසු ජනයා අල්ලාහ්ගේ දහමින් පෙරළා දැමූවන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්ඵල කළේය.
Muhammed 47:2
තවද අල්ලාහ්ව විශ්වාස කර, දැහැමි ක්රියාවන් ඉටු කර, අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ දෑ -එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යයයි- විශ්වාස කළවුන් වනාහි, ඔවුන්ගේ පාපකම් ඔහු ඔවුන්ගෙන් පහ කළේය. ඔවුන් වරදකරුවන් ලෙස ඔහු හසු නො කළේය. ඔවුන්ගේ ලෞකික මෙන්ම අධ්යාත්මික කටයුතු ඔහු ඔවුනට විධිමත් කර දුන්නේය.
Muhammed 47:3
සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ව්යාජ දෑ අනුගමනය කළ බැවින් ද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යය අනුගමනය කළ බැවින් ද මෙම කණ්ඩායම් දෙකට ඉහත සඳහන් කරනු ලැබූ ප්රතිඵල හිමි විය. ඔවුන්ගේ කැපවීමේ වෙනස්වීම් අනුව ඔවුනට හිමිවන ප්රතිඵලද වෙනස් වනු ඇත. දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් යන මෙම කණ්ඩායම් දෙකෙහි පවතින ප්රඥාව අල්ලාහ් පැහැදිලි කර සිටියා සේම ඔවුන් උපමාවට ගනිමින් අල්ලාහ් ජනයාට ඉදිරිපත් කරයි. දැක්මක් ඇත්තා දැක්මක් ඇත්තන් සමග සේන්දු වනු ඇත.
Muhammed 47:4
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! දෙවියන් ප්රතික්ෂේප කරන ප්රචණ්ඩකාරී සතුරන් යුද පිටියේ නුඹලා හමු වූ විට, නුඹලාගේ අසපතින් ඔවුන්ගේ ගෙලවල් සිඳ දමනු. ඔවුන්ගේ මරණ සංඛ්යාව නුඹලා අධික කරන තෙක් ඔවුන් සමග යුද්ධ කරමින්ම සිටිනු. ඔවුන්ගේ බලය හීන කරනු. ඔවුන් අතර මිය ගිය ඇත්තන් නුඹලා අධික කළ විට සිරකරුවන් තදින් හසුකර ගනු. නුඹලා ඔවුන් සිරකරුවන් ලෙස ගත් විට යහපත මුල් කර ගනිමින් ඔවුන්ගෙන් වන්දියක් නොලබා නිදහස් කිරීම හෝ ඔහු වෙනුවට මුදලක් හෝ වෙනත් පුද්ගලයකු හෝ වන්දි වශයෙන් ලබා නිදහස් කිරීම යන කරුණු දෙකින් එකක් තෝරා අනුග්රහය දැක්වීමේ නිදහස ඇත. යුද්ධය දේව ප්රතික්ෂේපකයින් යටත් කිරීමෙන් හෝ ඔවුන් සමග ගිවිසුම් ඇති කර ගැනීමෙන් අවසන් වන තුරු නුඹලා ඔවුන් සමග සටන් වැදීම හා ඔවුන් සිරගත කිරීම දිගටම සිදු කරනු. දේව ප්රතික්ෂේපකයින් තුළින් දේව විශ්වාසීන් පරීක්ෂණයට භාජනය වීම, මෙවන් දිනයන් මාරුවෙන් මාරුව පැවතීම, ඇතැමෙක් ඇතමෙකු ජය ගැනීම යනාදී කරුණු අල්ලාහ්ගේ තීන්දුවය. කිසිදු යුද්ධයකින් තොර ව දේව ප්රතික්ෂේපකයින්ගෙන් ජය ලබා දෙන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන්ගෙන් ජය ලබා දෙනු ඇත. නමුත් නුඹලා එකිනෙකා පරීක්ෂා කරනු පිණිස ජිහාද් හෙවත් කැප වීම ආගමානුගත කළේය. දේව විශ්වාසීන් අතරින් සටන් කරන්නන් හා සටන් නොකරන්නන් ඔහු පරීක්ෂා කරයි. දේව විශ්වාසියා තුළින් දේව ප්රතික්ෂේපකයා ද පරීක්ෂාවට ලක් කරයි. දේව විශ්වාසියා මිය ගියේ නම් ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. ඔහු දේව විශ්වාසියාව ඝාතනය කළේ නම් නිරයට පිවිසෙනු ඇත. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්ඵල කරන්නේ නැත.
Muhammed 47:5
ඔවුන්ගේ මෙලොව ජීවිතය තුළ සත්යය පිළිපදින්නට ඔහු ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුන්ගේ කටයුතු ඔහු විධිමත් කරනු ඇත.
Muhammed 47:6
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. එහි ස්වරූපය ගැන මෙලොවෙහි ඔවුනට පැහැදිලි කරනු ලැබීය. ඔවුහු එය වටහා ගත්තෝය. මතුලොවෙහි ඔවුන්ගේ නවාතැන ගැනද ඔවුහු එහි දැන ගත්තෝය.
Muhammed 47:7
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ නබිවරයාට, ඔහුගේ දහමට, දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කිරීමෙන් නුඹලා අල්ලාහ්ට උදව් කරන්නෙහු නම් ඔවුනට එරෙහිව අභිබවා යෑමට ඔහු නුඹලාට ආශිර්වාද කරමින් උදව් කරනු ඇත. යුධ පිටියේ ඔවුන් හමුවන අවස්ථාවේ නුඹලාගේ පාද ස්ථාවර කරනු ඇත.
Muhammed 47:8
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුනට අලාභය හා විනාශය සතු විය. ඔවුන්ගේ ක්රියාවන්හි ප්රතිඵල අල්ලාහ් නිෂ්ඵල කළේය.
Muhammed 47:9
ඔවුනට අත් වූ එම දඬුවම වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කළ අල් කුර්ආනයේ අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ සඳහන් වන නිසාවෙන් එය ඔවුන් පිළිකුල් කළ බැවිණි. අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කළේය. ඔවුන් මෙලොවෙහි මෙන්ම මතලොවෙහි ද පරාජයට පත්වූවෝය.
Muhammed 47:10
මෙම බොරුකාරයින් මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබලන්නේ ද? ඔවුන්ගේ අවසානය වඩාත් වේදනීය අවසානයක් විය. ඔවුන්ගේ වාසස්ථාන අල්ලාහ් සුනුවිසුනු කර දැම්මේය. ඔවුන්ව විනාශ කළේය. ඔවුන්ගේ දරුවන් හා ඔවුන්ගේ සම්පත් ද විනාශ කළේය. සෑම කාලයකම සෑම ස්ථානයකම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට එම දඬුවම මෙන් වූ විපාක අත් විය.
Muhammed 47:11
මෙම කණ්ඩායම් දෙක වෙනුවෙන් සඳහන් කරන ලද එම කුසල් හිමි වනුයේ, සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කළවුනට ඔහු උදව් කරන්නා වන බැවින් හා ඔහුව ප්රතික්ෂේප කළවුනට කිසිදු උදව් කරුවකු හෝ නොවන බැවිණි.
Muhammed 47:12
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කොට,දැහැමි ක්රියාවන්හි නිරතවූවන් වනාහි සැබැවින්ම අල්ලාහ් ඔවුන් ස්වර්ග මාලිගා හා ගස්වලට යටින් ගලා යන ගංගාවන් සහිත උයන් වලට ඇතුළත් කරන්නේය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් මෙලොවෙහි තම ආශාවන් අනුගමනය කරමින් භුක්ති විඳිති. සතුන් ආහාර ගන්නාක් මෙන් අනුභව කරති. ඔවුන්ගේ කුස් හා ඔවුන් රහස් අවයව පිළිබඳ කිසිදු තැකීමක් ඔවුනට නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගොස් නවතැන් ගන්නා ස්ථානය නිරයයි.
Muhammed 47:13
මක්කාවාසීහු නුඹව මක්කාවෙන් නෙරපා හැරිය මක්කා දේශයට වඩා බලයෙන් ශක්තිමත් වූ ධනයෙන් හා දරුවන්ගෙන් අධික වූ පෙර සමූහයන්ගේ ගම්මාන කොපමණක් වීද? ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කළ බැවින් අපි ඔවුන් විනාශ කළෙමු. අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත පැමිණි විට එයින් ඔවුන් මුදවා ගන්නට කිසිදු උදව් කරුවකු ඔවුනට නොවීය. මක්කාවාසීන් විනාශ කිරීමට අපි සිතුවේ නම් එය අපට කළ නොහැක්කක් නොවේ.
Muhammed 47:14
අල්ලාහ්ගෙන් වූ පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි කෙනෙකු මත වී ඔහු එම සාධක මත පදනම්ව අල්ලාහ්ට ගැතිකම් කරන්නේ නම් එවැන්නෙකු ෂෙයිතාන් ඔහුගේ ක්රියාව අලංකාරවත් කර පිළිම වන්දනාව, පාපකම් කිරීම හා දූතවරුන් බොරුකිරීම වැනි ඔවුන්ගේ ආශාවන් ඔවුන් වෙත නැඹුරු කරවන දෑ අනුගමනය කළවුන් මෙන් වන්නේ ද?
Muhammed 47:15
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ මතකයෙන් කටයුතු කළවුන් වනාහි ඔවුන් ඇතුළත් කරන බවට අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් ස්වර්ගයේ ස්වරූපය, ‘කල් ගත වීමෙන් සුවයේ හෝ ගන්ධයේ හෝ වෙනසක් ඇති නොවන ජල ගංගා එහි ඇත. එමෙන්ම සුවය වෙනස් නොවන කිරි ගංගා ද ඇත. පානය කරන්නන්හට මිහිර ගෙන දෙන මධු ගංගා ද ඇත. රොඩුවලින් පිරිසිදු කරන ලද මී පැණි ගංගා ද ඇත. ඔවුන් අභිමත කරන පරිදි සියලුම වර්ගයේ පළතුරු ද ඇත. ඒ සියල්ලටම ඉහළින් ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් සමාව ඇත. ඒ හේතුවෙන් අල්ලාහ් ඔවුන් වරදකරුවන් ලෙස ග්රහණය නොකරයි. මෙම ප්රතිඵල ඇති පුද්ගලයා ගැලවුමක් නැති නිරා ගින්නේ රැඳී සිටින, උණුසුම් ලෝ දිය පානයට දෙනු ලබන, එහි පවතින දැඩි උණුසුම හේතුවෙන් ඔවුන්ගේ බලවැල් ඉරා දමනු ලබන පුද්ගලයා සමග සමාන වන්නේ ද?
Muhammed 47:16
අහෝ දූතය! පිළිගැනීමකින් තොරව නුඹ වෙත සවන් දෙන්නන් කුහකයින් අතර වෙති. එයට සවන් දී නුඹෙන් ඔවුන් පිටව යෑමත් සමගම එයට පිටුපාති. අල්ලාහ් දැනුම ලබා දුන් අයට ඔවුහු, ‘ටිකකට කළින් ඔහුගේ කතාවෙහි ඔහු කුමක් පැවසුවේ ද?' යැයි ඔවුන් මෝඩයින් බවට පත් කර පිටුපාමින් පවසති. ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබූ අය ඔවුහුමය. එහෙයින් ඒ වෙත කිසිදු යහපතක් සේන්දු වන්නේ නැත. ඔවුහු ඔවුන්ගේ ආශාවන් අනුගමනය කරති. ඒවා සත්යයෙන් ඔවුන්ව අන්ධ කරති.
Muhammed 47:17
තවද සත්ය මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබ; දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැද්දවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග හා යහපත වෙත ආශිර්වාද කිරීම අධික කරනු ඇත. නිරාගින්නෙන් ඔවුන් ආරක්ෂා වන පරිදි ක්රියා කිරීමට ඔහු ඔවුනට ඉඩ සළසා දෙනු ඇත.
Muhammed 47:18
දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඔවුනට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ක්ෂණිකව අවසන් හෝරාව ඔවුන් වෙත පැමිණීම මිස වෙනත් කිසිවක් බලාපොරොත්තු වන්නේ ද? සැබැවින්ම එහි සලකුණු පැමිණ ඇත. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එවීමත්, සඳු දෙබෑ වීමත් එම සලකුණු අතරිනි. අවසන් හෝරාව ඔවුන් වෙත පැමිණි විට, මතක් කිරීම ඔවුන්ට ප්රයෝජනවත් වේ යැයි සිතිය නොහැක?
Muhammed 47:19
අහෝ දූතය! අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුමට ලක්වන කිසිවක් නොමැති බව නුඹ තරයේ විශ්වාස කරනු. නුඹේ පාපයන් සඳහා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්ගේ පාපයන් සඳහාත් ඔහුගෙන් නුඹ සමාව අයැද සිටිනු. නුඹලාගේ දහවල් කාලයේ නුඹලා ගනුදෙනු කරන දෑ ද නුඹලාගේ රාත්රි කාලයෙහි නුඹලා නවාතැන් ගන්නා තැන ද අල්ලාහ් දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.
Muhammed 47:20
අල්ලාහ්ව විශ්වාස කළවුන් -යුද්ධ නීති ඇතුළත් පරිච්ඡේදයක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කරනු ඇතැයි යන විශ්වාසයෙන්- "යුද්ධය පිළිබඳ මෙනෙහි කරමින් ඒ ගැන අල්ලාහ් පරිච්ඡේදයක් පහළ නොකරන්නේ දැ?"යි විමසා සිටියේය. එසේ යුද්ධය මෙනෙහි කරමින් එහි නීති හා විස්තර ඇතුළත් නීතිමය සූරාවක් අල්ලාහ් පහළ කළ විට අහෝ දූතයිනි! ඔවුන්ගේ හදවත් තුළ රෝග ඇති කුහකයින් දැඩි බියකින් හා ත්රාසයකින් යුතු ව සිහිවිකල් වූ අයකු බලන බැල්මෙන් නුඹ වෙත බලනු ඇත. යුද්ධය පුනරාවර්තනය වීම හා ඒ ගැන ඇති බිය හේතුවෙන් සැබැවින්ම ඔවුන්ගේ දඬුවම ඔවුනට ඉතා සමීප බවත් ඔවුනට වඩාත් යෝග්ය බවත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන්නේය.
Muhammed 47:21
අල්ලාහ්ගේ නියෝගයට ඔවුන් යටත් වීමත්, පිළිකුල් කිරීමකින් තොරව යහ වදනින් කතා කිරීමත් ඔවුනට උතුම් වන්නේය. යුද්ධ කිරීම අනිවාර්ය කරනු ලැබූ විට බරපතලකම වැඩි වනු ඇත. අල්ලාහ් ගැන ඔවුන්ගේ විශ්වාසය තුළ හා ඔහුට අවනත වීම තුළ ඔවුන් ඔහු ව සැබෑ ලෙස පිළිගත්තේ නම් කුහකත්වය හා අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධ වීමට වඩා ඔවුනට ශ්රේෂ්ඨ වන්නේය.
Muhammed 47:22
අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් හා ඔහුට අවනත වීමෙන් නුඹලා හැරුණෙහු නම්, අඥාන යුගයේ නුඹලාගේ තත්ත්වය තිබුණාක් මෙන් නුඹලාගේ තත්ත්වය ඉහවහා ගොස් සැබැවින්ම නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් මහපොළොවේ කලහකම් කරනු ඇත. ඥාතී සම්බන්ධකම් බිඳ හෙළනු ඇත.
Muhammed 47:23
මහපොළොවේ කලහකම් කරන බවටත්, ඥාතී සම්බන්ධකම් බිඳ දමන බවටත් විස්තර කරනු ලැබූ මොවූහුය අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබූවන් වන්නෝ. සත්යට අනුකූලව පිළිගන්නා සේ සවන් දීමෙන් ඔවුන්ගේ කන් බිහිරි භාවයට පත් කළේය. සැලකිලිමත් බැල්මෙන් ඒ දෙස බැලීමෙන් ඔවුන්ගේ බැල්ම ඔහු අන්ධ කළේය.
Muhammed 47:24
එහෙයින් සත්යයට පිටුපාන්නන් අල් කුර්ආනය ගැන පරිශීලනය කළ යුතු නොවේ ද? එහි ඇති දෑ ගැන සිතා බැලිය යුතු නොවේද? ඔවුන් එය පරිශීලනය කරන්නේ නම් සියලුම යහපත් දෑ වෙත ඔවුන් මග ලබනු ඇත. සියලුම අයහපත් දැයින් ඔවුන් දුරස් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ හදවත් ආවරණය කරන තීන්දුවකින් ඒ මත අගුලු වැටී ඇත්තේ ද? එසේ නම් ඒ වෙත උපදෙස් සේන්දු වන්නේ නැත. මෙනෙහි කිරීම එයට ප්රයොජනවත් වන්නේ නැත.
Muhammed 47:25
ඔවුනට පැහැදිළි සාධක ඉදිරිපත් කිරීමෙන් හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සත්යතාව ඔවුනට පැහැදිළි කිරීමෙන් පසුව සැබැවින්ම කවරෙකු ඔවුන්ගේ එම විශ්වාසයෙන් හැරී නැවතත් දේව ප්රතික්ෂේපය හා කුහකත්වය දෙසට නැඹුරු වූයේ ද සැබැවින්ම එසේ ඔවුනට එම දේව ප්රතික්ෂේපය හා කුහකත්වය ඔවුනට අලංකාරවත් කළේත් ඔවුනට ඒ සඳහා පහසුකම් ඇති කළේත් ඔවුනට නිෂ්ඵල සිතුවිලි පිරිනැමුවේත් ෂෙයිතාන්මය.
Muhammed 47:26
ඔවුනට එම නොමග යෑම ඇති වූයේ තම ධර්ම දූතයාණන්ට පහළ වූ දේව පණිවිඩ ගැන පිළිකුල් කළ දේව ආදේශකයින්හට ඔවුන්: "යුද්ධ කිරීමෙන් පසුබෑම වැනි ඇතැම් කරුණුවලදී අපි නුඹලාට අවනත වන්නෙමු" යැයි රහසිගතව පවසා සිටි බැවිණි. ඔවුන් රහසින් පවසන දෑ ද සගවාගෙන සිටින දෑ ද අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒවායින් ඔහු අභිමත කරන දෑ තම ධර්ම දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට හෙළි කරනු ඇත.
Muhammed 47:27
ඔවුන්ගේ ආත්මාවන් අත්පත් කර ගැනීම සඳහා නියම කරන ලද මලක්වරු ඔවුන්ගේ මුහුණුවලට හා ඔවුන්ගේ කොඳුවලට යකඩ මුගුරුවලින් පහර දෙමින් ඔවුන්ගේ ආත්මාවන් අත්පත් කරන විට, ඔවුන් දකින දඬුවම හා ඔවුන්ගේ අභාග්යමත් තත්ත්වය කෙසේ නම් වන්නේද?
Muhammed 47:28
එම දඬුවම ඔවුනට අත් වූයේ අල්ලාහ් කෝපයට පත් වන දේව ප්රතික්ෂේපය, කුහකත්වය, අල්ලාහ් හා රසූල්ට අභියෝග කිරීම වැනි දෑ ඔවුන් අනුගමනය කළ බැවින් හා ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් සමීප කරවන ඔහුගේ තෘප්තිය ඔවුනට අත්වන දේව විශ්වාසය, ඔහුගේ දූතයාණන් පිළිපැදීම වැනි දෑ ඔවුන් පිළිකුල් කළ බැවිණි. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී ගියේය.
Muhammed 47:29
සිත් තුළ සැකය ඇති කුහකයින් ඔවුන්ගේ ක්රෝධය අල්ලාහ් කිසිවිටෙක හෙළි නොකරනු ඇතැයි සිතන්නේ ද? බොරුකාරයාගෙන් දේව විශ්වාසී සත්යවාදියා කවුරුන්දැයි වෙන් කර හඳුනා ගැනීමටත් දේව විශ්වාසියා පැහැදිළි කර ගැනීමටත් කුහකයා නිදර්ශනය කිරීමටත් සැබැවින්ම පරීක්ෂණයක් ලෙස ඔහු එය හෙළි කරනු ඇත.
Muhammed 47:30
අහෝ ධර්ම දූතය! කුහකයින් පිළිබඳ නුඹට හඳුන්වා දෙන්නට අපි අභිමත කරන්නේ නම්, සැබැවින්ම අපි ඔවුන් හඳුන්වා දෙන්නෙමු. ඔවුන්ගේ සළකුණු මගින් නුඹ ඔවුන් හඳුනා ගනු ඇත. එමෙන්ම ඔවුන් කතා කරන විලාශයෙන් ද නුඹ ඔවුන් හඳුනා ගනු ඇත. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් දනී. ඉන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Muhammed 47:31
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ජිහාද් හෙවත් අසාධාරණයට එරෙහිව යුද්ධ කිරීම, සතුරන් සමග සටන් කිරීම, ඝාතනයට ලක්වීම යනා දී කරුණු තුළින් නුඹලා අතර අල්ලාහ්ගේ මාර්ගයේ දිවිපුදා කැපවන්නන් කවුරුන්දැයි ද, සතුරන් සමග සටන් කිරීමේදී ඉවසිලිවන්තයින් කවුරුන්දැයි ද අප දැනුම්වත් කරන තුරු අපි නුඹලාව පරීක්ෂාවට ලක් කරන්නෙමු. තවද අපි නුඹලාව පරීක්ෂණයට ලක් කර නුඹලා අතරින් සත්යවාදියා කවුරුන් දැයි ද අසත්යවාදියා කවුරුන් දැයි ද අපි හඳුනා ගන්නෙමු.
Muhammed 47:32
සැබැවින්ම අල්ලාහ්ව හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කොට; අල්ලාහ්ගේ දහමින් තමන් වැළකී; සෙසු ජනයා ද ඉන් වළක්වා; ඔහුගේ දූතයාණන්ට පිටුපා; සැබැවින්ම ඔහු නබිවරයකු යැයි පැහැදිළි වූවායන් පසු දූතයාණන්ට සතුරුකම් පා ඔහුට විරුද්ධව කටයුතු කළවුන් වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු කළේ නැත. සැබැවින්ම ඔවුන් හානි කරගෙන ඇත්තේ ඔවුන්ටමය. ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්පල කරනු ඇත.
Muhammed 47:33
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව කටයුතු කළවුනි! අල්ලාහ් හා රසූල් කවර නියෝගයක් කර ඇත්තේ ද නුඹලා ඒවා පිළිපදිමින්, ඔවුන් දෙදෙනා කවර කරුණක් තහනම් කළේ ද ඒවායින් වැළකෙමින් අල්ලාහ්ට අවනත වනු, තවද දූතයාණන්ට ද අවනත වනු. දේව ප්රතික්ෂේපය හා මුහුණිච්චාව හේතුවෙන් නුඹලාගේ ක්රියාවන් නුඹලා නිෂ්ඵල කර නොගනු.
Muhammed 47:34
සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කොට" ඔවුන්ද අල්ලාහ්ගේ දහමින් හැරී, ජනයා ද ඉන් හරවා, පසුව පාපක්ෂමාවෙහි නිරත වීමට පෙර ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම මියැදුණු අය වනාහි, ඔවුන්ගේ පාපකම් සඟවා අල්ලාහ් ඔවුනට සමාව දෙන්නේම නැත. ඒ හේතුවෙන් ඔවුන් අපාරධකාරුවන් බවට ඔහු හසුකරනු ඇත. සදා වෙසෙන නිරා ගින්නට ඔවුන් ප්රවේශ කරනු ඇත.
Muhammed 47:35
එහෙයින් විශ්වාස කළවුනි! නුඹලා නුඹලාගේ සතුරන් හමුවීමට අධෛර්යමත් නොවනු. නුඹලා බලවතුන් හා ජයග්රාහකයින් ලෙස සිටියදී ඔවුන් නුඹලාව සමාදානය වෙත ඇරයුම් කිරීමට පෙර නුඹලා ඔවුන් සමාදානය වෙත ඇරයුම් නොකරනු. අල්ලාහ්ගේ උපකාරයෙන් හා ස්ථාවරත්වයට පත් කිරීමෙන් ඔහු නුඹලා සමගය. නුඹලාගේ ක්රියාවන් සතු කුසල් කිසිවක් නුඹලාට අඩු වන්නේ නැත. නුඹලාට පිරිනැමීමක් හා අමතර වශයෙන් එයින් අධිකර කර දෙනු ඇත.
Muhammed 47:36
සැබැවින්ම මෙලොව ජීවිතය සෙල්ලමකි, විහිළුවකි. බුද්ධිමතා, ඔහුගේ මතුලොව වෙනුවෙන් වූ කටයුතු, එමගින් විනාශ කර නොගනිති. නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කර, ඔහු නියෝග කළ දෑ පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නේ නම්, නුඹලාගේ ක්රියාවන් සඳහා ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව පූර්ණව ඔහු නුඹලාට පිරිනමනු ඇත. නුඹලාගේ සියලුම සේසත ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි. සැබැවින්ම නුඹලාගෙන් ඔහු අපේක්ෂා කරනුයේ අනිවාර්යය වූ සකාත් බද්ධ පමණි.
Muhammed 47:37
නුඹලාගේ සියලුම වස්තුව ඔහු නුඹලාගෙන් ඉල්ලා, එසේ බල කර සිටින්නේ නම්, ඒ ගැන නුඹලා මසුරු වන්නෙහුය. අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ පිළිකුල නුඹලාගේ හදවත් තුළින් ඉස්මතු වනු ඇත. එහෙයින් නුඹලා කෙරෙහි වූ කාරුණිකභාවය නිසා නුඹලාගෙන් එසේ ඉල්ලා සිටීම ඔහු අතහැර දැමීය.
Muhammed 47:38
අහෝ නුඹලා! අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ වස්තුවෙන් කොටසක් වියදම් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නෙහුය. නුඹලාගේ සියලුම වස්තුව වියදම් කරන මෙන් ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි. නමුත් නුඹලා අතරින් වියදම් කිරිමට මසුරු වී එය වළක්වන පිරිසක් ද ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීමට කවරෙකු මසුරු වන්නේ ද සැබැවින්ම ඔහු එසේ මසුරු වනුයේ වියදම් කිරීමෙන් හිමි වන කුසල් අහිමි කර ගනිමින් තමන්ටම එරෙහිවය. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. නුඹලා වියදම් කිරීම ගැන කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. නුඹලා ඔහු වෙත බැගෑපත් වන්නෝ වෙති. නුඹලා ඉස්ලාමයෙන් හැරී නැවතත් දේව ප්රතික්ෂේපය වෙත යොමු වන්නේ නම් ඔහු නුඹලාව විනාශ කොට නුඹලා නොවන වෙනත් සමූහයක් ගෙන එනු ඇත. පසුව ඔවුන් නුඹලා මෙන් නොවෙති. ඔහුට අවනත වන්නන් ලෙස කටයුතු කරනු ඇත.